Chariot path | චැරියට් පාත් | ලංකාවේ සීතලම තැන්නට ඉහලින් ඇති කදු මුදුන් වල සුන්දරත්වය සොයා

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 1,9 тис.

  • @lakmaludaya1
    @lakmaludaya1 3 роки тому +294

    ලොකු පීරිස් වගේ නිහඩ සගයෙක් ලැබෙන්නෙ වාසනාවකට. ජය වේවා

    • @DineshAPathum
      @DineshAPathum  2 роки тому +25

      ඇත්තටම .... ගොඩාක් ස්තූති

    • @imeshalwilage9585
      @imeshalwilage9585 2 роки тому +5

      අයියේ ඔක මමත් කියන්න ආවේ.ඔහොම යාලුවො හරි අඩුයි ❤

    • @ariyawathid3488
      @ariyawathid3488 2 роки тому +2

      ​@@DineshAPathum oyalata siyalu devie pehetie!!!

    • @chalanasenevirathne7284
      @chalanasenevirathne7284 Рік тому +2

      ඒ වගේ dial කට ඇරියොත් තත්ත්වය හරි භයානක වෙන්න පුලුවන් 😊😊😊👌

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx Рік тому

      @@chalanasenevirathne7284 shot ekak dunnanm balanna tibba 😂👌

  • @NPDJz
    @NPDJz 2 роки тому +133

    ඉරිසියයි ලොක්කො උබ දැක්කම...
    විදපන් ජීවිතේ...
    මැරෙන්න කලින් උබ එකතුකරගත්තෙ
    ජීවිතේ වටිනාම ටික...
    සතුටුයි බ්‍රෝ..
    පෙන්නපන් මගෙ රටේ සුන්දරත්වය මුලු ලෝකෙටම...

    • @DineshAPathum
      @DineshAPathum  2 роки тому +9

      සත්තකින්ම හොද අදහසක්...බෙහෙවින්ම ස්තූති

    • @hasnkasandaruwan2873
      @hasnkasandaruwan2873 2 роки тому +1

      මරැම කතාව එකගයි මෙ කතාව එක්ක

    • @buddhikabandara9376
      @buddhikabandara9376 2 роки тому +1

      සුපිරි

    • @indikamaduwantha3794
      @indikamaduwantha3794 2 роки тому

      Dheash aiye oyage wadasatana marame lassanai oya davi පිහිටයි ..

  • @iroshanirosh5872
    @iroshanirosh5872 3 роки тому +19

    යකෝ මේ කතා කරන පිලිවෙලට මම විතරද ආදරේ. පට්ටම ඈ.... ආදරෙයි දිනේෂ් ❤️❤️❤️❤️

  • @champaheenkende5252
    @champaheenkende5252 9 місяців тому +11

    2 yrs ago වුනත් මං බැලුවෙ අද. පුදුම ලස්සන පාට පාට කැලෑවක්...කොල පාටවල් වුනත් එක එක කොල පාටවල්. මට මේක nostalgic feeling එකක් ගෙනාව vlog එකක්. මං 1988 - 91 කාලයේ ඔය estate එකේ hospital එකේ Apprentice Estate Medical Assistant කෙනෙක් . ලස්සනට පිලිවෙලට තිබුනු hospital එකක්..😢.මම වතු වලින් සමුගෙන ගුරු වුර්තියට ඇවිත් ටික කාලෙකින් වතු රෝහල් රජයට පවරාගත්තත්..මේ තත්ත්වය ගැන හරිම 😢දුකයි. දැක්කෙ මේකෙන් 😢
    සීතල ..මීදුම..
    පොරෙට්ටාසි .(Frotoft නාමය , වතු ජනයා ඒ ගොල්ලන්ගෙ භාශාවට පෙරලුවේ එහෙමයි)...එකම බස් රථයෙන් අපි ගියේ පුස්සැල්ලාවේ සිට වෙනත් පාරකින්.
    ..අව්වට වඩා 🌧️
    එහෙ ඉදිද්දි..මෙහෙම තැනක් අහලා තිබුනත් ..කවදාවත් බලන්නවත් යන්න ලැබුනේ නෑ...
    Thank you...Dinesh n friends , 🙏අමතක වෙලා තිබුනු සුන්දර දසුන් විදින්නට සැලසුවාට...❤
    දිවියන් ..ගෝනුන් ඌරන් තමා බහුලම...
    තවත් දෙයක් ...
    Doctors කියන්නෙ එක්වරම සීතල වතුරට ඔලුව අල්ලන්න එපා කියලා. .. ඒ නිසා ඕගොල්ලො වගේ රට ට අත්‍යාවශ්‍ය..සොබාදහමේ කොටස්ම වුනු... ආදරණීය අය ඒවා පිළිපදින්න. ජීවිත අවදානම් ගන්න එපා..🙏(ශරීරයේ පහල සිට ඉහලට තෙමාගෙන එන්න. )
    අපිට කවදාවත් යන්න බැරි තැන් වලට අපි ගියා වගේම දැනෙන්නට...එක්කං යන ඔයාලට තුනුරුවන්ගෙ ආශිර්වාදය ලැබේවා !🙏🙏🙏
    මේ වෙලාවෙ ඕගොල්ලො Everest..❤දළදා සමිදුගෙම පිහිටයි ඒ ගමන පුරාවටමත්.🙏🙏🙏
    🩷

  • @-wedikawa
    @-wedikawa 3 роки тому +37

    මම කතොලිකයෙක් උනත් දකින්න ආසම දේ උතුම් සිරිපදේ 🙏 ස්තුතියි 🌿🍂🍃 සැමවිටම පරිසරය එක්ක 😘

  • @anupiyasena8517
    @anupiyasena8517 3 роки тому +9

    තබන සෑම පියවරක් පාසා නුබ ආරක්ශා වේවා!.. මගෙ සහෝදරයා ..❤️

  • @appuhamisir
    @appuhamisir 3 роки тому +179

    ඔයාගේ වැඩසටහන නම් හරිම අපුරුයි මල්ලි.... ❤️❤️ දිගටම රෝන්දේ ගහන්න ලැබේවා

    • @prasadkolitha4187
      @prasadkolitha4187 3 роки тому +7

      දිනේෂ් අයියගේ වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නේ මම විතරද❤️

    • @DineshAPathum
      @DineshAPathum  2 роки тому +6

      වටිනා පාර්ථනාවක්.. ගොඩාක් ස්තූති...

