Utthama Puja | උත්තම පූජා | Episode 01 | SL Army | Tribute to Sri Lanka War Heroes | Rupavahini

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 566

  • @anuruddikakodithuwakku8179
    @anuruddikakodithuwakku8179 11 місяців тому +209

    මගේ රත්තරන් මහත්තයත් කිලාලි ඉදිරි ආරක්ෂක වලල්ලේදී 2008 වර්ෂයේදී මිය ගියා මේක බලද්දි දුකයි ගොඩක් දුකයි මැරෙන්න තරම් දුකයි මගේ රත්තරන් මහත්තයාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏

    • @chamodhrathnayaka7909
      @chamodhrathnayaka7909 11 місяців тому +3

      උතුම් නිර්වානයම පතනවා

    • @motivefactoryy
      @motivefactoryy 11 місяців тому +12

      මිය යාම සහ දිවි පිදීම අතර අහසට පොලව මෙන් පරතරයක් ඇත. තම ස්වාමීයා අහිමි වීම ඉහිලිය නොහැකි දුකක් බව මා හොදින් දන්නවා. නමුත් ඔහුගේ වික්‍රමාන්විත කැප කිරීම තුල ඔබහට හිමිවූ වීරවරයෙකුගේ බිරිදකට පමණක් හිමිවන අදෘෂ්‍යමාන රන් ඔටුන්න ඔබ හිස මත නිතර පැලදී ඇතිබව අමතක නොකරන්න. ඒ අභිමානය සහිතව ජීවීතයේ ඉදිරි කටයුතු වලට අභීතව මූහුණ දෙන්න. ඔහුගේ ඒකායන පැතුමත් එය බවට මා හට විශ්වාසයි. ඔබට ජය..!

    • @amilapemasiri8023
      @amilapemasiri8023 11 місяців тому

      නිවන් සුව ලැබේවා

    • @ChandanaPiyantha-p8b
      @ChandanaPiyantha-p8b 11 місяців тому

      ❤❤❤❤❤❤

    • @piyumimaheshika7865
      @piyumimaheshika7865 10 місяців тому

      නිවන් සුව ලැබේවා

  • @thiliprabhath7119
    @thiliprabhath7119 11 місяців тому +202

    ඇබ්බැහි වෙලා හිටියේ ඉස්සර. අපේ වීර සෙබලුන්ට අනේක වාරයක් පින්.. මියගිය ජිවිත පූජා කර විරුවෝ සේරටම මම කල යම් පිනක් වේනම් එය අනුමෝදන් වේවා..❤️🙏

    • @cricketjoni
      @cricketjoni 11 місяців тому +6

      අනිවාර්යයෙන්ම . මතක හැටියට සිකුරාද 08:30pm ගියෙ.

    • @arshanathennakoon4972
      @arshanathennakoon4972 11 місяців тому +2

      ❤❤

    • @සත්යදුටුතැන
      @සත්යදුටුතැන 11 місяців тому +1

      හැබැයි පුතා වීර සෙබලු වෙනයි දේශපාලුවෝ වෙනයි ඕන්

    • @සත්යදුටුතැන
      @සත්යදුටුතැන 11 місяців тому

      ඔයා ඇබ්බැහි වෙලා ඉදියෙ මම හෙම්බත් වෙලා ඉදියෙ .අපි කැපකරපු සැම දේම දේශපාලුවෝ කෙලියා

    • @සත්යදුටුතැන
      @සත්යදුටුතැන 11 місяців тому +1

      මට අතීතය මතක් වෙනවා අපි දිවි දෙවෙනි කොට රැකපු මේ රට කාලකන්නි බල්ලොන්ට ජාතක දේශපාලුවෝ විනාශ කරලා දැම්මා .අපි ගහපු කතිරෙ වැරැදි එදපල්ලා කො හරියට ගහන්නම්

