Kampa Nowan Mahamaya (Official Audio): Supun Perera | Charitha Attalage

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024
  • Mahamaya - Official Audio, this official audio's artist is Supun Perera, it's been written by
    Thalangama, Composed by Charitha Attalage
    ---------------------------------------------------------
    Available on iTunes - apple.co/2TSB0Lz
    Kampa Nowan Mahamaya (මහාමායා) - Supun Perera (Official Audio)
    Subscribe For More: bit.ly/SupunPer...
    Listen on Spotify - bit.ly/2AvnqGD
    Listen on SoundCloud - / kampa-nowan-mahamaya
    ---------------------------------------------------------
    Song: Kampa Nowan Mahamaya (කම්පා නොවන් මහමායා)
    Artist - Supun Perera
    Composed by - Charitha Attalage
    Lyrics - Chandrasena Thalangama
    Art and Illustrations - Chirath Kodithuwakku
    Esraj Performed by - Venura Sachintha
    Mixing & Mastering - Charitha Attalage
    Backing Vocals - Ridma Weerawardena , Charitha Attalage , Prathap Eash
    Vocal Recordings - Thilina Boralessa , Charitha Attalage @ Amusync Studios
    ---------------------------------------------------------
    Playlists:
    Ridma Weerawardane: bit.ly/AllRidma...
    Supun Perera: bit.ly/SupunPer...
    ---------------------------------------------------------
    Other songs by Supun Perera:
    Prathihari (ප්‍රාතිහාරී)) - • Prathihari (ප්‍රාතිහාර...
    Radhawani (රාධාවණී) - www.youtube.co....
    Surath Suwaya (සුරත් සුවය) - • Surath Suwaya (සුරත් ස...
    Mahamaya (Reprise Version) - www.youtube.co....
    Charikawa (චාරිකාව) - www.youtube.co....
    ---------------------------------------------------------
    Lyrics:
    නිස්සාර වූ සංසාරයේ දුක් වේදනා මිදෙනා නියා..
    පුතුනූ අපේ හැරදා ගියේ යසෝදරා හා බිළිඳු පුතා..
    කම්පා නොවන් සඳ මහාමායා..කුමාරයා හැරදා ගියා..
    තුන්ලෝ උතුම් බුදු පදවි පතා..
    කුමාරයා හැරදා ගියා
    මහාමායා...
    රුදු සසර ගිනී - බුදු ඇසට පෙනී
    ගිනි නිවන මෙනී - වැසි වසිනු වැනී..
    අඩුවක් වුනාදෝ ජීවිතේ - ඉසුරින් පිරී මේ මාලිගේ
    ගැටුමක් ඇතැයි සිතුනා සිතේ - හැරදා ගියේ ඇයි මාලිගේ..
    සදහම් අමා වැහී හෙලනා රඟේ
    නොසැලී බලන් මහාමායා...
    සසරින් මිදී පුතූ වඩිනා රඟේ
    නොසැලී බලන් මහාමායා..
    මහාමායා... මහාමායා...
    කම්පා නොවන් මහාමායා...
    ___________________________________
    Connect with Supun Perera on :
    👉 Subscribe to Supun Perera: bit.ly/SupunPer...
    👉 Like us on Facebook: / supunpereramusic
    👉 Follow us on Twitter: / imsupunperera
    👉 Follow us on Instagram: / supun_perera
    #Mahamaya #SupunPerera #CharithaAttalage

КОМЕНТАРІ • 1,5 тис.

  • @tharakasugathadasa7822
    @tharakasugathadasa7822 5 років тому +2645

    මේ සිංදුවේ පද වලට මේ වගේ රොක් සංගීතයක් ගැලපෙන්නේ නෑ කියන අය තව පාරක් මේ සිංදුව අහන්න.. ඊට පස්සේ තව පාරක්.. තවත් පාරක්.. හොඳට ඇස් දෙක වහගෙන සිංදුවේ සංගීතයත් එක්ක පද වෙන් කරලා අහන්න..
    එතකොට දැනෙන්න පටන් ගන්නවා තාත්තා කෙනෙක් පොඩි කාලේ ඉඳන් කිසිම දුකක් නොදී, කිසිම දුකක් දකින්නවත් නොදී, සියළු සැප සම්පත් ලබාදී රැකගත් පුතා එදා මාලිගයෙන් නික්ම ගියාට පස්සේ ඇතිවන කලබලය, දුක, තරහව, තම පුතුන් සක්විති රජු කිරීමට දහසක් හිතේ බලාපොරොත්තු තබාගෙන සිටි පියෙක් ඒ සියළු බලාපොරොත්තු බිඳ වැටීම් සමඟ ඇතිවන දුක සඟවගෙන, දෙව් ලොව සිටින මහාමායාවන්ටද කම්පා නොවී සිටින්නැයි කරන ඉල්ලීම..
    ඒකත් හරියට මේ කලබලකාරී සංගීතයත් සමඟ ඇහෙන සුපුන්ගේ නිවුනු කටහඬ වගෙයි.. 🙏🙏❤️❤️

    • @janithchathuranga5023
      @janithchathuranga5023 5 років тому +50

      Excellent comment for excellent song

    • @gayanekanayake3857
      @gayanekanayake3857 5 років тому +17

      Math okama hithuwa aththa saho meka patta

    • @chalith177
      @chalith177 5 років тому +6

      සිරා

    • @jayaniserasinghe
      @jayaniserasinghe 5 років тому +22

      Man dakka lassanama comment ekak tharaka.Oyage sithuwilla harima lassanai.eka apith ekka beda gaththata oyata sthuthi

    • @CosmicGeezeRr
      @CosmicGeezeRr 5 років тому +13

      රොක් අහපු නැති කෙනෙකුට එහෙම ගලපගන්න පුලුවන් වෙයි.ඒත් එලකිරියි මිරිසුයි ගලපන්න බෑ කොහෙත්ම

  • @SANUKA
    @SANUKA 5 років тому +1920

    Beautiful Song Supun & Charitha ❤️ ජය වේවා !

    • @danielguerrero8324
      @danielguerrero8324 5 років тому +14

      Any collaboration wid charitha ?

    • @thanushka9441
      @thanushka9441 5 років тому +27

      Who else loves to see sanuka collab with Charitha

    • @heshanariyawansa1548
      @heshanariyawansa1548 5 років тому +4

      @@thanushka9441 ✌aniwaren.. hoda deyak eliyata enawa aniwarryen🔥🔥🔥

    • @thusharakannangarage889
      @thusharakannangarage889 5 років тому +1

      SANUKA great lyrics👌and great music too👍 but what i feel is it’s not pairing🤷‍♂️ in-fact it’s 🎶the lyrics😕

    • @exslider4547
      @exslider4547 5 років тому +2

      Sanuka+charitha💥💥💥😍

  • @dhanithsri2187
    @dhanithsri2187 5 років тому +1687

    NO WORDS! ♥️ A masterpiece! ජය වේවා!

  • @ridmaw
    @ridmaw 5 років тому +811

    ❤️ ❤️ ❤️ ❤️

    • @ashanrajakaruna5512
      @ashanrajakaruna5512 5 років тому +2

      Amazing ❤️❤️❤️❤️

    • @ckvlogs5530
      @ckvlogs5530 5 років тому +5

      Ridma ayye sinduwk one...

    • @pramodyagunathilaka9952
      @pramodyagunathilaka9952 5 років тому +3

      Aluth sinduwak hadamu aiye

    • @rxwsy1132
      @rxwsy1132 5 років тому +3

      Bro,Guys from Lyceum International Nugegoda 2007 batch remembers you . A fan of your songs.

