Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපේ නිර්මාණය ආදරයෙන් වැලඳගත් ඔබ සැමට බොහොමත්ම ස්තුතියි ❤ඔබේ සෑම කමෙන්ට් එකකම, ලයික් එකකම, නැරඹුම් වාරයකම වටිනාකම කියල නිම කරන්න බැහැ..මේ නිර්මාණයට දායක වූ සියලුම දෙනාටත් මගේ ස්තුතිය❤ හිතට දැනෙන තවත් නිර්මාණයක් සමග ඉදිරියේදී හමුවෙමු ❤
@@ChapaJayaruk ඔයාට ගොඩාක් ස්තූතියි මේ වගේ සිංදුවක් වගේම දුප්පත් අපේ ගමත් නිර්මාණය ට එකතුකර ගත්තාට.මං මේ සිංදු ව ගොඩාක් අපේ ඔෆිස් වලත් ශෙයාර් කලා.වෙනස්ම විදිහේ නිර්මාණය ක්.මම අනේක වාරයක් බලන්න ඇති.ඒ වගේම පුලුවන් හැම තැනකට ට ශෙයාර් කලා.බුදුසරණ යි
DE-AS BONDA WUNAAPAPUWA THADAWUNAASUSUM SIRAWUNAASITHAMA WELAPUNAA
@@ChapaJayaruk ලස්සන නිර්මාණයක් !දොස්තර චේ ගුවේරා සහ දොස්තර පිදෙල් ක්‍රස්තෝ වැනි විප්ලවීයයන් හමුවේ සෞන්දර්යාත්මක චින්තනය හෙබි ඔබවැනි කලාකරුවන් හමුවීම මහත් ආඩම්බරයක් . 🙏💘🌹🌹🌹🇱🇰
ස්තුති දරුවෝ oyge e gaynya hadwthatma දැනුණා පුතේ
ඔබගේ ගීතයක් ඇතුලත සිදුවිය හැකි ප්‍රබල නිර්මාණයක් ඉදිරියේදී බලාපොරොත්තු තබාගෙන සිටිමි .විනාඩි තුන හතරකින් ශ්‍රී ලංකාවම කම්පනය කර ජයගත් ඔබ නැවත ලයාන්විත ගීතයක් හරහා ප්‍රබල නිර්මාණයක් ඉදිරිපත් කිරීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි .
එයා airforce එකේ , වයස 24 නැති වෙද්දි, මට 23 යි... ඒ එදා... ජීවිතේට පසුව අය ආවෙ නැහැ කියන්නේ නැහැ , ඒත්... අද මට 42 යි.... මම තනියෙන් ඉන්න තීරණය කලා, අදටත් ලොකු දුකක් ආවොත් නතර වෙන්නෙ එතන.
අනේ අපේ අක්කා නම් දකින්න එපා මේ සිංදුව.... එයා බැදලා මාසෙන් මස්සිනා මැරුනා දවස්27න් මාසෙකුත් නෑ බදිද්දි අක්කාට වයස 24යි දැන් 41යි තාම තනිකඩයි එයා. මාර හයිය ගෑනියක්. මගේ ජීවිතේ හයිය එයා. වෙන කෙනෙක් බැන්දෙත් නෑ එයා අඩුම එයාට එෆෙය එකක්වත් නෑ. තාම මස්සිනාගේ ඇදුම් තියෙනවා පදක්කම් තියෙනවා ඒවා හරි ආදරෙන් බලාගන්නවා එයා. වීර විභූෂණත් හම්බුනා මස්සිනාට. එයාට කිසිම අගෞරවයක් වෙන වැඩක් අක්කා කරලා නෑ . මට හරි ආඩම්බරයක් එයා ගැන. මං මැරෙනකම්ම එයාව බලාගන්නවා කොහොම හරි. මට ජීවිතේ වටිනම කෙනා එයා.❤️
❤😢
Respect it’s very rare to find a love like that.
ඇයට අපේ ආදරය.. ගෞරවය ❤❤❤
මාරයි.ඇයට උපරිම ගෞරවය
@@Riyanakaiz 🤍
හදවත මොහතක් නතර වුනා. රිදුම් දුන් හදවත උගුරේගලක් හිරවුනා වගේ වේදනාකාරී හැඟීම පරයා ඇස්වලින් කදුළු පැන්නා. මා මෙම අද්දෑකීමට මුහුණ නොදුන්නත් ඒ අතීත මතකයන් හරිම වේදනාකාරීයි. මගේ හොදම යාලුවාගේ සැමියා කුරිරැ යුද්ධයදී මිය යනකොට වයස 23 ක සහ මාස 9 ක ළදැරියක්ගේ මවක්. දැන් ඇයට අවුරැදු 51 ක්. ඇය අදටත් දරැවා වෙනුවෙන් කැපවුනු නැවත විවාහයකට නොගිය මවක්. මෙම ගීතය යුද්ධයේදී මියගිය අභීත රණවිරැවන්ගේ සුවහසක් එවන් බිරිදෑවරැන්ට උපහාරයක් වේවා....🙏
මේ ගමේ රූගත කිරීම් කරනකොට මමත් දැක්කා.උද්දික ප්‍රේමරත්න පුදුම මනුෂ්‍යත්වය තියෙන නිහතමානීව ඉන්න කෙනෙක්.මම ඒ වසම භාර නිලධාරී කෙනෙක්.මං එදා අපේ පෙන්ශන් යන මහත්තයා කෙනෙක්ට පාර්ටි එක ඕගනයිස් කරන්න ඒගමට යනකොට මගේ බයික් එක ගන්න බැරිව උද්දික අය්යා මගේ බයික් එක එතනින් අරන්දුන්නා.ඇත්තටම මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝනිගල කියන දුප්පත් ගම්මානය.
දිනක් මම අඹේපුස්ස station එකේ කොළඹ යන්න ඉන්න කොට මම වාඩිවී සිටිය තැනට එහාපැත්තේ වයස 78 විතර අම්මා කෙනෙක් හිටියා එයාගෙන් මම ඇහැව්වා කොහේද යන්නේ කියලා තනියම එයා කිවා බේත් ගන්න කොළඹ මහ රෝහලට යනවා clinic පොතුත් තිබුණා එයා ටික වෙලාවකින් අඩන්න පටන්ගත්තා මම ඇහුව්වා ඇයි අම්මේ අඩන්නේ කියා එයා එයාගේ අතීත කථාව කීවා ඒක මේ කතාවට හොදටම සමානයි එයාගේ මහත්තයා මැරිලා මහත්තයා ගැන අතීත මතක මා සමග කියමින් හැඬුවා ඒ station එකේ සිට එයා මහත්තයා සමග කොළඹ යන හැටි කෝච්චියේ ගිය හැටි රෝහල් අවන්හලෙන් තේ බීපු හැටි දෙදෙනා එක්ව මහත්තයා කිසිදිනක එයාට බැණ වැදි නැති බවත් ඉතාම ආදරණියව හිටි බවත් කීවා අතීත මිනිසුන් ඉතාම සුන්දරයි අද ඔවැනි දේවල් අහන්න ලැබෙන්නේ නැති තරම් ඔබගේ උත්සහය මම අගය කරමි මේ අවස්ථාවේ මාගේ අදහසක් මම ඉදිරි පත් කරන්නම් මනුෂ්‍යයෙක් අතීත ආවර්ජන යන්ගෙන් හිතට වේදනාවක් දුකක් ගෙනදෙන්නේ ඒ පුද්ගල යා වර්තමානය තුල ජිවත් නොවන නිසා නම් වර්තමානය තුල යථාර්ථ වාදිව සත්‍යට මූණදි යථාර්ථය තුලින් සතුට ලබා ගැනීමට බුදුන් වදාල දහම තුලිනුත් කෘතියයක් නිර්මාණය කරන්නේ නම් මා එය ඉතාමත් අගය කරමි
"එය වසන්තය නොවේ" සොල්දාදු ඇසකින්...මුලින්ම කියන්න ඕන කාලෙකින් අහන ලැබුන පට්ටම සිංදුවක් නිසා දෙයක් ලියන්නම හිතුනා. දරුවා සමඟ ඇය ඉතා සාමාන්‍යය අයුරින් කරන කතා බහ වෙනස් වන්නේ ඇයගේ හුදකලා ගමන සමඟින් වන අතර, එය අප කාටත් කල්‍යාණ මිත්‍රයන්ගේ අවශ්‍යතාවයද ඉස්මතු කරයි. රළු බොරළු මාර්ගයක් ඇයට මතක පිරි මාවතකි. කාලය බොහෝ ගෙවී ගොස් ඇති බැවින් පියවර ලකුණු සොයා පලක් නැත. එසේම එම ලකුණු සෙවීම අතිශය වේදනාත්මක විඳවීමක් ද විය හැක. එබැවින්, තවදුරටත් නුඹ සමඟ යන්නට නොහැකි කාරණා විමසා ඒවාට පිළියම් කර නුඹ සමඟම යාමට මග සකසා ගත යුතුය. සිහිය විකල් වූ කල සියල්ල අමතක වුවහොත් මට නුඹවද මඟහැරෙනු ඇත. එනිසා ප්‍රතිකාර ලබාගත යුතුමය.වසන්තයේ පිපී ඇත්තේ එකමෙක මලකි. ඒ එකම මල ඇයට වසන්තයක පිපුන මල් යායක අයුරු පසක් කරවන්නට ඇත. ආදරයේ සෑම මානයක්ම ඔහුගෙන ඇය දුටුවා විය හැක. එනිසා ඇගේ හදවතේ වසන්තයේ පිපුණ එකම මල අමතක නොවන අයුරින් සිපගෙන සුවඳ විඳගන්නෙ හැමදාටම ඒ සුවඳ අවැසි බැවිනි.වැව් බැම්ම මතින් ගමන් කරද්දී වැව් දිය රළ ඇතිවී නැති වන අයුරින් නිතර නිතර මතක අළුත් වේ. එහෙත් රළ ඇතිව නැති වන අයුරින් නුඹ මතකය නැතිව යන්නට නොදෙමි. ඒ මතක සමඟින් හිත බිඳී වැටුනද නැවත එය සනසා ගමි. සසර මතු හමුවන්න යැයි නොකියන්නට හේතු තිබේ. මන්ද රට දැය වෙනුවෙන් කරන ජීවිත පරිත්‍යාගය නිවන් දකින්නට පවා හේතුවකි. එහෙත්, හමුවුනෝතින් නැවත ආදරෙයි නොකියන්නේ, වරක් ඇය එය ප්‍රකාශ කර ඇති බැවිනි. එසේත් නැති නම් ඒ ආදරයෙන් ඇය වුවමනාවටත් වඩා විඳවීම් ලබා ඇති බැවිනි. එසේත් නැතිනම් නෝක්කාඩුවක් ලෙස නොකියන බව කියන්නේ අනිවාර්යයෙන්ම ආදරෙයි කීමට සිතා සිටින නිසාවෙනි. ගීතය තුළ ඉතා ගැඹුරු සමාජ විවරණයක් මා දකිමි. විශේෂයෙන්ම යුද්ධය හා සෘජුවම සම්බන්ධවූ පවුල් විඳි කටුක ජීවිත අත්දැකීම් මේ සමඟ සමාජගත විය යුතු බව මගේ හැඟීමයි. තම ආදරණීයයා තරුණ වයසේදීම අහිමි වූ කාන්තාවකගේ මනෝභාවයන් මේ තුලින් කියවා ගත යුතුය. මෙවැනි වූ පෙම්වතියන්, බිරින්දෑවරුන්, දෙමව්පියන්, දරුවන්, සොයුරු සොයුරියන් හා හිතවතුන් කොපමණ අප සමාජයේ ඇද්ද? ඔවුන්ගේ හදවත් අප නිවැරදිව කියවා ගත්තාද? යන්න සැක සහිතය. මේ නිර්මාණය ඒ සියළු වින්දිතයන්ට උපහාරයක් වේවා යන්න මගේ ප්‍රාර්ථනාවයි. එසේම මෙම ගීතයේ රූප රචනය තුළ ඇති විශිෂ්ඨ සහ සියුම් තැන් ඉස්මතු කල යුතුමය.තම පෙම්වතිය සමඟ ඇවිද යන සොල්දාදු පෙම්වතෙක් නිරන්තරයෙන්ම වාගෙ ඇයගේ අත අල්ලාගෙන ගමන් කරනවාට වඩා තම රාජකාරී වීරත්වය ගැන කියවමින් ඉදිරියෙන් ගමන් කරන්නට රුචියක් දක්වයි. පෙම්වතුන් එසේ අත් පටලාගෙන තුරුළුව ගමන් කරන බොළඳ රෝමාන්තිකත්වයට හුරු නැත. සමහරවිට එය ඔවුන්ගේ පෞරුෂයට හානියක් බව සිතයි. බස් රියෙන් ඇයව ආරක්ෂාකාරිව බැස්සවීම, නළල සිප ගැනීම සොල්දාදු ප්‍රේමයක් තුළ පෙම්වතියක් ලබන ආරක්ෂාව හා ප්‍රේමණීයභාවය පෙන්නුම් කරයි.එසේම මෙම සමස්ථ ගීතයේම පපුව පසාරු කරගෙනයන දර්ශනය වන්නේ, ඇය හදිසියේ ඔහුව සොයද්දී, ඇය හදවතේ ඉන්නා බවට රෝහල් වැට කණුවට හේත්තුවී ඔහු කරන ඉඟියයි. සතුරු භූමියේ ඝන වනාන්තර වල ගත කල සෑම රාත්‍රියකම අම්මා, බිරිඳ ඇතුළු ආදරණීයයන් සිහිපත් වූ අයුරු සිහියට නැගෙද්දී හදගැස්ම පවා නතරවන්නා සේ දැනේ.මියගොස් ඇත්තේ දෙවන ලුතිතන් වරයෙකි. එනම් ඉතාම තරුණ වයසේ සොල්දාදුවෙකි. එදා පටන් මේ වනතෙක්ම ඇය ඔහු වෙනුවෙන්, ඔහුගේ මතක හා ජීවත්වේ. ඇය ලොකු අම්මෙක් මිසක අම්මෙක් නොවූයේ එහෙයිනි. එවන් වූ සාංසාරික ප්‍රේමයන් ලබන්නට බොහෝ පෙම්වතුන් වාසනාවන්ත වූහ.ඔහු වෙනුවෙන් නිමකර ඇති බස් නැවතුම අද වන විට ගරා වැටුනු ස්වරූපයෙන්, වර්ථමාන සමාජය තුල හමුදාවන් "නොවුවමනා" බවට වන හැඟීමද ඉස්මතු වේ. රටකට හමුදාවන් නොවුවමනා බව සිතන වුන්ගේ නොපැසුණු මනෝභාවයන් හා ලිංමැඬි දේශපාලනික කියැවීම මෙන්ම, රටක රාජ්‍යකරණය පිළිබඳව වන ඉඳිකටු තුඩක් තරම් නොවන අවබෝධය ගැන අනුකම්පා කරමින් කම්පා වෙමි.කෙසේ වුවත් අප අද අත් විඳින නිදහස මිළදී ගැනීම වෙනුවෙන් උණු ලෙයින්, කයෙන්,මනසින් ගණුදෙනු කර වන්දි ගෙවූ පිරිසක් අදටත් මේ සමාජය තුල සිටින වග මෙන්ම මේ නිදහස නොමිළේ නොලද බව නම් සමස්ථ රට වැසියාටම සිහිපත් කල යුතුමය. සමාජ මාධ්‍ය 'විරුවන්', පොරවල් කරගත් මේ සමාජයට, ඇත්තටම විරුවන්, වීරවරියන් සිටියේ කොහේද යන්න පසක් කර ගැනීමට මෙම ගීතය උපකාර කර ගත හැක.එසේම අනුරාධපුරයේ කහටගස්දිගිලිය ප්‍රදේශයේ කර්කශ ග්‍රාම්‍ය පරිසරය කදිමට මේ ගීතයට ගැලපෙන්නේ, රට දැය වෙනුවෙන් අනේකවිධ පරිත්‍යාගයන් කල බොහෝ සොල්දාදුවන් මෙවැනි ගම් වල, අහින්සක දුප්පත් දෙමව්පියන්ට දාව බිහිවීමත්, ඔවුන්ගේ මතක බොහොමයක් අද වනවිට මෙවැනි බස් නැවතුම්වලට සීමා වීමත් හේතුවෙනි.
