Yashodara Kavi - යසෝදරා කවි - Original Song | බිම්බා දේවී - Nipuni Hansika Dharmadasa
Вставка
- Опубліковано 25 гру 2024
- ශාක්‍ය මුණි ධර්ම ස්වාමී ශ්‍රී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සංසාරගත පාද පරිචාරිකාව වූ පාරිශුද්ධ ප්‍රේමයේ ආනන්දනීය මූර්ථිය වූ මහා දේවී යශෝධරාවන්ගේ නිර්මල ශ්‍රී නාමයට උතුම් දෙව් මිනිසුන්ගේ නමස්කාරය වේවා!
පදපෙළ 🙏👇
සුන්දර ඇසළ සඳ බබළන අහස මත
පින්බර දිනක මම අම්මා කෙනෙක් උන
පෙම්බර මගේ පණ නල බඳු සමිද ඔබ
වෙන්වී ගියේ ලොව්තුරු බව සොයන්නට
සංකාසෝක තැවෙනා සිත දරාගෙන
සන්ධ්‍යා වළා රත් පැහැවන වෙලාවට
ඈතින් පෙනෙන හිමවත් පව් තලාවට
එන්නද සමිදුනේ ඉන්නා දිහාවට
සීතල සුළං හිමවත් පව්වේ ඉඳලා
ඇවිදින් වැදුණි සමිදුගෙ සිරිපා සිඹලා
සුපිපිණ සුවඳ මල් කැකුලක් බිම වැටිලා
බල බල හිටියෙ සමිදුන් අද එයි කියලා
තෙද ඔද පතුරනා දඹදිව් කැත් කුලය
සිදුහත් නමින් ධජ නංවා පෑ බලය
ඉර හඳ පවා පරදන ඔබෙ රූ සිරිය
සිහිකර කරා මම ඉන්නේ එන තුරුය
දන්නා නමුත් හැර යන බව යම් දිනක
නැහැ නවතන්නේ ඔබ යන මග කිසි විටක
පිසදා කඳුලු මදහස නගමින් නිබඳ
බල බල හිඳිමි බුදු වී එනතුරුම අද
ශෝකයෙ කඳුළු සමිදුනි නවතාලන්න
රාගයෙ රුදුරු කෙළෙසුන් දුරු කරලන්න
අසරණ සිතට සැනසුම සිසිලස දෙන්න
අම මහ නිවන් සැපගෙන අද මෙහි එන්න
සුසිනිදු කසී සලු හැරදා මෙමා අද
හනසළු දරනවා සමිදුනි මැදුර මැද
ඔබ විඳිනා දුකින් මට හිමි සැප කිමද
කය මැදුරේ නමුදු සිත ඔබ ළඟය අද
යනවිට වංකගිරියට වෙසතුරු නිරිඳූ
මන්ද්‍රී දේවි ආවා වනයට රුදුරූ
සසරේ එනවිටදි අපි එලෙසින් නමුදූ
තනිවම ගියේ ලබනටමද පදවි බුදූ
සව්සත එතෙර කරවන්නට සන්සාරෙන්
දීපංකර මුණිදුගේ බුදු කරුණාවෙන්
මතකද හිමියනේ විවරණ ලැබූ වාරේ
එදිනද සමිදුනේ සිටියේ ඔබ ගාවින්
සසරෙහි හිමියනේ පාරමි පුරන විට
මතකද ඔබට දන් දුන්නා දෙවියව
කිසිවෙනසකින් තොරවම සිත සතුටුවන
බුදු කෙනෙකුන්ට උපකාරය උනේ මම
සිදුහත් මහා බෝසත් හිමිරජාණෙනී
රන් මිණිමුතු ද අගයක් නැහැ සුවාමිනී
ඔබ සම්බුදුව පරදා මරු දයාවෙනී
එතෙරට ගන්න මාව ද ගිනි ගුහාවෙනී
හැම සැප සපිරු සුදොවුන් පිය නිරිඳු කුල
රාහුල පුතුන් සනසා වඩමින් උකුල
සිදුහත් ලොවට අරුතට ඉපදුණු මෙකුල
බිම්බා දේවි මම වෙමි පින් ගඟ උතුල
දරනා ලොවේ හැම යසසින් පිරී ගිය
හැමදෙන හඳුනනා සිදුහත් පෙම්වතිය
භව රැහැනේ බැඳුම් සිඳිනා මගම ගිය
මම වෙමි යසස් හිමි රාහුල මව් තුමිය
ගෞතම මුණිදුගේ සසුනේ වැඩ හිඳිමින්
මරු පරදවා අරහත් බල පතුරවමින්
හඬනා ශෝකහුල් හැම උදුරා දමමින්
බබලමි අම නිවන් පුර සුව සැප ලබමින්
දම් ගගන තලාවේ අම වළා පැතිරුනා
විහිදෙනා බුදු රැසින් මගේ සිත සැනසුනා
ලොව්තුරා බුදුවරුන් පසසනා ගුණ දරා
පිරිනිවන් දුටුව මම කපිලපුර යශෝදරා
මෙම සුගායනය ශ්‍රවණය කිරීමෙන් සිතට දැනෙන නිරාමිස ප්‍රීතිය අතිමහත් වේ.
මෙම සංගීත නිර්මාණයේ සියලුම හිමිකම් මුල් නිර්මාණකරුවන් සතු වෙයි. මෙය ප්‍රතිනිර්මාණය කිරීම මෙන්ම තම නාලිකාවල ප්‍රවර්ධනය වෙනුවෙන් වෙනත් UA-cam හෝ Facebook නාලිකාවල නැවත ප්‍රචාරය කිරීම සපුරා තහනම් වේ..කර්තෘ අයිතින් උල්ලංඝනය කිරීමකි..
Yasodara Kavi - යසෝදරා කවි
පද රචනය - කටුගස්තොට සිරිධම්ම ස්වාමින්වහන්සේ .
සංගීතය සහ නිර්මාණ අධ්‍යක්ෂණය - පමුදිත මානෙල් අංග.
ගායනය - නිපුනි හංසිකා ධර්මදාස.
Lyrics - Rev. Katugastota Siri Damma Himi
Melody, music & produced - Pamuditha Manelanga
Singing - Nipuni Hansika Dharmadasa.
Music instrument player (percussionist) - Sumudu wikasitha Manelanga.
Recording - Tharanga Rathnayake.
Music composition, Mixing & Mastering - Isuru vithanage
Yashodara Kavi audio track by Pamuditha Manelanga©
unauthorized copying, usage, publishing, public performance, hiring, renting, adapting, synchronization, reproduction, broadcasting, editing of this creation strictly prohibited and is a violation of intellectual property law.
Pamuditha Manelanga is the original composer of this song.
All Rights Reserved ©
#yashodarakavi
#bimbadevi
#pamudithamanelanga
2024 කවුද අහන්නේ.....මේක අහද්දි මාර සහනයක් හිතට....බුදුසරණයි...මතු උපදින හැම ආත්මයකම බෞද්ධයෙකු වී ඉපදේවා ☸️ 🙏 😢
2:25 Zzll😅
Eya esema wewa ❤🙏
අපි කොච්චර පිනක් කරලා ඇතිද මේවා අහන්නත්🙏🙏
❤🙏
🙏
අවුරුදු 7කට පස්සේ මගේ කුසට ආ මගේ දරුවා යශෝදරා මහා තෙරුන්ගේ ආශීර්වාද යෙන් ආරක්ෂා වේවා 🙏🙏🙏බුදු ගුණ අනන්තයි
බුදු සරණින් ඔයාට පින්වන්ත නිරෝගී දරුවෙක් ලැබේවා🙏🙏🙏🙏❤❤ ශරීරයට දැනෙන සියලු අමාරුකම් දුරින් දුරු වේවා🙏🙏
මම කතොලිකයෙක් මෙක මම හැමදාම රැට අහනවා... දාහක් ප්‍රශ්න මැද මෙක අහද්දි හිතට කියාගන්න බැරි සැනසිමක් දැනෙනවා...
මෙකේ comment වලින් ඉල්ලා තියෙන හැම ඉල්ලිමක්ම එ උතුම් යශොදරා දෙවියගේ පිහිටෙන් ඒ ඒ අයට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...
