රති කවි | Rathi Kavi | මෙච්චර කවි ලංකාවේ - 04 | Mahinda Prasad Masimbula

Поділитися
Вставка
  • Опубліковано 19 жов 2024
  • රති කවි
    පුරාණ සිංහල ජන කවියේ පටන්ම රති කවි ලක්ෂණ ප්‍රකට වෙයි. මෙය ජන කවියේ එන අසැබි කවියට මඳක් ඉහළිනුත් පසුව ප්‍රකට වූ ශෘංගාර කවියට මඳක් පහළිනුත් පවතින්නක් සේ සැළකිය හැකිය. කාම සම්භෝගය පිළිබඳ ආසාව, බලාපොරොත්තුව , විස්මය මෙන්ම ඒවා අහිමිවීමෙන් හටගන්නා අසහනය ආදිය තරමක් එලිපිට ප්‍රකාශ වන ආකාරය පෙනෙයි. රති කවි තුල උපෙක්ෂාව, සංවර බව ආදිය දකින්නට ලැබෙන්නේ අඩුවෙනි. ඒ නිසාම මේ පිළිබඳව වන කථිකාව හඳුන්වනු ලැබූයේ අශ්ලීලවාදය යනුවෙනි.
    ලංකාවේ ප්‍රකට රති කාව්‍ය කිහිපයක් මෙසේය.
    •වියොවගරත්න මාලය
    •මකරධ්වජය
    •රතිරත්නාලංකාරය
    •දුනුවිල හටන
    •කොවුල් සක
    •කොණ්ඩ මාලය
    •රණ හංස මාලය
    මුල්ම රති කාව්‍ය ලෙස පත්තායමේ ලේකම් විසින් ලියූ වියොවගරත්න මාලය සැලකෙන අතර මෙම ප්‍රවනතාවය මහනුවර, මාතර , යුග වල සිට කොළඹ යුගයේ ජනප්‍රියම අවධිය දක්වාම පැවතුණු අයුරු පෙනෙයි.
    උසස් කාව්‍ය ලක්ෂණ රති කාව්‍ය තුළ ප්‍රමුඛ වශයෙන් හමු නොවන අතර එළිවැට/ එළිසමය ආදිය පිළිබඳ දැක්වූ සැළකිල්ල කැපී පෙනෙයි. දුනුවිල ගජනායක නිළමේ සිය රතිරත්නාලංකාරයේ පැහැදිලිව කියා සිටින්නේ මේ කව තරුණයින්ගේ කාමාශාවම පමණක් ඉලක්ක කොටගෙන ලියන බවය....
    සිව් මුව සදහට නිමකර බැතිනා
    ලෙව් සත සිත තුටු වන ලෙස තරුණා
    යව්වන මදයට විතරක් ඔබිනා
    කව්පද බැඳුමක් කරනෙමි. පෙමිනා
    Mahinda Prasad Masimbula: mahinda...
    Santhawa Books: www. san...

КОМЕНТАРІ • 127

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 Рік тому +5

    ගිලිහී යටපත් වෙන ශෘංගාර කාව්‍ය, සාහිත්‍ය ඉදිරි පරපුරට දායාද කරන්නට ඉදිරිපත් වන මහින්ද ප්‍රසාද් වියතානෙණි, ඔබේ වෑයම සාර්ථක වේවා!

  • @nuwansahabandu2433
    @nuwansahabandu2433 3 роки тому +33

    කවියට ලබැදියන් වෙනුවෙන් කරන මෙහෙයට ස්තුතිය ඔබට ❤️❤️❤️

  • @chamindabandara9795
    @chamindabandara9795 3 роки тому +11

    කවිරස විඳින්නට දැන් දැන් හිත ගැතිය
    දැනුනත් වෙහෙස,කවියට හදවත බැති ය
    සමහර විටක දැනුනත් හිත යට කිතිය
    රසවිඳ ගතිමි කවිපද ,කියු ගැන රතිය
    බෙහෙවින්ම ස්තුතියි . අලුත් රසයක් අත්වින්දෙමි. ජයවේවා ස'ර් !!!

  • @kewishkashehan6008
    @kewishkashehan6008 Рік тому +4

    ඇත්තටම මස්ඉඔුල සර් මෙ ලස්සන නිර්මාණය කිරිමට බොහේ පොත්පත් අධ්‍යනය කර ඇති බව පෙනෙනවා . නියමයි...

