Now you can listen this song on Spotify 👇👇 open.spotify.com/track/3hQJLgwFO2vlbH38GXQZYa?si=2ba5d500f69a4f99 Apple Music 👇👇👇 music.apple.com/us/album/awasarai/1694014451?i=1694014453
Man wage thawa aya innawa ehenam 😔 ammala wenuwen godak amaruwen wena kenekge wela hitha galak karan inne 😌 eth e mathaka hama thissema hithata pihiyen aninawa wage 😑 sinduwa e hama dukakma sathutak kara 🙂❤️
E wachana tika 💖💖💖💖 As walata kadulu awe naththan kenekta e hithak nathi kenek aththatama lassanai Ath harimath premayak bawa adin pasu mata watahunawe💖
Now you can listen this song on
Spotify 👇👇
open.spotify.com/track/3hQJLgwFO2vlbH38GXQZYa?si=2ba5d500f69a4f99
Apple Music 👇👇👇
music.apple.com/us/album/awasarai/1694014451?i=1694014453
ගීතය රසවින්ඳ ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.එක දිගටම අපි එකම වගේ ගීත එක දිගට දැම්ම හින්දා අපි හැමෝටම පොදු හැඟීමක් ගැන ගීතයක් කරන්න හිතුවා.ඒකත් එක්කම තමයි මේ ගීතය නිර්මානය උනේ.
විරහව කියන්නේ ඔයාට මට් අපි හැමෝටම පොදු අත්දැකීමක්.ඔයාලටත් ඔයාලගෙ ජීවිතේ එහෙම කතාවක් ඇති.ඒ කතාවත් එක්ක මේ ගීතය ගැන ඔයාගෙ අදහස යටින් comment කරන් යන්න.අපි ඉක්මනටම ඔයාලගේ comment වලට reply කරන්නම්.හැමදාම කියනවා පුලුවන් හැමෝම මේ song එකේ link එක ඔයාලගේ whatsapp,imo,viber,massenger,fb දාන්න පුලුවන් හැම තැනටම share කරලා අපිට පොඩි සහයෝගයක් දෙන්න.
ඉක්මනටම comment වලට reply කරන්නම්.
ගීතය රසවින්ඳ හැමෝටම ගොඩක් ස්තුතියි..❤️
Amboooo harima lassanay ❤ ❤ ❤ ❤
❤️❤️ ලස්සනයි ගීතය
හිත නිවනවා ඒ වචන ,සංගීතය ,ගායනය
Harima lassanai
Me athdekima attama Dara Hanna godak amarui. 😂😂😂😂
ඈත සඳ තරුවලට සමකොට
ලියූ ප්‍රේමය මියැදුණාවේ
හීන අහුරට අරන් දෝතින්
කඳුළු මැද අපි වැළපුණාවේ
පින්සලෙන් සායම් කළා වූ
නුඹේ රූපය බොඳවුණාවේ
ලබන මතු එක භවයකදිවත්
මං නුඹේ පතිනිය වුණාවේ
දකින හීනෙකවත් නුඹේ රුව
යළිදු දෑසට නොපෙනුණාවේ
අපි පැතුව ජීවිත කතාවම
පුරාවත් වී ලියවුණාවේ
නුඹේ මතකෙන් දැවෙන මොහොතක
කඳුළු කවි වී ලියවුණාවේ
මං ලියන කවි කිසිදු දවසක
නුඹට නොපෙනී සැඟවුණාවේ
එකට පැටලුණු අපේ දෑගිලි
වෙන් වෙලා දෙපසට වුණාවේ
නොදත් ග්‍රහ තරු ලියූ දෛවය
ඇස් ඉදිරියෙම අළු වුණාවේ
නුඹෙන් තොර ලෝකයක් නොපෙනුණ
හිතේ ගිනිකඳු ඇවිළුණාවේ
මං නැතත් උඹ හිනැහියන් පණ
ප්‍රේමයක් යළි හමුවුණාවේ
🙂💔
නඳුනි ආරියවංශ
😐😐✌️✌️✌️💛💛💛
Wow ekahh
මගේ කතාවම 😑
ඒක ලස්සනයි 😍❤️
@@maduishu9169 පට්ට එ්ක❤🍁
කොයි තරම් අය මුණ ගැහුනත් අපි හැමෝම මැරීගෙන ආදරේ කරන්නෙ එක පාරයි...
Eka aththa e hithata marenakanma adarei....😔😥
Eka atta friest love eka e
Hmmm ow...
Aniwa
Eka attha mtth first and last lv ekk tynne
රන්හුයෙන් අපේ අතගිලි බදින හීනය..
මගේ හිත තුල නැවතුනාවේ..
ඔබට යන්නට ඉතින් අවසර
මාව යලි ඔබේ මතකෙට නොනැගුනාවේ..
තනිව හිතකට දරන්නට බැරි වේදනාවන්
නෙත් අගින් ගිලිහී ගියාවේ...
කුමරුනේ නුබ මගෙම පමණයි
මතු භවේ නම් සිහිඋනාවේ ..
