Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සඳ ගැන ලියවුනු මේ ගීතයේ යටි අර්ථයත් එක්ක දැහැන් ගතවෙන්න හිතුනා. පුදුම ලස්සන චිත්ත රූප මවන ගමන් පැවසෙන යටි අර්ථය ඉතාමත් සුන්දරව නිලාර් N කාසිම් ලියල තියනවා කියලයි මටනම් මේ ගීතය රස විඳිනකොට හිතෙන්නේ. පද දිගේ ගිහින් ටිකක් තේරුම් ගන්න උත්සහයක් ගත්ත. මේ අදහස් මට දැනුන තේරුණ දේවල් මිසක්, මේ ගීතය ලියු රචකයාගේ අදහස් සමඟ එක එල්ලේම සැසදෙන්නේ නැති වෙන්න පුළුවන්. කියවන ඔබට වෙනත් අදහසක් දැනෙන්නත් පුළුවන්. ඒක ගැටළුවක් නොවන්නේ ඕනෑම කවියක් තුල බහු අර්ථ තිබෙන්න පුළුවන් නිසා. මගේ අදහස් එක්ක පද පේලියෙන් පේලියට ගීතය දිගේ රැගෙන යන්නම්. සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාමනුඹ කොයි තරම් සුවඳද මගෙ හිත ගාවහුදකලාවූ රාත්‍රියක තනියට ඉන්න සඳ, සඳ කැලුම් දෙනවා වගේ ප්‍රේමවන්තිය ගේ සිනහව කියන්නෙත් ප්‍රේමවන්තයෙක් ඇඳ බැඳ තබාගන්න හැකියාවක් තියන සුන්දර අත්දැකීමක්, සිතිවිල්ලක්. ඇසින් දැක්කට අන්තිමට නතර වන්නේ තමන්ගේ හිත ළඟ, ඒ සුවය, සුවඳ විදින්න පුළුවන් වෙන්නේ ආදරණීය හදවතකට. එය මෙතෙකැයි කියා කියන්න පුලුවන්ද කියා කවිය බොහොම අපුරුවට දනවන්න උත්සහ කරනවා මෙතන.දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරානහමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාමහැම ආදරණීය හමුවීමකටම සමාජය, කුලය, ජාතිය, ආර්ථික තත්වය, වයස එක එල්ලේම ආශිර්වාදයක් නොවෙන්න ඕනෑ තරම් හේතු තියෙනව. මේවා හරස්වෙනකොට, සැබවින්ම ආදරයෙන් බැඳුනු අයට හමුවීමක් කියන්නේම වැලපීමක්. අත් හැර ගන්න බැරි බැඳීම්, ඒවා හැමදාමත් නතර වන්නේ වැලපීමක් ඇති තැනක. වැලපෙමින් හෝ හමුවීම සැනසිල්ලක් වන්නේත් ඒ නිසයි. එම අර්ථය මානාව සංක්ෂිප්තව පද දෙපෙලකින් මානව උකහා දක්වල තියනවා. නෑඹුල් පැතුම් අහසට නැඟ රහසේමදිළිසෙන්නේ ද පුර පස වී සඳපානආදරයෙන් පිරුණු හදවතකට හිතෙන්නෙම දැනෙන්නෙම සුන්දර ප්‍රර්ථනා. නැවත නැවතන් අලුත් වෙන මේ සිතිවිලි මොනතරම් සිත රහසින්ම දුරක අරන් යනවද ? ආසිර්වාදය නැති ප්‍රේම කතාවක පැතුම් සඳක් වී පුර්ණ චන්ද්‍රයා වගේ තමන්ගේ සිත් අහස පුරා දිදුලන හැටි, විඳින හැටි බොහොම අපුරුවට චිත්රණය කරල තියනව. ඒ හඳ .. ඇයි ද .. දියවක වී පුණු රෑකදිය වී ගිහින් රැඳුණේ තරු ඇස ගාවකොච්චර ප්‍රර්ථනා තිබුනත් පියවි ලොකයේ ඒවා යථාර්තයක් නොවන තැන නතර වෙන්නේ කඳුළු වල. පසලොස්වක සඳ අමාවක නොවී දියවක වී දියවී ගොස් නැතිවෙලා යන්නේ කඳුළු පිරුණු තරු ඇසක් ළඟ, හරියට කඳුළු තරු වෙලා දිලිසෙනවා වගේ. ඉතාම අපුරුවට මේ හැගීම යටි අර්ථයක් විදිහට චිත්රණය කරල තියනව මෙතන, ඒ වගේම කවියෙකුගේ පරිකල්පන ශක්තිය වෙනම තලයක තියන බව පෙන්නලා තියනව.ලය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳසෝදා හල හැකි ද ගැරහුම් ගල ගාවවිරහව තීව්රව දැනෙනකොට ඒවා පිටකරන්නේ ඉච්චා බන්ගත්වයෙන් සුසුම් ලමින්. නමුත් එහි හැගීම එහි සුවඳ මොන තරම් තීව්‍රද කියතොත්, ඒවා ගැරහීම් වලින් සෝදා හරින්න බැරි තරම් හදවට කා වැදුණු සිතිවිලි, සුවඳ බව ඉතාම ලස්සනට දක්වන්න උත්සහකරලා තියනව අපුරුවට.කඩඉම ලඟ ... ඉඳන් .. වත් නුඹ හැමදාමමට අත වනාපන් නළියන නළ සේමනොගැලපීමක සීමාව ළඟ තියන කඩයිම ළඟ නතරවෙන තැන හැරෙන්නත ඉදිරියට හෝ පසුපසට යා නොහැකි මේ සම්බන්ධය අවසානයේ හිමිවන්නේ අත්හැරීමක් නැති හිමිකරගත නොහැකි සංක්‍රාන්තියක. එතන සැහීමකට පත්වෙන තැන නතර වන්න ඇරයුම් කරන්නේ ප්‍රේමයේ සදාකාලික සුවය මඳ නල සේ හැමදාමත් දැනෙන ලෙසට.මේ ගීතය ඉතාම උසස් ගීතයක් විදිහට රසවිඳින ගමන් කවි වලට ඇලුම් කරන කවි ලියන හැමෝම වෙනුවෙන් මේ සටහන තියන්න පොඩි උත්සහයක් ගත්ත.
