Eka thamai ape rate winasaya kiyanne...kalawa widina minissu dan naha.. hamathanama jara una mini marana samajayak...ahoo..budun wadi ape rate dahama ko ada...
Eka thamai ape rate winasaya kiyanne...kalawa widina minissu dan naha.. hamathanama jara una mini marana samajayak...ahoo..budun wadi ape rate dahama ko ada...
සුබපැතුම් මගේ මල්ලී
මේක හරිම ලස්සන ගීයක්!
ස්තුතියි සමන් අයියේ...🤗🙈
ඔබලාගේ මිතුදම පේනවා. මහා අසිරියකි එය 😍
saththakimma
@@HarshanaDMusic ❤️
ලස්සන
මේවා සිංදු නෙවෙයි භාවනා....අවුරුදු 5 පරණ සිංදු ..ඒ උනාට තාමත් ලස්සන❤
Unlike කරන පිරිස ගැන දුකක් නැත.ඔවුන්ගේ රසවින්දනය ඉතාම පහත් බව අප දනිමු.
Aniwa
Harima lassani
Yers.....
මමකැමතිමනැත්තෙපඩසොබනවලටබටර්ගගාලවුකරන්නෙනැතිඋනාටපඩසොබනමිතියනවාසමහරඋන්ටපඩසිංදුදහගනබොරැසොබනමොකටදයකෝ
දෙවියනේ, ඇයි මෙච්චර කල් මට මේ ගීතය ඇහුණෙ නැත්තෙ ? ඔබට පින්, දියබෙරලිය දලු ගීතය දෙවෙන ස්ථානයට දාන්න වෙනවා, මේක මගෙ ජීවිතේ ගීත ලැයිස්තුවේ පළමුවන ස්ථානයට දානවා,, ඔබට වගේම පින් "ජාතික රූපවාහිනියෙන් විකාශය වන " සිහිනයකි රෑ" වැඩසටහනට,සහ එහි නිවේදක "මහේෂ්" මහතාට. ඊයේ විකාශය වුනු වැඩසටහනෙන් තමයි මේ ගීතය ඇහුණෙ. මෙහෙම වචන අපේ හදවත් වලට කදිම ඖෂධයක් හර්ශන දිසානායක මහත්මයාණෙනි !
ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏❤
සුගත් සෝමවීරයන්ගේ අර්තවත් පද රචනය
Ehenam anit dekat ahanna."heena pena hema rekama wena katat noki", "lagatama tawa gannat beri sithin athharinnat beri", me dekat ahala balanna..
අහන්න අනික් ගීත ටික.හීනපේන හැම රෑකම,රන් හුයේ....සමහර විට එයින් එකක් අංක එකට එන්නත් පුළුවන්
Hits nova sanasana geeta .oya subs anagatayak malli
දැන් ඉතින් සමුගන්න
සිනා දෙතොලට ගන්න
දුක් කඳුළු සන්තාප
මගෙ නමට පවරන්න
මල් කැකුළු අග අඬන
පිනි කඳුළු මට දෙන්න
හැමදාම හැර නොයා ළඟ රැුඳුණ
මල් සුවඳ ඔබ ගන්න
අතීතය මට දෙන්න
එපා අරගෙන යන්න
හැමදාම මල් පිපී පල දරන
වසන්තය ඔබ ගන්න
ගයනය: හර්ෂණ දිසානායක
සංගීතය: මහේෂ් කුමාර විතාන
පද රචනය: සුගත් සෝමවී
😍..........🥰
❤❤
මම කැමති නෑ මේ සින්දුවට. පොඩ්ඩක්වත්....එත් අහනවා...😑😑
ලිස්ට් එකේ යට ඉදලා උඩට අහන් එන ගමන්..මම කල්පනා කලේ කොහොම මිස් උනාද කියලා මේ සිංදු ටික...❤️
ආදරෙන් පැරදුන විරහව දරාගන්න බැරුව එකිනෙකා මරාගන්න දඟලන පෙම්වතුන් ඉන්න ලෝකෙක මේ ගීතය සැබෑවටම විරහව අර්ථවත්ව විඳින්න උගන්නන අපූරුව.ආඩම්බරයි මේ ගීතය අහල තියෙන ගොඩක් අය ගැන.ඔවුන් සැබෑවටම ආදරය කියන්නෙ විරහවත් එක් කොණක තියෙන බව දැනගෙන තමන්ගෙ ආදරේ විඳින සහ විඳපු නියම පෙම්වතුන්.මේකෙ කමෙන්ට්ස් දැක්කම ඒක තවත් තේරේනව.හර්ෂණ දිසානායක ලස්සන වැඩක් මේක.අපි ඔබට සුබ පතනව මිත්‍රයා...❤❤❤🔥🔥🔥👌👌👌
සිතම ගොලුවෙලා මොහොතකට නැවතුනා...