  • @shiranthaweeravijaya3813
    @shiranthaweeravijaya3813 11 місяців тому +83

    මේ මගේ තාත්තා..... මට එයා ගැන ආඩම්බරයි❤❤

    • @sasindumjayaweera992
      @sasindumjayaweera992 3 місяці тому +1

      ❤❤ඔහුගේ ඇස්වල කඳුලු 😢 නිදුක් නීරෝගී ජීවිතයක් ලැබේවා එතුමාට ❤

  • @Slcinemahub
    @Slcinemahub 11 місяців тому +27

    අවුරුදු ගානක් තිස්සේ හෙව්ව මේක බලන්න විදිහක්.බොහොම ස්තූති ජාතික රූපවාහිනියට.අපි පොඩි කාලේ ඇබ්බැහි වෙලා බලමු කතාවක්☹️🥺🤚 අද ගොඩක් අයට අමතක වෙලා තියන ගොඩක් අය බලල නැති දේවල් මේකෙන් එයාලට බලන්න පුලුවන්.❤❤❤❤❤

  • @nelumfernando8994
    @nelumfernando8994 11 місяців тому +80

    මාත් මේක ඉස්සර බලද්දී ගොඩක් පොඩි ඒත් හොදට මතකයි . ආපහු බැලීමට හැකි වීම අගය කරනවා 😢😢 සියලු විරුවන්ට පිං සිදු වේවා කිසිම බවයක අකල් මරන විපත් වලට පත් නොවේවා . ආදරෙයි ❤❤❤❤❤🎉🎉🎉🙏🙏🙏

  • @DanuLakmali-hy7po
    @DanuLakmali-hy7po 11 місяців тому +17

    මගේ බාප්පයි මගේ මාමයි දෙන්නම රට වෙනුවෙන් ජීවිතය පූජා කරා මුහමලේ පලාලී ඉදිරි ආරක්ශක වලල්ලේ ක්‍රියාන්විතයේ යෙදී සිටියදී😔 අද වගේ මතකයි ඒ දවස. ජීවිතේ කවදාවත් අමතක නොවෙන දවසක් මියගිය සෑම විරුවෙක්ටම හදපිරි උත්තමාචාරය වේවා.🙏🙏

  • @amilaupeksha4011
    @amilaupeksha4011 11 місяців тому +43

    ඉස්සර පොඩිකාලේ tv එක ගාවින් හෙල්ලෙන්නෑ මේක යද්දී...මාර army උණක් තිබ්බේ...ආදරෙයි අමරණීය රණවිරු සොයුරානෙනි....🙏🙏🙏❤❤❤

  • @Insidedata_
    @Insidedata_ 11 місяців тому +71

    මගෙ පොඩි කාලෙ ආසම වැඩසටහන 😢මේක නතර උනාම ගොඩක් ඇඩුව මතකයි😢❤

  • @insonline7569
    @insonline7569 11 місяців тому +10

    මෙහෙම නිදිවරාගෙන දුක් විඳගෙන ලේ ඇස් ඉස් මස් ජීවිත දන් දීලා අපිට ජීවත් වෙන්න ලෝකයක් හදලා දුන්නු නුඹලා නියම සැබෑ විරුවන්ය..සැමදා හදවතේ ගැඹුරුම තැන නුඹලා ජීවත් වේවී...
    let's salute them..❤❤❤

  • @neilwanigarathne7645
    @neilwanigarathne7645 11 місяців тому +68

    කෙනෙකුට රට වෙනුවෙන් සටන් කරන්න වගේම මිය යන්නට පුලුවන් නම් ඔහු වෙනුවෙන් අප අපේ උපරිමයෙන් රට ගොඩ නගමු.

  • @MrEAGLE-cv5tc
    @MrEAGLE-cv5tc 11 місяців тому +8

    මුල අමතක මිනිස්සුට මුල මතක් වෙයි..මෙක බලද්දී අපි පොඩි...

