@@nipunahasaranga5321 nah bn. nama nokiya innam bn mat ugannapu guruvarayekne. charitha sir hamotama wada mental health (depression/anxiety/anti-social behavior/toxic masculinity/breakups) gana class eke openly katha krnw neh?
Recently diagnosed with ADHD while being on meds for mild to mod depression. A girl, 25,introverted and a med student. The most hilarious and grievous combination of things😂
Thanks 🥺 I was struggling af!!! me okkoma kiwwa ewwa tiyanwa yako mata... mn henama worry wewi inna welawaka meka dekke... mage same age ayata wada man henama parakkui hema dekinma. Everyone is saying that I'm so talented, I have so much potential of working hard and be successful...And yeah I know that too but all the time I was struggling with all the things you've mentioned and I knew there's something wrong with me...den ekata hethuwa hoyannda gihin mn wena wena pissu subjects passe gihin inneth... thanks to you guys I guess now I know what's wrong with me...🙏
Hey Didn't know you were the creator of CPlus. I used to buy them as a kid. I bought all the computer magazines back then. Ray, Roo, More, CPlus by saving my lunch money. Those were the days!! Before the Internet and social media took over everything. I was so updated as a teenager back then. I wish there were more quality content like that. And some form of guidance in adult life. Thank you very much for making this video. I also doubt that I might have ADHD. I don't know a good place to check.
Thanks for your wonderful message! It's so heartwarming to hear about your fond memories of cPlus from your youth. I'm thrilled that our content made such a positive impact on you back then. Your kind words are incredibly encouraging and motivate us to keep creating quality content. By the way, if you're considering getting checked for ADHD, you might want to try Dr. Chathurie Suraweera. Thanks again for sharing your memories and feedback
I first like to thank for this conversation. It's 3:37am now. As Dasun aiya asked what more we want you to discuss in a future episode. 1. ADHD brain vs normal brain when using drugs / alcohol / smoking / porn etc (addictions including) 2. Types of Medicine which are prescribed by doctors to solve ADHD and related issues such as narcolepsy and especially side effects ( do people have to take them throughout the life). 3. I have friends with ADHD all of my friends with ADHD have the same personality INFP. Does this have a connection with personality? Thankyou
@@kaviii3910 i think ADHD tends to be introverts due to many reasons. Feeling exhausted after a few hours of social interaction, continuous change of focus, not knowing what to say, what not to say just a few of many reasons.
ADHD walaldi sarin sareta enawata kiyanawa dolphing kiyala. thinking dimensions gana kiwoth api nikan @everything everywhere all at once@ eke wage nodoe bu in 4 dimension wada karanawa. ua-cam.com/video/eGguwYPC32I/v-deo.html
10:30 මට දැන් අවුරුදු 20යි. ඉස්සර පොඩි කාලේ ගෙදර ඇතුලේ පුටු, මේස වටේ, පඩිපෙල්වල, වත්තේ හැමතැනම වගේ මන් මාර වේගෙන් දුවනවා ඇවිදින්නේ නැතුව තැනකින් තැනකට යන්න ඕන උනහම්. එහෙම දිව්වේ නැත්තන් boring වෙනවා. දුවද්දී තමයි සිත එහෙ මෙහෙ දුවන ගතිය අඩු වෙන්නේ වගේ. ලොකු වෙලත් මන් මහා පාරේ වගේ ඇවිදින වේගය ගොඩාක් වැඩියි. (වෙන අයට වඩා දාඩිය දාන්න හේතුව හොයද්දි meter උනේ). හිමින් ඇවිදිනවනම් එකට සක්‍රීයව මානසිකව මහන්සියක් (constant mental effort) දරන්න ඕන. මේකේ Application එකක් තමයි background noise (Heavy Rain & Thunder) දාගෙන headphones එක්ක වැඩ කරන එක. හය්යෙන් දුවද්දී පරිසරය ඇස් වලින් assess කරනවා වගේ noise එක කනෙන් අහන් ඉන්නවා. ඉතුරු mental capacity එකෙන් වැඩේ කරගන්නවා.
47:18 AL chemistry ගිය ක්ලාස් එකේ සර් කෙනෙක්ටත් ඔය ADHD තත්වය තේරෙන්නේ නැහැ. ඒ සර්ට ඕනෑම වෙලාවක හිත එක තැනක තියාගෙන විනාඩි 5න් නිදා ගන්න පුලුවන් ලු. අනිත් හැමෝටමත් එහෙම focus කරන්න බැහැ රෝගයක් හින්දා කියන එක එතුමාට තේරිලා නැහැ. එහෙම එක දිගට පැයක්වත් අවධානය දෙන්න බැරි අය AL science කරන්න ඕනේ නැහැ වගේ මතේක එතුමා ඉන්නේ. Science degree එකක් තියන ළමයි දහස් ගණනකට උගන්නපු ගුරුවරුන්ට ADHD කියල දෙයක් තියනවද කියලවත් දන්නේ නැත්තන් පොඩි පන්ති වල උගන්නන ගුරුවරු හෝ තරමක් දුෂ්කර පළාත් වල ළමයින්ට උගන්නන ගුරුවරුන්ගේ ADHD ගැන නොදැනුවත් ඇත්ද? ලමයින්ටනේ අවාසිය අවසානයේ.
