Highly appreciate the courage of “All Participants”. We have seen many who challenge and then hide behind trees. Useful discussion in many ways. Thanks
This is a great dialog. I admire Upul's knowledge of the subject. Upul made great points but unfortunately these two monks were constantly interrupting him. It's much better these monks exercise some restraint when the other person speaks. As the mediator Indika should have played a better role. Thanks!
උපුල් මහත්මාට ආශිර්වාද කරනවා අපි හැමෝම
ගිහි මහත්තයගෙ අවබෝධය ගොඩක් ප්‍රායෝගිකයි..
හාමුදුරුවෝ එකම තැන කාල් ගානව්...ගිහි මහත්මා ගෙ කතාව ප්‍රායෝගිකයි...සරලයි💐
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවක් ගැන නොදන්න මේ වගේ අයට එය ප්‍රායෝගිකයි .
හැබැයි කවදාවත් අත්දැකීමෙන් ලබන්න බැහැ.
☸️හේතුව ඔහු කියන්නේ මැරුණු පසු නැවත උපදින්නේ නැති නම් කිසිම දුකක් නෑ කියන එක නේ. දුකේ නැතිවීම පනවන්නෙ එතනින්. ☸️
මෙවැනි බොරුවක් කියන්න එකා එය කීවේ මැරිල බලලම ද මැරුණයින් ඉන්පස්සෙ උපදින්නෙ නෑ කියලා කියන්නේ ඒ අයුරින් ප්‍රත්‍යක්ෂ කරලද.
මේක තමයි අද ධර්මය කියලා ගහන කෙපරය.
👉මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයක් නොවේ. මෙයයි අපි එළියට ගන්නේ.
☸️භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනු ලැබුවේ මරණය නවත්වන ක්‍රමයයි☸️
@@ajaramagga3704 පව් ස්වමින් වහන්සේ , බුදු සරන ගියේ නෑ
සියලු දේ නාටම අවබෝධයක් තිබෙනව. ඇදුමක් හෝදල අවුවට දැම්මම වෙලූනාම සබන් සුවද තවමත් ඵහි තිබෙනව තෙත රෙද්ද වේලුන හැටි ඔප්පුකර ල පෙන්නුම් කරන්ට ඕනද.
පදපරම යන කොටසට අයත් දෙනමක්.
ඔව් ඇත්ත
චීවරය ඇඳගෙන ඉන්න දෙදෙනාට බුදු දහමේ සුළග වත් වදින්න හේතු වාසනා උදා වේවා කියලා අපි උපේක්ෂාවෙන් ප්‍රාර්ථනා කරමු......
මුලිකවම ගිහියෙකුට ඇති සංයමය උතුම් බුද්ධ චීවරයක් දරන්නෙකුට නොමැති වීම දැකීම දුකක්...ඔබවහන්සේලා මීටවඩා ඉවසීම ප්‍රගුණ කරන්නේ නම් මැනවි...උපුල් මහත්මයාගේ ධර්ම අවබෝධ පිලිබඳව ගිහියෙකු වශයෙන් ඉතා අගයකොට සලකමි.🙏
අධර්මය කියන විට දී නිහඬව සිටීම ඉවසීම වශයෙන් ඔබ දකිනවාද ඉවසීමත් සංවර කම තමා සතු දෙයකි එය ඔබට දැකගත නොහැකිය
ධර්මය ප්‍රායෝගික කල පුද්ගලයා තුල විනාය ඇතිව්න්නේ ආයාසයෙන් තොරව..මොකද ඒ පුද්ගලයා හික්මීම ඇති කර ගන්නේ තමාතුල..
@@චින්තනවිප්ලවය-බ2ල තැනක් නො තැනක් නැති ව, හොම්බ දැම්මහම, අසන්නා විසින් යන්ත්‍රය (පවසනය, පිරිගණනය) වසා දමා වෙනත් අතක් බලා ගැනීම සිදුවීම ඒකාන්තය !
@@shirleyfernandowke2364 සිරා කතාව.මාත් අහන්න උත්සහ කලා.ඒත් එක්කෙනෙක් වත් කියන දෙයක් පැහැදිලිව ඇහෙන්නෙනැ.කච කච විතරයි..
@@niliehewage4472 එහෙම හික්මීමක් ඇති කරගන්න කෙනෙක් ඉන්නවද උපුල් මහත්තයා කෙනෙක් නෑ කියද්දී හික්මෙන කෙනෙක් ඉන්නවා කියනවා උපුල් මහත්තයාට ඇහුනොත් මොනවායින් මොනවා කරයිද දන්නේ නැ
ස්වාමින් වහන්සේලා දෙදෙනා හරියට පොඩි ළමයි දෙන්නෙක් වගේ, tv බලන සමහර පොඩි ළමයි හිතනවා tv එක ඇතුලේ මිනිස්සු ඉන්නවා කියලා,, ඔවුන් තමයි මේ සියලු දේ කරන්නේ කියලා. මේ ස්වාමින් වහන්සේලා දෙදෙනා ඉන්නෙත් ඒ වගේ දෘෂ්ටියක.
ඔබ නිවැරදියි .සම්මුතියයි පරමාර්ථයයි අනාගෙන අහෝ බොද්ධ සාධනයට යන කලදසාව
@@patisothagamiyo ඒ හාමුදුරුවෝ අහන ප්‍රශ්නෙ සාදාරනයි ,,සත්වයෙක් පුද්ගලයෙක් නැත්නම් අවබෝධය ට පත් වෙන්නේ කවුද කියලා අහන්නෙ ,,
😂
Hariyatama hari bro hamuduruwo drusti jalayaka patalila inne.
අවබෝධ වන්නේ පංචස්කන්ධයේ සංස්කාර ස්කන්ධයේ යෙදෙන සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වලට යි .
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ...
වැඩිය හිතන්න එපා මහත්තයා උපුල් මහත්තයා කියන විදියට අසරණ වෙන්න කෙනෙකුත් නැත සරණක් ලැබෙන්න කෙනෙකුත් නැත
සොයාන්නාට සම්බ වේ...🙏
@@චින්තනවිප්ලවය-බ2ල Vediyen hithana ekkenata kiyanna yutube eke oba budu keneki sinduva ahanna kiyala.
මේ ස්වාමීන් වහන්සේලාගේ ධර්‍ම දේශනා කීපයක් මම නැරඹුවා. මම ඇත්තටම කණගාටු වෙනවා උපුල් මහත්මයා වගේ උත්තමයෙක් මේ අඤඤාන සහ මිත්‍යා දෘෂ්ටියක් ඇති මේ ස්වාමීන් වහන්සේලා සමග වාදයකට සම්බන්ධ වීම සම්බන්ධව. කෙසේ වුවද ඔබතුමාගේ පැහැදිලි කිරීම අනර්ගයි. මුන් වහන්සේලා මහායානික මත දරන්නන්. මෙම ස්වාමීන් වහන්සේලා දෙනම ගැන අනුකම්පා කරමි. තෙරුවන් සරණයි.
ua-cam.com/video/AynuO1vhoQ0/v-deo.html
ඇත්තද අපි බලාගෙන ඉන්නෙ අපේ අදහස කරුණු සහිතව භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව තුළින් ඛණ්ඩනය කළ හැකි කෙනෙක් ඉදිරිපත් වෙන තුරු.
මුන් වහන්සේලා දෙසනා කරපු දේසනා කොමද හන්නේ.
ඔක්කොම සිංහල පරිවර්තනය වැරදි හා පලි බාසව නෙමෙයිනේ. ශබ්ද ශංඥා නිතිප්පකරන පොත් 2 තියේනවා මගදි ශංඥා එකේ නිති තියෙනවා.
ස්වාමීන්වහන්සේගේ දැනුමේ ඌනතාව උන්වහන්සේ නගන නොඉවසිලි අසාර තර්කයන් හා ඊට ගිහි මහතා සංවරව දෙන පිළිතුරු හමුවේ පැහැදිලි වන වා.
එය කියනෙ ඇතෙත් නැති නැතෙත් නැති බව එක තෙරුන් ගන නැකිවම ඉනවා කිවම දුස්ටි
මෙම සාකචිචාවෙදි උපුල් මහත්තයාට පැහැදිලි කරිමට අවස්තාවක් ස්වාමින් වහන්සේල නොදන් අතර ඉන්දිකද එම අවස්තාව ලබාදිමට මැදිහත්නොවිම පිලිබද බලවත් කනගාටුක් ඇත. එය අසාධරණයි. මින් මෙහි ජිවය සිදලන ලදි.
කොච්චර පැහැදිලි කරන්න ඉඩ දුන්නත් පැහැදිලි කරන්නේ කෙනෙක් නෑ කියලා තව පැහැදිලි කලත් පැහැදිලි වෙන්නේ කවුරුත් නෑ කියලා මුන්ට මෙච්චර කියලත් ඒක පැහැදිලි නො වුණු හැටි
ඔව් හරිම අසාධාරණ සාකච්ඡාවක්
ඔව්, ඒක හරි!
සමිපත් මහතාණනි ඉන්දික මහතාණනි උපුල් මහතාගේ ධර්ම සාකඡ්ඡා දිගටම කරන්න හරිම වැදගත්....
නැවතත් පුන පුනා කියමි. මෙවැනි වැඩ සටහන් වලින් ඉවත් වන්න උපුල් මහතානනි. හාමුදුරුවරුන්ට හික්මිමක් ඇත්තේම නැත.
@@lathafernando5686 නිර්මල පිරිසිදු ධර්මය ඉස්මතු වෙන කොට අධර්මවාදීන් බයට පත්වෙලා ඒ නිසා මේ සාකච්ඡා ඉදිරියට කරන්න එපා කියලා නින්දා කරනවා මේ කෑගහන හෙකුට වත් පිටකොන්දක් නෑ ඒ අතින් බලනකොට උපුල් මහත්තයා ඉදිරිපත් වීම වටිනවා
@@lathafernando5686 කොන්ද පණ ඇති පිරිමියෙක් වගේ පුළුවන්නං මේ ස්වාමීන් වහන්සේලාත් එක්ක ධර්ම සාකච්ඡාවට ඉදිරිපත් වෙන්නේ මට නං හොඳටම විශ්වාසයි සූත්‍ර දේශනා ආශ්‍රයෙන් මේ ස්වාමීන්වහන්සේලා දෙන ම ඉදිරිපත් කරන දහම් කරුණු වැරදියි කියලා පෙන්නන්න පුළුවන් ජගතෙක් මේ ලෝකේ නෑ කියලා
@@චින්තනවිප්ලවය-බ2ල
එහෙම සූත්‍රයක් එන්න තිබුන අරහත්ඵලයට පත්වෙන මොහොතෙම ඒ කය චුතවෙලා භවගමන නිමා උනානම්. එහෙනම් අනිත් සූත්‍රත් සුම්ම, ඒ වගේම තව කිසිම අරහත්ඵල ලාභී උත්තමයෙක් බිහිවෙනව බොරු.🙏🤗🙏
උපුල් මහතා 100% හරි.
