The World's longest zipline | ලෝකයේ දිගින් වැඩිම සිප්ලයින් එක | Dubai | Part-02
Вставка
- Опубліковано 17 лис 2024
- "Jebel Jais Flight allows thrill-seekers to soar from the country's largest mountain peak for nearly three minutes, suspended while gliding through rocky terrain. Measuring 1.76 miles long, this zipline stretches longer than 28 football fields, and crushes the former record holder in Puerto Rico by almost 2,000 feet."
මුලු අහසම රන් පැහැ ගන්වමින් ඈත මෑත ඇති ගිරි ශිඛර රන් පැහැයට හරවමින් මේ උදාවන හිරු ඉතා චමත්කාර ජනකය. කඳු මුදුනකට වී හිරුගේ ආගමනය දෙස බලා සිටීම මා කඳු නැගීම ආරම්භ කල මුල සිටම විනෝදාංශයක් වී පැවතුනි. එය අදටත් නොවෙනස් ය. සම්පූර්ණයෙන්ම හිරු පැමිණ අවසාන වන තෙක්ම ඒ දෙස නෙත් අයා බලා සිටි මා අවසන කූඩාරමෙන් පිටතට පැමිණි අතර ,ලහි ලහියේ බඩු මුට්ටු ජීප් රථයට පටවා ගත්තේ නැවත ජබෙල් ජේයිස් කඳු මුදුනට යා යුතු නිසාත් එහි සිට බිමට පැනීමට ඇති නිසාත් ය.
"බිමට පැනීම" මෙය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සත්‍යයකි. ලෝකයේ දිගම (කිලෝමීටර තුනකට ආසන්න) සිප්ලයිනය පිහිටා තිබෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උසම කදු මුදුනෙන් ආරම්භව එක එල්ලයේ පහලට ඇදී යන ලෙසයි. අප සිටි ස්ථානයේ සිට මෙහි ආරම්භක ස්ථානය දක්වා ලගා වීමට අපට පැය භාගයක පමණ කාලයක් ගත විය. " මල්ලි මේකෙ දිගම එකෙන්ද පනින්නේ..? නැත්තම් අර මගට එන එකද..? " කිත්සිරි අයියා ජීප් රථය තුල එතෙක් පැවති නිහඩ බව බිදිමින් හඩ නැගුවේ ඈතින් ඒ මේ අතට ගසා ඇති කේබල් දෙස විමසිලිමත් වෙමිනි. " මම ආවෙ නම් දිගම එකේ යන්න තමා අයියේ.. " පැනයට පිළිතුරු ලබා දුන්නේ මේකෙ නොයන සංචාරකයෙක් නැති තරම් යන සිතුවිල්ල මාගෙ සිත තුල ජනිත කරවමිනි.
ඩුබායි පැමිණෙන ඕනෑම සංචාරකයකු ගේ තෝතැන්නක් බදු "ජබෙල් ජෙයිස්" කඳු මුදුන සහ "ලෝකයේ දිගම සිප් ලයින්" එකට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උසින්ම පිහිටි භෝජනාගාරයත් මේ කඳු මුදුනේම පිහිටා තිබේ. ජීප් රථය කදු මුදුනේ නවතා එහි සිටම උදෑසන ආහාරය ලබා ගත් අතර උදෑසන ආහාරය සදහා පෙර දින රාත්‍රියේ ඉතිරි වූ අරාබි රොටී සහ පළතුරු ගත් අතර කදු මුදුනේ පැවති සීතල නිසාවෙන් පළතුරු සියල්ල ඉතා නැවුම් පැවතිනි.
