Mathalagala - Knuckles | මාතලාගල | Camping night | Sri Lanka |
Вставка
- Опубліковано 6 лис 2024
- #sanchaarakaya #mathalagala #srilanka #knuckles
මේ ගමනේ කතිකාවත ඇරඹෙන්නේ, පහුගිය හෙනන්නේගල සංචාරය නිමා කරලා කොළඹ බලා එන ගමනේදී. පසිඳුට හමුවෙන ඡායාරූපයක් නිසා ගමනේ යම් ප්‍රමාණයකට එදා අඩිතාලම වැටෙනවා. මෙතන මාරම ලස්සනයි. යමුද? පසිඳුගේ වචන එහෙම පිටවෙද්දි, මට කියවුනේ යමු කියලා. එතරම් දුෂ්කර ගමන් මාර්ගයක් නැති නිසා ටිකක් විවේකීව ඉන්න බලාගෙන කඳවුරු බඳින්න තමා කාගෙත් තීරණය. මේ ගමනට කෝඩුකාරයෙකුත් ඉන්නවා. විස්තර හොයලා බලලා, ගමන් මාර්ග තීරණය කරලා දිනයකුත් නියම කර ගත්තා.
කොළඹ ඉඳන් මහියංගනයට ගිහින්, එතනින් ගුරුවෙල හංදියට ගිහින් නාරංගමුව ගමට යන්න හිතාගෙන අපි පාන්දර 2.45 මහියංගනය යන බස් එකට ගොඩ වුණා. අපූරූ ගමනකට පස්සේ උදෑසන 10 කිට්ටුව මහියංගනයෙන් බැහැලා මම බස් රථයට වැන්දා අයේ කවදාවත් හමුවෙන්න එපා කියලා.
දැන් තියෙන්නේ ස්වල්ප බඩගින්නක් නෙමෙයි. වාසනාවකට ඒ බඩගින්නට යහාදෙන තැනකුත් මුණගැහුනා. දහවල් අහරක සෙවණැල්ලක්වත් පේන්න තිබුණේ නැති නිසා උදේ සප්පායම හිතේ හැටියටම බඩට දාගත්තා. අලුත් දේවල් බඩට දාගෙන, පරණ දේවල් බඩින් හලා ගෙන, ගමනට ඕන කෑම බීමත් එක්කාසු කරගෙන අපි මහියංගනෙන් පිටත් වුණා දඹුල්ල බස් එකකට ගුරුවෙල හංදියෙන් බහින්න. ලංකාවේ කොහෙන් ආවත් එතනින් හැරිලා තමා නාරංගමුවට යන්න ඕන. අපි ආවේ සෙනෙසුරාදා දවසක නිසාත්, වේලාව දවල් 1ට කිට්ටු නිසාත් නාරංගමුවට යන බස් එක නෑ. ඒ කියන්නේ සති අන්තයේ බස් රථය තියෙන්නේ උදේ වරුවට විතරයි. අවුලක් නෑ රෝද තුනේ ඒවා පෝලිමක් තියනවා.
අපේ බඩුයි කට්ටියයි වැඩි නිසා ඉන් දෙකක අපේ ගමන දැන් නාරංගමුවට. යන අතර මග රෝද තුනේ රියදුරු මහත්තුරු දෙන්නා පෙන්නුවෙම අලින්ගේ ජීවන රටාව. පාර දිගට තිබ්බ අලි බෙටි, අලි මුත්‍රා පාරවල්, ත්‍රීවිල් එකේ තිබ්බ අලි වෙඩි. ඒ වගේම ඔවුන් මුහුණ දීපු අත්දැකීම්. මේ සේරම අහගෙන යාන්තම් නාරංගමුවට ආවා. ඒ ආවාම එතන ඉදන් ජප උනෙත් අලි මන්තරම තමා. සමහර ගෙවල් වලින් ආත්තම්මලා එබිලා බැලුවේ මරන්න ගෙනියන හරක් දිහා බලන ගානට. ටිකෙන් ටික අපි මාතලාගල හැරවුමට ආවා. මෙතන ඉඳන්, මේ ගහ කොළ වල ආශ්වාස ප්‍රශ්වාස රිද්මයත්, අපේ ආශ්වාස ප්‍රශ්වාස රිද්මයත් සමාන වේවි. මෙතැනින් එහාට ගෙවෙන්නේ කොළපාට හෝරාවන් කිහිපයක්. එන්න යන්න ඒ ගෙවෙන හැම තත්ත්පරයකම සුන්දරත්වය බලන්න.
ජය වේවා !
✍ සංචාරකයා
.
.
.
﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎♡﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎﹎
Facebook - / sanchaarakay. .
Instagram - / sanchaarakaya
﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊
.
.
.
﹎﹎☺﹎﹎ අපි ගියපු තව සංචාර ﹎﹎☺﹎﹎
◉ සොරබොර වැවේ දූපතක රැයක් - • Camping @ Sorabor...
◉ කන්ඳක් මුදුනේ තියෙන දෙල්තොට බංගලාව - • කන්ඳක් මුදුනේ තිය...
◉ උඩවලවේ ගහක් උඩ රැයක් - • උඩවලවේ ගහක් උඩ රැ...
﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊﹊
.
.
.