නියමයි උපුල් මහත්තයා.හාමුදුරුවෝ තව ඉගෙන ගත යුතු බව සිතනවා.හාමුදුරුවෝ දෙන්නා අල්ල ගන්නේ උපුල් මහත්තයා කියන දේ නෙවෙයි .හාමුදුරුවෝ හරියට තේරුම් ගත්තා නම් උපුල් මහත්තයා ට හරි පොයින්ට් එක පෙන්නන්න තිබ්බා.
අනිවාර්යයෙන්
බුදු පිළිමයට හිනා යනවා දැක්කා..........සරමට ඇති අවබෝධය(දැනුම නෙවෙ) සිවුරට නෑ කියලා.....
බුදු පිලිමය හිනා වෙනවා දැක්ක එකා කියන, ගොන් ,කතාව දැන් බලන්නකෝ සරමට ඇති අවබෝධය සිවුරු නැහැලු මු හිතන් ඉන්නේ අවබෝධ කරන්නේත් අවබෝධය තියෙෙන , රෙද්ද, කියලා මේ ,ගොනාට,චිත්ත යක්, ඇන්දුව නං හොඳට තේරෙයි කියලා හිතෙනවා මට හිතෙන විදියට නම් මෙයා සරමක් ඇඳලා නැති සිවුරක් දරන්න කොහෙත් ම පිනක් නැති චීත්තයක්ම ඇඳගෙන ඉන්න කෙනෙක් කියලයි මට නම් හිතෙන්න🤑🤣😃😆😆😋😜
ඇදුම් මාරු කරගත්තනම් බොහොම හොදිත් ගැලපෙනච.
Duka nathi kirimata budda darsanaya desana kara chiwara darinta terennena mekaawabodakaraganna
Kiyala wadak naa me hamuduruwan dennata one niwan suw vida vida niwanata alila inna.
මේ හාමුදුරුවෝ දෙනම වචනෙක හිර වෙලා..මේක මගේ නෙමේ මගේ ආත්මය නෙමෙ කියන ආරම්බයෙන් පටන් අරන් මම නැත..මගේ ආතමය නැත..කියන තැනින් මම කියලා සත්වයෙක් නෑ කියලා අවබෝද කරවනවා..හැබැයි ඒ අවබෝධය ලැබෙන තුරු සත්වයෙක් ඉන්නවා...කොහොමද ඉන්නේ???මේ ඉන්නේ අපි..!!අපිට අපි ඉන්න සත්‍යක් බව තෙරෙනවා..මේ හාමුදුරුවන්ගෙ වැඩසටහන් කරන්න එපා..මේක දෘශ්ටියක්..පොඩ්ඩක් මොඩිෆයි කරලා.
අවබෝධයට පෙරත් සත්වයෙක් නෑ ඇත්තටම. නමුත් ඉන්න බව සිතමින් රැවටිල්ලක් ඉන්නවා අනවබෝධය නිසා.
🤣🤣🤣
METHANA SAMMUTHI WASAYEN SATHWAYA SAHA SIYALLA ETHA NAMUTH SATHWAYA ETHULU SIYALLA KHSANAYAK KHSANAK PASA WENAS WEEMATA YATATH WANA BAWA THERUM GATHA YUTHUYA.
ඉතාමත් වටිනා ගැඹුරු දහම් සාකච්ඡාවක් ස්වාමින්වහන්සේලා විසින් ඉදිරිපත් කරන බුදුන් වහන්සේ මහරහතන් වහන්සේලා සුව විදින අජරාමර නිවන් සුව පිලිබදව අවබෝධයක් ලබාගැනීමට උත්සහ කිරීම තුල මරණය ජයගත හැකි බව ඉතාමත් පැහැදිලියි නිවන් සුව විදීම රහතුන් බුදුන්වහන්සේලා ජීවමානව ලබාගත් අත්දැකීමක් නම් එම සුවය මරණයෙන් පසුවත් නිවන් දැකීමෙන් විදීමට හැකි අජර අමණීය සුවයක් බව පැහැදිලියි,🙏🙏🙏🙏ඒවගේම උපුල් මහතාගේ බුදුදහම පිලිබදව අවබෝධය අතිවිශිෂ්ටයි මේ සාකච්ඡා දිගටම පවත්වන්න උපුල් මහතා ඉදිරිපත් කරන සාකච්ඡා මේ ස්වාමින්වහන්සේලා දෙනම සමග තව දුරටත් පවත්වන්න ලංකාවට අවශ්‍ය කාලීනකිය ලොකික ලෝකය පිලිබදව ඉදිරිපත් කරන ජනමාධ්‍ය වල ජන සාකච්ඡා නොවෙයි මේවගේ ඉතාමත් වටිනා ගැඹුරු සිත පිලිබදව උතුම් දහම් කරුණු ඒනිසා මේවටිනා සාකච්ඡා ඉදිරිපත් කරන සියලු දෙනාට අමාමහ නිවන් සුව මෙලොවදීම අවබෝධ වේවා සම්බුද්ධ ශාසනයට කල්‍යාණ මිත්‍රයන් සේ සේවය කිරීමට හැකිවේවා, මේ සාකච්ඡාවට ස්තුතියි තර්කවිතර්ක මතුවීම සාමාන්‍ය ස්බාවයක් 🙏
ස්වාමීන් වහන්සේ දෙනම පටලවාගෙන / ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි 🙏
අපිට පටලැවිලද කියල බලන්න කලින් තමුන් අධර්මය අහල පටලැවිල ද ඉන්නෙ කියන එක හොයාත්ත නම් හොඳයි.
මේ වගේ හොර උපාසකයෝ බිහිවෙන්නෙත් අද කාලේ ධර්මය කියල පෙන්වලා අධර්මයම කියන අයගෙන්ම තමයි.
@Sanuja Methmal
මොහු භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද ධර්මයෙන් කතා කරනව කියා ඇවිත් භාග්‍යවතුන් වහන්සේ නොවදාළා කරුණුයි ධර්මය ලෙස ඉදිරිපත් කළේ. ඔවුන් තමයි නියම හොර උපාසකයින්.
භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය නොදන්න ඔයා වගේ අයට නම් මොහු හොඳ උපාසකයෙක්.
ධර්ම යැයි කිය කියා පච ගහනකොට ඔය ගානින් නැවතුනා හොඳටම ඇති.
අපි පසුතැවෙනවා මේ වගේ ධර්මය නූගත් කෙනෙක් එක්ක සාකච්ඡාවට වාඩි වීම ගැන.
එක භික්ෂූන් වහන්සේ නමක් හරි ඉදිරිපත් වුනා නම් අපිට මේ වගේ නූගත් උපාසකයන් එක්ක සාකච්ඡා කරන්න අවශ්‍ය වන්නේ නෑනේ.
@Sanuja Methmal සත්වයෙක් පුද්ගලයෙක් නැති මේ සසරෙ පංච ස්කන්ධ ගොඩකට කියපු නමක් අල්ලන් ඇයි මේ පැටලෙන්නේ. උපුල් මහත්තයත් අවසානයේ දි හේතු නිසා හටගෙන හේතු නිසා නැති වෙන ස්වභාවයක් විතරයි. ඔහු දිහා වුනත් සක්ඛාය දිට්ඨියෙන් තොරව බලන්න. එතකොට ගැටෙන්න හේතුවක් ඉතුරු වෙන එකක් නෑ💁♀💁♀💁♀
@Sanuja Methmal සක්ඛාය දිට්ඨිය තවම දුරු වී නැති හැඩයි. සසර හටගන්නේ සත්වත්වය නිසා නෙවෙයි, සසර හටගන්නේ උපාදානය නිසා. ඒ උපාදාන ස්කන්ධයන් ඔබ සත්වයෙක් ලෙස ගනීමයි වැරැද්ද
8:32 ධර්මයේ හරය
උපුල් ප්‍රනාන්දු මහතා නිවැරදියි ස්වාමීන් වහන්සේලා දෙනමගේ පාරමිතා සම්පූර්ණවි නොමැත
Hariyata hari boleeeeee.hithagatta paaraka yana asarana denamak.meyala yana margaya athule meyalata nodanena aawenika kramayakata yanawa.pothen niwan dakinna hadana wachana walin paara hoyanna hadana dabalak.me gihi manussaya supiri
පාරමිතා සම්පූර්ණ කර ගන්නා කෙනෙක් නැති හැඩයි පාරමිතා වැඩූ කෙනෙකුත් නැත පාරමිතා සම්පුර්ණ කර ගත්ත කෙනෙකුත් නැත සත්වයෙක් පුද්ගලයෙක් කෙනෙක් නැත මේක තමයි ලොකුම විහිලුව අර ගොන් මනුස්සයා කෙනෙක් නෑ කියද්දී පාරමිතා වඩන්න කියලා කියනවා වඩන්න කෙනෙක් ඉන්න එපාය
උපුල් මහතා ගේ කතාව සුපිරි .💗🇱🇰👍🙏
😃
මේ මහත්මයා කවුද කියා මා දන්නේ නෑ
එතුමා බොහොම ප්‍රායෝගික දෙයක් ඉදිරිපත් කරන්න හදනවා.
ගැඹුරු පරමාර්ථ ධර්මය තුළින්.
අපේ ස්වාමීන් වහන්සේලා සමාවෙන්න ඕනේ
ඔබ වහන්සේලා පතේ පොතේ හැටියට කරුණු ඉදිරිපත් කරනවා
ඒ මහත්මයාට කතා කරන්න බැරි ඒකයි. අනාත්ම කියන වචනය යොදපු ගමන් මොන විදියෙන් වත්
ධර්මයේ පැහැදිලිව තේරුම් ගන්න අමාරුයි
මොකද අනාත්ම කියන වචනයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා නොකළ නිසා.
අගෙයි ! ඉදිරි අවස්ථා වලදී තවත් විස්තර සහ බුදුන් දෙසූ දහම හා විවිධ හේතූන් නිසා කලවම් වී අච්චාරුවක් වී ඇති බුද්ධාගම විසින් සමාජ ගත කරමින් තිබෙන මිත්‍යාව ට රැහැනි ව, අදහස් ඉදිරිපත් කරන්න.
සුසන්ත මහත්තයට ගොඩක් පිං.... ඒ වගේම ඉන්දික මහතාටත් පිං මෙවන් දේවල් අපිට ගෙනාවට ... මතු උපදින හැම භවයකම ඉන්දික මහතාට කිසිම අඩුපාඩුවක් නැතිව ඉපදීමට මේ අපිට දෙන ධර්ම දානයේ පිං ම හේතුවේව.... ඉන්දික මහත්තයෝ ඔබ දෙපලට බොහො පිං.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞💞
සුවාමින් වහන්සේලා සම්පුර්න ෆේල් 😢😢😢😢😢
උපුල් මහතා බුද්ධ වචනයෙන් පිට කිසිදු අදහසක් ඉදිරිපත් නොකරන.. සැබෑ උපාසකයෙක්
ස්වාමින්වහන්සෙලා දෙනම විශාල දෘශ්ටික ඉන්නේ.. ඒ දෘශ්ටිය හරිම භායානකයි.