ආහාර ගෙන අවසන් .. සාමාන්‍ය ලෙස සිදු වන පත්‍රිකා පිරවීමේ කටයුතු අවසාන වූ පසු ශරීර බර සහ උස ගණනය කොට එයට සරිලන මෙවලම් සහ ආයිත්තම් යොදා ගැනීම සිදු කල යුතුය. ඉන් අනතුරුව ඇත්තේ දෙවියන් සිහි කොට ගෙන කඳු මුදුනෙන් බිමට පැනීමයි. කිලෝමීටර තුනකට ආසන්න දුරක් ඉතා ඉහලින් සවිකොට ඇති කේබලයක් දිගේ පැයට සැතපුම් එකසිය විස්සකට අධික වූ වේගයකින් කන්ද පහලට එල්ලී යාම එක්තරා වූ අභියෝගාත්මක සහ ත්‍රාසජනක වූ ක්‍රියාවකි. කඳු පාමුල තවත් කුඩා කේබලයකි. එයින් තවත් තැනකට එල්ලී ගමන් කල යුතු වන අතර ගමනේ මුල සිටම අවසානය දක්වාම කාර්යයේ නියුතු ඔවුන් ඉතා සුහදශීලි ලෙසත් විශ්වාසාත්මක ලෙසත් සියලුම කඳු නගින්නන් සමග කටයුතු කිරීම පිළිබඳ ප්රසංශනීයව පසක් කල යුතුය.
අපූරු අත්දැකීමකින් අනතුරුව මා නැවතත් ජීප් රථය දක්වා ගමන් කල අතර ඉන් අනතුරුව ආරම්භ වන්නේ මාගේ සංචාරයේ එදිනට ඇති මීලග පරිච්ඡේදයයි. අප "ජබෙල් ජෙයිස්" සිට "කොර්ෆකාන්" මුහුදු තීරය දක්වා ගමන් කල අතර එම මාර්ගය ඉතා සුන්දර මාර්ගයක් විය. එයට හේතු සාධකය වූයේ කාන්තාර මධ්‍යයෙන් සහ කඳු ශිඛර මැදින් ගමන් කිරීම මා හට නැවුම් සහ පෙර නොවිදි අත්දැකීමක් වූ නිසාවෙනි.
සුලගට පැමිණි සිනිදු වැලි කාපට් පාර තුරුලු කොට ගෙන ඇති අතර ඒ මතින් වේගයෙන් ඇදී යන ටයර් මගින් නිකුත් වන හඩ සුලගත් සමග එකතුව මවා පාන්නේ අමුතුම ආකාරයේ සංගීතයකි. විටින් විට දෑස පිය වූ මා විටෙක අවදිව "අයියේ කොහෙද දැන් මේ.." යන්න විමසන්නේ මා නිදා නොසිටි බැව් කිත්සිරි අයියාට හගවනු පිනිස ය. පෙරදින නිදා ගැනීමට තිබූ කාලය අවම වීම ඉද හිට "කුකුලා ගැසීමට" හේතු විය.
කිලෝමීටර එකසිය හතලිහක පමණ දුරක් ගෙවා ආ පසු අපට මුන ගැසෙන්නේ "කොර්ෆක්කාන්" ප්‍රාන්තයයි. මෙහි ඇති උසම කදු මුදුන නම් "අල් රාබි කඳු මුදුනයි" අල් රාබි කුලුන 1915 වර්ශයේ ඉදිකර ඇති අතර එය ආරක්ෂක මුර ටැඹක් ලෙස භාවිතා කර තිබේ. මෙය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉතා ප්‍රසිද්ධ වූ ස්ථානයක් වන අතර ලොව නන් දෙසින් පැමිණෙන සංචාරකයන්ගේ නවාතැන්පොළකි.
අල් රාබි කන්ද පිහිටා ඇත්තේ "කොර්ෆක්කාන්" වරායට ඉහලිනි. එහි මුදුනට ලගාවීමට කිලෝමීටර තුන හමාරක දුරක් කඳු තරණය කල යුතු අතර,කඳු මුදුනට නැගි ඕනෑම අයෙකුට දැකිය දර්ශනය මනස්කාන්ත ය. දකුණු පසින් වරායට එහා ඈතට දිස් වන මුහුදු තීරයත්,වරායට සෙමින් සෙමින් සේන්දු වන නාවික යාත්‍රා සහ වම් පසින් ඇති කඳු පන්ති මගිනුත් ඒ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරණු ලබයි.
