Ramadan suhar routine/නෝම්බි දවසේ පාන්දර මම කොහොමද ගත කරේ කියලා බලමුද😉😉😉

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 1,3 тис.

  • @සුදුනෝනා-ඡ2ඳ
    @සුදුනෝනා-ඡ2ඳ 2 роки тому +149

    ඔයා සිංහලෙන් කතා කරල මේ කියන්නේ අපිට කියලා මට හිතෙනවා අක්කේ... අපිව එකතු කලාට පාලකයන්ට ස්තූතියි....👍👍👍👍🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️

  • @fathimanusra8075
    @fathimanusra8075 2 роки тому +201

    ආගම්, භාෂා,සංස්කෘති භේදයකින් තොරව එකම පවුලක් විදියට හැමදාම ශ්‍රි ලාංකික අපි, ඉන්න ඕන කියල ප්‍රාර්ථනා කරනවා.🤲

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 роки тому +19

      aniwaryenma api lankikayo😘😘

    • @nethmianjalyy20033
      @nethmianjalyy20033 2 роки тому +8

      @@SLFathimaslifestyle අනිවාරෙන්ම අක්කි❤️🇱🇰✊

    • @priyangashamanie6706
      @priyangashamanie6706 2 роки тому +5

      ඒක නම් ඇත්ත අපි හැමදාමත් ලාංකිකයන්

  • @sunethrakumari1336
    @sunethrakumari1336 2 роки тому +128

    මං අදමයි අක්කි අහම්බෙන් ඔයාගේ වීඩියෝ බැලුවේ 😍 හරිම ලස්සනට ඔයා ඔයලගේ සංස්කෘතිය ගැන කියලා දෙනවා. නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා 🤗 ජාති ආගම් භේදෙන් තොර ලංකාවේ ඉදිරි ගමනට ජය 😍🤗🤩

  • @dragonvoice9378
    @dragonvoice9378 2 роки тому +309

    හිතුවට වඩා ඔයාලගේ සංස්කෘතිය හරිම ලස්සනයි...ඔයාලගේ ආගමේ හැටියට අල්ලා දෙවියන්ගේ පිහිටයි..🙏❤️ අපේ ආගමේ හැටියට බුදු සරණයි 🙏❤️

  • @ganaru2768
    @ganaru2768 2 роки тому +18

    මමත් Buddhist ... අනේ හරිම ලස්සනයි .. අහම්බෙන් හම්බුනේ ... ඔයාගේ කතාව හරිම පැහැදිලි හරිම කැමති මේ වගේ දේවල් අපිත් එක්ක බෙදා හදාගන්නවට.. බොහොම ස්තුතියි .. 🙏🙏 තෙරුවන් සරණයි 🙏

  • @shanichapa1536
    @shanichapa1536 2 роки тому +71

    ශෝක් අනේ. 😍😍😍😍😍 ආදරෙයි මුස්ලිම් , දෙමල සහෝදර සහෝදරියො හැමෝටම. මගෙ ප්‍රාර්ථනය හැමදාම මේ සහෝදරකම් රැකේවා කියලයි😍😍😍😘😘😘

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 роки тому +5

      අනිවාර්යයෙන්ම hemadama api ekamuthuwa inna one

    • @shanichapa1536
      @shanichapa1536 2 роки тому +1

      ඔව්😍 මේ කාලෙ එක එක උන් එක එක ජාති කියයි. ඒත් අපි උන්ට උත්තර දෙන්න ඕන එකමුතුකමෙන්. මොන දේ උනත්, මොන ප්‍රශ්නෙටවත් , මොන අරමුණකටවත් ලංකාව කියන පුංචි රටේ ඉන්න මිනිස්සු බේද කරන්න බෑ කියල අපි පෙන්නන්න ඕන. ඔයාට ජයෙන් ජය වේවා සහෝදරි😍😍😘😘😘🙏🙏

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 роки тому +5

      @@shanichapa1536 eka nam sahathika eththa 😘😘api hemadha ekata imu

  • @ruwanimadushika8059
    @ruwanimadushika8059 2 роки тому +174

    ඇත්තටම දැනගෙන හිටියේ නැ ඔයාලගේ සංස්කෘතිය ගැන Tnx ඔයාට 😊බුදුසරණයි ඔයාලාට 😊❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 роки тому +8

      ❤❤❤☺️

    • @ramzanrainudeen6499
      @ramzanrainudeen6499 2 роки тому +1

      GOOD MORNING. YOU ALSO TRY TO COOK THIS AND COMMENT ON THIS PAGE

    • @travel_vlogs996
      @travel_vlogs996 2 роки тому

      @@SLFathimaslifestyle akke තුනපහ කුඩු කියනනෙ අමු තුනපහ කුඩුද නැත්තම් බැදපු කුඩුද

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 роки тому

      @@travel_vlogs996 amu kudu dr😊😊

    • @travel_vlogs996
      @travel_vlogs996 2 роки тому

      @@SLFathimaslifestyle තැන්ක් අක්කීයෝ❤️❤️❤️ love❤️

  • @හිරූ-ඞ9ඵ
    @හිරූ-ඞ9ඵ 2 роки тому +71

    ඇත්තටම මේ දේවල් අපිත් එක්ක බෙදාහදා ගන්නවට ඔයාට ගොඩක් ස්තුති. ගොඩක් හොඳ Videos දෙනව ඔයා

  • @rinky720
    @rinky720 2 роки тому +29

    අද අහම්බෙන් වගේ තමයි channel එක හම්බ වුනේ..වෙනස්ම විදියේ චැනල් එකක්.. පළවෙනි වීඩියෝ එකෙන්ම ගොඩක් ආස හිතුනා..අපි සිංහල බෞද්ධ වුනත් හැම ආගමකටම ආදරෙයි..❤️❤️දිගටම කරගෙන යන්න අක්කා.. බුදු සරණයි 🙏🙏 අල්ලා පිහිටයි..

