Stress දවසක Mood Fix කරගන්න හරි ලේසියි

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 940

  • @AmashiKahandugoda
    @AmashiKahandugoda Рік тому +85

    පොඩි පොඩි දේවල් වලට උනත් හිත අවුල් වෙලා තියන වෙලාවක නැන්දගෙ වීඩියෝ එකක් බැලුවම හිත ගොඩක් නිදහස් වෙනවා.

    • @DoveGreens
      @DoveGreens  Рік тому +4

      ගොඩක් ස්තුතියි ආදරණීය පුතේ. එහෙම ඇහෙද්දි මට හරි සතුටුයි 🌷

    • @lifestylewithlakshi4608
      @lifestylewithlakshi4608 Рік тому +1

      Kalekin lassana video ekak❤❤

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 Рік тому +28

    ගෙදර උයන පියන අස්කරන video ගේනවට තමයි වැඩිපුර කැමති

  • @indujayanthi3369
    @indujayanthi3369 Рік тому +31

    මට මේ වැහිබිරම් පරිසරය දැක්කාම දැනුනේ සුරංගනා කතාවක.. නැතිනම් බටහිර රටක පැරණි ගම්මානයක්.. ඒ මැදින් එන ඔබේ කටහඩ ඒ ලෝකය සජිවී කරනවා ගොඩාක් ස්තුතියි ඔබට..

  • @nilanthinissanka558
    @nilanthinissanka558 5 місяців тому +3

    ඔයාගේ වීඩියෝ නැවත නැවතත් බලනවා.ඉන් මා ජීවිතයට එක් කර ගත් දේ බොහෝමයි.හිත නිවන භාවනාවක් ඔබ.ඔබගේ සියලු කටයුතු සාර්තක වේවා සොයුරිය!!

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 Рік тому +64

    අනේ පොතක් ලියනවා කිව්වාම දැනුනෙ පුදුම සතුටක්...කියවන්න පුදුම තරන් ආසාවෙන් ඉන්නවා 💖

    • @DoveGreens
      @DoveGreens  Рік тому +21

      එහෙම ආසාවෙන් ඉන්නව කියල දැනගත්තම ඉක්මනින්ම ලියන්න හිතෙනව🌷

  • @nethmasayurini1707
    @nethmasayurini1707 Рік тому +88

    "තමන් කැමති තමන්ව අහිමි උනාම / අහිමි කරගත්තාම සාමාජයේ තමන් කැමති විදියට ජීවත් වෙන මිනිස්සුන්ට වෛර කරන්න ගන්නවා" හිතට වැදුන වදන, අද සමාජයේ ගොඩක් දකින්න තියෙන්නෙ ඒක. මේ ජිවිත් වෙලා ඉන්න ටික කාලෙට තමන් ආස විදියට සතුටින් ජීවත් වෙන්න ඔන. ❤🥰🌼

    • @DoveGreens
      @DoveGreens  Рік тому +13

      ගොඩක් ස්තුතියි ...ඔව් තමන් කැමති විදිහට ජීවත් වෙන්න බැරිවුනොත් සමාජයෙන් පලිගන්න පිරිස වැඩියි 😊

    • @sharmilasamararathna6814
      @sharmilasamararathna6814 Рік тому +1

      A kathawa aththa.👍👌🌹

    • @Zvr5373
      @Zvr5373 Рік тому +1

      Thamange jeevithe venath kenek jeewath wenawado kiyana hageema
      Wairayak bawata path wenawa godak minisun ahemai

    • @shiromilakmali1229
      @shiromilakmali1229 Рік тому

      😊😊⁰😊😮😊

    • @chalanimadushani589
      @chalanimadushani589 Рік тому

      Eka aththa❤❤

  • @kaushalyajayawickrama92
    @kaushalyajayawickrama92 Рік тому +16

    ස්ට්‍රෙස් තියෙද්දි අක්කිගෙ කටහඩට ඒ හැමදේම මගහැරිලා යන එක කියන්නේ හරිම සතුටින් ...ස්තූතියි 🙏❤️🌹

    • @DoveGreens
      @DoveGreens  Рік тому +2

      එහෙමත් ස්තූතියි නංගී හැමදාම සතුටින් ඉන්න 🌷

  • @mirror_tulip1111
    @mirror_tulip1111 Рік тому +29

    ඔයා අපි පුංචි කාලෙ කියවපු කතාවක ඉන්න සුරන්ගනාවියක් වගේ නැන්දෙ .......❤ කවදහරි මමත් ආසයි නැන්ද වගේ ලස්සනට ජීවිතේ විඳින්න..තාම නම් පොත්...එක්සෑම් අස්සෙ හිරවෙලා ඉන්නෙ 🥺....ඉක්මනින් තවත් අලුත් වීඩියෝ එකක් ඇරන් එන්න නැන්දෙ ..... ගොඩක් ආදරෙයි ...🌼❤️

  • @Sanduniransika7378
    @Sanduniransika7378 Рік тому +9

    නැන්දා පොතක් ලියනවා දැක්කම අනිවාර්යයෙන් ම අරන් කියවනව කියලා හිතගත්ත 🥰 නැන්දා ගොඩක් ලස්සන වෙලා❤ හරිම ලස්සන අමුතු හැගීමක් දැනුනා කෝපි බොන්න ගියපු වෙලාවෙ ❤️🌸 කටහඬ අහන් ඉන්න ඉන්න භාවනාවක් වගේ. Thank you nanda ❤️🌸

    • @champaweerakkody7306
      @champaweerakkody7306 Рік тому

      Asai potha kiyawanna nangiyo. Oyata ikmanin liyala apata kiyawanna denna wasanawa labewa. Lassana video ekak thank you so much sister god bless you 🙏❤️

  • @harshanieharischandra1498
    @harshanieharischandra1498 5 місяців тому +1

    ඔයාට වගේම මටත් මම කැමති ,මං ආසා විදියට ජීවත් වෙන්න නිදහස දීලා තියෙන හස්බන්ඩ් කෙනෙක් ඉන්නේ.මූඩ් එක අප්සට් නම් ඒක වෙනස් කරගන්න,හිත හදාගන්න පුළුවන් විදියට උදව් කරනවා මිසක් මේ වෙනකල් මගේ හිත අවුල් කරලා නැහැ එයා.හිත් අවුල් කරන,පුළුවන් හැම විදියකින්ම රිද්දන්න බලන,අවශ්‍ය ම වෙලාවලදීත් අත හැරලා දාලා ඒකෙනුත් සතුටක් ලබන හරිම වි‍ෂම,විශ සහිත මිනිස්සු ඉන්න ලෝකෙක ,වෙන මොනවා නැතත් හොඳ හදවතක් අවුල් නොවුණු මනසක් තියෙන කෙනෙක්ම මගේ ජීවිතේට ලැබුණු එක ගැන මට ගොඩක් සතුටුයි .ඒ වගේම ඒ වගේ හොඳ ,නීරෝගි මනසකින් යුතු සහකරුවෙක්,සහකාරියක් හැම කෙනෙකුට ම ලැබේවා !🙏

  • @sudharmaabeywickrama7548
    @sudharmaabeywickrama7548 Рік тому +12

    ඔව්...සහතික ඇත්ත.තමන්ගෙ ජීවිතේ අනුන්ට පාලනය කරන්න දීලා තමන්ට තමන් අහිමි කරගත් කාන්තාවො ගොඩක් ඉන්නවා...ඔයා වගේ ජීවිතේ විදින සුන්දර කාන්තාවන්ට වෛර කර කර....මම හිතනවා ඒ අභාග්‍ය සම්පන්න ඉරණම කිසිම කාන්තාවකට අත් නොවිය යුතුයි කියලා..

  • @jayaniwasana4812
    @jayaniwasana4812 Рік тому +6

    ඔයාගෙ පිලිවෙල , ඔයාගෙ වචන , ඔයා සම්බන්ද හැමදේම අපේ හිත් හරිම ආදරනීය විදිහට නිවනවා..❤ ඔයාට ගොඩාක් පින් ....