හිරු බැස යන තෙක්ම කදු මුදුනේ රැදී සිටි මා හිරු කඳු අතර සැගව යන අතරවාරයේ ඇති ලා කහ පැහැති එළියෙන් මාර්ගය සොයාගෙන නැවතත් කඳු පාමුලට ගමන් කලේ සුන්දර මතකයන් ගොන්නක් කරපින්නාගෙනයි. ඒ ආසන්නයේම නවාතැන්පොළක් සොයා ගත් මා එහි නතර වූයේ දින දෙකකට පසුව සුව සේ විවේකයක් ලබාගැනීමටයි. පසුදා සොයා යාමට ඇති දිය ඇල්ලත් බෝට්ටු පැදීමට හැකි පරිදි සකසා ඇති විශාල ජලාශයත් පිළිබඳ සිහින මවමින් මා කාර්යබහුල වූ දිනයක රාත්‍රිය ගෙවා දැමීම සදහා දෑස පියාගත්තෙමි.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
DAP - දිනේෂ්.
Instagram - / dinesh_a_pathum
#wordslongestzipline#khorfakkanport#alrabimountain#alrabimountainhike
#visitdubai #dubai #uae #JEBELJAIS
#dubaimountaincamping#dubaisunset#dubaisunrise#srilankanhikerindubai
#dxb #dubailifestyle #travel #emirates #dubaivlogger #dubaifashion #dubaistyle #sharjah #dubailuxury #dubaitourism #dubainight #photography #unitedarabemirates
එක්සත් එමීර් රාජ්‍යයට ඇවිත් මෙහි සේවය කරන අපි වෙනුනෙුත් ආශිර්වාද කරා.ඔයාට ගොඩක් පිං.ඔයාවත් සියලුදෙවියන් ආරක්ෂා කරත්වා.❤️🙏🙏🙏
ඔයාගේ මුල්ම විඩියෝ එක විදිහට මම බැලුවේ චැරියට් පාත් ගියපු විඩියෝ එක. ඔයාගේ කතා විලාශය.. පරිසරයට ආදරය කරන විදිහට.. ඔයා නියම ට්රැව්ලර් කෙනෙක් කියන එක හොඳටම ඔප්පු වේනවා.. නියමයි බ්‍රො.
UA-cam. කරන අය අතරේ ඔයා අපේ හිතේ පලමු තැන ඉන්නවා අයියා ... බොක්කෙමිම ආදරෙයි අයියා ... ❤️
ඔයා ලංකාවේ වැඩිම subscribers ලා ප්‍රමාණයක් ඉන්න හොදම traveling UA-cam channel එක වෙනවා… wish you all the best ayye. Keep it up 👍
මරු ඉතින් ඈ,පිස්සුවක්😍😍❤️& vedio editing nm super.✌️❤️❤️
ඔයාට ගොඩාක් ස්තූතියි අයියේ....ඔයා එක්ක හැමදාමත් ඉන්නවා ඔයාට සුබ පතනවා අයියේ පරිස්සමෙන් අයීයේ
හැමදාමත් වගේ අදත් vedio එක සුපිරි සුභ පැතුම්
කන ගමන් දිනේශ් අයියගෙ වීඩියෝ එකක් බලන තරම් ආතල් එකක් නෑ ආයෙ කොහෙවත්😁💛
අපේ වීරයා දිනේෂ් අයියා පරිස්සමට අයියා දළදා හාමුදුරුවන් ගේම පිහිටයි🏆🏆🏆👏👏👏👏👏
මාර ආඩම්බරයි අයියා ගැන....එවරස්ට් වලටත් යමූ....ජය වේවා....💪💪💪💪💪💪💪💪💪💪💪
ඇත්තටම ඔයාගෙ ගමන හරිම ලස්සනයි දිනේෂ් අයියා no 1 විඩියෝ ඓකේ ඉඳල අපි ඉන්නවා මෙි වගෙ ලස්සන දේවල් තවත් ඉදිරියට කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා . ඉලග එක එනකල් මග බලන් ඉන්නෙ . ලස්සන විඩියෝ එකකින් හමිබෙමු තේරැවන් සරනයි අයියා ... ❤️❤️🔥❤️🔥
දැන්නම් මටත් හිතෙනවා trawling කරන්න 😍😍 මරු අයියේ ගැම්මක් , ලගදි තමයි ඔයාගේ chanal එක දැක්කේ 😍❤ සුපිරි
දිනේෂ් අයියා කියන්නේ පිස්සුවක තමා ආදරෙයි අයියේ ඒ නිහතමානිකමට 🙂❤️
ඔයාගෙ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න එකට ගොඩක් ස්තූතියි අයියෙ ❤️පරිස්සමෙන් travel කරන්න බුදු සරනයි
නියමයි ❤මාරම ආසාවෙන් බලන්නෙ අය්යගේ Video 🙈
හදවතේ ඉන්නේ දිනේෂ් අයියා...නියමයි... ජය වේවා....🔥🔥❤️❤️DAP💚💚💙💙🙏🙏🇱🇰🇱🇰
1000 වෙනි view එක ❤...
