සැඳෑ අඳුර.. (Sanda Andura) | Somathilaka Jayamaha

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 156

  • @prasanganikumunduni7446
    @prasanganikumunduni7446 23 дні тому +18

    මම 11 වසරේ , අද කාලයේ කකුල් වලට දෙන සින්දු වගේ නෙමෙයි ,මෙවා කනෙන් අසා සිතින් හිතන්ට තිබෙනා සින්දු ,💗

    • @BooVibes
      @BooVibes 17 днів тому +1

      Math

    • @Bro-be-happy2024
      @Bro-be-happy2024 11 днів тому +2

      ඇත්ත කතාව සහෝදරයා 🔥🎧💯

  • @imandishamila7945
    @imandishamila7945 Місяць тому +10

    මේවා සින්දු නෙවෙයි මේවට කියන්නෙ මානසික ඔසු කියල ❤

  • @sheran_karunarathna.
    @sheran_karunarathna. 15 днів тому +4

    Mn teenager kenek. me sinduwe thiyena vibe ekanm ptta. Mra vidihta fell una sinuduwak.
    Much love this song. ❤️

  • @champazoysa4349
    @champazoysa4349 Рік тому +38

    කාර්ය බහුල ලෝකයේ මනස සුවපත් කිරීම සදහා මෙම යුගයේ ඇසිය යුතුම ගීතයක් නින්දට පෙර ඇසුව වාර ගනන අනන්තයි ❤

  • @wijithapanagoda3818
    @wijithapanagoda3818 3 роки тому +227

    මා හට ඉතා ම කුඩා කල මතකයන් තවමත් හොඳින් තියෙන අතර මාගේ දෙමාපියන් හා වැඩිහිටියන් ද ඒ මතකයන් ගැන මහත් විමතියට පත් වූහ. මේ සිදුවීම මට වයස අවුරුදු 1 1/2 කි. ඒ 1969 වසරයි. එවකට ගුවන් විදුලි යන්ත්‍රයක් ගමක ඉතා ම කලාතුරකින් නිවෙසකයි තිබුණේ. මගේ බාප්පා (තාත්තාගෙ බාළ ම මල්ලී) රජයේ පාසල් ගුරුවරයෙකු වූ අතර මා බාප්පාට එතරම් ලැදි ඔහු බොහෝ සෙයින් සංගීතයට ලැදි අතර බටනලාව සහ තබ්ලාව හොඳින් වාදනය කිරීමේ හැකියාවක් ඇති නිසයි. ඔහු ගුරු පත්වීම ලැබ මුල් ම වකවානුවේ වැටුප ඉතිරි කොට දිනක් සැඳෑ යාමයේ ගෙදරට ගෙන ආවේ අමුතු ම භාණ්ඩයකි. එය නැෂනල් වර්ගයේ මහා ලොකු රේඩියෝවකි. ඔහු එය සාලය මැද තැබූ අතර එය ක්‍රියාත්මක කරවූයේ ය. ඒ මොහොතේ ගෙදර හැමෝම වටවුණි. එවකට ලංකාවේ තිබුණ එක ම ගුවන් විදුලි සේවාව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පමණකි. එයිනුදු ජනප්‍රිය වූයේ අද වෙ⁣ළෙඳ සේවය හෙවත් එකල දෙවන සේවය යි. අද ස්වදේශ සේවය එකල පළමුවන සේවයයි. ඉතිං එම වෙලාවේ මට හොඳින් මතකයි ප්‍රචාරය වූ ගීතය. මගේ ජීවිතයට අම්මාගේ නැළවිලි ගීතයක් හැරුණු කොට මා ඇසූ ප්‍රථම ගීතය "සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට" ගීතය යි. පොඩි බාප්පේ ඒ මොකක් ද ලස්සනට කියන්නෙ" බාප්පාගෙන් මා විමසීමි. "ඒ පුතේ කියන්නෙ සිංදුවක්" යනුවෙන් පැවසූ අතර මා සාවධානව අසා සිටියේ සිව්වන ධ්‍යානයට සමවැදුණු යෝගාවචරයෙකු මෙනි. එදා මෙදාතුර මගේ ප්‍රියතම ගායන ශිල්පියාණන් සෝමතිලක ජයමහ ශූරීන් ය. නමුත් පසුකාලීන ව මගේ ප්‍රියතම ගීතය අදටත් අපි ආයෙත් හමු නොවුණා නම් ගීතය යි. තෙරුවන් සරණයි මගේ ප්‍රියතම ගායන ශිල්පියාණනි ඔබට. විශ්‍රාමික ව දිවි ගෙවන ජයමහ මහත්මයාණනි, ඔබට නිදුක් නිරෝගී සුව පතමි !!! - විජිත පනාගොඩ - මාලබේ සිට -