  • @4uexplore
    @4uexplore 11 місяців тому +35

    2009 දි අපි 9 වසරෙ .මාතර ගම්බද කුඩා දරුවන් වුනත් අපි යුද්ධය ගැන කතාකලා.ඒ ගැන දැබුවත්ව ඔබට දිරිය වැඩුවා.
    හදවතින් අපි කිසි දිනේ ඔබ තනිකල්‍රෙ නැත යුධබිමේ

  • @voiceoflions8429
    @voiceoflions8429 11 місяців тому +20

    පොඩි කාලේ ආසම කතාවක් හැම episode එක්කම දාන්න

  • @shanukaac9358
    @shanukaac9358 11 місяців тому +12

    මේක ඇබ්බැහියක් වනැසට ඇබ්බැහි වෙන්නත් කලින් ඉදන්ම❤😍

  • @madushankumarasinghe
    @madushankumarasinghe 11 місяців тому +1

    Aththatama sathutui aya Meka patan gaththa ekata.. aniwa balanawa 😍😍😍

  • @mahadurageashan7824
    @mahadurageashan7824 11 місяців тому +14

    මතක් කරනවාට ස්තුති ශ්‍රි ලාංකිකයන්ට🙏 උත්තම පූජා

  • @sureshsanjeewa6309
    @sureshsanjeewa6309 11 місяців тому +16

    අනේ ඒ කාලේ ආසාවෙන් බලපු එකක්.
    අපේ වීරයෝ ❤️🇱🇰

  • @T-Rulz
    @T-Rulz 11 місяців тому +17

    මේක බලන්නත් ඉතුවෙලා ඉන්නෙ ත්‍රිවිද හමුදාව නිසා .හැමෝටම ගොඩාක් ගරුකරනව කවදාවත් බනින්න එපා ❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @dhamrejini
    @dhamrejini 11 місяців тому +3

    ඒ කාලේ පිස්සුවෙන් වගේ බලපු එකක්.. ❤
    අපේ වීර සෙබලුන්ට අප සදා ණයගැතියි..🙏

  • @roshankumara2325
    @roshankumara2325 11 місяців тому +5

    දිගටම මේක දාන්න,ඉස්සරත් අනිවාර්යයෙන්ම බලපු එක තමයි උත්තම පූජා👌ආසයි ආයෙත් බලන්න.
    මුල අමතක උන්ට මුල මතක් වෙන්නයි,යුද්දයක් තිබුනද වත් නොදන්න පොඩි උන්ටයි මේක බලන්න දාන්න ඔනි,අපේ රනවිරුවන්ගේ වටිනාකම මතක් වෙන්නත් එක්ක💗💗👌

  • @madusankagggg7729
    @madusankagggg7729 11 місяців тому +2

    Thank you රූපවාහිනී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 11 місяців тому +18

    අපේ රටේ තිබුන ඒ යුද බිය නැති කල සෑම විරුවෙක්ටම උපහාරයක් වේවා. 2009 යුද්ධය දිනන්න කලින් අපි කොච්ව්හර නම් අපහසුතා වලට පත් උනාද. හැමතනම check point. ඒ හැම තැනකින්ම බැහැ බැහැ චෙක් කර කරා . ආයෙ නම් ඒ වගේ කාලයක් එන්න එපා කවදාවත්ම.

  • @UdeniChandima-f3t
    @UdeniChandima-f3t 11 місяців тому +18

    ❤❤❤ ආදරෙයි හැමදාම අපෙ රණවිරුවන්ට.❤❤❤ බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලට❤❤❤

  • @thilinathilakarathna592
    @thilinathilakarathna592 11 місяців тому +11

    🇱🇰🇱🇰 ලොකු දෙයක් ආයේ පටන් ගත්ත එක.ජයවේවා

  • @subashranathunga7367
    @subashranathunga7367 11 місяців тому +4

    ඉස්සර යද්දී කොහේ හිටියත් මේ ටයිම් එකට ගෙදර එනවා උත්තම පූජා බලන්න...නැවත නැරඹීමට හැකි වීම සතුටුයි...විරෝධාර රණවිරුවනට උත්තමාචාරය පුද කරනවා....👍💜️

