නාරංගල කඳු මුදුන සොයා තනිව ගිය ගමනක් | රජරටින් වෙල්ලස්සට පැය තුනෙන් | Solo Hiker | Narangala |

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 366

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  Рік тому +171

    දින 07 ක පමණ දිගු සංචාරයකට මුලපිරීමට ගිරිතලෙන් සුපුරුදු පරිදි ගමන් ආරම්භ කල මා රජරට පුරවරයේ සිට වෙල්ලස්ස බලා යෑමට ගමන් ඇරඹුවේ අද දින පළමු නවාතැන ඌව පළාතේ දෙවන උසම කඳු මුදුනේ ගතකිරීමට අදිටන් කරගෙනය,
    කලක පටන් හිතේ තිබූ අදහසක් වූ රජරට සිට වෙල්ලස්සට යෑමට කොපමණ කාලයක් ගතවේද යන්න මෙවර හරිහැටිම මැනගැනීමේ අදහසින් කාලය සිතේ තබාගත් මාගේ ඉලක්කය වූයේ පැය තුනකින් වෙල්ලස්ස වෙත ලඟා වීමයි,
    එකඳු විනාඩියකුඳු අඩු හෝ වැඩි නොවී මා ඉලක්කකරගත් අයුරින්ම මග දෙපස සුන්දරත්වයද නොඅඩුව විඳිමින් මා බදුලු පුර වෙත දහවල් වන විය ලඟා විනි.
    කිසි කලබලයක් නොතිබූ මා පැය දෙකක් පමණ බදුලු නගරයේ සිට නාරංගල කඳු පාමුළ සොයා ගමන් ඇරඹූ අතර සවස 5:30 පමණ වන විට එහි ලඟා විය,
    ඇති පමණින් අවශ්‍ය කලමනා ලෑස්තිකොටගත් මා කිලෝ 50 කට ආසන්න බරක් සහිත බෑගයද සමඟ සුන්දර නාරංගල තරණය ආරම්භ කරන විට සවස 6 ට ආසන්න විය,
    හිතේ හයියට බෑගයත් සමඟ කන්ද තරණය කලා මිස මා සිටියේ තරමක විඩාවෙන්ය, එහෙත් කඳු මුදුනේ රාත්‍රීය සිතින් මනෝ විඳි මා විඩාවකින් තොරවම හිරු අවරට යන්නට මොහොතකට මත්තෙන් කඳු මුදුන වෙත ලඟාවිය,
    හතර වටේම රත් පැහැයෙන් තෙත්ව තිබූ මොහොතක චන්ද්‍රයාද අද වෙනදාටත් වඩා දීප්තියෙන් දිළෙන්නට විය, වෙල්ලස්සේ දෙවන උසම කඳු මුදුනේ අද රාත්‍රියේ මා පමණි කෙමෙන් කෙමෙන් මාගේ තනිය මකන්නට අවට කැලෑවෙන් අවදි වූ රාත්‍රියට අයිතිකාර සතුන්ගේ හඬ සහ දීප්තිමත් හඳ එළිය සමත් විය ,
    රාත්‍රී 8ත් පසුවිය එහෙත් මා තවමත් කඳු මුදුනේ වැතිර අහස දෙස බලා සිටියේ එහි තිබූ නිදහස, හීටත සමඟ කැටිවූ ඒ සනීප හැඟීම මොහොතකටවත් බිඳෙනවාට මා තුල තිබූ අකමැත්ත නිසාය, රෑ බෝ වත්ම මාගේ කූඩාරම අටවාගත් මා සුන්දර රාත්‍රියක් එහි ගත කළ අතර රාත්‍රියේ සොඳුරු සිදුවීම් සහ උදෑසන සුන්දරත්වය ඔබ වෙත මීලඟ රූපරාමු මගින් ගෙන එන පොරොන්දුවෙන් මම නවතින්නම්
    මම Solo Hiker 🙏❤🍃💙