  • @simplelifewiththilini9572
    @simplelifewiththilini9572 Рік тому +6

    හුඟ දවසකින් වීඩියෝ එකක් අරන් ආවත් කියන්න බැරි තරම් ලස්සන ඒ වගේම ජීවිතේට පාඩමක් ගන්න පුළුවන් අර්ථවත් වීඩියෝ එකක් අරන් ආවට ගොඩාක් ස්තුතියි❤

  • @ayeshakalhari2370
    @ayeshakalhari2370 Рік тому +1

    හිත හරිම කලබලයි අද උදේ ඉදන්ම.බබාව කකුල් දෙකේ තියාගන නිදිකරවලා එයා නිදි අතරේ අක්කගෙ මේ video එක බැලුවේ. Video එක play කරලා ඇස්දෙක පියාගන handfree එකෙන් අක්කා කතා කරන එක අහගන හිටියා ඉවර වෙනකම්ම.. අක්කගෙ කටහඩ නම් ඇත්තටම සොබාදහමෙන් දුන්න ලස්සන තෑග්ගක් අක්කේ. අක්කා කියපු හැමදේම හිතින් මැවුවා. ඒක හරියට පුංචි කාලේ සුරංගනා කතාවක් අත්තම්මා කියද්දි අපි හීන මවන්නේ,අන්න ඒ වගේ මට දැනුනා. හිතට ලොකු සහනයක් දැනුනා. ගොඩක් පින් අක්කේ ඔයාගේ කටහඩනම් හරිම ලස්සන් භාවනාවක්🙏

  • @shikarawijesekara6512
    @shikarawijesekara6512 Рік тому +32

    “නුබේ නැණවත් කමට
    කුමක් කියනෙම් ද මම
    නුබෙ නිවුනු වදන් වැල
    බොහෝ සුව ගෙනෙයි මට...”

    • @DoveGreens
      @DoveGreens  Рік тому +3

      ගොඩක් ස්තුතියි ..ඒක ලස්සන කවියක්නෙ 🌷

  • @malkahakmananayaka5258
    @malkahakmananayaka5258 Рік тому +2

    Mood එක අවුල් වුන වෙලාවකට මේව බැලුවහම හිත හැදෙනවා. මං ආසම හිත නිවන කටහඬ ටයි මේ දැනෙන නිස්කලන්ක බවටයි

    • @ImandiChenithra
      @ImandiChenithra 5 місяців тому

      Ow oba hari....mamath godak welawata parana vediosuth aye aye balanawa.❤❤

  • @nishuchanel
    @nishuchanel Рік тому +18

    සතියකට වීඩියෝ එකක්වත් අරන් එන්නකෝ.. ඒ තරම් ආසාවෙන් බලාගෙන ඉන්නේ ඔයාගේ වීඩියෝ බලන්න...❤

  • @nikirangana1985
    @nikirangana1985 Рік тому +1

    ලස්සන විඩියෝ එක..මිහිරි කටහඬ භාවනාවක් වගේ,සිත නිවිලා යනවා,ඔයත් ලස්සන වෙලා මිස් ,ආශා අක්කාගේ සැලුන් එක ගැනත් කියන්නම ඕන,එයා හරිම නිහතමානී,සුහදශිලි,ලෙන්ගතු කෙනෙක් සැලුන් වැඩනම් සුපිරියි,

  • @enchantingsta
    @enchantingsta Рік тому +25

    කැමරාකරණය නම් අගය කල යුතුමයි..හරිම ලස්සනට cinematic විදිහට vedio කරනවා..😍

    • @DoveGreens
      @DoveGreens  Рік тому +6

      ගොඩක් ස්තුතියි ...ඒ අගය කිරීමහිමි වෙන්න ඕනෙ මගෙ පුතාට.එයා තමයි මේ හැමදේම කරන්නෙ 🌷

    • @enchantingsta
      @enchantingsta Рік тому +4

      @@DoveGreens ඔව් අනිවාර්යයෙන්ම aunty😊..ඒ මල්ලි මගේ නංගිගේ වයස.. පොඩි වයසක හිටියත් හරිම professional විදිහට වැඩේ කරනවා ..මාත් vediography වලට ගොඩක් ආස කෙනෙක්..හොද අනාගතයකට සුභ පතනවා.♥️

  • @shamiladharmadasa8609
    @shamiladharmadasa8609 Рік тому +11

    ලස්සනයි ,මේ හැම දේකටම support කරන මල්ලිට තමා ඉතින් thank කරන්න ඕන,,😍

  • @anupamadilhani8944
    @anupamadilhani8944 Рік тому +7

    ඉගෙනීම් කටයුතු එක්ක කාර්‍යබහුල මට නැන්දගේ වචන දිව ඔසුවක් වගේ 😍

  • @ishara4479
    @ishara4479 Рік тому

    මට අවුරුදු 27යි .හැමදාමත් කියනව වගේ මට අක්කෙ කියල කියන්න හිතෙන්නෙම නෑ .මගෙ අම්මා වගේම ඔයාගෙන් මගේ ජීව්තේ ලස්සන කරගන්න කියන්න බැරි තරම් දේවල් මහ ගොඩක් මම ඉගෙන ගන්නවා.ඒ හැමදෙයකටම කවදාවත් නොදැකපු ඔයාට ගොඩාක් පින්.කලාතුරකින් හරි මුණගැසුනොත් මුලින්ම ඔයාගෙ කකුල්දෙක අල්ලල වදිනවා.ගැහැනු ලමයකුගෙ ජීවිතේ ලස්සන කරගන්න පුලුවන් පුංචිම පුංචි හුගක් දේවල් ඔයා ලග තියෙනව මහා ගොඩක් වටින.❤🙏

  • @piyumikachamodini5717
    @piyumikachamodini5717 Рік тому +10

    මගෙත් අද හිතට හරි නෑ 😢 හුගක් දේවල් කලා ඒත් හරි ගියෙ නෑ වීඩියෝ එක බැලුවට පස්සෙ හරි දැන් 😊❤

  • @panchaliwickramaarachchi5848
    @panchaliwickramaarachchi5848 9 місяців тому

    හරිම ලස්සන content එකක් ❤️
    සැලෝන් එකේ hair wash කරන කොටස දැක්කහම මට මගේ අත්දැකීමක් කියන්න හිතුන.. මමත් දවසක් hair treatment එකක්‌ එක ප්‍රසිද්ද සැලෝන් එකකින් කරා ගත්ත.....එදා රෑ මට නින්දෙන් ඇස් දෙක ඇරියහම මා වට හැමදෙයමකටම පුදුමාකාර වේගයකින් කැරකෙනවා experience උනා..bed එක පවා කැරකෙනවා.. අල්ලගන්න තැනක් වත් කිසිම දෙයක් නැති බවක් මහා පුදුම බයක්, helpless බවක් දැනුන.. පැය බාගයක් විතර තිබුන. hospital ගියා.. ඇඩ්මිට් කරා... එතැනදී diagnose කරේ vertigo condition එකක් කියලා..ඇතුල් කනේ අසමතුලිතත්වයක් නිසා අපිට balanace නැති වෙනවා ලු.. ENT specialist ලට පෙන්නුවා.. සැරින් සැරේ එ ගතිය ආව. හේතුව කියලා හොයා බලනකොට තීරණය උනේ එදා salon එකේ washbasin එකට පිටිපස්සට බර වෙලා hair wash කරනකොට බෙල්ලේ positionඑක වෙනසක් වීම නිසා එ තත්වය එන්න ඇති කියලා... එ කියන්නේ ඇඟට වඩා වැඩිපුර බෙල්ලෙන් පිටිපස්සට නැමුනහම එය මෙවැනි තත්වයක් ඉස්මතු වෙන්න හේතු වෙන්න පුළුවන්ලු...
    ඉතින් මේක දක්කහම් මට එ ගැන කියලා සියලු දෙනාවම දැනුවත් කරන්න හිතුන.. මොකද එ මම මුහුණපෑවා සිද්දිය මහා භයාන්කරයි.. 😔😔 එ නිසා ඕනම අවස්ථාවක ඔලුව බෙල්ලෙන් අනවශ්‍ය ලෙස පිටිපස්සට නැමෙන අවස්ථාවලින් වැලකෙන්න...
    මේ ගැන තව හොයල බලන්න.. මේ මගේ අත්දැකීමෙන් doctors ල අනුමාන කරපු දෙය...තව articles කියවල බැලුවොත් මේ ගැන නිවැරදිම තොරතුරු ගන්න පුළුවන්... අපි හැමදෙනාම නිතරම salon යනවනේ... ගිහින් මේ විදිහට hair wash කරනවනේ නිතරම.. එ නිසා පරෙස්සම් වෙන්න...
    Vertigo තියන කෙනෙක් නම් නිදාගන්නකොට කොට්ට දෙකක් මත හිස තබා නිදා ගැනීමෙන් එ තත්වය අඩු කරගන්න පුළුවන්..🙂

