Now you can listen this song on Spotify 👇👇 open.spotify.com/album/1eSJJjUSQcBrcvRmPb02mS?si=8F4MLtXuRXWCiCxkAf38yQ Apple Music 👇👇👇 music.apple.com/us/artist/suvini-sudhasni/1693972107
Mage raththaran thaththa mage panata samai Yana para niwaradi Kara wetena hema witama passen idan eseuwa hemadama Naya geti mama mage thaththata budu baya lebanna pin eti mage thaththa b s
Now you can listen this song on
Spotify 👇👇
open.spotify.com/album/1eSJJjUSQcBrcvRmPb02mS?si=8F4MLtXuRXWCiCxkAf38yQ
Apple Music 👇👇👇
music.apple.com/us/artist/suvini-sudhasni/1693972107
කෙල්ලෙක්ගෙ රූපෙ දිහා බලන්නැතුව ලස්සන වුනත් කැත වුනත් කෙල්ලෙක්ට පිවිතුරු ආදරේ දීපු එකම කෙනා තාත්තා❤️❤️❤️
❤️❤️❤️
🥺❤ අනිවාරෙන්
ඇත්ත 😢
ම්ම්.අනිවාර්යයෙන්ම♥️
👨👧👧❤
දුවෙක්ගේ ලෝකේ එකම වීරයා,එකම අවංක ආදරවන්තයා තාත්තා 🌎😍
බෑණාගෙන් තාත්තාට,,
අම්මලා කුස දරන් විලිරුදා
මැද්දෙලූ,,
පුතු පැටව් ඉල්ලලා කාසි ගැට
ගැහුවලු,,
නොකිව්වට බෝ සෙවනේ දුවෙක්වම පැතුවලු,,
යටි සිතින් ඉල්ලූ මල මට දුන්නේ මෙහෙමලූ,,
තරුවලට එළිය දුන් හිරුත් ඇගේ නුඹයිලු,,
ඈට මං සඳක් වගේ ඈ හෙව්වේ හිරුවලූ,,
පපුව මැද කකියද්දී ඈව
ඉල්ලුවාලූ,,
රෝස මල මට නුඹේ අද දෙන්නේ එහෙමලූ,,
සිංහයෙක් වගේ ඈට හයිය දුන්
අප්පලූ,,
වැහැරුනත් උණුවෙලා නුඹේ දූව රැක්කලු,,
පෝරුවෙදී නුඹගේ ඒ කඳුළ මං දැක්කලූ,,
මට දීලා නුඹේ දූව හොරෙන් නුඹ හැඩුවලූ,,
ගහේ පිපී නුබේ මල අද මටම
හිමිලූ,,
ඉකිගසා සිංහයෙක් මුල්වරට
හැඩුවලූ,,
පෝරුවට නග්ගලා දූවෙක්
දන්දුන්නලූ,,
ඇස් පියන් මමත් නුඹේ දූව රැකගන්නෙලූ,,
පිරිමි හිත් කවදාහරි දියවෙන්නේ ඔතනලූ,,
මට වුනත් තාත්තේ උරුම ඒ
දේමලූ,,
නුඹේ දූගේ කුසින් දූ පැටියෙක් ගෙනෙයිලූ,,
සීයෙක්ව කරලා නුඹ කඳුළ නවතන්නෙලූ,,
මනූ📝
Meka lassanai .....meka wagema
Harima lassanai ❤️
Hugaak lassanai ❤️❤️❤️
Waaau niyamai ara kaviyatama galapenna liyala thiyanw lassanai .
හරිම ලස්සනයි 😍🥺❤️
තාත්තගෙ ආදරේ තමයි ගැහැණු ළමෙක්ට ලැබෙන පූජනීයම ආදරේ❤️🙏
Mage raththaran thaththa mage panata samai Yana para niwaradi Kara wetena hema witama passen idan eseuwa hemadama Naya geti mama mage thaththata budu baya lebanna pin eti mage thaththa b s
අපේ අළුත් ගීතය ""පියවරූ"" රසවිඳපු ඔයලා හැමෝටම ගොඩක් ස්තුතියි.අපේ කලින් ගීත වගේම මේ ගීතයත් ඔයාලා විදින්න ඇති කියලා හිතනවා.ගීතය ගැන ඔයාගෙ අදහස යටින් comment එකක් දාගෙන යන්න.අපි ඉක්මනින්ම ඔයාලගේ comment වලට reply කරන්නම්..
හැමදාම කියනවා වගේ කියන්න තියෙන්නේ ගීතය රස විදලා ඔයලා දන්න හැමෝටම link එක share කරලා දෙන්න.ඒක තමයි ඔයාලට අපි වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම දේ.ඉතිං අපි හිතනවා කලින් ගීත වගේම මේ ගීතයත් ජනගත කරන්න ඔයලා මේ link එක share කරලා අපිට උදව් කරයි කියලා..
ඉක්මනටම අපි ඔයාලගේ comment වලට reply කරන්නම්.එතකන් song එකේ link එක ඔයාලා දන්න හැමොටම share කරලා අපිට චූටි උදව්වක් කරන්න..
හැමෝටම ඉක්මනටම reply කරන්නම්.
තෙරුවන් සරනයි..❤️
..Heena with shashi..
Thanks aiye.❤️
ලස්සනයි
💕💕
ලස්සනයි අයියේ මේකත්😍
Aiye, harima lassanai puluwan nam akkagei nangigei badima ganath danna plz
අද මම දැක්කෙ ඔයාගේ මේ ලස්සනම ලස්සන වීඩියෝ ටික .ඔක්කොම අහුවා එක දිගටම.මේ වගේ ගීත අහලම නැහැ .මගේ ඇස් වලට එන කදුලු නවත්ත ගන්න බැරි උනා මට
දුවෙක් වෙනුවෙන් මහා බරක් හිස මත දැරූ..