ඔබේ ලියවිල්ල ඉතා රසවත්, හරවත්.. බොහොම ස්තුතියි මේ අගය කිරීමට ❤
Hats off 🥺🤍
@@ChapaJayaruk ඔබේ උසස් නිර්මාණය ඒ සඳහා අපිව පොළඹවනවා. අනර්ඝයි...සමස්ථ කණ්ඩායමටම ස්තුතියි ..🙏🙏🙏
ගම්මානය මොකද්ද
ඒක නම් වෙනමම ලෙවල් එකක් හිත වෙන තැනකට 0:38 අරන් ගියා වගේ ඒ සංගීතයත් ඒ ගායනයත් මරුවට ගැලපෙනවා. එදා වගේ කවදත් සර් ගේ නාද රටා අදටත් 👌👌👌👌
දවසට එක පාරක් හරි අහනවා.බලනවා.ඇය වයසට ගියත් හිත තාම තරුණයි.ඔහු බස් හෝල්ට් එකේ ඉන්න බව ඇය හිතනව එදා වගෙම ඇය එනකල් එතන ඉදන් ඔහුත් එක්ක අත් අල්ලන් පාර දිගේ ඇවිද යන්න බස් එකේ ඔහේ කියව කියව ළග ඉදන් යන්න පොඩි කඩේකට ගිහින් බීම ටිකක් එකම වීදුරුවෙන් බොන්න එදා වගෙම ඇය මනසින් ආසයි.ඒකයි එයා ක්ලිනික් යන්න ඔයි තරම් ආස නැත්තම් බෙහෙත් බොන්න නෙවෙයි.දෙයියනේ මේ වගේ සැබෑ පෙම්වතියන් බිරින්දෑවරුන් කොයිතරම් මේ ලක් දෙරණෙ ඇතිද? එවනි රණවිරු සැබෑ පෙම්වතියන්ට බිරින්දෑවරුන්ට මේ ගීතය උපහාරයක්ම වේවා! ඔබට ගොඩක් පින් ඩොක්ටර්.
ඔබ මෙය පැහැදිලි කලාට ස්තූතියි මට තේරුම් ගන්න බැරුව හිටියේ ඒමොකො ගීතය නොවෙ විශුවල් එක බැලුවේ ❤
මුලින්ම අර කෙටි වීඩියෝ එක ෆේස්බුක් එකේ බලලා ඇඬුනා ඇත්තමයි.පස්සේ ෆුල් වීඩීයෝ එක හොයාගෙන ඇහේ කඳුලු පුරවන් ආයේ ආයේ අහනවා බලනවා මේක දැන් ❤❤හරිම අපූරු නිර්මාණයක් ❤❤
Thank you ❤
*ඔබ ඇවිත් ගිය මගක පියවර ලකුණු නොසොයමි....* *තව දුරක් එක්ව යන්නට බැරි කරුණු සොයනෙමි .....* *එය වසන්තය නොවේ එකමෙක මලක් බව දැනී ......* *යලි මතක නැති නොවන ලෙස මම සුවඳ විඳ ගමි .....* වසන්තයේ අනේකවත් මල් පිපෙනවා.ඒක අපිට මෙච්චරයි කියන්න බෑ.හැබැයි වසන්තයේ පිපිලා වසන්තයේ ම පරවෙලා යන මල් ඕන තරම් තියෙනවා. මේකත් වසන්තය ගැන කියන අන්න ඒ වගේ කතාවක්. මේ ජීවිතයටත් ඒ වගේම වසන්තය ඇවිත් ආයෙමත් යන්නම ගිහින් ඉවරයි.හැබැයි මේ කතාව අනිත් හැම කතාවකටම වඩා වෙනස්.වසන්තය ඇවිත් ගියත් මේ කතාව ඇතුලෙ ඒ වසන්තය හැමදාම තියෙනවා.ගැහැනියක් තමන්ගේ මුළු ආත්මයම කරගෙන ආදරය කරපු මනුස්සයා හේතු සහිතව හෝ රහිතව තමන්ව දාලා යන්නම ගියත් ඒ කෙනාව තමන්ගේ පපුව ඇතුළෙම දරාගෙන තමන්ගේ මුළු ජීවිත කාලයම මානසිකව තමන් එක්ක ජීවත් කර ගන්න ඒක හැමෝටම කරන්න බෑ.ඒකට උතුම් හදවතක් තියෙන්න ඕනේ .තමන්ව අතහැරලා ගියපු ඒ ආදරණීය මනුස්සයාව හදවතේ දරාගෙන තමන් ජීවත් , මතක තියෙන කාලය පුරාවටම ඒ මලේ සුවද විඳ ගන්න එක මේ ගැහැණියගේ ආදරේ පාරිශුද්ධ භාවය කියවෙන එක්තරා සන්ධිස්තානයක්.මේ ගැහැනියත් තමන්ගේ ජීවිතයේ සතුට සැනසීම ඒ ආකාරයට වසන්තය එක්ක විදිනවා.සමාජය මේකට උන්මත්තක භාවය කිව්වත් සදාකාලිකවම දුක් විඳිනවට වඩා ඒක සැනසීමක් නෙවෙයිද?අදත් සමාජයේ මේ වගේම අදරවන්තියෝ ආදරවන්තයෝ ඕන තරම් ඉන්නවා.එයාලට උන්මත්තක භාවය කියන ලේබලය නොගහ එයාලගෙ හදවත හරි විදිහට කියව ගන්න පුළුවන් උන දවසක මේ සමාජය මීටත් වඩා ලස්සන තැනක තියේවි ......
යුද්ධයෙන් මියගිය මගේ මාමා ඇතුළු සියලු මියගිය රණවිරුවන්ට උපහාරයක් ම වේවා 🥺❤️
🙏🙏🙏
අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්ද දන්නෙත් නෑ නමුත් 1992 අගෝස්තු අටවෙනිදා කියන්නේ ජෙනරාල් කොබ්බෑකඩුව ඇතුලු යුද විරුවො දහ දෙනෙක් නැතිවෙච්ච දවස 😢
කොහොමද වචන වලට පෙරළන්නේ මේ අපූරුව අහපු හැම නෙතක්ම කඳුළින් තෙමෙන්න ඇති හයියෙන් ඉකිබිඳින්න ඇති ඒ තරමටම දැනුනා❤
මං හැමදාම ප්‍රශ්න කරන දෙයක් තමයි "ඇයි උද්දික දේශපාලනයට ගියේ" කියන එක ගැන. 😢අපිට ඉන්න තවත් එක් වටිනා නලුවෙක්. මේ විනාඩි ගානක රූප රචනාවම ඇති ඔහුගේ රංගන පරාසය ගැන දැනගන්න. ❤ 🔥
ඇත්ත.... එයා ගත්ත බෝම වැරදි තීරණය ක් දේශපාලනය
ඒ උනාට එයා හොද දේශපාලන දැක්මැක් තිබුන කෙනෙක්... අසාධාරණයට විරුද්ධව පාර්ලිමේන්තු වේ නොබියව කතා කළ පුද්ගලයෙක්......ඇත්තටම ඔහු වටිනා පුද්ගලයෙක්...
අම්මලාට දරුවොත්, බිරින්දෑවරුන්ට ස්වාමිපුරුෂයෝත්, සහෝදරියන්ට සහෝදරයනුත්, පෙම්වතියන්ට පෙම්වතුනුත් කොයිතරම් මතක් වෙනවා ඇතිද, දුරකථන ඇමතුමක් නැත්නම් ලියුමක් එනතුරු බලාසිටි අතීතය සිහිවෙන්න ඇතිද ? ඒ මගහැරීම් මග නොහරුනානම් කොයි තරම් සොඳුරුද ? රළ බිඳෙයි හෙටත් වෙරලක නුඹ ලඟක නැතියෙනිහිත බිඳී යන්න නොම දී යලි යලි හදාගමි...ඒ දරාගැනීම් හට මේ ගීතය උපහාරයක්ම වේවා!........
මේ සිංදුව වරදෙ නොබැදෙන අවංකව ආදරය කරන හැම ගැහැණු ළමයෙකුටම හැම ගැහැණියකටම හොදින් දැනෙන, හීනියට පපුව මැද්දට රිදුමක් දෙනවා.💔
මේ විෂුවල් එකට මාලනි ෆොනසේකා මහත්මියවයි උද්දිකවයි තෝරගන්න හිතුව කෙනා කරලා තියෙන්නෙ මේ සියවසේ හොඳම තෝරගැනීම
අනිවාර්යයෙන්ම ❤
100% ක් ඇත්ත ❤
Anee oww eka aeththa...
අනිවාර්යෙන්ම
අනේ ඒ දෙන්නා හරි ලස්සනයි ❤❤❤
මාලිනියගේ දෙබස්.....මාලිනියගේ රගපෑම....වචන නැතුව කරපු උද්දිකගේ රගපෑම.....දෙපරාක් හිතන්න හිතෙන වචන......හිත පිරිමැදගෙන යන සංගීතයපපුවටම වදින කටහඩ...වීඩියෝ එකක් කියලා පෙන්නපු අමු චිත්‍රය...අංගසම්පූර්ණ නිර්මාණක් ❤
Ada derana mornings ප්‍රෝගෑම් එක බලල හොයාගෙන ආවෙ සිංදුව ඇත්තටම ලස්සනයි ❤😍
❤❤
අති ප්‍රබල රූප රචනාවක්❤ මේක ඇත්තටම ගීතයක් නෙමෙයි. රූප කාව්‍යයක්. රූපයෙන් ගීතය වෙන් කරල ගත්තම ගීය සාමාන්‍ය පැතලි ගීයක්. . ඒකේ විශේෂයක් නෑ. ඒත් ඊට රූප රචනාවෙන් දී තිබෙන ආලෝකය සුළුපටු නෑ.... සමහර ගීත වල පද මාලාව ඉහළට ඇවිත් රූප රචනය දුර්වල උනත් මෙහි පද මාලාව ට වඩා ඉහළ තැනක රූප රචනය තිබෙනවා... ජය ❤
උද්දික රඟ පෑ සමනල සංධවැනිය මතක් උනා... ඒකත් මේ වගේම සංවේදී යි උද්දික හරිම දක්ෂයි...
මෙතන මානසික රෝගයක් කියනවාට වඩා මම ආසයි, ඔහු මිය ගියත්, තාම ජීවත් වෙනවා ඇගේ හදවතේ කියන එක
හදවත ඇදුම්කන කතා තේමාවක්....මාලිනී ෆොන්සේකා මහත්මිය තාමත් හරි පින් පාටයි..ඇයට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !
අපේ නිලි රැජිනගෙත් උද්දිකගෙත් ඒ කතා නොකර කරන රගපෑම දැක්කාම ඒ දෙන්නාව අල්ලලා බදාගන්න හිතෙනවා , ගීතයට වටිනාකමක් දීලා තියෙන විශුවල එක, විඩියොවක් බලල අඩපු පලමු වතාව😢😢😢. කොච්චර දුක හිතුනත් ආයෙමත් ආයෙමත් බලපු ඒ අති දක්ශ රගපෑම ,බුදු අම්මෝ එහෙමත් රගපෑමක් ❤❤❤
සිංදුව මොකද්ද කියල බලන්න එකපාරක් ඇහුව, visual එක ලස්සන හින්ද දෙපාරක් බැලුව,,meaning එක ගන්න තව දෙපාරයි..දැන් වොයිස් එක ලස්සන හින්ද දහපාරක් විතර අහනව 😍
❤❤❤
Visuals බලල ඉවර වෙද්දි සින්දුවේ මොනව කිව්වදකියල මතක නැති සින්දුවක්.😢
@@enavigatorE ඇත්ත 🥲
පපුව පිච්චෙනවා .මානසික රෝගයක් තරමටම දුර නොගියත් මාත් මේ වගේම හීනෝන්මාදයක් අදටත් ජීවත් වෙන අසරණියක්.
අපේ නිළි රැජිණ දැන් වියපත් වෙලා කියල දැක්කම කණගාටුයි, ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා, උද්දික ප්‍රේමරත්න සැබවින්ම දක්ෂ කලාකරුවෙක්, අපි ඒ කලාකරුවාට හැමදාම ආදරෙයි, නිර්මාණය ඇත්තටම ලස්සනයි, දිගටම මේ වගේ විශිෂ්ට ගණයේ ලස්සන නිර්මාණ කරන්න
ඉස්පිරිතාලේ ඇතුලෙදි කලබල වෙලා පෙම්වතාව හොයන තැන මාලිනීගේ මුහුනේ හැගීම් ප්‍රකාශය නම් විශිෂ්ඨයි...මෙච්චර වයසට ගිහිල්ලත් ඇයගේ රගපෑමේ තියෙන තාත්වික බව ගැන නම් කියන්න වචන නෑ..දෙදෙනාම හරි ලස්සනට කරනවා visual ඵක...සින්දුවත් හරිම ලස්සනයි❤
Pemvatha neme putha eya
හරි ම ලස්සනයි...බලනකොට කදුලුත් එනවා...හරිම තාත්වික යි...උද්දික ප්‍රේමරත්න... විශිශ්ඨ කලාකරුවානණී...මාලණී නළි රැජින...සීනාව හරීම ලස්සනයි.....ඒ කට හඩට තනුවට මාරම ලස්සන රග දැක්වීම....ආසම සීංදුවක්...
දවස් ගානක කථාවක්, විනාඩි ගානකින් කියලා ඉවර කරා. දැක්ක හොදම රූප රචනයක්, ඒ කටම ගැලපෙන නලු නිළි ජෝඩුව.. 👌❤️
මොකක්ම හරි සුවිශේෂි සිදුවීමක් මූලික කරගෙන මානසික රෝගයකට ලක් වෙන කෙනෙක් ලෝකය දිහා බලන විදිහ හරි ලස්සනට රූප රචනය කරලා තියෙනවා❤ අනාගතයේ කෙසේ වුණත්,ඒ වගේ කෙනෙක්ට අතීතය වර්තමානය කියලා දෙකක් නෑ. එයාට පේන්නේ දැනෙන්නෙ හැඟෙන්නේ අතීතය වර්තමානය කියලයි. එයාගේ මනෝ ලෝකේ ඉන්නේ එයා එක කාලෙක තදින්ම අල්ල ගත්තු චරිත සහ සිදුවීම් විතරයි. ලෝකෙ මොන තරම් කාලගුණික දේශගුණික විපර්යාස වුණත් එයාට ඒවායේ ගානක් නෑ. ඒකයි එයාට වසන්තය එකම එකම මලක් වගේ පේන්නේ. හොඳට රූප රචනාව දිහා බැලුවොත් ඔයාලට පෙනෙයි කාලේ වීදුරුවකට දාන දෙහි බීම එක එයාට පේන්නේ වටින විදුරුවක දාපු වයින් එකක් වගේ. සමහරවිට නිකම්ම නිකන් දෙහි බීම එක එයාට අමුර්තයක් වගේ දැනෙනවා ඇති. කොහොම වුණත් අතීතයයි වර්තමානයයි පැටලෙන එක අපිට පිස්සුවක් වගේ පෙනුනට ඒක එයාට ඉස්තරම්ම මතකයක්, සමහරවිට ලෝකයක් 😢😢😢
ඔව්..ඇත්තටම ❤
🌹
බලා සිටීම වේදනාකාරීයඅමතක කිරීම වේදනාකාරීයනුඹගේ මතක නිතර නිතර හමුවීම වේදනාකාරීයනමුත් කල යුත්තෙ කුමක් දැයි සිතාගත නොහැකිව සිටීම තරම් අධික වේදනාවක් අන් කිසිදු හැඟීමක් තුළ නැත!!කිසිඳු සමුගැනීමකින් තොරව මඟහැර ගිය සෑම කෙනෙකුම කුමක් කල යුතුද කියා සිතාගත නොහැකිව අසරණ සිතමින් වේදනාකාරී වූ ජීවිතයක් ගත කරනු ඇත!අතරමඟ හැර යනවාට අමතරව , නොකියාම නුඹ ගියා යැයි හැඟීමත්.. තවමත් ආදරේ ඇති යැයි යන හැඟීමත් අතර අතරමං වනු ඇත!සමුගැනීමකින් සමුගන්න!