  • @kanchanasamarasingha4466
    @kanchanasamarasingha4466 Рік тому +2

    තමන් කැමති විදිහට ජිවත් වෙන්න ගොඩක් දෙනෙක්ට ලැබෙන්නේ නැහැ ලන්කාවේ සමාජය තුල. එත් තමන් කැමති විදිහට පිලිවෙලයි ,ලස්සනයි එක්ක තමන්ගේ සතුට වෙනුවෙන් ජිවත් විමත් එක්තරා කලාවක්. වැදගත් අදහසක් හැමදාමත් අපිට සනිප කරවන ඔබට සතුට පිරුණු දවසක්.❤

  • @MinuliYehansa-ru3ks
    @MinuliYehansa-ru3ks Рік тому

    ගොඩක් දවසකින්.පුලුවන් හැම වෙලාවකම අපිට පොඩ්ඩක් කතා කරන්න.ඔය වචන මායාවක් වගේ.ගොඩක් දේවල් කියලා දෙනවා.බුදුසරණයි හැමදාමත් වගේ

  • @99sandalikaushalya
    @99sandalikaushalya Рік тому +5

    හිත කැඩිල බිදිල පොඩි වෙලාතියන වෙලාවෙම ඔයා එන්නේ හරියට කලින් දැනගෙන වගේ ....ස්තූතියි අලුත් බලාපොරොත්තු එකතු කරගන්න හයියක් වෙනවට...❤

  • @sashikadilhani7720
    @sashikadilhani7720 Рік тому

    හිතට දුකක් දැනෙන,තනිකමක් දැනෙන හැම වෙලාවකම මම ඔයාගේ වීඩියෝස් බලනවා.ගොඩාක් ස්තූතියි ඔය හිත නිවන කටහඩට

  • @KavinduNayanajith-xy3hz
    @KavinduNayanajith-xy3hz Рік тому +6

    හිතට දැනෙන්නේ පුදුම නිදහසක් දැනෙන්නෙ නැන්දව බලන් ඉද්දි අහන් ඉද්දි ❤ ආදරෙයි නැන්දට....

  • @nethuc3443
    @nethuc3443 Рік тому +2

    අනේ ඒ කටහඩ හිත හොරකම් කරනව 🥺❤️

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 Рік тому +8

    අපේ ජීවිතේ සමහර දවස් තියනවා කියගන්න බැරි හිතාගන්න බැරි මොකක්දෝ දේකින් අපිව නොසන්සුන් වෙලා කියලා දැනෙන...මේ..
    .වැසිබර කලයේ .... ජීවිතේ ගොඩාක් මතකෙට එන නිස්කලන්ක බව වැඩී.
    දයාබර හඩ අහගෙන ...හීන් පොද වැස්ස දිහා බලාගෙන ..... ජීවිතේ ලස්සන විනාඩි කීපයක් අද ගෙව්නා නේද....සතුට දැනුනා..සරනයි❤..මිතුරියේ.
    සොයුරියේ ඔයාට..පූරී හදන්නත් උත්සහයක් කරනවා..
    හැමෝම පුලුවන් විදියට ජීවිතේ ලස්සනට ඉමු....සතුටින්.ඉමු..ආදරෙන් පරිස්සමෙන්...ඉමු.... බොහොම ස්තුතියි ❤ මගේ යෙහෙලියට...ආදරෙයි ❤

  • @LittleThings77
    @LittleThings77 Рік тому

    හරිම අසාවෙන් බැලුවේ. ගොඩක් වටිනා දෙයක් ගැන අක්කා කතා කලේ.
    ජීවිතේ සමහර වෙලාවට එන ප්‍රශ්න දැක්කම තමන්ට තමන් එපා වෙනවා. මටත් පහුගිය දවස් වල කිසිම අරමුණක් නැති ව වගේ හිටියේ. plan කරන් හිටිය ගොඩක් දේවල් මග හැරුණා. කාලය ඔහේ යනවා බලන් හිටියා. මම හරිම ආස දෙයක් තමයි උදේට එලියට ගිහින් අහස බලන එක, ඉර පායනවා බලන එක. මාසෙකටත් වඩා මෙහෙත් හොදට ම වැස්සා. වැස්සට මම ආසයි, ඒත් එකදිගට වහිද්දි නම් එපා උනා. පහුගිය දවස් වල ටිකෙන් ටිකේ ආපහු මග හැරුණු දේවල් පටන් ගත්තා. අලුතෙන් කෑමක් දෙකක් හැදුවා. වැස්ස වෙලාවට තේ එකක් හදාගන පොතක් කියවන්න පටන් ගත්තා.
    අක්කා කිව්ව දේ හරියට ම හරි, තමන්ට තමන් අහිමි උනාම දැනෙන හැඟීම එච්චර හොඳ නැහැ. අපි අපිම, පුංචි දෙයක් කරලා හරි සතුටු වෙනවනම් ජීවිතේ ගොඩක් දේවල් වලට අපිට හොදින් මුහුණ දෙන්න පුළුවන්. අක්කේ, ඔයාට ගොඩක් ස්තුතියි.
    පොතක් ලියනවා කියල කිව්වම ගොඩක් ආස හිතුනා. මගේ සුබ පැතුම්! 🙂💐🌿

  • @umeshamadushan8503
    @umeshamadushan8503 Рік тому +5

    ඔයා හරි මිස්..කවුරු වත්..අපි ගැන හිතන්නේ නෑ ..අපි ඒගොල්ලන්ගේ ආදරේ හිගාකන්න පස්සෙන් යනවා විතරයි

  • @Taniyas96
    @Taniyas96 Рік тому +1

    ජීවිතේ යථාර්ථය හරිම ලස්සනට කියා දෙන ඔබට ගොඩාක් ස්තූති.
    ඒ වගේම හැකි ඉක්මනින් ඔබ අතින් නිම වූ පොත කියවන්න හරි ආසාවෙන් ඉන්නෙ.
    අලුත් වෙනස, ඔබේ කොණ්ඩ විලාසිතාව හරිම ලස්සනයි ඔබට.❤

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි පොතේ ඉක්මනින්ම ලියලා ඉවර වෙන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. මාත් ආසයි මගේ වෙනසට🌷

  • @suneethagunathilaka
    @suneethagunathilaka Рік тому +3

    අැත්තෙන්ම නොසන්සුන් හිත සන්සුන් වුනා. මෙ වැහිබර දවස් වල අපිත් හරි අාසවෙන් හිටියේ විඩියෝ ඒකක් නරඹන්න.ජිවිතය විදින්න අවස්තාවක් ලබා දුන්නාට බෙහෙවින් ස්තුතියි අා කොන්ඩය හරි ලස්සනයි😁

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි ඉතින්බ්😊කෙනෙක්ව අගයන්න ලස්සන හිතක් තියෙන්න ඕනෙ. ඔයාගෙ හිත ලස්සනයි 🌷

  • @renukaapputhanthri4644
    @renukaapputhanthri4644 Рік тому

    ඔයාගේ කටහඩට හිත නිවෙනවා මම නිදහස් වෙලාවට පරන විඩියෝ ටික ආපහු බලනවා හරිම ලස්සනයි

  • @PamodaniSeenadheera
    @PamodaniSeenadheera Рік тому +2

    පොඩ්ඩක්වත් skip නොකර බලන එකම චැනල් එක..හිත නිවෙන කට හඩක්නේ ඒක..❤❤❤

  • @AN-fi2ck
    @AN-fi2ck Рік тому

    මම ආසයි ඇන්ටි වගේ ගතිගුන තියන ගුන යහපත් කෙනෙක් හෝ ඇන්ටි මේ සන්සාරේ කවදාක හෝ මගේ අම්මා වෙනවානම් .♥️ මම ඒ තරම්ම මේ වීඩියෝ එක බලපු වෙලේ ඉදන් ඇබ්බැහි උනා පෙර පුරුදු බවක් වගේ කටහඩක් stress වෙලා හිටපු මාව ගොඩක් රිලැක්ස් උනා💗 ඇන්ටිට තෙරුවන් සරනයි. මගේ අම්මත් හරිම හොදයි මම අම්ම්ට ගොඩක් ආදරෙයි 💜 මේ වගේ මිනිස්සු ඉද්දි මේ ලෝකේ කොයි තරම් සුන්දරද? ඔයා විශ්වයේ ආශිර්වාදයක් ඇන්ටි☺️

  • @harshanimadushani8276
    @harshanimadushani8276 Рік тому +9

    ඇත්තටම ගොඩක් stress වෙලා ඉන්න වෙලාවෙ තමයි මේ වීඩියෝ එක දකින්න හම්බුනේ. හිත ගොඩක් සන්සුන් වුණා වීඩියෝ එක බලලා ඉවර වෙද්දී . ගොඩක් ස්තූතියි ඔබතුමියට.