සද්දන්ත කුලේ ඇත් රජුන් වෙති පියවරූ...
මගෙ තාත්තා මට නැති වෙද්දින් මට අවුරුදු එකහමාරයි. මට තාත්තව මතක නෑ. ඒත් මේ සින්දුවේ වචනයක් ගානෙ මට මගෙ තාත්තව මතක් උනා. තාත්තා මගෙ ලග හිටියා නම් කියලා හිතුනා. රට වෙනුවෙන් දිවි පුදපු මගෙ තාත්තට උපහාරයක්ම වේවා.🙏🙏 ගොඩාක් ස්තූතියි ශෂී අයියේ. 🙏🙏
🙏💗
💜
උපහාරයක්ම වේවා 🌷🌷
❤❤❤
🙏🙏
කිරි නොමැති තෙත පපුව මැද්දේ
තිබුණි පායා හිරු, සඳු
සෙනෙහසට තව කුමන උපමා
ජිවිතේ දුන් වෙසතුරු
කිසිත් නොපැතූ විසල් රුකකිය
අනුන් වෙනුවෙන් පල දැරූ
තාත්තලගේ ඇහේ පතුලේ
දූලා දැක්කා දෙවිවරු....
ඔයාගේ නිර්මාණය හරිම සංවේදීයි.
මම කවියෙක් නොවුනට මේ සංවේදීකම ඉදිරියේ දුවෙක් විදියට
පුංච් කවියක් ලියවුනා.
ඔබ දක්ෂයෙක්, ඉදිරියටම යන්න
සුභ පැතුම්!!!
උද්දිකාරෝ ආලිංගිත්වා
චුම්බිත්වා පිය පුත්තකං
රාජමජ්ඣං සුපතිට්ඨං
පිතුපාදං නමාමහං.....
♥♥♥♥♥
ගොඩක් අය ගාතාව කියන්නෙ වරද්දලා .
මගේ තාත්තා මේ කියන විදිහේ කෙනෙක් නොවුනත් මේ ගීතය අහද්දී ලොකු දුකක් වේදනාවක් දැනුනා. සංසාරේ කරපු පිනකටයි ඔය වගේ තාත්තාලා ලබන්නෙ. ඒ නිසා පුංචිවත් දුකක් දෙන්න එපා එහෙම දෙවිවරුන්ට. 😥
සිංහල මේ තරම්ම ලස්සනද කියලා විතරයි හිතුනේ...💜💜💙💙
💙💙💜💜
"එක රෝස මලක් හරි ඉල්ලූවා පියවරු" අයියලා තුන් දෙනෙක් ලග නංගීයෙක් මම. උපේක්ෂා සෙව්වන්දී(බලාපොරොත්තුවේ රෝස මල)කියලා නම දාලා මට. මේ සිංදුව අහද්දී මගේ තාත්තා ගැන කියනවා වගේ දැණුනා 🌍💝
මමත් අයියල තුන්දෙනෙක්ගෙ නංගියෙක්
ඇත්ත🥺♥️ තාත්තා කියන්නෙම කවද හරි වෙන කාට හරි අයිති වෙන බව දැන දැනම රතු රෝස මලක් නොතලා හදන ඇත් රජෙක්🌸💕
Ettatama eka beluwama ess walata
Kadulu awa.mokada mamat e ath dekima widapu kenek.mamat mage tattata pana wage adarei.duwek hadala wena kenekta denakota koitaram wedanawak denenna etida.
නොපෙනුන සෙනෙහස.
ගැඹුරුම සෙනෙහස.
උතුම්ම සෙනෙහස.
දැනුනිද සෙනෙහස.
මුවගින් නොපෙනුන.
වචනෙන් නොකිවුන.
හදවත සැගවුන.
දහමකි සැනහුන.
පියෙකුගේ ගුනකද
කෙසේ ලියන්නද
නොදනිමි කෙලෙසද
අකුරු කරන්නද
නෙතගින් හැඩුනා..
කදුලැල් ගැලුනා..
පද වැල් ගැලුනා.