    • @irashchinthaka5457
      @irashchinthaka5457 2 роки тому +1

      @@DineshAPathum ලොකු piris thama සුපිරි pora

  • @samitha8805
    @samitha8805 2 роки тому +3

    දෙවනි පාරට බලන්නෙ දිනෙශ් අයියෙ එ තමරම් සුන්දරයි❤️🍃😍

  • @sagarachathuranga5677
    @sagarachathuranga5677 3 роки тому +57

    හැම සංවාරකයෙක්ටම ලොකු පීරිස් වගේ සගයෙක් ඉන්නම ඕනෙ...

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 2 роки тому +32

    නොහික්මුනු.... විනයක් නැති... අපේ තාරණ කණඩායම් අතරේ ඔයාලා වගේ තරුණ ලිරිස් ඉඳීම රටට සම්පතක්... ඔයාලාව මෙලොව දායාද කරපු මව්පියන්ටත් එක්ක මගේ ගෞරවපූර්වක ස්තූතිය

  • @vimarshanaaloka1802
    @vimarshanaaloka1802 3 роки тому +139

    සොභාදහමට අපිව ඇබ්බැහි කරපු සංචාරකයාගෙ තවත් ලස්සනම සංචාරයක්,,,,,ආදරෙයි දිනෙෂ් අයියෙ ♥️🙏❤️✌️

    • @DineshAPathum
      @DineshAPathum  2 роки тому +4

      ගොඩාක් ස්තූති මල්ලි

    • @gangasilva655
      @gangasilva655 Рік тому +1

      අපේ සුන්දර රට දිනේස් මල්ලී

  • @malshiperera7376
    @malshiperera7376 Рік тому +7

    විභාගෙ ඉවර වෙලා නිදහසේ ඊයෙයි අදයි දවසම මෙට්ටෙයි කොට්ටත් උස්සන් සැදී පැහැදී සැල්බ් එක උඩට ඇවිත් රෑ කලුවරේ හිස් අහස යට මේ චැනල් එකේ වීඩියෝ එකක් නෑර බලමින් මේ ඉන්නෙ.. ඇබ්බැහි වෙලා ඉන්නෙ ඇත්තටම.. ශ්‍රී ලංකාවෙ අපිට දකින්න ලැබෙයි කියලා හීනෙකින්වත් නොහිතුව පැති ගොඩකට අපිව ගෙදර ඉදන්ම අරන් ගියාට ගොඩක් පින්...
    අයියගෙ කතාවෙ සංවර කම කොච්චර හදවතට දැනුනද කියනවනම් දැන් මටත් ගෙදරදි කියවෙනවා "දෙවනි වතාවටත් good morning" , ලොකු පීරිස් නෙමේ "අම්ම හදපු කෑම එකත් රස විදින ගමන් අපි යමු තවත් වීඩියෝවකට" වගේ දේවල් ..😁
    තව තවත් මේ වගෙ ගමන් යන්න ධෛර්යය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
    හදවතේ සංචාරකයා ♥️

    • @malshisoysa7366
      @malshisoysa7366 Рік тому +1

      අක්කා එක්ක ස්ලැබ් එක උඩ ඉඳන් තරු අහස යට හදවතේ සංචාරකයව මමත් රස විඳිනවා 🤗💫❤️

  • @imashavidanage
    @imashavidanage 3 роки тому +50

    සුපිරි සුපිරි සුපිරි.."ලාංකේය කඳු තරණයේ රිද්මය.." -දිනේෂ් -❤️‍🔥🤘🇱🇰

  • @travelsoul2842
    @travelsoul2842 Рік тому +3

    රෑට බලන film තමා මේවා❤❤❤❤

  • @laknikapadmaperuma4126
    @laknikapadmaperuma4126 3 роки тому +35

    ඒ හඩට නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ 😍❤️🤘

  • @thusharagayan7335
    @thusharagayan7335 Рік тому +4

    "හමුවීම කෙසේවෙතත් සමු ගැනිම සුන්දර වියයුතුයි " e wachana tika 😌❤️

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 3 роки тому +10

    කීයෙන් කීදෙනාටද සොබාදහම සමඟ සන්නිවේදනය කරන්න ලැබෙන්නේ ඒක හරිම වාසනාවක් හුදෙකලාව සමග සහෝදරයා නුඹ මෙතරම් හරි අපූරුවට සොබාදහමේ සුන්දරත්වය ලෝකයාට දකින්නට නුඹ මේ දරන වෑයමට අනෙක වාරයක් පිං ඒ වගේම මේ හැම සුන්දරත්වයක්ම ගේන්න පසුපසින් ඉන්න ලොකුම ශක්තිය ලොකු පීරිස් ඇතුළු ඒ කණ්ඩායමට දීර්ඝායුෂ ❤️🙏

  • @sarojlakmal7714
    @sarojlakmal7714 Рік тому +2

    පරිසරයට ආදරය කරන ලස්සන චරිතයක්😍❤️

  • @wnt6596
    @wnt6596 3 роки тому +56

    මේ මගේ සුන්දර රටයි. දනා උබගේ කට හඩ හිත නිවන හඩක් මාචන් තියන්නේ. උබටත් , සැමදෙනාටම දාලද්‍ර හමුදුරැවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 роки тому +2

    ත්‍රිවිධ රත්නයේ ආනුභාව ලක් මව් ණී ගරූ🇱🇰❣️🇱🇰🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @nominimadhumadhavi4693
    @nominimadhumadhavi4693 3 роки тому +33

