Oyage Baba ge hema ledakma hoda wenna oni..aniwaryen hoda wenawa. oya owa gena wediya hithanna epa Mn pray krannam oyage baba ta❤❤❤ Labana mase balannako okkoma normal kiyai Sure❤❤❤❤
Mn hithnne paththini maniyange pihita mata labuna...daragnna Bari wedawak mata danune na …daruwawa push krnna awashya pain ekak vithrai thibune…10min wage athulatha maga patiya hambuna….E Dr ta Staff ekata Mage husband ta Paththini maniyanta theruwanata mage namaskaraya 🙏
සිංහල කරන ළමයිට සිංහල තේරෙන සර් කෙනෙක්...
යූ ටූබ් නාලිකාවට පිවිසෙන්න...
www.youtube.com/@SadunAsiriArambawela
අම්මෝ...මගේ අම්මා මෙතේ බුදුන් දැක නිවන් දකින්න ඕනි. මෙතරම් දුකක් විදල මාව මේ ලෝකෙට බිහි කලාට අම්මේ....ඔයාට හුගාක් පින්.❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢
මම මිඩ්වයිෆ් කෙනෙක්. දරු ප්‍රසූතියක් මුලින්ම දැකපු දවස මට හොඳට මතකයි. කුතුහලයත් එක්ක බලන් ඉද්දි ඒ දකිද්දිත් දැනුනේ එතන ඉන්නේ මන් වගේ. ඒ අත්දැකීම හරිම වේදනාකාරීයි. අද වෙනකල් මන් ලේබර් රූම් ඉඳපු ඩිලිවරි වලදි හැම අම්මා කෙනෙක්ම පුලුවන් තරම් ආදරෙන් රැකගත්තා. වචනෙන් හරි සැනසීමක් උනා...... අම්මෙක් වෙන එක හැම ස්වාමියෙක්ම දකින්න ඕන.... හැම පුතෙක්ටම තමන්ගෙ බිරිඳට ගරු කරන්න කියලා දෙන්න ඕන..... ❤️
❤👈
ඔබතුමියට ගරු කරන්න ඕනි මැඩම් ඒකට.❤
Respect Heroine ❤❤🎉
oyala wage aya thamai oni me loketa
ඒ වේදනාව මන් වින්දේ ගෙදරදි, දරුවා ලැබෙන්න මාස එකහාමාරක්ම තිබුනා. තව දවස් තියෙන නිසා වෙන මොනවා හරි අමාරුවක් වෙන්න ඇති කියලා ඉවසුවා. සිය පාරක් විතර තටම තටමා ටොයිලට් ගියා තව පස් හය වතාවක් එක දිගට එහෙම් කරානම් බබාගේ ජීවිතෙත් අනතුරේ, 1990 ට පින් සිද්ද වෙන්න km 40 ක් විතර දුර හොස්ප්ට්ල් එකට විනාඩි 15 ටත් කලින් ගියා එලිවෙන්න පාන්දර 1 ගානක්. රජයේ රෝහලක උනත මගේ අම්මාට මහත්තයට ඈත ඉදන් හරි මගේ දිහා බලන් හිටියා මට ඒකත් ශක්තියක්, අදින්න චීත්තයක්වත් නොගියපු මන් ඒ වෙලාවේ රෝහලේ හැම කෙනාවම දැක්කේ දෙවිවරු වගේ. මොකද මන් හොස්ප්ට්ල් ඇඩ්මීට් වෙලා ඉදලා ටිකට් කපලා ගෙදර යවපු දවසෙමයි මට ආයෙම අමාරු උනේ, චීත්ත බෙඩ්ජැකට් ඔක්කොම හෝදලා. ඒත් මාව පොඩ්ඩක්වත් අසරණ කරේ නෑ. මට මතකයි ඇටෙන්ඩන් කෙනෙක් මගෙ ඔලුව අතගෑවා. මොකද මට හොස්ප්ට්ල් එකේදි කෑ ගහන්න පන නෑ. ගෙදරදි හැම වේදනාවම වින්දා.ලැබෙන්න ඉන්නේ දුවෙක් කියලා දැන දැනත් මට මතක් උනේ මුහුදු පතුල යට ඉදලා මගේ දෝතට පුතු ආවා කියන සින්දුවමයි, හැබැයි මන් මට බෑ කියලා සියලුම දේ එක තප්පරයක් අත හැරියා. ඒ වෙලාවේ ඩොක්ටර් කෑ ගැහුවා පුතා දරුවා හිරවෙනවා හිතට හයිය ගන්න push karaන්න. නතර කරන්න එපා. අනේ දරුවෝ කොහොම හරි හිතට හයිය ගන්න කියලා ඩොක්ටත් අඩනවා වගේ මට දැනුනා. මගේ මහත්තයා අම්මා දොර ගාව ඉදන් අඩනවා මන් දැක්කා. අනේ චූටිම චූටි දූ පැටියෙක් . අම්මා මේ ඔයාට දුවෙක් ඉන්නේ හා පැටියෙක් වගේ කියලා අරන් දිව්වා. මට ඊට පස්සේ මතක මේ චූලි කෙලි පැටියා ගන්නනේ මේ තරම් අපිව බය කරේ කියලා ඩොක්ටර් ඔලුව අතගාලා ගියා,ඊට පස්සෙ තමා මට කිරි තේ එකක් ලැබුනේ, ජීවිතේට රස්නෙට කන්න බොන්න බැරි මම දෝතටම තේ කොප්පේ අරන් බීගෙන බී ගෙන ගියා. ඊට පස්සේ අමු අමුවේ මැහුන් දාන්න ගත්තා. ඇත්තට ඒ වේදනාව මොකක්ද කියලා හිතුනා මීට විනාඩි ගානකට කලින් විදපු වේදනාව දරුනු නිසා. පුරුදු වෙන ඩොක්ටර් කෙනෙක් 1ස්‍ට් ටයිම් ඉගෙන ගන්න තමා මට මැහුන් දැම්මේ😢😢. මන් ඉවසන් හිටියා දරුවට ප්‍රශ්න ටිකක් ආපු නිසා දවස් දහයක් ඉදලා ගෙදර ආවා. දරුවට දැන් අවුරුද්දයි මාස 7 ක්. එයාගෙ ලෙඩ දුක් ලබන මාසේ එකෝ ටෙස්ට් එකෙන් හොද වෙලා කියලා පෙන්වන්න ආශිර්වාද කරන්න කියලා මන් පුලුවන් හැම කෙනෙක්ගෙන්ම ඉල්ලනවා. එයා හොදට ක්‍රියාකාරීව ඉන්නවා. මගේ සම් මැනික.
Oyage Baba ge hema ledakma hoda wenna oni..aniwaryen hoda wenawa. oya owa gena wediya hithanna epa
Mn pray krannam oyage baba ta❤❤❤
Labana mase balannako okkoma normal kiyai
Sure❤❤❤❤
තෙරුවන් සරණයි අම්මා...
@@chathumalidarmappriya4234 මේ අනන්ත වූ විශ්වයේ සුබවාදී විශ්ව බලයෙන්ද උතුම් බුද්ධ ධම්ම සංඝ රත්නයෙ පිහිට ආසිර්වාදයෙන් චූටි දූ පැටියගේ තියෙන්නාවූ සියලුම ලෙඩ රෝග දුරුවෙලා කියල අහන්න ලැබේවා චූටි දුව නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා ,සුවපත් වෙත්වා ,සුවපත් වෙත්වා ,,,,!!!🙏❤️
බුදු සරණයි මැණික
තෙරුවන් සරන ලැබේවා!