අහිංසක අසරණකමක් එක්ක මටත් නොදැනිම ඇස් වලින් කඳුලු බිංදුවක් වැටුන.
මේ වටිනා හඬින් ඉදිරියටත් ගීත අහන්න ලැබේවා...
මේ වටිනා පදවැල් ලියන්න
ඉදිරියටත් සිතිවිලි මැවේවා..
මේ වටිනා ස්වරයන් මුසු වෙන්න
අදහස් තව සැදේවා..
ඔබලා රටට සම්පතක්..
කණගාටුව මේ ශෛලිය අද ජනමාධ්‍ය තුල දකින්න් නැතිවීමයි..
🙁🙁🙁🙁🙁🙁🙁
ua-cam.com/video/2Ipem9_wBAA/v-deo.html "den ithin samuganna"karaoke
දැන් ඉතින් සමුගන්න
සිනා දෙතොලට ගන්න
දුක් කදුලූ සන්තාප
මගේ නමට පවරන්න
මල් කැකුලූ අග අඩන
පිණී කදුලූ මට දෙන්න
හැමදාම හැර නොයා ලග
රැදුනු මල් සුවද
ඔබ ගන්න
අතීතය මට දුන්නූ
එපා අරගෙන යන්න
හැමදාම මල් පිපී ඵල දරන
වසන්තය ඔබ ගන්න
මේ වචන, සංගීතය ,කටහඩ ආදරේ නිසා තනිවුන ඒත් තමන්ගේ ආදරයට වසන්තයට හිනාවත් එක්ක යන්න ඉඩ දීලා තමන්ගේ ආදර අතීතයත් එක්ක තනිවුන හැමකෙනෙක්ටම භාවනාවක්.
හැර ගිය ආදරයට සාප දෙන , වෛර කරන මිනිස්සුන්ට තව වරක් තමන් මේ කරන්නේ ආදරයමද කියලා හිතන්න වටින ගීතයක්
❤️❤️❤️
Yes
👍
🙏😘😘
ජීවිතේම විනාඩි 3 කින් කියෙව්වා.
සමහර කාල තියෙනවා සුන්දර වුනත් අවිහිංසකව නොයිඳුල්ව බැඳීම් වලට සමු දෙන්න. ලං වෙලා හිටියත් සමහර වෙලාවට අතහරින්න වෙන බැඳීම්
පොඩි කාලේ හර්ශනෙගෙ "සූරිය අරණෙ , ඉරෙන් හඳෙන් " සින්දුවෙ ඉඳල ගොඩක් ලමා ගීත රස වින්ද, තරුණ කාලෙට එනකොට ඔහුගේම මෙවැනි ගීත අහන්න ලැබීම වාසනාවක්❤️🎼
ua-cam.com/video/2Ipem9_wBAA/v-deo.html "den ithin samuganna"karaoke
අනේ දෙයියනේ මගේ ආත්මය කෑ ගහනවා. අපට ඉන්නේ අතලොස්සයි ඔබලා වැනි.
Tharindu damsara කියල එක්කෙනෙක් ඉන්නව එයාගෙ සින්දුත් අහල බලන්ඩ, මාරම ලස්සනයි
Aaaaaaaa ow ai mew channel wala yn nththe
ua-cam.com/video/2Ipem9_wBAA/v-deo.html "den ithin samuganna"karaoke
@@pastorasokajayasinghe2203 කුණු විකුණලා හරි හම්බ කරන්න බලන්නෙ channel කරන අය.
@@WAR_LK
Nis
අතීතය මට දෙන්න.එපා අරගෙන යන්න.හැමදාම මල් පිපී පල දරන වසන්තය ඔබ ගන්න...