  • @dimuthualwis2742
    @dimuthualwis2742 Рік тому

    අක්කිගෙ අලුත් විඩියො එකක් එනකල් මග බලන් ඉන්න අය අතර තවත් එක්කෙනෙක් මං... හැමදාමත් වගේ නොයිවසිල්ලෙන් බලන් ඉන්නෙ.... දග මලු දෙකක් preschool යන දග මලුදෙකක් එක්ක නොයෙක් ප්‍ර්ශ්න හැල හැප්පීම් එක්ක ජීවිතේ ගෙවන මං ජීවිතේට ගොඩක් දේවල් එකතු කරගන්නවා අක්කිගෙ පොස්ට්,වීඩියො වලින්.. ගොඩක් දුශ්කර අවස්තා වල,දවස්වල ජීවිතේ සම බරව මං ගෙවන්න ඕනි කොහොමද කියලා හිතාගන්න බැරුව හිටියෙ. අක්කි ගොඩක් පින්.. ලස්සනට... පිලිවලට...පිරිසිදුව...අරපිරිමැස්මෙන්...ජීවිතේ විදින්න ජයගන්න... කවුරුත් නැතත් තනියම නැගිටින්න.. ජීවිතේට අලුත් මෝටිවේශන් එකක් එක්ක ඔයාගේ ජීවිතේ පාදක කරගනිමින් විවාහ ජීවිතේ අලුතින් පටන් ගත්තු අපි වගේ අයට ආදර්ශමත් හර බර දේවල් කියලා දෙනවට.. රෙදි පිලිවෙලට නමන එකේ ඉදන් පිරිසිදුව පිලිවෙලට තියන විදිහට ඉන්න ඉගන ගත්තෙ අක්කි ඔයාගෙන් මම... ඇත්තම කතාවක් කියන්නද අක්කි 😊😊😊😊 ඔයා කොන්ඩේ කලර් කරලා ඉන්නව දැක්කම මටත් ආසා හිතුනා ඊයෙම ගිහින් කලර් එකක් දාගන්න😊😊😊
    ඒත් පොඩ්ඩො දෙන්නම අසනීපෙන් නිසා යන්න නම් උනේ නෑ😂😂
    ඒත් ඉක්මනින්ම යන්න ඕනි අක්කි වගෙ ලස්සනට පිලිවෙලට දැක්කම ආස විදිහට ඉන්න.... ආදරෙයි අකී ඔයාට මට අක්කියෙක් නැති උනාට මට දැන් ලස්සන අක්කි කෙනෙක් ඉන්නවනෙ කියල හිතෙනවා....
    බොහොම පින් අක්කි ජිවිතෙ විදින්න .. හරි ලස්සන්ට හිනාවෙලා ඉන්න කියලා දෙනවට....❤❤❤❤❤

    • @DoveGreens
      @DoveGreens  Рік тому +1

      ගොඩක් ස්තූතියි නංගී වෙලා අරන් මේ මේ දිග කමෙන්ට් එක ලිව්වට...මගේ වීඩියෝ බලද්දි ඔයාගේ හිතට සතුටක් දැනෙනවා නම් ඒක මටත් සතුටක් 🌷 කරදරයක් නැති ලස්සන ජීවිතයක් ලැබෙන්නේ කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

    • @dimuthualwis2742
      @dimuthualwis2742 Рік тому

      මගේ කමෙන්ට් එකට පුන්චි වචනයක් හරි සටහන් කරාට අක්කිට බොහොම ස්තූති.. හරිම ස්තුටුයි... අක්කි ලියන පොත කියවන්නත් ආසාවෙන් බලන් ඉන්නෙ... බුදුසරණයි අක්කි ඔයාට❤

  • @menakamadushani4211
    @menakamadushani4211 Рік тому +6

    අනේ අක්කා..😓 මට මදි අප්පා..ඉක්මනට ඉවර උනා..🥲 අනේ සතියකට එක වීඩියෝ එකක් හරි ගෙන්න කෝ අක්කා මැණික..🙂
    හිතට මාර ම relax එකක් දැනුණ වීඩියෝ එකක් අදත්..ඔයා මාර ලස්සනයි අක්කේ ඒ colour එකත් එක්ක ඔයාගේ කැරළි කොන්ඩේ එක්ක ඔයා තවත් ලස්සන වෙලා..❤ හරි සතුටුයි kauru උනත් මේ වගේ ලස්සනට දකිද්දී.. ඒක තමයි වෙන්න ඕනේ ජීවත් වෙන චූටි කාලෙ අපි ආස දේවල් කරලා කාටවත් කරදරයක් නැතිව ඉන්න තියෙයි නම් ඒ ක තමයි ලොකුම සතුට.. ආදර්ශමත් කතාවක් වීඩියෝ එකෙන් ඔයා දුන්නේ..මේක බලද්දී මන් ඉස්සර ම දවසක් හදපු පූරි රොටි මතක් උනා අක්කේ..😂 අනේ රස තිබ්බ pimbune නම් නෑ හයියයි රබර් වගේ.. විසි කරන්න ත් ලෝබයි මන් රොටි වගේ හැදුවා.. නමක් දැන් ම පූරි රොටි කියලා හස්බන්ඩ් ට kiuwa..😂 කෑවා හැබැයි..🤭 ඔයා හදපු පූරි ටික නම් හරි ලස්සනයි ආස හිතුනා හුගක් ඒ recipi එකට බොහෝම ස්තූතියි අක්කේ ඔයාගේ යාළුවා ට ත් බොහෝම ස්තූතියි එයා නිසා නේ අපිට ත් හරි විදියට හදන විදිය ඉගෙන ගන්න පුළුවන් උනේ..🙏😘 ඔයා පොතක් ලියන්න හරි ආසාවෙන් මන් බලන් ඉන්නවා කියවන්න ro අක්කගෙ පොත kiyeuwa වගේ..හැමදාම හිනාවෙලා මේ වගේ සතුටින් ම ඉන්න අක්කා..ඔයාගේ සියළු පැතුම් ඉටු වේවා..🌹 පරෙස්සමෙන් ඉන්න අක්කා..බුදු සරණයි ඔයාලට ...🙏😘
    ආදරෙයි..❤️

    • @DoveGreens
      @DoveGreens  Рік тому +7

      ගොඩක් ස්තූතියි ආදරණිය නංගී වෙලාවක් අරන් මෙච්චර දිග කමෙන්ට් එකක් මං වෙනුවෙන් ලිව්වට 🌷
      තව කෙනෙක්ව අගයන්න අගයන්නා මිනිස්සුන්ට ලස්සන හිත් තියෙන්න ඕනේ. දෙවියො ඔයාට ඒ ලස්සන තෑග්ග දීලා තියෙනවා. පිනට ලැබුන මේ මනුස්ස ජීවිත කාලය ලස්සනට විදලා අපි මේ ලෝකෙන් යන්න යමු 🌷

    • @menakamadushani4211
      @menakamadushani4211 Рік тому

      @@DoveGreens අනේ ඇත්ත..බොහෝම ස්තූතියි අක්කා මැණික.🙏🌹

    • @sujanigunawardhana7843
      @sujanigunawardhana7843 Рік тому +1

      අක්කා හීන ලෝකෙන් ඇහෙන කටහඬ ... ඇබ්බැහි යක්....