ආසම කතා විලාසයක් තියෙන මනුස්සයෙක් හම්බවෙලා කතා කරන්න ආසයි 🖤🍃
මම කැමති ඔයාගෙ නිහතමානී කතාව .හරිම ආසයි අහන් ඉන්න.ලස්සනයි ගොඩක් .ජය 👍👍😍👌
බෙහෙවින්ම ස්තූති
ජයවේවා අයියා ❤️❤️❤️ තව තවත් ලස්සන ගමනාන්ත වලට යන්න ශක්තිය වාසනාව ලැබේවා හදවතින්ම ❤️💚🍃 මේ විඩියෝ එක බලන්නේ අබුඩාබි ඉදන් මං.. 😌❤️ මේ තැන් ගැන දැනගෙන හිටියට තාම අවස්ථාවක් ලැබුණේ නැ යන්න .. ගොඩක්ම ස්තුතියි විස්තරාත්මකව මේ ලස්සන ගමන බලන්න අවස්ථාව ගෙනාවට ❤️❤️❤️
ලගදීම ලාංකික යූ ටියුබ් ටැවලස් කෙනෙක් එවරස්ට් මුදුනේ බලන්න පුලුවන් වෙයි අපිට 😍😍😍
EBC ගියා. උත්සහ කරමු ඉතුරු ටිකත්
දාපු ගමන් ආවෝ.මෙකත් සුපිරියක් වේයි
මල්ලි ඔයාගේ කතා විලාසය හරිම ලස්සනයි. බුදු සරණයි දෙවි පිහිටයි.. වරකාපොල. පැත්තටත් එන්න.
Balanna tikak parakku una. Parissamata aiye. Loke watema yan oyath ekka apith a than wala enawa. Budusaranai.
නිහතමානී සරන්නා ..ජය🇱🇰💗
මට හිතෙනවා දිනේෂ් අයියට තියෙන විසේට එවරසට් කන්දත් නැගල තමා නවතින්නේ 🤭🖤
ජීවිතේ ලස්සනට විදිනව මචන්. ජයවේවා.
Editing නම් නියමයි
Loke lassnama තැන් හොයන් යන්න ශක්තිය ලැබෙවා.................!
"ඇල්ලෙ ශිප්ලයින් එකෙ ගොප්රෝ එක ගෙනියන්න දුන්නෙත් නෑ. ඒ අතින් මේ රට හරි වාසනාවන්තයි" ඇත්තටම ඒකටනම් කලකිරුණා අයියෙ. 😔ලස්සන ඇඩ්වෙන්චර් ගමනක් අපිට සමීප කලාට බොහොම ස්තූතියි අයියෙ ❤️❤️
Unge ekak ganna ona salli dila.mask ekak dila ekatath rs.40k gatha apen
denavane aiye .mn dakala thiyenava lankkave aya ona tharam go pro aragena yanava.thava foriegnerslath arana yanava dakala thiyenava.me lagadith dakka.davas keepayakata kalin vage
E denne unge ewa
@@venujasamarasinghe9054 එයාලෙගෙ ඒවා ගෙනියන්න
ඕන. මම මගේ එක මගේ ඕන කමට අරං යද්දි මගේ අතට කැමරාව තියලා සෙලෝටේප් වලින් අත වටේ එතුවා.. ලෙන්ස් එක බේර ගත්තෙ බොහොම අමාරුවෙන්. කමක් නෑ. ඒත් මම ආයෙ කවදාවත්ම නොමිනිසුන් ගෙ තැන් වලට යන්නෙ නෑ.
