Kirula Muthu Lihi | කිරුළ මුතු ලිහී | Janaka Wickramasinghe

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ •

  • @sandaruwansenanayaka7555
    @sandaruwansenanayaka7555 22 дні тому +9

    රත්තශ්‍රී විජේසිංහයන්ගෙ තවත් සුපිරිම නිර්මාණයක්❤

  • @maheshidasilva4620
    @maheshidasilva4620 Рік тому +92

    මන් A/ L වලට සංගීත කරන්නෙ මේකේ සුලු මැදුම් දෙතිත පැටලී...කියනකොට ..මතක් උනා එ පාඩම..ඇත්තටම වටින මේවගේ සිංදු ඉස්සරහට ත් තියෙන්න ඔනේ...ඇත්තටම දැන් කාලෙ එවට වඩා මාරම අර්තවත් සින්දු♥️

    • @dwbeatz995
      @dwbeatz995 6 місяців тому

      100%

    • @pasindulakshan7244
      @pasindulakshan7244 3 місяці тому

      'නෙද

    • @AsankaEkanayake-q3o
      @AsankaEkanayake-q3o Місяць тому +1

      අපේ අක්කාත් සංගීත ගුරුවරියක් ආණමඩුව Sentral එකේ

  • @sandaruwankumara9165
    @sandaruwankumara9165 Рік тому +43

    මේ සින්දුවේ තේරුම හරියටම දැනගෙන අහනවනම් නම් තවත් ගොඩක් රසවත්

    • @saumyasewmini889
      @saumyasewmini889 Рік тому +1

      තේරුම පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද...

    • @raveendarshana7305
      @raveendarshana7305 Рік тому

      @@saumyasewmini889 මේ ගීතය ලියවෙන්නෙ ලංකාවේ වයෝවෘද්ධ ,නර්තන කලාවට දැවැන්ත සේවයක් කරපු නර්තන ශිල්පියෙක් වන තිත්‍තවෙල ගුනයා ගුරුන්නාන්සෙව අගය කරන්න ඒ කාලේ රාජ්‍ය මට්ටමින් සම්මාන උලෙලක් තියනවා රටේ මුල් පුටුවල අය ඔහුට සම්මාන පුදලා යන්න යනවා …මේ උත්සවයටම රත්න ශ්‍රී විජේසිංහ මහත්තයත් යනවා ඔහු දකිනවා අර රටට මහා සේවයක් කරපු අර නර්තන ශිල්පියා තමන්ට උස්සගන්නත් බැරි සම්මානය අරගෙන වැස්සෙ තෙමි තෙමි බෞද්ධාලෝක මාවතේ තනියම ඇවිදගන යනවා ගෙදර යන්න බස් එකට යන්න… මේ අපේ රටේ බොහෝ කලාකරුවන්ගේ ඛේදනීය ඉරණම රත්න ශ්‍රී විජේසිංහයන් ගීයකට හරවන්නෙ මෙහෙම…
      පට්ට තේරුමක් තියෙන පට්ට සින්දුවක්

    • @sajithmadushan5370
      @sajithmadushan5370 26 днів тому

      මේකෙ තේරුම තියෙනවා ☝🏻

  • @KD-yn2ci
    @KD-yn2ci Рік тому +113

    මේව ගීත නෙමෙයි... සුදුස්සාට සුදුසු තැන අහිමිවීමෙ විලාපය.. 😥😥

  • @ChamiruVidunitha
    @ChamiruVidunitha 24 дні тому +4

    තිත්තවෙල ගුනයා කියන්නෙ අපේ කිරි අම්මගෙ ලොකු අයියා...මමනම් දැකලා නෑ අපේ අම්මල වූටි කාලෙ අපේ ගෙදර ඉදල තියනවලු ❤❤❤

  • @hmisuru6397
    @hmisuru6397 Рік тому +22

    මේ වගේ ගායකයින් ආයේ බිහි නොවන ඇත 😐😢

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 9 місяців тому +3

    රත්නශ්රී ජානක අපූරු සුසංයෝගයක්.

  • @gamagegam1770
    @gamagegam1770 4 місяці тому +3

    මේ සිංදුවේ අර්ථය නොදැන මම කුඩාකාලයේ දහම් පාසල් ත්‍යාග උත්සවේ තනිව නැටුව. පසුකාලීනව තමයි තේරුම් දැනගත්තෙ. අදකාලෙ අර්ථාන්විත ගීත ඇහෙන්නෙ නැති තරම්. මෙතුමගේ බාලිකා වියන් තක්සලා දොරෙන් සින්දුවත් ඉතාම අර්ථාන්විත ගීතයක්❤

  • @danushkapriyankara5327
    @danushkapriyankara5327 2 роки тому +255

    නිත්තවෙල ගුනයා ගුරුන්නාන්සේ උතුමන්ට ලියවුණු ගීය

    • @sagalasandaruwan
      @sagalasandaruwan 2 роки тому +6

      මොකක්ද ඒ කතාව

    • @malanfernando2345
      @malanfernando2345 2 роки тому +17

      50හේ නෝට්ටුවේ ඉන්නේ එයා නේද ?