Hamuduruwaru thama drustiyaka inne upul mahaththaya hari
Don't judge until the end.. wait for it..
ua-cam.com/video/AynuO1vhoQ0/v-deo.html
බුද්ධ වචනය දේශනා කළ බුදුරජාණන් වහන්සේලා නෑ කියන කාරණයෙන් දරයි කියලයි අපට හිතෙන්නෙ ධර්මයෙන් නං දර නැත
@@චින්තනවිප්ලවය-බ2ල yes,
49:16 රූපයක් තනිවම හඳුනාගත හඳුනාගත නොහැකිය යන්න බොරුවකි. සමාධි භාවනා සූත්‍රය බලන්න,. සංයුත්ත නිකාය 3. එකිනෙක වෙන් කර හඳුනා ගැනීමේ හැකියාව ඇත.
ගිහි මහත්මයා ඉතා සංයමයෙන් පැවිදි දෙදෙනාටත් වඩා පැහැදිලිව කරුණු ඉදිරිපත් කිරීම ප්‍රසංසනීයයි.
ඇත්තටම ඇත්ත ඒක.හරිම කණගාටුයි
හාමුදුරුවරු තදබල මිත්‍යා දෘෂ්ටියක ඉන්නේ. ඒයින් මිදි උන්නාන්සේලාගේ න් බණ අහන අයටත් මිදී මට ලැබේවා.
උපුල් මහත්තය එක්ක වැඩසටහන් වැඩි වැඩියෙන් කරන්න තොටවත්ත මහත්තයෝ.
ඔහුගේ සූත්‍ර පිලිබද දැනීම අති විශිෂ්ඨයි
හාමුදුරුවන් දෙනම තව ඉගෙන ගන්න.
හාමුදුරුවොන්ට තවත් ඉගෙන ගන්න කියන්නේ සත්වයෙක් පුද්ගලයෙක් නෑ කියලා දැනගන්න ද තව ඉගෙන ගත්තත් එච්චරයි නේ මම කියනවා හාමුදුරුවොන්ට භාවනා කරන්න එපා ඉගෙන ගන්න එපා කියලා මොකද කවුරුත් නෑ කවුරුත් නෑ කියලනේ කියන්නේ ආයිත් නම් මම ධර්මය අහන්නේ නැහැ කවුරුත් නැති නිසා
@@චින්තනවිප්ලවය-බ2ල ධර්මය අහන්න, භාවනා කරන්න, ඉගෙන ගන්න ඇයි කෙනෙක් ඉන්නම ඕනෙ කියලා හිතන්නෙ?
සුසන්ත මහත්තයාට ත් ඉන්දික මහත්තයාටත් මං බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.. මේ ස්වාමීන් ස්වාමීන් හන්සේලා දෙනම සම්බන්ධ වෙලා කරපු මේ වැඩසටහන සම්පූර්ණ වගේ මං අහල තියෙනවා මම ඉතාම උනන්දුවෙන් අහන වැඩසටහනක් තමයි මේක . මේ ස්වාමීන් වහන්සේලා දෙන ම මතු කරන්නේ එසේ මෙසේ කාරණාවක් නොවේ.. ඇත්තටම ඒ කරුණු කාරණා ප්‍රතික්ෂේප කරන්න හිත දෙන්නේ නැහැ මන්ද ඉන්දික මහත්මයා මහත්මයා කොතෙක් දක්ෂයෙක් වුනත් ඔහු වගේම මේ වැඩසටහනට පෙර ඉදන් සම්බන්ධ වුණු ස්වාමීන් වහන්සේලා ගිහි පින්වතුන් මේ ප්‍රනාන්දු මහත්මයා හරිහැටි ඒ ස්වාමීන් ස්වාමීන්වහන්සේලාගේ කියන දේ බිඳ දමන්න මෙතෙක් කවුරුත් දක්ෂ වුනෙ නැහැයි කියලයි මගේ විශ්වාසය..
හැබැයි මට මේ ස්වාමීන් වහන්සේලා දෙනම කියන කාරණය තාම විශ්වාස කරගන්න අමාරුයි 100%
කරුණාකර මේ රටේ ඉන්න ධර්මධර විනයධර ස්වාමීන් වහන්සේලා ත්‍රිපිටක ආචාර්ය මහාචාර්යවරු මේකට සම්බන්ධ විය යුතුයි..මන්ද මේ ස්වාමීන් වහන්සේලා පිස්සුවක් නටනවා නොවේ... උන්නාන්සේලා බුදුහාමුදුරුවෝ ගැන ධර්මය ගැන හරි සද්ධාවෙන් භක්තියෙන් ගෞරවයෙන් ප්‍රඥාවෙන් කටයුතු කරන බව වැටහෙනවා....
ස්තූතිය සුසන්ත මහතා බොහොම පිං ......
පොතේ නිවන නෑ.සීනි පැණි රසයි.දැන්මෙය ලියලා පොතෙන් පෙන්වන්න පුළුවන් ද? සවාමින්වහන්ස ,නිවන අහලකවත් නෑ.
බොරු කයිවාරු ගහන්නෙ ඇතුව ඉදිරිපත් වෙලා අපිට පොතෙන් තොර නිවනක් පෙන්නන්නකෝ එතකොට ඔයා කියන 😜ඒ නිවන ගැන දෙන ගත්තේ ඔයාගේ අම්මගේද
බුදු හාමුදුරුවන්ගෙනුත් බමුණො ඒ කාලෙ අහන්න ඇති මොන පොතෙන්ද නිවන හොයාගත්තේ කියලා
ඔබ හරි.. නිවන කියන්නෙ පංචඉන්ද්‍රියට ගෝචර නැති දැනීමක්.. ඒක වචන වලට දාන්න බෑ.
56:තැන හාමුදුරුවෝ කියන කතාව විහිලුවක්
බුදුහාමුදුරුවෝ කයට මම කියලා කියන්න තරම් මෝඩ නැත. ඒ මම කිව්වේ උපාදානස්කන්ධ පහටම යි.
පංචස්කන්ධය උපාදානයෙන් යුතුව හිතින් ගත්තම තමයි නැති මම හට ගන්න. බුදුහාමුදුරුවෝ දේශනා කළ සියුම් දේ මොකක්ද කියලා මම පැමිණ පහදා දෙන්නම්.
මහත්තයා නිමිලා. හාමුදුරුවෝ දෙනම ගිනි අරන්.
පටන් ගත්ත වෙලේ ඉඳලම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරයි කිය කියා පච ගහන කොට , අපි ඔය ගානින් නැවතුනා හොදටම ඇති.
කයිවාරු ගැහුවෙ සූත්‍ර පිටකයෙන් කියනවා කියලා. නමුත් කිව්වේ භාග්‍යවතුන් වහන්සේ දේශනා නොකරන ලද්දක් මයි.
ඒක සත්‍යයක්ද කියා දැන ගන්න භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව අධ්‍යයනය කරන්න.
භාග්‍යවතුන් වහන්සේගේ දේශනා අභිබවා යන අධර්මයක් කියන මෝඩයෙක් එක්ක අපිට වාඩිවෙන්න උනානේ. භික්ෂූන් වහන්සේ නමක් නම් තව කමක් නෑ.
I really appreciate Mr Upul's knowledge
උපුල් මහත්තයට කතාකරන්න ඉද දුන්නේ නා මුන් වහන්සේලා දෙනාම අදිවිශ්වසෙන් ඉන්නේ මුන් වහන්සේලා ඒක තමා ප්‍රස්නේ අහුකන් දෙන්නේ නා ඔහේ කියවනවා මුන් වහන්සේලා උපුල් මහතය කියන කතාව හරි
මහත්තයා මෙතන ප්‍රශ්න අහපු කෙනෙකුත් නෑ ඇහුම්කන් දෙන කෙනෙකුත් නෑ මෙතන කවුරුත් නෑ කියලා කියද්දිත් කෙනෙක් ගැන කතා කරනවා උපුල් මහත්තයා මෙච්චර කියද්දිත් මේ මෝඩ මනුෂ්‍ය කෙනෙක් ගැන කතා කරනවා
@@චින්තනවිප්ලවය-බ2ල මෙතන "උපුල් මහත්මයා" සහ "මුන් වහන්සේලා" කියලා හඳුන්වලා තියෙන්නේ පුද්ගලයන් ගැන කියලා කව්ද කීවෙ? එහෙම අපිට ඕනෙ විදිහට වෙන කෙනෙක්ගෙ පාඨයක් අර්ථ දක්වන්න බෑ නේද? සමහරවිට ඔතන "මුන් වහන්සේලා" කියලා හඳුන්වලා තියෙන්නේ පංච ස්කන්ධ ගොඩවල් දෙකකට වෙන්න පුලුවන්🤷
මේ සාකච්ඡාව තුළ මා දුටු එක් කරුණක් නම් භික්ෂූන් වහන්සේලා කියලා කෙනෙක් නෑ භික්ෂුණීන් වහන්සේලාත් නෑ උපාසකයෙක් කියලා කෙනෙක් නෑ උපාසිකාවක් කියලා කෙනෙක් නෑ සත්පුරුෂයෙක් කියලා කෙනෙක් නෑ අසත්පුරුෂයෙක් කියල කෙනෙකුත් නෑ ධර්මය පුරුදු කළා කියලා යහපත සැලසෙන කෙනෙකුත් නෑ ධර්මය පුරුදු කළේ නෑ කියලා යහපත සැලසෙන කෙනෙකුත් නෑ සත්‍ය පුද්ගලයෙක් කවුරුත් නෑ කියලයි
බුදු රජාණන් වහන්සේ දේශනා කළේ අවිද්‍යාව නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වෙනවා කියලා ද සත්වයා නැත්තට නැතිවෙලා යන බවද
පටිච්ච සමුප්පාදය නුවණින් විමසන ඔහුගේ දුකයි දුරු වෙන්නේ ඔහු නැත්තට නැති වෙනවා නෙවෙයි
@Sanuja Methmal
භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව නම් දුක්ඛ නිරෝධ ලබන අත්දැකීමකි.
.
තුන් කාලෙටම නොපවතින කිසිවක් නැති බව නම් නිරෝධය කියන්නේ කෙසේද එහි අත්දැකම් ස්වභාවය ලබන්නේ.
දුක ඇති වෙන එක කිසිවෙකුට සදාකාලික නැවැත්විය නොහැක. එසේ ඇතිවන දුක සමුදය වීම නිසයි ඔහු දුකට පත් වන්නේ, එම දුක සමුදය වන්නේ වැරදි දැක්ම නිසයි. අවිද්‍යාව නිසයි.
දුක ඇතිවන ඇතිවන විටම, එය සමුදය වීමට නොදී නිරෝධ භාවයට පත් කිරීම මයි සැපය. ඒ නිසයි දුක්ඛ නිරෝධය සැපයක් කීවේ. එයට උපකාරී වන්නේ විද්‍යාව තුලින් භාවිතා කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.
අවිද්‍යාව නිසයි හටගත් දුක එවිටම සමුදය වන්නේ. විද්‍යාව නිසයි හටගත්තේ එහිම නිරෝධ වන්නේ. එම නිසයි සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස යන හැම දුකක්ම එහිම නිරෝධ භාවයට පත් වන්නේ.
දුක සමුදය වීමට බලපාන්නේ "සත්වයා" තුළ ඇති වැරදි දැක්මයි. දුක නිරෝධ වීමට බලපාන්නේ සත්වයා තුල ඇති 👉නිවැරැදි දැක්මයි.