මට පුරුදු ඒ තනි ලොව තුල හෙටින්
පසු මා තනි උනාවේ..🙃❤️
හැමෝටම අළු නොවන දිනෙන් දින දලුලා වැඩෙන සංසාරගත එක ආත්මයක්ම,එක ප්‍රේමයක්ම මුන ගැසේවා!!!!!!❤🎉
❤🌸
ලයික් එකක් දාලම අහන්න පටන්ගත්තු අය කෝ...👇🏻👇🏻
🙆
🖐️🖐️ මාත්
😊😊
මම 😊
Mama
ඉතින් ඔබගේ කවි අහන්නට
සියස් දස දෙන පැමිණුනාවේ
අඩවලා අප පුරුදු විදියට
පසක සිට ඔබ හිනහුනාවේ
තවත් පැසසුම් ඉතින් කුමකට
අසින් කදුලක් ගිලිහුනාවේ
හැඩට කවිපද හෙටත් ඔබහට
නිරායාසෙන් ගැලපුනාවේ
👍👍👍👍🥰
❤️❤️
👍👌
❤
Shaa a pada gelapumath harima lassanai
හිත මෙච්චර රිදවන කෙනෙක්ට ස්තුතී කරනවනම් ඒ ඔයාට විතරමයි ශශී ........💐
Aniwarenam
පෑන් තුවක්කුවට වචන මූනිස්සම් දාල තිබ්බ වෙඩිල්ල වැදුනෙ හදවතේ ඇදිරි නීතිය දාල තිබ්බ පැත්තකට. මාරම ලස්සනයි 😥😥😥😥😥
ඒක නම් ඇත්ත 👌😍
Ammo eka..
Wow....❤️👍
@@dilu7294 ❤️❤️❤️❤️
Eeka😍
මං අදටත් තනියෙන් ඒ ආදරේ අමතක කරන්න බැරිව අවුරුදු 10 ක් 😢😢😢 අතැරීමත් ප්‍රේමයක් බව අදි පසු මට වැටහුනාවේ 😢😢
අවංකව ආදරේ කරලා ඈත් වුණු හුගක් අයගෙ ඇස්වලින් දැන් කදුලු ගලනවා ඇති. ❤
අනිවාර්යයෙන්ම
අැත්තටම
@@sewwandimadushika8362😥😥
Hmmmm
Mge hitha parapu palaweni adre ada thwa kenekge...ekm eka wathwak ahnn asai mwa mthk wennem nedd kiyl..kohomd ek parm mtath horen eyge wenn hithune kiyl..kiynn gdk dewal thiyenwa mta..
ඒ වචන...💛🖤 වචන ලියන ඒ අත් දෙකටනම් හිරිමක්වත් වෙන්න එපා.( shashi)
Ane owww
අම්මොහ් ඒකනම් ඇත්ත❤
ඔව් 😊❤
Aththamai..math pathanawa ehema..
ඇත්තමයි
මං ආසම" මැණික "සිංදුවට...❤නුහුරු අත්දැකීමක් උනත්..ඒ සිංදුව අහද්දී හරි හුරු පුරුදු ගතියක් දැනෙනවා ..
❤
Mget fav 🤗❤️
My fv aduna manika song eka ahddinm
Yes ❤❤❤❤❤😔😔😪😪
Aththatama
මේක අපේ කතාවමද මන්දා... ඇස්දෙක පියාගෙන අහන් ඉද්දි ඒ අතීතය මැවෙනවා... ඊට පස්සේ මටත් කලින් මගේ ඇස්වල කඳුළු ඉස්සර වෙනවා... ❤
Oww
ම්ම්ම්ම්ම් 😥😥😥
@@wasana8293 wwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwhgh
Koei tharam aya jeewethe ta awath ... hithata denuna ekama adaraya kawadawath amathaka karanna baaaa...
අපිට උනෙත් ඔය ටිකමයි...🥲
පන වගේ ආදරේ කරපු කෙනා වෙන කෙනෙකු සමග සදහටම යනකොට ඔහුට කොතරම් වේදනාවක් ඇත්ද 🥺 ඒ වේදනාව හංගා සුබපතන එක කොච්චර කටුකද ? කවදාවත් අහිමි නොවේවා කාටවත් පනවගේ ආදරේ කරන ප්‍රේමය ,❤
ලස්සනයි අයියෙ නිර්මානය
ම්ම්ම්ම්ම්...ඒ වේදනාව මේ සංසාරේ මේ වැටෙන හුස්ම නවතින මොහොත තෙක් මගේ පපුවෙත් තියෙයි😥😥😥😥😥😥
😔
හැමදාමත් වගේ කවි ලියන ඔය දෑත හිමි නිබ දෙවියෝ රකිත්වා!.
විදින විදවන ජීවිතේ මොහොතක් රස විදින්නට ආපු අය ලයික් එකක් දාගෙනම යන්න❤️
😪
අත් හැරීමත් ප්‍රේමයක් බව අදින් පසු මට වැටහුනාවේ..............හැමදාම එක වහලක් යට ඉන්න හීන දැක්කත්...අම්මලාට නරක දුවෙක් වෙන්න බැරි තැන ...මවපු හීන හිතෙ ගුලි කරන් මියැදුනා ...දවස ගනෙම අඩ අඩා ....එත් අද මට අත් හැරීමත් ප්‍රේමයක් බව වැටහුනා ....සින්දුව අහද්දි මට හිතුනෙ මගෙ කතාව මෙ කියලා...කදුලු අවා ....කීදෙනෙක් අතිද මන් වගෙ හිතුනා ....ලස්සයි ... අදත් .....වෙනද වගෙම
මටත් එහෙමමයි...
Ow eka thama
මගෙත් ඒ කතාවමයි
Ane oyath mn wage kenek neda?
Man wage thawa aya innawa ehenam 😔 ammala wenuwen godak amaruwen wena kenekge wela hitha galak karan inne 😌 eth e mathaka hama thissema hithata pihiyen aninawa wage 😑 sinduwa e hama dukakma sathutak kara 🙂❤️
අත් හැරීමත් ප්‍රේමයක් කියලා මට තේරුනේ ගොඩක් කාලෙකට කලින්. අදටත් එක එහෙමයි. මේ ගීතය ඒක ලස්සනට පැහැදිලි කරලා දෙනවා. ලස්සන වැඩක්.......
පෙම්වතියකගේ හඩ අවදි කරන්න කියලා ඉල්ලිමක් කරනවා.....