    • @SomathilakaJayamaha
      @SomathilakaJayamaha  2 роки тому +38

      Thank you..!

    • @dhawaladevasmitha3065
      @dhawaladevasmitha3065 2 роки тому +16

      E ගීතය වගේම obe සටහන ආසාවෙන් kiyewwa .ekath ගීතයක් wage sundarayi

    • @rajithpriyadarshana7370
      @rajithpriyadarshana7370 Рік тому +12

      එ සටහන බැලුවම.....අතිිතය කොතරම් මිහිරිද කියලා...

    • @buddhinieyapadahanayake5169
      @buddhinieyapadahanayake5169 Рік тому +3

    • @dihandesilva2233
      @dihandesilva2233 Рік тому +3

      ❤🙏🇱🇰🙏athuma Mageth asama gayakayek, mokakdo amuthuma palu rasayak dannawa kochchara ahawwath apawenna👍

  • @IrushiShehani
    @IrushiShehani 24 дні тому +3

    හිතට සැනසිමක් මෙවා ඇහෙද්දි 🥺

  • @dhanaxd70
    @dhanaxd70 Місяць тому +10

    කඳුලක් ඉතිරිකරපු මතක අදටත් හරි ලස්සනට අවුස්සනවා...❤️‍🩹

  • @ishuyash123
    @ishuyash123 8 днів тому +2

    අපිට ඕලෙවල් music වලට තිබ්බා මේ සින්දුව ❤️මන් හරිම ආසය් ඒ කාලේ ඉදන්ම ❤️

  • @ThushariDeepthi
    @ThushariDeepthi 2 місяці тому +9

    තවත් අවුරුදු සියයක් වත් මේ ගීත මේ හඩින්ම ඇසේවා🎉🎉🎉🎉🎉උපසේවා ද ❤❤❤❤❤

  • @anjana7546
    @anjana7546 3 місяці тому +10

    පොඩි කාලෙ මේ වගෙ 𝘴𝘰𝘯𝘨 𝘯𝘦𝘹𝘵 කරනවා දැන් තමා තේරෙන්නෙ මේ රසය මල් සින්දු වලින් ගන්න බෑ කියලා ❤️

  • @DulajRanasinghe
    @DulajRanasinghe День тому +1

    2024 ත් අහනවා❤

  • @sriyalalranaweera9604
    @sriyalalranaweera9604 27 днів тому +4

    මම දහස් වාරයක් මේ ගීතය අහල තියෙනව. සෝමතිලක ඡයමහ ශූරීන් අතිශය විශිෂ්ට ගායයකයෙක්.

    • @IrushiShehani
      @IrushiShehani 24 дні тому

      මෙ සින්දුව ඇහුවට එපා වෙන්නෙ නැ😢😢

  • @sanunadithya9644
    @sanunadithya9644 Рік тому +34

    අද මගේ සංගීත ගුරුතුමියට අහම්බෙන් වගේ මෙම ගීතය මතක් වෙලා මෙම ගීතය සිසුන් හැමෝටම ලියා ගන්න කියලා දුන්නා.
    ශ්‍රේෂ්ඨ කලා කරුවානෙනි ඔබේ හඩටත්, නිවුණු භාවයටත් උපහාර වේවා!
    මම 10 ශ්‍රේණියේ ශිෂ්‍යාවකි

  • @chamodi8572
    @chamodi8572 Рік тому +57

    මන් grade 12 ලමයෙක්....දැන් තියන බයිල වලට මේ සින්දු වල තියන මිහිරිකම ,අර්තයක් ඇති බවට මම ප්‍රියයි..නැවතත් මෙවැනි කලාකරුවන් පහල වේවා 😍😍........