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 роки тому +4

      ane ehemada nanga.maath ehemai hemoma eka rate minissune.samahara minissu innawa eka therun gaththe nethi😌thank u soo much

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 2 роки тому +41

    මම අද තමයි ඔයාගේ වීඩියෝ මුලින්ම බැලුවේ ගොඩක් ලස්සනයි 😍😍😍😍

  • @devithennakoon4576
    @devithennakoon4576 2 роки тому +140

    අහම්බෙන් හම්බුනේ වීඩියෝ එක. හරිම ලස්සනයි අද ගොඩාක් දේවල් ඉගෙන ගත්තා අක්කා ඔයාලගේ සංස්කෘතිය ගැන ❤❤

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 роки тому +3

      thank u sooo much nanga

    • @gamagehemamali635
      @gamagehemamali635 2 роки тому +1

      උදේ පාන්දර මේ කෑම කොහොම කනවද මන්ද ?

    • @nilanthiwijesooriya8319
      @nilanthiwijesooriya8319 2 роки тому

      Godak hodai..mata godak muslim yaluwo innawa...mata deviyan wadinawa ahena kota mamat deviyanta monawa hari kiyala isthuti karanawa..hitata hari sahalluwak danenawa..oyata godak thanks..mokada sinhala ayata sinhalen kata kala..godak danuna eka..suba ramadan dinayak wewa....

    • @nisas4342
      @nisas4342 2 роки тому +1

      @@gamagehemamali635 කටෙන් තමයි

    • @manjulapushpakumara4516
      @manjulapushpakumara4516 Рік тому

      Mn godak asawen hitiye akki muslim agama gena igena ganna 🙂

  • @sapnadeshapriya5660
    @sapnadeshapriya5660 2 роки тому +32

    අනේ අක්කියෝ ගොඩක් ආසාවෙන් හොයපු දෙයක් අහම්බෙන් හිතපු නැති වෙලාවක හම්බ වුනා..ගොඩක් සතුටුයි 🌹 හැමදාම සතුටින් පරිස්සමින් වැඩ ටික කරන්න...සිංහල අපි නොදැනගෙන ඉන්න හැමදේම දැනගන්න පුලුවන් 🥺 මේ දේවල් කියලා දෙනවට ගොඩක් ස්තුතියි ❤❤

  • @dasunithyaga
    @dasunithyaga 2 роки тому +12

    wow හරිම ලස්සන සංස්කෘතියක්❤️ අදමයි මෙච්චර ඉගෙන ගත්තේ💖 බොහොම ස්තූති

  • @madushiherath4618
    @madushiherath4618 2 роки тому +6

    ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි ..අක්කේ..☺️☺️.... ලස්සන ට සිංහල කතා කරනවා....... අරාබි භාෂාව ද ඔයාල කතා කරන්නේ..... අක්කෙ.....??.... අරාබි භාෂාව ගැනත් විඩීයෝ එකක් කරන්න..... ඉස්සරහට.......😍......ඔයාලගෙ කෑමවලට මම හරිම ආසයි....🥰🥰..... වටලප්පම්.....🥰 පල්ලියේ කැඳ ...😍......අපේ පැත්තෙ මුස්ලිම් අය ගොඩක් ඉන්නවා....එයාල හරිම හොඳයි.......❤️❤️අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ....🇱🇰...... ආදරෙයි.....❤️❤️❤️ තවත් මේ වගේ ලස්සන vedios ....අපිට අරං එන්න.....😘😘....

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 роки тому

      thank u sooo much nanga.☺️☺️☺️❤❤❤ aniwaryenma👍👍😘😘😘

    • @madushiherath4618
      @madushiherath4618 2 роки тому

      @@SLFathimaslifestyle අරාබි භාෂාව ද කතා කරන්නේ ....මම හරි ආසයි ඒ language එකට...ඒකයි ඇහුවෙ ......☺️☺️.... උත්තර දුන්නෙ නෑ නෙ ඔයා❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 роки тому

      @@madushiherath4618 na nanga tamil thamai katha karanne.

    • @madushiherath4618
      @madushiherath4618 2 роки тому

      @@SLFathimaslifestyle ahh ehemada....ethakota mash Allah, .....wage ewa kiyanne.....e Arabi neda....akke........pahala comment ekaka tibba ...nombi dawase asarana ayata udaw karanawa.....Pau wada karanne na....wage hugak dewal....e ganath vdo ekak karanna akke.....Islam agama....gana....samahara.....sinhala Aya athare thiyena waradi awabodaya nathi wei....eken.......any way thanks akka....reply karata....adarei oyata hugak.......😘😘

  • @musicismyli2197
    @musicismyli2197 2 роки тому +28

    මම මුස්ලිම්. Im From Bandarawela.
    අපි සහර් එකට හැදුවේ පරිප්පු උයලා .mutton curry and chicken බැද්දා. මම උයාගෙ videos වලට හරිම ආසයි. thank u අනිත් අයටත් මේව කියල දෙන එක ගැන .waiting for your iftar video.

  • @nethusdiary4840
    @nethusdiary4840 2 роки тому +47

    හරිම ලස්්සනයි අපි දන්නෙ නැති ඔයාලගෙ සංස්කෘතිය දේවල් ගොඩක් ඉගන ගත්තා❤️❤️❤️🇯🇵

  • @tharithari7554
    @tharithari7554 2 роки тому +8

    හරිම ආදර්ශමත් , තමන් මොන ආගම ඇදහූවත් එය හරියට කල යුතුයි. ❤

  • @tharangishanika6963
    @tharangishanika6963 2 роки тому +2

    Adamai man oyage videos beluwe..
    Oyalage kema gena denaganna godak asawen hitiye man...
    Ada denaganna lebuna godak dewal.. math try karala balanawa...
    Thank you so much mehema video danawata...

