Since I was a toddler there was always this one song I used to sing, in school, in an audience no matter who requested it, I'd always sing his song Aththama nivangihin. This song in this stage of my life is somewhat a reminder, a reminder that I never understood back then. A reminder of a certain fear that's in my heart that I'm yet to face, a song that is personal and relatable to my life in many levels... A beautiful song .... Thank you Harshana for all the beautiful music..
Harshanage lama kala hada ta abiyoga kala haki kisidu lama gayakayek methek pahala wi nomatha.. Emenma ada ohu abimanawath hada paurshayakata himi kam kiyana adwithiya gayakayeki. Obage me uthkrushta hakiyawa wadi diyunu karaganimin ape sawan suwapath kirimata thawath shakthiya dairyaya labewa.! Obata sada jaya.!
මට අවුරුදු 19ක් තාමත් මාව බලාගන්නේ මගෙ කිරි අම්මා එයා නැති දවසක මං තනිවෙයි නේද කියලා හිතුනා මේක අහනකොට මගෙ කිරි අම්මාට නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැවේවා 😢🖤
මගෙත් එහෙමයි මට වෙන කව්රුත් නැ එත් එයා මේ 02නිදා මාව දාල ගිය තනිකරකා මේ ලොකේ මාව😢.
😮 ට්
aniwaryen
දීර්ගායූ වේවා❤️
🥺E duka.daraganna amaruyi awurudu 6 k welath
ගීතයකින් කෙනෙකුගේ කදුලක් සොලවන්න පුළුවන් නම් එය විශිෂ්ඨ නිර්මානයක්
respect harshana..❤️
සුදු අරලිය මල්, රත්නපුරෙන් ගෙන ආ සමන්මල්, අත්තම්මා නිවන් ගිහින්, පොඩි හාමුදුරුවෝ, දියබෙරලිය දළු 🥺❤️ පොඩි කාලෙ ආසාවෙන් අහපු, කොයිවෙලෙත් හැමතැනදිම කියපු සින්දු.. අදටත් මේව ඇහෙද්දි එදා ඇදුණු රූපම මැවිල පේන හැටි... හර්ෂණ අයියේ පොඩි කාලෙ ඉදන්ම අදටත් කැමතිම ගායකයා 🥺❤️
මගේ කිරිඅම්මා නැති උනේ 2017 දි.හරියටම මගේ වෙඩින් එක දවසේ,පොරුවෙන් බහිනකොට මට කොල් එක ආව කිරිඅම්මා නැති උනා කියලා,මගේ අම්මගේ සහෝදරයෝ කවුරුත් කිරිඅම්මට සලකපු නැති වේලෙ මමයි මගේ අම්මයි අන්තිම මොහොත වෙනකම් එයාට සැලකුවා,පුංචි දුකක් තියෙන්නෙ එයාගේ අන්තිම මොහොතේ එයා ලග ඉන්න බැරි උන එකයි,මේ සංසාරේ මගේ කිරිඅම්මා ආයෙත් මට හම්බෙයි,මගේ පන වගේ මන් මගේ රත්තරං කිරිඅම්මට ආදරෙයි.
උබට පින් මල්ලියේ මේ සින්දුව ආපහු උබේ ඔය ලස්සන ගැඹුරු කටහඩින් ආපහු කියපු එක.මේක අහලා මම මගේ වයිෆ්ටත් හොරෙන් හැමදාම අඬනවා😢😢
🥺🥺🥺
ane malli mamth
අම්මා තාත්තාගේ ආදරේ දරුවෙක්ට කොච්චර ලැබුනත් කිරිඅම්මගෙ ආදරේ දරුවන්ට මහමෙරක්.මගෙ කිරි අම්මා මගේම කිරි අම්මම වෙලා මතු මතු හැම ආත්මෙකම මගේම ආදර කිරි අම්මම වෙන්න..❤😢🙏
Oyage daruwek wela Kiri Amma ipadenna kiyala prarthana karanawa mama l...
@@madusankachandrasiri6728❤🥰
මේ ගීතය අහන්නේ හරියටම අපේ කිරි අම්මා නැති වෙලා අවුරුදු 3කට පස්සෙ 🥺❤️ ඒ දුන්න ආදරේ වචන වලින් කියන්න බෑ ........ නිවන් සුව ලැබේවා මගේ කිරි අම්මේ !🥺❤️ 🙏
කිරි අම්මා ඉදලත් ඒ ආදරේ මොන වගේද කියලා දන්නැති මම මට අම්මාගේ කිරි අම්මාගේ ආදරේ අඩුව දැනෙන්නේ නැති වෙන්න මාව බලාගත්ත මගේ මුත්තාම්මාට උපනුපන් ජාති මේ ආත්මේ වින්ද දුක් කන්දරාවනම් ලැබේන්න එපා 😥😥💔💔
Mat 🥺
❤️❤️❤️
Mama aurudu 12kata withara passe . Mata eya lagata ekaparak yanna thibbanm 😢 thurul wela adanna 😢
Mata lokenma wadiyenma adare kare kiri amma😢😢😢 Eya nathiwela dan
හරිම පරිපූර්ණ පිරිමි කටහඬක්..අනවශ්‍ය විදියට රළුත් නැති,අනවශ්‍ය විදියට මෘදුත් නැති හැඟීම්බර කටහඬක්..පොඩි කාලෙ මතක් උනා හර්ශන අයියේ..
Ekanam ඇත්තක්...