    • @dubbingaviya3201
      @dubbingaviya3201 Рік тому +5

      මම 2004♥️ රස දන්න කෙනෙක්

    • @PrasannaAnandasiri
      @PrasannaAnandasiri 11 місяців тому +2

      I 'm 2006.but I like old song .😊

    • @RoshanNandasiri
      @RoshanNandasiri 10 місяців тому +1

      Manasa pirisidu daruwek

    • @ruwan
      @ruwan 7 місяців тому

      Mama 1996

    • @udithakasiwaththa4225
      @udithakasiwaththa4225 4 місяці тому +2

      පුතා අපිත් O/L A/L කරලා අවරුදු 40 කට කලින් අහපු මේ සින්දු අදටත් අපි අහනවා, ඔබ මේ සින්දු වලට ඇලුම් කරන එක සතුටට කරුණක්...

  • @dubbingaviya3201
    @dubbingaviya3201 10 місяців тому +7

    මහණ වූ හිමි නමක් ගී ගයනවා වගේ මානසික නිදහස ජයමහ ශූරීන්❤

  • @nimalperera6742
    @nimalperera6742 2 роки тому +16

    මෙවෙනි ගීත යලි ඇසීමට ලැබීම වාසනාවක්, ඔබ තුමාට බොහෝම ස්තුතිය. ගායකයානනි ඔබ තුමාට දීර්ඝායුෂ පතමි..💐

  • @lahirusanjaya5433
    @lahirusanjaya5433 Рік тому +23

    සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
    කවුළු පියන්පත් වැසෙන වෙලාවට
    සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
    කවුළු පියන්පත් වැසෙන වෙලාවට
    දහසක් දොම්නස් සිහින පවුරු මැද
    තනි වුණ ඔබෙ සුසුමන්
    සෙමින් විත්
    මගෙ සවනත පාරයි
    සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
    කවුළු පියන්පත් වැසෙන වෙලාවට...
    තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
    සරන විටදි රැය ගෙවෙන තුරාවට
    තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
    සරන විටදි රැය ගෙවෙන තුරාවට
    මහද සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
    එතෙර වන්න නිඹදේ
    නිදි ලොව වෙත
    එතෙර වන්න නිඹදේ
    සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
    කවුළු පියන්පත් වැසෙන වෙලාවට...
    නිමල පැතුම් සපුරාගෙන හද තුල
    සිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවට
    නිමල පැතුම් සපුරාගෙන හද තුල
    සිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවට
    අරුණළු නැගෙන පැයේ
    කුසුමක් දෙමි
    ජීවින මල් ගොමුවේ
    ඔබේ ආදර
    ජීවන මල් ගොමුවේ
    සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
    කවුළු පියන්පත් වැසෙන වෙලාවට
    සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
    කවුළු පියන්පත් වැසෙන වෙලාවට
    දහසක් දොම්නස් සිහින පවුරු මැද
    තනි වුණ ඔබෙ සුසුමන්
    සෙමින් විත්
    මගෙ සවනත පාරයි
    සෙමින් විත්
    මගෙ සවනත පාරයි
    සෙමින් විත්
    මගෙ සවනත පාරයි

    • @seelaw7498
      @seelaw7498 9 місяців тому +1

      Very nice song budusarani ♥️♥️♥️

  • @TilakGunasekara-ts6fm
    @TilakGunasekara-ts6fm Місяць тому +2

    මගේ හැගිමනමි...
    සොමතිලක ජයමහ කියන්නේ සැබැ දක්ෂයෙක්

  • @Kanishkadhananjaya-cw8nl
    @Kanishkadhananjaya-cw8nl 2 місяці тому +5

    මට වයස 17න් අහන්න පටන් ගත්තේ.දැන් 19.තාමත් අහනවා.ලොකු පොඩි කාටත් අහන්න පුලුවන් සින්දු තියෙන්නෙ අල්පයයි.මෙය එයින් එකක් වන බව ආඩම්බරයෙන් කියන්න පුලුවන්💗👼

  • @prasad410
    @prasad410 2 роки тому +14

    ඔබතුමාගේ මේ ගීතය සහ දස බිම්බර ... ගීතයත් සුනිල්වන් ..නුවන් ගීයත් හදවතට ගෙන දෙන්නෙ පුදුම රසාස්වාදයක්. ඔබටම ආවේනික ශෛලියකින් ගයන එම ගීත අර්ථවත් බවින් පිරිපුන්. මෙවන් හදමඬල තුල පතුලටම දිව යන සහනශීලි ගීත තුලින් සමාජයක් සනහන , වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ සුවිශේෂී යුගමෙහෙවරක් කල විශිෂ්ට ගායකයෙකි . ඔබතුමාට නිරෝගි බව හා දීඝායු පතමි.

