තක්කාලි බතට උයපු රසම රස මෙනු එක..

Поділитися
Вставка
  • Опубліковано 2 жов 2024
  • කෑම එක්ක බැදුන මතක සුන්දරයී. මට තක්කාකි බත් එක්කත් තියන්නේ එහෙම සුන්දර මතක. මං මගේ me time එක කරගත්තේ සදුදා ගොඩක් ආසාවෙන් උයපු මේ කෑම වේල. ටික දවසක ඉදන් දොළදුකක් වගේ කන්න ආසාවෙන් උන්නු මේ කෑම වේල ගොඩක් රසට මං උයන් කෑවා. තක්කාලි බතක් උයලා, කුකුල් මස් බැදලා උයලා, කජු කිරට උයලා, අල බැදලා තෙල් දැම්මා. මේ ජාති ඔක්කොම උයන විදිය විඩියෝ එකේ තියනවා. ටිකක් දිගයි ඉවසීමෙන් බලන්. ආසාවෙන් ඉව්වා වගේම ආසාවෙන් මේ විඩියෝ එක හැදුවෙත්..
    🔹තක්කාලි බත හදන්න ඕන වෙන්නේ
    ▪️බාස්මති හාල් කෝප්ප තුන
    ▪️හාල් මැනපු කෝප්පෙන්ම වතුර කෝප්ප තුනක්
    ▪️සුදුලූනු බික් 3 ක්
    ▪️අමුඉගුරු පෙති 3 ක්
    ▪️කපපු ලූනු ටිකක්
    ▪️කරදමුංගු 4 ක්
    ▪️කරාඹුනැටි 4 ක්
    ▪️කුරුදුපොතු කෑල්ලක්
    ▪️තෙල් මේසහැදි 1 ක්
    ▪️ලොකු තක්කාලි ගෙඩි 3 ක්
    ▪️සෝයාසෝස් මේසහැදි 2 ක්
    ▪️ලුණු කුඩු තේහැදි 1 ක්
    🔹කජු වෑංජනය
    ▪️කජු කොප්ප 2 ක්
    ▪️කරපිංචා, රම්පේ
    ▪️කපපු ලූනු ටිකක්
    ▪️වතුර කෝප්ප 2 ක්
    ▪️කහකුඩු තේහැදි භාගයක්
    ▪️අමුතුනපහ කුඩු තේහැදු කාලක්
    ▪️ගම්මිරිස් කුඩු ඇගිලිතුඩු වලින් පොඩ්ඩක්
    ▪️ලුණු කුඩු තේහැදි 1 ක්
    ▪️පිටිකල පොල්පිටි මේසහැදි 3 ක්
    🔹බැදලා තෙල් දාපු අල වෑංජනේට ඕන දේවල්
    ▪️අල ගෙඩි 4 ක්
    ▪️අල තම්බගන්න වතුර අවශ්‍ය ප්‍රමාණෙට
    ▪️පොඩියට කපපු ළූනු ගෙඩියක්
    ‍▪️රම්පේ කරපිංචා
    ▪️සුදුළූනු බික් 2 ක්
    ▪️අමුඉගුරු පෙති 2 ක්
    ▪️අබ තේහැදි කාලක්
    ▪️සුදුරු තේහැදි කාලක්
    ▪️ලුණු කුඩු තේහැදි 1 ක් (අල තම්බගන්න)
    ▪️තෙල් මේසහැදි 1 ක් ( ලූනු තෙල් දාන්න)
    ▪️තෙල් තේහැදි 2 ක් ( අල වලට)
    ▪️කහකුඩු තේහැදි කාලක්
    ▪️ගම්මිරිස් කුඩු තේහැදි භාගයක්
    ▪️කෑලිමිරිස් තේහැදි 1 ක්
    ▪️ලුණු කුඩු තේහැදි 1 ක් ( ලූනු තෙල් දාන්න)
    තම්බපු අල ටිකට තෙල් තේහැදි 2 ක් දාලා කලවම් කරලා එයාර්ෆ්‍රයර් එකට දැම්මේ 180 ට විනාඩි 10 ක් විතර..
    🔹බැදලා උයන කුකුල්මස් කරිය ට ඕන දේවල්
    ▪️කුකුල් මස් ග්‍රෑම් 850 ක්
    ▪️ගම්මිරිස් කුඩු තේහැදි 1 ක්
    ▪️කහකුඩු තේහැදි කාලක්
    ▪️ලුණු කුඩු තේහැදි 1 ක්
    ▪️විනාකිරි තේහැදි 1 ක්
    ▪️වතුර කොප්ප 1 ක්
    ▪️කරපිංචා, රම්පේ
    ▪️සුදුලූනු බික් 3 ක්
    ▪️අමුඉගුරු පෙති 3 ක්
    ▪️කපපු ලූනු ටිකක්
    ▪️තෙල් මේස හැදි 2 ක්
    ▪️මිරිස්කුඩු තේහැදි 2 ක්
    ▪️බැදපු තුනපහ කුඩු තේහැදි 1 ක්
    ▪️තක්කාලි ගෙඩියෙන් භාගයක්
    තම්බපු කුකුල්මස් ටිකට තෙල් මේසහැදි එකක් දාලා කලවන් කරලා එයාෆ්‍රයර් එකට 180 ට විනාඩි 15 ක් දැම්මා.
    සුදුලුනු අමුඉගුරු ඔක්කොම හීන් වෙන්න වංගෙඩියේ කොටාගත්තා..