තෙරුවන් සරණයි
නිදුක් නිරෝගී චිර ජිවනයම උදා වේවා. අනන්ත වූ බුදු ගුණ බලයෙන් යශෝදරා දෙවියන්ගේ පිහිටෙන් පැතුම් සියල්ලම ඉටු වේවා. 🙏🙏🙏
🙏🙏🙏❤️
Hithata dukak denena hema mohothakama me kawi pela ahaddi puduma senasimak denenne uthum yashodara maharahath thetanin wahanseta mage namaskaraya wewa ❤🙏🙏
එසේම වේවා 🙏🙏🙏
මගේ බිරිද ගැබිනියක්. ඒක මුලින්ම දැනගත්තේ අද. ඒ සතුට මට කියා නිමකල නොහැකියි. අපේ පලවෙනි දරුපැටියා. මම මේ කවිපෙල නිතරම අහනවා. ඒත් අද අහන්නේ අමුතුම හැගීමක් හිතේ තියාගෙන. උතුම් වූ යශොදරා මෑනියන්ගේ පින් බලයෙන් මගේ බිරිදත් මගේ දරු පැටියාවත් ආරක්ශා කර නිරෝගී දරු උපතකට වාසනාව ලැබේවා... සාදු සාදු සාදූ.....🙏🙏🙏
වාසනාවන්ත පින්බර දරු සම්පතක් ඔබ දෙපලට ලැබේවා..! සියලු දෙවියෝ ආශිර්වාද කරත්වා..! තෙරුවන් සරණයි 🙏✨️💐
Budusaranai paththini ammage pihitai❤ thundenatama
🙏
ඔබ වගේ ආදරණීය උතුම් සැමියෙක් ලැබීම ඇය ලද මහඟු භාග්‍යකි❤🙏
🙏🙏🙏🙏
මගේ මේ කුසේ වැඩෙන පැටව් දෙන්නට යශෝදරා දේවීයගේ පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබේවා.. 🙏🙏🙏
මගෙ කුසෙ වැඩෙන පැටියටත් ඔබ තුමියගෙ පැටවුන් දෙදෙනාටත් යශෝදරා දේවියගේ පිහිට ආරක්ෂාව ලැබේවා
Budu sarani prissamin inna
🙏🙏🙏
🙏🏽🙏🏽
බුදු සරණයි ❤
යශෝධරා දේවියගේ පිහිටෙන් මගේ ආදරණීය ආබාධිත සහෝදරයා සුවපත් වේවා
🙏🙏🙏🌸🌸🌸
🙏
Niduk nirogi suwaya labewa voyage Mallita🙏🙏🙏
Namo buddhaya Sadu Sadu Sadu 🙏🙏🙏🪔🌸
🙏🙏🙏
Ikmanatama sanipa wey budu saranay
මම A/L කරන දවස්වල හිත සන්සුන් කර ගන්න,ආතතිය නැති කර ගන්න මේ කවි හැමදාම ඇහුවා.හිතට ලොකු සැනසීමක් සන්සුන් බවක් දැනුනා.දැන් මම medical faculty යන්න ඉන්නේ.
A/L කරන නංගිලා මල්ලිලා හැමෝටම කියන්නේ මේ කවි අහන්න හුරු වෙන්න. ඒක ඔයාලට ගොඩක් වැදගත් වේවි..
❤
Math අහනවා ❤
හරිම sanasimak ❤
ලබන aurudde al karanne ❤
@@NilanthiDammika-q3c All the very best
❤❤
Math අහනවා
මගෙ බිරිදට දරුවා ලැබෙන්න තව මාස දෙකයි. පින්වත් යශොධරා මහ රහත් තෙරණියගේ පිහිටින් දරුවා ලැබෙන මොහොතෙ කිසිදු දුකක් කරදරයක් නොවේවා....
kisi awlk nh
❤
❤❤
🙏🙏🙏
මගේ මල්ලි රෝගාතුරව ඉන්නේ.මගේ මල්ලි ට යශෝදරා දේවියගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා.
ඉක්මන් සුව ලැබේවා.🙏🙏🙏
🙏
ඉක්මන් සුවය ලැබේවා
ඉකමනටම සුවය ලැබෙවා
Budu saranai ikmanata sanipa wenna😢
මමත් මාස 5ක ගැබිනි මවක්.. හැමදාම මම උදේ හවස මේ කවි ටික අහනවා. හිත නිවෙනවා. යශෝදරා උත්තමාවියගේ පිහිටෙන් මගේ කුසේ වැඩෙන කිරි කැටියා නිරෝගී වාසනාවන්ත සියලු අග පසඟයන්ගෙන් පිරිපුන් ලස්සන ඒ වගේම ගුණ යහපත් වාසනාවන්ත දරුවෙක් වේවා!! සියලුම ගැබිනි මව්වරුන්ගේ ප්‍රාර්ථනාවන් සේම මවක් වෙන්න පතන සෑම කාන්තාවකගේම ඒ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වේවා!!! මතු උපදින හැම බවයකදිම මාත් මගේ සැමියාත් පවුලේ සියලුම දෙනාත් බෞද්ධයන් වී ඉපදේවා!!!
පිංවන්ත දරුවෙකු ලැබේවා ❤
ගොඩක් පිං🙏🙏ඔයාගෙත් සිතුම් පැතුම් සියල්ල ඒ ආකාරයෙන්ම ඉටු වේවා!!🙏🙏🙏
තෙරුවන් සරණයි අම්මා
ජේසු පිහිටයි අම්මා මමත් ඉස්සර මගේ මැනික එන්න ඉද්දි ඔක ඇහුවා තාමත් අහනවා මගේ මැනික ඇවිල්ලා දැන් ලබන මාසෙට අවුරුද්දක් වෙන්නත් එනවා එයාව තාම නිදි කරන්නේ ඕක දාලා ❤
නිදුක් නීරෝගී වාසනාවන්ත දරු උපතක් සිදුකිරීමට ඔබට වාසනාව,ශක්තිය,ලැබේවා...සම්මා සම්බුදු සරනයි❤❤❤🙏🙏🙏
මම 2026 අවුරුද්දෙ A/L විභාගයට පෙනී ඉන්න සිටින දරුවෙක්..මට ඕන හොද ගුණ යහපත් වෛද්‍යවරියක් වෙන්න.මිනිස්සුන්ව සුවපත් කරන්න සිතිනුත් කයෙනුත්. මගෙ අප්පච්චි කොවිඩ් වසංගතය නිසා අපි අතරින් නික්ම ගියා.එදා මට අප්පච්චව බේර ගන්න බැරි උනත් ඉදිරියේදි මෙවැනි රෝගවලින් දහස් ගනන් මිනිස්සුන්ව මුදවා ගැනීමයි මගෙ උත්සහය.
තවද අප්පච්චි මේවෙද්දි ජීවතුන් අතර නොහිටියත් ඔහුගෙ බලාපොරොත්තු ඉශ්ට කරන්න මට ඕන.ඒ වගේම මගෙ අම්මා ,එයා නිසා තමා මම හැමදේම දරාගෙන ජීවත් වෙන්නෙ. අම්මයි අප්පච්චියි මුලු ලෝකයම වුනු මට මගේ සියලු අරමුණු සියලු බලාපොරොත්තු ඉශ්ට කර ගැනීමට හැකි වේවා..!! මගෙත් අම්මගෙත් සියලු අපල දුරු වී සතුට සැනසීමම ලගා වේවා , සිත එක්තැන් කර ගනිමින් මගේ අරමුණ කරා ලගාවීමට මට හැකිවේවා !!
රෑට නින්දට යන්නෙ මම යශෝදරා කවි අහලයි.මට ඒක ලොකු සැනසීමක්. මගෙ වගේම ලෝකවාසි සියලුම දෙනාගෙ බලාපොරොත්තු ඉටු වේවා !! සතුට සැනසීම උදා වේවා..❤
නංගී මම ඔයාව අදුරන්නේ නම් නෑ.ඒත් ඔයාගේ කතාව මට ගොඩක් හිතට වැදුනා.මමත් A/L කරන ද්වස්වල පුරුද්දක් විදියට හැමදාම රෑට මේ කවි ඇහුවා.දැන් මම වෛද්‍ය ශිෂ්‍යාවක්. තාමත් මේ කවි අහනවා. ඉතින් ඔයාගෙත් හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙලා වෛද්‍යවරියක් වෙන්න ලැබෙන්න කියලා මම හදවතිනම සුබ පතනවා.බුදු සරණයි!!
@@SanyanaSithumini ඔයාට ගොඩක් ස්තූතියි අක්කෙ. මගේ හීනෙට ලගා වෙච්ච කෙනෙක්ගෙන්ම මෙහෙම දෙයක් අහන්න ලැබිච්ච එක මට ලොකු හයියක් ඒ වගේම වාසනාවක්. අක්කගෙත් සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා..හොද වෛද්‍යවරියක් වෙන්න.මම අක්කට සුභ පතනවා.🥰බුදු සරණයි !!
Ow matath me Kavi Pela ahadhdhi hitha mara vidihata nivenawa ape budu rajanan vahanse siyalu sapa sampatha
Haradala awe api venuwe ui ayi me minissu varadi karanne ayi hadenna Barida sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@AdAnusha🙏🙏🙏❤❤❤
🙏❤️
මේ කවි අහලා හිත උණු වෙන්නේ නැත්තම් ඒ මනුස්සයෝ නෙමේ 🙏
ගායනා කරන කෙනාගේ සංසාරේ පිනකට ලැබුන කටහඬක් මිනිසුන්ගේ සිත මොහොතකට හරි සැනැසීමක් ලබාදෙන්න පුළුවන් ඒ පිනෙන්ම ඔබට සංසරේන් එතරවෙන්න මාර්ගය පෑදේවා🙏🙏🙏
මට මම සිදුකරන පාඩම් වැඩ සාර්ථක කරගැනීමටත් මගේ මතක ශක්තියත් වැඩි වේවා!!!! යශෝදරා මෑණියන්ගේ පිහිටයි !!!!