  • @farhanaishak869
    @farhanaishak869 2 роки тому +4

    මාශා අල්ලාහ්. අපේ ආගම ගැන අනිත් අයට තේරුම් කරනවට ගොඩාක් ස්තූතියි . Allah blesss you sister.

  • @madhushanika9983
    @madhushanika9983 2 роки тому +5

    අහම්බෙන් හම්බවුන vlog එකක්.හරිම සතුටක් දැනුනා දැක්කහම.ගොඩක් දේවල් ඉගෙනගත්තා.දිගටම vlogs ගේන්න අක්කා.බුදුසරණයි.❤️

  • @suranithejani4697
    @suranithejani4697 2 роки тому +5

    Ane gdaak sathutui akke .oyalge ramadan kale gana godak dewal igena gaththa❤️❤️❤️🥰🥰🥰👍

  • @rajithaivanjaleenrodrigo27
    @rajithaivanjaleenrodrigo27 2 роки тому +4

    Thankyou fathima mage husband muslim mama catholic .oyage me video godak useful una mata

  • @oshadhipathirana5717
    @oshadhipathirana5717 2 роки тому +20

    නෝම්බි කියන්නෙ මොකක්ද කියලවත් අඩු ගානේ දන්නෙ නැති මම අහම්බෙන් හම්බ උන වීඩියෝ එකක් නිසා බෞද්ධ මමත් ඔයාලගෙ සන්ස්කෘතිය ගැන හරි ආසාවෙන් දැන ගත්තා..Masha allah 🤲 බුදු සරනයි 🙏 Keep it up akki god bless you 🖤😊

  • @sandusandu7519
    @sandusandu7519 Рік тому

    Harim lassnai man inna oman man den nobi allanwa ath danne nethi tikak oyage vidiyo aken den gaththa godak esthuthi man sinhala oman awat passe mehe mama kiuwa ayala akka salam karann kiyala ath man karanwa ath bayai godak dewal thiyenwa den gann ❤❤❤❤❤ adarei subahanaalla

  • @lakmaljayasinghe9554
    @lakmaljayasinghe9554 2 роки тому +6

    ගොඩක් වටිනවා සහෝදරිය මේ දේවල් හැමදේම බෙදාගන්නවට..... අපි නොදන්න දේවල්....

  • @SithminaAbhinamemail19391
    @SithminaAbhinamemail19391 2 роки тому +55

    අනේ හරිම ශෝක්...අපි හැමෝම එකමුතුව ඉන්න ඕනි..මේ පාලකයො නැත්නම් අපි කොයිතරම් එකමුතුද ...මටත් පුතා ලැබෙන්න ඉන්න කොට මුස්ලිම් ගෙදරක හදන බිරියානි කන්න ආසා හිතුනා..තාත්ත කොහොම හරි මට ඒ ආසාව ඉටු කරල දුන්නා...ඒ නිසාමද දන්නේ නෑ.. මමත් ඔයාලගෙ සංස්කෘතික දේවල් අහන්න දකින්න ආසයි...ඔයා ලස්සනනට කියල දෙනවා..ස්තූතියි ..🌺❤💛🌼

  • @dilrukshiwelivita3646
    @dilrukshiwelivita3646 2 роки тому +24

    ඇත්තටම ඔයාලා අපි ඇයි දේශපාලනය නිසා වෙන්කරලා තියෙන්නෙ.අපි ආසයි ඔයාලා උයන විදිය කනබොන විදිය දැනගන්න.ඒ වගේම ඔයාලගේ ආගම ගැනත්.හරි සතුටියි මෙහෙම video දානවට.ඔබට ජය

  • @malshanirathnayaka2814
    @malshanirathnayaka2814 Рік тому

    බහුතරයක් අය හිතනව වගේ නෙවේ ඉස්ලාම් ආගම කියන්නේ හරිම සාමකාමී ආගමක්,මම හරිම ආස ඒ වගේම භක්තියක් තියන ආගමක්,ඔයාල වගේ අය නිසා නංගෝ මුස්ලිම් මිනිස්සුන්ගේ නිහතමානකම දැනගන්න පුලුවන් ,අල්ලා දෙවි පිහිටයි බුදු සරණයි ❤️❤️❤️

  • @sewminikeshala8535
    @sewminikeshala8535 2 роки тому +49

    ගොඩක් සතුටුයි මේ වගේ දෙයක් අපිටත් දැක ගන්න ලැබිච්ච එක 😍
    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ♥️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 роки тому +1

      Thank u sooo much 😘😘😘☺️esema wewa oyatath☺️☺️

  • @thesword2621
    @thesword2621 2 роки тому +1

    කාලෙකින් හම්බුන තවත් ඉතාත් වැදගත් චැනල් එකක්, ගොඩක් ස්තූතී අක්කේ .... මේ වගේ දෙයක් අපිව දැනුවත් කරනවට, හොද අදහසක් ගුඩ් ලක් . තෙරුවන් සරනයි ❤

  • @Nora.9873
    @Nora.9873 2 роки тому +3

    අද තමයි මුලින්ම ඔයාගෙ vedio එකක් බැලුවේ...හරිම ලස්සනයි. පිළිවෙලයි....ගොඩක් දේවල් දැනගත්තා....ඔයාට තෙරුවන් සරණයි..දෙවි පිහිටයි...අල්ලා දෙවියන් ගෙ පිහිටයි...God bless you ♥

