Kithul Treacle to Kithul Jaggery | කිතුල් පැණි වලින් හකුරු හදන විදිහ හොයාගෙන කිතුල් වාඩියකට | 4K

Поділитися
Вставка
  • Опубліковано 6 вер 2023
  • සුදු මාමා විසින් හොදින් පිරිසිදු කරගත් තාච්චියකට අපත් සමග කලු මාමා රැගෙන පැමිනි කිතුල් පැණි වලින් කොටසක් දමා ගත්තේ මාගේ ද උදව්වෙනි. කිතුල් පැණි තවත් වතාවකට පෙරා ගැනීම මෙහිදී සිදු කරයි. සුදු මාමා විසින් මැටියෙන්ම සැකසූ කුඩා ලිපක තැබූ පැණි පිරවූ තාච්චිය මද ගින්නේ රත් වෙන්නට තබා "පුතේ මේක මෙහෙම ටික වෙලාවක් රත් වෙන්න ඕනේ.... ටික වෙලාවක් ගිහින් තමා හැදි ගාන්න පටන් ගන්නේ...." කියමින් එතෙක් පැවති නිහඩ තාවය බිද හෙලීය. "මේවා හදන්නේ හරියට අපේ දරුවෙක්ට කෑමක් හදනවා වගේ... සීනි ඇටයක් දාන්නේ නෑ..." සුදු මාමා සුසුමක් හෙලුවේ ලිපෙන් නොකඩවා එන දුම් අතරින් පොල්කටු හැන්ද පැණි තාච්චිය වෙත යොමු කරවමිනි.
    "දැන් පැය කාලක් , හමාරක් හැදි ගාන්න ඕන පදම එනකම්.." සුදු මාමා විස්තර කියමින් පැණි තාච්චිය හැදි ගාන අතරවාරයේ " ඔන්න පුතේ ඔය පොල් කටු ටික ලං කොරන්න.." "ඉසන්ක පුතේ.... කෙහෙල් කොලයක් ගේමු නේද..? " සැබැවින්ම අපට කිරිමට ඇත්තේ නිසොල්මනේ බලා සිටීම පමනකි. වාඩිය පුරා දුම් පිරී වහලයේ උලු අතරින් ඒ දුම් ඉහලට ගලා යයි. දුම් වැදුනු ඇස් කෙලවරේ තෙත් වන කදුලු බිංදු පිස දමමින් සුදු මාමා පැණි තාච්චිය හැදි ගාමින් වරින් වර හැන්ද උස්සා පදම සරි වී ඇත්දැයි සොයා බලයි.
    පැය බාගයකට ආසන්න කාලයක් සිදු කල රාජකාරිය අවසන් කල සුදු මාමා "පුතේ කෙහෙල් කොලේ එලලා අපි ඒක උඩ පොල්කටු ටික තියමු... දෙපැත්තෙන් අර ලී දෙක තියමු." පිළිවෙලකට සහ පේලියකට තැබූ පොල්කටු තුලට පොල්කටු හැන්දෙන්ම යම් තරමකට ඝණ වී තිබූ කිතුල් පැනි හනි හනිකට වක් කර ගත්තේ එම රාජකාරියට සුදු මාමා කෙතරම් ප්‍රවීණයෙකු දැයි සාක්ෂි සාධක සපයමිනුයි.
    ඉනික්බිතිව වාඩිය ඉදිරිපස බංකුවට බර වී පැයක පමන කාලයක් ආ ගිය තොරතුරු සහ ගල් ලෙනේ තොරතුරු පිළිබදව දොඩමලු වූ අතර ඉන් පසු නැවතත් විපරම් කොට බැලුවේ පොල්කටු වලට පුරවණ ලද කිතුල් පැණි හකුරු වී ඇත්දැයි යන වගයි. සැබැවින්ම මේ නම් පුදුමයකි. කිසිදු රසායනික ද්‍රවයකින් තොරව ඇස් පනාපිටම මෙබදු රසවත් කෑමක් සෑදීම මා හට නම් සැබැවින්ම පුදුමයකි. පොල්කටු වලින් ගලවාගත් කිතුල් හකුරු බෑයකින් කැබැල්ලක් කඩාගෙන සුදු මාමා මා හට ලබා දුන්නේ "මේං පුතේ පුතාලගේ මහන්සියේ අවසානයේ හැදෙන රසවත්ම කෑමෙන් කොටසක්.." යනුවෙන් කියමිනි.
    The second part of the story and the most exciting part. This video will show how we convert Kithul Treacle to Kithul Jaggery. It’s incredible how much effort these villagers put into making the end product Kithul Jaggery. My heartful gratitude to Kalu Mama, the main character of this vlog, and to two brothers and all the other villagers who helped us and their incredible hospitality. I hope you will enjoy the video.
    Greetings
    I am Dinesh
  • Розваги