හිතට දැනුණු ලස්සන සිංදුවක්
💔🥀😔
Hmm..
අත් හැරීමත් ප්‍රේමයක් බව අදින් පසු මට වැටහුනාවේ ♥️♥️♥️😥
YES Dear
Mee to baby
😥😥
නුහුරු සැඩ රැස් මෙමට කුමටද
වසන්තයෙ මල් හිනැහුනාවේ....
මහ රෑට හිත් රිදුම් නුහුරුයි
සද නොමැති නුබ මියැදුනාවේ....
මගේ රන් කද නොදෙමි අවසර
මගේ සුසුමෙම සැනසුනාවේ....
අපේ මතකය හෙමි හෙමින් තව
මෙලොව මතුවට ලියැවුනාවේ....
එක්ව දුටු සීනයේ සුලැගිලි
අපේ සිත් මත ඉහිරුනාවේ....
පෝරු අශ්ටක සිනා නොමැතිව
අපිට අපෙ පෙම් හිමි උනාවේ....
ඉතින් අවසර නොදෙමි කුමරුනි
අපේ ඇස් යලි නොරිදුනාවේ.....
පුරුදු ඉර හද යටම නුබ මා
නිතින් තව කල් වැජබුනාවේ.....
වියැකෙන්න නොදී, ප්‍රේමයේ මිහිරියාවත හිමි වීම පතනා හදවතක සිතුවිලි අවදි කරලන්න මග පෑදුමක් විදිහට මගපෙන්වීමක් " අවසරයි " කැදවූවා 🌸
ගීතය නෙමෙයි මම රසවිදින්නේ අර්ථයයි.👍👌❤️💕🎶
මමත්
අනිවාරෙන්
Ow මමත්
ගීත ය ම කියන්නේ රසයක් කියලා අමතක කරන්න එපා
@@shashikashehara9221 hm 👍👍❤
ඒ වචන...✋..ද්වේශයෙන් අවසන් වෙන ප්‍රේමයට වඩා ..මේ වචන් වල සන්සුන් බව...😌😌
අතැගිලි නොබැදෙන හිත බැදි සෙනෙහස සසර පුරා ලග ඉන්න ඇති....
ඒ අත භවයේ මේ වාගෙම අපි හමුවී වෙන්වී යන්න ඇති...❤️
අයියේ....ඔයාගේ වචන හිත් රිද්දනවා...
කොහෙදෝ මන්දා අතරමං වෙනවා මේවා අහද්දි......
හ්ම් එකනන් අැත්ත.මේ විනාඩි ගානට හදවත නතර වුනා වගේ.
අහන්නත් කලින් like එකක් දැම්මා 😍
Math
Math
මාත්
මමත් එහෙමයි 😘😘
@@dilinichathurika1271 me too
අත්හැරීමත් ප්‍රේමයක් බව අදින් පසු මට වැටහුනාවේ 🌹🌹🌹🌹❤️❤️❤️
😔😔😔😔
Hmmm
නොපතමි නුඔව මං මතු භවෙක මං තනි උනාවේ..
ගිය ඔහු ළගම මතු භවෙත් නුඹ සැනසුනාවේ..
පුරමි පෙරුමන් මිදෙමි දුකෙන් මං ..
නොඉපදෙන්නට මේ සංසාර අපායේ.
Woow🥺🌸
මමත් එහෙමය්...මන් කැමතී මේ ආත්මෙ එයාගෙය් මගෙය් අවසාන හමුවීම වෙනවානම්.අපි සංසාරෙත් මේ වගේ හම්බ වෙලා වෙන් වෙන්න ඇති.බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නෙ අපි මේතාක් මේ සසර අඩපු කදුලු සතර මහා සාගරේ ජලයට වඩා වැඩී කියලා.
ඉතින් මාත් මේ සසර ගමන නවත්ත ගන්න උත්සහ කරනවා.ආයෙ සංසාරෙ එයාව විතරක් නෙවෙයි වෙන කිසිම කෙනෙක් එක්ක බැදෙන්න මගේ ආසාවක් නෑ 🙂
කුරිරු සැඩ රැස් නුඹට නුහුරුයි වසන්තය යලි හිමිවුනාවේ...
රෑක සද රැස් මතින් මගෙ රුව ඔබේ සිත ළඟ නොපිපුනාවේ...
ඉතිං එහෙනම් යන්න අවසර අදින් පසු අපි වෙන්වුනාවේ...
අපේ මතකය සිතේ කොනකම රිදුම් නොම දී වැලලුනාවේ....
අහන්න කලින් like කරලා coment එකක් දැම්මේ
අපි ඉල්ලනවා කියලා එක දිගට ලියලා ලියලා රැල්ලට ගිහිං මේ තියෙන ගතිය නැති කර ගන්න එපා සහෝ.. සතියෙන් සතියට සින්දු ඕනි නෑ. වෙලාව අරන් නිවිහැනහිල්ලේ ලස්සන අර්ථවත් පද ටිකක් ගොතලා හොඳ නිර්මාණයක් දෙන්න අපට.
බුදු සරණයි ඔබට මෙවන් නිර්මාණය කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි....
මේ කතාවට මාත් එකඟයි වතාවක් නෙවෙයි සියවතාවක්.. ඔබ සම්පතක්. ඒක රැකෙන්න ඕනේ.. ඔබට තව දුඅර ගමනක් තියෙනව. මාතෘකාව විතරක් වෙනස් කලාට වෙනසක් වෙන්නෙත් නෑ.. ඒ නිසා තව පැති කඩවල් වෙනස් කරන්න බලන්න. හැබැයි ඔබේ අනන්‍යතාවයට මම ගරු කරනව.. ඒක වෙනසක් නොකරත් කමක් නෑ ඒක නැති වෙනවනම්. තෙරුවන් සරණයි !