❤
විශිෂ්ටයි 👍🏼
❤️
Thank you ❤
Great 🎉
ඇයි මේ සින්දුව මේ තරම් ලස්සන 😕💔❤️
Hamadema sampurna nisa
අනේ මන්දා බං.මටත් ඕකම හිතුනා.😢
රාවතාවත්ත පන්ති ඇරිලා, මොරටුවේ ඉඳන් පන්ති එන ක්‍රශ් එක ගැන හිත හිතා, 158 බස් එකේ ගෙදර යන ගමන් අනන්තවත් අහලා තියෙනවා ❤️❤️❤️
💔
සින්දුද බන් මේවා...මටනම් බාවනාවක්...ඒ තරමටම ලස්සනයි
අන්න ඒකයි 😍🤝❤️
මේ වාදකයන්ගේ නම් දාන්න පුලුවන් නම් Description එකට ගොඩාක් වටිනවා. මේවගේ වාදනය කිරීම ඉතාම අසීරු දෙයක්. මේවගේ output එකක් දෙන්න මෙයාලගෙ දක්ශකම හරිම වටිනවා. මෙයාල බාගෙට play කරොත් මේ වගේ අපිට රස විඳින්න වෙන් නෑ කොහොමටවත්. ඒනිසා හරිම වටිනව වාදක පිරිසගේ නම් දාන්න පුලුවන් නම්.
Yes, agreed
@@hameshmaningamuwa6861yes music is touching the original
අනිවාර්යෙන්ම සහතික ඇත්ත , ගොඩක් පිරිසකගේ මහන්සියේ අවසාන ප්‍රතිපලයක් තමයි අපිට ඇහෙන්නේ
Yes indeed ❤🥹✌️
නිලාර් අයියා මේ තමයි සහජීවනය
ගී පද රචනය හරිම රසයිඅතීතයේ සොදුරු තැන් මතක් වෙනවාජේසු පිහිටයි සැමටම
Nilar N Kasim . ලියන එක ලියන්ල තියනවා රිදෙන්න
කැසට් එක ඇහුවා වගේ ඇත්තටම අසංග අයියා කියන්නේ තවත් අපේ ගීතාවලියේ නොමැකෙන සටහනක් තැබූ කටහඩක් ❤️ ජාතික රෑපවාහිනියට ස්තූතිය මෙවැනි වැඩසටහන් අපහට ලබාදීම ගැන 🙏🙏❤️
ජිවිතෙ ගොඩක් පස්සට යනවා මේ සිංදුව ඇහෙනකොට............ජිවිතේ අමතක නොවනම කාලයක් .......තමත් එදා වගෙම ආදරෙයි වෙනකෙනෙක්ගෙ උනත්.................
අතීතයට අරන් යන සිංදු බන් මෙවා,,,,,🥰🥰🥰❤️❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්න නැතී තරමට ඒ වචන හිතට කා වැදීලා...❤..