  • @chamithudayangaudayanga7179
    @chamithudayangaudayanga7179 11 місяців тому +10

    පොඩි කාලේ මම ආසවෙන් බලපු එකක් ❤❤❤

  • @ෂෙරොdreams
    @ෂෙරොdreams 8 місяців тому +1

    මට මේක මතකයි බැලුවා පුංචි කාලේ.. දැන් වයස විස්සක්... මේකේ නම මතක නැතුව හිටියේ..fb. එකෙන් හම්බුනේ ලස්සනයි ❤❤❤

  • @dilshangallage6411
    @dilshangallage6411 11 місяців тому +10

    අනේ මේක නම් සෑහෙන වටිනවා.. කොටස් ඔක්කොම ආයෙ බලන්න ඇත්නම් සෑහෙන අගෙයි ❤

  • @devindudeshan4710
    @devindudeshan4710 10 місяців тому +1

    අද තමා ඉස්සර බැලුවට පස්සේ හම්බුනේ අහම්බෙන් වගේ.🤗 අපි ඇබ්බැහි වෙලා හිටියේ මේ වැඩසටහන ට.☺️ අපේ වීරෝධාර රණවිරුවන්ට 🙏 උපහාරයක් වේවා 🙏..

  • @madhawagamage8000
    @madhawagamage8000 11 місяців тому +3

    සෑහෙන කාලයක් බලන් හිටියා මේවා ආයිත් දෙයි කියලා ,බොහොම ස්තූතියි ඔක්කොම epi ටික දාන්න 🔥

  • @tharakamadhushan2975
    @tharakamadhushan2975 11 місяців тому +3

    ඉස්සර ඕක බලන්න පට්ට ආසාවෙන් ඉන්නෙ..යුද්දෙත් එක්කලා ඕක බලනකොට වෙනම ගැම්මක්❤

  • @NethkelumMorayas-fy9nb
    @NethkelumMorayas-fy9nb 11 місяців тому +1

    Thanks රූපවාහිනී 🔥💙❤️

  • @thadeepaasanka7779
    @thadeepaasanka7779 11 місяців тому +14

    My favorite programme ever since my childhood 💙☠

  • @myfreelife98
    @myfreelife98 11 місяців тому +5

    දානකන් බලන් හිටියේ ඔක්කොම ටික දාන්න ඒ කාලේ ආසාවෙන් බැලුවා ❤🙏

  • @maheshdhananjaya6589
    @maheshdhananjaya6589 11 місяців тому +33

    මේක ආයෙත් යනවනම් ආසයි

    • @ravilakshan2427
      @ravilakshan2427 11 місяців тому +1

      Ow

    • @dinusharajapaksha1663
      @dinusharajapaksha1663 11 місяців тому

      ​@@gemunukumara5355තෝ වගේ කාලකන්නි බැල්ලිගේ පුතෙක්, තාත්තා කව්ද කියලා හොයා ගන් ,

    • @yasindu_112
      @yasindu_112 11 місяців тому

      @@gemunukumara5355ඉතිං මොකක්ද වෙන්න ඕන?

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi 11 місяців тому +1

      ​@@gemunukumara5355අනෙ යකො හැම රෙද්දටම දේසපාලනෙ ගාව ගන්න මුඩුක්කු දෙමලො මොකො දුකද තොපෙ මහ එකාට උන දේට ඕව බලද්දි 😂

