උරුමය සොයා අම්පාර "බලාන" කදු මුදුනේ ගල් ලෙනක ජීවිතය | Balana | අවසාන කොටස
Вставка
- Опубліковано 10 лют 2025
- බලාන ගල් ලෙන් සොයා, ගමනාන්තයට.
අවසාන කොටස -
විශාල කුඹුක් ගස් වල මුල් වලට සමු දෙමින්, ඉද හිට වැටෙන කුඹුක් කොලයක් දෙකක් පහලට රැගෙන සුන්දරව ගලා බසිනා සිසිල් වූ දිය දහර අතර මාගේ වෙහෙසට පත් පා යුගල වලලු කර මට්ටමට ඔබාගෙන දහවල් ආහාරය ලබාගත් අතර ,එය රාජ භෝජනයක් හා සමාන වූයේ අප දැඩි හිරු රශ්මියක් සහිත පරිසරයක ඉතා විශාල දුරක් පාගමනින්ම පැමිණ ඉතා කුසගින්නටත්,වෙහෙසටත් පත්ව සිටි නිසාවෙනි.
කාලය ගත වෙත්ම වලාකුළු අතර හිරු සැගව යනු ඇතැයි යන බිය නිසාවෙන්,විටෙන් විට අහස දෙස අවධානයෙන් බැලීම කැලේ අලි සොයන්නාක් මෙන්ම අපට තිදෙනාටම සාමාන්‍ය දෙයක් වී තිබුණි.
විවේකය අවසන්.. නැවතත් ගමන් මලු කරපින්නාගත් අප දිය මංපෙත හරහා වම් ඉවුරට ගමන් කලේ ඉතා ඈතින් පෙනෙන බලාන කඳු ගැටය දෙස බලා සුසුමක් හෙලමිනුයි. ඉවුර පසු කොට , මද දුරක් ගමන් කල විට ඈතින් විශාල කෑදැත්තෙකු කලබලකාරි ලෙස නාද කල අතර ,ඒ සමගම ගස් අතු පතර දිව යන වදුරු රංචුවක් අප නෙත ගැටිනි. ඒ ලැබුනු ඉඩෙන් අප සිටි එලිමහන් බිම් කඩ හරහා සුන්දර තාරකා ඉබ්බෙකු සෙමින් ගමන් කල අතර , සොබාදහම මොන තරම් අපුර්ව සුන්දර නිර්මාණයක් දැයි වටහා ගැනීමට තවත් ටීකා ටිප්පනි කුමකට දැයි හැගුණි .
අප මේ වන විට නුවරගල,ඇත්බැද්ද සහ රැවුලාහෙල පසු කොට විශාල දුරක් වනාන්තරය මධ්‍යයට පැමිණ තිබේ. යා යුතු දුරත් ආ දුර මෙන්ම අති මහත් ය . අප සිතට යම් කිසි අස්වැසිල්ලක් ගෙන ආවේ අප ගමන් කල මග වැටී ඇති වන රොදට දකුණු පසින් මීටර දෙසීයක පමන දුරින් මැණික් ඔය ගලා බැසීමයි. මක් නිසාද යත් , කඳු මුදුනට සේන්දු වීමට ප්‍රථමයෙන් අපට අපගේ ජල බෝතල් සියල්ල ජලයෙන් පුරවා ගැනීමට හැකි වන නිසාවෙනි. කඳු සහ පල්ලම් අතර විටින් විට හමු වන මීටර සියය, දෙසීයේ තේක්ක කැලෑ තුල අලි ඇතුන් විසින් වාඩි බැදගෙන සිටි තැන් සහ ඔවුන් ආහාරයට ගත් තේක්ක අතු රිකිලි එලෙසම කඩා බිද දමා තිබීම නිසා එලිමහනේ ගමන් කිරීමට වඩා තේක්ක කැලය තුලින් ගමන් කිරීම අප තිදෙනාගේම හදවතට ගෙන ආවේ යම් කිසි කුහුලකි. අලි ඇතුන් මග හැර ගමන් කිරීමට රුසියන් වූ විජේ මාමා සහ ලොකු පීරිස් විටෙක මාර්ග දෙකක ගමන් කිරිම සිදු කරයි. බොහෝ දුරට ලොකු පීරිස්ගේ මාර්ගය කෙටිය , එමෙන්ම පහසුය. නමුත් මා විජේ මාමාගෙ පසුපසින් ගමන් කිරීම සිදු කරන අතර සත්‍යය වශයෙන්ම මා එසේ සිදු කරන්නේ විජේ මාමාගේ සිත රිදවීමට තිබෙන අකමැත්ත නිසාවෙනි. විජේ මාමාගේ පසුපසින් දහඩිය වගුරවමින් ගස් අතු කඩාගෙන පැමිණෙන මා දෙස බලා ,ලොකු පීරිස් විටෙක ඔච්චමට මෙන් සිනා සෙන්නේ ගමන් මහන්සිය මදක් අඩු කරවමිනි.
කෙමෙන් කෙමෙන් තවත් පැය දෙකක පමන කාලයක් පා ගමනින් පැමිණි පසු ,මුන ගැසෙන්නේ බලාන කඳු ශිඛරයට යාබද ඉලුක් තැන්නයි. එහි කෙලවර මීටර පන්සියයක පමන දුරින් මැණික් ඔය යැයි සැක කල හැකි බිම් කඩක් අප නෙත ගැටිනි. තද කොල පැහැ ශාක වලින් දෙපස වැසී ගිය නිම්නයක, බදු හරිත පැහැ තීරයක් කඳු වැටිය බෑවුම දෙසට ඇදී යයි. මෙතරම් ශුෂ්ක කලාපයක වුයද ,තුරු ලතාවන් මෙතරම් සාරයට සැදී වැඩෙන්නට නම් නිරන්තරයෙන් ජලයෙන් පෝෂණය විය යුතුය. අප රැගෙන පැමිණි ගමන් මලු තැන්නෙහි කෙලවරක තබා , ඒ දෙසට ගමන් කලේ ජල බෝතල් සහ ජල බෑගයන් දෙක ද කරෙහි දමාගෙනයි.
රැගෙන ආ බඩු බාහිරාදිය සහ ගමන් මලු තැබූ ලොකු පීරිස් සහ මා කදු මුදුනට දිව ගියේ වේලාව හය පසුවී ගොස් රාස්සියගේ අව්ව වැටී තිබූ නිසාවෙන් හිරු බැස යන සුන්දරත්වය කදු මුදුනට ගොස් නැරඹීමට තිබෙන දැඩි ආශාව සහ උවමනාව පෙරදැරිවයි. හිරු මා විටක මත් කරයි.. ගල් තලාව මත හිදගත් මා ඈතින් බැස යන හිරු දෙස බලා සිටි අතර ,නිල් වන් වලාකුළු රන් පැහැයට හරවා හිරු නොපෙනී ගියේ ජීවිතයේ සමහර තැන් මාගේ මතකයට ගෙන එමිනුයි. හිරු ඈතින් සැගව ගිය අතර ගල්ලෙන වෙත යන මාර්ගය මා දැන් අදුරේම සොයා ගත යුතුය.