දෙතනේ කිරි නොදුන්නාට
ජිවිතයේ අදුරු දුරු කරන්න
සිරුරේ ඇදයන් සකසා
ලෝකයට අපව ගෙන ගිය
දේවතාවියයි මගේ
ආදර කිරිඅම්මේ.
❤
ඉස්සර ඉස්කෝලෙ උදේ රැස්වීමට මම හර්ෂනගෙ සිංදුවක් කියනව අහන්න සර්ලා ටීචර්ලා ළමයි පුදුම ආසාවකින් බලන් හිටියේ. සාහිත්‍ය සමිතිය දවසට බලෙන් ස්ටේජ් එකට නංගවලා සිංදු කියවගන්නව මගෙන්. මං ඒ සිංදු සේරම පාඩම් කරගත්තෙ නෑයෙක් ගෙ ගෙදර තිබුණ කැසට් පීස් එකක් අහලා. අන්තිමට ඒක මීයෝ කෑවා වගේ වුනා නිතර නිතර දාලම. මට කිව්වෙ පොඩි හර්ෂණ කියල. මෙකෙද ඒ දවස්වල මගෙ කටහඬත් හර්ෂණගෙ වගේම නිසා.. අද මගෙත් කටහඬ ගැඹුරුයි. ඒත් දැන් ඒ තරම් ලස්සනට කියන්න බැහැ. සිංදු කියන එක නවත්තල ගොඩක් කල් නිසා. යටගැහුණ මතක ගොඩක් ආයෙ උඩට මතුවුණා මේක අහද්දි. පිං හර්ෂණ! පුලුවන්නම් සේරම සිංදු ටික ආයේ කරන්න.. ජය වේවා!
Sahathika aththa aiye.......oya demai matath wela thiyenne.harshana aiyata meeta wada deyak karanna puluwan dan meyatath unanduwa adu wela..mokada dan inna godak un hoyanne mal sindi nisa....
මටත් ඔය අත්දැකීම ම තියනව ❤️ තාම හර්ෂණ ගෙ සින්දු ගොඩක් කට පාඩම් ❤️
Same 💚
harsha nuwan 💐💐
ඔයාගෙ ඉස්කෝලෙ කොහෙද ?
අපි හරි වාසනාවන්තයි, මන්ද අපේ ළමා කාලය ගෙව්නේ මේ ගීත වලින්. ගීතයකට මෙච්චර හදවත ස්පර්ශ කරන්න පුලුවන්ද. ඔබට ගොඩක් පිං මගෙ සහෝදරයා අපේ ළමා කාලය සුන්දර කලාට. බුදුසරණයි.
ඇස්වලට කඳුලක් වැටුනෙ නැත්තන් ඒ ඇස් වලින් වැඩක් නෑ... ගොඩක් ලස්සන අපුරූ ගීතයක්. සංගීතයත් ඒ මධුර හඬත් අපිව ඇඬෙව්වා....
මගෙ ඇස්වලින් වැඩක් නෑ
හා එලම
ඇත්තටම ඇඬුනා.. ඒ lyrics , melody එක ගැලපෙනවා හොඳටම..
Aka atha
මේ ඇස් දෙකෙන් වැඩක් නෑ. දන් දෙනවා . ඕනෙ කෙනෙක් ඉන්නවනම් කියන්න
හැමදාමත්,
ඇගිලි තුඩින් මගෙ හිස සනසාපන් නිවන් පුරේ යන පිංබර කිරි අම්මේ....
දැනෙන හැගීම කෙලවර නිරුත්තරයි,
🥺ඇත්ත
වැලි පිල්ලෑවේ නුබේ නමින් තව.. ඉද්ද පිපෙනවා හැන්දෑවේ.. ගරා වැටී ගිය බුලත් පන්දලම්.. කදුලු සලනවා සංකාවේ.... ඒකනම් භාවනාවක්
හර්ශනත් වයසට ගිහින්...අපිත් වයසට ගිහින්...නමුත් ඒ ගීත...🌻🌻💛💛
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!
*අදටත් මගෙ ජීවිතේ යෝද හෙවනැල්ල කිරිඅම්මා... කවුද හරි මට කලින් එයා නිවන් ගියොත් ජීවිතේ පාලු කාන්තාරයක් වෙයි කියලා තිබුන බය මේ සිංදුව අහලා තවත් වැඩි උනා.*
මම ගොඩක් stress වෙලා හිටියෙ මේ දවස් ටිකේ අහම්බෙන් වගේ දැක්කෙ දැන් නම් පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ .. ජය ශ්‍රී
ඇස් දෙක පියන් රසවිඳින්න පුළුවන් මාරම අර්ථාන්විත ගීතයක් සහ කට හඩක්...ළමා කාලයට නැවතත් ඔබ අපව අරන් ගියා..සුභ පැතුම් හර්ෂණ....!!!
ජිවිතේ අද මේ මොහොත දක්වාම "දියබෙරලිය දළු" අහන ඇහෙන හැම වෙලාවකම කඳුළු වලින් ඇස් බොඳවෙලා යනවා. මං වෙනුවෙන්, මගේ ජිවිතේ වෙනුවෙන් විඳපු දුක් කන්දරාව අනන්තයි අප්‍රමානයි. ඇය වෙනුවෙන් මම මොනවද කලේ ! පසුතැවෙන තැන් බොහොමයි. ඒ හැම වෙලාවකම "දියබෙරලිය දළු" ගීතය විතරයි උදව් උනේ මට, මාව තේරුම් ගත්තේ. පිරිමි දෙතුන්දෙනෙක්ට දරන්න අමාරු මහ ගොඩක් උස්සගෙන සැහෙන දුර ගියා. ඒ හැමදවසකම ආයේ ආවෙ ඒ කාලේ මම කැමතිම දේවල් අරගෙන...!!!