  • @sithumidemini8763
    @sithumidemini8763 Рік тому

    ලස්සන කටහඩක් ලස්සන වචන ටිකක් ඇහෙනකොට හිතට දැනෙන්නේ මාර නිදහසක් නැන්දේ ඇත්තටම ජීවත් වෙන්න තව ආස හිතෙනවා ❤❤❤️❤️🥰 මේ වගේ videos දාලා අපේ හිත් සතුටු කරනවා වගේම හිතට සැනසීමක් ලබාදෙනවට නැන්දට ගොඩාක් පින් thank you so much 🥰🥰

  • @pavithraharshani9485
    @pavithraharshani9485 Рік тому +3

    ආසයි ඔයාගේ පොත කියවන්න මටත්.හෙමීට ලස්සනට ලියනකම් බොහෝ නොවිසිල්ලෙන් බලන් ඉන්නෙ අපිත්.සුභ පැතුම් 💐💐

  • @madhukasamarasinghe9079
    @madhukasamarasinghe9079 Рік тому

    ඇත්තටම ඔයාගේ කටහඬට පුලුවන් අනිත් අයගේ සිත් සුවපත් කරන්න. ඒ වගේම හැමදාම වීඩියෝ එකක් බලලා ජීවිතේට වැදගත් දෙයක් ඉගෙන ගන්නවාමයි. ස්තුතියි සොයුරිය ඔබට ගොඩාක් .❤️

  • @inokasiriwardana4982
    @inokasiriwardana4982 Рік тому +3

    අනේ ඉස්සර වගේ සතියට දවසක් අපිව බලලා යන්න එන්න අක්කේ.කොයි වෙලේද video එකක් දාන්නේ කියලා බලගෙන ඉන්නේ.ඔයා වගේ වෙන්නයි මටත් ඕනේ.හරිම ආදරෙයි ඔයාට ❤❤❤

    • @DoveGreens
      @DoveGreens  Рік тому +1

      අද ඉඳලා නං හොඳටම හිතට ගන්ඩ ඕනේ ඉක්මනින් වීඩියෝ කරන්න ඕනේ කියලා 🌷

  • @vinodyachamodi0810
    @vinodyachamodi0810 Рік тому +1

    කැම්පස් එකේ එක්සැම් එක්ක ස්ට්‍රෙස් එකෙන් හිටියේ ගොඩක් 🥺 හැබැයි මේකෙන් සැහැල්ලුවක් දැනුණා, කිසි ම මෝටිවේෂන් එකක් නැතුව හිටියේ, ඒ පරිසරය ම මුළු හිත ම නිවනවා 🥺💚 ආස ම විදියට ආස ම තැන් වල ජීවත් වෙන්න ලැබෙනවා කියන්නෙත් වාසනාවක්....... ඉතින් හැමදාම සැහැල්ලුවෙන් ඉන්න ලැබේවා!!!!

  • @hapiness8617
    @hapiness8617 Рік тому +3

    ගොඩාක් දවස් බලන් හිටියා නැන්දි තාම මොකෝ නැත්තේ කියල. අලුත් පෙනුම හරිම ලස්සනයි නැන්දිට.❤ සතුටින් ඉන්න හැමදාම.. 😘😍

    • @DoveGreens
      @DoveGreens  Рік тому +2

      ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න ඕනෙ ඔයා 🌷

    • @ahibaba1998
      @ahibaba1998 11 місяців тому

      ​@@DoveGreens අනේ මේ ගම මොකද්ද නැන්දේ

  • @thilinipiyumali9922
    @thilinipiyumali9922 Рік тому +1

    අක්කා ගැන ම ලියවුන හරි ලස්සන නිසදසක් මට හම්බ වුණා.. ඔව් ඒ වචන අතර ඉන්නෙ ඔයා. ඒ ගතිගුණ හැමදේම ඔයා..
    Classy woman
    "එයා නම් හරිම classy..."
    "එයාව දැක්කමත් එයාගේ classy ගතිය පේනවා.."
    සම්භාවනීය ගණයේ ගැහැණුන් හෝ පිරිමින් හෝ ඉතාමත් සුවිශේෂීය....
    ඔවුන් තම පැවැත්ම අතිශය ස්ථාවර හා ඉහල තළයක් පවත්වාගෙන යයි...
    අන් සියල්ලන් අභිබවා ඔවුන් කැපී පෙනෙයි.. ඒ සදහා ඔවුන් අමුතුවෙන් කිසිවක් කරන්නේ නැත. නමුත් ඔවුන්ගේ හැසිරීම, වැදගත්කම හා ආත්ම විශ්වාසය අන් සියල්ල ඉදිරියේ ඔවුන් සුවිශේෂීකරණය කරනු ලබයි...
    Classy ගැහැණුන් ඉබේ බිහි නොවේ...
    1. They are always look classy..
    ඇදුම පැලදුම හා ඇවතුම් පැවතුම් තුලින් ඇයගේ සම්භාවනීයත්වය හොදින් පෙනේ.. තැනට ගැලපෙන ඇදුම් පැලදුම්, කතාබහ, හැසිරීම, සංවරත්වය හා ගාම්භීරත්වයක් ඇය සතුය..
    2. They have their own Goals..
    ඇයට අරමුණක් ඇත. දිනන්නට ‍යමක් ඇත. ඇය ඒ වෙනුවෙන් දැඩිව වෙහෙසෙයි... තම අරමුණ වෙනුවෙන් ස්ථාවර ගමනක් යන්නීය...
    3. She has better Value
    ඇය සතුව වටිනාකමක් ඇත. කේලම් ඕපාදූප ඇගේ ශබ්ද කෝෂයේ නැත. තවකෙකු පාගා, කපා ඉහලට යෑමක් නැත. අනුන් කෙටවීම්, දිය යටින් ගින්දර ගෙන යෑම් නොමැත...
    ඇය තම වටිනාමක එවැනි බාලගණයේ ගතිගුණ මත දියකර හරින්නේ නැත.
    4. She respects others
    ගෞරවය ලැබීමට සුදුස්සන්ට ඈ විසින් ඒ ගෞරවය ලබා දෙන්නීය.. මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට ඇය ගරු කරන්නීය. අනවශ්‍ය ලෙස අනුන්ගේ ජීවිතවලට ඇගිලි ගැසීම් නැත. සමීපතමයින්ගේ පවා පෞද්ගලික අවකාශයන්ට දැඩිව ඉඩ හසර ලබා දෙන්නීය...
    5. Kindness, Empathy, and compassion towards others
    අනුන් වෙනුවෙන් ඇය දුක්වන්නීය... තමාට හැකි යමක් තවකෙකු වෙනුවෙන් හැකි අයුරින් කරන්නීය... අවශ්‍ය විටකදී ඇහුම්කන් දෙන්නීය.. ස්තූතිවන්තය...තවකෙකුගේ දුකේදි අවංකවම දුක්වීම පමණක් නොව සතුටකදීද අවංකවම සතුටු වන්නීය...
    6. She is not a Drama Queen
    ඇය බොහෝ නිරවුල් හා පැහැදිලි දැක්මකින් යුතුය.. බොරු ආටෝපය හෝ රගපෑම් නැත.. Classy බව කියමින් රගපාන්නේ නැත.. මුහුණට හොදම කෙනා වී නැති තැන කපා දමන්නේ නැත... එසේ රගපාන මිනිසුන්ද හොදින් හදුනාගන්නීය... නමුත් ඔවුන්ගේ හැටි දැන් ජීවත් වන්නීය...
    7. She controls her own words
    වචන සංවර ගැහැණුන් බොහෝ පියකරුය.. ඇය තවකෙකුගේ හිත් බිදීම් උදෙසා තම වචන පාවිච්චි කරන්නේ නැත.. කේලම්, අනුන් කෙටවීම් සදහා වචන භාවිතා නොකරන්නීය.. තවකෙකුගේ සතුට, හිත් නිවීම් හා දිරිමත් කිරීම් සදහා වචන භාවිතා කරන්නීය...
    සම්භාවනීය (Classy) ගැහැණුන් ඉබේ බිහිවන්නේ නැත. එය පුරුදු කල යුතුය...
    ඉතින් ඔබ දැන්ටමත් classy ගැහැණියක නම් මා ඔබට සුබ පතමි..