  • @Formind..
    @Formind.. Рік тому +48

    Traveler කෙනෙක් singer කෙනෙක් ඉන්ජිනියර් කෙනෙක් සර් කෙනෙක් 😇❤️ තව මොන ටැලන්ට්ස් තියෙනවද කියල දන්නෙ නම් නෑ මන් නම් හිතන්නෙ අයියා හොද අනවුන්සර් කෙනෙක් ❤️ ජීවිතේ පුළුවන් උපරිමයෙන්ම විදින කෙනෙක් මන් දැක්කෙ අයියා විතරයි එහෙම ඔයාගෙ life එක හරි ලස්සනයි අයියේ 😇❤️😍 ඕල්ද බෙස්ට් ❤️😇 අයියේ මන් පොඩි හරි සතුටක් ලබන්නෙ ඔයාගෙ වීඩියෝ එකක් දැකල ❤️😇 අනුරාධ සර් වගේම මන් කැමති ම කෙනෙක් ගරු කරන කෙනෙක් ඔයා 🙂❤️🌼

  • @sachini259
    @sachini259 Рік тому +58

    ජල ධාරාවක් වගේ සීතල හදවතක්,
    හදක් වගේ ලස්සන හිනාවක්,
    කන්දක් තරමට ආත්ම විස්වාසයක් ඇති ඔබ නිසා වෙහෙස වූ හදවත් බොහෝ සැනසෙන බව නියතයක්...♥️🍃😍

  • @chathurisewwandi3831
    @chathurisewwandi3831 Рік тому +31

    ජීවිතේ විඳින්න ලොකු ලොකු දේවල් ඕනි නෑ..සොබාදහමට හැඟීම් මුසු කරන්න විතරයි ඕන..🧚එතකොට සොබාදහම ආපස්සට අපිට සතුට,නිදහස , ආශිර්වාදය නොමිලේම දෙනවා..🍃අයියගේ ඇස් දෙක කො‍‍ළ පාටට, නිල් පාටට කොච්චර ඇබ්බැහි වෙලාද කියලා පේනවා.💚💙 ඒව සොබාදහමේ පාට.ඒවා හුරු වෙච්ච ඇස් වලට පුලුවන් දවසක තමන්ගෙ තෙවැනි ඇස විවෘත කරන්න..👁️ එහෙම අය අඳුරගන්න හරි ලේසියි ..එයාලා හරිම පිං පාටයි.🌸🌿

  • @amalishara1470
    @amalishara1470 Рік тому +33

    ඒක අමුතු එකක්..මහන්සි වෙලා වැඩ කරලා ගෙදර ඇවිල්ල අපි මේව බැලුවහම මහන්සිය කොහෙ ගියාදා නැ ..❤❤...ඒවා හැමෝටම දැනෙන්නේ නැ ..ඒකයි කරුමේ..දැනෙන අපි වටිනාකම ගන්නවා..💜️💜️..ආදරෙයි

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +2

      ආදරෙයි 🍃❤💙

    • @dilanmadusanka3270
      @dilanmadusanka3270 Рік тому

      තනියම හින්ද හරි නැ විඩියෝ උබගෙ😊

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +3

      @@dilanmadusanka3270 උඹට බලන්නම කියලා මේකේ ගහලා නෑ ඉතින්,

    • @jaaduff6559
      @jaaduff6559 Рік тому

      @@dilanmadusanka3270 solo hiker kiynne ekane 🙂

    • @motivated.311
      @motivated.311 Рік тому

      ඔව් බං ඒක ඇත්ත උදේ ඉදලා වැඩ කරලා මහන්සි වෙලා ගෙදර ඇවිත් නලා ඉවර වෙලා මෙවා බලන්න ගත්තාම හිතට දැනෙන දේ වචන වලින් කියන්න බැහැ ඒ වගෙ මහන්සියත් නැතුව යනවා

  • @methinimatheesha4410
    @methinimatheesha4410 Рік тому +30

    උපන්නෙමි දෙව් ලොවක..
    අපිටම උරුම.. 😍🍃
    #solohiker 💚❤️

  • @Chathuka_rashmika.
    @Chathuka_rashmika. Рік тому +3

    ඒ කියපු සිංදුවෙ voice නම් මරු.

  • @hirunnethmal3569
    @hirunnethmal3569 Рік тому +6

    මමත් ගියා දවසක...ඔය වගේම හවසක...ඉතින් එහෙම මහන්සියෙන් උඩට නගිද්දි...කන්දෙ පැත්තක් වහගෙන එක යායට ඕකිඩ් මල් පිපිල තිබුන😍බැහැගෙන යන ඉර එලියත් එක්ක ඒ යායම දිලිසුන හැටි මට හැමදාමත් මතක තියේව්❤️ඒ හැමදේම ආපහු මතක් උනා මේක බලද්දි💯🔥