මේක තමයි අද ලංකාවේ දේශපාලනය විසින් නැති කරපු සහජීවනය ...නිලාර් N කාසිම් ❤❤
ඇත්තටම නේද.☹️
මාලනි බුලත්සිංහ ගේ කටහඩට සාදාරනයක් ඉෂ්ට කරාට ස්තූතියි
Aththatama❤
කොච්චර ඇහැව්වත් එපා වෙන්නැති සින්දු ලිස්ට් එකෙ තියෙන එක සින්දුවක් මේක..❤ මේ වගෙ මහ රෑක මේක තනියම අහද්දි එන ෆීලීන් එක 😢💔
Agreed
සිය සැරයක් විතර ඇහුවා❤ තවත් කොච්චර අහයිද කියල මම වත් දන්නෙ නෑ✌️
ඒක තනිජරම පිස්සුවක්. එපාවෙන්නෙ නෑ.🥹🥰✌️
සඳ දිය දෙවුන සේ සිනහව පිපුණාමනුඹ කොයි තරම් සුවඳද මගෙ සිත ගාව..දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරානහමුවී වැළපෙමුද මෙලෙසින් හැමදාම...නෑඹුල් පැතුම් අහසට නැග රහසේමදිලිසෙන්නේද පුරපස දී සඳපාන...ඒ හඳ ඇයිද දියවක වී කුළු රෑකදියවී ගිහින් රැඳුණේ තරු ඇස ගාව...ළය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳසෝදා හල හැකිද ගැරහුම් රළ ගාව...කඩඉම ළඟ ඉඳන්වත් නුඹ හැමදාමමට අත වනාපන් නළියන නල සේම...
Thanks
අපේ කාලේ Supper stars ඩබල අසංක & චන්දන ලියනාරච්චි.❤❤
Ekenma ban
ඒ වයලීන් පාර්ට් එක. පිස්සු හැදෙන ගැහිල්ලක්
Super ,මෙයා ඉන්දියාවේ ඉපදුනානම් මේවනවිට මුලු ලෝකයේම ජනප්‍රිය වෙලා..💐🔥 🇱🇰 ..
ගී පද , ගී තනු , සංගීතය , ගායනය කොපමණ ඇහුවත් එපා නොවන බව පමණයි ලියන්නට පුළුවන්. 🎵🎵🎵.
අද තමයි ලස්සනටම ඇහුණේ.දෙවියනේ මෙච්චර ලස්සන සින්දු තියෙද්දි ❤මොනවද අද අපිට ඇහෙන්නෙ 😢.
පරණ සිංදු මේ විදියට ඇහෙනකොට එන සතුට ❤️🥺🥺💝
Atta sahodaraya 😊♥
විරහව 😌❤️
භාවනාවක් වගේ පුදුම සැහැල්ලූ ගතියක් හිතට දැනෙන්නේ. අසංක ප්‍රියමන්තගේ හඬ වගේම නිලාර් එම් කාසිම්ගේ පද රචනයත් සුපිරි.
Original සින්දුවට වඩා මේක ලස්සනයි... ❤️
සිතේ තියෙන හැගීමක් අකුරු කරල තියෙන අපූරුව. ප්‍රධානම දේ හැම මනුස්සයෙක්ගේම ආදරේ කියන හැගීම එකවගේම සුන්දරයි. ඒ වේදනාව දුකද අපි හැමෝටම පොදුයි❤
මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..,.ඒක පට්ට.....
තනිකර භාවනාවක්.Verse end එකේ වයලින් Part එක ඉහලින් වාදනය කිරීම ඉතාමත් රහයි...❤️❤️❤️❤️
හමු වී වැලපෙමුද මෙලෙසින් හැමදාම..😢😢❤
තිසර අයියෙ සුපිරිම ආදරණීය ගීතයක් හැමෝටම ස්තූතියි ඒ නිර්මාණය වෙනුවෙන් ❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ .ඒ තරම් හදවතට සමීප යි .
මේ සින්දුවට මම මෙච්චර ආස ඇයි කියලා තේරෙන්නෙ නෑ.මට කියාගන්න බැරි ගොඩක් දේවල් මේ සින්දුවේ කියවෙනවා.මුස්ලිම් කෙනෙක් මේක ලිව්වා කියලා හිතාගන්නවත් බෑ.❤❤
දවසට 10 වතාවක්වත් අහනවා... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ....
අසංගගේ පරන වොයිස් එක එක්ක මාලනී කියන ගීතය ෆිලින් වැඩි.මියුසික් මේ වර්ශන් එකේ ඉතා ඉහලයි
ළය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ.......සෝදා හල හැකිද ගැරහුම් රළ ගාව......😢😢
තනි මායාවක් මේක🥺🥀❤️🩹
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සිංදු කියන්නෙ මේවට 💖 ඒකට දැන් සිංදු ලියන උනුයි කියන උනුයිනම් හෙනම සාපයක්
අම්මපා
නන්දා මාලනී ගුරු මෑනියන්ගෙ තවත් එක ගෝලයෙක් වශයෙන් එතුමිය වෙනුවෙන් මෙම ගීතය රචනා කරන්න ලැබීම මට ජීවිතේ ලැබුන විශාල අවස්තාවක් , ඒවගේම මගේ සංගීත ගුරු තුමන් එම පදවැල් වලට තනුවන් දමා ගායනා කිරීම තවත් විශාල සතුටක් මගේ සංගීත ගුරු මෑණියන්ට පියාන්නට තෙරුවන් සරනයි යෙහෙන් වැජබෙන්න චිරං ජයතු
මොකක්🙄
නුඹ කොයිතරම් සුවඳඳ මගෙ හිත ගාව,, සඳ තරින්දා
භාවනාවක් වගේ 😍
නිලාර් කාසිම්ගෙ විශිෂ්ඨ පද රචනාවක් 😍
ගායනය වගේ මේ වාදකයින් ගැනත් වර්නනා කරමු හැමෝටම දීර්ඝායුශ❤
නුඔ කොයිතරම් සුවදද මගෙ සිත ගාව 💖💖💖💖💖
නුඹ කොයි තරම් සුවඳද මගෙ සිත ගාව 😔💔
Fantastic lyrics which streaming the pure love.