    අපේ ට්‍රැවල් කිංග් ❤.තෙරුවන් සරණයි අය්යේ 💐

    • @shashikakudahetty3556
      @shashikakudahetty3556 3 роки тому +2

      මුලින්ම කියන්නම් ඔයාට තෙරුවන් සරණයි 😇🙏 කොරොනා කලේ ගෙවල් වලට වෙලා නිකන් ඉන්න කොට you tube chanal එකේ traveling බලනකොට හම්බුවුනු හොදම වැඩසටහන denesh pathum . අපි ඔයාගේ මුල ඉදලාම traveling හැම එකක්ම බැලුවා . හරිම ලස්සනට ,අපි දන්නේ නැති සෑහෙන්න ව්ස්තර ඔයාගේ මේ traveling videos බලලා ඉගෙන ගත්තා .ඒකට ගොඩක් පිං 🙏 ඔයා වගේම අපිත් සොබාදහමට ගොඩක් ආදරේයි . හැමදාම මේ වගේම traveling videos කරන්න කියලා අපි හදවතින්ම අශිර්වාද කරනවා ඔයාට හා ඔයාගේ යාලුවො ට්කටයි. පරෙස්සමින් හැම video එකක්ම කරන්න . අපි මග බලා ගෙන ඉන්නවා . ඔයාලට බුදු සරණයි , ජේසු පිහිටයි 🙏😇🙏😇

  • @sumanawathimenike4191
    @sumanawathimenike4191 День тому

    පුතාලා ගැන ගොඩාක් ආඩම්බරයි .පරිසරය පිරිසිදු කරන ගමන් සුන්දරත්වය විදිනවා.හැමෝටම තෙරුවන්සරනයි ❤❤ දෙව් රැකවරණයි❤

  • @suhaishikodagoda1220
    @suhaishikodagoda1220 3 роки тому +34

    අයියගේ මහන්සිය අති සාර්ථකයි. අපිත් video එකේ sceneries වලින් මත් උනා. මේ වගේ දිග විස්තරාත්මක videos දානවට අයියට ගොඩාක් පින්!!!

  • @ceylonfootprints
    @ceylonfootprints 3 роки тому +6

    අම්මෝ ඒ සීතලනන් ජීවිතේට අමතක වෙන්නෙ නෑ....පාන්දර වෙනකොට ටෙන්ට් එකෙන් වතුර බේරෙනව.උදේ නැගිටල බලනකොට හතරවටේම මල්තුහින.😍😍😍

  • @camalinperera1428
    @camalinperera1428 3 роки тому +9

    විඩා ගෙනෙන කදුයායක්
    ඒ කදුමත තේයායක්
    සිත නිවනා මදපවනක්
    නුඔට පුතේ ඇත ගමනක්

    • @DineshAPathum
      @DineshAPathum  3 роки тому +3

      ගොඩාක් ස්තූති

  • @rasthiyaducharikawa
    @rasthiyaducharikawa 3 роки тому +58

    ලංකාවේ ජාත්‍යන්තර ගනයේ සංචාරකයා ඉතින් අයියම තමා. ආය ඉතින් සුපිරිම තමයි. ඒකට ප්‍රධානම හේතුව අයියගේ ඉදිරිපත්කිරීමේ තියෙන තාත්වික බවයි.තව තවත් ලංකාවේ ලස්සන තැන් බලන්නට ශක්තිය වාසනාව උදාවෙන්න ඕනේ. තෙරුවන් සරණයි 🙏 🌿💚💙

  • @upekshaabeyratne7005
    @upekshaabeyratne7005 3 роки тому +28

    Hiking කියලා තමන්ගේ තත්වය පෙන්නන්න විතරක් ඉන්න cardboard වීරයන් අතරේ, සොබාදහමට ඇත්තෙන්ම ආදරය කරන අපේ කාලයේ සොදුරු සංචාරකයා 😇 සුභ පැතුම් සහෝදරයා ❤

  • @Imeth_Mandiv
    @Imeth_Mandiv 3 роки тому +13

    හම්මෝ අදත් වීඩියෝ එකක්..අයියගේ වීඩියෝ එකක් බැලුවා කියන්නේ film එකක් බලනවට වඩා අමුතුම මෙව්වා එකක්....තවත් ලස්සන ගමනාන්තයක් වෙයි මේකත්.යකාගේ පඩිපෙළ video එකේ තිබුණ අර පුංචි ඉස්කෝලෙට උදව් කරමු අයියේ.පුලුවන් උදව්වක් අනිවාරෙන් කරනවා.ජය ⁣වේවා අයියණ්ඩි❤️🙏

  • @chanakadharmasena7448
    @chanakadharmasena7448 2 роки тому +3

    අපි ඉපදුනේ මේ පරිසරේම.. පුස්සැල්ලාව පෙරෙට්ටාසි පාරේ මගෙ ගෙදර. මෙච්චර ලඟ වෙලත් අපෙ අම්මලා මෙතනට අඩියක් තියලා නෑ. උඹට පින් සිද්ධ වෙන්න එයාලටත් පෙන්නුව..

    • @DineshAPathum
      @DineshAPathum  2 роки тому +1

      ඇත්තටම සතුටුයි. ඔය තරම් දෙයක් වෙන අහන්න නෑ. අම්ම කෙනෙක්ගෙ හිතක් සතුටු කරන්න පුලුවන් නම් හිතක් සනසන්න පුළුවන් නම් තව වෙන මොනාද..? ගොඩාක් ස්තූති මටත් කිව්වට. අම්මට නිදුක් නිරෝගී දීර්ඝායුශ සහෝ

  • @naturecreature2127
    @naturecreature2127 3 роки тому +7

    කන පරිප්පු ඇටේ ඉදලා මිනිස්සු බදු ගෙවනවා මේ රට වෙනුවෙන් .
    අවුරුදු 11 තිස්සේ ඉදන් අතෑරලා දාලා තියෙන්නේ එක රෝහලක් වෙන්න පුළුවන් .
    නමුත් රෝහලක් වත් නොමැති ඔය වගේ මිනිස්සු ඉන්න, පුංචි ලමයි ඉන්න ගම් , මේ රටේ කොච්චර ඇතිද අපි දන්නේ නැති වුනාට.
    එයින් එකක් හරි පෙන්නලා එක්කෙනෙක්ව හරි දැනුවත් කලාට ස්තූතියි සහෝදරයා .
    හිස නමා ආචාර .❤️🤚

  • @slcsa996
    @slcsa996 Рік тому +3

    මම ඔයාලගෙ බලපු පළවෙනි වීඩියෝ එක මේක..... කියන්න වචන නැති තරම් සුපිරි... ඔයාල දෙන ආදර්ශය ඊටත් වඩා පට්ට අපේ රට වෙනුවෙන්.. ❤❤
    ජයවේවා!!