විඤ්ඤාණයේ මායාවට අහුවෙන්නෙ සත්වයාමයි , විඤ්ඤාණයේ මායාවෙන් නිදහස්වන්නේද සත්වයාමයි.
සත්වයා ගැන අදහසක් ආවත් නැතත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇත්තේ සත්වයෙක් ඇත යනුවෙනි. සත්වයෙක් නැත යන්න ඔබට ධර්මය උගන්වා ඇති ගුරුවරුන්ගේ වැරදි ඉගැන්වීමක් බව දැනගන්න. ඔවුන් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඉක්මවා කියවන ලද විකාර කතාවකි.
භාග්‍යවතුන් වහන්සේ දුක්ඛ නිරෝධයත් පැනෙව්වා මිස සත්ත්වයන් නිරෝධ වීමක් ගැන කිසිවිටෙකත් දේශනා කර නැත. එම නිසා එසේ කීමට කිසිවෙකුට අයිතියක් නැත.
@Sanuja Methmal සළායතන නිරෝධය සත්ව භාවයෙ නිරෝධය කියලා මොන දේශනා වෙදතියෙන්නෙ බුද්ධ දේශනාවේ නැති දේවල් කතා කරන්න එපා සළායතන නිරෝධය පරිපූර්ණ අත්දකින පුලුවන්ද අත්දකින්න ඔහු සළායතන තමා තුළින් අත් දැක ද
අහලත් නැ වගෙ ඇදුම මොකක්උනත් හරි දේ දේසනාවෙන්නයි ඔිනා ඇලිම ගැටෙන සිත නිසා තේරැමි ගන්න වාසනාව අහිමි වෙනවා සාදු සාදු උපුල් මහත්තා
ස්වාමීන්වහන්සේලා ගිහි මහතාවගේ අදහස් ඉදිරිපත් කරන්න නොදි බාදා කිරිම අසංවරකමකි. ඒක දෙවෙනි සාකච්ඡා වෙදි හදාගන්න.
මහා කාලගෝට්ටියක් මුළු කතාවේම බදකිරීම් විතරයි තියෙන්නේ
ඒක ඇත්ත ,, අදහස් දැක්වීමෙදි හාමුදුරුවන් වහන්සේලා මීට වඩා සංවර වෙන්න ඕනෙ
ua-cam.com/video/AynuO1vhoQ0/v-deo.html
@@helapura-3833
හ්ම් ස්තූතියි අදහසට
Dammanipuna හාමුදුරුවන් ගෙ වචන පැහැදිලි නැහැ.
බොහොම කලබලයි.තේරැම් ගන්න ඉතාමත් අපහසුයි අපට
susantha, උපුල් මහත්මයා ස්වාමීන් වහන්සේලා දෙනමට හොඳින් සවන් දුන්න නේද උන්වහන්සේලා දෙනමට අ ප්‍රතිවාදී මතයට සවන් දෙන්න තරම් වත් ඉවසීමක් නැතිකම කොතරම් නම් අභාග්‍ය සම්පන්නද නේද.
මේ සාකච්ඡාව තුළ මා දුටු එක් කරුණක් නම් භික්ෂූන් වහන්සේලා කියලා කෙනෙක් නෑ භික්ෂුණීන් වහන්සේලාත් නෑ උපාසකයෙක් කියලා කෙනෙක් නෑ උපාසිකාවක් කියලා කෙනෙක් නෑ සත්පුරුෂයෙක් කියලා කෙනෙක් නෑ අසත්පුරුෂයෙක් කියල කෙනෙකුත් නෑ ධර්මය පුරුදු කළා කියලා යහපත සැලසෙන කෙනෙකුත් නෑ ධර්මය පුරුදු කළේ නෑ කියලා යහපත සැලසෙන කෙනෙකුත් නෑ සත්‍ය පුද්ගලයෙක් කවුරුත් නෑ කියලයි
ස්වාමීන් වහන්සේලාගේ දේශනාවට හොඳින් සවන් දුන්න නං උපුල් මහත්තයට ඔය දුෂ්ටියෙන් ගැලවෙන්න ඉඩ තිබුණා අනිත් අයටත් කියන්නේ දේශනාව හොඳින් ඇහුම් කන් දෙන්න සතර අගතිය කින් තොරව ඇහුම්කන් දෙන්න සතර අගතියට ගිහින් ඇහුම්කන් දෙන අයත් ඉන්නවා සතර අගතියෙන් තොරව ඇහුම්කන් දෙන අයත් ඉන්නවා සතර අගතියෙන් තොරව ඇහුම්කන් දෙන අයට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්
පටිච්චසප්පාදය දකී ද ,දර්මය දකී,දර්මය දකීද බුදුන් දකී. මේසේ දර්මයේ සදහන්වේ. ඒකියන්නේ මස් ලේ කය නොවේ බුදුන්ගේ,
පරමාරත,සම්මුති අර්ත ගන්නත් හිමිවරුන්ට බැරි පදපරම නිසා විය හැක සමහර විට.හරියටම කියන්න පුලුවන් බුදුන්ට විතරයී.අනුමානයෙන් පෙන්නුම් කරා.
This two Monks trying to hide Niwana from others. They actually don't know what is NIWANA 😢😢😢
52:10 සකාරනව ඇහුව ප්‍රශ්නය මග ඇරියා, උපමාව ද තේරුම් නොගෙන. ඔය ගල් කැට වලින් මේ දකින්න බැරි ය කියා.
හාමුදුරුවනේ ටිකක් ඉඩදෙන්නකො ඒ මහත්මයට කරුණු විස්තර කිරීමට....
ඒ මහත්තයා නිවිලා ඔබ වහන්සේලා ගිණි අරන්....?
කොච්චර විස්තර කළත්
විස්තර කෙරේ, විස්තර කරපු එකෙක් නෑ කියලයි
තව විස්තර කළ විස්තර කරන්නේ ඔය විස්තරේම තමයි .
ඒ මහත්තයා කියන්නෙ පරමාර්ථ අර්ථ යෙන් කියන කතාවකුයි පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න කියලයි විතරයි
u nivila newei u ganja gahala
uma sakachchawata awilla uma kiyanawa u kiyala akek na kiyala and huththo gedara gihila chu karala nidaganin pissu kiyawannethuwa
සුසන්ත මහත්මාට ස්තූතිය පුදන්න ඕන මේ වැඩේ ට.බුද්ධර්මය ගැන සෑහෙන දැනුවත් වෙන්න පුලුවන් උනා.
උපුල් මහත්මයාට කථා කරන්න ඉඩ නොදීම නිසා මෙය පැහැදිලි කර දෙන්න අවස්ථාව නැතිවුණා. එකම ගෝසාවක් විතරයි. උපුල් මහතාගේ දැනුමට අනෙක් අය පරාදයි. 🙏🙏🙏
චිත්‍රපට වල දුෂ්ටයො එකෙක් හිටියා ට; මෙතැන දෙදෙනකු සිටිතැ යි, ඔබ කියති! ඔබ නිවැරැදි නම් එය එසේ වේවා!
ඔය කියන දැනුම උපුල් මහත්තයා ගේද උපුල් මහත්තයාගේ අම්මගේ ද උපුල් මහත්තයාගෙන් අහලා ඉක්මනට මට කියන්න කෝ මොකද පරමාර්ථය තුළ එහෙම එකෙක් නෑනේ ඒකයි මෙහෙම ඇහුවේ
@@චින්තනවිප්ලවය-බ2ල තකතිරුවන් අතර නැණවතුන් සිටී නම්, ඕතොමෝ විචක්ෂණ ව, විදග්ධ ව; අසා, විමසා බැලූ අය ම ය! මේ සාකච්ඡා මණ්ඩපයේ සිටින ඇතැමුන්,බලෙන් "පොර" වීම ට තතනනවා වියැ හැකි ය! නිවැරැදි දහමේ සැබෑ හිමිකරු ගොතම සමනයානන් මිස අන් කෙවෙත ?
එහෙම ගන්න එපා මිත්‍රයා ඒක උපුල් ප්‍රනාන්දු මහත්තයා කතා කරන දේට හාමුදුරුවෝ නිතර නිතර විරුද්ධ වෙනවා නෙවෙයි එතුමා කතා කරන දේවල් දැනුම ත්‍රිපිටක reference වලට නොගැලපෙන තැන් තමයි වැඩි . ඒකයි ඒ අවස්ථාවලදී හාමුදුරුවෝ ටිකක් මැද්දට පැනලා ඒකයි වෙනස් කරන්නෙ
හැබැයි එතුමා ඇත්තටම නිර්භීත දක්ෂ පණ්ඩිතයෙක් මොකක්ද මේ රටේ මහ ධර්මධර විනයධර ඉදිරිපත් වෙන්න ඕන තැනට එතුමා ඉදිරිපත් වීම අපි එතුමාට රෙස්පෙක්ට් කර යුතුයි...
එතුමා මේකට සම්බන්ධ වීම පවා මේ වැඩසටහනට කරන සේවයක්...
විනය නම් අන්තිමයි. එකම කාල ගෝට්ටියක් මොනවත් පැහැදිලි නෑ. උපුල් මහත්තයාට කතා කරන්න දෙන්නේ නෑනේ. ඉන්දික මහත්තයා එක වරකට එක් අයෙකුට විතරක් කතා කරන්න දෙන්න. ස්වාමීන් වහන්සේලා අන්ය මත වලට ගරැ කරන්නේ නැති බවක් පෙනෙනවා. බලාපොරොත්තු වුන සාකච්ඡාව ලැබුනේ නෑ යන්නයි මගේ හැඟීම. ස්වාමීන් වහන්සේලාගේ මතය මමනම් පිලිගන්නේ නෑ. නිර්මල බුද්ධ දේශනාව විකෘති කරලා සමාජගත කරනවා. සත්‍යා උත්සාහය සාර්ථකයි. අඩුපාඩු හදාගෙන ඉදිරි වැඩසටහන කරගෙන යමු.
ua-cam.com/video/AynuO1vhoQ0/v-deo.html
ඔව් පාසල් කාලෙ වලියක් වගේ.. එක්කෙනෙකුට ඔක්කොම එකතුවෙලා එකෙකුට ගහනව වගේ. 🤣
@@piuperera ඔව් ඒක ඇත්ත.පරිනත දැනුමක් තියෙන කවුරුවත් ඔහොම හැසිරෙන්නේ නෑ
කොහොමහරි සකච්චාවේ අවසානයේ හරිය..! මේ ස්ව්මින්වහන්සේලා කියනවා.! නිවනින් පසුව සත්වයේක් ඉන්නවා කියලා...😕
එහේම වුනොත් නිවන් දැකිමට විර්ය කිරිම පවා විහිළුවක්.!
මෙම සාකච්ඡා මාලාව දිගටම කරගෙන යෑම ඉතාම වැදගත්. එසේම හැකිනම් මෙම ස්වාමීන් වහන්සේලා සහ වංගීස ස්වාමීන් වහන්සේ අතර සාකච්ඡාවක් පැවැත්විය හැකිනම් එයද ඉතා වැදගත් වේවි.