  • @Thepulsesath123
    @Thepulsesath123 2 роки тому +7

    හරිම වටිනා වීඩියෝ එකක් 😍❤️ බුදු සරණයි...අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි හැමෝටම ❤️✨

  • @kaweeshwararanaweera
    @kaweeshwararanaweera 2 роки тому +155

    මුස්ලිම් කෙල්ලෝ නෙමෙ.අපේ කෙල්ලෝ ♥️🇱🇰🔥

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 роки тому +22

      අනිවාර්යයෙන් 😘😘😘

    • @rahidcl5382
      @rahidcl5382 2 роки тому +9

      Ekenma saho api okkoma lankikayo adarai palenna 💥♥️

    • @sudarshisudarshi7620
      @sudarshisudarshi7620 2 роки тому +3

      මම නම්නොම්බිවලටගොඩක්අසයිඑකෑමවලටත්කැමතිබේ ගේදරයිද්දිඅපිටකෑමහම්බවෙනවාමහත්තයලගේපැත්තෙඑ

    • @sudarshisudarshi7620
      @sudarshisudarshi7620 2 роки тому

      එහෙම නෑ

    • @achinihamesha1455
      @achinihamesha1455 2 роки тому +2

      Ekane 🥰

  • @nihalsamaraweera997
    @nihalsamaraweera997 2 роки тому +18

    මමත් මුස්ලීම් කට්ටිය ඇසුරු කරල තියෙනවා නෝම්බි අරින වෙලාවට හදන කැඳ බොන්න මම හරිම ආසයි අපේ පුතා ලැබෙන්න ඉන්න කාලේ මට කැඳ. පැටිස්. රෝල්ස් එහෙමත් දෙනවා

  • @sandhu3484
    @sandhu3484 2 роки тому +25

    හැම ආගමක්ම එකවගේ අපි හැම ආගමකටම ගරු කල යුතුයි,ගොඩාක් දේවල් දැනගත්තා❤

  • @saurithishara99
    @saurithishara99 Рік тому +1

    අක්කි කියන දේවල් හරිම පැහැදිලි ඒක නිසා හරියටම හදාගන්නත් පුලුවන් ❤❤❤❤❤👍👍👍👍

  • @shabeenaarafath713
    @shabeenaarafath713 2 роки тому +131

    මාෂා අල්ලාහ්! හොඳ වැඩක් ඔබ මේ කරන්නේ. අපගේ සංස්කෘතිය පිලිබඳව සිංහලෙන් පැහැදිලි කරන vedio එකක් දකින්න ලැබීම සතුටක්.

  • @mayurisilva3014
    @mayurisilva3014 2 роки тому +7

    හරිම ලස්සන vlog එකක්... පුදුම ආසාවෙන් බැලුවේ... ගොඩක් ස්තුතියි ඔයාට,ආගමික, සංස්කෘතික සිරිත් විරිත් ඉතා පැහැදිලිව, නිර්ලෝභීව කියලා දුන්නට... 👏👏👏

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 роки тому +14

    අපි ශ්‍රීලාංකිකයෝ විදියට රටේ ප්‍රශ්න විසදිලා අපි හැමෝටම හොදින් ජීවත්වෙන්න පුලුවන් පරිසරයක් උදාවෙන්න කියල මාත් ප්‍රාර්ථනා කරනවා.ඔයාගෙ video එකත් ලස්සනට කරල තියෙනව .ඔයා හොඳට සිංහල භාෂාව කතාකරනව.මම දුක්වෙනවා ඔයාලගෙ භාෂාව කතාකරන්න බැරිවීම ගැන.ඒකත් අපේ රටේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමා .💐❤️

  • @Zenvbe
    @Zenvbe 2 роки тому +1

    Niyamai sahodari mn you tube video walata comment krna 1st time.sathutui api okkoma sri lankan.mehema video akak dakina 1weni wathawa.patta satuthui api sri lankansla😘😘😘😘😘😘

  • @thanujasudarshani6224
    @thanujasudarshani6224 2 роки тому +3

    මං අද තමයි අක්කී ඔයාගේ videos දැක්කේ හරිම ලස්සනයි මම ඔයාලගේ සම්ප්‍රදාය ගැන කිසිම දෙයක් දන්නේ නෑ.ඔයාගේ video වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා...ඔයාගේ කෑම රෙසපිත් හදන්න මං උපරිම try කරනවා...

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 роки тому +1

      thanks darling අනිවාර්යයෙන්ම try karaan k

  • @sudarshanijayathissa6863
    @sudarshanijayathissa6863 2 роки тому

    අහම්බෙන් දැක්කෙ අක්කෙ මේ වීඩියෝ එක...හරිම ලස්සනට ඔයලගෙ සංස්කෘතිය අපිට කියල දුන්නා ....

  • @chathu6836
    @chathu6836 2 роки тому +83

    මම බුද්දාගම ගෑනු ලමයෙක්
    මම මුස්ලිම් ආගමටත් කැමති ගොඩාක් ❤😍
    Thank u අක්කේ මේ ඔයාලගේ සංස්කෘතික දේවල් අපිට කියා දෙනවට ❤😘

    • @Fathima_nusri
      @Fathima_nusri Рік тому

      😊❤ Muslim agamata ennako

    • @dreamgirl8961
      @dreamgirl8961 7 місяців тому

      @@Fathima_nusri ane Pala hutti🤢🤮wesa ganikawi pawala dena

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 2 роки тому

    Hari watinava video eka
    Nodanna godak de danagaththa
    Thank you

  • @mahramashoor5353
    @mahramashoor5353 2 роки тому +8

    Maa Sha Allah , dear Sis..✨
    We are proud of you ..
    May allah bless you and keep it up your nice work ✨