  • @unknown-nl9ql
    @unknown-nl9ql 3 роки тому +18

    වැරදිලා එබුනෙ, දිනේෂ් අයියා කියලා දැක්කම බැලුවා, ඔයාගෙ ඒවා මම දෙපාර දෙපාර බලලා තියනවා, තව ඔනි

  • @Kevin_Rajapakshe
    @Kevin_Rajapakshe Рік тому +3

    පිස්සු හදෙනව අයියෙ... ඔයාගෙ වීඩියෝස් නම් මරු... දිගටම මේ වගෙ ඒව ඕනි ජය වේවා.....♥

  • @Jayawardana521
    @Jayawardana521 3 роки тому +28

    හදවතේ සංචාරකයා කියල ගොඩ දෙනෙක් කියන කතාව සහතික ඇත්ත වචනයක් ගානෙ අයියා පරිසරයට කොච්චර ආදරේද කියල තේරෙණවා.ජය!

  • @chamothchamoth8593
    @chamothchamoth8593 Рік тому +3

    ලොකු පීරිස් කියන්නෙත් නිහඬ උනත් සුපිරි චරිතයක් ❤️ ඒ වගේම හරියටම ජීවිතේ විඳිනවා කියන්නේ මේකට.අපේ සමහරක් උන් ජීවිතේ විඳිනවා කියලා කරන්නේ ලස්සන තැනකට ගිහිල්ලා එතන බීලා එතනත් විනාශ කරලා එන එකට.ඒ අතින් ගත්තම දිනේෂ් අයියා ඇතුලු ඔය සෙට් එකට respect 🔥

  • @travelwithchootimalli3795
    @travelwithchootimalli3795 3 роки тому +19

    අවුරුදු 2කට කලින් උඩටම ගිහින් හැරිලා ආවා. වෙනදා වගේම පට්ට . ❤

  • @yashikauthpala6759
    @yashikauthpala6759 2 роки тому +2

    මේ තරම් ලස්සනක් අපිට දකින්න සලස්වනවට ඔයාට ගොඩක් පින්...

  • @hasiraweerasekara2404
    @hasiraweerasekara2404 3 роки тому +4

    පැය ගානක් video එකක් එක මොහොතක් වත් skip නොකර බලන channel එකක්. හැම තප්පරයක්ම සුන්දරයි ❤

  • @kukumuse
    @kukumuse 3 місяці тому

    පිටරටක හිටියත් මචං උබලා නිසා ලංකාවේ ජීවත් වෙනවා කියලා දැනෙනවා.. මේ කරන කැපවීමට වගේම පරිසරය රකින්න දෙන දායකත්වයට හැමදාමත් වගේ හිස නමා ආචාර කරනවා දිනේශ් ප්‍රමුඛ කන්ඩායමට..
    අනේ කියන්න තියෙන්නෙ මෙච්චරයි ශ්‍රී ලංකාව කියන්නේ පාරාදීසයක් .. ඒක ආරක්ශා කරන එක අපි හැමෝගෙම වගකීමක්..
    ඒ අතින් මචං උබලා ගහන මේ ගේම පරිසරයට ගහ කොලට සතා සිවුපාවට ආදරය කරන චරිතයක් විදිහට මං අත් දෙක එකතු කරලා වැඳලා ස්තූතිවන්ත වෙනවා ..
    ජය වේවා 🙏

  • @chandanasakalasooriya543
    @chandanasakalasooriya543 3 роки тому +4

    සබන් දත් බෙහෙත් ඔය තැන් වල පාවිච්චි කරන්න නැති තරමටම හොඳයි ..ඒ අදහසට මම ගරු කරනවා ....සහෝදරයා ....!!!!

  • @bashimadush6862
    @bashimadush6862 2 роки тому +5

    දිනේෂ් අයිය,ලොකු පීරිස් අයිය, ඇතුළු කොල්ලො සෙට් එකට...බුදු සරණයි,🙏...ජය වේවා...❤️

  • @tharusha_rajarathna
    @tharusha_rajarathna 3 роки тому +12

    හරිත පැහැ සුන්දර පරිසරය එක්ක දිනේෂ් අය්යගෙ ලස්සන සිතුවිලි ඇහෙද්දි මගේ හිත නිවෙනවා 🌿⛰
    ගොඩාක් ස්තූතියි ජය වේවා 🍃💚

  • @rashmibarabashini1388
    @rashmibarabashini1388 Рік тому +2

    ඔයාල කරන වීඩියෝ වලින් අපි පරිසරයේ සුන්දරත්වය විඳිනව වගේම සමාජයට ලොකු ආදර්ශයක් දෙනව.මටත් දැක්කම පරිසරය ගැන දුක හිතෙන එක තැනක් තමයි පුත්තලමේ කුණු ඇල

  • @ozaaa5837
    @ozaaa5837 3 роки тому +15

    වීඩියො එක වගේම අයියගෙ කටහඩ උනත් හරිම ලස්සනයි 💕 කතා කරන විදිහ උනත් හැම වචනයක්ම හරිම සංවරයි 💕 Good Luck 💕🎉️

  • @hasithamadushan4983
    @hasithamadushan4983 4 місяці тому

    දිනේෂ් අයියගේ වීඩියෝ බලලම මමත් ස්වභාවදහමට ආදරය කරන්න පටන් ගත්තා කපු බීපු ටොපි චොක්ලට් කොලයක්වත් පරිසරයට බැහැර කරන් නැ. දැකපු තැනකින් පොලිතින් ප්ලාස්ටික් බැහැර කල යුතු තැනකට අදාල තැනකට යොමු කරනවා❤

