Samuganne ne 1 මුල්ම කැසට් එකේ ගීත - Namal Udugama

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 254

  • @pahantharu9242
    @pahantharu9242 2 роки тому +28

    මන් මෙ සිංදු අහද්දි 8 වසර මගේ පුංචි ❤ ලවි එක ගීතිකා එයා 7 වසර.ලොවම නිදන රාතිුයේ මා නොනිදන මෙි රැයේ ,,,,,,සිහින ගෙනාවෙ කියන සිංදුව ලියල capri ferfume එකත් ගහලා ගිහින් දුන්න දවසක්. අමිමෝ ඒ ආදරෙ පටිට සුන්දරයි ඒ අතීතය.....අද එයත් බැදල ලස්සන life එකක් ගෙනියනව,,මාත් බැදල ලස්සන life එකක් අරන් යනව.....අපි ගමෙිදි මුන ගැහෙනව.....සුන්දර මතකයක්.....නාමල් අය්යෙ චිරාත් කාලයක් සිංදු කියන්න වාසනාව ලැබෙිව.

  • @r.n.pranaveera2572
    @r.n.pranaveera2572 3 роки тому +38

    නාමල් අයියලාගෙ සින්දු එක්ක බලද්දී දැන් තියෙන නහයෙන් අඬන මල් සින්දු තනිකර අඳෝනාවන් විතරයි ...

  • @amarasenaqatar3634
    @amarasenaqatar3634 3 роки тому +43

    මට 17මේවා අහද්දී මුලින් ආදරේ හොදට දැනෙනවා, අදටත්,,,,,,

  • @dhammikasenarathna-p6z
    @dhammikasenarathna-p6z 3 місяці тому +4

    මේ සින්දු අවුරුදු තිහක් විතර පරණයි අපට තවම කැසට් තුනේම සින්දු සියල්ලෙම වචන තවම මතකයි. දැන් ඉන්න අපතයෝ කියන සින්දු මාසයක් යනකොට උන්ටවත් මතක නෑ.

  • @Sarana1100
    @Sarana1100 3 роки тому +51

    විලාප, අඳෝනා වලින් තොර ආදරය, විරහව සමසේ විඳිය හැකි සුභාවිත ගීතාවලියක් රටට දායාද කල ඹබට පිං.

    • @nishanthasamarasinghe1617
      @nishanthasamarasinghe1617 6 місяців тому

      එදත් අදත්, හෙටත් අංක 1 නාමල් අයියා,, කවදාවත් එපා වෙන්නේ නෑ

  • @sithumpathum3530
    @sithumpathum3530 2 роки тому +17

    මිල්ටන්, ප්‍රින්ස් , නාමල්, ආය ඉතිං කියලා වැඩක් නෑ ගින්දර ,❤️❤️👍🌹

  • @buddikachathuranga215
    @buddikachathuranga215 3 роки тому +20

    හිත ලස්සන සුන්දර මිහිරි ආදර හැගීම් පිරුන අතීතයකට යනවා අදටත් නාමල් අයියගෙ සිංදු ඇහෙද්දී...ඒකට අදකාලේ හතු පිපෙන ආටිස්ලාගෙ සිංදු ඒව නිකන් ලංකාදීපෙ ඇතුල්පිටුවේ තීරු ලිපියක් කියවනවා වගෙයි...😊😆😉

  • @megalink4934
    @megalink4934 3 роки тому +25

    ආදරෙයි නාමල්
    යුගයක් තමන්ගේ නමට ලියාගත් ආදරණියම ගායකයා

  • @gamagenuwan5964
    @gamagenuwan5964 2 роки тому +9

    මමත් 92, ඒත් මේ ගීතවලට මම ගොඩාක් ආසයි. මම පුංචි කාලෙ අපේ ගෙදර රේඩියෝ එක නිතරම වගේ දාලා තියෙන්නෙ. මට මතක විදියට සිරස එෆ් එම් තමයි දාලා තියෙන්නෙ. මේ ගීත ප්‍රචාරය වෙනව ඒ කාලෙ. අදටත් ඒ අතීතයට ගොඩාක් ආසයි. ස්තුති මේ ගීත නැවතත් අහන්න සැලස්සුවාට 🙏🙏😊

  • @w.bandara6128
    @w.bandara6128 Рік тому +8

    නාමල් උඩුගම අපි o/l කරන කාලේ හිටපු ජනප්‍රිය ම ගායක යා පිස්සු වක් වගේ තිබුණේ

  • @tharangasanjeewa4042
    @tharangasanjeewa4042 2 роки тому +19

    "නිසල වෙලා" ගීතය භාවනාවක් වගේ ගීතයක්. දැනෙනවා හදවතටම. මියුසික් එකත් සුපිරිම සුපිරි. මෙවැනි නිර්මාණ නැවත බිහිවන්නේ නැහැ. මේ තමයි 90 දශකයේ අපි රස විඳපු සදාතනික ගීත නිර්මාණ.

