What a great sermon, please get more program with this couple of Buddhist priests I never heard such crystal clear preaching Well done Both of you may have healthy long lasting life Thanks lots for your hard efforts Indika in this regard
I never heard like this dharma but I really appreciate for this discussion, i like to listen more like this discussion with this both Swaminwahansa. 🙏🙏🙏🙏🙏🙏 Great work Sathya vlog and Mr. Indika thotawatta..
Also please check Hashan Vlogs recent discussion with Rev Balapitiye Gunananda thero saying that even today our Gauthama Buddha is preaching dharmaya to devine beings. If my memory is correct Gothami meniyan too says the same thing (either in Dhanush Vlogs or Gothami Buddhist TV). This concept is much closer to the explanations given in the channel 180 Live where explaining the Saddahrma Pundarika sutraya in this context. Teruwan Saranai.
In the Prajna Paramita sutra you can read the following: “Shariputra, everything exists in Shunyata, nothing is created, nothing is destroyed” Therefore with Parinirvana nothing wont be destroyed! When the lamp is extinguished, lamp was not destroyed. It means the conditions which made the lamp dismantled and hence lamp was not destroyed! Mandawala Hamuduruvo
මට මේ සාකච්ඡාව අහන්න අහන්න සතුටුයි. වැදගත් දහම් කාරණා හොඳින් මතුවෙලා තියෙනවා , මරණය ගැන මතු කළ හැකි තව කාරණා සූත්‍ර දේශනා වල පැහැදිලිවම තියෙනවා.
මරණය කීවේ මැරෙන්න ආසන්න වෙලාව නොව සත්‍ය ලෙසම මරණයට පත්වී ඇති අවස්ථාවයි .
මම ඌරුගමුවේ චන්දකිත්ති හිමි.
මෙි ධර්ම සාකචිචාව හරිම වටිනව හොදට තේරැන් යනව මෙි බුද්ධ පුතුන් දෙවියනේ හතර වටින් රකිත්වා චතුරාර්‍ය සත්‍ය අවබෝධ වෙිවා 🙏🙏🙏
අනිත් මිනිස්සුන්ට මඩ ගහන, පම්පෝරි සාකච්ඡාවලට වඩා මේ වගේ සාකච්ඡා වටිනවා 👍🤘. සුභ පැතුම් සත්‍යා Vlogs 👍
ස්තුතිය
ධර්ම සාකච්ඡා ඉතා වැදගත් වන්නේ තමන් ඉන්නා තැන හදුනා ගැනීමට, තෙරුවන් සරණයි 🙏🙏🙏
අහන්න අහන්න ආස හිතෙනවා මේ දේශනාව තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼
අලුතින්ම හිතන්න, නව මානයකට රැගෙන ගියා ඔබ වහන්සේලා...දාර්ශනික සංකල්පයක්. ඉන්දිකගෙ යුතු කම තමයි මෙම කාරනා අනුව කුමක්ද නිවැරැදි සංකල්පය යන්න තවත් සාකච්ඡා , සංවාද හා මතවාදයන් ඉදිරිපත් කිරීමයි....ස්තුතියි හාමුදුරුවනේ ..දීර්ඝායුෂ ලැබේවා ..ස්තුතියි සත්‍ය වීලොග්
ස්තූතියි මහත්මයා මෙම අදහස ප්‍රකාශ කලාට
නොදන්නා දහම් කරුනු කිය දුන් ඔබ
වහන්සේලාට බොහොම පින්.සාදු! සාදු! සාදු! .......
ස්තුතියි
පින් සිදු වේවා🙏🙏
ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි 🙏🙏🙏
ස්තුතියි අදහස ප්‍රකාශ කලාට
නියමයි නියමයි සාදු සාදු හිමිවරුනි🙏🙏🙏 ඛුදු සමිදුන් තවමත් ජීවමානව වැඩසිටිනව👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 daswaththa
අහපු සුපිරි ම බනක් , සාකච්ඡා වක්. මෙවා තමා කතා කලයුතු මාතාකා. මෙ වගෙ තව එකක් බලාපොරොත්තුව වෙන්වා .
ස්තුතියි මේ ආකාරයෙන් අදහස ප්‍රකාශ කලාට
සත්‍යා විලොග් ඔබ සැමට තෙරුවන් සරණයි 🙏🏼 නැවත මෙම වැඩසටහන දීර්ඝ ලෙස සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා
ස්තුතිය
තෙරුවන් සරණයි සියලු දෙනාටම
මෙහි දහම් කරුණු ප්‍රකාශ කරන්නේ කියන්නම් වාලේ නොවේ. මෙතනදී සරලව කතා කල නිසා, අපි වරද්ද ගෙන කියලා මෙහි කමෙන්ට් බලන අයට සිතිය හැක. ඊට අමතරව තමන්ගේ දැක්මට අනුගාමිකව නොයන නිසාත් බොහෝ අය "මෙය" වැරැදි ලෙස අර්ථකථනය කරනු ඇත.
නමුත් ඇත්තටම එසේ සිතීමට හේතු වෙන්නේ පෙර අසන ලද වැරදි මත ගොඩක් අභ්‍යන්තරයේ රඳවගෙන ඒ අනුව හිතමින් මෙහි සත්‍ය අසත්‍යතාවය සෙවීම නිසාය.
යමෙක් සූත්‍ර දේශනා බැහැර නො කරන්නේ නම්,මේ සියල්ල කරුණු සහිතව පෙන්වා දෙමි. මේ වගේ අවස්ථාවක් තුළ මා හට මෙය නුහුරු නිසයි අතපසු තාවයන් සිදුවූයේ.
නමුත් මේ සඳහා වේදිකාවක් සකසා ගැනීමටයි මෙසේ ධර්ම සාකච්ඡාවක් කරන ලද්දේ.
හේතුව අද ධර්මය ලෙස පෙන්වා දෙන්නේ භාග්‍යවතුන් වහන්සේ නොවදාළා කරුණක් වන බැවිනි.
මම ඌරුගමුවේ චන්දකිත්ති හිමි
ua-cam.com/video/dKWjGgzNk1A/v-deo.html
ඔබ වහන්සේ මේ සාකච්ඡාවේ ඉන්න හාමුදුරුවන් දෙපලගෙන් කෙනෙක් ද ?
@@brandurself3427 ඔව් චන්දකිත්ති හිමි.
ua-cam.com/video/phXIZwiWNsQ/v-deo.html
ඔබ වහන්සේලාගේ දේශනාවේ එක් කොටසකට , ගෙනහැර දැක් වූ කරුණු අනුව , එකග වීමට පුළුවන්.
එහෙත් ....
අනෙක් කොටස වන්නේ බුදුරජාණන් වහන්සේ තවමත් අප අතර වැඩ වසන වා යන්නයි ( කුමන හෝ තත්වයකිn ) .
එය පිළිගන්න අපිට සාධක මදි නේද ස්වාමින්වහන්ස...... මොකද එසේ වැඩ සිටිනවා නම්....
මෙවැනි ලෝකෙ අර්බුද තියන අවස්ථාවක උන්වහන්සේ ඒවාට යම් උපදෙසක් දීමට වත් මැදිහත් නොවන්නේ ඇයි දැයි මට සිතේ....? 🤔🤔
අනිවාර්යයෙන්ම ඊලග සාකච්ඡාව එනකන් මග බලමින් සිටිනවා.. ඉතා හරවත් සාකච්ඡාවක්
ඉන්දික මේ භික්ෂුන් වහන්සේලා බුදුන් වැඩසිටිනවා කියන්නේ භවුතිකයෙන් නොවෙයි එසෙනම් පිරිනිවන් පෑම අසත්‍ය වියයුත්තක් මා දකින්නේ බුද්ධ කියන්නේ භවුතිකයෙන් නොවෙයි එය විශ්වයෙ පහළ වු සූර්ය පවා අභිබවා ගියා විශ්වයෙ එතෙක් මෙතෙක් ඉ දිරියටත් විශ්වයෙ පහළ වන අවසන් ශක්තියයි මෙ අනුව දහම යනු එ ශක්තිය සොයා මාර්ගයි එනිසා බුදුන් තාමත් වැඩසිටි
ස්තූතියි මෙම අදහස ප්‍රකාශ කලාට තෙරුවන් සරණයි
ඔබ වහන්සේලා සරලව ස්වභාවික උතුම් ධර්මය විග්‍රහ කරලා දෙනවා මත එම ධර්මය වටහා ගැනීමට පුළුවන් වුණත් සමහර අයට ම ධර්මය වටහා ගැනීමට අපහසු වනු ඇත්තේ මුල මැද අග පිළිවෙළක් නැති නිසා මාගේ නමස්කාරය වේවා
ස්තුතියි ඊළඟ සාකච්ඡාව තුළින් බොහෝ කරුණු එළියට ඒවි
Sathya vlog මහත්වරුනි ඒ ස්වාමීන් වහන්සේලා දෙනමගේ තවත් vedeo තියෙනවා නම් ඉක්මනින්ම upload කරන්නකෝ.ඔබලගේ සේවය විශිෂ්ඨයි.
Indika..sathya vlog..oyala ada tamai oyala කරපු හොඳම වැඩසටහන kale..me ස්වාමීන් වහන්සේලා ekka දිගටම වැඩසටහන් karanna..teruwan සරණයි
ගොඩක් ස්තූතියි මෙලෙස අදහස ප්‍රකාශ කලාට.
අපේ තව වීඩියෝ දෙකක් මේකේ ඇති.
next level නියමයි තව ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මෙ ස්වාමින්වහන්සේලගෙ වැඩසටහන්🙏
@Kithsiri Gunathilaka 🙏🙏🙏
වැදගත් සාකච්ඡාව ක ආරම්භය ක් මෙය දිගටම කරගෙන යන්න .සමන්ත භද්‍ර තෙරුන් වහන්සේ සමගත් සාකච්ඡාවක් කරන්න ආයුබෝවන් තෙරුවන් සරණයි
අපේ තව එකක් තියෙනවා ඒකත් අහලම කරා නම් හොදයි කියලයි හිතෙන්නෙ.