අයියො🥺අම්මලා සේර්ම මෙතේ බුදුන් දැක් නිවන් දකිවා🪷🪷🪷🪷
එහෙම වෙන්නෙ නෑ
මෙතේ බුදුන් දකිනකල් ...😂😂අනෙ හනේ...මෙතේ බුදුන් වඩින කාලෙට අම්මල ටික නිරයෙ ප්‍ර්ත ලෝකෙ ඉදී....දැන් දැන්ම නිවන් දකින්න උත්සහ කරන්නයි ඕනෙ.
@@krishmiimalka2193 ඔව් නේ.කොහොම හරි නිවන් දැක්කොත් හරි
@@krishmiimalka2193 කියල වැඩක් නෑ
නිවන් දකින්න මේ බුදුරජාණන් වහන්සේ වදාළ දේෂනා හොදටම ඇති කියලා මේ යුගයේ මිනිසුන්ට අවබෝධ වේවා
මටත් දරුවො 2ක් ඉන්නවා. පොඩි පුතා හම්බවෙන්න මාව ගත්තෙ උදේ 7.30ට. දරුවා ලැබුනේ හවස 3.00ට. පැය ගානක් තිස්සේ විදපු වෙදනාව පුතාගේ මූණ දකිද්දම නැති උනේ කොහොමද කියලා මට අදටත් හිතා ගන්න බෑ. ඊට පස්සෙ තමයි මං හීනෙකින් වත් හිතපු නැති දෙයක් උනේ. මගේ වෝටර් බෑග් එක පෙකනි වැලෙන් ගැලවිලා තිබුනා. මගේ වටේට දොස්තරලා 3ක්. මිසීලා 2ක් මිඩ්වයිෆ්ලා 2ක් හිටියා. මිස්ල 2ක් මගේ බඩ දෙපැත්තෙන් තද කරගෙන හිටියේ. එක දොස්තර කෙනෙක් එයාගේ අතේ වැලමිට කිට්‍ටුවටම මගේ ඇග අතුලට දාලා ඒ ගැලවුනු වෝටර් බෑග් එක කෑලි කෑලී ගන්නව දැක්කම මට හිතුනෙම මං මැරෙයි කියලා. ඒ වේදනාව දරාගන්න බැරුව මට සිහිය නැති වෙන්න එනවා වගෙත් දැනුනා එතකොටම මට මතක් උනේ මගේ ඉපදුනු චූටි පුතාව එයට මං කිරි දෙන්න ඔනි කියලා හිතට ලොකූ ශක්තියක් ආවා. ඒ වෙලාවෙ මිසී කෙනෙක් මගේ පුතාව මං ලගට ගෙනාවා. දොස්තර තවමත් ඒ වැඩේ කරන ගමන් ඉද්දිම මගේ පුතාට ඒ මිස් කිරි බොන්න අල්ලාගෙන හිටියා. පුතා කිරිබොන දිහා බලාගෙන ඒ වේදනාවත් මං දරාගත්තා. තවත් පැයකට පස්සෙ ඒ හැමදේම ඉවර උනේ. මං මැරිලා ආයි ඉපදුනා. කිසිම අම්මෙක්ට එවැනි දෙයක් වෙන්න එපා කියලා මං එදා වගේම අදත් ප්‍රාර්ථනා කරනවා. මං මේ ජීවිත අත්දැකීම ලිවුවේ මේක කියවන හැමෝම හැම ගැහැනියකටම ගරු කල යුතු බව මතක් කරන්න. මොකද ඒ අයගේ දරාගැනීමෙන් තමයි මේ ලෝකයේ ජීවය පවතින්නේ. අම්මා ❤
මගෙ ලොකු එක්කෙනා හම්බෙන්න ගිහින් රෑ 7 අරගෙන ගියා උදේ 7 ගානට හම්බුනේ බබා හම්මෝ කියල වැඩක් නැ හිට්යෙ ව්දිය ඒ වෙනකම් .කොල්ලො ගෙනාවම ඔක්කොම සුවයි 💖 දෙවනි බබා හම්බුනාම මට ට්කක් අමාරු උනා ඒකෙදි ලේ ගිහින් එහෙම ෆෙෂර් අඩු වෙලා හම්මෝ මන් බයෙන් හිට්යෙ අදටත් මතක් වෙද්දී හිරිගඩු දානවා පුදුම වේදනාවක් ඒක 😢 ඒඋනාට දැන් මට ලස්සන කෙල්ලෙකුයි කොල්ලෙ කුයි ඉන්නවා .දැක්කම වේදනාවල් මොනාද කියල හිතුනා ඒ මූනු 🥰
❤
ඇස් දෙකට කදුළු ආවා ඔයාගේ කතාව කියවද්දි
ඔයට බුදු සරණයි ❤
😢😢
ගුරුතුමනි ඔබට ගොඩක් ම පින් මේ යුද්ධය දරුවන්ට කියලා දුන්නට .මම දරුවන් දෙන්නෙක් ඉන්න අම්මා කනෙක් .ඒ දෙන්නාම සාමාන්‍ය විදිහට ඉපදුනේ.අද දරුවන්ට අම්මලා සතපහකට වටින්නේ නැ.දරුවෙක් ඉපදෙනවා කියන්නේ ගැහැනු කෙනෙක් ජිවිතේ දෙවනි වතාවට ඉපදෙනවා.මම අදටත් කාසල් එක ලගින් යනකොට ඇග හිරිවැටෙනවා.මම කියන්නේ කාසල් එකට මස් කඩේ කියලා .මට ඇඩුනා මගේ එ යුද්ධ දවස් දෙක මතක් වෙලා.දරුවන්ට මේ ගැන තවත් කියලා දෙන්න ගුරු මහතානෙනි
මේ ගැන කතා කරන කොට හැමෝටම මතක් වෙන්නෙ අම්මව ඔව් ඒක වෙන්න ඕනෙ ඒත් බිරිදත් එහෙමයි කියලා මතක තියාගත්තා නම් හරි. හරිම අඩු පිරිමි ටිකක් තමා ඒ ගෞරවය තමන්ගෙ බිරිදට දෙන්නෙ
මවට කිසිම ප්‍රසූත වේදනාවක් නොදී මෙලොව එළිය දැකීමට හැකිවූ කෙනෙකුවේනම් ඒ සිද්ධාර්ථ කුමරුන්ට පමනයි ...💐💐🙏🙏🙏 කෝ ඒගැන අහල තියන අය...😊
ඔය කිව්වට ඉතින් වේදනාව ක් තියෙන්න ඇති නේද ... ❤
😂😂
කිසිම ප්‍රසූත වේදනාවක් දැනිල නැත්තෙ නෑ.කියන්නේ සාමාන්‍ය කාන්තාවකට වඩා අඩුවෙන් දැනිල තියනවා කියල කියන්නේ.
මද අපහසුතාවයක් දැනුනා කියලයි කියන්නෙ. ඒ නිසාලු සල් අත්ත අල්ල ගත්තෙ ..