සෙනෙහස දැනුනා.😭😭😭😭
ජාති ජාතින් මගේ පියා මට හමු වේවා.!.🙏🙏🙏
සියලුම පියවරුන්ට බුදුන් දැක නිවන් දකිත්වා.!.🙏🙏
Shashi මං හරි බයයි ඔයාගෙ සින්දු අහන්න, කදුලු හන්ගගන්න බෑ කවදාවත් ඔයාගෙ සින්දු අහද්දි, ❤️
Aththamai math bayai oyage sindu ahanna. Adath mawa adewwa oya
මාත්
Eka aththa...music ekata pawa papuwa ridenawa
ඇත්ත
Saththakinma ow sahodariye,oya hariyatama hari..😥😥
ගොඩක් අය තමන්ගෙ ආදරේ ගැන කතා කරද්දි තාත්තව අමතක වෙනව....ජීවිතේට පිටින් ආපු මිනිස්සු නෙවෙයි තමන්ගෙ තාත්තයි මේ ලෝකෙ කරන්න පුලුවන් උපරිම කැපකිරීම කරන්නෙ.....දුවෙක් ආරක්ශා කරනව කියන දේ ලේසි නෑ....හැම වෙලේම හිතේ ගින්දර දරාගෙන තාත්ත අපිව සැනසුව ....ඒ මුදුන් මුල නැති උනානම් අද මේ තැන නෑ..සියලුම පියවරුන්ට දීර්ගායුශ ලැබේවා...❤️❤️❤️
සෑම පියරජෙක්ටම දීර්ඝායුශ ලැබේවා❣️❣️
අයියේ ඔයාගේ මේ සිංදුව ඇහුවාම මට මතක් උනේ මගේ අම්මාව.හේතුව තමා මන් තව මාස 3කින් කසාද බදීනවා. මගේ තාත්තා රට වෙනුවෙන් රටේ හැම අම්මෙක් තාත්තෙක් දුවෙක් පුතෙක් වෙනුවෙන්ම අපිව දාලා ගිහිල්ලා දැනට අවුරුදු 22ක් වෙනවා. දැන් මට අවුරුදු 24ක්.මාවයි, අයියවයි, නංගිවයි බලා ගන්න මගේ අම්ම්ට තාත්තගේ පඩිය තිබුනා තමා, එත් මේ ලෝකේ දරුවො තුන් දෙනෙක් එක්ක තනි වෙනවා කියන එක හිතා ගන්නත් අමාරු දෙයක් .මගෙ අම්මා ඒ අත්දැකීම වින්දා.ඉතිං අයියේ තව මාස තුනකින් මං බදිද්දී මගේ පෝරුව ඉස්සරහ හිට ගන්න අම්මට වගේම තාත්තට ඉන්නෙත් මට මගේ අම්මා විතරයි.ඒකයි මට මගේ අම්මව මතක් වුනේ.මං හොදටම දන්නවා මං වගේ දූලා මේ රටේ තව ගොඩාක් ඇති.
ඉතිං අයියේ මං ඉල්ලනවා පුලුවන්නම් ඒ දූලගේ අම්මලා වෙනුවෙනුත් මේ වගේ ගීතයක් නිර්මාණය කරන්න කිය්ලා.එහෙම නිර්මාණය කරන්න පුලුවන්නම් ට්ගව මාස 3කට කලින් ඒක කරන්න .මං අනිවාර්යයෙන්ම මගේ wedding එක දවසෙදී හැමෝටම ඇහෙන්න එක කියනවා. පුලුවන්නම් ලොකු දෙයක් .මට reply එකක් අනිවාර්යයෙන්ම දාන්න.
ඔයාගෙ හැම සිංදුවක්ම ඇහුවා. ඒ හැම එකක්ම වගේම මේකත් හිත පතුලටම දැනුනා. ඇත්තටම අයියගේ සිංදු භාවනාවක් වගේ
ඔව්
Thaththek nathuwa mamath daruwo thundenek hadanawa.mata duwala dennek innawa eyalata mkta inneth man vitharai.eyalata wadiya mn adanawa.puluwannam githayak matath ekk .eth me thaththa jiwath welath daruwo dalagiya piyek
Thaththa nethi wela ayurudu 35 gatha unath thamath dukama thama denenne mage thatha mata sakviti raja kenekmai me sansarr mathu ipadena hema wsrems mage thatha magrma wewa thatha nethi sdupafuwa kisima kenekuta pursesnna be
ඇත්තටම ගොඩක් ලස්සනයි අයියේ ඔයාගේ නිර්මාණ හැම එකක්ම බැලුවා ,තව අපි වෙනුවෙන් නිර්මාණ කරන්න
පියෙක් නොවී පියෙක් වෙන්න පුළුවන් කවියෙකුට විතරයි ...
තවත් අමරණීය නිර්මාණයක් ..
ජයවේවා මගෙ මිත්රයො හැමෝටම ♥️♥️
මගේ දුවලා දෙන්නටත් ඉන්නේ ඒ වගේ උතුම් තාත්තා කෙනෙක්..මේ ගීත අහද්දි හිත ඇතුලට දැනෙන හැගීම පිටවෙන්නෙ කදුලු වලින්..සියලුම පියවරුන්ට දීර්ඝායුශ ලැබේවා!!
එයාගෙ වටිනම වස්තුව වෙන කෙනෙක්ට දීලා හිත හදාගන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඒ තමයි "" තාත්තා "".ආදරෙයි 🙏🙏😞😞😞
Sira katawa bn.
Mawa ehema danna mage thaththa naha godak dukai.. ......
ඒකට නම් ඇඩෙනවා
අවුරුද්දකට කලින් මං මේ comment එක දාද්දි මං හිතුවේ නෑ තාත්තා මාව දාලා යයි කියලා...💔
කවදාවත්ම කඳුළු නොපෙන්නා
ලෝකෙටම.....
හිතේ හයියෙන්ම ඇඬුවේ පියවරු.......
දුවෙකුගේ බරක් හිසමත දරාපු...
තාත්තා බුදුකෙනෙකි....
පෙරුමන් නොම පිරූ ❤❤
"නෙලද්දී හොදම මල
ගහක සුවදට තිබූ
මුදුන් මුල හඩන හැටි
දුටුවේ නෑ කිසිවෙකු "
Thaththalae thurulemayi nalaune duwaru...harim lassnyi .good luck aiya 👍👍
තාත්තා කියන්නේ හැමදාම දුවෙක්ගේ ලෝකයේ වීරයෙක් ...
Yek nemei....veeraya...ekkenaie ee thaththa vitaramaie...
"සැර වෙද්දි අම්මලා අතට ගෙන දඬු පොලු...
තාත්තගේ තුරුලෙමයි නැලවුනේ දූවරූ..."❤️😘😭🌸
දගලද්දි දුව දුවා අහසේ සේරම තරු...
හද මිසක තරු වලට රැව්වෙවත් නෑ හිරූ...