  • @chamaraadikari
    @chamaraadikari Рік тому +3

    ඇත්තටම මාරයි බං මහන්සිවෙලා එපා වෙලා ඉන්න වෙලාවක ඔයාගෙ විඩියෝ එකක් බලපුවහම මාර නිදහසක් දැනෙන්නේ බං

  • @anushagodakanda100
    @anushagodakanda100 Рік тому +4

    මොන තරම් සුන්දරද,...
    තව තව මේ විඳීම් ඔබ පතනා ලෙස ම ලැබේවා,.....
    "සඳ මඬලේ සිට තරැ මඬලේ සිට දිවැස් හෙළන පුතුනේ බලාගන්න පුත බලාගන්න පුත ලස්සන ලක් දෙරණේ,....."
    ඒ ගීය ඔබ ගැයුවා පුදුම සතුටක් දැනුණා ඔබ වැනි තරැණ දරැවෙකුගේ උසස් රසවිඳීම ගැන,...❤❤❤

  • @himalsaranga3775
    @himalsaranga3775 Рік тому +15

    අයියගේ වීඩියෝ බලද්දි මාරම නිදහසක් හිතට දැනෙන්නේ.හරියට අපිත් ඒ තැන් වල ජීවත් වෙනවා වගේ හැඟීමක් හිතට දැනෙන්නේ.ඒ කටහඬත් මාරම විදියට feel වෙනවා.මේ වගේ ලස්සන තැන් අපිට පෙන්නනවට ගොඩක් පිං 🙏💚💙

  • @sitharaperera4525
    @sitharaperera4525 Рік тому +3

    සුන්දර කඳුයායකින් වටවුනු නාරංගල මුදුනේ ඒ හැන්දෑව ගොඩක් ලස්සනයි . මේ අපේ ආදරණීය මව්බිම .
    බොහොම ස්තූතියි ! මල්ලී.
    මේ ලස්සන අපේ ඇස් ඉදිරියට ගෙනත් දුන්න නිසා.

  • @amcadikari1351
    @amcadikari1351 Рік тому +6

    දැකලා තියන පට්ටම චරිතයක් .......👍🎉🎉❤️ Good job 👌Go ahead ......🎉🎉🎉🎉

  • @dila9981
    @dila9981 Рік тому +7

    Notification bar eke, Solo Hiker ආව ම දැනෙන්නෙ වෙනම සතුටක්, ඒ video එකෙ අන්තිම වෙනකන් යද්දි, දැනෙන්නෙ වෙනම feeling එකක්, ❤️🥺 අයියේ මේක නම් පිස්සුවක් ❤️🤪

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +1

      අඩෙ 💙❤🍃

    • @dila9981
      @dila9981 Рік тому +1

      @@Ceylonsolohiker මෙච්චර කල් අයියගෙ videos වලට comment කරෙ නැතත්, අද හුඟක් අවුලෙන් ඉදපු වෙලාවක මාව මේ වගෙ ලස්සන ලෝකෙකට එක්කන් ගියාම කෝමද අයියෙ දෙයක් නොකිය ඉන්නෙ 🥺🥰❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  Рік тому +2

      ​@@dila9981💙🍃❤

  • @hasiyavlogs
    @hasiyavlogs Рік тому +2

    සෝලෝගෙ බලපු ලස්සනයම වීඩීයො එකක් පැයක් වත් තිබ්බනම් මරු ❤ ඊලග කෑල්ලත් ඉක්මනින් දාමු ජය වේවා සගො ආදරෙයි

  • @pasindurathnayake4699
    @pasindurathnayake4699 Рік тому +13

    ඔයාව එදා resturant එකෙ ඉදන් හම්බෙලා කතා කරේ මම අයියා 😁❤️ඇත්තටම සතුටුයි මාරම හම්බෙලා කතා කරන්න ලැබුන එකට ❤බිරියානි එක කන්න හිටපු වෙලාවක් නේද 🥴හයියෝ

  • @vishalmihiranga-ed7ch
    @vishalmihiranga-ed7ch Рік тому +3

    මාත් ආසයි අයියේ අයිය වගේ නිදහසේ මෙ ලංකාවෙ සුන්දරත්වය විදින්න travel කරන්න හිතේ ප්‍රශ්නයක් තියෙද්දි බ;ලන්නෙම අයියගේ වීඩියෝ තමයි මාර නිදහස් අයියේ good luck♥

  • @Himansa139
    @Himansa139 7 місяців тому

    හරි ලස්සන අදහස් තියෙන උගත් ඉංජිනේරුවරයෙක් දැක්කමයි,❤

  • @ishinipanchali6412
    @ishinipanchali6412 Рік тому

    හරිම සුන්දරයි .ඔයා පසුකරගෙන ගිය කැටවල කියන්නෙ පුංචිකාලෙ මම හිටිය ගම .මගේ වාසනාවට මම ඔය කන්දට නැගලා තියෙනවා .හරිම සතුටුයි ඔයා ඒ මතකය අලුත් කරාට .ඔයාට බුදු සරණයි! හැමදාම සතුටින් ඉන්න ලැබේවා!