  • @sachinbuddika1405
    @sachinbuddika1405 3 роки тому +24

    අපි නොදන්නා අපේ රටේ නිර්මාණ කොච්චර තියෙනවාද.මේවා සමාජසත්කාර.කාලෙකට පස්සෙ ලංකවට ආවේනික හොද කාන්තා ගැමි කටහඩක් ඇහුවා.නියමයි.අපි දිගටම ඔබ සමග දිගටම රැදී සිටිනවා.සියලු දෙනාටම සුභපැතුම් !

  • @nadithakassapa
    @nadithakassapa 2 роки тому +7

    අම්බෝ ඔව් මස්ඉඹුලේ රති කවියට නම් අකැමැත්තක් නෑ..
    පුළුවන් නම් ලියමුකො කවි ටිකක් අපේ යුගයත් අල්ලලා....
    ඇති විය දැන් මෙමට සිල් රැකපු අවදිය
    රති සැපවිදින සැටි මට කියව ළද ලිය.....
    අපූරු වඩක් මස්ඉඹුලේ 🙏💐💐💐

  • @nalinkt
    @nalinkt Рік тому +2

    මාලිමා වේදීකාවකදි දැක්ක ඉතා හරවත් දේශනයක් නිසා "මස්‍ඉබුල" කියන නම සයිබර් අවකාශය තුල සොයද්දි හමුවුනු මෙම නාලිකාවෙ සියලු වීඩීයෝ ඉතාමත් ආසාවෙන් බලමි, විදිමි ❤❤❤ . ස්තුති ඔබ සියලු දෙනාට මෙවන් රසයක් එක් කරනවට අපේ හදවත් වලට 🙏🙏🙏

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 Рік тому +4

    කවියා යනු ජීවිතයේ අනෙකුත් සියළුම රසයන්ද හොඳින් හඳුනන වගේම හොඳින් විඳින අයෙක්.

  • @sudeerakoralage2381
    @sudeerakoralage2381 Рік тому +3

    හරිම අපූරුයි සර්. ශෘංගාරාත්මක කවියෙන් හා අසැබි කවියෙන් රති කවිය වෙන් කර දක්වපු ආකාරය අපූරුයි සර්.❤️👍

  • @nilathalgaswaththage343
    @nilathalgaswaththage343 3 роки тому +6

    කවි ලබැඳියන් වෙනුවෙන් කරන මෙි ⁣වැඩසටහනට ඔබට බොහොම ස්තූතියි!. අහම්බෙන් වගේ දැකපු channel එකක් මෙික.. ගොඩක් ලස්සනය අර්ථාන්විතයි සර් වැඩසටහන....

  • @sunilakurugoda7666
    @sunilakurugoda7666 Рік тому +2

    මා ප්‍රිය සහුර්දයානනි, සම්භාවනීය කවියානනි ඔබගේ මේ ව්‍යයාමය අතිශයින්ම අගය කරනවා . මැකී යමින් ඇති සාහිත්‍ය වන්ශයේ සියුම් තැන් ස්පර්ශ කිරීම මොනතරම් නම් සතුටක්ද. ජයෙන් ජය.👍

  • @mihiraniudeshika6939
    @mihiraniudeshika6939 3 роки тому +6

    රන්දා තවත් කුතුහල සොයනට අවිය
    වින්දා අදත් රස මී වැනි රති මැවිය
    වැන්දා නොදත් දෙය දෙන සාහිත සවිය
    හන්දා තුමුත්,අනෙකුත්,සැර දේ"කවිය"..
    මසිඹුල ඇදුරිදුනි
    සන්ථව සභිකයනි...
    ඔබට ජය.....❤️❤️❤️😍😍

  • @aadhibotheju..2751
    @aadhibotheju..2751 3 роки тому +10

    පිරිස ප්‍රියමනාපයි..පරිසරය මනස්කාන්තයි..තේමාව වින්දනීයයි..
    බොහොම ස්තූතියි හැමෝටම..
    තවත් නිර්මාණශීලී හදවත් එක පෙළට මුණගැසේවායි පතමි...
    ජය..❤️

  • @sepalikarathnayaka3823
    @sepalikarathnayaka3823 3 роки тому +9

    කවියට ආදරේ කරන්න
    කවි ලියන්න
    කවි අහන්න
    කවිය ගැන දැන ගන්න
    මෙලෙස කරන්නවූ මෙහෙයට තුති..
    ඒ වගේම..
    තක්ෂි ඔයාටත්,සුභ පැතුම්.. සුභාරම්බයක් සමඟ සුභ ගමනක්.ඉදිරියටම යන්න.අපේ දේ රැකගෙන.

