දොස්තර කෙනෙක්ගෙ වෘත්තීය ජීවිතය ගොඩනැගෙන හැටි | Specialist කෙනෙක් වෙන්නෙ කොහොමද? (2023)
Вставка
- Опубліковано 2 гру 2024
- ලන්කාවෙ පවතින අධ්‍යාපන ක්‍රමය යටතේ වෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධිය (MBBS) සැලකෙන්නෙ ඉහළම අධ්‍යාපන සුදුසුකමක් විදියට. අවුරුදු දෙක හමාරක උසස් පෙළින් පසු ඉතාමත් සුළු ප්‍රතිශතයක් පමණක් සුදුසුකම් ලබන වෛද්‍ය විද්‍යාලයක වසර පහක අධ්‍යාපනයෙනුත්, ඉන්පසු වසරක කාලයක් දින 365ම පැය 24ම රෝහල් පරිශ්‍රය තුළ රැදී සිටිමින් සේවය කළයුතු සීමාවාසික පුහුණුවකිනුත් පසුව තමයි සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් බිහිවෙන්නෙ. මේ එසේ නිර්මාණය වන වෛද්‍යවරයාගේ අනාගත කතාවයි.
ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. පුළුවන් වෙලාවට මේකෙත් videos දාන්නම්. එහෙනම් කට්ටියටම ජයවේවා!
මේක මගෙ 4 වෙනි UA-cam චැනල් එක. පහළ තියෙන්නෙ ඉතුරු තුන. කැමතිනම් ගිහින් බලන්න.
Planet 361 - / planet361
STIpper - / stipper
The Game Bugger - / thegamebuggers
යකෝ උඹල වගේ පඩිය බලාගෙන මේ රස්සාව කරන හිගන්නො මේ රටෙන් යන එක්මයි හොඩ.ඉස්සර දොස්තර්ල කීවෙ දෙවිවරු වගේ. දැන් ඒකට් සල්ලි මත්තෙ නැහෙන පෙරේහයො වගේ. උබල අපේ බදු සල්ලි වලින් ඉගෙන ගත්ත කියල මතක තියාගනිල්ල. එහෙම ඉගෙන ගත්ත උන්ට හරිනම් පඩි ගෙවන්න ඕනත් නෑ. උබලගෙන් පඩි නොදියි වැඩගන්න ඔනඋබලට ඇති වෙනකන් මේ රටේ මිනිස්සු වියඩම් කරල තියනව. හරිනම් උබල මේ රටට නයයි. ඒ නය ගෙවල ඉදපන් ඉස්සෙල්ලා. ඉට පස්සෙ රට නෙමෙ අපායෙ ගියත් අපට කමක් නැ. ඔන්න කියන්න් තියන් ටිකකෙලින්ම කිව්ව.
එකක් හරියට කියන්නකො. අපි දැන් රටෙන් යන්නද ඕන? නැත්නම් ණය ගෙවලද රටෙන් යන්න ඕන? ( ප.ලි - අඩුම තරමෙ thumbnail එක විතරක් නොබලා video එකත් සම්පූර්ණයෙන් බැලුවනම් මේ comment එක ඔයා නොදා ඉන්නත් තිබ්බ) ස්තූතියි
මෙවා ගනන් ගන්ඩ එපා ඩොක්කට 😂. සගෙ වයිෆ් මානසික වෛද්‍යවරයෙක් නෙද එයාට පෙන්නුවනන් හරි මුව 😂.
Ehenam oya igena ganna epai😅 irisiyawa😆
මචන් ගොන් කතා කියන්නෙපා උබේ සල්ලි වගේම ඒ ඩොක්ටර්ලගේ අම්ම තාත්ත වගේම ඩොක්ටර් මේ වෙනකලුත් රජයට බදු ගෙව්ව වගේම ගෙවනව...ඔයා විතරක් ගෙව්වෙ නෑ...ඒ වගේම ඔයා මේ වෙනකල් ඩොස්තරලාගෙන් ඔයාව චෙක් කරගන්නත් සල්ලි ගෙව්වෙ නෑනෙ...හිතනව උබටත් ටාගට් තියෙන්ව කියල ඒ සේරටම සල්ලි ඕනී...හිතනවා මේ කමෙන්ට් එක දැකල උබේ මොලේ පෑදෙයි කියලා...
දෙයක් කියන්න කලින් දැනගෙන කියන්න😂මේ ප්‍රශ්නය මෙ මනුස්සයගෙන් ඇහුවෙ ,doctor කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න ලමයි,මන් කලින් videos වල comments වල දැකල තියනව ,ඒක සුලුවෙන් කියන්න බැරි නිසා තමයි video එකක් මේ සම්බන්ධයෙන් දාන්න ඇත්තෙ😁අනික මන් දන්න තරමින් මෙ doctor private වත් කරන් නෑ දෙයක් කියන්න කලින් පොඩ්ඩක් හොයල බලන්න , මේ වගෙ සැර ප්‍රකාශ ඇති මෙ රටේ ඉන්න එකත් එපා වෙන්නම,
Pin කරපු කමෙන්ට් එකට
මෙහෙමයි.. බදු සල්ලි වලින් ඉගෙන ගත්ත කිව්වට , මං මෙහෙම මෙහෙම කතාව පටන් ගන්නම් කෝ..
එකේ පන්තියේ ඉඳන් 11 ඉදන් 11වසරට යනකම් එක මනුස්සයෙක් වෙනුවෙන් රජය කොච්චර වියදම් කරනවද... එතකොට ඒ වියදම් කරන වියදම් කෙරිල්ලට වටිනා කමක් දෙන්න පුළුවන් වෙන්නේ ඕ ලෙවල් පාස් වෙන කට්ටියට ද ඕලෙවල් fail වෙන කට්ටියට ද.. ලංකාවේ වැඩිපුර ඉන්නේ ඉන්නෙ මේ කොටස් දෙකෙන් කවුද... ඒ කියන්නේ එකේ පන්තියේ නං 11වසරට යනකම් රජයේ වියදම් කරලා උගන්නපු ඒවගෙන් ප්‍රයෝජනයක් ගන්න මිනිස්සු ද ලංකාවේ ඉන්නෙ.. එතකොට ඒ අධ්‍යාපනය අතහැරලා වෙන වෙන ජොබ් කරන අය වෙනුවෙන් අවුරුදු 12ක් රජයේ වියදම් කරලා නැද්ද ?
මේ කමෙන්ට් එක දාපු කෙනා එතකොට ඉස්කෝලේ ගිහින් නැද්ද රජයේ බදු මුදල් වලින් ඉගෙනගෙන නැද්ද... ඒවට හරි වටිනාකමක් කමෙන්ට් එක දාපු පුද්ගලය දීලා තියෙනවද.........
මං කියන්න ඕන ඊළඟ කතාව තමයි , සා.පෙළ වලින් පස්සේ bio තෝරගන්න ගොඩක් අය ලේසියෙන් දොස්තරලා වුණේ නැහැ .. භෞතික විද්‍යාව කියන්න එකම ඉමක් කොනක් නැති විෂය පථයක්.chemistry ක් කියන්නේ ඒ වගේ දෙයක් ... උසස් පෙළ රජයේ ඉස්කෝලවලින් උගන්වනවා ගොඩක් අඩුයි.බයෝ කරන එකෙක් අහිංසක අම්මගේ තාත්තගේ සල්ලි අරගෙන ටියුෂන් පන්ති ගානේ ගිහිල්ලා තමයි විෂය දැනුම එකතු කරගෙන විභාගයට ලියන්නෙ ඒක කවුරුත් දන්නවා....
එතකොට අම්මගේ තාත්තගේ සල්ලි කියන්න රජයේ බදු මුදල් ද.....
ඊළඟ කාරණය ටියුෂන් පන්ති එකට ගිහිල්ලා අඟල් හයක් විතර වෙන බංකුවක පස්ස තියාගෙන උදේ හතේ නම් හවස හතර පහ වෙනකන් මේ ලෝකෙ තේරෙන්නැති දේවල් ඉගෙන ගන්නවා කියන්නේ පට්ට කට්ටක්..
තරුණකම මෝරන කාලේ තරුණ කමත් යට කරගෙන ගේමක් ගහලා ඉගෙන ගන්නවා කියන්නේ පට්ටම කට්ටක්... මොකද bio කරලා medicine යන ගොඩක් අයට තරුණ කාලේ කැප කරන්න වෙනවා..අනිත් විෂයන්වලට අපහාස කරනවා නෙවෙයි.. ඒත් උන්ට වඩා අපි පට්ට දුකක් විදින්නෙ.. එතකොට පොඩ්ඩක් ඒ කරන කැප කිරීම ගැන අවබෝධ කරගන්න ..උදේ ඉඳන් හවස් වෙනකම් පන්තියේ ඉඳලා . පන්ති ඉවර වෙලා බස් එකේ ඇවිල්ලා ගෙදර ගිහින් නිකන් ඉන්න වත් නෙවෙයි අපි.. ඒ දුන්න තීර නෝට් එක ඒ විදිහට පාඩම් කරන්න ඕන ..එහෙම කරේ නැත්තං ඊළඟ දවසේ වැඩ දෙගුණ වෙනවා..එතකොට දැනෙන ආතතිය කොච්චරද කියල කියන්න තේරෙන්නේ නැහැ...ඒ ආතතියත් එක්ක වැඩ කරනවා කියන්නෙත් පට්ට කට්ටක්... විෂය කොච්චර ඉගෙන ගත්තත් පේපර්ස් වලට වෙලාවකට ලකුණු එන්නේ නැහැ ඒ හැමදේම දරාගෙන වැඩ කරන්න ඕනේ....
පොඩ්ඩක් හිතලා බලන්න උඹලට නිධානයක් හාරන්න කියනවා කවුරුහරි.... ඒත් එක මැණික් කැටියක් හම්බෙන්නෙ නැතුව උඹ ඕක අවුරුදු දෙක හමාරක් යනකම් හාරයි ද.. මැදින් අතහැරලා දාන්න තියෙන සම්භාවිතාවේ ගොඩක් වැඩියි
උසස් පෙළ බයෝ කියන්නෙත් අන්න ඒ වගේ දෙයක්..සමහර වෙලාවට දිනුම් කනුව පේන්ණුව පේන්නෑ paper වලට ලකුණු නෑ..ඒත් අපි මැරීගෙන පාඩම් කරනවා..... හරියට නින්දක් නෑ ..ජීවිතයේ ආතල් කියන කොටස අපිට නෑ........ කෙමිස්ට්‍රි පන්තියට ගියොත් හැමදාම paper..bio පන්ති වලත් එහෙමයි... භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50 ක් තියෙනවා ඔය එක ප්‍රශ්නයක් හරි විනාඩි දෙක හමාරෙන් හදන්න ඕන... පොඩ්ඩක් හිතන්න ඔයාලට ගමනක් යන්න තියෙනවා හැබැයි පාරවල් දහක් දාහක් අතරින් ඔයා හරි හරි පාර තෝරගන්න ඕනෙ විනාඩි දෙකහමාරක් තුළ ......