КОМЕНТАРІ • 190

  • @csthelast5445
    @csthelast5445 Рік тому +11

    ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි. භාවනාවක් වගේ. අනේ ඔයාගෙ vedio එකක් බලව්ව පලවෙනි වතාව අද. හරිම ලස්සනට කියලා දෙනවා. ඔයා හරිම පිරිසිදුයි. ඔයාගෙ කටහඩ වගේම හිතත් ගොඩාක් ලස්සනට ඇති. ඔයාගෙ vedio ලස්සනයි. තවත් මේ වගෙ vedio දෙන්න.

  • @ireshadesilva4621
    @ireshadesilva4621 Рік тому +9

    ඒ පිළිවෙල...😢..කටහඬ භාවනාවක් වගේ...❤

  • @hansikachathurangi6368
    @hansikachathurangi6368 Рік тому +8

    ඔයාගෙ කටහඬ භාවනාවක් වගේ අක්කෙ..අහන් ඉද්දි හිත නිවෙනවා.ඇත්තටම මම ඔයාව දකින්න කලින් හිතාගෙන හිටියෙ ඔයා අවුරුදු 20 ක 25ක විතර පොඩි කෙල්ලක් කියලා..ඒ තරම් ලාමකයි ..පිටරටක ජීවත් වෙන කෙනෙක් හැමදාම ලංකාවෙ විදියට කනවා බොනවා දැක්කෙත් ඔයාගෙන් අක්කි..මගෙන් සුබ පැතුම් ❤️

  • @fana4870
    @fana4870 8 місяців тому +24

    Dove Green අක්කා හදනවා දැකලා හෙයාගෙන ඇවිල්ලා මෙික බැලුවෙි දැන් ❤

  • @pushpadesilva2749
    @pushpadesilva2749 8 місяців тому +2

    හොඳට ගැලපෙන මෙනූ එකක්. ගොඩක් ස්තූතියි.

  • @_sethu__x._2863
    @_sethu__x._2863 Рік тому +1

    හොදටම උයන්න දන්නැති මම ඇන්ටිගෙ වීඩියෝ බලල තමා එක එක කෑම ට්‍රයි කරන්නෙ..හරිම ආසාවෙන් බලන්නෙ ඔයාගෙ වීඩියෝ 😍❤️

  • @loralora4540
    @loralora4540 Рік тому +1

    ඔයා උයන කොට බලන් ඉන්න ආසයි බුදුසරණයි ඔයාට

  • @madhushidilhara4125
    @madhushidilhara4125 Рік тому

    මං හරි ආසයි අක්කගෙ videos බලන්න... ඔයා හරිම පිළිවෙලයි... ❤

  • @subashiniabesinghe4745
    @subashiniabesinghe4745 8 місяців тому

    ඔක්කොම බැලුවා...වෙලාව යනවා තේරුනේ වත් නෑ...❤

  • @dinalisachintha3651
    @dinalisachintha3651 8 місяців тому

    Akkiyoo aneee oyage vedios ahama baluwama awa walin goddakama dewal ape jivithath gana pulwan e wagama thamaii ....mn inaa malasiyawa mage husband laga api inaa gadara uyana awa okkma iwara wnata passa athana clean ekata thamaii matath theyagana kamathii akkiyoo ❤❤❤😊😊😊 oyata goddakama thank u mee wage vedios dana ekata ....tc.god bless you