"කොහෙද බං ඉන්නෙ" ලොකු පීරිස් ගේ කට හඩින් නැවතත් සිහි එලබගත් මා. "යමු යමු" යැයි පවසා අදුරේම ලොකු පීරිස් සමග ගල් ලෙන සොයා පහලට ඇදුනෙමු. කුඩා දර කෝටු කිහිපයක් එකතු කොට කුඩා ගිනි මැලයක් විජේ මාමා සකස් කොට තිබූ අතර එම කුඩා එලියෙන් ඒකාලෝක වූ ගල්ගෙය ඝන අදුරින් වෙලා ගත් පරිසරයෙහි දිලිසෙන තාරකාවක් මෙන් දිස්වුනි .
ගිනි මැල නම් දිනේෂ් තමා.. හනුමා බෙහෙත් පැල ගෙනාවාක් මෙන් මා ,අසළ තිබූ දිරාගිය විශාල කොට කිහිපයක් රැගෙන ආවේ තරමක් විශාල සහ උදෑසන වන තුරු දැල්වී තිබෙන පරිදි ගිනි මැලයක් සකස් කර ගැනීමට අවැසි නිසාවෙනි. අලි ඇතුන් ලගා වීම වැලකීමටත්, ගල්ගෙයි යම් සතෙකු ජීවත් වූවා නම් එම සතාට අප මෙහි සිටින වග දැනුම් දීමටත් ගිනි මැල සංඥාවකින් හැකිය
දැන් අප ආරක්ෂිතයි.. ගිනි මැලයේ ගිනි පුපුර් පිපිරෙන හඩත්, ඈතින් ඇසෙන රැහැයි හඩත් විටින් විට එන සිහිල් සුලගත් අපගේ විඩාව සංසිදුවාලයි. ගල් තලය මත උඩුබැලි අතට ඇලවී සිටින විට ඈත අහසේ තාරුකා විවිධ වූ රටා මවයි. බලාන කදු මුදුනේ පුංචි ගල් පරයකට නැග ගත කල රාත්‍රිය ,මනරම්ය… මනස්කාන්තය …
උදෑසන පැමිණ තිබේ.. ගලෙන් බැස ගත් මා ඈතින් පෙනෙන වාලිම්බ හෙල දෙස බලා සිටියේ හිරු පායා එන තුරුයි. අප උදෑසන තේ පානය කොට ,මහ කැලය පීරාගෙන ගොස් ගල් ගෙවල් දහතුනක් සොයා ගත්තෙමු. ඒවාට කිසිදු මිනිසෙකු දශක ගනනාවකින් පා තබා නැතයි අපට අනුමාන කල හැකිය. සමහරෙක සුන්දර චිත්‍ර කිහිපයකි.. තවත් සමහරෙක අකුරුය. මේවා ඇසට සිතට මහා සුන්දරත්වයක් මැවුයේය .මේ අපගේ ඉතිහාසයයි!.. මේ අපගේ උරුමයයි!..මේ අපගේ මුතුන්මිත්තන්ගේ ලේ කදුලු ,දහඩිය මතින් ඉදිවූ රාජධානියයි.. මින් මතු පරපුරටත් එය එලෙසම පවතීවා...! ආරක්ශා වේවා!..යන ප්‍රාර්ථනාව පෙරදැරිව ,එම ගල් ලෙන් සියල්ලෙහි ඇවිද ගිය අප නැවතත් මධ්‍යහ්නයේ ගමන් ආරම්භ කලේ බොරපොලටයි. අප එන මග නුවරගලින් සහ ඇත්බැද්දෙන් එන දිය පහරවල් එකතු වී සෑදෙන මැණික් ඔයේ ආරම්භය සොයා යාමටත් අමතක නොකලෙමු. රාත්‍රි හත පමන වන විට අපට බොරපොල ගම්මානයට සේන්දු වීමට හැකි විනි.
ගල් ගුහා දහ තුනයි.. වීඩියෝ එක දැම්මෙත් දහතුනයි දහතුන.. මේ අවසාන කොටස. අපි විදි සුන්දරත්වය සහ අප දුටු සුන්දරත්වය එලෙසින්ම ගෙන ඒමට මා හට විජේ මාමාගෙන් සහ ලොකු පීරිස්ගෙන් මෙන්ම අලි ඇතුන් ඇතුලු වන සතුන්ගෙන් ලැබුනේ නොමද සහයෝගයක් . ඔවුන් සියලුම දෙනාටමු
දිනේෂ්.
බූට්ස් කැමා කිට්ස් මොකුත් නැතිව සරමක් ඇදගෙන බාටා දෙකක් දාගෙන තරුණ කොල්ලො දෙන්නෙක් එක්ක ගේමක් නැතිව 52km ඇවිදපු විජේ මාමත් රියල්ම වැඩකාරයෙක් තමා♥️🙏..
Sirvtm
අනිවාරේන් ❤️
Kiyala wadak na.
👣👣👍👍
Sirawatama bn
මහන්සියක් නොකියා ගමනට සහය උන විජේ මාමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
දිනා නුබටත්, ලොකු පීරිස්ටත්, අපේ මාමාටත්, තිස්තුන් කොටියක් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා !!!
ආදරේයි මාචන් ගොඩක්
බෙහෙවින්ම ස්තූති ... ඔයාලාගෙන් ලැබෙන ආශිර්වාදයන් මේ ගමන් වලට පිහිටක්
අනිවාර්යෙන්ම.
@@DineshAPathumwije mamaage contact namber ekak nadda aiye?
සියලුම යුටියුබස්ලගෙන් අංක එක උඹ සහෝදරයා... සෝවාන් වෙච්ච ස්වභාවයක් තියෙන්නේ .. ලෝකෙටම වටිනා මිනිහෙක්... තෙරුවන් සරණයි!
සෝවාන් ??
බෙහෙවින්ම ස්තූති ...
රාඡ් සෝමදේව මහතාගේ අවධානය පිණිසයි...මෙි සමිපත් රැකගැනීම අපේ යුතුකමක්
පාද යාත්‍රා ලොග් එකෙන් සෙට් උනේ .✌සබ් කලාට පාඩු නැති චැනල් එකක් .