  • @siriyawathisiriyawathi1695
    @siriyawathisiriyawathi1695 3 роки тому +20

    නියමයි මේ තියෙන්නෙ ඒ කාලෙ අපි ආසාවෙන් අහන නාමල්ගෙ සුපිරි සින්දු දැන් කාලෙ කෑ ගහනවනෙ එපා වෙනව

  • @somasomesumalira9032
    @somasomesumalira9032 3 роки тому +28

    අහන්න අහන්න ආසයි කොචිචර ඇහුවත් ඇතිවෙන්නේ නැ මම මුලින්ම මෙි පිස් එක ඇහුවෙ කඩුවෙල ස්ටාර් ගාමන්ට් එකේදී අද අහන්නේ ඔිමාන් ඉදන් හිත දුවනවා අතිතෙට❤️❤️❤️

  • @deshapriyakodithuwakku1047
    @deshapriyakodithuwakku1047 Рік тому +5

    අදටත් මම දුර ගමනක් යනකොට අහන්නෙ නාමල්ගෙ සිංදු. මහන්සියක් දැනෙන්නෙවත් නෑ.

  • @dimaduranga8252
    @dimaduranga8252 Рік тому +8

    90 දශකයේ පෙරලි කාරයෙක්..ප්‍රින්ස් වගේම තමයි..❤❤❤❤❤❤

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 4 роки тому +71

    නාමල් උඩුගම අදටත් අංක 1. ඒ රසික ප්‍රසාදය තවමත් කිසිම ගායකයෙකුට ලැබිලා , ලැබෙන්නෙත් නෑ.

    • @pradeepsilva6634
      @pradeepsilva6634 3 роки тому +1

      pnnnnonnnnnpnnnONONNNNNNnnnnnnnnnnpnpnnonpnpnpnnpnnnnnnpnnn

    • @nimeshiperera450
      @nimeshiperera450 Рік тому +2

      Eththa ...amuthuma lassanak thiyenawa mea sindu wala

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 Рік тому

      ​@@nirangadilshan2157 . naa thaamath anka 1 gaayakayaa hr jothipala . iita pasuwayi e naamaya kaata hoo yaa yuthu

  • @nishanthasamarasinghe1617
    @nishanthasamarasinghe1617 6 місяців тому +1

    මන් 9 වසරේ මේ කැසට් එක එද්දී, මන් ඒ කාලේ කොහොම හරි නාමල් අයියගේ කැසට් ඔක්කොම වගේ ගත්තා,, තාම තියෙනවා, පරිස්සමින්,, 🌹🌹🌹

  • @dharmasenasirmapakada2417
    @dharmasenasirmapakada2417 3 роки тому +23

    මේවා, ආත්මීය ගීත ....
    ස්තූතියි....

  • @priyanthapadmasiri432
    @priyanthapadmasiri432 4 роки тому +40

    අදටත් අහන්න පුලුවන් ලස්සන සිංදු, අතීතයට යන්නේ නොදැනිමයි.

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 4 роки тому +112

    1992 මම මොන්ටිසෝරි දරුවෙක්. ඒත් මේ කැසට් එක මතකයි මේ කවරෙ එක්ක... අල්ලපු ගෙදර අක්ක ඉල්ලන් ගියාම පැයක් යන්න කලින් රණ්ඩු වෙලා ගෙනාවා තාම මතකයි. රතුපාට පීස් එක

    • @sanjayapathiranasanju6862
      @sanjayapathiranasanju6862 4 роки тому +9

      bro mama 1993
      O/L valata liyanva.

    • @kaneskajayasinha7869
      @kaneskajayasinha7869 3 роки тому +6

      Math ehemai bro .man 1987. Ape gedara radio ekak Wath tibune na..wena gedaraka giyoth ahanawa. .kawadawath epa wen na...