КОМЕНТАРІ • 577

  • @ravidurodrigo2894
    @ravidurodrigo2894 9 місяців тому +19

    මිනිහෙක් තව මිනිහෙක්ට ගරු කරන අපූරුව,හරිම ලස්සනයි.....
    💚🌿

  • @anushirangani8005
    @anushirangani8005 10 місяців тому +60

    "දිනේශ් අයියා " නම් ඒ චරිතය
    දැනුමින් සුපෝශිත පුස්තකාලයක්,
    පරිසරයට පෙම් බැන්දෙක්
    හිත හොද නිහතමානී පුද්ගලයෙක් ..
    ආදරෙයි ❤

  • @Nethsara-138
    @Nethsara-138 10 місяців тому +24

    දිනේශ් අයියා වගේමයි ඒ මිනිස්සුන්ගෙ හිත් වල මනුස්සකම් උතුරනවා ❤️

  • @CookingAtViewPoint
    @CookingAtViewPoint 10 місяців тому +33

    දිග වීඩියෝ බලන එකනම් දැන් පිස්සුවක් වෙලා තියෙන්නේ ❤

  • @chamikalakith3599
    @chamikalakith3599 9 місяців тому +10

    අපෙ වත්තෙත් කිතුල් මල් කැපුවා මෙ ලගක් වෙනකන්ම , එ වැඩේටම මාමලා ටිකක් හිටියා , දැන් සමහරු නැ , එත් අලුතින් මල් කපන්න මාමලා ඉන්නවා, වත්තෙ අයිතිකාරයාට දවසක් තෙලිජ්ජ දීලා අනික් දවස කපන මාමා ගන්නවා , එහෙම තමා අපෙ පැත්තෙ වෙන්නේ , පලවෙනි සතිය දෙක මල කපන මාමා ගන්නව , එ ටිකේ රා දාන්නෙ තෙලිජ්ජ වැඩියෙන් වැටෙද්දි දවසක් ඇර දවසක් අපිට දෙනවා .
    තබයක තමා තෙලිජ්ජ උනු කරන්නේ (ඇලුම්නියම් මුට්ටියක් ) උනු කරල නිවෙන්න ඇරලා දානව වීදූරු බොතල් වලට , විදුරු බොතලේ මූඩිය තදම කරල වහන්නෙ නෑ සාමනයෙන් , නැත්තන් මෙර එකතු වෙලා බෝතලේ පුපුරනවා , දවසක් අප්පච්චි මමයි ගමේ යද්දි පැනි බෝතලයක් අරන් ගිහින් මගදි එක පුපුරලා බෑග් එක පැනි වලින් නෑවුනා 😂, සද්දයක් එක්ක පුපුරන්නෑ , අපෙ පැත්තෙ මලේ අන්තිම කාලේ තමා හකුරු හදන්නේ මුල් කාලේම හදන්නෙ නෑ එතකොට පැනි කර වෙන එක මලට හොද නැලු .
    වහින කාලෙට ගොරවද්දි කිතුල් මල බය වෙන්ව කියලා කතාවක් තියනවා , හැබැයි එකේ ඇත්තකුත් තියනවා , ගොරවපු දවසට පස්සෙ දවසෙ තෙලිජ්ජ ප්‍රමාණය අඩුවෙනවා , මලේ අන්තිම කාලේ වෙද්දි තෙලිජ්ජ අඩු වෙන්වා ට්ක ටික , එ මල ඉවර උනාම ඉට උඩින් තියන කිතුල් අත්තෙන් අය මලක් (පොල් මල මුලින්ම එන්නෙ අන්න එ වගෙ හැඩේ ඊට වඩා ලොකුයි )එන්වා එත්කොට ඒක පුපුරන්න කලින් මල බෙහෙත් තිය්න්න ඕනේ (බෙහෙත් තියන්වා කියන්නෙ එක එක ගස් ජාති වල් පොතු කොල ගන්නේ එකට ඒක බදිනව ඊට පස්සෙ )
    කිතුල් මල් කපපු නැති ගස්වල අතු ඔක්කොම මැරීගෙන(ගහේ අන්තිම කාලේ) එද්දි තව වැඩක් ගන්නවා , කිතුල් පිටි ග්න්නවා , කිතුල් ගහ කපලා ගහේ මැද කොටේ දෙකට පලලා එකේ මැද අර ස්පොන්ජ් වගේ තියන කොටස කෑලි කරල අරගෙන වංගෙඩියක දාලා කොටනවා කොටලා ඉවර වෙද්දි පොල් රොඩු වගේ , වතුර දාලා කොටන්න ඕනෙ , කොටල එන පොල් රොඩු වගේ ටික පොල් කිරි මිරිකන විදිහට් මිරිකලා එන ඉස්ම ටික පෙරලා මිදෙන්න තිබ්බාම භාජනය පතුලට මිදෙනවා පිටි , උඩ වතුර අයින් කරලා යට පිටි ටික අව්වෙ වේලලා ගත්තාම එවා තමා කිතුල් පිටි , එවගෙන් කිතුල් තලප හදන්න පුලුවන් , කිතුල් මල් කපපූ ගස් වල පිටි අඩු හින්දා එවා ගන්නේ නෑ පිටි ගන්න .
    කිතුල් ගහේ මල පුපුරලා ඇට හැදුනාම ඒවා කලවැද්දො කනවා හැබැයි වැරදිලාවත් අපි කෑවොත් කටයි බඩයි කහනවා 😂
    😁.....

