"ගෙනයමි ඔබේ ආදරේ...ආදරේ." යුග ගණනක සිත් සැනසූ, ප්‍රියා සූරියසේනට ලැබුණු ආදරණීය සම්මානය...❤

Поділитися
Вставка

КОМЕНТАРІ • 1,3 тис.

  • @WADNAVEENEW
    @WADNAVEENEW Місяць тому +125

    අද මෙතුමා අභාවප්‍රාප්ත වුවත්, ඔහු ජීවතුන් අතර සිටියදී ඔහුට ලබාදුන්නාවූ මෙම වටිනා මතකයට සහ ගෞරවයට මෙහි සිටින සියලුම ගායන ශිල්පීන්ට, සංගීතඥයන්ට සහ සංවිධායක මඩුල්ලට බොහොම පින්!

  • @kasunrangana3114
    @kasunrangana3114 11 місяців тому +678

    මියගිය දවසක පොටෝ එකකට මල්මාලා දානවට වඩා ඔය කරපු දේනම් රත්තරං වටිනවා 🙏🙏🙏🙏🙏 ආසම ගායකයෙක්...කිසිම පාටියක ඔය මනුස්සයගෙ සින්දු දෙක තුනක් නොකියන්නෙ නෑ මාත් කවදාවත්..සඳ තාරකා හඬාවී මේ මනුස්සයා නැති දවසක 🙏🙏🙏🙏🙏😭😭😭😭

  • @musicparadise18
    @musicparadise18 Місяць тому +203

    එතුමා මියයන්න පෙර කල මේ ඇගයීම ගොඩක් වටිනවා🥺❤️
    අද ඔබතුමා අප අතරින් වියො උනත් ඔබ තුමාගෙ මේ ගීත සැමදා අප අතර අමරණීයයි🥺❤️
    නිවන් සුව ඔබතුමාට🙏
    2024.12.24

    • @malibandaramali4292
      @malibandaramali4292 Місяць тому +3

      Man godak adare karana gayakayek man uyaddith oba tumage sindu aha aha thamai uyanne 😢 oba thumata niwan suwa 😢😢😢😢😢😢😢

    • @madukasadaruwani3382
      @madukasadaruwani3382 Місяць тому

      Aane ou eka attha❤❤❤

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl Місяць тому +287

    කෝ නැති උනාට පස්සේ ඇවිත් අහන අය😢❤

  • @visalyasamaranayake5377
    @visalyasamaranayake5377 11 місяців тому +274

    මෙතෙක් සම්මාන රාත්‍රීන් තුල මා දැකපු ලස්සනම වැඩක්.. appreciate 😍

  • @anu7198
    @anu7198 11 місяців тому +44

    මේ සින්දු 70 දශකයෙ සින්දුලු.. ඒත් 90 දශකයෙ ඉපදුන මට ඒ සින්දු ඔක්කොම වගේ කටපාඩම්.. දැන් සින්දු නම් එකක්වත් මන් දන්නෙ නෑ..මේ වගේ දශක ගානක් පවතින සින්දු නම් ආයෙ හැදෙන්නෙ නෑ.. රූකාන්ත වගේම භාතිය සන්තුශ් ටත් කවද හරි මේ වගේ සම්මාන ලැබිය යුතුයි. විශේශයෙන් මේ සින්දු ලියපු සහ සංගීතය සපයපු ශ්‍රේශ්ටයන් වත් මතක් කල යුතුමයි.. ඒ ලස්සන වචන සහ සංගීතය ප්‍රියා මහත්මයාගේ කටහඩ සමග මුසු වූ ලස්සනම ලස්සන සින්දු ❤️❤️❤️❤️❤️

    • @thushanikalubowila2926
      @thushanikalubowila2926 11 місяців тому +6

      මේවා අහන්න ඕනී එක පාරයි නිකන්ම හිතේ තැන්පත් වෙනවා, ඒ තරම් ලස්සනයි 😊

    • @Jasmine-p3m
      @Jasmine-p3m 2 місяці тому +1

      Oyath mang wage❤

  • @HeshanLakpriya
    @HeshanLakpriya 10 місяців тому +7

    ප්‍රියා Sir.. ඒ සින්දුවක් කොහෙන් ගියත් ඇහෙනවමයි. නව පරපුරේ ගායකයන්ට ගොඩක් දේවල් ඉතුරු කරපු ඔබට නීරෝගි සුව!! ❤️

  • @virajchathuranga6959
    @virajchathuranga6959 Місяць тому +58

    කෙනෙක් නැති වෙන්න කලින් මෙහෙම ඇගයීමක් කල එක ගැන ගොඩක් වටිනවා❤❤ මේවා සිංදු නෙමෙයි තනිකර ඇබ්බැහිවීම්❤

  • @wandanadissanayake9489
    @wandanadissanayake9489 11 місяців тому +185

    මරණය අප කාටත් පොදු දෙයක්.ඒත් අපව සැනසූ නැලවූ මෙවන් උතුම් මිනිසුන්ගේ මරණයට පෙර මෙවැනි උත්තමාචාරයක් ලබාදුන් සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුශම වේවා!

  • @suneraranawarana8720
    @suneraranawarana8720 11 місяців тому +10

    Rookantha කියපු සින්දු ටිකනම් අයේ supereb❤❤

    • @pluspro9397
      @pluspro9397 11 місяців тому

      අනිවාර්යයෙන් 👍

  • @nilnethu6637
    @nilnethu6637 11 місяців тому +649

    ජීවත් වෙලා ඉද්දී ප්‍රියා සූරියසේන මහත්තයා අගය කරාට ගොඩාක් පිං ❤ ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි ❤

  • @damindasanjeewa-l8t
    @damindasanjeewa-l8t 11 місяців тому +38

    අනේ සර්... ඉක්මනට සනීපවෙලා එන්න... අපි තාම වේදිකාව පාමුල බලාගෙන ඉන්නවා ඔයාගේ ඒ අමරණීය ගී මිහිරේ නැහැවෙන්න. අප කල යම් යහපත් දෙයක් වෙනම් ඒ සත්‍යය මත පිහිටාම ඔබ සුවපත්වේවා..