  • @SumithRajapakse
    @SumithRajapakse 2 місяці тому +3

    පුදුමයි, එකකට එකක් පරාද නැති කටහඬවල්, කෝරස් එකේ හයි , ලෝ පිච් කියක අය හොයාගන්න බෑ.... සුපිරි ගැයුමක්..❤

  • @pavithrawickramasuriya7562
    @pavithrawickramasuriya7562 Рік тому +10

    පුදුමාකාර වෙනස් ලස්සන රසයක් ඇති ගීතයක් ❤

  • @DinushaMadushani-yn3rg
    @DinushaMadushani-yn3rg 10 місяців тому +4

    නිකන් ඉන්න හැම වෙලාවකම අහන එකක් ...කොච්චර ඇහුවත් එපා වෙන්නේම නෑ..හිතට මාර නිදහසක් දැනෙන්නේ අහද්දී..

  • @sarathcdharmabandu5025
    @sarathcdharmabandu5025 5 місяців тому +8

    "සෙමින් විත් මගේ සවනත පාරයි."🎉🎉

  • @imeshakalanka7439
    @imeshakalanka7439 2 місяці тому +2

    ඔව් සැදෑ අදුර අරන් එන්නෙම අපේ මතක ..එදා ඒ සැදෑවන් තුල ඔබ මා අසලින් රැදී සිටියත්. අද ඒ සැදෑවන් තුල මා ඔබෙි මතකයන් වලින් තනිව සිටියි...🥀

  • @nipuwa5869
    @nipuwa5869 Місяць тому +5

    මේ සංගීතය හොඳයි, sunflower එක්ක සින්දුව විනාශ නොකරපු එකට පින්

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 3 місяці тому +2

    මෙතුමා ගේ.ගී. ගායනයට. මම. හරිම. ආසයි ලස්සනයි. සිත නිවී. යනවා. හරිම. නිස්කලංක යි.ගොඩක් ස්තූතියි. නිතර. අහනවා ❤❤❤❤❤

  • @guwanthwanigasuriya4025
    @guwanthwanigasuriya4025 4 місяці тому +2

    මේ ගීතවල ලයාන්විත බව දැනෙන්නේ ඔබ ගායනා කරනවිටදී පමණයි! ඒ හඬ එතරම් දුර්ලබයි

  • @KavinduGeesara-z3f
    @KavinduGeesara-z3f 2 місяці тому +3

    A/l stress eken inna hawasaka meka ahanakota 💆❤

  • @mannewije6842
    @mannewije6842 3 роки тому +14

    මේ තමයි සෝමතිලක ලකුණ!

  • @LakmalSooriyagoda
    @LakmalSooriyagoda Місяць тому +5

    මම නිසිත්. මට අවුරුදු හතයි. මම මේ සිංදු නිතරම අහනවා.

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 Місяць тому +1

    අගේ චන්දන මට ඔබ සිහිවෙනව පුංචිහේනයාගම වලවේ ගං ඉවුරේ ඉදන් හැන්දෑවේ ඔබත් මමත් රත්නේත් මේ සින්දුව කීවා අද ඔබ ජීවතුන් අතර නැත රත්නේ මල්ලී සීලි අක්කා මේ සින්දු දැන් අහන්නේ නැද්ද

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 3 місяці тому +2

    අනෙ මගෙ තාත්තා මතක් වෙනවා එයා මේ සින්දුව කියනවා හරිම ලස්සනට ..මේවා මතක පාරන සින්දු 🥹🥺🥺🥺🥺

  • @MisterNurmo
    @MisterNurmo 10 місяців тому +3

    කොච්චර ම්හිරිද මමනම් හරිම ආසයි

  • @sureshsanjeewa6570
    @sureshsanjeewa6570 3 роки тому +17

    මනස සුවපත් කරන සදාතනික ගීතයක්. භාවනාවක් වගෙයි.