ස්තුතිය අදහස් දැක්වීමට
වංගීස හිමි සමඟ සාකච්ඡා කලානම් ඉතාමත්ම වටිනව. තෙරුවන් සරණයි 🙏🙏🙏
උපුල් මහත්මයා ඔබට ගොඩක් ස්තුතියි
වෙන කවුරුවත් කිව්වත්, දෙමාපියන් කිව්වත්, බුදුන් කිව්ව කිව්වත්, පොතේ තිබ්බ කියල කිව්වත් පිලිගන්න එපා තමන් තුලින් විතරක් දකින්න කියපු ධර්මයේ, පොතක් කරන හදියක්.. ✌
🤣🤣
Sahathika Aththa
ඔව් ධර්මය තිබෙන්නේ තමා තුළින් අත්දකින තමයි හැබැයි මේ යා කියන්නේ තමා තුළින් අත් දකින්නත් බෑ කියල නේ මේ ගිහි පිංවතා කියන්නේ තමා තුළින් අත් දකින්න බෑ කියල නෙ අත් දකින්නේ නෑ කියලා මයි කියන්නේ
@@චින්තනවිප්ලවය-බ2ල කාලාම සූත්‍රයේ කියන්නේ තමා තුලින් දකින්න කියලා නෙවෙයි. රාග, ද්වේශ, මෝහ ආදිය දුරු වෙන දහමක් තියේ නම් එය විස්වාස කරන්න කියලා.
චින්තන විප්ලවය දැන් අහන්න එපා විස්වාස කරන්නත් කෙනෙක් ඉන්න ඕනෙද කියලා. ක්‍රියා පදයක කර්තෘ හැම වෙලේම සත්වයෙක් වෙන්න ඕනෙ නෑ
ඔය විදිහට ගඟ ගලයි කිවාමත් අහන්න ඕනෙ "එහෙම කොහොමද ගලන්නේ, ගලන්නත් කෙනෙක් ඉන්න එපයි" කියලා🤷
@@චින්තනවිප්ලවය-බ2ල ඔව් එතුමා හරි, ඒක පුද්ගල ස්වාභාවකින් දකින්න බෑ.. නමුත් පුද්ගල ස්වාභාවකින් තොරව දකින්නා දකිනදෙයම උන වෙලාවට අත්දකින දෙයක්
මෙම ධර්ම සාකච්ඡාව නාගසේන මහරහතන් වහන්සේ මිලින්ද රජතුමා අතර පැවති සාකච්ඡාව වගේ වුනා නම් කොච්චර හොඳද ස්තූතියි
මේ හාමුදුරුවරු තමන්ගේ මතයක් මතා හිරවෙලා. අනුකම්පා කළ යුතුයි. උපුල් මහත්තයාගේ ධර්මය ඉතා පැහැදිලියි තථාගත ධර්මය ම එයයි.
මේ සාකච්ඡා ඉතාම වටිනවා. සම්පත් දායකයන්ද ඉතා දැන උගත්. නමුත්. කතා කරන කෙනාට කතාව කරන්න මේ හාමුදුරැවන් දෙනමම ඉඩ දෙන්නෙ නෑ. ඉවසීම අඩුයි. මේ නිසා අන්තිමේදි වෙන්නෙ අසන අපට පටලවන එකයි වෙන්නේ. කරැණාකරල බාධා නොවන ලෙස වැඩසටහන මෙහෙයවන්න. එක් එක් අයට කාලය වෙන් කර දෙන්න. පරමාර්ථ සහ සම්මුති ලෙස අවබෝධයකින් හදුනා ගත හැකි දෙයක් පවා බුදුන් දේසනා නොකල දෙයක් කියල බැහැර කරන මේ භික්ෂූන් වහන්සේලා ප්‍රත්යක්ෂ කර ගතයුතු දහමකට මග පෙන්වන ආධාරකයක් පමණක් වන සූත්‍ර වල පවතින අන්තර්ගතයට පමණක් කොටුවෙල වගේ ඉන්නෙ. ප්‍රඥාවන්තයන් මේවා වැඩිදුරටත් විශ්ලේෂණය කරල තමයි අවබෝධ කරන්නේ. සූත්‍ර දේසනාවල එලෙස විශ්ලේෂණය දීර්ග කර තිබුණේ නැතිනම්? හෝ කාලයත් සමග පැවතීමේදී කරැණු හැලී තිබුණේනම්? එතැනම නතරවෙලා හිරවෙලා ඉන්න වෙනවා. එම සූත්‍ර තියෙන්නේ ප්‍රඥාව මෙහෙයවමින් ඉදිරියට අවබෝධ කරගන්නට මගපෙන්වීම් ලෙස විනා මේ කියල තියෙන දේට එහා අවබෝධය. විශ්ලේෂණය කර හිතන්න එපා කියල නෙවේ.
බුදු දහමේ විනාශය හටගන්නේ බුදු දහම ඇතුළතින්ම බව බුදුන් වහන්සේ වදාළා, මේ කරන්නෙත් බුදු දහමේ පදනමට පහරදීම ක්, ප්‍රඥාව ඇත්තෝ තේරුම් ගනිත්වා!!
උපූල් මාත්තයා අනුවන අය සමග සංවාද නොකරන් වග බලා ගන්න ඔබට ගොඩාක් පිං
ස්තුතිය සුසන්ත මහතා මෙවැනි වැඩසටහන් අප වෙත ලබා දෙනවාට......ඔබටතුමාට සම්මානයක් පුදන්න ඕන......
ua-cam.com/video/AynuO1vhoQ0/v-deo.html
මිනිසුන් හට කැමති නම් පමණි බෞද්ධ රාමුවෙන් භයානක භවය තරණය කරන්න පුළුවන් විකල්පය එයමයි
බෞද්ධ රාමුව ඔස්සේ පමණි නිවන් දකින්න පුළුවන් නැවත නැවත කිව්වත් බෞද්ධ රාමුව කවර් නොකල කිසිම ජගතෙකුටවත් බෑ භයානක භවය නසන්න .🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿
ඇත්තෙන්ම සුසන්ත මහත්මයත් ඉන්දික තොටවත්ත මහත්තයා සත්වයා විලෝ youtube යූටියුබ් නාළිකා මඟින් තථාගත බුදුරජාණන් වහන්සේලා තවමත් ඉදිරියටත් වැඩ ඉන්නවා කියලා අපි දැනගත්තා එනිසා ඔබ දෙපලට බොහෝ පින් සිදු වේවා කරන ශාසනික සේවය විශිෂ්ඨ ලෙස තව දුරටත් කරගෙන යෑමට ශක්තිය දහිරිය වාසනාව ලැබේවා
උපුල් මහතා නිවරැදි
😀😀ආසාවෙන් හිටියෙ සාකච්ඡාව අහන්න්...
මෙවැනි මිත්‍ය දෘෂ්ටියක් දරන බිකෂූන් සිටීම පූදූමයකි
Don't judge until the end wait for it 🙏
මෙවැනි දර්ශනයකින් යුතු භික්ෂූන් වහන්සේලා සිටීම ,දුර්ලභ, දෙයකි , මෙය ද පුදුමයකි
දෙගොල්ල වස්ත්‍ර මාරු කර ගත්ත නම් නරකද?
mokakda mithyawa? poddak pahadili karanna puluwanda?
පුදුම සහගත නොවේ උන්වහන්සේලා තේරුම් ගත් ආකාරයේ වරදක් විය හැකිය. නමුත් උන්වහන්සේලා ජීවිතය නීවීමේ අරමුණ පමනක් කරා මෙහෙයවීමට ආරන්‍යවාසීව උත්සහ දරයි. නමුත් බුද්ධ චීවරය දරාගන පන්සල් තුලට වී ඇදුමින් පමනක් ගිහි නොවන ව්‍යාපාර හා ගිහියං කරන වැඩ කරමින් දිවිගෙවන බහුතරයක්ම වූ හාමුදුරුවන් පිලිබඳව මටනම් පුදුම සහගතය. තෙරුවන් සරණයි 🙏🙏
සත්ත්වයා කියන්නේ පංච
ක්‍රීයාවලියක එකතුවක්,😎
ක්‍රියාවලිය තුලින් ක්‍රියා වලිය අවබෝධ කරගැනීම නිවනට පත්වීමක්..🤗
ප්‍රතග්ජනයන්ට ක්‍රියාවලිය නොපනේ.😥
ඔවුන්ට එය සත්ත්වයා ලෙස පෙනේ☹️
විද්‍යාව අවබොධ කරගත් පුද්ගලයාට සත්ත්වයා ක්‍රියාවලියක එකතුවක් ලෙස පෙනේ..😇
මම මගේ සහ මගේ ආත්මය කියල කෙනෙක් නැහැ කියල අවබෝධය කර ගන්නෙ එක සිතුවිල්ලක් පමණයි කෙනෙක් නොවෙයි. පසුව එම සිතුවිල්ල අයින් කල යුතුයි. මේ ස්වාමින් වහන්සේල කෙනෙක් ඉන්නව කියන එක තර්ක කරන්නෙ එම ගන්න සිතුවිල්ල මේක තර්ක ඔප්පු කරන්න බැහැ වැරදි මත වලට යනව.
හාමුදුරුවන් දෙදෙනෙන් ගිහියෙකුට පරාදවී ගිහියෙකුගෙන් බන ඉගෙනගත් අවස්තාවක් කියල හිතෙනව..
නෑ නෑ ඒ දෙන්නා බැසගෙන ඉන්න දැඩි දෘෂ්ටිය නිසා සත්‍ය සත්‍යයක් විදියට දකින්න තියෙන මාර්ගය සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන්නේ
You correct
මෙතෙන්දි ධර්මය දේශනා කළ කෙනෙකුත් නැහැ ධර්මය ශ්‍රවණය කළේ කෙනෙකුත් නෑ ධර්ම සාකච්ඡා කළ කෙනෙකුත් නෑ ධර්ම සාකච්ඡාව සිටි කෙනෙකුත් නෑ ප්‍රශ්න අහපු කෙනෙකුත් නෑ ප්‍රශ්නවලට උත්තර දුන්න කෙනෙකුත් නැ මෙතන ගිහි කෙනෙකුත් නෑ පැවිදි කෙනෙකුත් නෑ කවුරුත් නෑ සාකච්ඡා කළ කවුරුත් නැත ඒ නිසා කවුරුත් කලබල විය යුතු නැත මාගේ ජීවිතේ අහපු භයානකම දෘෂ්ටිය මෙය වේ මහ පුදුමාකාර දෘෂ්ටියකි
@@udenisampath5806 සත්වයෙක් පුද්ගලයෙක් නැති නිසා මාර්ගය වැහුණට කම් නැත මාර්ගය වඩන කෙනෙකුත් නැත නොවැඩූ කෙනෙකුත් නැත බුදුරජාණන් වහන්සේ වදාළ මාර්ගය ඔටෝ වැඩෙන එකකි එතන සත්වයෙක් පුද්ගලයෙක් කෙනෙක් නැත මුස්ලිම් අය දැනගත්තොත් උඩ පැන පැන සිනාසේ කුමක් නිසාද මේ භික්ෂූන් වහන්සේලාගේ ඉලක්කය නැත්තට නැති වීම ය අනේ අපොයි කියලා ඔළුවේ අත ගහගනී
@@චින්තනවිප්ලවය-බ2ල
යම් හේතුවක් නිසා හටගත් ශක්ති විශේෂයකට පුද්ගලයෙක් ආරූඪ කරගෙන ඇති දෙයක්ම යි කියලා රැවටිලා ඉන්නේ කියලා තේරුම් ගත්තොත්....... එතනින් එහාට කතා කරන්න දෙයක් නෑ...