පරන ලොග් බලන ගමන් කමෙන්ට් එකක් දැම්මොත් හොදයි කියල හිතුනා.අපට නැති ජවයක් ශක්තියක් .හොද ගමන් සගයෙක් ඔයාට තියනව .ජය වේවා .🧘
ගොඩාක් ස්තූති
ඊයෙ සීගිරියෙ ගියා. ඒ එනකොට මම කෙල්ලො ටිකකගෙ කතාවක් අහගෙන ආවෙ ඒ වෙලාවෙ මම තනියම හිටපු නිසා. අවාරේ සිරිපා කරුණා කරන්න ආසයි කියලා කතා වෙන්නෙ. එතන ඉන්න එක කෙල්ලෙක් කියනවා dinesh a pathum කියලා කෙනෙක් "අවාරේ සිරිපා කරුණාව" කියලා පට්ට ලස්සන video එකක් කරලා තියනවා කියලා. ඉතිං මට පට්ට සතුටු හිතුනා අවාරෙ සිරිපා කරුණා කරනවනං dinesh අයියගෙ video එක ගැන කතා නොකර බැරි තැනට එන්න ලැබුණු එකට.. අවුරුද්දක් විතර ලංකාවෙ ලස්සනටම කරන travel log එකක් වෙලත් ලැබිය යුතු(අර you deserve it කියන්නෙ) view නොලැබී තිබිලා අද මේ තැනට ආපු නිසයි එහෙම සතුටු හිතන්නෙ. කොහොමත් සමන් දෙවියො දිනේෂ් අයියා දිහා බැලුවා මං හිතන්නෙ❤️
Jaya wewa...! 💪🏻🌳🌿🍃❤️🙂
ඔයාලා තුන් දෙනෙක් විතරක් ගියාට මහන්සි වෙලා , අපි හරි ලේසියෙන් ආවා ඔයාලාගේ පස්සෙන් , ගොඩාාාාක් පින් ❤️
ඔයාලගෙ වචන වල ආශිර්වාදය සහ පිහිට තියෙනවා අපිට
52km අවිද්ද විජේ මාමට දීර්ගායු ලැබේවා❤
මේ තරම් මහන්සි වෙලා, ලස්සන අත්දැකීමක් අපිටත් ලගා කරලා දුන්නට දිනේශ් අයියට අනේක වාරයක් පින්...
මේ තමා අපේ උරුමය, ඒක ලෝකෙට පෙන්නන්න දරන මේ වෑයම අති විශිෂ්ටයි, අති සාර්ථකයි...
දිනේශ් අයියට, ලොකු පීරිස් අයියට
ගොඩාක් ගොඩාක් ස්තූතියි, ගොඩාක් පින්...
විජේ මාමටත් ගොඩක් පින්,,,
ඉදිරි ගමන් වලදී විජේ මාමා අපිට හමුනොවනු ඇත...ඒත් ආයෙත් විජේ මාමව මතක් උනාම මේ වීඩියෝ දෙක බලන්න පුලුවන්...
මේ වගේ තවත් සුන්දර ගමනාන්තයකින් හමුවෙමු...
ඔයා ආසම තැන් වලට පරිස්සමෙන් යන්න ශක්තිය, වාසනාව, ධෛර්යය ඔයාට ලැබේවා...අපේ ආශිර්වාදයත් ඔයාට හැමදාම තියෙනවා...
දිනේශ්ට ජය...❤🙏
තෙරුවන් සරණයි..!
දෙවි පිහිටයි...!
පසුව ලියමි...
"විජේ මාමට අපි සමුදුන්නේ නැ...ආයෙත් අපි අම්පාරෙ එනවා..." ඒක නම් ගොඩක් සතුටු හිතුන ආරංචියක්.ඒ කියන්නෙ විජේ මාමා ආයෙත් දවසක හම්බෙයි....එතනක් හැමෝම පරිස්සමෙන් ඉන්න...❤🔥
මේ සතියෙ බලන්න ගත්තෙ. වන සරණ ,මැකී ගිය දඩමන් කිවවපු අය ආසවෙන් බලන්න ඇති. ගොඩාක් ස්තූතියි හිතේ මවාගෙන හිටපු තැන් ඇත්තට බලන්න අපිට අවස්තාවක් දුන්නට ❤❤❤
යුටියුබි චැනල් කියන්නෙ මෙිවට මට නමි අංක එක....එ තරමට ආසයි බලන්න මම දුවලා දෙන්නා බිරිඳ උදෙන්ම බලන්නෙ දිනේෂ්ගෙ විඩියෝ...
බෙහෙවින්ම ස්තූති .. ❤️👏
දිනේෂ් මම ඉතින් ඔයාට හැමදාම කියන දේ තමයි මේ පාරත් කියන්නෙ සහෝදරයා...
අතිවිශිෂ්ඨයි 💙💙💙
අවංකවම කියන්නෙ හැබැයි මේ ගල්ගුහා ගැන ඔයාගෙන් තමා මුලින්ම දැනගත්තෙ.. ඔයාට පිං 🥺🙏💙
බෙහෙවින්ම ස්තූති .... සොබාදහම රකින්න යන ගමනේ නිහඩව සේවය කරන පතාක යෝධයෙක් ඔයත්.
දිනෙශ් අයියා වැහි දෙවියො වගේ යන යන තැනට වහිනවා ❤වාසනාවට වඩා පින්වන්තකම කියලා මටනම් හිතෙන්නේ 😊 ඔයාලා තුන් දෙනාටම බුදුසරනයි අයියේ 🙏
ඒ වචන ටිකනම් 🙏🏻💯💕🍃💫.
"අපිත් කවද හරි මේ හිනි මැලේ වගේ ඇවිලිලා යයි"
දෙයියනේ පින් මේ දිනේෂ් අයියේ...කටාරම් කොටපු ගල් ලෙන් ළඟ තනියම ඒ දැකලා පපුව පැලෙන්න දැනෙන සතුට ඇස් අදහාගන්න බැරි ඒ හැඟීම මටත් දැනුණා.. පරිසරයට දක්වන ආදරය ඉහළින් ම අගය කරනවා..ජයෙන් ජයම වේවා අයියේ 🇱🇰
බෙහෙවින්ම ස්තූති ... සංසාර පුරුදු කියල හිත හදාගමු
මෙක බලලා අපෙ යක්කු පුත්තු යන්න එපා මෙවා ඉතුරු වෙන්න නැහැ .....
ඔයට පින් අයියා මෙවා මෙහම පෙන්නුවට❤️❤️❤️❤️❤️❤️
ගොඩක් දුරට විනාශ කරන එකක් නෑ.. මේවා රකින්නෙ එසේ මෙසේ රැකවල්ලු නෙමෙයි
අනේ ඔව් යක්ක පුත්තු ටික රෑන් පිටින් යන්න එපා😂
ඔයාල හිටිය ඒ ගල් ගේ උමන් ද්වාරයක් කියල මට හිතෙන්නෙ ඒක වහල තිබුන විදියට ගොඩක් උමන් ද්වාර වහල තියන්නෙ නිසි කාලය එනතුරු. තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තිදෙනාටම මේ ගමනට අපත් එකතු කර ගත්තාට..ස්තූතියි...🙏🙏 ගොඩාක්...
R.L ස්පිට්ල් මතක් උනා නුවරගල/වලිබෙ හෙල/නිල්ගල/ගෝවින්ද හෙල/ඇකියන්කුඹුර/අලුගල්ගේ වගෙම "මැකී ගිය දඩ මන්" "වන සරන" "වනගත ලන්කා" කෘති මතකයට එනවා ඒ හැඟීම ඒ විදිහම දැනෙනවා.දිනේෂ් වීරයෙක්❤️👍
රණවිරුවන් වෙනුවෙන් මගේ උත්තමාචාරය ඔයාට ස්තුතියි අයියා
වෙනස්ම විදියේ කවුරුති යන්නැති තැන් හොයාගෙන යන අමුතුම විදියේ වන්දනාකරුවෙක්... 👍👍👏
බොරු ශෝ නැති නියම travel video බලන්න ඕන නම් ලංකාවේ තියෙන එකම youtube channel එක තමා මේක,ජය වේවා අයියාට 🙏❤️🔥
Aazxxxxzxcxx
anivaryen...hugak pehediliwa kiynwa..ahan innath asai
anivaryenma
ගොඩාක් ස්තූති ...