වසර 20ක් පුරාවටම මා තුලම සැඟව සිටි මම ගැන දැනගතිමි. අගේ කොට සලකමි ඔබේ මේ ඉස්තරම් පැහැදිලි කිරීම ගැන ,,,,,,,🙏❤️😥😥😥 ආපසු මුලට යන්නේ කෙසේදැයි නොදනිමි. සැබෑවටම අතරමං වුණෙමි ,,,,,,,, 😥😥😥
මිනිස්සුන්ට අහිමිවුනේ නොගැලපෙන දේවල් කිව්වට අහිමි වුනේ ඔවුන් වැඩිපුරම ආදරේ කරපු දේවල්..
මේක බලනකොට අඬන්නෙ නැති කෙනෙක් ඉන්නවද මන්දා. හරිම ලස්සන සින්දුවක්. ඒ වගේම හරිම ලස්සන වෙනස් විදියක සැමරීමක්. යුද්ධයෙන් පවුලෙ අය නැතිවුණු හැම කෙනෙක්ගෙම කතාවක්.
ෆිල්ම් එකක් බැලුවා වගේ ❤️මොකක්දෝ අමුතු ලස්සනක්,වේදනාවක් ඒ හැමතැනම තිබ්බා 😢❤.උද්දික සහ මාලනී ෆොන්සේකා මහත්මිය ඒ ඇතුලෙ හරි ලස්සනට ජීවත් වෙනවා.අපිට හුස්ම දීලා හුස්ම ටික මේ වාතලයට එකතු කරපු සියලු රණවිරුවන්ටත් මේ වගේම ඒ අය ආපහු එනකන් මග බලන් ඉන්න අහින්සක ගැහැණු හිත් වලටත් මේක උපහාරයක්ම වෙයි 🙏💙
රූප රචනාවක් ගීතයක් ඉහලට ඔසවා තැබීමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි මේ..ඇත්තටම හරිම ලස්සනයි..මාලනී ගෙ රඟපෑම වගේම උද්දික ගේ රංගනයත් විශිෂ්ට අයුරින් මතු කරගත් අධ්‍යක්ෂණය සුපිරි.❤❤
වෙලාවකට මට මේ වගේ ආදර කතා ගැන හරි ඉරිසියයි. නැති වෙන්න හරි. ජීවිතේ එක වසන්තයක හරි මේ වගේ ආදරයක් ලැබෙන්න කොච්චර වාසනාවන්තද? ජීවිත කාලයක් ජීවත් වෙලාත්, එක දවසක්වත් මේ වගේ ආදරයක් නැතුව කොච්චර මිනිස්සු මැරිලා යන්නවද?
ඒක ඇත්ත
නිවාඩු එන දවස් 10 ට...එන්න ඉස්සර time table එකක් හදාගෙන මයි එන්නෙ .නෑ ගමන් ...විනෝද ගමනක්...ගෙදර අඩුපාඩු තැන් හදන්න ...දරුවන් ගෙ අතපසු උන වැඩ ...එයාගෙ අතින් රස අමුතු කෑමක් හදලා අපිට දෙන්න ...වගේ දේවල් ඊට අඩංගු යි...නිවාඩු ඉවර වෙලා එයා ගිහාම මම කල්පනා කරනවා මාස ගානකටවත් අපිට ඒ වැඩ ටික කරගන්න බෑ නේද කියලා ...😥😭
😢
මේ ගීතය අපේ හිත් සංවේදී කලේ මොන තරම් අපුරුවටද......අලුත් අදහසක්...... පද රචනයට....... ගායනයට... රූප රචනයට..... දීමට ඉතුරුවී ඇතිනම්..... පුදුමයකි.....මගේ හිතේ හැගීම්.... ඔබ ඉදිරිපත්කර හමාරයි.....එක දෙයක් කියමි....... මෙය අඩුම තරමේ දෙවරක් වත් රස නොවිදි කෙනෙකු නැත..... කිහිප වරක් රස වින්දත්....... නැගෙන කඳුල එසේමය....කලා කරුවනි......ලෝකය සුන්දර උනේ... ඔබම නිසාය.......❤
" එදා වාගෙම,නුඹ තවම තරුණයි,ලස්සනයි ..මට අදට හැට පහක්.,මා මහලු නමුත්නුඹ ,කවමදාවත් වයසට නොයනතිස් හතරක තරුණයෙක්..නුඹ මා තනිකර ගිය දින පටන් මා නුඹේ මතක සමගම ජීවත් වුනෙමි..නුඹ ගිය ගමන එන්නට, කෙතරම් වෑයම් කළත් ,ඒ සියලු වෑයම් ව්‍යර්ථ කලෙත් ,නුඹ බව මම දනිමි.නමුත් මා දැන් සතුටින් ය ,ඒ,නුඹ ළගට එන්නට තව වැඩි කලක් මට නොයන බැව් මා දන්නා බැවිනි..ඉතිං පණ ;නුඹේ ලඟට විත් ,තුරුළු වීසැනසෙන්නට හැකි දවස එන තුරු මා ආසාවෙන් මඟ බලා සිටින්නෙමි. "🌼🫀✍🏻*-Pemith_N|
මොහොතකට හදවත නැවතුන ගීතයක්. මේ වටිනා නිර්මාණයට දායක වූ සැමට බොහොම ස්තූතියි ! මාලිනී ෆොන්සේකා මහත්මිය නම් නිළි රැජිනම තමයි.
දවසට කීපසැරයක්ම බලනවා. ඒත් හැමසැරේම ඇඩෙනවා. මේ තරම් ඇබ්බැහි උනේ නෑ කිසිම නිර්මානයකට ❤
රූප රචනාවකට මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා දැනුණේ මේක දැක්කාට පස්සෙ උද්දික මාලනි අනේ කොහොමද මේ ගැලපිම❤ හිතට ආවේ.....මේක බලපු වේලාවේ ඉදන් උගුර හිර වේලා වගේ ඇස් වැහෙන තප්පරයක් ගානේ මේ විශුවල් එක ඇස් ඉස්සරහා මැවෙනවා වගේ දැනෙනවා...අනේ මේක ඇත්තටම film එකක් වුණානම් හොදයි.... ඒ හැගිම් ඒ ඇස් මොනදෝ කියනවා ඇත්තම ආදරේ හරි බරයි කියලා ඒ ඇස් වලින් දැනෙනවා.....රගපැමක් කියලා අමතක වේලා බලමු ලස්සනම නිර්මාණයක් මේක❤❤❤😥😍
මේකේ මාරම අදහසක් තියන සිංදුවක්...මාරම රුපරාමු පෙලක්
මම මේකෙ දැක්ක හොදම detail එකක් තමා පිරිමි කෙනා බැදගෙන හිටපු අත් ඔරලෝසුව. හමුදාවෙ කොල්ලො ගොඩක් ඔය casio F91 watch එක පාවිච්චි කරා යුද්ධෙ කාලෙ🔥🇱🇰
ආදරණීය ආදරයක් දැනුණු කෙනෙකුට ඇත්තටම ආදරය පිස්සු වක් තමා ලස්සන නිර්මාණයක් කොචිචරඇහුවත් ඇති වෙන්නේ නැහැ ❣️❣️❣️💖💖💖
අද දවසට මේ සිංදුව කී පාරක් ඇහුවද කියලා මතක නෑ 🥺මේ ලෝකෙ කාටවත් තමන් ආදරේ කරන කෙනාව නැතිවෙන්න එපා 😔💔
කථාංග සිය දහස් ගණනින් දන්වන බැරි දෙයක් ඉදිරිපත් කළ අතිවිශිෂ්ට නිර්මාණයක්!
මගේ ජිවිතේ පලවෙනි වතාටව විශුවල් එකකට ඇඩුනා ..ඇබ්බැහි උනා ..අපේ ආමි එකේ යුද්දෙන් මැරුන කොල්ලොන්ගේ ආදර කතා උන් එක්කම මැරුණා..😢
Ape sinhala minisunta dan ewa mathaka na. 😢
මම මේ සිදුවිම කෙනෙක ට වෙනවා ඈස්.දෙකෙන්ම දැක්කා. ඔවුන්ට එක තෙරුම් ගන්න කල් ගියා.මේක ඩ්මෙන්ශියා රොගි තත්ත්වය .තරුන කාලේ මුන දිපු සිතට දැනුනු සිදු විමක් සමග මහලුවියෙදි ඇති වෙන ඔවුන් ඒ ලොකයේ ජිවත් විම.මාලනි පොන්සේකා මහත්මිය හාඋද්දික මාව ඇඩෙව්වා..සින්දුව facebook එකෙ කොටසක් බලලා බලන්න ආවේ.අවසානය දක්වා කදුලු මතින් බලපු ගිතයක්❤
ඇයට ඇති වටිනාම වස්තුව...ඇගේ එකම සතුට.... සැනසීම...තුරුණු වියේදී සදහටම අහිමි වූ ඇගේ ප්‍රේමය.... වියපත් වුවද....ඇය ඇගේ සිත තුල පරිස්සම් කොට තබා ගෙන හිඳින අපූරුව.... අහිමි වූ ප්‍රේමය නමින් ඇසේ නැගුණු කඳුළු මුතු ඇටය කොට හදේ නිදන් කර ගත් සදාකාලික ප්‍රේමවන්තිය ඇය.....ඔහුගේ සුවඳ....ඔහුගේ හුස්ම..... ඔහුගේ ආදරය....රැකවරණය... සදාකල්හිම විඳින ස්නේහවන්තිය ඇය.....ලොවට උමතු සිතක් ලෙස පෙනෙන....සිතින් පොහොසත් ගැහැණිය ඇය.....හිත කඩා වැටෙනවා මේ රූපය රාමු තුළ... උද්දික ප්‍රේමරත්න ප්‍රේමයක්ම තමයි....මාලනී ෆොන්සේකා සදාකාලික සදාදරණීය ප්‍රේමවන්තියම තමයි. ආදරෙයි ඔබ දෙදෙනාටම.... මෙවන් සොඳුරුවූද සදාකාලික රිදුමක් තබා යන්නා වූද ප්‍රේමණීය නිර්මාණයක් දායාද කළ හැමට ස්තුතියි. මේ සොඳුරු කවිය සැබෑ ලෙසින් මේ අත්දැකීම විඳින සදාදරණීය රණ විරුවන්ට සහ ඒ ආදරණීය පෙම්වතියන්ට, බිරින්දෑවරුන්ට උපහාරයක්ම වේවා.❤❤❤❤❤❤❤❤❤
සින්දුව ඇහුනෙ නෑ visual එක නිසා. ඒක නම් මාරය්.
Fb එකේ මේ සිංදුවේ තේරුම පැහැදිලි කරලා තිබ්බ පෝස්ට් එකක් දැකලා තමා ඇවිත් බැලුවේ 🥺❤ ඇත්තටම සිංදුව මාරම ලස්සනයි.. ඊට වඩා විශුවල් එක හදවතට දැනුනා 🥺❤️ මේකට ෆිල්ම් එකක් හැදුවොත් මට හිතනවා ඒක ගොඩක් ෆේමස් වේවි කියලා 🥺❤️
"ඇයි මයෙ අම්මා "❤..... ඒ වචන කිව්ව ලස්සන
කී සැරයක් මේක බලුවද කියල මතක නෑ..ඒ තරමට බලනවා. තාමත් බලනවා..❤❤❤❤❤
ඉතාමත් සංවේදී නිර්මාණයක්. මට සිහියට ආවෙම මගෙ අම්මා. ඇයත් මානසික අසමතුලතාවයෙන් පෙලෙනවා. ඇගේ කතාව මීට ටිකක් වෙනස්.ඇයයි මමයි දෙන්නම තනිවුනා. ආදරය නිසා මේ ලෝකේ තනිවුන සෑම හිතක්ම සුවපත් වේවා!!!
මටත් මගෙ වසන්තය මතක් උනා මේ ගීතයේ අවසානයේ වසන්තයේ හිමිකරු මතක වස්තුවක් වී අවසානයේ බස් නැවතුම්පොළ ලගින් මතුවෙන විට හදවත කඩා වැටෙනවා දුකයි හරිම ලස්සනයි
ඇත්ත ජීවිත කතා තාත්විකව ඉදිරිපත් කිරීමක්. 🌹🌹"සමනළ සoධ්වනිය" මතක් වුනා. භාව ප්‍රකාශන අතිවිශිෂ්ඨයි. උද්දික ප්‍රේමරත්න & මාලිනිය ❤🌹🌹❤සම්මානයක් දෙන්නම ඕනේ 🎉
පද රචනයට එහා ගිය හඬක් සහ සංගීතයක්, ඊටත් එහා ගිය රූප රචනායක්... ❤️මාලනී, උද්දික අති සංවේදී රංගනයක්. ගීතයක විනාඩි කිහිපයක් ද Film එකක් ද කියලා හිතාගන්න බැරි තරම් සුපිරි පුද්ගල මනෝ භාවයන් පිළිබඳ ගැඹුරු චිත්‍රනයක්...කියන්න වචන නෑ, බලන ඕන කෙනෙක්ගෙ ඇස් වලට කදුලක් එක්ක හිතට කියාගන්න බැරි බරක් එකතු කරාවී...ඇත්තටම පිස්සුවක් ❤️❤️❤️
ඒක ලෙඩක් නම් තමන් ආදරය කරන කෙනා එහෙමවත් දකින්න ලැබෙනවනම් මං ආසයි ඒ ලෙඩේට🥺 පටන් ගැන්මත් අවසානයත් ලස්සනට මුහු කරලා තියෙන නිර්මාණයක් 💜️❤🥺
දේශපාලනය නිසා රටට නැති උන අග්‍ර ගණයේ නළුවෙක්... උද්දික ❤️
මගෙත් මෙහෙම තමන්ගෙම මනෝ ලෝකෙක තනිවුන සහෝදරියක් ඉන්නවා. පාසල් ප්‍රේමයක හිත තනිවුන. යථාර්ථයේ 45ක් වුනත් හිතින් තතවමත් 17 වියැති. ෴හිතට තදින්ම දැනුනා. ස්තූතියි චාපා/
මම මේක බලපු වාර ගාන මතකත් නෑ . අඩන වාර ගාන මතකත් නෑ. මේක මගේ අත්දැකීමකුත් නෙමෙයි . ඵ්ත් තේරෙන්නේ නෑ
මිනිස්සුන්ගේ හිත් වල තියෙන හැඟීම් මේ වගේ අපිට දැනෙන්න පෙන්වන එක ලේසි දෙයක් නෙමෙයි... බෙහෙත් නොගත්තත් ගොඩක් අයට මේ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්... විඩියෝ එක බලද්දී මම කල්පනා කලේ මාලනියගේ තරුණ කාලයේ උද්දික එක්ක රඟපාන්න ලැබුණා නම් කොහොම ලස්සනට ඒ දෙන්නා ගැලපේවිද කියලා ❤️❤️
මටත් එහෙම හිතුනා
මේ වගේ කතා කොච්චර නම් ඇතිද ?.. 🥺 සංවේදී නිර්මාණයක් ... ගොඩක් ලස්සනයි ❤️ ඒ වගේම කලාවේ යුග දෙකක නොමැකෙන සටහන් තැබූ නලුනිලි යුවලක්
උද්දික ඔබට මාලනී සමග රංඟන යෙන් දායක විමට ලැබීම වාසනාව ක්...එය දකින්න ට ලැබීම අපේ පිනක්🎉🎉
පළවෙනි සැරේට බලද්දි සිංදුවේ එක වචනයක්වත් ඔළුවට ගියේ නැත්තේ මට විතරද.. 🥺 විෂුවල් එකේ මාත් ජීවත් වුණා වගේ ❤
දකින දකින සැරේට බලනවා. ඇඬෙනවා. ඒත් වචන ඇහෙන්නෙ නෑ.ඒ තරමට එයාලා දෙන්නා හදවතට යනවා
පද රචනය ,ගායනය,රූප රචනය ,රංගන කුසලතාවයන් අතිවිශිෂ්ටයි ,උද්දික ඔබට කලාව තුල බොහෝ කාලයක් බොහෝ දේ කලහැකියි මාලිනිය නිළි රැජිනට හැමදාම ආදරෙයි ❤️
ගීතයේ අර්ථයට තෝරාගත් නළු නිළිය යුවළගේ උපරිම සාධාරණයක් සිදුවීමෙන් තවත් මෙම නිර්මාණය සාර්ථක වී ඇත ..🙏❤️👍🔥
කියලා වැඩක් නෑ පුතේ මේ වැඩේ සුපිරියි. නිලි රැජින මේ ගීතයට වඩාත් වටිනා කමක් එකතු කරලා තියෙනවා ඇයගෙ උපරිමයෙන්ම. උද්දික කියන්නෙත් අග්‍රගන්‍ය නලුවෙක්. ඇත්තටම කෑ ගගහ අඩන්න හිතෙන රූප රචනාවක්. ❤️
කලාකරුවන් දෙදෙනාගේ, හැඟීම් හුවමාරුව තමා මතකයේම රැඳෙන්නේ .........❤❤නිළි රැජින මාලනී ❤හදවතේ නළුවා උද්දික ❤
හිත වෙවුල්ලා දියවෙලා ගියා වගේ හැගිමක් දැනුනා. ආදරෙයි මේ සින්දුව අපි අතරට ගෙනාවට.
