Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇසූ පිරූ තැන් ඇසුරින් රස වින්දනයට.....පිවිතුරුය පළමු පෙමබිහිසුණුය බිඳුනු දිනලෙංගතුය සුවඳ ඔබ සුදු හාමිනේතනිකඩය තවම මම...පේමතෝ ජායති සෝකෝපේමතෝ ජායති භයංපේමතෝ විප්පමුත්තස්සනත්ථි සෝකෝ කුතෝ භයං...ප්‍රේමය පිවිතුරුය නිත්‍ය නොවී බිඳුනු කල බිහිසුනු බවින් යුක්තය. බිහිසුනු බවෙන්ම බිය උපදිනවා නොවේද? එපමණක්ද ඉන්පසු සොව උපදිනව නොවේද? ප්‍රේමයෙන් සොව හටගනියි. කියන්නේ එහෙයිනි. 'විප්පමුත්තස්ස' නම් වෙන් වූ පුද්ගලයාටයි. විරහව ද දුක්ඛ වේදනාවකි. එය ප්‍රේමය බිඳීයාමෙන් හටගනියි. එය බිහිසුනු අත්දැකීමකි. එමනිසා ප්‍රේමයෙන් නොබැඳුනහුට විරහ අත්දැකීම ලබන්නටවත් නොහැක්කෝය. එම නිසාම ප්‍රේමයයෙන් විනිර්මුක්ත වූවහුට කවර සොවක් ද කවර බියක් ද? ප්‍රේමයේ ලෙංගතු සුවඳ නමැති ඔබ උපාදානයක්ම නොවේද?වස්සාන කාලයක හිත දවාඅකුණු සර නෙත් කෙවෙනි බොදකලාමල්යාය බමර ගී හඩ තලාකැකුළු පෙම නටුව හැර ගියාවැස්ස තුළින් නිරාමිස සතුටක් ලබන්නේ ක්ෂීණාශ්‍රවයෝමය. ඒ වෙනමම වින්ඳනයකි.පෘථග්ජනයහුට වුව එය පොදුය. ඒත් එය අරහත්හු ලෙස නොවේ. වැස්ස සොඳුරුබරය. විටෙක අසුන්දර අඳුරුබවද ඇතිකරයි. ඒ වැස්සෙන් හිත දවනවා කිව්වොත්? එක් අකුණකට සතුට බොඳ කළ හැකියි. අකුණක් රිදුම් දෙවයි. සිත බිය වද්දවයි. සිත් දාහය ගෙන දෙවයි. හළුදූලි කරවයි. ඒ අනුව ප්‍රේමයද වස්සානයක අකුණු සැරක් නොවේද? මලක් හැර මලක් වෙත යන පෝථුජ්ජනක මානව බමරු මල් කැකුළු තලමින් එහි පෙලෙමින් සිට ප්‍රේමයේ වියෝවේ සොව බිය අත් නොවිඳින්නෝමද? නිකෙලෙස් බාවයට යන මගෙහි දැක්ම දෙන නෙත්වල කළු ඉංගිරියාව ප්‍රේමය නමැති අකුණු සැරෙන් බොඳ නොකරන්නේමද?කප්තුරට යදම් බැදි තටු සලාසක්මනට නුහුරු සිත තනිකලාඅවරගිර තරු වැටින් ගිලිහිලාසුබ නැකත රන් හුයක පැටලුනානූලක් රත්‍රං නූලක් වුවද සිදුකරන්නේ බැඳීමක් ය. එහි කෙලවර රිදුම්දීමක්ම ය.එම බැඳීම අවරගිර තරු වැටෙන් ගිලිහී තවත් එක් සුබ නැකතක පැටලීමක් වීමෙන් පෙරගිර තරුවැටේ ආලෝකයක් එයිද ? මේ විදියට බුදු රදුන් ප්‍රේමයේ සෝකය පෙන්වීම මෙලොව නිවන වසා ඈත නිවනක් පෙන්වීමක් යැයි කෙනෙකුට සිතන්ට පිළිවන. එහෙත් යතාර්ථය නම් පෙරගිරක එළඹෙච්ච ඒ සුබ නැකතට අවරගිර නම් අසුබ නැකත විපරිනාමී අනිත්‍ය බවේ ස්වභාවෙයෙන් හෝ කෙසේ හෝ කවරදා හෝ පැමිණීමය. මෙසේ බලන කල ප්‍රේමය ශෝකයක්ම නොවේද? එහි සදාකාලික නිවීමක් නොවන්නේ නොවේද? අරිඅටඟි මග නම් කප්තුරකි. එම මගෙහි සක්මන පරම නිෂ්ඨාව ලඟා කරන්නේය. එම මගෙහි පාරප්‍රාප්තියට යන සක්මනට ප්‍රේමය යදමක් නොවන්නේමද? ' ප්‍රේමය ' තමා තනිකොට නුහුරු සක්මනට ඇද නොදමන්නේම ද ? හුරු තනිකමේ සසර සක්මනට ඇද දමන තෘෂ්ණාවක්ම නොවන්නේම ද?
Obabta niwan suwa lebewa.apehamuduruwane .dannae. nethideyak ada denagaththa
Lassanai
First.love.is.golden..memmeris.can.not.be.dropped
නියමයිනේ
Lasani godak
ඇසූ පිරූ තැන් ඇසුරින් රස වින්දනයට.....