අන්න ඒ වගේ වැඩක් තමයි විනාඩි දෙක හමාරක් තුල ඒ ප්‍රශ්න වලට උත්තර හොයනවා කියන කියන එක.. ඒ ගණන් හදන්න ක්‍රම දාහක් තියෙන්න පුළුවන් හැබැයි හරි ක්‍රමය තියෙන්නෙ එකයි...... අනික ඕක හොයා ගන්න ඕනෙත් විනාඩි දෙකහමාරක් ඇතුළත... ඒක හොයාගන්න නිකං බැහැ අපි මේ කාලය ඇතුළත එකම පාඩමේ ගණන් දාහක් දෙදහක් හදනවා සමහර වෙලාවට පන්දහක් හයදහස් වෙන්නත් පුළුවන්.... ඕකෙන් වැරදෙන ඒව ආයෙ හදනවා....එකම ගාන දවසම ට්‍රයි කරනවා ..... මම හිතන්නේ සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට ඒකාකාරව පුටුවකට වෙලා කෝල් එක තියෙන රුල් දෙකක ප්‍රශ්නයක් වෙනුවෙන් මුළු දවසම කැප කරන්න පුළුවන්ද කියලා ඒක මාර කට්ටක්
ඔය දොස්තර වෙන හැමෝම ඒ කට්ට කනවා... රජයේ වියදම් කර පමණින් දොස්තරලා වෙන්නේ නැහැ.......
ඒ උසස් පෙළ කතාව.... එතකොට ලංකාවේ එක 1වසරේ ඉදන් 13වසරට යනකම් රජය ලමයෙක් වෙනුවෙන් වියදම් කරනවා ..ඒ වියදමට වටිනාකමක් දීලා කොහොමහරි medicine යනවා කියලා කියන එක හරි ලේසි දෙයක් නෙවෙයි.....
කුලියට රුපියල් දාහක් හොයන එක හරි අමාරුයි... දොස්තර කෙනෙක්ට දවසකට දාහක් හොයනවා කියන එක හරි ලේසියි.. හැබැයි මතක තියාගන්න එයා ඒ වෙනුවෙන් කැප කරපු කාලේ සෑහෙන්න විශාලයි..... කමෙන්ට් එක දාපු කෙනා අඩුම ජීව විද්‍යාව භෞතික විද්‍යාව වෛද්‍ය විද්‍යාව කියන එක වත් දන්නෙ නැති කෙනෙක් වෙන්න පුළුවන්...බනිනව නෙමෙයි අපි කියන්නේ අපි මේ වෙනුවෙන් කරන කැප කිරීම ගැන ........
ඉතිරි ටික
medical faculty ගියාට පස්සේ එතන වෙනම කට්ටක් තියෙන්නෙ... exam එක්සෑම් ඉවරයක් නැහැ මං දන්න විදියට...... අවුරුදු 23න් පටන් ගන්න ඉගෙනීම අවුරුදු විසිහතක් වෙනකන් අපි කරනවා එතකොට අවුරුදු 28 කට පස්සේ අපි ලොකු කැපකිරීමක් කළ දොස්තර කෙනෙක් උනහම අපි වෙනුවෙන් ඒ ගෙවන මුදල සාධාරණ නැද්ද....
රජයේ මගින් වියදම් කරන එකට වඩා වෛද්‍ය ශිෂ්‍යයෙක් එය වෙනුවෙන් කරන කැප කිරීම සංසන්දනය කරන්න බෑ.... මේක ඇතුලේ අපි මානසිකව ම නො මැරී මැරෙන වාර වල් අනන්තයි.... මේක කට්ටක්......
දොස්තර කියන්නෙත් මනුස්සයෙක් එයා එයාගෙ සුදුසු මං ටික හදනවා මාර කැපකිරීමක් කරලා රජයේ වියදම් කනවා ඇත්ත හිත් හා රජයේ වෛද්‍ය ශිෂ්‍යයෙක් නිර්මාණය කරනවා නෙවෙයි.... ඒ හින්දා වෛද්‍ය ශිෂ්‍යයෙක් කරන කැප කිරීමට වටිනාකමක් එයාගෙ ජීවිතේට හම්බෙනවා ... ඉතින් එයාට එයාගේ ජීවිතේ කැමති විදියට විඳින්න පුළුවන්.....
මේ වෙනුවෙන් කරපු කැපකිරීම් ගැන දන්නේ නැති කවුරුත් , මං හිතන්නේ නෑ දොස්තර කෙනෙක්ව විවේචනයට සුදුසුයි කියලා...
සරලවම කතාව ඕක තමයි. ඒ වුණාට ඕක මිනිස්සුන්ට තේරුම් කරන්න බෑ. එයාල දොස්තරල දිහා බලන්නෙ bios වෙලාමයි. ඒ නිසා ටික දවසක් යද්දි තේරුම් ගන්නව මිනිස්සු හදන්න අමාරුයි, අපි හැදිලා මේව දාල යන එක තමයි හොදම කියලා
ඇත්ත කතාව, හ්ම්
eka aththa. Math maths krn kenek. Dnnw kohomd ktt kynn hmdaam kpakirrim tmai.
ඔයාගෙ කතාව හරියටම හරි.මාත් එකගයි.මොකද මාත් bio කරන්නේ.ඒක කරපු අය විතරයි එකේ දුක දන්නේ😢
ඔබ නිහතමානී සරල කෙනෙක් බව පේනවා. බහුතරයක් දොස්තරලා තමන්ගේ ස්ටේටස් එක මේන්ටේන් කරන්න පුදුම විදිහට මහන්සි වෙනවා. ඒක fake කියලා කවුරුත් දන්නවා.
අඩු ගානෙ ඔබ කිවූ කරුණු සමාජගත වෙනවටවත් කැමති නෑ.
ඒලෙවල් කාලේ අක්කෙ අයියේ කියාගෙන හිටපු අය නලාව කරට වැටුනම ලොකු එක දෙනවා.
සරලව ජීවත් වෙන දොස්තරලා අසරණ මිනිස්සුන්ගේ දුකට පිහිට වෙලා, ආර්ථිකයත් ශක්තිමත් කරගෙන සමාජයේ නොමඳ ගෞරවයට පාත්‍ර වෙනවා.
ඔබට ජය....!
Doctorsලා status maintain කරන්න ගිය නිසා තමයි අද වෙද්දි මේ තරම් අඩු පඩියකට රැකියාව කරන්න වෙලා තියෙන්නෙ. හැබැයි ඒකට අඩු වැඩි වශයෙන් හැමෝම වගකියන්න ඕන. Doctorsලට නැති දේවත්වයක් මවාපාලා අමුතුම තත්ත්වයක් සමාජයේ ඇතිකළේ මිනිස්සුම තමයි. ඊට පස්සෙ කරන රැකියාවට ගැළපෙන salary එකක් ඉල්ලන්න බෑ, මිනිස්සුම කියනව 'අපි උඹලට දේවත්වයෙන් සලකනකොට උඹලට මෙහෙම පඩි වැඩි කරන්න ඉල්ලන්න අයිතියක් තියනවද' කියල. මම හිතන්නෙ අද වෙනකොට වෛද්‍යවරු මේ තරම්ම රට අතෑරලා යන කතාවෙ මූලාරම්භය ඔතන
මම විදේශීය university එකක දැනට ඉගෙනගන්න medical sutudent . අයියගේ video මම al කරන කාලේ ඉදන් බැලුවේ. මම al කරනකාලේ doctorකෙනෙක් වෙන්නේ නැ කියන අදහසෙන් හිටියේ. එක වෙනස් උනේ අයියගේ lifestyle දැකල. උඩ comment එකක තිබ්බ දෙ දැක්කම හිතුනේ එ comment එක දාපු දැණුම හරිම දුර්වලයි medicine ගැන. university ඇතුලෙ වෙන මහන්සිය දන්නේ medical studentsla ම විතරයි.
සතුටුයි මාව දැකල life style එක වෙනස් කරා වගේ ලොකු තීරණයක් ගත්ත එක. මිනිස්සු හිතන විදිය විවිධාකාරයි. ඒව වෙනස් කරන්නත් අමාරුයි. Doctor කෙනෙක් විදියට වැඩ කරන්න පටන් ගත්තම ඔයාට ඒක තේරෙයි
@@Planet361Stories ඔවි ඔයාට මෙි රට ගැලපෙන්නේ නැ ඔයා රට යන්න .මොකද ඔයාගේ ඔලුව ලොකුයිනේ එක නිසා ඔයාට ගැලපෙන්නේ ඇමරිකාව ඔයාට මෙි හිගන ලංකාව ගැලලෙන්නේ නැ. ඔයා තව අැමරිකාවෙි ගිහල්ලා බලන්කෝ .මෙිහා doctorl වගේ නිදහස හොයනවද කියලා. නිදහස ඔන්නමි මැරිලා කුරැල්ලලෙක් වෙන්න.තව ඔයාට ඔහම හරි පඩියක් හමිබු වෙනවා අනිත් a/l stream කරන කරන අයට හෙහම පඩියක් හමිබු වෙන්නේ නැ කියලා දැන ගෙනත් ඒගොල උපාධි අරගෙන ඒ රැකියා කරනවා එක දැන ගන්නා.!!!
@@gihanamalka7694 එහෙම කරන්නේ science විෂයන් අමාරු නිසා. Art කරන්නේ නැතුව bio කරන්නේ teacher කෙනෙක්ගේ salary එකක් ගන්න නෙවෙයි.
@@nimanthasenadheera4914 ප්‍රශ්නෙට ගොන් උත්තර දෙන්න එපා🤏
@@nimanthasenadheera4914 තව මම තමුන්ගේන් අහන්නේ අනිත් විෂයන්ගේ තියෙන්නේ කජු ඇට ද ,කොස් ඇටද තමුන් ඔහම කියන්නේ.
ඉතාම විශිෂ්ට පැහැදිලි කිරීමක්,
වෛද්‍යවරයෙක් ලෙස,බොහොම කලකට පසුව,ඔබ වැනි වෛද්‍යවරයෙක් දැක්කේ ,ඔබට ජය !!
සඳුන් ලොකු මීගොඩ
ගම්පහ !
ගොඩක් ස්තූතියි සඳුන්. මේව පිළිබඳව සමාජය දැනුවත් වෙන තරමට වැඩ කරන්න ලේසී කියලා හිතෙනවා.
Docter කෙනක් වෙන්න කොච්චර දුකක් විඳින්න ඕනේද කියලා දුන්නට ගොඩක් thank you හැමෝටම 😊
Welcome buddy
ඇත්තටම මේවගේ දැනුවත් කිරීම් මාර වටිනවා අයියේ ..අපේ හැමෝම doctar වෙන්නේ නම්බුවටම නෙමේ ..මුදල් උවමනා නිසා..එත් මේ දැනුවත් කිරීමෙන් තමන්ගේ කාලය වෙනත් හොඳ රැකියා වලින් ද මේ මුදලම හෝ මිට වඩා හොයා ගන්න පුළුවන් හරියට කළා නම් කියලා තමා මට තේරුනේ.එතකොට රටට අලුත් රැකියාවලට කට්ටිය යොමු වෙන්න පුළුවන් වෙනවා
ගොඩක් ස්තූතියි. අවශ්‍යතාවය තියනවනම් වෛද්‍ය වෘත්තීය හොද සාධාරණ මුදල් ඉපයීමේ මාර්ගයක් කරගන්න පුළුවන්. ඔයා migrate වෙනවනම් සෑහෙන ලොකු salary offers වලට යන්න පුළුවන්
@@Planet361Stories thawakalikawa gihin enna puluwanda, wayasak thiyenwada
18 වන්ගුව කොච්චර නම් බැහැල නැගල ඇත්ද al cls යන්දි kandy ...කටු කෑවට පාඩු නෑ අනාගත software engineer කෙනෙක් වෙන්න බලන් ඉන්නව..වීඩියෝ එක බලනකොට මතක් උනා කාපු කුන..🥺..දෙහිඅත්තකණ්ඩිය kandy 🙂
සතුටුයි සහෝදරයා. අනිවාර්යයෙන් දක්ෂ ඉංජිනේරුවරයෙක් වෙලා තමන්ගෙ ජීවිතය හදාගන්න. දවසක ඒ අතීතට මතක් කරල ඔයාට සතුටු වෙන්න පුළුවන්
මටත් IT degree එකක් තියෙනවා..හැබැයි මමනම් ජොබක් කරන්නෙ නෑ.🙂 මොකද වැඩක් නෑ.