  • @SamSenarathne
    @SamSenarathne 11 місяців тому +393

    මේක බලද්දි නිකන්ම ඇස්වලට කඳුළු ආවා. මං අලුත් පරපුරේ කෙනෙක්. එතුමා ගී ගයපු කාලේ නොහිටපු කෙනෙක් වුණත් මේ ගීත නිතර අහලා තියෙනවා. අපේ අම්මලා තාත්තලා කියන විදියට එයලගෙ තරුණ කාලේ මෙතුමාගේ ගීත පිස්සුවෙන් වගේ ඇහුවලු.එයාල අදටත් මුමුණන්නේ මේ ගීත. අලුත් පරණ හැම ලස්සන නිර්මාණකටම ආදරේ කරන කෙනෙක් විදියට මෙතුමා ඇතුළු හෘදයාංගම නිර්මාණ කලාවට දායාද කළ හැම නිර්මාණකරුවෙකුටම ගොඩක් ගරු කරනවා.❤ඔබතුමාට නිරෝගිසුව දීර්ඝායුෂ ලැබේවා!❤

    • @amalmedawala899
      @amalmedawala899 11 місяців тому +3

      Oba eya therum genima loku deyek.🙌🏽

    • @swarangaridmi
      @swarangaridmi 11 місяців тому +8

      ඇත්තටම මොක්දෝ හේතුවකට මටත් කඳුලු ආවා.... පැරණි ගීත කොයිතරම් දැනෙනවද.. 🥹💆❤️✨️

    • @Tyroneweiman
      @Tyroneweiman 11 місяців тому +2

      A heart warming comment from a 'NewGen' young guy appreciating our teenage days superstar Priya Suriyasens of Jothipala, Clarence, Milton fame. Thank you.

    • @Nadeeka-f8y
      @Nadeeka-f8y 2 місяці тому

      ඔයාගේ ඒ අගය කිරීමට නම් එකෙන්ම respect ...🙏🙏

    • @nimanthajayamal419
      @nimanthajayamal419 Місяць тому +2

      😂😂😂😂අලුත් පරපුරේ උන්ටත් පරණ උන්ටත් ලංකාවේ සංගිතය තුල 3024ත් අහාන්න තියන්නේ මේ සිංදු විතරයි බන් 2000න් පස්සේ ආපු එක සිංදුවක් තියනවාද අවුරුදු 20ක් අසාවෙන් අහාන්න පුලුවන්

  • @Sandakathmini01
    @Sandakathmini01 Місяць тому +28

    අභාවයට පත් ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ
    සංසාර භව ගමන සුවපත් වේවා.

  • @VinuSuraweera
    @VinuSuraweera 11 місяців тому +484

    ඇස් දෙකට කඳුළු පිරුණා ඒ වගේම ගොඩාක් ආදරේ හිතුනා සම්මාන වලදී පියාසූරියසේන මහත්තයා වෙනුවෙන් කළ මේ උපහාරයට ආදරෙයි හැමදාමත් ඒ සින්දු වලට ❤ නිදුක් නිරෝගී සුවය ඉක්මනින් ප්‍රාර්ථනා කරනවා

    • @isharabimbiperera7027
      @isharabimbiperera7027 11 місяців тому +6

      දැන් මේ වගේ සින්දු හැදෙන් නැත්තේ ඇයි 😢

    • @shyamakodikaragedias6244
      @shyamakodikaragedias6244 11 місяців тому +6

      මේ ඇගයීම හරි වටිනවා ඔහුගේ මතකයන්ට.මේ වගේ ගීත නෑ දැන්

    • @shyamakodikaragedias6244
      @shyamakodikaragedias6244 11 місяців тому

      ​@@isharabimbiperera7027 ප්‍රේම කීර්ති වගේ අය ලෝකෙටම එකයි Darling

    • @shyamaranawake2342
      @shyamaranawake2342 11 місяців тому +6

      හරිම සංවේදී අවස්ථාව ක්...ලස්සන ගීත රැසකට හිමිකම් කියූ ගායකයෙක් ...❤❤

    • @dilanmadanayake1486
      @dilanmadanayake1486 Місяць тому

      Ow malli

  • @dumindamudalige9206
    @dumindamudalige9206 11 місяців тому +149

    Excellent.අවශ්‍ය දේ අවශ්‍ය වේලාවට පිරිනැමුනා.ගායනයට සම්බන්ධව වුණු සියලුම ගායක ගායිකාවන් ඔවුන්ගේ උපරිම ගෞරවය පුදකලා.ස්තුතියි ප්‍රියා සුරියසේන ගායකයාණෙනි.ඔබට නීරෝගී සුව ලැබේවා.තෙරුවන් සරණයි!!!

    • @bandaralewpe1454
      @bandaralewpe1454 11 місяців тому +1

      Aniwaryenma oba hari,,❤deergau wewa suwapath wewa,,niduk nirogee wewa budusaranai jesu pihitai, adaraniya priya...sir,

    • @githafernando9217
      @githafernando9217 11 місяців тому

      We love you........❤ for ever ..
      And ever ..........❤❤

  • @ThanujaSanjeewani-p3d
    @ThanujaSanjeewani-p3d 11 місяців тому +236

    මේ පාර මේ සම්මාන උළෙල හදවතට දැනුනා.

    • @lesleythamel9751
      @lesleythamel9751 11 місяців тому +1

      MATA MA GENA BAYA HITHUNA...PRIYA...IKAMAN SUWAYA OBATA LEBEWA..

  • @rashikachandima7840
    @rashikachandima7840 11 місяців тому +134

    පරන අය තරම් කාටත් feeling වෙන්න ගයන්න බෑ..රූකාන්ත මහතා චන්ද්‍රලේකා මහත්මිය respect ..

    • @suneraranawarana8720
      @suneraranawarana8720 11 місяців тому +4

      සිරාවටම බන්.එකනම් වෙනම රහක්
      මාරම ලස්සනයි රැකාගේ singing❤

    • @Ruwan-y6g
      @Ruwan-y6g 2 місяці тому +1

      රූකාන්තට ප්‍රියා ට ලංවෙන්න බැ ප්‍රියා කියන්නේ පුරාවුර්තයක් 💪

  • @amilajanaka6008
    @amilajanaka6008 Місяць тому +21

    අනේ දෙයියනේ කොමෙන්ට් එකක් නොදාම බැහැ මගේ ඇස් දෙකින් කඳුළු ගඟක් විතර ගැලුවාදෙයියනේ මට මගේ තාත්තා මතක් උනා අනේ සර් ඔයාට නිවන් සුව අපව ගීත වලින් රසවත් කලාට

  • @nisansalamoraes5988
    @nisansalamoraes5988 11 місяців тому +94

    😮මේ තත්ත්වය දන්නෙත් අදයි. හොද දක්ෂ සිංහල වෙද මහත්තයෙක් ප්‍රියා අංකල්ට හමුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. තෙරුවන් සරණයි..