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 Рік тому +7

    රසම රස අදහස් ගොඩක් සහ recipes ගොඩාක් රසවින්දා ස්තූතියි පුතේ ඔයාට ❤ 👩‍🍳ඔන්න මම ත් අද දවල්ට මේ කෑම ටිකම කජු,චිකන් හැර ඒ වෙනුවට ඇඹරැල්ලා මාලුව සහ පපඩං බැදගෙන පිලියෙල කරා.බත ඉවෙද්දිම බඩගිනියි දැනුනා සුවදට.ගෙදර හැමෝටම කෙසෙල් කොලේ බත් සහ පොඩි ශොපිං බෑග් වලට පපඩං දාලා කෑමටික දුන්නා.ගෙදරම මාරම ,මාරම හොද හෝටලයකින් එන කෑම සුවදයි.ස්තූතියි පුතේ ❤ 👩‍🍳

    • @homeyfoodies
      @homeyfoodies  Рік тому

      අහන්නත් සතුටුයි.. ගොඩක් ස්තුතියී අම්මේ ඔයාගේ සතුට මං එක්ක බෙදාගත්තාට❤️😘

  • @muthumaliedirisinghe3732
    @muthumaliedirisinghe3732 Рік тому +8

    අක්කගේ පිළිවෙල බලන් ඉන්න හරිම ලස්සනයි. කෑමක් රසට හදන විදිය වගේම දෙයක් පිළිවෙලට කරන්නෙ කොහොමද කියලත් පෙන්නන එක ගොඩක් වටිනවා.ඒ වගේම අක්කා ජීවිතේට දෙන හොද පණිවිඩත් වටිනවා...අක්කා වීඩියෝ එක ඉදිරිපත් කරන විදියට මම හරිම ආසයි...අහන් ඉන්න ආස හිතෙනවා...සුබ පතනවා අක්කගේ ජීවතේ හැමදේම සාර්ථක වෙන්න කියලා... බුදුසරණයි අක්කා ඇතුලු පවුලේ හැමෝටම!

    • @homeyfoodies
      @homeyfoodies  Рік тому +1

      ගොඩක් ස්තුතියී නංගි❤

  • @anjuyapa1202
    @anjuyapa1202 Рік тому +85

    හිතට හරී නෑ හෂී.. පොත්පත් විබාග එක්ක දවස් ගෙවීගෙන ගෙවීගෙන යද්දි පියවි ලෝකෙන් මම ඈත් වෙනව වගේ හරියට.. පුදුම විදියට කේන්ති යනව හැම කෙනෙක්ම එක්ක රණ්ඩු වෙන්න හිතෙනව.. ඇයි අප්පා මේ හෂී දිග වීඩියෝ එකක්වත් දාන්නැත්තෙ කියලත් හිතින් ඔයාටත් දොස් කිය කිය ඉද්දි ඔයා මේ වීඩියෝ එක දාලා තියනව දැක්කා.. තැන්කියු 🌻 පියවි ලෝකෙට මාව අරගෙන ආවට

  • @DamayanthiPeiris-pf8or
    @DamayanthiPeiris-pf8or 3 місяці тому

    ම්ම් කැමති family eka.....

  • @dayanifonseka9569
    @dayanifonseka9569 Рік тому +1

    Rome italy very delicious for your food

  • @varunikarunanayake9400
    @varunikarunanayake9400 Рік тому +1

    හැමදාමත් ආදරෙයි ❤❤

  • @pp-sh4tl
    @pp-sh4tl Рік тому +2

    හ්මදාම video දාන්නකෝ aunty ඔයාගෙ video බලන්න මං ගොඩාක් ආසයි ❤❤

  • @sirenimaheshika9296
    @sirenimaheshika9296 Рік тому +2

    Hashi oyage videos mn balanawa... darani paper eka kiyawanawa... ane oyage videos wala sound eka madine... sounds gana thawa tikak balanawada... Mn hari asawen mewa balanawa.... oyata gd luck kella....