දහ අටේ උඩ පල්ල ගියාට පාඩු නෑ මල්ලී මමත් දෙහිඅත්තකණ්ඩිය .. කාලයක් ගියා මාත් දහ අටේ උඩ පල්ල
මමත් උඩ පහල ගිය 18පාරේ. මේ මාසේ 2023/ 2/ 26 වැටුප 275555.06 ක්. මේ මාසේ payee tax ගෙව්වා 20917.21ක්.
@@sajithsmp9781 Deiyane 21000 tax da🥲. Oyage job එක ඇහුවට කමක් නැද්ද
හරිම අසාධාරනයි පඩිය මදියි එච්චර මහාන්සි වෙලා. මම ඉන්නෙ සවුදියෙ. අපේ දුවත් මේ පාර A/L පාස් එයාටත් මෙඩිසින් යන්න පුලුවන් ඒ වීඩියෝ එක බැලුවම හරියට දුක හිතුන පඩිය ගානේ අහාල .මම ඊිට වඩා පඩියක් ගන්නව ඇඳුම් මහාන තැනක වැඩ කරල ලක්ෂ 2 වැඩිය පඩියක් ගන්නව අනේ මන්ද අපේ රටවල් කොතනද ඉන්නෙ කියල කළ කිරෙනව බොහොම ස්තුතියි ඩොක්ටර් දැනුවත් කරාට
සාමාන්‍යයෙන් වෙන රටක මේ වගේ 20 ගුණයක විතර Basic salary එකක් ලැබෙනවා. ඒ රටවල basic එක තමයි වැඩි. ලංකාවෙ වැඩි වෙන්නෙ extra duty payment එක. ඒ නිසා කොච්චර වැඩ කරත් හරි පඩියක් ලංකාවෙනම් ලැබෙන්නෙ නෑ
Mona district ekenda
ගොඩක් හොද දැනුමක් ලැබුනා අයියේ.වෛද්‍යවරුන්ගේ වෘත්තීය ජිවිතය ගැන විස්තර කරාට ස්තුතියි.🔥🔥🔥❤️❤️❤️👍👍👍
Welcome buddy
අපේ ආදායම වැඩි වෙන්න වැඩි වෙන්න අපි මිලදි ගන්න භාණ්ඩ හා සේවා වල මිල අදිකයි,ඒ නිසා අපි කොතරම් හොද අදායමක් තිබ්බත් අපිට ඒ නිසා හිගකම කියන එක පැන නගිනවා,අපි දැන ගන්න ඔනේ වැටුපට සරිලන අකාරයට වියදම් කරන්න,මහෙත් අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරයකු වෙන්න,ගොඩක් පැහැදිලි කරා ,thank you අයියේ
ඔයා වෛද්‍යවරයෙක් වුණාම බලන්නකො වැටුපට සරිලන ලෙස වියදම් කරගන්න පුළුවන් වෙයිද කියලා. වුණොත් කියන්න අනිවාර්යයෙන්. ඉලක්කය ජයගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජයවේවා
@@Planet361Stories මටත් බෑ ඉතින්.😁හරි අයියේ, thank you ,අයියටත් ජයෙන් ජය
දකිනවට වඩා ලොකු කතාවක් යටින් තීනව කියල තේරුනා මේක බැලුවම ❤
ගොඩක් අය ඔය ටික තේරුම් ගන්නෙ නෑ brother
ගොඩක් වටින විස්තර ටිකක් අයියෙ ❤ වෛද්‍යවරයෙක් වෙන්න වෙන කැපකිරීම මහන්සිය අද දැනගත්තා 🖤 සාපේක්ෂව පඩිය මදි තමයි, ඒකයි ගොඩක් අය Private Channeling කරන්නෙ සහ විදෙස්ගත වෙන්නෙ. ඒ අතින් අයියලා මේ රටේ ඉඳන් මේ කරන සේවය ගොඩක් වටිනවා ❤
ගොඩක් ස්තූතියි. දැන්නම් ඉතින් සේවය ගැන හිතන්න අමාරුයි. Salary එකෙන් 20%ක් වගේ යන්නෙ job එකට යන්න තෙල් ගහන්න. ඒ නිසා දැන් මෙහෙ ඉන්න එක තේරුමක් නැතිවීගෙන එන්නෙ
@@Planet361Stories ඔව් අයියෙ ඒක ඇත්ත. යන්නයි එන්නයි තෙල් වලටම ගොඩක් ගානක් යනව ඇති මටත් ඒක හිතුනා 😕
සිංගප්පූරුවෙ ගියා නේද දැන් Doctor😍
මගෙ husband සීමාවාසික dr කෙනෙක් විදියට වැඩ කරද්දී ඩෙංගු හදුනා. කොහොමහරි වාට්ටුවේ හිටපු ඩෙංගු ලෙඩ්ඩු හැමෝටම වඩා එයාගේ blood counts අඩු උනා. එත් නිවාඩු labune නෑ. අමාරුවෙන් වැඩ කලා දවස් ගානක්.
ගොඩක් HO ලගෙ ඇත්ත කතාව ඕක තමයි. මගෙ යාළුවො හිටියා කකුල කැඩිල clutches වලින් ඇවිත් වැඩ කරපු, ward එකේ admit වෙලා ඉන්න ගමන් වැඩ කරපු. උණ හැදිලා, බෙහෙත් විදල, cannula එකත් එක්ක ඇවිත් වැඩ කරපු. ඔහොම තමයි ඉතින් ඒ ජීවිතේ හැටි
😣
@@Planet361Stories 🙂💔
Doctersලාගෙ මුලික පඩිය ලක්ශ5ක් වත් දියයුතුයි මොකද පුදුමාකාර දුකක් විදිනව A/L වල ඉදන් docter වෙන්ඩ එක දන්නෙ biology කරපු අය විතරයි..දීර්ගායුස ලැබේවා ඔබතුමන්ට..🙏🙏🙏🙋🙋❤️
මාත් මේ කියන්න හැදුවා විතරයි
අපේ මට්ටමේ අධ්‍යාපන සුදුසුකම් තියන ගොඩක් ක්ෂේත්‍රවල ඔය වගේ salary එකක් ගන්න පුළුවන් experiences එක්ක
Aththak
Maths uth ehmai appa😐😁
Ethakota maths 🥴🥴🥴
සියලුම සේවාවන්, වෘතීන් හරි ආකාරව් ඇගයීමට ලක් කරන්න අවශ්‍යයි. මේ රටේ මං දන්න විදියට මිනිස්සුන්ට සපයන සේවාවන් කිසි එකක් නිසි ඇගයීමට ලක් වෙන්නෙ නැහැ. වෘතිකයන්ට තමාගෙ වෘතිය එපා වෙනවා තමාගෙ කැපකිරීම නිසි ඇගයීමකට ලක් නොවන විට.
මම මේ video එකෙන් කියන්න උත්සාහ කරන දේ හරිම point එකට තේරුම් ගත්ත කීපදෙනාගෙන් කෙනෙක් ඔයා. මම වෛද්‍යවරයෙක් නිසයි වෛද්‍ය වෘත්තීය ගැන මම දන්න දේවල් ටික කිව්වෙ. ගොඩක් අය ඒක අල්ලගෙන වෛද්‍ය වෘත්තීය, අනෙත් වෘත්තීන් එක්ක සංසන්දනය කරලා, අපි හැමදාම දකින වෘත්තීන් අතර ගැටුමක් ඇතිකරගන්න මූලාශ්‍රයක් විදියට මේ video එක යොදාගන්නවා. නමුත් මම මේ උදාහරණය අරගෙන කියන්න උත්සාහ කරන්නෙ ලංකාවෙ කිසිම වෘත්තියකට පිළිගැනීමක් සහ ගෙවීමක් කරන්නෙ නෑ කියන එක. ඒක වෛද්‍ය, ඉංජිනේරු, කළමණාකාර, ගණකාධිකාර, ගුරු, හෙද, කම්කරු හැම ක්ෂේත්‍රයකටම අදාලයි. අන්න ඒ පොදු කාරණාව අපි කවදාවත් තේරුම් ගන්නෙ නැතුව වෘත්තිකයන් විදියට දෙතුන් පැත්තකට බෙදිලා මරාගන්න එකනෙ කරේ. ඒ තත්ත්වෙ වෙනස් කළ යුතුයි. ඒකට හැමෝම එකතු වෙලා නිසි වෘත්තීය ගරුත්වයක් වෙනුවෙන් සටන් කළ යුතුයි.
වෘත්තීය හරියට වැටුපක් නැති නිසා අය්යා වගේම අපි හැමෝම දැන් අසරන වෙලා තියෙන්නේ 😪❤️👌
මෙහෙන් වැටුප වැඩිවෙද්දි අනිත් පැත්තෙන් භාණ්ඩ සහ සේවා මිල ඉහල යනවා. ඒක දැන් දරාගන්න අමාරුයි
ඩොක්ටර් දෙහිඅත්තකණ්ඩිය ඉන්න කාලේ එන්න බලනකොට ඩොක්ටර් ගිහිල්ලනෙ...අපේ පුන්චිත් ඉන්නෙ හෙට්ටිමුල්ලෙ හෙවන් පාර්ක් එකෙ....එහෙ එන්ව ලගදි....එතකොට එන්නම් ඩොක්ටර් හම්බවෙන්න අනිව 😁❤
එන්න. අනිවාර්යයෙන් මුණ ගැහෙමු
ඉතා හොඳ ආර්ථීක තත්ත්වයක් නැත්තං බොහොමයක් දෙමාපියෝ වෛද්‍යවරු හදන දෙමවුපියෝ.. මුළු පවුලේම අවශ්‍යතා කැප කරලයි දරුවන්ට උගන්නන්නේ... සමහර විට ගෙයක් දොරක් නොහදා.. ලෙඩකට බෙහෙත් නොගෙන..
ඔව්. හැබැයි අන්තිමට දුක තියෙන්නෙ අපට හම්බවෙන salary එකෙන් එයාල වෙනුවෙන් දෙයක් දෙන්න බැරිවෙන එක. අදටත් මගෙ අම්මයි අප්පච්චියි ගමන් යන්නෙ පයින් හෝ බස් එකේ. එයාල අවුරුදු 13ක් ඉස්කෝලෙ යවල, තව අවුරුදු 5ක් campus යවලා, ලංකාවෙ කරන්න පුළුවන් ඉහළම degree එකක් කරවලා කවදාවත් මේ වගේ තත්ත්වයක් එයි කියලා බලාපොරොත්තු වෙන්න නැතුව ඇති. ඒක හිතෙනකොට මට ඇත්තටම පසුතැවීමක් එනවා මේ තරම් දුර ඉගෙන ගෙන මේ රස්සාව තෝරගත්තට
This one is Golden doc..Well done !!!