@@sandunchandika5172 😍🔥👍
ලස්සනම අන්තිම රූප රාමුව
අයිය ඒ වචන නොකියම විජේ මාමට කරපු ගෞරවාන්විත ස්තුතිය
විජේ මාමට දීඝායු!!!
සොබාදහමට ආදරේ, එය ආරක්ෂා කරන දින්නටත් ලොකු පීරිස්ටත් සොබාදහමින්ම ආදරේ ආරක්ෂාව ලැබේවා, මෙවන් තැන් සොයායාමට තවත් ශක්තිය දෛර්යය ලැබේවා!!
අවාරෙ සිරිපා කරුණා කරේ නැත්තම් අහම්බෙන් හරි මම..මේ මොකුත් නෑ කියල හිතෙනව මේ හැම video එකක් බලද්දිම❤️😍
හරිම සතුටුයි ...අපිට යන්න තියා හිතන්නවත් බැරි තැනකට ගිහිල්ලා එහි සුන්දරත්වය පරිසරයේ.. කටුක බව පෙන්නුවාට.. මං මේ video එකේ වල ඉතාමත් ආසම මෙන්ම, සිතට මාරම සතුටක් ගෙන දුන්නේ... වනවාසි ව වැඩ සිටිනා ස්වාමීන් වහන්සේ..දෑකීමෙන්..🙏😍❤ විජේ මාමාටත් දීර්ගායුශ ලැබේවා ..
ඇත්තටම මටත් ඒක ලොකු වාසනාවක්.. ගොඩාක් ස්තූති
අයියා ඔයා ආමි එකේ කමාන්ඩෝ හරි එස් එෆ් හරි හිටපු කෙනෙක්ද..කොහොමද ඔච්චර කැලේ ගැනයි සත්තු ගැනයි දන්නෙ..මාරයි ඔයාගෙ දැනුම✌️❗❤️
ඒකනම් මටත් හිතුනා
Sf wenna oni
Ccmp ne hitiya
එයාගෙ අයියා stf එකේ කෙනෙක් 🇱🇰
මමත් ඔයාලා වගේම තමා.. මම ගැන විස්තර ටික අපි training වෙන වීඩියෝ එකක් එක්කම කියන්නම්.
ආසාවෙන් පැය ගානක් බලන විඩියෝස්. වෙනත් ට්රැවලස්ලගෙ නැති මම ආසම විදිහෙ ගමනක් . දිගටම මේ විදිහට කරන්න.එඩිට් නැති මියුසික් නැති ටැවල් විඩියෝ වල තියන්නෙ වෙනමම රසයක්. ජය වේවා.
ගල් ගුහා එක එක පහුවෙද්දි කවුරු හරි මනුස්සයෙක්/ හාමුදුරුනමක් හම්බවෙයි කියල බලන් හිටියෙ මං විතරද😃
Ai mama....🙂
ප්‍රේක්ෂක අපට යන්න ඕන බලන්න ඕන කියල හිතෙන හැම අස්සක් මුල්ලක්ම ඔබේ ඇහින් දැකීම වගේම අපටත් එය එලෙසම දකින්න සැලැස්වීම පිළිබඳ ඔබට බොහෝමත්ම ස්තූතියි 💪🙏❤️
කියාගන්න තේරෙන්නෙ නෑ මේ පුංචි තිරේකින් බලලත් ඒ දැනෙන හැගීම.තව තවත් කිලෝමීට සිය දහස් ගණනක් ඇවිදන් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤️🥺
අභීත ගමනක්. ජීවිතෙට කවදාවක් නොදුටු අපේ ප්‍රොඩ ඉතිහාසය තව තවත් දැක බලා ගත්තා ඇස් පිල්ලමක්වත් නොහෙළා . ඔයාලා දෙවියෝම රැක දෙත්වා . 🙏❤
බෙහෙවින්ම ස්තූති ....
අපේ උරුමය 2500 කට සීමා කරාට අවුරුදු 10000 කට එහා ගිය අභිමානවත් හෙළ උරුමයක් තියෙන අතිතයක් අපිට තියෙන්නේ ඒක හැංගුන සහා හැංගුව අතිතයක් උනාට..කොහොම උනත් හැමදාමත් වගේ vlog එක සුපිරි ඉතින් .ඔයාලා ගන්න අවදානම් දැකලා බලන් හිටපු මටනම් බයක් නොදැනුනා කිවුවොත් බොරු පරිස්සමෙන් අයියේ ජය වේවා 👍🤗😍
අයියේ ඇත්තටම මම කල්පනා කරේ. අපි මොනාද ලංකාවේ ඉදලා දැකලා තියෙන්නෙ කියලා. ඔයාගේ වීඩීයෝ බලද්දි මාරම හැගීමක් එන්නේ. අපි ඉන්නෙ මේ වගේ ලස්සන ඉතිහාසයක් තියන රටක නේද කියලා.💙🇱🇰
ගොඩාක් ස්තූති මල්ලි. තාක්ෂණය සහ කාර්යබහුලත්වය එක්ක කොටු වෙලා ඉන්න එක හදවතක් හරි මේ වීඩියෝ එකකින් සැනසෙනව නම් සතුටු වෙනවනම් එයයි අපේ මහන්සියේ ඉපැයීම.. ගොඩාක් පිං අපේ රටේ සුන්දරත්වය ඇගයීමට
පරිසරයටත් ආදරය කරන හිත හොඳ කොල්ලෙක් ජයවේවා 🙂👍
ගොඩාක් ස්තූති
මම එක තප්පරයක්වත් නොයවා බලන එකම chanal එක අයිය පැය 10ක් එකත් දැම්මත් මම බලනව ❤️❤️❤️
ටික දොහකින් පොරොන්දු ඉටු කරා වගේ ම දිනේෂ් අයියණ්ඩි(වීඩියෝ වෙනුවෙන් දරපු විශාලතම මහන්සිය ට ),විජේ මාමා(හරි අපූරු සුන්දර ගමනක පෙරගමන්කරු උනාට),ලොකු පීරිස් අයියණ්ඩි(කිව්ව නාහන දිනේෂ් අයියා ව බලාගන්න එක ට විශේෂයෙන් ම 🤪) ස්තුති ට වඩා පින්..🙏 ඔයාලගේ මහන්සිය අපෙ නෙත් අග රසඳුනක්...