    • @Allin1Creationsl
      @Allin1Creationsl 5 років тому +3

      Aiya oyagen thva song ekak ona...😍

  • @studylinkglobal7905
    @studylinkglobal7905 5 років тому +1408

    මේ සින්දුව trending අතරට ආපු දවසක මන් පිලිගන්නව ලන්කාවෙ ඉන්නෙ බුද්ධිමත් රසාස්වාදයක් ඇති මිනිසුන් බව

  • @gappiya
    @gappiya 5 років тому +869

    Spiritual Rock Ballad - This is how it's done! 😎👁🗝

  • @KanchuKa
    @KanchuKa 5 років тому +590

    චරිත දෙකක්! ❤

  • @dharanisilva6091
    @dharanisilva6091 3 роки тому +462

    ඉදහිට ඇවිත් , සින්දුව අහන ගමන්, මම වගෙම comments කියවන අය තවත් ඉන්නවාද??? 👍

  • @PrathapEash
    @PrathapEash 5 років тому +946

    දරුවා යනු පියෙකුගේ සෙනෙහසේ ප්‍රතිමූර්තියයි. එම ප්‍රතිමූර්තියට පණපෙවීමෙන් පියෙකුගේ ජීවිතයක් සම්පූර්ණවේ. තම ඇට, ලේ, මස් මිදුලු තුලින් බිහිවුණු දරුවාට ජීවිත කාලයක්ම කඳුලු, දහඩිය වගුරවමින් වෙහෙසෙන්නේ තමාට නොලැබුණු ඔටුණු ඔවුන්ගේ හිස් මත පලඳාලන්නටය.
    ජීවත්වීමට අරමුණ මෙන්ම තාවකාලික ප්‍රේමණීය මායාවක් වූ සතුටට හේතුවත් පියෙකුට දරුවන්‍ ය. සියලු සත්වයන්ගේ අරමුණක් නැති ජීවිතවලට අරමුණක් දීම පිණිස වුවද, තම ජීවිතයේ එකම අරමුණ කැපකිරීමට පියෙකු සූදානම් නැත. පීතෲත්වය සැබවින්ම ඉතා වෙහෙසකර කටුක ගමනක්ය. අවසානයේදී කිසිදු පියෙකු හෝ කිසිදු දරුවෙකු සැනසීමක් නොලබයි. ඉතිරි වන්නේ පසුතැවුල්ම පමණි.
    ලොව සියලු පියවරුන්ගේ සහ දරුවන්ගේ කතාව මෙය නොවේද? ලෝකයක් දුකෙන් ගලවා, ලෝකයකට ජීවත් වෙන්න අරමුණු ලබාදුන් බුදුන් වහන්සේගේ පියාණන් වන සුද්ධෝදන රජුගේ කතාවෙත් වැඩි වෙනසක් නැත. පුතුගේ දෑසින් දුක සඟවා සක්විති රජෙකු කරවීමේ තම හීනය සැබෑ කරගැනීමට කොතෙක් සැප ලබාදුන්නද දුක නම් සදාතනික සංසිද්ධිය සදාකාලිකව සැඟවීම රජෙකුටවත් කල නොහැක්කකි.
    සැප නම් මායාව තුල සැඟවුණු යථාර්තවාදී දුක දකින සිදුහත් කුමරු එම දුකට හේතුවූ සියලු බැඳීම් අත්හැරයාමට තෝරාගැනීම තරම් විශිෂ්ට තීරණයක් එදා මෙදා තුර ජීවියෙකු විසින් ගෙන නොමැති බව නොඅනුමානය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙය ආධ්‍යාත්මික රැඩිකල් වීමකි. පියෙකුගේ ජීවිතයක සුන්දරම දවස වන සිය දරුවා මුලින් දකින මොහොත හෙවත් ජීව විද්‍යාත්මකව පිරිමි ජීවියෙකු වර්ගයා බෝ කිරීමේ මූලික ජීව කාර්‍යය සම්පූර්ණ කිරීමේ ප්‍රතිඵලය දැකීමේ මොහොත පවා මේ අත්හැරීමට අයත්වේ. පෙලපොතේ සඳහන් විදිහට නොතේරෙන භාශාවෙන් මෙය හැඳින්වෙන්නේ 'අභිනිශ්ක්‍රමණය කිරීම' ලෙසය.
    සුද්ධෝදන නම් පියතුමා තුල පැවති ජීවත්වීමේ අරමුණ මෙන්ම අනාගත හීන සියල්ල නැතිවන්නට ගතවන්නේ එක රැයක්ය. වසර හතක් පුරා තම පුතනුවන්ගේ මුහුණ නොදකින පියෙකුගේ දුක අසන්නේ කවුද? හැදූ මව ප්‍රජාපතියද පසුවුනේ සිත් තැවුලෙනි. නෑසෙන බව දැන දැනත් සඳලුතලයට ගොස් අහස දෙස බලා වැදු මව් මහාමායාවට කියනු හැරෙන්න අසරණ පියෙකු තවත් කුමක් කරම්ද?
    මේ අතරතුර, ඔහුගේ කන වැකෙන්නේ සැපේ කෙලවරක සිට දුකේ කෙලවර දක්වා අත්විඳි පුත් කුමරු මැදුම් පිළිවෙතින් අමා මහා බුදුබව ලැබූ පුවතයි. බොහෝ උත්සාහයෙන් පසුව බුදුන් වහන්සේ නැවත තම රාජධානියට වැඩමකරගැනීමට හැකිවන පියරජුගේ නෙත ගැටෙන්නේ බුදුන්ගේ ඒ මහා පෞරුෂයයි. බුදුන් පසුපස වඩින දහස් සංඛ්‍යාත සංඝ රත්නයයි. රටවැසියාගේ බුද්ධාලම්භන ප්‍රීතියයි. මල් වැසි වස්සමින් කියාපාන සොබාදහමේ ආශිර්වාදයයි. දසත පැතිරෙන සිල් සුවඳයි. විගසින් සඳලුතලයට දුවන පියරජු නැවතත් අහස දෙස බලා ආඩම්බරයෙන් පවසන්නේ
    'අර බලන්න මහාමායා! තවත් කම්පාවෙන්න සැලෙන්න එපා. සසරින් මිදිලා දුක්ගිනි නිවමින් දම් වැසි වස්සමින් අපෙ පුතා වඩින ලස්සන බලන්න. අපි ඇයි තවත් දුක්වෙන්නේ? අපේ පුතා ඇවිල්ලා ඉන්නේ මේ දුකෙන් මිදෙන හැටි හොයාගෙන. මේ තේරුමක් නැති සංසාරයෙන් ගැලවෙන්න විදිහක් හොයාගෙන. බලන්න රටවැසියෝ සාදුකාර දෙන විදිහ. බලන්න ලෝකයක් සතුටු වෙන විදිහ'
    මේ ගීතය තුල පියෙකුගේ දාරක ස්නේහය, බුදුන්ගේ වීර්‍ය්‍ය, බුද්ධත්වය ලැබීම, ජනයාගේ ප්‍රීති ඝෝෂාව, සොබාදහමේ ආශිර්වාදය යනාදී සියලු දේ ඔබට ඇසෙනු ඇත. එමෙන්ම පළමුවරට රොක් සංගීතයක් සමගින් සිත් තුල සාදුකාර ඇසෙනු ඇත. බුදුවරයෙකුගේ පහළවීම නිසා එදා රටවැසියා තුල ඇතිවූ ප්‍රීතිය යාවත්කාලින කොට අත්විඳගැනීමට ඔබට හැකිවනු ඇත. මේ මනුෂ්‍යත්වය හා ස්වභාව ධර්මය අතික්‍රමණයේ සංගීතමය ආමන්ත්‍රණයයි.

    • @thilinawisenthige8239
      @thilinawisenthige8239 5 років тому +32

      ඇත්තටම රොක් සංගීතය තුළින් උනත් අපිට බැති සිතුවිලි පහළ වෙන්න පුළුවන් බව මේ නිර්මාණය ඔප්පු කරා. අති විශිෂ්ඨ නිර්මාණයක්. මේ නිර්මාණය කරන්න දායක වෙච්ච හැම කෙනාටම ජය ප්‍රාර්ථනා කරනවා! 🙏🏽❤

    • @udayafantasy7796
      @udayafantasy7796 5 років тому +9

      නියම අර්ථකථනයක් ..... 👌

    • @Jeewzz
      @Jeewzz 5 років тому +15

      ඇඬුනා ♥️

    • @natheeshaadikari2388
      @natheeshaadikari2388 5 років тому +5

      Ee tik kiywddi aththtm aduna

    • @chathukk
      @chathukk 5 років тому +2

      👍👍

  • @dilmikawanigarathna
    @dilmikawanigarathna 3 роки тому +369

    කටහඬේ - දුක
    සංගීතයේ - කලබලය, මනසේ කැළබීම
    වචන නෑ කියන්න ❤

    • @hasaliinoka6271
      @hasaliinoka6271 2 роки тому +2

      Supunge katahnda me wishwaya wisin arakshsa kara denna oni. Me sinduwa ahanakota hadawathata amuthuma hengimak ethiwenawa.supun puthe obata theruwan saranai!!