  • @maleenarakel7009
    @maleenarakel7009 Рік тому +2

    මං මේක ගොඩක්ම ආසවෙන් බලන්නෙ ඔයාගෙ කටහඬට💗💗💗ඔයා කතා කරන විදිය ගොඩක් ලස්සනයි අනේ... 🍯🍯🍯

  • @ugvg3002
    @ugvg3002 8 місяців тому

    අනේහරිමසුනදරයි.
    ්කටයුුකරනවිට.තෑන්ක්ස්

  • @chachandy4706
    @chachandy4706 8 місяців тому

    Vary nice budusarani ❤

  • @koshilamuthumali9667
    @koshilamuthumali9667 Рік тому +2

    මාත් අද හැදුවා හෂි අක්කේ ඔය මෙනූ එක... ඒක නම් නියමයි👍

  • @iroshajayathilaka1936
    @iroshajayathilaka1936 Рік тому

    ගොඩක් ආදරේයි ❤❤❤

  • @Nutmegginjnger
    @Nutmegginjnger Рік тому

    Aththama oyage voice eka hithata hri sahanayak video krana eka nan nawathanne epa hode guti denne

  • @dilashasdiary
    @dilashasdiary 5 місяців тому

    හෂී අක්කා..අනේ මං උයන්න පොඩ්ඩක් වත් ආස කෙනෙක් නෙවෙයි..හැබැයි උයන්න පුලුවන් මට. දැන් ඔයාගේ වීඩියෝ දැකලා දැකලා උයන්න හරී ආසයී...ඉස්සරහටත් තව තව ලස්සන රසම රස කෑම හදන වීඩියෝ දාන්න...❤❤❤❤බුදුසරණයි

  • @donlasantha4071
    @donlasantha4071 8 місяців тому

    මම අද ඔයාව දැක්කෙ ප්‍රතම වතාවට කෑමටික බැලුව හදනවිදිය හොදයි මගේ පේස්බුක්නෑ ඒනිසා මගෙ විනෝදාංශය කෑම හදනව බලනඑකයි කෑම හදනඑකය.ඒවගේම ඔයාගෙකෑම හොදනිසා ඔන්න සබ්ස්ක්‍රයිබ්කලා.

  • @SandyaWeerakoon-ow6rb
    @SandyaWeerakoon-ow6rb 5 місяців тому

    Oyage videos hariyata ahenne na thawa tikak sounds wedi karanna

  • @renukaperera8515
    @renukaperera8515 Рік тому +2

    Godak sthuthei, hariyata bhawanawak wage❤❤

  • @hannan1460
    @hannan1460 8 місяців тому

    බ්‍රාස්මැති හාල් පෙඟෙන්න පෙඟෙන්න රසයි kuwait එකේ හැමදාම කන්නේ බ්‍රාස්මති හාල් තමයි

  • @NiroshaGunasena
    @NiroshaGunasena 4 місяці тому

    Akke අපි බාස්මති උයද්දි හාල් ඇට කැඩෙනවනෙ.ඉදුනම සුදු හාල් වගෙ වෙනවා 😢

  • @thilinierandhi9131
    @thilinierandhi9131 4 місяці тому

    ඔයා හරිම පහසුවෙන් කියලා දෙනවා පොඩ් අයට වගේ.මගේ මහත්තයා ගොඩාක් සතුටු උනා මන් උයලා දීපු කැම ගැන .ගොඩාක් රසට තිබ්බා .ඔයාට පින්

  • @lakshaperera6659
    @lakshaperera6659 Рік тому +6

    රසම රස කෑම වේලක් අක්කා පිරිසිදුවට පිළිවෙළට හැදුවා..... බලන් ඉන්න ආසාවේ බෑ....... pregnant මගේ කටට කෙළත් ඉනුවා 😊

  • @LifeStyle-ui3yh
    @LifeStyle-ui3yh 8 місяців тому

    Akke කජු මාලුවට අවසානයට ලිප off කරලා සීනි ටිකක් දාන්නකො.හරිම රසයි.මම (පවිත්‍රා)

  • @iroshasilva987
    @iroshasilva987 Рік тому +2

    😊👍

  • @kasunsankalpa1639
    @kasunsankalpa1639 Рік тому +1

    උයන ewa nethuwa wena minawahari dannoko

  • @prashanthageemuni5626
    @prashanthageemuni5626 Рік тому +4

    ගොඩක් රස පාටයි!
    මමත් උයන්න ඕනා ඒ විදියට. ඒ නිසා මම save කරගත්තා. බොහෝම ස්තුතියි 😊👍

  • @madhukarunarathne1554
    @madhukarunarathne1554 Рік тому

    කොච්චර වෙලාවක් යනවද අක්කේ උයන්න ?? Kitchen towel දාගෙන අයින් කරන කම්??