ලංකාවේ බොරුව ආටෝපය නැති පට්ට 'travel' channel එක ක් ....ඔයා ට ජය අයියණ්ඩි ❤
ඇත්තටම දවස් තුනක් ඔය විදියට ඇවිදල ඒ හැමදේම අපිටත් පෙන්නලා අයියා මේ කරන දේ මාරයි❤️🔥 ලොකු පීරිස් අයියාත් නියම යාලුවෙක්✌️
රට ගැන මාරම සතුටක් එන්නේ මේ දේවල් දකිද්දී🌈️
දිගටම යමු❤️😎
බෙහෙවින්ම ස්තූති ... මේ වචන තව තවත් අපිව දිරිමත් කරනවා
පළමුවෙන්ම ආදර මල්ලියාට තෙරුවන් සරණින් නිදුක් නිරෝගි භාවයත් සැපසම්පත් නොවඩුව ලැබෙන්න කියලා මං පුාර්ඵනා කරනවා දැන් හරිම ලස්සනයි මෙිි video එක ඒක පෙලගැස්සිම හරිම අලංකාරයි මං මුලින්ම කිවිිවාගේ ඔයා හරිම ලෙන්ගතු කමක් දැනෙනවා මටනම් ඔයාගේ වචන භාවිතය ඒවායේ සංවරකම අහිංසකම විදදරාගැනිම හරිම අපුරුයි ඊළඟට ඔබ වැනි ආදරනිය පුතෙක් හැදු දෙමාපියන් ට මං thanks කරනවා අද මං දකින්නෙ ඔබ වයසෙ කොල්ලො මත්පැන් මත්ද්‍රව්‍ය අරගෙන fun එකට hike යනවා ඒත් ඔබ ?
දිනේෂ් ඔයා ගියාට අවුරුදු දෙකකට පස්සෙ අපිත් ඔයාගෙ, ලොකු පීරිස්ගෙ හා විජේ මාමගෙ පිහිටෙන් ඔය ගමන ගියා. ඔයාල හැමෝට ම ගොඩක් පිං. අපිවත් මෙහෙම එක්ක යනවට. පරිස්සමින් යන්න එන්න. තෙරුවන් සරණයි.🎉🎉🎉🎉🎉🎉🎉❤
කියන්න වචන එන්නේ නැහැ අයියේ.මෙච්චර ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අපේ උරුමය ලොවටම පෙන්නන්න ඒ දරන උත්සාහය කැපවීම සැබැවින්ම අගනේයි.
පින් 🙏
ලොකු පීරිස් සහෝදරයත් ඒකෙම කොටස්කරුවෙක්.කොච්චර පරන වීඩියෝස් උනත් ඒ හැම එකක්ම බලන්නේ හරිම වුවමනාවෙන් ආසාවෙන්.අනේක වාරයක් තුති මගේ සහෝදරයා.
අතීත සිංහලේ බලේ
අපේ පුරාණ ජනාවාස සංඝාරාම සහිත භූම්.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැකලවත් නැතිව ඇති.ඔබගේ උත්සාහයට තරුණ ජවයට වියපත් මාගේ ආශීර්වාද පුතා .
ඇගේ මවිල් කෙලින් වෙනවා මචං උඹේ ඉදිරිපත් කිරීමත් මරු, මටත් හමුදාවේ හිටපු කාලේ මතක් වුනා ,,අපේ අතීත උරුමය යලි යළිත් අපිට මතක් කරලා දෙනවට උඹටත් යාලුවන්ටත් අර මාමටත් දළදා සමිදු පිහිටයි . 🙏
මන් දැක්ක මිහිපිට වාසනාවන්ත තවත් මනුස්සයෙක් ඔබ❤️😍
බෙහෙවින්ම ස්තූති .... අපි හැමෝම මේ බිමේ ඉපදිලා තියෙන්නෙම වාසනාව අතින් අරන්.
කියන්න වචන නෑ අයියේ.. ආසාවෙන්ම බලන චැනල් එක මේක🇱🇰💗... මිනිහෙක්ට විදින පුලුවන් උපරිම නිදහස අත්දැකීම් අපි එක්ක බෙදාගන්නවට පිං 🙏❤️
අපීට වඩා එයාලනේ මේකේ අයීතීකාරයෝ❤️❤️ ඒ වචන ටික හැමකෙනාම ඔය විදීයට හිතනවනම් මේ ලොකේ ගොඩක් ලස්සනයි
අපේ රට කොච්චරනම් ආශ්චර්යමත්ද.. හිතාගනවත් බැහැ..එකම ස්ථානයක මෙ තරම් ගල් ලෙන් ප්‍රමාණයක්.. විශ්මය ජනක් කටාරම්. හරිම අපූරුයි ඔවුන්ගේ නිර්මාණයන්.. ඔබලා සම්පතක් දිනේෂ් අයියේ මේ රටට.. කියන්න වචන නෑ ඇත්තටම අදනම්. ඔබලාව ස්වාභාව ධර්මය විසින් රකිනව.. ඔබලාට ස්වාභාව ධර්මය හැමදාම අශිර්වාද කරාවි.. එ වගේම ස්වාභාව ධර්මයට ඔබලත් අශිර්වාදයක්.. පරිසරය සුරකින තරම් ඔබලා.. ස්වාභාව ධර්මයට ඔබල කෘතගුණ දක්වනවා වගේම ස්වාභාව ධර්මය විසින් පෙරලා ඔබව සුරකී සත්තකින්ම.. අයියගෙ වචනයක් වචනයක් ගානේ ඒ තිබුන සතුට.. ඇස් වලින් හිනා වෙනවා. මේ පරිසරයට මේ පෞරාණිකයත්වට ඔබලා පුදුම තරම් ආදරය කරන්වා ගෞරව කරනවා.. ඔබලාව මේ රටේ අනාගතයට ආදර්ශයක්.. හැම කෙනාටම මේ තරම් ලස්සනට ස්වාභාව සෞන්දර්ය විදින්න රසවිදින්න පුලුවන් වූවාන්ම් අද අපි ගොඩක් දුර ගිහින් ඉන්න තිබුනා. තවත් පින් කුමටද ඉතින් ඔබලාට..මෙ පිනම ඇති.. කවදාවත් ඔයාල නොහිටින්න මේ දේවල් දකින්න අපිට ලැබෙන්නෙ නෑ.. ඒ පිනම ඇත් අයියේ ඔයාලට.. මට කියන්න වචන නැ ඇත්තටම.. ගොඩක් පරිස්සමෙන් ඉන්න ගොඩක් පින් ගොඩක් ස්තූති... බුදුසරණයි..
මේවා සංරක්ෂණය කරන්න පුළුවන් බලදාරීන් දැනුවත් කරන්න පුළුවන් කෙනක් ඉන්නවනම් අනේ කරන්න ලොකු පිනක් වෙයි....
පුරාවිද්‍යා එකට වඩා අයියව වටිනවා 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
ලොකු පිරිස් නිහඩ වැඩ්ඩෙක් නේද😊🌳💚
සුපිරි
ow
ලොකු පීරිස් , විජේ මාමා .... ඒ ඇරුනම අර මනස්කාන්ත නිර්මාණ කරපු අපේ මුතුන්මිත්තන් සියල්ලන්ම මේ පිං බිමේ උරුමයන්.
තොප්පිගල යමු දවසක දිනේශ් අයියේ❤පුළුවන් නම් යුද්ධය තිබුණ දිහාවල ගිහින් Vlog එකක් කරන්න පුළුවන් නම් ඉතාමත් වැදගත්❤🙏මොකද පොඩි අය දන්නෙවත් නැතුව ඇති යුද්ධයක් ගැන ඒක හින්දා එහෙම Vlog එකක් කරන එක ලොකු දෙයක්🙏තෙරුවන් සරණයි...!