🙏🙏🙏
Vatina adahasak
🙏
What a great sermon, please get more program with this couple of Buddhist priests
I never heard such crystal clear preaching
Well done
Both of you may have healthy long lasting life
Thanks lots for your hard efforts Indika in this regard
සම්මා සම්බුදු සරණයි
I never heard like this dharma but I really appreciate for this discussion, i like to listen more like this discussion with this both Swaminwahansa. 🙏🙏🙏🙏🙏🙏
Great work Sathya vlog and Mr. Indika thotawatta..
I also agree with that
ආවසන දොහ දරි එතකොට මොකද වනෙ
මේ ස්වාමීන් වහන්සේලා මහමෙව්නා අසපුවාසීව වැඩ සිට මෙහි පැමිණි අයද?
Me සාකච්ඡාව balanna kalin man me kathawa dannawa..math me kathawa viswasa karanawa
මත දෙකක් තියන විට දෙපැත්තේ ම ස්වාමීන් වහන්සේලා ගෙන්නලා සාකච්චාව ක් කරන්න දීර්ඝ ලෙස
ඊළඟ වීඩියෝ එකෙන් උත්තරයක් ලැබේවි
මේ සාක්ච්ඡාව දිගටම කරන්ඩ. බුදුන් වදාළ ධර්මය විවිධ ආකාරයට විග්‍රහ වෙනවා මේ හැම වැඩසටහනකින්ම මේ නිසා ධර්මය අධ්‍යනය පහසු වෙනවා
Interesting. This version is similar to Saddhrma Pundarika sutraya in mahayana chapter. Some thing to think about.
Also please check Hashan Vlogs recent discussion with Rev Balapitiye Gunananda thero saying that even today our Gauthama Buddha is preaching dharmaya to devine beings.
If my memory is correct Gothami meniyan too says the same thing (either in Dhanush Vlogs or Gothami Buddhist TV).
This concept is much closer to the explanations given in the channel 180 Live where explaining the Saddahrma Pundarika sutraya in this context.
Teruwan Saranai.
@Kithsiri Gunathilaka MEE GON WAHANSEGE WIYATH MAGA THAWATH BURUWEK, 😀 😀 😀 😀 😀
ඔබ වහන්සේලා සමග සම්බන්ද වෙන්න පුලුවන් ක්‍රමයක් සදහන් කරන්න ..තෙරුවන් සරණයි ..!!!
නම් වලින් සොයන්න fb පිටුවක් ඇත
ua-cam.com/video/dKWjGgzNk1A/v-deo.html - සිත නිවීමේ මග
මම ඌරුගමුවේ චන්දකිත්ති හිමි
ගොඩක් වැදගත් සංවාදයක්. අපිට ඊලග සාකච්චාවත් බලන්න පුලුවන් නම් ඉක්මන්ටම ලොකු පිනක්
ධර්ම සාකච්ඡාව ඉතාමත් වැදගත්, මොහි ඉතිරි කොටස් හැකි ඉක්මනින් බලාපොරොත්තුව වෙනවා...
(කල්‍යාන මිතුරන්ම මුනගැසේවා) 🙏🙏🙏
දෙවැනි සාකච්ඡාවක් දැන් දාලා තියෙන්නේ
තෙරුවන් සරණයි
සුපිරි dahamak...
ස්තුතියි මේ ආකාරයෙන් අදහස ප්‍රකාශ කලාට.
අපිට ඔබ වහන්සේගේ දෙවන video එක දන්න පුලුවන්ද 💖🙏
ස්තූතියි අහුවට
ඒක දැන් දාල තියෙන්නේ
සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේගේ සාකච්ඡාවක් නැතුව sathya vlog චැනලය පාලුයි වගේ,බලන්න හිතෙන්නෙත් නෑ....
@anthony niroshan I need .
මොනවද තමුන්ලගෙ හොරකම් කලේ හලෝ?
මෙම වැඩසටහන තුළ අනෙක් සාකච්ඡාවන්ට වඩා දකින ධනාත්මක දෙය නම්, comment ලෙස දක්වා ඇති අදහස් සහ ප්‍රශ්න වලට සාකච්ඡාවට සම්බන්ධ වූ ස්වාමින්වහන්සේ පිළිතුරු ලබා දීමට ඉදිරිපත් වී සිටීමයි. මෙය ඉතා හොද දෙයක්. මෙම ප්‍රශ්නයට ද ස්වාමින්වහන්සේ ඉදිරි දිනයක පිළිතුරක් දෙන්න.
*. සන්යුක්ත නිකායේ, ඛන්ධක වග්ගයේ, රාධ සන්‍යුතයේ, සත්ත සූත්‍රයට අනුව රූප, වේදනා..ආදී පන්චස්කන්දයට ඇති තණ්හාව ම සත්ත්වයා ලෙස දැක්වේ. මෙය ඔබවහන්සේලාගේ පැහැදිලි කිරීම සමග අනුගත වන අයුරු පහදා දෙන්න 🙏.
මහත්මයා , මෙහි සඳහන් කළ ආකාරයට නොවෙයි එම සූත්‍රයේ සඳහන් වන්නේ
රූපය කෙරෙහි යම් කැමැත්තක් ,ඇල්මක් සතුටු වීමත් ආශාවක් ඇති ද, එහි ඇලුනු නිසා දැඩිව ඇලුනු නිසා සත්වයා ලෙස පනවා ඇත.
Godak pin. Me sakachchawema thawa kotasak karanna. Theruwan saranai.!!
ස්තුතියි මෙම අදහස පළ කළාට
ඉන්දික mahattayath kora una neda me කතාවෙදී ...ඉන්දික oyata hitanna godak .dewal hoyanna wenawa metanadi..
සමන්තභද්‍ර හිමි සමඟ සංවාදයක් ඉතාම ඉක්මනින් බලාපොරොත්තු වන්නෙමු ! ❤️🙏
ඇත්ත්ටම
ගොවිතැන ගැනද😃?
@@index293 මාත් උන්වහන්සේගේ ගොවිතැනට කැමති නැ වැඩපිළිවෙළට කැමතිත්නැ..හැබැයි
විවාදයකට දාන්න සුපර්...ගහන්නෙ එලව එලව...
@@chamindaweerasinghe9802 කටවාචාලකමයි ධර්මඥානයයි කියන්නෙ දෙකක් බං. සමන්තයගෙ තියෙන්නෙ හිස්වචන ගොඩක් විතරයි. තොපිවගේ හරක්ට හොඳා
@@index293 මොනවාහරි දන්නවා නං ඉස්සරවෙලා නිවෙන්න.. කොච්චර දුෂ්සීල උනත් සිව්රට ගරැ කරමු.ඒ හාමුදුරුවන්ට සමන්තයා කියන්න එපා..මට ගානක් නැතිවුනාට උන් වහන්සෙගෙ අනුගාමිකයොන්ගෙ හිත් රිදෙන්න පුලුවන්..
මම ඔබගෙ වචන වලට පත්තුවෙන්නෙ නැ. ඒවා නිකං අකුරැ විතරයි... ඒකයි මම ඉගෙන ගත්තු ධර්මය
උතුම් නිවන්මග,, පරම ගාම්භීර අචින්ත්‍යය දර්මතාවයක්, එය පුබ්බේ අනනස්සුතෙසු දම්මේසු ලෙස දේසනාකලේ ඒ නිසයි,, ආගම හා දහම දෙකකි,, බුද්ධ ආගම සුගති පැවැත්මට විනා නැවැත්මට නොවේ,, යේ ධම්මා හේතුබ්පබවා තේසං හේතුං තතාගතෝ ආහ රාග දේශ මෝහ හේතු තම චිත්තසංතානයේ මුල්බැසගෙන ක්‍රියාත්මකවන බැවින් ඒවා මතුවෙන වර්තමාන මොහොතේ ,, බන අහල දැනගත් ඥානදර්ශනය වැඩීමක් වශයෙන් ,, රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ කලයුතුයි ,, හේතුම්පටිච්ච සංභූතං හේතුභංඝා නිරුජ්ජ්ති යනු මෙයයි,, දස අනුස්සති තුල ඇති චතුරාරක්ඛා භාවනාව ප්‍රායෝගිකව යුගනද්ධව වර්තමාන මොහොතක් මොහොතක් පාසාම වඩා රාග දේශ මෝහ වලින් නොබැදී මිදී නිදහස්වන්නට යි 4කමටහන් වඩන්න ඕනි ඒ සදහා අරිය ශ්‍රාවක උතුමන් වහන්සේලා ගෙන් බව නසන බන අහන්න ඕනි එය දැනුම දැක්මක් කරගැනීමටයි බුද්ධ භාවනාව ප්‍රායෝගිකව යුගනද්ධව වර්තමාන මොහොතේ වඩන්න ඕනි , අනුමානයෙන් , හිතලුවෙන් උතුම් කියන්න බෑ, මේ යුගයේ උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාවයි මේ මතුවෙන්නේ,, නිවන හොයන පින්වත් නිහතමානී අය siri dhesaye arutha සිරිදේසයේ අරුත පරිශිලනය කරත්වා ,,! Vidio 8 balanna සුවපත් වේවා susith 0714413521 min of health බෝපිටියේ සදහම් පාසැල වඩසටහන බලන්න
MEE GON WAHANSEGE WIYATH MAGA, 😀 😀 😀 😀 😀 😀
@@savesrilankaa ඔබේ අමාරුව සුවවෙන්න මීගොනෙන් වෙලා පට්ටියක් දාන්න ඕනි
ස්වාමීන් වහන්ස ..oba වහන්සේගේ me මතය man godak kal indan dannawa..හිතනවා ..oba වහන්සේගේ me.මතය hariyatama hari...math hiana විදියට
තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏
තථාගත දර්ශනය තුල අන්තර්ගත ගැඹුරුම ,සැගවුණු දැක්මක් අනාවරණය කිරීමට උත්සාහ දරන ඔබ වහන්සේලා දෙනමට නිවන් සැප ලැබේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏
ජරා මරණ නැතිවීම තුලින් සත්වයන් සුවසෙවාසයකරනව🙏🙏🙏 🙏 හිමි වරුනි ගොඩක් පිං ධර්මය පැහැදිලිකලාට daswaththa
අවංකවම කියන්නේ සිතට දැනුනේම නැති සාකච්ඡාවක් .. අනිත් අයට දැනුනද දන්නේ නැහ .. මට නම් සිතට දැනුනේ නැහ ........