✌️❤️
Thanks brother
වටිනවා දැනුවත් කිරිමක් මේඩිසින් කරන්න ඉන්න අයට
ගොඩක් ස්තූතියි
ඇත්තටම IT වගේ ශේස්ත්‍රයක් එක්ක බලනකොට ඩොකාලගෙ පඩි හොදටම මදිනෙ සාමාන්‍යෙන් අවුරුදු 4ක් වගේ experience එකක් තියෙන software engineer කෙනෙක්ගෙ salary එක ලක්ශ 5ක් වගේ වෙනව. අවුරුදු 10 වගේ experience තියන කෙනෙකුට ලක්ශ 10 ට වගේ යන්න පුලුවන්. මම කිව්වෙ රජයේ moratu, ucsc, pera engineering වගේ රජයේ එව්වගෙන් out වෙච්ච average අය.
ඊට අමතරව හරිම ලේසියෙන් රට යන්නත් පුලුවන් කිසිම අවුලක් නැතිව.
ගොඩක් අය ඔය කාරණාව නිසාම doctor කෙනෙක්ගෙ salary එක මේ තරම් අඩුයි කියල කිව්වට විශ්වාස කරන්නෙ නෑ. හැමෝම තම තමන්ගෙ salary එක්ක බැලුවම "අපට මෙච්චර හම්බවෙනවනම්, ඩොකෙක්ට කොච්චර හම්බ වෙනව ඇද්ද" කියල තමයි හිතන්නෙ. ඒකයි මේ තරම් කියලත් සමහරු මේක බොරුයි කියල comments දාල තියෙන්නෙ. හැබැයි මොනව වුණත් ලංකාවෙ සියළුම ක්ෂේත්‍ර වල රැකියා වල salary එක අඩුයි. සිවිල් ඉංජිනේරුවරයෙක්ට වුණත් ලොකු salary එකක් නෑ. ඒවා වෙනස් විය යුතුයි. වෛද්‍යවරයෙක්ගෙ විතරක් නෙමේ, තමන්ගෙ ඉගෙනීමේ තරමට සහ රැකියාවෙ වගකීමේ තරමට ගැළපෙන වැටුපක් සියළුම රැකියා කරන අයට ලැබිය යුතුයි. එහෙම නොළබෙන තාක්කල් වෘත්තිකයන් රට යන එක නවත්තන්න බෑ
10 year service Doctors salary is little less than 60,000/= and with OT about 125,000. That is after doing 24 hours work some days.
Ochcharama amarunam nikan hitapalla.
මාත් කෑගල්ලෙ. මමත් Bio කරන්නෙ.ලොකු ආසාවක් තිබ්බ Doctor කෙනෙක් වෙන්න.අනිවාරෙන් ඒක ඉශ්ට කරගන්නව මන් ♥️♥️♥️♥️
ඒ target එකට යන්න පුළුවන් වෙන්න කියලා සුබපතනවා
ලංකාවේ පෞද්ගලික අංශයේ විදුලී කාර්මික ශිල්පියෙකුටත් 1.50laks හම්බෙනවා.ඉගෙන ගත්ත දේට වටිනාකමක් දෙන්නෙ නැති උනාම රට යනවා හැර වෙන option එකක් නැනේ.
අධ්‍යාපන සුදුසුකම්, කරන රැකියාවේ තියන වගකීම සහ වගවීම වගේම ගන්න risk එකත් සලකල තමයි වෙන රටවල salary එකක් ගෙවන්නෙ. ඒකයි සාමාන්‍යයෙන් ලක්ෂ 15-20 වගේ salary එකක් ඒ රටවල වෛද්‍යවරයෙක්ට ලැබෙන්නෙ
@@Planet361Stories 15-20 කියන්නෙ ඒ රට වල අපේ රටේ මුදලින් normal salary එකක් ,ඒ රටේ සමාන්‍ය වැඩ කරන අයත් ලක්ශ 8, 10 විතර මසෙකට හොයනවා. Education qualification එකක් තියා ගෙන නම් යන්නේ මොකක් හරි එකක ලක්ශ 10-25 අතර salary කොමත් ලැබෙනවා අපේ රටේ මුදලින්. ඇත්ටම කිඋවොත් doctor කෙනෙක්ගේ පැත්තෙන් බැලුවොත් ලැබෙන salary එක අඩුයි පිටරටවල අනෙත් මිනිස්සුන්ට සපෙක්ශව. ( මම කියන්නේ gap එක ගැන ) . එක හෙතුවක් තමා පිටරට goverment medical uni, වගේම private sector එකෙ medical uni හුගක් තියනව . අපේ රටේ එහෙම නැනේ . එතින් වයිද්‍යවරු ඉන්නේ සිමිත ප්‍රමාණයයි . නිකන් හිතන්න ලන්කාවේ engineering field එක . අද engineering බල්ල marks වෙලා තියෙන්නෙ private sector එක නිසා , එල්ලුමට වඩා සැපයුම වැඩි වෙකොට ඔනාම ක්ශෙතයක value එක අඩු වෙනවා . එනිසා අපේ රටේ normal salary එක වයිද්‍යවරු න්ගෙ එවැඩි අනිත් අයත් එකක් බලද්දි නමුත් කරන වගකිමට salary එක මදි . අපේ රටේ uni එකෙන් out වෙහ්ච ගමන් goverment hospital එකක job එකක් ලැබුනට , පිට රට අපි දකින් තරම් ලෙසිනැ . ලන්කාවේ doctor කෙනෙක් පිටටට යනවා නම් පුලුවන් තරම් skills හදගෙන යන්න. මොකද skill අනිවා තමා ඔයට job එක ලැබෙන්නෙ .degree එකට job එක ලැබෙන්නෙ ලන්කාවේ විතරයි, පිටරට ඔක වෙනස් 😪
@@Planet361Stories අපිට පිටර mbbs degree එක අරන් එ රටේම ඉන්න පුලුවන් ද doctor කෙනෙක් විදිහට vada කරන්න පුළුවන් ද
ඉගෙනගත්ත හින්ද තමා මෙහෙම උනේ 😂💔 ඇත්ත තමා 🤌 දැන් දුවන්න පාර මදි වෙලා ඉන්නේ 🙂
ඒකනම් සහතික ඇත්ත. හැමදාම වැඩ කරන්නෙ stress එකේ
එහෙම හිතන්න එපා ඉගෙනගත්ත නිසා තමයි ඔහොම හරි ඉන්නේ නැත්තම් බාස් කෙනෙක් වගේ උනොත් අව්වේ ඔයිට වඩා දුකක් විදින්න වෙනවා. ලැබුන දෙ තමයි හොදම දේ කියලා හිතන්නේ ජිවිතේ කොයි දේත් ලේසි නෑ 😢@@Planet361Stories
වැඩක් නෑ අයියේ කියලා මාත් anaesthesia mo කෙනෙක් දැන් නං එපා වෙලා තියෙන්නේ. මැරීගෙන වැඩ කරලා මාසේ අන්තිමට ලක්ෂ 2ක් වත් පඩි නෑ. නිළ නිවාස නෑ බෝඩිමට 25 000ක් විතර ගෙවන්ඩ වෙනවා පාරේ බස් නෑ හොස්පිටල් එකට යන්ඩ වාහනේට තෙල් ගැහුවම සෑහෙන ගානක් ඉවරයි. මම private කරන්න කැමැත්තකුත් නෑ. මේ රට දාලා යන එක ඇරෙන්ඩ වෙන choice එකකුත් නෑ වගේ දැන්
ඒක ඇත්ත brother. ගොඩක් අය යනවා. මේ යන එකේ impact එක දැනෙන්නෙ තව අවුරුදු 5කින්. ඔයා migrate වෙන්න අදහසක් තියේද? ඔයාට පුළුවන්නම් මගෙ fb page එකට (planet 361) message එකක් දාන්න. පොඩි pathway එකක් හදල දෙන්න පුළුවන් වෙයි
@@Planet361Stories මම fb නෑ අයියේ.යන්න නං ප්ලෑන් එකක් නෑ. අම්මලා දාලා යන්න හිතෙන්නේ නෑ ඒකනේ කේස් එක
හිතාගන්න බැරුව ඉන්නේ මොනා කරන්න ද කියලා
@@Intro-r7j There is a shortage of MO Anesthesia in Singapore. If you wanto apply, let me know
@@Planet361Stories thnx aiya I will think abaout that
රජයේ campus ගිහින් Software Engineer කෙනෙක් උනොත් ලක්ශ 12ක් ගන්න පුලුවන් වයස 37 වෙද්දී ආසන්න වශයෙන් usd $3500 - 4000 අතර ලංකාවේ ඇතුලේ
අපරාදෙ දක්ශම මිනිස්සු doctor කෙනෙක් වෙලා වයස 37දී ලක්ශ 3.50ක් ගන්නේ
ඒක ඇත්ත. හැබැයි ලංකාවෙන් එළියට ගිය ගමන් ඕකෙ තත්ත්වෙ සම්පූර්ණයෙන් කණ්පිට ගහනවා. සාමාන්‍යයෙන් අවුරුදු 37-38න් specialist කෙනෙක් වුණොත් වෙන රටක මාසෙකට ලක්ෂ 60 -120 වගේ salary එකක් ගන්න පුළුවන්
@Planet361Stories doctor wena ratakat giyoth phd eka krl ehema awurudu pahak withr job eka krl aya lankawata awama government hospital ekka wada krnma puluwnd
දොස්තරලා ට හොඳ පඩියක් ගෙවිය යුතුයි.හැම හොස්පිටල් එකක් ම පහසුකම් සහිත විය යුතුයි.ඩොක්ටර්ස්ලා රෑටත් වැඩ කල යුතුයි.හැබැයි,private hospital නැති කරලා.private බෙහෙත් දෙන එකත් නතර කරන්න ඕන.රජයේ රෝහල් පමණක් තියෙන්න ඕන.දුප්පත් ,පෝසත් හැමෝටම යන්න.
අනිවාර්යයෙන් ඒකට 100%ක් එකගයි. තමන්ට ලැබෙන salary එක වෛද්‍යවරයෙක්ට ප්‍රමාණ්වත් නම්, රටේ මිනිස්සු රජයෙන් දෙන සෞඛ්‍ය පහසුකම් ගැන තෘප්තිමත්නම් එහෙම තැනක පෞද්ගලික වෛද්‍ය සේවයකට පැවැත්මක් නෑ.
@@Planet361Stories අපේ සිංහලයෙක් මේ රට පාලනය කරන තාක් කල් මං කියපු දේවල් ඉටු නොවන පැතුමක් විතරයි සහෝදරයා 😑
තුරුනුවන්ගේ සරණයි Doctor Kasun❤
මාර friendly Doctor knk kawadawath dekala naha mehema saralawa inna bohoma suhada manussyek ❤
ගොඩක් ස්තූතියි ඉසුරු. ආයෙ මුණගැහෙමු
ඇත්තටම සමාජය දැනුවත් කිරිම ඉතාම වැදගත් අද වෙනවිට ඩොක්ට කෙනෙකුට ලක්ෂ තුනහාමාරක් වත් ලැබිය යුතුයි
විශේෂඥ වෛද්‍යවරයෙක්ට වගේනම් ඒ ගාණ ලැබෙනව ඇති
Very sad story.... Dr. oyta hithena widiyata medicine krna ekd hoda applied chem. kelaniya gihin sp. ekk krna ekd hoda? Medicine walata loku asawak na... Chem wltath loku asawak na. Eth future ekta hodai kiyla hithenne mokdd? Please reply?