    • @ggwmbandara8329
      @ggwmbandara8329 2 роки тому

      Balanna theruma.... ua-cam.com/video/lk3urWIACPY/v-deo.html

    • @TheNewsReporter
      @TheNewsReporter 2 роки тому

      ශ්‍රී ලාංකේය නර්තන ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණ නාමයකි නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ. මුල්වරට මුළු යුරෝපය ම මවිත කළ සිංහල නැට්ටුවා ඔහු ය. ඇමරිකාව, රුසියාව, මහා බ්‍රිතාන්‍ය, චීනය, ජපානය, නෙදර්ලන්තය, ජර්මනිය, චෙකොස්ලෝවැකියාව, ඉන්දියාව යන රටවල් සිය නර්තනයෙන් මවිත කළ මේ අසහාය නැටුම් ශිල්පියා අපේ නැටුම යුරෝපීයන්ට හඳුන්වා දුන්නා..
      1950 වසරේ ගුණයා ගුරුන්නාන්සේ දළදා මාළිගාව පසුබිමක නර්තනයේ යෙදෙන ශත 04 ක වටිනාකමින් යුත් තැපැල් මුද්දරයක් නිකුත් කර ඇත්තේ මේ කලාකරුවාගෙන් අපේ රටට සිදු වූ සේවය අගය කරමිනි. මෙය අග්‍රාමාත්‍ය ඩී.ඇස්. සේනානායක මහතාගේ උපදෙස් පරිදි ප්‍රථම වරට රජයක් සිංහල කලාකරුවකුට කළ ඉහළ ම උපහාරය ලෙස සැලකිය හැකිය. 1950 වසරේ නිදහස් දින උත්සවයේ දී විශේෂ සංස්කෘතික සංදර්ශනයක් ගුණයා ගුරුන්නාන්සේ ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බව ද වාර්තා වේ.
      මහාචාර්ය තිස්ස කාරියවසම් හා මහාචාර්ය මුදියන්සේ දිසානායක විසින් රචිත “විශ්ව නර්තනයේ විශිෂ්ට චරිත” නම් කෘතියේ සඳහන් කර ඇත්තේ ගුණයා මහතාගේ රුව ගැන විවිධ අදහස්, මත තිබුණ ද Encyclopedia of Sri Lanka කෘතියේ සී. ඒ. ගුණවර්ධන මහතා කර ඇති සටහන අනුව ගුණයා මහතාගේ රුව සත්‍ය තොරතුරක් ලෙස පිළිගත හැකිය.

    • @Shadoentertainmentandmusic
      @Shadoentertainmentandmusic Рік тому +14

      @@imeshchathuranga1974 2004 ගහපු 50 නෝට්ටුවෙ ඉන්න නැට්ටුව වෙනුවෙන් තමා ඕක ලියල තියෙන්නෙ

  • @kankaamgamalani8636
    @kankaamgamalani8636 Рік тому +22

    හිතට දැනෙන සිංදුවක්....මාර විදිහට හිතට දැනෙනවා.

  • @romeo9587
    @romeo9587 Рік тому +32

    පොඩි කාලේ මතක් වෙනවා. අපේ තාත්තා මේ සිංදු අහනවා මතකයි 🥰

  • @pradeepsamaradiwakara2982
    @pradeepsamaradiwakara2982 2 роки тому +124

    මනස දියුණු අයට පමනයි මෙහි අගය දැනෙන්නේ

  • @raveendarshana7305
    @raveendarshana7305 Рік тому +78

    මේ ගීතය ලියවෙන්නෙ ලංකාවේ වයෝවෘද්ධ ,නර්තන කලාවට දැවැන්ත සේවයක් කරපු නර්තන ශිල්පියෙක් වන තිත්‍තවෙල ගුනයා ගුරුන්නාන්සෙව අගය කරන්න ඒ කාලේ රාජ්‍ය මට්ටමින් සම්මාන උලෙලක් තියනවා රටේ මුල් පුටුවල අය ඔහුට සම්මාන පුදලා යන්න යනවා …මේ උත්සවයටම රත්න ශ්‍රී විජේසිංහ මහත්තයත් යනවා ඔහු දකිනවා අර රටට මහා සේවයක් කරපු අර නර්තන ශිල්පියා තමන්ට උස්සගන්නත් බැරි සම්මානය අරගෙන වැස්සෙ තෙමි තෙමි බෞද්ධාලෝක මාවතේ තනියම ඇවිදගන යනවා ගෙදර යන්න බස් එකට යන්න… මේ අපේ රටේ බොහෝ කලාකරුවන්ගේ ඛේදනීය ඉරණම රත්න ශ්‍රී විජේසිංහයන් ගීයකට හරවන්නෙ මෙහෙම…
    පට්ට තේරුමක් තියෙන පට්ට සින්දුවක්

    • @h.m.p.kherath-re1zx
      @h.m.p.kherath-re1zx 8 місяців тому +1

      Aniwarenma oba thumage kathawata ekagai gurunnase rekagannata beriuna awasana kale kuppi lampuwa peralila ginoaragena ethuma miyagiye niwan suwa lebewa