කෙසේ වුවද , බොහොම ස්තුති සුසන්ත මැතිදුනි , ඉන්දික තොටවත්ත මැතිදුනි සහ ස්වාමීන් වහන්සේලා දෙනමටත්...
තුණුරුවන්ගේ සරණයි !
ඊලඟට වැදගත් දාර්ශනික සාකච්ඡාවක් දාන්න.....🌸🌸🌸🌸🌸🌸🌸🌸
බලාගෙන ඉන්න ඊළඟ එක දැනේවී
සාදු සාදු සාදු
ධර්මය අවබෝධ කලයුක්තක් .. වචන පෙන්නන්න ඉලක්කය දිහා මනස මෙහෙය වන්න ඕන නැත්නම් ් ආයේ සසරේ ම තමයි. අරණ්‍ය සේනාසනය නම් රමණීය ස්ථානයක්.
thamai thripitakaya suthra deshana magin ismathu krana karanawan kohomada anumanayen kiyana ewa kiyala kiyanne ehenam apita buddha deshanawak me loken hoyaganna bari wenwane.Mama nam hithanne Rahathan wahansela deshana kranneth suthra deshana walin gaththu dewalma thamai.
@Kithsiri Gunathilaka බුදුන් වහන්සේ දේශනා කල ජාති ජරා ව්‍යාදී මරනම්පි දුක්ඛා කිවුවේ නෑදැයෝ තරහ කාරයෝ ගැන නෙමෙයි සහෝ සියළුම සත්වයා ජාති ජරා ව්‍යාදී මරණම්පි දුක්ඛා කිවුවේ සියළුම සත්වයෝ ඉපදීම ලෙඩවීම වයසට යාම සහ මරණයට පත්වීම කියන කරුණු සතරම කායිකවත් මානසිකවත් සත්වයාට දුකක් වේදනාවක් නිසා ඉපදීම මව් කුසේ මාස දහයක් සිරවී සිට අපහසුවෙන් මවුගේ ගර්භයට පයින් ඇන මෙලොවට පැමිණ තමන්ගේ වැඩ තමන්ට කරගන්න බැරිව කාලයක් දුක් විඳ ටික ටික ලොකුවී වයසට යාම ලෙඩ වීම සහ අවසන මරණයට පත් වීම මිනිස්සු ජිවත් සිටියදී මහලු වීම ලෙඩ වීම දුකක් බව තේරුම් ගත්තත් මරණය තේරුම් ගැනීමට එය සිදුවිය යුතුයි නැතහොත් මනස දියුණු කොට එය ධර්මය ට අනුගතව මනසින් දැකිය යුතුයි ඒ හැර මැරෙන්න ම වෙනවා සත්වයෙක් මෙලොව ඉපිද ලබන සියලු වේදනාවන් මරණීය වේදනාවට පරාද බවයි බුද්ධ දේශනාව ඒ නිසයි බුදුන් එසේ දේශනා කලේ
උතුම් ශ්‍රී සද්ධර්මය මහ මුහුදටත් වැඩිය ගැඹූරයි එය අවබෝධ කරගත යුත්තේ තීක්ෂණ ඥානයෙන් පමණයි ස්තූතියි
ඒ මහ මුහුදින් බාල්දියක ප්‍රමාණයක් ඇති සහෝදරිය නිවෙන්නට. තෙරුවන් සරණයි !🙏🙏🙏
අනුන් නිවි ලද බලන්න පළමු තමන් නිවී ලද බලන්න ස්තූතියි
@@rohiniranaweera4284 තෙරුවන් සරණයි ! අත්දැකීමෙන් කිව්වෙ.
ස්වබාවික සෞන්දර්ය සපිරි අරණ්‍ය සේනාසනයක්...
🙏🙏🙏 සාදු සාදු සාදු
නිවන් දැකපු කට්ටිය ආයිත් උපදිනවනම් ( මුන් වහන්සේලා කියන විදිහට ) ආයිත් දුකමනෙ. මුන් වහන්සේලා ලස්සන හීනයක් දකිනවා පව් ඉතින්. මරණය ගැන හිතාගන්න මැරෙන්න ඔන වගෙ පුස් තර්ක නෙ මෙවා
මෙහි කියන දේ හරියට තේරුම් අරගෙනම comment එක දැම්ම නම් හොඳයි
@@ajaramagga3704 okay
මේ ස්වාමීන් වහන්සේලා කියන දේවල් සත්‍යයි කියලා මට නම් හිතෙන්නෙම නැහැ.ඉන්දික මහත්මයත් නිකරුණේ වචන අපතේ හරිනවා වගේ තේරැමක් නැති දේකට. වංගිස ස්වාමීන් වහන්සේ, සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ, අළුත්ගම්ගොඩ ඤාණවීර ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා පවත්වන්න. සුසන්ත මහත්මයාටත් ඉන්දික මහත්මයාටත් සියළු කාර්යමණ්ඩලයටත් ස්තුතියි.
ඔය සිතුවිල්ල වෙනස් කරගන්න පොඩි දෙයයි කරන්න තියෙන්නේ ඊළඟ වීඩියෝවත් බලලම ඉන්න
එතකොට ඒක විසඳේවි
ඔබ වහන්සේලා ඉස්මතු කරන දහම් කරුණ නිවැරදි නම්,
මහා පරිනිබ්බාන සූත්‍ර දේශණාවේ සදහන් වන පරිදි( මා අසා ඇති පරිදී
ආනන්දය, මා කුසිනාරාව දකින අවසන් අවස්ථාව මෙය යැයි බුදුන් වහන්සේ වදාරා සංවේගයට පත් වූවා යන කරුණ වැරදිද එසේත් නැත්නම් වෙන කරුණක්ද?
පැහැදිලි කිරීමක් අපේක්ෂා කරමි.
තෙරුවන් සරණයි
අසන ලද ප්‍රශ්නය නිවැරදියි, නමුත් මට එයට පිළිතුරත් දීමට තරම් හැකියාවක් දැනට නෑත.
@@ajaramagga3704 එහෙමයි ස්වාමීනී,
කෙසේ වෙතත් ඔබ වහන්සේලා ඉස්මතු කරන කරුණු නිසා වාද භේද ඇති නොවී, දහම කෙරෙහි නිවැරදි භාවයත් ශ්‍රද්ධාවත් ඇති වන්නේ නම් හෝ වැඩි වර්ධනය වන්නේ නම් යහපතකි.
@@kalaniliyanage6682 ඊළඟ සාකච්ඡාවෙන් බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙයි මට උවමනා වන්නේ යටපත්වී තියෙන සත්‍යය ධර්මය තුළින් මතු කිරීමටයි
එය කෙසේ හෝ කරමි, එදාට මෙහි සත්‍යතාවය බොහෝ දෙනා දැක ගනු ඇත
@sadunsamadi samadhi ඔය බොරුව කියන කෙනා කවුද? ඔබ එය සියැසින් දැක තිබේද?
යුටූබ් එකේ කිව්ව පමණින් විශ්වාස කරන්න කියලද ඔබ කියන්නේ...
ඒ තරම් ----------------- වෙන්න එපා...
Good discussion. 👍
වර්තමානයේ නිවිමට අවශයි
ඇත්තටම භාග්‍යවතුන් වහන්සේ කියා දුන්නේ වර්තමානයේ සැපසේ සිටින ක්‍රමවේදයයි. අනාගතයේ හට ගන්නා දුක වෙනුවෙන් ලත වෙවී දුක් වෙවී ඉන්න ආකාරය නොවේ
තෙරුවන් සරණයි..
කෝ අප්පා සමන්තභද්‍ර හාමුදුරුවෝන්ගෙ එකක් .....පරක්කුයි අප්පා
ඔව් එකනම් ඇත්ත හැමදාම බලනවා දාලද කියලා ❤️😭
@@CeylonTiktok6507 හොර රහතුන්ට ගොඩක් ආසයි වගේ මොනවා කරන්නද ඉතිං නිවරදි බුද්ධ දේශනාවක් අහන්න පාරමිතාවක්වත් පුරන්න මල්ලී
🤮
@@kaween372 ඇයි තමුසෙට මොකක්ද තියෙන අමාරුව 😂
@Kithsiri Gunathilaka බන අහන්න ඕන නම් නා උයනේ අරියධම්ම හිමි දිගන සුගතවංශ හිමි , කිරුලපන ධම්මවිජය හිමි, කෝරළයාගම සරණතිස්ස හිමි ,තල්ගමුවේ සුදීරානන්ද හිමි ,බලංගොඩ රාධ හිමි ,වල්පොල ගෝතම හිමි,ගලිගමුවේ ඟානදීප හිමී ආදී නොයෙකුත් තේරෙවාදී භික්ශූන් ධර්මය බබලවද්දීත් ඇයි අදුරෙ අතපත ගාන්නේ ngo සල්ලි වලින් නැටවෙන අදර්මවාදීන් සරන නොයන්න බුදුන් සරණ යන්න
Theruwan saranai oba wahanselata saha indika susantha ethulu siyalu denanata.....
අහන ලද වටිනා ප්‍රශ්න වලට පිළිතුරු සපයා ඇත.
පිළිතුරු ලැබී නැතිනම් නැවත කෙටියෙන් අසන්න.
ඉඩ ලද විටෙක පිළිතුරු සපයමි.
මම උරුගගමුවේ චන්දකිත්ති හිමි.