එක ඇත්ත.මං මේක කිව්වට කමක් නැද්ද දන්නෑ.සිංදුව ලස්ස්නයි.ඒත් කලින් සිංදු තරම් මට මේක දැනුන්නෑ..මගෙ අදහස විතරයි.කේසේ වෙතත් ඔබට සමකල හැකි පද රචකයෙක් තරුන පරපුරේ නෑ.
එහෙම කියන්නත් එපා. ලියන ලියන හැම ගීතයකම ඒ රහ තියනව නම් ලියන එකේ ප්‍රශ්නයක් නෑ නේ......අනික ඔයා කියල තියෙන්නෙ මේවගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා කියල . ඉතින් හදවතට එකඟව කිව්වොත් මේක ලස්සනයි නේ..... 😊😊
ශශික අයිය ලියන හැම ගීතයක් ම පපුව කීතු කීතු කරලා යන්න වගේ කටු අනිනව වගේ දැනෙනව. විඳින්න පුළුවන් නම් කොච්චර මේවගේ ඒව ආවත් ප්‍රශ්නයක් නෑ . මොකද මල් සින්දු වල පද පේලි එක්ක ගත්තම මේවා රහ බල බල විඳින්න පුළුවන් පද පේලි.
ඒ හින්දා මොකද.........???
පපුවට දැනෙනව නම් රහ තිත්ත උනත්.....පැණි රහ උනත්.....😊😊😊
Eka Aththa. Baya hithenawa. Eka Digata Liyala me lassana nathi karai kiyala.
Man aththatama meka ekagai.me sinduwa kalin ewa tharamma quality na wage hangeemak danenawa mata
"නුඹේ පපුවේ මං උන්නු තැන්
ඔහුගේ සෙනෙහෙන් යට උනාවේ" හරිම ලස්සනයි ඒ අත් හැරීම, කැපවීම..😊 ලස්සන නිර්මාණයක්. සියලුදෙනාටම සුබපැතුම් 🙏💛💛💛💛
මගේ කතාවම තමයි මේ,ඒ සෙනෙහස කවදාවත් අමතක කරන්න බෑ,මේ කදුලු ඉවර වෙන්න මේ ඇස් සදහටම පිය වෙන්න වේවි,
අහන්න බයේ ඇහුවෙ නෑ.. අද ඇහුවා...
. ඇස් කදුලු තාමත් ගලනවනේ
ඔයාලගෙ ගීත කනට වැටෙන හැම තත්පරයක ම හදවත මොහොතකට නතර වෙනවා... ❤️❤️❤️❤️❤️ මේ වගේ හදවතට ආමන්ත්‍රණය කරන නිර්මාණ තව තවත් නිර්මාණය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා....!!!
❤️❤️❤️👍👍ඒක ඇත්ත
🤟🥰
අසරණයි මන් ඇගේ හැගුමේ උබට අයිතිය ඉතිරුනාවේ ...
ලෙයින් කිරි දුන් බසට ඉඩ දී ඉතිං මන් අද තනි උනාවේ ...
පතන්නම් සසරේ පුරාවට නුබේ දිවියම සරු උනාවේ .....
අපේ පැතුමන් ඇයට රිසි නුබෙ
ලදක් අබියස ඉටු උනාවේ ...🙏❤️
❤❤❤
Eka 🙂💔
🥺
❤❤❤
❤💔
කුමරුනෙ පතිනියකි දැන් මං...ඔහුට දිවියම කැප උනාවේ... මතු භවෙ හමුවන තුරා අපිට අපි යලි නොපෙනුනාවේ😥🥀
Hm
😢😢😢😥🥺
Hmmmmm. E kotasata thama math kamathi dear♥️♥️
🌚🌚
@@sachininisansala..6207 math asama a kotasata
කී පාරක්නම් ඇහුවද...ඒ අහන ගානට ඒ මූණම මතක් වෙන්නේ..😭 ඒ වචන,කටහඬ,සංගීතය 👌👌👌... වේදනාවේ භාවනාවක්..කියන්න වචන නෑ මට.ගොලු වෙනවා වේදනාවෙන්ම..ඒ තරම් හදවතට දැනෙන නිර්මාණයක්..බොහොම පින්..ඒ හැගීම දුක්බර වුනත් හරිම මිහිරි ලෙස ඒ වේදනාව දියකර හරින්න අති විශිෂ්ඨ නිර්මාණයක් ♥️♥️♥️
ලස්සන පදවැල් ලස්සන ගායනයක් ඉදිරියට යාමට සුභ පැතුම් ඔබට ජය
මේවා සි0දු නෙමෙයි..😘😘හදවතට කතා කරන අධි මාත්‍රා පෙති වගේ💖
අහන වාරයක් ගානේ ඉකි ගහන අඩපු අය කව්රුත් නැද්ද😭😭
මේ ඉන්නේ
මාත්
Math
මේක අහන හැම වතාවෙම අඩනවා..😭😭
yes....
මේ වචන විඳින්න අද්දැකීම් තියෙන්නම ඕනි නෑ.පන ගැහෙන ඕනිම හදවතක් සංවේදී කරන්න මේ වචන වලට පුළුවන්.කවියෙක් කියන්නෙම මහා සුන්දර ආත්මයක්.කවියෙක්ට පුළුවන් ඇස් දෙකටත් හොරෙන් ඇස් වලින් කදුළු වට්ටන්න.වචන නෑ කියන්න පිරිතක් තරම් මිහිරියි මේ පද .....
අහන්න බයයි පපුව ඇතුලට ඉදිකටුවකින් අනිනවා වගේ. මගේ කථාව මේ.
😔😔😔
Ane deiyane. Oya kohomada akki e duka daragaththe... matanam e gena hithannath bayai..