Future එකනම් still medicine හොඳයි ඔයා වෙන රටකට යනවනම්. හැබැයි chem වගේ කරොත් ඉතින් business පැත්තට යන්නත් පුළුවන්. මොනව කරත් ඔයා ආස එකක් කරන්න
ඩොක්ටස්ලගෙ ලයිෆ් එකත් හිතපු තරම් සුන්දර නෑ.
අන්තිමට බලන් යද්දි තේරෙන්නෙ සමාජ පිළිගැනීම වගේ එකක් විතරයි තියෙන්නෙ කියලා. මේව ලන්කාවෙ මිනිස්සු දැනගන්න ඕන. හැමෝම කතා කරන්නෙ එයාලා දකින පැත්ත ගැන විතරයි, කරන කෙනා තමයි දන්නෙ ඒක කොච්චර කට්ටක්ද කියලා
හිතපු තරම් නෙමෙයි කොහෙත්ම සුන්දර නෑ. ඉස්සර තිබ්බ පිළිගැනීමත් දැන් නෑ. මොකද මිනිස්සු හිතාගෙන ඉන්නෙ අපට ලක්ෂ 5ක් 6ක් හම්බවෙනවා කියලා. ඒ නිසා පඩි වැඩි කරන්න කියලා ඉල්ලන්න බෑ. මිනිස්සු බණිනවා 🐕 න්ට වගේ. ඒ නිසා හොඳම දේ තමයි ඒ බැණුම් අහන්නෙ නැතුව, තමන්ගෙ අධ්‍යාපන සුදුසුකම් වලට සලකන රටකට යන එක
ඩොක්ටර් පුලුවන් නම් වීඩියො එකක් දාන්නකො A/L වලදී වැඩ කරපු විදිය & AL ලමයෙක්ට වරදෙන්න පුලුවන් තැන්,ප්‍රශ්නවලට උත්තර ලියද්දි ඒවට කොහොමද උත්තර දෙන්නේ.
ඒ videos ටික නම් කරල ගොඩක් කල්. Channel එකේ ඇති බලන්න
Respect For our valuable doctors ❤️
today i got an idea about our doctors they are so amazing love them so
Thanks brother
Thank you so much sir! This is very useful video. please keep it up this amazing work ♥️🙏
You are mostly welcome brother
Really useful informations
And I had never heard these from anyone else. Thank you Doctor.
You are mostly welcome
පඩිය කොච්චර උනත් ඒ ජොබ් එකට පුදුමා ආසාවක් තියෙන්නෙ 🥺🥺🥺❤️❤️
ආසයි ආසයි. අපිත් ආස නැතුව නෙමේ. ඒත් දවසක ඒ ආසාවට උඩින් මුදල් නැතිකමේ දුක දැනෙනවා
@@Planet361Stories 🥲🥲🥲
ආසා දේවල් කරන්ඩ අපි ඉපදුනේ එංගලන්තේ ඕස්ට්‍රේලියාවේ නෙවෙයිනේ. මගේ ළමයෙක්ට වත් මම bio කරවන්නේ නෑ medical faculty යවන්නේ නෑ. මෙහෙම හිගන පඩියක් අරගන්න එච්චර මැරෙන්නේ අපරාදේ
@@Intro-r7j ඒක ඔයාගේ කැමත්ත.
@@fourleafclover95 දොස්තර කෙනෙක් වෙන්ඩ කලින් ඔහොම හිතෙනවා උනාට පස්සේ මම කිව්ව විදිහට හිතෙනවා මම දැනට අවුරුදු 4ක් දොස්තර කෙනෙක් විදිහට ලංකාවේ වැඩ කරලා අද්දැකීමෙන් කියන්නේ.
Doctor Kenek Wela Rata Yana Widiha Ganath Video Ekak Karannako
Nice Video Aiya
ඉදිරියේදී ඒ ගැන අනිවාර්යයෙන් කතා කරන්නම්
@@Planet361Stories Thank You Aiya
We appreciate your dedicated lives. We respect.❤
Thanks buddy
Faculty ekka hitiyata thama mewwa danan hitiye na. Thanks bro💖😁
Welcome brother. අපිත් මේව දැනගත්තෙ පස්සෙ. කලින් දැනගත්තනම් මේ වෙද්දිත් රට ගිහින්
@@Planet361Stories dn nm ynna htenw aiye ikmnin..😓
Ow watina kisima deyak lesiyen labenne nane. Katta kannama ona jeewithe lassana dakinna . Thanks for all the doctors and nurses who have devoted their lives on saving others.
You are mostly welcome. කට්ට කන තරමට ප්‍රතිඵල ලැබෙන්නෙ නැති එකයි දුක
@@Planet361Stories eka hari me wage rataka anduwakin apita hamadema balaporothu wennath bane sahodaraya . Man hithane lawyerslatai doctorslatai salli hamba karanna me rate ona tharam chances thiynawa thamath . Lawyerslath dakshainan anith ayata wada talented kena salli hamba karagena hoda life ekak gatha karanawa. Oya wage talented doctor kenek private karath sahenata hamaba karai. Title ekata wada talent ekai hard work ekai man hithane apita salli genne.
you are a good story teller , can listen all day !
Thanks buddy for the appreciation
එකගයි❤.
Thats soo ture...
Doctor ....දන්ත වෛද්‍ය වෘත්තිය ගැන විස්තරයක් කරන්නකෝ...🙏🙏🙏 මේවා බැලුවම මේ කමෙන්ට් දැක්කම Medicine කියන වචන්‍ර් ඇහුනත් බයභිතෙනවා මටනම්
ලොකු විස්තරයක් ඒ ගැන දන්නෙ නෑ. Private practice නම් හොඳයි කියලා අහලා තියනවා
Thank you Doctor! ඇත්ත පහදල දෙනවට?
Welcome brother
මේ වගේ එකක් කලින් කවුරුත් කරන්න නැතුව ඇති✌️✌️✌️
ඔව්. මම කරපු videos ගොඩක් ඒව මීට කලින් කවුරුත් කරපු නැති ඒවා
My Wife is also a Final Year Medical Student
So I know the difficulties..!!
Dedication level of you guys are amazing 🥺❤️👍
Thanks for your service
Doctor is not a job but a service 🙏🤓
Doctor is not a service, buy a job. ඒක තමයි හරි. ඔයා හිතන විදියට හිතන්න ගිහින් තමයි ලංකාවෙ doctorsලට අද හරිහමන් පඩියක් ලැබෙන්නෙ නැත්තෙ, doctorsලා රට දාල යන්නෙ සහ මිනිස්සු doctorsලට බණින්නෙ. One day you will realize
@@Planet361Stories Unfortunately, this is Sri Lanka.
මමත් bio කරන්නේ පොඩි කාලේ ඉඳන් තිබ්බ වෛද්‍ය සිහිනය සැබෑ කරන්නවමයි❤❤❤
සුබපැතුම් ඔයාට. ජයවේවා
Thank you very much doctor for all the valuable information you gave here. Wish you and your wife all the very best in your future endeavors.
You are mostly welcome and thanks for the wishes
වාහනේ යද්දි පරිස්සමින් doctor ❤
අනිවාර්යයෙන්ම ❤
තෙරුවන් සරණයි Doctor 😊❤️
🧡🧡🧡 බොහොම ස්තූතියි
Thank u very much sir videos dekatama. mn dakk pinned comment eka.Nidahas adypanaya hamotama podui eka atta eth Al goda dagann kochchara mahansi wenn oned kiyl Al karapu kenek nm dannw ne.eya eka dannewath nathi kenek bawa penaw.ganan gann epa sir digatama me wage contenet karann api balan innw🙂❤️
Welcome brother. අයියෝ, ඕව ගණන් ගන්නෙ කවුද..
අයියා මම bio කරන්නේ 24 A/L අයියේ ඇත්තටම දැන් maths කරන්න ගත්තොත් මට මැච් එකක් ගහගන්න පුලුවන්ද
මට හිතෙනව doctor කෙනෙක් වෙලා මගේ හින සැබෑ කරගන්න බැරි වෙයි කියලා 😕
අනිත් subjects දෙක හොඳටම හොඳයිනම් බැරිවෙන එකක් නෑ
@@Planet361Stories doctor කෙනෙක් වෙලා සල්ලි හියන්න බැරිද එච්චර
Wow. Interesting video. 👍. Keep it up. We are about to leave for overseas training.
Thanks අයියා. Wish you all the very best for you future
@@Planet361Stories Thanks Malli.
Thank you doctor aiye ❤️❤️❤️ mn illapu video eka 😌❤️
Welcome brother
It's totally unfair...they must pay a very high salary...how tough pathway we have to come through...my fiance is 23 yrs old..he is doing buisness..but earns around 5/6 lakhs per month....but we study for about the 30 yrs just to get a 3 lakhs 😶
Yes. Our politicians are still wasting our tax money. Not only doctors, all professionals are paid a low salary comparing to their educational qualifications
30 yrs old doctor can never get a 3 lakhs salary, maximum is 2lakhs actually less than 2 lakhs around 190 000- 200 000
Ho ගෙන් පස්සේ හම්බෙන පඩි ගැන කියන්නේ පට්‍ට පල් බොරු 2021 දීත් ලක්ෂ 4කට වැඩි සියලු දිමනා එක්ක පඩිය මං ලග paysheet තියෙනවා ඒත් මේකට add කරන්න විදිහක් නෑ නැත්තන් දානවා හැමෝටම බලාගන්න අනික දවස් 7ක් පැය 24ක් එකදිගට වැඩ නෑ මෙයාලා රෑට oncall ඉන්න කෙනා විතරයි වැඩ අනිත් අය වැඩ නෑ
Doctor කෙනෙක්ට තමන්ගෙ මුළු ජීවිත කාලෙම එකම එක වතාවක් ලක්ෂ 3කට වැඩි පඩියක් ලැබෙනවා. ඒක මට පුළුවන් සරලම විදියට ඔයාට පැහැදිලි කරන්නම්. HO ගෙන් පස්සෙ වෛද්‍යවරයෙක් ලියාපදිංචි වෙන්නෙ preliminary grade එකේ වෛද්‍යවරයෙක් විදියට. Preliminary grade එකේ අවුරුදු දෙකක් සේවය කරාට පස්සෙ ඒ වෛද්‍යවරයා විසින් රාජ්‍ය සේවා ප්‍රවීණතා විභාගය සමත් වුණොත් grade II මට්ටමට උසස් වෙනවා. ලංකාවෙ රාජ්‍ය සේවයේ කාර්‍යක්ෂමතාවය කොච්චරක්ද කියනවනම් ඔය grade II ලියුම ගහන්නෙ සාමාන්‍යයෙන් ඒ මට්ටමට පත්වෙලා අවුරුදු එක හමාරකින් විතර. ඒ අවුරුදු එක හමාරම පඩිය සහ අමතර දීමනා ගෙවන්නෙ preliminary grade එකේ ගණන් වලට. ඊට පස්සෙ අර grade II letter එක ආවට පස්සෙ, ඒ අවුරුදු එක හමාරක කාලය ඇතුළත preliminary grade සහ grade II අතර salary + extra duty arrears එක අපට ඉල්ලන්න පුළුවන්. අන්න ඒක ලැබෙන්නෙ අපි ඉල්ලන මාසෙ salary එකත් එක්ක. ඔන්න ඔතනදි ඔය salary + arreas එක ලක්ෂ 3 පැනලා ඒ මාසෙදි අපට ලැබෙනවා. මට 327000ක් වගේ ලැබුණා. ඒ, ඒ මාසෙ salary + extra duty වලට ලැබෙන 180000කට ආසන්න මුදලක් සහ ඉතිරි 150000ක වගේ arrears එක. (හැබැයි දුක කියන්නෙ ඒ විදියට එක පාර ලොකු arrears එකක් ලැබෙනකොට ඒක arrears එකක් කියලා නොසලකා උපයන විට ගෙවීමේ විශාල බද්දක් අය කිරීමයි. ඒකෙනුත් තව 20000ක් විතර ඒකට කැපෙනවා). ඒ නිසා ඔයා ඔය කියන pay sheet එක අන්න ඒ වගේ එකක් කියලා මම දන්නවා. මොකද මම ඒක දැකල තියන නිසා. පුළුවන්නම් එක දිගට මාස දෙකක් ලක්ෂ 4කට වැඩිය ලැබුණ pay sheets දෙකක් දාන්න. අපේ fb group එකේ නම planet 361 stories. ඔයාට ඒකේ හැමෝටම පේන්න පළ කරන්න පුළුවන්. කිසිම ගැටළුවක් නෑ.