ආදරය එහෙමයි..ඒක පරිත්‍යාගයක්..උතුම්ම පරිත්‍යාගයක්...
අතීතය මට සින්න වී වසන්තය නුඹෙ නමට සින්නක්කර වේවා..
🔥🖤🕯️
ඉතින් සමු ගන්න
අවසරයි සද නුබට..
මගේ වෙලා උන් මතක
මට තියා දී යන්න
නුබේ නමින් මා ලීව සුන්දරම පෙම් කවිය
හද පතුලේ රහසේම හඩයි හැමදාම
තරු ගාව අපී මවපු අපෙ වෙන්න පැතූ හීන
බොද උනා අදුරේම මගේ සිතට නොදැනීම
හදවතට සෙනෙහසක් නුබ අරන් ආ දිනය
අදත් මතකයි තාම ඒ පලමූ හමූ වීම
ජීවිතයේ මට උරුම මේ මහා දුක් කන්ද
මා ගාව හිදී වීද මියැදේනා තූරවට ...
ua-cam.com/video/2Ipem9_wBAA/v-deo.html "den ithin samuganna"karaoke
ගොඩක් ලස්සනයි ❤️😔
❤
ගීත රචනය පැත්තෙන් යන්න මල්ලි මේ පද ටික ලස්සනයි ගොඩක්
❤❤
මා සිත සුවපත් කල මනෝචිකිත්සකයක් ඇත්නම් මෙයත් ඉන් එක් ගීතයකි...💕💕💕💕දලදා සමිදු පිහිටයී
සැබෑ පෙම්වතුන් සමුගන්නා දිනක තමන් සතු දෑ බෙදා ගන්නා අයුරු
👍👍👍👍👍😢😢😢😔😔
ua-cam.com/video/2Ipem9_wBAA/v-deo.html "den ithin samuganna"karaoke
හරිම ලස්සන විරහ ගීතයක්.මේවයි සමාජයේ ජනප්‍රිය වෙන්න ඕනේ . ඒත් මෙච්චර වටින මේ වගෙ ආත්මයටම කතා කරන ගීත වෙනුවට පිරිමි ගෑනු වගේ අඬන කිසිම තේරුමක් නැති වචන ගොඩවලුයි මිනිස්සු වැළඳගෙන තියෙන්නේ . කොහොම උනත් අයියට පින් මේ වගේ ලස්සන ගීත අහන්න අවස්ථාව දෙනවට.පොඩි කාලේ වගේම අදටත් ආසම හඬ❤️ආසම ගායකයා❤❤❤
ඒකනං පපුවටම දැනුන මිත්‍රයා. මේක මාරම හඬක්. සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණයකට ලක්වෙලා හිටපු මාව ආයෙත් එදා උන්න ප්‍රේමණීය මිනිසා බවට පත්වුනා.
දැන් ලමයින්ට මේවා අහන්න පින නැ..පින තිවුනත් මේවා අහන් නැ 😌
නවපරපුරේ ඉන්න සුපිරි ගායකයා, 70 / 80 වට වසඟවූ ගායනාවන් ඔබ යාවත්කාලීන කරමින් සිටී. නියමයි, ත්‍රිව්ධරත්නයේ පිහිටයි ඔබට💕
Harima lassanai katahada, gayanaya, thanuwa, pada Tika me okkoma harima lassanai ❤️ ❤️ ❤️
මේ වොයිස් එක ගැන කියන්න වචන නැහැ ඇත්තටම. ඒ තරම් හිත නිවෙන ආදරණීය හඬක්. අපි පොඩි කාලෙත් ඇහුවේ ඔයාගේ සින්දු. තාමත් අහනවා. ඔයා Brand එකක්. Good luck අයියා❤
ජීවිතේ ඉස්සරහට යන්න ඕනෙ නිසා ඕනෙකමින්ම හිතේ අස්සක හන්ගන් ඉන්න එයාගෙ මතක මේ සින්දුව අහද්දි ආයෙම මතක් උනා... කොච්චර රිදුනත් විරහවත් ව්දින්න පුලුවන් දෙයක් කියල මේ වගේ සින්දු අහද්දි හිතෙනවා😢❤❤❤❤❤❤
හරිම ලස්සනයි! සර්ව සම්පූර්ණ ගීතයක්! සුබාවිත ගීතය දිනේවා! සාර්ථකත්වයට හේතුව මගේ මතයට අනුව නම් විශිෂ්ඨ පදවැලයි. ඊටම ගැලපෙන සංගීතය සහ ගායනය. විශිෂ්ටයි!