@Harshana Dissanayake
@Sunil Dayannada Konara
රිදවුමක්..!
මේ මැදින් ඔබගේ ළමා හඬ දෝංකාර දිදී මතක් වෙනවා.. සුබ පැතුම් හර්ෂණ..
❤
😔🤗🙏
ජීවිතෙ අහන්න බයම සංවේදීම සින්දුව..මගෙ කිරිඅම්මත් මේ සිංදුවේ කෙනාම තමා..අය කවදාවත්ම ජීවිතෙට එන්නෙ නැ කියල දැනෙද්දි පුදුම වේදනාවක්.🥺🥺
පුංචි කාලේ මේක ඇහෙද්දි වැටුණු කදුල අව්රැදු ගානකට පස්සේ දැං අහද්දිත් වටුනා.. හිත නිකං නැවතුනා වගේ.. ගීතයකින් මීටත් වඩා දෙයක් කරන්න පුළුවන් කියල මමනම් විස්වාස කරන්නෑ.. මේක තමයි ඒ මීට වැඩිය දෙයක් මේ ලෝකේ තියෙන්න විදිහක් නෑ.. කටහඬ,වචන,සංගීතය අතිවිශිෂ්ටයි.. මාරම නිර්මාණයක් 😓💉❤️👌🏻
PASI JAY definitely yes
ඒ දවස මගේ ඇස් ඉස්සරහ මැවි මැවි පෙනවා කිරි අම්මේ. ඔයා අවසන වතාවට ඇස් ඇරලා මා දිහා බලලා මගේ අත් දෙක උඩ ඔයා අවසන් ගමන ගිය නොසිතු මොහොතක. ඒ දවස මට ජිවිත කාලයටම මතක තියනවා කිරි අම්මේ. එ ඔයගෙ ඇසෙන් වැටුනු අවසන් කදුල මගේ අත දිගේ ගලගෙන යදී ඔයගෙ පපුවේ උනුහුම මටයි දැනුනේ කිරි අම්මේ. නිවන් දාකිනා තාකල් මට කිරි අම්මා වේවා . නිවන් සුව ලැබේවා කිරි අම්මේ.
❤❤❤❤
😢😢
Godak duka hithuna oyage kathawata
Matat mathak wena ekama siddiya. Aurudu 18kma lagin idla ad thnaka iddi eya mge laga ne. Hitiyanam ada sehenn sathutu wenn mage dewni amma eya.
Apita onema aya apiwa dala yanne api baln iddima. 😪
හර්ශණ, මට දැන් වයස 30ක්. ඔබ හරිම වාසනාවන්යි හර්ශණ . සූරිය අරණ චිත්‍රපටියේ සිට ඔබේ සෑම ගීතයක්ම මගේ ළමාවිය සැරසූවා. මේ ගීත වලට (විශේෂයෙන් මේකට සහ පිච්ච කැකුලු ගීතයට) මම මවමු චිත්ත රූප එකතු කරොත් මේ අහස පුරවන්න පුලුවන්. ඔබ අප සමවයස් විය යුතුයි. අපේ ළමාවිය සුන්දර කළ ඔබේ කටහඩ අදටත් මට දෝන්කාර දී ඇසේ. කාලය මහා අරුමයක්. අද ඔබ ප්‍රවීනයෙක්. ඒත් ඔබේ ඒ සුන්දර ළපටි කටහඩ අද අතීතයට පමණක් අයිතියි. ඔබ සදාතනික දක්ශයෙක්. අදටත් එසේමයි. එසේම ඔබ වාසනාවන්තයෙක්. ඔබ වැඩෙන්නේ ඔබේ වයසේම රසික රසිකාවන් රැසක් ඔබට ආදරය කරද්දීයි. වෙනස් වීම නම් වෙනස් නොවන සංසිද්ධියේ ඉරණමට හසුවූ ඔබේ අමරණීය ළමා හඩට වෙනස් නොවන රසික ආදරයක් තවමත් තියෙනවා සොයුර. ඔබට ජය!
aniwa
පෑව සෙනෙහේ මට මතකයි කිරි අම්මේ 😢
එදා අහද්දි දැනුන හැගීම ඊට වඩා ගොඩාක් බරට අද දැනෙනවා 🥺 මේ සින්දු අපේ ජීව්ත වලට කොයි තරම් සමීපද 🙏
ඔයා එදා ඉස්කෝලේදී ඔය සිංදුව කියද්දි දැනුන හැගීමම දැනෙනව මල්ලී.අපේ සුනිල් සර් අද හිටියනම් ගොඩක් සතුටු වෙනව නියතයි.ජය ශ්‍රී ඔබේ අනාගතයට
අපේ ජිවිත වලින් එයාල යන්නම ගිහින්.
මහ අමුතුම නති කමක් දැනෙනව.
ඇත්තටම අපි අද තනි වෙලා
මේ ලෝකෙ ආයෙ කවදාවත් හම්බ නොවෙන දේවල්. කිරිඅම්ම විතරක් නෙවේ, ඒ ආදරෙත්; ආයෙ නොලැබෙන වග දැනෙනකොට දැනෙන වේදනාව😥😥😥
පුංචි කාලෙ මේක ඇහෙද්දි මැවුනු චිත්තරූප එහෙම්මමයි හර්ශන අයියේ. එකම වෙනස එදාට වඩා බරට දැනෙනවා. රිදෙනවා. අත්තම්මා නැතිවෙන දවස කවදහරි එනවාය කියන එක ගැන මුලින්ම දැනෙවුවෙ මේ සිංදුව. අදටත්, ඒ බය එහෙම්මමයි.