පිවිතුරුය පළමු පෙම
බිහිසුණුය බිඳුනු දින
ලෙංගතුය සුවඳ ඔබ
සුදු හාමිනේ
තනිකඩය තවම මම...
පේමතෝ ජායති සෝකෝ
පේමතෝ ජායති භයං
පේමතෝ විප්පමුත්තස්ස
නත්ථි සෝකෝ කුතෝ භයං...
ප්‍රේමය පිවිතුරුය නිත්‍ය නොවී බිඳුනු කල බිහිසුනු බවින් යුක්තය. බිහිසුනු බවෙන්ම බිය උපදිනවා නොවේද? එපමණක්ද ඉන්පසු සොව උපදිනව නොවේද? ප්‍රේමයෙන් සොව හටගනියි. කියන්නේ එහෙයිනි. 'විප්පමුත්තස්ස' නම් වෙන් වූ පුද්ගලයාටයි. විරහව ද දුක්ඛ වේදනාවකි. එය ප්‍රේමය බිඳීයාමෙන් හටගනියි. එය බිහිසුනු අත්දැකීමකි. එමනිසා ප්‍රේමයෙන් නොබැඳුනහුට විරහ අත්දැකීම ලබන්නටවත් නොහැක්කෝය. එම නිසාම ප්‍රේමයයෙන් විනිර්මුක්ත වූවහුට කවර සොවක් ද කවර බියක් ද? ප්‍රේමයේ ලෙංගතු සුවඳ නමැති ඔබ උපාදානයක්ම නොවේද?
වස්සාන කාලයක හිත දවා
අකුණු සර නෙත් කෙවෙනි බොදකලා
මල්යාය බමර ගී හඩ තලා
කැකුළු පෙම නටුව හැර ගියා
වැස්ස තුළින් නිරාමිස සතුටක් ලබන්නේ ක්ෂීණාශ්‍රවයෝමය. ඒ වෙනමම වින්ඳනයකි.පෘථග්ජනයහුට වුව එය පොදුය. ඒත් එය අරහත්හු ලෙස නොවේ. වැස්ස සොඳුරුබරය. විටෙක අසුන්දර අඳුරුබවද ඇතිකරයි. ඒ වැස්සෙන් හිත දවනවා කිව්වොත්? එක් අකුණකට සතුට බොඳ කළ හැකියි. අකුණක් රිදුම් දෙවයි. සිත බිය වද්දවයි. සිත් දාහය ගෙන දෙවයි. හළුදූලි කරවයි. ඒ අනුව ප්‍රේමයද වස්සානයක අකුණු සැරක් නොවේද? මලක් හැර මලක් වෙත යන පෝථුජ්ජනක මානව බමරු මල් කැකුළු තලමින් එහි පෙලෙමින් සිට ප්‍රේමයේ වියෝවේ සොව බිය අත් නොවිඳින්නෝමද? නිකෙලෙස් බාවයට යන මගෙහි දැක්ම දෙන නෙත්වල කළු ඉංගිරියාව ප්‍රේමය නමැති අකුණු සැරෙන් බොඳ නොකරන්නේමද?
කප්තුරට යදම් බැදි තටු සලා
සක්මනට නුහුරු සිත තනිකලා
අවරගිර තරු වැටින් ගිලිහිලා
සුබ නැකත රන් හුයක පැටලුනා
නූලක් රත්‍රං නූලක් වුවද සිදුකරන්නේ බැඳීමක් ය. එහි කෙලවර රිදුම්දීමක්ම ය.එම බැඳීම අවරගිර තරු වැටෙන් ගිලිහී තවත් එක් සුබ නැකතක පැටලීමක් වීමෙන් පෙරගිර තරුවැටේ ආලෝකයක් එයිද ? මේ විදියට බුදු රදුන් ප්‍රේමයේ සෝකය පෙන්වීම මෙලොව නිවන වසා ඈත නිවනක් පෙන්වීමක් යැයි කෙනෙකුට සිතන්ට පිළිවන. එහෙත් යතාර්ථය නම් පෙරගිරක එළඹෙච්ච ඒ සුබ නැකතට අවරගිර නම් අසුබ නැකත විපරිනාමී අනිත්‍ය බවේ ස්වභාවෙයෙන් හෝ කෙසේ හෝ කවරදා හෝ පැමිණීමය. මෙසේ බලන කල ප්‍රේමය ශෝකයක්ම නොවේද? එහි සදාකාලික නිවීමක් නොවන්නේ නොවේද? අරිඅටඟි මග නම් කප්තුරකි. එම මගෙහි සක්මන පරම නිෂ්ඨාව ලඟා කරන්නේය. එම මගෙහි පාරප්‍රාප්තියට යන සක්මනට ප්‍රේමය යදමක් නොවන්නේමද? ' ප්‍රේමය ' තමා තනිකොට නුහුරු සක්මනට ඇද නොදමන්නේම ද ? හුරු තනිකමේ සසර සක්මනට ඇද දමන තෘෂ්ණාවක්ම නොවන්නේම ද?
Obabta niwan suwa lebewa.apehamuduruwane .dannae. nethideyak ada denagaththa
Lassanai
First.love.is.golden..memmeris.can.not.be.dropped
නියමයිනේ
Lasani godak