ua-cam.com/video/2Ipem9_wBAA/v-deo.html "den ithin samuganna"karaoke
මගේ ආච්චිටම කියන ගීතයක් කරලා හැමදාම අඩවනවා,දියබෙරලිය දලු..😥😥
දැන් තව තවත් ජීවිතේ ඉතුරු ටික කතාවක්ට පෙරලා තව අඩවනවා හර්ෂන ඔබ❤
අනාගත අමරදේව ලකුණ වෙනුවෙන් සුභ පැතුම්.
හදවතට කතාකරන්න හැම ගීතයකටම බෑ හැම කටහඩකටම බෑ.. ඔබ නම් සාර්ථයි... මේ වගේ ගීත රස විදින්න ලැබීම... සතුටක්... 🙏🙏🙏❤️❤️
ua-cam.com/video/2Ipem9_wBAA/v-deo.html "den ithin samuganna"karaoke
ලස්සනයි
මොනතරම් මිහිරිද මේ හඬ,පදවැල්,සංගීතය....❤❤❤
පොඩි කාලෙ ඉඳන්ම මගේ හිතේ හඬ...පට්ට සතුටුයි අහම්බෙන් උඹේ කටහඬ මෙහෙම හදවතට දැනෙන නිර්මාණයක් තුලින් අහන්න ලැබුනු එකට.
Sira kthw
ua-cam.com/video/2Ipem9_wBAA/v-deo.html "den ithin samuganna"karaoke
මේ සින්දුව කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ.ඒ තරම් ලස්සනයි.කටහඩ හරිම සංවේදියි🥰❤❤
හරිම ලස්සනයි දැන් තමයි දරැවෝ ඹබගේ ගිත අපට
අහන්න ලැබෙන්නේ ඉදිරියටම යන්න තෙරැවන් සරනයි
🎉🎉🎉🎉🎉🎉
අපේ ස්කූල් එකට ආවා සුගත් සෝමවීර සර්.එදා තමයි දැනගත්තෙ ඒක සර්ගෙ සින්දුවක් කියලා ඇත්තටම මාරම ලස්සනයි ❤හර්ෂණ දිසානායක සර්ගෙ කටහඬත් එක්ක ඒ සිංදුව හදවතටම දැනෙනවා.❤
ශා නියමයි පට්ට ලස්සනයි හර්ෂණ අයියේ සුපිරි හදවතටම දැනෙන්න රිදෙන්නම ෆට්ට 👌💯🎧🖤❤
මගේ මිත්‍රයා සුගත් සෝමවීර ගේ පන්හිද මැවූ අති විශිෂ්ඨ සිත්තමක්. එයට මහේශ් හා හර්ශණ විසිතුරු වර්ණ රටා මුසු කරලා, විශිෂ්ඨයි. දැන් ඉතිං සමුගන්න ❤❤❤❤
ඇයි මේ වගේ සින්දු නාලිකාවල නොයන්නේ උනුත් දාන්නේ මල් සින්දු විතරමනේ... මේ සින්දු ඇහුවොත් සමාජය කොයි තරම් සැනසෙයිද...
Aththmai..
Eka thamai ape rate winasaya kiyanne...kalawa widina minissu dan naha.. hamathanama jara una mini marana samajayak...ahoo..budun wadi ape rate dahama ko ada...
Eka thamai ape rate winasaya kiyanne...kalawa widina minissu dan naha.. hamathanama jara una mini marana samajayak...ahoo..budun wadi ape rate dahama ko ada...
Puta I rember Wikasita Pem Pokuru Pium when listen to you.Thank you Sugsth Malli for your song
ua-cam.com/video/2Ipem9_wBAA/v-deo.html "den ithin samuganna"karaoke
දැන් තියෙන්නේ විලාප.. මේ වගේ ලස්සන පද වලින් දැනෙන හැගීම් හරිම සොඳුරු යි
අවුරුදු 2ක් තිස්සෙ තාමත් අහන සින්දුවක්..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..ඒ feel එක ගැන කියන්න තේරෙන්නෙ නෑ...