නෑ කියල අදසක් උපුල් මහත්තය කියන්නෙ නෑ. හේතු නිසා හට ගෙන හේතු නති වේමෙන් නැති වන දර්මයක්. මෙතනදි එකම හේතුව වන්නේ අවිද්‍යාවයි. අවිද්‍යාවෙන් හිතා ගත් එකක් මම හෝ සත්වයා කියන්නෙ. හමුදුරුවනේ ඔබ වහන්සේල ලොකු දුශ්ටියකට වටිලා.
Hamuduruwane obala enne loku dustiyaka budunge awabodaya pothaka liyanna be.pothakiyanne darmaya awabodakirimata yam gagen egodawimata athi paruwaki.paruwe ellenna apa.
@ruwan kumara.
Awidyawen hitha ganne kauda . ????????
ඔව් ඔව් ඔව් නෑ කියලා නෙවෙයි කියන්නෙ හේතූන් නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැතිවෙලා යනවා කියලා , දැකගන්න ,කෙනෙක් නෑ ,කියලා අමූලික බොරුවක් තමයි කියන්නේ
@@chathuranga1062 සිතීමත්, සිතන දෙයත්, සිතන කෙනාත් ඇතිවෙන්නේ අවිද්‍යාව තිබෙන කම්.
@@chathuranga1062 අවිද්‍යාවෙන් හිතගන්නෙ කව්ද කියල අහන ප්‍රශ්නය වැරදියි. මෙතනින් එහාට කියන්න භාශාව පොහොසත් නෑ. වචන පාවිච්චි කලොත් නිඅවන කියන එක කිලිටි වෙනව. ඒ කියන්නෙ නැවත ලෝකයට වටෙනව.මේ ස්වාමින් වහන්සේලටත් වෙලා තියෙන්නෙ ඒකමයි.
චතුරන්ග මහත්තය ප්‍රශ්නය වැරදියි කියලයි කියන්න වෙන්නෙ. තෙරුවන් සරනයි.
Highly appreciate the courage of “All Participants”. We have seen many who challenge and then hide behind trees. Useful discussion in many ways. Thanks
ඒක නම් ඇත්තමයි මේක මාලු කඩයක් වගෙ.කිසිම ඉවසීමක් නැහැ.
ගිහිබවතාට කතා කරන්න දෙන්නෙම නැහැනෙ.
ඇයි මේ වාද කරන්නෙ හාමුදුරුවෝ .
සාකඡාචාවක් නේද කලා නම් පැහැදිලි අවබෝදයක් ලැබෙන්නෙ ප්‍රේක්ෂකයන්ට. හාමුදුරුවෝ දෙන්න ටිකක් සංයමනේ හිටියනම් අපේ කාලයෙහි වටිනාකම තේරෙවි.
කියනදේ නිවැරදිනම් සත්‍යයක් නම් පැන පැන විවාද කරන එක ..පුද්ගලයන් letdwn කරන එක නම් ඉතාමත් නොහොබිනා දර්ශන මේ දෙනමගෙම පේනව.
මුන් වහන්සේලා ඉතාම සරල කාරනාවක් පටලං ඉන්නේ , මුන්නාන්සේ ලා හිතං ඉන්නේ බුදු වෙන්නේ ශරීරයක් මනසක් කියල , මේ සියල්ල මායාවක් බවට ප්‍රත්‍යක්ෂ වූ විට නැවත කෙනෙක් දෙයක් ලෝකයක් විශ්වයක් ඉතිරි වන්නේ නැහැ, නමුත් කයක් මනසක් විතරක් තියනව පෘතග්ජනයින් එය කෙනෙක් පුද්ගලයෙක් ලෙස දකිනව, මේ හාමුදුරුවෝ පෘතග්ජනයි , උන්වහන්සේට නිවන් දැක්ක දවසට උත්තර කෙසේ වෙතත් ප්‍රශ්නය නැති වෙයි
ඔබ නිවන් දැකලද? පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න කියලා විතරනේ මේ මහත්තය කියන්නේ
@@wijesooriyawas2898 ඒ ඔයාගේ මෝඩකමට ඇහෙන ටිකනේ
@@Cat-c2e පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න
@@wijesooriyawas2898 ඇහුන් නෑ
මහත්තයා ට ඇත්තේ කටපාඩක් හාමුදුරුවන්ට ඇත්තේ දුෂ්ථියක්
දැනුම කයිවාරු ගහන්නේ ඔබ දෙපළ නේද? උපුල් මහතා කතා කරන්නේ අවබෝධ කරගෙන.
මේ ස්වාමීන්වහන්සේලා දෙන ම සූත්‍ර දේශනාවෙ තියෙන කාරණා ඉස්මතු කරලා කතාබස් කරනවා උපුල් මහත්තයා දේශනාවට අදාල නැති දෙයක් කතා කරනවා තවද මේ ස්වාමීන් වහන්සේලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දුක හට ගන්න විදියත් දුක දුරු වෙන විදියත් දේශනා කොට වදාළාකියලයි උපුල් මහත්තයා කියන්නේ සත්ත්ව පුද්ගලභාවය නැති කරගන්න විදියි මේ කාරණා දෙක පරස්පරයි නෙ
මුන් වහන්සේලා අපිව නොමග හරිනවද නැද්ද නෙද්ද කියලා කියාදෙන්න බික්ෂුවක් නැද්ද මෙතනට එන්න අපෙන් දන් වලඳපු
හොද යෝජනාවක් ඉදිරිපත් වුනා නම් ප්‍රශ්නය ඉවරයි නේ. අපිත් බලාගෙන ඉන්නෙ ඉදිරිපත් වෙනතුරු.
එදා බුදු පියාණන් වහන්සේ ජීවමාන සමයේ මෙන් මේ හෙලබිමේ, මේ යුගයේ , මගපල ලාභී අරියශ්‍රාවක උතුමන් වහන්සේලා පහල වන යුගයයි ,, !! ධම්ම නියාමයට අනුව වසර 1800කට පසුව මේ යුගයේ පහලවු සිරිධම්මාලංකාර මහාප්‍රග්ඥායන් වහන්සේ (අනුබුදු හිමි ) මතුකල පුබ්බේ අනනුස් සුතේසු දම්මේසු (උතුම් සිරිසද් ධර්මය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන මෙම පරම සත්‍ය ප්‍රඥාවන්තයින් ලෙස තේරුම් ගනිත්වා ,,!! ආශ්චර්‍ය අත්භූත සාහිත්‍ය නැමති අදුරෙහි අතරමං වු අසරන අස්සුතවත් පෘතග්ජන පදපරම මිනිසුන් නොගැටෙත්වා ,,!! අරිය උපවාද සහ සංඝබේද ආනන්තරික පාපකම්ම සිදුකර නොගත්වා ,,!! පරම ගාම්භීර අචින්ත්‍යය බුද්ධ විශය,හා හෙල බොදු ඉතිහාසයට නොගැටෙත්වා,, සියලුලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,!! සුසිත් 0714413521 min of health , www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන siri dhesaye arutha (සිරිදේශයේ අරුත) බලන්න
Aurudu ganan bawana kalath wadak ne present situation eka thama wadagath upul mahatha ariya maga wadana kenek wiyahaka 🙏🙏🙏
එක්කෙනෙක් තර්කයක් ගෙනෙද්දි අනිත් පැත්තේ ඉන්න අය ඒ දේ හොදට අහන්න ඕනේ මේක හරිද වැරදිද කියලා. එයාලත් තර්ක කරන්න ඕනේ ඒක. එහෙම නැතුව අනිත් කෙනා තර්කයක් ගේද්දිම ඒකට මොනා හරි කියලා හරි යන්නේ නෑ.. තමන් ගේ මතේම 100% ඉන්නේ නැතුව අනිත් කෙනා තර්කයක් කියද්දි මැද මට්ටමකා ඇවිල්ලා ඒ දේ බලන්න ඕනේ..
ස්වාමීන්වහන්සේලා දෙනමගේ ඒ ප්‍රශ්නේ මට පෙනුන විදිහට පොඩ්ඩක් තිබුනා උපාලි මහත්මයා, ස්වාමීන්වහන්සේලා කියන දේ හොදට අහලා ඒක එහෙම නෙමෙයි කියන්න තර්කයක් ගේනවා. ස්වාමීන්වහන්සේලා එකම දේ ආයෙ ඊටපස්සේ අහනවා. ඒකට උත්තරෙත් උපාලි මහත්මයා දෙන්වා ඒත් ඒක ස්වාමීන්වහන්සේලා දෙනමට හරියටම තේරුම් යන් නෑ..
ඉතාමත් වැදගත් අර්ථවත් සාකච්ඡාක්...
ස්තුතිය
හැමෝම ත්‍රිපිටකය කියවන්න ඕනෙ කාලයක් මේ.......
🙏🙏🙏 මෙය කමයි තමයි විය යුත්තේ, අසත්‍යයකෙට රැවටෙන එක අඩුවෙනවා. සත්‍යය සොයා ගන්නත් අපහසුයි. 🙏🙏
එතුමා කියන කාරණේ හරියට හරි මහත්තයා මේ සාකච්ඡාවෙන් යමක් ගත්ත කියලා අපිට හිතෙනවා ඒ නිසා හැමෝම ත්‍රිපිටකය කියවන්න ඕන කාලයයි මේ
Gihi mahathage seelaya agayami🙏🌹
සිවුර දරාගත්ත භික්ෂූන් වහන්සේලාටත් වඩා ගිහි මහතාගේ ගැටීම අඩුයි වගේ පේනව..
Ethana gatimak Natha.. awasanaya dakkawama inna.
පේන දේ නෙවෙයි යථාර්ථය දේශනා කරන දෙයයි
ඇත්ත
@@gaminibotheju4589 🙏
gatenna pakayo borukiyana aka nawathwanna
උපුල් මහත්මයා හරි බුදු සරණයි
අනේ මේ හාමුදුරුවෝ දෙන්න සම්බුද්ධ ශාසනය විනාශ කරනවා. කවුරුහරි සන් පුරුෂයෙකුට පුලුවන්නම් මේ දෙන්නගෙ සිවූරු ගල වල හොඳ වැඩිහිටි ගුරුවරයෙක් ළඟ පැවිදි කරවන්න. නැත්තම් තවත් මීවලපලානේ වගේ හාමුදුරු නමක් බිහි වේවි.