@@lalindrakasthuriarachchi5985 Fully agree, I still find it difficult to describe myself the meaning of this part..
@@sasithamadanasinghe1973yes indeed The in depth definition of the pure love was hidden n still alive as which we could express here. This creation is fantastic.
Female voice excellent ❤
Superb👍
Yes exelent
දෙන්නම ගොඩක් ලස්සනට ගායනා කරනවා good luck ❤️
මේ ගීතය වගේම ඒ සංගීතය. තනිකරම පිස්සුවක්.🥹❤️❤️🥰
කියන්න වචන නැහැ මාරම ලස්සන සින්දුවක් හරියට බාවනාවක් වගේ කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැහැ .❤❤😊
That Violin melody...how peaceful...without any reason now this song has become my favourite♥♥♥
❤️❤️❤️
Mee too
❤❤❤
Yes me too
This is a very soulful & meaningful song. Thats why♥️🥹✌️
මම මේ සින්දුව අහපු හැම වාරයකම දිනේ දාල ඇති.
නුබේ ආදරේ මගේ දෙනුවන් තෙමනවා වගේ 🥰🥰😘😘😘
කී පාරක් ඇහුවද කියලා මට මතකත් නෑ ඒ තරම් ලස්සනයි ඒක ❤❤
හරිම ලස්සන ගායනයක් සහ වාදනයක්... 👏👏👏
මාලිනියනි ඔබගේ අඩුව හොදටම දැනේ.....
නිලාර් කාසිම් ගීතරචකයා නම් මාරයි අප්පා...සජිව්ව මන් ඔහු දැකල නැතත් හදවතින්ම අගය කරන ගිත රව්කයෙක්
Kawda me kellath supiriyak 😮🎉❤❤❤❤
හරිම ලස්සනයි
අර boys ලගේ dance එක දැකල song එක හොයාගත්තෙ ❤.
හමු වි වැලපෙමුද මෙලෙසින් හැමදාම.. ❤️❤️❤️
Lyrics patta..Nilar lage hith kochchr lassana athida
Excellent music ..singing ....performance ..!!!❤❤❤❤❤❤❤❤❤
සුපිරි ❤️
ගායකයෝ පෙන්වන්න කීවොත් මෙන්න චරිත...❤❤❤
අසංක අපේ සංගීත නාමාවලියේ සලකුණක් ම තමා
යටින් යන බේස් ගිටාර් පාර👌🥺
Bass guitar එක විතරක් වෙනම කඩලා අහගත්තොත් Addition එකක්
භාවනාවක් ❤❤❤❤❤
Female voice මරු 🥰🥰😍😍😘
අසංකගෙ පරන voice එකෙන් අහලා බලන්න. UA-cam එකේ තියනවා.
ua-cam.com/video/RI5nkjpe0gk/v-deo.htmlAeththa ekanam
Wow....super lyrics ,music and preformance...🎉 keep it up naveesha.....❤
🎤What a meaningful song 🎻🎻🎺🎺Timeless
Listening to this over 20 years. still the same feeling..same interest, can listen again and again.
යෙස්
Math violin gahapu kenek me siduwe violin pat tika mage jiwithe mn dakapu ahapu lassanama violin pat tika supiri. 👍
භාවනාවක් තමයි ☺️❤
Backing music පට්ට
🎉පිස්සුවක්
පුදුම ලස්සන ගීතයක් ❤❤
Pattama patta
ඒක 😍😍🔥❤
මේ ඉස්සර අසංකමද සැක සහිතයි. නහයේ මොකක්ද හිරවෙලා එක්කෝ නැතිනම්
මාලනී බුලත්සිංහලයන්ගේ කටහඩට සම කල හැකි කෙනෙක් තවමත් බිහිව නොමැත
කියලා වැඩක් නෑ..ඒ හඬේ ජවය සහ ලාලිත්‍ය ලඟට ගෑවිලා වත් තියන හඬක් මම වර්තමානයේ දැකලා නෑ කිසිම කෙනෙක් ලඟ..👌
@@tharindugunarathne9425 🥰
ඒ උනාට මෙයත් ලස්සනට ගායනා කරනවා ❤️
@@anushagunarathna9803 aniwaryenma… apita ehemawat bene
@@tharindugunarathne9425 අනේ හෑලි කියන්නෙපා බන් මෙතන.ලබ්බක් කියෝනවා සිoදුව අහන්නැතුව කියන එකාව හෑල්ලු කරනව.කවුරුත් කාවවත් සම කරන්න ගියේ නෑ සිoදුව කිව්ව් විතරයි.වැලලෙන්නෙ නැතිව සිoදුව අහපන්
සුපිරි
Best song ever
මේ සංයමයෙන්ම තව පද පේලි ටිකක් ලියවුනානම් ....