මුස්ලිම් උනාට මගේ හිත ගොඩාක් නිවපු තැනක් තමා මේ කවිය ඒ වගේම මන් ගොඩාක් ආදරේයි බුදු දහමට මොකද මගේ ජීවිතේ..ගොඩාක්ම මගේ හිත නිවුන තැනක් තමා අනුරාධපුරය උඩමළුවේ... එදා ඉඳලා මන් බුදු දහමට ගොඩාක් බැඳුනා ඒ වගේම බුදුන් වඳිනවා.... මේ ලෝකේ හැම ආගමක්ම ලස්සනයි අපි..බලන විදිහෙන් තමා ඒක තීරණේ වෙන්නේ.......බුදු සරණයි...අල්ලහ් දැවි පිහිටයි...♥️
🙏
Aththatama oyage me comment eka dkke ada ..aththatama eka dnenna one thmnge hdwthta
ඇත්තටම ගොඩක් ස්තූතියි 🥺😍 මන් බුද්දාගම හැම ආගමක්ම එක වගේ ගොඩක් පින් බුදු සරනයි අල්ලහ් දෙවි පිහිටයි ❤️❤️🩹 මාත් හැම ආගමක්ම අදහනව 🥺🌹
Respect you a lot 🙏🙏🙏🙏🙏
❤️🙏
ඇත්තට මම හරි වාසනාවන්තයි බෞද්ධ ආගමෙ ඉපදෙන්නෙ...
මට අවුරුදු 17 යි...මේ කවි අහලා යශෝදරා දේවියට පහන තියලා වදිනවා...මට එදා ඉදන් ප්‍රශ්න ආවෙ නැ...මට අනවශ්‍ය හැගීම් එන්නෙත් නැ...ඉගන ගන්න ආසයි...මගෙ රූපෙනුත් මම ගොඩක් ලස්සන උනා...
ඇත්තටම මම හිතන්නෙ ඒ තමයි යශෝදරා තෙරණියගෙ ආශිර්වාදය...
Khmada oya වදින තැන හදලා තියෙන්නේ . මටත් ආසයි යශෝදරා දේවියට වදින්න
පිලිමයක් තියෙනවද ඔයා ලග, බුදුරජාණන් වහන්සේ ලගමද තියලා තියෙන්නේ පිලිමේ
මම මුස්ලිම්......
මම මේ දේ ගැන දැනගෙන හිටියේ නෑ ඒත් මම මේ ලඟදි UA-cam එකට ආවට පස්සේ අහම්බෙන් මේ කවි පෙළ දැක්කා.... මේ කවිය ඇහෙන කොට හිතට මහ පුදුමාකාර සැනසීමක් දැනෙන්නේ... ඒ දැනෙන සැනසීම මෙහෙමයි කියලා කියන්න බෑ 🥺❤️ දවසෙම තියෙන stress එක මේ කවිය ඇහුවට පස්සේ නැති වෙලාම යනවා.... දැන් මම හැමදාම නිදාගන්න කලින් මේ කවි පෙළ අහනවා... මම ගොඩක් ආදරේ බුදු දහමට ❤️ ඒවගේම හැම ආගමකටම ගරු කරනවා.... මම බුදු දහමට හුඟාක් ළඟයි... මම බුදු දහම අදහනවා...මේ ලෝකෙ තියෙන හැම ආගමක්මකටම එක වගේ ගරු කරනවා... එහෙම තමා මගේ අම්මා මට පොඩි කාලේ ඉඳන්ම කියා දුන්නේ.මම කවද හරි දවසක මගේ ළමයින්ටත් කියා දෙන්නේ ඒ දේම තමයි... කවදාවත් කිසිම ආගමකින් මනුස්සයෙක්ව වැරදි පාරක යවන්නේ නෑ... හැම මනුස්සයෙක්ම අපි වගේ හිතුවනම්🥺 මේ ලෝකේ ජාතිවාද, ආගම් වාද, කුලභේද මේ කිසිම දෙයක් නැහැ...
මට අන්තිම පාරට කියන්න තියෙන්නේ,
මම බුදු දහම හුඟාක් විශ්වාස කරනවා
. මම බුදු දහම අදහනවා
. මම බුදු දහමට ගොඩක් ආදරෙයි❤️
❤❤❤❤❤❤❤❤❤
❤❤❤jiwithe harima keti api ragayen welila🥺❤Minissu hamoma ..බුදුන් වහන්සේ vitharai siyalu thanha raga nathi karagena budda une 🥺❤
තෙරැවන් සරණයි
❤
බුදු සරනයි
අනෙ මගෙ නැති උන දරුවන් නැවත මගෙ කුසෙම ඉපදෙවා ... එවන් දුකක් කාටවත් අත් නොවෙවා 😭😭
ඉක්මනින් පින්වත් දරුවෙකු ලැබේවා ..🌸🌸🌸🌸🙏💗 තෙරුවන් සරණයී අක්කා
Hitha hadaganna me loke jiwath wena api apita puluwan sema awasthawakadima pin daham karanna kisima kenuku samaga waira krodaya ethi nokara ganna oyata me athme pin madi kamak tiyenna ethi namuth me oyata lebi ethi manusha athmaya godaak watinawa manda me manusha athmaya tharam pin daham karaganna puluwan thawath athmayak netha deviyantath wada me manusha athmaya uthum lesa salaka A anuwa jiwath wanna
Jesu pihitai oyata ikmanin daru gebak bihi wewa nirogi thejanwitha daruweku bihiwewaaaa
May ur wish come true!
එහෙමම වෙයි ඔයාට❤❤
යසෝදරා දේවියගේ පිහිටෙන් මගේ ආබාධිත පුතු සුවපත් වේවා.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
ඔබේ පැතුම ඉටුවේවා. බුදු සරනයි.
Ikman suwaya labewa pututa
Pinwath yashidara maniyange pihiten mage raththaran putha abaditha thathwayen midee suwapath wewa.nirogee suwayama labewa
Ikman suwaya labewa budu sarani 🙏🙏
Ikman suwaya labewa🙏🙏
මට අව්රුදු 19යි.ඒත් මේ කවිය අහලා මේ ජිවිතය කලකිරුනා.මං මහණ වෙනවා.සාදු සාදු සාදු යසෝදරා මහා රහත් තේරණියණී.තුන්ලෝක වාසි සැමට නිවන් සුව ලැබේවා. ඒ වගෙම මේ කවිය කියන නැන්දාටත් ගොඩක් පින් ලැබේවා.🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
නිවන ලගාවේවා
මගේ කුසේ වැඩෙනා මගේ දූ පැටියාට යශෝදරා මහරහත් තෙරණියගේ පිහිට ලැබේවා..වාසනාවන්ත මොහොතක මගේ දරුවා බිහි කරන්නට මට හැකි වේවා..නීරෝගී සත්ගුනවත් සත්පුරුෂ දරුවෙකු මෙලොවට බිහි කරන්නට හැකි වේවා... සාදු සාදු සාදු
Siyalu yaha prathana ishta wewa 🙏🙏🙏🌼🌺
❤❤
Budusarani❤️
❤
බුදුසරනයි ඔයාගෙ ප්‍රාර්ථනාව ඉක්මනට ඉශ්ට වෙන්න කියල ප්‍රාර්තනා කරනව
මගේ කුසේ වැඩෙන පින්වත් දරු පැටියා නිදුක් නීරෝගී සමාජයට වැඩදායී දරැ පැටියෙක් වේවා. මා මෙන් සියලු මවුවරුන්ට මෙම කවි පෙල ආශීර්වාදයක් වේවා.
තුණුරුවනේ සරණයි ඔබටත් චූටි පැටියටත්.
බුදුසරනයි ඔයාගෙ ප්‍රාර්ථනාව ඉක්මනට ඉශ්ට වෙන්න කියල ප්‍රාර්තනා කරනව
බුදුසරනයි ඔයාගෙ ප්‍රාර්ථනාව ඉක්මනට ඉශ්ට වෙන්න කියල ප්‍රාර්තනා කරනව
Thunuruwan saranai………..
❤ බුදු සරණයි
මගේ මහත්තයා මාවයි දුවවයි දාලා ගියා... එයා යද්දි දුවට මාස පහයි.. යශෝදරා මහ රහත් තෙරණියගේ පිහිටින් මට ශක්තිය ලැබේවා සමාජෙට යහපත් දුවක් දායාද කිරීමට මට ශක්තිය ලැබේවා... 🙏🙏🙏🙏 ඔයාලත් මගේ පුංචි දෝණි මැණිකට ආශිර්වාද කරන්න 🙏
anantha uu budu ganawala mahimen obath obe diyaniyath siyalu karadara walin midewa 🙏
Siyaluma karadara badakajayagena idiriyata yamata obata obage diyaniyatath ..shaktiya dairya labewa.....
ඔයාලා සතුටින් ඉන්න..
❤❤❤❤Budusaranaiii
oya koheda
ඇත්තටම මුස්ලිම් කෙල්ලක් වෙලා මං සතුටු වෙනවා ❤ මේ කවිය අහනකොට හිතට සතුටක් දැනෙනවා❤❤❤❤ අල්ලාහ් දෙවි පිහිටයි........ සම්මා සම්බුදු සරණයි......
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
🙏
යශෝදරා මහ රහත් තෙරණියගේ පිහිටෙන් මගේ කුසේ වැඩෙන දරු පැටියා නීරෝගී,පින්වන්ත,බුද්ධිමත්,ලස්සන දරු පැටියෙක් වේවා..🙏🙏
🙏🙏🙏
තෙරුවන් සරණින් යශෝදරා මෑණියන්ගේ පිහිටෙන් පින්වන්ත දරු උපතක් සිදු වේවා.. ඔබත් දරුවවටත් යශෝදරා තෙරණියගේ ආශිර්වාදයෙන් ආරක්ෂා කරත්වා.🙏❤️
@@hishanikaushika535 godak pin obata 🙏🙏
🙏🙏🙏🙏
❤
යශෝධරා මෑණියන්ගේ පිහිටෙන් මට අහිමි උන මගේ රත්තරං දරැවෝ දෙන්නා නැවත මාගේ කුස තුලම පිලිසිද ගනිත්වා. ඔබෙත් මගෙත් කිරිසිහිනය සැබෑ වේවා❤❤❤
සාධු සාධු සාධු...එය ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ වෙන්න ඕන..