දවසට පස් පාරකට වැඩිය බැලනවා.මොකක්දෝ මන් දන්නේ මේ visual එකට මගේ සිත ඇදී යනවා.❤❤❤
එතෙක් මෙතෙක් දුටුව ලස්සනම රූප රචනාවදෙන්නගෙ රගපෑම් අති විශිෂ්ඨ යි
අනේ අදටත් මෙතුමියගේ අති දක්ශ රංගනය.ඔබතුමියට දීර්ඝායු වේවා 🙏🙏🙏
පපුවේ ඇතුලේ ඇවිලුනු ගින්දර සීතල නිම්නයක් වෙලා. වර්තමානය මනෝ ලෝකයක් ඇතුලේ ස්පන්දනය වෙලා ❤️🔥🌹
හරිම ලස්සනයි. ලස්සන වචන ටිකක්.දැනෙන කටහඬක්. රෑප මවන්න පුලුවන් දෙන්නෙක් අරන් කරපු හිතෙට දැනෙන නිර්මාණයක්. කොයිතරම් බැලුවත් එපා නොවෙන සුපිරි සිංදුවක්. 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
උද්දික ප්‍රේමරත්න නම් ප්‍රේමයක්මැයි ❤❤❤❤❤❤
Yes❤️❤️❤️
සමහරුන්ට විහිළුවක් , සමහරුන්ට ඕකුන්ට පඩියක් ගෙවුවෙ ඕකට තමයි, සමහරුන්ට මිනී මරුවො, සමහරුන්ට කාලෙකට දෙවිවරු..., සමහරුන්ට අමතකයි, සමහරුන්ට ඒක උන්ගෙ රස්සාව..,ඒත් අදටත් කොහෙ හරි තැනක කාගෙ හරි ජීවිතයක් මරණය දක්වා සදාකාලික වේදනාවක ගිලීම නියත උරුමයක්.. 🖤පැති කිහිපයක් ටච් කරපු රූප රාමුවක්. යම්කිසි සිදුවීමක් නිසා මනස බිඳ වැටුනම එයාලට වර්තමානයක් නෑ අනාගතයක් නෑ. අතීතය විතරයි ජීවිතේ . අතීතයේ විඳීම් තුළින් මනෝමය ගණුදෙනුවක ඉන්න බිරිඳක්. එයාගෙ සැමියා එක්ක භෞතිකව ස්පර්ශයක් වත් නැති උනාට එයා මනසින් ජීවත් වෙනවා සතුටින් සැමියා එක්ක. ඒක මතුපිටින් දකින කෙනෙක්ට තේරෙනවා අන්න අරයට පිස්සු කියලා . සැමියාගේ අකල් අභාවයෙන් එයාට පිස්සු හැදිලා කිව්වොත් හරි. ඒකට බෙහෙත් ගන්නවා. එයාගෙ පිස්සුවෙන් කාටවත් හානියක් නෑ. ඇත්තටම කිව්වොත් මොළය විසින් එයාගෙ දුක හිතෙන ශොක් වුණ කොටස එයාට අමතක කරවලා ඒක දරුණු වේදනාවකදි මොළය විසින් ගන්න ලොකු තීරණයක්. එහෙම නොවුනා නම් ඒ ශොක් එකට එයා මැරෙනවා. අර පපුව පැලිලා මැරෙනවා කියන්නෙ.අන්න එහෙම . ඉතින් එයා මනසින් සැමියා එක්ක ජීවත් වෙන හුදකලා ගැහැණියක්. ඒ වගේම තව තැනක එයා සැමියා එන බව දැනගෙන යන්න ලෑස්ති වෙන්න හැඩ වෙලා පවුඩර් දාලා ගොඩක් සුවඳට. මට දැනෙන විදිහට වයසට යෑමත් එක්ක ගොඩක් අය අපිරිසිඳුවට ඉන්න විශාල හේතුවක් ලිංගිකව සිඳුවන පසු බෑම. නමුත් මෙතන පවුඩර් දාලා සුවඳට සැමියා ගාවට යන එකෙන් මට හිතෙන්නෙ ඒකෙන් අදහස් කරන්නෙ මනසින් තරුණ කාලෙ ඉන්න එයා සැමියාට ලිංගිකව ආකර්ෂණය වීම සහ ආකර්ෂණය කරගැනීම, ලිංගික ජීවිතය පැත්තෙන් ගැහැණියගෙ ජීවිතේ තිබ්බ හිස් කම. එයා තුළ සැමියා ගැන තියෙන නැවුම් හැඟීම. ඒක ලොකු කැපකිරීමක් . අනික බස් එක එයාව පෙනි පෙනී මග දාලා යන එක. ඒවයෙන් වෙනස්ම කතාවක් මතු කරනවා.අනික් පැත්තෙන් රණවිරුවෝ රට වෙනුවෙන් යුතුකම් කරන්න ගියෙ පොදු මානුෂීය හැඟීමකින් කියන එක. මොකද එයා රට වෙනුවෙන් යුතුකම් කලාට එයාට එච්චර ආදරය කරන බිරිඳ වෙනුවෙන් යුතුකම් කරන්න වත් ජීවත් වෙන්න බැරිවෙනවා. පොදු මානුෂීය හැඟීමක් නැති මිනිස්සු ආත්මාර්තකාමී වෙලා මමයි මගේ පවුලයි කියලා හිතනවා මිසක් රට ගැන හිතන්නෙ නෑ. එතකොට එකල රණවිරුවෙක් කියන්නෙ ආත්මාර්තකාමීත්වය අතහැරලා පොදුවෙ රට ගැන හිතපු අය කියලා මතක් කරනවා විෂුවල් එකෙන්. මෙතන සැමියා නිවාඩු එනවා කියන එක එයා මනසින් විඳින බව පෙන්නන්නෙ උද්දිකගෙ ඇඳුමෙන්. ශර්ට් එක යට කරලා යට බැනියම ලාවට පේන්න, අතේ වොච් එක. ඒක රණවිරුවෙකු හඳුනා ගැනීමේ අයිකන් එකක් වගේ.ඒත් එයාගෙ කරේ බෑග් එක නැහැ. ඒ වගේම එයා වෙනුවෙන් හදපු බස් නැවතුම අභාවයට ගිහින් . කෙනෙක් ජීවිතයම කැප කරපු දෙයක් ගැන උනත් මිනිස්සුන්ට ගෞරවය වටිනාකම් තියෙන්නේ බොහොම ටික කාලයයි කියලා මතක් කිරීම. හරිම සියුම් තැන් ටච් කරලා ගීතයේ සංවේදී කම මතු කරලා තියනවා ❤
❤️❤️❤️❤️❤️
මාරම ලස්සන සින්දුවක්❤
මේ වීඩියෝ එක සම්බන්ධව ඔයාගෙ කියවීම, සුපර්බ් ,,,, වීඩියෝ එකයි සිංදුවයි වගේම සුපර්බ් ❤️❤️❤️, තව දෙයක් තියෙනවා සමහරුන්ට අපේ රණවිරුවෝ අට පාස් උන්,,, 😓😓😓😓
@@sachithrasewwandi-nz9gy බොහොම ස්තූති ඒ ඇගයීමට. අනිවාර්යයෙන්ම අපේ මිනිස්සුන්ට විපතක් උන වෙලාවට කෙනෙක්ගෙ තත්ත්වය උගත්කම කුලය වැදගත් නොවුනට අනික් හැම වෙලේම ඒවා හොයනවා. ඔය අටපාස් කතාව කී බෝර්ඩ් වීරයන්ගෙ මහ නූගත් කතාවක්. ඇත්තටම රණවිරුවන් සහ ඒ මිනිස්සුන්ගෙ පවුල් වල උදවිය කරපු කැපකිරීම් අමතක කරන්න බැහැ ජීවිතය ඇති තුරා. ❤
@@damithgayan6079 ඔව් ❤
වචන....මතක නෑ....සංගීතය,තනුව..මතකම නෑ...සමාවෙන්න...ඒත් ඒ රූප....❤❤❤❤අති විශිෂ්ඨයි ❤❤❤❤
හිතට හරිම සංවේදියි ගිතය කාගෙත් මනස අතිතයට ආදරෙයි ඒමතකින් ජිවත්වෙනවා. මාලනි ෆොන්සේකා මැතිනිය ගේ ඒ චරිතය රගපැම හිත සසල කරන තරමට.බැදෙනව ා දහපාරකට. වැඩියබැලුවත් තවත් බලන්න අහන්න ම යි හිත කියන්නේ උපපරිමයි.විෂුවල් එක කරපු ඩොක්ට ත් හරි ලස්සනට කරලා
ඒ වචන කතා හිතේ ගැඹුරටම දැනෙනවා...හඬත්,සංගීතයත් ඒවගේමයි...කඳුළු වැටුණා සත්තයි..රංගනය ගැන කවර කතාද...අපේ හදවත්වල ලොකු ඉඩක් රණවිරුවන්ට තාම තියෙනවා එදා වගේම...
ඒ පදමාලාව.,රූප රචනය, හරීම ආදරණීය යි. අපූරුයි. උද්දික ගැලපෙන්නෙ රංගනයට. 👍♥️🌹
නිලි රැජිණියනි ඔබට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 ආසම නලුවෙක් සහ නිලියක්❤️❤️සාර්ථක ,හැගුම්බර ගීතයක්🥺🥺 සුභ පැතුම් සොයුරිය ඔබට❤️❤️
ලන්කාව තුලත් විශිෂ්ට නිර්මාණ බිහි වෙන යුගයක් මේක.සෑම නිර්මාණයක් තුලම මානුශීය හදවත් කූද්දන්න මේ දරන වෑයම හරි විශිශ්ටයිඉදිරි අනාගතේ සුබයි මේ රට හරි සුන්දරයි ❤✨️
Hit වෙන්න ඕන නෙවේ Hit කරන්න ඕන සිංදු❤️ ජය වේවා💐
මට අපේ කිරි අම්මා මතක් උනා. මේවිදියටම අතින් අල්ලන් මම කිරි අම්මව නාගදීපේ වැන්දුවා. වෙලා යනවා, පරක්කුයි කියලා ගියපු නඩේ හැමෝම අනම් මනම් කිව්වා. ඒත් මම එයාව අත ඇරියේ නෑ. එයා හරිම අමාරුවෙන් ඒත් හිතේ හයියෙන් වාරු අරන් ඇවිද්දා. අපේ කිරි අම්මත් ගොඩාක් ලස්සනයි. සුදුම සුදුයි. මේ සිංදුවත් හරිම ලස්සනයි . මේකේ තේරුම වෙනම එකක් උනත් මට ඇත්තටම කිරි අම්මව විතරයි මතක් උනේ❤
😢 එය වසන්තය නොවේ …🩷💜💛 සිත මොහොතකට හෝ නතර උනා නම් එය විශිස්ට නිර්මානයකි !! තේමාව රූප රචනය , ගී පද , හඩ 👌
මගේ ප්‍රියතම නිළියයි, ප්‍රියතම නලුවායි රගපාන නිසාමයි බලන්න ආවේ.. මුලින්ම හිතුවේ නම් වෙන දෙයක්, ඵ්ත් අන්තිමේදී තමයි තේරුනේ යුද්දයෙන් මිය ගිය තම පෙම්වතා සමග මනසින් ජීවත් වෙන ආදරණීය පෙම්වතියක් ගැනයි මේ කියවෙන්නේ කියලා.. යුද්දය නිසා ජීවිත අහිමි වුන සොල්දාදුවන්ගේ ආදරණීයයන් මොන තරම් දුකක් විදිනවා ඇද්ද 😢😢මාලිනියගේ සහ උද්දිකගේ රංගනයන් ගැන නම් ආයෙත් කතා කරන්න දෙයක් නැහැ, අති විශිෂ්ටයි 👍👍 ගීතයත් ලස්සනයි.. කලාතුරකින් දකින්න ලැබෙන ඉතාමත් අනර්ඝ වූ සොදුරු නිර්මාණයක් 👍❤
වර්තමානයට වඩා ඔබ හා ගෙවුන අතීතයේ ඒ දවස් කිහිපය තුලා මා ජීවත් වෙමි. ❤️🩹😔
කීසැරයක් මේ ගීතය ඇහුවද.... බැලුවද.......කියල මතකයක් නැති තරමට ම...... මේ ගීතය මාර විදිහට විදිනවා.....💖
අම්මෝ ඒ සිංදුව..ඒ රූප රචනාවත් මාරයි..❤😊..අමුතුම වේදනාවක් එක්ක, මම වින්දා ඒ විනාඩි ගණන මාරම විදිහට ❤😢..තෙරුවණ් සරණයි 👏🌻
ඒ අත්දැකීම වින්දත් නැතත් ඒ හැගීම් රූප රචනයෙන් අපිට දනවන්න පුළුවන් තරම් උසස් නිර්මාණයක්. උසස් නිර්මාණ උසස් රසවින්දනයක් අද සමාජයට ලබා දීමට උඩුගම් බලා පිහිනන මේ නිර්මාණයට දායක වූ සියලුම දෙනාට තව තවත් මෙවැනි උසස් නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ❤
රෑප. රචනය ප්‍රබලයි. ගායනය විශිෂ්ටයි. හිතේ රැදෙන්නෙ නම් රෑප රචනය තමයි. ගායිකාවට අසාධාරණයක් සිදුවෙලා වගේද ❤❤❤❤
අසාධාරණයක් නැහැ.. අවසාන නිර්මාණය සාර්ථක වීමයි වැදගත්..❤ ඒකෙන් කැපී පෙනෙන කෙනා කවුද කියන එක නෙමෙයි ❤
වැරැද්දක් කියනවා නේවේ...ඒත් මේ කියලා තියෙන දේ ඇත්ත...සිංදුවේ වචන ඇහුනේ 3 වෙනි පාර අහද්දි...එච්චර ලස්සන රෑප රාමු ❤☺️
@@NishiWeerakoon Ow mamath kiyawala therumgaththe වචන
මම මේක ෆේස් බුක් එකේ සෙයාර් කරා මේ වගේ සින්දු තමා 10M ලබන්න ඕන... මේවට හරි හමන් Publicity එකක් දෙන්න පුළුවන් නම් මාරම වටිනවා..voice එක මරු අප්පා..ඒ වගේමයි ඒ වීඩියො එක next level❤
Thank you so much ❤
මාලිනියගේ හිනාව තාම තරුණයි. ඇයගේ සිනමා නිර්මාණ බලපු අය දන්නවා ඇය කොතරම් සුන්දරද කියලා. හිත නිවන,හිත අවුලවන, හිත පාරවන ලස්සන නිර්මාණයක් ❤
හරිම ලස්සන හැගුම්බර නිර්මාණයක්, ගීපද සංගීතය ගායනය හරිම මිහිරියි, රූපරචනයෙන් ගීතයේ අර්ථය උසස්ම අයුරින් නිරූපණය වෙනවා, අති විශිෂ්ඨ නිර්මාණයක් , දායකවූ සියලු දෙනාටම සුබ පතනවා !!!