දිනේෂ් අයිය ඒක නියමයි 💙❤🌿
Oyage ewt lassanai... Dinesh ayy ekk set wela dwsk ynnko... Man sarannawth ekk gen
@@ishanherath.3347 හොද අදහස 🌿❤💙
ගොඩාක් ස්තූති මල්ලි... අනිවාර්යයෙන්ම අපි මහ කැලේකදි මුන ගැහෙයි
@@DineshAPathum අනිවාර්යයෙන් අයියෙ ❤🌿
උස ගල් ගුහා ලග මන් දැක්ක එකම දේ තමා එතන අනිවාර්යෙන් නැගින්න ගහක් තියෙනවා 🥺❤️
බලපු ට්‍රැවල් වීඩියෝ වලින් සුපිරිම වීඩියෝ එකක් දිනේෂ්. මම ඩවුන්ලෝඩ් කරලම තියාගන්නවා ඔයාගේ විඩියෝ. එච්චරටම වටිනවා. පුන්චි ට්‍රැවලර් කෙනෙක් ඉන්නවා අපේ ගෙදර ඒ වීඩියෝ හරි ආසාවෙන් බලන. අපේ යක්ඛ පුතාලා ටික ඔය ලස්සන තැනුත් පස්සේ විනාස කරලා දායිද කියන එකයි බය. ජයවේවා දිනේෂ්. තෙරුවන් සරණයි.
බෙහෙවින්ම ස්තූති ... අපේ පුංචි ටැවලර්ව මතක් කරා කියන්න
මාගේ මිත්‍ර තරැණයා නුඹ විශිෂ්ඨයි අපේ උරුමට ජාත්‍යන්තරයට මුද හැරීම හා දැක බලා ගැනීමට පෙන් වීම පිළිබද මට ඇත්තේ නුඹ ගැන ආඩම්බර සිතුවිල්ලකි නුඹට ජය!
මේක නම් viral යන්නම ඔ්න වීඩියෝ එකක්....මේ වගේ තව වීඩියෝ ගේන්න වාසනාව,ශක්තිය ලැබේවා!
දැක්ක සුන්දරම ස්වභාදහම් ප්රේමීයෙක්...
විජේ මාමාට නිරෝගිමත් සුබ ආනාගතයක් ප්‍රර්ථනා කරනවා...
ලංකාවේ දැනට තියන මම දැක්ක ලස්සනම youtube channel එක මෙක....සුබ පැතුම් අයියේ...තව ඉස්සරහටම යන්න ලැබෙන්න ඔන....
ජීවිතේ බලපු හොඳම ආසම වටිනාම ට්‍රැවල් වීඩියෝව උරුමය සොයා අපේ දිනේෂ් සහෝදරයාගේ..❤🌿
ලංකාවෙ one and only adventure ෆීලීන් එක හරියටම දෙන චැනල් එක ❤️😏
එයාලා කතා කරනවා පණ තියනවා අපේ කියලා කීවැකි මේ තමයි ඒ ඉතිහාසය.. අනේකවාරයක් පිං තුන්දෙනාටම 🥺💛💙🇱🇰🌿
දිනේශ් අයියයි ලොකු පීරිසියු කමක් නෑ කියමුකො, විජේ මාමගෙ ඒ ෆිට්නස් එක😍❤️
ආයුබෝවන් දිනේෂ්🍃❤🍃
අවාරේ සිරිපා video වෙන් පසු "DAP Vlog" බලන එක ගැන අද දැනෙන්නේ පුදුමාකාර ආඩම්බරයක්.දිනේෂ් ඔයා තරම් ලස්සනට පද ගලපන්න බැරිඋනත්..... 😊 "බලාන vlog " එක බලලා දැනුනු හැගීම කියන්න ඕනමයි කියලා හිතුනා. 🌱 ඔබ මහන්සි වෙලා මෙවන් වටිනා කියන පරිසරයක සුන්දරත්වය අපට විදින්න දෙනකොට එය වචනයකින් හරි අගය කිරීම අපේ යුතුකමක්... 🍃🍃
දිනේෂ්,පිනෙන් පිරුණු වාසනාවන්ත මනුස්සයෙක්ට ජීවිතේ ලබන්න පුළුවන් අද්යාත්මික සුවය ඔබ අත් විදින අපූරුව දැක්කම ජීවිතේ තවත් අප කොතරම් පින් කල යුතුද බව වැටහෙනවා. 🍃ස්වභාදහම් මෑණියන්ගේ සෙනෙහස විදින්න, ඇයගේ ආශීර්වාදය ලබන්න, ඇය සමග ආදරණීයව ගනුදෙනු කරන්න තරම් ඔබ හරි පින්වන්තයි. 🍃❤🍃ඒ වගේම ඔබේ ආදරණීය සගයා ලොකු පීරිස් ඔබත් එහි අයිතිකරුවෙක්. ඔබ යන ගමනාන්ත සරල සුන්දර ගමනාන්ත නොවුනට එය බොහෝ සුන්දර ලෙස බලා ඉන්න අපට දකින්න සලස්සනවට ගොඩක් ස්තුතියි.🙏
"ලස්සන දකින්න අවදානමක් ගන්නම ඕන " මේ ඔබේ ආත්ම විශ්වාසය. ගරු කරනවා එයට හදවතින්ම. නැත්නම් මේ වගේ ලස්සන සුන්දර තැන් අපට දැක බලා ගන්න අවස්ථාව නැති වෙන්නට ඉඩ තිබුනා.
🍃❤🍃 පරිසරයට ආදරය කරන සියලු දෙනාගේම ආශිර්වාදයත්, ස්වභාදහම් මෑණියන්ගේ ආශිර්වාදයත් ඔබ ඇතුළු ඔබගේ සගයන්ව යන තැනක පරිස්සමින් ගිහින් ආපහු ගෙදර යනකම් රැකබලාගනී...
දිනේෂ්,ලොකු පීරිස්, විජේ මාමා... තරු පිරිච්ච අහස යට,ගල් කුලක් මුදුනේ, සීතල හුළගේ සනීපෙට රැය ගත කරද්දී... කොහෙන්දෝ ආපු පුංචි ලෝබ කමක් හිත පාරගෙන ගියා වගේ දැනුනා... සමාවෙන්න එහෙම හිතුනට ..😌 මම කලින් කිව්වේ ඔබ හරි පින්වන්තයි කියලා මෙන්න මේ නිසයි.... ජීවිතේ විදවන්න හේතු හොයන ලෝකෙක "ජීවිතේ විදින්න මෙන්න මේ විදිහට "කියලා ඔබ හරි අපුරුවට කියලා දෙනවා...