@@chathudlk6389 දැනුවත්කලාට තුති..🙏
මම පිරිමි දරුවන් තිදෙනෙකුගේ අම්මා.කෙනෙක් ප්‍රසූත වේදනාව මට වගේම ඉපදෙන දරුවත් වේදනා විදිනවා හරියට ඉදිකටු තුඩකින් අලියෙක් එලියට අදිනවා වගේ අමාරුවක් ඒත් ඒක ඉපදුන අපිට අමතකයි බුදුන් වහ්න්සේ දේශනා කලේ ඉපදීම තුල මොනම සැපයක් වත් නොමැති බවයි අනේ මගේ දරුවනට මන් පෙන්වන්නෙ වහ වහා මේ ඉපදීමේ දුකින් නිදහස්වෙන්න කියලයි ආයේ නැවත කිසිම මව්කුසකට නොපැමිණීම සදහා කලයුත්ත කරන්න කියලයි තෙරුවන් සරනයි💐💐🙏💐🙏💐🙏💐🙏💐
දරැවො නොහැදුව නම් ඔයා දුක් විදින්නෙත් නෑ. ළමයි දුක්විදින්නෙත් නෑ. ලමයි උපද්ද උපද්ද ආයෙ ඉපදෙන්න එපාලු. මොනද අනේ මේ කතා.😂😂😂
එක. ඇත්ත😂@@thereality5645
පාන්දර 2ඉදලා මට ලොකු පුතා හම්බවෙන්න ප්‍රසූතිකාගාරයෙ හිටියේ උදෙ 8වෙනකල.බබා හිමි වුනේ නෑ.එ වෙදනාව,මම උපරිමයෙන් වින්දා.අන්තිමට වෙද්‍යය උපදෙස් මත ඉමජන්සි සීසර් කලා .ඒ හැම තප්පරයක් පාසා මට මගෙ අම්මා මතක් උනා.සීසර් කරන්න අරන් යන කොට අම්මා මගෙ ඔළුව අතගෑවා.අම්මා මට කිව්වේ උබෙ ඔය වෙදනාව විතරයි මට ගන්න බැරි කියලා.
Mage akkatat ehema una
😢
මටත් ඔහොම තමයි උනෙ ❤
මමත් එහෙමයි මට හම්බවුනා ලස්සන පුතෙක්
Mage ammath ahemma kiuwa
ගෑනුන්ට බනින පිරිමි මේවා දකින්න ඕන😢
😂😂
😂 😂 කවුද ඔයාට බැන්නෙ කුක්කු පැටියෝ...😁😁
@@shnzenal7626 owata hina wela wadak na aththa ekathawa pirimi mewa dakinna ona
Paw
Right 😢
ඔබ තුමාට ගොඩක් පින් දැන් ළමයිට අම්මාගැන කියලා දෙනවාට
👍🌹.. කියලා දෙන අස්සේ මේ යකා ගෑණු ළමයි බය කරනවා .. ප්‍රතිඵළය .. සිසේරියන් සැත්කම් වළට යොමු වීම .. ඉතිං බිස්නස් .. එක ලාභයි ..
@@SanjeewaUdayakumara-ub9kr gon katah kiyanne nathuwa inna
@@litgirl1234 👍🌹.. ඔබේ නොදැණුවත් බව .. ළාමක කම ප්‍රදර්ශනය නොකර ඉන්න .. 👍🌹.. මෙයා කොහොමද දන්නේ නෑ නමුත් ගොඩක් උන් ඩොලර් වළට සිංහල ජාතිය වද කිරීමේ කොන්ත්‍රාත් එක කරනවා .. 👍🌹.. ඉන් එකක් තමා දරුවෝ ඉපදෙන එක වැළක්වීම .. 2023 විතරක් ළමයි 50 000 ක් අඩුයි 2022 ට වඩා .. ඔක්කෝම සිංහල ළමයි තමා අඩු .. රාජ්‍ය දත්ත වාර්ථා කියන ඒකවත් අඩුම ගානේ පිළිගනින් .. 👍🌹..
මෝඩ කතා කියන්නැතුව හිටහන්,මෝඩ මී හරකා,එකෙඛරි ඉන්නවමයි,නෙදෝකින්😊💩🤮🤢🙏@@SanjeewaUdayakumara-ub9kr
දිනේෂ් මුතුගල ගුරු පියාණනී ඔබතුමාගෙ video එකට 1K like එක මගෙන් 🎉
මම nurse කෙනෙක්,
එපිස් එකක් දෙන වාරයක් පාසා,
ඒ ස්ත්‍රීයට නැවත ආත්මයකදී මෙවන් දුකක් අති නොවේවායි wish කරනවා,
මොකක්ද එපිස් කියන්නේ ?
ඇය අම්මා විය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සර් ඔයානමි මාරයි. ලමයිට හිතට දැනෙන්න කථාකරනවා ..මෙි වගේ ගුුරැවරැැ ඇත්තටම ඇගයීමට ලක්කල යුතුය . ඔබ ගේ හැකියාව තුුලින් අනාගත දරැපරපුර බුද්ධිමත් ආදර්ශමත් රටට වැඞදායක උගතුුන් බිහිවෙිවි.ස්තුුතියි ගුුරැතුුමනි ඔබට❤
මේවා බලනකොට දරුවෝ ලැබුණු අපිටත් ආයම බය හිතෙනවා
👍🌹.. ආන්න එහෙම බය කරලා ළමයි .. 50 000 ක්ම නැති කළා ..
ඒ ක්තාව මොකක්ද
Aka nam aththa.a welawe kohoma aka wida daragaththda kiyala hithannawath ba.dan me kathawa ahaddi aga hiriwatenawa.
බොහෝ ලමයින්ට ලොකු උනාම අම්මට සලකන ,කතා කරන විදිහ දැක්කම අනේ අම්මලා හරිම පව් 😢
මේව ළමයින්ට විතරක් නෙවෙයී හැමෝටම ඉගෙන ගන්න හොඳ වටින පාඩම්. ආදරෙයි ගුරුතුමනී💖😍🌹
පුදුමයි ඔහොම කමෙන්ට් එකක් දකින්න ලැබීම.මෙකෙ පිරිමි දැක්ක මේකටත් බැනල ගෑනුන්ට.මොන පිරිමිද හිතාගන්න බෑ .උන්ගෙ අම්මල පව් මෙච්චර දුක් විදල හදලත් අම්මෙක්ට කතා කරන විදිය දැක්කම.ඔයා එ අතින් හොද ඇති.එකට ගරු කරනව 🙏
මට 18 මාස 6ක චුටි පුතෙක් ඉන්නවා මන් අවුරුදු 2ක් යාලුවෙලා ඉදලා එයා එක්ක ගියෙ එයා ඇස් දෙක වගෙ අදටත් මාව බලාගන්නවා බබා හම්බෙන්න යද්දි එයත් ලගට එන්න හැදුවා විනාඩි 20ක් ඇතුලත බබා හම්බුනා මගෙ මහත්තයා මන් ලගින්ම හිටියා එයාටත් එ වෙදනාව තෙරිනා එයාට ඇඩුනා☺
ඔය වේදනාව මාත් උපරිමයෙන් වින්දා. ඒත් මං දරුවා ගැන විතරයි හිතුවේ. මං මැරුණත් මගේ දරුවට මේ ලෝකේ එලිය බලන්න දෙනවා කියන හැගීම විතරයි හිතේ තිබ්බේ. පුතා හම්බුන වෙලේ මිස්ලා කිවේ ඔයා තරම් වේදනාවක් විදින්න, ඒක පුදුමාකාර විදියට දරාගන්න ඔයාට තිබ්බ හයිය මාරයි කියලා දෙවෙනි බබත් හම්බෙන්න එන අම්මලත් කෑ ගහනකොට ඔයාගෙ පලවෙනි බබා වෙලත් ඔයා දරාගත්ත විදිය හිතාගන්න බෑ කීවා. පැය 4ක් මං දුක දරාගත්තා. මගේ පුතාගේ මුණ දැක්කාම ඒ වේදනාව නැති උනා. පුතා හම්බුන ගමන් එයාව බේබි කාමරේට දැම්මා හුස්ම ගත්ත වේගේ වැඩි කියලා. ඒ වෙලේ දැනුන දුක.... 😩😩. ගෙදර ආපුවාම මගේ ඇස් හෙවුවේ මගේ අම්මිව. එදා ගොඩ වෙලා මං එයාව බදන් ඇඩුවා. කවමදාවත් අම්මෙක්ට දුකක් දෙන්න එපා. එයා විදින වේදනාවා දැනේන්නේ අපිත් අම්මෙක් උන දාට. ගැහැනියෙක්ට අවමන් කරන්න, ඒ ජිවිතයක් එක්ක සෙල්ලම් කරන්න කලින් දහස් වතාවක් හිතන්න.මොකද ඒ ගැහැණි සාප කලොත් වදිනවා වදිනවාමයි. ස්තුතියි සර් අම්මෙක්ගේ වේදනාව, වටිනාකම දරුවන්ට දැන් ඉදන්ම කියලා දෙනවාට.සර්ට බුදුසරණයි 🙏🙏🙏🙏🙏
Anee ammee ❤❤❤❤❤❤❤❤❤❤❤
මට bleed වෙලා 1990 පන්දර ගියේ මහාමෝදර . දවල් 12ආයෙත් ගෙදර යන්න කිව්වා. සතියකින් පස්සෙ clinic දාලා එදාට එන්න කිව්වා.. තව දින තියෙනවා කියලා මාසයක්.. ඒත් එදා හවස කොන්ද රිදෙන නිසා ආයෙත් ගියා ලගම hospital එකට. ගිහින් පැයක් ගියේ නෑ බබා ලැබුනා...කිසිම වේදනාවක් නැතුවම.. යෝනිය කපද්දි වත් දැනුනේ නෑ වේදනාවක්. මම මගෙ නැතිවෙච්ච අම්මවම මතක් කලා. අංගුලි මාල පිරිත නිතරම ඒ වෙලාවෙ මතක් කලා.. මිස්ලා කිව්ව මෙච්චර කාලේකට මේහෙම සැහල්ලුවෙන් හිටපු අම්මා කෙනෙක් දැක්කමයි අපි කියලා... අදටත් හිතාගන්න බෑ මට එහෙම උනේ කොහොමද කියලා අනිත් අයගේ අත් දැකීම් අහමකොට... ❤❤❤
ගොන් කතා කියන්න එපා බං...උඹ මැරුනම ඒ ලමයා මේ
ලෝකේ මොන තරම් අසරන වෙනවද...