  • @RK_DEW_OFFICIAL.1
    @RK_DEW_OFFICIAL.1 11 місяців тому +3

    දැන් ගොඩක් කල් බලලා ආයෙ දැම්ම එක වටිනවා ❤❤❤❤❤❤❤❤

  • @SM-gu7qp
    @SM-gu7qp 11 місяців тому +1

    ඉස්සර අනිවාර්යෙන්ම බලපු කතාවක්.👍👍👍👍👍👍👍

  • @kavindubandara7172
    @kavindubandara7172 11 місяців тому +2

    ආයෙත් මේ වගේ වැඩසටහන් නැවත පටං ගන්න කියලා ජාතික රුපවාහිනියෙන් ඉල්ලීමක් කරනවා මොකද 30 වසරක යුද්ධයෙන් මව්බිම බේරාගත් අපේ විරෝදාර රනවිරැවන්ව අද පරම්පරාවට අමතකයි. ඒ නිසා නැවත මෙවැනි වැඩසටහන් නිශ්පාදනය කරන මෙන් නැවතත් පවසනවා ❤️❤️❤️❤️

  • @lahiruchathuranga563
    @lahiruchathuranga563 11 місяців тому +5

    පොඩි දවස් වල බැලුවේ තාම මතකයි ... youtube යනකොට රූපවාහිනියෙන් කවදා හරි මේක දායි කියලා බලාපොරොත්තුවක් තිබ්බා ..නිකමට notification එකක් ඇවිල්ලා බලද්දී මෙන්න උත්තම පූජා 😍😍

  • @slmusic7487
    @slmusic7487 11 місяців тому

    Thank you uththama puja

  • @prasadikumarasinha7534
    @prasadikumarasinha7534 11 місяців тому +2

    මතක අවදි කරන අත්දැකීමක් මේක... ඉස්සර රැ වෙන්නෙ කීයටද කියලා මායි අයියයි බලාගෙන හිටියා මේක බලන්න... 😥 එතකොට අපි දෙන්නම පොඩි . අයියා ඒ කාලෙ ඉදන්ම ආසව තිබ්බෙ හමුදාවට යන්න .. ඒ මේක බලලා ආස හිතිලා . එය දැන් නෙවි එකෙ . ආය මේක බලන්න අවස්ථාව දුන්නට මේ නාලිකාවට පින් 🥺💓

  • @ShashieHerath
    @ShashieHerath 11 місяців тому +2

    රට දැය වෙනුවෙන් දිවි පිදූ මගේ අප්පච්චි ඇතුලු සියලු රණවිරුවන්ට සහ ආබාධිත රණවිරුවන්ට අප කරන සියලු පින් හේතු වාසනා වී උතුම් නිවනින්ම සැනසේවා!!!🙏🙏🙏❤️

  • @pasindushyaman1619
    @pasindushyaman1619 11 місяців тому +1

    මේකනම් පිස්සුවක් ඇබ්බැහියක්❤

  • @Pk1234.
    @Pk1234. 11 місяців тому +1

    මොන්ඩිසෝරි යනකාලෙ පට්ට ආසවෙන් බලපු එකක්❤

  • @entertainmentwithakash2491
    @entertainmentwithakash2491 11 місяців тому +2

    සියලු රණවිරුවන් ට❤❤❤

  • @ThiliniNisansala-fm4lz
    @ThiliniNisansala-fm4lz 11 місяців тому +2

    Thank you රූපවාහිනි 🙏

  • @h.madhusankha9614
    @h.madhusankha9614 11 місяців тому +19

    ඒ කාලේ ආසාවෙන් බැලුවා ❤🙏

  • @pradeepajayasinghe9069
    @pradeepajayasinghe9069 11 місяців тому +1

    Thanks දානවට

  • @lahiruMD2K00
    @lahiruMD2K00 11 місяців тому +1

    තාමත් ඒ theam song එක මතකයන් අතර දෝංකාර දෙනව 😌❤️

  • @Kasunkm-b2j
    @Kasunkm-b2j 11 місяців тому +1

    ජයෙන් ජය❤

  • @ruwanShavi
    @ruwanShavi 11 місяців тому

    ගොඩක් ස්තූතියි ජාතික රූපවාහිනිය .අවුරුදු ගානක් හෙවුවා මේක 😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️