  • @Himashaxxx
    @Himashaxxx Рік тому +1

    මේව දකිනකොට ඇගේ හිරිගඩු පිපෙනව ඒ තරම් ලස්සනයි මමත් කවදහරි මේ ලස්සන පරිසරය බලන්න යනවමයි ❤️🥺🍃

  • @videooffical1
    @videooffical1 Рік тому +3

    අයියෙ අද නම් මාරයි ජිවිතය විදින සුන්දර අයියා කෙනෙක් තව කැම්ප් ගහන්න සුබපතනවා ආදරෙයි😉😉😉😊😊😊

  • @Hashini0604
    @Hashini0604 Рік тому +1

    හිත නිවන එකම බාවනාව හොදම බාවනාව සංගීතයය් ස්වාබාවදර්මයය් ❤️🥺🌍ඒක මහ පුදුම සැනසීමක් වචනෙන් කියන්න බැරි තරම් 🌍

  • @jayanthikumari9738
    @jayanthikumari9738 Рік тому +3

    අපිට යන්න බැරි තැන් වලට අපිව මේ විදියට එක්කන් යනවට ඔයාට පින් අයියෙ 🙏

  • @madushikakalpanie1958
    @madushikakalpanie1958 Рік тому +1

    ගොඩක් ස්තූතියි අපිට යන්නවත් බැරි තැන් අපිට මෙහෙම හරි පෙන්වනවට..❤හරිම ආසාවෙන් බලන්නේ..good luck aiya 😍 තවත් මේ වාගේ විඩියෝ ගෙන්න ශක්තිය ලැබේවා..❤🖤

  • @shashitharuthsha5821
    @shashitharuthsha5821 Рік тому +1

    ආදරණීය මතක ගොඩක් රැදුනු තැනක්❤ නාරංගල🥺

  • @SakulArchana-so5pf
    @SakulArchana-so5pf Рік тому +1

    හිතට අව නිදහසක් මරයි
    දුරින් පෙනුනාත් ගතට අවා සිසිලක්
    ආදරේයි මේ හැගිම දුන්නාට ගොඩක් පිං සොලෝ අයියේ ඔයාට 💙💖💙💖😘

  • @shamasandamali8651
    @shamasandamali8651 Рік тому +4

    ඔයා හැමදාම ලස්සන කදු තැනිතලා ජලාශ දිය ඇලි තියන කොළ පාට ලස්සන මල් පාරක අපිව එක්කන් යනවා. අයියේ ❤ බුදුසරණයි 😍🍃🍃🍃

  • @bhagyawijekoon3192
    @bhagyawijekoon3192 Рік тому +10

    ලංකාව කියන්නෙ පොඩි රටක් කියලා කඳු ටික දිහා බැලුවම හිතෙනවා.එක තැනකට ගියාම ලංකාවෙන් බාගෙකට වැඩිය පේනවනෙ ❤

  • @shashimadhu361
    @shashimadhu361 Рік тому +2

    Solo , ඇත්තටම කියන්න වචන නෑ💞💞 තරු පිරි රෑ අහස යට කදු මුදුනක තනියම සැගවෙන්න ඇත්තනම් කියලා හිතෙනවා ඇත්තටම ඒක භාවනාවක් 🖤💙විඩාව දුරලන හිනාව සතුට කැන්දන ඔයාගේ විඩියෝවක් බැලුවා කියන්නේ ඇත්තමයි මානසික සතුටක් ඔයා හිත් නිවන භාවනාවක් 💙🖤(අපේ solo)..