තාත්තගෙයි දුවෙකුගෙයි බැදීම කියන්නෙම වචනයෙන් කියන්න බැරි හරිම අපූරු බැදීමක්.❤️ පුංචි කාලේ ඉදන් වෙනස් නොවුනු තාත්තගෙ ඒ ආදරේ මට නම් මහමෙරක්❤️ ඒ බැදීම ගොඩාක්ම දැනෙන දවසක් තමයි විවාහ වෙන දවස. ඇත්තටම පුදුම වචන ටිකක්❤️ හරිම ලස්සනයි 💚
අප්පච්චී..❤️
වසර එකොළහක් අදටත්
නුබ නැතුව ...
පහේ පන්තියේ උන්නු මට
එදා ඉදන්ම
නුබ එන බව මා විස්වාස කලා...
අදටත් එහෙමමයි ..
මාලග ජීවත් වන බව මා දන්නවා ..
ඒ උණුහුම තාම දැනෙනවා ..
දෝණිට අප්පච්චි මුලු ලෝකයක්
❤️❤️❤️❤️❤️
හදවතට කතා කරන අපුරු පැදි පෙලක් ...
ඉදිරියටත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා..!❤️❤️❤️
💛✍️🙏
ගොඩක් සංවේදී උනා 😭😭😭😭❤️ ඇඩෙනවා 😭 තවම ඒ අත්දැකීම නැති උනත් 😭😭
සැරවෙද්දි අම්මලා
අතට ගෙන දඩු පොලු
තාත්තගෙ තුරුලෙමයි
නැලවුනේ දූවරූ😞❤️✊
ඒ විනාඩි කීපය හරි අමාරුවෙන් හිටියේ දෙවියනේ..ඒ වචන නිකම් පපුවට උලකින් ඇන්නා වගේ..වචන ගළපගන්න බෑ ශශික අයියේ.හිත සන්සුන් වුණාම අදහස කියන්නම්..ඒ තරම් ම හිත ඇවිළුණා ඒකට 😥❤️
මියෙන තුරු පියවරුන් හෙව්වලු හීන වල රෑ දූවරූ❤️.ඒක තමයි ලේ කිරි නොව්න පපුවක මහිමය👍👍👍හදවතට දැනෙන අර්ථයක් ලස්සනයි
කවද හරි තමන්ට අයිති නෑ කියලා දැනගෙන හරි අපූරුවට මලක් වගේ ලස්සනට දූවරු හදන දූවරුන්ගෙ ලෝකෙ රජ්ජුරුවෝ තාත්තා🥺🥺❤..පුදුම ලස්සනයි වෙනදා වගේමත්..❤
කිසිදවසක කදුලක් හලන් නැතුව ඔයාගෙ සිංදු අහන්න බෑ.කවදහරි දවසක මගෙ තාත්තගෙ ඒ ආදරෙන් උණුහුමෙන් මිදිල යන්න වෙනවනෙ කියල හිතෙද්දිනුත්.............................😭
තාත්තලාට තියෙන්නෙම වෙස්සන්තර හිතක්.වෙන කෙනෙක් නෙලන බව දැන දැනම, මලක් පරිස්සම් කරන්න අනේකවිද දුක් විඳින පාරමිතාවක්..
ඇත්ත , දුවෙක් ඉන්න හෑම තාත්තා කෙනෙක්ගෙම හිනයක් තමා තමන්ගෙ දුව ලස්සන මනාලියක් වෙන එක. එත් එ හිනෙ ඇතුලෙ කාටවත් වාඩා විදවන්නෙත් තාත්තලාම තමයි.
"තාත්තා" ආදරේ නොකියා මේ ලෝකේ ආදරේ කරන එකම කෙනා.. කවදාවත් ආදරෙයි කියලා වචනෙන් නොකීමුත් හදවතින් මහා ගොඩක් ආදරේ කරන කෙනා.. තාත්තාගේ ආදරේ තිබුණෙම නොකී වචනවල.. කරගැට දාපු අත් කියයි ආදරේ තරම දරුවොන්ට තියෙන.. ලේ කිරි කරලා පොවන්න පුලුවන් උනා නම් ඒකත් කරනවා දරුපෙම වෙනුවෙන්.. මේ සිංදුව අහද්දී මට මතක් උනා පුංචි කාලේ තාත්තා කොහේ ගියත් එනකම් ඉන්නවා එයාගේ ඔඩොක්කුවේ නිදාගන්න.. ඇත්තමයි අයියේ ඔයාට ගොඩක් ස්තූතියි
මව්වරුන් පමණක් නොවේ පියවරුත් මතු බුදු වෙන්නම ඕනේ.. හැම තාත්තා කෙනෙක්ටම දිඝායු වේවා...!!!
🙏🙏🙏🙏
මහාමෙර වැනි බර සිතින් උහුලනා
කදුලැළි සමුදුර නෙතින් සගවනා
දරු දුක උහුලා තනිව වැලපෙනා
බුදු බව ලබනා පියවරු වෙසෙනා...
තාත්තා ඉල්ලපු රෝස මල මං තමයි ඉතින් 😍😍😍
Oyanam......meka පිස්සුවක් wage......ඇබ්බැහි wela inne .....ahana ahana hema sinduwak gane as walata kadulu anawa.....thawath me wage sindu liyanna....ශක්තිය ධෛර්යය lebewa sahodaraya .....❤️❤️❤️
හැමදාම වගේ හිත රිද්දනවා කියලා දැන දැනත් පුරුද්දට අහනවා මග ඇරලා යන්න බැරි කමට. ඒ අහලා අපේ හිත අපිම පාර ගන්නවා ඇස් දෙකේ කදුළු තදකරන්....