දෙවෙනි කාරණයත් ඔයා කාගෙන් හරි අහලා කියන එකක් වගේ. Inter medical officer කෙනෙක්ගෙ පැය 24ම දවස් 7ම රාජකාරී කිරීම විදියට හදුන්වන්නෙ ඒ මුළු කාලයම වාට්ටුවේ රැදී සිටීම නෙමේ. ඔවුන් අනිවාර්යයෙන් පැය 24ම 'පොරොත්තු රාජකාරී' සදහා සූදානමින් සිටිය යුතුයි. ඒ කියන්නෙ පැය 24ම රෝහල් පරිශ්‍රය තුළ රැදී සිටිය යුතු අතර, ඔවුන්ව බලාපොරොත්තු වන ඕනෑම අවස්ථාවක විනාඩි 20ක් තුළ එම ස්ථානයේ ක්‍රියාකාරීව පෙනී සිටිය යුතුයි. ඒ නිසා කෙනෙක් දෙයක් කියපු පමණින්වත්, දෙයක් දැකපු පමණින්වත් විශ්වාස කරන්න එපා. හරියට හොයල බලන්න. ඔයාලට මවල පෙන්නල තියන වෛද්‍යවරයාගේ රාජකාරී භූමිකාවට වඩා ඇත්ත තිත්තයි මිත්‍රයා.
Video එක හරියට බලලා නැහැ වගේ 😂😂
HO කෙනෙක් තමයි පැය 24 දවස් 7 hospital එකේ ඉන්න ඕනේ
HO complete කරලා පත්විම හම්බුනා ට පස්සෙ oncall duty කරන්නේ ward එකේ ඉන්න doctor ලා 4 දෙනා බෙදාගෙන (ගොඩක් hospital 4 ක් වගේ ඉන්නේ එක Ward එකකට)
2021 දී ඇත්ත පඩිය
medical officer paysheet 2021 june
Kaluthara
Basic 86995
PA 3400
Special all 2500
NPA 400
L.A 2330
C.O.L 7800
Dat allowance 35000
Com. All 4000
Sub total 142415
Ot 251028 ( hrs 228)
PH 26985.50 (Days 6)
Gross pay 419541.50
Deductions
W&op 6089.65
W&op 238
Insurance agrahara 600
Stamp 25
Total ded 6952.65
NET PAY 412588.85
@@dileepaneranjan8865 මේක දාපු නිසා උත්තරයක් දාන්නම්. Doctor කෙනෙක්ට මාසෙකට උපරිම claim කරන්න පුළුවන් පැය 120ක් දක්වා Extra Duty පමණයි. ඒ කියන්නෙ දවසට පැය 4 ගාණෙ දවස් 30ක්. ඒ වගේම PH සහ Sunday එකතුව දින තුනක් පමණයි claim කරන්න පුළුවන්. ඒ නිසා දරුවෝ ඔය තියෙන්නෙ මාස 2ක ED (120+108)සහ PH & Sunday(3+3) ටික එකට එකතු කරලා එක මාසෙක ගෙවලා. ඔයාට සැකයක් තියනවනම් health ministry එකට කතා කරල අහල බලන්නකො doctor කෙනෙක්ට මාසෙකට පැය කීයක් Extra duty claim කරන්න පුළුවන්ද සහ මාසෙකට දවස් කීයක් PH+Sunday claim කරන්න පුළුවන්ද කියලා. එතකොට ඔයාටම ඔය අවුල ලිහාගන්න පුළුවන්.
ඒ වගේම basic එකෙන් හිතාගන්න පුළුවන් මේක consultant කෙනෙක්ගෙ එකක් කියලා. ඔන්න consultant කෙනෙක්ට ලැබෙන basic එක. ඒ නිසා දෙයක් දාන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න මේක මෙහෙම වුණේ කොහොමද කියලා. (තව දෙයක්, PH වල දෙලක්ෂ ගානක් type වෙලා තියනවා. ඒක පොඩ්ඩක් හදන්න)
බොරුවට පඩි අඩුයි කිව්වම තෑගි හම්බෙනෝනෙ 😪
Niyamai ayye ....Boru aathal dhenne uoonva ganengandepa atheee angili pajama ekawaage naane ...., Eerisiyaavata kiyana kathaaa....mewa.... Ayyata puluwan tharam kattiyata udav karanda ...echarak yahapath ...anith kattiyake mathaval gena hithabda eppa ayye...,ayyata budhu saranai
Doctor wunath ayyakenek waage thamai dhannene Mata....🥰
ඔයා කියනව වගේ හැමෝම එක සමාන නෑ. ඒක ඉතින් අපි හොදටම තේරුම් අරගෙන ඉන්නෙ. ඒ නිසා කවුරු මොනව කිව්වත් ඒ දිහා උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙලා ඉන්නෙ අපි. ගොඩක් ස්තූතියි
Etakota වතුපිටිවල hospital eke oya hitiye palamu pathweema widiht nmeda doctor ??? RHO period eka kiwe e වතුපිටිවල hitapu kale nm ek a palamu pathweema kyl kiynna ba da? 🤔🤔🤔🤔
බෑ. ඒක තාවකාලිකව අනුයුක්ත කිරීමල් විතරයි. Internship එක ඉවරවෙලා 1st proper appointment එක ලැබෙනකන්, රෝහලේ සේවා අවශ්‍යතාවය මත ලබාදෙන තාවකාලික පත්වීමක් විතරයි ඒක
Doctor ayya now it's a little bit different I think. One of my friend's sister was an intern last year and she got around 60,000 and now she s finished her internship, my friend told her December salary was around 190,000 where 10,000 was deducted for taxes so she got around 180,000.
The Only difference is the intern allowance. It has been increased upto 57000 from 46000 within last 6 years. My take home salary is same as your friend.
අපෙ උකුවෙල සර් වගෙ ටික කාලයක් hospital එකෙ වැඩ කරල සමාජයෙ තත්වෙ හදාගෙන තමන්ගෙ ස්වාධීනව රැකියාවක් කරන එක ( teution sir) එක අතකින් නිදහස් වගෙ.
ජීවිතෙ තෙ කියන්නෙ රස්සවක් , exam ලියන කරන එකමත් නෙවෙයි නේද doctor
සර්ට ඉගැන්වීමේ දක්ෂතාවය නිසා සර්ට classes කරන්න පුළුවන් වුණා. හැමෝටම ඒක අමාරුයි ඉතින්. ඔයා කියපු අන්තිම කාරණාවට 100%ක් එකගයි
Ur explanation is excellent sir
Thanks brother
පශු වෛද්‍යවරයෙක්ගේ වැටුප කොයි වගේද වෙනස් වෙන්නෙ doctor
ලංකාවේ පශු වෛද්‍ය ක්ෂේත්‍රය තෝරා ගන්න එක හොඳයි ද doctor
Government sector නම් රුපියල් 75000ක් වගේ. Privet companies වල 125000ක් වගේ ගෙවනව. ලංකාවෙ ඉන්නවනම් අනිවාර්යයෙන් private practice කරන්න ඕන. ලක්ෂ 20ක් වගේ වුණත් මාසෙකට හොයාගන්න පුළුවන් කියල මගෙ යාළුවෙක් කිව්වා. ඒ වගේම migrate වෙන්නත් පුළුවන්.
Thank u 🙏 . Foreign Medical student kenek widiyata godak watinawa meh videos
Welcome. දැන්නම් foreign degrees අරගෙන මෙහේ ආපහු එනව කියන්නෙ වැඩක් නැති දෙයක්ද මන්දා
@@Planet361Stories
Ayya I have these two options right now and parents are willing to support either of them.
First I can study medicine in belarus which will cost 150 lakhs. My parents can afford it but still it will be tough for them in this economy. Also I'm worried about quality and reputation of belarus mbbs.
Also I'm selected to IT degree in colombo university which will led me to become a software engineer. I'm skeptical about this because almost everyone doing IT these days so it's getting super saturated.
I don't have feel more passion to either of them. So what I'm considering is job stability and payment. I know at the end of the day it's still my decision to make. But do you have any advices for me to consider. Thank you.
Thank you doctor ❤️
You are mostly welcome sister
Doctor ,මන් මේ පාර ඩෙන්ටල් සිලෙක්ට්,,ඒත් තව ශයි එකකුත් ඉතිරි වෙලා තිනව...දැන් තින තත්වෙන අනුව ඩෙන්ටල් යන එක හොදද...ආපහු ශයි එකක් කරන එකද හොද? ඩෙන්ටිස් කෙන්ක්ට සැලරි අඩුයිද ගොඩක්..? 😶
ලංකාවෙනම් හැම job එකකටම salary අඩුයි. හොයල බලන්න වෙන රටකට යන්න පුළුවන්ද කියලා
Good job 😊
Thanks buddy
math bio karanne🥴niyama motivation ekak labuna😂😂😂bio stream eken walin salli hoyanna puluwan degree ekk kiyannako☺optometry degree eka hodhaidha?
Medicine තමයි. හැබැයි වෙන රටක
optometry degree eka kohomadha?@@Planet361Stories
@@Planet361Storiesලංකාවෙ විශේෂඥ වෛද්‍යවරයෙකුට දියුණු රටකදි මාසෙට කියක් වගේ හොයන්න පුලුවන්ද
මමත් රාගම වැඩ ..වතුපිටිවල රෝහල ගෙදර ලගමයි..❤️
එහෙමද? එහෙනම් සමහරවිට අපි මුණගැහිලත් ඇති
Dr uk it job ekak hoya ganne kohomada
Doctor, 1. ethakota doctor kenekta nidahasak kiyana deyak vidinnama nadda ? Meka stressful job ekak venna athi ethakotaThamange pawle ayath ekka kalaya gatha karanna velavak aththema nadda ?