දිනේෂ් ආදරණීය පරිසරහිතවාදියා, ඔබව අපිට ගොඩාක් වටිනවා ❤. ලොකු පීරිස් ගමනේ නිහඩ වීරයා ❤.. විජේ මාමා සරල සුන්දර ගැමිකම කරපින්නා ගත් මගකියන්නා ❤. ආදරෙයි සියලු දෙනාටම.🍃❤🍃
දිනේෂ් ඔබ පරිසරයට දක්වන දැඩි සෙනෙහස..🍃එයින් පන්නර වී ලබාගත් පරිනත දැනුම.. 🍃නිහතමානී සරල අව්‍යාජ බවට.. හැමදාමත් ආදරෙයි. එහෙනම් යාළුවා තවත් සුන්දර ගමනක ආරම්බයකින් ඔබව හමුවන්න මග බලා ගෙන ඉන්නවා. අහ්හ්... තව දෙයක් කොච්චර දුර ඇවිදගෙන ගියත් මහන්සිය කොච්චර දැනුනත් ඔය මුණේ හිනාව පරිස්සම් කරගෙන අපිත් එක්ක හිනා වෙලා කතා කරනවට ගොඩාක් ස්තුතියි.🍃❤🍃
තෙරුවන් සරණයි 🙏🏻🌿❤🌿
ගල් ලෙන් ටික දැකලා ඇගත් හිරි වැටුනා 😲😲😲❤❤❤
ගොඩක් ස්තූතියි🌿💪🇱🇰 අයියට, ලොකු පීරිස්ට, විජේ මාමට ❤ අප්‍රකට ප්රාග් ඓතිහාසික ගුහා සිතුවම්, ගල් ලෙන් හොයාගෙන ගිය දුෂ්කර ගමනට. 🙏
එ ඇදලා තියෙන චිත්‍ර වලින්
සත්ව රුප පෙන්නුම් කරලා තිබුනේ අලී ඇත්තු හා බැදුන ආදී මානවයන්ගේ ජිවන රටාව වෙන්න බරිද.. කොහොම නමුත් හැංගුන ඓතිහාසික යුගයක්..ත්‍රසය බීතිය සමඟ කැටි උන අපුරු ගමනක්..❤🌿😌
තව තිබ්බනම් හොදයි කියලා හිතුනා අයියෙ නියමයි වැඩේ
එයාලා කතා කරනවා පණ තියනවා අපේ කියලා කීවැකි මේ තමයි ඒ ඉතිහාසය.. අනේකවාරයක් පිං තුන්දෙනාටම
එක විනාඩියක් වත් ඇහැ ඉවතට ගන්න හිතුනේ නෑ හැමදාමත් මේ වගේ ලස්සන දේවල් අපිට දකින්න සලස්වනවට ගොඩක් පින් ජය වේවා ❤️❤️❤️❤️❤️
තුන් දෙනාටම බොහොම පිං... කියාගන්න වචන හිතේ මදි දිනේශ් සහෝදරයා....❤❤❤
බලන් හිටියේ හැමදාම වගේ කියන්නෙ ආසම චරිතයක් දිනේෂ් සහෝදරයා ආදරෙයි පරිස්සමින් ❤🙏💪 ආයි එකක් ඉක්මන්ට දාමූ 💪
බෙහෙවින්ම ස්තූති .. ඒ වචන වල මම ජීවත් වෙනවා
කුරුල්ලන්ගේ ශබ්ද ..
ගහකොළ වල පහස..
හිතට දැනෙන නිස්කලංකය...සැනසීම ..
කවදාවත් සල්ලිවලට ගන්න බැහැ. 🥹🥹
කියන්න වචන නෑ ඔයා කරන කැපවීමට ❤️🙏
මිනිසත්බව උපරිමයෙන්ම තියන උතුම් කෙනෙක්. දැකලා නෑ ඔයා වගේ කෙනෙක් 🥹🥺❤🙏
තවත් ජ්‍යෙෂ්ඨ පුද්ගලයෙක්...පරිසරික ගමනක...අපි ජිවත් වෙනවා දැනෙනවා 🇱🇰☸️
පුදුමයි කියන්න වචන නැ. අර ගල්ගෙවල්.. ඒව දකිනකොට පුදුම හිතෙනව. ලස්සන . ඒතැන්වල. කොයිතරම් ලස්සනද.විදගන්න බොහොමයක් දේ තියෙන ලස්සන අපේ පරිසරය .. දිය පාර.. කුඹුක් හෙවන..තෙරෙන්නෙ නැ කියන්න ඒතරම් සුන්දරයි .. ඇත්තමයි . එහෙම තැනක ජිවිතේ ගෙවන්න තියෙනන් කියල හිතුනා. ලස්සන දකින කොට. තෙරුවන් සරණයි හැමෝටම ජයෙන් ජයම වේවා ❤
පිටරට ඉන්න අපි ඔයාගෙ විඩියො එකක් බලන්නෙ හරිම අසාවෙන් සතියම වැඩ කරලා මෙ වගෙ
ලස්සන විඩියො එකක් බලපුවම මහන්සියත් නිවෙනව අයියා ❤️ all the best 👍
ඒ දේවල් දකිනකොට ඇග හිරිවැටිලා ගියා ඒ අද්දැකීම ඒ ආකාරයෙන්ම අපිට බෙදා දුන් අයියාට ගොඩක් පිං
ස්වාභාවික පරිසරයට ආදරය කරන ඉතා උතුම් මිනිසෙක් ස්තූතියි අයියේ අපිට මේක පෙන්නුවාට ❤💪
BhaVanaayogi himi namak sammuka veema thama SuVisheshima siddiya mamanam dakina vidihaya Siripa Gamanedi... 🙏🙏 sadu..sadu...saadu !!
ලංකාවේ විශිෂ්ඨතම යූ ටියුබ් නාළිකාව වනවා නිසැකයි 🖤 💥 ජය වේවා ☸
ඒකාලෙ හෙන ආසාවෙන් පිස්සුවෙන් බලපු වීඩියෝ 😍 තාමත් ඒ අතිතයට ආදරෙයි 💚
සුන්දර අවසානයක් 🌴😌🌱❤️ apee උපන් බිම කොච්චර lassanada ❤️❤️ me සුන්දරත්වය පෙන්නන oyata goddak පින්... video eka patta ❤️🔥 parissamen aiyee දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
මේ අපට පෙන්වු උරුමය තුළ ලොකු සැඟවුන කතාවක් ඇති.අපට නුදුරේදී ම එය දැන ගන්නට ලැබේවි කියලා සිතෙනවා.ඒ වෙනවිට මේ vedio පෙල ඉතා ඉහල අගයක් සලකුනු කරාවි .ඔබ සැමට ම බෝහෝම පිං.! ස්තුතියි අප ට මේ කල ඉදිරිපත් කිරීම වෙනුවෙන් 🙏
Adventure කියන වචනෙට හරිම වටිනාකම දුන්නේ ඔයා ❤️😍💪
බෙහෙවින්ම ස්තූති.