❤️️🌼❤️
හරිම ලස්සනයි හරිම දුකයි 😔😔😔 තාත්තලා නැති දුවලාට කොච්චර නම් දුකක් ඇතිද ලස්සනම දිනයේ 😔😔
හීන with shashi වෙත ලියමි...
මම මෙහි ගීත සියල්ලම රස විඳ ඇත. එහෙත් පලමු කමෙන්ටුව දමන්නේ අදය. මින් පෙර ලියා මකා දැමු කමෙන්ටුව අයිති වූයේ "නුවර ගමන"ටය. සමහර ගීත අතර මම විටෙක අසා අත්විඳි වචන පවා එහෙම පිටින්ම තිබුනේය. ඒ වෙලාවට හිතන්නටත් කලින් කඳුලු වැටුනු වග කිව යුතුය. දකින අහන බොහෝ ගීත අතර මේවා ලඟ තබාගන රස විඳින්නට තරම් සුපිරි බවිනුත් එහා ඇති බව කිව යුතුමය.ඇතැම් විටක එකම ආකාරයේ සංගීත රටාවක් ඇති බවක් හැඟුනද ඒ බව මා නොසලකා හැරියේ මට ඇති සංගීත දැනුම අල්ප නිසාවෙනි. මා ඇතුළු මගේ සගයින් සියලු දෙනාම ඔබගේ වචන ගේය පද පිළිබඳ කතා කරති.සංවාද කරති. විශේෂයෙන්ම අගය කරති. මන්ද් යත් ඒ වචන රහ බැවිනි. පපුවේ කොනකටම ගොස් අතීත මතකයක් හාරා බලන්නට ඒ වචන වලට හැකිවූ වාර අනන්ත ඇත. මෙය කියවාවිදැයි නොදැන වූවත් මම මෙසේ ලියා තබමි. ගීත රසය. එක වරක් අසා වචන මතක නැති වූවත් ඇස් පියාගන හිතට දැනෙන හැඟුම සිය පාරක් වුව විඳිය හැකි තරම් රසය. සංගීතයද එසේමය. නොගැලපෙන තැන් දැක නැතුවාම නොවෙය. උදාහරණයක්ට, මෙහි පියකුගේ විලාපය වචනය ගැලපෙනවාද යන්න ටිකක් විතර පැනයක් ඇත. දුක මහාමේරු පර්වතය තරම් වුවත් එහීදී ඇති රසය ශෝකී රසය නොවේය..එය දන්නේ දුව දීග දුන් තාත්තෙක්ය. තවද චන්දරේ ගීතයේ ඇසූ සංගීත මුසු කිරිම මා ඇසූ විශිෂ්ටතම රචනයකි.. ඔබ ඉදිරියේ මගේ අදහස් ගලපන්නට තරම් මම වචන වලින් පොහොසත් නොවෙමි. කෙසේ වුවද මෑත කාලයේ මා දැඩි ලෙස ලෝබ කරන කවි ගීත රචකයන් අතර ඔබ ඉදිරියෙන්ම ඇත.
සංගීත රටා ගීතයෙන් ගීතයට යම් පමනක් හෝ වෙනස් කිරීමට හැකිනම් යන්න සිතුන අවස්තා ඇත. කෙසේ වෙතදු මා අදහස් ප්රකාශ කරනුයේ මාගේ දැනුමේ තරමට බැවින් එහි වරදක් තිබේනම් නොසලකා හරින් මෙන් ඉල්ලා සිටිමි.. ඉදිරි දිනයක මෙයටත් වඩා සොඳුරු සියුම් ගීතයක් බලාපොරොත්තු වෙමි
- දනූ-
මටත් ekama akurakvath adu නැතුව දැනුණා , 😔
🙂🙂
🙏🙂🙂🙏
Oya Hari
Oyata lassanata liyanna puluwan a liyapu tika harima rahai kalathmakai.
දුවෙක් වෙනුවෙන් විතරද, පුතෙක් වෙනුවෙනුත් තාත්තෙක් දැරුවේ මේ මහ බරම තමයි..❤❤
තාත්තගෙ තුරුලෙමයි නැලවුනේ දූවරු 😔🙏💖
💗💗
සින්දුව පටන් ගන්නත් කලින් ම ඇස් දෙක තෙත් වෙලා මුලු ඇඟම හිරි වැටිලා රෝම කූප කෙලින් උනා.. ඒ තරම් ♥️👈 මෙතනට දැනෙනවා..
ආයෙමත් පියබුවා මගේ හිත
ආයෙමත් ඒ දිනට..
වසරක් පිරෙන්න ලග ලගම එන
එ දිනට..
පොරුවේ අබියසට
අප්පච්චි දොනිව දන් දුන්න...👰
සදීප මල්ලියේ උඹේ නිර්මාණ පට්ටයි. දැන් අහන්නෙම මේ සිංදු ටික.
🌹🌹එක රෝස මලක් හරි 👧👧
🌹🌹ඉල්ලුවා පියවරු👨👨
🙂🙂 සද්දන්ත කුලේ ඇත්
🙂🙂රජුන් වෙයි පියවරු ....
ගොඩාරියක් ලස්සනයි ... 💐💐
බොහොම ස්තුති 🙏 🙏
තාත්තාගේ තුරුළේ මයි නැළවුනේ දූවරූ 😍😍😍😥😥😥
ඒක න්ම්ම් ඇත්ත
පුන්චි කාලෙ ඉදන්ම ගොඩාක් ආදරේ කලේ තාත්තිටයි
හරිම ලස්සනයි හැගිම් බරයි
සුභ පතනවා මේ වගේ ගීත නිර්මාණ තව ගොඩක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා 🤗🤗🤗😘😘😘
තාත්තෙක් වෙන්න මට තව ගොඩාක් කල් ඉන්න උනත් මගේ ජීවිතෙත් එක ලස්සන හීනයක් තමයි දුවෙක්ට තාත්තෙක් වෙන එක.