@@dilininisansala4852 Dennama Dilini la
මගේ කතාවක් නොවුනත් අහන්න බෑ... අක්ක කොහොම ඇහුවද කියල හිතාගන්නත් බෑ.. 😥
@@sanjanaasuntha5586 එයා වෙනස් උනා මට වෙනස් කම් කලා සැක කලා.ඈත් උනා මන් හිත හදන් වෙන කෙනෙක් ට ආදරේ කරන්න ගත්තම තමා එයාට තේරුම් ගියේ. අයෙත් එයාට ආදරෙ කරන්න හිතක් දුන් නෑ. මන් එක්ක මගේ දුක බෙදා ගත්ත කෙනා මන් marry. කලා.එත් එයා මන් බැන්ද කියලා දැනගත්තම ගොඩක් දුක් වෙලා තිබ්බ. එත් එතකොට එයායි මායි දෙන්නම පරක්කු වැඩියි. සේරම අත ඇරලා පටන් ගත්ත ජීවිතේ ගොඩක් සතුටින් මන්. එත් මේ සින්දුව පරණ මතක ඇවිස්සුවා 😥
ඔබ යනෙන ඒ පාර දිගටම පයට පරසතු පෑගුනාවේ... ඔබේ පපුවේ මං උන්නු තැන ඇයගේ සෙනෙහෙන් යට උනාවේ... ඉදහිටකවත් නැගුන හුස්මක මගේ සුවදක් නොදැනුනාවේ.. අත් හැරීමත් ප්‍රේමයක් බව අදින් පසු මට වැටහුනාවේ... ❤⭐⭐⭐⭐❤ හිනාවෙලා ඉන්න මගේ පන
ekwa dutu sihinayaka athagili nuhuru athlaka patalunawe...
poru ashtaka sina maddhe ape premaya alu wunawe.......
kohen ena mona wachana d danne ne.. papuwa pasaru karan yanawa. harima lassanai. itath wada me wachana wala goluwechcha hithaka hirawechcha wachana lassana padha wal widiyata aminila thiyenne. budu saranai! rallata noya karanne watina wadak...! JAYA WEWA!!!
හීන අතරෙදි හිනාවෙන හිත
සැබෑ මතකයෙ නොරිදුනාවේ
හදෙ ලියවෙන ශෝක ගී පද
මතින් නුබෙ නෙතු හැනැහුනාවේ
කාත් කවුරුත් නොමැති හිත යට
නුබේ මතකය තනිවුනාවේ
නුබෙන් තොරවූ මගේ ලෝකයේ
හැමදාම මා තනිවුනාවේ 😥🙂
අත්හැරිම ප්‍රේමයක්.ආදරේ වටිනාකම දැනෙන්නේ ආදරයක් අහිමි උනු දවසට විතරමයි.❤️මතු භවේ හමුවන තුරාවට අපිට අපි යලි නොපෙනුනාවේ😭🙏❤️
රැල්ලට යන හොටු පෙරන් අඩන එව්ව වගේද.හදවතටම දැනෙනව.මාරම ලස්සනයි.එක විදියටම රැල්ලට යන එව්වත් එක්ක මෙහෙම එකක් ඇහුවම අර සිංදු අප්පිරියයි ❤️
හිතට දැනුන තැන නතර වෙන්න කීවාට..එහෙම වෙන්න බැරි අවස්තා එමටයි..ඒක පාර්ශවික ආදරයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ..සමහර විට දෙමාපියන්ගේ සතුට වෙනුවෙන් වෙන් වෙන්න වෙනවා එහෙමත් නැත්තම් අනික් කෙනාගෙ සතුටවෙනුවෙන් වෙන්නත් පුළුවන්...ආදරේ කියන්නෙ සතුටම විතරක් නෙවෙයි... මේ වගේ ලස්සන නිර්මාන කරනවට ගොඩක් පිං ... මහා විකාර නිර්මාන රටට දායාද වෙන මේ කාලෙ විරහව වුනත් ලස්සනට නිර්මානය කරන ඔයාලට බුදුසරනයි🥰💞🥳....මේ කාලේ ඇතුලත මගේ නම් ප්‍රියතම චැනල් එක තමා හීන විත් ශශී කියන්නෙ..much love❤...මේ වගේ නිර්මාන ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබෙන්න ඕනි❤ all the best
ලස්සන පදවැල් වලට එ් මියුරැ ගායනය වාදනය එක් වි ලස්සනම ලස්සන ගිතයක් නිර්මානය වි තිබෙනවා
"එහෙව් කවියක් කියව කියවා ලෝකම හෙට සැනසුනාවෙි"
සුබ පතනවා සැමට.
කවදාවත් මේවට visual කරන්න එපා අයියෙ.අපිට මවනවට වඩා අපි මවා ගන්න දේයි ලස්සන තියෙන්නෙ.ඇස් දෙක පියන් අහනකොට දැනෙනෙ දේ කියන්න වචන නෑ
Eka nam aththa.vishuwal thama sindu kanne
@@dc3090 ඒකනෙ.visual බැලුවම ආයෙ කීයටවත් සිංදුව දැනෙන්නෑ.ඒකෙ තියෙන ඒවමයි මැවි මැවි පේන්නෙ
Aththmi..
ඒකනම් ඇත්ත
ow eka aththa
"අත් හැරීමත් ප්‍රේමයක් බව අදින් පසු මට වැටහුනාවේ.."🥺❤️
"නුඹේ සිත රසදුනක් වූවට
කමක්නෑ මට තවත් ඇසකට
නමුත් නුඹේ රුව තවත් අයෙකුට
අයිති වනු බෑ දරාගන්නට"💔
💔
❤
😥
@@zephanimahakumara ò
හදවතට නෙවෙයි බොක්කටම වැදුනා ..ඒ තරම් රහයි සිංදුව..