  • @suvinism9253
    @suvinism9253 2 роки тому +2

    Ahamben dakke video eka passe awe balanna.
    Onna channel ekath subscribe kala ✔ ☺️
    First time mehema video ekk baluwe loku wenasak 👍
    Godak lassanai video eka ✌️
    All the best 🤝
    Mn sinhala ithin oyla ashirwada krana widiha dnne namuth mehema kiynnam 🌹
    Allah devi pihitai 🤲

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 роки тому +1

      ane ehemadha dr.godak sathutui oyage comment ekataoyatath dhewi pihitai😘😘😘😘

  • @sachiyah4083
    @sachiyah4083 2 роки тому +2

    අනේ අක්කෙ හරිම ආසයි බලන්න අහම්බෙකින් හම්බුනේ මේ වීඩියෝ එක.. හරිම සතුටුයි ඔයාලගෙ සංස්කෘතිය අපිට සමීප නැති නිසා බලන් ඉන්න.. තෙරුවන්සරණයි ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා❤️❤️

  • @concywickramasinghe7130
    @concywickramasinghe7130 2 роки тому

    නිහතමානිව ඉතාමත් අගේ කරන ආදර්ශයක් දෙන වීඩියෝවක්.දෙවියන්ගේ ආශිර්වාද නොඅඩුව ඔබතුමියට ලැබේවා!

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 2 роки тому +6

    පසුබිමෙන් වැයෙන ආරාබි සංගීතය, ගී හරිම ලස්සනයි
    කෑමෙන් පසුව තේ , කෝපි බොන්න එපා කොහොමත්. කෑම වල ගුණ විනාශ වෙනව.

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 6 місяців тому

    හරිම ලස්සනයි සංස්කෘතියක් අදමයි⁣ මෙචිචර ඉගෙන ගත්තේ ⁣බොහොම ස්තුතියි❤❤❤❤

  • @mumrimzanuwais4339
    @mumrimzanuwais4339 2 роки тому +47

    ගොඩක් හොඳට කරල තියනවා 👍අපේ සම්ප්‍රදායික ගති පැවතුම් නිවැරදිව කියල දෙන්න ඔයාට ශක්තිය ලැබේවා !අපි first day කලියා , beef.හැමෝටම ජීවිතේ බරකත් වෙන්න ඕන 🤲

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 роки тому +1

      Jazakalla haira sis.☺️☺️☺️❤

    • @_BooM__x
      @_BooM__x 2 роки тому

      @@SLFathimaslifestyle ඔයා කියපු එකේ තේරුම මොකක් ද

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 роки тому +1

      @@_BooM__x sthuthi kiyala araabi bashawem jazakalla hair kiyala kiyane dr

  • @roshinidambagolla5808
    @roshinidambagolla5808 2 роки тому +24

    මෙහෙම මුස්ලිම් කෙනෙක් කරන වීඩියෝ චැනල් එකක් දැක්කමයි...ඇත්තටම හරිම සතුටුයි ...සාම්ප්‍රදායික විදිහට ඉන් නැතුව මෙහෙම සමාජෙට එන එක ගැන ඩියර් ...තෙරුවන් සරණයි
    දෙවි පිහිටයි

  • @virajq
    @virajq 2 роки тому +11

    නියමයි අක්කෙ... 😊👍
    තව ඕන videos ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වෙයි..
    Nice video.. 🤟😎💙💚💙💚

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 2 роки тому +6

    අපිටත් දැන ගන්න මේ විඩියෝව ගොඩක් වටිනව ස්තුතියි ඔබතුමියගේ වැඩසටහන් මම අදයි දැක්කෙ

  • @reshairo
    @reshairo 2 роки тому +82

    කන්න බොන්න නැතුව ඉන්න අපේ කට අවුස්සන්න එපා ෆාතිමා 😂. විහිලුවට කිවුවේ ජයවේවා💐

  • @himaya_d
    @himaya_d 2 роки тому +2

    Mata ada thamai me video eka hambune,actually man godak asai musslim girlslata and I’m Buddhist ❤️ actually oyge video eka asa hithenwa balnna thawa gdk videos upload karnna ikmanta 😘💪🏻❤️

  • @colombosistersdiary9815
    @colombosistersdiary9815 2 роки тому +6

    Masha Allah Sahar vlog super ❤️❤️
    Keep uploading more vlogs dear 🥰🥰🥰🥰🥰

  • @senuriwasana30
    @senuriwasana30 2 роки тому +1

    Ahamben Ada thamai 1st time video eka bluwe harima asai oya ktha krana vidihta ane Jaya wewa budu saranai

  • @sithmihirunika2756
    @sithmihirunika2756 2 роки тому +13

    අක්කෙ සාමාන්‍යෙන් මුස්ලිම් අය එයාලගෙ දේවල් කියන් නෑ නෙ🤗..ඒත් අක්ක කිසිම විදියකිම් කිසි දෙයක් හන්ගන් නැතුව කියලා දෙනවා🌹🤗💯🤩හරීම ශෝයි අක්කා...අදමයි අක්කගෙ වීඩියෝ එකක් දැක්කෙ🤗💯බලන්න ආස හිතුනා අක්කගෙ වීඩියෝ🤗🤩🌹💯

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 роки тому

      thank u darling ❤❤😘

    • @riyanycry140
      @riyanycry140 2 роки тому

      Muslim ayagen meeta kalin oya monawa ahalada eyala keewe naththe?.