  • @ravanking9865
    @ravanking9865 10 місяців тому +9

    මේ අයගේ මනුස්සකම් නම් උතුරනවා ඒ අයටම හරියන නියම මනුස්සකම් තියෙන අපේ දිනේෂුත් එකතු වෙලා . සුපිරි ❤❤❤❤❤ ජයවේවා

  • @suchithraperera2452
    @suchithraperera2452 10 місяців тому +27

    ලංකාවේ රස අප නෙත මායිමට රූප රචනා මගින් ගෙන එන දිනේෂ් පුතණුවන්ට සහ ලොකු පීරිස් පුතණුවන් ඇතුළු කණ්ඩායම දිගාසිරි ❤

  • @dumindurathnayake9114
    @dumindurathnayake9114 10 місяців тому +12

    Dinesh අයියා මේ වගේම මේ video English වලින් හඩකවල වෙනම channel එකකින්.ලංකාවෙ අසිරිය මුලු ලෝකෙයටම පෙන්නන්නකො .😍🥺

  • @chathurikaweerasinghe06
    @chathurikaweerasinghe06 10 місяців тому +67

    ලංකාවේ ලස්සන වගේම... දැනුමටත් ගොඩාක් දේවල් ඉගෙනගත්තේ DAP ගෙන්... තව තවත් රටේ ලස්සන පෙන්නන්න ශක්තිය, ආශීර්වාදය සොභාදහමෙන්ම ඔයාට ලැබෙනවා... 🌻💚

    • @user-xe8tu3yw1u
      @user-xe8tu3yw1u 10 місяців тому +4

      Me koheda

    • @DineshAPathum
      @DineshAPathum  10 місяців тому +5

      බෙහෙවින්ම ස්තූති.

    • @DineshAPathum
      @DineshAPathum  10 місяців тому +4

      @@user-xe8tu3yw1uමේ ලංකාගම

    • @user-xe8tu3yw1u
      @user-xe8tu3yw1u 10 місяців тому +1

      Kantek nambar ekak nedda aiyye eyalage apata genna ganna
      Lanka Gama kiyanne galle peththe neda

    • @hiranyashashikelum7608
      @hiranyashashikelum7608 10 місяців тому

      ​​@@user-xe8tu3yw1u vedio eka awsne dnne number eka 46:33

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 8 місяців тому +3

    ඉස්කෝලෙ නිවාඩුවට රත්නපුරේ පුංචි සංදියේ ආතලා සමඟ විඳපු ඒ මනරම් දසුන් සමඟ දැහැන් ගතවුනා...ඒ රූපරාමු තුලින් අප සැමටම රැගෙන ආ කතා වස්තූනට බොහොමත්ම හදබැඳි ස්තූතිය ඔබ සැමටම...රකිමු අපේ සුන්දර සිරි ලංකා....ඒ ගැමි ජනතාවට ස්තුතිය හා ප්‍රණාමය...සියළු ජය...🙏🌴🍃🌻🌄

  • @travelwithpola6215
    @travelwithpola6215 10 місяців тому +2

    දිනේශ් අය්ය ඔයා මාරම පොරක් .. ලංකාවෙ අරුමය පෙන්නන එකට ඔයාට පින්

  • @indikaudayashantha4181
    @indikaudayashantha4181 10 місяців тому +13

    දිනේෂ් හා ලොකු පීරිස් ..මේ රස දෙන්න ගත්ත උත්සහය කැපවිමට ආදරෙයි ❤❤❤❤❤🌄⛰️⛰️🏞️🏞️ පරිසර වේදියා හා සගයා ...

  • @ruwansenadeera6680
    @ruwansenadeera6680 10 місяців тому +3

    ඔබ පුදුමාකාර පිං🙏 ඇත්තෙක්. මන්දයත් ඔබ විදිනා සුන්දරත්වය අනෙකුත් අපේ ලෝක වාසී සියලු දෙනාටම එය රූප මාධ්‍යයේන් විකාශනය කරමින් මහගු සේවයක් කරන්නෙකි❤. ඔබට හා ලොකු පීරිස් මල්ලිටත් ජයෙන් ජය. ඒ වගේම මේ වැඩ සටහනේ මුල්තැන කළු මාමාට හා සුදු මාමාට තෙරුවන් සරණයි💗

