සාහසික ලෙසට ඝාතනය කළ පුජ්‍ය කොටිකාවත්තේ සද්ධාතිස්ස නාහිමියන්ගේ දුර්ලභ දේශණයක්
Вставка
- Опубліковано 11 лют 2025
- මධුර සුමධුර සුපින්වත් දුර්ලභ දහම් දේශනා පෙළ ගැසුම 04
ඵකල ජේ.වී.පී.මෘගයන් විසින් 1989 අගෝස්තු 3 වැනිදා සවස 7 වෙඩිතබා සාහසික ලෙසට ඝාතනය කළ පුජ්‍ය කොටිකාවත්තේ සද්ධාතිස්ස නාහිමියන්ගේ දුර්ලභ ධර්ම දේශණයක්.
පුජ්‍ය කොටිකාවත්තේ සද්ධාතිස්ස නායක හිමියෝ (1918 -1989)
උපත.
හෙළ විරුවන්ගේ රුධිරයෙන් පෝෂණය වූ ඓතිහාසික මුල්ලේරියාවට නොදුරු, කොඩි ගහ වත්ත (දැන් කොටිකාවත්ත ලෙස හැඳින්වෙන ) බුදු පහසින් සිහිල් වූ කැලණිය ශුද්ධ භුමිය පිස එන පින් සුවඳ රැගත් මද නලින් සනහුන සශ්රීික ගම් පියසකි. එහි ගම්පති පවුලේ සාමාජිකයෙක් වූ කුරුවිට ආරච්චිගේ ගේබ්රියෙල් අප්පුහාමි සහ දෝන ප්රන්සිනා අරන්දර හාමිනේට හිමිවු තවත් දරු සම්පතෙකි. දිනය 1918 ජුලි මස 21 විය. ඒ උපන් දරුවා කුරුවිට ආරච්චිගේ සිරිසේන යැයි නම් කරන ලදී.
ළමා විය.
1930 වසරේ ජුලි 21 වැනිදා , කොලොන්නාවේ පුරාණ රජ මහා විහාරයේදී, කොටිකාවත්තේ සද්ධාතිස්ස යන පැවිදි නමින් සසුන් ගත වුයේ කොලොන්නාවේ ශ්‍රී සුගුණසාර නායක මාහිමියන් සහ කලපලුවාවේ දේවානන්ද නාහිමි හා ආභිධම්මික ගාල්ලේ සුමනසාර හිමි යන පැවිදි යතිවරයන්ගේ ආචාර්යත්වයෙන්ය. එම ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගෙන් සිය ශාසන අද්‍යාපනය කල සද්ධාතිස්ස හිමියෝ විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළුව වසර අටක් පමණ කාලයක් ද්විතීයක සාංඝික අධ්‍යාපනය ලද්දේය. අතිගරු පලන්නොරුවේ විමලධම්ම, අති පුජ්‍ය කලුකොඳයාවේ පඥාසේකර මහානාහිමි, වැනි පැවිදි පඬිවරුන්ගෙන් උගෙන ගත් උන්වහන්සේ ශිෂ්‍ය කාලයේ සිටම ඉතා ව්‍යාක්ත දේශකයෙකුගේ ලක්ෂණ ප්‍රදර්ශනය කළහ.
උන්වහන්සේ 1938 ජුලි මස 21 වැනිදින කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාව වෙතින් උපසම්පදාව ලැබුහ.
දුටුවන්ගේ මන නුවන් බඳවන මනා වූ උපධි සම්පන්න රූප ස්වභාවයකින් සහ ලගන්නා සමිහිරි මධුර ස්වර යෙන් යුත් උන්වහන්සේ ගේ ධර්ම කථිකත්වය ගැන අසා පැහැදුන මහාචාර්ය ගුණපාල මලලසේකර මැති තුමාගේ ඇරයුමෙන් ගුවන් විදුලියේ ධර්ම දේශණා කරන්නට පටන් ගත් සද්ධාතිස්ස හිමියන් ඉතා දක්ෂ ධර්ම දේශකයාණන් වහන්සේ කෙනෙක් ලෙස ඉක්මනින්ම අති මහත් ලෙස ප්‍රසිද්ධියට පත් විය
1958 අවුරුද්දේ බුරුමයේ පැවති චට්ටමහා සන්ගායනාවටද, ඉන්පසු 1961 දී බුරුමය, සියම් දේශය, කාම්බෝජය, ආදී පෙරදිග බෞද්ධ රටවල ධර්ම දුත චාරිකාවේ යෙදුණ සද්ධාතිස්ස හිමියෝ ආරම්භයේ සිටම සංස්කෘතික දෙපාර්තමේන්තුවේ බෞද්ධ උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙක් ද වුහ. ගුවන් විදුලි බෞද්ධ උපදේශක මණ්ඩලයේ දිගු කලක් සාමාජිකත්වය දැරූ නාහිමියෝ දිවයිනේ අස්සක් මුල්ලක් නෑර ගම්, නියම් ගම් වල සැරි සරමින් ඉතා නොදියුණු අප්‍රකට ගම්වල පවා අධ්‍යාත්මික සංවර්ධනයට කළ මෙහෙවර අති විශාලය. ගරුතර සද්ධාතිස්ස හිමියන් ස්වකීය පැවිදි බිමට ඇතුළුවූ කොළොන්නාවේ පුරාණ රජ මහා විහාරයේ අධිපති ලෙස පත්වුයේ 1961 අවුරුද්දේය.