  • @HarshaEkanayake-yw9jg
    @HarshaEkanayake-yw9jg 11 місяців тому +132

    දුම්බර මිටියාවතේ නිත්තවෙල කියන ගමේ ක්‍රි.ව 1906 දී පුත් කුමරෙක් උප්පත්තිය ලබනවා..ලක්මව සරසවපු මැණිකක් කිව්වත් වැරදි නෑ..
    වටපුළුව ඉස්කෝලෙන් මූලික අධ්‍යාපනයට යන මේ කුමරා ඉගෙනීමට වඩා ඉතින් නැටුමට තමා දක්ෂ.. අපි සාමාන්‍යයෙන් කියන නැටුමමත් නෙවෙයි උඩරට නර්තනයට..
    මේ නැටුමට දක්ෂ කොලු ගැටයා තමයි නිත්තවෙල ගුණයා නැත්නම් යක්දෙස්සලාගේ ගුණයා ගුරුන්නාන්සේ නම් වෙන්නේ.. එතුමාගේ පියා තමයි පනික්කි ගුරුන්නාන්සේ කියන්නේ.. ලොකු අප්පච්චි නිත්තවෙල සුරඹා ගුරුන්නාන්සේ..
    ලොකු අප්පච්චි ඒ වෙනකොට ශ්‍රී දළදා පෙරහැරේ නැට්ටුවෙක්.. පොඩි කාලෙම නැටුමට ආසවුන උඩ අපි කතා කරපු ගුණයා කොලු ගැටයාත් අවු 08 වෙනකොට ශ්‍රී දළඳා පෙරහැරේ නර්තනයට යන්න තරම් වාසනාවන්ත වෙනවා.. ලොකු අප්පච්චීගේ ද ගුරු හරුකම් ඇතුව ඉස්සරහට එන මේ කොලු ගැටයා අවුරුදු 18ක් වෙද්දී වෙස් බඳිනවා.
    උඩරට නර්තනයේ පෙර නොවූ විරූ දක්ෂතා දක්වන්නට මේ නර්තන ශිල්පියාට හැකියාව ලැබෙනවා..
    එකල දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය නිළධාරීව සිටි ජෝන් හෙන්බර්ග් මහතා තරුණ නර්තන ශිල්පියාගේ හැකියාව වටහාගෙන ජර්මනියට කැඳවාගෙන යන්නේ ජර්මන් වැසියන්ටද මේ උසස් නර්තනයේ රස බෙදාදීමටයි.. එලෙස මාස නවයක් පුරා ජර්මනියේ ජනයා විශ්මයට පත් කළ මේ තරුණයා නැවත ලංකාවට පැමිණෙන්නේ ජර්මනියේ නැවතීමට කරන ලද ඉල්ලීම්ද පසෙකලාය.
    1947 නැවත ජර්මනිය බලා යන අතර එහිදී රන් සම්මානයෙන් ඔහු පුදනු ලබනවා.ශ්‍රී ලාංකීය නර්තන ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකියි.
    එලෙස රන් සම්මානය ලැබ නැවත දිවයිනට පැමිණෙන මේ විශිෂ්ටයාගේ වෙස් ⁣ඇඳුම් පෙට්ටිය තුළ වූ සම්මානය නැතිවෙන්නේ ඉතාම අභිරහස් විදියටයි.කලාකරුවෙකුට මෙය ජීවිතය නැතිවූවාක් මෙන්ය.. මන්ද කාලයක් පුරාවට කල මෙහෙයට අගය කිරීමක් විදියට කලාකරුවාට අන්තිමේ ඉතිරි වන්නේ මේ සම්මාන පමණක් වීමය.
    (මෑතකදී රණ මයුරටත් උන දේ මතකනේ 😡 )
    කෙසේ වුවත් 1950 දී මෙම විශිෂ්ටයා අගය කරමින් නිදහස් සමරු මුද්දරයක් නිකුත් කරනු ලබනවා..
    බොහෝ දොම්නසින් වුවත් නර්තනය ඉදිරියටත් කරන මෙතුමා 1957 ⁣රසියාවේ පැවති ලෝක තරුණ සම්මේලනයට යන්නේ ශ්‍රී ලංකා තරුණ සංස්කෘතික කණ්ඩායමේ නායකයා වශයෙනි.
    එහිදීද ලංකාවට සම්මාන පිට සම්මාන ගෙන දෙමින් ලංකා නාමය ජාත්‍යන්තරයේ යළිත් වරක් දිදුළවන ලදි.
    මේ අතර ප්‍රංශයේ සෝබෝර්න් විශ්ව විද්‍යාලයෙන් පැමිණි ඇරයුම්ද ප්‍රතික්ෂේප කරන්නේ මව්බිමට තම උපරිම යුතුකම් ඉටුකිරීමේ අටියෙනි.
    තවද ඉන්දීය සහ වෙනත් විදේශයන්ගෙන් බොහෝ ප්‍රවීණ නර්තන ශිල්පීන් මෙතුමාගෙන් නර්තනය හැදෑරීමට මෙරටටද පැමිණ ඇත.
    1958 ඉන්දියාවේ පැවති පස්වෙනි Filmfare සම්මාන උළෙලටද ආරාධනා ලැබෙන්නේ මෙතුමාගේ ජාත්‍යන්තර විශිෂ්ට බව මොනවට පැහැදිලි කරමින්.. එහිදී Filmfare සඟරාවේ මුල් පිටු හතරම එතුමාගේ රුවින් සරසන්නට තරම් මෙතුමා වාසනාවන්ත වෙනවා.
    එස්,ඩබ්,ආර්,ඩී බණ්ඩාරනායක මහතා අතින් ස්වර්ණ ජයන්ති සම්මානයද මෙතුමාට හිමිවෙනවා.තවද නිත්තවෙල ග්‍රාමයේම සිටි රත්වත්ත පරම්පරාව ඉඩම් කොටසක්ද මෙතුමා නමින් පවරනු ලබනවා.
    මෙලෙස අවුරුදු 57ක් පුරා දළදා පෙරහැරේ නර්තනය යෙදුන මෙතුමා ගැන බැලීමට අවසානයේ කිසිවෙකු නොවීය..
    සිය පුතු තරුණ වියේදීම ඔහු හැරයන අතර දියණියද අකාලයේ මියයන ලදි.
    තනිවන මෙතුමා අවසානයේ ජීවිකාව වෙනුවෙන් කර තිබෙන්නේ කෝපී කැඩීමයි.
    කෝපී කඩන අතර වැටුන දිමි ගොටුවක් නිසා එක් ඇසක් අහිමි වන මෙතුමා තවත් අසරණ වනවා.
    ගුණයා ගුරුන්නාන්සේගේ එක් අවසාන ඉල්ලීමක් විය.
    ඒ තමා උගත් ශිල්පය මතු පරපුරට දායාද කිරීමට නැටුම් මඩුවකට ඉඩමකි. වල්වැදී යන රජයේ ඉඩම් දහස් ගණන් තිබෙද්දී ගුණයා ගුරුන්නාන්සේගේ ඉල්ලීමට කන්දීමට කිසිඳු නිළධාරියෙක් සිට නැත.
    මෙසේ දුක්ඛිත තත්වයක් යටතේ අවසානයේ වර්ෂ 1979 දෙසැම්බර් 26 එතුමාගේ දිවිය කෙළවර වෙන්නේ නිදා සිටින අතරතුර කුප්පි ලාම්පුවක් පෙරළීමෙනි.
    අවුරුදු 57ක් පුරා දළඳා පෙරහැර නර්තනයෙන් වර්ණවත් කිරීම මෙන්ම ලාංකීය නර්තනයේ විශේෂයෙන් උඩරට නර්තනයේ සමණල වන්නම , තුරඟා වන්නම ,මයුරා වන්නම මහබෝ වන්නම දායාදකිරීම පමණක් නොව කොහොඹා කංකාරිය ද එතුමා ඉතා හැඩවත් කළ බව සඳහන් වේ.
    *ලෝකයක් ඉදිරියේ ලංකාව ඔසවා තැබූ මේ නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ නම් මේ විශිෂ්ටයාගේ නර්තන සටහනකුයි ඔබ මේ රුපියල් පනහේ පැත්තක දකින්නේ*