මතක සුවද එක්ක සදාකල් ජීවත්වෙන හිත් සුවපත්වෙවා. ගොඩක් ලස්සන පද රචනයක්. රූප රචනයත් හැගීම් දනවන ගායනයත් 🌹🌹🌹
ඇත්තම කිව්වොත් සිංදුවට වඩා Visual එකටමයි හිත ගියෙ සහ යන්නේ. මං දැන් කීපවතාවක් ඇහුවා ඒත් එච්චරයි ❤️🥺 නිළි රැජින 👑 කිව්වට ඇත්තටම පාඩු නෑ 🙏💐
1992.08.08 😢. එදා තමයි කොබ්බැකඩුව ඇතුළු හමුදා නායකයින් 8 දෙනෙකු අපට අහිමිවූ කණගාටු දායක දිනය . Uddika and Malani ❤❤
@@danujayamuthugala2839 monatharam mathakayak da🙏🙏🙏🙏
මම වියපත් කෙනෙක්. දැන් මට ඇඬෙන්නේ නැහැ. ඒ උනාට පපුවට හරිම බරක් දැනෙනව. කාලෙකට පස්සෙ මතකයෙ රැඳෙන රූපරාමුවක් සහ ගීතයක්
ඇත්තටම ගොඩාක් හොඳ නිර්මාණයක් .ඒ වගෙම මේ ගීතය ඇය ලස්සනට හැගුම්බරව ගායනා කරනවා.🎉🎉🎉🎉😘❤️
2024 දැකපු ලස්සන , සංවේදී වීඩියෝවක් මෙන්ම එයට ගැලපෙනම හඩක්...❤ සුබ පැතුම් චාපා❤❤❤❤
අපේ නිර්මාණය ආදරයෙන් වැලඳගත් ඔබ සැමට බොහොමත්ම ස්තුතියි ❤
ඔබේ සෑම කමෙන්ට් එකකම, ලයික් එකකම, නැරඹුම් වාරයකම වටිනාකම කියල නිම කරන්න බැහැ..
මේ නිර්මාණයට දායක වූ සියලුම දෙනාටත් මගේ ස්තුතිය❤
හිතට දැනෙන තවත් නිර්මාණයක් සමග ඉදිරියේදී හමුවෙමු ❤
@@ChapaJayaruk ඔයාට ගොඩාක් ස්තූතියි මේ වගේ සිංදුවක් වගේම දුප්පත් අපේ ගමත් නිර්මාණය ට එකතුකර ගත්තාට.මං මේ සිංදු ව ගොඩාක් අපේ ඔෆිස් වලත් ශෙයාර් කලා.වෙනස්ම විදිහේ නිර්මාණය ක්.මම අනේක වාරයක් බලන්න ඇති.ඒ වගේම පුලුවන් හැම තැනකට ට ශෙයාර් කලා.බුදුසරණ යි
DE-AS BONDA WUNAA
PAPUWA THADAWUNAA
SUSUM SIRAWUNAA
SITHAMA WELAPUNAA
@@ChapaJayaruk ලස්සන නිර්මාණයක් !
දොස්තර චේ ගුවේරා සහ දොස්තර පිදෙල් ක්‍රස්තෝ වැනි විප්ලවීයයන් හමුවේ සෞන්දර්යාත්මක චින්තනය හෙබි ඔබවැනි කලාකරුවන් හමුවීම මහත් ආඩම්බරයක් . 🙏💘🌹🌹🌹🇱🇰
ස්තුති දරුවෝ oyge e gaynya hadwthatma දැනුණා පුතේ
ඔබගේ ගීතයක් ඇතුලත සිදුවිය හැකි ප්‍රබල නිර්මාණයක් ඉදිරියේදී බලාපොරොත්තු තබාගෙන සිටිමි .විනාඩි තුන හතරකින් ශ්‍රී ලංකාවම කම්පනය කර ජයගත් ඔබ නැවත ලයාන්විත ගීතයක් හරහා ප්‍රබල නිර්මාණයක් ඉදිරිපත් කිරීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි .
එයා airforce එකේ , වයස 24 නැති වෙද්දි, මට 23 යි... ඒ එදා... ජීවිතේට පසුව අය ආවෙ නැහැ කියන්නේ නැහැ , ඒත්...
අද මට 42 යි.... මම තනියෙන් ඉන්න තීරණය කලා, අදටත් ලොකු දුකක් ආවොත් නතර වෙන්නෙ එතන.
අනේ අපේ අක්කා නම් දකින්න එපා මේ සිංදුව.... එයා බැදලා මාසෙන් මස්සිනා මැරුනා දවස්27න් මාසෙකුත් නෑ බදිද්දි අක්කාට වයස 24යි දැන් 41යි තාම තනිකඩයි එයා. මාර හයිය ගෑනියක්. මගේ ජීවිතේ හයිය එයා. වෙන කෙනෙක් බැන්දෙත් නෑ එයා අඩුම එයාට එෆෙය එකක්වත් නෑ. තාම මස්සිනාගේ ඇදුම් තියෙනවා පදක්කම් තියෙනවා ඒවා හරි ආදරෙන් බලාගන්නවා එයා. වීර විභූෂණත් හම්බුනා මස්සිනාට. එයාට කිසිම අගෞරවයක් වෙන වැඩක් අක්කා කරලා නෑ . මට හරි ආඩම්බරයක් එයා ගැන. මං මැරෙනකම්ම එයාව බලාගන්නවා කොහොම හරි. මට ජීවිතේ වටිනම කෙනා එයා.❤️
❤😢
Respect it’s very rare to find a love like that.
ඇයට අපේ ආදරය.. ගෞරවය ❤❤❤
මාරයි.ඇයට උපරිම ගෞරවය
@@Riyanakaiz 🤍
හදවත මොහතක් නතර වුනා. රිදුම් දුන් හදවත උගුරේගලක් හිරවුනා වගේ වේදනාකාරී හැඟීම පරයා ඇස්වලින් කදුළු පැන්නා. මා මෙම අද්දෑකීමට මුහුණ නොදුන්නත් ඒ අතීත මතකයන් හරිම වේදනාකාරීයි. මගේ හොදම යාලුවාගේ සැමියා කුරිරැ යුද්ධයදී මිය යනකොට වයස 23 ක සහ මාස 9 ක ළදැරියක්ගේ මවක්. දැන් ඇයට අවුරැදු 51 ක්. ඇය අදටත් දරැවා වෙනුවෙන් කැපවුනු නැවත විවාහයකට නොගිය මවක්. මෙම ගීතය යුද්ධයේදී මියගිය අභීත රණවිරැවන්ගේ සුවහසක් එවන් බිරිදෑවරැන්ට උපහාරයක් වේවා....🙏
මේ ගමේ රූගත කිරීම් කරනකොට මමත් දැක්කා.උද්දික ප්‍රේමරත්න පුදුම මනුෂ්‍යත්වය තියෙන නිහතමානීව ඉන්න කෙනෙක්.මම ඒ වසම භාර නිලධාරී කෙනෙක්.මං එදා අපේ පෙන්ශන් යන මහත්තයා කෙනෙක්ට පාර්ටි එක ඕගනයිස් කරන්න ඒගමට යනකොට මගේ බයික් එක ගන්න බැරිව උද්දික අය්යා මගේ බයික් එක එතනින් අරන්දුන්නා.ඇත්තටම මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝනිගල කියන දුප්පත් ගම්මානය.
දිනක් මම අඹේපුස්ස station එකේ කොළඹ යන්න ඉන්න කොට මම වාඩිවී සිටිය තැනට එහාපැත්තේ වයස 78 විතර අම්මා කෙනෙක් හිටියා එයාගෙන් මම ඇහැව්වා කොහේද යන්නේ කියලා තනියම එයා කිවා බේත් ගන්න කොළඹ මහ රෝහලට යනවා clinic පොතුත් තිබුණා එයා ටික වෙලාවකින් අඩන්න පටන්ගත්තා මම ඇහුව්වා ඇයි අම්මේ අඩන්නේ කියා එයා එයාගේ අතීත කථාව කීවා ඒක මේ කතාවට හොදටම සමානයි එයාගේ මහත්තයා මැරිලා මහත්තයා ගැන අතීත මතක මා සමග කියමින් හැඬුවා ඒ station එකේ සිට එයා මහත්තයා සමග කොළඹ යන හැටි කෝච්චියේ ගිය හැටි රෝහල් අවන්හලෙන් තේ බීපු හැටි දෙදෙනා එක්ව මහත්තයා කිසිදිනක එයාට බැණ වැදි නැති බවත් ඉතාම ආදරණියව හිටි බවත් කීවා අතීත මිනිසුන් ඉතාම සුන්දරයි අද ඔවැනි දේවල් අහන්න ලැබෙන්නේ නැති තරම් ඔබගේ උත්සහය මම අගය කරමි මේ අවස්ථාවේ මාගේ අදහසක් මම ඉදිරි පත් කරන්නම් මනුෂ්‍යයෙක් අතීත ආවර්ජන යන්ගෙන් හිතට වේදනාවක් දුකක් ගෙනදෙන්නේ ඒ පුද්ගල යා වර්තමානය තුල ජිවත් නොවන නිසා නම් වර්තමානය තුල යථාර්ථ වාදිව සත්‍යට මූණදි යථාර්ථය තුලින් සතුට ලබා ගැනීමට බුදුන් වදාල දහම තුලිනුත් කෘතියයක් නිර්මාණය කරන්නේ නම් මා එය ඉතාමත් අගය කරමි
"එය වසන්තය නොවේ" සොල්දාදු ඇසකින්...
මුලින්ම කියන්න ඕන කාලෙකින් අහන ලැබුන පට්ටම සිංදුවක් නිසා දෙයක් ලියන්නම හිතුනා. දරුවා සමඟ ඇය ඉතා සාමාන්‍යය අයුරින් කරන කතා බහ වෙනස් වන්නේ ඇයගේ හුදකලා ගමන සමඟින් වන අතර, එය අප කාටත් කල්‍යාණ මිත්‍රයන්ගේ අවශ්‍යතාවයද ඉස්මතු කරයි. රළු බොරළු මාර්ගයක් ඇයට මතක පිරි මාවතකි.
කාලය බොහෝ ගෙවී ගොස් ඇති බැවින් පියවර ලකුණු සොයා පලක් නැත. එසේම එම ලකුණු සෙවීම අතිශය වේදනාත්මක විඳවීමක් ද විය හැක. එබැවින්, තවදුරටත් නුඹ සමඟ යන්නට නොහැකි කාරණා විමසා ඒවාට පිළියම් කර නුඹ සමඟම යාමට මග සකසා ගත යුතුය. සිහිය විකල් වූ කල සියල්ල අමතක වුවහොත් මට නුඹවද මඟහැරෙනු ඇත. එනිසා ප්‍රතිකාර ලබාගත යුතුමය.
වසන්තයේ පිපී ඇත්තේ එකමෙක මලකි. ඒ එකම මල ඇයට වසන්තයක පිපුන මල් යායක අයුරු පසක් කරවන්නට ඇත. ආදරයේ සෑම මානයක්ම ඔහුගෙන ඇය දුටුවා විය හැක. එනිසා ඇගේ හදවතේ වසන්තයේ පිපුණ එකම මල අමතක නොවන අයුරින් සිපගෙන සුවඳ විඳගන්නෙ හැමදාටම ඒ සුවඳ අවැසි බැවිනි.
වැව් බැම්ම මතින් ගමන් කරද්දී වැව් දිය රළ ඇතිවී නැති වන අයුරින් නිතර නිතර මතක අළුත් වේ. එහෙත් රළ ඇතිව නැති වන අයුරින් නුඹ මතකය නැතිව යන්නට නොදෙමි. ඒ මතක සමඟින් හිත බිඳී වැටුනද නැවත එය සනසා ගමි.
සසර මතු හමුවන්න යැයි නොකියන්නට හේතු තිබේ. මන්ද රට දැය වෙනුවෙන් කරන ජීවිත පරිත්‍යාගය නිවන් දකින්නට පවා හේතුවකි. එහෙත්, හමුවුනෝතින් නැවත ආදරෙයි නොකියන්නේ, වරක් ඇය එය ප්‍රකාශ කර ඇති බැවිනි. එසේත් නැති නම් ඒ ආදරයෙන් ඇය වුවමනාවටත් වඩා විඳවීම් ලබා ඇති බැවිනි. එසේත් නැතිනම් නෝක්කාඩුවක් ලෙස නොකියන බව කියන්නේ අනිවාර්යයෙන්ම ආදරෙයි කීමට සිතා සිටින නිසාවෙනි.
ගීතය තුළ ඉතා ගැඹුරු සමාජ විවරණයක් මා දකිමි. විශේෂයෙන්ම යුද්ධය හා සෘජුවම සම්බන්ධවූ පවුල් විඳි කටුක ජීවිත අත්දැකීම් මේ සමඟ සමාජගත විය යුතු බව මගේ හැඟීමයි.
තම ආදරණීයයා තරුණ වයසේදීම අහිමි වූ කාන්තාවකගේ මනෝභාවයන් මේ තුලින් කියවා ගත යුතුය. මෙවැනි වූ පෙම්වතියන්, බිරින්දෑවරුන්, දෙමව්පියන්, දරුවන්, සොයුරු සොයුරියන් හා හිතවතුන් කොපමණ අප සමාජයේ ඇද්ද? ඔවුන්ගේ හදවත් අප නිවැරදිව කියවා ගත්තාද? යන්න සැක සහිතය.
මේ නිර්මාණය ඒ සියළු වින්දිතයන්ට උපහාරයක් වේවා යන්න මගේ ප්‍රාර්ථනාවයි.
එසේම මෙම ගීතයේ රූප රචනය තුළ ඇති විශිෂ්ඨ සහ සියුම් තැන් ඉස්මතු කල යුතුමය.
තම පෙම්වතිය සමඟ ඇවිද යන සොල්දාදු පෙම්වතෙක් නිරන්තරයෙන්ම වාගෙ ඇයගේ අත අල්ලාගෙන ගමන් කරනවාට වඩා තම රාජකාරී වීරත්වය ගැන කියවමින් ඉදිරියෙන් ගමන් කරන්නට රුචියක් දක්වයි. පෙම්වතුන් එසේ අත් පටලාගෙන තුරුළුව ගමන් කරන බොළඳ රෝමාන්තිකත්වයට හුරු නැත. සමහරවිට එය ඔවුන්ගේ පෞරුෂයට හානියක් බව සිතයි. බස් රියෙන් ඇයව ආරක්ෂාකාරිව බැස්සවීම, නළල සිප ගැනීම සොල්දාදු ප්‍රේමයක් තුළ පෙම්වතියක් ලබන ආරක්ෂාව හා ප්‍රේමණීයභාවය පෙන්නුම් කරයි.
එසේම මෙම සමස්ථ ගීතයේම පපුව පසාරු කරගෙනයන දර්ශනය වන්නේ, ඇය හදිසියේ ඔහුව සොයද්දී, ඇය හදවතේ ඉන්නා බවට රෝහල් වැට කණුවට හේත්තුවී ඔහු කරන ඉඟියයි. සතුරු භූමියේ ඝන වනාන්තර වල ගත කල සෑම රාත්‍රියකම අම්මා, බිරිඳ ඇතුළු ආදරණීයයන් සිහිපත් වූ අයුරු සිහියට නැගෙද්දී හදගැස්ම පවා නතරවන්නා සේ දැනේ.
මියගොස් ඇත්තේ දෙවන ලුතිතන් වරයෙකි. එනම් ඉතාම තරුණ වයසේ සොල්දාදුවෙකි. එදා පටන් මේ වනතෙක්ම ඇය ඔහු වෙනුවෙන්, ඔහුගේ මතක හා ජීවත්වේ. ඇය ලොකු අම්මෙක් මිසක අම්මෙක් නොවූයේ එහෙයිනි. එවන් වූ සාංසාරික ප්‍රේමයන් ලබන්නට බොහෝ පෙම්වතුන් වාසනාවන්ත වූහ.
ඔහු වෙනුවෙන් නිමකර ඇති බස් නැවතුම අද වන විට ගරා වැටුනු ස්වරූපයෙන්, වර්ථමාන සමාජය තුල හමුදාවන් "නොවුවමනා" බවට වන හැඟීමද ඉස්මතු වේ. රටකට හමුදාවන් නොවුවමනා බව සිතන වුන්ගේ නොපැසුණු මනෝභාවයන් හා ලිංමැඬි දේශපාලනික කියැවීම මෙන්ම, රටක රාජ්‍යකරණය පිළිබඳව වන ඉඳිකටු තුඩක් තරම් නොවන අවබෝධය ගැන අනුකම්පා කරමින් කම්පා වෙමි.