  • @nadeeshapinto5345
    @nadeeshapinto5345 11 місяців тому +397

    දුකයි වේදනාවයි සතුටුයි එක වගේම දැනෙනවා..ප්‍රියා සූරියසේන ආදරනීය කළාකරුවානනී ඔබතුමන්ට නිරෝගී සුවය ලැබේවා.ආදරෙයි ❤

  • @achalagimsara6888
    @achalagimsara6888 Місяць тому +28

    මේක ඒ තරම්ම ලස්සන නිසා ඊයේ රෑ 1 ට විතරක් බැලුවා අද පාන්දර (2024/12/24) අනේ හරිම දුකයි. අද එලි වෙද්දි එතුමා සමුඅරන් නිවන්සුව ඔබතුමාට සදානුස්මරණීයයි 😢❤

  • @preethikasubhashini1792
    @preethikasubhashini1792 11 місяців тому +159

    හිසනමා ආචාර කරමි
    ඔබ තුමන්ට ඉක්මනින්ම නිදුක් නීරෝගී බාවයම ලැබේවා. ❤❤

  • @MithilanJayaMohan
    @MithilanJayaMohan 11 місяців тому +18

    ප්‍රියා සූරියසේන මහතාගේ ගම නාත්තන්ඩිය අක්කරාස්සුව ප්‍රදේශය. අපේ ගමට අල්ලපු ගම. ❤️

  • @Virangadesini532
    @Virangadesini532 11 місяців тому +223

    "ඈත රන් විමන් " ප්‍රියා සූරියසේන මහත්මයාගේ මන් ආසම සිංදුව 🥺❤️ ඇත්තටම ඇඩුනත් එක්ක මේක බලද්දි යුග ගණනක සිත් සැනසූ අපූරු හඩ "ප්‍රියා සූරියසේන " 🥺❤️ එතුමාට නිදුක් නීරෝගී දීර්ගායුශ සුව පතනවා 🙏❤️

  • @udeshiudeshi173
    @udeshiudeshi173 11 місяців тому +41

    ඉස්සර ට්‍රිප් යනකොට එතුමන්ගෙ සිංදු කියන්න අමතක කලේම නෑ. මේ උපහාරය නම් හරිම අනර්ඝයි. ඒ විදියට එතුමාව දකින්න ලැබීම පුදුම දුකක්. ඇත්තෙන්ම ඇඩුනා . අනන්ත බුදුගුණ බෙලෙන් එතුමන්ට නිදුක් නීරෝගී සුවපත්භාවය ලැබේවා..!!! 😢😢😢

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 11 місяців тому +188

    ඒ සිංදු නම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ❤

    • @kanti7069
      @kanti7069 11 місяців тому +2

      Eka attha

  • @dineshkumara8098
    @dineshkumara8098 11 місяців тому +83

    ඉස්සර අපි ආදර හසුන් වලට ගත්තෙ ප්‍රියා මහත්තයගේ ගීත වල ලස්සන වදන් .මොහොතක සුවදෙන චංචල ලෝකයේ,ඉස්සර මා ඔබ දකින්න ආවේ,රටකින් එහා,හදවත ඉල්ලා. මොන තරම් සුන්දර ගීත ද,අනික සන්ෆ්ලවර් රැල්ල ආරම්භ කලේ එතුමා තමයි මුලින්ම .ඉතින් එතුමා ජීවතුන් අතර සිටියදීම ඔහුට සම්මානය තිළිණ කලාට ගොඩාක් ස්තුති 🙏, පිදිය යුත්තන් අනිවාර්යයෙන්ම පිදිය යුතුමයි .

  • @madushichathurika6717
    @madushichathurika6717 11 місяців тому +15

    ඇස්වලට කඳුළු ආවා. ප්‍රියා සූරියසේන කියන්නේ මගේ අම්මගේ ආසම ගායකයා ඇත්තටම එතුමාගේ සින්දු වලට මගේ අම්මා වගේම මාත් ගොඩක් කැමතියි. මේ වගේ සම්මානයක් දීලා එතුමා අගය කරපු එක ගොඩාක් වටිනවා. එතුමානන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏❤️❤️❤️
    ජේසු පිහිටයි!!!!!!!........

  • @sriyani5529
    @sriyani5529 11 місяців тому +23

    ඇත්තටම මට ඇඩුම නවත්ත ගන්න බැරි උනා මෙික බලලා ඔබතුමාට ඉක්මනින් සුවය ලැබෙිවා බුදු සරනින්

  • @UdayaHettige-g2k
    @UdayaHettige-g2k 11 місяців тому +1259

    ප්‍රියාසුරියසේන ගායකයා ට සින්දු ඔක්කෝම වාගේ ලිවෙ ප්‍රේමකිර්තිද අල්විස් . මෙ වෙලාවෙ එතුමාටත් යමි උපහාරයක් කල යුතයි. ප්‍රේමකිර්ති නැත්නමි ගොඩාක් ගායකයෝ නැ. අදටත් සමහරක් ජිවත් වෙන්නේ ඔහු නිසා.

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe5977 11 місяців тому +9

    ප්‍රියා සූරියසේන මහත්මයාට මෙය ලැබීය යුතුම සම්මානයක්.මෙවන් ගීත රචකයන්ට,තනු නිර්මාපකයන්ට,ගායක ප්‍රියා මහත්මයාට ගොඩක් පිං,ස්තුතියි බුදු සරනයි දිර්ගායුස ලැබේවා !!!!!!!!

  • @ashokaLandagea
    @ashokaLandagea 11 місяців тому +225

    පපුවට මොකක්දෝ ලොකු වේදනාවක් ආවා ඔහු ඉන්න විදිය දැක්කමනම් කාලයක් ලංකාව බැබලවූ අසහාය ගායකයෙක් දීර්ඝායු ඔබට

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 11 місяців тому +3

      Man dubai seybawinama අඩුව math mara watainawa a agaimata 😊😊🇦🇪🇱🇰

    • @sureshamarasinghe924
      @sureshamarasinghe924 11 місяців тому +4

      කාලයක් නෙමෙයි.... දැනටත්.... මරන්න බැරි melodies මේවා❤❤

    • @ashokaLandagea
      @ashokaLandagea 11 місяців тому +3

      @@sureshamarasinghe924 ඔව් අදටත් මේ අයගෙ ගීත වලට සමාන කරන්න පුලුවන් ගීත බිහිවෙලා නෑ අනාගතේ බිහි වෙයි කියල හිතන්නත් බෑ

    • @prabuda_dayarathna875
      @prabuda_dayarathna875 11 місяців тому +3

      ලෝක ස්වභාවය මෙසේය

    • @ajithrock
      @ajithrock 2 місяці тому +1

      ඇත්ත 😢

  • @asithasaminda1078
    @asithasaminda1078 11 місяців тому +29

    අඩ අඩා බලපු එකම මියුසික් ප්‍රෝගෑම් එක.. අනේ එතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා..❤️🙏🙏

  • @sujithwarnakulasuriya2901
    @sujithwarnakulasuriya2901 11 місяців тому +92

    ප්‍රියා සූරියසේන නම් විශිෂ්ඨ කලාකරුවා වෙනුවෙන් කරන මේ ඇගයීමනම් මාරම වටිනවා ❤️. විශිෂ්ඨයි 🔥.
    සම්බන්දව කටයුතුකළ හැමෝටම ආඩම්බර වෙන්න පුළුහන් නිහතමානීවම . ඇගයීමකට ලක් කරන්න ඕනේ එම පුද්ගලයින් ජිවත්ව ඉද්දීයි . ඒකයි මේ උපහාරය වටින්නෙ .
    ස්තූතියි .