  • @nadeekshala
    @nadeekshala 10 місяців тому +5

    පුදුමාකාර වටින විඩියෝ එකක් . ලොකු පිරිස් ගේ හඩත් ඇහුනා❤❤❤ බුදුසරණ යි

  • @kaveen844
    @kaveen844 10 місяців тому +16

    "හදවතේ සංචාරකයා" ආදරෙයි දිනේශ් අයියේ පරිස්සමෙන්...බුදු සරණයි 🙏😍❤️🍃

  • @chandanistephen9632
    @chandanistephen9632 10 місяців тому +7

    ස්තුතියි ඔබට , කොයි පළාතෙද ? දැරණියගල ප්‍රදේශයෙද. ? හරිම සුන්දර පරිසරයක් . ඇත්තටම නගරයට වැඩිය ගම සුන්දරයි කියන්නෙ මෙකටයි.
    ස්තුතියි ඔබ සියලු දෙනාටම, තෙරැවන් සරණයි🙏🙏

  • @AchiSaji-nn5jj
    @AchiSaji-nn5jj 10 місяців тому +9

    අදත් වෙනදා වගේම ස්වභාධම් මාතාවට තව තවත් ආදරය කරන්නට,රකින්නට,මිනිසුන්ට ආදරය බෙදන්නට අපිට කියා දුන්නාට අයියාට ගොඩක් පින්
    ❤️💚

  • @savesrilankaa
    @savesrilankaa 10 місяців тому +5

    BEST CAMERAMAN , PERIS 👍👍👍👍🌼🌼🌼🌼

  • @milindugimhana
    @milindugimhana 10 місяців тому +5

    කිතුල් හකුරු කෑල්ලක් කන ගමන් මේ වීඩියෝ එක බලන මම ❤

  • @priyangikasewmini6507
    @priyangikasewmini6507 10 місяців тому +12

    අද රෑප රචනාව ගොඩක් ලස්සනයි. කිතුල් හකුරු හදන කර්මාන්තයේ දුශ්කරතාව දැක්කේ දිනේෂ් අයියා ගේ විඩියෝ වලින් තමා . ජය වේවා ! ☘️🌼💫🧡

  • @diliniherath3625
    @diliniherath3625 10 місяців тому +5

    මම පුංචි කාලෙ මේ අත් දැකිම විදල තියෙනවා.ඒත් අද අපෙ දරුවන්ට බලන්න පින නැ.මේ වීඩියෝ එක පෙන්නන්න වටිනවා.

  • @HadeanEon7917
    @HadeanEon7917 10 місяців тому +5

    හදවතේ සන්චාරකයා. සුපිරියි....කලිං වීඩියෝ එකේ ලොකු පීරිස් අයියා තෙලිජ්ජ බොන විදිහ දැක්කහම දුක හිතුනා..මේ පාර ටිකක් වැඩිපුර දෙන්න දිනෙෂ් අයියා......දෙවි පිහිටයි...දුර ගමනකට සුබ පැතුම්.....💥

  • @pumashortvideography8554
    @pumashortvideography8554 10 місяців тому +4

    ලොකු පිරිස් අයියා වැඩ සටහන කරා කිතුල් ගහ උඩ නියමයි ❤

  • @ishanijayakody7265
    @ishanijayakody7265 10 місяців тому +9

    මටත් කිතුල් හකුරු කෑල්ලක් කන්න ආස හිතුනා...... අනේ අපි කෑවට අද තමා හදන හැටි දැක්කෙ.💚 දිනෙශ් අයියාට බොහොම ස්තුතිය මේවැනි දෙවල් අප වෙත ගෙන එනවට ❤😊

  • @user-io3du3nt4p
    @user-io3du3nt4p 10 місяців тому +5

    නිහතමානී සංචාරකයා💓හැම මනුස්සයාටම තමන්ගේම තාත්තට වගේ සලකන්නෙ❤

  • @sumudithaspatabendi
    @sumudithaspatabendi 10 місяців тому +3

    ලොකු පීරිස් අයියගෙ කටහඩත් ඇහුවා ඒහෙනම්

  • @SoundOfmyworld
    @SoundOfmyworld 10 місяців тому +9

    ආදරෙයි brother ❤❤❤ ඔයා මේ මහන්සි වෙන තරමට මගේ රටේ මිනිස්සුන්ට දැන් ටික ටික මගේ රටේ ලස්සන පේනවා ❤❤❤ මේ රටේ වටිනාකම තේරෙනවා ... මුලු ලෝකේ හතර වටේ ඇවිද්දත් මේ වගේ ලස්සන පාරාදීසයක් කිසි කෙනෙක්ට කිසි දවසක මුණ ගැහෙන්නෙ නෑ...❤

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 10 місяців тому +8

    හදවතේ මේ සොදුරු ස්භාවදහම් සදා මතකයන් ය.... ආදරෙයි මේ සුන්දරත්වය පිරිපුන් ස්භාදහමට...❤️