1:09:00 Dopamine hits හම්බෙද්දී flow state එහෙකට වගේ ගිහින් වෙලාව යන එක ADHD අපිට දැනෙන්නේ නැහැ. අවධානය 100% දෙන්න පුළුවන් වෙන්න නම් නිශ්චිත criteria ටිකක් තියනවනම් විතරයි නේ. (interest in the subject matter, time pressure, difficulty of the task vs your ability level, etc). මට flow state එක හොදින්ම ඇති වෙච්ච අවස්තාව තමයි Combined Maths Paper Class එකේ පැය 3 යනවා තේරෙන්නෙම නැහැ. hall එකේ අනිත් හැමෝම paper එක බලන් ලියද්දි වටේ පිටේ බලන්න පොඩ්ඩක් අවුල් නේ. ස්වාභාවිකවම අවධානය එහෙ මෙහෙ යන එකට බාධාවක් තියනවනේ. භෞතිකව නැගිටලා එහෙ මෙහෙ යන්න බැහැ නේ. හැබැයි එක ගෙදර ඉදන් paper එක ලියද්දි දැනෙන්නෙම නැහැ. විභාගේට ලැස්ති වෙන එකේ වටිනාකම බුද්ධියට කරුණක් විදියට තේරුනත් ඇගට (ADHD මොලේට) දැනෙන්නේ නැහැ AL වලට සති 4-5 වෙනකන් මට නම්. God mode එක කෘතිමව activate කරගන්න බැහැ ඔයාලගේ භාශාවෙන් කිව්වොත් .
1:23:00 යම් කිසි abstract තොරතුරක්/දත්තයක් තමන් දන්නා ලෝකය ගැන අපේ මොලේ තියන Models එක්ක connect කරලා, ඒක ඇතුලට මේ තොරතුර ඔබල, ඒවා අතර අන්තර් සම්බන්ධය තෙරුන් ගන්නේ නැතුව, ඒ තොරතුර පමණක් වෙන් කරලා මතක තියාගන්න / ඒක apply කරන්න බැහැ වගේ දෙයක්ද මෙතැනදී අදහස් කරන්නේ?
1:25:00 මටත් ඕක තියනවා. කරන වැඩෙන් මොලේ stimulate වෙන්නේ නැත්තන් මනෝ ලෝකෙකට වැටෙනව නොදැනුවත්වම. පට්ට realistic stories හිතින් run කරන් ඒවගේ ජීවත් වෙන්න වගේ පුළුවන්. Day Dreaming කියන එක අතිශයින්ම තියෙනවා මට මම ගොඩක් anti-social හින්ද.
1:40:00 digital devices වලින් ADHD induce වෙන එකයි කොච්චර කාලයක්, කොච්චර බලපෑමක් තියනවද කියල කතා කරන්න පුලුවන්නම් අද කාලේට වටිනවනේ.
තව කරුණක් ඊළග episode එකේදී ADHD ගැන පෙරදිග විද්‍යාවේ තියන විස්තර කතා කරමු. ADHD කියල බටහිර විද්‍යාවේ හදුන්වන රෝගයේ දේවල් අමතක වීම, එක තැනක ඉන්න බැරි එක වගේ "රෝග ලක්ෂණ" වලට එකින් එක බෙහෙත් කරන්නේ නැතුව, මුළ හේතුව ට (සිතෙහි හට ගන්නා නීවරණ වගේ) කෙලින්ම treat කරන්න බැරිද භාවනාව වගේ මානසික අභ්යාසය්කින් මොනවත් බෙහෙත් භාවිතා නොකර? ADHD තත්වය ඒ කලෙත් පොඩ්ඩක් හරි තියෙන්න ඇති නේ. බුදු හාමුදුරුවෝ සිතේ ස්වභාවය ගැන දේශනා කරපු දේවල් අතර මේකට සාර්ථකව නිට්ටාවටම සුව කරන්න පුළුවන් ක්‍රමයක් නැති වෙන්නේ කොහොමද? මට තියන ලොකුම ප්‍රශ්නයක් තමයි බුදු දහමේ පෙන්නලා දීල තියන සිතෙහි හට ගන්නා රෝග, නීවරණ වල සංයෝගයකින් හටගන්නා රෝගී තත්වයක් වෙන්න බැරිද ADHD කියල අද කාලේ හදුන්වන?
1:51:00 පොඩ්ඩක් exercise කරන එක ගැනත් විස්තරාත්මකව කියන්න පුලුවන්නම් ඊළග episode එකේදී.
දසුන් අය්ය සහ අනිත් අය්යල දෙන්නා: ලංකාවේ අපිට මුහුණ පාන්න වෙන දේවල් එක්ක ADHD ගැන කතා කරපු හින්ද මෙච්චර කාලෙකට ADHD ගැන බලපු සුපිරිම, හොදටම ඔලුවට ගිය, හිතට වැදුන video එක මට නම්. පට්ට ප්‍රයෝජනවත් ADHD තියන අපි වගේ අයට. බොහොම ස්තූතියි තුන් දෙනාටම මේක කරාට.
@@රෙසාද්_ඉන්දිප_04 thank you.. මේ ටික වටිනවා හැමොටම. pin කරනවා
මේ එක එකට උත්තර ගොඩක් දිගට කතා කරන්න ඕන ඒවා. වෙන දවසක එපියකින්ම කතා කරමුනේ.