Hema amma kenekma ehema thamai oya wage daruwa gena witharai hithanne
මම දරැවෝ 3 අම්මා කෙනෙක්.රෑ 10 අමාරැ වෙලා රෑ 2.00 ලේබ රෑම් ගන්න කොට ඒ වෙලාවේ ඉදලා උදේ 8.00 වෙනකම් වින්ද වේදනාව දන්නේ මම විතරමයි.දුවෙක්ට පුදුම ආසාවකින් හිටියේ,හම්බ උනෙත් දුවෙක් ඒත් ඒ වෙලාවෙම හිතුනා පුතෙක් වුනානම් හොදයි කියලා,මේ දුක කවදා හරි ඇයත් විදින්න වෙන නිසා.කපද්දි කෑ ගහන්න ඇති මුලු hospital එකටම ඇහෙන්න.ඒ වේදනාව විදින්න පුළුවන් ගෑනියෙක්ට විතරමයි.ඒ තමයි අම්මා.
අම්මලා බුුදු වෙන්න ඕන කියන්නේ නිකන්ද???ඇත්තටම අප්‍රමාණ දුකක් දරාගෙන අපිව බිහිකල අම්මා ඇතුලු සියලු මව්වරැ බුදු වේවා....❤❤❤❤
දරුවා ලැබෙන මොහොත වෙනක්න් ඒ විදපු දුක ඒ දැනෙන වේදනාව කියන්න වචන නෑ හිතාගන්න බැරි වේදනාවක් 😢
වෙලාවකට හිතෙනවා මේ දුක,වේදනාව දැනෙන්න.කෘතීම උපකරණයක් කවුරු හරි හදනවා නම් කියලා.කිව්වට තේරෙන්නේ නෑ සර්.
එහෙම ඒව තියෙනව
ඇත්තටම බයයි මෙ විඩියො කමෙන්ට් දකිද්දි.බදින්න බබල ලැබෙනවටත් බයයි ගොඩක්.මැරෙවි කියල හිතෙනව 😰😰
@@thilakshirupasinghe715Matath
ඇත්තද මොකක් ද@@SavithriDeSilva-zw1cj
අපි දරුවන් හදන්න වින්ද දුක් දන්නේ අම්මා විතරයි .සර් මේ දෙවල් දරුවන්ට කියා දෙන එක කොච්චර හොදද.ඔබට තෙරුවන් සරණයි .❤❤
මතක් වෙනකොටත් බයයි මටත් දරුවො දෙන්නෙක් ඉන්නව. ඒ වේදනාව කියල නිම කරන්න බෑ . ඒ වේදනාව තරම් වේදානාවක් නෑ😢😢😢
දුකක් කියලා දැන දැනත් දුකම පස්සේ අපේ මිනිස්සු දුවනවනේ..සත්‍ය අවබෝධ කරගන්නේ ආශ්වාදයෙන් ආදීනව දකින කෙනා පමනයි..
එකනෙ අනෙ.දුක දුක විදිය්ට පේන්නැ.අන්ද වෙලා මෝඩ කමෙන්.
ඇත්ත...
ඔව්ව් ඔය බැදීම්වලින් නිදහස් වෙන්න ඕනි..අපි ඉපදුනේ මේකෙන් මිදෙන්න මොකටද තවත් බැදීම්
සියලූ වේදනා දරුවා දකින කම් විතරයි මතක.... ඒ වේදනාව මතක නම් අම්මෙක් නැවත වරක් දරුවෙක් හදයිද.... ගැහැණු සොබාදහමේ අපූරු නිර්මාණයක් ....❤❤❤❤❤
මට දරුවා ලැබුණේ මට අවුරුදු 18 දී අම්මෝ ඒ වේදනාව මගේ ඇග කපලා මට දැනුන වේදනාව මට මැරුණත් අමතක නම් වෙන්නේ නෑ අනේ දෙවියනේ එහෙම වේදනාවක් කොහොමද දරාගන්න මට රෑ 7 ට විතර අමාරු වෙලා උදේ 7.30 දරුවා ලැබුණා මන් විදාවපු තරම් දෙවියනේ දැනුත් මගේ ඒ අවයව රිදෙනවා මත්ක් වෙද්දී වස ටිකක් තිබුනානම් බොන්න කියලා හිතුනා ඒත් මගේ පැ තවුන්ට මන් පන වගේ ආදරෙයි❤
මම සර්ගෙ video ගොඩාක් බලනවා ඇත්තටම ඒ video බලලා මටත් දැං ටිකක් BIO පුලුවං වගේ 🎉
සර් කියන දේ හරියට හරි මමත් අම්මා කෙනෙක් උපරිමයෙන්ම මේ වේදනාව වින්දා ඒ වේදනාව ගැන දන්නේ බිරිඳට අති උතුම් ලෙස ගරු කරන පිරිමියෙක් පමණයි තෙරුවන් සරණයි
ලෝකේ තියෙන අමාරුම වේදනාව විදලා මම බිහි කරේ හුස්ම නැවතුන දරුවෙක්. ශාරීරික වේදනාවට නොදෙවෙනි හිතේ වේදනාව . හතුරෙක්ටවත් ඒ වගෙ වේදනාවක් නොදැනේවා
මට තියෙන ගැටලුව තමයි මෙච්චර දුක් විඳලා බිහි කරන දරුවෝ සමහර අම්මලා මරනවා තව අය දරුවෝ දාලා යනවා.ඇත්තටම එහෙම අම්මා කෙනෙකුට කරන්න පුළුවන් වීම ගැන මම කනගාටු වෙනවා.ඒ අතින් මගේ අම්මා මම වෙනුවෙන් කැප වෙන හැටි දැක්කාම මට පුදුමාකාර ආදරයක් සතුටක් තියෙන්නේ.මම මේ comment එක ලියන්න අදහස් කළේ මගේ දියණිය දාලා මගේ නෝනා ගිය නිසා.දරුවන්ට ආදරෙ කරන දරු දුක දන්න සියලුම අම්මලාට මගේ ආදරය ගෞරවය හැමදාම තියෙනවා.බුදු සරණයි🙏
මගේ අම්මට අයියා හම්බ වෙන්න ඉද්දී මේ අත්දැකීම විදින්න උනා කියලා කිව්වා 🥺අද ඒකා ඩොක්ටර් කෙනෙක් නිකමට අම්මට කෝල් එකක්වත් ගන්නේ නෑ
ඇත්ත අනේ මන්දා මගේ සහෝදරයත් දැං අවු. 6ක් තිස්සේ අම්මෙට අප්පචිට කතා කරන්නේ නෑ. අයියා හමිබුනාට පස්සේ අපේ අම්මෙගේ සහිකල්පනාවත් ටිකක් හොඳනැතිවෙලා තියෙනවා. පිරිමින්ට අම්මෙක්ගේ දුක තේරෙනවා අඩුයි😢😢😢
අම්මෝ ඔයා දෙකේම වේදනාව මම දන්නවා. සීසර් එකේ දී කොන්දට විද්දා බෙහෙත් ඒක නිසා කොන්දේ අමාරුව අවුරුදු 16 තවම විදවනවා normal ekedi දවස් 9 හොස්පිටල් එකේ 10දවසේදී තමයි දරුවා ලැබුනේ. තමන්ගේ අම්මගේ හිත කවදාකවත් රිදවන්න එපා. ❤️ මගේ අම්මට මම ලෝකෙට බිහි කරාට මාව හැදුවට මම කරන්නාවූ යම් පිනක් වේද ඒ පිං අනුමෝදන් වේවා. එයින් නිදුක් නිරෝගී, සුවය දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏
ගෙදර බුදුන් අම්මා❤ හැමෝටම දලදා සමිදු පිහිටයි❤
සීසර් කරද්දී හිරි වට්ටලා තිබුණට බ්ලේඩ් එක අදිනව පවා තේරුනා..රිදෙන් නැ විතරයි ඒ වෙලාවට..ඒත් හිරි ඇරෙද්දි වේදනාව ඉවසන්න බැ.. 😢
ඒක ඔයාට විතරක් නෙවෙයි හැමෝටම දැනෙනවා.වේදනාවක් දැනෙන්නෙ නෑ සීසර් එක කරන වෙලාවට.පස්සෙ තමයි එන්නෙ.
Hm.ow. math duwala dennek inna amma kenek. Math sesar karala gththe babala dennma.🙏😥❤️
Ow.math සිසර්
😢😢
පිරිමි අය මං දැක්කා comment වලින් තර්ක කරනවා...ඒත් කිසිම තර්ක අවශ්‍ය නැහැ යාලුවොනෙ ඒ දැනෙන වේදනාව ඇත්තටම දන්නෙ ඒකට මුහුණ දෙන ගැහැනිය විතරයි ...මේ වේදනාව මෙහෙමයි කියලා පැහැදිලි කිරීමක් කරන්න කාටවත් බැ ..ගැහැනියගෙන් ගැහැනියට වෙනස්..❤❤❤❤
ak sampuurna aththa❤
සියලූම මව්වරුන් ලොව සුවපත් වේවා!!
තෙරුවන්සරණයි !
මේ දේවල් දරුවන්ට කියලා දෙනවට ස්තුතියි ගොඩක් සර් ❤❤❤
මටත් බබාල දෙන්නෙක් ඉන්නව.පලවෙනි බබා normal. ඒ විදපු වේදනාව මට අද වගේ මතකයි.ඒත් ඒ වේදනාවත් එක්ක දරුවව ලැබුනහම දැනෙන සතුට...❤❤❤ඒ සතුට තමයි මේ ලෝකෙ තියෙන ලොකුම සතුට.....❤❤❤
මේ සසර බියකරැයි. සැනසිම ඇත්තේ නැවත නැවත සසරේ ගමන් නොකිරිමයී .දරැදුක දන්නා සීයලු මව්වරුන් බුදුවේවා.
සර්,ඔබතුමාට බොහෝම පිo ප්‍රසූති වේදනාව කියල දුන්නට,මට බබාල නැති උනත් නෝමල් ප්‍රසූතියක් මම දැක්කා. ජයවේවා
❤❤❤❤❤❤❤❤❤❤sir ඔබට ස්තුතියි දරුවන්ට පැහැදිලි කිරීම පිලිබදව
ඒ වේදනාව වචනවලට පෙරලන්න අමාරුයි ...delivery එකෙන් පස්සෙ යෝනි මාර්ගයෙ කැපුම් තුවාල නිසා ලොකු වේදනාවක් වින්දා..අවසානෙට කියන්න තියෙන්නෙ මගෙ කොලු පැටියා මගෙ පණ😘❤️❤️
මටත් ලොකු පුතා හම්බුනේ නෝර්මල්.අමාරු උනා මතකයි.ඒත් එතන හිටියේ දෙවිවරු වගේ කාර්ය මණ්ඩලයක්.මට නින්ද යන්න බෙහෙතක් විද්දා.ගොඩක් දේවල් මට අමතකයි.ලොකු අමාරු එද්දී ඇහැරෙනවා.ආයේ නින්ද ගිහින්.ඒක නිසා අමුවෙන්ම කැපුවද අමුවෙන් මැහුවද මන් දන්නෙ නෑ.මන් හිතන්නේ මහන්නේ හිරිවට්ටලා වෙන්න ඕනී.අදටත් මන් පින් දෙනවා එදා (2019) කුරුනෑගල හොස්පිටල් එකේ ඒ වෙලාවේ හිටපු ඩොක්ටර්ස්ලා නර්ස්ලා ඔක්කොටම.අද මේ වෙද්දි මට දෙවෙනි පුතා හම්බෙන්න ලගයි.ඒ අද්දැකීම කොහොම වෙයිද දන්නෙ නෑ.දැන්නනම් ලොකු බයක් දැනෙනවා.එදා හිටපු ඩොක්ටර් ස්ලා නර්ස්ලා දැන් එදීද දන්නේ නෑනේ.කෑගැහුවොත් බනිනවා කීවට එයාලානම් කාටවත් බැන්නේ නෑ.මාත් එක්ක තව අම්මලා දෙන්නෙක් එතන හිටියා
බුදු සරණින් මට ලොකූ වේදනාවක් ආවේ නෑ...පලවෙනි ළමයා ලැබුනේ...මට තාමත් අදහගන්න බෑ
නොමල් බබා හම්බු වෙන එක වගෙම වේදනාවක් තමා.සිසෙරියන් සැත්කමක් කරලා බබා ලැබෙන එකෙ තියෙන්නෙත් තුවාල හොදටම හොද වෙන්න මාස ගානක් යනවා😞😞😞මෙවා පිරිමි හොදට ඉගෙන ගන්න එක නම්.ලොකු දෙයක්
ඒක ඇත්ත සීසර් අම්ම කෙනෙක් මාස ගානක් අවුරුද්දක් දෙකක් විදවනවා.ඇවිදින්න බෑ කිරිටික දෙන්නවත් නැගිටින්න බෑ හිත්ටයි ගතටයි දෙකටම වේදනයි පුදම දුකක් ගොඩාක් අය කියනව නෝමල්ලු අමාරුම.නෑ දෙකම එකවගේම අමාරුයි වේදනයි.මම සීසර්.මට බබාව ගන්නවත් දැනුනා.මගෙ බඩෙන් උදුරල වගේ ගත්තේ.ඒ එක්කම මට හීතලක් ඇවිත්.මට සිහි නැතිවෙන්න ආවා.husband කිව්ව මගේ ecg එක nill උනා කියල.doctor la මාව බේර ගත්තෙ.ඉතින් දරුවෙක් කොහොම ලැබුනත් ඒක වේදනයි.හැබැයි පැටියා දකින කොට මාරම සතුටුයි
@@hansanirandima8287 මගෙ බබා නැතුවත් ඒ වේදනාව මාරම විදියට විදිනවා 😞😞😞මාස තුනක් තිස්සෙ😞😞😞
By by my bi k 0 no gymLoop Jo@@hansanirandima8287
නෝමල් බබා ගද්දිත් ඒ වගේම දැනෙනවා... බබාගෙ ඔලුව එලියට එනකන්ම අම්මා තනියෙන් දගලන්න ඕනේ. ඊට පස්සෙ තමා ඩොක්ටර්ස්ලා එයාව එලියට ඇදල ගන්නේ. මට තාම මතකයි ඇද අල්ලගෙන කැගහල නර්ස්ගෙන් බැනුනුත් ඇහුවා😢😢😢😢
එදා මතක් වෙද්දී බය හිතෙනවා .