🙏🙏🙏🙏
ඔබගේ එම ප්‍රාර්ථනය අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා සොයුරිය
❤
Budu Saranai oyata kiri sihinaya sebe wewa sadu sadu sadu 🙏🙏
බෞද්ධයෙකු වී උපන් මේ ආත්ම භාවයේදී මා හට බොහෝ පින් දහම් රැස් කිරීමට හැකි වේවා . මාගේ සිත තව තවත් පින දහමට ම යොමු වේවා🙏💫
ඒ බලාපොරොත්තුව ඉෂ්ට වේවා! 😊
❤
❤ඒ බලාපොරොත්තුව ඉටු වේවා❤❤
Mage pathumath eka
යතාර්ථය අවබෝධයෙන් දකින ඔබ වැනි අය මෙ මහපොලොවෙ විරලය ...පිනට ඇති දැඩි කැමැත්තද සසර තව දික්ගස්සනු නොඅනුමානය .තෙරුවන් සරණයි
මම බැදලා මහත්තයගෙ ගෙදර ගියපු මුල් කාලේ හැමදාම එය උදෙට මට මේ කවි පෙල අහන්න දෙනවා.. එයා එහෙම කලේ මම හොද භාර්‍යාවක් කරන්න කියලලු.ඇත්තට එක සත්‍යයක් .. මේ කවි පෙල හාස්කමක් වගේ.. හිතම නිවෙනවා..
කොල්ලෙක් වෙලත් ඇයි හැමදාම රෑ නිදාගන්න කලින් මේක අහන්න හිතෙන්නේ 🥲. මාර ලස්සනක් හැගීමක් වචනවල තියෙන්නේ. ❤️
පෙර පිනට වෙන්න ඇති කොල්ලෙක් වෙලත් උතුම් යශෝදරා දේවියගේ ගුන වැයුම අහන්න හිතෙන්නේ...
Kollek welath kiyanna epa pirimi ape hith godaaak sanwediy
මේ දැන් රෑ 12.30 මගෙ කාමරේ මේ කවි දාලා තියෙන්නෙ.....ඔලුව සැහැල්ලු වෙන ගතට සහනයක් දැනෙන පින්වත් කවි පන්තියක්
Oyage pina ඒක❤
මමත් උදේ අනිවාරෙන් අහනව 😇❤️
උපදින සෑම ආත්මයකම මේ උතුම් නිර්මල දහම ශ්‍රවනය කිරීමට ලැබේවා.මට අවු 19. මම පාඩම් වැඩ ඉවර වෙලා යශෝදරා කවි පන්තිය අහනවා .මගේ වගේම සියලු දෙනාගේම බලාපොරොත්තු ඉටු වේවා.බුදු සරණයි..
mta 18i akke mth ada idan patan gatta🥰🥰
Matath 19යි 😊 මාත් පාඩම් කරලා ඉවර වෙලා අහනවා🥰
math mtath oyge wayasamai😊
Math ehemai🥰
Matath 19i math hamdam ahnaw❤
අනේ මටත් දරුවෙක් නෑ දැන් අව්රුදු 8 නොකරපු දෙයක් නෑ.යශොදරා මෑනියන්ගේ බලයෙන් මට මවක් යන උතුම් පදවිය ලබන්නට ඉක්මනින්ම හැකි වේවා.මට ආශිර්වාද කරන්න පින් ගොඩක්.මම ගොඩක් මානසික වැටිලා ඉන්නේ.ඉක්මනින්ම පින්වත් දරුවෙක් මගේ කුසේ පිලි සිද ගනීවා.🙏🙏🙏🙏🙏
Dr විෂ්ව මාතාවට ස්තුති කරන ගමන් විෂ්වයෙන් ඉල්ලන්න
කිරි සිහිනය සැබෑ වේවා...!!!
බුදු සරණයි ඔයාට....කිරි සිහිනය සැබෑ වේවා❤ 🙏
කිරි සිහිනය සැබෑ වේවා . බුදුසරණයි ඔයාට ❤️🩹
oyage e illima yasodara theraniyangen balen itu wenwa ❤️😍saha mn prarthana karanawa❤️
යශෝදරා මෑණියන්ගේ පිහිටෙන් මට මගේ විබාගය ගැන සතුටු දායක පුවතක් අසන්න ලැබේවා සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු
මේ කවි රචනා කළ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
සාදු
කවුද උන් වහන්සේ.නම දන්නවද.තෙරුවන් සරණයි 🙏
යශෝදරා තෙරණියගේ ආනුභාවයෙන් මගේ කුසේ ඉන්න දරුවා නීරෝගී වේවා .හැම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනේ ඉටු වේවා. සාදු සාදු සාදු ...
මම මාස 7ක ගැබිණි මවක්... ගොඩක් ආසාවෙන් මේක අහන්නේ... හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ... යසෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා!!!!
Theruwan Sarani soyuriya obata!!!🙏🙏🙏
nirogi දරු පැටියෙක් ලැබේවා
🙏🙏🙏🙏🙏.🙏🙏🙏
🙏🙏❤
බුදුසරණයි ❤️
මා විසින් rakinnata උත්සාහ දරන ඒ babasara සීලය මිය යන තුරුම මා හට ආරක්ෂා කර ගැනීමට මා හට යසෝදරා දේවියගේ ආශීර්වාද ලැබේවා සාදු සාදු සාදු
අපේ අම්මා අප්පච්ච් දාල යද්දි මන් ස්කොලේ 1 වසරේ. නන්ගි ගොඩක් පොඩි. අද මට අවුරුදු 20 ක් නන්ගිත් ලොකුයි. අම්මා තනියම තමා අපිව බලා ගත්තේ. ඒ විතරක් නෙවෙයි එයා තනියම ගොඩක් දියුණු වුනා. අද හැමොටම වැවිය අපි හොදට ඉන්නවා. ඉතින් මගේ අම්මාත් සියල්ල දරා ගන සිටි යශෝදරාවක් ❤️🥺
ඔයාගේ අම්මා ශක්තිමත් කාන්තාවක්. මගේ අම්මත් එහෙමයි එයා අපි වෙනුවෙන් දරාගන්න තියෙන හැම දුකක්ම දරා ගත්තා. එහෙම අම්මලා ලැබෙන්න අපි කරපු පෙර පින් නිසා මතු ආත්මයෙත් මගේම අම්මා මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
❤
❤
Mage ammath uthum kanthavak awrudu asunavayk me pin balen deergau weeva
❤😊
හෙට A/L exam මුහුණ දෙන්න මාන්සික සන්සුන් බව ඇති කර ගන්න. මම අද මේ කවි අහනවා. පුරුද්දක් විදියට මම දිගටම මේක ඇහුවා. මේක නම් භාවනාවක්...
හෙට දින උ.පෙල විභාගයට මුහුණ දෙන සියල්ලන්ටම තෙරුවන් සරණින් ජයක්ම ලැබේවා!!!!
මන් මේ කවි අහන ගමන් පාර්තනා කරනවා මේ මොහොතේ ආදරේ නිසා කවුරුහරි දුක් විදිනවා නම් ඒ හැම දෙනාගෙම හිත් සුවපත් වේවා !!!!
Ane pin man tama negitan mahattaya bonn parti hemadama daruwa ekk mm gdr taniyama man hemadama adan taram mtaat hitagann be eterm dukak man vidinawa mn kara pai nisa daruwat dukin 😢
@@savindukavishka1977 duk wenna epa .jiwethe ta kohomahari muhuna denna oyt puluwan... Hoda dewal krann hoda dewal prarthana kranna puluwan hama welawema .....oyt puluwan
Hitha watila thiyn welwe sanasimak hoyagena awe me kavi ahnna 🤍
ස්තුතියි 🙏💐
🥺😔🙏
මතු ඉපදෙන හැම ආත්මයකම බෞද්ධයකු වී ඉපදේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏
අඬෙන්නේ නැතිව අහන්න බෑනේ!
මුළු සක්වලට ම හිටිය ශ්‍රේෂ්ටම කාන්තා රත්නය ඇයයි!
තෙරුවන් සරණයි !
අහන අහන වාරයක් පාසා කදුලු උනනවා ඇස් වලට ❤️🙏
🙏🙏🙏🙏
මම අවුරුදු 5ක් වගේ ඉදන් හමේ රෝගයකින් පිඩා ව්දිනවා මගේ ඇගේ සැරවා ගෙඩි දනවා මන් ගොඩක් පිඩා ව්දිනවා ගොඩක් මනසික වැටිලා ඉන්නේ යශෝදරා මැනියන්ගේ පිහිටේන් මගේ ඇගේ මේ ලෙඩේ නිට්ටවට සුව වේවා
🙏
🙏
නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා❤
නිදුක් නීරෝගී සුවය ලැබේවා!🙏
ඔබ ඉක්මනින් සුවපත් වේවා🙏
යශෝධරා දේවියගේ සත්‍යානුභාව බලයෙන් මතු උපදිනා හැම ආත්මයකදීම මා බෞද්ධයෙකු ව ඉපදේවා...🙏😊 මගේ අම්මා තාත්තා මල්ලි මම ඇතුළු පවුලේ සැමටත් ලෝක වාසී සැමටත් යශෝධරා දේවියගේ පිහිටෙන් සැනසීම උදා වේවා...🙏🌸🌹💐
මම ප්‍රාර්ථනා කරන්නෙ යශෝදා මෑනියන්ගෙ පිහිටෙන් මගෙ බිරිඳ විදින දුක් කමිකටලු නැසේවා යහපතක්ම වෙිවා..සියලුම ලෙඩදුක් නැසේවා.