  • @tharu1987
    @tharu1987 11 місяців тому +6

    මෙක කොච්චර ලස්සන දෙයක්ද මැරුනට පස්සේ ගුන වයනවට වඩා, එයා ඉස්සරහම මේ වගේ උපහාරයක් දුන්න එක කොච්චර වටිනවද, එතුමට කොච්චර සතුටක් දැනෙන්න ඇතිද? මේ වගේ දෙයක් මේ සම්මාන උලෙළට සම්බන්ධ කරපු සැමටම බොහොම ස්තුතිය 🙏❤️💐

  • @withinK783
    @withinK783 11 місяців тому +219

    මේ සිංදු හැම එකක්ම අදටත් තාම තරුණයි. ඕනම වේදිකාවක ඕනම කෙනෙක්ට වැඩ දාලා හැඩ දාලා ගයන්න පුලුවන් ගීත. ඒත් ප්‍රියා සූරියසේන ගේ හඩ මාරම එකක් ❤ බොහොමයක් වර්තමානයේ ගීත රැල්ලට බිහි වෙන අතරේ හොයා ගෙන හරි ගිහින් අහන්නේ මේ වැනි ගීතම තමා. ඉදිරියේදි මේ ගීත යටපත් නොවේවායි කියා මගේ පැතුම. ඔබට දීර්ඝායූ ❤️

    • @mgsmadhumalee325
      @mgsmadhumalee325 11 місяців тому +5

      සැබැවින්ම ඔබ හරි.දුකයි වෙිදනයි..80දශකයේ අපේ පුංචි කාලෙ ගීත

    • @withinK783
      @withinK783 11 місяців тому

      @@mgsmadhumalee325 අනිවාර්යයෙන් . ඒත් මන් 90 දශකයේ මුල් භාගයේ . අපිට මේවා නිකම් හරි කන වැකුණු නිසා මේ ගීත වල රස හොදටම දන්නවා. ඒත් අපෙන් පස්සේ පරම්පරාවට මේවා විදින්න පුලුවන් වෙනවද කියන එක ප්‍රස්නයක් 😑

    • @withinK783
      @withinK783 11 місяців тому

      @@mgsmadhumalee325 අනිවාර්යයෙන් . ඒත් මන් 90 දශකයේ මුල් භාගයේ. මේවාගේ කලා නිර්මාණ වර්තමානයේ රැල්ලට යන ගීත එක්ක යට යයි කියලා ලොකු බයක් තියේ. අපිට ඒ කාලේ නිකම් හරි කන වැකුණු නිසා තමා මේ තරම් මේ ගීත වලට ආදරේ ❤️

  • @RanjanaDeshaka
    @RanjanaDeshaka 12 днів тому +2

    කලා කෙත තුල එදාමෙදා මා දුටු ලස්සනම වැඩක්.නොදැනිම කදුලු අාවෙ.තෙරැවන් සරනයි සහයෝගය දැක්වු සැමට.නිවන් සුව ලැබෙිවා අාදරනිය හදවතේ නොමියෙන කලාකරැවානෙනි

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 11 місяців тому +62

    එතුමා දැක්කාම හරියට දුක හිතුණා ,නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා 🙏🙏

  • @hirushkarukshan3213
    @hirushkarukshan3213 Місяць тому +11

    අසමාන වූ ඒ අප ආදරේ…
    කිසිදා බිදෙන්නෑ සැකයක් නැතේ..
    නිවන් සුව මාහා ගාන්ධර්වයාණී!😢💗

  • @nilukapallewatta4357
    @nilukapallewatta4357 11 місяців тому +83

    පට්ට අවුල් මට නම්. සුපිරි ගායකයෝ

  • @MalindaG
    @MalindaG 11 місяців тому +30

    ඒ ටික අහගෙන ඉන්න විදිහ දැක්කම නොදැනීම දෙනෙතට කඳුළක් ඉනුවා. චිරං ජීවතු ගාන්ධර්වයානෙනි. ප්‍රියා සූරියසේන 😢❤😇

  • @madushaniherath5122
    @madushaniherath5122 11 місяців тому +53

    ඒ සින්දු ටිකට ඇගේ හිරිගඩු පිපෙනව ඒ තරම් ලස්සනයි ❤

  • @dild3732
    @dild3732 11 місяців тому +14

    ජීවත් වෙලා ඉන්න කාලෙම ප්‍රියා සූරියසේන මහත්මයාට ඇගැයීමක් කලාට බොහොම පිං...විරහා ගී ලොවේ රජු....එතුමාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂම ලැබේවා...