  • @lakshankawinga6961
    @lakshankawinga6961 9 місяців тому +2

    My Favorite singer ❤🥰 Meh thami artisla..Kawdawath Noiyen Amarneeya Sindu..Respect u Sir😌 Love you ❤

  • @janiduprasannajith5853
    @janiduprasannajith5853 7 місяців тому +2

    Bawanawak obethuma hada!! Me wage getha hamoma ahanne na dan godak aye. Pribimin pawethina samaje nima kale nohaki obe Sangeethaya venas novi pawethiwa!!!🙏💗

  • @samanpadmakumara48
    @samanpadmakumara48 Рік тому +5

    ඉතාම අපුර්ව නිර්මානයක් .

  • @irarangoda3226
    @irarangoda3226 Рік тому +3

    mema geethaya dteam star wethin asu wita oba me geethayen apiwa eda sanasu hati mathak una.obata jaya..iranganie

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 Рік тому +2

    මහතානනි.අාසම.ගායක.ෙයක්.ඉතාම .අාස.ගිතයක්.ෙමම.ගිත.කිසි.කලක.ෙනාම.ෙක්වි.ෙගාඩක්.ස්තුතියි

  • @kapilas.dahanayake6713
    @kapilas.dahanayake6713 3 роки тому +5

    Mevan Rasavath nirmaana rasavindeemata tharam manasakin ipadeema pilibandava maa thula eththe balavath sathutaki. "Semen vith mage savanatha paarai"

  • @SomaKsu
    @SomaKsu 7 днів тому

    Mama asana gayanayak❤❤❤

  • @senadeerachandralatha5774
    @senadeerachandralatha5774 Рік тому +3

    ලස්සනම ගීතයක් අහන්න අහන්න ලස්සනයි

  • @malikagedara1058
    @malikagedara1058 Рік тому +5

    හරිම . ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි හුගක්ම ලස්සනයි ලස්සනයි ලස්සනයි හුගක්ම ලස්සනයි ලස්සනයි සිංදු ..හදවතින්ම ආදරේයි ..ඔබැ .තුමාට ..දිර්ඝායු ලැබෙිවා බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ..❤️❤️❤️❤️❤️❤️

  • @chandanakumudu2727
    @chandanakumudu2727 Рік тому +2

    මා,,කුඩා කාලයෙ වෙල් ඉපනැල්ලෙ තනි,වේලා මේ,,සිංදුව කීවා,,,මේනකා මගෙ පෙම්වතිය වෙනුවෙන්

  • @Gamagedarakussiya-nx2nk
    @Gamagedarakussiya-nx2nk 8 місяців тому +1

    සදාකල් රැඳුනු මියුරු ගීත

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga 10 місяців тому

    Somatilaka jayamaha adaraniya kalakaruwanani .mamath obatumage gamata allapu gama bihalpola podikale gamen pitawela puttalam pradesaye gewath wemi mamada kala karuweki gamaawegasa obatuma hamu wemata kemettemi obathumata jayawewa budusaranae ❤❤❤❤❤❤

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 Рік тому +1

    විජිත පනාගොඩ මහතාගේ සටහන බැලුවම මටත් අතීතය මතක් වුණා සීලි අක්කයි මමයි පංතියෙදි මේ සිංදුව කියනහැටි රත්නෙයි මමයි අ ගේ චන්දනයි ගං ඉවුරේ ඉදන් හැන්දෑවේ මේ සිංදුව කියන හැටි මට මතක් වුනා

  • @deepthirathnayake1174
    @deepthirathnayake1174 Рік тому +3

    Congratulations 🎈🎊🎉🍾 you all about the dream

  • @anomakumari9914
    @anomakumari9914 2 роки тому +3

    godak asa gayakayek man .

