ඉදිකටු තුඩක හිරිකඩ වැදෙන, මිහිඳුම් වලාවක සැණින් සැඟවීයන... Bellwood 360 View Point
Вставка
- Опубліковано 6 лис 2024
- ඉදිකටු තුඩක හිරිකඩ වැදෙන, මිහිඳුම් වලාවක සැණින් සැඟවීයන... Bellwood 360 View Point
මහනුවර සිට විනාඩි 30කින් පමණ ළඟාවිය හැකි, ඉතාමත් සුන්දර ප්‍රදේශයකි ශ්‍රියාගම. නැතහොත්, අද වන විට කා අතරත් ජනප්‍රිය නමින් කියන්නේ නම්, Bellwood. (Bellwood වතුයාය නිසා එලෙස හැඳින්වේ.) එතැන් සිට තවත් කිලෝමීටර දෙකක පමණ දුරක් ගමන් කළ විට මෙම බෙල්වුඩ් 360 view point එකට ළඟාවිය හැක.
සැබවින්ම අංශක 360කට ඉතාම ආසන්න වටපිටාවක් මෙම ස්ථානයේ සිට නැරඹිය හැක. මහනුවර, හන්තාන කඳු වැටිය, වික්ටෝරියා ජලාශය, නකල්ස් කඳුවැටි, හුන්නස්ගිරිය ආදී ඉතාම සුන්දර ඉසව් රාශියක් පැහැදිලි දිනක මෙම ස්ථානයේ සිට නැරඹිය හැකිය.
මෙම කුඩා කඳුගැටය පාමුල, ඉතා මනරම් කුඩා වැවකි. එය "මුතුකෙළිනාව වැව" ලෙස හැඳින්වේ. වැවත් ඒ වටා ඇති ගහකොල වල ස්වභාවයත් මේ මනරම් පරිසරයට ගෙන එන්නේ කියා නිමකළ නොහැකි වටිනාකමක්.
තමන්ගේම වාහනයක එනවානම් මෙම වැව අසලටම ආ හැකි අතර, පොදු ප්‍රවාහන සේවයේ එනවා නම් මොරගොල්ල ශ්‍රියාගම හරහා ගලහා බස් රථයේ පැමිණ බෙල්වුඩ් හන්දියෙන් බැස කිරිමැටිය වතුයාය හරහා පාගමනින් පැමිණ හෝ, මහනුවර - කිරිමැටිය බසයේ පැමිණ කිරිමැටියෙන් බැස එතැන් සිට පා ගමනින් පැමිණ හෝ මෙම සුන්දර ස්තානයට ළඟාවිය හැකියි.
දුටු දුටුව මානයේ හරිත පැහැයෙන් නෙත් සිත් පැහැරගන්නා මේ සොඳුරු පරිසරයේ ඇති නිදහස විඳින්නට ඔබත් එන්න. මේ පරිසරයට ආදරය කරන්න. අපේ නෙත් සිත් පිනවන මේ සොබාදම් මාතාවට සීරීමක්වත් නොකර, සුන්දරත්වය දෑසින් හා මනසින් විඳගෙන ආපසු යන්න.
#srilanka #nature #mountains #kandy #bellwood #traveltulip #viral #foryou
අදනේ දැන ගත්තේ චැනල් එක ගැන.. ඉදිරියටම යන්න හැකියාව ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට තවමත් යන්න බැරි වුණා ලස්සන තැනක් දවසක යන්න ඕන.. ලස්සනයි වැඩේ දිගටම කරගෙන යන්න ජයම වේවා ❤ ❤ ❤ ❤
බොහෝමත්ම ස්තූතියි අයියේ... මේ කමෙන්ට් එක හුඟක් වටිනවා අපිට. දවසක ලැබෙනකං බලන් හිටිය දෙයක්... බොහෝමත්ම ස්තූතියි. ජය වේවා අයියේ..❤️❤️❤️
Absolutely amazing. Nice video tulip.