  • @holybible1551
    @holybible1551 11 місяців тому +43

    රයිනිගේ voice❤ආදරනීය නේරන්ජනා කියනකොටත් මාර දුකක් දැනුනා

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 11 місяців тому +78

    මෙි මාගේ පාසැලේ ආදරණීය ගුරැතුමා සහ එතුමගේ ආදරණීය බිරිඳ ( ආදරේට කිවිවෙි කුමාරි ටීචර්) ගුරැතුමිය.අපි හරිම ආදරයෙන් එම දෙපළ ළඟ සිප් සතර හැදෑරැවා.ප්‍රියා සූරියසේන මහතා සහ කුමාරි ටීචර් ආදරය කරන කාලේ එකම ගමෙි ඉදල තියෙන්නේ මට ගම මතක නැහැ.පසුව එතුමාට මාරැවීමක් ලැබුනා කොළඹ අපේ පාසැලට.අපිට හරිම සතුටුයි.එතුමාගේ පැමිණීම ගැන අපි නිතරම ගිහින් විවෙික වෙලාවට සිංදු කියන්න කියලා කරදර කරනවා.එතුමා එකල අතිශය ජනප්‍රියයි.(1978)ඒ කාලේ කුමාරි මිස්ව ගමෙි දාලා ආපු එක ගැන එතුමා හරි දුකින් හිටියේ ඒ දවස්වල තමයි රටකින් එහා ගීතය හැදුවෙි.ඒ දවස්වල ලංකාවෙි අය මැදපෙරදිග යන්න පටන් ගත්ත කාලේ ඒනිසාම එම ගීතය තව තවත් අතිශය ජනප්‍රිය වුනා.එතුමා නවාතැන් ගෙන හිටියෙත් අපේ ගෙවල් ආසන්නයේමයි.පසුව කුමාරි ටීචර් ද මාරැවක් ලාබාගත්තා කැලණිය ගුරැකුල පාසැලට කැලණිය දුර නිසා එතුමා කැලණියට ගිහින් කුමාරි ටීචර් ව අපේ පසැලට එව්වා.එතුමිය සමඟත් අපි ඉතා සුහඳව කාලය ගතකලා.එතුමිය හරිම ගුණ යහපත්. පසුව ටික දිනකින් ඔවුන් විවාහ වුනා.දරැවෝ ලැබුණෙත් අප පාසැලේ ඉන්න කාලේදීමයි.ඒ කාලේ හරිම සුන්දර ආදරණීය අතීත මතකයක් එදා සිට අද දක්වාම හදවතේ වැළඳගෙන ඉන්නේ හරිම ආශාවෙන්.ඒ සුන්දර මිනිස්සු මෙහෙම දකිනකොට මගේ හදවතට හරිම වෙිදනාවක් දැනුනා .මට හොඳටම ඇඬුනා.මමත් මෙි මොහොතේ රෝගීවී රෝහල් ගතවෙලා ඉන්නේ.ඔබට තෙරැවන් සරණයි 🙏🙏ආදරණීය ගුරැතුමනි.සුබ පතමි.චිරං ජයතු ❤️❤️❤️(මෙි ටික ලියාගත්තේ මමත් බොහොම අසීරැවෙන්)

    • @kumaribalasuriya8879
      @kumaribalasuriya8879 11 місяців тому +5

      Obatath Ikkman suwaya Prarthana karami!

    • @seethapremalatha6357
      @seethapremalatha6357 7 місяців тому +2

      Mae dae aththanma uthum aadarayak apeta balaa waedanae ape hamoma aadarae athumaa ta ekman neroge suwaya parthana karanawa mawa done ayalagae aadaraya duka ape dakka aadarae puthae tharuwan saranai !!!❤❤❤❤❤❤❤❤

    • @anushikalalanthi7453
      @anushikalalanthi7453 7 місяців тому +2

      ❤❤❤

    • @erandiperamunugamage3583
      @erandiperamunugamage3583 7 місяців тому +3

      නිරෝගී සුවය

    • @NimanthaMahesh-ti5ol
      @NimanthaMahesh-ti5ol 7 місяців тому +1

      Great priya, but fucking new generation don't take his valuable creation and earn money. Don't vandalise them.

  • @sarindusrimall663
    @sarindusrimall663 11 місяців тому +154

    ඒක නම් ගොඩක් දැනුනා සංවේදී අවස්ථාවක්. ජීවත් වෙලා ඉන්න කාලෙම ප්‍රියාව මේ වගේ ඇගයීමට ලක් කිරීම ඔහුගේ ගීත කලා ලොවේ දැවැන්තයින්ගේ හඩින් ඔහු ඉදිරිපිට ගායනා කිරීමට සලස්වමින් ඔහු ලැබූ සතුට සුමති සමූහ ව්‍යාපාරට බෙහෙවින් ස්තූතියි 💖👍

  • @cookwithshan3025
    @cookwithshan3025 11 місяців тому +18

    ගොඩක් හිතට දැනුණා අඩ අඩ තමා අන්තිම ටික බැලුවේ අවශ්‍ය වෙලාවට එතුමා ඇගයීමට ලක් උනා ප්‍රරවීන ගායන ශිල්පී ප්‍රියා සූරීයසේන මහතා ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤

  • @nishadiprabhashi2316
    @nishadiprabhashi2316 11 місяців тому +120

    ප්‍රියා සූරියසේන මහත්මයා..❤️මං හරිම ආසයි එතුමාගෙ ගීතවලට...❤️මේ අගය කිරීම ඉතාම වටිනවා..❤️💐නිදුක් නිරෝගි සුවය පතමි...❤️💐ඈත රන් විමන් තුලින් පාට සේලයෙන් සැදී..❤️😍මං ආසම ගීතයක්...

  • @devikawickramasinghe1412
    @devikawickramasinghe1412 11 місяців тому +23

    අපි නව පරපුරේ උනත් මෙතුමාගේ ගීත අහන්නෙ පිස්සුවෙන් වගේ.කවදාවත් එපා වෙන්නෙ නැති ගීත සහ ඒ ගීතවලටම ගැලපෙන අද්විතීය හඬක් ප්‍රියා මහත්මයාට තියෙන්නෙ.නිදුක් නිරෝගී සුවය,දීර්ඝායුෂ ලැබේවා ඔබට🙏🙏🙏🙏🙏🙏🙏

  • @GaneshKaviTv
    @GaneshKaviTv 11 місяців тому +101

    ඒ සිංදු නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ😢❤.ඉක්මන් සුව ඔබතුමාට❤😢

  • @ChandanaShamira
    @ChandanaShamira 11 місяців тому +33

    💘 ආදරණීය ගායකයාණෙනි මහා ගීත ගායක ප්‍රියා සූරියසේන මහතාට දීර්ඝායුස ලැබේවා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ බළයෙන් බුද්ධ ශක්තියෙන් බුද්ධ අධිෂ්ඨානයෙන් සුව පත් වේවා 🙏🙏💕💞❄💘❄🇱🇰

  • @udayanganeeranasinghe1093
    @udayanganeeranasinghe1093 11 місяців тому +82

    එතුමන් ඇස් ඉදිරියේ ඒ දුන් ගෞරවය අගය කිරීම වචනවලින් කියන්න බැරි තරම් වටිනවා❤️🙏❤️ රසික සිත් ගීතයෙන් සුවපත් කළ පිනෙන් ඉක්මනින් සුවය ලැබේවා කලාකරුවණනි🙏

    • @saduniwanasinghe-ki4wm
      @saduniwanasinghe-ki4wm 11 місяців тому +1

      දීර්ඝායුෂ ලැබේවා කියා පතමි ❤

    • @saduniwanasinghe-ki4wm
      @saduniwanasinghe-ki4wm 11 місяців тому +1

      ඇති යාන්තම් නිවේදිකාව සංවරව ඇවිත්

  • @samansaman2520
    @samansaman2520 11 місяців тому +23

    ප්‍රියා සූරියසේන. මිල්ටන් මල්ලවආරච්චි. ජොතිපාල. ක්ලැරන්ස්. වික්ටර් රත්නායක. අපේ රටේ ඉතිහාසයේ කවදාවත් අමතක නොවෙන හොදම ගායකයෝ ටික තමයි ඉතින් ❤❤❤️❤️🌹