මේ ව්ස්තර කරණ නිවනෙයි අලාර කලාම ගෙ නිවනයි වෙනස් වෙන්නේ කොහොමද ? සුවාමින් වහන්ස. (දැනීමක් නැතිව, දුකක් නැතිව සත්වයෙක් ඉන්නවා)
@@kingwilly2311 "නිවන" යනු ඉද්‍රියන් හය තුලින් එන අරමුනු වලට නොඇලී ම හේතුවෙන් පවතින්නා වූ, රූප ශබ්ද ගන්ධ රස පොට්ඨබ්බ ධම්ම යන "ධර්ම මත" නොවෙනස් වන, ඒකාන්ත සැපයක් පවත්නා වූ ස්වභාවයයි.
එහි ඇත්තේ නිරෝධ සංඥාවයි.
මෙහි අනිත් සංඥා ලැග ගෙන නොපවතී. ගෝචර වන්නාවූ සංඥාවන් එහිම නිරෝධ වීම හේතුයෙන් පවත්නා, නිරෝධ සංඥාව පවතී
@@ajaramagga3704 බුදු දහමේ නිවනට අර්ථ කතනය දෙන්නේ "රාගක්කය, ද්වෙසක්කය, මෝහක්කය" කියා නේද. එහි සිංහල තේරුම නැගෙන්නෙ නැහැ කියන අර්ථය නේද. නැතිව අරමුණු නොගැනිමික් ගැන නොවෙයි නේද. අලාර කාලම නේද අරමුණු නොගනිමක් විස්තර කරන්නේ. බුදුන්ගේ දහමේ කියවෙන්නේ නැගෙන අරමුණට රාගයක්, ද්වෙසයක්, මෝහයක් ඇති නොවීම නේද.
උදා :- අපි පුටුවක වාඩ්වෙලා ඉන්නවා කියලා හිතන්න, අරමුණක් නැතිව කොහොමද අපි ඉගෙන හිටපු තැනකින් නැකිටින්නෙ වත්. ( නැගිටින්න ඔය කියපු ආයතන 6න් එකකින් අරමුණක් ගන්න ඕනෙ. ඉටපස් සේ තමයි ක්‍රියාත්මක වෙන්නෙ.
සිතුව්ලි පරම්පරාවක මුලින් ඇතිවෙන චිත්තක්සන ටික බාවාන්ගයි. ජවන් සිත් තුල තමයි රාග,ද්වෙස මෝහ ක්‍රියාත්මක වෙන්නෙ. රහතන් වහන්සෙලාටත් බවාන්ග සිත් ක්‍රියාත්මක වෙනවා. එකයි උන් වහන් සේලා රහත් උනයින් පස්සෙත් ඈවිදින්නෙ, කතා කරන්නෙ, දන් වලදන්නෙ, වැසිකිලි කැසිකිලි කරන්නෙ.
නැතිව ගල් පිළිමයක් වගේ අරමුණු ගන්නෙ නැතිව්ව රහත් උනු ව්දිහටම ඉන්නෙ නැත්තෙ. නේද සුවාමින් වහන්ස.
@@kingwilly2311
භාග්‍යවතුන් වහන්සේ නිවන නොයෙක් ආකාරයෙන් විස්තර කර ඇත
රාගය ද්වේෂය මෝහය ක්ෂය වීමත් නිවනයි ,
තණ්හාව ක්ෂය වීමත් නිවනයි
බව නිරෝධයත් නිවනයි
නිවන යනු සංඥාවක්
නිවන යනු මනසිකාරයක්
නිවන යනු සමාධි ලැබීමක්
නිවන යනු ආයතනයක්
නිවන යනු ඉන්ද්‍රයන් හයට නොඇලී සිටීමක්
නිවන යනු රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ යන ධර්මයන් ගෙන් මිදුණු ස්වභාවයක්
නිවන යනු ධාතු ස්වභාවක්
මේ හැම ආකාරය විස්තර කරන ලද්දේ එකම නිවනකි .
ඊළඟ video එකත් හැකි ඉක්මනට දාන්න පුළුවන්ද 🙏
Theruwan saranai.nimala dharmaya matuwewa.siyalu sathwayo niwan dakithwa.
ඉතාම ගැඹුරු සහ මෙම සමාජයට ගෝචර නොවන සාකච්ඡාවක්. 🙏
theruwansaranai
Ethakota rahathan vahanseege danda koheda yanne keyala keyanna..teruvan saranai
ඒක කොහෙවත් යන්න නෑ, හේතුව උඩ පහල විසිවෙන එක නවත්තපු නිසා, ඒක පිහිටලා තියෙන්නේ
ඒක තමයි ඔවුන් සලසා ගත් රැකවරණය,
ආරක්ෂාව,
පිහිට,
සැපය,
දමනය,
සංවරය,
කිසිවෙකුට යටත් නොකළ හැකි ස්වභාවය.
Watana sakchchawak tharuwan saranai.!!!!!!!!!!!
ඇත්ත වගෙයි. මොකද මට හමුවෙලා තියනවා ආනන්ද හාමුදුරුවන්, යශෝධරාවන්, මහා ප්‍රජාපතී, රාහුල, චන්න, මුගලන් හාමුදුරුවන්, ඒ විතරක් නෙමෙයි බුදු හාමුදුරුවන් හිටන් හම්බ උනා. (මා ඉතින් අද හිතමින් ඉන්නේ බුදුහාමුදුරුවෝ ඇත්තටම පත්වුණේ මොන තත්ත්වයටද කියලා) ඇත්තටම නිවන් ගියාම වෙන්න ඕන කය නැති සිත ඇති බඹලොව ට යාම වෙන්න ඇති. හැබැයි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් විතරක් නම් නිවන් යන්නේ බෝසතාණන් බෝ මුලදී සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කළේ කෙසේද? ඉතින් අන්තිමට මා හිතුවා මේ නිවන මං තනියෙන් ම අවබෝධ කරගන්න ම් කියා. එන්න සෙයියදු?
@@සිතිජ-ර6ඤ මල්ලි ඔයා ආර්යඋපවාදයට අහුවෙන්න පුලුවන් ඒ උත්තමාවි ඔයාලා අපිවගේ හාල් කැලි නෙවි සැරියුත් මුගලන් මහා ප්රජාපති රාහුල ඡන්න විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝත් මුලිච්චිවෙච්චි තැනැත්තියක්......මට තියෙන ගැටලුව හම්බුනේ කොහෙදිද කවදද කියන එකයි
අන්තිමට ආරිය ආරිය අෂ්ටාංගික මාර්ගය ගැන වැදගත් තැනක් මතු කරල තියෙනවා
සත්‍යම ධර්මයත් මෙහෙමයි
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ ය ජාති ජරා මරණ ඉක්මවා ජාති ජරා මරණ වලට යටත් නොවී, එයත් සමග එකතු නොවී "සැපසේ" වාසය කිරීමේ කලාවයි.
මෙතෙක් කල් අහපු ධර්මය බොරු කියල ඔප්පු කරනවා ඒකට තමයි මේ සාකච්ඡාව සිදුකළේ.
භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය ධර්මය අපි එළියට ගන්නවා
ඉක්මන් ප්‍රතිකාර අවශ්‍යයි නේද 😂
මමත් හිතන්නේ සත්‍ය ධර්මය එයමයි.
තෙරුවන් සරණයි!
In the Prajna Paramita sutra you can read the following: “Shariputra, everything exists in Shunyata, nothing is created, nothing is destroyed”
Therefore with Parinirvana nothing wont be destroyed! When the lamp is extinguished, lamp was not destroyed. It means the conditions which made the lamp dismantled and hence lamp was not destroyed!
Mandawala Hamuduruvo
අරහතුන්වහන්සේලා නිවන තුල වැඩ සිටිනවා , පිරිනිවීමෙන් පසු නිවන බවට පත්වෙනවා . පිරිනිවීම තුලින් නිවන බවට පත්වීම සියලු බුදුවරුන්ගේ සහ රහත් උතුමන්වහන්සේලාගේ ස්වභාවය . නිවන බවට පත්වීම යනු අමරණීය ස්වභාවයයි . අමරණීය යනු පැවත්මක් ඇත හෝ නැත දෙඅන්තයෙන් මිදී සිටීම මිසක් , ලාමක , පටු අරුතක් නොවේ යන්න මාගේ අදහසයි 🙏
අමරණීය නම් අමරණීය වුනේ මොකක්ද
රූපය ද වේදනාව ද සංඥාව ද සංස්කාරයේ ද විඤ්ඤාණය ද , ඇසද කන ද නාසය ද දිව ද කය ද මනස ද ?
අමරණීය වූයේ නම් කුමක්ද අමරණීය වූයේ
Ajara Magga දෙඅන්තයෙන් මිදීසිටීම
Ajara Magga නිවන. මෙතනදි ඔබ කෙනෙක් පුද්ගලයයෙක් හෝ ඇසට, කනට, නාසයට, දිවට , කයට , මනසට දැනෙන දැනීමක් ලෙස වටහගතහොත් විවහරයේ පවතින අමරණීය වචනයෙහි අරුත සමග පැටලේවී .
@@bwntha6263 කුමක්ද මිදුනේ
වෙළද දැන්වීම් ගොඩාක් තියෙනවා
මුලින්ම කියන්න තියෙන්නෙ මේ හාමුදුරුවෝ කමෙන්ට් වලට රිප්ලයි කරන එක බොහොම වටිනවා...
සුසන්ත මහත්තයට කියන්නෙ මේ හාමුදුරුවෝ දෙනම සමන්ත බදූ හාමුදුරුවෝ සමග වාදයකට යොමුකරන්න.....ටිකක් දුරින් ඉන්න
ටිකක් දුරින් ඉන්න .😄.
@@chanduim8501 ආත්මාරක්ෂාවට
මොකද ලොකු සාදුගෙ හැටි අපි දන්නවා...රහත් වෙලා හිටියට...