  • @b.a.2986
    @b.a.2986 2 роки тому +2

    SANDAWE..HITHA SUWAPATHVENWA ME SINDU AHENAKOTA...THANKS

  • @sithijahiripitiya
    @sithijahiripitiya 4 дні тому

    Masterpiece ❤

  • @ridmasrimal9454
    @ridmasrimal9454 Місяць тому

    Ma gdk asa karana gitayak👍👍🧑‍🎤🧑‍🎤🧑‍🎤❤️❤️❤️🥺🥺🥺🥺

  • @chamarakavinda2688
    @chamarakavinda2688 4 місяці тому

    *NAMO BUDDHAYA!!!*
    *JAYA DHARANI*
    *OBATHUMATA GODAK PIN ME VAGE GEETHAYAK THILINAKALATA*
    🙏🙏🙏💎💎💎
    🇱🇰

  • @anomawalakulu3256
    @anomawalakulu3256 2 роки тому +2

    Lassanae

  • @anomakumari9914
    @anomakumari9914 2 роки тому +2

    marama lassanai bawanawak wage ahagena inna puluwan

  • @kamalasenarathna5822
    @kamalasenarathna5822 2 роки тому +2

    Oba thumage geetha welata kamathi

  • @Nipuna.Ehelepola
    @Nipuna.Ehelepola Місяць тому +1

    ❤ 💫

  • @SnowTale-d7h
    @SnowTale-d7h 6 місяців тому

    තනිවුන හැම වෙලාවෙම.🌼

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 7 місяців тому

    හුගක් වටිනවා 👃👃👃👍👍👍

  • @sadirangadumindu4637
    @sadirangadumindu4637 Рік тому

    Kela wayan. Meka mtama kiyna sinduwak kiyla,ada hithnwa. Bila inna hema welawakma

  • @SanjayaDinesh-e2k
    @SanjayaDinesh-e2k 10 місяців тому

    මාරයි

  • @elisnona1285
    @elisnona1285 Рік тому +2

    ගොඩක් ලස්සනයි

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 5 місяців тому

    verybeautiful sinhala song thanksmyfavourite

  • @sooriherath3377
    @sooriherath3377 10 місяців тому

    A very nice & excellent song .

  • @Hiru_dilshan12
    @Hiru_dilshan12 Рік тому

    මනස ❤️

  • @sapporodiaries
    @sapporodiaries 3 місяці тому

    Forever❤

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 11 місяців тому +1

    ❤❤❤

  • @taniyaperera1544
    @taniyaperera1544 6 місяців тому

    Heavenly.what a mesmerizing voice

  • @VasanthiChiththananda-yr3nc
    @VasanthiChiththananda-yr3nc 4 місяці тому

    Songs of our period....

  • @srinathrajapaksha8429
    @srinathrajapaksha8429 Рік тому +1

  • @PrasannaAnandasiri
    @PrasannaAnandasiri 11 місяців тому

    මාරම ලස්සනයි .❤❤❤❤ එ ගීතයේ තේරුමත් ලස්සන වෙන්න ඕන.ඒත් අර්තය තේරුම් ගැනීමට තරම් හැකියාවක් නොමැති වීම ගැන කනගාටුයි .මම ගැන

    • @LeviAthan107
      @LeviAthan107 11 місяців тому

      හවසට කොල්ලා කෙල්ල ගැන හිතන එක ගැන මේ කියන්නෙ ඕයි

    • @PrasannaAnandasiri
      @PrasannaAnandasiri 10 місяців тому

      @@LeviAthan107 ehmd .🥲

  • @janakachandana7715
    @janakachandana7715 Рік тому +1

    ❤❤❤❤❤❤

  • @SumithRuwanpura
    @SumithRuwanpura 2 місяці тому

    Madhurai
    Manoharai
    Sasarapurawatama.asewa

  • @BandaraBandara-fh3ue
    @BandaraBandara-fh3ue 6 місяців тому +1

    Sorry namaskar wewa thanks Lankans thanks ❤❤❤❤❤❤❤❤❤

  • @SwarnalathaSwarnalatha-dx1ih
    @SwarnalathaSwarnalatha-dx1ih 5 місяців тому

    Ma gitaya ahanaka maga waysa16❤❤❤😢

  • @niranjanidilrukshi-bj4xm
    @niranjanidilrukshi-bj4xm 6 місяців тому

    මගේ තාත්තා නැති උනා .මේ අකැමතිම සින්දුව

  • @chamarakavinda2688
    @chamarakavinda2688 4 місяці тому

    *meya maha archaryawath siduweemak Pada rachanaya+sangeethaya+gayanaya siyallama obathuma visinma sidukeerama*