@@DasunSameeraWeerasinghe niyamayi!!!
@@nipunahasaranga5321 nah bn. nama nokiya innam bn mat ugannapu guruvarayekne. charitha sir hamotama wada mental health (depression/anxiety/anti-social behavior/toxic masculinity/breakups) gana class eke openly katha krnw neh?
@@DasunSameeraWeerasinghe ADHD දරුවෙක් පෙන්නන්ඩ හොඳ වෛද්‍ය වරයෙක් කියන්න පුලුවන්ද
මේක මරු. මේ වගේ ගොඩක් පර්සනල් දේවල් කතා කරන්න සයිකොලොජි වගේ. සංජයගෙ ටිකක් පොලිටිකල් සහ වෙනත් දේවල් වලට බර නිසා ඒක බලන එක නතර කරා. මේ වගේ කන්ටෙන්ට් මරු.
So Valuable..මට OCD ඒවගේම මට ADHD වල ගති ලක්ෂණ ගොඩක් තියනවා..සමහර වැඩ මමම කරන්න ඕනේ නැත්නම් මට ඒක හරි මදි..මම කතා කරනවා ස්පීඩ් වැඩී.මගෙ රූටින් මිස් වුනොත් මට මාර කලකිරීමක් වෙනවා...මේක බලන්නෙත් 1.75 × ට දාලා..❤️මේ වගේ තවත් podcast karanna
මෙවැනි ගැටළු මෙලෙස කතා කරනවා ලංකාවේ හරිම අඩුඉ
කොහොම උනත් මේක හොඳ සමාජ මෙහෙවරක්, තවත් මෙවැනි ගැටළු තිබෙන අය හදුනාගැනීමටත් ඔවුන්ට සමාජයේ ජීවත්වීමට යම් පහසුවක් වීමටත් 👍👌🙏🙏🙏🙏🙏🙏🙏
මචං මං ඔයාලගේ කලින් video podcast එකත් බැලුවා. දෙකේම conclusion එක ඔයාලා අවුරුදු 30 පැන්නත් ඔයාලගෙ condition එක manage කරගෙන life එක successful කර ගත්ත කියන එක. ඒත් මං වගේ හැමෝටම ඒක එහෙම නෑ. Learning disabilities , no growth in working life, job පහ හයකට මාරු වීම් , relationship problems, ඔයාලා කතා කරපු හැම symptoms එකක් වගේම තියෙනවා. Diagnose කරලා treatments ගත්තත් කිසිම effectiveness එකක් නැහැ. After 30s my life is still fu**ed up. පුලුවන් නම් මචං මේ වගේ condition එකක ඉදලා cure වෙච්ච කෙනෙක් එක්ක next conversation එක ගේන්න පුලුවන් නම් ලොකු දෙයක්. මේ සම්බන්ධව doctor කෙනෙක්ට වඩා ලොකු information එකක් ඔයාලගෙ conversation එකෙන් ගත්තා. ජය ❤
මචං මගේ කතාවත් උබේ වගේමයි. ඒත් මම දැන් Life එක හොද පැත්තකට හරවගන්න ගමන්. ගොඩක් දේවල් සාර්ථකව කරගන්න පුලුවන් වුනා. මේ වගේ Programs දිගටම බලන්න. අපි වෙගේම ADHD තියන අය ඒ ප්‍රශ්න වලට තමන්ම හොයාගත්ත සමහර ක්‍රම අපිටත් ඒ විදිහටම වැඩ කරනවා. ADHD එක්ක Fight කරන්නේ නැතුව ඒකේන් ලැබෙන Abilities වලට focusing දෙන්න.😊
ගිහාන් කිව්ව වගේ තමයි Redit channel, HealthyGammerGG, Dr. Andrew Huberman ගේ podcast follow කරන්න. අපිත් පුළුවන් විදියට ඔයා කිව්ව වගේ විස්තර ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නම්.
Recently diagnosed with ADHD while being on meds for mild to mod depression. A girl, 25,introverted and a med student. The most hilarious and grievous combination of things😂
❤Thanks a lot for your kind and honest attempt to give this important message to the society!
ලස්සනට ඔක්කොම තියනවා 😅😅😅. හොදම දේ එක්සයිස් කියන එක නම් සිරා.. හොද හයික් එකක් ගිහින් ආවම දවස් ගානක් වැඩ කරගන්න පුලුවන්.. :D
Adhd නිසා ඔහේ scroll කරන මේ වීඩියෝ එකවත් බලන්න කම්මැලි අසරන මම....😏😏
අහන්නත් ඕනෙ , අහගන ඉන්නකොට බෝරිං වෙනව ,ටිකක් වෙලා අහං ඉන්නකොට රිලේටට් දෙයක් ඇහුනම ආයෙ මුල ඉඳන් අහනව ,මේ තුන්වෙනි පාර 😂
සුපිරි වැඩක් නෑ වෙන වචන. ගොඩක් කල් බලන් ඉඳපු එපියක්. ස්තූතීයි. මම මේ සිංදුව මතක් උනා.
"පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින්
වන වදුලේ අසිරිය දකිනා
ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කඳුලක් නැඟුවා
ඔහුට මුවාවී පාසැල් යන්නේ
මා දැයි නිකමට මට හිතුණා"
Time Code 1 hour & 31 minutes. මේ කියන කතාවනන් හරියටම හරි. උදාහරනයකට ගෙදරදී කුස්සියට ගිහින් මටම කෑම බෙදාගන්න තිබොත් ඒක නොකර ගොඩක්වෙලා හරි බඩගින්නේ ඉන්නවා. ඒත් ගෙදර වෙන කෙනෙකුට කෑම බෙදලාදෙන්න කිවුවොත් ඒක ඒ වෙලාවේම ගිහින් කරනවා.
මේ video එකෙන් සිදුවෙන බොහෝදේවල් ඇයි එහෙම සිද්දවෙන්නේ කියලා හේතු හොයාගන්න පුලුවන් උනා. ඒ වගේම ඇතැම් පුරුදු එහෙම වෙන්නේ ඇයි කියන අවබෝදයෙන් නතරකරගන්න පුලුවන් උනා. උදාහරනයකට මම smoking වලට ගොඩක් addicted හිටියේ. මොනවිදිහට උත්සාහ කලත් ඒක න්තරකරන්න පුලුවන් උනේ නැහැ. ඒත් දැන් smoke කරන්න හිතුන වෙලාවට ඒක මම තේරුම් ගන්නේ මේක මගෙ brain එකේ dopamine generate කරගන්න හිතුන requirement එකක් විතරයි කියලා. එතකොට වෙන habit එකකින් ඒ thought එක override කරගන්න ලේසියි.
@@danushkawijesinghe9103 😇
I'm gonna try this
@@DasunSameeraWeerasinghe oyala e giyapu Doctor kawda brother
@@bavaniprabashvary8595 චතුරි සුරවීර
NEVER KNEW YOU THREE HAD ADHD. HUGS.
Thanks 🥺 I was struggling af!!! me okkoma kiwwa ewwa tiyanwa yako mata... mn henama worry wewi inna welawaka meka dekke... mage same age ayata wada man henama parakkui hema dekinma. Everyone is saying that I'm so talented, I have so much potential of working hard and be successful...And yeah I know that too but all the time I was struggling with all the things you've mentioned and I knew there's something wrong with me...den ekata hethuwa hoyannda gihin mn wena wena pissu subjects passe gihin inneth... thanks to you guys I guess now I know what's wrong with me...🙏
සුපිරි ❤ මාත් 92ඒ SE wfh and 24*7 high as f# . කතාවුන ගොඩක් දේවල් වලට මටත් පරණ මතක thoughts මතක් උනා. අනිත් බ්‍රෝලා දෙන්නත් අන්මැරීඩ් එක නම් රිලීෆ් එකක් 😅
Really worthy thanks guys ❤️🙏
Winadi 3k balala yanna awith okkoma baluwa .ending moment eka full abnormal unexpected patta supiri.
3 ADHD elders are talking and 1 ADHD teen is listening
No 2
Hey Didn't know you were the creator of CPlus. I used to buy them as a kid. I bought all the computer magazines back then. Ray, Roo, More, CPlus by saving my lunch money.
Those were the days!! Before the Internet and social media took over everything.
I was so updated as a teenager back then. I wish there were more quality content like that. And some form of guidance in adult life.
Thank you very much for making this video.
I also doubt that I might have ADHD.
I don't know a good place to check.
Thanks for your wonderful message! It's so heartwarming to hear about your fond memories of cPlus from your youth.
I'm thrilled that our content made such a positive impact on you back then. Your kind words are incredibly encouraging and motivate us to keep creating quality content.
By the way, if you're considering getting checked for ADHD, you might want to try Dr. Chathurie Suraweera.
Thanks again for sharing your memories and feedback
@@DasunSameeraWeerasingheChathurie 😂
@@kamal-d😂 Currected, but Chathurie (with extra e.
@@DasunSameeraWeerasinghe 🤓 Thats important
Hey, good episode! Girls situation is different and tragedy!!!
කිව්ව දේවල් 90% ක් ම එලෙසම තියෙනව 😀
Exercise කරන එක ගැන කතාව අද දැනගත්තෙ 😊
Meka maru digatama one 🔥🔥🔥
Mr , Dasun මට ADHD තියනව කියල මුලිම්ම කිව්වෙ අපේ අම්මගෙ මල්ලි ඒ මීට අව්රුද්දකට වගේ කලින්. එයා Server engineer කෙනෙක් , එයත් ADHD තියන සහ ඒක නිසා එයාගෙ Career එක ගොඩදාගත්තු කෙනෙක් .
මන් තාම professional method එකකින් conforme කරගෙන නැතත් මේ වෙද්දි මට විශ්වාසයි මම ADHD තත්වවයෙන් පෙලෙන කෙනෙක් බවට
මට ADHD තියනව කියල දැනගන්න කලිනුත් මම හුරු වෙලා ඉදියෙ මගේ හැසිරීමේ විවිධවය සහ ඒකට Solution ඒත් මම සෑහෙන්න පාරක් Bully වෙලා තියනව ස්කෝලෙදි පවා මේ ADHD වල තියෙන Effects control කරගන්න බැරි නිසා , ඒත් ඒ දේවල් වලට මේ වෙද්දි හුරු වෙලා තියෙන නිසා ලොකු ප්‍රශ්නයක නැහැ මට .