Ammo mata ewa mathakwenakotath adatath wamaneta enawa edawagema we danawa wadi kamata ayenm epoo
@@IreshaMedagamaAmmooo. Mama nam badinna thiya hithannewath na. Waradila hari bandath lamayiwa nam hadanne natha.
@@HirushisKingdom eth babek one halo jiwithe ta eka ithin wedanawak mn nam labana athmema pirimi kenek wenna pathala pin karanawa ethakota oya wage wedananane 🤭🤭🤭❤️
සර් තව එපිස් කැපුම යොදා අඩු මගින් දරුවන් ගන්න එකත් කියා දෙන්න මෙ සැත්කම
ගෙදර බුදුන් අම්මා ❤️❤️❤️❤️❤️😢තෙරුවන් සරණයි සර් ❤️❤️❤️❤️❤️❤️❤️
සර් මේ මට උන සිදුවීමක් මම O- මහත්තයා B+ මගේ බබා ලැබෙනකොට මගේ ලේ හින්දා බබා කහ වෙලා ලොකු අව්ලක් උන පේරාදෙණිය හොස්පිටල් එකේ මාසයක් ඉදලා සුව කරගත්තේ..අනික ඒකෙන් පස්සෙ වෙන බබාලා නෑ ඒ මගේ ලේවලටපොසිටිව් එකතුවෙන්නෙ නෑනු ..මේකත් ලමයින්ට උගන්වන්න හොදවෙයි කියලා හිතුනා මට
ඔව් සියල්ල සත්‍යයක්
ජීවිතයේ ඒ දුක හතර පාරක් මං වින්ඳා .....ඒ විඳීම් ආදරනීය යයි.....
ආදරෙන් දරුවන් හතර දෙනෙක් බිහිකලා.....
මහමේරු පර්වතය කොන්ද දිගේ කුස තුළ තෙරපනවා වගේ......ඒ තරමට වේදනාකාරියි ඒත් එය අමතකයි දරුවා බිහිවූ පසු
අම්මට බනින දරුවන්ට හොඳ විඩියො එකක් ❤❤❤❤❤
මේ කමෙන්ට් දැක්කම මට හිතෙනව මම හරිම වාසනාවන්තයි කියල.මගේ දරුවො දෙන්නටම මම විදෙවුවෙ නෑ.වාසනාවන්ත දරුවො දෙන්නෙක්.
මටත් පුතාලම තුන් දෙනෙක් ඉන්නේ.ඒ දැනෙන වෙදනාව කියලා නිම කරන්න බෑ. ඒත් පැට්යා ලැබුන ගමන් දැනෙන වේදනාව කොහෙන් යනවාද මන්දා.ඒ තමයි මව්.පදවිය.
දැනුන හැගීමට කියන්න දෙයක් නෑ.මෙච්චරයි.❤️
මාත් දරුවෝ 4 දෙනෙක් බිහිකලා එයින් නිවුන් දරුවන් දෙවෙනි පුතාල දෙන්න ඒ වේදනාව කියන්න බැරි තරම් ඒත් අද ඒ දරුවො තමයි මාව මෙහෙම අතහැරල දැම්මෙ ඒත් ඒ මොන වේදනා වින්දත් මට මෙහෙම කරාට කවදාවත් තරහ නැහැ ඒ දරුවන්ට යහපතක්ම වේවා ,,,,😢
ගොඩාක් ව්ටිනව සර් දැන් ඉන්න දරුවන්ට මේ ගැන කියල දෙනවට❤
ඇත්තෙන්ම sar❤ ..ගුණ යහපත් දරුවෙක් ඔබතුමාට පින් ගොඩක් දැන් දරුවන්ට දෙමාපියන් විශේෂයෙන් අම්මා ගැන කිසිදු වටිනාකමක් නෑ ..ඔබතුමා ගුරුවරයකු වශයෙන් විතරක් නෙවෙයි ..ඒ වේදනාව පුන.පුනා ප්‍රකාශ කරන්නේ .ඒකේ උපරිමයෙන් කියාදෙන්නේ ..ඔබතුමාට කියන්න බැරි තරම් පින් sar❤ ❤🙏
අපේ අම්මාට දුවරු පස් දෙනයි. මේක බලන මමත් මාස 4 ක ගැබිනියක්. මගේ අම්මා අපි පස් දෙනාම බිහි කරලා තියෙන්නේ සාමාන්‍ය විදියට. එයා කොච්චර දුකක් විදින්න ඇතිද කියලා හිතෙනවා. 😢
මේවා කියලා දුන්නට පින් ❤️❤️
ගොඩක් පිරිමි ගැහැනියකගෙ වටිනාකම දන්නෙ නැ. මලක් පිපෙද්දි මලේ මැද ඉදලා ගෙදරට ගත්තා වගේ හිතාගන ඉන්නෙ
ඔව් කමෙන්ට් දකිද්දි දුකයි මෙ වගෙ වීඩියෝ එකකත් ජරා කමෙන්ට් දාල නාමික පිරිමි
අනේ මාත් දැක්කා maternity ward එකට මාව මුලින්ම වැඩට ආව දවසේ. එදා normal deliver එකක්. ලේ ගොඩක් එක්ක දකිද්දි මට කලන්තේ වගේ නිකන්. මන් හිතුවෙම මටනම් මේක දරාගන්න බැරිවෙයි කවදහරි කියලා.එතන කපද්දි මාව හිරිවැටුනා ඒ අම්මා මාව තදින් අල්ලගෙන හිටියෙ. ඒ අම්මා කෑගහනවා වේදනාවට ❤ අම්මා කියන්නෙම සසරක් ❤️🌏🥹
නෝමල්.. විතරක් නෙවෙයි සීසේරියන් සැත්කමත් එහෙම යි ඒක හොදයි කියලා හිතන ගැහැණු පිරිමි දෙගොල්ලොම හරිම මෝඩයි.. මගෙ ලොකු පුතා නෝමල් ගන්න දරු ගැබ හැරුණු නැති නිසා දින 8ක් බලලා සීසර් කරන්න ඩොක්ටර් අනුමත කළා..
නිකවැරටිය මහරෝහලේදී..