  • @travelwithchabiya
    @travelwithchabiya 3 роки тому +34

    හැමදාම වගේ අදත් පැයකට වඩා භාවනාවකට සම වැදුනා ❤️❤️

  • @hansimalshani4430
    @hansimalshani4430 3 роки тому +6

    හැමදාම කියනව වගේ ඔයානම් භාවනාවක්..මට දැන් පුරුදු වෙලා හිත පොඩ්ඩක් කලබල උන ගමන්ම ඔයාගෙ වීඩියෝ එකක් බලන එක..ඔයාගෙ වොයිස් එක මේ ලස්සන පරිසරයටම ගැලපෙන්න ලැබිල තියෙන්නෙ..හැමදාම වගේ ලස්සනම ලස්සන වීඩියෝ එකක් අයියෙ..ජය වේවා..❤️❤️❤️❤️

  • @CHANDRAPALA-h8i
    @CHANDRAPALA-h8i 3 роки тому +67

    🤗හදවතේ සංචාරකයා ඔබයි🌄🏕️
    දිනේෂ් අයියා ❤🔥

    • @DineshAPathum
      @DineshAPathum  2 роки тому +1

      ගොඩාක් ස්තූති මල්ලි

  • @VilinaVilina-sj5gf
    @VilinaVilina-sj5gf 6 місяців тому

    මියුසික් එකත් එක්ක පරිසරය දකිද්දි මාරම හැගීමක් එන්නෙ.අපි හැබැහින් නොදකින ලස්සන සුන්දර දේ පෙන්නන ඔයාට ගොඩාක් පින්.පරිස්සමින් .බුදු සරණයි හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤

  • @gggghhhjjjjj
    @gggghhhjjjjj 3 роки тому +10

    ඔයාගෙ වීඩියෝ වගේ හිත නිවෙන ❤🎶🎶🎶🎶
    භාවනාවක් තව කොහෙන්ද.😌🎵

  • @lakshantharuka7550
    @lakshantharuka7550 2 роки тому +2

    මමත් ඒ ගමන ගියා වගේ දැනෙනවා බලද්දි❤

  • @susucakecreation7271
    @susucakecreation7271 3 роки тому +4

    අයියගෙ ඒ කියවිල්ල ඇබ්බැහි වෙන සුලුයි.....🙄🙄 පොෂ් travel u tube channel අතරේ ඔයාගේ මේ සරල බව පට්ට විදියට අපිට ඒ සුන්දරත්වය විඳගන්න තල්ලුවක් දෙනවා🌄❤

  • @nazreenmohomed5589
    @nazreenmohomed5589 Рік тому +1

    දිනේෂ් මල්ලී ඔයාගෙ වීඩියෝ නම් ඇත්තටම හරිම රසවත්,බලං ඉන්න ආසයි ,ඇත්තටම සොබාදහමට රටට ජාතියට ආගම් වලට ආදරය කරන සරළ බසින් විස්තර කරන සිරාවටම ,මගේ හදවතින්ම ස්තූතිවන්ත වෙනවා....ලොකුපීරිස් නුඹට ලැබුණු සුපිරි ගමන් සගයෙක් ,නුඹලාට ජයෙන් ජයම වේවා ,බුදුසරණයි දෙවිපිහිටයි 👊👍

  • @nruthyagraphics5858
    @nruthyagraphics5858 3 роки тому +23

    අද නම් හොඳයි 1:19:18 😍 ෆිල්ම් එකක් තමයි ඉතින් මේක 🖤🌿🇱🇰♥️ හැමදාම වගේ අදත් ඔයා Number one brother 👌💪👍🙏 මේක ලංකාව කියලා දන්නවා වුනාට ඒක දැනෙන්නේ ඔයා නිසා 😍 මේ ගහකොළ මේ මීදුම් මේ හිරිපොද වැස්ස මේ සීතල සුළග ඒක වෙනම ලෝකයක් 🌿🖤🌨❄️🌬 බොහොම ස්තුති එක්කගෙන ගියාට .තෙරුවන් සරණයි පොඩි පිරීස් ලොකු පිරීස් ඇතුළු ඔක්කෝටම 🖤🌿🇱🇰♥️ පරිස්සමින් ගිහින් එන්නවට බොහොම ස්තුති 🙏🌿

  • @minsysrilanka
    @minsysrilanka 2 роки тому +1

    වචනෙකින් දෙකකින් ඔයගෙ අගය කියන්න බෑ... හැමදේම නියමයි... මේ වගේ පොඩි කමෙන්ට් එකකින් මට හිත පිරෙන් නෑ බන්. ඒ තරම් මේ වීඩියෝ වලින් අපි ට්‍රැවල් කලා. ස්තූතියි

  • @isharamaduwanthimy3502
    @isharamaduwanthimy3502 3 роки тому +4

    ඒ කතා විලාසය,
    ඒ පිස්සු වැඩ ,
    විඩියෝ එක තවත් ලස්සන කරනවා...❤️🖤

  • @dilshanmusic4124
    @dilshanmusic4124 Рік тому +1

    මුල ඉඳන් වීඩියෝ සේරම බලන මම ඒ තරම් ආස හිතෙනවා ඒ වීඩියෝ වලට ❤️✌️

  • @deshanjeewantha6978
    @deshanjeewantha6978 2 роки тому +2

    Travel video කරන චැනල් වලින් දැකපු සුපිරිම චැනල් එකක්... ලගදි දැක්කෙ..ගොඩක් video බැලුවා... හරිම ලස්සනයි...❤️❤️❤️