  • @swarnasuraweera283
    @swarnasuraweera283 9 місяців тому +3

    🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 අභිමානය.
    ශ්‍රීලංකාව සහ 🇱🇰 සුන්දර ස්වාභාවික
    සෞන්දර්යාත්මක අතීතයෙන් බිඳක් 😅
    🇱🇰 ජයවේවා!!!! සැරදේවා 🇱🇰 වැජඹේවා!!!!
    සිංහලකම ආචාරශීලී ආගන්තූක සත්කාර
    ගුණධර්ම තියෙන්නේ ශ්‍රීලංකාවේ සිංහල
    මිනිස්සු අතරේ.👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏾
    කිතුල් පැණි හා හකුරු කන තරම්
    හදන්න නම් ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.
    හකුරු මුලක් හදන්න මිනිස්සු මොනතරම්
    දූෂ්කර අමාරු මහන්සියක් වෙන්න ඕනෙද????
    😮😢 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇱🇰🇱🇰 🇩🇪 ජයවේවා!!!
    ආඩම්බරයි අනර්ඝයි කදිමයි අපූරුයි කිතුල් විශ්මය.

  • @dhanushkaprabhath5530
    @dhanushkaprabhath5530 9 місяців тому +4

    ඇත්තමයි ලංකා ගමට ගිහිල්ලා කිතුල් පැණි කිතුල් හකුරු ගන්න එක ගන්නවා මයි....ස්තුතියි දිනේෂ් සහෝදරයාට...

  • @sumithnandana2684
    @sumithnandana2684 10 місяців тому +6

    අපේ රටේ සුන්දරත්වය පෙන්නුවට බොහොම ස්තුතියි අයියට තෙරුවන් සරණයි 👍👍👍

  • @v.s.cherill2454
    @v.s.cherill2454 10 місяців тому +13

    ඇත්තටම හරිම වටිනා වැඩසටහනක් ❤මුලින්ම ගරුකරනවා දිනේෂ් මල්ලි ඔයාගේ තියන නිහතමානිකමට ❤ගමේ මිනිස්සුන්ගේ මනුස්සකම හරිම ආදරණීයයි❤ සුභපතනවා ඔයාට ඉදිරියටම යන්න🎉🎉🎉❤❤

  • @pannaalanka655
    @pannaalanka655 10 місяців тому +3

    හරිම සතුටක්. පෙර වීඩියෝ එකත් බැලුව. මේ වීඩියෝ එක බලන්න අදයි වේලාවක් ලැබුනෙ. බොහොම සතුටුයි. ඔබගේ වාග් විලාසයටත්, වැඩිහිටි ගෞරවයටත්,ස්වභාව සෞන්දර්යට ඇලුම් කිරීම පිලිබඳවත් මා බෙහෙවින් අගේ කරමි. බොහොම ස්තූතියි. තෙරුවන් සරණයා..!

  • @natureshorts409
    @natureshorts409 10 місяців тому +3

    සංචාරයේ ලස්සනට උබේ කතා කරන විලාසයත් ආවම අමුතුම හැඟීමක් එනව සගෝ.ඒක මාර හැඟීම්බර ඉදිරිපත් කිරීමක්❤️

  • @jehansamaranayaka957
    @jehansamaranayaka957 10 місяців тому +6

    කිතුල් පැනි වලට දියවැඩියාව හැදෙන්නේ නැති නිසා උපරිමෙට කරා නෙ.
    තවත් මෙවැනිම රුප රචනයක් ගෙන ඒමට ශක්තිය ලැබෙවා

  • @lankanlifedubai
    @lankanlifedubai 10 місяців тому +4

    වීඩියෝ එකේ එක තැනක ඔයා කියනවා ගෙයක් පෙන්නලා මේ ගේ කොච්චර ලස්සනද මේ කුස්සිය මේ සාලෙ කියල. ඔව් ඒක ලස්සනයි නගරෙ ඉදං ගමට යන අපිට එක දවසකට. හැබැයි අපිට ඒ ගේ ඇතුලෙ සතියක් ඉන්න බෑ ඒකයි යතාර්තය. මේ මිනිස්සුන්ගෙ මහන්සියට හරි වටිනාකමක් දෙන ආර්තිකයක් අපේ රටේ නෑ. ඒ නිසා පිටින් එන අපිට පේනවට වඩා කටුක ජීවිත මේ මිනිස්සු ගෙවන්නෙ. කියපු විඩියට එක දවසක් ගහේ නගින්න බැරි උනොත් මල ඉවරයි. කොච්චර වගකීමක්ද. මේ දේවල් අපනයනය කරල හරි වටිනාකමක් දෙන්න පුලුවන්නම් ඒ මිනිස්සුන්ට ඒක තමා ඒ ජීවිත ලස්සන කරන්නෙ . කරුමෙට අපිට ඉන්නෙ කාලකන්නි පාලකයො ටිකක්

  • @thiliniliyanage4089
    @thiliniliyanage4089 10 місяців тому +4

    මාරම රසවත් රූප රචනාවක් මේකනම් ❤️❤️❤️ ඉරිසියා නොහිතුනාමත් නෙමෙයි ඉතින් 😁

  • @bodamidumbodamidum6661
    @bodamidumbodamidum6661 10 місяців тому +3

    මග බලාගෙන උන්නෙ හරිම ආසාවෙන් විඩියො එකේ ඉතිරි ටික බලන්න .බොහොම ඔබට ස්තුති ඔබට .