    • @amchamila1218
      @amchamila1218 Рік тому

      Wow. Congratulations thushari akka. U r so lucky to hear this from others 💖

  • @tachinisilva9138
    @tachinisilva9138 Рік тому +3

    නැන්දෙ අද වීඩියෝ එක ගොඩාක් ලස්සනයි වගේම හරිම අර්ථවත් . 🥰💖💐 ලස්සන වීඩියෝ එකකින් නැන්දා සෞඛ්‍ය සම්පන්නව ඉන්න විදිය හා නැන්දගෙ workout routine එක ගැනත් පැහැදිලි කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි නැන්දෙ. ආසවෙන් බලන් ඉන්නවා. නැන්දා අපිට ගොඩක් හොද දේවල් කියලා දෙනවා.❤❤❤❤

  • @Arxpancha
    @Arxpancha Рік тому

    ජීවිතේ අහම්බෙන් නොසිතූ මොහොතක ...... දුටුව ඔබෙ දසුන් ..... ජිවිතේ ගමන් මග එකලු කරා සත්තයි ........ජිවිතෙ සුන්දරම පතුම් පොදි මට දුන්න ........ජීවීතෙ ලස්සන විදින්න කියලා දුන්න ...මා දකින මෙ ලොකයෙ පතිනි දෙව් රුවකි ඔබ.....................ඔබට සදා සත් පත්තිනි දෙවි පිහිටයි .....!

  • @sakunthalasandamali3123
    @sakunthalasandamali3123 Рік тому +3

    ස්තූතියි අක්කා.ඊයේ අද දවස් දෙකම හිත කලබලෙන් හිටියේ.ඔයාගේ video එකෙන් හිතට නිදහසක් දැනුණා.ආදරෙයි අක්කා❤️❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි නංගී😊
      වීඩියෝ එක බලල ඔයාගේ හිතට සතුටක් සැනසිලිදායක හැඟීමක් සැනසිලිදායක හැඟීමක් දැනුනනම් ඒක මට ලොකු සතුටක්😊

  • @malinisamarasinghe2837
    @malinisamarasinghe2837 Рік тому

    හිතට පුදුම සතුටක් ඇතිවෙනවා ඔයාට දුව මම හරි ආදරෙයි මමත් බලන්න හැමදාම දවසින් දවස අලුත් වෙන්නඔයාට ගොඩක් ස්තූතියි

  • @upeksharanasinghe5560
    @upeksharanasinghe5560 Рік тому +5

    වීඩියෝ එක ඉවර වෙනවා දැනුනෙත් නෑ ඒ තරම් ආසාවෙන් බැලුවේ ❤💐

  • @wonderworldc
    @wonderworldc Рік тому +1

    නොවරදවාම හැමදාම ඔයාගේ වීඩියෝ බැලුවා අක්කේ . අද ඔයා ඉන්න තැන දැක්කම හරිම සතුටුයි . අක්කේ ඔයාගෙන් මම මගේ ජීවිතයට ගොඩාක් දේවල් එකතු කරගත්තා. ඔයාට තව තවත් ඉදිරියට යන්න ලැබේවා කියලා හදවතින්ම සුබ පතනවා ... 💚💚💚💚💚💚💚💐💐💐💐💐💐💐💐💐

  • @inokakumari7520
    @inokakumari7520 Рік тому +12

    හිතට ගොඩක් සතුටු යි ඔයාගෙ vedio එක දැක්කාම.ජීවිතය ගොඩක් හදා ගත්තෙ ඔයා නිසා.❤

  • @NishiWijayarathne
    @NishiWijayarathne Рік тому +2

    වචන... මොනතරම් ප්‍රභල ද නැන්දි... මන්ත්‍රයක් මතුරනවා වගේ ඔයා හරි ලස්සනට කතා කරනවා. තව කෙනෙකුගේ බිදුණු තැවුණු හිතක් සනසන්නම ස්වභාදහම ඔයාට වරමක් දිලා මටනම් හිතෙන්නේම එහෙමයි නැන්දියෝ... ආදරෙයි ඒ ලස්සන ඔයාට ගොඩාරියක්...❤❤❤

    • @DoveGreens
      @DoveGreens  Рік тому +1

      ගොඩක් ස්තුතියි මගේ පුතා. ඔව් වචන හරිම ප්‍රබලයි. වචන වලට පුළුවන් කෙනෙක්ට පණ දෙන්න වගේම තව කෙනෙක් නැත්තටම නැති කරලා දාන්නත්. මගේ වචන වලින් කාගේ හරි හිත හිතට සතුටක් දැනෙනවා නම් ඒක මට ලොකු සතුටක්. 🌷

    • @NishiWijayarathne
      @NishiWijayarathne Рік тому

      ආදරෙයි❤❤❤

  • @asangawijayawardana8704
    @asangawijayawardana8704 Рік тому +3

    well said thushari
    you are a role model/
    icon to all women young and old
    you are a die hard romantic too.i.like that in a person.
    makes them sensitive and lovable
    i too steal some time for myself like you.its free therapy to yourself and yourself when you come back home in a good mood , positive , optimistic and fun mood .
    everyone likes the new you.best wishes on completing your book
    it will be a best seller because you write with the correct goal

  • @GunarathManike-k3m
    @GunarathManike-k3m Рік тому

    හරිම ලස්සනයි . තමන්ට ආදරය කරගන්න ඕන කියන එක මතක් කරලා දුන්නට , කොහොමද ඒ දේ කරගන්නෙ කියලා අදහසක් දුන්නට ගොඩාක් ස්තුතියි.

  • @thushanridmal7761
    @thushanridmal7761 Рік тому +5

    වෙනම ලෝකෙකට ගියා වගෙ.🎉🎉❤❤.ඉවර වෙද්දී දුකයි.

  • @nayanidilrukshi5227
    @nayanidilrukshi5227 Рік тому +2

    අද වෙනස්ම විදිහෙ vedio එකක් හිත නිවෙන අමුතු හැගීමක් එනවා අක්කෙ ❤❤❤❤ හැමදාම සතුටින් හිනාවෙලා පරිස්සමෙන් ඉන්න

  • @NilakaSurangi
    @NilakaSurangi Рік тому +3

    අනේ ඉවරත් උනාද😞..අදත් හරි ආසාවෙන් බැලුවා අක්කේ...ඔයාගෙ විඩියෝ එකක් එනකම් මග බලන් හිටියෙ...ඔයාගෙ ඉදිරි වැඩ සියල්ලම හොදින් කරගන්න ලැබෙන්න ඕනී🙏..ඔයාටත් පවුලෙ අයටත් දෙවි පිහිටයි🙏❤...හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනී

    • @DoveGreens
      @DoveGreens  Рік тому +2

      ගොඩක් ස්තුතියි ආයෙමත් ඉක්මනින්ම වීඩියෝවක් ගේන්නම් 🌷

  • @nurajinelka7052
    @nurajinelka7052 Рік тому

    හිත නිවාගන්න කෝපි එක්ක් බොන ගමන් මන් ආසම ඔයාගේ මේ වගේ vedio එකක් බලන්න.කට හඩේ ඉදන් කරන හැමදේම භාවනවක් වගේ..😍😍

  • @damithkumara8110
    @damithkumara8110 Рік тому +2

    හරි ලස්සන හිත නිවන වචන 💕💕💕💕

  • @dilumfernando725
    @dilumfernando725 Рік тому

    Video එක ඉවර වුනෙ අපරාදේ කියලා හිතුනා අක්කි..ඒ තරමට ලස්සනයි හිතට පුදුම සැහැල්ලුවක් දැනුනා.. ඉක්මනින් තව video ekak aran enna... බුදු සරණයි,

  • @wasanasilva7770
    @wasanasilva7770 Рік тому +18

    මිස් කොච්චර වාසනාවන්ත ද...මට මගේ හිතට මොනම පීඩනයක් ආවත් එලියටවත් යන්න දෙන්නේ නෑ. හරිම පරන පුරුදු සිතුවිලි තියෙන මිනිස්සු එක්ක ජීවත් වෙන එකත් දුකක්....😢මටත් කලාත්මක අදහස් හරියට තියෙන කෙනෙක්. ඒත් ඒවා එක්කත් මට කේන්ති යනවා බිත්ති හතර අස්සේ ඉදන් ගෙදරම වැඩ කර කර ඉන්නකොට මම වයසින් අඩු තරුන කෙනෙක් වෙලත්