@@chamindaweerasinghe9802 උන්වහන්සේ ගේ දේශනා අහන හින්දා මාත් ටිකක් දන්නවා.බොරු කියද්දි බනිනවා උනාට සමන්තභද්‍ර හාමුදුරුවෝ කවදාවත් මේ වගේ මන්දබුද්ධික කතා නම් කියන්නේ නෑ .සංවාදයක් කලොත් මේ හාමුදුරුවෝ ත් මිත්‍යාවෙන් මිදෙයි
@@chanduim8501 තමන් හරි කියා ඉන්න තැන අනිත් කෙනා කොහොමත් වැරදියි.
හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ තමන් හරියටම හරිද කියලා
නමුත් සත්‍යයට පිටුපාන කාටත් බෑ
@@ajaramagga3704 මේ කමෙන්ට් කරන්නේ මේ වීඩියෝ එකේ කතා කරන හාමුදුරුවෝ නම් මේකත් දැනගන්න .මේකේ සංවාද වලට සහභාගි උන කිසිම ස්වාමීන් වහන්සේ නමක් කවදාවත් කමෙන්ට් වලට රිප්ලයි කරලා නෑ .මිනිස්සු එක්ක එල්ලි එල්ලි යන්න උන් වහන්සේ ලට අවශ්‍ය නෑ.තමන්ගේ මතය වැරදි නම් තමා ඒක තහවුරු කරන්න ඔහොම දගලන්න ඕනි වෙන්නෙ.සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ එක්ක මේ නාලිකාවෙන්ම මේ හාමුදුරුවෝ ත් සංවාදයක් පවත්වන්න පුලුවන් නම් හරි
දුකෙන් නිරුද්ධ වීම සාපෙක්ෂයි. කෙනෙක් දුකක් කියල දකින දේ තවත් කෙනෙකුට දුකක් නෙවෙයි. ඒනිසා මේ තර්කය අතාත්වික යි.
දුක කියන එක සාපේක්ෂයි තමයි . ඒ නිසා නේ එකම කාරණාව දකින ආකාරය අනුව කෙනෙක්ට සැපක් වෙන්නෙත් කෙනෙක්ට දුකක් වෙන්නෙත්
නමුත් තමන්ට සැපක් වෙන හෝ දුකක් වෙන හෝ කාරණාව නිවනෙහි ඇති සැපයක් එක්ක බලද්දි දුකක්
ඒකයි භාග්‍යතුන් වහන්සේ සැප වේදනාවත් දුක් වේදනාවත් අදුක්කමසුක වේදනාවත් දුකක් ලෙස පැනවූයේ.
අනික මහත්මය අපි කතා කළ ඒ කරුණ සම්පූර්ණ ලෙස අහල නොවෙයි මෙම අදහස පළ කර ඇත්තේ
@@ajaramagga3704 නෑ මම සම්පූර්ණ කතාවම ඇහුවා. මම මේ සාකච්ඡා මාලාවම අහන කෙනෙක්. ඒ නිසයි මම මේ අදහසට එකඟ නොවෙන්නෙ. බුදු රජාණන් වහන්සේ සියලු සත්වයන් දුකින් නිදහස් කරන්නයි මග කියා දුන්නෙ. මිනිහෙකුට වතුරෙ සිටීම දුකක් උනාට මාළුවෙකුට වතුරෙ ඉන්න එක දුකක් නෙවෙයි. අනවශ්‍ය කෙනෙකුට නිවන පෙන්වීම මාළුවෙක්ව වතුරෙන් ගොඩට දැමීමක් වගේ
මේ අය මේ හිතලුවක් කියවන්නේ. සාපේක්ෂ අන්ත වලින් මිදී ශුන්‍ය බාවයට පත් වීම තමයි නිවන කියන්නෙ. ජීවියෙක්(සත්වයෙක්) හැටියට නැවත ඉපදීමක් නැති වෙනවා එතකොට.
Sathya V log, your attempt is appreciated.
අපේ හාමුදුරුවනේ දැන් මෙතන නිර්වාණයෙන් පස්සේ කතිකාවතක් ඇති වෙලා තියෙන්නේ බුදුන් සෘජුව දේශනා කරපු නැති දෙයක් සම්බන්දව. බුදුවරු වහෙන් ඔරවන්නේ නැනේ හාමුදුරුවනේ. කෙටි කතාවගේ, බුදු වරු දෙයක් බාගෙට දේශනා කරලා ඉතුරු ටික මිනිස්සුන්ට හිතන්න කියල පැත්තකට වෙන්නේ නැ. නිර්වාණයෙන් පස්සේ දෙයක් තිබ්බනම් එක සවිස්තරාත්මකව කියනව මේ වගේ කියල එක්කෝ උදාහරණයක් එක්ක. අන්න එක තේරුම් ගත යුතුයි හාමුදුරුවනේ . අඩුම ගානේ ත්‍රිපිටකයේ වත් ඒ ගැන විස්තරයක් නැ. ඉතින් මේ අපේ ස්වාමින් වහසෙල තර්ක කරන්නේ බුදුන් වහන්සේ සෘජුව දේශනා කරලා නැති දෙයක් සම්බන්දව උදාහරණයක් ''මෙතන බුදුන් මෙහෙම කියල තියෙනවා එක එහෙම නෙවේ නම් අරහෙමනේ කියන්න ඕනනේ කියන තර්ක මත'' ඉතින් මේ කතිකාවේ ප්‍රධාන තර්ක ඒවා. නැතුව් බුදුන් සෘජුව කිව්වා දේවල් නෙවේ. එක එහෙමනම් ඒ වගේ විශාල දෙයක් 2500 තිස්සේ එක හැංගිලා එන්නේ නැනේ. එහෙනම් අඩුම රේණුකානේ චන්ද්‍රවිමල ස්වාමින් වහන්සේගේ පොතවලත් සදහන් කරන්න ඕන. ඉතින් හමුදුර්වනේ මරණ බිය දැන්නේ මැරෙන්න කලින් මරණයේ වේදනාව දැනෙන්නේ මැරෙන්න ලං වෙද්දී. එකනේ පෝරකයට ලං උන අපරාද කාරයෝ හඩා වැලපෙන්නේ.
සමන්තබද්‍ර ස්වාමීන් වහන්සේ සමග සංවාදයක් ඉක්මනටම ඔනේ.
ඊය බං මොනවද උබල හොයන කුනු ගොඩවල් 😑
මමයි කිවෙ බලන්න pulathisi tv
මේ වහන්සේලා දෙනම අන්තයක පැටලි ඇති බවක් පෙනේ කියන දෙය පරස් පරබවක් පෙනේ
එය ඔබේ මතය ,
කැමතියි ඒ ගැන සදහනක් කරනවා නම්
ඔබතුමාට මේ ගැන අපටත් දැනගන්න දැනගන්න පැහැදිලි කරන්න පුලුවන්ද ?
බුදු හාමුදුරුවෝ ඔහොම දෙවියෝ පස්සේ ගියේ නෑ .උන්වහන්සේ දේශනා කලේ ධර්මය අවබෝධ කරගන්න මනුස්සයෙක් වෙලා ඉපදෙන්න ඕනිමයි කියලා .මේ බුද්ධ දර්ශනය නෙමෙයි .ජෛන ආගම .හින්දු ආගම .වැඩසටහන බලලා ඔලුව විකාර කරගන්න ඕනි නෑ .දෙවියන්ට ආරාධනා කරපු විදියෙන්ම මොනවද කියන්නේ කියලා හිතාගත්තා.සමන්තභද්‍ර හාමුදුරුවෝ එක්ක සාකච්ඡාවක් ඕනි.වෙන ඒවා බොරු කියලා මේවගෙන් ම පේනවා
ඇයි අවුල් වගේද
එහෙනම් ඊලග විඩියෝ බලන්න එතකොට හරි යාවි
@@ajaramagga3704 ඔයා කවුද
මම මේ සාකච්ඡාවට සම්බන්ධ වූ එක් හිමිනමක්
@@ajaramagga3704 කලින් සහභාගි උන කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක් මෙහෙම මිනිස්සුන්ට රිප්ලයි කරකර තමන්ගේ මතය සමාජගත කරන්න මහන්සි උනේ නෑ .
සැබෑ සත්‍ය ධර්මය දැක ගත්තෙමි.
😘😘👍👍
ස්වාමීන් වහන්ස පරිපූර්න දුක්‍ය නිරෝදය තමා තුලින් අත්දකින්න පුලුවන්ද???
Thathagathayanan wahanse paripuurna dukka nirodaya thamathulin ath dakke nathnam ewani wachanayak,awasthawak panawanne keseda?
වර්තමානය තුළ සියලු දුක් නිරෝධ වන ස්වභාවය අත්දැකීමක් ලෙසින් ලැබුවා (මම නොවෙයි රහතන් වහන්සේලා)
🙏🙏🙏🙏🙏
මෙයයි සත්‍ය අනුමෝදන් වෙන්න.එයද සසර ගමන කෙටි කරලිමට මහ පිටුවහලක් වනු නොවනුමානයි. ඔබ වහන්සෙලාට උතුම් නිර්මල දර්මය ලොකයාට ව්වර කිරීමට තෙරුවනෙ අසිර්වාදය සෙත සැලසෙවා.
ස්තූතියි මෙසේ අදහස් පළ කල එකට
දෙවැනි සාකච්ඡාවෙන් බොහො දෙනාට මෙය තව දුරටත් නිරවුල් වේවි යන විශ්වාසයක් ඇත.
කවදා හරි දවසක බොහෝ දෙනෙකුට මෙහි ඇති සත්‍යතාවය වැටහේවි.
Ahan inna aasai eeth ugura padana eka ahan inna sehna apahasui ilanga video ekedi a gena selakilimath wenna 🙏🙏🙏
මේ අය හරියට editin කලත්, ඒක නැති කරන්න පුළුවන් වෙයි ද දන්නේ නෑ
හේතුව අපි දෙනමටම සම්බන්ධකල මයික් අවසාන ට සම්බන්ධ වෙලා තිබ්බේ එකම තැනකට
එවැනි අඩුපාඩුත් ගොඩක් තිබ්බා
අපේ අඩුපාඩුත් තිබ්බ
එය මතක් කලාට ස්තූතියි .