    • @hpkumara8963
      @hpkumara8963 2 роки тому +8

      ඒ අතීතය හරිම සුන්දරයි...

    • @wathsalasugani9676
      @wathsalasugani9676 2 роки тому

      @@sanjayapathiranasanju6862
      00p0000000000000000000000000000000000
      M
      M 0000000000

    • @charunipremathilaka4781
      @charunipremathilaka4781 2 роки тому +1

      @@sanjayapathiranasanju6862 ppppppppppppp0

  • @roshangallage4077
    @roshangallage4077 Рік тому +8

    ගොඩක් දෙනෙක් දන්නෑ මේ නිර්මාණ නාමල් රචනා කරලා සංගීතවත් කරපුවා 👍

  • @sujeewawijesinghe-rz3cg
    @sujeewawijesinghe-rz3cg 3 місяці тому +1

    2024 දීත් තාමත් අපේ සුපිරි තරුව❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nisansalaranasinghe484
    @nisansalaranasinghe484 Рік тому +17

    90 දශකයේ අපේ සිහින කුමරා ආයෙත් ඒ අතිත සිහින ලෝකයට යනවා මේ මුල් කැසට් එකේ ගීත වලට තමයි තවම ආදරේ කියාගන්න බැරි සොඳුරු හැගිමක් හිතට දැනෙනවා ♥️♥️♥️

  • @Helasiri
    @Helasiri Рік тому +5

    දන්න කාලෙ ඉඳලා අහපු අදටත් අහන සුපිරිම ගීත එකතුවක්. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා නාමල් අයියේ. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි... 💐❤🏆🙏

  • @Duminapushpakumara
    @Duminapushpakumara 2 роки тому +15

    මේ සිංදු ඇහෙනවිට අපේ අතිතයේ කොච්චර දේවල් මතක් වෙනවද.මම මේ සිංදු අහනකොට මට වයස 15ක් විතර

    • @diyenkapanchali810
      @diyenkapanchali810 6 місяців тому

      Aniwa machan adenawa atheethaya ehema pitinma punarawarthanaya wenawa

  • @Ali-wp6vr
    @Ali-wp6vr 3 роки тому +17

    ❤️❤️❤️ලොවම නිදන රාත්‍රියේ මා නොනිදන මේ රැයේ සිහින ගෙනාවේ සිහින ගෙනාවේ❤️❤️❤️ wow what a lyric yeah , 😍😍😍 my fevered 🎶 namal

  • @skytestmale7030
    @skytestmale7030 3 роки тому +25

    අප ගොඩක් ආදරෙයි මේ පරණ සින්දු ටිකට..වගේම ඒ original music එකට..මේ සින්දු මේ music වලටම විතරයි ගොඩක් ලස්සන..

  • @පූර්ණ
    @පූර්ණ 2 роки тому +47

    HR ජෝතාල මහත්තයගෙන් පස්සෙ අපේ මුලු රටම වසග කරපු එකම ගායකයා.මේ වගේ ජනප්ප්‍රිය වුනු ගායකයෙක් අද වෙනකම්ම අපේ රටේ බිහි වී නැත.

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 9 місяців тому +3

    අදත් අහන්න පුලුවන්.නියම තනු.නියම මිවුසික්.අද යන් සිංදු විකාර වෙලා.අහන්න හිතෙන්නැ

  • @judefernando2057
    @judefernando2057 3 роки тому +24

    Namal udugama අමරණීය කලාකරුවා 🎷🎶🎼🎸

  • @charpfernando6804
    @charpfernando6804 Місяць тому +1

    Woow❤

  • @irushapatuwathavithane5541
    @irushapatuwathavithane5541 11 місяців тому +3

    මේ අපි අහගෙන ඇදුන් වැඩුන ගීත.. සෙනෙහෙ කොලවල මේ වදන් කොච්චර නම් ලියන්න ඇද්ද? 😢❤❤

  • @sumudurandima7613
    @sumudurandima7613 2 роки тому +8

    නාමල් තාමත් ගොඩාක් ආදරෙයි
    සුන්දර අතීතයේ අපේ ගායකයා ❤️🙏

  • @rohanakumara1519
    @rohanakumara1519 3 місяці тому

    අපි කතරගම ගියා දවස් 3ක ට්‍රිප් එකක් ගිහින් එනකම්ම මේක විතරයි ඇහුවේ. අන්තිමට සින්දු ඔක්කොම කට පාඩම්.