එදාට වඩා වැඩියි. පුදුම රහයි මේක! හිතේ කොහේහරි ගැඹුරකට මහ වේදනාවක් තමයි. ඒත් රහයි. ♥️
ස්තුතියි මල්ලී..❤️
Hm
ubata wagemai matath bokka eka maha kaalakanni widiyata danenne
මටත්...අත්තම්මා නැතිවෙනවා කියන හැඟීම මුලින්ම ඇතිවුනේ මේ සින්දුවෙන්..මම මේ සිංදුව කවදාකවත් ඇහුවේ නෑ...නමුත් ඒ යථාර්ථයට මට මාස කීපෙකට උඩදී මුහුණ දෙන්න වුනා...මේ සිංදුව ඇහෙද්දී පුදුම දුකක් හිතට එන්නේ...ඔයාගේ අත්තම්මාට දීර්ඝායුෂ තව තවත් ලැබේවා!!!!...තෙරුවන් සරණයි!!!...
ඒ දුක දැන් මම විදින කෙනෙක්....
හොද රසවින්දනයකට පුංචි කාලේ අපිව යොමු කරපු ඔයාට ගොඩක් ස්තුතියි මල්ලි. මේ ගීතය ගායනා කරලා මම මගේ පාසලේ ගොඩක් ජනප්‍රියයි ඒ කාලේ.
මේ හඩට වඩා අපි ආදරේ ඔයා පුංච් කාලේ ගායනා කරපු හඩට. තෙරුවන් සරණයි මල්ලි !!!
මේ සිංදුව නම් කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නැති භාවනාවක් මට නම්❤...
අපිට ලමා කාලයක් තිබුනා.....❤️❤️❤️
මේ එහි කොටස් තමයි මේ ❤️❤️❤️
අනිවාර්‍යෙන්
ඇත්ත.දැන් ඉන්න දරුවො ඇත්තටම පව්
විනාඩි හතර හමාරක භාවනාවක් ❤️❤️
අනිවාර්යයෙන්ම
ඔව්......!
oluwa mokaddo unaaaaaaaa
රහත් උනාද ඔයා
මගේ ආච්චී නැති වෙලා අදට දවස් 8යි😢 මට මේ සින්දුව අහන්න බෑ කදුලු එනවා. එයා මං වෙනුවෙන් කරපු දේවල් වල ණය මට ගෙවලා ඉවර කරන්න බෑ. මං ගොඩක් ආදරෙයි ආච්චී ❤️අනේ මගේ ආච්චිට නිවන දුර නොවේවා 🙏
නිවන් සුව ලැබේවා මගේ ආදරණීය අත්තම්මේ!!!!....තෙරුවන් සරණයි!!!.....
මේ අපේ ලමා කාලය අපිට ආයේම මතක් කර දීමක්...❤
දැන් කාලේ ලමයින්ට නැති ලස්සන ලමා කාලෙක අයිතිකරුවෝ අපි...මේ ඒකට සාක්ශි 💐
හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන්න පුලුවන් ගායකයො කීප දෙනයි ඉන්නෙ ඒ අතරිනුත් ඔබ මාරයි❤️❤️❤️
අම්මට තාත්තට පස්සෙ අපිට ආදරේ අඩු නැතුව දෝරෙ ගලන්න දෙන්නෙ කිරි අම්මා.සිංදුව අහන වාරයක් පාසා එයත් එක්ක ගත කරපු ලස්සන කාලේ මැවි මැවී පේනවා.කොච්චර ආඩම්බර උනාද අපි ගැන ඔයා කිරි අම්මේ.නිවනින්ම සැනසෙන්න ආදරණීය කිරිඅම්මෙ 🙏❤️🙏 හර්ෂණ අයියේ ගොඩක් පින් මේ සිංදුවෙන් ඒ ලස්සන මතක වලට පණ දෙනවට 🙏❤️
මට පළවෙනි අම්මා වුණු මගේ ආච්චි නැති වුණේ ගිය මාසේ...
ජීවිතේ යථාර්ථය පැහැදුණේ ආච්චි ගේ වියෝවත් සමග යි.🥺🌿
දිය බෙරලිය දළු නෙලන්න ගිය දා...
වැටුණු අනෝරා... මහ වරුසාවේ...
කිරිල්ලියක සේ... මා උණුසුම් කර
පෑව සෙනේ මට... මතකයි කිරිඅම්මේ
මුල් තත්පර 3 ඇතුළත ඇස් දෙකට කදුලු ආව. අපේ ආච්චි අම්ම ඔහොම ආදරේ කරේ නැති උනත් ඒ ගීතය එක්ක හැමදාම ජීවත් වුනා. 😔 😘😘😘
ඒක නම් නියමයි.....