    • @Malshika_Ariyathilake
      @Malshika_Ariyathilake Рік тому

      @@hasaliinoka6271 ow 🥺🥺😭❤❤❤🙏

    • @thusharaindika278
      @thusharaindika278 Рік тому

      මේ සින්දුව භාවනාවක් මටනන්....

  • @pulasthiranawaka2270
    @pulasthiranawaka2270 5 років тому +523

    පළවෙනි පාර අහනකොට: නරකම නෑ..
    දෙවෙනි පාර : තව එක සැරයක් අහනවා
    තුන්වෙනි පාර: මහාමායායායායා මහාමායායායායා මහාමායායායායා මහාමායායායායා මහාමායායායායා ❤️ ❤️❤️❤️❤️❤️

    • @chethiyakd
      @chethiyakd 5 років тому +2

      :D

    • @thitha_
      @thitha_ 5 років тому +3

      @@chethiyakd වෙනස වෙනස් කිරීමට සිතුවිලි සමග ආකල්ප එකතුකරන "තිත" මගේ UA-cam Channel එක subscribe කරලා පොඩි උදව්වක් කරන්න. බොහොම ස්තුතියි ඔබට !!! ❤️❤️❤️

    • @ruvindrathiwanka1976
      @ruvindrathiwanka1976 5 років тому +3

      sira siddiya

    • @Jeewzz
      @Jeewzz 5 років тому +7

      සිරා බං. First time අහද්දී shape. දැන් පිස්සෙක් වගේ කියන්නේ

    • @buddikasajith5676
      @buddikasajith5676 5 років тому +2

      අඩෝ සිරා වට ❤️❤️

  • @sudeerafernando8176
    @sudeerafernando8176 4 роки тому +417

    කවුද හිතුවේ ඇත්තටම තලංගමයන් මෙය තම බිරිදට ලීයූවක් බව “කම්පා නොවන් සද මහමායා කුමාරයා හැර දා ගියා “ ♥️

    • @hugcreations8789
      @hugcreations8789 4 роки тому +8

      sirawata bn ada danne

    • @PrinceChals1993
      @PrinceChals1993 4 роки тому +6

      Math ada bn danagatte eka

    • @raviilakshan
      @raviilakshan 4 роки тому +14

      ඒකනේ ඇස් වලින් කදුලු ආවෙ නොදැනිම. පියෙක් කොච්චර දුක් හිතේ තද කරන් ඉන්නවාද 😥

    • @clk6484
      @clk6484 4 роки тому +2

      Ade sirawata? E scene eka kauru hari kiyannako

    • @sachinianupama3490
      @sachinianupama3490 4 роки тому +8

      @@clk6484 thalangama sirge putha marila aurudu 10kata kalin bike accident ekakin.

  • @dilansenanayake6597
    @dilansenanayake6597 5 років тому +158

    කම්පා වෙයන් සිරි ලංකා
    මේ වගේ මියුසික් කරන එවුන් ඉද්දි අපි trending කරන්නේ මොනවද ?? perfect charitha suppa venura malli nd all

    • @yasasrajarathna1166
      @yasasrajarathna1166 4 роки тому +4

      UA-cam එකේ නෙවේ මේක රහත් හිමිවරුන් ගලන ගග වගේ ඒවා ජිවිතේ trending එන්න ඕනි

    • @nisalpiyumantha8710
      @nisalpiyumantha8710 3 роки тому

      👍

  • @stephan_23wt
    @stephan_23wt 3 роки тому +176

    ගෞතම බුද්ධ චරිතය උදාහරණෙට අරන් තමංගෙ දරුවා නැතිවුන එකෙන් තමංගෙ බිරිඳව සනසන්න තලංගමයන් ගත් උත්සාහය ❤

  • @yasasmaxa
    @yasasmaxa 5 років тому +123

    සුපුන්ගේ හඩ රොක් වලට යන්නැද්දෝයි මුල් වර අහනකොට සිතුණු නිසා ...
    රොක් මෙලඩියට වොයිස් soft වැඩිදෝ සිතුණු නිසා...
    නැවත ඇසුවෙමි..
    නැවතත් ඇසුවෙමි..
    ගිහි ගෙය නික්මුණු සක්විති පුතෙකු සිටි මාලිගයක කලබලය කඩාවැටීම මෙලඩියෙන් කෙතරම් අපූරුවට කියා පා ඇතිද..
    සුපුන් ගේ නිවුණු හඩ සුද්ධෝනයන්ගේ ශෝකී සිතේ ප්‍රතිමූර්තියක් බදු නොවේද.. දැනී..
    විස්මයට පත් උනෙමි..
    විශිෂ්ටයි !!!
    ඩිස්ලයික් කරපු එවුන්ට අනුකම්පා කරමු, ඔවුන් එක් වරක් මෙය අසා රහ නොතේරුන බැවින්..

  • @SadaraBandara
    @SadaraBandara 5 років тому +377

    Supun, brother those improvisations..... wow ❤
    Youngsters who master classical singing, please follow Supun's techniques in this song which will help you to groom as an industry singer. This song is a referral for how you should blend classical variations with pop and other styles as most of modern music producers seeking such performances from the artist.
    Charitha, Hey man its so fascinating to see that you are continuously adding world class musical elements to your songs. (Space is not supporting me to describe each and every element that Producer has put here. But reckon time will allow me to review his musical works in a different platform) However, the good thing is our next generational producers are following people like Charitha. So thats where the era of quality contents starts❤
    Mr. Thalangama, One fine day happy to hear your own elaboration as I could not clearly find the root point of core concept. One spark from your side will help me to understand entire.
    Overall, A brilliant kickoff for Sri Lankan Music Industry in 2019 !!!
    Lets enjoy it again....

    • @Dila_98x
      @Dila_98x 5 років тому +3

      Sadara අයියේ නරකද මෙහෙම දෙයක් ඔයත් කරොත්.... 😊😊😊

    • @odiljanandith3817
      @odiljanandith3817 4 роки тому +1

      Sir, the core of lyrics is on the sad loss of the lyricist's son Niro. ☹️

    • @ruchiranimesh5800
      @ruchiranimesh5800 4 роки тому

      🇱🇰💪

    • @darkprince3207
      @darkprince3207 4 роки тому

      Sadara ayya

    • @gamikarasanjana
      @gamikarasanjana 2 роки тому

      ඔයත් කරමුකෝ එකක්

  • @jayanidudimantha2576
    @jayanidudimantha2576 3 роки тому +70

    මල් සින්දු රැල්ල ,බූට් සින්දු රැල්ල නවත්තන්න මේ වගේ සිංදු තව තවත් බිහි කරන්න තලංගම මහත්තයා තව අවුරුදු 20ක් 30ක් වත් හොදට ජීවත්වෙන්න ඕනි.

    • @AVI_Beats
      @AVI_Beats 2 роки тому

      අනිවා ❤️❤️❤️

  • @rush9819
    @rush9819 4 роки тому +194

    අදයි තලංගමයන්ගේ සිංදුව තේරුන් ගත්තේ.... ඔහුගේ මිය ගිය පුතා ගැන..🤍

  • @damithpathirana7458
    @damithpathirana7458 4 роки тому +121

    Who’s here after the new Kuweni concert’s mini clip 😔😔😔. Damn! දැන් මේ සිංදුව දැනෙන්නේ අමුතුම විදියකට.

    • @nipunagune
      @nipunagune 4 роки тому +4

      කදුලු උනන්නේ නැතුව අහන්න බෑ ඒක බැලුවට පස්සෙ ❤️

    • @shanikafernando6745
      @shanikafernando6745 3 роки тому

      Meeeee🥺🥺❤️❤️🥰🥰🥰

  • @thenaturalistdiary
    @thenaturalistdiary 3 роки тому +78

    තලංගම මහත්තය , ලියපු මේ පද මාලාව, මේ සංගීතය එක්ක දැනුන ගමන් ... මට මතක් උනේ මගේ තාත්තා... කිසිම දවසක නොසැලෙන මහ මෙරක් වගේ තාත්තා..... මගේ තාත්තා අඬනව මම දැකල තියන්නෙ ජීවිතේ එකම එක පාරයි... ඒ මගේ නංගි මැරුනට පස්සෙ, පෙට්ටිය ගේ ඇතුලට ගනිද්දි..... මම හිතන්නෙ නෑ මගේ තාත්තා , මම මැරුනට අඬයි කියලා.... එයා එයාගෙ ගමන යනගමන්..... හැම මොහොතකම කම්පන, ප්‍රකම්පන ඇතිවෙන මේ මහපොලවෙ, අකම්පිතව ඉන්න නම් ... “නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං "..