  • @user-sv7cx5pq.
    @user-sv7cx5pq. Рік тому +1

    ඇත්තටම ගොඩක් ලස්සනයි.ඇත්තටම අපි පිං කරලා තියෙනවා ලස්සන රටක ඉපදෙන්න.
    ඒවගේම ගොඩක් ස්තූතිය ඔයාට ඒ සුන්දරත්වය අපිට මෙහෙම හරි බලන්න සලස්වනවාට.....💚🍃🌿🌍🙏❤

  • @dehamisanwedya2585
    @dehamisanwedya2585 Рік тому +6

    මෙන්න අපෙ ගමට ඇවිත් 😁❤ ඩ්‍රෝන් ශොට් ටික පට්ට ලස්සනයි අයියා ❤🔥

  • @vinuabeysinghe-ie2ic
    @vinuabeysinghe-ie2ic Рік тому +2

    මාරම ලස්සනයි 🥺❤️
    වචනෙන් කියන්න බැරි තරම් ඒ වගේ කන්දක තනි උනාම දැනෙන හැඟීම් 🥺🌿💆
    Good luck aiya ❤️

  • @Kaweenrashmika730
    @Kaweenrashmika730 Рік тому +2

    minissu nisa manasikawa binduwatama watila hitapu mt ayeth loke lassanata dakinna hitha hadaganna puluwan wune aiyage videos balala.aiyage videos balana hama welawema danune loku manasika nidahasak.soba dahama,parisarayata adaraya karanna igena gaththeth aiya nisa.thank you so much❤❤❤

  • @vishalmihiranga-ed7ch
    @vishalmihiranga-ed7ch Рік тому +3

    ආතල් නේ බන් මෙහෙම බයික් එක්ක හැම තැනම ඇවිදින්න යන්න තිබ්බනම්🤩

  • @kkjewwani3498
    @kkjewwani3498 Рік тому

    පිං කෙත හෙළ රන් දෙරනේ යලි උපදින්න ට හේතු වාසනා වේවා රටින් දුරස් වෙලා සිටිනා විට ඹබගෙ වීඩියෝ බලනවිට හිත ට පුදුම සහනයක් පුතේ නුබ ට බුදු සරණයි දෙවි පිහිටයි ජයවේවා

  • @Abcvuwvajkfvi
    @Abcvuwvajkfvi Рік тому +1

    පිස්සුවක් දෙයියනේ මේක 🥺🤗🍃

  • @Subo65
    @Subo65 Рік тому

    සංස්කරණය නිර්මාණශීලිත්වය ඉතා ඉහලයි

  • @taveeshadhanujaya7354
    @taveeshadhanujaya7354 Рік тому +1

    මන් නම් ආසම චරිතයක් අයියෙ ඔයා..❤ කොච්චර දිග vidio එකක් උනත් කම්මැලි නැතුව බලන්න පුලුවන් 😊

  • @honorhuawei3574
    @honorhuawei3574 Рік тому +1

    බුදු සරණයි පරිස්සමෙන් යන්න පුතේ

  • @pathumrathnayaka912
    @pathumrathnayaka912 Рік тому

    අයියගේ වීඩියෝ එකක් බැලුව කියන්නේ ආය ඉතින් මරු තමයි, අපේ බදුල්ලට ඇව්ත් කතා කරන්කොට ඒක හොදටම හදවතට දැනෙනව, ආදරෙයි අයියේ❤️‍🔥, අනුරාධ සර් වගේම සුපිරිම චරිතයක් අයියේ ඔයත්. අර හදල තිබුන පැල අලිගැටපේර වර්ගයක් අයියේ, පරිස්සමෙන් ඉන්න අයියේ, බුදුසරණයි ජය වේවා...❤️‍🔥❤️‍🔥

  • @erandilanka8316
    @erandilanka8316 Рік тому +1

    මෙ මුලු කදුයායම මගේ වගේ තමයි 🤭😍 ඒ වචන කියද්දි තිබ්බ සතුට ඒ හැගීම හරිම ලස්සනයි

  • @malinduchathuranga8398
    @malinduchathuranga8398 Рік тому

    එක පාරක් ගියා නාරංගල😁 ඔයාගෙ විඩියොනම් මරු සහෝ ඇත්තටම ආස හිතෙනවා ඔයා කතා කරන විලාසේ ඒ පැහැදිලි කිරීම් එහෙම මරු මාර නිදහසක් දැනෙන්නේ

  • @malkanthisujitra472
    @malkanthisujitra472 Рік тому

    මෙන්න අපෙ ගමට ඇවිත් අනෙ කලින් දන්නවනම් ඔයාව බලන්න එන්න තිබුනා මන් හරි ආසයි ඔයාගෙ විඩියො බලන්න ❤️❤️❤️❤️පරිස්සමෙන් බුදුසරණයි🙏🙏