ස්කෝලෙ යන පොඩි කාලෙ මතක් උනා.. උදේට මේව දානව අපේ ස්කෝලේ.. ගොඩාක් අතීතෙට අරන් යනව අපිව මේ සිංදු.. ❤️☝️🥰
Ape eskoketh
Ow neda
අවංකයෙන්ම සතුටු වෙනවා අපේ ළමා කාලය මේ වගේ ගීත අහන්න වාසනාවන්ත වීම ගැන, අද කාලයේ ළමා ගීත කලාව අහාවයට යාම නිසා පොඩි දරුවකුට අසන්න වෙන්නෙත් වැඩිහිටියන්ගේ වැලපෙන ගීත, ඒ නිසා අදටත් අපට මෙවැනි ගීත ඔබේ හඬින්ම නැවතත් ඇසීමට මගින් අපට සුන්දර ළමාකාලයක් තිබුන බව මතක් කරදුන් ඔබට ස්තූතිය 🙏
එක ඇත්ත
පොඩිකාලෙ අපේ ඇගේ අඩුපාඩු හදලා පුළුවන් විදිහට බලාගත්ත කිරිඅම්මේ ඔයාට දීර්ඝායූ🥺❤️
අම්මට නොදෙවෙනි ආදරයක් දීපූ වෙන කෙනෙක් වේනම් ඒ අත්තම්මම විතරයි... මේ සිංදුව ඇහෙන වාරයක් වාරයක් ගානෙ ඇහැට කදුළු පිරිලා ඒ අහිමි වෙච්ච ආදරේ මතක සටහන් මැවි මැවී පේනවා....ගොඩාක් පින් හර්ෂණ අයියෙ මේ වගේ හිතට දැනෙන නිර්මාණ ගොඩාක් රටට දායද කරාට..💗💗
හරිම ලස්සනයි හර්ෂණ පුතා! අනාගතය ඔබයි! දිගටම ගයන්න.
ඇඟිලි තුඩින් මගේ හිස සනසාපං..
නිවන් පුරේ ගිය පෙම්බර කිරි අම්මේ!
Since I was a toddler there was always this one song I used to sing, in school, in an audience no matter who requested it, I'd always sing his song Aththama nivangihin.
This song in this stage of my life is somewhat a reminder, a reminder that I never understood back then. A reminder of a certain fear that's in my heart that I'm yet to face, a song that is personal and relatable to my life in many levels...
A beautiful song ....
Thank you Harshana for all the beautiful music..
දිය බෙරලිය දළු නෙලන්න ගිය දා
වැටුණු අනෝරා මහ වරුසාවේ
කිරිල්ලියක සේ මා උණුසුම් කර
පෑව සෙනෙහෙ මට මතකයි කිරිඅම්මේ
හේලංකඩ යට හීතල හෙවණේ
අමල්බිසෝ ගැන කතා කියා දී
ඇඟිලි තුඩින් මගේ හිස සනසාපන්
නිවන් පුරේ ගිය පෙම්බර කිරි අම්මේ
වැලි පිල්ලෑවේ උඹේ නමින් තව
ඉද්ද පිපෙනවා හැන්දෑවේ
ගරා වැටී ගිය බුලත් පන්දලම්
කඳුළු සලනවා සංකාවේ
දිය බෙරලිය දළු නෙලන්න ගිය දා
වැටුණු අනෝරා මහ වරුසාවේ
කිරිල්ලියක සේ මා උණුසුම් කර
පෑව සෙනේ මට මතකයි කිරි අම්මේ
වියන් ඇදේ මා තනිව නිදද්දී
නුබේ සුවඳමයි දැවටෙන්නේ
අනෝතප්ත විල් තෙරේ හිඳන් නුඹ
හිනාවෙයන් මට කිරි අම්මේ
දිය බෙරලිය දළු නෙලන්න ගිය දා
වැටුණු අනෝරා මහ වරුසාවේ
කිරිල්ලියක සේ මා උණුසුම් කර
පෑව සෙනේ මට මතකයි කිරි අම්මේ
හේලංකඩ යට හීතල හෙවණේ
අමල්බිසෝ ගැන කතා කියා දී
ඇඟිලි තුඩින් මගෙ හිස සනසාපන්
නිවන් පුරේ ගිය පෙම්බර කිරි අම්මේ
❤❤❤❤😔😔😔😪
ඇගිලි තුඩින් මගෙ හිස සනසාපන් නිවන් පුරේ ගිය පෙම්බර කිරි අම්මේ😔🙏🙏🙏🙏🙏❤️❤️❤️
ගෙදර කවුරුත්ම නැති වෙලාවක නිවන් පුරේ ගිය කිරි අම්මාව මතක් කරන් මේ සිංදුව අහන්නේ😔😔😔 නිවන් සුව මමගේ ආච්චි අම්මේ😔🙏
ගොඩක් අය දන්නෙ නැතුව ඇති හේලංකඩ කියන වචනයේ තේරුම. ගොම මැටි ගෙවල් වල පොල් අතු වහලේ පියස්සෙන්, වැසි වෙලාවට වතුර ගලාගෙන ඇවිත් මිදුලට වැටෙන තැන වල ගැහී ඉරක් ඇඳෙනවා. මේ ඉරයි පිලයි අතර ප්‍රදේශයට තමයි හේලංකඩ කියන්නෙ. වැසි වෙලාවට හේලංකඩ යටට වී ගෙවැසියන් ගෙන් අවසරයක් නැතුව හෙවන ගන්න ගැමියන්ට අවසර තිබුණා.
Thank u🙂🙏
ස්තුතියි හේලංකඩ ගැන කිව්වට.. මාත් දැනන් හිටියේ නෑ ඒ ගැන..
ගොඩාක් ස්තූතියි ඔබට 🥰🥰🥰
Thank you❤️
Thank you ❤️
එදා නුඹ මේ ගීතය ගයද්දී දැනුනාට වඩා අද නුඹ මේ ගැයුම මගේ හිත කීරි ගහලා දැම්මා හර්ෂණ මල්ලී.මගේ අම්මගේ ජීවිතය කියෙව්වා සහ මුලින්ම.තෙරුවන් සරණයි මල්ලී.