ජීවිතේ හැමෝන්ටම තියෙනවා ඔය අත්දැකීම ..
බුදුසරණයි මල්ලි ඔයාට
අපිව පිනෙව්වාට..
"නුඹව හොය හොය පපුව මැද්දට.. හැම රැයේ මා කිමිදුනාවේ "
හැමදාම හොයනවා..ඉන්න තැනක ඔයා සතුටින් ඉන්න.❤️❤️❤️
හිතට හුරු වූ අරුම ප්‍රේමය මගේ හිත මත මියදුනාවේ
තදින් මගෙ නෙතු වසාගන්නම් යළිත් එළියක් නොවැටුනාවේ
නුඹෙන් ඈතට හිමින් යන්නම් මගේ කඳුලැලි සැඟවුනාවේ
හිමි කරන් මම හීන දැක්කට හීන එකිනෙක බොඳ උනාවේ
( හ්ම්ම්ම්ම් එහෙමම උනාවේ....මට හිතුන නිසාම ගැලපුන පද පෙළක් 💖😥 )
“අත්හැරීමත් ප්‍රේමයක් බව අදින් පසු මට වැටහුනාවෙ..❤️” මතු භවයක යලි අපි හමුවේවා..🌹 6.3.21
ශෂී අයියෙ මොනවද කියන්න ඕන කියල හිතාගන්න බෑ.. ඉස්සරහටත් අපිව මේ විදියටම අඩවන්න..😥
හා 🤣
නුඹේ පපුවේ.....මං....උන්නු තැන්.....
ඇගේ... ප්‍රේමයෙන්.....යට උනාවේ......😢😢😢
පතිනියක් වී මම නුඹෙන් සමුගෙන
කාලයක් ගත වුනේ ..
ඔහුගේ සෙවනේ ගෙවෙනමුත් දිවි
දුරකි ඔහු මා අතර රැදුණේ ..
රැකවරණය ලැබුනත් මට ඔහුගේ
නුඹගෙන් තරම් සෙනෙහස නෑ ලැබෙන්නේ..
නුඹගේ පෙම ළග බැබලුණු නෙත්
මහරෑට රහසින් හඩන්නේ..
අසරණයි දැන් නුඹේ පුංචි සාවිය
ආයෙ ඇවිත් මා රැගෙන යන්නේ..😢🥀
2023/12/03
අම්මෝ ඉතිං එනකම් බලන් හිටියෙ... ඇබ්බැහි වෙලා ඉන්නෙ අපි ඉතිං 🤗❤️😍😍😍
Attatama ❤❤
@@paramibhagya6840 ❤️
මතුභවේ හමුවන තුරාවට අපිට අපි යලි නොපෙනුනාවේ😔❤️
ඇහෙද්දී මාව ගිනි ගන්නවා දැනටමත්.ඒ වේදනාව කාටවත් ලැබෙන්න එපා 🙏💔
Matath ehemai.. bro...atha harima kiyanneth kawadahari api karanna wena deyak
Mata ehema wedanawak thama lebenna thiyenne 😥😥💔💔
@@tushipurnima8559 මටත්... ඒ වේදනාව විඳිනවා දැන්.. මගේ කතාවත් මේකම තමා.. 😭
Mageth
Mtth oya vedanava denial thiyenava oka penvathiyage peththenuth liyaunanam
පෑරෙන බව දන්නවා මුලු හිතම....ඒත් මේක අහලා හිත රිද්ද ගන්න වුනත් අහන්නෙ නැතුව ඉන්න හිතෙන්නේ නැහැ.ඒ තරම් මේ සින්දුව ලස්සනයි අයියේ..
ආ
ද
රෙ
යි
ගො
ඩා
ක්
ඉස්සර වාගෙම
❤
ලස්සනයි ගොඩක් දැනුනා ❤️❤️❤️
කටහඬවල් දෙකම වෙනදා වගේම හිතට දැනුනා ගොඩක්....❤️❤️❤️ සුභ පැතුම් heena with shashi ❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰
අත්හැරීමත් ප්‍රේමයක් බව අදින් පසු මට වැටහුනාවේ...
අධිමාත්‍ර මත්පෙති 🖤🖤
වෙළපෙන විරහා ගීත ලියවෙන මේ වගේ කාලෙක අලුත්ම ආරක වෙනස්ම නිර්මාණයක් ❤❤❤ අගාධයට යන සිංහල ගීත කලාව ඇතුලේ ඔබේ මේ උත්සාහය ගොඩාක් අගය කරනවා මේ නිර්මාණයෙන් විරහවේත් රසයක් සහ ප්‍රේමයක් කියා දී අත්හැරීමත් තවත් විදිහක ප්‍රේමයක් බව කියා දුන්නා❤❤❤ තවත් මෙවැනි නිර්මාණ කරන්න ❤ සුභ පතනවා❤❤❤
අත් හැරීමත් ප්‍රේමයක් බව බුදුරදුන් වටහා ගත්තු කළ..
දුක,දුකට හේතුව, නැතිකරනමග නිවන යනලෙස වැටහුනාවේ..
ඒත් අහම්බෙන් අතරමගක නොසිතූලෙස ඔබත් ඔබේ දරැවන් සමඟ මමත් මගේ දරැවන් සමග ඔබේ සැමියා නොමැතිව මගේ බිරිඳ නොමැතිව..
හමුවුන වෙලාවක මගේ දියනිය ඇසූ ප්‍රශ්න..?
කවුද ඒ ආන්ටි? ..
කළිං අපි දන්නෙ නෑ..
ඔයාගැන පවුලේ ව්ස්තර ඔක්කෝම ඔයාටත් වඩා හොඳිං අපිටත් වඩා හොඳිං දන්නවා...