  • @piyavaralk
    @piyavaralk Рік тому +8

    ලංකාවෙ trending ආවේ නැති සුපිරිම සිංදුවක්...
    සරලවම කිවුවොත් තාත්තා කෙනෙක්ගෙ ආදරය, වියෝග දුක, දරුවා ගැන තියන ආඩම්බරය එකට කැටි කරපු ලස්සන පද මාලාවක්.
    සිදුහත් කුමාරයා ගිහිගෙය හැරදා ගිය දුක තමන් තුළින්ම නිශේධනය කරන්න උත්සහ කරන සුද්ධෝදන රජුගෙ අභ්‍යන්තර සිතුවිලි පේළිය.. රජ කෙනෙක් ලෙසින් නොව තාත්තා කෙනෙක් විධියට දැනෙන ආකාරය චරිත අතලගේ ලස්සනට වචන කරලා තියනවා.
    මහමායා දේවිය⁣ මෙලොව හැරගියේ සිදුහත් කුමරු ඉපද දවස් 7කින්, සිදුහත් කුමරු අභිනිශ්ක්‍රමණය කරේ වයස 29දි, බුද්ධත්වය ලැබුවේ 35දී. ඒ වෙද්දි සුද්ධෝදන රජතුමා හිතින් තනි උන ස්වාමිපුරුෂයෙක්, එක තාත්තා කෙනෙක්.
    අවුරුදු 35කටත් කලින් මිය ගිය අම්මට මේ තාත්තා හිතින් කියනවා, තමන්ගේ පුතා බුදුබව ලබලා එන අසිරිය, කොච්චර ලස්සනද බලන්න කියලා...
    "...සදහම් අමා වැහි හෙලනා රඟේ
    නොසැලී බලන් මහාමායා
    සසරින් මිදී පුතු වඩිනා රඟේ
    නොසැලී බලන් මහාමායා..."
    කෙනෙක් කියන්න පුලුවන් මෙහෙම කතා වස්තුවකට මේ වගේ රොක් ආකාරයෙ සංගීතයක් හරියන්නෑ කියලා. ඒ උනාට මට හිතෙන විදිය මේක මීට වඩා වෙනස් විධියට කරලා මේ හැඟීම ගන්න බැරි වෙයි.
    පසුබිමින් ඇහෙන වේග රිද්මය තුලින් මේ තාත්තගෙ හිතේ තියන නොසන්සුන් බවත්, සුපුන් පෙරේරගෙ නිවුණු කටහඬින් තාත්තා කෙනෙක්ගෙ ආදරයෙ මිහිරත් සුපිරියටම combine කරලා තියනවා...
    -TEZ 🍂

  • @themusic3730
    @themusic3730 9 місяців тому +11

    Lyrics :
    නිස්සාර වූ සංසාරයේ
    දුක් වේදනා මිදෙනා නියා
    පුතුනූ අපේ හැරදා ගියේ
    යශෝදරා හා බිලිඳු පුතා
    කම්පා නොවන් සඳ, මහමායා
    කුමාරයා හැරදා ගියා
    තුන් ලෝ උතුම් බුදු පදවි පතා
    කුමාරයා හැරදා ගියා
    මහමායා! (කම්පා නොවන්)
    මහමායා! (කම්පා නොවන්)
    කම්පා නොවන් මහාමායා
    මහමායා! (කම්පා නොවන්)
    මහමායා! (කම්පා නොවන්)
    කම්පා නොවන් මහාමායා
    රුදු සසර ගිනී
    බුදු ඇසට පෙනී
    ගිනි නිවන මෙහී
    වැසි වසිනු මැනී
    රුදු සසර ගිනී
    බුදු ඇසට පෙනී
    ගිනි නිවන මෙහී
    වැසි වසිනු මැනී
    අඩුවක් වුණාදෝ ජීවිතේ
    ඉසුරින් පිරී මේ මාළිගේ
    ගැටුමක් ඇතැයි සිතුනා සිතේ
    හැරදා ගියේ ඇයි මාළිගේ
    සදහම් අමා වැහි හෙලනා රඟේ
    නොසැලී බලන් මහාමාය
    සසරින් මිදී පුතු වඩිනා රඟේ
    නොසැලී බලන් මහාමායා
    මහාමායා! (රුදු සසර ගිනී)
    මහාමයා! (බුදු ඇසට පෙනී)
    කම්පා නොවන් (ගිනි නිවන මෙහී)
    මහාමයා! (වැසි වසිනු මැනී)
    මහාමායා! (රුදු සසර ගිනී)
    මහාමයා! (බුදු ඇසට පෙනී)
    කම්පා නොවන් (ගිනි නිවන මෙහී)
    මහාමයා! (වැසි වසිනු මැනී)

  • @KaluMallii
    @KaluMallii 5 років тому +261

    Loving the new twist of music Charitha ❤️ Awesome vocals Supun ❤️

  • @tissadisanayaka8932
    @tissadisanayaka8932 3 роки тому +64

    චරිත තුනක්
    චරිත 🎼
    සුපුන් 🎙️
    තලංගම ශූරීන්🙏

  • @senangamusic
    @senangamusic 5 років тому +144

    Masterpiece. Hats off charitha, mr.Thalangama. සුපුනෝ. මේක නම් ඇඩෙන්නම sing කරල තියනවා. ජය ජය.

  • @DasunMadushan
    @DasunMadushan 5 років тому +168

    awesome work charitha & suppa all the best

  • @LasithaNanayakkaralenlasitha
    @LasithaNanayakkaralenlasitha 5 років тому +104

    මයිල් කෙලින් උනේ මගේ විතරද???
    ❤️❤️❤️❤️❤️

  • @pasindujayakody7332
    @pasindujayakody7332 Рік тому +13

    සදහම් අමා වැහි හෙලනා රඟේ
    නොසැලී බලන් මහමායා
    සසරින් මිදී පුතූ වඩිනා රඟේ
    නොසැලී බලන් මහමායා
    ලංකාවේ සිංහල සිංදු ගොඩාක් අහලා තියෙනවා ඒත්,මේ තරම් හිතට වදින හිතට දැනෙන බර පද රචනයක් දැක්ක එකම සිංදුව💖💖💖

  • @ishankazthuri
    @ishankazthuri 5 років тому +133

    ❤️❤️❤️ මේ අවුරුද්දේ මුල්ම සින්දුව.
    ❤️❤️❤️ සුපුන් අයියාගෙ හඬ/ තලංගම සර්ගෙ වචන/ චරිත අයියගෙ සංගීතය
    වෙනමම ලෝකෙකට අරං යන බව නොඅනුමානයි ❤️

    • @udayafantasy7796
      @udayafantasy7796 5 років тому +2

      Ow machan දෙයියනේ කියලා අවුරුද්ද පටන් ගත්තු ගමන් අහපු අළුත්ම සිංදුව.....!!!👌👌👌

  • @raviambedkar3279
    @raviambedkar3279 3 роки тому +123

    I am from India 🇮🇳🇮🇳 even though I don't understand its meaning but I can feel the divine and purity of music...