සතර මඟ - සතර ඵල අවභෝධයෙන් සසර, ඉපැදීම කෙළවර වේද ? කෙළවර නොවේද ?
තථාගතයින් තම පරිනිර්වාණයෙන් පසු නැවත ඉපැදීම කෙළවර කළාද ? කෙළවර නොකළාද ?
කෙළවර නොකළා නම්, අදත් වැඩ හිඳීද ?
ඉතාමත්ම හොඳ සාකච්චාවක්... 💐💐💐 ඔහොම යනවිට ඇත්ත, ඇති සැටියෙන්ම සමාජ ගත වේවි.... එතෙක් ඉවසමු 🤫🤫🤫😌😌😌😌😌😌😌😌😌😌
මීළඟ වීඩියෝ එකෙන් ඒක එළියට එනවා
@@ajaramagga3704 එදා තථාගත සම්මා සම්බුදු හිමි, අද අප අතර අපට දුකින් මිදීමේ මඟ පෙන්වා දෙමින් ඉන්නවා .... එයයි පරම සත්‍යය.... 💐💐💐🙏🏻🙏🏻🙏🏻😌😌😌
භාග්‍යවතුන් වහන්සේ පටිච්ච සමුප්පාදය අනුව ඉපදීම කෙළවර කිරීමට නොව ජරා මරණ කෙළවර කිරීමට ,ජරාමරණ නැවැත්වීමට ,ජරා මරණයෙන් මිදීමට ධර්මය දේශනා කර ඇත
චතුරාර්‍ය් සත්‍ය අනුව නැවත ඉපදීම නැවැත්වීමට නොව "පවතින" දුක නැති කිරීමට ධර්මය දේශනා කර ඇත.
හේතුඵල දහම අනුව යම් දුකක් පවතින්නේ ද "එය" පවතින්නේ හේතුවක් මත බව දැන, "එම" හේතුව නිරෝධ කිරීමෙන් පැවතුන දුක එම දුක එහිම නිරෝධ බවට පත්වූ බව අත්දැකීමට ය
@@lalithkodagoda3540 පිළිතුරු දුන්නේ කොමෙන්ට් කියවන අයට වැඩිපුර වැටහිම පිණිසය
පිංවත් ස්වාමීන්වහන්ස...
බුදුරජාණන්වහන්සේ දේශනා කලේ සත්ත්වයාගේ පැවැත්ම නැති වීමේ මාර්ගයක් ද? සත්ත්වයාගේ දුක නැති කිරීමේ මාර්ගයක් ද?
පැවැත්ම නැති කිරීමේ මාර්ගයක් නම් ඔහුට එහි අවසානයක් අත්දැකිය නොහැකි අතර හේතුව වන්නේ එය අත්දැකීමක් වීමට පෙර ඔහු ද නැතිවී යන බැවිනි
දුක නැති කරන මාර්ගයක් නම් සොයා ගනු ලැබුවේ ඒ මාර්ගය භාවිතා කිරීමේ දී ඔහුට නැතිව යන්නේ දුක වන අතර ඒ බව අත්දැකීම සඳහා ඔහු සිටිය යුතුය 👉මෙතන පැවැත්මේ නැතිවීමක් අදහස් නොවේ
භාග්‍යවතුන් වහන්සේ සොයා ගනු ලැබුවේ දුක නිරෝධ කරන මාර්ගය යි. ඒ අනුව සිදුවන්නේ දුක නිරෝධ වීමයි. මාර්ගයේ ඇත්තේ එහි හික්මීමටයි
මේ අනුව මාර්ගයේ හික්මෙන්නාගේ නැතිවීමත් ප්‍රකට වන්නේ නැත.
බොහෝ අවස්ථාවන්වලදි වහරක ගැන උද්රැත දැක්වුවට කෝ නෑනෙ තාම වහාරක හාමුදුරුවන් කෙනෙක් සමග සාකච්ඡාවක් 🤔🤔🤔😃
ඒකනේ...මාත් බලන් ඉන්නෙ
මාත් කැමතී තිබ්බනන්
බුදුරජාණන් වහන්සේ ජීවමානද නැද්ද?
තවත් වැඩසටහනක් බලාපොරොත්තුව වෙනවා
@Kithsiri Gunathilaka obathumanta ikmaninma niwaradi Dharmayath, pahath wikurthiyath kumakda yanna pasak wewa. Epamanai kimata aththe
බහුතරයක් මොනවාද සොයන්නේ .
තමාව සෙවීම තමාව ඉක්මවා යෑම පිනිසම වෙත්වා 🔑 🙏
ඉක්මවා යනවා කියන ඒකෙනුත් මතුවන්නේ නැති වෙනවා කියන එක නොවේයිනේ
Kaya yanu rupa kaya, vedana kaya, sanya kaya, sankara kaya, vennana kaya neda...meemure dhammavansa hamuduruwange banath ahanna. Apa hemath neyama dahama ethanade hamuvei.teruvan saranai oba semata
මේ මහමෙව්නා පරිවර්තන කියවූ පාලි මාත්‍රයක්වත් නොදන්නා හිමිවරුන් විසින් අත්පත් කරගත් සාපයයි. මේ වහන්සේලාගේ මෝඩකම කොහොමද කියනවනං ආත්ම දෘෂ්ටිය කුමක්දැයි කියන පාලි විවරණයවත් දන්නැ. උන්වහන්සේලාගේ සසර ගමන ගැන කණගාටුයි. මේව අහන උන්ගේ නිරය ගමන ගැනත් කණගාටුයි.
මහත්මය දක්ශයෙක් නම් පැහැදිලි සිංහලෙන් ආත්ම දෘෂ්ටිය විස්තර කරන්න භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව
මම එතනම පවතින්නාවූ ආත්මය මතු කර පෙන්වමි.
බොරු කයිවාරු එපා
සෑහෙන වටිනා සංවාදයක් සෑහෙන කාලයක් තිස්සෙ කරනව ඉන්දික...වටින වැඩක්...ඒත් සුසන්තට තාමත් බැරි උනානෙ කොලිටියක් ඇතුව වැඩේ කරන්න...තාක්ෂණික ගැටලු ගොඩයි...කීයක් හරි හම්බෙනව නේද, ඒකෙන් වත් ඔය දේවල් හදාගන්න...නැත්නම් ඔය සංවාදයට ගහන්න ඕන මිනිස්සුන්ට ඕවත් මාතෘකා
ua-cam.com/video/dKWjGgzNk1A/v-deo.html
ඔබතුමාගේ දැනුවත් කිරීමට ස්තුතිය ....මට කීයක් හරි හම්බුවෙනවා කිව්වානේ ඒකත් ඇත්ත ..ඒකෙන් හැමදේම කරන්න බැහැ .නමුත් අනුග්‍රහයක් කරන්න අවස්‍ය ස්තාන හොයාගන්න උනන්දු වෙනවානම් ගොඩාක් අගය කරමි.
හමුරුදුර්වන්ගේ දෘෂ්ටිය වැරදී යමක් දැනෙන්න උනාට පස්සේ කියන දරුණුවට හිතාගෙන ඉන්නේ, නමුත් මරණ බිය දැනෙන්නේ මැරෙන්න ලං වෙද්දී. බෝම්බ භිය බෝම්බ ගැහුවට පස්සේ නෙවේනේ දැනේනේ, කොටි හිටිය කාලේ කොයි වෙලේ බෝම්බයක් පිපිරෙයිද කියන භීතිකාවෙන් හිටියේ. එතන මරණ බියත් තිබ්බ. ඉතින් ඒ කරණයෙන් ඒ දෘෂ්ටිය සරලව අයින් කරන්න පුළුවන්. පුණ්ණ හාමුදුරුවන්ගේ ගෙන් මාරුවට පස්සේ මොකද කරන්නේ කියල අහන්නේ නැ ඔබව මැරුවොත් කියල අහන්නේ. අපෙන් උනත් කවුරු හරි අහන්න පුළුවන්. වූ උබව මැරුවොත් වගේ ප්‍රශ්න. අනෙත් එක නිර්වාණයට පිං ඇති පිරිස් හොයාගෙන වැඩි බුදුවරු තවම ඉන්නවනම් මේ සත්වයෝ දුක් විදිනවා බලාගෙන ඉදියිද ? අනෙක් එක සිය දිවි හානි කරගත්තු රහතුන් වහන්සේගේ වීඤ‍්ඤාණය මාරයා හොයද්දි බුදුන් වහන්සේ දුන්න පිළිතුර යොමු කල වෙලේ. දුකෙන් නිදහස් උනා කියල කිව්වා පමණයි පැහැදිලි පිළිතුරක් දුන්නේ නැ. ධර්ම සාකච්චා හොදයි, නමත් මේ වගේ වැරදි අදහස් වලින් මිනිස්සු අතර මිත්‍යා දෘෂ්ටික අදහස් යන එක වෙන්නේ. ඉතින් මේ වගේ සාකච්චා හොදයි කියල නම් මට හිතෙන්නේ නැ මහා විනාශයක් වෙන්නේ
විශාලා මහනුවර තුන් භිය දැනුනේ මැරුණ අයට නෙවේ ජිවත් වෙලා ඉන්න අයට. බුදුන් වහන්සේ තුන් භිය දුරු කරේ මැරුණ අයට නෙවේ ජිවත් වෙලා හිටිය අයට. හැබැයි මොන විතර්ක කරත් මේ හිමි වරු කියන නිවන හෝ බුදුන් වදාළ අපි දන්න නිවන ලබා ගන්න එකම මාර්ගයේ යන්න ඕන නිසා එක ගැටළුවක් විසදෙනවා
මහත්මය සම්පූර්ණයෙන්ම සාකච්ඡාව අසන ලද බව පැහැදිලියි ,
හිතේ තිබිච්චි අදහස් අයින් කරලා විවෘත මනසකින් සවන් දුන්නේ නම් මේ කියන කරුණු පැහැදිලි විය යුතුයි.