අපෙ අම්මි වගේ නෙවේ..එයා මට ආදරෙයි..මගේ ඔළුව අතගගා ඔයත් එක්ක කතාකලේ..
එයයි ඔයාව අඳුනාගත්තේ .
අපි යනකංම බලා හිටියා..
මම දැක්කා..
අන්තිමට මම කීවා දුවේ ජීව්ත හැමකක්ම දැනගංඩ ඔයා තාම පොඩියි ..
එයා කෙළින්ම අමුවෙංම අහනවා එයා ඔයාගේ කලිං ගර්ල් ෆ්‍රෙන්ඩ් නේද?
එහෙම නෑ කියලා ඔයා බොරැකියංඩ එපා..
ළමයින්ට ඇහේ දීප්තියෙන් ජීව්තේ දකිංඩ පුලුවන් බව දැනගත්තේ එදා..
ඇතැම් ගීත ගෝචර වන්නේ ඇසටය. ඇතැම් ගීත ගෝචර වන්නේ කනටය. පටන් ගත් මොහොතේ සිටම මේ ගීතය හදවතම ස්පර්ශ කර ගත්තා. ඇත්තටම ගොඩක් දැනුනා 🙏❤️ බුදු සරණයි! ජය වේවා!
නංගියේ හදවතේ සියුම් තැනින්ම රස විඳපු මට මේ විරහවත් හිත පතුලටම දැනුනා.
❤️❤️❤️❤️ලස්සනයි හිතට වදින වචන ටිකක්.හැමදාමත් වගේ අන්තිම තප්පරේ පපුවට දරා ගන්න බැරි දුකක් දැනුණා.ඒක ඉවර උන විදිහ හරිම ලස්සනයි.අපේ අත්දැකීමක් වගේ හදවතට දැනුණා.තව තවත් මේ වගේ නිර්මාණ කරල අද සමාජෙ පිරිහිලා තියන ගොඩක් තරුණ හිත් සුවපත් කරන්න ඔයාට ශක්තිය ලැබෙන්න කියලා මං හදවතින්ම සුබ පතනවා❤️
ගොඩක් ලස්සනයි..
(අත් හැරීමත් ප්‍රේමයක් බව අදින් පසු මට වැටහුනාවේ🔥💗)
ඒ පේළිය දැනුනා ගොඩාක්..
E wachana tika 💖💖💖💖
As walata kadulu awe naththan kenekta e hithak nathi kenek aththatama lassanai
Ath harimath premayak bawa adin pasu mata watahunawe💖
කීපාරක් ඇහුවද කියල මතක නෑ. ඒ තරම්ම විශිෂ්ඨ නිර්මානයක්. ඇස් වලට කදුලු ගෙන ඒමට තරම්ම වන සංවේදි අත්දැකීමක් සහිත නිර්මානයක්. ඔබ පිරිසට මෙවැනි අලුත් නිර්මාන ඉදිරිපත් කිරීමට සුභ පතනවා.. 💪
අත් හැරීමත් ප්‍රේමයක් බව අදින් පසු මට වැටහුනාවේ😳
ඒක පාර්ශවීය ප්‍රේමයක් ගැන ලස්සන වචන ටිකක් ගොතල දෙන්නකෝ💓💛
Ane ow....🥺
😭 yep .waiting for that
Mmm😔
Ane ow
ඒක හොද අදහසක් ....
.........ඒක පාර්ශවීය ආදරයක හිමිකාරියක් මමත්.......
❤️අත්හැරීමත් ප්‍රේමයක් බව අදින් පසු මට වැටහුනාවේ....😥❤️
නියමයි shashi අයියේ....
2024 ත් මේක ආයේ ආයෙම අහන මන්🥺🤍✊
අහන්න අහන්න මොකක්දෝ දැනෙනවා කියාගන්න බැරි දුකක්ද... ඒක හිතාගන්න බෑ.... ජය වේවා අයියා මේ වගේ තව තව පද ගලපන්න පුළුවන් වෙන්න ඕනි..
සින්දුවේ වචනයක් ගානේ පපුව ම හිරිවැටෙනවා..
ඒ තරම්ම ලස්සනයි❤
හිත නිවනවා .....🌸🌸🌸🌸සුබ පතනවා හැමෝටම 💕💕💕💕💕ලංකාවේ හැමෝම මේ ගීත වලට ඇබ්බැහි වේවා....💖💖💖💖💖💖
ඔයාලාගේ හැම ගීතයක්ම ලස්සනයි. අර්ථවත්. සුභ පැතුම්
මැණික ගීතය අහනකොට යට ගිය මතක දෑස් ඉදිරිපිට මැවෙනවා😢♥️♥️♥️ ගොඩක්ම ලස්සන ගීයක්.ආසයි දිගටම මැණික පිළිතුර ගීතය අහන්න ♥️♥️♥️🎵🎵
...එක්ව දුටු හීනයක සුලැගිලි නුහුරු අත්ලක පැටලුනාවේ...
...පෝරු අශ්ටක සිනා මැද්දෙම අපේ ප්‍රේමය අලු උනාවේ..
...ඉතින් මට අවසරයි කුමරුනි ඔබෙ ඇස් යලි නොරිදුනාවේ...
...පුරුදු ඉර හද යටම ඔබ මා හෙටින් පසුවට තනි උනාවේ..
...අයිති නැතුවට සදට ජීවය හිරුගෙනුයි එය සිහිවුනාවේ...
..ඉතින් තව දුක් සුසුම් කුමටද වියෝ ගිනිදැල් නිම උනාවේ...
...කුමරුනේ පතිනියකි දැන් මා ඔහුට දිවියම කැප උනාවේ...