එසේම වේවා❤
සුවපත් වේවා ❤
සුවපත් වේවා!
රාගයක් නොමැත ආදරය පලක් නොමැත කියන මිනිසුන්හට හොදම උදාහරණයක් උතුම් ඌ යශෝදරා දේවිය 😊💯
👏❤️
🙏🙏
❤️🙏🙏
එකෙන්ම..
යශෝධරා දේවිය යනු හුදෙක් අන්ධ බාල පෘතග්ජන මානසිකත්වය ඉක්මවු උතුම් ස්ත්‍රී රත්නයක් ඇය සහ සිදුහත් කුමරු අතර පැවතියේ රාගයක් නොව අසීමිත ආදරයක් කරුණාවක් භක්තියක් වචනෙ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් ආදරයක් අද කාලයේ මිනිසුන් ආදරය කියලා දකින රාගය කියන මුලාව නෙවෙයි. එහෙම හිතුවොත් ඒක ඇයට කරන අපහාසයක්
යශෝදරා මැනියන්ගේ පිහිටෙන් මිහිපිට ගැහැනු දරුවෝ රැකේවා 🙏
Yashodara deevi pihitai
යශෝදරා මෑණියන් පිහිටයි
❤
❤❤
😂 මෙච්චර ගොන් ai😂 ලංකවේ un
මේ ටික ඇහිලා මෙතරම් සැනසීමක් දැනෙනවා නන් .අප මහ බෝසතානණ් වහන්සේගේ දෙසු ධර්මය සරණ යන්නේ නම් අපට කොතරම් සැනසීමක් දැනෙයිද🙏🙏🙏🙏🙏😌🪷🪷🪷
මේ පින් බලයෙන් අවුරුදු 6ක් එක් තැන සිටින මාගේ මැණියන්ගේ සියලු පවු මැකි සුවපත් වේවා !!!!
ඔබේ මෑණියන් ඉක්මනින්ම සුවපත් වේවා.! තෙරුවන් සරණයි !
Asema wewa
ඔබගේ මෑණියන් ඉක්මනින් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා......!!!
ඔබේ මෑනියන්ට බුදුසරණයි ♥️
ඔබේ මෑණියන්ට ඉක්මන් සුවය ලැබේවා!!🙏🙏
මගේ බබා හැමදාම නිදා ගන්නේ් මේ කවි ටික අහලා.....මගේ දූ පැටියත් යහපත් කීකරු දරු පැටියෙක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.🙏🏻🙏🏻🙏🏻🙏🏻
Mage babath hamadama nidaganne me kavi pela ahala❤
මේ කවිපෙල අහන ගමන් බයික් එකේ පාන්දර යනකොට නින්ද ගිය මාව ඇහැරුනා ලයිට් කණුව ඔන්න මෙන්න තියලා...එදා ඉදන් අදටත් හැමදාම මං මේ කවිපෙල හැමදාම අහනවා ඒ අහන අහන හැම වතාවකදිම යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරයි🙏🙏🙏
❤️❤️🇯🇵
අම්මෝ කල්පනාවෙන්
හැමදාමත් මම නිදාගන්න යන්නේ මේ කවි අහලා හරිම දුකයි ගොඩක් හිතට සතුටක් දැනෙනවා තෙරුවන් සරණැයි ඔයාට
Paresamean yanna budu saranai
මන් කතෝලික මන් මේ comments වලම දැක්කා යශෝදරා දේවියන්ගෙ පිහිට ඉල්ලලා තියෙනවා මගේ ගෙදර කිසිම එකමුතුවක් නෑ සතුටක් නෑ යශෝදරා දේවියන්ගෙ පිහිටෙන් මගෙ මල්ලිගෙ රෝග සුව වෙලා මටත් වඩා මානසික නිදහසක් එයාට ලැබේවා ... අවුරුදු 19ක් මානසික රෝගයක් නිසා දුක් විදින මගෙ තාත්තා ත් තාත්තා නිසා මානසිකව වැටිලා ඉන්න අම්මත් මේ ඔක්කොම ප්‍රශ්න නිසා මුලු ජිවිතේ ම එපා වෙලා ඉන්න මමත් ශක්තිමත් කරන්න 😢❤ යශෝදරා මෑණියනී... මන් ඊයෙත් රුවන්වැලිසෑයට ගියා මගෙ දුක බුදුසාදුට කියලා කියලා හිත නිදහස් කරගෙන ආවා... මේ වෙලාවෙ මගෙ මල්ලි වැඩ කරන තැනින් ඇගිල්ල මැශින් එකට අහුවෙලා ඉස්පිරිතාලෙ ඉන්නෙ නින්ද යන්න නැතුව ඉන්නකොට මේක දැක්කෙ මේ කවි පන්තිය අහපු පිනෙන්ම මගෙ මල්ලි සුව වේවා.... එයාට තියෙන අපල දුරුවේවා... එයා බලාපොරොත්තු වෙන මානසික නිදහස ලැබේවා.... සාදූ සාදූ සාදූ....🙏
🙏🙏
ප්‍රාර්ථනය ඉෂ්ට වේවා එලෙසම
යශෝධරා මහ තෙරනියගෙ ආශිර්වාදයෙන් ගෙදර හැමෝටම පිහිට ලැබේවා
❤
අනත්ත වූ බුදු ගුණ සත්‍යානුභාව බලයෙන් ඔබටත් ඔබගේ පවුලේ සියළුදේනාටම සියළු කරදර දුක් කම්කටොලු නිමාවී සතුටින් ඉඳීමට භාග්‍ය උදාවේවා....🙏🙏🙏🙏
මා උපදින සෑම ආත්මයක්ම බෞද්ධයකු වී උපදීවා !!! 🙏🙏🙏 බුදුරජාණන් වහන්සේගේ පිහිට අප හට ලැබේවා !!!! 🙏🙏🙏🙏 සාධූ සාධූ සාධූ !!! 🙏🙏🙏🙏🇱🇰☸️❤️
මා ඉපදෙන හැම ආත්මයකම බෞද්ධයකු වී ඉපදේව 🙏🙏🙏🙏බුදු රජාණන්වහන්සේගේ බුදු ගුන සෑම මොහොතකම ඇසේවා 🙏🙏🙏🙏🙏🙏 සාධු සාධු සාධූ
Mage prartanawat ekamai. Man Karaganna hema pinakinma paw walin et wela pin walata pamanak yomu wewa
mageth ❤🥺🥰💯
සහතික ඇත්ත මමත් පතන්නේ එහෙම 🙏🙏🙏🙏🙏
අනිවාර්යයෙන්ම මමත් පතන්නෙ එහෙම ❤🙏
මම දැන් බෞද්ධයෙක් මගේ ප්‍රාර්ථනාව,
මා නිර්වානයට යන තුරු උපදිනා සෑම භවයකම බුදුදහම මාහට මුන ගැසේවා🙏💖
❤
API pin karanna ona baudayek wenna bududahama thiyena rataka upadinna budusaranai...
@@ChathurangaLiyanage-vx4sw බුදුරජාණන්වහන්සේ බණ කිව්වෙ මනුශ්‍යන්ට මිසක් බෞද්ධයන්ට නෙවෙ
ඒනම් ලංකාවෙ බෞද්ද මිනිමරුවො හොරු නැ👍
නමෙ නෙවෙ බුදුදහම රැකෙන්න ඕනෙ හදවතෙ
මෝඩ බෞද්ධයෙක් වෙන්න එපා 🙃
මටත් . අද ඉදන් මං පතන්නෙ නිවන විතරයි 🙏🙏🙏🙏
@@aurora0534 බුදුසරණයි ❤️
මම කතෝලික . මේ පාර exsam කරනවා... පුලුවන් හැම වෙලාවකම මේක අහනවා. මාරම සැනසීමයි
Matath AL walata sathiyai 🥰
ඔයාට වරදින්නෑ. බුදුසරණයී 😊
දරුවන් ගේ සිහින සැබෑ කරන්න නෙවෙයි ඒ උත්ත ම උත්තමියන් වහන්සේ ල ලෝකෙට වැඩියේ. මේ සංසාරේ ඉවර කරන්න පුළුවන් නම් එකට එකතු වෙන්න
Matath
තෙරුවන් සරනයි හොදින් exam කරන්න❤❤
මගේ බිරිද මගේ දාලා යන්නේ දුවට අවුරුදු 05දී. මට ඔනේ දැන් මගේ දුවව උගන්නලා එයාව හොද ගමනක් අරගෙන යන්න. යශෝදර මහතෙරනියගේ පිහිටින් මට ශක්තිය ලැබේවා...🙏🙏🙏🙏 තවත් කෙනෙකුට එ දුක අත් නොවෙවා......
සුවපත් වේවා!