මරණය ආසන්නයේ සිටින තවමත් නො මැරුණු පුද්ගලයකුට දැනෙන්නේ ජීවත් වීම හේතුවෙන් හටගත් ඊට අදාළ දුකකි. එය කායික වේදනාවක් හෝ මරණයට තියෙන බය නිසා ඒ හේතුවෙන් උපන් මානසික දුකක් වේ.
ඔහුට ඒ වෙලාවේ (චුති)චුත වීම හේතුවෙන් හෝ (චවනතා)ඉවත් වී යාම හේතුවෙන් හෝ (භේදො)බිඳී යාම හේතුවෙන් හෝ (අන්තරධානං) තිබිච්ච ස්වභාවය අතුරුදහන් වීම හේතුවෙන් හෝ (කාලකිරියා) කාලක් ක්‍රියා කිරීම හේතුවෙන් හෝ (ඛන්ධානං භෙදො) ස්කන්ධයන්ගේ බිඳී යෑම හේතුවෙන් හෝ (කළෙබරස්ස නික්ඛෙපො) තිබූ ශරීරය අත්හැර දැමීම හේතුවෙන් හෝ (ජීවිතින්ද්‍රියස්සුපච්ඡෙදොා)ජීවිතය නැමැති ඉන්ද්‍රිය තිබූ ස්ථානයෙන් සිඳී යෑම හේතුවෙන් හෝ හටගත් දුකක් දැනෙන්නේ නැත. එම නිසා එතැන මරණ දුකක් නැත.
මරණය ස්ථිර වීමට නම් ඉහත සඳහන් කළ කරුණු තමන්ගේ අත්දැකීමක් විය යුතු අතර එම අත්දැකීම ලැබෙන්නේ මරණය සිදුවී අවසන් විටය. එම අත්දැකීම් ලැබෙන විටයි ඔහුට ඔහුගේ මරණය ස්ථිරවන්නේ. මරණය ස්ථිර වූ විටයි මරණය නිසා හටගත් දුක දැනෙන්නේ,
ලෙඩ වූ විටයි ලෙඩ වෙච්ච එකේ දුක දැනෙන්නේ, මහලු වූ විටයි මහලු වෙච්ච එකේ දුක දැනෙන්නේ මැරුණු විටයි මැරිච්ච එකේ දුක දැනෙන්නේ.
විඥානය මාරයා සොයද්දී ගෝධික රහතන් වහන්සේ නැති බවක් කීවේ නැත කීවෙ "ඔහු" විඥානයෙහි පිහිටා නැති වගයි.
මරණයත් සමග නැති වූයේ නම් කිව යුත්තේ ගෝධික රහතන් වහන්සේ සිඳී නැතිවී ගිය බවයි. එසේනම් එය තමයි නිවැරදි ප්‍රකාශය. කෙලින් උත්තරය.
භාග්‍යවතුන් වහන්සේ යනු අසන ලද ප්‍රශ්නයටම නිවැරදිව පිළිතුරු සපයන උත්තමයෙකි.
ඔව් මහා විනාශයක් කරනවා මෙච්චර කල් දරාගෙන හිටිය මිච්ඡා දිට්ඨියට.
ඉදිරියේදී මෙයට එළව එළවා පහර ගහනවා.
@@ajaramagga3704 ලෙඩ උනාම ලෙඩ උන බව දැනෙනවා එක ඇත්ත හාමුදුරුවනේ, නමුත් ලෙඩ වලට තියෙන බව ලෙඩ හැදුනම නෙවේ එන්නේ. ලෙඩ හැදෙන්න කලින් මිනිස්සු බයයි. මහලු වීමේ දුක මහලු උනාමම දැනෙනව කියන්න බැ. කෙනෙක්ට අවුරුදු 30 උනත් 40 උනත් දැනෙන්න පුළුවන්. අපි දැන් වයසට යනවනේ කියල.
අපේ හාමුදුරුවෝ කියන ඒවාට උත්තර දෙනවට වැඩ සරල කරලා සරශයක් කියන්නම්
//ඔව් මහා විනාශයක් කරනවා මෙච්චර කල් දරාගෙන හිටිය මිච්ඡා දිට්ඨියට//
අපේ හාමුදුරුවනේ දැන් මෙතන නිර්වාණයෙන් පස්සේ කතිකාවතක් ඇති වෙලා තියෙන්නේ බුදුන් සෘජුව දේශනා කරපු නැති දෙයක් සම්බන්දව. බුදුවරු වහෙන් ඔරවන්නේ නැනේ හාමුදුරුවනේ. කෙටි කතාවගේ, බුදු වරු දෙයක් බාගෙට දේශනා කරලා ඉතුරු ටික මිනිස්සුන්ට හිතන්න කියල පැත්තකට වෙන්නේ නැ. නිර්වාණයෙන් පස්සේ දෙයක් තිබ්බනම් එක සවිස්තරාත්මකව කියනව මේ වගේ කියල එක්කෝ උදාහරණයක් එක්ක. අන්න එක තේරුම් ගත යුතුයි හාමුදුරුවනේ . අඩුම ගානේ ත්‍රිපිටකයේ වත් ඒ ගැන විස්තරයක් නැ. ඉතින් මේ අපේ ස්වාමින් වහසෙල තර්ක කරන්නේ බුදුන් වහන්සේ සෘජුව දේශනා කරලා නැති දෙයක් සම්බන්දව උදාහරණයක් ''මෙතන බුදුන් මෙහෙම කියල තියෙනවා එක එහෙම නෙවේ නම් අරහෙමනේ කියන්න ඕනනේ කියන තර්ක මත'' ඉතින් මේ කතිකාවේ ප්‍රධාන තර්ක ඒවා. නැතුව් බුදුන් සෘජුව කිව්වා දේවල් නෙවේ. එක එහෙමනම් ඒ වගේ විශාල දෙයක් 2500 තිස්සේ එක හැංගිලා එන්නේ නැනේ. එහෙනම් අඩුම රේණුකානේ චන්ද්‍රවිමල ස්වාමින් වහන්සේගේ පොතවලත් සදහන් කරන්න ඕන. ඉතින් හමුදුර්වනේ මරණ බිය දැන්නේ මැරෙන්න කලින් මරණයේ වේදනාව දැනෙන්නේ මැරෙන්න ලං වෙද්දී. එකනේ පෝරකයට ලං උන අපරාද කාරයෝ හඩා වැලපෙන්නේ.
Apita ilaga video ekat balanna puluwannam watinawa...
අබිදර්මය නොදන්නාකම ලස්සනට පේනව.නිවන් ලබල උපදින සත්වයගෙ ආයතන කීයක් තියනවද කියල අහන්ම ඕනි, ආයතන තියනවනම් දුක තියනවනෙ, අරූපාවචර බ්‍රාහ්ම ලෝකවල දුක නෑනෙ මේ විදිහට ගත්තහම. ඉන්දික ඔබ ඇහුවෙ නෑ කව්ද ගුරු හාමුදුරුවො කියල,
මෙතනදි පෙන්වා දීලා නෑ නිවන් දැකලා උපදිනවා කියන එක ඒක මහත්මයාගෙ විග්‍රහයයි
සත්වයන්ට දුක දැනෙන්නේ ආයතන වලට ඇලීම නිසයි. එවිට ඒ ආයතනවලින් උපද්දවන දුකක් සමග ඒ සත්වයට මිශ්‍ර වීම සිදු වෙනවා. ඒ නිසා ඔහු කෙළෙසීමට පත්වෙනවා. ඒ නිසයි දුකට පත් වන්නේ.
ඔහු උත්සාහයෙන් එම ආයතන වලට නොඇලී ඉන්න විට, ආයතන හේතුවෙන් උපදින දුකත් සමඟ, එම සත්වයා මිස්‍ර වන්නේ නැත. එ් හේතුවෙන් ඔහු නො කෙලෙසෙන අතර , ඒ නිසා දුකට පත් නොවේ. මෙයයි සත්වයාගේ පිරිසුදු බව.
මෙතන පෙන්වා දුන්නේ සෑම සත්වයෙක්ම මරණයෙන් වත් නැති කළ නොහැකි බවයි.
එසේ නම් රහතන් වහන්සේලාට ද මෙය වලංගු වේ.
ඔවුන්ගේ විශේෂත්වය නැවත කයක් සමග එකතු නොවීමයි.
☸️ඔවුන් නැවත ඉපදුණු අය නොව නොමැරෙන අයයි.
mun danna darmayak naha ban..............
@@gunasirisilva9340 😀😀😀😀😀😬😬😬😁😁
@@ajaramagga3704 භාග්‍යවතුන් වහන්සේ දේශනාකරනව තල 31 තියෙන්නෙ කියල එතකොට මේ තල 31 මොන තලයටද අයිති, ආහාරයෙන් තොර පැවැත්මක් නෑ ඒ කය නිරුද්ද රහතන් වහන්සේලාගේ අහාරය මොකක්ද, කය අයින් උනානම් වින්‍යානය තියෙන්නෙ එතකොට මොකෙන්ද ඇහෙන්නෙ, මොකෙන්ද පේන්න, ස්පර්ශය හටගන්නෙ කොහෙන්ද????
මෙහි ඇති අර්ථ ශූන්‍ය comment සිය කැමැත්තෙන් ම ඉවත් කරගෙන ඒ වෙනුවට මෙයට අදාළ වටිනා ප්‍රශ්නයක් මතු කරන්නේ නම් ඒ සියල්ලට මෙහිම පිළිතුරු සපයමි.
එවිට ඒ මගින් ද මෙය ස්ථිර කර පෙන්වා දෙමි..