Superb👌👌👌
👏👏👏👏👏👍👍👍👍
Puduma tharam lassanak thiyanne me senduwa athhamaiy bawanawak ❤❤❤
Nilar u are handling sinha language nicely.good luck
Wooooow amazing
මෙිකේ වැඩිම view ඇත්තේ මම අහපුවාර වල වෙන්න ඇති...
Superb
excellent super ❤❤❤❤
❤❤❤❤සදාතනික සිංදු ,,,,
Supiriyak❤️
Excellent!
හමුවී වැලපෙමූද හැම දාම 😅😅😅
Love this ❤
දැන් ඉන්න අයට මේ ලෙවල් එකට එන්න බැරි උවමනාව නැති කමද නොහැකියාවද
Music😮❤
Nice backing and singing
What a fantastic music this is
මාලනි මිස් ❤❤❤ ආදරනිය ගුරුතුමිය
සඳ ගැන ලියවුනු මේ ගීතයේ යටි අර්ථයත් එක්ක දැහැන් ගතවෙන්න හිතුනා. පුදුම ලස්සන චිත්ත රූප මවන ගමන් පැවසෙන යටි අර්ථය ඉතාමත් සුන්දරව නිලාර් N කාසිම් ලියල තියනවා කියලයි මටනම් මේ ගීතය රස විඳිනකොට හිතෙන්නේ.
පද දිගේ ගිහින් ටිකක් තේරුම් ගන්න උත්සහයක් ගත්ත. මේ අදහස් මට දැනුන තේරුණ දේවල් මිසක්, මේ ගීතය ලියු රචකයාගේ අදහස් සමඟ එක එල්ලේම සැසදෙන්නේ නැති වෙන්න පුළුවන්. කියවන ඔබට වෙනත් අදහසක් දැනෙන්නත් පුළුවන්. ඒක ගැටළුවක් නොවන්නේ ඕනෑම කවියක් තුල බහු අර්ථ තිබෙන්න පුළුවන් නිසා.
මගේ අදහස් එක්ක පද පේලියෙන් පේලියට ගීතය දිගේ රැගෙන යන්නම්.
සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම
නුඹ කොයි තරම් සුවඳද මගෙ හිත ගාව
හුදකලාවූ රාත්‍රියක තනියට ඉන්න සඳ, සඳ කැලුම් දෙනවා වගේ ප්‍රේමවන්තිය ගේ සිනහව කියන්නෙත් ප්‍රේමවන්තයෙක් ඇඳ බැඳ තබාගන්න හැකියාවක් තියන සුන්දර අත්දැකීමක්, සිතිවිල්ලක්. ඇසින් දැක්කට අන්තිමට නතර වන්නේ තමන්ගේ හිත ළඟ, ඒ සුවය, සුවඳ විදින්න පුළුවන් වෙන්නේ ආදරණීය හදවතකට. එය මෙතෙකැයි කියා කියන්න පුලුවන්ද කියා කවිය බොහොම අපුරුවට දනවන්න උත්සහ කරනවා මෙතන.
දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන
හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම
හැම ආදරණීය හමුවීමකටම සමාජය, කුලය, ජාතිය, ආර්ථික තත්වය, වයස එක එල්ලේම ආශිර්වාදයක් නොවෙන්න ඕනෑ තරම් හේතු තියෙනව. මේවා හරස්වෙනකොට, සැබවින්ම ආදරයෙන් බැඳුනු අයට හමුවීමක් කියන්නේම වැලපීමක්. අත් හැර ගන්න බැරි බැඳීම්, ඒවා හැමදාමත් නතර වන්නේ වැලපීමක් ඇති තැනක. වැලපෙමින් හෝ හමුවීම සැනසිල්ලක් වන්නේත් ඒ නිසයි. එම අර්ථය මානාව සංක්ෂිප්තව පද දෙපෙලකින් මානව උකහා දක්වල තියනවා.
නෑඹුල් පැතුම් අහසට නැඟ රහසේම
දිළිසෙන්නේ ද පුර පස වී සඳපාන
ආදරයෙන් පිරුණු හදවතකට හිතෙන්නෙම දැනෙන්නෙම සුන්දර ප්‍රර්ථනා. නැවත නැවතන් අලුත් වෙන මේ සිතිවිලි මොනතරම් සිත රහසින්ම දුරක අරන් යනවද ? ආසිර්වාදය නැති ප්‍රේම කතාවක පැතුම් සඳක් වී පුර්ණ චන්ද්‍රයා වගේ තමන්ගේ සිත් අහස පුරා දිදුලන හැටි, විඳින හැටි බොහොම අපුරුවට චිත්රණය කරල තියනව.