    • @dilesi
      @dilesi 3 місяці тому +2

      ස්තූතියි

    • @DinewK
      @DinewK 22 дні тому

      ❤️

  • @akilaperera1209
    @akilaperera1209 2 роки тому +24

    මේවා වෙනම ලෙවල් එකක සිංදු ❤

  • @prasangakulathunga6868
    @prasangakulathunga6868 10 місяців тому +5

    2024 me sinduwa ahan mn ....❤ aththatama lassnyi

  • @ChathurangaLakruwan
    @ChathurangaLakruwan 8 місяців тому +2

    මේ ගීතය ඉතාමත්ම ඉහල රසයක් සහිත ගීතයක්. වත්මන් රටේ අපේ පාරම්පරික උරුමයන් අනාගතයට ගෙනයාමට ඇති කටුක බව මනාව කියවෙනව. " රිදී කාසි සොලවන්නට බෙර පදය මදී"😔

  • @Noname10167
    @Noname10167 25 днів тому +3

    පොඩි කාලෙනම් මේක නිකම්ම සින්දුවක් විතරයි නමුත් දැන් නිත්තවෙල ගුනයා ශූරින් ගැන තොරතුරු දැනගෙන මේ සින්දුව අහනකොට පුදුම රසයක් දැනෙන්නෙ ❤

  • @SujaniThalwatha
    @SujaniThalwatha 3 місяці тому +1

    මම පොඩි කාලේ ඉඳන් මේ සිංදුව අහනව මුළු sarwange tama denenawa me සින්දුව.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 5 місяців тому +1

    මම හරිම ආසාවෙන් අහන ලස්සනම ගිතයක්.❤❤🌹🌹👍👍

  • @SupunLakshan-x7g
    @SupunLakshan-x7g 10 місяців тому +5

    රත්න ශී විජේසිංහ සර්...❤

  • @dilanishashikala3761
    @dilanishashikala3761 2 роки тому +20

    මන් ආසම සිංදුවක් ❤️❤️🥰

  • @sachithmenuka6929
    @sachithmenuka6929 12 днів тому +2

    නිත්තවෙල ගුනයා ගුරුන්නාන්සේට උපහාරයක්ම වේවා .
    May the virtue of Nittawela be a tribute to Guru Nanak.
    කිරුළ මුතු ලිහී Lyrics.
    කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
    සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
    නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
    තන තන තාන තම් දෙනා
    තන තන තාන තම් දෙනා
    තන තන තාන තම් දෙනා
    දිලිසෙනා සේම කරලිය දිලෙන්නේ නැති
    වන්නමක් සේම සුමිහිරි තානමක් නැති
    සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
    ජීවිතෙන් බැරි
    සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
    ජීවිතෙන් බැරි
    කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
    සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
    නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
    තන තන තාන තම් දෙනා
    තන තන තාන තම් දෙනා
    තන තන තාන තම් දෙනා
    රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති
    නළල් පට මාල හත් පට සින්න වී ඇති
    සකියණි රිදී කාසි සොලවන්නට
    බෙර පදය මදි
    සකියණි රිදී කාසි සොලවන්නට
    බෙර පදය මදි
    කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
    සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
    නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
    තන තන තාන තම් දෙනා
    තන තන තාන තම් දෙනා
    තන තන තාන තම් දෙනා

  • @slmusiccover4886
    @slmusiccover4886 3 роки тому +40

    තබ්ලාව අඩවනවා...😯😯

  • @ThariduKaluwalla
    @ThariduKaluwalla 25 днів тому +1

    Maru bn

  • @thilinisamarasinha9961
    @thilinisamarasinha9961 Рік тому +11

    මේ සිංදුව අහන හැම වෙලේම මට මගෙ සීයා මතක් වෙනවා ❤️

  • @kalumithkumara1222
    @kalumithkumara1222 Рік тому +5

    Me Sinduwa mona tharam lssanada. Siyalu denatama pin. Rathnasri Sir ge nirmanayak.