    • @sakunthaladilini7743
      @sakunthaladilini7743 Рік тому +1

      Math oya wagemai 😢

    • @amchamila1218
      @amchamila1218 Рік тому +2

      Dawasak ewi oyalatath. Don't get disappointed. Babala punchi kalaye matath ohoma hithuna. Dan eyala school yanawa. A labena nidahas kalaye mama Window shopping karanawa. Ganna salli nathiwunath lassana adum adala balanawa. Aluthin shops walata awith thiyana items balanawa. Ehemawath nidahasak labaganna anek ayata wiswasasayak athi wena widiyata innath ona. Natnam neethi, nathi prashna athiwenawa😢

    • @digimax3043
      @digimax3043 Рік тому

      Math ohomai. 😢

    • @dimuthualwis2742
      @dimuthualwis2742 Рік тому

      මාත්

    • @chathurika7020
      @chathurika7020 Рік тому

      Hithata danena de kiyayanna wachana na akke mata.bawanawak oya❤

  • @SurekaShiyamali
    @SurekaShiyamali Рік тому

    ඇත්තමයි අක්කේ .ඔයාගෙ video එකක් එනකම් ආසාවෙන් බලන් හිටියේ.ඔයාගෙ අදහස් හිත නිවන භාවනාවක් වගේ.බුදු සරණයි

  • @cheramidealwis1063
    @cheramidealwis1063 Рік тому +11

    අක්කගෙ ගාඩ්න් එකට වැස්ස වැටෙද්දි දිව්‍යලෝකෙ වගේ❤❤❤

  • @HimaransiShehani-h4i
    @HimaransiShehani-h4i Рік тому

    ජීවීතේ ජීවත් කරවන්න මිස්ගෙන් ලැබෙන ඔවදන් හරිම වටිනවා. බොහොම ස්තූතියි මිස්ට❤

  • @ashanipaboda4475
    @ashanipaboda4475 Рік тому +4

    කොච්චර ස්ට්‍රෙස් එකක හිටියත් නැන්දාගේ කටහඬ ඇහෙනකොට ඒක නැතිවෙලා යන හැටි හරිම පුදුමයි..... පරිස්සමෙන් සතුටින් ඉන්න... ඉක්මනින්ම තවත් වීඩියෝ එක්ක් අරන් එන්න ❤❤❤

  • @DeepikaTeacher
    @DeepikaTeacher Рік тому +1

    ඔයාගෙ වීඩියෝ එකක් අහම්බෙන් අද බැලුවෙ..මම ඔයාගෙන් දැක්කෙ මගෙ සිතුවිලි ..
    ඇත්තටම ඔයා වගේම ඔයාගෙ පුතාත් හැබෑම දක්ෂයෙක්....හරිම සුන්දරයි..සුබ පැතුම් ඔබට.💐

  • @hirubagya4115
    @hirubagya4115 Рік тому

    හරිම ලස්සන විඩියෝ එකක් අක්කේ..මාත් ආසම මාව ලස්සනට තියාගන්න...ඔයා ගොඩාක් ලස්සනයි..ඇගෙ සෙෆ් එක..ස්තූතියි මේ හැමදේටම...මෙ විඩියො එක මට හරිම වැඳගත්...❤

  • @madhavisenevirathne5241
    @madhavisenevirathne5241 Рік тому

    මම ඔයාගෙ channel එකට අලුත් .අත්තටම ඔයා විශිෂ්ඨ කෙනෙක්.Im addicted to your videos

  • @isharaudeni441
    @isharaudeni441 Рік тому

    ඔයාගෙ හැම vidio එකකින්ම ගන්න පුලුවන් දේවල් ගොඩක් තියෙනවා . ඔයාට ගොඩක් ස්තූතියි

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      එහෙම ඇහෙද්දි මට හරි සතුටුයි 🌷

  • @shanthadewanagala
    @shanthadewanagala 4 місяці тому

    නැන්ද පොතුත් ලියන එකට හරි සතුටුයි.මමත් පොත් ලියනවා. නැන්දට සුබ පතනවා.

  • @vasanthamahipala2416
    @vasanthamahipala2416 Рік тому

    සෑහෙන්න දවසක් බලන් හිටියා අක්කගෙ අලුත් video එකක් බලන්න. ආයෙත් ඉක්මනටම අලුත් video එකක් කරන්න හොඳේ. ජීවිතය ගැන හරිම රහට කියලා දෙන ඔයාට මම ගොඩක් ආදරෙයි අක්කෙ. තෙරුවන් සරණයි ඔයාට. ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rashmilalanthika
    @rashmilalanthika Рік тому

    Akkage video ekk awith maga arilada kyla search karalath balanawa..🙃 a tharamatama asai oyage videos balanna.ඒ කටහඩ,පරිසරය, ඉදිරිපත් කිරිම ඒ හැමදෙයක්ම හරිම ලස්සනයි..

  • @artbynawo6076
    @artbynawo6076 Рік тому +1

    තුශරී ඇන්ටි ඔයාට මම කමෙන්ට් කරන පලමු වතාව.
    ඔයා නිසා මගේ ජිවිතේ ගොඩාක් දියුණු වුනා.
    මට වයස අවුරුදු 15 යී. මම ගොඩාක් ආසාවෙන් බලනවා ,ඔයාගේ පොත මොකද්ද කියලා දැනගන්න ආසාවෙන් ඉන්නවා.
    මම පහන් ආරියවංශ .😊

  • @maneshadilrukshi9809
    @maneshadilrukshi9809 Рік тому

    ගොඩක් කල් ඉඳන් අක්කා වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ අක්කගේ වීඩියෝ වලට ආදරේ කරන නිසාම පරණ පුරුදු නෑදෑයින් දැක්ක වගේ හිතට හරිම සතුටක් දැනෙනවා ලොකු කාලයක් ගන්නැතුව ආපහු වීඩියෝ එකක් ගේන්න

  • @jeewanaliwithanaarachhi2743

    හැමදාමත් වගේ හරිම ආදරනීයයි.කොන්ඩෙට කරපු වෙනස් කමත් හොදට ගැලපෙනවා අක්කිට ❤ හරිම ලස්සනයි.

  • @imraotales
    @imraotales Рік тому

    හැම video එකක් ම බලන්න වෙලාවක් ලැබෙන්නේ නෑ..
    හරිම ලස්සනයි අක්කේ.. You are doing great.. අහම්බෙන් දැක්කේ..
    Wish you all the best for all your future endeavours ❤

  • @dinkydinusha7509
    @dinkydinusha7509 Рік тому

    අනේ අක්කී එක දිගටම වීඩියෝ දානකෝ ඔයාගෙ වීඩියෝ ඔක්කෝම මම බැලුව ඒව හරිම ලස්සනයි ඒ වීඩියෝ බලනකොට හිතට පුදුම නිදහසක් දැනෙන්නේ හරිම ලස්සනයි ❤ ලස්සනයි පවුලක් ඔයලගෙ තියෙන්නේ අපිට ඔයාගෙන් ගන්න ලොකු දේවල් තියනව ඉදිරි වැඩ කටයුතුවලට සුබ පැතුම් 🎉

  • @techome3925
    @techome3925 Рік тому +1

    හරිම ආදරනීයයි.රසවත් කතාවක් වගේ.ගොඩාක් වටිනවා ස්තුතියි ඔයාට ගොඩාක් ආදරෙයි .