ඒත් මේ වෙද්දි මට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි මන් A/L කරනව මම A/L කරන්න ගත්තෙ මම කැමති stream එකෙන් නෙමෙයි කරන්න ඕනි කියල හිතට දැනුනු එකෙන් මේ වෙද්දි මට ඒක අතෑරල වෙන stream එකකින් A/L කරන්න idea එකක් නැහැ මට ඕනි මේකම ගොඩදාගන්න ඒත් මට ඒකට පාඩම් කරන එක සෑහෙන්න අව්ල් . පුලුවන් නම් මට දැනගන්න පුලුවන් ද මේ තත්වය එක්ක පාඩම් කරන එක හොදින් කරන්නෙ කොහොමද කියල මොකද මම සෑහෙන්න try කලා ඒක කරන්න , සෑහෙන්න research කලා පාඩම් කරන්න පුලුවන් විදියක් හොයාගන්න මම තාම success නෑ , ඇතුලෙන් ආපු self energy එකකින් මන් සති දෙකෙන් o/l සුපිරියටම ගොඩදාගත්තා කන්නෙ බොන්නෙ නිදාගන්නෙවත් නැතුව හරියට ඒත් A/L එහෙම කරන්න බැහැ ,
පුලුවන් නම් ඔයාල පාඩම් කරන්න Use කරපු technique වගේ දේවල් ටිකක් share කරන්න ඒක ලොකු උදව්වක් 🤍
@@sajanayasas5 මේකට මට හරියටම මුකුත් කියන්න බැරි වෙයි.
මම කරපු දෙයක් කියන්නම්. මට සිංහල පේන්න බෑ. ව්‍යාකරණ වගේ ඒවා. නමුත් මට අකුරු වල භාෂාවේ විකාෂණය, අකුරු වල හැඩ තල වෙනස් වුන හේතු, එක එක භාෂා වලින් වචන ආපුහැටි ගැන හොයන්න බලන්න ආසයි.
ඉතින් ව්‍යාකරණ පාඩම් නොකර මම ඒවා ගැන හොයනවා. ව්‍යාකරණ වලට මූලික පදනම අරවා ඇතුලෙන් හොයා ගන්නවා. එතකොට අර බෝරින් විශය යම් තරමකට ගොඩ දා ගන්න පුළුවන්.
මේක උදාහරණයට අරගෙන ඔයා හදාරන විශයන්ට ක්‍රමයක් හදා ගන්න.
තව දෙයක්, මම හිතනවා මේ විශයන්ට ආසා මිනිස්සු ඉන්නවනේ. එයාලා මම නොදකින සුන්දර යමක් මේ විශයේ දකිනවා ඇති කියලා... එහෙම හිතුවමත් අර විශය ගැන කලින් නොදුටු කැමති වෙන්න හේතු හොයා ගන්න පුළුවන්.
දැන් මට ඔය තුන් දෙනාගෙම ඒව තියෙයි. තව ඒවත් තියෙයි.මම 2nd shy මේ පාර කරන්නෙ.exam එක දොඹෙන් යන්න ගොඩදාගන්න පුලුවන් plan එක ඔලුවෙ තියනව. ඩොපර්මින් අවුල නිසා වෙන්න ඇති වැඩේ පටන්ගන්න අමාරුයි සහ එක තැනක ඉදන් සැලකිය යුතු කාලයක් වැඩේ කරන්න බෑ.මම දැන් treatment පටන් ගත්තොත් අවුරුද්දක් වගේ යද්දි පාලනය කරගන්න පුළුවන් වෙයිද. මම ගොඩක්ම හොද iq එකක් තියෙන කෙනෙක්.මුකුත්ම පාඩම් නොකර ol A9 දාන්න පුලුවන් උනා.Al bio කරන්න ගත්තම තමයි වැඩේ දෙල් උනේ. මොකද පාඩම් කරන්න සහ වැඩ කරන්න තියෙන අපහසුතාවය නිසා.
Maath 2nd shy maath ohommaai
ඔවු. බෙහෙත් හැමෝටම වැඩ කරන්නෑ හැබැයි. ADHD එක එක අයට වැඩ කරන ක්‍රම වෙනස්. පොඩ්ඩක් හොයල බලන්න ඒවා ගැන. execrise කරන්න omega 3 ගන්න.
දසුන් අයියෙ sound අවුල්නෙ මේකෙ😕😕. ඒත් කමක් නෑ ගේමක් දීල අහගන්නවා එච්චර වැදගත් සාකච්ඡාවක්
මට මේක ලොකු ප්‍රශ්නයක් ..වශේෂයෙන්ම..අවධානය දීම...වැඩ කල්දැමීම...වැරදීම් වගෙ දේවල්
I first like to thank for this conversation. It's 3:37am now.
As Dasun aiya asked what more we want you to discuss in a future episode.
1. ADHD brain vs normal brain when using drugs / alcohol / smoking / porn etc (addictions including)
2. Types of Medicine which are prescribed by doctors to solve ADHD and related issues such as narcolepsy and especially side effects ( do people have to take them throughout the life).
3. I have friends with ADHD all of my friends with ADHD have the same personality INFP. Does this have a connection with personality?