2. Doctorsla sathiyata kochchara peya ganak vada karanda oneda , masekata niwadu gannama baida ?
3. So , doctors who married another sector person after marriage they can't live together ? 🙄🙄
4. So doctor, how are you manage your life with you tube channels and other works?😊
1. නිදහස අඩුයි. හැබැයි නෑ කියලම කියන්න බෑ. පවුලේ අයත් එක්ක කාලය වෙන අය වගේ ගත කරන්න ලැබෙන්නෙ නෑ
2. අවමය පැය 34යි. උපරිමය 24*7 වෙන්නත් පුළුවන්. ඔයාගෙ unit එකේ ඉන්න එකම doctor ඔයා වුණොත් එහෙම පැය 24ම හැමදාම වැඩ තමයි. Leave ගන්න පුළුවන් අවුරුද්දට 42ක්ද කොහෙද. ඒත් ඉතින් ඔයා එකම doctor නම් ගන්න අමාරුයි ටිකක්
3. වැඩ කරන තැන් දෙක එකළග නෙමේනම් ඔව්
4. Somehow
Doctor කෙනෙක්ට government job එකන් අයින් වෙලා full time private practice කරන්න එම බැරිද doctor ?
පුළුවන්. එහෙම කරන අය ඉන්නවා
පුළුවන්. එහෙම කරන අය ඉන්නවා
Doctor , මේකට reply එකක් දෙන්න පුළුවන්ද? Internship එකෙන් පස්සෙ Doctors ලා පැය 24 රම වැඩ කරන්න ඕනිද? පොඩ්ඩක් මේක පැහැදිලි කරලා කමෙන්ට් එකක් දාන්නකෝ.. තව මාස හතරකින් එන Alevel Exam එකට මන් Face කරනවා, මේ වීඩියෝ එක දැක්කම මොකටද මෙච්චර මහන්සි වෙලා මානසික නිදහස නැතිවෙන රස්සාවකට යන්නෙ කියල... ඒක මගේ සිහින රැකියාඅව වුනත් මිනිස්සු මේ රැකියාව ගැන කියන දේවලුයි, විඳින්න ඕනි කට්ට දැක්කමයි exam එකට face කරන ගැම්ම බහිනව.. 🥺 අනේ මට කියන්නකෝ internship එකෙන් පස්සෙ පැය කීයක් වැඩ කරන්න ඕනිද? Surgeon කෙනෙක්ට..
ඒක ඔයා යන unit එක අනුව තීරණය වෙනවා. නිකමට හිතන්න ඔයා යන unit එකේ ඉන්නෙ එක Doctor කෙනයි කියලා. එතකොට මොකද කරන්නෙ? එහෙම වෙන අවස්ථා අඩුයි. ඒත් මටනම් එහෙම වෙලා තියනවා.
@@Planet361Stories හරි Doctor ✨️
Wena degree ekak karapn malli medicine karannepa manasika nidahasa ekka job ekak kranna one nm. Bio karala degree gatta mata wada AL lakunu aduwen gatta mage yaluwo okkoma America , Australia wage ratwal wala PhD kranawa. Mn thama final year eke exam liyanawa.
IT degree ekak kalath mita wada hodai irida senasurada wada naha unta 9-5 rassawa. Palaweni padiyama unta ape specialist kenek ge padiya yanawa. Paya 3,4k eka digata hitagena loku surgery karana surgeon kenektai dawasatama paya 8k gedara idan code ekak gahala ganna ekatai ekama padiya. Wenasa tyenne surgeon paya 24ma ledaw balanna one. Ehema welath laksha 3i padiya. Ohoma surgery 2,3k aniwaren dawasata karanawa sathiyata dawas 3k wath ehemai.
Thanks doctor 💆🙏
Internship period ඇතුලෙදි කිසිම හේතුවකට නිවාඩු ගන්න බැරිද ( උදා - පවුලෙ හදිසි අවස්තාවකට..)
Specialist කෙනෙක් වෙන්න ඉගෙන ගන්න කාලය තුල අපිට රජයෙන් වැටුපක් ලැබෙන්නෙ නැද්ද ? 🙂
1. තමන්ගෙ වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරයාගෙ අවසරය මත පුළුවන්. එයාල ගොඩක් මානුෂීයයි. ඒ නිසා හේතුවක් තියනවනම් අනිවාර්යයෙන් නිවාඩුවක් ගන්න පුළුවන්.
2. ගෙවනවා. හැබැයි පිටරටට සාපේක්ෂව ගොඩක් අඩු ගාණක්. වෙන රටවල ඒ විදියට ඉගෙන ගන්න doctorsලට අමතර දීමනාවක් ගෙවනව ඉගෙන ගන්නවට. ලංකාවෙ කරන්නෙ ඒ ඉගෙන ගන්න අයගෙන් පුළුවන් තරම් වැඩ අරගෙන, ඒ වැඩ කරන්නෙ එයාලට ඉගෙන ගන්න අවස්ථාව දෙන්න කියල බොරු කතාවක් ගොතල, ගන්න වැඩට සාපේක්ෂව ඉතාමත් අඩු පඩියක් ගෙවන එක
@@Planet361Stories thank you 👍
ජීවිතේ win කරන්න නම් කට්ටක් කන්න ඕනැ නිකං කටු කන් නැති උන්ට මල් දෙන්න දෙවියෝ ගන්ජා ගහලා නැහැ 😅😅😅 😊❤
ඒක එහෙමමමද කියලා පොඩ්ඩක් හිතල බලන්න
Mama hithanne mage prashneta hariyatama wisadumak denna puluwan kena hmba una❤ mata o/l wala maths,bio dekatama s dekak tiynne sar mta a/l walata bio karanna oni mata mge gana godak wishwasai mma scl ekt giyama ganna be kiuwa bio karanna mta privet kranna puluwand sar bio walin 😢sarta godak pin mta udaw karanna manasikawa godak watila tiynne sar
ඔයාට තියන හොඳම විසඳුම ආයෙ OL කරලා science and maths වලට තියන competent level එක check කරලා බලන එක
very useful video❤ thank you very much sir
Thanks brother
Doctor kothalawala defence University eke medicine yanne kohomada,
❄monada thiyenna one sudusukam,
❄eeta passe army doctor kenek widihata join wenne kohomada
Kiyala vedio ekak dannako ikmanata 🙏
KDU graduate කෙනෙක්ගෙන් විස්තරේ අහගත්තෙ. සිළුමිණ පත්තරේ තමයි interview call කරන්නෙ. ප්‍රධාන interviews 3ක් තියනවා.
1. උස, බර සහ quick health test - මේක නැත්නම් ගෙදර යවනව
2. Pt test - ගොඩක් tasks තියනවා කරන්න
3. 3 forces commanders එක්ක interview + full health test
මේ තුනම pass වුණොත් cadet නිලධාරියෙක් විදියට බදවගන්නව. Course එක ඉවරවෙලා captain නිලය යටතේ හමුදාවට ගන්නවා
Dr ekata gedara kawuru hari army hari forces wala hari inna oneda
@@vidulakawsara818 na ehem onii na
Really useful informations.. Thank you doctor.. mamath Girandurukotte hospital eketa enawa masekata sarayak wageh..
Mostly welcome. මේවා මිනිස්සු ඇත්තටම දැනගන්න ඕන දේවල්
Doc ayye medical faculty එකෙන් out උන ගමන්ම හෝ intern ඉවර කරල
කෙටි කාලයකින් රට යන්න පුලුවන්ද?... ලංකාවෙ doc කෙනෙක් වෙන රටකට ගිහින් එහෙ doc කෙනෙක් වෙලා වැඩකරන්න ඕනෙ කොහොමද( කරන්න ඕනෙ exam ආයෙ ඉගෙනගන්න ඕනෙද etc.) කියල වීඩියෝ එකක් හේන්නකො.. ඔයාගෙ යාලුවො ඉන්නවනෙ ඒම ගියපු
Intern ඉවර කරල ටික කාලෙකින් යන්න පුළුවන්. හැබැයි කාලයක් වැඩ කරල experiences හදාගෙන යනකොට යන්න ලේසියි
Superb ❤
Thanks buddy
17:58 Ammatasiri 😁❤
🤣🤣🤣
සීමාවාසික කාලයේ පැය 24 වැඩ කරනවා කිව්වට හදිසියක් වෙලා රාත්‍රියට රජයේ රෝහලට ගියාම Doctor Kenek ලෙඩා බලන්න එන්න කොච්චර වෙලා යනවද
පැය 24 ම ඉන්නවා කිව්වට
පැය 24ම වාට්ටුවේ ඉන්න වෛද්‍යවරුන්ට පහසුකම් නෑ. ඒ නිසා ඒ වෙනුවෙන් දීල තියනවා වෙනම තැනක නේවාසික පහසුකම්. එතන ඉදන් එන්න විනාඩි කීපයක් යනවා. අනික ගොඩක් දෙනා හිතන්නෙ තමන්ගෙ ලෙඩා විතරයි ඉස්පිරිතාලෙ ඉන්න එකම ලෙඩා කියලා. එක රෑකට ලෙඩ්ඩු 40-50 ඇතුල් වෙනවා. එතකොට ඒ ඔක්කොම එකම වෙලාවෙ බලන්න තරම් වෛද්‍යවරයා කියන්නෙ දෙයියෙක් නෙමේ. අමාරුම ලෙඩාගෙන් පටන් අරගෙන තමයි බලන්නෙ. ඒ අතරෙ වාට්ටුවෙ අමාරුවෙන ලෙඩෙක් ආවොත් ඒක බලන්නත් ඕන. මිනිස්සු ඉතින් ඕව තේරුම් ගන්නෙ නෑ. ඒ නිසා කිව්වට වැඩකුත් නෑ. ඔහේ බොරුවට ඇවිත් ඉස්පිරිතාලවල කලබල කරනවා. ඒකෙන් කරන වැඩේ තවත් පරක්කුවෙන එක විතරයි වෙන්නෙ
මහන්සි වෙන තරමට පඩි නෑනේද.ඇත්තටම සේවාවක් තමයි ❤️ මගෙ ආර්ථික මට්ටමට අනුව නම් ඔය පඩිය ලොකු ගානක්.(හිතා ගන්න පුළුවන් නෙ මගෙ මට්ටම😂😀) ඒත් කෝටි ගණන් වියදම් කරල කාලය වැයකරලා ගන්න පඩිය හොඳටම මදි 😑😑😑😑😑😑😑
ඇත්තටම මහන්සියේ හැටියට salary එකක් නෑ. එපා වෙනවා වෙලාවකට. හැමවෙලාවෙම stress එකක් එක්ක වැඩ කරන්නෙ
හැම රැකියාවකම අය stress එකේද වැඩ කරන්නේ එහෙම නැත්තම් ඩොක්ටල විතරද stress එකේ වැඩ කරන්නේ
thanks doctor.rajayen gewanne nathi unata privet godaak hama doctor kenekma hoynawa neda.doctorsla ohm minissu wenuwen krana kapavima salli walin mininna baa😍🥰🙏
Private practice කරන්න පාවිච්චි කරන්නෙ තමන්ගෙ පෞද්ගලික වෙලාවනම්, ඒකට අමතරව කැපකිරීමක් කරන්න ඕනනම්, ඒක හරිහමන් පඩියක් නොගෙව ඉන්න නිදහසට කාරණාවක් නෙමේ. Doctorsලට private කරන්න පුළුවන් නිසා රජයෙන් අඩු පඩියක් ගෙවන එක සාධාරණීකරණය කරන්න නම් එපා
@@Planet361Stories eka atta neda doctor🥺
Oya tharanma doctors knk ge gamna dushkarai nam labena vatupa madi nam.doctorsla eyalge lamai wath ai oya parata geniynn ochara unandu...wedipurm medical faculty wlaa enne doctorslge lmai
ඒකනම් එයාලගෙන්මයි අහන්න ඕන. සමහරවිට එයාලගෙ කාලෙට සාපේක්ෂව වෛද්‍යවරයෙක්ට ලැබුණ සමාජ තත්ත්වය නිසා වෙන්න ඇති. මමනම් මගෙ දරුවෙක්ව කවදාවත් ලංකාවෙ වෛද්‍යවරයෙක් කරන්නෙ නෑ.