  • @rumeshajayathissa1319
    @rumeshajayathissa1319 10 місяців тому +1

    ඒ මාමාගේ දැනුම
    කතා කරන පිලිවෙල
    නියම විඩියෝ එකක්❤

  • @nimalperera6742
    @nimalperera6742 10 місяців тому +1

    වටිනා වැඩසටහනක් දැන් ඉන්න අලුත් පරම්පරාවට,ඔබගේ වටිනා වැඩසටහන් නරඹන අයට හොද ආදර්ශමත්. නොදැකපු අයට දැක බලාගන්න අනගි අවස්ථාවක්. සුන්දර පාලත්,ඉදිරියට මෙවැනි වැඩසටහන් කරන්න දහිරිය ලැබේවා....ස්තුතියි..

  • @RohithaRukmal
    @RohithaRukmal 25 днів тому

    ගොඩක් වටිනවා ජයෙන් ජයම වේවා

  • @rajithadissanayake7318
    @rajithadissanayake7318 10 місяців тому

    Presentation සුපිරි දිනේෂ්

  • @samarapalagamage3481
    @samarapalagamage3481 10 місяців тому +2

    නිහතමානී තරුණ ළමයි දෙන්නෙක් ලස්සනයි වැඩේ නියමයි ආයෙත් මේ පැත්තෙ වැඩක් කරමු තේ වගාව ගැන වගේ අපි විස්තර දෙන්නම් .....

  • @darshanipriyangika7031
    @darshanipriyangika7031 10 місяців тому +3

    හරිම ලස්සන වදන් ටික අහන්නත් හරි අාසයි හොඳට පහදනවා හරිම ලස්සන වැඩ සටහනක් මෙවැනි අන් වැඩ සටහන් වලට වඩා විශිෂ්ටයිපුතේ ඔයාල දෙන්නගෙ වැඩ සටහන් ගොඩක් ස්තුතියි

  • @chethiyabandara5408
    @chethiyabandara5408 5 місяців тому

    ගොඩක් වටින වීඩියෝ එකක් ❤

  • @kumariindrani7881
    @kumariindrani7881 10 місяців тому +1

    එයාලගේ තියෙන සරලකම ගැමිකම ලංකාවේ වටිනා කියන මිනිස්සු හරිම වටිනා වැඩසටහ ආදරෙයි සියලුම දෙනාට මේ විඩියෝ දෙක පෙන්වන්න උදව් කරපු සියලුම දෙනාට හිස නමා අචාර කරනවා සියලුම දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 10 місяців тому +4

    ආයුබෝවන් ! 💐❤️
    දිනේෂ් අයියේ... 💐🙏
    ලොකු පීරිස් අයියේ... 💐🙏
    මේ රසවත් සුන්දරත්වය පුරුනු රූප රචනාව මන් බලලම ඉන්නම්
    💐❤️
    බොහෝ ස්තූතියි ඔයාලාට...
    මේ සොදුරු සංචාරය ❤️❤️❤️
    ආදරෙයි හැමදාමත් අපේ හදවතේ සැමදා ඔබයි සංචාරය කරන්නේ...
    ස්භාවදහමේ මැවු සෑබැම ජීවිතයි..... ❤️

  • @sahangunarathna4453
    @sahangunarathna4453 10 місяців тому

    රසවත් රූප රචනාවක් 🍃🍃❤❤

  • @user-rf2bh4jr4z
    @user-rf2bh4jr4z 10 місяців тому

    කියන්න වචන නෑ අයියා ........සුපිරි ❤

  • @travelwithchathu
    @travelwithchathu 10 місяців тому

    හරිම ලස්සනයි ❤❤❤
    සුභ පැතුම්❤❤❤

  • @Hikka_SL
    @Hikka_SL 10 місяців тому +5

    ගොඩාක් පිං මේ කරපු දේට. මමත් hobby එකට කරන්නේ traveling. ලංකාගම ගිහිල්ලා තියෙනවා. ඒත් ඔයා ගත්තු experience එක ගන්න ආපහු යනවා ❤