ඒ හඳ .. ඇයි ද .. දියවක වී පුණු රෑක
දිය වී ගිහින් රැඳුණේ තරු ඇස ගාව
කොච්චර ප්‍රර්ථනා තිබුනත් පියවි ලොකයේ ඒවා යථාර්තයක් නොවන තැන නතර වෙන්නේ කඳුළු වල. පසලොස්වක සඳ අමාවක නොවී දියවක වී දියවී ගොස් නැතිවෙලා යන්නේ කඳුළු පිරුණු තරු ඇසක් ළඟ, හරියට කඳුළු තරු වෙලා දිලිසෙනවා වගේ. ඉතාම අපුරුවට මේ හැගීම යටි අර්ථයක් විදිහට චිත්රණය කරල තියනව මෙතන, ඒ වගේම කවියෙකුගේ පරිකල්පන ශක්තිය වෙනම තලයක තියන බව පෙන්නලා තියනව.
ලය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ
සෝදා හල හැකි ද ගැරහුම් ගල ගාව
විරහව තීව්රව දැනෙනකොට ඒවා පිටකරන්නේ ඉච්චා බන්ගත්වයෙන් සුසුම් ලමින්. නමුත් එහි හැගීම එහි සුවඳ මොන තරම් තීව්‍රද කියතොත්, ඒවා ගැරහීම් වලින් සෝදා හරින්න බැරි තරම් හදවට කා වැදුණු සිතිවිලි, සුවඳ බව ඉතාම ලස්සනට දක්වන්න උත්සහකරලා තියනව අපුරුවට.
කඩඉම ලඟ ... ඉඳන් .. වත් නුඹ හැමදාම
මට අත වනාපන් නළියන නළ සේම
නොගැලපීමක සීමාව ළඟ තියන කඩයිම ළඟ නතරවෙන තැන හැරෙන්නත ඉදිරියට හෝ පසුපසට යා නොහැකි මේ සම්බන්ධය අවසානයේ හිමිවන්නේ අත්හැරීමක් නැති හිමිකරගත නොහැකි සංක්‍රාන්තියක. එතන සැහීමකට පත්වෙන තැන නතර වන්න ඇරයුම් කරන්නේ ප්‍රේමයේ සදාකාලික සුවය මඳ නල සේ හැමදාමත් දැනෙන ලෙසට.
මේ ගීතය ඉතාම උසස් ගීතයක් විදිහට රසවිඳින ගමන් කවි වලට ඇලුම් කරන කවි ලියන හැමෝම වෙනුවෙන් මේ සටහන තියන්න පොඩි උත්සහයක් ගත්ත.
❤
විශිෂ්ටයි 👍🏼
❤️
Thank you ❤
Great 🎉
ඇයි මේ සින්දුව මේ තරම් ලස්සන 😕💔❤️
Hamadema sampurna nisa
අනේ මන්දා බං.මටත් ඕකම හිතුනා.😢
රාවතාවත්ත පන්ති ඇරිලා, මොරටුවේ ඉඳන් පන්ති එන ක්‍රශ් එක ගැන හිත හිතා, 158 බස් එකේ ගෙදර යන ගමන් අනන්තවත් අහලා තියෙනවා ❤️❤️❤️
💔
සින්දුද බන් මේවා...මටනම් බාවනාවක්...ඒ තරමටම ලස්සනයි
අන්න ඒකයි 😍🤝❤️
මේ වාදකයන්ගේ නම් දාන්න පුලුවන් නම් Description එකට ගොඩාක් වටිනවා. මේවගේ වාදනය කිරීම ඉතාම අසීරු දෙයක්. මේවගේ output එකක් දෙන්න මෙයාලගෙ දක්ශකම හරිම වටිනවා. මෙයාල බාගෙට play කරොත් මේ වගේ අපිට රස විඳින්න වෙන් නෑ කොහොමටවත්. ඒනිසා හරිම වටිනව වාදක පිරිසගේ නම් දාන්න පුලුවන් නම්.
Yes, agreed
@@hameshmaningamuwa6861yes music is touching the original
අනිවාර්යෙන්ම සහතික ඇත්ත , ගොඩක් පිරිසකගේ මහන්සියේ අවසාන ප්‍රතිපලයක් තමයි අපිට ඇහෙන්නේ
Yes indeed ❤🥹✌️
නිලාර් අයියා මේ තමයි සහජීවනය
ගී පද රචනය හරිම රසයි
අතීතයේ සොදුරු තැන් මතක් වෙනවා
ජේසු පිහිටයි සැමටම
Nilar N Kasim . ලියන එක ලියන්ල තියනවා රිදෙන්න
කැසට් එක ඇහුවා වගේ ඇත්තටම අසංග අයියා කියන්නේ තවත් අපේ ගීතාවලියේ නොමැකෙන සටහනක් තැබූ කටහඩක් ❤️ ජාතික රෑපවාහිනියට ස්තූතිය මෙවැනි වැඩසටහන් අපහට ලබාදීම ගැන 🙏🙏❤️
ජිවිතෙ ගොඩක් පස්සට යනවා මේ සිංදුව ඇහෙනකොට............ජිවිතේ අමතක නොවනම කාලයක් .......තමත් එදා වගෙම ආදරෙයි වෙනකෙනෙක්ගෙ උනත්.................