ඉනෙන් පහළ හිරිවට්ටලා නිසා රිදුනේ නැති වුනාට, වාට්ටුවට දාල බඩ සුද්ද කරන්න හිරි ඇරෙනකම් මිසිලා එන්නේ නෑ.. මුළු යටිබඩම කපපු වේදනාව කියන්න බැරි තරම් තියෙද්දී හිතක් පපුවක් නැති වුන් වගේ බඩ මිරිකලා යෝනිමාර්ගයෙන් බඩේ ඉතිරි වෙලා තියන ලේ එලියට ගන්නේ.. පුදුම. වේදනාව ක් දැනෙනවා.. ඉවසන්න බැරිව කෑ ගැහුවොත්
කියන්න පුළුවන් අන්තිම නරක වචන කියලා බනින්නේ..දින හතරකින් ගෙදර ගියත්
මාස එකහමාරක් යනතුරු තුවාල හොද වුණේ නෑ.. මට මැවුකිරි ගොඩක් වැක්කෙරෙනවා දරුවෝ හම්බ වෙන්න මාස දෙක තුනකට කලින් ඉදලම.. හම්බුනාම ඊට වැඩි.. කිරි ගිහින් තුවාල පසේව්වා.. දවසක් ඇර දවසක් බෙහෙත් දාන්න ගිහින් තමයි හොද කර ගත්තේ.. මගෙ දරුවෝ තුන් දෙනාම සීසර්.. අද කිසිම වැඩක් කරගන්න බෑ.. කොන්දේ කැක්කුම.. තරුණ ඇග මැහැල්ලකගෙ ඇගකට වැඩා
වයසට යනවා පෙනුම අතින් නෙවෙයි.. ශක්තිය අතින්..
ඒක කියන්නේ අත් දැකීමෙන්..
ඩොක්ටර් බැරිම තැන කිවුවොත් ඇරෙන්න දුවලා පුතාල කිසිම කෙනෙක් (අනාගතේ දී )තමන්ගේ කැමැත්තට සීසර් කරන්න හිතන්න එපා..
අර වේදනාව විදපු අම්මලා පැයෙන් දෙකෙන් හිනා වෙවී දරුසුරතල් බලද්දී සීසර් අම්මලා දරුවගේ මුණ බලන්න නැගිටින්නත් පැය 24 කට වඩා යනවා.. එතනදිත් දැනෙන වේදනාව කියා ගන්න බැරි තරම්..
කොහොමත් ඔය ප්‍රසුති ක්‍රම දෙකම වේදනාකාරීයි.. සීසර් නම් ඕනිම නෑ ජිවිත කාලයම විදවීමක් ඉතින්.. මේ ලියද්දි ත් කොන්දේ කැක්කුම... (ඇත්තමයි බෙහෙත් බොන ගමන් ඉන්නේ )
👍🌹.. ඔබට අප්‍රමාණ පිං .. 🙏🙏 .. මේ දැණුවත් කිරීමට .. 👍🌹..
@@SanjeewaUdayakumara-ub9kr ❤️❤️
ගොඩාක් පින් දැනුවත් කරනවට 😢❤වේදනාව අඩු වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..බුදු සරණයි 😢❤
සුවපත් වේවා අම්මෙ.😢
@@nikiniumega4948 ❤️
ඇතුලට යද්දි මස් කඩේකට යනව වගේ පුදුම බයකින් ගියේ.. බුදු පිලිමෙකුයි ජෙසු. පිලිමෙකුයි තිබුන වැදල යන්න.. ම්න් දෙකටම ඔලුව තියල වැදල ගියා ඇතුලට... උදේ 9.45 ගියේ හවස 4.50 වෙනකන් දුක් වින්ද. මැරෙන්න වගේ ආයෙ පන එනව ආයෙ මැරෙන්න යනව. අන්තිමට ඇතුලෙන් බබා එලියට එද්දි ම්න් කෑ ගැහුව. සර් කිව්ව වගේ එලියට එන්නැතුව අමුවෙන්ම කතුරෙන් එක පාරෙන් කැපුව. ඊට පස්සෙ මගෙ කොල්ල ආව. කොල්ලව මට පෙන්නල ඇහුව මේ දුවෙක්ද පුතෙක්ද කිය්ල. දැනුනු සතුට ඒ වෙලාවෙ මූන දැක්කම. අමුවෙන්ම මැහුව... හැබයි ම්න් බලන් හිටියෙ මගෙ කොල්ල දිහා මට අමුවෙන් මහනව කියලවත් මතක නෑ. අද වගේ මතකයි මාත් එක්ක හිටපු අනිත් අම්මලට කෙල්ලො හම්බුනෙ. මගේ කොල්ල තව කෙල්ලො තුන් දෙනෙක් එක්ක එක කූඩෙකට වෙල හිටිය..... ඊට පස්සෙ අතේ ටැග් ගහල අපිව වාට්ටුවට දැම්ම ❤
දරුව දැක්කම වේදනාව අමතක වෙන්නෙ මෝඩ කමට
@@sithumwarnakula9699ඔව් ඇත්තටම.දුක දුකක් විදියට දකින්න නුවනක් නැ.
අමුවෙන් කිසිම හොස්පිටල් එකක මහන්නෙ නැහැ..ලමය එලියට ආපු හැටියේ ඉන්ජෙක්ෂන් එක දෙනව හිරිවැටෙන්න....ඒක ඒ වෙලාවේ තේරෙන්නේ නැහැ...😊
@@sithumwarnakula9699Oya pirimiyekd enam namat vithri
Mokakda oya kianne....a tamai soba dahama @@sithumwarnakula9699
ඒ වේදනාවනම් උදේ 9.00 ඉදන් රෑ 10.40 වෙනක්ම් දුක් වින්ද ඒත් දරුව දැක්කම පුදුම සතුටක්❤❤
මටත් දරැවෝ හතර දෙනෙක් ඉන්නවා හතර දෙනාම සීසර් කරලා ගත්තේ එ්ත් දරැවන්ගේ මුණ දැක්කාම එ් වේදනා ඔක්කෝම ඉවරයි
ඇත්තේම මත් දරු දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් මං මේ විඩියෝ එක් බලලා ගොඩාක් ඇඬුවා සර් කියපු විදිහටම මගෙත් යෝනි මර්ගය දෙපරක්ම කැපුවා ගොඩාක් වෙදනා වින්දා 😢 ඒ උනාට මං අද දරුවොන්ගෙන් අහන්නෙ නැති දෙයක් නැ 😢 කවදහරි එයලාටත් මේ වෙදනාව උහුලන්න වෙයි අම්මාගේ වටිනාකම තෙරේයි 😢 මං ඉවසන් බලන් ඉන්නවා මුතුගල සර්ගේ ගොලයෙක් නොවුනත් සර්ගේ විඩියෝ මං බලන්නෙ හරිම අසාවෙන් තෙරුවන් සාරණයි සර්ට🙏🙏
ස්තූතියි ❤❤❤
මම එක් ලග ගැහැණු ළමයි 3දෙනේක බිහි කරා ඒ වේදනාව කියලා නිම කරන්න බෑ
ඒකනම් කියන්න බෑ වේදනාව 😢ඒත් චූටි පැටියගෙ මූන දැක්කම ❤වේදනාවක් තිබුනද නෑ වගේ
සීසර් කරලම බලන්න ඕන ඒකේ තියෙන අමාරුව.. ඒ වේදනාව. ඒ කොන්දේ කැක්කුම ජීවිත කාලෙම තියෙනවා. දන්න කෙනෙක්ටවත් සීසර් කරන්න දෙන්න එපා. ඒ තරම් අමාරුයි හිරි ගියාම. 😢😢
දැන් නෝමල් බබා ලැබෙනකොට කිසිම වේදනාවක් නැති වෙන්න බෙහෙතක් තියෙනවා. ඒක තමයි හොදම ඔප්ශන් එක. ඒක කැනඩා වගේ ලොකු රටවලත් කරන දෙයක්.😊
Its not suitable for every one. In Australia they try to avoid it as much as they can. I had three, i was not given epidural even i begged
Eka mokakda
yep idk bro@@SavithriDeSilva-zw1cj
කොන්ද කැක්කුම ජීවිත කාලෙම තියන කතාව බොරුවක්.වෙන මොකක් හරි හින්ද තමයි ඔයාට කොන්දෙ කැක්කුම තියෙන්නෙ.ගිහින් බෙහෙතක් කර ගන්න.