    • @sithmihirunika2756
      @sithmihirunika2756 2 роки тому +1

      @@riyanycry140 samanyen eyalage agame rahas kiynne nene..eka mn kewe.anika oyata newe kewe mn😑

    • @nrsgouzz2957
      @nrsgouzz2957 2 роки тому +2

      අහන්නැතුව කොහොමද කියලා දෙන්නේ...මේ රටේ වාතාවරණයත් එක්ක ඕවා කියලා දෙන්න ගියොත් ඥානසාරලා එයි... බව්ද්ධ අයව මුස්ලිම් කරනය කරනවා කියලා .... ඒකනිසා තමයි මුස්ලිම් මිනිස්සු කාලයක් තිස්සේ පාඩුවේ හිටියේ ....😁😁😁

    • @Asran6120
      @Asran6120 2 роки тому

      @sithmi, rahas kiyala mokuth ne, muslim laga inna sinhala ayata dannava.
      Rahas kiyala mokuth ne,

  • @ඉෂ්මාඉමාම්
    @ඉෂ්මාඉමාම් 9 місяців тому +1

    මමත් මුෂ්ලිම් වලට ආවේ ජනවාරි මසේ මගෙ bf මුෂ්ලිම් මව marry කරන දවසේ මුස්ලිම් වලට ගත්තා දැන් මත් නොම්බි අල්ලනවා.....❤❤❤

  • @madhaviwasundara4548
    @madhaviwasundara4548 2 роки тому +3

    අහම්බෙන් මේක දැක්කෙ.වෙනස්ම අත්දැකීමක් ❤️

  • @manuranaproduction8308
    @manuranaproduction8308 2 роки тому +1

    Ane kochchara lassana agamakda harima lassanai budunge jesuge alla deviyange pihitai 🥰😍😘

  • @udayakumara605
    @udayakumara605 2 роки тому +6

    අපිට අලුත් අත්දැකිමක් ඔයාලගෙ සංස්කෘතික දැක්කෙ අදයි ගොඩක් ලස්සනයි good 👍👍👍🌷

  • @lalanigunawardena7556
    @lalanigunawardena7556 2 роки тому +54

    ස්තූතියි ඔයාලගේ සිරිත් ගැන කියා දෙනවට. අපි හැමෝම එකිනෙකාගේ සිරිත් විරිත් දැනුවත් නම් අපි එකිනෙකාට ගරු කරනවානම් ආදරය කරනවානම් මනුස්සකමේ බැදීම් කවදාවත් කාටවත් විනාස කරන්න බෑ.දෙවි පිහිටයි.

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 роки тому +4

      eka nam 100 ta 1000eththa.hemoma eka rate minissu.api hemoma ekata inna one ne❤❤☺️

  • @samudrikasrimali3705
    @samudrikasrimali3705 2 роки тому +14

    අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්.හරිම ලස්සනයි .ඔයාලගෙ මසාල කුඩු එක හදන විදිහ පුළුවන් නම් කියල දෙන්න...බුදු සරණයි ...

  • @kaveeshadana6962
    @kaveeshadana6962 2 роки тому +11

    අදත් වෙනදා වගේම වටින විඩියෝ එකක් නංගි🤗🥰 දන්නැති ගොඩක් දේවල් දැන ගත්තා.🥰

  • @saraamadushani1718
    @saraamadushani1718 2 роки тому +31

    Wow akke ❤ වම්බටු කරි එකට ආස හිතුනා. මාත් හදලා බලන්න ඕන. ❤😍

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 роки тому +1

      Ane ehemadha ☺️☺️aniwaryenma hadhala balanna😘😘

    • @annperera8693
      @annperera8693 2 роки тому

      If you have air fryer , fry it in it. Reduce the oil consumption. I fry the eggplants 🍆 in hot oil for 1 min and fry in the air fryer about 5 min.

  • @anjalikavindya9386
    @anjalikavindya9386 2 роки тому +1

    Adarei oylata apith godak..oylage culture ekt,religion ekata e homotma sinhala api hrima adrei..oyla thami ape rate strength eka😘😘💛

  • @buddikapriyadarshani1923
    @buddikapriyadarshani1923 2 роки тому +4

    අද තමයි…. මුලින්ම ඔයාගෙ වීඩියෝ බැළුවෙ…..
    හරිම ලස්සනයි…. සතුටෙන් ඉන්න…💕💕💕

  • @nadeeshasadamali7251
    @nadeeshasadamali7251 2 роки тому

    අනේ හරි ආසාවෙන් බැලුවා .තවත් ලස්සන වීඩියෝ කරන්න.බුදු සරණයි !අල්ලා දෙවි පිහිටයි!

  • @dilupreethi7619
    @dilupreethi7619 2 роки тому +34

    මමනම් ජාති ආගම් බේද වලට කැමති නැ.අපි හැමෝම මිනිස්සු.අපි නොදැකපු දේවල් පෙන්නනවට ඔයාට thank you

  • @janakiindhunil4395
    @janakiindhunil4395 2 роки тому +1

    ඔයා සින්හලෙන් මෙවා කියලා දෙන එකම වටිනවා නංගී .බොහොම ස්තුතියි .මාත් එන්නද ඊලග සැරේ ඔයාලත් එක්ක නොම්බි අල්ලන්න.මට ආසයි ඉගෙන ගන්න.