Ehema unandu kranne na. Man me paara AL liwwe. Mage thaththa doctor kenek. Mama family eke only child Danna dawase idanma mata kiwwe kawadawath Dr kenek nm wenna epa kiyala...
සුපිරි ඩොක්ටර් ❤🎉
Thanks buddy
හි හී sri lanka cricket team එකේ sport doctor වෙන්න නෙහ් බලාපොරොත්තුව????
P.s ඩොක්ටර් කෙනෙක් වෙනවා කියන්නේ අමු කට්ටක්.ගෙවන පඩියනම් මදි හැබැයි මෙච්චර කට්ටක් කාලත්
එහෙම වෙන්න පුළුවන්නම් නියමයි. ඒක ඇත්ත ඉතින්. ඒ වුණාට අපි පඩි වැඩි කරන්න කිව්වම මිනිස්සු අපිව මරන් කන්න හදනවනෙ
Doctor බයො කරලා සැලකියයුතු පඩියක් ගන්න පුළුවන් course ekk kiynnko mn me sere al karanne math doctor kenek wenna thamai target eka.but den baya hithenawa eka karala ammata, thaththa balaporoththu wuna widiht honda life ekk denna.beri weida kiyl salary adu nisa
Please give me answer
Business එකක් පටන් ගන්න. නැත්නම් software engineering ඇතුළු IT field එක හොදයි. ඊටත් වඩා තමන්ගෙ skill එකක් market කරන්න පුළුවන් platform එකක වැඩ කරන්න පුළුවන්නම් තවත් වටිනවා. නැත්නම් Doctor කෙනෙක් වෙලා රට යන්න. එතකොට ගැටළුවක් නෑ. සෑහෙන්න හොද salary එකක් ගෙවනවා වෙන රටවල
Doctor pharmacist kenekta rata yanna thiyena awastha aduyda genral science degree ekak karapu kenekta sapekshawa ?
ඔව්. ඇත්තටම අඩුයි
@@Planet361Stories thank you doctor ethakota lankawe thiyena thathwe widihata allied health science degree ekkata wada bioscience wage degree ekak karana eka hodayda doctor job wala salary paththen gaththama ?
ඊය සර්, දොස්තරල ලෙඩ්ඩුන්ට මෙච්චර සේවයක් කරලත්, මැරෙන උන් ගොඩ දාල, ලෙඩ හොඳ කරල දීලත් එච්චරද සර්ලට පඩි. 😂😂😂😂😂😂 සර් කුලී වැඩ කරන උනුත් ඔය ගාණම හොයනව.😂😂😂😂
කිසිම රැකියාවක් පහත් කරන්න එපා. හැමෝම කරන්නෙ රැකියාවක්. ඒකට අවශ්‍ය සුදුසුකම් තමයි වෙනස් වෙන්නෙ. ඒ සුදුසුකම් සහ රැකියාවෙ තියන පීඩනය බලල තමයි salary එකක් දෙන්න ඕන
@@Planet361Stories නෑ සර් පහත් කරේ නෑ. වෛද්‍යවරුන්ට ලැබෙන පඩිය ගොඩක් මදි කියන එක සමාජෙට තේරෙන විදියට කිව්ව විතරයි ☺️
Doctor කැම්පස් out වෙච්ච ගමන් පිටරට කට ගිහින වැඩ කරන්න බැරිද,මම o/l කාලෙ කැමැත්තතිබ්බෙ maths කරන්නවා කියලා හැබැයි මම කරෙ bio මොකද මට ඔනෙ උන medical student ල අදනි ඇදුම ඇදගෙන එ විදිහ ට වැඩකරන්න, මෙකියනදෙවල් එක්ක එක ගැන අවිනිශ්චිත තාවක් තියෙනවා මම 2026A/l students කෙනෙක්
ඒක ඔයා කරන degree එක මත තීරණය වෙනවා. Medicine යන්න පුලුවන් වුණොත් ඔයාට යන රටේ අදාල exams කරන්න වෙනවා. හැබැයි exams කරපු ගමන් jobs හම්බවෙන්නෙ නෑ, experiences බලන නිසා
අයියා 3 shy එක මොන වයසෙ හරි ලියල උනත් මෙඩිසින් ගියාට අවුලක් නැ නේද🥲 shy skip කරන්න හිතුව
කිසිම ගැටළුවක් නෑ. Shy skip කරන එකනම් තනිකරම ඔයාගෙ වැරැද්දක්. ඒත් කරන්නම වෙනවනම් කරා කියල ගැටළුවක් නෑ
@@Planet361Stories ඔව් අයියා 🥲
Ayye doctor kenekta retire wenna aduma koi tharam kalayak service ek denna oneda? Ee kiyanne awurudu 40 n withra retire wenn barida? Thawa awurudu 33-35 wage weddi specialist doctor kenek wenna puluwanda first shy medical faculty giy kenekt?
1. Retire වෙන්න පුළුවන් 60දි. ඊට කලින් resign වෙන්න පුළුවන්.
2. Consultant කෙනෙක් වෙද්දි අවුරුදු 36 වත් වෙනවා අඩුම
Dr......Dentist කෙනෙක්ටත් ඔය විදිහටමද job එක ලැබෙන්නෙ
ඒකනම් දන්නෙ නෑ. Dental Doctor කෙනෙක්ටනම් Intern එන තැනම කාලයක් ඉන්න පුළුවන්
@@Planet361Stories ethkot aiye....dental doctors la tath car permit ekak hambenwada
@@kingstonhR6558car permit නවත්තලා තියෙන්නේ. දැන් කාටවත් දෙන්නෑ
Ayya ee kiyanne danuth doctor intern salary 50,000i da?doctor la ge intern eken passe salary koomada doctor kenek wela hod life ekak spend karann barida 🙏
නෑ. දැන් ඊට වැඩී. 56000ක් වගේ හම්බවෙනවා. Intern එකෙන් පස්සෙ ඒ කාලෙනම් take home 150000ක් වගේ. දැන්නම් වැඩි ඇති ලක්ෂ 2 - 2.5වත් ඇති කියලා හිතනවා
@@Planet361Stories dan kiyak wge hambenwd doctorta
Doctor , එතකොට internship කාලෙ 24×7 work කරන්න ඕන ද holidays ඇත්තෙම නැද්ද 🫠🤒🤕
ඔව්. ඒක පුහුණු කාලයක් නිසා නිවාඩු ලැබෙන්නෙ නැහැ. ඔයා වැඩ කරන විශේෂඥ වෛද්‍යවරයාගේ අවසරය මත අත්‍යාවශ්‍ය කාරණයකට පැය කිහිපයකට රෝහල් පරිශ්‍රයෙන් බැහැර වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් intern කාලෙ අසනීප වුණත් වැඩ කරන්න වෙනවා. අපේ සමහර doctorsලා හිටියා addmit වෙලා ඉන්න ගමනුත් වැඩ කරපු
අයියේ A/L subjects වලට CCS දාලා Belarus වගේ රටවලට ගිහින් mbbs එක කරන්න පුලුවන්ද? එහෙම කරලා ලංකාවේ doctor කෙනෙක් විදියට වැඩ කරන්න පුලුවන් ද?
පුළුවන්. හැබැයි ඉතින් සෑහෙන ගාණක් වියදම් කරන්න වෙනවා. මෙහෙ ඇවිත් ERPM කරලා pass වෙලා වැඩ කරන්න පුළුවන්
Mokatada bn ochchara asawen katu kanna inne 😂
ලංකාවෙ dental doctor කෙනෙක්ගෙ salary එක කොහොමද වෙන්නෙ doctor ,
ලංකාවෙ ඒ ක්ශේත්‍රය තෝර ගන්න එක හොදයිද?
ඒක ගැන නම් ඒ ක්ෂේත්‍රයේ කෙනෙක්ගෙන්මයි අහන්න ඕන. රජයේ දන්ත වෛද්‍යවරයෙක්ගෙ පඩියත් අපට ලොකු වෙනසක්නම් නෑ
Dentist කෙනෙක් වෙලා privet කරන්න පුලුවන්ද
අයියේ ඩොක්ටර් කෙනෙක්ට තමන්ටම කියලා clinic එකක්, dispensery යක් දාගන්න පුළුවන් නේද?කොච්චර කාලයක් යනවාද internship ඉවර වෙලා එහෙම දෙයක් පටන් ගන්න? ඒකට මොකක්හරි ක්‍රියාපිළිවෙළක් තියෙනවාද?
පුළුවන්. ඔයා internship එක ඉවර වුණ දවසට පහුවෙනිදාම ඔයාට පුළුවන් Sri Lanka Medical Council එකේ registration ඉල්ලන්න. ඊට පස්සෙ එයාල ඔයාගෙ internship එකේ වැඩ ටික review කරල, registration දෙනව. අන්න ඒ registration ලැබෙන දවසෙ ඉදන් ඔයාට පුළුවන් private channeling කරන්න. ඒ registration එක නැතුව ඔයාට ලංකාවෙ කිසිම තැනක බෙහෙත් දෙන්න බෑ. Channelling centre එක ව්‍යාපාරයක් විදියට ලියාපදිංචි කරන්න ඕන. ලොකු අදහසක් නෑ procedure එක ගැන. මම private channelling කරන්නෙ නැති නිසා ඇත්තටම ඒ ගැන දන්නෙ නෑ. මේ comment එකේ දැක්ක එක්කෙනෙක් කවුරුහරි reply කරල තිබ්බ medical student කාලෙ පටන් ගන්න පුළුවන් කියල. ඒක සම්පූර්ණයෙන් වැරදියි. එහෙම කරොත් ඒක නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක්. අඩුම ගානෙ intern කාලෙවත් එහෙම කරන්න බෑ.
අයියා කාර් එක පොඩ්ඩක් boost karana video ekak dannako 🥺
මේ channel එකේ car එක ගැන කරපු videos කීපයකම තිබ්බා. විශේෂයෙන් car එකේ කරපු review එකේ තිබ්බා
අනේ අයියා පුලුවන්නම් අලුතින් එකක් දාන්න කො 🥺🤗❤️
@@Planet361Stories doctor කෙනෙක් ge salary එක ගොඩාක් අඩුයි නේ .ethakota doctor කොහොමද car එකක් ගත්තෙ? Extra vena jobs karann venawad😳
very informative thank you for sharing.
You are mostly welcome brother