මේ සාකච්ඡාව තුළ මා දුටු එක් කරුණක් නම් භික්ෂූන් වහන්සේලා කියලා කෙනෙක් නෑ භික්ෂුණීන් වහන්සේලාත් නෑ උපාසකයෙක් කියලා කෙනෙක් නෑ උපාසිකාවක් කියලා කෙනෙක් නෑ සත්පුරුෂයෙක් කියලා කෙනෙක් නෑ අසත්පුරුෂයෙක් කියල කෙනෙකුත් නෑ ධර්මය පුරුදු කළා කියලා යහපත සැලසෙන කෙනෙකුත් නෑ ධර්මය පුරුදු කළේ නෑ කියලා යහපත සැලසෙන කෙනෙකුත් නෑ සත්‍ය පුද්ගලයෙක් කවුරුත් නෑ කියලයිගුරු
මේ වගේ බය නැතුව කතා බස් කරන එඩිතර සෘජු ගතිගුණ තියන නිහතමානි භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්නකොට මේ වගේ , ගොන්නුන්ට, පාලු ගෙදර වලං බිඳින්න බැනේ ධර්මය දන්නැති අසත්පුරුෂ ගති ඇති උපුල්ගේ ගෝලයන් ටයි මේ කියන්නේ සත්පුරුෂයෝ නෑ අසත්පුරුෂ නෑ මේ දුෂ්ටිය ,සහරාන්ගේ , දුශ්ටියට වඩා මහා ,භයානක, දෘෂ්ටියකි මේ දුෂ්ටියේ ඉන්න කෙනෙකුට ඕනම පාපකර්මයක් කරන්න පුළුවනි මොකද ඕනම මිනියක් මරලා ඔහුට කියන්න පුළුවන් මරපු කෙනෙකුත් නෑ මැරුණ කෙනෙකුත් නෑ කියලා සත්වයේක් පුද්ගලයෙක් කවුරුත් නෑ කියලා මුන් පුදුම දෘෂ්ඨියක නේ හිරවෙලා ඉන්නේ මෙච්චර කියලත් තේරෙන් නෙ නැත්තං ඇත්තෙන්ම සත්වයේක් පුද්ගලයෙක් කෙනෙක් නැති හැඩයි
@@චින්තනවිප්ලවය-බ2ල ප්‍රාණඝාතය පවක් වෙන්න හේතුව ඝාතනයට ලක්වන පංච ස්කන්ධය තුල සත්වයෙක් සිටීම කියලා තියෙන්නේ කොහෙද?
ප්‍රාණඝාතය පවක් වෙන්නෙ ඇයි කියලා කියවෙන ගථාවක් තමයි, "සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ අත්තානං උපමං කත්වා නහහෙයිය නඝාතයේ". මෙතන කියන්නේ තමා උපමා කොට සිතන්න කියලා. හැබයි "තමා" කියලා කියන්නේ සත්වයෙක් කියලා නෑ.
කෙනෙක් නැහැයි කිවූ පමණින් ප්‍රාණඝාතය පවක් නෙවෙයි කියන නිගමනයට එන්නේ කොහොමද කියල මට පැහැදිලි කරන්න
භාග්‍යවතුන් වහන්සේ ගේ බුද්ධ ශාසනය පවතින තුරැ මේ ලෝක ධාතුව තුල බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධරත්නය ම මේ මොහොතෙත් ජීවමානව වැඩ සිටිනවා🙏🙏🙏 ඒ බව දැනෙන්නෙ දකින්නේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අචල ශුද්ධා වක් ඇති සිත් වලටම පමණයි, ශරීර කූඩුව තුල ඇස කන නාසය දිව ශරීරය තුල හටගන්නා විඥානය න් නාම රෑප වශයෙන් එකට එකතු වී බාහිර අභ්‍යන්තර වශයෙන් ඇති මේ කය තුලයි මේ සියල්ල සිදුවන්නේ, භාග්‍යවතුන් වහන්සේ ලා එක් නමයි ගෞතම බුදුරජාණන් වහනසේ ගේ බුද්ධ ශාසනය බුද්ධත්ය ඒ උතුම් අවබෝධය ලැබුවේ , බුදු සිතකට සම වෙන තව සිතක් මේ ලෝක ධාතුවේ පවතින්නේ බුදු කෙනෙකුට ම පමණයි අමා මෑණි ගෞතම බුදුරජාණන් වහනසේ පමණමයි 🙏🙏🙏🌹🌹🌹🌹ඇක්ටේරියා වනයක් තරම් අවබෝධ කරගත් බුදු කෙනෙකුට පමණක් විශය වන ඒ උතුම් අවබෝධය යෙන් අල්ලට ගත් ඇක්ටේරියා කොල ට්කක ප්‍රමානයක් සත්වයා සසරෙන් මුදවන්න දේශනා කල උතුම් ශ්‍රී සද්ධර්මය මේ මොහොතෙත් නිවන හොයන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසට ම එකම නිවනයි මාර්ග කීපයක් තුලින් ගග වටෙන් ම ගගට බැසගන්න පුලුවන් වගේම ඒ බසින කෙනාට ඒ කෙනාගේ හේතු ඵල කර්ම ශක්තිය හා තමන් තුල වැඩී ඇති ධර්මතා අනුවයි නිවනට සිත සැකසෙන්නේ, සප්ත විසුද්ධිය හෝ තමන්ට හැකියි කියන හිතෙන විදිහකින් නිවන් මාර්ගය තුල සතර මාර්ග සතර ඵල පූර්ණය කරන කෙනෙක් පිරිනිවන් පාන තුරැ හෝ අපවත් වෙන තුරැ හෝ මැරෙන තුරැ සියල්ල දරා සිටින කයක් තියෙනවා , ඒ කෙනා තුලින් මේ සියල්ල දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය උතුම් ආර්යෂ්ටාන්ගික මාර්ගය තුලින් යෝනිසෝමනසිකාරය ඇති කරගෙන දස කුසලය තුල හිත පිහිටුවා ගෙන අවසානයක් සිදුවන්නේ , සිත කියන දේ කාටවත් පෙනෙන දෙයක් නෙවෙයි උනත් භාග්‍යවතුන් වහන්සේ නිවන් දුටු ඒ සිතේ ශක්තිය බලය පිහිට ආරක්ෂා ව මේ මොහොතෙත් ජීවමානව පවතින වා ඒ බව සත්‍ය යි🙏🙏🙏 , නොපෙනෙන නිවුන සිතත් මේ මොහොතෙත් ජීවමානව පවතින අවබෝධ කරගත් උතුම් ධර්ම මේ මොහොතෙත් සන්දිට්ඨික යි අකාලිකයි නම් පිරිනිවී ගිය ඒ උතුම් ශ්‍රී දේහයේ සර්වඥධාතුන් වහන්සේ ලා මේ මොහොතෙත් වැඩ සිටිනවා නම් බුදු වීමට පිට දුන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටිනවානම් හිතට එකගව මේ භවයේදී ම සසරින් එතෙර වෙනවා කියන උතුම් සිතුවිල්ලෙන් ලෞකික ලෝකෝත්තර වශයෙන් මාර්ගය වඩන්න සැම සිත් සැකසේවා 🙏🙏🙏 භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධ කරගත් ධර්මය තුලින් මේ මොහොතෙත් සතර මාර්ග සතර ඵල ලබමින් නිවන් මග වඩන සිව්වනක් පිරිස ම වැඩ සිටිනවා නම් ඒ සියල්ල සාරාසංඛය කල්පලක්ෂයක් අවංකවම පෙරුම් පුරාගෙන සය අවුරුද්දක් බෝසත් මග වඩා බුදු බව අවබෝධය කරගෙන නිවන් මග ශාක්ෂාත් කරගෙන ඔබ අප සියලු දෙනාටම එතෙර වන බවට සහතික වූ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන බවම දැනීමම ඒ දැනෙන උතුම් සිත කෙටි භව ගමනකින් භව නිරෝධය පිණිස ම හේතු වාසනා වේවා 🙏🙏🙏ඇත්ත ඇති සැටියෙන් අවබෝධය වන්නේ මහ පොලවෙන් නිය මතට ගත් පස්පිඩක ප්‍රමානය බව දැන ගන්න හොද අවස්ථාව ක් භාග්‍යවතුන් වහන්සේ ගේ ඒ සත්‍ය ධර්මයේ ජීවමාන බවයි මේ සියල්ල
ස්තුතිය අදහස් දැක්වීමට
සතුටුයි මෙම අදහස අන් අයට දැනගන්න ඉදිරිපත් කිරීම ගැන.
අඩුපාඩු හදාගෙන අපි මේක කෙසේ හෝ එළියට ගන්න උත්සාහ ගන්නව.
@@ajaramagga3704 සැබෑම නිවන හොයන බුද්ධ ශ්‍රාවක සිත් ඔබ වහන්සේ ලා ගේ මේ උත්සාහය භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය ධර්මය ගැන සිත් පහදවා ගන්නවා සත්‍ය යි 🙏🙏🙏 ශරීර කූඩුව තුල පවතින සිත ( නාම ධර්ම) හා ඇස කන නාසය දිව ශරීරය ආදී රෑප කොටස් වල අනිත්‍ය දැන ගැනීමෙන් හා දැක ගැනීමෙන් භාග්‍යවතුන් වහන්සේ නිවනයයි වදාලේ මේ සියල්ල පවතින කය තුලින් නිරෝධ වෙන බව අත්විදිමින් ප්‍රායෝගිකව ඒ මග වඩන අවංක නිහතමානී සත්‍ය ට තම ජීවිතය එහි අදහස බුදු රජාණන් වහන්සේ ට තම ජීවිතය ම පූජා කරන කරපු සිත් වලට පමණමයි 🙏🙏🙏 ඔබ වහන්සේ ලාට මේ විශ්ව ධාතුවම උපකාර වේවා සත්‍ය වශයෙන්ම නිවන සොයන සිත් වලට මේ සියල්ල උපනිශ්‍රය ම වන බව සත්‍ය යි 🙏🙏🙏 මාගේ සිත කය වචනයෙන් යම් වරදක් දෝෂ යක් සිදු වුනි නම් ත්‍රිවිධරත්නයෙන්ම මට සමාව ලැබේවා නිවැරදි කරගැනීමට භාග්‍යවතුන් වහන්සේ ම මාහට පිහිට වේවා🙏🙏🙏 ඒ සත්‍ය යි මේ සියල්ල ටම හේතු වූයේ
ඛූද්ධ දර්ශණය ගෑවිලාවත් නෑ
බුද්ධ දර්ශනය ගෑවිලාවත් නෑ කියන්න ඔබ මොනවද දන්නෙ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඇතුළත් නිකාය ග්‍රන්ථවලට අයත් එකම ග්‍රන්ථයක් හරි කියවලා තියෙයිද
කාගෙන් හරි අහපු කෙබරයක් ඇත්ත කියල හිතාගෙන අදහස් දක්වන්න නැතුව පුළුවන්නම් පෙන්වන්න එහි ඇති දේශනාවකින් මෙහි වැරැද්ද.
මේක ඕනෑම හාමුදුරනමකට අදාලයි .
ඇයි ගෑවෙන්න මොකෝ බුදු දහම කියන්නෙ butter වගේ දෙයක්ද
දැන් පොත්වල දර්ශනයක් ඇතුලත් කිරීම ප්‍රායෝගික නැනි. එතකොට සැබෑ අර්ථය යට යනව. රටේ තියන පොත්ටික මනසට දාගත්තාම දැඩි මමෙක් ඉබේම නිර්මාණය වෙනව.