  • @janakisanjeewani1726
    @janakisanjeewani1726 Рік тому +1

    Akki mn dan pregnant.
    Pregnant wenna kalin idanma oyage vedio asawen balanawa dan itn bala bala kama walath rasa widinawa

  • @nishanthafernando9743
    @nishanthafernando9743 9 місяців тому

    අනේ plz ඔයාගේ kitchen එක ටිකක් පෙන්වනව ද?

  • @sanjeewanierandani1694
    @sanjeewanierandani1694 7 місяців тому

    අක්කා හිත නිවෙන්න දේවල් ගොඩක් කියනකො.. අහන් යින්න ආසයි... බුදුසරණයි ඔයාට

  • @mayanarasinghe5149
    @mayanarasinghe5149 Рік тому

    මමනම් ආශා නැහැ මෙි කියන style එකට .ඇත්තමයි

    • @homeyfoodies
      @homeyfoodies  Рік тому +2

      ආස නැත්තන් බලන්න එපා වස්තුව❤️😘

    • @BhagayaSewmini-yz6lx
      @BhagayaSewmini-yz6lx Рік тому

      @@homeyfoodies මම නම් ආසම ඒ කටහඬ ට

  • @inokajayalath9464
    @inokajayalath9464 Рік тому +2

    රසම රස මෙනු එකක්. ආස හිතෙනවා කන්න. ස්තුතියි ඔයාට

  • @nuwanthinisansala2721
    @nuwanthinisansala2721 5 місяців тому

    Hashiiii... Oya me video eka upload krpu dawasema baluwa eda idan hadanna asawen htye me menu eka... Ada haduwa man hrima rasata thibba hamoma asawen kawa... Thank you.... ❤❤❤❤❤❤

  • @wasanapiyumali6789
    @wasanapiyumali6789 Рік тому +1

    😍😍

  • @ranmaperera3443
    @ranmaperera3443 Рік тому +1

    Video eke sounds madi nangiyo

  • @nethu-mr3fd
    @nethu-mr3fd Рік тому

    Bathata thel venuvata butter dammoth aulda

  • @MadushikaDamayanthi-kd6kj
    @MadushikaDamayanthi-kd6kj 8 місяців тому +1

    I love your voice ❤

  • @chamilanishanthi4781
    @chamilanishanthi4781 8 місяців тому

    පෙෂර් කුකර් එකේ උයන එක සුදුසු නැද්ද මිස්.

  • @sandunisanduni2348
    @sandunisanduni2348 Рік тому +1

    I addicted your voice aunt...❤❤❤❤❤❤

  • @paulfairy22
    @paulfairy22 Рік тому +1

  • @senakitchen5560
    @senakitchen5560 Рік тому +1

    Like 🇱🇰🎁

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Рік тому

    Wow awesome video I love ur cooking & ur voice the way U talk absolutely superb Thank U so much darling 🙏

  • @Wimukthini
    @Wimukthini 8 місяців тому

    Ape lankawenam jiwitheta kaju maluwa kanna wenne ne gana ehuwama pissu hedenawa

  • @Pubu_Dil_2003
    @Pubu_Dil_2003 8 місяців тому

    kitchen ek hrima cute ..mn puchi kale blpu cartoon ekk mthk una 🥺😍

  • @madhu19968
    @madhu19968 Рік тому +1

    Sounds madi akke

  • @sandunithakshila72
    @sandunithakshila72 Рік тому

    Harima lassanayi piliwelai, eh wagemai kamath rasa patai… apith hadala balannam akke. Bohoma sthuthii ❤🤗