  • @kaveeshadilshan4887
    @kaveeshadilshan4887 Рік тому +1

    Solo hiker kiyanne brand ekak ❤😍🌻

  • @Nathureandmusic-cook
    @Nathureandmusic-cook Рік тому +1

    මාරම ලස්සනයි 🍃😘👁 පරිසරයෙ සුන්දරත්වය ඔහොම විදින්න පින් කරන්න ඕනී 🍃🥺 පරිස්සමෙන් තව තව සුන්දර තැන්වලට යන්න ලැබෙන්න ඕනී.පට්ට පොරක් 🥰කවදා හරි රට වටේම යන්න ආසයි 😘ඔයා ඒ ආසව තව වැඩි කරනවා 💫🤝

  • @ishaniwijesinghe8577
    @ishaniwijesinghe8577 Рік тому +1

    ඔයා ගැන කියන්න වචන් නැ මල්ලි.❤ජිවිතේ නියම විදියට විදින කොල්ලෙක්💕සතුටුයි.ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා සුබ පතනවා😊😊💕💕

  • @janakdeepal9698
    @janakdeepal9698 Рік тому

    hama welema welawa kiyana eka poddak adu kara nm hari.niyama wadak.subapathum

  • @thilinidilhara7827
    @thilinidilhara7827 Рік тому

    අන්තිම ටික මාරම ලස්සනයි .....😮 හිත නිවෙනවා ❤🍃🌎💙

  • @chanukakalhara4222
    @chanukakalhara4222 Рік тому +1

    ඇත්තමයි අයියෙ vedio එක හුගක් ලස්සනයි❤😘...

  • @wiki8580
    @wiki8580 Рік тому +2

    "දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය ?
    කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස "🌿🌿☘️
    අර ස්වයං රැකියා කරන අක්ක ගැන හරි ආඩම්බරයි .මේ රටේ වැරදි විදියට මුදල් උපයන කොච්චර අය ඉන්නවද ඒ හැමෝටම හොද ආදර්ශයක් . ජීවිතේ තමන්ට පුළුවන් විදියට ජීවත් වෙන එක තරම් සැහැල්ලුවක් වෙන නෑ .ඒ සල්ලි හරි පිරිසිදුයි ❤
    උතුම් දළදා සමිදු පිහිටයි 💙 ආදරෙයි අපේ solo අයියට ❤️

  • @hashenchamindu98
    @hashenchamindu98 Рік тому

    ඒක නම් මරු...සුපිරියක් තමයි අයියේ...ජයවේවා!❤️💯

  • @MaduShani-ol4ko
    @MaduShani-ol4ko Рік тому

    😮😮ඔයා නම් පිස්සුවක්ම තමයි මල්ලි .......ඇත්තටම ඔයා යන තැන් හරිම ලස්සනයි .....ගොඩක් ආදරේයි......🎉🎉

  • @TravelWithAyale
    @TravelWithAyale Рік тому

    woooooooooooow........ ayeth serayak yanna hithuna dekkama

  • @kadimai7717
    @kadimai7717 Рік тому +2

    ඩ්‍රෝන් ශොට් ටික නම් වෙනස් ම creative විදියට ගන්න පට්ට හැකියාවක් තියෙන්නෙ 👌

  • @tharumaxxaa2572
    @tharumaxxaa2572 Рік тому +1

    අපිත් ඔයා එක්ක කඳු මුදුනේඉන්නවා වගේහැඟීමක් දැනේනවා🤗🤗🤗🤗

  • @pubuduperera4209
    @pubuduperera4209 Рік тому

    Amme,ape gama,game giya wage hagimak,bohoma pin,mage punchi sandiyata giya pat pat gala.

  • @surangadeshappriya1626
    @surangadeshappriya1626 Рік тому

    ඒ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක ලස්සනයි...❤වීඩීයෝ ව්කට මරුවට ගැලපෙනවා..😎

  • @ishanerantha
    @ishanerantha Рік тому

    3න් පාරක්ම ගියා.. ලස්සනම තැනක් 😍

  • @Sadeepa_Rajapaksha
    @Sadeepa_Rajapaksha Рік тому +1

    A drone shot ටික නම් පිස්සුවක් අයියේ ❤️🥺

  • @thusharanilmini463
    @thusharanilmini463 Рік тому

    හරිම ලස්සනයි .දැක්කම යන්න ආස හිතෙනවා 😶 ඉතිරි ටිකත් දානකම් බලන් ඉන්නවා වීඩියෝ එකෙන් සුන්දරත්වය විදින්න 🍃💚💚 ජය වේවා සෝලෝ