@@ROSHEL-h8cඒකනම් ඇත්ත අනික් අයවත් බය කරනවා මෙයාලා
මගේ අම්මා කවදාවත් මට කියලා නෑ එයාට රිදුනා කියලා එයා හැමදාම කිව්වේ ඔයා මට රිද්දුවේ නෑ කියලා❤
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️
බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹🌍
Mata දුවලා 4 denek innawa 4 දෙනාම normal hamba උනේ පලවෙනි duwata witarai මැහුම් 2 දැම්මේ. Attatama මට වේදනාව දැනුනා e වෙලාවට පමණයි. Ehama wenne kalaturakin කියලා මට doctors kiwa. Habai පැය ගනන් දුක් වින්දා දරු patau මේ loketa genna. Ammek වෙනවා කියන්නේ jiwite ලොකු අත් දැකීමක්. E අත් දැකීම daruwek බලාපොරොත්තු වෙන හැම kantawakatama ista වේවා. ❤❤❤
Mata Mage daruwa ලැබෙන්න ගොඩාක් amaru una..eth eka තමයි mata ලැබුණු සුන්දර අත්දැකීම ....❤️🌹❤️
මගේ පුතා හම්බෙන්න මන් ගොඩක් දුක් වින්දා. උදේ 8 ඉදන් පහුවදා පාන්දර 4 වෙනකම්.ලේබර් රූම් එකේ හිටිය dr nida gnna giya. Misla hitiya egollo katha kara kara innawa. Ammalata wada denawa eyala. Mt kalanthe wage e athule hitiya mis kenek mt badata danna dunna belt eken gehuwa. Mt thawama mathakai e mis.
Ammooooo a veedanava makenne babava dakkamai vitharai ..kiyala vadana na lebaroom GANA nam😢😢😢❤
හැමෝම මේවා දැනගන්න ඕනි, මොකද මිනිස්සු මේවා ප්‍රසිද්ධියේ කථා කරන්නෙ නැහැ. කව්රුත් මේ කියන විදිහට මව් කුසින් එලියට ඇවිත් මව් කිරෙන් පෝෂණය වෙලා ලොකු උනහම මේ මොකුත් මතක නෑ. ගෑනු මනුස්සයෙක්ගෙ ඇදුමත් පොඩ්ඩක් එහෙට මෙහෙට උනා දැක්කොත් කියන්නෙ කැත කතා. තමන් මේ ලෝකෙට බිහි වෙලා හැදුනූ වැඩුනු විදිහ මතක් කර ගන්න පුලුවන්නම් කිසිම කෙනෙක්ට ගෑනියකුට අපහාස කරන්න බැරි වෙයි
ඒ වේදනාවන්😔 ඒත් පුතා ලගට ආවම ඔක්කොම වේදනාවන් නැති වෙනවා❤
නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා ❤ ❤ ❤
ජාති'පි දුක්ඛා ඉපදීම දුකයි. එම දුක්නැති නිවනට සිත යොමුකරනු.
රාගය ට දරාගන්න බැරි වේදනාවක් නෑ .. කාමුකත්වය තමයි ලොකුම දේ. ඒකනෙ සර් මේ ලෝකෙ පවත්වගෙන යන්න පුලුවන් වෙලා තියෙන්නෙ
❤️❤️❤️❤️kochchara loku dukak unath e wedanawata mannam godak adarey mage raththaran putha thamay mawaamma kenek kale ithin e wedanawa harima adaraneeyay❤️
මටත් දරැවෝ දෙන්නෙක් .සාමාන්‍ය බිහිකිරීමෙන්.පෙර පින් තිබුනද මන්ද ලොකූ අමාරැව ක් ආවෙ නෑ. කිරිත් උතුරන්න තිබුන.තව දරැවන් දෙන්නෙකුට දුන්න. .මැහුම් දැම්ම.
Mama paya 13k prasutha wedanawa vinda Dan mage babata masa5i upath bara k3 g 680i nomal dilewari mama marune nathi eka vitharai puthe
මට සහෝදරයෙක් ඉන්නවා දැං අවුරුදු 6ක් තිස්සේ එයා අම්මටයි අපිපච්චිටයි කතා කරන්නේ නෑ. මේවගේ vedio එයාට පෙනේවා😢😢
ඉතා වැදගත්
My favorite teacher and favorite subject❤
Thanku sir❤
මේකට හොඳම දෙය තමයි සසර දුකින් මිදෙන්න මාර්ගය වඩන එක..දෙමව්පියො තමන් විඳපු දුක දැන දැනත් දරැවොත් ඒ දුකටම තල්ලු කරනව.මේවා කාට කියන්නද දෙවියනේ ???????
Eka 100% aththa.. me sasare mehema yanakam ma me siyaluma dukata muhuna denna wenawamai.. me sasare kisima sapa athi deyak naha.. siyalu de duk sahagathai.. bagyawathun wahansege darmaya thulin witharai pihitak thiyenne. 🙏
සිරාවටම්.😅
Mn hithnne paththini maniyange pihita mata labuna...daragnna Bari wedawak mata danune na …daruwawa push krnna awashya pain ekak vithrai thibune…10min wage athulatha maga patiya hambuna….E Dr ta Staff ekata Mage husband ta Paththini maniyanta theruwanata mage namaskaraya 🙏
නැවත ඉපදුනොත් පිරිමි ආත්මයක්ම ලැබේවා💜️
මෙකෙත් ගෑනුන්ට බනින පිරිමි නාම ඊලග ආත්මෙ ගෑනු වෙලා ඉපදේවා දෙයියනේ 🙏🙏🙏🙏🙏🙏
@@thilakshirupasinghe715meke genunta banina apahasa karana siyaluma pirimi labana athmayaka gehenu welama ipadenna labewaaa
koheda danne na gahaniyatabanina mahaloku pirimi mewata enne na balana akawruhari bageta adagena natanawanam ewi balanna mewa thamayi eyala dakinn ahanna ona
සර් කෙල්ලො ටික හොදටම බය කලා.
සිරුර පුරා දුවන්නේ ❤ මවගේ ආදරයයි ❤
මගේ දරුවා නෝමල් බිහිකරන්න ගිහින් බබා හිරවුනා ..waterbag කැඩුනෙත් නෑ
ලොකු කැපුමක් දැම්මා බිලෙඩ්තලෙකින්...මට හොදට සිහිය තියෙද්දි...අන්තිමේ දරුවා ඒත් නෑ ආවේ..අන්ඩු දාලා forcep delivery එකක් කරා...ඒ කරලත් මට දවස් 21 ක් කැතීටර දාන්න උනා..මුත්‍රා මාර්ගය හානී වේලා....පුදුම වේදනාවක් වින්දා ලේබර් රූම් එකේ පැය 12.ක්..පුතාගේ මූන දැක්කම ඒ වේදනාව අමතක් වුනේ කොහොමද කියලා හිතාගන්න බෑ..කිසිම අම්මෙක් ට එහෙම වේදනාවක් ලැබෙන්නෙපා....
හම්මෝ.......මම ළමයි හදන්නැ ගෑණි පවුනේ....😢😢😢 😢😢