ඔයාට ආදරෙයි හර්ෂණ අයියේ.ඔයාගේ සින්දු යනකොට කරන වැඩේ පැත්තකින් තියලා ඒ සින්දුව අහන තරමටම ඔයා අපිව කොටු කරලා ඇබ්බැහි කරලා තියෙන්නේ.මගේ පොඩි කාලේ හදවතේ ගායකයා ඔයා අයියේ.ඇත්තටම කිව්වොත් විශිෂ්ට සහ නිහතමානී ගායකයෙක් ඔයා.❤❤❤
ඉතාමත් සංවේදී සින්දුවක්. හරෂණ සිනදුවට උපරිමයටත් වඩා සාධාරණයක් ඉටු කරමින් ගායනා කරනවා. ඉතාමත් විශිෂ්ටයි.
මගෙ පව්කාරකමද දන්නෑ මේක ඇහෙද්දි අත්තම්මගෙ මලගම මැවි මැවි පේනවා.දරා ගන්න බැරි වේවී.මතක් වෙන වාරයක් වාරයක් ගානේ අඩාවි මම.මන් දන්නවා ඔයාට හුස්ම අල්ලන් ඉන්න පුලුවන් තව ටික කාලයයි.පුලුවන් කාලයක් පන රදවන් ඉන්න.ඒ ඉන්න හැම තප්පරේකම ඔයාගේ මිනිබිරී ඔයාව හිනස්සලා තියන්න කරන්න පුලුවන් හැමදේම කරනවා මගෙ රත්තරනේ 😭😭
Mth oy wage eyawa hamawelema hinassala thibba.eth awuruddakata kalin eya nathi una thamath heenyk wge mathk wena warayak gane adanawa
😢😢
❤❤
භාවනාවක් ❤️❤️❤️ තව ගොඩාක් ගීත ඔබෙන් බලාපොරොත්තු වෙමි! ඔබට ජය 👍👍
හැගීම්බරයි.මගේ ආච්චි මගේ දෙමවුපියන්ටත් වඩා මාව තේරුම් ගත්ත.ඒ නිසා හුගාක් දැනුනා.♥️♥️♥️
මෙහෙම මිනිස්සුන්ට දවසක" අනිවාර්යෙන් හරියන්න ඕනි ❤️🥺
ඇත්තටම භාවනාවක් වගේ.... හරිම මිහිරියි... කුඩාකල ඔබ ගැයූ ගීතයේ මතක සමග එම මිහිර දැන් වඩාත් උණුසුම්ව හැඟුම්බරව, අපේ පැරණි මතකයන් ඔස්සේ, අපේ කුඩා කල ජීවිතයේ ආදරණීයම කොටස බවට පත්වූ අත්තම්මා චරිතය සිහිවී, නිතැතින්ම නෙතු බොඳ වෙනවා.. ඔබට සුබම සුබ අනාගතයක් වේවා...!!!
දහ පාරකට වඩා ඇහුවා...
නොදනිම කදුලු එනවා...
කිරිඅම්මා විතරක් නෙවෙයි,ජීවිතේ අනිත්‍යත් මෙනෙහි වෙනවා.හැමදේම විනාඩි 4.28 කට නවතිනව කියල දැනෙනව...
මේක මහ පිනක් මල්ලි....
බුදුසරණයි....
නොස්ටල්ජියාවේ මොහොතක් අපව ජීවත් කෙරෙව්වාට ස්තුතියි හර්ෂණ
එදත් අදත් කවදත් හරිම ආසා ගීයක්. පුංචි කාලේ මාව බලාගත්තේ කිරිඅම්මා. කිරිඅම්මා නැතිවුනදා ඉඳලා මේ සින්දුව ඇහෙන හැම වෙලාවකම මාව අඩවනවා. Remake එක තවත් සංවේදියි. නියමයි හර්ෂණ.
එදා පුංචි කාලේ මේ ගීතය ඇහෙද්දි ඈත ඉදන් දුවන් ඇවිත් අහන්නේ..මොකද අම්මත් ලග නොහිටිය ඒ දුක්බර කාලේ අතින් ඇදගෙන ගිහින් තුරුලු කරන් රැක්කේ කිරි අම්මයි...අද ඇය නිවන් පුරට ගිහින්.මම තාමත් මේ සංසාරේ ..මේ සමාජයේ ජීවත් වෙන්න දරාගන්න උගන්නපු මගේ කිරි අම්මට නිවන් සුව ලැබේවා....🙏🙏🙏🙏🙏☸️❤️❤️❤️
ඔය සින්දුව කොච්චර නම් ඉස්කෝලෙ ලමයි ගායනා කරාද ..ඒ අතීතෙට මාර ආදරෙයි..අපේ ලමා විය සුන්දර කරාට අයියට ගොඩාක් පින් ..
ඒ අතීතය ආයෙ එනවනම් ♥️ හර්ෂණ දිසානායක කියන්නෙ ඇත්තටම ළමා ලෝකයේ වීරයා♥️😊
2025th meka ahana aya me konata❤🎉
මගෙ කිරි අම්මා නැති වෙලා ආදහනෙත් ඉවර වෙලා තාමත් මන් මෙ සින්දුව අහනවා 😢 ඒ අඩුව පුරවන්න කාටවත් බැ 🥺 මේක අහද්දි කිරි අම්මගෙ සුවද දැනෙනවා 🥺😔
Harshanage lama kala hada ta abiyoga kala haki kisidu lama gayakayek methek pahala wi nomatha.. Emenma ada ohu abimanawath hada paurshayakata himi kam kiyana adwithiya gayakayeki. Obage me uthkrushta hakiyawa wadi diyunu karaganimin ape sawan suwapath kirimata thawath shakthiya dairyaya labewa.! Obata sada jaya.!