  • @gaiya2552
    @gaiya2552 11 місяців тому +1

    අඩේ හැමදාම හොයපු පිස්සුවක් මේක.❤

  • @imeshhiroshan3702
    @imeshhiroshan3702 11 місяців тому +2

    ඇබ්බැහි වෙලා හිටියෙ..දැනටත් ඒමමයි.. ගොඩක් ස්තූතියි මෙි වැඩසටහන දුන්නට..🙏

  • @oneasiaworld4609
    @oneasiaworld4609 11 місяців тому +4

    මෙවන් ආඩම්බර ජාතියක් අපි

  • @maheshdhananjaya6589
    @maheshdhananjaya6589 11 місяців тому +6

    අලුත් එපිසෝඩ් එක්ක .අපේ වීරයන්ගෙ

  • @eraart7988
    @eraart7988 11 місяців тому

    Meka man awrudu ganak thisse hoyapu weda satahanak thank you

  • @dilshanweerasingha9724
    @dilshanweerasingha9724 11 місяців тому

    ආසම program එකක්

  • @malindasampath5438
    @malindasampath5438 11 місяців тому +1

    ❤❤ ආසවෙන්,බයෙන් බලපු වැඩසටහනක් 😘

  • @samankumarasiri9905
    @samankumarasiri9905 11 місяців тому +1

    මම ආසම වැඩසටහනක් ඕං sub කරා හැමදාම වීඩියෝ upload කරන්න 👍👍❤ අපේ වීරෝධාර රණවිරුවන් හට ජාතියේ උපහාරය

  • @wiwiyanwikramasinghe4942
    @wiwiyanwikramasinghe4942 11 місяців тому +1

    Mage puthath me kaale hitiye kriyanwithaye mata hari aadambarai. Eyaala Hinda rate minissu sanaseemen husma gannawa oyaalata budusaranai siyalu Dewi aarakshawai

  • @hasihiru
    @hasihiru 11 місяців тому +1

    Ikmanata meka aye patan ganna❤❤

  • @dhananjayarajanayake1119
    @dhananjayarajanayake1119 10 місяців тому

    උතුම් nirwaanaya රණවිරු ඔබලාට ❤😢

  • @kavishkasachin6898
    @kavishkasachin6898 11 місяців тому +1

    Thanks Rupavahini ❤

  • @grenade8888
    @grenade8888 11 місяців тому

    Thank u රූපවාහිනී

  • @manuperera
    @manuperera 11 місяців тому

    හොහේ හිටියත් මේක බැලුවා ❤ ඒ තරම් ආදරෙයි

  • @arunasampath2116
    @arunasampath2116 11 місяців тому +2

    අපේ ගමට අල්ලපු ගම ගෝනගල . 52 කපලා මැරුවෙ එහේ. තොප්පිගලට මල්ටිබැරල්, ආටී ගැහුවෙ පුලුකුනාවෙ ඉදන්. ඒ සද්දෙ මතකයි අද වගේ. මාතෘභූමියෙන් ත්‍රස්තවාදීන් තුරන් කිරීමට දායක ඌ සියලුම රනවිරුවන්ට උත්තමාචාරය ❤

  • @Lahiru.Dilshan
    @Lahiru.Dilshan 11 місяців тому +20

    Background music 💥 පොඩි කාලේ පට්ට බයයි මේ මියුසික් වලට...ඉස්කෝලේ හතර වසරේ යන්තම්.කොටස් සේරම බැලුවා...❤️ බයෙන් බයෙන් ආසාවෙන්.🙂 පුදුම උණක් තිබ්බේ...රෑට බලලා පහුවදා උදේට අතේ තියෙන්නේ ලී කෑලී කොසු මිටවල් තුවක්කු💥 මැටි වලින් පෝන් හදාගෙන කාඩ්බෝඩ් පෙට්ටි වලින් සෙට් හදාගෙන ගමේ ඉන්න කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලමට කරේ මේ කොටස රගපාපු එක...🙂❤️ ඒ ඇබ්බැහියටම හමුදාව තෝරගත්තු කොල්ලො කෙල්ලො ඕන තරම් ඇති මං වගේම❤️ 24sr