    • @RuwanIleperumaarachchi
      @RuwanIleperumaarachchi Місяць тому

      Tm ජයරත්න

    • @chathuridesilva4245
      @chathuridesilva4245 Місяць тому

      ඇත්ත,සෝමතිලක ජයමහ,ගුණදාස කපුගේ,මර්වින් පෙරේරා,අමරදේව,ෂර්ලි වෛජන්ත,රූකාන්ත,

    • @asithanilanka2000
      @asithanilanka2000 Місяць тому

      Milton perera

    • @sadinithsura
      @sadinithsura Місяць тому

      Sunil edirisingha

  • @SaumyaSaloon
    @SaumyaSaloon 11 місяців тому +53

    අනේ මාරම වටිනව ලස්සනයි මේ ඇගයීම නම්....😢😢😢😢😢😢😢😢😢

  • @rupikakalyani3765
    @rupikakalyani3765 11 місяців тому +13

    එතුමාගේ ගීත අනෙකුත් ගායක ගායිකාවන් හරිම ලස්සනට ගායනා කලා,විශේෂයෙන්ම රූකාන්ත ගුණතිලක හා භාතිය සන්තුෂ් යන ගායක මහතුන් .

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 11 місяців тому +78

    මෙතුමාට නිදුක් නිරෝගී සුවය ඉක්මනින් ම ලැබේවා ...!!දීර්ඝායුස ලැබේවා ....!! හැමදාමත් ඔබ තුමා අමරනීයයි.බුදු සරණයි....!! සියලු දෙවිරැකවරණයි ....!!

  • @sudheshwijerathna6464
    @sudheshwijerathna6464 9 місяців тому +6

    ජීවත්ව සිටියදී කල මේ උපහාරය ඉතාමත්ම වටිනව. මගේ හදවතේ ගායකයෙක්. ඈත රන් විමන් තුලින් මගේ ප්‍රියතම ගීතය. සදා අමරණීයයි ඔබ අපේ හදවත්වල. නිරෝගීමත් වේවා කළාකරැවානනි. දීර්ඝායුශ ලැබේවා .

  • @coverlog.27
    @coverlog.27 11 місяців тому +62

    ඒ මිනිස්සුන්ට මේ සතුට ලැබෙන්නම ඕන කරලා තියෙන නිර්මාණවල හැටියට..❤

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 28 днів тому +2

    මෙතුමා නැති උනත් මේ ගීත කවදාවත් නැති වෙන්නේ නෑ.
    නිවන් සුවය ලැබේවා 🙏🙏

  • @Rps-d6o
    @Rps-d6o 11 місяців тому +45

    ඇත්තටම ඇඩුනා..😢😢😢එතුමන්ට නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏තෙරුවන් සරනයි 🙏

  • @Lavendercloxds
    @Lavendercloxds 11 місяців тому +21

    ඇත්තටම මෙවැනි විශිෂ්ට කලාකරුවන් පුද්ගලික අංශයෙන් උනත් ඇගැයීම ඉතාමත් වටිනවා .❤️

  • @hasantha5211
    @hasantha5211 11 місяців тому +53

    මමත් තේරෙන කාලෙ ඉදන්ම අහන්න ආසම සින්දු.මෙතුමාට ඉක්මන් සුවය ලැබේවා .

  • @DiliniBiyagama
    @DiliniBiyagama 11 місяців тому +15

    අනේ මටත් ඇඩුනා.මම ආසම ගායකයෙක්.මම රට ජීවත් වෙන්නෙ.නමුත් මම ඔහුගෙ සිංදු තවමත් අහනවා.අමතක නොවන සහ නොමැරෙන සිංදු.
    පුදුම ලස්සනක් ඒ සිංදු.හරිම දුකයි ඔහුව අසනීප වෙලා දැක්කහම. ආදරණීය කලා කරැවෙක්.ඔබතුමා අපේ හදවතේ ජීවත් වෙනවා අපි මැරෙනකම්ම.ඒ වගේම අපි මැරෙනකම් ඔබ තුමාගේ සිංදු රසවිදිනවා.ඒකට ඔබතුමාට ගොඩක් පිං.
    ඉක්මනින් සුවපත් වේවා.
    බුදු සරණයි ඔබතුමාට
    මම දිලිනි ජර්මනියෙන්.

  • @sameeramadusanka7329
    @sameeramadusanka7329 11 місяців тому +5

    ජිවත් වෙලා ඉද්දි ලැබේන මේ දේවල් කොච්චර වටිනවද නැති උනාම කරන ඒවට වඩා...බොහොම පිං.කොච්චර සතුටක් ඇතිද ඒ හිතට...🙏❤️

  • @ramaniml
    @ramaniml Місяць тому +4

    දුප්පත් අහිංසක ජනතාව ගේ හිත මොහොතකට හෝ ඔබ තුමාගේ ගී හඩ ඇසෙන විට සැනසිල්ලක් ගෙනාවා... 😢
    ඔබට බොහොම පිං
    සුබ ගමන්..

  • @mishedasamarakoon2762
    @mishedasamarakoon2762 11 місяців тому +58

    වටිනා ඇගයීමක් ❤❤

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 11 місяців тому +6

    හරිම දූකයි ඇත්තටම😢😢 ඔබතූමාට නිදූක් නිරෝගී සූවය ලැබේවා🙏 දීර්ගායූශ වේවා🙏 අපි කොයිතරම් කැමතිද ඔබේ ගී වලට🎶🎸🎶🎸💯 සතූටූයි ඔබතූමාට මේ වගේ ඇගයීමක් කලාට❤️🌹❤️❤️💐💐💐💐❤️🌹❤️❤️

  • @wolfboygaming-nm4ok
    @wolfboygaming-nm4ok 2 місяці тому +8

    ප්‍රියා සූරියසේන මහතාගේ සැබැ ගායනා රස ගන්න බැ😍

  • @Sanyumi
    @Sanyumi Місяць тому +3

    හරිම හොද දෙයක් මියගිය පසු මොන තරම් ගුන ගැයුවත් වැඩක් නැහැ වයසට ගිහින් තමන්ගේ දක්ශතාවය ඉදිරිපත් කිරීමට නොහැකි වෙත්දී මේ වාගේ උපහාරයක් කරනවා කියන්නේ මිල කරන්න බැරි තරම් වටින දෙයක් මේ අදහස පහල වූ සැමට හොඩාක් පිං එතුමාහේ හිතේ මොන තරම් සතුටක් ඇති වෙන්න ඇතිද ඒ වාගේම ප්‍රියා සූරියසේන මහත්මා වාගේ උපහාර ලැබිය යුතු අය සොයා උපහාර දක්වන්න මෙය සංවිධානය කල සැමට හැකියාව ලැබේවා ❤

  • @dananjayawanigasekara8377
    @dananjayawanigasekara8377 11 місяців тому +13

    ප්‍රේමකීර්තිද අල්විස් මහතත් මේ වෙලාවේ මතක් කරන්න ඕන.එතුමාට නිවන් සුව.