ඔව් මල්ලි.. එහෙම වෙනස් රටක් මේක.
මේ පාර වීඩියෝ එකත් හරිම අගෙයි දිනේෂ් අයියේ. තව තවත් ඉස්සරහටම යන්න මේ චැනල් එකට ලැබෙන්නම ඕනේ. ඒ වගේම ඔයාටත් තව ලස්සන තැන් බලන්න යන්න ලැබෙන්න ඕනේ . බුදුසරණයි අයියේ 😍😍
ඔයා එක ඔයාට ආදරේ කරන අය හැමදාම මේ වගේ වෙනස් නොවී ඉන්නේ ඔයාගේ මේ වෙනස් අත්දරකීම් නොවෙනස්ව අපි එක බෙදා ගන්න නිසා අයියේ.❤️ හැමදාම ඔයා එක ඉන්නවා.❤️ ජයෙන් ජයම වෙන්න ඕනී අයියේ❤️💪
හරිම ලස්සනයි මල්ලි ...මම දුබායි ඉන්නෙ.ඒත මේකෙ යන්න ලැබුන් නැ.ඒත් අද ගියා වගේ අත්දැකීම වින්ද.ජය වේවා..!!මල්ලි .
බුදු සරණයි !!!❤️❤️❤️❤️
Me vedio eka balanna maga balagena hitiye. 👍🔥 Thank you, Good luck!🌍🇦🇪 ♥️ Mr. Dinesh, stay bless And safe🙏
දිනේශ් ඔයා යන යන හැම තැනක්ම හරිම සුන්දරයි . මේ ලෝකය මොන තරම් නම් සුන්දරද කියලා හිතෙනව. ස්වභාව සෞන්දර්ය සැවින්ම ව්දින ඔබ හරි පිං වන්තයි. මේ විඩියෝ නරබන්න අපිත් භාග්‍ය වන්ත උනා .
නියමයි අයියේ අහම්බෙන් දැක්ක චැනල් එකක් මේ වෙද්දි ඔක්කොම විඩියෝස් ඔක්කොම ආසවෙන් බැලුවා ජය වේවා. ❤️❤️
ගොඩාක් ස්තූති ...
අලුත් අත් දැකිමක්.පරිස්සමින් දිනේෂ් නේ.තෙරුවන් සරණයි
සුපිරි අත්දැකීමක් ජය වේවා අයියා. ❤️❤️❤️
ආසම ට්‍රැවල කෙනෙක් ❤️💪
The video is incredible.... very interesting.... Good luck bro......👍👍👍👍👍
වෙනම ලෙවල් ජය
Harima ලස්සනයි oyata thwa dura yanna sakthiya labawa පරිස්සමෙන් සතුටින් ඉන්න 💕💕🙏🙏
Thank you Dinesh for sharing your wonderful experience around UAE 🇦🇪 with us.We really enjoy your clam and informative style and the way that your love your country Sri Lanka 🇱🇰 shows through every vedio.Keep it up the great job that you do!