  • @MaliththaSangeeth
    @MaliththaSangeeth 11 місяців тому

    පොඩි කාලෙ ආසවෙන් බැලුවෙ.ආයෙත් බලන්න ගොඩාක් ආසාවෙන් හිටියේ 😢

  • @achilawijayasundara5097
    @achilawijayasundara5097 11 місяців тому

    පොඩිකාලේ පිස්සුවෙන් බලපුවා..❤️😍

  • @chamathkalakshan876
    @chamathkalakshan876 11 місяців тому +1

    Digatama danawam hodai ❤❤❤

  • @Bhathiya99x
    @Bhathiya99x 11 місяців тому +6

    Thank you Rupawahini ❤

  • @KWtoursandtravels27
    @KWtoursandtravels27 11 місяців тому +2

    ඉස්සර මේ Music එක ඇහෙද්දිත් බය හිතෙනවා 😢

  • @pasindujayakodi3215
    @pasindujayakodi3215 11 місяців тому

    ඇබ්බැහි වෙලා හිටියේ ඉස්සර ❤‍🔥

  • @maheshbandara6005
    @maheshbandara6005 11 місяців тому +1

    ඒ කාලේ ආසාවෙන්,දුකින් බලපු මතක අවධි වෙනවා...❤😢

  • @milttrylife3562
    @milttrylife3562 11 місяців тому +2

    ඔක්කොම එපිසෝඩ් ටික දෙන්නකෝ පොඩි කාලෙ ආසම වැඩසටහන ❤

  • @liveonetv99
    @liveonetv99 11 місяців тому

    මේ කතාව බලන්න ආසාවෙන් ඉදියෙ.බොහොම ස්තූතියි ඔක්කොම ටික දාන්න💪❤️

  • @sandunsathsara5752
    @sandunsathsara5752 11 місяців тому

    ස්තූතිය ගොඩක් කල් ඉදන් ඉල්ලපු එකක් ♥️🙏

  • @aselajayawickrama9268
    @aselajayawickrama9268 11 місяців тому +4

    මේක ඒකාලේ බලලා අපිත් උත්තමපුජා කලා... බංකර් හැදුවා.. අපේ ඔයේ ලස්සන තැනක් තිබුනා... අපිත් නැගෙනහිර පළාතේ නිසා යුද්දය ගැන හොඳට දැනගෙන හිටියා... වර්ථා වැඩසටහන් විදිහට නම් මේක දැම්මේ ඇත්තටම සතුටුයි.. නැත්තම් වෙන දේෂපාලනික අරමුණකින් නම් දැම්මේ.. ඒවාට Srry

  • @hansanasandun9234
    @hansanasandun9234 11 місяців тому +1

    ගොඩක් කල් බලන් හිටියා ආයේ යනකම් ♥️🔥

  • @chinthananadun2851
    @chinthananadun2851 11 місяців тому

    Thanks rupavahini.❤

  • @sanuprabath3793
    @sanuprabath3793 11 місяців тому +1

    Issrath maara Aswen Beluwe...Maarama gemmak enw Ape kollo Adarei Hemadamath 🔥❤️🙏

  • @lkcovers1138
    @lkcovers1138 11 місяців тому

    පොඩි කාලේ ඇබ්බැහි වෙලා හිටපු වැඩසටහනක්..නැවතත් මේ වැඩසටහන් දැම්මට ගොඩක් ස්තූතියි රූපවාහිනියට..