  • @Dilshan...
    @Dilshan... 10 місяців тому +5

    සොඳුරු සන්චාරකයාගේ තවත් සොඳුරු සන්චාරයකින් නික්මීම❤

  • @sumududelpitiya3490
    @sumududelpitiya3490 10 місяців тому

    සුපිරිම වැඩක් දිනේෂ් අයියා........💚🍃

  • @BeautifulSoul17
    @BeautifulSoul17 10 місяців тому +9

    කිතුල් රස පිරුණු රසම රස වීඩියෝව 🥰
    ඒක තවත් රසවත්ව දැනෙන්නේ දිනේෂ් අයියගේ භාවනාවක් වගේ කට හඬ නිසා🥰❤🌿
    මේ රසයත් හදවත් මිළියන පුරා රසවත්ම නොමැකෙන මතක සටහනක් වේවී. 😍❤🙏
    තවත් සොඳුරු තැන්, රසවත් දෑ සොයා පරිස්සමින් යන්න දිනේෂ් අයියා❤
    තෙරුවන් සරණයි🙏

  • @Thejamanusha
    @Thejamanusha 10 місяців тому +2

    පට්ට වටින විඩියොවක් ❤❤

  • @wasanthakumari4695
    @wasanthakumari4695 10 місяців тому

    කියල වැඩක්නැ ලස්සන නවකතාවක් වගේ තෙරුවන්සරණයි ඔයාලට

  • @samuel-ji8wu
    @samuel-ji8wu 5 місяців тому

    ගොඩක් වටිනවා . මාර set එකක් . ඔක්කොම හොඳ මිනිස්සු කියල තේරෙනව

  • @user-ik1vy8op3x
    @user-ik1vy8op3x 10 місяців тому +3

    හදවතේ සංචාරකයා....දිනේශ් අයියා....පරිස්සමෙන් බුදු සරනයි !!!!

  • @sanuwaranimnath613
    @sanuwaranimnath613 10 місяців тому +7

    හදවතේ සනචාරකයා. ආදරෙයි දිනේෂ් අයියා.💚🌳🌍🍃❤😊

  • @danushkaprabath6471
    @danushkaprabath6471 10 місяців тому +3

    හදවතේ සන්චාරකයා අදරෙයි දිනේෂ් අයියේ ❤❤❤❤❤❤

  • @inokajayathunga143
    @inokajayathunga143 10 місяців тому +3

    අපේ කටටත් කෙල උනනවෝ...බොහෝම ස්තුතිය අපිව දැනුවත් කලාට ...බුදු සරණයි දෙන්නටම ....

  • @sandarugayan5331
    @sandarugayan5331 4 місяці тому

    නියමයි වැඩේ.......සුබ පතනවා......තව ලස්සන වීඩියෝ අනිවාරෙන් ඕනේ.....❤❤❤

  • @asankajayasundara7943
    @asankajayasundara7943 10 місяців тому +2

    ආසාවෙන් බලනවා මම...දිනේෂ් එල❤

  • @vinduindiwari1106
    @vinduindiwari1106 10 місяців тому

    හරිම ලස්සන වීඩියෝවක් .... සුන්දර ගමක ලස්සන මිනිස්සු ටිකක් එක්ක ❤❤ බෙහෙවින්ම තුති දිනේෂ් 🥰🥰

  • @upalislk6553
    @upalislk6553 9 днів тому

    ❤❤ brother video eka diga Madi unama maarama dukai.. mulu dawasak eka digata oyage video baluwath EPA wennema na. God bless you my brother. Love you all time ❤️❤️

  • @savindaweerakkodi410
    @savindaweerakkodi410 10 місяців тому +2

    ලස්සනයි අයියේ...ජය වේවා❤

  • @isurueranga3218
    @isurueranga3218 9 місяців тому +1

    පාරම්පරික කර්මාන්ත රැකගන්න රජයෙන් හරි ජීවිතාරක්ෂක උපකරණ අලවි සමාගමකින් හරි මෙ මාමලාගේ ආරක්ෂාවට කදුනගින උපකරණ වගේ ආරක්ෂිත උපකරණ ලබා දෙනවනම් හූගාක්ම වටිනවා. එතකන් හැමෝටම සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි.

  • @chariththimantha
    @chariththimantha 10 місяців тому +2

    තෙරුවන් සරණයි මල්ලි ජයවේවා 💐

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 10 місяців тому +1

    නියමයි අයියෙ , ගොඩාක් ස්තූතියි ඔයාට

  • @manjulajagath8047
    @manjulajagath8047 9 місяців тому +2

    නියමයි යාලුවා වැඩසටහන .

  • @UdhithaRambadagalla
    @UdhithaRambadagalla 6 місяців тому

    දිනෙස් අයියට වගේම ලොකු පීරිස් අයියටත් ගොඩාක් පින් ඔයාල මේ කරන්නෙ ලොකු සේවයක් පිනක් බුදුසරනයි ඔයාලට

  • @maagerata
    @maagerata 10 місяців тому +1

    Great followup to the previous video! Wonderful job!!

  • @lilanipriyangika8687
    @lilanipriyangika8687 10 місяців тому +1

    හරවත්,රසවත් සංචාරයක් 👌👌👍👍👍💐💐💐💐

  • @rukmalherath8633
    @rukmalherath8633 9 місяців тому

    හිත නිවන හඬ 😍

  • @dkslshow9210
    @dkslshow9210 10 місяців тому +1

    Next level දිනේශ් අයියෙ ❤

  • @chamaracool8202
    @chamaracool8202 10 місяців тому +1

    අදරේයි සහෝදරයා ❤❤❤

  • @orith589
    @orith589 10 місяців тому +1

    oba samatama siyalu devi pihitai budu saranai .....