කෙසේ වුවත් අප අද අත් විඳින නිදහස මිළදී ගැනීම වෙනුවෙන් උණු ලෙයින්, කයෙන්,මනසින් ගණුදෙනු කර වන්දි ගෙවූ පිරිසක් අදටත් මේ සමාජය තුල සිටින වග මෙන්ම මේ නිදහස නොමිළේ නොලද බව නම් සමස්ථ රට වැසියාටම සිහිපත් කල යුතුමය. සමාජ මාධ්‍ය 'විරුවන්', පොරවල් කරගත් මේ සමාජයට, ඇත්තටම විරුවන්, වීරවරියන් සිටියේ කොහේද යන්න පසක් කර ගැනීමට මෙම ගීතය උපකාර කර ගත හැක.
එසේම අනුරාධපුරයේ කහටගස්දිගිලිය ප්‍රදේශයේ කර්කශ ග්‍රාම්‍ය පරිසරය කදිමට මේ ගීතයට ගැලපෙන්නේ, රට දැය වෙනුවෙන් අනේකවිධ පරිත්‍යාගයන් කල බොහෝ සොල්දාදුවන් මෙවැනි ගම් වල, අහින්සක දුප්පත් දෙමව්පියන්ට දාව බිහිවීමත්, ඔවුන්ගේ මතක බොහොමයක් අද වනවිට මෙවැනි බස් නැවතුම්වලට සීමා වීමත් හේතුවෙනි.
ඔබේ ලියවිල්ල ඉතා රසවත්, හරවත්.. බොහොම ස්තුතියි මේ අගය කිරීමට ❤
Hats off 🥺🤍
@@ChapaJayaruk ඔබේ උසස් නිර්මාණය ඒ සඳහා අපිව පොළඹවනවා. අනර්ඝයි...සමස්ථ කණ්ඩායමටම ස්තුතියි ..🙏🙏🙏
ගම්මානය මොකද්ද
ඒක නම් වෙනමම ලෙවල් එකක් හිත වෙන තැනකට 0:38 අරන් ගියා වගේ ඒ සංගීතයත් ඒ ගායනයත් මරුවට ගැලපෙනවා. එදා වගේ කවදත් සර් ගේ නාද රටා අදටත් 👌👌👌👌
දවසට එක පාරක් හරි අහනවා.බලනවා.ඇය වයසට ගියත් හිත තාම තරුණයි.ඔහු බස් හෝල්ට් එකේ ඉන්න බව ඇය හිතනව එදා වගෙම ඇය එනකල් එතන ඉදන් ඔහුත් එක්ක අත් අල්ලන් පාර දිගේ ඇවිද යන්න බස් එකේ ඔහේ කියව කියව ළග ඉදන් යන්න පොඩි කඩේකට ගිහින් බීම ටිකක් එකම වීදුරුවෙන් බොන්න එදා වගෙම ඇය මනසින් ආසයි.ඒකයි එයා ක්ලිනික් යන්න ඔයි තරම් ආස නැත්තම් බෙහෙත් බොන්න නෙවෙයි.දෙයියනේ මේ වගේ සැබෑ පෙම්වතියන් බිරින්දෑවරුන් කොයිතරම් මේ ලක් දෙරණෙ ඇතිද? එවනි රණවිරු සැබෑ පෙම්වතියන්ට බිරින්දෑවරුන්ට මේ ගීතය උපහාරයක්ම වේවා! ඔබට ගොඩක් පින් ඩොක්ටර්.
ඔබ මෙය පැහැදිලි කලාට ස්තූතියි මට තේරුම් ගන්න බැරුව හිටියේ ඒමොකො ගීතය නොවෙ විශුවල් එක බැලුවේ ❤
මුලින්ම අර කෙටි වීඩියෝ එක ෆේස්බුක් එකේ බලලා ඇඬුනා ඇත්තමයි.
පස්සේ ෆුල් වීඩීයෝ එක හොයාගෙන ඇහේ කඳුලු පුරවන් ආයේ ආයේ අහනවා බලනවා මේක දැන් ❤❤
හරිම අපූරු නිර්මාණයක් ❤❤
Thank you ❤
*ඔබ ඇවිත් ගිය මගක පියවර ලකුණු නොසොයමි....*
*තව දුරක් එක්ව යන්නට බැරි කරුණු සොයනෙමි .....*
*එය වසන්තය නොවේ එකමෙක මලක් බව දැනී ......*
*යලි මතක නැති නොවන ලෙස මම සුවඳ විඳ ගමි .....*
වසන්තයේ අනේකවත් මල් පිපෙනවා.ඒක අපිට මෙච්චරයි කියන්න බෑ.හැබැයි වසන්තයේ පිපිලා වසන්තයේ ම පරවෙලා යන මල් ඕන තරම් තියෙනවා. මේකත් වසන්තය ගැන කියන අන්න ඒ වගේ කතාවක්. මේ ජීවිතයටත් ඒ වගේම වසන්තය ඇවිත් ආයෙමත් යන්නම ගිහින් ඉවරයි.හැබැයි මේ කතාව අනිත් හැම කතාවකටම වඩා වෙනස්.වසන්තය ඇවිත් ගියත් මේ කතාව ඇතුලෙ ඒ වසන්තය හැමදාම තියෙනවා.ගැහැනියක් තමන්ගේ මුළු ආත්මයම කරගෙන ආදරය කරපු මනුස්සයා හේතු සහිතව හෝ රහිතව තමන්ව දාලා යන්නම ගියත් ඒ කෙනාව තමන්ගේ පපුව ඇතුළෙම දරාගෙන තමන්ගේ මුළු ජීවිත කාලයම මානසිකව තමන් එක්ක ජීවත් කර ගන්න ඒක හැමෝටම කරන්න බෑ.ඒකට උතුම් හදවතක් තියෙන්න ඕනේ .තමන්ව අතහැරලා ගියපු ඒ ආදරණීය මනුස්සයාව හදවතේ දරාගෙන තමන් ජීවත් , මතක තියෙන කාලය පුරාවටම ඒ මලේ සුවද විඳ ගන්න එක මේ ගැහැණියගේ ආදරේ පාරිශුද්ධ භාවය කියවෙන එක්තරා සන්ධිස්තානයක්.
මේ ගැහැනියත් තමන්ගේ ජීවිතයේ සතුට සැනසීම ඒ ආකාරයට වසන්තය එක්ක විදිනවා.සමාජය මේකට උන්මත්තක භාවය කිව්වත් සදාකාලිකවම දුක් විඳිනවට වඩා ඒක සැනසීමක් නෙවෙයිද?
අදත් සමාජයේ මේ වගේම අදරවන්තියෝ ආදරවන්තයෝ ඕන තරම් ඉන්නවා.එයාලට උන්මත්තක භාවය කියන ලේබලය නොගහ එයාලගෙ හදවත හරි විදිහට කියව ගන්න පුළුවන් උන දවසක මේ සමාජය මීටත් වඩා ලස්සන තැනක තියේවි ......
යුද්ධයෙන් මියගිය මගේ මාමා ඇතුළු සියලු මියගිය රණවිරුවන්ට උපහාරයක් ම වේවා 🥺❤️
🙏🙏🙏
අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්ද දන්නෙත් නෑ නමුත් 1992 අගෝස්තු අටවෙනිදා කියන්නේ ජෙනරාල් කොබ්බෑකඩුව ඇතුලු යුද විරුවො දහ දෙනෙක් නැතිවෙච්ච දවස 😢
කොහොමද වචන වලට පෙරළන්නේ මේ අපූරුව අහපු හැම නෙතක්ම කඳුළින් තෙමෙන්න ඇති හයියෙන් ඉකිබිඳින්න ඇති ඒ තරමටම දැනුනා❤
මං හැමදාම ප්‍රශ්න කරන දෙයක් තමයි "ඇයි උද්දික දේශපාලනයට ගියේ" කියන එක ගැන. 😢
අපිට ඉන්න තවත් එක් වටිනා නලුවෙක්. මේ විනාඩි ගානක රූප රචනාවම ඇති ඔහුගේ රංගන පරාසය ගැන දැනගන්න. ❤ 🔥
ඇත්ත.... එයා ගත්ත බෝම වැරදි තීරණය ක් දේශපාලනය
ඒ උනාට එයා හොද දේශපාලන දැක්මැක් තිබුන කෙනෙක්... අසාධාරණයට විරුද්ධව පාර්ලිමේන්තු වේ නොබියව කතා කළ පුද්ගලයෙක්......ඇත්තටම ඔහු වටිනා පුද්ගලයෙක්...
අම්මලාට දරුවොත්, බිරින්දෑවරුන්ට ස්වාමිපුරුෂයෝත්, සහෝදරියන්ට සහෝදරයනුත්, පෙම්වතියන්ට පෙම්වතුනුත් කොයිතරම් මතක් වෙනවා ඇතිද, දුරකථන ඇමතුමක් නැත්නම් ලියුමක් එනතුරු බලාසිටි අතීතය සිහිවෙන්න ඇතිද ?
ඒ මගහැරීම් මග නොහරුනානම් කොයි තරම් සොඳුරුද ?
රළ බිඳෙයි හෙටත් වෙරලක
නුඹ ලඟක නැතියෙනි
හිත බිඳී යන්න නොම දී
යලි යලි හදාගමි...
ඒ දරාගැනීම් හට මේ ගීතය උපහාරයක්ම වේවා!........
මේ සිංදුව වරදෙ නොබැදෙන අවංකව ආදරය කරන හැම ගැහැණු ළමයෙකුටම හැම ගැහැණියකටම හොදින් දැනෙන, හීනියට පපුව මැද්දට රිදුමක් දෙනවා.💔
මේ විෂුවල් එකට මාලනි ෆොනසේකා මහත්මියවයි උද්දිකවයි තෝරගන්න හිතුව කෙනා කරලා තියෙන්නෙ මේ සියවසේ හොඳම තෝරගැනීම
අනිවාර්යයෙන්ම ❤
100% ක් ඇත්ත ❤
Anee oww eka aeththa...
අනිවාර්යෙන්ම
අනේ ඒ දෙන්නා හරි ලස්සනයි ❤❤❤
මාලිනියගේ දෙබස්.....
මාලිනියගේ රගපෑම....
වචන නැතුව කරපු උද්දිකගේ රගපෑම.....
දෙපරාක් හිතන්න හිතෙන වචන......
හිත පිරිමැදගෙන යන සංගීතය
පපුවටම වදින කටහඩ...
වීඩියෝ එකක් කියලා පෙන්නපු අමු චිත්‍රය...
අංගසම්පූර්ණ නිර්මාණක් ❤
Ada derana mornings ප්‍රෝගෑම් එක බලල හොයාගෙන ආවෙ සිංදුව ඇත්තටම ලස්සනයි ❤😍
❤❤
අති ප්‍රබල රූප රචනාවක්❤ මේක ඇත්තටම ගීතයක් නෙමෙයි. රූප කාව්‍යයක්. රූපයෙන් ගීතය වෙන් කරල ගත්තම ගීය සාමාන්‍ය පැතලි ගීයක්. . ඒකේ විශේෂයක් නෑ. ඒත් ඊට රූප රචනාවෙන් දී තිබෙන ආලෝකය සුළුපටු නෑ.... සමහර ගීත වල පද මාලාව ඉහළට ඇවිත් රූප රචනය දුර්වල උනත් මෙහි පද මාලාව ට වඩා ඉහළ තැනක රූප රචනය තිබෙනවා... ජය ❤
උද්දික රඟ පෑ සමනල සංධවැනිය මතක් උනා... ඒකත් මේ වගේම සංවේදී යි
උද්දික හරිම දක්ෂයි...
මෙතන මානසික රෝගයක් කියනවාට වඩා මම ආසයි,
ඔහු මිය ගියත්, තාම ජීවත් වෙනවා ඇගේ හදවතේ කියන එක
හදවත ඇදුම්කන කතා තේමාවක්....මාලිනී ෆොන්සේකා මහත්මිය තාමත් හරි පින් පාටයි..ඇයට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !
අපේ නිලි රැජිනගෙත් උද්දිකගෙත් ඒ කතා නොකර කරන රගපෑම දැක්කාම ඒ දෙන්නාව අල්ලලා බදාගන්න හිතෙනවා , ගීතයට වටිනාකමක් දීලා තියෙන විශුවල එක, විඩියොවක් බලල අඩපු පලමු වතාව😢😢😢. කොච්චර දුක හිතුනත් ආයෙමත් ආයෙමත් බලපු ඒ අති දක්ශ රගපෑම ,බුදු අම්මෝ එහෙමත් රගපෑමක් ❤❤❤
සිංදුව මොකද්ද කියල බලන්න එකපාරක් ඇහුව, visual එක ලස්සන හින්ද දෙපාරක් බැලුව,,meaning එක ගන්න තව දෙපාරයි..දැන් වොයිස් එක ලස්සන හින්ද දහපාරක් විතර අහනව 😍
❤❤❤
Visuals බලල ඉවර වෙද්දි සින්දුවේ මොනව කිව්වදකියල මතක නැති සින්දුවක්.😢
Thank you ❤
@@enavigatorE ඇත්ත 🥲
පපුව පිච්චෙනවා .මානසික රෝගයක් තරමටම දුර නොගියත් මාත් මේ වගේම හීනෝන්මාදයක් අදටත් ජීවත් වෙන අසරණියක්.
අපේ නිළි රැජිණ දැන් වියපත් වෙලා කියල දැක්කම කණගාටුයි, ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා, උද්දික ප්‍රේමරත්න සැබවින්ම දක්ෂ කලාකරුවෙක්, අපි ඒ කලාකරුවාට හැමදාම ආදරෙයි, නිර්මාණය ඇත්තටම ලස්සනයි, දිගටම මේ වගේ විශිෂ්ට ගණයේ ලස්සන නිර්මාණ කරන්න
ඉස්පිරිතාලේ ඇතුලෙදි කලබල වෙලා පෙම්වතාව හොයන තැන මාලිනීගේ මුහුනේ හැගීම් ප්‍රකාශය නම් විශිෂ්ඨයි...මෙච්චර වයසට ගිහිල්ලත් ඇයගේ රගපෑමේ තියෙන තාත්වික බව ගැන නම් කියන්න වචන නෑ..දෙදෙනාම හරි ලස්සනට කරනවා visual ඵක...සින්දුවත් හරිම ලස්සනයි❤
Pemvatha neme putha eya
හරි ම ලස්සනයි...බලනකොට කදුලුත් එනවා...හරිම තාත්වික යි...උද්දික ප්‍රේමරත්න... විශිශ්ඨ කලාකරුවානණී...මාලණී නළි රැජින...සීනාව හරීම ලස්සනයි.....ඒ කට හඩට තනුවට මාරම ලස්සන රග දැක්වීම....ආසම සීංදුවක්...
දවස් ගානක කථාවක්, විනාඩි ගානකින් කියලා ඉවර කරා. දැක්ක හොදම රූප රචනයක්, ඒ කටම ගැලපෙන නලු නිළි ජෝඩුව.. 👌❤️
මොකක්ම හරි සුවිශේෂි සිදුවීමක් මූලික කරගෙන මානසික රෝගයකට ලක් වෙන කෙනෙක් ලෝකය දිහා බලන විදිහ හරි ලස්සනට රූප රචනය කරලා තියෙනවා❤ අනාගතයේ කෙසේ වුණත්,ඒ වගේ කෙනෙක්ට අතීතය වර්තමානය කියලා දෙකක් නෑ. එයාට පේන්නේ දැනෙන්නෙ හැඟෙන්නේ අතීතය වර්තමානය කියලයි. එයාගේ මනෝ ලෝකේ ඉන්නේ එයා එක කාලෙක තදින්ම අල්ල ගත්තු චරිත සහ සිදුවීම් විතරයි. ලෝකෙ මොන තරම් කාලගුණික දේශගුණික විපර්යාස වුණත් එයාට ඒවායේ ගානක් නෑ. ඒකයි එයාට වසන්තය එකම එකම මලක් වගේ පේන්නේ. හොඳට රූප රචනාව දිහා බැලුවොත් ඔයාලට පෙනෙයි කාලේ වීදුරුවකට දාන දෙහි බීම එක එයාට පේන්නේ වටින විදුරුවක දාපු වයින් එකක් වගේ. සමහරවිට නිකම්ම නිකන් දෙහි බීම එක එයාට අමුර්තයක් වගේ දැනෙනවා ඇති. කොහොම වුණත් අතීතයයි වර්තමානයයි පැටලෙන එක අපිට පිස්සුවක් වගේ පෙනුනට ඒක එයාට ඉස්තරම්ම මතකයක්, සමහරවිට ලෝකයක් 😢😢😢
ඔව්..ඇත්තටම ❤
🌹
බලා සිටීම වේදනාකාරීය
අමතක කිරීම වේදනාකාරීය
නුඹගේ මතක නිතර නිතර හමුවීම වේදනාකාරීය
නමුත් කල යුත්තෙ කුමක් දැයි සිතාගත නොහැකිව සිටීම තරම් අධික වේදනාවක් අන් කිසිදු හැඟීමක් තුළ නැත!!