අතීතයට අරන් යන සිංදු බන් මෙවා,,,,,🥰🥰🥰❤️❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්න නැතී තරමට ඒ වචන හිතට කා වැදීලා...❤..
මේක තමයි අද ලංකාවේ දේශපාලනය විසින් නැති කරපු සහජීවනය ...නිලාර් N කාසිම් ❤❤
ඇත්තටම නේද.☹️
මාලනි බුලත්සිංහ ගේ කටහඩට සාදාරනයක් ඉෂ්ට කරාට ස්තූතියි
Aththatama❤
කොච්චර ඇහැව්වත් එපා වෙන්නැති සින්දු ලිස්ට් එකෙ තියෙන එක සින්දුවක් මේක..❤ මේ වගෙ මහ රෑක මේක තනියම අහද්දි එන ෆීලීන් එක 😢💔
Agreed
සිය සැරයක් විතර ඇහුවා❤ තවත් කොච්චර අහයිද කියල මම වත් දන්නෙ නෑ✌️
ඒක තනිජරම පිස්සුවක්. එපාවෙන්නෙ නෑ.🥹🥰✌️
සඳ දිය දෙවුන සේ සිනහව පිපුණාම
නුඹ කොයි තරම් සුවඳද මගෙ සිත ගාව..
දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන
හමුවී වැළපෙමුද මෙලෙසින් හැමදාම...
නෑඹුල් පැතුම් අහසට නැග රහසේම
දිලිසෙන්නේද පුරපස දී සඳපාන...
ඒ හඳ ඇයිද දියවක වී කුළු රෑක
දියවී ගිහින් රැඳුණේ තරු ඇස ගාව...
ළය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ
සෝදා හල හැකිද ගැරහුම් රළ ගාව...
කඩඉම ළඟ ඉඳන්වත් නුඹ හැමදාම
මට අත වනාපන් නළියන නල සේම...
Thanks
අපේ කාලේ Supper stars ඩබල අසංක & චන්දන ලියනාරච්චි.❤❤
Ekenma ban
ඒ වයලීන් පාර්ට් එක. පිස්සු හැදෙන ගැහිල්ලක්
Super ,
මෙයා ඉන්දියාවේ ඉපදුනානම් මේවනවිට මුලු ලෝකයේම ජනප්‍රිය වෙලා..💐🔥 🇱🇰 ..
ගී පද , ගී තනු , සංගීතය , ගායනය කොපමණ ඇහුවත් එපා නොවන බව පමණයි ලියන්නට පුළුවන්. 🎵🎵🎵.
අද තමයි ලස්සනටම ඇහුණේ.දෙවියනේ මෙච්චර ලස්සන සින්දු තියෙද්දි ❤මොනවද අද අපිට ඇහෙන්නෙ 😢.
පරණ සිංදු මේ විදියට ඇහෙනකොට එන සතුට ❤️🥺🥺💝
Atta sahodaraya 😊♥
විරහව 😌❤️
භාවනාවක් වගේ පුදුම සැහැල්ලූ ගතියක් හිතට දැනෙන්නේ. අසංක ප්‍රියමන්තගේ හඬ වගේම නිලාර් එම් කාසිම්ගේ පද රචනයත් සුපිරි.
Original සින්දුවට වඩා මේක ලස්සනයි... ❤️
සිතේ තියෙන හැගීමක් අකුරු කරල තියෙන අපූරුව. ප්‍රධානම දේ හැම මනුස්සයෙක්ගේම ආදරේ කියන හැගීම එකවගේම සුන්දරයි. ඒ වේදනාව දුකද අපි හැමෝටම පොදුයි❤
මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..,.
ඒක පට්ට.....
තනිකර භාවනාවක්.Verse end එකේ වයලින් Part එක ඉහලින් වාදනය කිරීම ඉතාමත් රහයි...❤️❤️❤️❤️
හමු වී වැලපෙමුද මෙලෙසින් හැමදාම..😢😢❤
තිසර අයියෙ සුපිරිම ආදරණීය ගීතයක් හැමෝටම ස්තූතියි ඒ නිර්මාණය වෙනුවෙන් ❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ .ඒ තරම් හදවතට සමීප යි .