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 роки тому

      අනිවාර්යයෙන් enna hode

    • @nayeem2023-4
      @nayeem2023-4 2 роки тому

      ඉස්ලාම් දහම පිළිබද හෝ කුරානය පිළිබධ විස්තර දැනගන්න කැමතියි නම් මම ආසයි මැදිහත් වෙන්න. සම්බන්ද විය හැකි ක්‍රමයක් කියන්න .( fb / email / whats up )

    • @janakiindhunil4395
      @janakiindhunil4395 2 роки тому

      @@nayeem2023-4 බුදු අම්මෝ එපා,මම ෆාතිමා නංගීගේන්ම ඉගෙන ගන්නම්🤣🤣🤣අනේ ඇත්තටම සමාවෙන්න මෙහෙම කිවුවට🙏🙏

    • @nayeem2023-4
      @nayeem2023-4 2 роки тому

      @@janakiindhunil4395 ඇයි බුදු අම්මෝ කියන්නේ බය වෙලා වගේ 😀 , තරහක් නෑ ඉතින්. ෆාතිමා නංගිට ඉස්ලාම් හැම දෙයක්ම විස්තරාත්මකව පැහැදිලි කරන්න පුළුවන් කියල මන් හිතන්නෑ . අනික ඇය කරන්නේ ඉවුම් පියුම් සහ සංස්කෘතිය සම්බන්ධ වීඩියෝ . අනික හැමෝම කමෙන්ට්ස් වලින් අහල තිබුන ඉස්ලාම් සහ කුරානය සම්බන්ද දේවල් දැනගන්න ආසයි කියල .මට ඒ සම්බන්දව සුධුසුකම් ඇති නිසා තමයි ඇය වෙනුවට මන් ඉදිරිපත් වෙන්න බැලුවේ. ලංකාවේ මිනිසුන්ගේ ප්‍රශ්නයක් තමයි විෂයට අදාළ පුද්ගලයාගෙන් නෙවයි ප්‍රශ්නය අහන්නේ. කලාකරුවාගෙන් දේශපාලනය ගැන අහනවා, දේශපාලකයන්ගෙන් ආගම ගැන අහනවා. හරි අක්කේ / නංගි . ඉදිරියේදී එවැනි අවශ්‍යතාවයක් මතු උනොත් අපිව සම්බන්ධ කරගන්න කැමති නම් පමණක්. දෙවි පිහිටයි 👈💙

    • @janakiindhunil4395
      @janakiindhunil4395 2 роки тому

      @@nayeem2023-4 අනේ sorry bro🙏.ඔයා ඔයාගේ ආගම සම්බන්ධව youtub channel එකක් පටන්ගන්න.එතකොට අපිට අවශ්‍ය උනොත් බලන්නම්.ඔබේ ඉදිරිපත් වීමට බොහොම ස්තුතියි 🙏🙏දැනට අවශ්‍ය දේ ෆාතිමා නංගීගේන් ඉගෙන ගන්නවා.එයා කියලා දෙන ටික ඇති.🙏🙏🙏

  • @shalikadasanayake2609
    @shalikadasanayake2609 2 роки тому +3

    Saw first time these things...

  • @Siyathma_Liyanage
    @Siyathma_Liyanage Рік тому

    අක්කිගෙ video හැම එකක්ම මං බලනෝ එකෙන් මුස්ලිම් ආගම ගැන ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ඇත්තට හැම ආගමකම තියෙන සංස්කෘති හරිම ලස්සනයි මගේ boyfriend මුස්ලිම් ඒ නිසාම ගොඩක් වෙලාවට මං අක්කිගෙ video බලනෝ❤❤Thank you soo much akki ඔයාල හදන රස කෑම recipe එක්ක ආගම ගැන ලස්සනට කියල දෙනොට 🥰💕💕may allah blessed you every step you go through 🤲☪️☸️බුදු සරණයි ☸️🫂🙏

  • @ireshadilrukshi274
    @ireshadilrukshi274 2 роки тому +3

    හරිම පැහැදිලි ව කියා දෙනවා..තෙරුවන්සරනයි

  • @ChulakshaniKasunika
    @ChulakshaniKasunika Місяць тому

    ඔයාගෙ video වලින් ගොඩක් දේවල් ඉගන ගන්නව පැටියෝ ❤

  • @Aayun130
    @Aayun130 2 роки тому +19

    හරිම ලස්සනයි වීඩියෝ එක පැටියො.මාත් බුද්දාගමේ කෙනෙක්..දැනට ඉන්නෙ මුස්ලිම් ‍රටක.අද හෙටම මන් මුස්ලිම් ආගමට එන්න ඉන්නෙ..දිගටම මේ වැඩේ කරගෙන යන්න 👍

    • @mihraj3004
      @mihraj3004 2 роки тому +1

      Masha Allah

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 роки тому +1

      🤲🤲🤲

    • @hdesh9
      @hdesh9 2 роки тому +1

      Ay e? Hethuwa kiyanna puluwnd oyt?

    • @gjdilhara2538
      @gjdilhara2538 2 роки тому +5

      @@hdesh9 තමුන්ට හේතුව මොකටද?
      කැමති ආගමක් අදහන්නෙ ඒ මනුස්සගෙ අයිතිවාසිකමක් නිසා...

    • @snowqueensnowqueen4453
      @snowqueensnowqueen4453 2 роки тому +1

      Masha Allah... May Almighty show you the right path🤲🤲🤲🤲

  • @supersimpleenglish4551
    @supersimpleenglish4551 2 роки тому +2

    හරිම සතුටුයි අහම්බෙන් උනත් ගොඩක් වටින වීඩියෝ එකක් බලන්න ලැබුනා.. බුදු සරණයි. අල්ලාහ් දෙවි පිහිටයි. දිගටම මේ වගේ වටින දේවල් දාන්න. ගොඩක් දැනුවත් වුනා. ❤️❤️❤️👍👍👍

  • @sandaru2700
    @sandaru2700 2 роки тому +6

    අපිත් එක්ක මේවා බෙදාගන්නවට ස්තූතියි❤

  • @hfhf94
    @hfhf94 2 роки тому +2

    Very happy about Muslims in Srilanka now.they have started to enjoy beyond boundaries.good luck.very talented chef

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 2 роки тому +59

    කුරානය ගැනත් විස්තර කියලා දෙන්න සහෝදරිය.ඔයාටත් පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 роки тому +3

      sure dr

    • @s.sadewniperera8738
      @s.sadewniperera8738 2 роки тому

      @@SLFathimaslifestyle minissu maraganna eewada 😣😣

    • @trasfffffgfggggg
      @trasfffffgfggggg 2 роки тому

      @@s.sadewniperera8738 බුදුරජානන්ගේ අම්මට හුකන්න ඕනද ?