Eknm mru Dinesh ayya supiri ❤❤😍✌✌
ලෝකයේ අපි නොදක්ක ලස්සන සුන්දර ස්තාන පෙන්වනවට අයියට බොහෝම ස්තූති💖❤ ඒ වගේම ඉදිරියටත් මේ වගේම දේවල් කිරීමට අයියට ශක්තිය දයිරිය ලැබේවායි මම පතමි 💪🥰 අයියට බුදුසරනයි 🙏🤟😍
Aiyee oyge vdo maru aiye.Hithata danennna ktha krnawa
බොහොම ස්තුතියි ඔයා අපිව දුරු රටකට එක්කරගෙන ගියාට❤
අද තමයී අයියේ විඩියො එක බලන්නෙ🥰🥰🥰මාර ආඩම්බරයී අයියා ගැන💪💪අයියාට අර සිප්ලයින් එකෙ යනකොට බය හිතුනෙ නැත්ද අම්මොව් මට නම් බය හිතුනා දැන් නැවතෙයී දැන් නැවතෙයී කියලා.... අයියා කොහොමත් ත්‍රාසජනක වැඩ කරන්න ගොඩක් කැමති කෙනෙක් නෙහ්....💪💪💪ඩුබායී වල නොදැක්ක දෙවල් ගොඩක් අයියාගේ ඩුබායී සංචාරයෙන් අපිට දැන ගන්න දැක ගන්න පුලුවන්💪💪❤️❤️❤️පරිස්සමෙන් අයියේ බුදු සරනයී🙏🙏❤️❤️❤️
හැමෝම ඩුබායි ගියා ව්ලොග් ගෙනාවා ඒත් ඇත්තම ලස්සන දැක්කෙ ඔයාගෙන් අයියෙ❤️.රැල්ලෙන් එපිට වෙනස් පාරක් යන ඔයාය බුදු සරණයි ඒ වගේම පින්❤️...අපිට මේ ලස්සන පෙන්නනවට
ජය වේවා දිනේෂ් අයියා
නියමයි දිනේෂ් අයියා...❤️❤️මන් ඔයාගේ හැම විඩියො එකක්ම බලනවා.❤️ MY FAVORITE HIKER❤️❤️❤️❤️
ආදරෙයි අයියා හැමදාමත් oyage නිහතමානීම ඉදිරිපත් කිරීම් වලට ..
මියෙන thura ඔබට ආදරෙයි brother ❤❤❤❤👌🌟📷👍👍
එකනම් ඉතින් ෆට්ට👀👀👀👀👀🔥 ෆට්ට 😘😘😘😘😘😘😘
අපිවත් ලස්සන ඩුබායි වල සුන්දර තැන් වලට එක්කන් යනවට ගොඩාක් ස්තූතියි DAP අය්යා ❤🍃
නියමයි දිනේෂ් අයියෙ.. පරිස්සමෙන් ඉදලා එන්න..
මෙකත් ෆට්ට වීඩියෝ එකක් වෙයි ලොකු අයිය අනිවාර්යයෙන් 💚💚💚💚💚
ගොඩාක් ස්තූති මල්ලි
💚💚💚 ලොකු අයිය
You are the best travel video maker in sri lanka and now in the UAE here too!!!Thanks for your entertainment!!!
thank you dinesh. nice vlog 👍
abudabi walata ennedda
ඒකත් සුපිරියි 🙂 ඉක්මනින් ඕන තව වීඩියෝ එකක් 😌❤
සියලූම රට විරුවන්ට උපහාරයක් ම වේවා💪
ලෝකය ☘️ලස්සන කරන ☘️අපේ ❤️දිනේශ් අයියා ❤️
අල් රාබි පීක් එකේ කොඩිය යට ඉඳලා කියන වචන ටිකට ආදරෙයි ❤️🙏
මේ පාරත් නියමයි අයියේ...ජය වේවා ඔයාට.
ඔයාට බුදු සරණයි මල්ලි පරිස්සමෙන් මම කුවේට්
Zipline eke yaddi 360 cam eka dagnna tibbe aiya ❤️
අදත් සුපිරියක් 🥰🥰
හරිත ලෝකයෙන්.. තවත් ලෝකයට ඩැප් අයියා සමග ගියා... 🥰 .. තව තවත් තැන් වලට අපිවත් එක්ක යමු... පරිස්සමට 💛💛
DAP wenama level ekak .fatta eka.
Hi Dinesh ,,, UAE videos tika supiri.oya thama UAE walada inne?