මේ කියවන්නන්ට ද එහි වටිනාකමක් දැනෙනු ඇත
ajara magga , මුලින්ම ස්තුතියි කමෙන්ට් වලට රිප්ලයි කරනවට
මගේ ප්රශ්නය මේකයි
දැනුත් මම කියලා කෙනෙක් නැත්නම් (පරමාර්ථ වශයෙන්) නිවන් දැකලා මැරැනට පස්සෙ
කොහොමද ඉන්නෙ..දැනුත් මම නැහැනේ...මේක මායාවක් විතරයි
@@chamindaweerasinghe9802
දැනුත් ඔබ කියලා කෙනෙක් නෑ කිව්වාට
ඇසට රූපයක් පෙනෙද්දී ඊට අනුකූලව දැනෙන සැප දුක වෙනස් වෙනවා නේද ඒ බව ඔබට තේරෙනවද
කණට ශබ්දයක් ඇසෙද්දී ඊට අනුකූලව ම දැනෙන සැප දුක වෙනස් වෙනවා නේද ඒ බව ඔබට තේරෙනවද
නාසයට ගන්ධයක් දැනෙද්දි, දිවට රසයක් දැනෙද්දී ,..
කයට පහසක් දැනෙද්දී ඊට අනුකූලව ම දැනෙන සැප දුක වෙනස් වෙනවා නේද ඒ බව ඔබට තේරෙනවද
මනසට අරමුණක් හිතෙද්දි ඊට අනුකූල වන සැප දුක වෙනස් වෙනවා නේද ඒ බව ඔබට තේරෙනවද
අන්න ඒ බව දැනෙන්නේ වැටහෙන්නේ ඒ අනුව වෙනස් වෙන්නේ කෙසේද කියා "සෙව්වම" එය තුලින් "මේවෙලාවෙත්" පැන වෙන්නෙ නැති "ඔබව" හමුවේවී.
(සොයන විටම පුද්ගල ස්වභාවය පැනවිලා ඉවරයි)
@@ajaramagga3704 අවිද්‍යාවෙ ඉන්නකං ඔහොම දැනෙනවා ඒ කඩඉම පැන්නට පස්සෙ ආරම්මන එනවා යනවා ඒ මොනවද කියලවත් ගානක් නැ...එතකොට කෙහෙද මං... අනික මරන දුක දැනෙන්න මැරෙන්නම ඕනයැ...
near death experience කරපු අය ඉන්නවාඑතකොට මැරෙන දුක තේරෙන්න මැරිච්ච කෙනා ඉන්න ඕන කතාව බොරැවෙනවා
@@chamindaweerasinghe9802
මේ ගෙවන සෑම ක්ෂණයක ම ජාති ජරා මරණ පවතින අතර සමාහිත හිත තුළින් එය ප්‍රත්‍යක්ෂ කරගත හැකිය. එසේ ප්‍රත්‍යක්ෂ කර ගත්තේ නම් ඔහුට මරණ ස්ථිරව තේරුම් ගන්න ශරීරයේ සිදුවන මරණය අවශ්‍ය නොවේ
මෙසේ සෑම විටම ජාති ජරා මරණ ඇති බව ප්‍රත්‍යක්ෂය ලෙසින්ම දැන දකිම්න් වාසය කරන්නා ඒ "අවස්ථාව තුළ" ජාති ජරා මරණ ඉක්මවා වාසය කරන්නෙකි
@@ajaramagga3704 සමාවෙලා....එතකොට හාමුදුරුවෝ පිලිගන්නවද මරන දුක දැනෙන්න මැරෙන්නම ඕන නැ කියන එක
Suuthra deshana100% nivaradidai vimasa baliya yuthui. Buddha saahithya ihalin piligath haamuduruwarun depalak. Niwansuwa athvindinne jeewathwasitiyadei. Parinirwaanayenpasu yali uthpaththiyakata awshya heethu sakasee natha. Pahanak niveegiyase ginidallanam shakthi visheshayata ekwe. Sitha yanuda shakthi visheshayaki. Sithe shakthiya vishvayata ekwe. Upadina thala 31 ki. Eeta amatharawa niwan dakina ayata upadina thanak budun deshanakara natha.
Samantha badra hamuduruwo me ගැන අදහස විමසා බැලීම වටී. Ikmanin වැඩසටහන ඕනි.
තනිකර ආත්ම දෘෂ්ටියක් තුල සාකච්ඡාවක් .ඉන්දික මහතා ඔයගැන හරියටම සමන්තභදා හිමිගෙන් ,වංගීස හිමිගෙන් දැනගන්න.
@@asokap.h9409Samantha badra himith oya wage ekak kiyanawa
ඇයි අපි පෙන්වා දුන් ප්‍රමාණය මදි ද? තව කාරණා තියෙනවා එළියට ඇද්දේ නැති
හදිසි වෙන්න එපා ඊළඟ vedio වත් බලලම කියන්න
@@ajaramagga3704 sarwastha wadi
(2018-04-06)...ua-cam.com/video/hPLznmf99Jg/v-deo.html .. සමාලෝචනය
(2016.8) ua-cam.com/video/M_qgcijZITU/v-deo.html ..බන පොත තුලින් ස්වාමින්වහන්සේව දැක්කා
ua-cam.com/video/twtW9q3FHfM/v-deo.html ..බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ උපන්නා නම් බුදුහාමුදුරුවන්ගේ ඥාති පිරිසක් ඉන්න ඕනේ
(2017.1). ua-cam.com/video/iZo1E0l5e9Y/v-deo.html...ගථා ඒවගේම පිරිත් ගිරව් කතා කරන්න වගේ පාඩම් කළා විතරයි
ua-cam.com/video/tamxFYB198U/v-deo.html ..මේ අර්යවතුන් වහන්සේ හැරුණකොට , සසර දුකින් නිදහස් වන මාර්ගය නියමාකාරයෙන් පෙන්වාදෙන කිසිම ක
(2017.1)..ua-cam.com/video/lUH8F4qqEfY/v-deo.html..ආශ්වාස ප්‍රාශ්වාස ධ්‍යාන වගේ දේවල් කළා
(2017.9). ua-cam.com/video/Y76cAfv3lp0/v-deo.html..අද අරහතුන් වහන්සේ මට තේරුනා මම නයින් නිදහස් කියලා !
(2017.9) ..ua-cam.com/video/muQ3bQ_YsSw/v-deo.html ..එත්තේසං නිරුජ්ජමානා නිරුජ්ජති !
(2017.1)..ua-cam.com/video/uc_ZrmGU-_g/v-deo.html..නිවන් ප්‍රාර්ථනා කරගෙන වැඳ වැඳ පුද පුද යැද යැද ඉන්න බව මටම මගේ හිත කියනවා
(2017.1)..ua-cam.com/video/kqnGE65e-f4/v-deo.html ..මේ එක වචනයකුත් ඇති අපිට බුදු මග ලබාගන්න !
(2017.4).. ua-cam.com/video/kwsL0Qqx5Ao/v-deo.html...අපේ අනුබුදු මීවනපලානේ ස්වාමින්ද්‍රයන් වහන්සේ පහලවෙලා තියෙන්නේ !
(2017.Apr) ua-cam.com/video/9vvP6ufBnrc/v-deo.html"ufBnrc .. සමාලෝචන Monk..
(2016.6) ..ua-cam.com/video/2fMjcC5UWFo/v-deo.html...අපේ නිර්වාණය හෙට නොවේ අද !
(2016.8).. ua-cam.com/video/wQquebukl5Q/v-deo.html….ධර්මයේ තියෙන වටිනාකම සක්සුදක්සේ දැන් දැනුනා !
(2016.8)..ua-cam.com/video/tamxFYB198U/v-deo.html...මේ අර්යවතුන් වහන්සේ හැරුණකොට , සසර දුකින් නිදහස් වන මාර්ගය නියමාකාරයෙන් පෙන්වාදෙන කි
(2016.9) .ua-cam.com/video/vch8vqAuMUA/v-deo.html...උතුම් සං දේශනාව ශ්‍රවණය කලාට පස්සේ තමයි තේරුම් ගන්න ලැබුනේ ආන පාන කරන දේ
(2016.8)..ua-cam.com/video/wQquebukl5Q/v-deo.html...ධර්මයේ තියෙන වටිනාකම සක්සුදක්සේ දැන් දැනුනා !
(2016.10)..ua-cam.com/video/yzmTHHki6bI/v-deo.html….පොඩි දරුවෙක් අවබෝධ කලදේ ඇයි මේ අපිට බැරි
(2016.10).. ua-cam.com/video/0EaG-S2fVI4/v-deo.html...මගේ ජිවිතේ ගත්ත හොඳම තීරණය එයයි
(2016.10).. ua-cam.com/video/55xqT3U3VTE/v-deo.html ...ගතින් මහන නොවුනත් සිතෙන් මහණවෙලා !
(20 ) ..ua-cam.com/video/FwMAqmTlums/v-deo.html….සමහරක් තැන්වල පිනයි කුසලයයි එකයි කියනවා ස්වාමින්වහන්සේ පිනයි කුසලයයි දෙකක් බව පෙන්වනවා
(2016.12)..ua-cam.com/video/IKpURVUcM6Y/v-deo.html...අද සිට යුද්දේ පටන්ගන්න තියෙන්නේ රාග ද්වේශ මෝහ කියන යක්කුත් එක්ක/ekanayake
(2016.12) ..ua-cam.com/video/imVy-NwsvN8/v-deo.html ...නිවන පිළිබඳව නිවැරදිම තැන
මටනං තේරෙන විදියට මණුස්සයා හෑන්ඩ් පෝන් එකක් නම් වින්ඤානය කියන්නෙ සිම්පතයී.ඕනම පෝන් ඵකක වැඩකරනවා.
ලස්සන උපමාවක්
සත්ත්වයා සිම් එක ලෙසද
දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම, රූපී, අරූපී, සංඥී, අසංඥී, ප්‍රේත, තිරිසන්, නිරි, ගන්ධබ්බ, ෆෝන් එක ලෙසද අර්ථකථනය කර ගන්න , මේය සර්ව සම්පූර්ණ උපමාවක් නොවේ.
හේතුව මේ සිම් එක පෝන් එකක නොපිහිටාත් වැඩ කරන බැවිනි.
Sathya soya yana gamane thawath digaharumak
පව් මේවට සාධුකාර දෙන මිනිස්සු.