දේශය තුළ ධර්ම ප්‍රචාරක කටයුතු කිරීමේ ඵලයක් ලෙස අලංකාර විහාරයක් නිර්මාණය කළ මාහිමියෝ ඒ අතරම කොරියාව, තායිවානය, භාරතය, තායිලන්තය, වැනි පෙරදිග බෞද්ධ රටවලද බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව ආදී යුරෝපා රටවලද ධර්ම ප්‍රචාරක කටයුතුවල නියැළුණු අතර, තායිලන්තයේ වට මහා දාත් භික්ෂු විශ්ව විද්‍යාලයේ සංඝ සම්මේලනය, යුනෙස්කෝ ආයතනයේ ජගත් නිරායුධකරණ සම්මේලනය වැනි ජාත්‍යන්තර සංවිධානවලත් සැසි වාර හා දේශනවලට සහභාගිවෙමින් රටට දෑයට සහ සමයට ගෞරව ලබාදුන්නේය. උන්වහන්සේගෙන් ප්‍රකට විය. මොන ජගතා ඉදිරියේදී වුවත්, නොබියව. නොපැකිල තමාගේ වැටහීමේ අන්දමට නිවැරදි දෙය කීමට, බිනීමට හා කිරීමට උන්වහන්සේ තුළ පිහිටියේ අසමාන පෞරුෂයකි.
විශිෂ්ට නිර්මාණ ශීලියෙකු වූ මෙතුමා අතට පත්වන පලිඟු කැටයක් ගල් කැටයක්, වීදුරු කැබැල්ලක් පවා විසිතුරු නිර්මාණයක් ලෙස බිහිවුයේ සියල්ලන් විශ්මයට පත් කරවමිනි. විහාරස්ථානයේ ඇති ඉපැරණි පලිඟු පහන් ආදිය උන්වහන්සේගේ විවේක කාලයන්හි උන්වහන්සේම කල නිර්මානයන්ය.
වාසිය, ගෞරවය කව්රු බෙදා ගත්තත් සිංහල ජාතිය ලොව පවතිනා තුරු අමතක නොවන අයුරින් ඉටුකළ මෙහෙය අදත් ඉතා අප්‍රකටය. 1971 නව ආණ්ඩු ක්‍රම ව්යාවස්තාව සැකසෙන විට 1972 ව්යාවස්තාවෙන් සම්මත කර තිබු ජාතික කොඩියේ තිබු බෝ පත් සතර වෙනුවට පුටු කකුල් හතරක් බඳු ලාංජන එයට ඇතුලත් වී තිබුණි. මුලික පිඹුරු පත අතට පත් විගස නායක මා හිමියන් මහත් සංවේගයට පත් විය. වහාම එවක පළාත් පාලන කටයුතු පිලිබඳ ඇමැති ධුරය දැරූ ආර්.ප්‍රේමදාස මහතාට කථාකොට මේ පිළිබඳව තමාගේ දැඩි විරෝධය පළකළහ. එහි ප්‍රතිඵලයක් ලෙස නැවතත් බෝ පත් සතර සහිත ජාතික කොඩිය සම්මත කෙරුණි.
1986-87 යාපනයේ බිහිසුණු යුධ ගිනිදැල් පැතිරෙද්දී යාපනයේ සිංහල හමුදා කඳවුරට වැඩම කොට සිය ගණනක් ආබාධිත සෙබළුනට දහම් සිසිලස ලබා දුන් සේක. උන්වහන්සේගෙන් සිදුවුන ජාතික ආගමික මෙහෙවර ඉදිරියටත් ගෙනයාම සඳහා පුජ්‍ය කොලොන්නාවේ ධම්මික ස්ථවිර, පුජ්‍ය විටියල කවිධජ ස්ථවිර, කොලොන්නාවේ සුගුණ හිමි, ඌරල රාහුළ හිමි, කඩුගන්නාවේ සුමන හිමි, කනංකේ මංගල හිමි ආදී ශිෂ්‍යයන් රැසකට ගුරු දේවයන් විය.
එදා උණු තෙල් කටාරමේ පැසී පිරිනිවන් පෑ කැළණි තිස්ස මහරහතන් වහන්සේට මෙන් ම පුරා කෘත අකුසලයක් නොවන්නට කුරා කුහුම්බියෙකුටවත් දැනුමැති සිතකින් වරදක් නොකළ ගරුතර නා හිමියන් වහන්ස ඔබ වහන්සේ ඒ ශෝකාත්මික ලෙස ඝාතනයට ලක් නොවන්නට ඇත.
KILLING
දිනය 1989 අගෝස්තු 3 වැනිදාය. නිතවත් දායක නිවසක දහවල් දානයට වැඩම කල නායක මාහිමියන් තමන් දෙපසින් වැඩසිටි කොළොන්නාවේ ධම්මික සහ විටියල කවිධජ යන සිය සිසු දෙනාම දෙස බලමින් වෛද්‍ය උපදෙස් පවා නොතකා ඉතා සැහැල්ලුවෙන් දැන් වැලදුහ. "ඔන්න මම අද වෙනදා නොවලදන ජාතිත් වලදුවා. මං ගැන ආරන්චියක් ආවොත් ඇවිත් මාව බලලා යන්න" යැයි දායකයන්ට නොකියා කීවේ කුමක්ද?
කොලොන්නාවේ පුරාණ රජ මහා විහාරයේ ඝන්ටාරයේ සවස හතේ කණිසම නාද විය. ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සිරිත් පරිදි වත් පිරිත් දේශනය හා බුද්ධ පුජාව සඳහා විහාරයට වැඩම කළහ. විහාරයේ ශිෂ්‍ය භික්ෂුන්ගේ පිරිත් දේශනය සවන වැකෙමින් තමන්ට ආරාධනාවක් සඳහා කොටිකාවත්තේ සිට පැමිණි බැව් කී "දායක" දේපලක් නාහිමි වෙත ලඟාවිය.