  • @hasitharanasinghe6399
    @hasitharanasinghe6399 Рік тому +8

    This song perfectly portrays the unfortunate fate suffered by many artists in Sri Lanka.
    A few decades back, there was a huge ceremonial event to appreciate the work and contribution of a well-known artist in the country. A veteran in the scene, he has taught dancing to many powerful people in Sri Lanka, including a former prime minister.
    Rathna Sri also participated in this event as he wrote a tribute song, dedicated just to this artist. He was awarded a hefty plaque by the president at the time, as well as a whole lot of compliments by many other reputed speakers.
    But, on his way after the event, Rathna Sri witnessed the harsh truth. The artist, who they just admired with gifts and kind words, was waiting for a bus in the rain while barely holding the plaque he received with his old, shivering hands.
    source:Behind The Lyrics Of Rathna Sri Wijesinghe - II,yamulk

  • @beautystudio495
    @beautystudio495 Рік тому +3

    අමරණීය ගීත❤❤❤❤

  • @azamizmy5817
    @azamizmy5817 2 роки тому +15

    Meh sindwe theruma hoyala blnt plwnnm..pissu hadenw👍♥️

    • @SinhalaArtFact
      @SinhalaArtFact 2 роки тому +2

      Kiyannako

    • @chinthakaperera773
      @chinthakaperera773 2 роки тому +6

      @@SinhalaArtFact නර්ථන ශිල්පියෙකුට තියෙන ප්‍රශ්න, දුක් කම්කටොලු ගැන කියවෙන්නේ.. තිත්තවෙල ගුණයා ගුරුන්නාන්සෙට තමයි කියනවා ලියවුනේ

    • @SinhalaArtFact
      @SinhalaArtFact 2 роки тому +1

      @@chinthakaperera773 😁thanks

    • @Shadoentertainmentandmusic
      @Shadoentertainmentandmusic Рік тому

      නිත්තවෙල ගුනයා කියන නර්තන ශිල්පියා,කවුරුත් දන්න 50 කොලේ ඉන්නෙ අන්න එයා තමා,එතුමා වෙනුවෙන් ලියපු සින්දුවක් තමා මේක

  • @wasanthapadmajeewa3927
    @wasanthapadmajeewa3927 2 місяці тому

    සදා අමරණීය ගීයක්❤

  • @malindasenarathna2433
    @malindasenarathna2433 2 місяці тому

    පාසල් කාලයේ මතක ආවර්ජනය වූවා❤❤

  • @gayaniroopika6807
    @gayaniroopika6807 12 днів тому

    "රත්න ශ්‍රී"❤

  • @supunsameera4299
    @supunsameera4299 7 місяців тому

    එච්.එම්. ජයවර්ධන මෙලඩි සදා දිලේවා ❤

  • @RoshKariyakarawana
    @RoshKariyakarawana 5 місяців тому +4

    තිත්තවල ගුණයා ගුරුන්නාන්සේ මහත්මයා වගේම රත්න ශ්‍රී විජේසිංහයන් කියන්නෙ ජාතික සම්පත්... ජීවිතේ අවසාන කාලයේ නිසි හව්හරණක් නැතිව අසරණව මිය ගිය ඒ ගුණයා ගුරුන්නාන්සේ ගුරුතුමාට නිවන් අවබෝධය වේවා! රත්න ශ්‍රී විද්වතානන්ට දීර්ඝායු වේවා!
    ගුණයා ගුරුන්නාන්සේ වැනි වටිනා මිනිස්සුන්ගේ ජීවිත යහපත්ව ගෙවාගැනීමට අවශ්‍ය ක්‍රමවත් වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය කලා සංගම්, පවතින රජයවල් කටයුතු කළ යුතුයි.. 💔

  • @hasinduhansaka
    @hasinduhansaka Рік тому +5

    2024 අහනවා

  • @beba5138
    @beba5138 9 місяців тому +1

    කේදවාචක 😢

  • @pupudumahendra58
    @pupudumahendra58 2 роки тому +3

    thablwa adonwa😍😍😍😍

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 5 місяців тому +2

    අපේ තථාගතයන් වහන්සේ ගේ දහම (නිබ්බානය ) නැතනම් හේතු පල දහම, ඕවා ගේ අර්ථය තේරුම් ගන්න මේ හෙළ බිමහිම ජන්මයක් ලබන අයට පමණි (මේ සියලු බුදුවරුන්ගේ ජන්ම භූමිය🙏🏿

  • @cricitic
    @cricitic Рік тому +10

    ජිප්සීස් සුනිල් පෙරේරාලා වායෝ සංගීත්ලා වගේ ජනප්‍රිය රැල්ලේ කාලකන්නි කොටි ගණන් හම්බ කරද්දී දුක් විඳපු තිත්තවෙල ගුණයා ගුරු උතුමන්ගේ දුක්බර කතාව ගැන ලියවූ ගීතයක්

  • @chavikakumari5417
    @chavikakumari5417 Рік тому

    හරිම ලස්සනයි 🤩🤩

  • @SamindiChathurika
    @SamindiChathurika 8 місяців тому

    සිංදුවක් ❤

  • @SugandhiDevapriya
    @SugandhiDevapriya 10 місяців тому

    Supiri ❤❤❤❤

  • @FunnyButterfly-ym9hu
    @FunnyButterfly-ym9hu 9 місяців тому

    මෙන්න ඇත්ත ...