...මතුබවේ හමුවෙන තුරාවට අපිට අපි යලි නොපෙනුනාවේ...🥺
මටත් ඉන්නවා කවදාවත්ම මගේ වෙන්නේ නැති කෙනෙක්..🥺 කවදාහරිම දවසක එයාටත් මේ වගේ දෙයක් මට කියන්න වෙයි..🥺
අත් හැරීමත් ප්‍රේමයක් බව,
අදින් පසු මට වැටහුණාවේ..❤
මියුසික් වලින් තවත් දනවන්ඩ ඉඩ කඩ තිබ්බා ඒ ලස්සන වචන වලට ගීතයට පසුබිම් වෙච්ච ඒ සංවේදී අත්දදැකීම එකම තාල පරාසයකට කොටු නොකර පොඩි වෙනසක් කරානම් හොඳයි කියලා හිතුනා..(වෙනස ඇතුලෙ වෙනසක්) මේක යෝජනාවක් අයියේ❤❤
Habai eken artha rasayata wadi idak labila thiyanawaa!😍
නුඹව හොය හොය පපුව මැද්දට හැම රැයේ මං කිමිදුනාවේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඒ වචන වලට thanks Shashi..❤️❤️❤️❤️ඒ හැම වචනයකම දැනුනේ ආදරේ..මොන තරම් රහයිද ඒ වචන ඒ තනුව ...❤️ඇත්තටම බයයි ඔයාගේ සිංදු අහන්න ඒවායේ වචන ඒ තරම්ම හිතට දැනෙනවා ඒ අස්සෙන් රිදෙන තරම් පුදුමයි මේ ගීතයත් ඒ වගේමයි ❤️
🥺🥺 ලස්සන හැගීමක් දැනුණා ඒකටනම් අත් හැරීමත් ප්‍රේමයකි🥺
ලස්සන මිහිරි නිර්මාණයක්.සියළු දෙනාටම සුභ පතනවා.....
පළඳා සත්මාල පටලා රිදී සලූ
රන්දා මුදු මුවඟ මත හසකැන් පොකුරූ
පාපොඩි තියා පෝරුව වෙත වඩිනයුරූ
ඉන්නෙම් බලන් නෙතු අග සඟවා කඳුලූ....
මගෙමවි පෙරදිනෙක මතකයි ඈ උන්නා
මගෙමයි කියා සවනට හෙමිහිට කිව්වා
දෛවයෙ සරදමක් වී ඈතට ඇදුණා
අද යයි අලුත් ගමනක් ඈ යළි නොඑනා.......
හංගා කඳුළු හිනහෙමි මං නුඹ එක්ක
තරහක් නොවේ තුන්හිතෙ කොතැනකවත් ම
තාමත් එදා වගෙමයි මගෙ ආදරය
හැමදා හිනැහියන් මගෙ පණ අද වගෙම.......
අමතක කරනු මැන අපෙ සුන්දර මතක
නුඹ දැන් මගෙ නොවෙයි මං නුඹගේ වුවද
අවසන්වරට ආවෙමි නුඹ දැකගන්න
මං යළි එන්නෙ නෑ සත්තයි මයෙ මැණික.......
කාටත් කලින් මතු භවයක මගෙ වෙන්න
දුන් හිත රකිනු මැන යළි මට නොමදෙන්න
නොකැමති වුවද සිදුවී ඇත සමුදෙන්න
යන්නම් මැණික හැමදා සතුටින් ඉන්න..........
----------------------------------------------------✍️විකුම්....
එල
😢😢💔💔
මතු භවේ හමුවෙන තුරාවට
අපිට අපි යළි නොපෙනුණාවේ....
🖤🖤🖤
මතු භවේ හමුවෙන්න,
මේ භවේ ප්‍රාර්ථනා කරන්න...
😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
😥😥😥😥😥😥😥😥😥😥
මේ ප්‍රාර්ථනා කරන ගමන් ඉන්නෙ..🙄🙄🙄
බෑනේ ඉතින් කරන්න මේක..හැමතැනම ඉන්නෝනෙ ඔයත්..😂😂😂
ප්‍රේමය රස විඳින්න පුළුවන් අවංක හදවතකට, ප්‍රේමය තුළ උතුම්ම වනුයේ හිමිවීම නැතිනම් පරිත්‍යාගයයි. එය එලෙස වී නම් නිහතමානී ආඩම්බරයත් අවසානයේ හෘද සාක්ෂියට එකඟයි.
Ath harina thanadi thamai adare hugakma thiyenne. Lassanai sinduwa. Keep it up!
අනේ ඒ වචන ටික ..❤❤❤❤❤
ඒ වචන ,වලට පණ දෙන හඬ..👌❤❤❤❤❤
තෙරුවන් සරණයි ...ඔයාලා හැමෝටම ..🙏❤
ගොඩාක් ලස්සනයි.ඔයාල හැමොටම තව අලුත් දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනෙ 😘❤️
මතු භවේ හමුවෙනතුරාවට
අපිට අපි යළි නොපෙනුණාවේ..❤️
අත් හැරිමත් ප්‍රේමයක් බව අදින් පසු මට වැටහුනාවේ...❤️
අහිමි වී හිමි වන
හිමි වී අහිමි වන
බැදීම් අස්සේ
උබ මට
කයින් අත් හල
හිතින් බැදි ප්‍රේමයකි ❤
ඔහොම කියනකොට හිත රිදෙනා තරම් ඔබට හිතාගන්න බෑ
අහන්න අහන්න ආසයි මේ සිංදු.අපිව වෙනම ලෝකෙට අරන් යනවා වගේ.ලස්සනම ලස්සන නිර්මාණ ගොඩාක් බලන්න ආසාවෙන් ඉන්නවා.😍😍😍😍😍