Mageth
ලෝකයක් පිටුපා රිදෙව්වත් හිත රුදුරු ..
මහා පර්වතයක් විය නොසෙල්ලී ළඟ හිටපූ..
ගිනිගහන මද්දහනේ ගිහින් මහපොලව බිදපූ..
අප්පච්චී නුබ වගේ වෙන රජෙක් නෑනෙ මං දැකපූ...❤️🌎
නෑ බෑ නොකියූ දෙන්නයි මේ ලෝකෙ අම්මා ,තාත්තා...ලස්සන සින්දුවක්...මෙවන් නිර්මාණ කිරීමට ආයුබෝවේවා🙏🙏
හිතන්න දෙයක් ඉතුරු නොකර හාල් කෑලි රගන කිසිම තේරුමක් නැති විකාර සින්දු වලින් පිරිච්ච සමාජයට අපූරු වෙනසක් අරන් එන ඔයාලට ගොඩක් පින් මේ වගේ ලස්සන වටිනා නිර්මාණ අදටත් අපිට අහන්න ලබා දෙනවට ගොඩක් ස්තුතියි
අම්මෝ මේ වීඩියෝ එකක්වත් බලන්න බෑ ඇඩෙනවානේ...හරිම ලස්සනයි වචන කටහඩ...👌👌👌නියම වැඩක්
“සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් ඒ බර මට දැනුණේ
මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුණේ”
මට ලැබුන වටිනාම වස්තුව මගෙ අප්පච්චී❤. සියලුම අප්පච්චිලා නිදුක් නිරෝගී වේවා🙏
මේ ගීතයක් නෙමෙයි... මේ තමයි දුවරුන්ගෙයි... පියවරුන්ගේ.... සංසාර ගත සෙනෙහස.... ඇස් වල කදුළු පිරුනා.. දුවෙක්ට කවදාවත් තාත්තා ගේ සෙනෙහස නැතුව බැ වගේම.. තාත්තා ගේ නිහඩ ආදරේ මුළු ජිවිතේ පුරාම ලෝබ නැතුව දෙනවා.. රෑ පුරා හීන වල තාත්තා ලා හොයනේ දුවරුන් තමයි.. හරිම ලස්සනයි... ඔබට තවත් මෙවැනි හදවත ස්පර්ශ කරන නිර්මාණ කරන්න ලැබේවා..
තාත්තගේ තුරුලෙමයි නැලවුණේ දූවරු ❤️❤️❤️❤️
ලෝකේ අහපු ලස්සනම සින්දුව..
මගේ තාත්තට ඉන්නෙ දූවරු 3 දෙනෙක්..33 දෙනාම ඇස් වගේ..
කියන කෙනාගෙ හඩ..ගීතය නිර්මානය කරපු කෙනාගෙ පද සන්කල්පනාව අති විශිශ්ටයි..
බොහෝම ස්තුති..❤
වෙනදා වාගේම ලස්සනයි හීන.තාත්තා තමයි මගෙ ජිවිතේ ඉන්න එකම වටිනාම වස්තුව.මගෙ තාත්තාට වාගේම හැම පියකෙනෙකුටම බුදුසරණයි 💖💖💖
දවසක අප්පච්චි දාලා යන්න වෙන දුක දැනුනා අද ගොඩක් මේ ගීතේ අහද්දි .ආදරෙයි අප්පච්චි .තවත් ලස්සන වැඩක්.
මේක බලද්දි ඇහැට කඳුලක් ආවෙ නැත්තන් ඒ මනුස්සයෙක් වෙන්න බෑ 🥺 අම්මටයි තාත්තටයි එක වගේම ආදරෙයි කිව්වට හිතට එකඟව බැලුවොත් ඇත්තටම දුවෙක් විදියට මම ගොඩක්ම ආදරේ තාත්තට 🙁😪💚
මමත්😔😪😔😪😪😔😪
මමත් ❤️
මමත් ❤️❤️❤️
@@surenishashikala7484 😔😪
වදින්නම් මෙ සිංදු වලට visual නම් එපා
අපෙ හිතෙ මැවෙන වා එක
ඔබට පින්
හැමෝගෙම ලොකේ රජ්ජුරුවෝ තමා තාත්තා... ❤️❤️❤️
ගොඩාක් ලස්සනයි ....
මගෙ දරුවට තවම අවුරුදු දෙකයි
දුවක් ඉන්නේ
මේ සිංදුව අහනකොට මමත් ඒ මොහොතට මුහුන දුන්නා වගේ හිතට දැනුනා
Thanks Shashi
Lyrics වලට
අනිත් ඔක්කොටමත් ස්තූතියි
ඒ අත්දැකීම විද නැති වුණාට 😔 ඒ වචන හදවතටම දැනූණා.. තාත්තා කියන්නේ රජෙක් 😥😢 ❤️😔
Ammoo ahanne kohomda andanne nethuwa aiye..
Papuwa pichchila ynawa e wachana walata.
Godak lassanaiii.
Thnx hemotama😊
දුවෙක් වෙනුවෙන් මහා බරක් හිස මත දැරූ...