    • @manjulapushpakumara4516
      @manjulapushpakumara4516 Рік тому

      Muslim agamata inna hithagen inne mn yalu wela inne muslim boy kenek ekka

    • @unmouscat
      @unmouscat 9 місяців тому

      ​@@s.sadewniperera8738monawada kiyala kiyawalama balannako. Quran translation thiyenawa sinhalen uth. Api kiwwa kiyala wishwaasa karanna yanne nehene

  • @georgeperera2640
    @georgeperera2640 2 роки тому +2

    Hello sis,
    My name is George. I am a Sri Lankan Australian. I love your videos. Thank you so much for this beautiful cooking channel. Your dishes are mouth watering. I need to try your fried eggplant dish. I pray that Alla will make all your heart desires come true and keep you and your family from all evil.

  • @imeshamadurangani5493
    @imeshamadurangani5493 2 роки тому +2

    Harima lassanai harima piliwelai danne nathi godak dewal adai danagatte ...💖 thank u akki

  • @asmabadurdeen6661
    @asmabadurdeen6661 2 роки тому +1

    Assalamu alikum! Man 1st sahar ekata chicken biriyaniii and salad thamai kewea..Good luck for u.godak hodata pehedila karanawa oya ape sinhala sahodaroyata... all the best

  • @ආදරෙයිශ්රීලංකා

    ගොඩක් ස්තුතියි අක්කේ සුබ ramadaan මාසයක් වේවා..... 🙏...

  • @chrishmaliperera8278
    @chrishmaliperera8278 2 роки тому +1

    ඇත්තටම ලස්සනයි අහම්බෙන් දැක්කෙ අර ෆලූඩා වීඩියෝ එක. ඔක්කොම වීඩියෝ ටික හරි ලස්සනයි පැහැදිලි god bless u and good luck 🙏

  • @h_i_m8836
    @h_i_m8836 2 роки тому +6

    හරිම ලස්සනයි..බුදුසරණයි සහෝදරී...අල්ලා දෙවි පිහිටයි ❤

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 2 роки тому +3

    Really Excellent Presentation Sister Fantastic 👏👌

  • @nadirafarosha3755
    @nadirafarosha3755 2 роки тому +1

    ardarai. nangi. lassana vidiyo akk apita hama deyakma balanna. dunnata. allawa. kawal

  • @Tamara-xe7fp
    @Tamara-xe7fp 2 роки тому +7

    We must know about each other as sri lankans.
    Good and important channel.
    Thank you indeed sister to this marvelous effort. 😍😍😍

  • @awtv2325
    @awtv2325 2 роки тому

    මම අදමයි දැක්කේ ඔයාලගේ සංස්කෘතිය. හරිම ලස්සනයි. ඔයාලට අල්ලා දෙවියන්ගේ පිහිටයි. අපේ බෞද්ධ ආගමේ හැටියට කිව්වොත් බුදුසරණයි

  • @upulbandara6348
    @upulbandara6348 2 роки тому +6

    ඔයාගේ vediyo එක නියමයි..ජාති ආගම් බේදයකින් තොරව එක රටක සහෝදරවෝ වගේ අපි ගමන යමු සහෝදරිය..ඔයාට අල්ලා දෙවි පිහිටයි..ජයෙන් ජය..❤🙏❤

  • @subodhikaabesinghe2139
    @subodhikaabesinghe2139 2 роки тому +2

    මුස්ලිම් සංස්කෘතිය ගැන ඉගෙන ගන්න ගොඩාක් කල් ඉදන් ගොඩාක් ආසාවෙන් හිටියේ. අහම්බෙන් තමා මේ වීඩියෝ එකත් දැක්කේ. තවත් මේ වගේ වැදගත් වීඩීයෝස් අරගෙන එන්න..තෙරුවන් සරණයි. ❤️

  • @dilkianushka4321
    @dilkianushka4321 2 роки тому +14

    ඔයා විතරද කොහෙදෝ ල0කාවේ මුස්ලීම් girlsලගෙන් මේ වගෙ channl එකක් කරන්නේ....මම් නම් දැකලා තියෙන්නේ මේ channl එක විතරයි....good luck sister ......දිගටම කරගෙන යන්න......

  • @rifasmohomad5705
    @rifasmohomad5705 2 роки тому +1

    Assalamualeikum nangi Mama ada oyage chanel eka dakke thanks alot Mama sinhala adurudu 10 adare karala banda mage mahaththaya muslim dan mata twins duwai puthai innawa eyalata auruddai oyage chanal eka godak watinawa

  • @gk9439
    @gk9439 2 роки тому +2

    උදේ පාන්දර ඇහැරිලා ආයේ නිදා ගන්න තියනවා කියන්නෙ 😌👌❤️

  • @chathuchathu1043
    @chathuchathu1043 2 роки тому +2

    Math Godaaaaaak ආසාවෙන් හිටියේ මේ ගැන දැන ගන්න...බොහොම ස්තූතියි නංගී...බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @fathimasameera5372
    @fathimasameera5372 2 роки тому +3

    Mashallah...great sis....1st day chicken gravy...gotukola sambal....kaliya...dhal ...

  • @rasikadedunu2618
    @rasikadedunu2618 2 роки тому +1

    ලස්සනයි විඩියෝ එක ආල්ලා දෙවි පිහිටයි . බුදු සරනයි

  • @devikamalavarchchi7801
    @devikamalavarchchi7801 2 роки тому +3

    Mamath Muslim ☪️ ❤
    Allah bless you 🙌