  • @hasiyavlogs
    @hasiyavlogs 3 роки тому +10

    අම්මො පටන් ගත්තා බලන්න ඒක වෙනම පිස්සුවක් සහෝදරයා එකෙන්ම ආදරෙයි ජය වේවා ❤

  • @dianahysinth7788
    @dianahysinth7788 5 місяців тому

    ආසාවෙන් ඇත්තටම මේ වීඩියෝ බලන්නේ යන්න බැරි උනත් මෙහෙම දකින එක මට හරිම සතුටුයි

  • @amandaurapolage4845
    @amandaurapolage4845 3 роки тому +6

    එක විනාඩියක් වත් ස්කිප් නොකර බලන එකම වීඩියෝ එක 🥺🥺🥺🥺❤️❤️❤️❤️
    පුදුම ලස්සනක් දිනේෂ් අයියේ...
    මමත් ඉක්මනටම ඔයාලා වගේ travel කරනවා මේ අපේ ලංකා අම්මගේ ලස්සන බලන්න
    එතකන් ඒවා පෙන්නනවට ඔයාට ගොඩක් පිං 🙏

  • @udithasarodpriya3178
    @udithasarodpriya3178 2 роки тому +1

    බලනව බලනව ඇති වෙන්නෑ.❤️... මාත් ආසයි මේ සුන්දරත්වය දැකල නැති අයට ඒ දේවල් පෙන්නන්න... 🍃 මටත් ලස්සනට පුලුවන් වෙයි එහෙම කරන්න , අයිය වගේ හිතන්න පටන්ගත්ත දවසට❤️❤️❤️💯🍀
    සොබාදහම රකින්නා සොබාදහම විසින් ආරක්ෂා කරයි❤️DAP❤️

  • @jeewanthanuwan772
    @jeewanthanuwan772 3 роки тому +15

    වෙනද වගේම අදත් ආදර්ශමත් පණිවිඩ ගොඩක් දුන්න. ඒ වගේම අපිට විදින්න බැරි උනු ඒ සොබාදහමේ අපුර්ව නිමැවුම් ගෙදර ඉදල විදින්නට සලස්වපු දිනේෂ් අයියෙ ඔයාටයි , න⁣ඩයෙ සියලු දෙනාටමයි උතුම් දළදා සමිදු පිහිටයි..!!!!

  • @sandiyaperise413
    @sandiyaperise413 5 місяців тому

    පුදුම ලස්සනක් ඔබේ දෙපයින් මා ඇවිද යනවා ඔබේ දෑසින් ඒ අද්විතීය සුන්දර ත්වය නරබනවා ඔබට ස්තූතිය පුතේ❤❤

  • @tharindujaythunga4982
    @tharindujaythunga4982 3 роки тому +4

    බලන් ඉන්න මගේ අස් වලට කදුලු ආවා.එ තරම් ආසාවෙන් බලා හිටියේ .මටත් යන්න තිබුනනම් කියල හිතට අවා.එහෙම යන්න දන් අමාරුයි .ඔයාගෙ video එකක් දානකන් බලන් ඉන්නෙ එකයි . බුදු සරනයි මල්ලි ඔයාල ඔක්කොම දෙනාටම ............

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 10 місяців тому

    ❤හරි ම ආශාවෙන් සතුටින් විදිමින් බැලුවා....ඒකට එක හේතුවක් තමයි දිනේෂ් ඔයා තනියෙන් මේ ගමන් නොයාම...නැත්නම් අපි ට ලස්සන දර්ශන ගේන්න ගිහිං ඔයාලත් අවදානමක් ගන්නවට අපි කැමති නෑ...ස්තූතියි නැවතත්...🎉🎉🎉🎉🎉🎉🎉

  • @chasithaprabashitha715
    @chasithaprabashitha715 2 роки тому +3

    හිනෙන් වත් යන්න නොහිතපු ලස්සන තැන් එ සුන්දරත්වය එලෙසම අපිට දැනන්න ඔබ වැඩ සටහන කරනව ❤️ හදවතින්ම කියන්නෙ ඔයගෙ ඉදිරි පත් කිරිම රමනියයි❤️

  • @maheeshathathsaraniwickram5629
    @maheeshathathsaraniwickram5629 2 роки тому +2

    apiwa me wagee hemathenakama ekkn ynn ayyta thawath shakthiya lebenn on..❤❤ harima nihathawani charithayak.😇😇

  • @pradeepchandana9959
    @pradeepchandana9959 3 роки тому +6

    අපේ මාතෘ භූමියේ සුන්දරත්වය හා ඒ වටා බැඳුණු කතා කියා දීම ගැන හදවතින්ම තුති වේවා

  • @samanlathamenika5410
    @samanlathamenika5410 2 роки тому +1

    පරිස්සමින් යන්න බුදු සරණයි ..මගෙ.මව්බිමට බුදු සරණයි ..💕💕💕💐💐💐🙏🙏🙏

  • @aselmeemeduma
    @aselmeemeduma 3 роки тому +40

    2018 දී ගියපු ආසම Hike එකක්. උඩ නම් තාමත් ඉස්සර වගේම තමයි. පොලිතින්, බෝතල් අරන් යන එක වගේම සීතල වැඩියි කියල තියෙන ගස් ටික කපලා දරට ගන්නත් එපා කියල මතක් කරනවා, පොඩ්ඩක් අවිද්දෝත් මරිච්ච් ගහක් හොයාගන්න පුළුවන්. ;) දිනේෂ් අයියල එම නරක නැ කියල දන්නවා ඉස්සරහට යන්න ඉන්න අයටයි මතක් කලේ :)

    • @vlogbypasanpaliya6728
      @vlogbypasanpaliya6728 3 роки тому +2

      awasara ganna onida sir

    • @rathnayakaasanka7705
      @rathnayakaasanka7705 Рік тому

      පාර හොයා ගන්න අමාරුද..පොඩි වීස්තරයක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් අපිට..❤️

  • @helayaa
    @helayaa 2 роки тому +1

    travel කරන හැමදෙනාටම මෙන්න මෙහෙමයි travel කරන්නේ කියලා ආදර්ශයෙන්ම පෙන්වා දෙන ඉතා ඉහළ ගණයේ මා දුටු වීඩියෝවක් සහ චැනල් එකක්.