සද්දන්ත කුලේ ඇත් රජුන් වෙති පියවරූ.... 🥺❤️
Peethu padam namami kiyana eka pithu..... Lesa viyauthi. Eeka kiwe
Padalangala Dammadewa Swameenwahanse Bana deeshanayakadi. Puluwaninam thawath soyala niwaradi Karanna. Harima apuru geethayak. Jaya💝💐
එක රෝස මලක් හරි ඉල්ලුවා පියවරු...
😍
අම්මා තාත්තා දෙන්න තමා ජීවිතේ අංක එක දරුවන්ගෙ..ලස්සනයි සිංදුව තාත්තා දුව රකිනව හැම මොහොතකම
සද්දන්ත කුලේ ඇත් රජුන් වෙති පියවරූ❤️❤️
දුවරු ඉන්න හැම තාත්තෙක්ම කවදා හරි අත් විදින හදවත පාරන අත්දැකිමක් සුන්දර ගීතයකට අරන්..විශිෂ්ඨයි.. ජය වේවා..❤❤
ඒ පද හිත නිවනවා....❤️❤️තාත්තා කියන්නේ දුවෙකුට කියන්න බැරි තරම් ආරක්ෂකයෙක්.....❤️❤️❤️ගොඩක් ලස්සන ගීතයක්...හැමෝටම සුබ පතනවා කරන කියන හැම කටයුත්තක්ම සාර්ථක වේවා කියා❤️
"එක රෝස මලක් හරි ඉල්ලුවා පියවරූ" හිතට වැදුණ තැනක්! #එහෙමතමා 2021.07.11
එක රෝස මලක් හරි ඉල්ලුවා පියවරු.....👨👧♥
පිය සෙනෙහස කියන්නෙම දූවරුන් හා බැදුනු නිමාවක් නැති නිහඩ සෙනෙහසක්.කිසිදා පද ගැලපිය නොහැකි තරමෙ උතුම් බැදීමක්.
හරිම ලස්සනයි.සුභ පතනවා!👍
තෙරුවන් සරණයි 🙏
Thaththa ge adare nopenena deyak. Ekata sama karanna kisi adarekata baha. E aadare e tharamma pujaniyai. Thaththage wagema ammageth. Adarei mage ammatai thaththatai hamadamath. ❤️
දුවෙක් වෙනුවෙන් මහා බරක් හිසමත දැරු....
සද්ධන්ත කුලේ ඇත් රජුන් වෙති පියවරු...♥♥🥺
හරිම ලස්සන සින්දුවක් තාත්තලගෙ ආදරය හරිම අපූරුවට මේ සිංදුව තියෙයි හදවතටම දැනුනා මේ සිංදු ඇහෙන කොට ඕනම දුවෙක්ගේ ඇහැට කඳුළක් උනනවා සත්තයි එතරම්ම හරි අපූරුවට පියවරුන්ගෙ ඒ අපරිමිත සෙනෙහස මේ කවි හරි අපූරුවට ගැබ් වෙලා තියෙයි තව ඉස්සරහට මේ වගේ සින්දු කරන්න ගොඩක් හොද වැඩක්
මියෙන තුරු පියවරුන් හෙව්වලු හීනවල රෑ දූවරු.... 🥺🙏🖤❤️🌍❤️🖤🙏🥺
Maarai shashi aiye mageth appachchi kynne mage hondama yaluwa.marai harima asawen thamai oyage me lassana wachana ahanne.thawa lassana nirmaana karanna.oyata ශක්තිය දහිරිය ලැබේවා congratulations
උද්ධිකාරෝ ආලිංගිත්වා
චුම්බිත්වා පියපුත්තකං
රාජ මජ්ජං සුපටිත්තං
පීතු පාදං නමා මහං.....!!
....පියවරු.......❤️
_පෝරුව ළඟ ඉකිබිඳින වෙස්සන්තරලගේ විලාපය_
විලි දරන් හතර පස් වතාවක් මව්වරු
බිහිකරත් ඇත් පැටවු සනුහරේ නම් දැරූ
ළං වෙලා මහ රෑට හොර හොරෙන් කොඳුරපූ
එක රෝස මලක් හරි ඉල්ලුවා පියවරු....
දඟලද්දි දුව දුවා අහසෙ සේරම තරූ
හඳ මිසක තරු වලට රැව්වෙවත් නෑ හිරූ
සැර වෙද්දි අම්මලා අතට ගෙන දඬු පොලූ
තාත්තගෙ තුරුලෙමයි නැළවුනේ දූවරූ...
ඇති ඇතී කියද්දිත් මහ රැයෙ විත් සඳූ
නොනැවතී ඇඟෙන් මතු උනා උණු දා බිඳූ
දුවෙක් වෙනුවෙන් මහා බරක් හිස මත දැරූ
සද්දන්ත කුලේ ඇත් රජුන් වෙති පියවරූ....
_බාහුං සහස්ස මභිනිම් මිත සා යුධං තං_
_ගිරි මේඛලං උදිත ඝෝර සසේන මාරං_
නෙලද්දී හොඳම මල ගහක සුවඳට තිබූ
මුදුන් මුල හඬන හැටි දුටුවෙ නෑ කිසිවෙකූ
දන් දිදී දෝතින්ම උකුලෙ උන් දූවරූ
සාදු කිව්වා ඉතින් ඇස් මරන් පියවරූ....
සෙනෙහසින් පිදුව මුත් සඟවගෙන රැකි මුතූ
ඒ තමයි වටින දේ බෙල්ලෙක්ගෙ ළඟ තිබූ
දන් දිදී පිං කළෙත් වෙන්න හෙට මතු බුදූ
මියෙනතුරු පියවරුන් හෙව්වලු හීන වල රෑ දූවරූ...