හදවතටම දැනෙන පද හඬ.මේ ගිතය අහම්බෙන් දැක්කේ.මේ වගේ ගිත මිනිස්සු අතරට නොයන්නෙ ඇයි දෙයියනේ ❤️
විරහාව යනු විදවීමක් නොව විදීමක් වගත් ස්වාර්ථය නොව පරාර්ථය වගත් තේරුම් යාමට මේ ගීත නූතනයන්ගේ කන වැකේවා...
අද කාලෙ තියෙන අහ්න්න අප්පිරිය සින්දු අතර හිත නිවන කටහඩක් තියෙන ගායකයෙක් නියමයි අයියෙ.good luck
හරිම ලස්සන කට හඩක් ජය වේවා 🙏🙏
මේ තරම් දැනෙනව හිතට .ඒ හැගීම විරහව ලස්සනට ජීවත් කරවනව.හිත කෑ ගහනව....ලස්සන කියල නිම කරන්න බැහැ .ජය වේවා ඔබට
ආදරණිය කටහඩක් තියෙන නිහතමානි ලෙන්ගතු දක්ෂ තරුණ සොදුරු කලාකරුවෙක් ... ඒ හඩ වචන වලට පන දෙනව. සුභ අනාගතයක් මල්ලියා
හැම දාම මල් පිපි පළ දරන වසන්තය ඔබ වෙන්න. හරිම ලස්සන පද රචනය ඊ ටම ගැලපෙන ලයාන්විත හඩ 🤗😘😘😘
එදා වගේම අදත් අහනවා, හැගීම් ගෝඩක, මතක ගොඩක තනි වෙන්වා...
අතිවිෂිශ්ට ගායනයක්, ඒ කටහඩ සුභ පතනවා !🙂🙏♥
Puthe oya mara hadak thiyena daruwek ❤❤❤
මේ වගේ අර්ථවත් හැම අතිනම පොහොසත් ගීත ට්‍රෙන්ඩින් නොවෙන්න තරම් අපේ රටේ මිනිස්සුන්ගෙ රසාස්වාදය පහලට වැටිල කියල හිතෙද්දි හරිම කනගාටුයි 😓
07.03.2024
21:50
💫
අයිතිකරගන්න බැරි වුණත් ආදරේ මං ඔබ නමට ලියලා
යන්න ඕන ම යි කිව්වම ඉඟිලෙන්න තටුත් ඉතින් මං දුන්නා
මඟ නොහැර මඟාරින නුඹේ ඇස් තුළින් මාත් රිංග රිංගා
ඉතින් ආයෙමත් මං තනිකම තනිහිතට තුරුළු කරගත්තා
ජීවිතේ ලස්සන ම පිටු කඳුළකින් සෝද සෝදා
හිස් කරලා අහිතක් නැතුව නුඹේ පොතට ම අලවා
තව දිගට නුඹෙ කතාව ගොතා නිමවන්න කියලා
අතර මඟ මං ඉතින් මගෙ කතාවෙ බලිකුරුටු ඇන්දා
කෑවද බිව්වද ආවද අසමින් නිතරම
ආදරෙයි නොකියා මං ආදරේ කළ හින්දම
අයිතියක් හෝ ඇති කියා ඔය හිත් පත්ලෙම
කඳුළු ගිලගත්තෙ ඇස්වලටත් රහසෙ. නුඹට පෙම් කරපු හන්දම,
අසාධාරණ ම විදියට ආදරේ ඉරනමක අමුණලා
ඇයි ඒ තරම් කඳුළු ම මගෙ නමට පවරලා
හිනාවෙන්නට කවමදාවත් හිනා නෑ පීදිලා
ඇත්තටම ආදරේ මොනවගෙද තව ම නෑ මං නුඹෙන්වත් විඳලා
ජීවිතේ මේක නම් සමසිතින් දරාගමි
ආදරෙත් අහිමි මුත් ඒත් මං දරාඉමි
පාලුවේ ගිනිතියං පුපුගැබම පලාගමි
ඒත් මම ආයෙමත් මතුපිටින් සිනාසෙමි..
