🇱🇰 Sinharaja (Pitadeniya Entrance), Sri Lanka. | සිංහරාජයේ පිටදෙනිය පිවිසුම

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025
  • #AroundTheWorld #Sinharaja #Pitadeniya #SriLanka
    Around the World - Episode 09 | Sinharaja (Pitadeniya Entrance), Sri Lanka. | සිංහරාජයේ පිටදෙනිය පිවිසුම
    Sinharaja Reserve in Sri Lanka - one of the finest rain forests in the world with a very high bio-diversity, has always been a prime attraction among environmentalists as well as nature-loving travellers. Among the current entrances to Sinharaja, Pitadeniya entrance is considered to be a relatively less travelled path due to its remoteness.
    This entrance is based around the Pitadeniya Conservation Centre (PCC) run by the Department of Forest Conservation. It is located just outside the forest boundary. PCC contains an Information Centre and several bungalows for accommodation, namely Pitadeniya Niwahana, Ginganga Sevana and Wanigasekara Hall. These can be reserved online.
    To reach PCC, one needs to come to Mederipitiya via Deniyaya and then Pallegama. From there, it is a 2 km trek along the edge of the forest. There is an alternative route from Hiniduma as well. However, only a serious 4WD vehicle can come all the way up to PCC as at now (2019).
    Several nature trails start from PCC, which would take you to a number of waterfalls and Sinhagala viewpoint.
    ------------------------------------------------------------------------------------------------
    ලොව වැසි වනාන්තර අතරින්, ඉහලම ජෛව විවිධත්වයක් පවතින කලාපයක් ලෙස හඳුනාගෙන ඇති සිංහරාජ වනපෙත, පාරිසරික සංචාරකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගෙන ඇත. සිංහරාජයේ පිවිසුම් මාර්ග අතරින්, දුෂ්කර බව නිසාම අඩුවෙන් භාවිතා වන්නක් ලෙස පිටදෙනිය පිවිසුම හැඳින්විය හැකිය.
    ශ්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කරනු ලබන, පිටදෙනිය සංරක්ෂණ මධ්‍යස්ථානය ආශ්‍රිතව මෙම පිවිසුම සැකසී ඇත. සංරක්ෂිත වනයේ පිටත සීමාවේ පිහිටි මෙහි, තොරතුරු මධ්‍යස්ථානයක් සහ සංචාරක බංගලා කිහිපයක් ඉදි කර තිබේ. පිටදෙනිය නිවහන, ගිං ගඟ සෙවණ සහ වනිගසේකර ශාලාව නමින් හැඳින්වෙන මෙම බංගලා, අන්තර්ජාලය ඔස්සේ වෙන් කරවා ගත හැකිය.
    දෙනියාය හරහා පල්ලෙගමටත්, එහි සිට මෙදේරිපිටියටත් පැමිණ, වන රක්ෂිතයේ මායිම ඔස්සේ තවත් කි.මී. 2ක් පමණ පා ගමනින් ගොස් පිටදෙනියට ළඟා විය හැකිය. හිනිදුම ප්‍රදේශයෙන් ද මාර්ගයක් පවතින නමුත්, සංරක්ෂණ මධ්‍යස්ථානය දක්වාම දැනට පැමිණිය හැක්කේ, ඉතා රළු මාර්ගවලට ඔරොත්තු දෙන වාහනයක් මගින් පමණි.
    පිටදෙනිය සංරක්ෂණ මධ්‍යස්ථානයෙන් ඇරඔෙන වන මං පෙත් කිහිපයක්ම ඇති අතර, ඒ ඔස්සේ දිය ඇලි ගණනාවක් නැරඹීමට මෙන්ම, සිංහගල තරණයට ද හැකියාව තිබේ.

КОМЕНТАРІ • 3

  • @Phoenix1_SL
    @Phoenix1_SL Рік тому +2

    Deniyaye idan pare bus ekee sinharaja bln ynn barida??kochchara durak ynn puluwand bus ekee deniyaye idan??pls reply ..thank you

    • @GoAroundTheWorld
      @GoAroundTheWorld  Рік тому

      මතක විදිහට, මෙදේරිපිටිය දක්වා බස් එකක් යනවා. එතන ඉඳලා පයින් යන්න වෙනවා. මේ වීඩියෝ එකේ දුරවල් දක්වලා තියෙනවා.

    • @Phoenix1_SL
      @Phoenix1_SL Рік тому +1

      Ok..thank you for reply..