🙏🙏🙏
මම මුස්ලිම්...එත් මේ කවි පෙළ අහන කොට හිතට පුදුම විදිහේ සැනසීමක් දැනෙනවා. මට පුළුවන් හැම වෙලාවේම මේ කවි පෙළ අහනවා🙏🌷
Pin thiyena kenek 🙏☸Namo Buddhaya 🙏 Nivan suvayata lan wewa 🙏
යශෝධරා දෙවීයගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදු සරණයි 🙏
🙏🙏🙏❤❤❤🙏🙏
මුස්ලිම් දෙමල සිංහල කවුරු උනත් කමක් නෑ සතුටින් සැහැල්ලුවෙන් ඉන්න හැමදාම 💐❤
@mohamed_ibrahim228 උඹලා වගේ අවජාතක ජාතීවාදී සක්කිලි ඌරො තමයි රට කන්නේ..කවියක් ඇහුවම අල්ලාගේ වල්ල ඉදිමෙන්නේ නෑ නේ..මිනිස්සු කැමති දෙයක් කරන්න නිදහස තියෙන්න ඕන.
මම කතෝලික කෙනෙක්.හරිම හිත නිවන ගායනයක්.හැමදාමත් අහනවා.අනේ යශෝදරා මෑණියන්ගේ පිහිටෙන් මම ආදරේ කරන කෙනාගේ ලෙඩෙ ඉක්මනින් හොද වෙන්න ඕනා.....🙏❤️
Yashodara maniyange pihiten ikmanatama hoda wewi ❤
Rahula mathawange pihiten esema wewi 🙏🙏🙏
Mamath yashodarawak wenna ethnam.😔
තෙරැවන් සරණින් වහා සුවපත් වේවා !!!
මම 2023 A/L exam කරනවා. හැමදාම රෑට පාඩම් කරන කොට ගණන් හදනකොට මේ කවි ටික අහන්නෙ පුදුම ආසාවකින් ; පුදුම විදිහට හිත නිවෙනවා; පුදුම සැනසීමක් හිතට දැනෙනවා ; හිත සන්සුන් වෙනවා ; ඊට පස්සේ පාඩම් කරන ඒවා මතක තියාගන්නත් ලේසි වෙනවා.
Matha ada ahuwa ❤😊
Obe. Pethum ituwevi.
Wish you could get your desired result🙏
math🤗
🥰
මට මේ කවි ටික අහන හැම මොහොතකම හිතෙනවා, ඒ උත්තමාවිය මුනගැහිලා කොහොමද මෙච්චර දුකක් දරාගත්තෙ කියලා අහන්න තිබ්බනම් කියලා. පුන්චිකාලෙ එතුමිය ගැන කතන්දර අහද්දි නොදැනුන අමුතු වේදනාවක් අද දැනෙනවා..😊
උස් මහත් වෙන්න වෙනත් විෂයන් හදාරද්දි, බුදුදහම සැක කරා.
අනේ ඒ වරදට අනන්තවත් මට සමාවෙන්න.. 🙏🙏
එදත් පවු කර කර ඉන්න ඇති. තවමත් මේ ගමනෙ කෙළවරක් දකින්නබැරි උනේ. මෙත් බුදු සසුනේවත් කෙලවරක් දකිමු..❤️
සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශ කිරීමට වරම් ලැබූ එකම ස්ත්‍රිය.....යශෝදරා දේවියයි...❤️
යශෝදරා වගේම ඔහුගේ මව...............හදාවඩා ගත් මව
🤩
ඒක සත්‍යයකි ❤️
මහා ගෝතමී මාතාව
ප්‍රෙජාපති දේවියත් ශිරීපාදය ස්පර්ශ කරා
මගේ කුසේ ඉන්න දරුවා නීරෝගී දරුවෙක් වේවා.. යශොදරා මෑනියන්ගේ පිහිටෙන් මගේ දරුවට කිසිම කරදරයක් වෙන්න එපා.. සියලුම දරුවන් රැකදේවා!!!
මම සමේ රෝගයකින් පෙළෙමි... මට සුව වෙන්න යැයි මම ප්‍රාර්ථනා කරමි.....🙏
Suwapath wewa
Budu saranai
සුවපත් වේවා
ඔයාට සනීප වෙයි❤
තෙරුවන් සරණින් සුවපත් වේවා
සිත් අවුලෙන් ඉන්න සැම කෙනකුටම මේ කවි පද වලින් සැනසීමක් ලැබේවා 🙏❤️🥹 ඔබ මෙය අසන සැම විටම එහි ගැබුරු අර්ථය සිතේ මවා ගන්න
මගේ දුව අවුරුදු 24ක මතක ශක්තිය දුර්වල දරුවෙක්. එයත් මේ ගීතවත් කවිපෙලට හරිම සංවේදීයි. සංගීත චිකිත්සාවක් (music therapy) වගේ ❤❤
සුවපත් වේවා!
මාත් පින්වත් පුතාලා දෙන්නෙක් ගෙ අම්මා කෙනෙක් ..එක පුතෙක් දැන් උතුම් පැවිදි දිවියට ඇතුල් වෙලා පින්වත් ජීවිතයක් ගෙවනවා....උන් වහන්සේට මේ උතුම් බුද්ධ ශාසනයේ චිරාත් කාලයක් ඉන්නට හැකි වේවා ..ඒ වගේම මේ කමෙන්ට් දාලා තියෙන හැමෝගෙම ඒ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා යි ප්‍රාර්ථනා කරනවා ....සාධු සාධු සාධු ..🙏
❤
මාගේ කුසෙහි වැඩෙනා දරු පැටියා මෙන්ම මෙලොව එලිය දකින්න කුසෙහි වැඩෙනා සියලු දරුවන් නීරෝගිමත් වේවා. යශෝදරා තෙරණින් වහන්සේගේ පිහිට ලැබේවා..
Budu saranai 🙏🙏
Budu saranai
ම
පින්වත් නිරෝගීමත් දරු උපතක් ලැබේවා. යශෝදරා මෑණියන්ගේ පිහිටයි. තෙරුවන් සරණයි ❤
🙏🙏🙏
මගේ තාත්තා හාට් පේශන් කෙනෙක් එයාට නිතරම කලන්තෙ එනව අනේ මගේ රත්තරන් තාත්තට යශෝදරා මෑනියන්ගේ ආශිර්වාදයෙන් කිසිම කරදරයක් නොවේවා.!! හැමෝගෙම ආශිර්වාදය මට ඕනේ අනේතෙරුවන් සරනයි මං ගොඩක් ආදරෙයි
මේ වෙලාවෙ පොඩි හරි හිත් වේදනාවකින් ඉන්න හැමෝගෙම හිත් සුවපත් වේවා...
යශෝදරා මැණියන්ගෙ පිහිටෙන් මගෙ කුසේ වඩෙන දරු පැටියා මෙන්ම සියලුම දෙනාගේ කුසෙ වැඩෙන දරැ පැටියන් නිදුක් නිරෝගීව ආරක්ෂා වේවා බුදු සරණයි 🙏🙏❤️❤️
🙏🙏🙏🙏budu saraiya
සියලු දරු පැටවුන් ආරක්ෂා වේවා🙏🙏🙏
🙏🏾🙏🏾🙏🏾🙏🏾
❤
බුදු සරණින් දරු පැටියා ආරක්ෂා වේවා...
යශෝදරා පතිවුර්ථා බලයෙන් මට දරුවන් පිලිසිද ගනිත්වා.මගේ එකම ප්‍රාර්ථනාව..........අවුරුදු හයක බලාපොරොත්තුවක්...........
ඔබේ පැතුම් ඉටුවේවා..! වාසනාවන්ත දරු සම්පතක් ඉක්මනින්ම ඔබට හිමිවේවා! තෙරුවන් සරණයි !
යශෝදරා මෑණියන්ගේ පිහිටෙන් ඔබගේ බලාපොරොත්තු එ් ආකාරයෙන් ම ඉශ්ඨ වේවා...🙏❤️
ඔබ වගෙම මමත් මවක් වෙව
බුදුසරණයි❤
ඔබග්‍ර්‍ර් පැතුම ඉටු වී පින්වත් දරු උපතක් ලැබේවා. යශෝදරා මෑණියන්ගේ පිහිටයි. තෙරුවන් සරණයි ❤
ලස්සන කවි ටික .මගෙ හිත සන්සුම් වෙනවා මේ කවි ටික අහාන කොට .යශෝදරා දෙවියට හා බිම්බා දෙවියට යලි මෙ ලොකෙ ඉපදෙන්න පින් පතමු . මටත් ඔබ සියළු දෙනාට තුරුණුවන්ගේම පිහිටයි !....🙏🙏🙏🙏😌😊
මගෙ කුස තුල සිටින දරුවා සියලුම අග,පසගයන්ගෙන් සම්පුර්ණ වු පින්වත් දරුවෙකු මෙලොවට බිහි කරන්න වාසනාව ලැබේවා .... මාගෙ කුස තුල සිටින දරුවා සෙම උපදින අනෙකුත් සියලුම දරුවො එසෙ වාසනාවන්යො වෙවා..
Mage kusa thula inna daruwa , siyaluma aga pasagayangen sampurna wu pinwath daruweku bihi karanna wasanawa lebewaaa 🙏🙏🙏 kiri sihinayaa balaporoththuwen inna ammage kiri sihinayaa sebewewaaaa budu saranaiii 🙏🙏🙏
සියලුම දෙනාගේ කිරි සිහින ඉටු වේවා. ඔබට පින්වත් නිරෝගී දරු උපතක් ලැබේවා. යශෝදරා මෑණියන්ගේ පිහිටයි. තෙරුවන් සරණයි ❤
නිදුක් නීරෝගි වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
යශෝදරා මෑණියන්ගේ පිහිටෙන් මගේ අම්මාගේ තත්තාගේ ලෙඩ දුරු වේවා. කියා මං ප්‍රාර්ථනා කරනවා🙏🙏
යශෝදරා දේවියගේ පිහිටෙන් මගේ කුසේ වැඩෙන දරුවා පින්වත් , නීරෝගී, බුද්දිමත්, ලස්සන දරු පැටියෙක් වේවා..🙏❤
හැමෝගෙම යහපතට වගේම... යතර්ථය තේරුම් ගන්නා පිටිවහලක් වේවා...