  • @TraVelmaNiaC-kx6ji
    @TraVelmaNiaC-kx6ji Рік тому +1

    නියමයි solo hiker,video okkoma balanawa ithin,❤❤

  • @ffyt506
    @ffyt506 Рік тому +1

    සුපිරි ❤❤🎉

  • @sachianuththara8764
    @sachianuththara8764 Рік тому +1

    මේ මහ රෑ solo අය්යගේ වීඩියෝ එකක් කියන්නේ.. මට නම් භාවනාවක්.. දැන් ඒකට පුරුදු වෙලා... ❤ හැමදාම රෑට එක බැගින්.. 😌 හිතට නිදහස හම්බෙන්නේ.. අය්ය නිසා.. අය්යට පිං..

  • @akalanka2004
    @akalanka2004 Рік тому

    මගෙත් ආසවක් හැමතැනම ඇවිදින එක ❤

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 Рік тому

    ජයවේවා සාර්ථක වේවා 😊❤🇨🇦🇱🇰🥰😍👌☝️😊👍💯🙏

  • @nipuniishara2879
    @nipuniishara2879 Рік тому

    හිතට නිදහසක් මාරම ලස්සනයි අයියේ...💚🍃🌿

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia Рік тому

    good

  • @travelrosa
    @travelrosa Рік тому +2

    සුපිරියක් ❤❤❤

  • @kavinduudayangana7523
    @kavinduudayangana7523 Рік тому +1

    කන්දෙගෙදර අපිට ගැම්මක් ඔය පැල අලිගැට පේර 😊🤘❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Рік тому

    🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰
    🇱🇰 ජයවේවා ආඩම්බරයි.🇱🇰👍🏾

  • @rajaratadesign
    @rajaratadesign Рік тому

    හරි නිදහසක් දැනුන ඒක බලද්දි ඇත්තටම ❤️

  • @tharushabanneheka1042
    @tharushabanneheka1042 Рік тому +2

    There is only one word to describe this feeling " Masterpiece " 💆

  • @worldentertainment983
    @worldentertainment983 Рік тому

    අයිය ආයෙ නාරන්ගමුව ලකේගල යන්නැද්ද...ඒ ගම මාර ලස්සනයි. ඔයා ගෙ වීඩියෝ වලට ඇබ්බැහි කරේ ඒ ගම....🙏😀🥰🥰🥰🥰💙💙💙💙💙💙💚

  • @tiran760
    @tiran760 Рік тому +3

    අයියන්ඩි අපෙ බදුලු පුරවරයට ආවා එහෙනම් 😊 ඉලග කොටසත් ඔන ඉක්මනින් ආදරෙයි....🌍❤️😊

  • @HirumaruLive
    @HirumaruLive Рік тому

    මාර ලස්සනයි මාත් දකුණේ බොක්ක ❤❤❤

  • @KalharaSenarathna123
    @KalharaSenarathna123 Рік тому +2

    Patta

  • @sancharakayah
    @sancharakayah Рік тому +1

    💫❤❤❤❤❤❤Adreii math hudakalawata 🍃🍃

  • @malshanmunasinghe
    @malshanmunasinghe Рік тому

    ජීවිතේ විඳින All roundr කෙනෙක් ❤

  • @imashaamandi3647
    @imashaamandi3647 Рік тому +1

    Video eka marama lassanai aiye...hitha nidahas karaganna balanne aiyge video .pattama lassanai .jaya wewa aiye parissamen 💦🌿❤

  • @kasungchamara1662
    @kasungchamara1662 Рік тому +2

    යමු ඔහොම නමුනුකුල ඌවෙ උසම කන්දේ ❤❤❤❤

  • @dilinikanishadini4451
    @dilinikanishadini4451 Рік тому

    Malli mata oyata kiyanna wachana nahhh....aththamai...supiriyak.......oyata godak pin......kakul dekata thawa shakthiya lebenna oni......uthum sri dalada wahansege pihitai ....sumana saman devi pihitai malli,,,,gambara apchchita barai,,,super character,,,traveler, singer, engineer, teacher,,🎉🎉🎉🎉🎉🎉super character.....malliiiii,,,oya,,,super, super 👌 👍