මාත් ඹබ කියන පොත පත අවුරුදු 20 විතර කීයෙව්ව කෙනෙක්. ඒත් ඒ තුළ තවත් පොත් කියවන මමෙක් හැදුන මිසක් නිවනට අදාල දර්ශණයක් නම් නොලැබුණි.
උපුල් මහත්මයාට හොඳ අවබෝධයක් තියනවා. ස්වාමින් වහන්සේලා දෙනම මෙම වැඩසටහනට ගැළපෙන්නෙ නෑ.
ඉන්දික ඔය කට්ටියම අරන් palayan samantabadra ස්වාමීන් වහන්සේ ළඟට
එහෙම ගියොත් ඉතින් කට්ටිය ලස්සනට බුද්ධ වචනය පැහැදිලි කරගනී.මම මේ චැනල් එක දැන් බලන්නෙ නෑ .මිත්‍යාව විතරයි
හොද සාකච්චාවක්. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏♥♥♥♥♥♥
ස්තූතියි මහත්මය එය කීවාට
සියලු දෙනාටම තෙරුවන් සරණයි... බොහොම පැහැදිලි උපුල් මහතාගේ අදහස් පිළිබඳව... උපුල් මහතාට අදහස් නිසි ලෙස ඉදිරිපත් කිරීමට ස්වාමීන් වහන්සේලා දෙදෙනාගෙන් නිරන්තරයෙන් බාධා එල්ල වුණා.. ඒ ගැන කණගාටුයි...
ලෞකික සම්මා දිට්ඨිය හා ලෝකෝත්තර සම්මාදිට්ඨිය වෙනි වෙන් ව පැහැදිලි කර ගත යුතුයි, පියා ඇත මෙලොව පරලොවක් ඇත මෙය ලෞකික සම්මා දිට්ඨිය එතනදී බුදුරජාණන් වහන්සේ සත්ත්ව පුද්ගලභාවය කින් කතා කරනවා...
නමුත් ලෝකෝත්තර මට්ටමට යනකොට පටිච්චසමුප්පාද න්‍යාය තුළ,,, අවිද්‍යාව ඇති කල්හි සත්ව පුද්ගල භාවය පැනවෙන බවත් අවිද්‍යා නිරෝධය තුළ සත්ව පුද්ගල භාවයක් පැනවිය නොහැකි බවත් වැටහී යාම සිදුවනව, මෙලෙස අන්තිමටම අවිද්‍යා,මාන ,අනුෂ කෙලෙස් දුරු වී යනවා... එහිදී සළායතන නිරෝධය තුළ සත්ව පුද්ගල ආත්ම භාවයක් කතා කිරීමට හැකියාවක් නෑ මන්ද එලෙස කතා කිරීමට උපකාරි වූ සියලු ආයතන නිරෝධ වන නිසා....
ස්වාමීන් වහන්සේලා අන්ය මත ඉවසමින් තවදුරටත් කරුණු අධ්‍යයනය කළ යුතුව ඇති බවට යෝජනා කරනවා තෙරුවන් සරණයි
අපි මේ කමෙන්ට් බලනවා, අදහසට ස්තූතියි.
ස්තුතිය අදහස් දැක්වීමට
පැහැදිලිවම .... අපි යමක් වැරදිද නිවැරදිද යන්න තීරණය කළ යුත්තේ පුද්ගලයකු මත පිහිටා සිට නොවෙයි උතුම් පෙළ දහම තුළින් එම නිසා මේ සාකච්ඡාව තුළ කිසිදු විටෙක ප්‍රායෝගික නොවන කරුණු හුවා දක්වමින් මේ ස්වාමීන් වහන්සේලා දෙනම මේ විකෘතියක් සමස්ත සමාජගත කිරීමට උත්සාහ ගන්නා ඛව ඉතා පැහැදිලිව මේ සාකච්ඡාව තුළින් විද්‍යාමාන වනවා නේද..
ඔබවහන්සේලා හරිම කලබලයිනේ...
එහෙම වැරදීම් වෙනවා තාම හුරු නෑ නේ,
නමුත් සාකච්ඡාව තුළ වටිනා තැන් මතු කරලා තියෙනවා .
මීට පස්සේ කරන සාකච්ඡාවේදී එම අඩුව හදා ගන්න බලනවා
ඒක ඩොක්ටර් එක්ක කරන සාකච්ඡාව.
උපුල් මහතා පවසන දෙය ඉතාම ත් නිවැරදි යි
හොද සාකච්චාවක්.ඇහුන්කන් දිම තමයි අඩු.කෙනෙක් දෙයක් පැහැදිලි කරලා දෙනකොට ඉවසීමෙන් අසා සිටීමයි වැදගත්.තමන්ගේ මතයේම එල්බගෙන එය සතයක් බව ඉස්මතු කරගන්න හොද නැ.
ධර්මය අවබෝධ කරගන්න එතකොට ඔය පටලැවිල්ල ලිහෙයි ඒ සඳහා කල්‍යාණ මිත්‍රයෙක් මුනගැසෙන්න....
අපිටනං සද්පුරුෂ ඇසුර ලැබිලා තියෙන්නෙ ඒ සද්ධර්ම ශ්‍රවනයෙන් අපිට ගැටේ ලිහාගන්න පුළුවන්
@@චින්තනවිප්ලවය-බ2ල ඉන්නෙ කොනක බවක් පෙනෙනවා! මැද ට එන්න !
මේ මනුස්සයා කියන විදියට නං පටලෙ වුණු කෙනෙකුත් නැත පටලැවීම ලියා ගත්ත කෙනෙකුත් නැත ගැට ගැහුනු කෙනෙකුත් නැත ගැටය ලිහා ගත්ත කෙනෙකුත් නැත අන්තෝ ජටා බහි ජටා දෙකම නැත මේ වගේ ගොන් කතා කීමෙන් ගැටේ ලිහාගන්න නම් කවදාවත් බැරි ය
@@චින්තනවිප්ලවය-බ2ල ජටාය ජටිතා පජා ! කට්ටිය ව, මස් බර ට කිරන්න හිතෙනවා ද?
පිං සිද්ද වෙනවා කතා කරනකොට අවස්ථාවක් දෙන්න අනිත් කෙනාටත් අපි මේවා බලන්නේ ඩේටා කපාගෙන මේ වැඩ සටහන කරන කෙනා මේ ගැන බලනවද
සුපිරි උපුල් මහත්තයා. මෙ ස්වමින් වහන්සෙල පටලනවනෙ.
මේ ස්වාමීන් වහන්සේලා දෙනම නං පටලවන්න බෑ කියලයි අපිට හැංගෙන්නේ
උපුල් මභය හරි උන්වහන්සේලා
අන්ත ගාමි ....! ! !
This is a great dialog. I admire Upul's knowledge of the subject. Upul made great points but unfortunately these two monks were constantly interrupting him. It's much better these monks exercise some restraint when the other person speaks. As the mediator Indika should have played a better role. Thanks!
දැනුමෙන් නොවෙයි දැක්මෙන් කරන සාකච්ඡා පමනි ඇත්ත වෙන්නේ මම ප්‍රාර්ථනා කරනව ඉන්දික මහතා ට රහතන් වහන්සේ නමක් ඉදිරියේ දි හමුවේව කියල
ua-cam.com/video/AynuO1vhoQ0/v-deo.html
14:49 භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ යැයි කියමින් 👉සෑම විටම ඉදිරිපත් කරනු ලැබුවේ, එහෙයින් 👌අහුලාගත් වචනයක් දෙකක් කියමින් ඔහුගේ අදහසය, මේ අඩුව දැක්ක නිසයි දිගින් දිගටම අපි ප්‍රශ්න කරන ලද්දේ.
බුදු දහමෙ දකින්නෙ මනසින්. පෘථක්ජන සත්වයා දකින්නෙ මැසැසින්.
ua-cam.com/video/AynuO1vhoQ0/v-deo.html
Upul 100% correct. Thank you.
උපුල් මහතා විසින් ඉදිරිපත් කරන ලද අවබෝධය නිවැරැදි බව හැගෙනව
මීමන පලානේ ධර්මාලංකාර
හිමිගේ
බණ අහන්න ත්‍රිපිටකය ඵංගලංතයේ තිබී ගෙනැවිත්
ඇත තර්ක කල යුතු නැත
උන් වහන්සේගේ දේශනා
නිවන් දැකීම පමණමයි
මේ හාමුදුරුවෝ දෙන්නා බුදු දහම නොදන්නා මිත්යා අදහස් ඇති පුද්ගලයන්ය.
eththa kathawa.
01 - හිස මුඩු ගා කසාවතක් හැදගත් පම්නින් ම බුදුරජාණන් වහන්සේ ගේ භික්ෂුවක් වන්නේ නැත.
02 - සාසනය වනසන කරන කද පනුවාද බිහිවන්නේ සාසනය තුලින්මය.
"යෝ පටිච්චසමුප්පාදන් ඵස්සතී සෝ ධම්මන් ඵස්සති" 🙏 පටිච්චසමුප්පාදය නොදැකපු , ආත්මයක් නැත්නම් සත්වත්වයක් ඇත කියන මුලා සහගත දුශ්ටික භික්ෂුන් දෙනමක් 😂
භාග්‍යවතුන් වහන්සේ කොතනද ආත්මයක් නෑ යනුවෙන් දේශනා කරන්නේ.
කිසිවෙකුට කරුණු සහිතව ඒ බව කරුණු සහිතව ඔප්පු කළ නොහැකියි. නමුත් ආත්ම දමනය කරන්න, සැපවත් වූ ආත්මය පරිහරණය කරනවා හා ආත්මයක් ඇති බවට පැහැදිලි කෙළින් පිළිතුරු දී ඇති අවස්ථා ඇත.
@@ajaramagga3704 ඒ කයි කියන්නේ " යෝ පටිච්චසමුප්පාදන් ඵස්සතී " සෝ ධම්මන් ඵස්සතී 🙏 කෙනෙක් ධර්මය දැකිය යුත්තේ පටිච්චසමුපාදය ධර්මයට අනුවය 🙏😊☝️ අවිජ්ජාව ප්‍රත්‍යන් ගොඩනැගෙනේ දුක්කස්කන්දයක් 😊☝️ අවිජාව නිරෝධයෙන් නොරෝධ වෙන්නේ දුක්කස්කන්දයක් 😊☝️ සත්වයෙක් , පුද්ගලයෙක් හෝ ආත්මයක් නොවේ 😌☝️☝️
නිවන් දකින කෙනෙක් නැත්නම් නිවන අත් දකින්නත් බැරිනම් මොකටද නිවන් දකින්නේ? බුදුන් වදාලේ අත්දැකිය නොහැකි නිවනක්ද? ඔබ වහන්සේලාට පිං
උන් වහන්සේලා කියන්නේ ඇත්ත.
lankawa inna moda hukanna athare dakapu akama molayak athi comment aka
You may be a mental case.valuable things are not respected.
පොත් පෙරල පෙරල...😂
හාමුදුරුවෝ කලබල වෙලා වගේ. උපුල් මහත්මයා ට කතා කරන්න දෙන්නෙ නෑ. මේ සංවාදය තුල විනය අඩුයි. නමුත් ඉතාම ප්‍රගතිශීලී කර්තව්‍යයක්