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 3 роки тому +36

    මල්ලියා ඔයා වගේ දරැවෙක් රටට දායාද කල මාපියන්ට පිං.⁣සොබාදහමට ආදරය කරන ඔබට සොබාදහමම ආසරි පතයි. දිනේෂ් ආසිරි පැතූමි ඔබටම ගැලපෙන නමක්.තෙරැවන් සරණයි මල්ලියා.

  • @ashanchamara8415
    @ashanchamara8415 3 роки тому +1

    වනයක ජීවත් වෙනවා වගේ දැනෙන්නෙ ඒ තරම් අදහස් ප්‍රකාශ කිරීමි දර්ශන් සියල්ල 1000%

  • @tinkerbellfairy2740
    @tinkerbellfairy2740 3 роки тому +8

    හිත නිවන භාවනාවක් 🏕️🌅

  • @amilasahan4863
    @amilasahan4863 2 роки тому +1

    හැම Video එකක් වගෙම හරිම සුන්දරයි.අපිට ගමන් අමුතුවෙන් යන්න ඕන නැහැ Video බැලුවම.ගමන ගියා වාගෙමයි. බොහොම ස්තුතී.ගොඩක් පින්.මෙහම ස්වභාව ධර්මයට ආදරය කරන සුන්දර මිනිස්සු හරිම විරලයි

  • @teacuploversusa2495
    @teacuploversusa2495 3 роки тому +4

    දැන් තමයි සම්පූර්ණයෙන් බලලා ඉවර කලේ පරිසරය රකිමින් තවතවත් ලස්සන තැන් අත්දැකීමට ලැබේවා 🙏🇺🇸

  • @vibesl3344
    @vibesl3344 2 роки тому +2

    ඒ වගේ විඳින්න පුළුවන් පරිසරයක අර වගෙ නොමිනිස් විදිහට කුණු දාලා තීනවා දැක්කම ඇත්තටම ඇස් දෙකට කඳුළු ආවා😖 සම+හරක් මිනිස්සුන්ට මේවැයි ගානක් නෑ ගිහිම් විනාශ කරලා එනවා😖 හිතන්නෙ නෑ අපි ජීවත් වෙන්නෙත් මේ සොබාදහම නිසා කියලා.🥲ඔයා කරපු දේ ගොඩක් වටිනවා අයියේ ගොඩක් අගය කරනවා❤️හැම මනුස්සයෙක්ම ඔය විදිහට හිතනවා නම් මේ පරිසරය රැකෙනවා තව ගොඩක් කාලෙකට❤️ ජයවේවා!🙏

  • @dhanushkalakshan3774
    @dhanushkalakshan3774 3 роки тому +5

    මේ වගේ නිහතමානි චරිත බොහොම අඩුයි💗💕

  • @erandasadaruwan485
    @erandasadaruwan485 2 роки тому +1

    අපේ මනස යත් මාරම සුවයක් ලැබෙන්නේ තවත් විඩියෝ අපිට බලන්න සලස්වන්න බුදු සරණයි දෙවි පිහිටයි

  • @Hasindu-h
    @Hasindu-h 3 роки тому +4

    ඔය වගෙ පරිසරයට ආදරය කරන.පරිසරය රස විදින්න පුළුවන් යාලුවො ටිකක් හම්බෙන්නම පින් කරන්න ඔනෙ අයියේ.ඔයා හරි වාසනාවන්තයි❤️🤗ගොඩක් ආදරෙයි නිහඬ චරිතෙට(ලොකු පීරිස් අය්යා❤️)අනිත් අයත් එවගෙ කැමති✌️❤️

  • @yasirudissanayake1695
    @yasirudissanayake1695 2 роки тому +1

    Fuel නැති මේ කාලේ ඉතින් මේවා බලලා ආතල් එකක් ගන්නවා🙂 keep it up bro❤️❤️❤️

  • @dineeshanpathirana4189
    @dineeshanpathirana4189 3 роки тому +5

    පින් කරපු ඇස් 💚 ජය වේවා ඉදිරි ගමනට 💫💫

  • @ArunaPiyankara-kf9gd
    @ArunaPiyankara-kf9gd 6 місяців тому +2

    අදත් ලස්සන වැඩක් පරිස්සමෙන් අයියෙ බුදුසරණයි❤️

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 2 роки тому +3

    1:16:59 මෙතන තනිකරම චිත්‍රයක් මාර ලස්සනක් අප්පාහ් 🥺💙💛🌼🇱🇰

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 роки тому +2

    මමත් වින්ද ඒ සුන්දරත්වය ගොඩ ක් පින් ජයවේවා! ඔයාලට
    පරිසරය විනාශ කරන එවුන් ට නැවත එවන් ගමනක් යන්න සොබාදහමේ ආශිර්වාද ලැබේ ද?

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 3 роки тому +34

    තාම ගිහිල්ලා නැති තැනක්..🥺ඒ පරිසරයේ තියන සුන්දරත්ත ය දැක්ක ම යන්න තියන ආසාව තව තවත් වැඩි වුණා..🥰🥰 දිනේශ් අයියගේ කථා විලාසය අපිව තව තවත් ඔයාගේ අත්දැකිමට ඇදගන්නවා.. ඒ නිසා ම තමයි දිනේශ් අයිගේ වීඩියෝ වලට අපි ඇබ්බැහි වෙන්න.💪 වීඩියෝ එක පටන්ගත්ත වෙලාවේ ඉදලම වීඩියෝ එක ඉවර වෙනකම් ම දෙන පැහැදිලි කිරීම අතිවීශිෂ්ඨයි අයියේ..🤛❤️
    ඹයාගේ ලස්සන ම ලස්සන අත්දැකීම් ඒ වගේ ම
    ඔයා විදින පරිසරය හැමදාම වගේ ඉදිරියටත් අපි එක්ක බෙදා ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා අයියේ..❤️🙏 ජය වේවා👌❤️🍃

  • @panamayayesusangathero
    @panamayayesusangathero 2 роки тому +1

    මහන්සිය තරමට ප්‍රතිඵල වැඩියි...සොබාදහමේ අසිරිය, සුන්දරත්වය, සියසින් දැක බලාගන්න අපට උපකාර උනු ඔයාට .. .බෙහෙවින්ම ස්තුතියි.