  • @charukawijerathne2771
    @charukawijerathne2771 11 місяців тому +1

    ඇබ්බැහිවෙලා හිටියෙ ඉස්සර

  • @chirathdewmith3451
    @chirathdewmith3451 11 місяців тому

    ඉස්සර ඕක ආසාවෙන් බැලුවා

  • @topmusic-r5u
    @topmusic-r5u 11 місяців тому

    ayeth balanna asawen hitapu series ekak . me apema pana gahena kathawa. apema le kathawa. thank you so much!!!

  • @kavimali4249
    @kavimali4249 11 місяців тому

    ආසාවෙන් බලපු වැඩසටහනක් අක්කය් මමය්

  • @PrageethNisa
    @PrageethNisa 11 місяців тому

    ඒ නම් වල තියෙන්නේන් රණශූරී තේරුමක්( වීරවිජය❤)

  • @Pamod25
    @Pamod25 11 місяців тому

    ආසාවෙන් බලපු එකක් ❤️

  • @isuruodevice5250
    @isuruodevice5250 11 місяців тому

    ගොඩක් දුකෙන් හිටියේ මේක නොදාපු නිසා.ඔක්කොම episodes ටික ඕන.

  • @ranganatharindu7395
    @ranganatharindu7395 11 місяців тому

    විශිෂ්ට නිර්මාණයක් ❤

  • @ThilinaSL
    @ThilinaSL 11 місяців тому +5

    ඉස්සර මෙක Tv එකේ බැලුවෙ මාර ගැන්මෙන් ❤ මෙ music එක තාම මතකයි ❤💪 Respect 🫡 #SL ර⁣ට රැකපු විරයන්ට ❤🙏🇱🇰

  • @nirmaltharindu6354
    @nirmaltharindu6354 11 місяців тому +1

    අම්මෝ ඉස්සර ආසාවෙන් බලපු එකක් ❤❤

  • @manojmihiranga8489
    @manojmihiranga8489 11 місяців тому

    මම මේක youtube එකේ අනන්තවත් හොයලා ඇති....🥺🥺❤️

  • @bhagyaudayashan322
    @bhagyaudayashan322 11 місяців тому

    ඉස්සර පොඩි කාලේ පිස්සුවෙන් වගේ බලපු දේවල්❤️😍

  • @dilankadassanayake5546
    @dilankadassanayake5546 11 місяців тому +2

    ඒ දවස් වල LRP ලා කරපු මෙහෙයුම් ගැන ඒ අය කියන අත්දැකීම් ගැන වැඩසටහන් you tube හරහා අපි දකිනව , අලුත් technology එකත් එක්ක ඒ අත්දැකීම් TV series එහෙකට ගෙනාවොත් ❤🤩

  • @bandaappuwa1748
    @bandaappuwa1748 11 місяців тому

    digatama danna meka

  • @chathurikaweerakkodi
    @chathurikaweerakkodi 11 місяців тому

    සැබෑ විරුවන් ❤

  • @Sanoj_dilshan_diary
    @Sanoj_dilshan_diary 11 місяців тому

    මතක් කරනවාට ස්තුති ශ්‍රි ලාංකිකයන්ට🙏 සියලු විරුවන්ට පිං සිදු වේවා 🙏

  • @isharakahawala3661
    @isharakahawala3661 11 місяців тому

    ඉස්සර මාරම ආසාවෙන් බැලුවෙ...මෙ දැන් බලද්දිත් ...ඒ ව ඇහෙද්දිත් ඒ කාලෙ මතක් වෙනවා..ඒ හිතට දැනුනු බය...එතකොට ඒ හැගීම විස්තර කරන්න බෑ....🥺🥺🥺..ආයෙමත් මේ ක බලන්න ලැබුනු එකට නම්...ගොඩක් ස්තූතියි .❤️..ඔක්කොම episode දාන්න.🥺🥺

  • @pushpakumarakarunarathne3227
    @pushpakumarakarunarathne3227 11 місяців тому

    මේක බලන්න ආසාවෙන් tv එක ලගට දුවපු කාලයක් මටත් තිබ්බ..❤