  • @ShanKeminda-n2u
    @ShanKeminda-n2u 2 місяці тому

    දැන් ඉන්න ගායකයෝ ගිරිය කඩාගෙන කෑ ගහල ඉවර උනාම එයා දන්නේත් නෑ මොනවද කීවේ කියල🤔 නාමල් අපේ කාලය ලස්සන කරපු ඔබට දීර්ගායු❤️

  • @anuradhapriyashan3463
    @anuradhapriyashan3463 6 місяців тому +1

    ❤❤ මන් එක වසරේ. රතුපාට කැසට් එක. අපේ තාත්තා ගේ ලග තිබුනා අපේ තාත්තාගේ යාලුවෙක් සනත් අංකල් අරන් ගියා. අහන්න ඒ කාලේ කලු පාට සෝනි සෙටප් වල පලු ඇරපු සින්දු. මට තේරුමක් නැති උනත් ඒ කට හඩට මියුසි වලට පට්ට ආදරේ කලා. ඒ කාලේ හරිම ලස්ස්නයි හවසට ඉර බැහැගෙන යන විදිහ. ඒ පාට ඒ මිනිස්සු ඒ දේශගුනය. අද ඒ කිසි දෙයක් නෑ. 😢😢 මේ මතකයන් ඉතුරු වෙලා. ❤💐 නාමල් අංකල් චිරන් ජයතූ!!

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 Рік тому +3

    කියන්න දෙයක් නෑ ..,සුපිරිම තමයි ...!

  • @susilanuradhapur681
    @susilanuradhapur681 4 місяці тому

    90 දශකයේ සුපිරිම ගායකයෙක් තමයි ඉතිං ආදරේයි ආදරේයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️හැමදාම නාමල් උඩුගම

  • @R.L.LAKSHAN
    @R.L.LAKSHAN 3 місяці тому

    මන් නම් තාමත් ආසාවෙන් අහනම සිංදු ආදරණීය හදවතේ ගායක නාමල් මාම❤️❤️මේ සිංදු මගෙ තාත්ත අහද්දි තාත්ත තරුණ කොල්ලෙක්. මන් තරුණයෙක් වෙලත් ආසම මේ සිංදු වලට දැන් තරුණ පරපුරේ සිංදු ආවට Videos නැත්නම් ප්‍රසිද්ධ වෙන්නෙ නෑ මේවා ඒ කාලෙ Audio ඇවිල්ලත් තාව හදවතේ ගීත ආදරෙයි ❤❤❤❤❤

  • @dongamage559
    @dongamage559 3 роки тому +21

    1992මම ඉස්කෝලේ 3වසරේ අමිිමෝ රැල්ල එකනේ සේහාන් මිහිරංග මොන වට පඩයේක්ද

  • @pradeepkumarasingh2661
    @pradeepkumarasingh2661 11 місяців тому +2

    මේව අහද්දි අතීතයට නිකම්ම යනව
    සුන්දරයි ඒ අතීතය phone නැති කට්ටිය එකට ගතකරපු ආදරණීය හෝරා මේ ගීත අපිට මතක් වෙද්දි මතක් වෙනව

  • @krishanthasampath7101
    @krishanthasampath7101 3 роки тому +6

    මේ සින්දු කොච්චර අමාරුවෙන්ද හොයාගත්තේ. ඒ කාලේ මම ඉසිකොලේ යනවාග මගේ ලග මේ ඔක්කොම කැසෙට්ස් තිබ්බා. පිස්සුවෙන් වගේ ඇහුවේ.. Thank you Namal aiya

  • @rathnayakesumanarathna8198
    @rathnayakesumanarathna8198 11 місяців тому +1

    Me සිංදු ahaddi..මට 18..ලංකා we kohe giyath bus walath ..me සිංදු mai...
    Namal udugama ඔබ ta බොහොම 📍 පින්....

  • @SampathBalasooriya-j8u
    @SampathBalasooriya-j8u 3 місяці тому +1

    Harima sundara kalayak ayeth enne nathi

  • @dmgiadissanayaka6180
    @dmgiadissanayaka6180 5 місяців тому +1

    Thanks namal aiya

  • @chamindalal4364
    @chamindalal4364 5 місяців тому

    මගෙ අවුරුදු 17දී අහපූ ලස්සන සින්දු වක් නාමල් අය්යාගෙ...