සුපිරි🔥
මේ වීඩියෝව බලන්න මග බලන් හිටියෙ👍🔥 නියමයි ද්දිනේෂ් අයියේ පලවෙනි comment 1 magen සුපිරියක් තමයි ඉතින්
Wow .. ගොඩාක් ස්තූති
ඒ පට්ට Bro..✌️✌️❤️
Highway eke yaddi eha paththen lamborghini ekak da koheda giya
Hamadama Me wage Vedio genna Marama Lassanaiiii 🥰🥰🥰🥰🥰🥰
සුපිරි අයියෙ.මන් හැම විඩියො එකක්ම ඔයාගේ බලනවා.❤️ තව විඩියො දන්න අයියා 😋
ගොඩාක් ස්තූති
පරිස්සමින් ලංකාවට එන්න
Dinesh Aiya Mama Coment Kare Nathi Unata Hamadama Oyage Vediyo Balanawa Vediyo Enakam Agili Ganinanawa ❤️ E Nihatha Mani Kamata Adarei 🖤 Jayen Jaya ✨⭐️
ලෝකයේ ලස්සන තැන් හොයාගෙන යන්න ඔබට වාසනාව ශක්තිය ලැබේවා, 🙏❤️ ස්තූතියි අපිවත් පියවි ඇසින් දකිනවා වගේම විස්තර සහිතව ඉදිරිපත් කරනවට.
zipline එක නම් අමුතු අත්දැකීමක් දවසක යන්න ඕනි ඒ අත්දැකීම ගන්න මාත්. ජය වේවා! අයියේ. ඒ රටවල් වල වැඩ කරන අපේ අය කොච්චර දුකෙන් ඇතිද ගෙවල් වල ඉන්න අය එහෙම. ස්තුතියි අයියේ එයාලව මතක් කරාට.
එකෙන්ම මේකත් සුපිරියක් තමා දිනේෂ් අයියා.. 😍😍❤️❤️
Math inne abudabi mama oyage hema video ekakma balanawa wede ela
ආදරෙයි ඒ නිහතමානීකමට..♥️
❤️🇱🇰
Aniwa
🤘🖤hema video ekama balanava machn obe🙏
Video Editing Enna Enna Supiri 😍😍😍👌👌👌👌
DAP 😍💛
What a superb adventure. Keep it up 💪👍❤️
doctor
තවත් සුන්දර ගමනාන්ත වලට යන්න ලැබේවා ...❤
ඩුබායි වල ඉන්න මං වත් දැනන් හිටියෙ නැ දිනේෂ් අයිය මේ වගෙ තැනක් තියෙනව කියල සුපිරිම adventures එකක් ලගදිම මාත් යනව එතනට අනිවාර්යයෙන් තැන්කු ලොකු අයිය දිනේෂ් එහෙම තැනක් තියෙනව කියක පෙන්නුවට අනිත් වීඩියෝ එකක් ටග්ගාල දාන්න දිනේෂ් අයිය 💚 මගෙ බලාන් ඉන්නෙ 💚💚💚💚😍
නියමයි.සුපිරියි
ජයවේවා සහෝ💪😍
අපිවත් එක්ක ඔයාගෙ අත්දැකීමත් බෙදා ගන්න එකට ගොඩක් ස්තූතියි සහෝදරයා 👍 අපිත් අද කුරුලු අහෙන් ඩුබායි බැලුව ඔයා නිසා අපේ රටේත් ඔය වගෙ දෙවල් හදන්න ඔන තරම් ලස්සන තැන් තියෙ එත් අපිට එහෙම වාසනාවක් නැ 😅 ජයවේවා සහෝදරයා 💪
🙏අයියේ "යන තැනක පා සටහන් විතරක් තියලා එන්න" කියන Concept එක ලෝකේටම කියලා දෙමූ ❤️
Good luck brother
නියමයි අයියෙ😍🔥
ඒකත් මරු අයියේ.බුදු සරණයි....
ගොඩාක් ස්තූති නංගි
Karant eka awagaman baluwa😀😀😀😀😀👍👍
ගොඩක් ලස්සනයි.ස්තුති❤❤❤
gopro eken kohomada mechara hoda quality vedios record karanne 🤔🤔
සහෝදරයා එවරස් කන්ද නගින වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නවා 🥺❤️
Nice😍 ❤🌸
Niyamai aiye patta
Aiya පරිස්සමෙන් 🥰❤️