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න ඕනෙ

  • @nilukasenanayaka3171
    @nilukasenanayaka3171 Рік тому

    ඔයාගෙ VIDEO මම අනිවාර්යයෙන් බලනවා හරිම ලස්සනයි ඔයාගෙන් ගත්ත දෙවල් ගොඩක් තියෙනවා හරිම වටිනවා

  • @Maybatch21
    @Maybatch21 Рік тому

    Nendage katahanda ahanna hambune masa dekakata withara passe.e masa deka ohe gewila giya wage mata denune.aluth video ekak demma kiyala notification ewillath sathi thunak gatha una video eka balanna padam weda nisa.stress eken hitapu mata nendage katahanda ehuna gaman nidahasak denuna.❤

  • @Thire.official142
    @Thire.official142 Рік тому

    Vedio එක බැලුවා.ලස්සනයි.ආපහු ඉක්මන්ටම එන්න.ඔයාගේ garden එක දැන් ලස්සනට ඇති.ආයි දවසක ඒකත් පෙන්නන්න.ඔයාට සුබ දවසක් 🌸🌸🌸👍

  • @sulochanaminuwanthi5102
    @sulochanaminuwanthi5102 Рік тому

    ලස්සන වීඩියො ක්ලිප්ස් ටිකයි නැන්දිගෙ ලස්සනම ලස්සන කටහඩයි එක්ක මං නම් වෙනම ලෝකෙකට ගියා 😍 පොඩ්ඩක් දුකයි🥺 ඉක්මනට ඉවර උනා වීඩියො එක 😒 මට ඇත්තටම ගොඩක් සතුටුයි නැන්දා ජීවත් වෙන විදිහ දැක්කම .. ඒක හරි ලස්සන ජීවිතයක් .. මටත් ආසයි දවසක මටත් ඔහොම වයස ගිහාම නැන්දි වගෙ ලස්සනට ජීවත් වෙන්න 🎉😍 ඔයා හරි ලස්සන ආදර්ශයක් 😍 ..
    ඔයා හරි ලස්සන ගෑනු ළමයෙක් අනෙ 🥺😍
    හැමදාම සතුටින් පරිස්සමෙන් ජීවත් වෙන්න .. බුදු සරණයි ❤ හැමදාම මේ වගෙ ලස්සන වීඩියො ගේන්න ශක්තිය ලැබේවා 😍

  • @dilshanidisanayaka566
    @dilshanidisanayaka566 Рік тому

    හරි සතුටුයි අක්කා ඔයාව ගොඩක් දවසකින් දැක්කේ හරියට ළඟම කෙනෙක් දැක්කා වගේ සතුටුයි ,බුදුසරණයි ❤❤❤

  • @deepthikamanel1918
    @deepthikamanel1918 Рік тому

    ඒ විනාඩි කිහිපය කොච්චර ඉක්මනට ගෙවුණද,, ඇත්තටම ඔයාව බලන්න අහන්න ඕන නිසා ගිය දවස් දෙක තුනේ මං පරණ වීඩියෝ පවා බැලුවා,,, බුදු සරණයි ♥️♥️♥️♥️♥️

  • @dammirajapaksha9466
    @dammirajapaksha9466 Рік тому

    හරිම ආසාවෙන් බැලුවේ.බුදුසරණයි .ආයිත් ඉක්මනට එන්න .

  • @ogustajeyarani6444
    @ogustajeyarani6444 Рік тому

    නැන්දේ කොහොමද හොදින් ඉන්නවා නේද...නැන්දා⁣ව මට පේන්නේ ඇවිදින පුස්තකාලයක් වගේ..මොකද නැන්දගෙන් අපිට ඉගෙන ගන්ඩ ගොඩාක් දේවල් තියෙනවා .විශේෂයෙන් පිලිවෙල කියන දේ...නැන්දා දැන් ගොඩාක් ලස්සන වෙලා..කොන්ඩෙත් ලස්සනයි දැන් ගොඩාක් ...ගෙවෙන හැම මොහොතකම සතුටින් පරිස්සමෙන් නිරෝගීව ඉන්න ලැබේවා නැන්දේ .බුදුසරණයි

  • @madaramaduwanthi4304
    @madaramaduwanthi4304 Рік тому

    ගොඩක් පාලුවෙන් හිටියෙ අක්කෙ ඔයා මේ දවස් ටිකේ ආවෙ නැති නිසා.අද වීඩියෝ එකක් ගෙනාවට ස්තූතියි.👍

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 Рік тому

    ඔයා හරිම ලස්සනයි අක්කෙ . ආස හිතෙනව ඔයා ඔයා ගැන හිතන විදිහට. ඔයා ඔයාව තියාගෙන ඉන්න විදිහට. මමත් ඔයා වගේම මන් ගැන හිතන කෙනෙක්. ලස්සනට ඉන්න ආස කරන කෙනෙක්. මට වයස 40 ක් දැන්. නමුත් මන් මාව ලස්සනට තියාගන්න ආසයි. ඒකට ආසාව වැඩි කලේ ඔයා කියලයි මට හිතෙන්නෙ... කොන්ඩෙ colour එකක් දාගන්න... apperance එක වෙනස් කරන්න...කොන්ඩෙට වෙනස් වෙනස් designs daganna මම හරි උනන්දුයි.... ඔයාව දකින කොට හරිම පිරුන බවක් දැනෙනව... hair colour එකත් හරිම ලස්සනයි... attractive....ආදරෙයි හැමදාමත් ❤❤❤❤ සතුටින් ඉන්න

  • @indujayanthi3369
    @indujayanthi3369 Рік тому

    බුදුසරණයි සදහටම සතුටින් ආදරෙන් සැනසිමෙන් ජිවිතේ ගෙවන්න ලැබේවා බුදුසරණයි

  • @dinushalasanthi9440
    @dinushalasanthi9440 Рік тому +2

    ලස්සනයි දවස ගත කරපු ආකාරය ❤

  • @Nickie345
    @Nickie345 Рік тому

    මේ video බලද්දි මාර සැනසීමක්.... පුලුවන් හැම වෙලාවෙම video එකක් දාන්න අක්කා..❤ මගේ අම්මත් ඔයා වගෙයි❤ ලස්සනයි.... ඔයා වගේ රසට පිලිවෙලට අලුත් අලුත් කෑම හදනවා❤❤ ඒ හින්ද වෙන්න ඇති මේ video වලට මෙච්චරම ආස... මගෙ අම්මත් හිටපු ගමන් ඔයාගේ video බලනවා....

    • @DoveGreens
      @DoveGreens  Рік тому +1

      ගොඩාක් සක් ස්තූතියි නංගී සැනසීමක් දැනෙනවා නං ඒක මගේ හිතට ලොකු සතුටක්🌷

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 Рік тому +1

    මට තියෙන ප්‍රශ්නෙ පූරි නෙමෙයි. ඔයා කොහොමද කෝපි බොන්න ගිය රෙස්ටුරන්ට් එකටම ගැලපෙන්න ඇදගෙන ගියෙ. ඩයරි එක පවා මාර මැචින්.😮😮😮❤❤❤❤❤❤❤❤❤❤ ආයිත් ඉක්මනින් එන්න. ගොඩක් ලස්සන වෙලා

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 Рік тому

    කාලෙකින් බැලුවො ඔයා ගොඩාක් වෙනස් වෙලා කවදත් කැමති කතා කරන ආකාරයට,කට හඬට සහ කැමරාකරණයට ඒකෙ වෘතීමය ගතියක් තිබෙනවා...😊

  • @ts4517
    @ts4517 Рік тому

    ගොඩක් ලස්සන vedio එකක් අක්කේ ,මාත් කැටේක සල්ලි ඉතුරු කරනවා අක්කා වගේ මගේ උපදින්න ඉන්න පොඩි පුතා වෙනුවෙන් හැබැයි මැටි කැටෙක නම් නෙවෙයි ප්ලාස්ටික් කැටෙක අක්කා කීව විදියට මාත් මැටි කැටේක එකතු කරන්න ගන්න ඕනි ,මගේ පුංචි පුතා හම්බෙන් න කලින් අක්කගෙ vedio එකක් බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ ඒ ආසාව ඉෂ්ට කරපු එකට අක්කට ගොඩක් පින්🙏

    • @DoveGreens
      @DoveGreens  Рік тому

      ගොඩක් ස්තුතියි නංගී 🌷 මේ ලෝකෙට එන්න ඉන්න චූටිපැටිය නිරෝගී වාසනාවන්ත දරුවෙක් වේවා! වාසනාවන්ත් දරූපතක් දරාගන්න ඔයාට සියලු ශක්තිය ලැබේවා! බුදුසරණයි නංගී 🌷

    • @ts4517
      @ts4517 Рік тому

      @@DoveGreens ඔයාගේ මේ වචන ටික මට ලොකු ශක්තියක් අක්කේ❤️❤️❤️

  • @holipitiyahettiarachchi8865

    හිතට හරි ම සනීපයක් දැනුන ස්තූතියි අපේ හිත නිවෙන සුරන්ගනාවියක් ❤❤❤

  • @shirominirosha7332
    @shirominirosha7332 Рік тому

    Akkage vedio ekak beluwama hithata pudumakara sahanayak denenne. Oya godak lassana wela. Hemadama vedio eka lassanata edit katana oyage puthatath godak sthuthi. Oyawa mata munagassawapu me adaraniya wishwa maathawata aneka warayak sthuthiwantha wewa!!! Hemadamath oyata godak adarei. Oyath sathutin, parissamin, arakshithawa inna. BS!