  • @ArunaKrishantha
    @ArunaKrishantha Рік тому +2

    මමත් මේ සිංදු අහද්දී වයස 15-17

  • @sampathp.r9461
    @sampathp.r9461 8 місяців тому +1

    90 දශකයේ අව්‍යාජ තරුව නාමල් උඩුගම 💖👍

  • @diyenkapanchali810
    @diyenkapanchali810 11 місяців тому +1

    Original music ekka originalma sindu ahaddi amuthu feeling ekak danenawa school kale mathak wenawa,nawa sangeethayen ehema feeling ekak nee thanks

  • @Mihinfernando2007
    @Mihinfernando2007 3 роки тому +7

    මමත් කැමතියි ඒ හඬට.... ලස්සනයි

  • @leyartfernando1293
    @leyartfernando1293 8 місяців тому +1

    මගේ හොදම කාලේ ඒ කාලෙට යන්න ඇත්නම්

  • @SumithArunakumara-rj8gw
    @SumithArunakumara-rj8gw 5 місяців тому

    කවදාවත් එපාවෙන්නැති අමරණිය මතක සටහන්..... ස්තූති යි.

  • @nilukshikaushalya5537
    @nilukshikaushalya5537 3 роки тому +12

    what a lovely set of songs.... pure original.... love you Namal...

  • @උදාරඅලහකෝන්
    @උදාරඅලහකෝන් 2 роки тому +10

    සමුගන්නේ නෑ ❤️❤️
    ඔය කැසට් එක තවම මන් ළග තියනව. ❤️❤️❤️❤️❤️❤️🥰 දැන් කැසට් player එකක් ගෙදර නැති නිසා වසර ගණනාවකින් play කරේ නෑ.

  • @rasikapathirana889
    @rasikapathirana889 4 роки тому +30

    The ever best album of Sri Lankan music industry..

    • @amithrajiv1529
      @amithrajiv1529 4 роки тому +3

      An excellent time that might not come again

  • @piumifernando4647
    @piumifernando4647 2 роки тому +5

    ඒ ආදරණීය හඬ...❤️❤️

  • @achalaeranga8847
    @achalaeranga8847 Рік тому +3

    It's an amazing voice. Still can go back to my beautiful past for a while listening. Thanks a million for uploading. Best wishes from Ireland ❤

  • @nihalwije7798
    @nihalwije7798 Рік тому +1

    Mage asama gayakya නාමල්

  • @sajbandara8607
    @sajbandara8607 Рік тому +1

    Nimal mallioyage Geetha harima lassanai

  • @mika111mika8
    @mika111mika8 3 роки тому +5

    A'kale'apita'pon'tibune'ne'mama'yaluwela'inna'kellatha'liyana'liyumatha'me'sindu'okkoma'liyala'aeti'a'kale'mathak'wenawa'me'sindu'ahanakotha'namal'aiye'godak'adarei'jayawewa'

  • @pereraanjali1154
    @pereraanjali1154 2 роки тому +10

    දයාබර නාමල්.🌹එදා 1992 වසරේ..
    අනුරාධපුර යොවුන් නිකේතනයේ.. තුන් සිතක ගී... නාමල් ඔයා...
    කුමාර සිරි පතිරණ අයියා...
    ග්‍රසන් ජයමහ.... එදා ප්‍රථම වතාවට ඔයාව දැක්කේ..... 🌹සමුගන්නේ නෑ.... කියලා ගායනය පටන් ගන්න කොට... මුළු සාලාවම.. කොයිතරම් නිහඩ තාවයකින් පිරි ගියාද.... සියල්ලන්ම බාවනාවකට සම වැදුනා වගේ......
    එදා... මෙදා... කාලය ගත වෙලා ගියත්..
    ඔයාට සමකරන්න කෙනෙක් තාම ඉපදිලා නෑ..... මගේ සංගීත ලොවේ සිහින කුමාරයා ඔයා........ 🌹
    ලංකාවේ..95 / 100.. ක ගේ සිහින කුමාරයා ඔයා නාමල්... 🌹ඔයාට තව දුර‍ට අපිව ගීතයෙන් පිනවන්න... නිදුක් නිරෝගී... දිර්ගයුෂ ලැබේවා... තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
    දීපිකා කුලතුංග..
    සවුදි අරාබි...