කිසිඳු සමුගැනීමකින් තොරව මඟහැර ගිය සෑම කෙනෙකුම කුමක් කල යුතුද කියා සිතාගත නොහැකිව අසරණ සිතමින් වේදනාකාරී වූ ජීවිතයක් ගත කරනු ඇත!
අතරමඟ හැර යනවාට අමතරව , නොකියාම නුඹ ගියා යැයි හැඟීමත්.. තවමත් ආදරේ ඇති යැයි යන හැඟීමත් අතර අතරමං වනු ඇත!
සමුගැනීමකින් සමුගන්න!
වසර 20ක් පුරාවටම මා තුලම සැඟව සිටි මම ගැන දැනගතිමි. අගේ කොට සලකමි ඔබේ මේ ඉස්තරම් පැහැදිලි කිරීම ගැන ,,,,,,,🙏❤️😥😥😥 ආපසු මුලට යන්නේ කෙසේදැයි නොදනිමි. සැබෑවටම අතරමං වුණෙමි ,,,,,,,, 😥😥😥
මිනිස්සුන්ට අහිමිවුනේ නොගැලපෙන දේවල් කිව්වට අහිමි වුනේ ඔවුන් වැඩිපුරම ආදරේ කරපු දේවල්..
මේක බලනකොට අඬන්නෙ නැති කෙනෙක් ඉන්නවද මන්දා. හරිම ලස්සන සින්දුවක්. ඒ වගේම හරිම ලස්සන වෙනස් විදියක සැමරීමක්. යුද්ධයෙන් පවුලෙ අය නැතිවුණු හැම කෙනෙක්ගෙම කතාවක්.
ෆිල්ම් එකක් බැලුවා වගේ ❤️මොකක්දෝ අමුතු ලස්සනක්,වේදනාවක් ඒ හැමතැනම තිබ්බා 😢❤.උද්දික සහ මාලනී ෆොන්සේකා මහත්මිය ඒ ඇතුලෙ හරි ලස්සනට ජීවත් වෙනවා.අපිට හුස්ම දීලා හුස්ම ටික මේ වාතලයට එකතු කරපු සියලු රණවිරුවන්ටත් මේ වගේම ඒ අය ආපහු එනකන් මග බලන් ඉන්න අහින්සක ගැහැණු හිත් වලටත් මේක උපහාරයක්ම වෙයි 🙏💙
Thank you ❤
රූප රචනාවක් ගීතයක් ඉහලට ඔසවා තැබීමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි මේ..ඇත්තටම හරිම ලස්සනයි..මාලනී ගෙ රඟපෑම වගේම උද්දික ගේ රංගනයත් විශිෂ්ට අයුරින් මතු කරගත් අධ්‍යක්ෂණය සුපිරි.❤❤
වෙලාවකට මට මේ වගේ ආදර කතා ගැන හරි ඉරිසියයි. නැති වෙන්න හරි. ජීවිතේ එක වසන්තයක හරි මේ වගේ ආදරයක් ලැබෙන්න කොච්චර වාසනාවන්තද? ජීවිත කාලයක් ජීවත් වෙලාත්, එක දවසක්වත් මේ වගේ ආදරයක් නැතුව කොච්චර මිනිස්සු මැරිලා යන්නවද?
ඒක ඇත්ත
නිවාඩු එන දවස් 10 ට...එන්න ඉස්සර time table එකක් හදාගෙන මයි එන්නෙ .නෑ ගමන් ...විනෝද ගමනක්...ගෙදර අඩුපාඩු තැන් හදන්න ...දරුවන් ගෙ අතපසු උන වැඩ ...එයාගෙ අතින් රස අමුතු කෑමක් හදලා අපිට දෙන්න ...වගේ දේවල් ඊට අඩංගු යි...නිවාඩු ඉවර වෙලා එයා ගිහාම මම කල්පනා කරනවා මාස ගානකටවත් අපිට ඒ වැඩ ටික කරගන්න බෑ නේද කියලා ...😥😭
😢
මේ ගීතය අපේ හිත් සංවේදී කලේ මොන තරම් අපුරුවටද......අලුත් අදහසක්...... පද රචනයට....... ගායනයට... රූප රචනයට..... දීමට ඉතුරුවී ඇතිනම්..... පුදුමයකි.....මගේ හිතේ හැගීම්.... ඔබ ඉදිරිපත්කර හමාරයි.....එක දෙයක් කියමි....... මෙය අඩුම තරමේ දෙවරක් වත් රස නොවිදි කෙනෙකු නැත..... කිහිප වරක් රස වින්දත්....... නැගෙන කඳුල එසේමය....කලා කරුවනි......ලෝකය සුන්දර උනේ... ඔබම නිසාය.......❤
" එදා වාගෙම,
නුඹ තවම තරුණයි,
ලස්සනයි ..
මට අදට හැට පහක්.,
මා මහලු නමුත්
නුඹ ,
කවමදාවත් වයසට නොයන
තිස් හතරක තරුණයෙක්..
නුඹ මා තනිකර ගිය දින පටන් මා නුඹේ මතක සමගම ජීවත් වුනෙමි..
නුඹ ගිය ගමන එන්නට, කෙතරම් වෑයම් කළත් ,
ඒ සියලු වෑයම් ව්‍යර්ථ කලෙත් ,නුඹ බව මම දනිමි.
නමුත් මා දැන් සතුටින් ය ,
ඒ,
නුඹ ළගට එන්නට තව වැඩි කලක් මට නොයන බැව් මා දන්නා බැවිනි..
ඉතිං පණ ;
නුඹේ ලඟට විත් ,
තුරුළු වී
සැනසෙන්නට හැකි දවස එන තුරු මා ආසාවෙන් මඟ බලා සිටින්නෙමි. "
🌼🫀✍🏻*-Pemith_N|
❤❤❤
මොහොතකට හදවත නැවතුන ගීතයක්. මේ වටිනා නිර්මාණයට දායක වූ සැමට බොහොම ස්තූතියි ! මාලිනී ෆොන්සේකා මහත්මිය නම් නිළි රැජිනම තමයි.
දවසට කීපසැරයක්ම බලනවා. ඒත් හැමසැරේම ඇඩෙනවා. මේ තරම් ඇබ්බැහි උනේ නෑ කිසිම නිර්මානයකට ❤
රූප රචනාවකට මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා දැනුණේ මේක දැක්කාට පස්සෙ උද්දික මාලනි අනේ කොහොමද මේ ගැලපිම❤ හිතට ආවේ.....මේක බලපු වේලාවේ ඉදන් උගුර හිර වේලා වගේ ඇස් වැහෙන තප්පරයක් ගානේ මේ විශුවල් එක ඇස් ඉස්සරහා මැවෙනවා වගේ දැනෙනවා...අනේ මේක ඇත්තටම film එකක් වුණානම් හොදයි.... ඒ හැගිම් ඒ ඇස් මොනදෝ කියනවා ඇත්තම ආදරේ හරි බරයි කියලා ඒ ඇස් වලින් දැනෙනවා.....රගපැමක් කියලා අමතක වේලා බලමු ලස්සනම නිර්මාණයක් මේක❤❤❤😥😍
මේකේ මාරම අදහසක් තියන සිංදුවක්...මාරම රුපරාමු පෙලක්
මම මේකෙ දැක්ක හොදම detail එකක් තමා පිරිමි කෙනා බැදගෙන හිටපු අත් ඔරලෝසුව. හමුදාවෙ කොල්ලො ගොඩක් ඔය casio F91 watch එක පාවිච්චි කරා යුද්ධෙ කාලෙ🔥🇱🇰
ආදරණීය ආදරයක් දැනුණු කෙනෙකුට ඇත්තටම ආදරය පිස්සු වක් තමා ලස්සන නිර්මාණයක් කොචිචරඇහුවත් ඇති වෙන්නේ නැහැ ❣️❣️❣️💖💖💖
අද දවසට මේ සිංදුව කී පාරක් ඇහුවද කියලා මතක නෑ 🥺මේ ලෝකෙ කාටවත් තමන් ආදරේ කරන කෙනාව නැතිවෙන්න එපා 😔💔
කථාංග සිය දහස් ගණනින් දන්වන බැරි දෙයක් ඉදිරිපත් කළ අතිවිශිෂ්ට නිර්මාණයක්!
මගේ ජිවිතේ පලවෙනි වතාටව විශුවල් එකකට ඇඩුනා ..ඇබ්බැහි උනා ..අපේ ආමි එකේ යුද්දෙන් මැරුන කොල්ලොන්ගේ ආදර කතා උන් එක්කම මැරුණා..😢
Ape sinhala minisunta dan ewa mathaka na. 😢
මම මේ සිදුවිම කෙනෙක ට වෙනවා ඈස්.දෙකෙන්ම දැක්කා. ඔවුන්ට එක තෙරුම් ගන්න කල් ගියා.මේක ඩ්මෙන්ශියා රොගි තත්ත්වය .තරුන කාලේ මුන දිපු සිතට දැනුනු සිදු විමක් සමග මහලුවියෙදි ඇති වෙන ඔවුන් ඒ ලොකයේ ජිවත් විම.මාලනි පොන්සේකා මහත්මිය හාඋද්දික මාව ඇඩෙව්වා..සින්දුව facebook එකෙ කොටසක් බලලා බලන්න ආවේ.අවසානය දක්වා කදුලු මතින් බලපු ගිතයක්❤
ඇයට ඇති වටිනාම වස්තුව...ඇගේ එකම සතුට.... සැනසීම...තුරුණු වියේදී සදහටම අහිමි වූ ඇගේ ප්‍රේමය.... වියපත් වුවද....ඇය ඇගේ සිත තුල පරිස්සම් කොට තබා ගෙන හිඳින අපූරුව.... අහිමි වූ ප්‍රේමය නමින් ඇසේ නැගුණු කඳුළු මුතු ඇටය කොට හදේ නිදන් කර ගත් සදාකාලික ප්‍රේමවන්තිය ඇය.....ඔහුගේ සුවඳ....ඔහුගේ හුස්ම..... ඔහුගේ ආදරය....රැකවරණය... සදාකල්හිම විඳින ස්නේහවන්තිය ඇය.....ලොවට උමතු සිතක් ලෙස පෙනෙන....සිතින් පොහොසත් ගැහැණිය ඇය.....හිත කඩා වැටෙනවා මේ රූපය රාමු තුළ... උද්දික ප්‍රේමරත්න ප්‍රේමයක්ම තමයි....මාලනී ෆොන්සේකා සදාකාලික සදාදරණීය ප්‍රේමවන්තියම තමයි. ආදරෙයි ඔබ දෙදෙනාටම.... මෙවන් සොඳුරුවූද සදාකාලික රිදුමක් තබා යන්නා වූද ප්‍රේමණීය නිර්මාණයක් දායාද කළ හැමට ස්තුතියි. මේ සොඳුරු කවිය සැබෑ ලෙසින් මේ අත්දැකීම විඳින සදාදරණීය රණ විරුවන්ට සහ ඒ ආදරණීය පෙම්වතියන්ට, බිරින්දෑවරුන්ට උපහාරයක්ම වේවා.❤❤❤❤❤❤❤❤❤
සින්දුව ඇහුනෙ නෑ visual එක නිසා. ඒක නම් මාරය්.
Fb එකේ මේ සිංදුවේ තේරුම පැහැදිලි කරලා තිබ්බ පෝස්ට් එකක් දැකලා තමා ඇවිත් බැලුවේ 🥺❤ ඇත්තටම සිංදුව මාරම ලස්සනයි.. ඊට වඩා විශුවල් එක හදවතට දැනුනා 🥺❤️ මේකට ෆිල්ම් එකක් හැදුවොත් මට හිතනවා ඒක ගොඩක් ෆේමස් වේවි කියලා 🥺❤️
"ඇයි මයෙ අම්මා "❤..... ඒ වචන කිව්ව ලස්සන
❤❤
කී සැරයක් මේක බලුවද කියල මතක නෑ..ඒ තරමට බලනවා. තාමත් බලනවා..❤❤❤❤❤
ඉතාමත් සංවේදී නිර්මාණයක්. මට සිහියට ආවෙම මගෙ අම්මා. ඇයත් මානසික අසමතුලතාවයෙන් පෙලෙනවා. ඇගේ කතාව මීට ටිකක් වෙනස්.ඇයයි මමයි දෙන්නම තනිවුනා. ආදරය නිසා මේ ලෝකේ තනිවුන සෑම හිතක්ම සුවපත් වේවා!!!
මටත් මගෙ වසන්තය මතක් උනා මේ ගීතයේ අවසානයේ වසන්තයේ හිමිකරු මතක වස්තුවක් වී අවසානයේ බස් නැවතුම්පොළ ලගින් මතුවෙන විට හදවත කඩා වැටෙනවා දුකයි හරිම ලස්සනයි
ඇත්ත ජීවිත කතා තාත්විකව ඉදිරිපත් කිරීමක්. 🌹🌹
"සමනළ සoධ්වනිය" මතක් වුනා.
භාව ප්‍රකාශන අතිවිශිෂ්ඨයි. උද්දික ප්‍රේමරත්න & මාලිනිය ❤🌹🌹❤
සම්මානයක් දෙන්නම ඕනේ 🎉
පද රචනයට එහා ගිය හඬක් සහ සංගීතයක්, ඊටත් එහා ගිය රූප රචනායක්... ❤️
මාලනී, උද්දික අති සංවේදී රංගනයක්. ගීතයක විනාඩි කිහිපයක් ද Film එකක් ද කියලා හිතාගන්න බැරි තරම් සුපිරි පුද්ගල මනෝ භාවයන් පිළිබඳ ගැඹුරු චිත්‍රනයක්...
කියන්න වචන නෑ, බලන ඕන කෙනෙක්ගෙ ඇස් වලට කදුලක් එක්ක හිතට කියාගන්න බැරි බරක් එකතු කරාවී...
ඇත්තටම පිස්සුවක් ❤️❤️❤️
Thank you ❤
ඒක ලෙඩක් නම් තමන් ආදරය කරන කෙනා එහෙමවත් දකින්න ලැබෙනවනම් මං ආසයි ඒ ලෙඩේට🥺 පටන් ගැන්මත් අවසානයත් ලස්සනට මුහු කරලා තියෙන නිර්මාණයක් 💜️❤🥺
Thank you ❤
දේශපාලනය නිසා රටට නැති උන අග්‍ර ගණයේ නළුවෙක්... උද්දික ❤️
මගෙත් මෙහෙම තමන්ගෙම මනෝ ලෝකෙක තනිවුන සහෝදරියක් ඉන්නවා. පාසල් ප්‍රේමයක හිත තනිවුන. යථාර්ථයේ 45ක් වුනත් හිතින් තතවමත් 17 වියැති. ෴
හිතට තදින්ම දැනුනා. ස්තූතියි චාපා/
මම මේක බලපු වාර ගාන මතකත් නෑ . අඩන වාර ගාන මතකත් නෑ. මේක මගේ අත්දැකීමකුත් නෙමෙයි . ඵ්ත් තේරෙන්නේ නෑ
මිනිස්සුන්ගේ හිත් වල තියෙන හැඟීම් මේ වගේ අපිට දැනෙන්න පෙන්වන එක ලේසි දෙයක් නෙමෙයි... බෙහෙත් නොගත්තත් ගොඩක් අයට මේ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්...