  • @tharidudilshan2833
    @tharidudilshan2833 2 роки тому +1

    ආගමක් ❤❤❤❤

  • @chalanikaushalya7656
    @chalanikaushalya7656 2 роки тому +1

    Godak lassanaiii

  • @whatsappstatus2460
    @whatsappstatus2460 2 роки тому

    ඇත්තටම ලස්සනය්❤️😘

  • @ashanawa4755
    @ashanawa4755 Рік тому +7

    This song makes me so nostalgic every time I listen

  • @tharinduniranjan2734
    @tharinduniranjan2734 2 роки тому +1

    Math asama sinduwak

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 11 місяців тому +1

    💞 👍

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 8 місяців тому

    ඔබ දෙදෙනාට මේකල උපහාරයම ඇති!

  • @chandrikapriyadarshani1028
    @chandrikapriyadarshani1028 2 роки тому +2

    Super

  • @pabasarasilva330
    @pabasarasilva330 3 роки тому +2

    Super 😘😘😘😘❤️😘❤️❤️❤️😘❤️❤️

  • @yehansandeepa6673
    @yehansandeepa6673 4 місяці тому

    😢 meke theruma rathnath sri මහත්තයා ge video ekakin balala awe den😢

  • @podimaneka9973
    @podimaneka9973 Рік тому +2

    Great song

  • @jeewasandamini9132
    @jeewasandamini9132 3 роки тому +1

    niyamai

  • @Kr_Randiya
    @Kr_Randiya 11 місяців тому

    🥺♥️🔥

  • @kasungayashan376
    @kasungayashan376 2 роки тому

    wow... superb 😍😍

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 11 місяців тому

      Yes definitely my all parpoments my stage live me hope bicose buddist and Lord buddha not poor men❤❤❤❤

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 9 місяців тому

    👍👍👍❤

  • @MaheshTaranga-v1k
    @MaheshTaranga-v1k 10 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LakshanFernando-s4l
    @LakshanFernando-s4l 6 місяців тому +2

    ❤❤❤❤❤😂😂😂😂😂😅😊😊😊

    • @LakshanFernando-s4l
      @LakshanFernando-s4l 6 місяців тому +1

      හොඳයි ලස්සනයි❤❤❤😂😂

    • @ChamariNilushika
      @ChamariNilushika 4 місяці тому

      😂😂😂😂😂😂😂😂😂Rotet

  • @DeshanNalinda-k8o
    @DeshanNalinda-k8o 26 днів тому

    -කිරුළ මුතු ලිහී සරසර හඩින් වැගිරෙනා -
    ================================
    මේ ගීතය ලියවෙන්නෙ ලංකාවේ වයෝවෘද්ධ ,නර්තන කලාවට දැවැන්ත සේවයක් කරපු නර්තන ශිල්පියෙක් ගැන.. ඔහුව අගය කරන්න ඒ කාලේ රාජ්‍ය මට්ටමින් සම්මාන උලෙලක් තියනවා රටේ මුල් පුටුවල අය ඔහුට සම්මාන පුදලා යන්න යනවා ...මේ උත්සවයටම රත්න ශ්‍රී විජේසිංහ මහත්තයත් යනවා ඔහු දකිනවා අර රටට මහා සේවයක් කරපු අර නර්තන ශිල්පියා තමන්ට උස්සගන්නත් බැරි සම්මානය අරගෙන වැස්සෙ තෙමි තෙමි බෞද්ධාලෝක මාවතේ තනියම ඇවිදගන යනවා ගෙදර යන්න බස් එකට යන්න... මේ අපේ රටේ බොහෝ කලාකරුවන්ගේ ඛේදනීය ඉරණම රත්න ශ්‍රී විජේසිංහයන් ගීයකට හරවන්නෙ මෙහෙම....
    කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
    සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
    නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
    තන තන තාන තම් දෙනා
    තන තන තාන තම් දෙනා
    මෙහි කිරුල කියන්නෙ වෙස්තට්ටුව..මේ වියපත් නර්තන ශිල්පියාගේ වෙස්තට්ටුවත් වයසයි ඉතිං වෙස් තට්ටුවේ මුතු ,පබලු ගැලවිලා වැටෙනවා." සුළු මැදුම් දෙතිත කියන්නෙ උඩරට නර්තන ශිල්පින් නර්තනයේ යෙදෙන තාලයක් සුපුරුදු සුළු මැදුම් දෙතිත පවා ඔහුට නටන්න බෑ දැන්...ඔහු නටනවා හැබැයි පුලුවන් කමට නෙමෙයි එකක් ඔහු නර්තනයට ආසයි අනෙක තමන්ගේ පවුල ජීවත් කරලීම වෙනුවෙන්...
    දිලිසෙනා සේම කරලිය දිලෙන්නේ නැති
    වන්නමක් සේම සුමිහිරි තානමක් නැති
    සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
    ජීවිතෙන් බැරි
    සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
    ජීවිතෙන් බැරි
    මේක මේ ගීතයේ එන වැදගත්ම හදවතට දැනෙන පද කිහිපය.
    නර්තන ශිල්පීන්ගේ නර්තනයේ එලියට පේන අලංකාරය ඔවුන්ගේ ජීවිත වල නෑ මොකද අපිට වන්නම් වලදී ගිරෙන් ගිරට පැනල යන්න පුලුවන් හැබැයි ජීවිතයේ කන්දෙන් කන්දට එහෙම පනින්න බෑ එහෙම පනින්න නම් මහා ආර්ථික ශක්තිය්ක් ඕනේ ඒ ශක්තිය මේ කලාකරුවට ලැබිලා නෑ...
    රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති
    නළල් පට මාල හත් පට සින්න වී ඇති
    සකියණි රිදී කාසි සොලවන්නට
    බෙර පදය මදි
    සකියණි රිදී කාසි සොලවන්නට
    බෙර පදය මදි
    ඔහු නර්තන කලාවට දැවැන්ත සේවයක් කරනවා හැබැයි ඒ කලා කියල ඔහුට මහා ධනස්කන්ධයක් හම්බෙන්නෙ නැහැ. ඇතැම් වෙලාවට නිවෙස අගහිගකම් වලින් පිරිලා බිරිදගේ කණ කර බඩු පවා සින්නවෙලා ගිහින් ඉතිං මිතුර මුදලින් සියල්ල මනින මේ ලෝකයේ මේ නර්තන කලාවෙන් විතරක් අප කෙසේ ජීවිතය ගැටගසා ගන්නද....
    ප.ලි - මේ ගීතයේ කියවෙන්නෙ ශ්‍රී ලංකාවේ හිටපු දැවැන්ත නර්තන ශිල්පියෙක් ව ජීවිතයේ අන්තිම කාලය ඉතාම දුක්ඛිතව ගත කල රුපියල් 50 නෝට්ටුව රුවින් සරසපු නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ ගැන කියල මං අහලා තියෙනවා...
    සටහන - shashika bandara
    උපුටා ගැනීමකි...©️