    • @rasabilly
      @rasabilly 3 роки тому +8

      Its about asking the wife of buddha not be sad when he left her and his son for seeking enlightment

    • @kenusvlog
      @kenusvlog 3 роки тому +13

      @@rasabilly wrong mate, Mahamaya is mother of Prince Siddhartha and she passed away after 7 days. This sog isnt about it

    • @llgame288
      @llgame288 3 роки тому +4

      While composing this song Different musical styles like Hindustani music and western rock music are perfectly blended.it is magic💆

    • @malkiweerasingha3307
      @malkiweerasingha3307 Рік тому +1

      Yes music is an universal language .
      Chairtha is our sri lankan identity of music.🔥

    • @mithuranga_vithanage
      @mithuranga_vithanage Рік тому +1

      ​​@@kenusvlog no machn. Here the writer soothing his wife after their son passed away, relating prince Siddhartha's character

  • @anuhassachethana6532
    @anuhassachethana6532 4 роки тому +124

    මේක චන්ද්‍රසේන තලංගමයන්ගෙ ජිවිත කතාවයි ❤️
    මට අදයි ඒ සිංදුවේ අර්ථය තේරුනේ...කලින් හිතුනේ සිදුහත් කුමරු ගිහි ගෙය අත හැර යාම නිසා සුද්ධෝදන රජතුමාට ඇතිවන වේදනාව සගවා මහමායා දේවිය සිටියානම් සිතා කියවෙන ගීතයක් කියාය.
    ඒත් එය සම්පූර්නයෙන්ම වෙනස් බව මේ වීඩියෝවෙන් තේරුනා. මේ ගීතයේ කියවෙන මහමායා චන්ද්‍රසේනයන්ගේ බිරිදය. කුමාරයා අවුරුදු 10කට කලින් ( බයිසිකල් අනතුරකින් 🤔) මිය ගොස් ය. සුද්ධෝදන රජු තලන්ගමයන් ය. ❤

    • @ragingwarrior8098
      @ragingwarrior8098 3 роки тому +12

      නෑ... ඇත්තටම එතුමා කතා දෙකම මේ තනි සිංදුවෙන් කියලා තියෙනවා...

    • @achinthasenadeera6240
      @achinthasenadeera6240 2 роки тому

      ♥️

  • @sasukeuchiah1
    @sasukeuchiah1 5 років тому +37

    අප මහා ගෞතම සම්බුදුරජාණන් වහහන්සේ අපි වෙනුවෙන් විඳි දුක දැනිල දෑස් තෙත් වෙන තරමටම ඒ වචන හරිම විරාගීව ගලපල තියෙනව. බොහොම පිං.

  • @binarakr
    @binarakr 4 роки тому +84

    සින්දුවේ ඇත්තම අර්ථය දැනගෙන අද තමයි අහන්න ආවේ..... අති විශිෂ්ට නිර්මාණයක්♥️💯

  • @Himaya_99
    @Himaya_99 5 днів тому

    මේ වගේ සින්දුවල comments කියවන එක වෙනම රහක්..සින්දුව අහන ගමන් ඒ කමෙන්ට්ස් කියවල සින්දුව තේරුම් ගනිද්දි තමයි සින්දුව හොඳටම දැනෙන්නෙ 🥹❤ This is one of the most beautiful songs I've ever listened to ❤

  • @avdura
    @avdura 5 років тому +463

    සාම්ප්‍රදායික බෞද්ධ සංගීත නිර්මාණවලදී බොහෝ විට භක්තිය සහ විවේචනයට ඇති බිය නිසා නිර්මාණකරුවන් අනවශ්‍ය විදියට පරිස්සම් වෙනවා. ඒ තුලින් බොහෝ විට නිර්මාණය තුල වියයුතු භාව ප්‍රකාශනය හරි විදියට වෙන්නෙ නෑ. බොහෝවිට භක්ති ගීතයක් වෙලා තමයි නවතින්නෙ. චරිතගේ සංගීතයේ මට දැනෙන්නේ පියෙක්, බිරිඳ මල පුරුශයෙක් සහ තම පුතුගේ පවුලේ අනාගතය ගැන කම්පා වන පෘතඃජන මනුශ්‍යයෙකුගේ මානසික ආතතියයි. එය සාමාන්‍ය පුද්ගලයකු සහ රජෙකු ලෙස වෙනස් වෙන හැගීමක් නෙමෙයි. චරිත අල්ලාගන්නේ ඒ හැගීමයි. සුපුන්ගේ උත්තර් භාරතීය උරුවක් ඇති හඩ ඒ හැගීම තීව්‍ර කරනවා. පලවෙනි වතාවට මහාභිනිශ්ක්‍රමණය රජ මාලිගයේ ඇති කලා යැයි සිතිය හැකි ව්‍යාකූලත්වය ගැන ප්‍රබල චිත්තරූපයක් මැවෙනවා. එය යශෝදරාගේ වැලපීමට වඩා වෙනස් හැගීමක්. මේවා වලට visuals හදන්න හිතන්නවත් එපා! ජය!

    • @buddhimanirman7495
      @buddhimanirman7495 5 років тому +2

      Well said

    • @slgayya6066
      @slgayya6066 5 років тому +3

      ❤❤ maarama kathaawa machn minissu buddha charithaya sambanda nirmana walata thaama bayai. Meeka ehema naa.

    • @malaa9094
      @malaa9094 5 років тому +3

      Ow visual ahalamama hambena eka maru

    • @ashanidafra5053
      @ashanidafra5053 4 роки тому +1

      well said. thumbs up

    • @GnrlPrice
      @GnrlPrice 4 роки тому +3

      Machan watch kuweni live in concert channel.it says the true meaning of this song.

  • @exslider4547
    @exslider4547 5 років тому +39

    සුපුන්ගෙ voice එක පට්ට😍❤
    සදහම් අමා වැහි වහිනා රගේ..
    නොසැලී බලන් මහමායා..
    සසරින් මිදී පුතු වඩිනා රගේ නොසැලී බලන් මහමායා...
    ඒ වචන ටික නම් මාර විදියට හිතට වදිනවා☝😍🙏

  • @Harshadewa
    @Harshadewa 5 років тому +98

    කම්පා ප්‍රකම්පනය!
    A musical perfection and a singing perfection!!!
    Thank you @Charitha
    Thank you @Supun
    Keep up the good work!!!

  • @TharinduManeesha
    @TharinduManeesha 5 років тому +67

    ලංකාවේ International Level Music Producers ලා, Vocalist ලා, Tracks නෑ කියලා කවුරු හරි කිව්වොත් කනට දෙකක් ගහලා මේක පෙන්නපන්... ❤️❤️❤️

    • @ruwanigallage3387
      @ruwanigallage3387 4 роки тому +1

      😂😂👌👌

    • @hiruni2243
      @hiruni2243 3 роки тому +1

      ඒ උනාට international level එකට යන්නේ yohanilage covers 😒😑 ඇයි මේ සින්දු වල quality ek e ගොං ඉන්දියන් කාරයන්ට තෙරෙන්නේ නැත්තේ 😤😤

  • @darkfire3464
    @darkfire3464 4 роки тому +47

    හැරදා ගිය පුතෙකු නිසා කම්පා වන මවක් සනසන පියෙකුගේ හදවතේ විලාපය♥️ greatest vocals by Supun Perera♥️

  • @oshadajayaneth6527
    @oshadajayaneth6527 3 роки тому +34

    තුන් ලෝ උතුම් බුදු පදවි පතා, කුමාරයා හැරදා ගියා..
    කම්පා නොවන් මහාමායා..🙏
    සසරින් මිදී බුදු වඩිනා රගේ,
    නොසැලී බලන්
    මහමායා....
    කොච්චර ලස්සන ද🙂😭❤️

  • @kawinduekanayaka1829
    @kawinduekanayaka1829 5 років тому +57

    Trending වෙන්න ඔනා මේව බ්‍රෝ, අපි මේවටයි audience එකක් හදන්න ඕන!!! Thanq #charitha අයියා , #supun අයියා

  • @savindulakshan966
    @savindulakshan966 3 роки тому +32

    සිංදුවදාපු දවසෙ ඉදන් අද වෙද්දි සිය පාරකට වඩා අහලා ඇති. හැබැයි අදටත් අහද්දි මුලු ඇගම හිරි වැටෙනවා 😍

    • @kalharainfogate8742
      @kalharainfogate8742 Рік тому

      අනිවාර්යයෙන්ම නොදැනිම කදුලක් ගැලුව ඒක ඒතරම්ම හොදම නිර්මාණක්

  • @dkush0
    @dkush0 5 років тому +50

    අම්බෝ 6 ඉදන් රීෆ්රේෂ් කරලා බැලුවේ . සුපිරි ජය වේවා ! මේ අවුරුද්දේ අහපු පලවෙනි අලුත්ම තේරුමක් තියෙන එක

  • @shankolla8168
    @shankolla8168 3 роки тому +13

    සුපුන් + චරිත සුසංයෝගයේ කැමතිම ගීතය.දහස් වතාවක් විතර අහලාඇති.❤️👉👈

  • @DesawanaMusic
    @DesawanaMusic 5 років тому +190

    This was a project waiting to be launched .. Superb Supun Perera... Love your music Charitha Ayya ❤️😍😘

