BELWOOD 360° View Point නුවර ඉඳන් පැය බාගෙන් යන්න පුළුවන් කෑම්පින් සයිට් එක
Вставка
- Опубліковано 8 гру 2024
- මහනුවරරින් පටන්ගන තලාතුඔය ඉඳලා කිලෝමීටර් 7ක් විතර මොරගොල්ල පාරේ යනකොට අපිට කිරිමැටිය ස්ටේට් එකට යන්න පුළුවන්. කිරිමැටිය ස්ටේට් එක කියන්නේ කාලෙකට කලින් හරි සරුවට තේ වගාකරපු වත්තක්.
ප්‍රසිද්ධ බෙලවුඩ් 360 View point එක සහ මුතුකෙලින වැව තියෙන්නෙත් මේ කිරිමැටිය ස්ටේට් එකේ. මටනම් ගෙදර ළඟ ඉඳන් කිලෝමීටර් 6ක් වත් නෑ. නිතරම අපි යනවා මෙතනට.
අදත් පෝය දවසේ නිවාඩුවේ දවල්ට ඉව්ව බත් එකත් ඔතාගන අපි ගියා එතනට වෙනසකටත් එක්ක.
එතනට ආව ගිය අය අතරින් සමහර මෝඩ නූගත් පිරිසක් හැමතැනදිම කරනවා වගේ කුණු දාල අරක්කු බෝතල් කුඩුකරලා හැමතැනම දාල විනාස කරලා. අපේ පොඩි බබාගේ අතත් කැපුනා වීදුරු බෝතල් කෑල්ලකට.ඒ උනාට ගොඩාක් දෙනෙක් ඒ කුණු එකතුකරලා තමන් ආව වාහනවල පවා දාගන යනවා අපි දකිනවා. අපිත් කැඩුන වීදුරු බෝතල් කටු සෑහෙන්න එකතුකලා.
පරිසරයට ස්වභාවදහමට ආදරේ කරන්න. ස්වභාවධර්මයා පෙරලා ඔබව ආරක්ෂා කරාවි ❤️
කලුපාට කාර් එක ඔයාගෙද බ්‍රෝ 😌 අද ලේවැල්ල කාර්ගිලීස් එකේ තිබ්බේ
@@HansaPrabath-e8x ඔව් බ්‍රෝ දැක්කද