Thankyou
මම බෝඩිමේ ඉන්න සමහර දවසට කන්නෙ නැහෑ... බඩගින්නෙ ඉන්නම බැරි උනොත් තමයි කන්නෙ.. ඒකත් උදේට කද්දී 4 වත් වෙනවා... එතකල් ඉන්නෙ බඩගිනි නැති කමට නෙවෙයි කඩේට ගිහින් කෑම එකක් ගේන්න කම්මැලි කමට.. 🥲
supportive partner කෙනෙක් හිටියම ඔය ප්‍රශ්නය විසඳගන්න ලේසියි. නැතුව හරි අමාරුයි. I feel you :(
තෑන්ක්ස් ගයිස්.. සුපිරි❤❤
Please if possible could you form a community for ADHDers!
A big help to at least have a middle ground who suffer alone 😌💕✨!!!!
I have too attention deficiency.ocd depression and sleeping disturbance
Spelling 😪💯
O finally a vedio
anande train story eka same. last office train eke enakota mokekwath gate eke na
🤣
Dopamine ගැන full video එකක් ගේන්න පුලුවන් නම් හොදයි.
මරු මරු
ඒක නෙවේ මේ යාලුවො දෙන්න tv එකේ දැකල තියෙනව වගේ 😀
වෙන්න බෑ. හැබැයි නලුවෝ වගේ නම් තමයි :D
😮 හෑ
subjects kathawa sathata relate wenwa
ඔක සුපිරි power එකක්
Manasgatha එක බලද්දි නම් එච්චර හිතුනේ නෑ. දැන්නම් ෂුවර් මට ADHD....
Adee mata ADHD kiyala dn ne therenne 😅😢😢😢
Thilina koggalage wath podcast ekkt join krgnn❤
Oyala discuss karapu experience karapu ewagen 80% witra thiyenawa matath lol 😆
සමහර film බලනකොට ඒකෙ තියන දේවල් වලට දවස් දෙක තුනක් අවුලෙන් ඉන්න එකට තියන මානසික ලෙඩේ මොකක්ද 😴
ඒක ගැන නම් දන්නෑ. හැබැයි ඒක මානසික අවුලක් කියලා මට හිතෙන්නෑ.
ada awa ithur tika ahanna
How do you think ADHD relates to introversion? I find some challenges overlap, any tips, suggestions or advice for handling it?
@@kaviii3910 i think ADHD tends to be introverts due to many reasons. Feeling exhausted after a few hours of social interaction, continuous change of focus, not knowing what to say, what not to say just a few of many reasons.
@@DasunSameeraWeerasingheExactly
Meka baladdith 5 am , digtama me welawata tamai nidaganna set une 🥲
16:34 oii oii math me mage amathaka una athsana puruduwena gaman meka ahanne looool
🤣
ඔබාලාගේ මුල් video වත් නැවත අපට බලන්නට සලස්වන්න, තුති ඔබ සැමට
57:42 Copyleft, All wrong reserved😅😂🎉
Diagnose කරලනම් නෑ . ගෙඩිය පිටින් ඔක්කොම ටික මටත් තියෙනව. තව එකක් Add කරන්නද. ගොඩක් වෙලාවට කොන් වෙලා වගේ ඉදියට interesting topic එකක් එක්ක හරියන dial එකක් set උනාම දවසම උනත් කතාව ඇදගෙන යන සීන් එකක් එහෙම නැද්ද? අනික තමයි මොනවම හරි වැඩක් නොකර නිකන් ඉන්න බැරි සීන් එකකුත් තියෙනව නේ ද? අඩුම ගානේ කල්පනා කරන්න හරි ඕ නේ.😂
@@RasikaKumudu yess..
33:55 me
ලංකාවෙ හොද doctor කෙනෙක්ව කියන්න පුලුවන් ද
attention-deficit disorder ADD is no longer a seperate one.
yes.. ඒ කෑල්ල අපි කතා වුනා. edit කරනොකට මගේ අතින් කැපිලා
❤❤🔥🔥🔥
who is the best doctor for ADHD??
Not sure who the best doctors are, but I'm going to Dr. Charurie Suraweera
1.75 dala hama video ekakm bln mn
අම්මටසිරි වේවා😢...mata mee thundenagen kenekwa contact karaganna barida
මම හොරණ කෙනෙක්...mail එකක් හරි දෙන්න පුළුවන් ද
Fb එකේ මේ නම හොයලා message එකක් දාන්න.