  • @Nilukaniluka-tn8vm
    @Nilukaniluka-tn8vm Місяць тому

    අනේ පව් 😂😂😂

  • @devikagajanayake5681
    @devikagajanayake5681 11 місяців тому

    👍👍🙏😊

  • @Salidu_Hennayaka
    @Salidu_Hennayaka 3 роки тому +1

    super

  • @ShanthaFernando-f2s
    @ShanthaFernando-f2s 2 місяці тому +1

    😊😊😊😊😊❤❤🎉😢😮😂

  • @pasindulakshan7244
    @pasindulakshan7244 5 місяців тому

    😢❤

  • @buddikasamare6832
    @buddikasamare6832 9 місяців тому

    1.25× supirii

  • @TMMUSCLE
    @TMMUSCLE Рік тому

    ❤️‍🔥👊👈

  • @bike7673
    @bike7673 2 роки тому +1

    ❤😍🌸

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 2 роки тому +3

    මේ යථාර්ථය .....

  • @niroshanthilakarathne3530
    @niroshanthilakarathne3530 3 роки тому +3

    ❤❤

  • @samanthabandara1394
    @samanthabandara1394 11 місяців тому

    ❤🎧🎧

  • @thimalmunasinghe2517
    @thimalmunasinghe2517 2 роки тому +2

    ❤️

  • @AnojaKumari-k8i
    @AnojaKumari-k8i 8 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 3:01 3:03 3:04

  • @chinthakahewage2641
    @chinthakahewage2641 3 роки тому +4

    අදි මාත්‍රා

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 9 місяців тому

    🎉🎉🎉🎉🎉🎉

  • @SupunAnjali
    @SupunAnjali Рік тому +1

    Pisu හැදෙන්නේ 👍👍👍

  • @namaladikari2649
    @namaladikari2649 Рік тому

    Gunaya 😥😥

  • @dimuthusuranga6162
    @dimuthusuranga6162 2 роки тому +1

    👍👍👍👍👍

  • @isurusampathsandakelum8670
    @isurusampathsandakelum8670 2 роки тому +1

    😘

  • @pupudumahendra58
    @pupudumahendra58 2 роки тому +2

    raja ratain bhi u thawath wishitayek .kapuge shuringe golyek

  • @chamarinilushikadezoysa6511

    Rupe kapa papèé ගෙවනවා wina😢 ගෙනියන දෙයක් නැහැ naya ගෙවනවා wina

  • @naveendilshan2005
    @naveendilshan2005 Рік тому +2

    මෙ සින්දුවෙ තෙරුම දන්න කෙනෙක් කියන්නකො ☺️

    • @SankaSanka-il3gc
      @SankaSanka-il3gc Рік тому +1

      නැට්ටුවෙක් ඒකියන්නෙ සාම්ප්‍රදායික නැට්ටුවෙක් එයා දැන් වයසයි එයා දැන් නටන්නැ වැහැරුනු අතපය වෙව්ලන්නෙ 😢 අනික එයා අවසානෙට කියනව ධනවතුන්ගෙ කාසි මලු හොල්ලන්න එයාට දැන් ශක්තිය නැලු මන් දන්න තරමින් එක තම තේරුම ❤ අඩුපාඩු ඇති

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 Рік тому

      😂😂😂😂😂😂😂😁🤣🤣🤣🤣🤣👨‍🦳

    • @pulindunethsara4805
      @pulindunethsara4805 9 місяців тому

      Comments wala thiyanawa

  • @sakarajagedayarathna7878
    @sakarajagedayarathna7878 3 роки тому +1

    😊

  • @leenafernando7276
    @leenafernando7276 Рік тому

    🙏❤️😘🌷

  • @heshansandaruwan970
    @heshansandaruwan970 Місяць тому

    අයියා කීයක් ගත්තද? 😂

  • @suwashinidilhara1562
    @suwashinidilhara1562 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aseladelone6168
    @aseladelone6168 Рік тому