පොඩි කාලේ ඇහුවා වගේ නෙවෙයි හිත අමුතුම බරක් එක්ක,පුදුම ආදරයක් එක්ක අද අහන්නෙ ... 😥😥
මට මගේ කිරි අම්මා මතක් වුනා ගොඩක් පිං මල්ලී මේ වගේ උතුම් නිර්මාණයක් කලාට
අතීතය මතක් කරලා දුන්නා...ඉස්සර මාත් ගොඩක් කියන්වා හර්ෂන අයියගේ සිංදු...රේඩියෝ එක දාගෙන ඒ සිංදු ටික හැමදාම අහනවා...ඒ අතීතෙට ගොඩක් ආදරේ හිතෙනවා...ඇත්තටම භාවනාවක් ...😍👈
අම්මෝ මේක home page එකේ එකපාරට දැක්කා. scroll down කරල ආයිත් උඩට ආවා.බොහොම ස්තූතියි මේක ආයිත් අහන්න සැලස්සුවට.
අතීතය යි වර්තමානය යි අතර හිරවුනා... තනියම නෙමෙයි කදුලයි මතකයයි එක්කම 🌼♥️
විනාඩි හතරකට වෙනම තැන්කර අරන් යන කටහඩක්.නිහතමානී චරිතයක්.♥️ live dakala කතා කලෙත් එක දවසටි හරිම සතුටුයි
මගේ කිරි අම්මා කියන්නේ මට මගේ අම්මාම තමයි...🙏මේ ගීතය ඇතුළෙ මැවුණ චිත්ත රූප ප්‍රමාණය අසීමිතයි අයියේ..බරටම දැනෙන ඒ වචන ඇතුළේ තියෙන අර්ථාන්විතබව කියන්න වචන නෑ...විශිෂ්ඨයි.🙏🙏🙏🖤🎶🎧❤
ඇත්තටම අමුතුම ලොකෙකට හිත අරගෙන ගියා ඇත්තටම ගොඩාක් ලස්සනයි super.....
අනේ මල්ලී ...කදුලු එන්නෙ ඔයාගෙ මෙ ලස්සන හඩ.... ලස්සනයි මල්ලී ..බුදුසරණයි!!!!!
Ftta bro
වෙනසක් නෑ හර්ෂණ
ඒ ඉස්සර අහද්දි වේදනාවම භාවනාවක් වගේ හිතට ආවා ❤😢
මීට අවුරුදු 13 කට කලින් අම්මා නැති උණ දවසේ ඉදන් අද වෙනකම් මගේ ලගින්ම ඉදලා අම්මා ගේ අඩුව පොඩ්ඩක් වත් දැනෙන්න නොදී. ගෙවල් වල වැඩ කරන සල්ලි වලින් අපිව උස් මහත් කරපු ගොඩාක් ආදරණිය මගේ ආච්චි අම්මා. ඔයාට ගොඩාක් පින් මගේ රත්තරන් ආච්චි අම්මේ. මේ සින්දුව අහපු ගමන් එයාව මතකෙට ආවා. ❤🥺
"මේක ඇත්තක් වෙන්න එපා...!"
එදා රෑ එලිවෙනකන් මම එහෙම හිතුවා..
සියල්ල එක් නිමේෂයකින් වෙනස් වෙන්න පුලුවන්. එනිසා ජිවිතේ හැම සමුගැනීමක්ම ආදරනීය සමුගැනීමක් කරන්න, සමහර විට එ අය අපිට හිනාවකින් සංග්‍රහ කරන අවසාන වතාව එය වෙන්න පුලුවන්. පුංච් කාලේ ඉදං මාව හදාවඩා ගත්තට හොද නරක කියා දුන්නට හැම වෙලේම මම මත්තේ නැහුනට මාව මෙහෙම හැදුවට ඔයාට මහා ගොඩක් පිං මගේ අත්තම්මේ. මට කරන්න පුලුවන් හැමදේම එ අදරේ වෙනුවෙන් මම හැමදාම කරනවා. මේ භව ගමනේ මේ නවාතැනින් නික්මෙන මගේ අත්තම්මට සුභ ගමන්..! මින් මතු උපදින සියලු භවයන්හී නිදුක් නිරෝගී කල්‍යාණ උපතක්ම වේවා..! මේ සසර තුල ගමන අවබෝධයෙන් ගමන්කොට උතුම් නිවන අවබෝධ කරගන්න මගේ අත්තම්මේ.
ඒ ගමන කොතනක හරි අපි ආයේ මුනගැහෙමු මගේ අත්තම්මේ බුදුසරණයී... 💐🤍🪔
2023-04-11
🥺
***දියබෙරලිය දලු නෙලන්න ගිය දා
වැටුනු අනෝරා මහ වරුසාවේ
කිරිල්ලියක සේ මා උනුසුම් කර
පෑව සෙනේ මට මතකයි කිරි අම්මේ......
හේලංකඩ යට සීතල හෙවනේ අමල්බිසෝ ගැන කතා කියා දී ඇගිලි තුඩින් මගේ හිස සනසාපන් නිවන් පුරේ ගිය පින්බර කිරි අම්මේ......
වැලිපිල්ලෑවේ නුබේ නමින් තව ඉද්ද පිපෙනවා හැන්දැවේ
ගරා වැටී ගිය බුලත් පන්දලම් කදුලු සලනවා සංකාවේ......
දියබෙරලිය දලු.......