  • @niranjipiumali7382
    @niranjipiumali7382 11 місяців тому +9

    අම්මෝ ඒ සින්දු වල ලස්සන 😍🥰 ප්‍රියා සූරියසේන සහෘදයාණෙනි ඔබට ඉක්මන් සුව පතනවා තවත් දිගු කාලයක් දීර්ඝායුෂ සම්පත් ලැබේවා.❤ හදවතේ ගායකයා පෙර පිනකට මෙරටට පහළ වූ අග්‍ර ගණයේ කලාකරුවණි නීරෝගී සම්පත් ලැබේවා ❤❤❤

  • @pradeepakariyawasam5199
    @pradeepakariyawasam5199 11 місяців тому +19

    පිස්සුවෙන් වගේ අහපු සිංදු මේ.... එතුමා සුජීවත්ව ඉද්දිම ඇගයීම ඉතා වටිනවා.. චිරං ජයතු කලාකරුවාණෙනි....

  • @banduladezoysa2038
    @banduladezoysa2038 9 місяців тому +2

    Lovely Priya.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilshanpriyanga
    @dilshanpriyanga 11 місяців тому +27

    කියන්න වචන නෑ.... තාමත් එතුමගේ ගී එකතුවන් ඇති කැසට්පටි තියාගෙන ඉන්නවා... ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රිය කළාකරුවාණනි! ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @nethusworldsl5339
    @nethusworldsl5339 11 місяців тому +25

    පොඩි කාලෙ ඉදන්ම පුදුම ආසම මෙතුමාගෙ සින්දු වලට.. ඒ වෙනස් කටහඩට අපේ කාලෙ නොවුනත් වශී වෙලා වගේ සින්දු අහන්නේ.. ඈත රන් විමන් කියන්නෙ ඊයෙත් අදත් හෙටත් මගේ ආසම ගීතය.. අවුරුදු 28 ක් මට වැඩිපුරම අහලා ඇත්තෙ මෙතුමගෙ ගීත...❤🥺 අම්මා තමයි ගොඩක්ම ඒ සින්දු වලට ආස.. ඒ ආභාෂයෙන් වෙන්න ඇති මමත් ආස උනේ..🥺 පුදුම හැගීම්බර උනා මේ ටික දැක්කම..❤🙏🥺 අදටත් Play list එකේ මෙතුමගෙ සින්දු පිරිලා..🥺❤ ඔබට ඉක්මනින් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා!! ❤🙏

  • @Kamanthi-d3f
    @Kamanthi-d3f 11 місяців тому +33

    ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඒ සින්දු වලට අදටත් අපි ආදරේ.....

  • @sirianasiriana2977
    @sirianasiriana2977 11 місяців тому +16

    මෙම ගීත අදත් අපට වචනයක් නෑර මතකයි. අද කියන සමහර පුස් ගීත වගෙ නෙවෙයි එදත් අදත් හෙටත් මෙම ගීත රසවින්දනය කරන්න පුළුවන් ආදරෙයි ගායකයාණනි ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 11 місяців тому +13

    පාසල් සමයේ සිටම එතුමාගේ ගීතවලට ⁣ආදරය කල අයෙක්මි..පහුගිය කාලයේ එතුමා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හමුවිමෙන් ..... මා ඒ ගැන පැවසුයෙමි...එතුමා බොහෝ සෙයින් සතුටු වූවා මතකය..❤ එතුමා ..එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි....❤❣️❣️💜️ බුදුසරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @shanthapriya4780
    @shanthapriya4780 11 місяців тому +13

    මගේ අක්කලා 70 දශකයේ ප්‍රියා වෙනුවෙන් මැරෙන්න හැදුවා ඒ කාලෙ යොවුන් ගැටිස්සියො පිස්සු වැටිලා හිටියෙ,මම දන්න තරමින් දැන් ඉන්න ශිහාන් මිහිරංගලට ලං වෙන්න වත් බැහැ

    • @Ruwan-y6g
      @Ruwan-y6g 2 місяці тому

      ශිහාන්ගේ සින්දු 10ක්‌ තියෙනවද ජනප්‍රිය 🤣🤣🤣

  • @nukestrom5719
    @nukestrom5719 11 місяців тому +6

    බොහොම වටිනා සම්මානයක්. මිට කලිනුයි ඕක දෙන්න තිබුනේ. ඔබතුමාට ඉක්මන් සුවය පතනවා.
    හොඳම ටික අන්තිමට කට්ටියම රටකින් එහා සින්දුව ඇත්තටම live කියපු ටික.

  • @srimalijayaraththana9401
    @srimalijayaraththana9401 11 місяців тому +2

    ඇත්තටම එතුමා හදවතට දැනෙන්න රසිකයන් ඇදබැද ගත් ගායකයෙක් .පුියා සුරියසේන සහෘදයානනි .ඔබට නඅරො නිරෝගී සුව නිරතුරුවම මුලු හදවතින්ම පුාර්තනා කරමු. තෙරැවන් සරනයි .

  • @MichaelMich-l8l
    @MichaelMich-l8l 11 місяців тому +35

    මේවානෙ සිංදු ....❤❤නිරෝගී සුව ඔබ තුමාට.

  • @SherinDulanji
    @SherinDulanji Місяць тому +2

    දැන්නම්‍ මේ‍ක කොහොමත් බලන්න බෑ ඇඩෙනවා… ඔබතුමාට නිවන් සුව! 🙏

  • @minoshaniperera7425
    @minoshaniperera7425 11 місяців тому +27

    මට මේ vedio දකිද්දී සතුටක් වගේම දුකයි ... ඔබතුමන්ගේ මේ ගීත අපේ කාලයේ වගේම අදටත් ජනප්‍රියයි.. ❤️❤️ ඔබතුමන්හට ඉක්මන් සුවය ලැබේවා !! ජේසු පිහිටයි !! 🙏❤️

  • @Puspa-q9s
    @Puspa-q9s Місяць тому +3

    අැස්වලට කදුක් අවා මන් මෙික ඉස්සේල්ලා බැලුවා හරිම දුකයි එතුමාගේ වියෝව හරි සුන්දර පියෙක් රටට වැඩ දායි දරැවෝ 4ක් රටට බිහිකලා ලෙඩ වෙින්න කලින් මා නොවන වැඩ සටහනේ දරැවෝ ගැන හරි නිහතමානිව කතා කරනවා😢😢😢😢😢