  • @AnojaKumari-k8i
    @AnojaKumari-k8i 8 днів тому

  • @gamingwithnoobsl7851
    @gamingwithnoobsl7851 8 місяців тому

    Df

  • @Mahee463
    @Mahee463 Рік тому +5

    මේකෙ තේරුම දන්න කෙනෙක් කියන්න්කො

    • @nalinimbulpitiya1873
      @nalinimbulpitiya1873 Рік тому +1

      මහළු වී ගිය නර්ථන කලාකරුවවෙක් ගේ හදවතේ නැගෙන විලාපය

    • @pawanamusic8724
      @pawanamusic8724 Рік тому +1

      නිත්තවෙල ගුණයා මහතාට ගෙයෙන් උපහාර ගීතයක් බ්ම 😊😊

  • @beba5138
    @beba5138 9 місяців тому +1

    මෙතුමා පිච්චිලා ද මැරෙන්නේ

  • @dakshithaanuranga2554
    @dakshithaanuranga2554 25 днів тому +2

    -කිරුළ මුතු ලිහී සරසර හඩින් වැගිරෙනා -
    ================================
    මේ ගීතය ලියවෙන්නෙ ලංකාවේ වයෝවෘද්ධ ,නර්තන කලාවට දැවැන්ත සේවයක් කරපු නර්තන ශිල්පියෙක් ගැන.. ඔහුව අගය කරන්න ඒ කාලේ රාජ්‍ය මට්ටමින් සම්මාන උලෙලක් තියනවා රටේ මුල් පුටුවල අය ඔහුට සම්මාන පුදලා යන්න යනවා ...මේ උත්සවයටම රත්න ශ්‍රී විජේසිංහ මහත්තයත් යනවා ඔහු දකිනවා අර රටට මහා සේවයක් කරපු අර නර්තන ශිල්පියා තමන්ට උස්සගන්නත් බැරි සම්මානය අරගෙන වැස්සෙ තෙමි තෙමි බෞද්ධාලෝක මාවතේ තනියම ඇවිදගන යනවා ගෙදර යන්න බස් එකට යන්න... මේ අපේ රටේ බොහෝ කලාකරුවන්ගේ ඛේදනීය ඉරණම රත්න ශ්‍රී විජේසිංහයන් ගීයකට හරවන්නෙ මෙහෙම....
    කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
    සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
    නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
    තන තන තාන තම් දෙනා
    තන තන තාන තම් දෙනා
    මෙහි කිරුල කියන්නෙ වෙස්තට්ටුව..මේ වියපත් නර්තන ශිල්පියාගේ වෙස්තට්ටුවත් වයසයි ඉතිං වෙස් තට්ටුවේ මුතු ,පබලු ගැලවිලා වැටෙනවා." සුළු මැදුම් දෙතිත කියන්නෙ උඩරට නර්තන ශිල්පින් නර්තනයේ යෙදෙන තාලයක් සුපුරුදු සුළු මැදුම් දෙතිත පවා ඔහුට නටන්න බෑ දැන්...ඔහු නටනවා හැබැයි පුලුවන් කමට නෙමෙයි එකක් ඔහු නර්තනයට ආසයි අනෙක තමන්ගේ පවුල ජීවත් කරලීම වෙනුවෙන්...
    දිලිසෙනා සේම කරලිය දිලෙන්නේ නැති
    වන්නමක් සේම සුමිහිරි තානමක් නැති
    සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
    ජීවිතෙන් බැරි
    සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
    ජීවිතෙන් බැරි
    මේක මේ ගීතයේ එන වැදගත්ම හදවතට දැනෙන පද කිහිපය.
    නර්තන ශිල්පීන්ගේ නර්තනයේ එලියට පේන අලංකාරය ඔවුන්ගේ ජීවිත වල නෑ මොකද අපිට වන්නම් වලදී ගිරෙන් ගිරට පැනල යන්න පුලුවන් හැබැයි ජීවිතයේ කන්දෙන් කන්දට එහෙම පනින්න බෑ එහෙම පනින්න නම් මහා ආර්ථික ශක්තිය්ක් ඕනේ ඒ ශක්තිය මේ කලාකරුවට ලැබිලා නෑ...
    රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති
    නළල් පට මාල හත් පට සින්න වී ඇති
    සකියණි රිදී කාසි සොලවන්නට
    බෙර පදය මදි
    සකියණි රිදී කාසි සොලවන්නට
    බෙර පදය මදි
    ඔහු නර්තන කලාවට දැවැන්ත සේවයක් කරනවා හැබැයි ඒ කලා කියල ඔහුට මහා ධනස්කන්ධයක් හම්බෙන්නෙ නැහැ. ඇතැම් වෙලාවට නිවෙස අගහිගකම් වලින් පිරිලා බිරිදගේ කණ කර බඩු පවා සින්නවෙලා ගිහින් ඉතිං මිතුර මුදලින් සියල්ල මනින මේ ලෝකයේ මේ නර්තන කලාවෙන් විතරක් අප කෙසේ ජීවිතය ගැටගසා ගන්නද....
    ප.ලි - මේ ගීතයේ කියවෙන්නෙ ශ්‍රී ලංකාවේ හිටපු දැවැන්ත නර්තන ශිල්පියෙක් ව ජීවිතයේ අන්තිම කාලය ඉතාම දුක්ඛිතව ගත කල රුපියල් 50 නෝට්ටුව රුවින් සරසපු නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ ගැන කියල මං අහලා තියෙනවා...
    සටහන - shashika bandara
    උපුටා ගැනීමකි...©️

  • @kulinimadhushani4587
    @kulinimadhushani4587 2 роки тому +1

    ❤❤

  • @achinikaushalya9262
    @achinikaushalya9262 2 роки тому +2

    ❤️❤️

  • @damithlakshan8222
    @damithlakshan8222 Рік тому +1

    ❤️❤️❤️

  • @randikamadushanka2803
    @randikamadushanka2803 Рік тому

  • @AmilaSujeewa-tm3kw
    @AmilaSujeewa-tm3kw 9 місяців тому

    👍👍👍

  • @Ravindufernando-lk2lq
    @Ravindufernando-lk2lq Рік тому

    ❤️