  • @pubudunigunarathne7897
    @pubudunigunarathne7897 8 місяців тому

    හිත නිවෙන මන් ආසම vedio එකක්. ❤❤❤

  • @navodyanethmini7214
    @navodyanethmini7214 7 місяців тому

    Your voice is so relaxing feels like i am in heaven

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 6 місяців тому

    Oyage voice eka hari lassani❤❤❤❤

  • @liyanaarachchigewasantha9402

    Ane nangi mn balana hema video ekakma oyage sonnds madee chuttak mokak gari karanna mn oyage honda fan kwnek

  • @IreshaHarshani-cw5ff
    @IreshaHarshani-cw5ff Рік тому

    Math hadanawa akka hadapu vidihatama takkali batak.

  • @dilhanipeiris8781
    @dilhanipeiris8781 Рік тому

    Akkage video godaaak asawen balanawa.eth kawadawath comment kare naha.ada comment karanna hithuna..oyage menu harima lesiy hadanna.a wage podi podi tips kiyala dena widiya ahan innath asai..piliwela pirisidukama nisa balan innath asai...budu saranai..🙏🙏🙏🙏😘😘😘💐💐💐

  • @nisansalamadhumali1723
    @nisansalamadhumali1723 8 місяців тому

  • @thilakgunasekara7269
    @thilakgunasekara7269 Рік тому

    Budusaranai oyata suba anagathyak ❤❤❤❤❤💐💐💐💐💐💐🙏🙏🙏

  • @AsankaDulip
    @AsankaDulip Рік тому

    Apita සම්බා හාල්වලින් මේව උයන්න බැරිද අක්කේ

    • @homeyfoodies
      @homeyfoodies  Рік тому

      පුළුවන් ගොඩක් රසයි හදලා බලන්න❤️

    • @AsankaDulip
      @AsankaDulip Рік тому

      @@homeyfoodies ❤️❤️❤️

  • @deepaweerasinghe3030
    @deepaweerasinghe3030 8 місяців тому

    Ridmage sobana valata vada oyage video valata mama asai hariyatama uyanva.

  • @kumudukumudu1960
    @kumudukumudu1960 8 місяців тому

    👍🌷❤️🇱🇰🙏

  • @arunigeethika340
    @arunigeethika340 Рік тому

    Oyaage recipes maath hadanawa akke.rasaaayi.thank you❤❤

  • @dilthushaaa
    @dilthushaaa Рік тому

    බාස්මතී හාලෙන් විතරද හදන්න පුලුවන්

    • @homeyfoodies
      @homeyfoodies  Рік тому

      නෑ පැටියෝ කිරි සම්බා, පොන්නි හාල පාවිච්චී කරන්නත් පුළුවන්.. ❤️

  • @samithmadhushan5399
    @samithmadhushan5399 3 місяці тому

    Very nice budusarani ❤

  • @SriyaniChandrika-up3fb
    @SriyaniChandrika-up3fb 8 місяців тому

    ❤❤❤❤❤❤❤❤

  • @DakshimaHaputhanthri
    @DakshimaHaputhanthri Рік тому

  • @quicksilver455
    @quicksilver455 Рік тому +1

    please whats the brand of your airfryer?

    • @homeyfoodies
      @homeyfoodies  Рік тому

      Phillips

    • @quicksilver455
      @quicksilver455 Рік тому +1

      @@homeyfoodies thank you :) can i know the size
      also, what is the brand of your rice cooker?

  • @dili6984
    @dili6984 10 місяців тому

    Akka mage relation kenek wath wuna nm kiyala hithenawa oyage athin bath katak kanna😢

  • @chamarapradeep8257
    @chamarapradeep8257 8 місяців тому

    ❤❤❤

  • @ChamilaDileukshi-zw3sv
    @ChamilaDileukshi-zw3sv 7 місяців тому

    ❤❤❤

  • @KanchanaDilrukshi-f9w
    @KanchanaDilrukshi-f9w 4 місяці тому

    ❤❤❤❤

  • @ChandaniGeekiyanage-wo5ul
    @ChandaniGeekiyanage-wo5ul 4 місяці тому

    ❤❤❤

  • @vihabalasuriya9018
    @vihabalasuriya9018 Рік тому +3

    අක්කී..කජු එකට බිත්තරයක් එකතු කරලා බලන්නකො,එහෙමත් රසයි❤හැබැයි තත්කාලි බතට නම් ගැලපෙයි ද දන්නේ නෑ.හැබැයි සුදු බතට නම් එහෙම රසායී🤤
    මම ඔයාගෙ වීඩියෝ ආසාවෙන් බලනවා,ඔයාගෙ කටහඬට මම මාරම ආසයි❤හැමදාම සතුටින් ඉන්න අක්කී.බුදු සරණයි❤🎉