සනූ…
පුතේ ,ඔයාගේ ලස්සනම සිංදුව.නිතරම අහනවා.❤🎉
ඇයි මේ සිංදුව මෙච්චරකල් මට ඇහුණෙ නැත්තෙ..දැන් ඉතින් පිස්සුවෙන් වගේ අහනවා ආයෙ ආයෙ ❤️❤️🙏🙏
@sugath somaweera කියලා නිම කරන්න බැරි පද රචනයක්...ඊටම ගැලපෙන කඩ හඩක්...මේ හිත් නිවනවට අනේ පින්...❤️
අනේ ලස්සන ❤️🔥❤️🔥 මේ සින්දුව මේ ළගදි තමා ඇහෙන්න ගත්තේ 🥰🥰🥰
එදා මෙන්ම අදත් ඔබේ සින්දු ලස්සනයි.අපි අහනවා
එදා ඉඳන් ම ආස ම සිංදුවක්... හිත අවුස්සනවා..❤❤
අනේ මේ වගේ ගීත අහන්නත් අපි පින් කරලා තියනවා කියලා හිතද්දිත් මාර සතුටක් දැනෙන්නෙ❤ පද, තනුව, හඬ ත්‍රිත්වය ම මැනවින් ගැලපිලා තියනවා...තව තවත් මෙවැනි විශිෂ්ට නිර්මාණ කරන්නට ඔබට ශක්තිය ලැබේවා
අවුරුදු ගානක්ම අහනවා..අහපු වාර ගාන මතකත් නෑ..ඒ තරම් ආස ගීතයක්...සුබ පැතුම් හර්ශන.තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්නද්
දැන් ඉතින් සමුගන්න
සිනා දෙතොලට ගන්න
දුක් කදුලු සන්තාප
මගෙ නමට පවරන්න
මල් කැකුලු අග අඩන
පිනි කදුලු මට දෙන්න
හැමදාම හැර නොයා ලග රැදුණු
මල් සුවද ඔබ ගන්න
අතීතය මට දෙන්න
එපා අරගෙන යන්න
හැමදාම මල් පිපී පල දරන
වසන්තය ඔබ ගන්න....
වෙන සින්දු වල වගේ ලස්සන verse එකක් ටයිප් කරල යන්න කියල ආවෙ .. එහෙම එකක් කියල නෑ මේකෙ මුලු සින්දුවම ලස්සනයි ❤️
සුගත් සෝමවීර මහත්තයා ..
ඔයාගෙ පද ගැලපීමට කියන්න වචන නෑ...
හර්ශන මල්ලි ඔයා පන දෙන්නේ වචන වලට නෙවෙයි ..
කොහේද තිබුනු කියා ගන්න බැරි හැගීම් වලට.
වචන වලට පන දෙන ගායකයන් ගොඩාක් ඉන්නවා.
ඒ අතර හැගීම වලට පන දෙන්න ඉන්නෙ ඔයා වගේ බොහොම පොඩි ප්‍රමාණයක්... ❤️❤️
One of the best voice in the country... still love those songs you gave us from the childhood...
best of luck brother... we need more and moreeee...
Harima lassnaiii malli..puduma mihiri geethayak..thawa thawath me vage geetha nirmanaya karanna sakthiya dairiya labewaa...theruwansaranaii
කී සැරයක් ඇහුවද මතක නෑ මේ සිංදුව.. ඒ තරම් ලස්සනයි.. ඒ කටහඬ... 💜️ හරිම ආදරණීයයි..
ඔහේ විසිරුණු සිනා මල් පෙති
සිත්තමක් වී දෙනෙත් අබියස
තනි රකින්නට තබා යනු මැන
නෙතින් ගිලිහෙන කඳුළු බිඳු අග...
ලස්සනයි..හදවතින්ම සුභ පතනවා අයියේ...භාවනාවක් වගේ..විරහව වෙෙරයෙන් අෑත් කරලා විරහවටත් අාදරේ කරන්න ලස්සනට කියලා දීල තියෙනවා...
@@youraustralianfriendfromSL ඔව් ...
@@youraustralianfriendfromSL පුලුවන්...👍
@@youraustralianfriendfromSL fb nh mn..