ඇහැට කඳුලක් ආවා වචන ටිකට..😢❤️
මොනාද කියන්නේ කොහොමද කියන්නේ... හිත නැවතුනා .... භාවනාවක් වගේ. තප්පරේකට පද ටිකෙන් හිත ඈතට ගියේ නෑ... ඒ රසය ... තේරුම් කරන්න විදියක් එන්නෙම නෑ... ඔක්කොම ඇහුවා... නියමයි.......🥰❤❤❤
හදවත පතුලටම දැනෙන ලස්සන පද ගැලපුමක්... 🥺❤❤❤❤ මේ වගේම පෝරුව ලඟදි තාත්තගේ හදවත වචන වලට පෙරලන්න.. 🙏❤❤ තරිඳු අයියගෙ හඬත් එක්ක.. ❤❤❤❤
පියෙකුගේ අගය මට දැනුනදා අතට ආ දිනයෙ මගෙ ලොකුපුතූ...
එදා මගෙ පියා නැහැ හැර ගිහිං දිවි ගමන අතහැරෑ ..
පෙළපතේ නම ගෙනියන්ඩ සිටියාට දෙටු පුතූ..
බිරින්දෑ මගෙ දෝතෙ දියනි තිව් දිනේ මා ලැබුවේම සක්විතී...
දුවෙකුගේ බර දරන පියවරැන් අකමැතී..
දිනය ඒ කවදාද? පෝරැමස්තකය උඩ ඈ අරන් හොරැ යතී..
ඒ දිනේ හඬන්නට මගෙ කඳුළු මදිවෙතී...
ඊට පෙර මගෙ පියා ගිය පාර හොඳවෙතී...
මගේ දුවට ආදරයෙන්..
නම නොකියපු තාත්තගෙන්..
මූනබලං කියාගන්න බැරිදේ සටහන් කළේම..
සත්තයි අම්මපා ඒක කඳුළු මදියි මට අඬන්න..
සැබෑ පීතෘත්වයට සෙනෙහසින් පිදේවා.. 🥺❣️
Monawa kiyannada kiyala therenne. Hadawathatama katha karapu geethayak. Pudumakara lassanak.arthanwitha pada welak. Music, e katahada. Kiyanna wachana ne wishishta nirmanayak.suba pethum 😘😘😘😘
එක රෝස මලක් හරි ඉල්ලුවා පියවරු...❤️
මෙවැනි නිර්මාණ ඉදිරියටත් කිරීමට ශක්තිය ලැබේවා...
මගේ අප්පච්චී❤ මම පෝරුවට නගිනවා බලන්න නෑ කියලා දැනෙද්දි දෙය්යනේ පපුවත් පිච්චෙනවා
මේකත් අනිත් ඒව වාගෙම අනිවාර්යයෙන්ම ලස්සනයි කියල දන්නව කොහොමත්ම👍👍...... බලන් ඉන්නෙ ඉවසිල්ලක් නැතිව😃😃😃... බුදු සරනයි ඔයාලට... තවත් තවත් ශක්තිය ලැබේවා ඔයාලට 🙏🙏🙏........ පපුව ගැහෙනව දැනටමත් ඉවසිල්ලක් නෑ.........💞💞💞💓💓 සුභ පතනවා හදවතින්ම💞💞💞💓💓
Harima lassanai aiye oyata godak pin
විශිෂ්ටයි... ඔබේ ගීත හැම එකක්ම රස වින්දා... එක ගීතයකවත් කදුලු හංගගෙන රස විදින්න බැරිවුනා ... තව තවත් මෙවැනි විශිෂ්ට නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ..!
එක රෝස මලක් හරි ඉල්ලුවා පියවරූ😣❤
හරිම ලස්සනයි .🙏🙏 තෙරුවන් සරණයි සියලු දෙනාටම . සියලු පියවරුන් බෝසත් ගුණ ඇත්තන්මය..
Appachchi❤❤❤❤❤❤❤kiyanna wachana na.harima sanwedi lassana padamaalawak.
හදවත මහ ගොඩක් රිදෙනවා මේක අහද්දි.හැමෝම දැක්කෙ අම්මගෙ වේදනාව.තාත්තාගෙ වේදනාව දැක්කෙ හරි අඩුවෙන්.මේකෙන් තාත්තාගෙ සැගවුණු කදුළුවල බර මහ හුගක් දැනුනා දැනෙනවා දැනෙන්න දුන්නා.හරිම ලස්සනයි භාවනාවක් වගේ.❤❤
තාත්තගෙ තුරුලෙමයි නැලවුනේ දූවරු....💕හැමදාමත් වගේ විශිශ්ටයි මේ නිර්මානයත්💕💕වචන වලට පණ ඇවිත් හදවතේ සක්මන් කරනවා වගේ💕
සෙනෙහසින් පිදුවමුත් සගවගෙන රැකි මුතූ....
ඒ තමයි වටිනදේ බෙල්ලෙක්ගෙ ලග තිබූ...
දන් දිදී පිං කලත් වෙන්න හෙට මතු බුදූ...
මියෙනතුරු පියවරුන්, හෙව්වලූ හීනවල රෑ දූවරූ...... හරිම ලස්සනයි අයියේ
සැර වෙද්දි අම්මලා අතට ගෙන දඩු පොලු...තාත්තගෙ තුරැලෙමයි නැලවුනේ දූ වරෑ...😟💖 ගොඩක් ආදරෙයි තාත්තා...මොන වැරද්ද කරත් හැමදාම ඔයා මාව බේරනවා.💖
Harima lassana. Song. My daughter also married. Last january