  • @AmaraDodandoowa
    @AmaraDodandoowa 11 місяців тому +2

    අපේ පාසල් කාලයේ ..සරසවියේදී අපි උමතුවෙන් වගේ ඇහුවේ ..කිව්වේ මෙතුමාගේ සින්දු..ඒ ගීත වල සරල බව ..අර්ථවත් බව ..ගීතවත් බව ..ඒවා සදාකාලිකයි ..ඒවා ගැයූ ඒවා ලියූ ..සංගීතවත් කල සියලුම අයට අනේක වාරයක් පින් සිදු වේවා...මේ උපහාරය මිල කල නොහැකියි ..එතුමා ඒක ඇස් දෙකෙන් දැක්කා ..එතුමාට ඉක්මනින්ම සුවය ලැබේවා ..මෙවන් වටිනා රසවත් ගීත දායාද කල පිනෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා ❤❤❤❤

  • @C_M_B123
    @C_M_B123 Місяць тому +2

    ප්‍රියා සූරියසේන මහත්තය සදහටම අපෙන් සමු ගත්ත කියල ආරංචි උනාට පස්සෙ මේක හොයන් ආපු අය 😢 💔

  • @Sv25-s6m
    @Sv25-s6m 11 місяців тому +39

    ආදරනීය දුවෙක් ,සහ බිරිදක් එතුමාට ඉන්නවා ❤

    • @bhagyajayasinghe6183
      @bhagyajayasinghe6183 11 місяців тому +2

      ආදරනීය දියනියන් තුන් දෙනෙක් ,පුතෙක් එතුමාට ඉන්නවා

  • @shyamasam16
    @shyamasam16 11 місяців тому +2

    අනේ එතුමා මෙතරම් අසනීප තත්ත්වයක සිටින බව දැකීම දුකක්. එතුමාට නිරෝගී සුවය පතනවා එතුමා සංගීත ක්ශේත්‍රයට සිදු කල අප්‍රමාණ සේවාව නොනැසී පවතින ගීත ගොන්න වෙනුවන් අප්‍රමාණ ගෞරවය හිමි වේවා!❤️

  • @suranji-u4u
    @suranji-u4u 11 місяців тому +30

    ඒ සිංදු වල රස විදින්න ඒ කටහඩම ඕනි.මේ විදිහට එතුමාට උපහාර දක්වපු එක සතුටුයි...එතුමාගෙ හඩට පුලුවන් වෙනම ලෝකෙකට ගෙනියන්න .තෙරුවන් සරනයි..priya sureyaseena mahathata.❤❤❤

  • @weapitiya
    @weapitiya 11 місяців тому +1

    ගොඩක් හිතට දැනුණා අඩ අඩ තමා අන්තිම ටික බැලුවේ අවශ්‍ය වෙලාවට එතුමා ඇගයීමට ලක් උනා ප්‍රරවීන ගායන ශිල්පී ප්‍රියා සූරීයසේන මහතා ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @chamindasir
    @chamindasir Місяць тому +3

    උපහාර කිරීමට සිතක් පහල වූ ඔබට අපේ ප්‍රනාමය..ඔහු විශිෂ්ටයෙක්...❤

  • @sashinibalasooriya8778
    @sashinibalasooriya8778 Місяць тому +7

    අද සුපිපෙන මල හෙට නොපිපේවී
    ලෝකය දිව යයි වෙනස් වෙලා
    එලෙස වෙනස් වන ලොවෙහි අලුත්වන
    ආදරය ම මම හිඳිමි බලා...
    සුබ ගමන් !❤❤
    RIP Legend 🙏🤍

  • @SriyaJayasinghe
    @SriyaJayasinghe 11 місяців тому +12

    මේ සින්දු මොනතරම් ඇහ්ව්ත් කිසිදාක එපා වෙන්නෑඅමරනීයයි ඔබතුමාට ඉක්මන් සුවයත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරනවා ❤❤❤

  • @AmaramalaniBandarathilake
    @AmaramalaniBandarathilake Місяць тому +1

    🎉 ඉතාම අමරණීය චරිත අතරින් කෙනෙකි ඔහු
    අසහාය ආදරණීය ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහත්මයා
    නිවන් දකීන්න තව කල් තිබෙනවා. නැවත් උපදින්න ජීවිතය ගලායන්න. ඉතින් සබද සමුගනිමු මෙතැනින්. උපදින භවයපුරා🎉🎉🎉🎉 ❤❤❤❤❤

  • @travelwithgolfcar425
    @travelwithgolfcar425 11 місяців тому +5

    මේක නම් අගය කළ යුතුම දෙයක්... මේ වගේ රටක් පිනවූ කලාකරුවෙකුට මේ වගේ හෘදයාන්ගම විදියට සම්මානයක් දීම උතුම් කටයුත්තක්❤❤❤❤

  • @sarojikajayamini227
    @sarojikajayamini227 11 місяців тому +2

    මම පාසැල් යන අවදියේ දි තමයි "සුදු පරෙවි රෑන "ගීතය ඇහු⁣ව්වේ ඒ යුගයේදී පාසැල් ඇරෙන වේලාවට රෙකෝඩ් බාර්වල ඒ සිංදුවම තමයි මතකය ගියා අතීතයට එතුමාට ඉක්මනින්ම සුවය ප්‍රාර්ථනා කරනවා නිදුක් නීරෝගි කායික මානසික සුවය ප්‍රාර්ථනා කරනවා තෙරැවන්සරණයි
    ✍️✍️🙏🙏❤❤❤❤🎶🎶🎶🎶🎶💐💐💐💐💐💐

  • @tharusanjeewani26
    @tharusanjeewani26 11 місяців тому +5

    ඒ සිංදු වලතියන හැගීම අදටවත් කිසිම සිංදුවක මම දකින්නෑ❤ ඒ සම්මානෙ නම් වටිනම පුද්ගලයට ලැබුන..හරිම සංවේදී අවස්ථාවක්..හරිම ආදරණීයයි...දිගු දිගු සුභ නිරෝගී ජීවිතයක් පතනව එතුමන්ට..❤

  • @_babyboyshibu_5699
    @_babyboyshibu_5699 11 місяців тому +3

    සඳ තාරකා හඬාවි, ඈත රන්විමන් මං ආසම ගීත....තරුණ පරපුරේ කෙනෙක්වුනත් මට දැන් කාලෙ බහුතරයක් ගීතවලට වඩා මාරම ලස්සනක්,අර්ථයක් මේ ගීත අහද්දි දැනෙන්නෙ....❤මේක බලද්දි ඇඩෙනවා....ඇත්තටම සතුටුයි ඇගයිමක් ලැබිය යුතු මේ කලාකරුවන් ජීවත් වෙලා ඉන්න කාලෙ එයාලට ලැබෙන්න ඕන හොඳම අගය කිරීම් ලැබෙන එක ගැන....❤️