@@youraustralianfriendfromSL 👍
👍
හර්ෂන අයියේ මම අද තමයි ඔයාගේ ගීත මුලින්ම ඇහුවේ. ඔක්කොම ටික ඇහුවා.. ඇත්තටම ගොඩක් සතුටියි. මේ වගේ ගීත අහන්න ලැබුනට.. හිතේ තිබුන ප්‍රශ්න සේරම අමතක වුනා.. බුදු සරණයි ඔයාට🙏❤️
දැනෙන හැගීම වචන වලට පෙරන්න බෑ...හිතම ගොලු වෙලා..😣😣...අතීතය මට දෙන්න එපා අරගෙන යන්න.... හැමදාම මල් පිපී පලදරන වසන්තය ඔබ ගන්න......
අහන අහන වාරයක් පාසා හිත භාවනාවක් වගේ💜️💜️💜️
ඔයාගේ රසිකයෙක් අයියේ මාත් දැන්..කවදා හරි ලංකාවේ මිනිස්සු නැතුවම බැරි ගායකයෙක් වෙයි අනිවාර්යයෙන් 😍🤘
මොනවා කියන්නද දැනෙන හැඟීම කියන්න වචන නැහැ .හර්ෂණ ❤️
හදවත රැඳුණ හැමදාම අහන ලස්සන සිංදුවක් 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹
අර්ථ,ශබ්ද හැම රසයකින්ම පොහොසත් ගීතයක්...ඔබට ජය මිතුර...
මගෙ ජීවිතයේ ත් පළවෙනි ස්ථානයෙ මේ ගීතය තියෙන්නෙ.......❤
මං මේ බලන් ඉන්නෙ මේකෙ track එක දානකං හරියට මල් පෙත්තක් අතගානව වගේ ආදරෙන් මේ ගීතය ගයන්න.....❤❤❤❤
මල් කැකුළු අග අඬන
පිනි කඳුළු මට දෙන්න
හැමදාම හැරනොයා ලඟ රැදුන
මල් සුවඳ ඔබ ගන්න...
ගොඩක් ලස්සන හිතට දැනෙන ගීතයක්.වචන, සංගීතය, ගායනය භාවනාවක් වගේ.
ඔය වගේ සින්දු කියන්නෙම නෑ අනිත් අය.රස විඳින්නෙත් අතලොස්සක් විතරයි.ප්‍රචාරය වෙන්නෙත් නෑ.ඊට පස්සෙ අලුත් මිනිස්සුන්ගෙ රසවින්ඳනේ පහත් වීම හා සමාජෙ පිරිහීම ගැන කතාකරනව.
❤️
මම හිතන්නෙ එයාගේ ප්‍රියතම ගායකයා හර්ශන. අද එයා දුකින්. මට එයා සනසන්න පුලුවන් හැමදේම මම කරනවා. එයා දන්නවා මම එයාට කොච්චර ආදරෙයිද කියලා. අපිට අපිව නැතිව ඉන්න බැරි බව අපි දෙන්නම දන්නවා. මේ වචන මගේ හිතට පිහියෙන් අනිනවා වගේ ඒ තරම් දැනෙන හැගීමක් එක්ක මම මෙහෙම අකුරු කරන්නම්. මේ කෙමෙන්ට් එක ඔයා කියවනවා කියලා මම දන්නවා මැණික. මතක තියා ගන්න එදාටත් අදටත් මම ඔයාට ගොඩක් ආදරේ බව.
🖤🥀😔
ඔබ අගේයි. හැමදාම. 🙏👍♥️
ඇත්තටම ඒ වචනයි කටහඩයි කදුලක් ගේන්න තරම් බලවත් ඒවගේම ඒ සංගිතයත්
හැමදාම මල් පිපී ඵල දරන... වසන්තය ඔබ ගන්න..... 💗💗💗
අපේ පුංචි කාලේ ආසාවෙන් මුමුණපු සිංදුවල අයිතිකාරයා..❤
Adare wedanawa parithyagayakata harawapu puduma lassana geethayak...sinduwakata puluwanda me wage wiraha sith niwanna...budun desu dahamen bidak mehi thiynawada...Harshana...nihadawa thamange gamana yana kalakaruwani...obata sthuthiy...