♪♬♩♫ Music in this Video ♫♩♬♪
═ ═ ═ ═ ═ ═ ═ ═ ♡ ═ ═ ═ ═ ═ ═ ═ ═
The Forest | Cinematic Drone Footage
• The Forest | Cinematic...
═ ═ ═ ═ ═ ═ ═ ═ ♡ ═ ═ ═ ═ ═ ═ ═ ═
Undying Glory (Remastered) - Baahubali OST
• Undying Glory (Remaste...
═ ═ ═ ═ ═ ═ ═ ═ ♡ ═ ═ ═ ═ ═ ═ ═ ═
හරිත පැහැ සිසිලස
මද පවනෙ මුසු කර
සොබා රූ ගෙන එන
අගෙයි සොහොයුර ඔබේ චැනලය...
තෙරුවන් සරණයි ..සුබ පැතුම් ..🍀🍀🌱🌱🌱🌿🌿🙏🌷
බොහොම ස්තූතියි ♥️🎉
❤️❤️ wenada wagema me parath pattma video ekak mage appachchi.❤️❤️ hemadamath appachchi laga hewanellak wage innawa 💑 e wagema ikmaninma 1000 kadaima pahu karanna lebenna kiyala prathana karanawa man ❤️❤️
♥️♥️ Loku haiyak Manikage a diriganwana eka ♥️♥️
කවදා හරි යන්න ඕනෙ කියන සිතුවිල්ලෙන් කමෙන්ට් කරන්නෙ. වීඩියෝ එක එක්ක අපිත් එතනට ගියා කියන හැඟීම දැනෙනවා. ❤❤
බොහොමත්ම ස්තූතියි ♥️🎉
හිත නිවන වැඩසටහනක්. ආසයි බලන්න .💚 ඒ වගේම අර කොළ අත්ත එල්ලපු එකෙන් බලන්න කොහේදෝ ඉදලා ආව මාමා කෙනෙක් හමු උන හැටි. හාස්කම් මෙව්වා. .මන් දන්න විදිහට අයියනායක දෙවියන්ගේ අඩවි මේ මහා වනාන්තර කියන්නේ .👌
බොහොම ස්තූති අගය කිරීමට. මාමා ආව එකෙත් හාස්කමක් තියනවා. අපිට ඒවා බැහැර කරන්නත් බෑ. වනාන්තර වලට ගම්බාර දෙවිවරු ඉන්නවා. එක එක පැතිවලට එක එක අය
ගොඩක් ලස්සනයි. ආසාවෙන් බැලුවා. මේ වගේ අපි නොදැකපු ලස්සන තැන් පෙන්නනවට ස්තුතියි.
බොහොම ස්තූතියි අගය කිරීමට ♥️🙏
ලස්සන ගමනක් පුතා👍
බොහොම ස්තූතියි ♥️🙏
ගොඩක් ලස්සනයි හිත නිවෙනව💚💚💚🙏🙏🙏
බොහොම ස්තූතියි ♥️
video eka hodaaaai.....oyatath oyage sagaintah jesupihitai
බොහොම ස්තූතියි ♥️ ජේසු පිහිටයි
Harima lassanai eka balqddi hariya ehana innawawagei maathalagala kiyala ekak ahalawath thibune nehe vediyowa harima lassanai putha oyalata thanks A lot.!!!!!
බොහොම ස්තූතියි වගේම හරිම සතුටුයි මේ අගය කිරීම ගැන ♥️ 🙏
Great trip, thanx
Thank you ♥️
Thank you for the beautiful video...
And Thank you for the comment ♥️♥️
Nice video ❤
Thank you ♥️
Godak lassanai oyage video. Apita yanna beri then mehema hair balanna thiyana eka godak watinawa.❤❤❤❤❤❤
බොහොම ස්තූතියි ♥️♥️
😍😍😍
♥️♥️
Lovely and peaceful voice. love you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you brother ♥️♥️ love yo too
Great effort bro
Thank you brother ♥️
Good job brother ❤❤❤❤😊
Thank you ♥️♥️💪
budu saranai kolloo
budusaranai ♥️♥️
❤
♥️♥️
❤❤❤
♥️♥️
Aiye Oyage video lassnai. Puluwan nm Cinematic thawa wedi karanna. Api asai nature eka balanna
මල්ලි බොරු මරිසි දාන්න එපා. හරිද.. 😅😅 ඊළඟ සැරේ ආයෙ යමු වැස්ස කාලෙක
good luck 🙂
Thank you ♥️🙏
🙏🙏👍👍❤❤
♥️🙏
❤❤❤❤❤
♥️♥️
👋👋❤❤❤😍😍🔥🔥
♥️♥️🤜💪
@@sanchaarakaya kohomada aiyye
Hodai malli. Oyata kohomada
@@sanchaarakaya mn msg ekak dannmko
Ela danna 🤜
❤
♥️♥️
Maliey oyala taynet aka gahddi genie maylaya edireyan ganna apa
Thank you ♥️ ne pitipaththen layout kale. Hulagata cover ekak widiyata
Video karana device eka mokkda
♥️ Gopro hero 9, Cannon RP, Drone eka mavic air2 machan
Wooow❤❤
♥️♥️🤜
අපායට යන හන්දියෙන් දකුණට හැරිලා ගියාම දිවියලොකේ
අපි හැරුනෙම දකුණට 😌😌
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
♥️♥️
🏕️😍
♥️♥️💪
❤❤❤❤❤❤
♥️♥️
❤️
♥️