තෙරණියනි නැවතත් බුදු දහම පසු පසම යාමට මටත් ඒ පිළිබ්ද පහැදීමක් ඇති සියල්ලනටම අනෙකුත් ආත්ම බවයන්හි ලැබේවා 🙏
මම කතෝලික..මට මේ කවි වල එකක් කොහෙන් හරි ඇහුනා..එදා ඉඳන් ඒක මම කියනවා..මං මේක අහ්න්න පුදුම ආසයි..හිතට මාර සහනයක් දැනෙන්නේ..❤❤
මමත් කතෝලික කෙනෙක් ...ඒත් පුදුම තරම් ආසයි මේ කවි අහන්න ...හිත ගොඩක් නිවෙනවා..💗 මගෙ ජේසුට වගේම බුදුන් වහන්සේ ටත් ගොඩක් ගරු කරනවා මම හදවතින්ම..!!!💗💗🙏🙏
2024 ❤
Agama adala ne
@@Chamoshikushika ow eka aththa
යශෝදරාවක් වගේ ගුණ ඇති සහකාරියක් මටත් මුනගැසේවා!
ඔබේ පැතුම ඉටුවේවා.
🙏🙏🙏
sadu sadu sadu
Ada kalee කවදාවත් hoyanna baa boru wadak
එතුමියට සම කල හැකි කෙනෙක් නැත
මම මෙ පාර Al ලියනවා.
පාඩම් කරලා ඇවිත් යශොධරා කවිපන්තිය අහනවා, හිතට ලොකු සැනසීමක්
යශෝදරා තෙරණියන් වහන්සෙගෙ පිහිටෙන් මගෙ වගෙම සියලු දෙනාගෙ ප්‍රාර්ථනා ඉටුවේවා!!🙏🌸
ඔබට හොඳින් විභාගයට මුහුණ දී ජයග්‍රාහී ප්‍රතිඵලයක් ලබාගැනීමට හැකිවේවා! සුබ අනාගතයක් වේවා ! තෙරුවන් සරණයි 💐
@@pamudithamanelanga8055
ස්තුති💞🤗 🥲
ජයක්ම වේවා !
ගෝඩාක් හොදයි
Budu saranayi puthe yasodara theraniyage pihita puthata anivaremma theenava
මගේ සහොදරයා ආබාධිත තත්වයෙන් ඉන්නෙ මගේ මල්ලිට යාශෝධරා දේවියගේ පිහිටෙන් සුවය ලැබෙවා
මම මුස්ලිම්. මාත් මේ කවිය හිටපු ගමන් අහනවා. 100%✔
👌
no matter what is your religion, may you find the way to supreme nibbana someday ☺️🙏❤️
Agam beda nehe budu dahamata🙏🌼
අපි ඔක්කොම ලක් මාතාවගේ දරුවෝ ජාති ආගම් බේද නෑ සහෝදරයා අපේ
ලාංකිකයො අපි ඔක්කොම😊🙏
2M.. හරිම සතුටුයි.. මේ නිකන් වීව්ස් නෙමෙයි.. හිත් නිවුන වාර ගානයි..❤
Aniwaryayen ma
ඔබේ ලස්සන වචන පෙළක් ...
Eekanm aththa
ඒක ඇත්ත🙏 බුදු සරණයි .🙏
මම කතෝලික මම හරි ආසම ආසායි මෙම කවිය අහන්න අහන්න හිතට සැනසිමක් දැනේනවා
💐💐💐💐
තෙරුවන් සරණයි ඔබට
Math katholika math meka hama tissema ahanava ❤
පිවිතුරු ආදරේ ට ආගම් බේදයක් නෑ සහෝදරයා.
Math katholika habai hamadama meka ahanava
දවසක් මේ කවි ඇහුවට පස්සේ මෙතුමිය ගැන හිත ගොඩක් පැහැදුණා.එදායින් පස්සෙ මෙතුමියට වන්දනාමාන කරන්න ගත්තා.හිතට හරිම සහනයක් දැනෙන්නෙ.මම මේ අවුරැද්දෙ A/L කරන්නෙ මට ඉහලින්ම සමත් වෙලා විශ්ව විදයාල වරම් ලැබේවා...🙏🙏🙏
දරුසම්පතක් බලාපොරොත්තුවෙන් සිටින සියලුම කාන්තාවන්ට පිංවත් දරුසම්පත් ලැබේවා ......
මම මාස 7ක ගැබිණි මවක්... ඒ වගේම අම්මා කෙනෙක් වෙන්න බලන් ඉන්න සියලුම අම්මාවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා යශෝදරා මෙහෙණින් වහන්සේගේ පිහිටෙන්.. බුදු සරණයි සියලුම දෙනාට
පින්වත් නිරෝගී දරු උපතක් ලැබේවා. ඔබ දෙදෙනාට යශෝදරා මෑණියන්ගේ පිහිටයි. තෙරුවන් සරණයි ❤
බුදුසරනින් අම්මයි දරුවයි නිරෝගිමත්ව ඉදින්නට වාසනාව ශක්තිය ලැබේවා
යශෝධරා මහරහත් වහන්සේ අම්මේ🙏🙏
2024 ජනවාරි මාසෙ 13/14 මම operation එකකට පෙනී උන්නා මට සිහියඑනකම්ම මේ කවිබණ දාල තිබුනේ. මට හොදවෙනකම්ම මේක ඇහුවෙ. අද 2024.08.20 අදත් මේ කවි බණ මම අහනව මගේ හිතට දුකක් දැනෙන හැමවෙලාවකම මම මේක අහනවා 🥺❤️. හිතට නිවීමක් මෙන්ම සැනසීමක් ලැබෙනවා මේ කවිබණ වල පිහිටෙන් ❤️
මගේ ජීවිතේ මගෙන් සිද්ද වෙන්න ගිය ගොඩාක් වැරදි මං නවත්තගත්තා මේ කවි පෙල සිහිකරලා. මොනවා ලැබුනත් අහිමි වුනත් දරා ගන්න පුරුදු වුනා. මං හැමතිස්සෙම දුකක් දැනුනම මේක අහලා හිත හදාගන්නවා.මේ කවි කවි පෙල රචනා කළ හිමිනමට මේ සසරෙන් එතෙර වෙන්න මේ පිනම හේතු වාසනා වේවා...🙏🙏🙏
උන්වහන්සේට ඔබේ අගය කිරීම දැන්වූවා..සුව බර අරුත්බර දිවියක්ම වේවා..තෙරුවන් සරණයි..!
අනේ මාත් ඒමයි වැරදි මොනවත් ඕක මතක් වෙද්දි කෙරෙන් නෑ 🙏 හිත නිවෙනවා ........ රෑට අනිවාරෙන් අහනවා 🙏
❤
🙏 සාධු , 🙏 සාධු, 🙏 සාධු,💐💐💐..
Saadu. .... saadu......
යශෝධරා මෑණියන්ගේ පිහිටෙන් මට හොද ජීවන සහකාරයෙක් ලැබේවා.... CK
😭😭😭
Matatah 🙏 siyalu denatamath
Matath
Lebei hondama kenek💚
💛
මම මගෙ මහත්තයා එක්ක තරහා වුනාම රන්ඩු වුනාම මෙ ගිතය අහලා එ තරහා නැති කරගන්නවා ආයෙ රන්ඩු වෙන්නෙ නැතිව ඉන්නවා. යසෙදරා මැනියන්ගෙ පිහිටෙන් මටයි මගෙ මහත්තයාටයි ඉක්මනටම අම්මෙක් තාත්තෙක් වෙන්ඩ ලැබෙවා
එසේම වේවා!
Ane mge lede sanipa krl denna🙏
එසේම වේවා .
එසේම වේවා 🙏🙏🙏
එසේම වේවා
මම ගොඩක් කල් ඉදන් මේ කවි අහනවා ..ඒත් මං දැන් මාස තුනක ගැබිනියක්...මම හැමදාම නිදාගන්න කලින් මේ කවි අහනවා..මගේ හිත නිවෙනවා..හිතේ මොකක් හරි දුකක් තියෙනවනම් ඒක මේ කවි අහද්දි නැති වෙලා යනවා යශෝදරා දේවියගේ පිහිටෙන් මගේ කිරි කැටියා සියලු අගපසගයන්ගෙන් යුත් නිරෝගී පින්වත් දරුවෙක් වේවා...මමත් මගේ සැමියත් මගේ පවුලේ සියලු දෙනාත් මතු උපදින හැම ආත්මෙකම බෞද්ධයෙක්ම වේවා...