  • @thushann
    @thushann Рік тому

    පට්ටම ආතල් ♥️ අපි 4 දෙනෙක් ගියා ටෙන්ට් එක ගහද්දි රෑ10 ත් පහුවෙලා 🥲💔 අයිය ගිය පාරෙමයි නැග්ගෙ රෑ උන නිසා මීදුමට ලග ඉන්න එකා පේන්නෑ අපි එක්ක ගිය එකෙක් 26:00 කැලේ පැත්තෙන් යන් කියල 😂 පහුවදා බහිද්දි කැලේ මැදින් ගියේ අන්තිමේට කැලේ අතරමං වෙලා පැය 3ක් විතර වතුර නැතුව ආයෙ නැග්ග පැත්තෙන්ම බැස්ස ලිස්සන බෝට්ටුවෙ වගේ බැස්සෙ 😂💔යන්තමින් බස් එක අල්ලගත්තෙ අන්තිමේට නාගන්න ගගක් හොයාගෙන නාගෙන ආවෙ බදුල්ල town එකට ගියොත් map එකේ National Water Supply And Drainage Board Badulla ගහල මෙතන්ටත් ගිහින් නාගෙන යන්න පට්ට ඈ ජීවිතේට අමතක වෙන්නෑ ඒ ගමන නම් ♥️

  • @pubuduperera4209
    @pubuduperera4209 Рік тому

    Aparade,oya watayak gihin,mahiyanganen,kandaketiya hali--ela root eke giyanm,ketawaladi hari dehigolla kadurin hari herunanm narangala kandata thawa ikmanin yanna thibba.

  • @DumindiRathnayaka-hn3jm
    @DumindiRathnayaka-hn3jm Рік тому

    මේක නම් දැන් පිස්සුවක් වෙලා අනේ🥹♥️🕊️

  • @pathumsanjana1714
    @pathumsanjana1714 Рік тому +2

    Ekh mn pissuwak wage ❤️

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane3125 Рік тому

    සුපිරියක් සහෝදරයා..................👍

  • @dunethchadeera5838
    @dunethchadeera5838 Рік тому +1

    supiri aiye... marama gathi.. narangala ❤❤❤

  • @j.a.m.k1344
    @j.a.m.k1344 Рік тому +1

    අනිත් පාර ලස්සනයි ඔය පැත්තෙන් යනවට වඩා හැබැයි ටිකක් කට්ට ❤️❤️

  • @Uchitha1
    @Uchitha1 Рік тому +3

    අපේ ගමේ ඇවිත් හෙ හේ ඔයතියෙන නිල් පාට දැල් ගහල වහල තියෙන්නේ අලිපේර ගස් 😅

  • @samanthafernando5402
    @samanthafernando5402 Рік тому

    Harima lassanai malli. Oysa godak pinwanthai. Me lassana dakinna. Oyawa siyalu deviyo araksha karathwa. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gamageimesha5143
    @gamageimesha5143 Рік тому

    Video එක බලද්දී දැනෙන හැහීම විස්තර කරන්න වචන නෑ solo brother ❤❤❤

  • @ArunaPiyankara-kf9gd
    @ArunaPiyankara-kf9gd 8 місяців тому +1

    නියමයි 😄❤️

  • @ChathuwaVlogs
    @ChathuwaVlogs Рік тому

    සුපිරි අදත් පට්ට වීඩියෝ එකහ්❤❤❤ ආදරෙයී තවත් වීඩියෝ එකක් ඉක්මනට දන්න සහෝ❤

  • @cricketlife4481
    @cricketlife4481 Рік тому

    26:26 මම තමා කන්දේ අයියා❤

  • @GAMINGRIWI
    @GAMINGRIWI Рік тому +1

    බුදුසරණයි ♥️

  • @PramudithaBimsara
    @PramudithaBimsara Рік тому +1

    Welcome to Badulla💙

  • @Short1Million-g2q
    @Short1Million-g2q Рік тому

    මගේ හීනේ එත් ගිය දවසේ මුළු නාරංගල ම ගිණි අරන් 🥺💔

  • @senuwankaushalya3567
    @senuwankaushalya3567 Рік тому

    අපිත් ගියා...ගිය දෙසැම්බරයේ

  • @pasinduhiman
    @pasinduhiman Рік тому +1

    ඔයා හදලා තියන පැල තමා අලිගැටපේර අයියේ

  • @thiwanakadilshanthiwankadi2921

    ජයවේවා 👌👍❤️📷