ඔප්පුවක මුල් පිටපත නැතිවෙලා නම්
Вставка
- Опубліковано 7 січ 2025
- ඔප්පුවක මුල් පිටපත නැති වුණොත් කරන්න ඕන මොකක්ද සහ අලුත් පිටපතක් ලබා ගන්න හැටි සහ වියදම ගැන මේ ලිපියෙන් ඔබට.
1.සාමාන්‍යයෙන් ඔප්පුවක පිටපත් 3 ක් තියෙනවා,
A.මුල් පිටපත =ලියාපදිංචි කිරීම සදහා ඉඩම පිහිටි ප්‍රදේශයේ කච්චේරියට යවන එක.(ඔප්පු හිමිකරුට දෙන්නෙ මේක තමා.)
B.දෙවන පිටපත=මුද්දර ගහලා ඔප්පු ලියන "නොතාරිස්වරයා දෙවන පිටපත් භාර දෙන කච්චේරියට ඊලග මාසෙ 15 දින හෝ ඊට පෙර භාර දෙන එක".
C.නොතාරිස් පිටපත =ඔප්පුව ලියන නොතාරිස් ගාව හැමදාම තියා ගන්න එක.
2.දැන් ඉහත කියපු එකේ "මුල් පිටපත ඉඩම පිහිටි ප්‍රදේශයේ කච්චේරියට යැව්වහම ඊට අදාල පත් ඉරුවේ එය ලියාපදිංචි කරනවා".
3.ඉන් පස්සෙ ඔප්පුව ලියපු නොතාරිස්වරයා මේ මුල් පිටපත කච්චේරියෙන් අරන් එය හිමිකරුට ලබා දෙනවා.
4. අර දෙවන පිටපත කියපු එක "ඉඩම පිහිටි ප්‍රදේශයේ කච්චේරියේ නෙමේ තියෙන්නෙ".
5.ඒ දෙවන පිටපත තියෙන්නෙ "ඔප්පුව ලියන නොතාරිස්වරයා තමන්ගෙ දෙවන පිටපත් භාර දෙන කච්චේරියේ තමා",
නිදසුන ="අවිස්සාවේල්ලේ" තිබෙන ඉඩමක් ගැන ඔප්පුවක් "ගාල්ල" මහාධිකරණ බල ප්‍රදේශයේ සේවය කරන නොතාරිස්වරයෙක් ලිව්වහම එම ඔප්පුවෙ දෙවන පිටපතක් ගන්න වෙන්නෙ ඉඩම තියෙන අවිස්සාවේල්ල කච්චේරියෙන් නෙමේ "ගාල්ල " කච්චේරියෙන් (දෙවන පිටපත ගාල්ලෙ නොතාරිස්වරයා භාර දෙන්නෙ ගාල්ල කච්චේරියට හින්දා)(නමුත් සමහර අවස්ථාවල අවිස්සාවේල්ල කච්චේරියට පිටපතක් එවලා තිබුණොත් ඒකෙන් පිටපතක් අවිස්සාවේල්ලෙන් ගන්න පොඩි ඉඩක් තියෙනවා).
6.අර කලින් කියපු විදිහට "ඔප්පුව ලියන නොතාරිස්වරයා ලග හැමදාම පිටපතක් තියෙන හින්දා එම නොතාරිස්වරයා හමුවී පිටපතක් ගන්නත් ඔබට පුලුවන්."
7.කොහොම වුණත් මුල් ඔප්පුව නැති වෙලානම් ඔබ කරන්න ඕන හොදම දේවල් විදිහට මං නම් මේවා දකිනවා,
A.කච්චේරියෙන් සහතික කරන ලද ඔප්පු පිටපතක් ලබා ගැනීම.(වියදම රු.500-1000 අතර )
B.එම ඉඩම ලියාපදිංචිවී ඇති පත් ඉරුවේ පිටපතක් කච්චේරියෙන් ලබා ගැනීම.(ඔප්පුව ලියලා තියෙන පිටුව).(වියදම රු.100-200 අතර).
C.මොනව හරි සැක කටයුතු ගණුදෙනුවක් නම් ඔප්පුව ලියන ලද නොතාරිස්වරයා වෙතින්ද ඔහුගේ ලග හැමදාම තියෙන පිටපතෙන් ඔබ පිටපතක් ලබා ගන්න(පොඩි මුදලක් ගෙවන්න වේවි).(රු.1000/= අඩු වෙයි කියලා හිතනවා)
8.මුල් ඔප්පුව නැතිවෙලා තිබෙන අවස්ථාවක "ඔබ ඒ ඉඩම මිලට ගන්නවා නම්,මුල් ඔප්පුව හිමිව තිබූ අයගෙන් එම මුල් ඔප්පුව නැතිවීම ගැන සදහන් කරලා දිවුරුම් ප්‍රකාශයක් ගත්ත නම් හොදයි කියලා මට නම් හිතෙනවා"
9.මේ ඔක්කොම කියලා අන්තිමට ඔබට කියන්න තියෙන්නෙ "මුල් පිටපත නැති වුනා කියලා ඔබේ ඉඩමට තියන අයිතියවත් එම ඉඩමේ වටිනාකමවත් නැතිවෙන්නෙ නෑ කියලා තමා".
10.ඒ හින්දා හොදම දේ ඔබට හිමි ඉඩමකට අදාල මුල් ඔප්පු ප්‍රවේශම් කර ගන්න එක තමා,සමහර වෙලාවට විකිණීමේ අවස්ථාවකදී ගන්න කෙනා "මුල් ඔප්පුවක් මේ ඉඩමට නෑ කියලා ගාණ අඩු කරන්න බලයි,අහුවෙන්න එපා".