    • @homeyfoodies
      @homeyfoodies  Рік тому +2

      ආයේ හද්දද්දි එහෙම හදන්නම්. ගොඩක් ස්තුතියී.. ❤

  • @gimhaniharshani8317
    @gimhaniharshani8317 Рік тому

    Potato kapala thambanna epa akki,ethkota potato wala piti gathiya adu wenawa,gediya pitin thabanna

  • @thilakgunasekara7269
    @thilakgunasekara7269 Рік тому

    Ayeth me wage vidiyo aran enna

  • @ruwinipriyangika2881
    @ruwinipriyangika2881 8 місяців тому

    Soya soze nathi unatakamk nadda

  • @krishanthiabeygunawardena8031
    @krishanthiabeygunawardena8031 8 місяців тому

    Harima mihiri ahagena inna asa hithena katahadak

  • @shakilaneranji7716
    @shakilaneranji7716 Рік тому

    Sounds madi akke

  • @virajgeekshow1000
    @virajgeekshow1000 8 місяців тому

    කටහඬ මාරයි.... කෑමත් මරු..... 💞

  • @sandu9344
    @sandu9344 Рік тому

    Ada thama oyage youtube channel eka baluwe akka ♥️♥️

  • @wasanthikodithuwakku849
    @wasanthikodithuwakku849 Рік тому

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 Рік тому

    💕💕

  • @Rose-pu8me
    @Rose-pu8me Рік тому

    Where do you live in Japan?

  • @harshimunasinghe8523
    @harshimunasinghe8523 Рік тому +1

    ❤🌼😘

  • @onitha-dz1wf
    @onitha-dz1wf Рік тому

    හරිම ලස්සනයි ❤❤
    හරිම පිළිවෙළයි💙💙

  • @nishikafernando4856
    @nishikafernando4856 Рік тому

    Oya uyanawa balan inna asa hithenawa hashi. Kama tika rasata iliwelata haduwa

  • @SewwandiWeerakkody
    @SewwandiWeerakkody 8 місяців тому

    කටහඬ භාවනාවක් වගේ

  • @sriyanganayanajith344
    @sriyanganayanajith344 Рік тому

    Apita kema plate ekak ewanna pluwan da 😅😅

  • @navodadassanayake1569
    @navodadassanayake1569 8 місяців тому

    dr hasi
    your recipies are perfect❤❤❤

  • @Pubu_Dil_2003
    @Pubu_Dil_2003 8 місяців тому

    kiyana widiaya hrima lssanai

  • @sandhyadasanayaka3679
    @sandhyadasanayaka3679 Рік тому

    ❤❤❤❤

  • @seedevikumarasinhe
    @seedevikumarasinhe Рік тому

    ඔයාට විතරක් ඇහේන්නද කතා කරන්නේ මටනන් මෙලො දෙයක් ඇහෙන්නේ නැ

    • @homeyfoodies
      @homeyfoodies  Рік тому +2

      මං දන්නේ නෑ ඇයි ඔයාලාට ඇහෙන්නේ නැත්තේ කියලා. මං මයික් එකක් පාවිච්චි කරලා, මේවාට වොයිස් කරන්නේ. මට නම් හොදට ඇගෙනවා. ලැප් එකෙන් බැලුවාමත් හොදට ඇගෙනවා. ටිවි එකෙන් බැලුවමත් ඇහෙනවා. මං බලන්නම් මොකක් හරි වෙන ප්‍රශ්නයක් ද කියලා. ඉක්මනට ඒක හදන්නම්.. සමාවෙන්න අපහසුවක් දැනුනාට.. ❤️

  • @inducooray7846
    @inducooray7846 7 місяців тому

    Thanks dear

  • @mohhed22b3
    @mohhed22b3 Рік тому

    Saund eka madi akke rahasak kiyanawa wage