  • @anushatissera5233
    @anushatissera5233 10 місяців тому +2

    අපිත් කිතුල් පැණි , හකුරු හැදුවා වාගේ දැනුනා.
    ඔබ හා ලොකු පීරිස් දෙදෙනා ලබා දුන් දැනුම වගේම ඒ මාමාලා වෙනුවෙන් ඔබලා කල සේවයට (මෙවැනි කර්මාන්ත ලොවට හෙලි කිරීම ) බෙහෙවින් ස්තුතියි , ඔබ දෙපලටම ජය!

  • @shakthimanamperi115
    @shakthimanamperi115 10 місяців тому +3

    Adhath Supiri Ayya..!

  • @chinhaipub1447
    @chinhaipub1447 10 місяців тому +5

    හදවතේ සංචාරකයා ❤❤

  • @samanbandara6261
    @samanbandara6261 10 місяців тому

    දිනේෂ් ගෙ vedio වල thumbnail මාරම ලස්සනය...color full. සුපිරි ...

  • @travelsoul2842
    @travelsoul2842 10 місяців тому

    හැමදාමත් වගේ සුපිරී දිනේශ් අයියේ♥️😌

  • @ChathuwaVlogs
    @ChathuwaVlogs 10 місяців тому +2

    වීඩියෝ එක දානකම් බලන් හිටියේ අයියා සුපිරි හොදේ❤❤❤

  • @kasunimadu6296
    @kasunimadu6296 9 місяців тому +1

    ගොඩක් වටිනවා හරි ලස්සන පරිසරයක් බුදු සරණයි අයියෙ

  • @preethikahewapathirana1645
    @preethikahewapathirana1645 5 місяців тому

    ඇත්තටම ජාතියෙ ප්‍රනාමය❤❤❤

  • @shehanmadusanka3
    @shehanmadusanka3 10 місяців тому +2

    ගොඩක් වටිනා දෙයක් 👌👌👌❤️❤️❤️

  • @nilakshikolambage9447
    @nilakshikolambage9447 10 місяців тому +2

    ශ්‍රී ලංකාවට ආවේනික පාරම්පරික වටිනා කර්මාන්තයක හරබර තොරතුරු රැසක් සහිත සුන්දර රූපරචනාවක්..!! ❤

  • @ManjulaSampath-wp7tm
    @ManjulaSampath-wp7tm 10 місяців тому

    Jayen yaya wewa oya dennata budu saranii

  • @mahelaserasinghe
    @mahelaserasinghe 10 місяців тому +2

    සුපිරි අයියා 🙏

  • @sasirisadaras3266
    @sasirisadaras3266 10 місяців тому +4

    සුපිරියක් ❤

  • @MadurangaDiwakara
    @MadurangaDiwakara 10 місяців тому +2

    තෙරුවන් සරණයි...🙏දිනේශ් අයියේ❤❤❤❤

  • @prabath9951
    @prabath9951 10 місяців тому +8

    මේවගේ ස්භාදහමට කිසිදු හානියක් නොකරන මේ වගේ මිනිසුන්ගේ අහිංසක ව්‍යාපාරය වලට හයියක් වෙන අයියට සහ අපට දැනුමක් ලබා දෙනවට බොහොමත්ම පිං...❤❤

  • @damiya898
    @damiya898 10 місяців тому +1

    Videos දෙකම ඔක්කොම බැලුවා... ඒක නම් මාරම වීඩියෝ එකක් 💗💗

  • @nawodawijekoon9883
    @nawodawijekoon9883 10 місяців тому +3

    හදවතේ සංචාරකයා♥️💚

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 10 місяців тому +1

    බුදුසරණයි 🙏 🎉❤

  • @lenexsusan587
    @lenexsusan587 10 місяців тому +1

    Adareii dinesh sahodaraya... Jayawewa ❤

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 10 місяців тому +1

    කියා නිම කළ නොහැකි තරම් වටිනා රූප රචනාවක් ❤️❤️

  • @isuruisuru5548
    @isuruisuru5548 9 місяців тому +1

    කතා දෙකක් නෑ එකෙන්ම චරිතයක්.congratulations aiya with group 💪💪💪💪

  • @hashenchamindu7607
    @hashenchamindu7607 10 місяців тому +2

    අනිත් වීඩියෝ වලට වඩා ආසාවෙන් බැලුව වීඩියෝ එකද කියලත් හිතුනා😍❤️

  • @pabasaradil4295
    @pabasaradil4295 10 місяців тому +3

    ඇත්තටම ඔයා ගැන තියෙන්නෙ මට නම් නිහතමානී ආඩම්බරයක් 💖