    • @donmudit2257
      @donmudit2257 4 місяці тому

      Prince amataka kranna epa...Namalta wada minisun atra hitiya

    • @prabathkh
      @prabathkh 3 місяці тому

      ​@@donmudit2257ප්‍රින්ස් ලට ගොඩක් කලින් නාමල්.. මේ වගේ රැල්ලක් තවත් ආවෙ නැහැ . මුලින්ම සමු ගන්නේ නෑ cassette එකේ කාලේ මම කියන්නේ

  • @wasanthasamarakoon7636
    @wasanthasamarakoon7636 2 роки тому +10

    අද බිහිවෙන්නෙ බොහොමයක් අබ්බගාත නිර්මාන
    මේ ගීත රසවිඳින අයට ඒක හොන්දින් තේරෙනව....

  • @dsilva1099
    @dsilva1099 7 місяців тому

    Namal udigama i lowe lassana geta mata mulu gewetapura suwada dane i love namal udugama mama stat of qatar

  • @k.dthushri
    @k.dthushri 2 місяці тому +1

    Namal aiye mama kemathi gayakaya oya mama oyage so ekak mis karanne ne e kale mage yaluwo atharin oyawa dekka palaweniya mama aiye adatath mama kemathi gayaka oya

  • @pitigalasumudu586
    @pitigalasumudu586 3 роки тому +5

    danuth ahanwa me songs 🎵. kochchra lasanada music hadala ganna thawa kalayak mewa top chart wenawa.

  • @sarojawijesinghe9772
    @sarojawijesinghe9772 Рік тому +2

    SAROJA NEGAMBO
    අවන්කවම 90 දශකයේ මගෙත්
    සිහින කුමරා NAMAL හරිම ලස්සනයි.

  • @minervasham1212
    @minervasham1212 5 місяців тому

    Am listening 2024 ❤when I was a teenager my favorites ❤

  • @DiliniMaduwanthi-w6v
    @DiliniMaduwanthi-w6v Рік тому +1

    Ekaale mee sindu katapadam sada matakaye radena katahada Namal udugama❤❤❤

  • @kumarakalugampitiya8644
    @kumarakalugampitiya8644 Рік тому +1

    Api A,/l kale samuganne ne kasat eka awe...u tube/face book/supaer star nethiwa lankawama adaraya karana gayakayek una. ''namal ugaya adatath apita harima sundara mathakayak..me wage hit wenunu tharuna gayakayek thawama lankawe behiwrma ne.

  • @sarojinirathnayaka1934
    @sarojinirathnayaka1934 3 роки тому +8

    very nice to hear these originals again. No any re makes nicer than this. original is original.
    Please tell us some details about the players who joined with you for this cassette.
    Please upload other old originals too

  • @achalasworld4838
    @achalasworld4838 Рік тому +1

    Hama vidihakama songs thiyenawa. Venasma music. Kochchara lassanada? E kale pissuwen vage ahuwe. Adatath ahanne e asawenmai.

  • @piyalchamara2409
    @piyalchamara2409 3 роки тому +2

    පාඩුවේ .nidahse අතීතය sihikramin ahanna pluwan sindu mewa.smahara දේවල් ape jiwithyatath galapenwa . Goshawa nathuwa .yluwo set ekath ekka poddak set unama api mumunana ගීත me ❤️😊 නිර්මාණය කරපු hnotama saha.නාමල් උඩුගම කලාකරුවාට pin

  • @nileshgurusingha9066
    @nileshgurusingha9066 3 роки тому +7

    My Favorite Cassette

  • @sandilidinaseka379
    @sandilidinaseka379 3 роки тому +4

    අදරයි.අදරයි
    හැමදමන්.අයියාඩයට

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 Рік тому +2

    මා ගාව මෙි කැසට් 3 ම තියනවා...❤️❤️

  • @MrSarathchandra
    @MrSarathchandra 4 роки тому +28

    සොඳුරු අතීත මතක ආවර්ජයක්

  • @pathmakanthijayawardana2708
    @pathmakanthijayawardana2708 Рік тому +1

    ආදරය patta සිංදු ටික 93ape රැල්ල

  • @arunakumara5530
    @arunakumara5530 2 роки тому +3

    හිතට වදිනවා .ඔයා ගේ සිංදු අහලා අඩලාත් තියෙනවා .මට කියන්න තේරේන්නේ නෑ .මම අයියේ ඔයා ගේ සිංදු ගොඩාක් ඩවුන්ලොක් කරලා අහනවා