  • @prasadpethumsiri6857
    @prasadpethumsiri6857 3 роки тому +16

    ගොඩක් ගැඹුරුයි.. ගොඩක්... ලෝකෙම් එක පද පේලියකට ගත්ත එකම එක ගීතයක්.... "සසරින් මිදී පුතු වඩිනා රගේ නොසැලී බලන් මහමායා" ...❤️❤️❤️❤️

  • @ArjunaRookantha
    @ArjunaRookantha 5 років тому +78

    Simply Amazing!Good job.ආඩම්බරයි😊❤🙏

  • @randagomes6289
    @randagomes6289 5 років тому +20

    Goosebumps 2.02
    රුදු සසර ගිනි
    බුදු ඇසට පෙනී
    ගිනි නිවන මෙනි
    වැසි වසිණු මැනි

  • @sajeewalive
    @sajeewalive 5 років тому +35

    AKG headset එක Phone එකට Free ගත්තට අදයි වැඩක් ගත්තෙ❤️ weldone supun charitha prathap ridma

  • @manojmadusanka4609
    @manojmadusanka4609 9 місяців тому +46

    Anyone in 2024 ?

  • @prasadwijekoon1590
    @prasadwijekoon1590 5 років тому +41

    මාකස් එකේ උදෙට හවසට නාන වෙලාවට ලස්සනට සින්දු කියනව ඇහුන වොයිස් එක ලන්කාවම පිස්සු වැට්ටුවා එහෙනම්... ජබොක්කුවා 💖

  • @MalithPereramusician
    @MalithPereramusician 5 років тому +72

    Amazing boys! Thank you so much for restoring our faith in Sri Lankan music. Inspired!

    • @akzun
      @akzun 5 років тому +1

      We miss you Malith brother!

  • @baktu3194
    @baktu3194 4 роки тому +7

    මේ වගේ හොද සින්දු වලට ඇයි බන් 1M වත් වීව්ස් එන් නැත්තේ. කලකිරෙනව බන් ලංකාවේ මිනිස්සු ගැන

  • @theharathenuki4888
    @theharathenuki4888 4 роки тому +54

    After kuweni concert video about the real story of this song😢Now it makes my eyes wet more than before

  • @SaJJaA
    @SaJJaA Рік тому +3

    කොලබ ඉදන් කුරුණෑගල යනකම් බස් එකෙ ඉදන් මේක විතරක්ම අහන් ආපු මම 🙂💕

  • @malaa9094
    @malaa9094 5 років тому +8

    මං අඇබ්බැහි වෙලා සුපුන් බ්‍රෝ.thankz 4 like this...

  • @kasunb.senanayake
    @kasunb.senanayake 5 років тому +45

    හිරිගඩු පිපුණා 🔥❤️❤️

  • @nipunajith
    @nipunajith 2 роки тому +2

    පිරිමියෙක් තමන්ගේ සිතේ තියෙන දුක, කම්පාව එළියට පෙන්නන්නේ නැහැ. ඒ නිසා කවුරුත් පිරිමියෙක්ව සනසන්න උනන්දු වෙන්නෙත් නෑ. එයා ඒ කම්පාව මැඩගන්නේ තමාගේ හිතෙන් තමාව ම සනසා ගනිමිනුයි. මිය ගිය මහාමායා දේවියට ආමන්ත්‍රණය කළාට ඇත්තට ම සුද්දෝධන රජතුමා තමාගේ සිත සනස ගන්න තමාට ම කියා ගත් පද පේළියක් විදිහටයි මට මේක දැනුනේ. නියම වැඩක්. ජය වේවා. ❤

  • @fawaziqbal
    @fawaziqbal 4 роки тому +3

    Memories of Mahamaya බලලා ආයේ ඇවිත් මාහාමායා බලද්දී දැනෙන දුක හරියට මගේම කෙනෙක් නැති උනාම එන ෆීලීන්ග් එකක්. මෙච්චරකල් සුද්ධෝන රජතුමා සහ මාහාමායා දේවී ගැන හිතාගෙන හිටයට ඇත්තටම එතන ඉන්නේ චන්ද්‍රසේන තලංගම මහත්තයා සහ ඔහුගේ බිරිඳ කියලා දැනෙද්දි,සිංදුවේ තේරුමයි ලිරික්ස් එක්කයි අහද්දි කෑගහලා අඩන්න ඕනී වගේ.
    Thank you Charitha❤️ and Supun ❤️
    And we all love your lyrics Mr. Chandrasena Thalangama ❤️ You lost one but you will have not only charitha and the team but also the millions of youngsters who are loving yours and charitha's combination ❤️

  • @anonymouslunaticz
    @anonymouslunaticz 5 років тому +11

    ආයෙත් ඇවිත් ඒ කාලේ.. ❤✌ අපේ රටේ music ගොඩයන කාලේ තමා මේ ❤

  • @shanzfrogycreations
    @shanzfrogycreations 3 роки тому +8

    ඉක්මනටම 1M Views ඒවී, දවසකට දහ පාරකට වඩා අහන්නව 😍

  • @anupamagamage3906
    @anupamagamage3906 5 років тому +7

    මේ මල් මිට චරිත,සුපුන්,තලංගම සර්,රිද්ම,රවි ජේ,ප්‍රතාප් ඇතුලු කණ්ඩායමට 💐❤️❤️❤️

    • @dinuwalker8638
      @dinuwalker8638 4 роки тому

      කෝ දැන් මල් මිට ඈහ් 😁

  • @SasmithaMethhasindu
    @SasmithaMethhasindu 11 місяців тому +6

    This song is masterpiece ❤ very very beautiful ❤ excellent ❤great

  • @SW-if3qn
    @SW-if3qn 5 років тому +7

    නියමයි.දැන් ඇහුවේ මං රූපවාහිනි වැඩසටහනකින්.ඒ ක්ෂනයෙන් search කරලා බැලුවේ..මාරයි..ලස්සන සිංදු ලංකාවේ තියෙනවා දැන්.😍 නියමයි.ලස්සනයි හුගාක්..

  • @eran3224
    @eran3224 5 років тому +38

    1st time - music and vocals 😍
    2nd time - lyrics and meaning 😐
    3rd time - lost my world

  • @janithc
    @janithc 4 роки тому +4

    කොහෙද මේ යෝදයා මෙච්චර කල් හැංගිලා හිටියේ... මට අදයි අහන්න ලැබුනේ....

  • @amazinguniverse6811
    @amazinguniverse6811 5 років тому +26

    චරිතගේ සංගීතේ හරිම රසවත්

  • @malathiecabraal6165
    @malathiecabraal6165 Рік тому +3

    මාර හද කම්පා කරන කට හඬකින් මේ ගීතය ඇසෙන්නේ ඒ පසුබිම් සංගීතයත් සමගින්.. ඒ සියල්ල සංගීතය මුසුවී උත්කෘෂ්ට ලෙසින්ම ඇසෙනවා..සුපුන් ඔබේ හඬ කිව නොහැකියි නිමක් එහි මිහිර❤❤

  • @pulasthiw6
    @pulasthiw6 5 років тому +20

    මෙන්න මේක Leak කොරනකං තමා බලන් හිටියේ ❤❤❤👏🏼👏🏼👏🏼

  • @kalpapabasara8527
    @kalpapabasara8527 5 років тому +10

    සංගීතය බෙහෙතක් නම් ඔයාලා මේකේ ඉසිවර වෙදැදුරෝ ❤️
    සුපිරියක් සුපුන් අයියා 💪🙏
    කතා දෙකක් නෑ චරිත අතලගේ වෙනම ලෙවල් එකක් ඔයා 💯😎

    • @jhonerobert7842
      @jhonerobert7842 2 роки тому

      Siraawatama.. api balaporoththu wenne may wage creations ..hats off.. egata denennama thiyenawa..❤❤❤

  • @jhonerobert7842
    @jhonerobert7842 2 роки тому +3

    Charitha attalage music composed eka maarama gathi.. raadhavani, prathihari , hodama උදාහරණ ..harima amuthuma feeling ekak thiyena music tikak thiyenne may songs thunema..all the very best specially charitha ..