ඔතන තිබ්බ චිත්‍ර ප්රාග් යුගට අයිති ඒව වගේ අනේ මම වැරදිනම් චිත්‍ර කලාව හදාරපු කෙනෙක් නිවරැදි කරන්න .ඉතින් බුදු අම්මෝ මේව පෙන්න පු අයියට බොහොම ස්තූතී මේ තමා අපේ ඉතිහාසය.වර්තමානය අසුන්දර වූ බිමක ශ්‍රෙෂ්ඨ අතීත ශිෂ්ටාචාර ලකුණු .❤️🔥
ජීවිතේ ආසවෙන්ම බලන සහ බලපු වීඩියෝ ටික...අයියෙ ජයවේවා...❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩාක් ස්තූති මල්ලි... ❤️👏🥺
බිල්ලෑව,තන්තිරිමලේ ,ගොනාගොල්ල ,දොරවක්කන්ද ගල් ගුහාවල සිතුවම් වලට සමාන සිතුවම් 😳👀 ❤️
අයියේ ඔයා මේකට වග කියන්න ඕනේ . කවදාවත් travelling ගැන නොසිතපු මාව මේකට ඇබ්බැහි කලාට😁 ❤❤❤❤❤❤😁
තාම අවුරුදු 20යි..25 වෙනකොට කන්න පුලුවන් උපරිම කට්ටක් කාලා හම්බකරලා..ඉතුරු ජීවිත කාලෙම ඇවිදින්න හිතෙන තරම් මාව ඇබ්බැහි කෙරෙව්වා දිනේශ් අයියා..❤️..ලොකු පීරිස් වගේ ගමන් සගයෙක් එක්ක ලන්කාව වටේ යන්න හීන මවනවා..කවදාහරි ඒ හීනේට යනවා..❤️
Same🤍🙂
මම දැකපු ලංකාවෙ ඉන්න හොදම travel vloger තමයි අයියෙ ඔයා...ඔයානම් මාරයි ආ.....සමහර වෙලාවට අපිටත් බය හිතෙනව ඔයා යන තැන් දැක්කහම❤️🙂මොනා උනත් පරිස්සමින් අයියෙ❤️
බෙහෙවින්ම ස්තූති ... දැන්ම මැරෙන එකක් නැති වෙයි කියල හිතනවා... 🌿👏
දිනේෂ් පුතාට සහ ලොකු පිරිස් පුතාට මේ කරන අභිමානවත් වැඩේට වීර සම්මානයක් දෙන්න වටිනවා. එතුමා මෙවැනි ඓතිහාසික වගේම දුර්ලභ තැන් පෙන්වා දීම තුලින් වත් පුරාවිද්‍යා හෝ අදාළ බලධාරීන්ගේ අවධානය යොමුවී මේවා රැක ගැනීමට කටයුතු කරන්න කියලා ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. කි දෙනෙක් මා සමග එකඟද? !!
දිනේෂ් පුතාට ජයවේවා.!!
Lessanai
11 වෙනි දිගහැරීම හැමදාම වගේ මුල ඉදලා අගටම බලනවා තප්පරයක් මිස් නොකර කන්න බොන්න අමතක වෙනවා දිනේශ් අයියේ ෆට්ට කියන්න වචන නෑ අඩෝ මේ වගේ දිග විඩියෝ ඕනී 🌹❤️ දිනේශ් අයියහේ කතාවනේ කතාව , උරුමය සොයා මේ වගේ අපේ උරුමයේ වැඩ සටහන් ඕනී , ආදී මානවයාගේ නිර්මාන
බෙහෙවින්ම ස්තූති ... වචන ටිකේ ලස්සන. මේ comment කියවද්දි ගමන ගියා වගේම සතුටුයි
මම ව්ඩියොව බලන්නෙ ඩනුයි බලපු හැමවෙලවම ඔයාලව හමඩාම ආරක්ෂ කරන්න කියලා ඩෙවියන්ට කිව්වා
ප්‍රවේසමෙන් ට්‍රැවල් කරන්න සොබාදහමට ආදරේ කරන ඔයාලට බුදුසරණයි සියළුම දෙවි රැක වරණ තියනවා ❤❤❤❤
මේක එනකන් ආසාවෙන් බලන් හිටියේ❤️
Screen එක touch වෙලා වීඩියෝ එකේ අන්තිමට ඇවිල්ලා කියලා දැනෙද්දි පට්ටම අවුල්…
මොනා උනත් පට්ටම කල්‍යාණ මිත්‍රයෙක් එක්ක එකතු වෙලා විදින ඒ සුන්දර ජීවිතේ gopro එකකින් අපිත් එක්ක බෙදා හදා ගන්නවට ගොඩක් පින්..✊❤️❤️❤️❤️❤️💪💪
දානකම් හිටියේ... එල එල..කටහඬට මොකෝ වෙලා තියන්නේ 😁 බල්ලො කාල වගේ.... small suggestion , පුළුවන් නම් gym series එකක් කරන්න... 😊😊😊 කට්ටිය ආසාවෙන් බලයි...
Wena channel ekaka
Doctor කෝ චැනල් එක ඔයාලගෙ?
@@siemens6429 ade me ee doctor neda
@@wesgi ඔව් ඔව් මෙයාලගෙ අපේ කතාව හෙව්ව අම්බානක. ඒක නෑ බං!
@@siemens6429 halo haloo. Man thamai 😊😊😊 ape kathawa tikakata nawattuwaa. Dan meka thiyanne. Araka ikmanatama aye patan gannamkoo...
ආයුබෝවන් !🙏
දිනේෂ් පැතුම් ... ලොකු පීරිස් ...
ගමනාන්තයේ ගමන් කරන මාමාට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්ය ලැබේවා ! 🙏
සුන්දරත්වය විදිමින් නිදහස් මනසකින් යුතුය යන එන ගමන්බිමන් ඉතාමත් සතුටින් සාර්ථක අන්දමින් ඉෂ්ට සිද්ධවේවා ! ජීවිතය විදිනවා මිස විදවනවා නොව... උතුම් තෙරුවන් සරණයි !
එනකන් බලන් හිටියේ 😊❤️
කියන්න වදන් නෑ පට්ට.. අපි නොදන්න කොච්චර නම් අතීතයක් හැංගිලා තියනවද ලංකාවේ... නියමයි
නිහඬ පිරිස් tai විජය මාමාට i බුදු සරණයි 🌷🌷🌷💖
බෙහෙවින්ම ස්තූති ... මාව අමතක වෙලා 🥺
@@DineshAPathum 😂💣
ලොකු පීරිස් .කියන්නෙ ඔයාට සැබැම සහොදරයෙක්...වගෙම හොදම යාලුවෙක්
පැතුම් අයියා ලොකු පීරිස් විජේ මාමා.. ආදරණීයන් ජය වේවා අයියේ❤️💪
ස්වබාදහමට ආදරය කරනකොට ස්වබාදහමෙන්ම අපිවත් රැකෙයි . අයියලාට ජයම වේවා!❤️🍃
ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියා. !
ගොඩක් ස්තුතියි දිනේෂ් අයිය !
මොනව නැතත් අයිය හොර පොල් නම් කඩල තියේ 😆 !
තෙරුවන් සරණයි !
ow ow hodata gas nagala thiyena paatai...😃
මාර ම වටිනාකමක්
නදියෙන් ලැබුණ තැන😄
ඒ මාම ට ගොඩ ක් පින්
තුන්දෙනාට සියළු දෙවි රැකවරණය ලැබේ වා!
ඒ අතීත මුතුන්මිත්තන්ගේ පරපුර ගැන මතු පරපුරට උරුම නොකර න ඒක නම් අපරාධයක් නේ ද