විඩියෝ එක බලද්දී මම කල්පනා කලේ මාලනියගේ තරුණ කාලයේ උද්දික එක්ක රඟපාන්න ලැබුණා නම් කොහොම ලස්සනට ඒ දෙන්නා ගැලපේවිද කියලා ❤️❤️
මටත් එහෙම හිතුනා
❤❤❤
මේ වගේ කතා කොච්චර නම් ඇතිද ?.. 🥺 සංවේදී නිර්මාණයක් ... ගොඩක් ලස්සනයි ❤️ ඒ වගේම කලාවේ යුග දෙකක නොමැකෙන සටහන් තැබූ නලුනිලි යුවලක්
Thank you ❤
උද්දික ඔබට මාලනී සමග රංඟන යෙන් දායක විමට ලැබීම වාසනාව ක්...එය දකින්න ට ලැබීම අපේ පිනක්🎉🎉
පළවෙනි සැරේට බලද්දි සිංදුවේ එක වචනයක්වත් ඔළුවට ගියේ නැත්තේ මට විතරද.. 🥺 විෂුවල් එකේ මාත් ජීවත් වුණා වගේ ❤
දකින දකින සැරේට බලනවා. ඇඬෙනවා. ඒත් වචන ඇහෙන්නෙ නෑ.ඒ තරමට එයාලා දෙන්නා හදවතට යනවා
පද රචනය ,ගායනය,රූප රචනය ,රංගන කුසලතාවයන් අතිවිශිෂ්ටයි ,උද්දික ඔබට කලාව තුල බොහෝ කාලයක් බොහෝ දේ කලහැකියි මාලිනිය නිළි රැජිනට හැමදාම ආදරෙයි ❤️
ගීතයේ අර්ථයට තෝරාගත් නළු නිළිය යුවළගේ උපරිම සාධාරණයක් සිදුවීමෙන් තවත් මෙම නිර්මාණය සාර්ථක වී ඇත ..🙏❤️👍🔥
කියලා වැඩක් නෑ පුතේ මේ වැඩේ සුපිරියි. නිලි රැජින මේ ගීතයට වඩාත් වටිනා කමක් එකතු කරලා තියෙනවා ඇයගෙ උපරිමයෙන්ම. උද්දික කියන්නෙත් අග්‍රගන්‍ය නලුවෙක්. ඇත්තටම කෑ ගගහ අඩන්න හිතෙන රූප රචනාවක්. ❤️
කලාකරුවන් දෙදෙනාගේ, හැඟීම් හුවමාරුව තමා මතකයේම රැඳෙන්නේ .........❤❤
නිළි රැජින මාලනී ❤
හදවතේ නළුවා උද්දික ❤
හිත වෙවුල්ලා දියවෙලා ගියා වගේ හැගිමක් දැනුනා. ආදරෙයි මේ සින්දුව අපි අතරට ගෙනාවට.
දවසට පස් පාරකට වැඩිය බැලනවා.මොකක්දෝ මන් දන්නේ මේ visual එකට මගේ සිත ඇදී යනවා.❤❤❤
එතෙක් මෙතෙක් දුටුව ලස්සනම රූප රචනාව
දෙන්නගෙ රගපෑම් අති විශිෂ්ඨ යි
අනේ අදටත් මෙතුමියගේ අති දක්ශ රංගනය.
ඔබතුමියට දීර්ඝායු වේවා 🙏🙏🙏
පපුවේ ඇතුලේ ඇවිලුනු ගින්දර සීතල නිම්නයක් වෙලා. වර්තමානය මනෝ ලෝකයක් ඇතුලේ ස්පන්දනය වෙලා ❤️🔥🌹
හරිම ලස්සනයි. ලස්සන වචන ටිකක්.දැනෙන කටහඬක්. රෑප මවන්න පුලුවන් දෙන්නෙක් අරන් කරපු හිතෙට දැනෙන නිර්මාණයක්. කොයිතරම් බැලුවත් එපා නොවෙන සුපිරි සිංදුවක්. 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
උද්දික ප්‍රේමරත්න නම් ප්‍රේමයක්මැයි ❤❤❤❤❤❤
Yes❤️❤️❤️
සමහරුන්ට විහිළුවක් , සමහරුන්ට ඕකුන්ට පඩියක් ගෙවුවෙ ඕකට තමයි, සමහරුන්ට මිනී මරුවො, සමහරුන්ට කාලෙකට දෙවිවරු..., සමහරුන්ට අමතකයි, සමහරුන්ට ඒක උන්ගෙ රස්සාව..,
ඒත් අදටත් කොහෙ හරි තැනක කාගෙ හරි ජීවිතයක් මරණය දක්වා සදාකාලික වේදනාවක ගිලීම නියත උරුමයක්.. 🖤
පැති කිහිපයක් ටච් කරපු රූප රාමුවක්. යම්කිසි සිදුවීමක් නිසා මනස බිඳ වැටුනම එයාලට වර්තමානයක් නෑ අනාගතයක් නෑ. අතීතය විතරයි ජීවිතේ . අතීතයේ විඳීම් තුළින් මනෝමය ගණුදෙනුවක ඉන්න බිරිඳක්. එයාගෙ සැමියා එක්ක භෞතිකව ස්පර්ශයක් වත් නැති උනාට එයා මනසින් ජීවත් වෙනවා සතුටින් සැමියා එක්ක. ඒක මතුපිටින් දකින කෙනෙක්ට තේරෙනවා අන්න අරයට පිස්සු කියලා . සැමියාගේ අකල් අභාවයෙන් එයාට පිස්සු හැදිලා කිව්වොත් හරි. ඒකට බෙහෙත් ගන්නවා. එයාගෙ පිස්සුවෙන් කාටවත් හානියක් නෑ. ඇත්තටම කිව්වොත් මොළය විසින් එයාගෙ දුක හිතෙන ශොක් වුණ කොටස එයාට අමතක කරවලා ඒක දරුණු වේදනාවකදි මොළය විසින් ගන්න ලොකු තීරණයක්. එහෙම නොවුනා නම් ඒ ශොක් එකට එයා මැරෙනවා. අර පපුව පැලිලා මැරෙනවා කියන්නෙ.අන්න එහෙම . ඉතින් එයා මනසින් සැමියා එක්ක ජීවත් වෙන හුදකලා ගැහැණියක්. ඒ වගේම තව තැනක එයා සැමියා එන බව දැනගෙන යන්න ලෑස්ති වෙන්න හැඩ වෙලා පවුඩර් දාලා ගොඩක් සුවඳට. මට දැනෙන විදිහට වයසට යෑමත් එක්ක ගොඩක් අය අපිරිසිඳුවට ඉන්න විශාල හේතුවක් ලිංගිකව සිඳුවන පසු බෑම. නමුත් මෙතන පවුඩර් දාලා සුවඳට සැමියා ගාවට යන එකෙන් මට හිතෙන්නෙ ඒකෙන් අදහස් කරන්නෙ මනසින් තරුණ කාලෙ ඉන්න එයා සැමියාට ලිංගිකව ආකර්ෂණය වීම සහ ආකර්ෂණය කරගැනීම, ලිංගික ජීවිතය පැත්තෙන් ගැහැණියගෙ ජීවිතේ තිබ්බ හිස් කම. එයා තුළ සැමියා ගැන තියෙන නැවුම් හැඟීම. ඒක ලොකු කැපකිරීමක් . අනික බස් එක එයාව පෙනි පෙනී මග දාලා යන එක. ඒවයෙන් වෙනස්ම කතාවක් මතු කරනවා.
අනික් පැත්තෙන් රණවිරුවෝ රට වෙනුවෙන් යුතුකම් කරන්න ගියෙ පොදු මානුෂීය හැඟීමකින් කියන එක. මොකද එයා රට වෙනුවෙන් යුතුකම් කලාට එයාට එච්චර ආදරය කරන බිරිඳ වෙනුවෙන් යුතුකම් කරන්න වත් ජීවත් වෙන්න බැරිවෙනවා. පොදු මානුෂීය හැඟීමක් නැති මිනිස්සු ආත්මාර්තකාමී වෙලා මමයි මගේ පවුලයි කියලා හිතනවා මිසක් රට ගැන හිතන්නෙ නෑ. එතකොට එකල රණවිරුවෙක් කියන්නෙ ආත්මාර්තකාමීත්වය අතහැරලා පොදුවෙ රට ගැන හිතපු අය කියලා මතක් කරනවා විෂුවල් එකෙන්. මෙතන සැමියා නිවාඩු එනවා කියන එක එයා මනසින් විඳින බව පෙන්නන්නෙ උද්දිකගෙ ඇඳුමෙන්. ශර්ට් එක යට කරලා යට බැනියම ලාවට පේන්න, අතේ වොච් එක. ඒක රණවිරුවෙකු හඳුනා ගැනීමේ අයිකන් එකක් වගේ.ඒත් එයාගෙ කරේ බෑග් එක නැහැ. ඒ වගේම එයා වෙනුවෙන් හදපු බස් නැවතුම අභාවයට ගිහින් . කෙනෙක් ජීවිතයම කැප කරපු දෙයක් ගැන උනත් මිනිස්සුන්ට ගෞරවය වටිනාකම් තියෙන්නේ බොහොම ටික කාලයයි කියලා මතක් කිරීම. හරිම සියුම් තැන් ටච් කරලා ගීතයේ සංවේදී කම මතු කරලා තියනවා ❤
❤️❤️❤️❤️❤️
මාරම ලස්සන සින්දුවක්❤
මේ වීඩියෝ එක සම්බන්ධව ඔයාගෙ කියවීම, සුපර්බ් ,,,, වීඩියෝ එකයි සිංදුවයි වගේම සුපර්බ් ❤️❤️❤️, තව දෙයක් තියෙනවා සමහරුන්ට අපේ රණවිරුවෝ අට පාස් උන්,,, 😓😓😓😓
@@sachithrasewwandi-nz9gy බොහොම ස්තූති ඒ ඇගයීමට. අනිවාර්යයෙන්ම අපේ මිනිස්සුන්ට විපතක් උන වෙලාවට කෙනෙක්ගෙ තත්ත්වය උගත්කම කුලය වැදගත් නොවුනට අනික් හැම වෙලේම ඒවා හොයනවා. ඔය අටපාස් කතාව කී බෝර්ඩ් වීරයන්ගෙ මහ නූගත් කතාවක්. ඇත්තටම රණවිරුවන් සහ ඒ මිනිස්සුන්ගෙ පවුල් වල උදවිය කරපු කැපකිරීම් අමතක කරන්න බැහැ ජීවිතය ඇති තුරා. ❤
@@damithgayan6079 ඔව් ❤
වචන....මතක නෑ....සංගීතය,තනුව..මතකම නෑ...සමාවෙන්න...ඒත් ඒ රූප....❤❤❤❤අති විශිෂ්ඨයි ❤❤❤❤
හිතට හරිම සංවේදියි ගිතය කාගෙත් මනස අතිතයට ආදරෙයි ඒමතකින් ජිවත්වෙනවා. මාලනි ෆොන්සේකා මැතිනිය ගේ ඒ චරිතය රගපැම හිත සසල කරන තරමට.බැදෙනව ා දහපාරකට. වැඩියබැලුවත් තවත් බලන්න අහන්න ම යි හිත කියන්නේ උපපරිමයි.විෂුවල් එක කරපු ඩොක්ට ත් හරි ලස්සනට කරලා
ඒ වචන කතා හිතේ ගැඹුරටම දැනෙනවා...හඬත්,සංගීතයත් ඒවගේමයි...කඳුළු වැටුණා සත්තයි..රංගනය ගැන කවර කතාද...අපේ හදවත්වල ලොකු ඉඩක් රණවිරුවන්ට තාම තියෙනවා එදා වගේම...
ඒ පදමාලාව.,රූප රචනය, හරීම ආදරණීය යි. අපූරුයි. උද්දික ගැලපෙන්නෙ රංගනයට. 👍♥️🌹
Thank you ❤
නිලි රැජිණියනි ඔබට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 ආසම නලුවෙක් සහ නිලියක්❤️❤️සාර්ථක ,හැගුම්බර ගීතයක්🥺🥺 සුභ පැතුම් සොයුරිය ඔබට❤️❤️
ලන්කාව තුලත් විශිෂ්ට නිර්මාණ බිහි වෙන යුගයක් මේක.
සෑම නිර්මාණයක් තුලම මානුශීය හදවත් කූද්දන්න මේ දරන වෑයම හරි විශිශ්ටයි
ඉදිරි අනාගතේ සුබයි මේ රට හරි සුන්දරයි ❤✨️
Hit වෙන්න ඕන නෙවේ Hit කරන්න ඕන සිංදු❤️ ජය වේවා💐
මට අපේ කිරි අම්මා මතක් උනා. මේවිදියටම අතින් අල්ලන් මම කිරි අම්මව නාගදීපේ වැන්දුවා. වෙලා යනවා, පරක්කුයි කියලා ගියපු නඩේ හැමෝම අනම් මනම් කිව්වා. ඒත් මම එයාව අත ඇරියේ නෑ. එයා හරිම අමාරුවෙන් ඒත් හිතේ හයියෙන් වාරු අරන් ඇවිද්දා. අපේ කිරි අම්මත් ගොඩාක් ලස්සනයි. සුදුම සුදුයි. මේ සිංදුවත් හරිම ලස්සනයි . මේකේ තේරුම වෙනම එකක් උනත් මට ඇත්තටම කිරි අම්මව විතරයි මතක් උනේ❤
😢 එය වසන්තය නොවේ …🩷💜💛 සිත මොහොතකට හෝ නතර උනා නම් එය විශිස්ට නිර්මානයකි !! තේමාව රූප රචනය , ගී පද , හඩ 👌
මගේ ප්‍රියතම නිළියයි, ප්‍රියතම නලුවායි රගපාන නිසාමයි බලන්න ආවේ..
මුලින්ම හිතුවේ නම් වෙන දෙයක්, ඵ්ත් අන්තිමේදී තමයි තේරුනේ යුද්දයෙන් මිය ගිය තම පෙම්වතා සමග මනසින් ජීවත් වෙන ආදරණීය පෙම්වතියක් ගැනයි මේ කියවෙන්නේ කියලා..
යුද්දය නිසා ජීවිත අහිමි වුන සොල්දාදුවන්ගේ ආදරණීයයන් මොන තරම් දුකක් විදිනවා ඇද්ද 😢😢
මාලිනියගේ සහ උද්දිකගේ රංගනයන් ගැන නම් ආයෙත් කතා කරන්න දෙයක් නැහැ, අති විශිෂ්ටයි 👍👍
ගීතයත් ලස්සනයි..
කලාතුරකින් දකින්න ලැබෙන ඉතාමත් අනර්ඝ වූ සොදුරු නිර්මාණයක් 👍❤
Thank you ❤
වර්තමානයට වඩා ඔබ හා ගෙවුන අතීතයේ ඒ දවස් කිහිපය තුලා මා ජීවත් වෙමි. ❤️🩹😔
කීසැරයක් මේ ගීතය ඇහුවද.... බැලුවද.......කියල මතකයක් නැති තරමට ම...... මේ ගීතය මාර විදිහට විදිනවා.....💖
අම්මෝ ඒ සිංදුව..ඒ රූප රචනාවත් මාරයි..❤😊..අමුතුම වේදනාවක් එක්ක, මම වින්දා ඒ විනාඩි ගණන මාරම විදිහට ❤😢..තෙරුවණ් සරණයි 👏🌻
ඒ අත්දැකීම වින්දත් නැතත් ඒ හැගීම් රූප රචනයෙන් අපිට දනවන්න පුළුවන් තරම් උසස් නිර්මාණයක්. උසස් නිර්මාණ උසස් රසවින්දනයක් අද සමාජයට ලබා දීමට උඩුගම් බලා පිහිනන මේ නිර්මාණයට දායක වූ සියලුම දෙනාට තව තවත් මෙවැනි උසස් නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ❤
රෑප. රචනය ප්‍රබලයි. ගායනය විශිෂ්ටයි. හිතේ රැදෙන්නෙ නම් රෑප රචනය තමයි. ගායිකාවට අසාධාරණයක් සිදුවෙලා වගේද ❤❤❤❤
අසාධාරණයක් නැහැ.. අවසාන නිර්මාණය සාර්ථක වීමයි වැදගත්..❤ ඒකෙන් කැපී පෙනෙන කෙනා කවුද කියන එක නෙමෙයි ❤
වැරැද්දක් කියනවා නේවේ...ඒත් මේ කියලා තියෙන දේ ඇත්ත...සිංදුවේ වචන ඇහුනේ 3 වෙනි පාර අහද්දි...එච්චර ලස්සන රෑප රාමු ❤☺️
@@NishiWeerakoon
Ow mamath kiyawala therumgaththe වචන