  • @KaruThenura
    @KaruThenura 4 місяці тому

    ❤e

  • @TamaraGunasekara23
    @TamaraGunasekara23 Рік тому +2

    Some say good night, and some say sweet dreams. Others say sleep well or sleep tight. But so far, this is the best good night wish I’ve ever heard. ❤

  • @Asanka.61
    @Asanka.61 Рік тому +1

    ❤🙏🇱🇰

  • @a.granaweera4862
    @a.granaweera4862 Рік тому +1

    Original sinduwe kalagediya sangeetha bhandayak lesa bhawitha karai.a wenasa denenawaa

  • @kanthijayathilaka4971
    @kanthijayathilaka4971 Рік тому

    මෙි ගිත සර්ව කාලිනයි

  • @buddikaadikarinayake5128
    @buddikaadikarinayake5128 2 роки тому +2

    🙂

  • @සමීරචතුරංග-හ7ඡ

    කලය Haraha ගිහින් අතිතයේ payapu තරුව denaganna තිබුනානම්

  • @dewabolana675
    @dewabolana675 Рік тому

    සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
    කවුළු පියන්පත් වැසෙන වෙලාවට
    .....................🏃‍♂🏃‍♂🏃‍♂🏃‍♂🏃‍♂🏃‍♂🏃‍♂🏃‍♂🏃‍♂🏃‍♂🏃‍♂

  • @User1u9
    @User1u9 3 місяці тому

    දැන් තියන සින්දුවලට වඩා මේව කොහොමත් හොදයි. ඒවත් එක්ක මේව සසදන එක මේවට අපහාසයක්. වෙනසකට තියෙන්නෙ මේ නිර්මාණය බිහිවුන වර්ෂය විතරයි

  • @gtharaka1811
    @gtharaka1811 5 місяців тому

    මට වෙලා තියන දේ😢😢😢 මගේ යාලුවො සේරම සීසීකඩ

  • @Anjana_De_Silva
    @Anjana_De_Silva Рік тому

    Thawath Arthawanwitha Geethayak

  • @anjana7546
    @anjana7546 3 місяці тому

    𝘌𝘟𝘈𝘔 𝘸𝘭𝘵 𝘮𝘢𝘴𝘢 3𝘪. 𝘴𝘵𝘳𝘦𝘴𝘴 𝘸𝘦𝘭𝘸𝘵 𝘮𝘳𝘶❤️

  • @sithasitha1733
    @sithasitha1733 2 роки тому +2

    Mm pode kala sit ma seduw asanwi

  • @deepthirathnayake1174
    @deepthirathnayake1174 Рік тому +2

    🤭🥴🤤🙄

  • @jeewaka59
    @jeewaka59 7 місяців тому

    සසර සැඩ පහරින් අප
    නොදැන හසරක් යනෙනදා
    කලින් කලට ලබනා භවින් භවේ
    යහගුණ පුරුදු කලගතයුතුවේ

  • @sithasitha1733
    @sithasitha1733 2 роки тому +2

    😴

  • @KalyanarathnaAbey
    @KalyanarathnaAbey 4 місяці тому

    Apepinata epadunu gayakyek.

  • @MahindaKumara-ws3vn
    @MahindaKumara-ws3vn Рік тому

    මම ආසම ගායිකයෙක්.ඒත් සජීවීව දැකලා.Tv වැඩසටහන් වලටවත් මෙතුමා එන්නැද්ද

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qm 5 місяців тому

    Magaa ammava mosasgaa nithi potha anuva bhuma dhana kalaa athmaya navi sariraya pamanak athmaya valaluvaa naha mosas athmaya valalnna nithi haduvaa naha

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 7 місяців тому

    👃👃👃👍👍👍🙏🙏🙏

  • @sithasitha1733
    @sithasitha1733 2 роки тому +2

    🥲🥲

  • @chandima623
    @chandima623 Рік тому

    Sanwedi .padamlawk sanwedi ...gaynayk.....megeetaya atrin geewitaye anithya .bawayak