aiye adhd ayata cyber sec hoda field ekkd
හෙමින් වැඩ කරන උන් පේන්න බැරි වීම.. adhd ලක්ශනයක්ද... කාට හරි කියලා කරගන්න ඕනෙ වැඩක් ඌ හෙමින් කරන හින්දා මමම කරලා ඉවර කරනවා.. අනිත් එක බත් එක කනවා නං මොනා හරි බලන්න ඕනෙ.. නිකම්ම බත් එක කන්න බෑ.. රෙදි හෝදන්න ගොඩක් තියෙනවා නං.. මොකක්ම හරි බල බල කරන්න ඕනෙ.. නිකම්ම රෙදි හෝදන එක පට්ටම බෝරිං😢
@@masmmenikarachchi7563 ADHD නිසාද දන්නෑ මාත් එහෙමයි. 😁
මොනා හරි විශේෂ ක්‍රම වේදයක් නැද්ද අයියේ මේකෙන් වෙන හානිය වලක්වගන්න
@@masmmenikarachchi7563 ADHD නිසාම ලැබුණු හැකියාවන් වලින්ම තමයි. මේ වගේ ADHD අයගේ අත්දැකීම් වලින් ඔයාට හරියන ඒවා ඔයාට හදාගන්න වෙනවා. නැතුව හැමෝටම හරියන පොදු වැඩ පිලිවලක් නෑ. හැබැයි excersice, වෙලාවට කන එක (low & high sugar ADHD වලට හොඳ නෑ), වතුර බොන එක, දුම් වැටි මත්ද්‍රව්‍ය භාවිතය 100% නවත්තන එක. නිදිමත නැතිවුනත් වෙලාවට ඇඳට ගිහින් නිදිමත වුනත් එකම වෙලාවට නැගිටින එක. ඕවයින් ADHD effect අඩු කරගන්න පුළුවන් (නැති වෙන්නෑ). හැබැයි ඉතින් ඔයමං කියපු ඔක්කොම කරන්න පුළුවන්නම් එයාට ADHD තියෙනවද කියලත් සැකයක් එනවා.
අවුරුදු 6ක් තිස්සෙ ජිම් යන්න ඉන්න්වා... පරක්කු වෙන හැමදාම හෙට නං උදේම නැගිටිනවා කියලා හිතෙනවා... කරන්න නං බෑ...@@DasunSameeraWeerasinghe
Rathu pata adan inna ADHD yaluwata Bit Coin tiyanawa
🤣 onada
මාවත් miss diagnose කරා depression කියල. මං Drට කිව්ව මට මැරෙන්න හිතෙන්නෙ නෑ ඒත් මට අවුලක් තියෙනව කියල මට තේරෙන්ව කියල. මට ADHD කියල හිතෙනවා කියල, කිව්වම ඒ drට මගෙන් ඇහුවෙ exams කරගත්ත නේද? Repeat නැතුව degree එක කරගත්ත නේද කියල. මං කිව්ව ඔව් ඒත් repeat එහෙමත් වුනා, ඒත් ඒව ගොඩ දාගත්ත කියල. මං එතකොට මට තියෙන symptoms ටිකක් drට කිව්වා. ඒ වෙලාවෙ ඒ drට මට කිව්වෙ Clumsy messy මිනිස්සු ඕන තරම් ඉන්න්ව ඔයත් එහෙම වෙන්න ඇති. ඔයාට තියෙන්නෙ adhd නෙවෙයි depression දරුවො කියල depression වලට බෙහෙත් දුන්න. ඒක බොද්දි මට කිසිම හැඟීමක් දැනීමක් නැති රොබෝ කෙනෙක් වගේ වෙනව දැනුන සහ මට ඕන වුණ වෙනස ඒකෙන් වුනේ නෑ. නිසා මං ඒක බොන එක නතර කරල ආයෙ වෙන dr කෙනෙක් ළඟට ගියා. මට හිතාගන්න බැරුව හිටියේ Psychiatrist කෙනෙක් කොහොමද හිතන්නෙ ADHD කියන්නෙ learning difficulty එකක් කියල. Degree එක් කරගත්ත කිව්වහම adhd නෑ කියල කොහොමද හිතන්නෙ. හැබැයි ඇත්තටම ඒ දවස්වල් මං යාළුවොන්ගෙ සහ job එකේ ප්‍රශ්න නිසා stress වෙලා හිටියේ ඒ නිසා මට විස්තරේ කියද්දි ඇඬුන. එතකොට drට තව bias වෙලා මට depressionම තමයි කියල හිතන්න ඇති.
"ඒත් මං පස්සෙ ගියපු dr ගෙන් මට diagnose එක හම්බුනා ADHD කියල. හැබැයි මට පොඩි doubt එක්ක් තියෙනවා. ඒ medication එකෙන් මට වෙනසක් තියෙනවද නැත්නම් මේ වෙනද මං වැඩ කරපු විදියමද කියල මට measure කරගන්න බෑ" මේක ගැන ඔයාලට මොකද හිතන්නෙ. Do you guys hv any kinda experience like this?
Btw මං තාම drට මාසෙකින් එන්න කියපු එකට ගියෙත් නෑ. 🥲
ඔයා ට්‍රීට්මන්ට් ගත්ත ඩොක්ටර් කවුද කියනවද...මම depression වලට බෙහෙත් බිව්වේ...ලොකු ප්‍රයෝජනයක් වුණේ නෑ...මට මං බොරු කිව්වා ඩොක්ටර්ට සනීපයි වගේ පෙන්වන්න...මං adhd කියලා කිව්වහම ඩොක්ටර් මට හිනා වුණා..අන්තිමට මංම බෙහෙත් නතර කරලා දැම්මා
ADHD diagnose confirm වෙන තැනක් තමයි ආයෙම යන්න අමතක/ කලදාන එක 😂 medication වලින් සමහර අයට හරියන්නැති වෙන්න පුළුවන්.
Excercise, omega 3, caffeine අඩු කරන වගේ ඒවත් කරල බලන්න.
චතුරිසුරවීර එයා ගාවට යන්න.