Thank you sooo much 🥰
❤❤❤❤🎉🎉🎉🎉🎉Lasani oyallge video
බොහොම ස්තූතියි 💜️😊
ආදරණීය couple එක❤
අනේ බොහොම ස්තූතියි 💕🤗💙
මහනුවර සිට විනාඩි 30කින් පමණ ළඟාවිය හැකි, ඉතාමත් සුන්දර ප්‍රදේශයකි ශ්‍රියාගම. නැතහොත්, අද වන විට කා අතරත් ජනප්‍රිය නමින් කියන්නේ නම්, Bellwood. (Bellwood වතුයාය නිසා එලෙස හැඳින්වේ.) එතැන් සිට තවත් කිලෝමීටර දෙකක පමණ දුරක් ගමන් කළ විට මෙම බෙල්වුඩ් 360 view point එකට ළඟාවිය හැක.
සැබවින්ම අංශක 360කට ඉතාම ආසන්න වටපිටාවක් මෙම ස්ථානයේ සිට නැරඹිය හැක. මහනුවර, හන්තාන කඳු වැටිය, වික්ටෝරියා ජලාශය, නකල්ස් කඳුවැටි, හුන්නස්ගිරිය ආදී ඉතාම සුන්දර ඉසව් රාශියක් පැහැදිලි දිනක මෙම ස්ථානයේ සිට නැරඹිය හැකිය.
මෙම කුඩා කඳුගැටය පාමුල, ඉතා මනරම් කුඩා වැවකි. එය "මුතුකෙළිනාව වැව" ලෙස හැඳින්වේ. වැවත් ඒ වටා ඇති ගහකොල වල ස්වභාවයත් මේ මනරම් පරිසරයට ගෙන එන්නේ කියා නිමකළ නොහැකි වටිනාකමක්.
තමන්ගේම වාහනයක එනවානම් මෙම වැව අසලටම ආ හැකි අතර, පොදු ප්‍රවාහන සේවයේ එනවා නම් මොරගොල්ල ශ්‍රියාගම හරහා ගලහා බස් රථයේ පැමිණ බෙල්වුඩ් හන්දියෙන් බැස කිරිමැටිය වතුයාය හරහා පාගමනින් පැමිණ හෝ, මහනුවර - කිරිමැටිය බසයේ පැමිණ කිරිමැටියෙන් බැස එතැන් සිට පා ගමනින් පැමිණ හෝ මෙම සුන්දර ස්තානයට ළඟාවිය හැකියි.
දුටු දුටුව මානයේ හරිත පැහැයෙන් නෙත් සිත් පැහැරගන්නා මේ සොඳුරු පරිසරයේ ඇති නිදහස විඳින්නට ඔබත් එන්න. මේ පරිසරයට ආදරය කරන්න. අපේ නෙත් සිත් පිනවන මේ සොබාදම් මාතාවට සීරීමක්වත් නොකර, සුන්දරත්වය දෑසින් හා මනසින් විඳගෙන ආපසු යන්න.
මාරම ලස්සන විඩීයෝ එකක් ❤😍
❤️❤️❤️❤️❤️😍😍😍😍 බොහොම ස්තූතියි ඔයාට. වීඩියෝ එක ලස්සන වුනේ ඇත්තටම ඉතින් සොබෝදහමේ තියෙන සුන්දරත්වය නිසාමයි... ඒ ලස්සන අගය කරන හිතක් තියෙන ඔයාටත් හුඟාක්ම ස්තූතියි. තෙරුවන් සරණයි යාලුවා...😊😊🙏🙏❤️❤️❤️❤️💐💐💐
ඔයාගේ චැනල් එකක් තියෙනවද...?
@@thetraveltulip ow තියෙනවා යාලුවා 😊
අනිවාරෙන්ම බලන්නම් ඔයාගේ චැනල් එකත්. Good luck.
@@thetraveltulip Thank You So Much 🤝❤️🥰
Mara location ekak
Thank you🥰
අපිත් ගියා ලඟදි vlog එකක් කරන්න. මේ තැන ගැන දන්නෙ දැන් නේ ඉතින්😢 ඊලඟ පාර අනිවාරෙන්ම යනව මෙහෙත්❤ ලස්සනයි වීඩියෝ එක අයියා & අක්කා
බොහොම ස්තූතියි මල්ලි... ඔව් අනිවාර්‍යයෙන්ම යන්න ඉඩක් ලැබුණම. කෑම්ප් කරන්නත් පුලුවන් විව් පොයින්ට් එකේ... අපිත් ඔයාගේ චැනල් එක බලන්නම්කෝ. තෙරුවන් සරණයි ඔයාට...! 😊😊😊❤️❤️❤️💐💐💐