වියන් ඇදේ මා තනිව නිදද්දී නුබේ සුවදමයි දැවටෙන්නෙ
අනෝතත්ත විල් තෙරේ ඉදන් නුබ හිනා වෙයන් මට කිරි අම්මේ
දියබෙරලිය.......
පුන්චි කාලෙ ඉදන් ආසාවෙන් cd වලින් හොයා හොයා අහපු කටහඩක්.... අදටත් එහෙමයි... සුබ පැතුම් අයියේ...💜️💜️💜️💜️
අපේ ළමා ලෝකය වර්ණවත් කලේ ඔය ගීත ඔය ලස්සන හඬ මාධූර්ය තමයි හර්ෂණ.කාලය ගෙවිල හරිම ඉක්මනින් අද අපි එකම වයසෙ.ඒත් ඔයා අපි ඒ පුංචි කාලයට ආයෙම අරන් ගියා.හදවතින්ම සුබ පතනව අදරැති සහෝදරයා.ඉස්සර වගේම අදටත් ආදරෙයි ❤
මගේ ආත්තම්මා නැති වෙලා දවස් 4යි.මට දරා ගන්න අමාරුයි ඒ දුක..මගේ හැමදෙයක්ම කරේ එයා...😢
Harshana disaanayak,,,, harima mihiriye obea sinduwa,,, lassana kathandarayak meaweanawa thanks,,,
මේ ගීත අද අහද්දි හීතට ලොකු වේදනාවක් දැනෙනවා හර්ෂණ අයියේ. අපේ පුංචි කාලේම ගෙවුනේ මේ ගීත එක්ක. ඒ පුංචී කාලේම ඉන්න තිබ්බනම්..😣
Aththa🥺🥀
Ou aththa math e athitheta kamathi.4n pawechchi nokara api සතුටින් hitapu duwala panala sellam karala aththammage lagata wela nalauna.Ayage athin rasata hadena kamaka rasa blapu.Wel piti wala natapu.Kiri ammage adareth ekka haduna e kaleta yanna tibbanam කොච්චර hodada🥺🥺☺️
මට මගේ ආත්තම්මව මතක් වුනා මගේ ආත්තම්මා අපිව දාලා ගිහින් අද වෙද්දි මාස 7 ක් වෙනවා😭😭 ඒත් ආත්තම්මගේ ආදරය උණුසුම මගේ හිතෙන් මේ ආත්මේ කවදාවත්ම නොමැකී තියේවී❤️❤️ ගොඩක් ස්තූතිය් හර්ෂණ අයියේ ආයේ ඒ පරණ මතකයන් වෙත මාව ගෙන ගියාට❤️❤️
අවුරුදු ගානක් හිත අතීතේට දිව්වා.. ඒ හඩ ❤️.. නියමයි හර්ශන
අහන ගානට කදුලු වැස්සෙනවා මගෙ අත්තමිමා ගැනම නෙද මෙ කියන්නෙ අහනවා මගෙ හිත... එයාව මතක් වෙන ගානට අහනවා ඔයාට පින් අයියෙ මෙ වෙදනාව හරිම ලෙන් ගතුයි
තාමත් අහනවා හර්ෂණ අයියේ. භාවනාවක් වගේ. මේ කාලේ අහලා හිත සනසගන්න කියාපු සිංදු 🥺♥️ .
තව තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය ලැබේවා. 🙏
ලමා ගායකයෙක් කිව්වම අදටත් අපිට මතක් වෙන්නේ හර්ශනව ඒ තරම් හිතට දැනුන් ගීත.එදා මෙදා තුර ලමා ගායකයො බිහි වෙන්න ඇති එත් ඔබ වගේ තාම කෙනෙක් නෑ...අපි ඒ අතින් හරි වාසනාවන්තයි අපි පොඩි කාලේ ඔබේ ගීත අහන්න ලැබුනා දනුත් අහනව😘
අහන වාරයක් ගානේ ඇඩෙනව🥺🥺
Fantastic Harshana - speechless performance - ඔබගේ සමහර සින්දු වලට කුඩා කල කටහඬ ගැලපුනාට මේ සින්දුවටනම් මේ කටහඬ 100%
ලංකාවේ ගීතය කියල පොතක් කෙරුවොත් උඹට අනිවාර්‍යෙන් පරිච්ජේදයක් වෙන්වෙනව මචං. උඹ යුගයක්. ❤
එදත් මේක ඇහුවා. අදත් අහනවා. ඉස්සරහටත් අහවි. මේක භාවනාවක්. පුදුමාකාර රසයක්.ස්තූතියි හර්ශණ අයියේ !
පපුව මැද්දේ හූරන ගීතයක් 😢
මොහොතකට හිත අතීතයේ නතරවී යලි වර්තමානයට ආ විගස නෙතඟ කඳුලක් ඉතිරි විය.
ස්තුති අයියේ අපේ පුන්චි කාලේ ලස්සන කලාට .තාමත් ඉරෙන් හදෙන් කැස්ට් එක කට පාඩම් .දැන් ඉන්න පොඩ් ලමයි මෙව අහන්න පුරුදු වුනා නම් ඉදිරියත් ලස්සන වෙවි.🙂
ඕක මුලින් අහද්දි මන් 3 වසර වගේ ,ඒ ඉස්කෝලේ හැමදාම උදේට මේ සින්දුව දානවා.කිරි අම්මව මතක් නොව්නත් ඒ පාසල් කාලෙ මතක් වෙනවා.ගොඩක් පින් ඒ සින්දුවට ආය පන දුන්නට 🙏