අනේ ප්ලීස්...diagnoses කර ගන්නා ගන්නව හොඳ ඩොක්ටර් කෙනෙක් කියන්න පුළුවන්ද...depression වලට බෙහෙත් බීලා.එපාවෙලා..මගේ doctor කිව්වහම හිනා වුණා..
චතුරි සුරවීර ගාවට යන්න..
Puluwn nm oylt consult krpu doctor details denn puluwn da
Dr. Chaturie Suraweera
@@DasunSameeraWeerasinghe aiye mona hospital ekeda inne
echannelling එකේ බලන්න.
cafen has negative effect on us
මේකට දෙපැත්තටම තර්ක තියෙනවා. මම නම් කරන්නේ ටිකක අත හැර හැර ආයේ බොන එක 😂. දිගටම coffee ගත්තම ඒක දැනෙන්නැතුව සහ මොකක් හරි අවුලක් තියෙනවා කියල මටත් හිතෙනවා.
ගෑණු ළමයින්වත් පුලුවන්නම් ගෙන්නන්න අයියේ අපි ප්‍රශ්න පොඩිකාලෙ ඉදන් හංගන නිසා ADHD හැසිරීම් අනිත් අයට බලපෑවෙ කොහොමද කියලා දැනගන්න කැමති
ගැහැණු ළමයි ගොඩක් ප්‍රසිද්ධියේ ඉදිරිපත්වෙන්න කැමති නෑ. බලමු ඉදිරියේ දී.
Mata puluwan wey mekata galapena kenek hadunwala denna@@DasunSameeraWeerasinghe
මට lectures පටන්ගන්නෙ 9.30ට. මං 4ට නැගිටිනවා.😂 උදේ නැගිටින්න කම්මැලි නිසා දාගත්තා ඔන්ලයින් යෝගා පංතියක් 4ට. මං උදේට තේ බොන්නෙත් නෑ. Breakfast එක කලින් හදල තියාගන්නවා. ඒත් පරක්කු වෙනවා. Lectures තියෙන්නෙත් ඔන්ලයින් නිසා යාන්තන් බේරිලා ඉන්නවා. අම්මෝ කැම්පස් කාලෙ මං පුදුම දුකක් වින්දේ. කැම්පස් ජීවිතේ එපා උනා. විභාග කාලෙට විතරයි සතුටින් හිටියේ විශේෂයෙන් study leave කාලෙට මං හෙන ජොලියේ. මොරටුවේ ලයිබ්‍රරියේ restricted section එකට වෙලා එක එක්කෙනාගෙ research thesis කියවන එක තමයි hobby එක. මිනිස්සු එක්ක ගොඩක් වෙලා හිටියම මාව emotionally exhaust වෙනවා. අපේ වගේ සංස්කෘතියක හරිම අමාරුයි බේරිලා ඉන්න. අපේ අම්මාත් එහෙමයි. යුතුකම් කරනවා හැබැයි ට්‍රිප් හෙම යන්න බෑ එයාට කට්ටිය එක්ක. අපි පවුලෙ 4 දෙනා විතරයි ට්‍රිප්. ඇදගෙන එලියට බහින්න ලොකු අකමැත්තක් තියෙන නිසාද අපිට වෙලාවට ගමනක් යන්න බැරි? ඉගෙනගන්න ආස උනාට මට job එකක් කරන්න ආසාම නෑ. දසුන් අපට තියෙන options මොනවද?
ඔය හැම එකක්ම දිගට කතා කරන්න ඕන දේවල් :( සරල උත්තර නෑ. HealthyGamerGG channel එක follow කරන්න.
@@DasunSameeraWeerasinghe thank you.. 🙏🏼
කෝප්ප කලගෙඩි වගේ 😊
මගෙ බබාට අවුරුදු 4මාස 12 එයාට AdHD කියනවා otasam කියනවා , එයා හරිමා දක්ශයි, එත් කතා කරන්න අමාරු යි
😢😢😢 මම adhd අදුරගත්තෙ වයස 29දි .ම්ම් හුගක් පරක්කුයි 😢
ඔයා මුණගැහිච්ච ඩොක්ට කවුද
@@harshanirandika3991මම රට ඉන්නකොට අදුරගට්ටෙ මෙහෙ doctor kenek
මම මොකද කරන්නෙ හිතන්න අමාරු යි, එයාට හොඳ මාර්ග යක් පෙන්නලා දෙන්නේ කොහොම , මට උදව් කරන්න
මචන් මට ඔය ලක්ෂණ තියනවා. බුලත් කන්න adict වෙලා ඉන්නේ. Doctors ලා councilers ලාට පෙන්නලත් තියනවා. තාම adiction එක නවත්තගන්න බෑ. ඔය කියපු හොඳ psycatrist කවුද?
Dr. Chathurie Suraweera
E doctor babalatat beheth karnawada. Mage puthawa mata hoda doctor knekta pennanna oni ekai @@DasunSameeraWeerasinghe
Black boad eka balan liyannati ekath adhd da?
ADHD walaldi sarin sareta enawata kiyanawa dolphing kiyala.
thinking dimensions gana kiwoth api nikan @everything everywhere all at once@ eke wage nodoe bu in 4 dimension wada karanawa.
ua-cam.com/video/eGguwYPC32I/v-deo.html