සුගත් සර්ගේ වචන ලස්සනයි ❤ සර් අපේ ඉස්කෝලයට ඇවිත් කරපු වැඩසටහනින් හොයා ගත්ත ලස්සන සින්දුවක් ❤🎉
කොච්චර ඇහුවත් එපා වෙන්නැහැ ♥️
මල් කැකුලු අග රැදුන පිනි බිංදු දිනිදු රැස් වැටෙන කළ වියැකෙනා සේ මුදු මද සරින් තෙපලනා ඔබෙ ලෙන්ගතු වදන් මසිත සුවපත් කළ තරම් දන්නෙ මගෙ හිත විතරමයි.....
අතීතය මට දෙන්න
එපා අරගෙනයන්න
හැමදාම මල් පිපී ඵල දරණ වසන්තය ඔබ ගන්න
❤️❤️❤️
ගොඩාක් ලස්සනයි..... මාව දාල ගිය මගේ ආදර R මට මතක් වෙනව,ඒ වේදනාව ...ඒ මතක ආයෙත් අලුත් වෙනව අහන හැම වෙලාවකම...සතුටින් ඉන්න මගේ පන...මම තනියම හැමදාම
ඒ පද...හර්ෂන මල්ලී නුබේ හඩ.....ඒ සංගීතය 😍😍😘අපූරූ ප්‍රේමවන්තයෙක්...
අතීතය මට දෙන්න...එපා අරගෙන යන්න...
හැමදාම මල් පිපි පල දරන වසන්තය ඔබ ගන්න....අපූරුයී💙💙💙💙
විදින්න මොන තරම් ලස්සන සිංදුවක්ද මේ 🥺♥️♥️
වසන්තයේ මග ඇහිරුණු,ජීවිතේ කැණිමඩල ගිනිගත්ත හිතකට පිනි පොද වැස්සක් වගේ...
දුක් කදුළු සංතාප මගේ නමට පවරන්න. 😢 පද රචනයයි සගායනයි අති විශිෂ්යි
අති විශිෂ්ඨම නිර්මාණයක්
කී පාරක් අහුවද, ඒත් එපා වෙන් නෑ. ඔහොම කියද්දී කවුරු උනත් සමුගන් නෑ අනේ.
ua-cam.com/video/2Ipem9_wBAA/v-deo.html "den ithin samuganna"karaoke
හරිම ලස්සන සිංදුවක් ❤🎧😌
සුගත් සෝමවීර සර්ගේ පද සන්කල්පනාව ගැන අමුතුවෙ කතා කරන්න ඕන නැහැ 😘💖 ඒ වගේම ඒ පද වලට පන පොවපු ඔබේ කටහඩ 😘😍
දැන් ඉතිම් සමුගන්න...
සිනා දෙතොලට ගන්න...
දුක් කදුලු සන්තාප...
මගෙ නමට පවරන්න...
Painkiller 💔😇
හරිම සංවේදී නිර්මාණයක් ..මට දැනෙන්නේ ආදරණීය සමුගැනීමකට මේ ගීතයෙන් දෙන පණිවිඩය ප්‍රමාණවත් වේවි..
මේ තරම් සංවේදී ගීතයක්........." හැම දාම මල් පිපෙ පළ දරණ වසන්තය ඔබ ගන්න" excellent!! So touchy ⚘
හරිම ලස්සන පද රචනයක් ඒ හඩ නිසා තවත් ලස්සනයි ❤
❤
හැම මාසෙම එක දවසක් තියනවා.මම මගේ මතක පොත් අස්සේ තනිවෙලා හර්ෂණගේ සිංදු අස්සට ගොඩ වෙන..කලින් දවස් වල නොතේරුණ දෙයක් දැන් දැන්නවා.මේ සිංදු සෙට් එකම පිලිවලට ගත්තානම් එක හෙන දුක්බර කතාවක පිලිවලක් වගේමට දැනෙනවා.
හැමදාම අහන්න ආසයි මල්ලි ගොඩක් ස්තුතිය අපි ආයෙත් අතීතයට අරගෙන යනවා
sensitive vibe...heart touching song 🥺❤❤
අතිශය මිහිරි අර්ථවත් පදවැලකට මුසුවූ සංගීතයට,,විශේෂණයක් වූ සුමියුරු ගායනයක්...සුභපතනවා සහෝදරයා