  • @idekakumara5009
    @idekakumara5009 11 місяців тому +1

    Sanjeewa
    ලස්සනයි
    💗

  • @sajbandara8607
    @sajbandara8607 Рік тому +1

    Oyagewiraha Geeta lassanai

  • @suranji31
    @suranji31 10 місяців тому +1

    Mama ada edan ahana
    Sindu
    Epa wenne ne adatath.❤️

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 2 роки тому +5

    නාමල් උඩුගම ගම නුවර ,ඉස්සර වැවරව්මේ ගිටාර් එක තියාගෙන ඉන්නවා මට මතකයි,මම ආසම ගායකයෙක්, මුල් සින්දු සේරම මගේ ගාව තිබ්බා, සේරම නැතිවුනා 😢 , youtub වල නැති, මාවතේ සැන්දෑවේ, ,,මේ සොඳුරු සිහිනේ කියන ගීත පවා, මේ කැසට් එලිදක්වද්දී මම පොඩියි, නාමල්, ප්‍රින්ස් ,අතුල, ග්‍රේෂන් ජයමහ, ඉන්ද්‍රජිත් දොලමුල්ල , තව සමකාලීන ගායකයන් ගොඩාක් හිටියා,දැන් ඉන්නේ සේරම sms හිඟන්නු, කාගේ හරි සින්දුවක් copy කරලා , cover song එකක් ගහනවා පිනට හම්බ උනු කටහඩ දාගෙන , මේවට නීතියක් නැති නිසා, ඕන ඕන විඳිහට උපුටා ගන්නවා ,ඒත් කමක් නෑ මුල් ගායකයට කිසිම credit එකක් නෑ, තමන්ගේ වගේ කියනවා

  • @nishanthagamage764
    @nishanthagamage764 2 роки тому +2

    අපි ආශාවෙන් රස වින්ද 🎶 ...

  • @preethieapasingha452
    @preethieapasingha452 3 роки тому +7

    Lovely song..🎶👍

  • @dadahahs5984
    @dadahahs5984 2 роки тому +2

    Very nice 👌👍

  • @sumedasumeda2515
    @sumedasumeda2515 3 роки тому +5

    ගින්දර ම තමා

  • @davidrohanfernando9588
    @davidrohanfernando9588 3 роки тому +7

    අදටත් මම ආස කරන සින්දු ටික

  • @swij-p5u
    @swij-p5u 3 місяці тому +1

    Namal aiyage sindhuwala kotharam remix aawath apai kamathi original sindhuwalata witharai. Me sindhuwala mihira windha ape kaale thaama mathakai. A quality eka ganna ba remeixwalin. [07.09.2024] 🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸❤‍🩹❤🧡💚💜

  • @dushankarawita2110
    @dushankarawita2110 2 роки тому +4

    Wow !! Thank you so much Namal....Lot's of fond memories are bound with these songs.... Still we sing these songs whenever we get along.

  • @dulamkanadishan8079
    @dulamkanadishan8079 2 роки тому +2

    Namal ayya kiyanne dakshayek.sindu hadannai kiyanni.

  • @arunasantha21
    @arunasantha21 3 роки тому +8

    පරන සංගීතය මං අාසම සංගීතයයි

  • @god8014
    @god8014 4 роки тому +6

    Nanalge kalekuht tibba ne.....❤🕺

  • @abyapa11
    @abyapa11 4 роки тому +5

    Great Work

  • @dsilva1099
    @dsilva1099 7 місяців тому +1

    Magenta monataram lassanad a ateta aye mage jewetata anna

  • @sljbstudio2966
    @sljbstudio2966 4 роки тому +6

    සුපිරි,,,,❤️❤️❤️❤️❤️

  • @rukmanneranja
    @rukmanneranja 10 місяців тому +1

    සුන්දර මනුස්සයෙක්

  • @sampathsampath9936
    @sampathsampath9936 Рік тому +1

    Mawa spere sendu akalae danut ahama tamae

  • @DilanathapathuDilanathapathu
    @DilanathapathuDilanathapathu 8 місяців тому +1

    Keyanna newei poth leyanna puluwan.adarei a athethayata pattetama.

  • @thusharafernando2624
    @thusharafernando2624 2 роки тому +2

    sahenna kaleka indan hewwe original music. Thank you so much. mama hithanne Namal langa wath nathuwa athi me cassette eka. : )

  • @anandaweligama4293
    @anandaweligama4293 3 роки тому +7

    සදා නොමැකෙන ගීත