  • @hasiya1054
    @hasiya1054 3 роки тому +3

    බුදු සරණයි ☸️ මගේ අයියේ හැමදාම විඩිඔ දාන්න ඔයාට යෝද බල යෝද ශක්තිය ලැබෙවා හැමදාම විඩිඔ දාන්න 🙏❤️🖤❤️

  • @tharakaliyanaarachchi5014
    @tharakaliyanaarachchi5014 2 роки тому +2

    මං බලලා තියෙන හොඳම travel blog එකක්.
    thank you. ❤️

  • @adheeshasasith8775
    @adheeshasasith8775 3 роки тому +7

    අයියේ මටත් ආසයි අයියලා එක්ක එකතු වෙලා ස්භාවධර්මයෙ සොදුරු තැන්වල රසවිදින්න. 🤍❤

  • @dharshanalevan5848
    @dharshanalevan5848 5 місяців тому

    සියල්ලටම වඩා වටින්නෙ ඔබ අන්තිමට කියපු වචන ටික...සුන්දර තැන් වනසන පරිණාමය නොවුණ එවුන් ඉන්න රටක් මේක සහෝදරයා....වීඩියෝව සුපිරි ...ජයවේවා..

  • @Divanka965
    @Divanka965 3 роки тому +8

    හම්මෝ අදනම් දාපු ගමන්ම ආව ආදරෙයි 😘💥👍

  • @dasunariyarathne6266
    @dasunariyarathne6266 2 роки тому +2

    Thanx brother... මම video ටික බලන්න ගත්තේ හවස. දැන් 12 ටත් කිට්ටුයි. අපි හීන දකිනව මේ වගේ තැන්වලට යන්න... මෙහෙම හරි අපිව වෙනම ලෝකෙකට අරං යන එකට.. හිතට සැහැල්ලුවක් අරං එන එකට thank you brother.. thank you... All the best 🤜🤛

  • @tharangaekanayaka4024
    @tharangaekanayaka4024 3 роки тому +4

    පෙද පාසි වල රටා, මීදුම්,පාසි අග පිනි,වැහි කැට,කොල පාට මහ පොලව එක්ක සැබෑ ප්‍රේමයකින් වෙලෙන හැටි හරි සුන්දරයි..කදු මුදුනක ඉදුල් නොවුන දිය පාරකින් වතුර දෝතක් බොන හැගීම ඒ හැමටම වඩා පුදුම තරම් සුන්දරයි...❤️

  • @kavindumadushan8026
    @kavindumadushan8026 2 роки тому +2

    රූපෙන් කතාවෙන් ඒ සුන්දර කම පෙන්නන විදිය හදවතටම දැනෙනවඅයියෙ❤️ ජොබ් වලට කොටුවෙලා ඉන්න අපිව අරට වටේ අරන් යනවට පිං🙏🙏❤️

  • @maduwanthithirimadura
    @maduwanthithirimadura 3 роки тому +6

    නියමයි අයියා හැමදාම වගේ සුන්දර ස්වභාව දහම ආදරයෙන් වැලඳගත්තා මේ සුන්දරත්වය වර්ණනා කරන කොට භාවනාවකට සමවැදුනා වගේ ,🌴🌄ඔයාලා ආරක්ෂාකාරීව මේ සුන්දරත්වය විඳින්න අමතක කරන්න එපා🔆🔆

  • @varunasathsara1667
    @varunasathsara1667 2 роки тому +1

    මුලු ගමනම හරිම ආසාවෙන් බැලුවා..ඒත් අවසානෙදි එච්චර සුන්දර සංවේදී පරිසර පද්දතියට මිනිස්සු එකතු කරලා තියෙන දේවල් දැක්කාම දුක හිතුනා...කලකිරීමක් ඇති වුනා...ආකල්ප අතින් සංවර්ධනය වුන සහ තමන්ගේ වගකීම් හරියට තේරුම් ගන්න පුද්ගලයින් හරි අඩුයි.ඒ බව තේරෙනවා වාරේ පටනි අරන් මාසයක් යද්දි සිරිපා මග දෙපස තියෙන කුනු කසල දැක්කාහම......
    කොහොම උනත් වෙනද වගේම හරි ලස්සන ගමනාන්තයක්...❤️❤️🌿☘️

  • @samaelshen
    @samaelshen 3 роки тому +8

    අයියාගේ වචනයෙන්ම "අනේ දෙයියනේ!" මෙහෙම ලස්සනක් 🥺කියලා නිම කරන්න බැහැ! අයියා අපිට මෙච්චර ලස්සනක් පෙන්වන එක ගැන හරිම සතුටුයි, ස්තූතියි! හරිම ලස්සනයි හැම වීඩියෝ එකක්ම! අයියට ,ලොකු පීරිස් අයියට වගේම අයියාගේ පවුලේ අය, අනික් සගයෝ, ඒ පවුල් වල අයට නිරෝගී සුවය ලැබෙන්න ඕනේ!😊🙏❤️🔥

  • @achinisaubagiya1686
    @achinisaubagiya1686 2 роки тому +1

    හැමදාම දිනේෂ් අයියාගේ ව්ඩියෝ බලන පනස්දාහකට වඩා වැඩ් ස්භාදහම් ප්‍රේමියෝ ඉන්නවා...අපිට පුලුවන් ව්දිහට ස්භාදහම ආරක්ෂා කරමු.ලස්සන ව්ඩියෝ එක අන්තිමට බලනකොට දුක හිතුනා.ස්භාදහමට ආදරේ නිසා නේ ව්ඩියෝ බලන්නේ.බලන අපි ආරක්ෂා කරමු ස්භාදහම...පරිස්සමෙන් ඉදිරියටම යන්න හැමදාම වගේ සුබ පැතුම් දිනේෂ් අයියේ..🙏