#ඉඩම් #ඉඩම් සම්බන්ධ ගැටළු #ඉඩම් නඩු
OLD Videos / @surveyorsrilanka7678
Facebook : / surveyor.srilanka
TikTok: / surveyor.srilanka
මම ලේඛනාආරක්ෂක වෙබ් සයිට් එකේ විස්තර බැලුවා...1892- 1982 දක්වා කච්චේරි වල විස්තර තියෙනවා කියලා දාලා තියෙනවා
බොහෝම ස්තූතියි පැහැදිලි කිරීම ගැන. තෙරුවන් සරණයි.
❤❤
ස්තූතියි
Oppuwe mul pitapathak nawatha ganna puluwanda.
මුල් පිටපත නැති නම් දෙවන පිටපත බැංකු නය එහෙම ගන්න වලංගුද.පිලිගැනිමෙන් යුතුද
මුල් ඔපුපුව නැත ඔප්පු අංකයක්ද නොදන්න විට ඔප්පුවක් ගන්නේ කොහොමද
ඔප්පුව නැති වෙලා නම්. කොහෙන්ද අපි ගන්න ඕනේ.
වීඩියෝ එක බලන්න
දීමනා පත්‍රයක් නැතිවුනානම් කිසිම තොරතුරක් නැති අවස්ථාවක කොහොමද දිමනා පත්‍ර නැවත ගන්නේ?? මේගැන උපදේශක් දෙන්න
AG Office එකේ තිබුණොත් කොපියක් ගන්න පුළුවන් වෙයි... අවට ඉඩම් වල දීමනා පත්‍රයක් අරන් යන්න..බ්
@@surveyorsrilanka7678AG office eken denne naththam dimana paththraya ganna thanak thiyenawada
ඔප්පුව අයිති කෙනාමද ගිහින් ගන්න ඕනේ
කච්චේරියේ ඔප්පුත් දිරාපත් වී ඇති අතර නෝතාරිසුත් මැරිලා මොකද කරන්නේ ඔප්පු අංක තියෙනවා
පත් ඉරු ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් කියල මම අහල තියෙනව..
නොතාරිස්වරයෙක් හමුවෙලා බලන්න
@@surveyorsrilanka7678 පත්තිරු තියෙනවා එකේ දෙවෙනි උරුමය ලියපු ඔප්පුව තමයි නැත්තේ 😪
මාහත්තයා මගේ ඔප්පුව නැති වෙලා මගේ ඔප්පු අංකෙවත් වැ මං ගාව මං කොහොමද ගන්නේ දැන් ඔප්පුවක්
ගත්තද ඔප්පුව
අපිට ගන්න බැරිද ඔප්පුවවෙ මුල් පිටපතක් ගන්න බැරිද කච්චේරියට ගහින්
පුළුවන්
අපේ ඉඩම තියෙන්නේ රත්නපුරේ...ලියපු ලෝයර්ගේ ලිපිනය තියෙන්නේ නුගේගොඩ කියල..දෙවෙනි පිටපත බාර දුන්න කාර්යාලය කොහෙද කියල සදහනක් නෑ..මට බූදල් නඩුවකට දෙන්න ඔප්පු පිටපතක් අවශ්‍ය වෙලා තියෙනව..දෙවෙනි පිටපතෙන් ගන්න ඕනි කියල තමයි මගෙ ලෝයර් කියන්නේ...මේක මට රත්නපුර කාර්යාලයෙන් ගන්න පුලුවන් වෙයිද..නැත්නම් කොහෙන්ද මට මේක ගන්න පුලුවන් වෙන්නේ...පිලිතුරක් බලාපොරොත්තු වෙමි..ස්තූතියි
බොහෝවිට කොලඹින් තමා ගන්න වෙන්නෙ..
සමහර විට රත්නපුර තියෙන්න පුළුවන්
@@surveyorsrilanka7678 Tnxx
@@surveyorsrilanka7678 රත්නපුර තියෙනවද කියල කොහොමද බලා ගන්නේ..ඔප්පු කොපි එක අරන් ගියාම එයාල බලලා කියනවද
ඔප්පුවක දෙවන පිටපත ඕනම කාලයක ඒවා ගන්න පිලුවන් ද?..1944 ඒවා පවා
එච්චර පැරණි ඒව නැතිවෙයි..
බොහෝවිට දිරාපත් වෙලා ඇති
@@surveyorsrilanka7678 තෑන්ක් යූ මහත්තයා...ඒවා සංරක්ෂණය වෙන් නැද්ද ලේඛනාආරක්ෂක එකේ
මහත්මයා ඉඩමේ හිමිකම ඇති බව පමනක් දන්නව ඔබට මා හට උදව් කල හැකිද ?අවට එක් ඔප්පුව ක් පමනක් ඇත කරුනාකර උපදෙස් දෙන්න .ගනේමුල්ල ප්‍රදේශයේ ඇති ඉඩමකි
හිමිකම ඇතිබව පමණක්
දන්නව කිව්වෙ..
මුල් ඔප්පුව උගස් තියලා ඔප්පුව නැති වෙලා කියනවානේ
සර් , රන්බිම ඔප්පු තියන ඉඩමක ඔප්පුව නැති වෙලා. ඔප්පුව හොයාගන්න කිසිම details එකක් නෑ..ලග ඉඩම් වලත් රන්බිම ඔප්පු තියෙන්නෙ.. මගේ ඔප්පුව ගැන විස්තර හොයාගන්න පුලුවන් ක්‍රමයක් කියන්නකෝ..
AG Office එකේ බැලුවද
සර් AG office එකෙන් බලන්න කිසිම details එකක් නෑ නෙ..
ස්තූතියි