    • @madushanka4551
      @madushanka4551 2 роки тому +2

      Prathihari isn't composed by Charitha.

  • @yashodhabandara7271
    @yashodhabandara7271 5 років тому +2

    මේ වගේ හැම සින්දුවක්ම ශාස්ත්‍රීයව තියෙන්න ඕන කියල හිතන අයට නම් මේක අහන්න අමාරු වෙයි. ඒ සාම්ප්‍රදායික රාමුවෙන් පිටට එන්න පුලුවන් නම් මේ සින්දුව ගොඩක් විඳින්න පුලුවන්. ජය !!!

  • @creativejohn6190
    @creativejohn6190 4 роки тому +33

    Kuweni Concert එකේ තලංගම මහත්මියගෙ කතාව බලල ආයෙ මෙතෙන්ට ආවේ. සිංදුව සිය පාරකට වඩා අහල ඇති. ඒත් මෙහෙම දෙයක් තේරුනේ නෑ.
    කලබලකාරී රොක් මියුසික්, කම්පා නොවන් 'යශෝධරා' වෙනුවට, කම්පා නොවන් 'මහමායා' , පිටිපස්සෙන් ඇහෙන උද්වේගකර backing vocals ඔක්කොම දැන් make sense වෙනව.
    සිංහල සිංදුවලට ලේසියෙන් ඇඩෙන් නැති උනාට, මේ පාර මේක අහද්දි ඇස් වලට කදුලු ආවා. පොඩි කාලෙ ඉදල දන්න අපේම යාලුවෙක් වගේ හැගීමක් ආවෙ 'කුමාරයා' ගැන.
    අන්තිමට කියන්ඩ තියෙන්නෙ 'කුමාරයාට' තුන් ලෝ උතුම් සැනසීම ලැබේවා කියල!!

  • @sandunikawijethunga5160
    @sandunikawijethunga5160 2 роки тому +2

    අම්මෝ.. මේකට මාරම විශුවල් එකක් මගේ හිතේ මැවෙනව.. ඒ රොක් මියුසික් එක වැස්ස අකුනු.. ඒක මට දැනෙන්නෙ මහාමායා වගේ..

  • @samadarakalhari6925
    @samadarakalhari6925 5 років тому +23

    Such a beautiful song ♥️😭
    We need these kind of songs in Sri Lankan music industry. Look it is just a audio version but meaningful lyrics and a beautiful voice.
    In an era where meaningless songs comes with inappropriate videos to get likes and earn money, this is a good work guys 🙏

  • @kawya777
    @kawya777 8 місяців тому +2

    සමහර මිනිස්සු ඉන්නවා පෙන්නන්න දගලනවා තාමත් මේ සින්දු අහනවා කියලා පෙන්නන්න දගලන......ඒත් මන් කියන්නේ මේ දැන් රටේ තියෙන වටපිටාව,මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න , දුක්,කරදර මේ සේරම මැද්දෙ තැලෙන අයට සැනසීමක් හොයනවානම් high recommend කරන්න පුළුවන් චරිත වගේම ගැලපෙන තැන මේක....ඉදලා බලන්න සැනසීමක් හම්බවේවී......

  • @udanapulasthi3443
    @udanapulasthi3443 4 роки тому +3

    මේ වගේ සින්දු අහන්න අපි තාමත් පින් කරල තියන්ව...
    Love from fiji islands.........❤❤❤

  • @priyantha0
    @priyantha0 4 роки тому +3

    PRATHAP
    1 year ago
    දරුවා යනු පියෙකුගේ සෙනෙහසේ ප්‍රතිමූර්තියයි. එම ප්‍රතිමූර්තියට පණපෙවීමෙන් පියෙකුගේ ජීවිතයක් සම්පූර්ණවේ. තම ඇට, ලේ, මස් මිදුලු තුලින් බිහිවුණු දරුවාට ජීවිත කාලයක්ම කඳුලු, දහඩිය වගුරවමින් වෙහෙසෙන්නේ තමාට නොලැබුණු ඔටුණු ඔවුන්ගේ හිස් මත පලඳාලන්නටය.
    ජීවත්වීමට අරමුණ මෙන්ම තාවකාලික ප්‍රේමණීය මායාවක් වූ සතුටට හේතුවත් පියෙකුට දරුවන්‍ ය. සියලු සත්වයන්ගේ අරමුණක් නැති ජීවිතවලට අරමුණක් දීම පිණිස වුවද, තම ජීවිතයේ එකම අරමුණ කැපකිරීමට පියෙකු සූදානම් නැත. පීතෲත්වය සැබවින්ම ඉතා වෙහෙසකර කටුක ගමනක්ය. අවසානයේදී කිසිදු පියෙකු හෝ කිසිදු දරුවෙකු සැනසීමක් නොලබයි. ඉතිරි වන්නේ පසුතැවුල්ම පමණි.
    ලොව සියලු පියවරුන්ගේ සහ දරුවන්ගේ කතාව මෙය නොවේද? ලෝකයක් දුකෙන් ගලවා, ලෝකයකට ජීවත් වෙන්න අරමුණු ලබාදුන් බුදුන් වහන්සේගේ පියාණන් වන සුද්ධෝදන රජුගේ කතාවෙත් වැඩි වෙනසක් නැත. පුතුගේ දෑසින් දුක සඟවා සක්විති රජෙකු කරවීමේ තම හීනය සැබෑ කරගැනීමට කොතෙක් සැප ලබාදුන්නද දුක නම් සදාතනික සංසිද්ධිය සදාකාලිකව සැඟවීම රජෙකුටවත් කල නොහැක්කකි.
    සැප නම් මායාව තුල සැඟවුණු යථාර්තවාදී දුක දකින සිදුහත් කුමරු එම දුකට හේතුවූ සියලු බැඳීම් අත්හැරයාමට තෝරාගැනීම තරම් විශිෂ්ට තීරණයක් එදා මෙදා තුර ජීවියෙකු විසින් ගෙන නොමැති බව නොඅනුමානය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙය ආධ්‍යාත්මික රැඩිකල් වීමකි. පියෙකුගේ ජීවිතයක සුන්දරම දවස වන සිය දරුවා මුලින් දකින මොහොත හෙවත් ජීව විද්‍යාත්මකව පිරිමි ජීවියෙකු වර්ගයා බෝ කිරීමේ මූලික ජීව කාර්‍යය සම්පූර්ණ කිරීමේ ප්‍රතිඵලය දැකීමේ මොහොත පවා මේ අත්හැරීමට අයත්වේ. පෙලපොතේ සඳහන් විදිහට නොතේරෙන භාශාවෙන් මෙය හැඳින්වෙන්නේ 'අභිනිශ්ක්‍රමණය කිරීම' ලෙසය.
    සුද්ධෝදන නම් පියතුමා තුල පැවති ජීවත්වීමේ අරමුණ මෙන්ම අනාගත හීන සියල්ල නැතිවන්නට ගතවන්නේ එක රැයක්ය. වසර හතක් පුරා තම පුතනුවන්ගේ මුහුණ නොදකින පියෙකුගේ දුක අසන්නේ කවුද? හැදූ මව ප්‍රජාපතියද පසුවුනේ සිත් තැවුලෙනි. නෑසෙන බව දැන දැනත් සඳලුතලයට ගොස් අහස දෙස බලා වැදු මව් මහාමායාවට කියනු හැරෙන්න අසරණ පියෙකු තවත් කුමක් කරම්ද?
    මේ අතරතුර, ඔහුගේ කන වැකෙන්නේ සැපේ කෙලවරක සිට දුකේ කෙලවර දක්වා අත්විඳි පුත් කුමරු මැදුම් පිළිවෙතින් අමා මහා බුදුබව ලැබූ පුවතයි. බොහෝ උත්සාහයෙන් පසුව බුදුන් වහන්සේ නැවත තම රාජධානියට වැඩමකරගැනීමට හැකිවන පියරජුගේ නෙත ගැටෙන්නේ බුදුන්ගේ ඒ මහා පෞරුෂයයි. බුදුන් පසුපස වඩින දහස් සංඛ්‍යාත සංඝ රත්නයයි. රටවැසියාගේ බුද්ධාලම්භන ප්‍රීතියයි. මල් වැසි වස්සමින් කියාපාන සොබාදහමේ ආශිර්වාදයයි. දසත පැතිරෙන සිල් සුවඳයි. විගසින් සඳලුතලයට දුවන පියරජු නැවතත් අහස දෙස බලා ආඩම්බරයෙන් පවසන්නේ
    'අර බලන්න මහාමායා! තවත් කම්පාවෙන්න සැලෙන්න එපා. සසරින් මිදිලා දුක්ගිනි නිවමින් දම් වැසි වස්සමින් අපෙ පුතා වඩින ලස්සන බලන්න. අපි ඇයි තවත් දුක්වෙන්නේ? අපේ පුතා ඇවිල්ලා ඉන්නේ මේ දුකෙන් මිදෙන හැටි හොයාගෙන. මේ තේරුමක් නැති සංසාරයෙන් ගැලවෙන්න විදිහක් හොයාගෙන. බලන්න රටවැසියෝ සාදුකාර දෙන විදිහ. බලන්න ලෝකයක් සතුටු වෙන විදිහ'
    මේ ගීතය තුල පියෙකුගේ දාරක ස්නේහය, බුදුන්ගේ වීර්‍ය්‍ය, බුද්ධත්වය ලැබීම, ජනයාගේ ප්‍රීති ඝෝෂාව, සොබාදහමේ ආශිර්වාදය යනාදී සියලු දේ ඔබට ඇසෙනු ඇත. එමෙන්ම පළමුවරට රොක් සංගීතයක් සමගින් සිත් තුල සාදුකාර ඇසෙනු ඇත. බුදුවරයෙකුගේ පහළවීම නිසා එදා රටවැසියා තුල ඇතිවූ ප්‍රීතිය යාවත්කාලින කොට අත්විඳගැනීමට ඔබට හැකිවනු ඇත. මේ මනුෂ්‍යත්වය හා ස්වභාව ධර්මය අතික්‍රමණයේ සංගීතමය ආමන්ත්‍රණයයි.