මේ සින්දුවට මම මෙච්චර ආස ඇයි කියලා තේරෙන්නෙ නෑ.මට කියාගන්න බැරි ගොඩක් දේවල් මේ සින්දුවේ කියවෙනවා.මුස්ලිම් කෙනෙක් මේක ලිව්වා කියලා හිතාගන්නවත් බෑ.❤❤
දවසට 10 වතාවක්වත් අහනවා... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ....
අසංගගේ පරන වොයිස් එක එක්ක මාලනී කියන ගීතය ෆිලින් වැඩි.මියුසික් මේ වර්ශන් එකේ ඉතා ඉහලයි
ළය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ.......
සෝදා හල හැකිද ගැරහුම් රළ ගාව......😢😢
තනි මායාවක් මේක🥺🥀❤️🩹
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සිංදු කියන්නෙ මේවට 💖 ඒකට දැන් සිංදු ලියන උනුයි කියන උනුයිනම් හෙනම සාපයක්
අම්මපා
නන්දා මාලනී ගුරු මෑනියන්ගෙ තවත් එක ගෝලයෙක් වශයෙන් එතුමිය වෙනුවෙන් මෙම ගීතය රචනා කරන්න ලැබීම මට ජීවිතේ ලැබුන විශාල අවස්තාවක් , ඒවගේම මගේ සංගීත ගුරු තුමන් එම පදවැල් වලට තනුවන් දමා ගායනා කිරීම තවත් විශාල සතුටක් මගේ සංගීත ගුරු මෑණියන්ට පියාන්නට තෙරුවන් සරනයි යෙහෙන් වැජබෙන්න චිරං ජයතු
මොකක්🙄
නුඹ කොයිතරම් සුවඳඳ මගෙ හිත ගාව,,
සඳ තරින්දා
භාවනාවක් වගේ 😍
නිලාර් කාසිම්ගෙ විශිෂ්ඨ පද රචනාවක් 😍
ගායනය වගේ මේ වාදකයින් ගැනත් වර්නනා කරමු හැමෝටම දීර්ඝායුශ❤
නුඔ කොයිතරම් සුවදද මගෙ සිත ගාව 💖💖💖💖💖
නුඹ කොයි තරම් සුවඳද මගෙ සිත ගාව 😔💔
Fantastic lyrics which streaming the pure love.
@@lalindrakasthuriarachchi5985 Fully agree, I still find it difficult to describe myself the meaning of this part..
@@sasithamadanasinghe1973yes indeed The in depth definition of the pure love was hidden n still alive as which we could express here. This creation is fantastic.
Female voice excellent ❤
Superb👍
Yes exelent
දෙන්නම ගොඩක් ලස්සනට ගායනා කරනවා good luck ❤️
මේ ගීතය වගේම ඒ සංගීතය. තනිකරම පිස්සුවක්.🥹❤️❤️🥰
කියන්න වචන නැහැ මාරම ලස්සන සින්දුවක් හරියට බාවනාවක් වගේ කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැහැ .❤❤😊
That Violin melody...how peaceful...without any reason now this song has become my favourite♥♥♥
❤️❤️❤️
Mee too
❤❤❤
Yes me too
This is a very soulful & meaningful song. Thats why♥️🥹✌️
මම මේ සින්දුව අහපු හැම වාරයකම දිනේ දාල ඇති.
නුබේ ආදරේ මගේ දෙනුවන් තෙමනවා වගේ 🥰🥰😘😘😘
කී පාරක් ඇහුවද කියලා මට මතකත් නෑ ඒ තරම් ලස්සනයි ඒක ❤❤
හරිම ලස්සන ගායනයක් සහ වාදනයක්... 👏👏👏
මාලිනියනි ඔබගේ අඩුව හොදටම දැනේ.....
නිලාර් කාසිම් ගීතරචකයා නම් මාරයි අප්පා...සජිව්ව මන් ඔහු දැකල නැතත් හදවතින්ම අගය කරන ගිත රව්කයෙක්
Kawda me kellath supiriyak 😮🎉❤❤❤❤
හරිම ලස්සනයි
අර boys ලගේ dance එක දැකල song එක හොයාගත්තෙ ❤.
හමු වි වැලපෙමුද මෙලෙසින් හැමදාම.. ❤️❤️❤️
Lyrics patta..
Nilar lage hith kochchr lassana athida
Excellent music ..singing ....performance ..!!!❤❤❤❤❤❤❤❤❤
සුපිරි ❤️
ගායකයෝ පෙන්වන්න කීවොත් මෙන්න චරිත...❤❤❤
අසංක අපේ සංගීත නාමාවලියේ සලකුණක් ම තමා
යටින් යන බේස් ගිටාර් පාර👌🥺
Bass guitar එක විතරක් වෙනම කඩලා අහගත්තොත් Addition එකක්
භාවනාවක් ❤❤❤❤❤
Female voice මරු 🥰🥰😍😍😘
අසංකගෙ පරන voice එකෙන් අහලා බලන්න. UA-cam එකේ තියනවා.
ua-cam.com/video/RI5nkjpe0gk/v-deo.html
Aeththa ekanam