මම නං ප්‍රාර්තනා කරන්නේ යශෝදරා මෑණියන්න්ගේ පිහිටෙන් මට ඉක්මනටම මවක් වෙන්න වාසනාව ලැබේවා...කියලා..😢😭
යශෝදරා දෙවියගේ පතිවෘතා ගුණ බලයෙන් මවක් වෙන්න වාසනාව ලැබේවා
@@shanikarathnayaka7012 thank you 😍👩❤️👩
අනේ ඒ වාසනාව ඔයාට ඉක්මනටම ලැබෙන්න කියලා මාත් ප්‍රාර්ථනා කරනවා...🙏🙏🙏
As walata kadulu awa. Oyata ikmanata e prarthnawa ishtawei. 🙏🙏🙏 urumakkaraya eyata oni welawata enawa.balagena imu 😍🤗
@@Nsew-hx3tl thank you😍👩❤️👩
❤️මං උපතින් කතෝලිකයෙක්...මගෙ යාලුවෙක් තමයි කිවිවෙ මේක අහල තමන් කරපු පිං මතක් කරන්න කියල...ඇත්තටම ඇඩෙනවා...පුදුම නිදහසක් දැනෙන්නේ....ගොඩාක් පිං🙏🏻🥺
තෙරුවන් සරණයි !
ඡීවිය කියාදුන් සැමට පින්
Eknm etta...
Godak adambarai oya wage anith ayath ehema hithanawam 😔
බොහෝම ස්තූතීයි ඔයාල හැමදෙනාටම🤗
බුදු සරණයි,සියලු දෙවි පිහිටයි🙏
God bless you😊
Thank you soo much all🙏😊
යශෝදරා මෑණියන්ගේ පිහිටෙන් මටත් මගෙ සැමියාටත් ඉක්මනින් එක වහලක් යට ප්‍රශ්න නැතිව ජීවත් වෙන්න ලැබේවා..!🙏🏽ඔයාලත් අපිට අශිර්වාද කරන්න!🙂🙏🏽🙏🏽
ඔයාගේ ප්‍රාර්ථනය ඉටු වේවා 🙏🙏🙏
Oyage prarthanawa ikmanin ishta wewa..🙏🙏🙏
Budu saranai
yashodara meniyange pihitai 🙏🙏🙏
Oyage parthanawa ishta wewa❤😊
බුදු සරනයි ❤️
මතු උපදින හැම ආත්මයක මම බෞද්ධයෙක් වී ඉපදේවා❤❤❤ ඒවගේම හැම ආගමකට එක හා සමානව ගරු කරනවා🙏🙏🙏 අල්හා දෙවියන්ගේ පිහිටයි,කටහඩ භාවනවාක් සහෝදරිය❤❤❤❤❤❤
වෛරයෙන් තොර අත්හැරීමක් ....
රාගයෙන් තොර ප්‍රේමයක් ....
ආශාවෙන් තොර නික්ම යාමක් ....
නොකිලිටි තේරුම් ගැනීමක් ....
දුටිමි එක් ආදරයක් ....
සිදුහත් හා යශෝදරා අතර පමණක් !
🙏🙏🙏🙏
🙏🙏🙏
❤😔
♥️🙏
🙏🙏🙏🙏🙏
ශාක්‍යමුනි ධර්මස්වාමි
ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
සංසාරගත පාද පරිචාරිකාව වූ
පාරිශුද්ධ ප්‍රේමයේ
ආනන්දනීය මූර්තිය වූ
මහාදේවි යශෝදරාවන්ගේ
නිර්මල වූ ශ්‍රී නාමයට
සියලු දෙවියන්ගේ හා මිනිසුන්ගේ නමස්කාරය වේවා...!
සුන්දර ඇසළ සඳ බබලන අහස මත
පින්බර දිනෙක මට අම්මා කෙනෙක් උන පෙම්බර මගේ පණ නල වූ සමිද ඔබ
වෙන්වී ගියේ ලොව්තුරු බව සොයන්නට
සංකා සෝක තැවෙනවා සිත දරාගෙන සන්ධ්‍යා වලා රත් පැහැ වෙන වෙලාවට ඈතින් පෙනෙන හිමවත් පවු තලාවට එන්නද සමිඳුනේ ඉන්න දිහාවට
සීතල සුළං හිමවත් පව්වේ ඉඳලා
ඇවිදින් වැදුණි සමිඳුගේ සිරිපා සිඹලා සුපිපුණ සුවඳ මල් කැකුළක් බිම වැටිල
බල බල හිටියේ සමිඳුන් අද එයි කියලා
තෙද ඔද පතුරනා දඹදිව් කැත් කුලය
සිදුහත් නමින් ධජ නංවා පෑ බලය
ඉර හඳ පවා පරදන ඔබෙ රූසිරිය
සිහි කර කරා මම ඉන්නෙ එනතුරුය
දන්නා නමුත් හැර යන බව යම් දිනක
නෑ නවතන්නෙ ඔබ යන මග කිසි විටෙක පිසදා කඳුළු මදහස නගමින් නිබඳ
බල බල හිඳිමි බුදු වී එනතුරුම අද
ශෝකය කඳුල සමිඳුනි නවතාලන්න
රාගය රුදුරු කෙලෙසුන් දුරු කරලන්න අසරණ සිතට සැනසුම සිසිලස දෙන්න
අමා මහ නිවන් සැප ගෙන අද මෙහෙ එන්න
සුසිනිඳු කසී සළු හැරදා මෙමා අද
හණ සලු දරනවා සමිදුනි මැදුර මැද
ඔබ විඳින දුකින් මට හිමි සැප කිමද
කය මැදුරේ නමුදු සිත ඔබ ළගය අද
යනවිට වංකගිරියට විසිතුරු නිරිඳු
මන්ත්‍රි දේවි ආවා වනයට රුදුරු
සසරේ එන විටදී අප එලෙසින් න මුදු තනිවම ගියේ ලබනට මද පදවි බුදු
සව්සත එතෙර කරවන්නට සංසාරේ
දීපංකර මුනිදුගෙ බුදු කරුණාවෙන්
මතකද හිමියෙනි විවරණ ලැබුවාරේ
එදිනද සමිදුනේ හිටියේ ඔබ ගාවේ
සසරෙහි හිමියනේ පාරමී පුරන විට
මතකද ඔබට දන් දුන්නා දේවියව
කිසි වෙනසකින් තොරව ම සිත සතුටු වන බුදු කෙනෙකුන්ට උපකාරය වුණේ මම
සිදුහත් මහ බෝසත් හිමි රජාණෙනි
රන් මිණි මුතු ද අගයක් නෑ ස්වාමීනි
ඔබ සම්බුදුව පරදා මරු දයාවෙනි
එතෙරට ගන්න මාව ද ගිනි ගුහාවෙනි
හැම සත් සපිරි සුදොවුන් පිය නිරිඳු කුල රාහුල පුතුන් සනසා වඩමින් උකුල
සිදුහත් අවත අරුතට ඉපදුන මේ කුලය බිම්බා දේවී මම වෙමි පින් ගඟ උතුල
දරනා ලොවේ හැම යසසින් පිරී ගිය
හැම දෙන හඳුනනා සිදුහත් පෙම්වතිය
බව රැහැනේ බැදුම් සිදනා මදමතිය
මම වෙමි යසස් හිමි රාහුල මවුතුමිය
ගෞතම නිරිඳුගේ සසුනේ වැඩහිඳිමින්
මරු පරදවා අරහත් බල පතුරවමින්
හඬනා ශෝක මුල් හැම උදුරා දමමින්
බබලමි අම නිවන් සුර සුව සැප ලබමින්
දම් ගගන කලාවේ අමාවර පැතිරුනා විහිදෙනා බුදුරැසින් මගේ සිත සැනසුනා ලොව්තුරා බුදුවරුන් පසසන ගුණ දරා පිරිනිවන් දුටුව මම කපිල පුර යශෝධරා
සාදු ! සාදු !! සාදු !!!
🙏
Sadhu sadhu sadhu
🙏🙏🙏
ස්තූතියි ඔබට
උතුම් යශෝදරා වගේ ගුණ සිහිපත් කර සිතින් නමස්කාර කරමි .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
යශොදරා මැනියන්ගෙ පිහිටින් රොහල් ගතව සිටින මාගෙ මැනියන්ට ඉක්මන් සුවය ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 😢❤
යශොදරා මැනියන්ගෙ පිහිටින් මාගෙ මල්ලිහට ඉක්මනින් දෙපයින් ඇවිදින්න ශක්තිය දෙරිය ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤😢
යශෝදරා දේවියගේ කවිවල ආශිර්වාදයෙන් මගේ කුසට පින්වන්ත දරුවෙකු පිලිසිද ගනිත්වා සාදු සාදු
උපදින සැම ආත්මයේදී මමත් මගේ සැමියාත් බෞද්ධයෙක්ම වේවා!මගේ දරුවන්ටද ඒ වාසනාව ලැබේවා!
😢🙏🌸
🙏🙏🙏
🙏🙏🙏🙏💐💐💐💐
මාත් මේක හැමදාම අහනවා. මාත් අම්ම කෙනෙක් වෙන්න ඉන්නේ. ඇත්තටම මේක අහද්දි හිතට සැනසීමක් ලැබෙනවා. මේ කවි පෙලට දායක උන හැම දෙනාටම පින්.
ඒ දරුවා උතුම් සත්පුරුෂයෙක් වේවා 🙏😊
Obe dharuwata trilokayananwahansege hirukiranata chathrayak badu sewana labeewaa...nirogiweewa....suwapathweewaa...
Budusaranai ❤️
මමත්....🤰🤰හැමදාම අහනවා.හිත නිවෙනවා
@@chathu4910 obe daruwatath uthum sathpurusha ashraya labewa