  • @ramithprasanthadeva7595
    @ramithprasanthadeva7595 Рік тому +3

    හදවත shock විය. ❤ Greate.

  • @rashmithiwanka7145
    @rashmithiwanka7145 Рік тому +2

    දුක් වෙන්න එකම හේතුවයි, උඹලව මෙච්චර කාලෙකට මග ඇරැන එකට ❤️🎧

  • @isinduravin
    @isinduravin 5 років тому +4

    මේ coke studio ලක්ෂණ අපේ ගීත වලට යොදාගනු දැකීම මං හරි කැමතියි.

  • @Rashmi_Dileesha
    @Rashmi_Dileesha Рік тому +1

    මට තේරෙන්නේ නෑ මේ ගීතය කොයිතරම් උසස් ද කියලා.මේ වචන,⁣මේ තනුව ,මේ සංගීතය පුදුම ලස්සනක්.වේදනාවක් මේ විදියට ගීතයක් ඇතුලෙ සන්තර්පනය වෙන විදිය.. ඒ මවගෙ කම්පාව මේ විදියට නිවලා ⁣බලාපොරොත්තු ඇති කරන විදිය.. වේදනාව මතු බලාපොරොත්තු සංගීතය,ගායනය ඇතුලෙ දෝලනය වෙන විදිය...no words🥺great🥺🥺🥺♥️♥️♥️♥️♥️

  • @miyurubogoda882
    @miyurubogoda882 5 років тому +3

    කියාගන්න වචන නෑ ..ඒ තරම් පට්ට.. ඉක්මනට iTunes දාන්න .. එකෙන් අහන්න විදිහක් නැති හින්ද මේකටම ඇව්ල්ලා අහනවා..❤️❤️💯🇱🇰

  • @Srilanka5-d2l
    @Srilanka5-d2l Місяць тому +1

    Charith supun ai mehema apiwa adawanne😢😢😢😢😢😢 deviyaneee hitha kampaa karana sindu mewa… hithe gaburuma thanin adannathuwa ahana ba…
    Aadaraniya charith & supun …. Aadarei sadaakalma…..

  • @balangodapodihamuduruwo9283
    @balangodapodihamuduruwo9283 5 років тому +15

    තෙරුවන් සරණයි!...

  • @francisdes3454
    @francisdes3454 9 місяців тому +2

    This is a very beautiful song. The beat is great. I can't say it's a religious song.❤❤❤

  • @NuwaraMalliGems
    @NuwaraMalliGems 3 роки тому +7

    රොක් ගැලපෙන් නෑ මේ lyrics වලට කියන යක්ඛ පුත්තු ඉන්නවනේ🤧

  • @JanukaPansilu-tb3lz
    @JanukaPansilu-tb3lz 14 днів тому

    චරිත අතලගේ කියන්නේ ඔටුනු පලදින්නම ඕනේම ගායකයෙක්..❤

  • @swethaaravindi3942
    @swethaaravindi3942 2 роки тому +3

    මේ සින්දුවෙ ඉන්න සිදුහත් කුමාරයා
    චන්ද්‍රසේන තලoගම ශූරීන්ගෙ එකම පුතා
    නිරෝ බුද්දිවික්‍රම 2010 bicke accident එකකින් නැතිවෙලා තීන්නෙ ඒක නිසා තමා මේ සින්දුව ලියවිලා තීන්නෙ මේ සින්දුව මුලින්ම අහපු දවස්වල වෙනම විදියකට තේරුම් අරන් ඉදලා පස්සෙ සිද්දිය දැන ගත්තම නම් මොකද්දෝ අමුතුම දුකක් දැනුනෙ 🥺🖤
    අනේ ඒ දුක නම් ආයි කාටවත් ලැබෙන්න එපා 😥
    R.I.P Niro 🖤

  • @thisaridivyanjalee6551
    @thisaridivyanjalee6551 3 роки тому +2

    මේ සින්දුව මගේ ජීවිතේටත් ගැලපීමක් තියනවා මේ සින්දුව මුලින් අහන්ඩ මට දුන්න අයට ගොඩාක් පින් ඒ අයට කවදාවත් දුකක් ඇති වෙන්ඩ එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා

  • @dhananjayasajith3271
    @dhananjayasajith3271 10 місяців тому +4

    Excellent work ❤

  • @sajpick123
    @sajpick123 Рік тому +3

    අදටත් අහනව ❤❤❤

  • @chanaka.fernando
    @chanaka.fernando 5 років тому +4

    මම හිතන විදිහට ඉස්සරහට මේ වගේ සිංදු කලේ නැත්නම් අපි කම්පා වෙයි චරිත අයියා... තලංගම සර් අපූරු වචන ටික. ඒකටම හරියන සුපුන් අයියාගේ කට හඩ. ❤️

  • @sandunirathnayake4247
    @sandunirathnayake4247 3 роки тому +10

    3:11 Goosebumps 😇😌🙏❤. Such a marvellous creation. 🤞

  • @anushkagunawardena3659
    @anushkagunawardena3659 Рік тому +3

    This song makes grown men cry....hats off to Charitha Attalge. As a person who listened to rock and metal music from the age of 12 songs like these completely blows your mind. Please stop making clowns famous and make people like Charitha famous.its food for your soul. Rock on brother 💪

  • @maheshi9950
    @maheshi9950 Рік тому +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මාරම විදියට හිතට දැනෙන සින්දුවක්

  • @kethmal
    @kethmal 3 роки тому +6

    Voice බලලා ආපු එකෙක්..❣️

  • @malshapiyumangi1978
    @malshapiyumangi1978 4 роки тому +9

    අදට අවුරුද්දයි❤️

  • @mahilfernando
    @mahilfernando 4 роки тому +5

    මම හිතන්නේ සිංදුවේ අරමුණ වෙන දෙයක් මාත් හිතන් හිටියේ වෙන සිදුහත් කුමරු ගැන කියවෙන්නේ කියලා ඒත් මෙකෙන් කියවෙන්නේ සින්දුවේ රචකයා වන චන්ද්‍රසේන තලංගමේ මහත්මයාගේ මෙලොව මීට වසර 10කට පමණ මිය ගිය පුත්‍රයා ගැන

  • @thilonathdamitha6098
    @thilonathdamitha6098 5 років тому +2

    දැන් හැම දෙයක්ම හොඳ පැත්තට හැරීගෙන එන්නෙ... ! නූතන සංගීත පරම්පරාවේ මුල් පුරුක් දෙකක්.. ජය වේවා...අයියේ උබලා දෙන්නටම !!!