  • @Jayawardana521
    @Jayawardana521 3 роки тому +11

    ඉතිං මේ සමාජ සත්කාරයට හැමදාම වගේ සුභ පතන ගමන් පොඩි යෝජනාවක් කරනව Podcast එකක් කරන්න කියල එතනදි අපිට පැයක් වගේ දීර්ඝ කාලයක් උනත් මේ කතිකාව කරන්න පුලුවන්...අපිට සජීවීව ඒ කතාබහට එකතු වෙන්නත් පුලුවන්...තියෙන කාර්‍ය්බහුලත්වයත් එක්ක අමාරු වෙන්න පුලුවන් නමුත් හැකිනම් ගොඩක් වටී.

  • @නිදහසනිදහස
    @නිදහසනිදහස 2 роки тому +2

    ලස්නයි කිවිඳුන් 👏කිවිදිය ඔබ සියලුම දේනාට සරස්වති පිහිටයි

  • @udayapriyantha3365
    @udayapriyantha3365 Рік тому +2

    සුපිරි ලස්සනයි ඔයාලගේ වැඩ මනුස්සකම .... කතරගම දේවියන්ගේ පිහිටයි . මනුස්සයාගේ පැවැත්ම සොබාදහම සහ මනුස්සකම

  • @afiquenz5892
    @afiquenz5892 3 роки тому +2

    මේ video එකට බොහොම ස්තුතියි. මාත් කවියට ආදරේ කරන් කෙනෙක්. අවසාන වතාවට සිංහල සාහිත්‍ය පොත ස්පර්ශ කළේ 2016 දෙසැම්බර් මාසේ O/L විභාගය කරන දවස්වල. දැන් විදෙස්ගතව ඉන්න නිසා සිංහල කවි එක්ක ගැටෙනවා අඩුයි. මේ වීඩියෝවට බෙහෙවින්ම ස්තුතියි. අපේ රටේ අපි නොදන්න කොච්චර කවි තියෙනවද? හරිම අගෙයි ❤️❤️❤️

  • @senuupeksha528
    @senuupeksha528 3 роки тому +3

    ලස්සනට රසාස්වාදයක් කරනව.අහන් ඉන්න ආසයි.හරිම පැහැදිලියි.ඔබට සුබ පතනවා තවත් මෙවැනි දේ කරන්න ශක්තිය ලැබෙන්න කියල.🙏

  • @Raysmom
    @Raysmom Рік тому +2

    ❤️❤️❤️❤️ අහල තිබුනෙම නෑ. ගොඩක් ස්තූති

  • @nayanaith
    @nayanaith 6 місяців тому

    ස්තූති බොහොම.. හරිම වටින වැඩක්.

  • @rathnams915
    @rathnams915 Рік тому +2

    ඔබට ගොඩාක් ස්තුතියි.

  • @rathnathilaka2246
    @rathnathilaka2246 Рік тому +1

    හරිම අපූරුයි.කියන්නට වචන නැහැ.

  • @sannasgamabuddhapriya6113
    @sannasgamabuddhapriya6113 2 роки тому +3

    මතු කර ඔසවනා පායක අවර
    කෙලී
    දැක දැක පොබයනා සිතිවිලි නැතිව
    විලි
    රතිරස විඳිනු අවැසිවැ ගිරි සිඛර
    නිලී
    පසුපස බලන් ගගනත පෑ විදුලි
    එලී

  • @nihalpremakumara3535
    @nihalpremakumara3535 Рік тому +1

    ලස්සන වැඩසටහනක්

  • @amarasenaranasinghe3549
    @amarasenaranasinghe3549 3 роки тому +3

    ලස්සනයි , සිංහල භාෂාව හා සංස්කෘතිය කොතරම් ලස්සනද

  • @krishankaushalya
    @krishankaushalya 2 роки тому +2

    අගයමි වටිනා නිර්මාණ අප වෙත දෙනවාට ස්තුතිය....

  • @dinithibhagya7204
    @dinithibhagya7204 3 роки тому +4

    Sirge pehadili kireema hithata wadinawa.mara Vidiyata ❤️❤️❤️❤️good luck sir

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 Рік тому

    බොහොම ලස්සනට විග්‍රහ කරනවා

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 3 роки тому +5

    කවියට කරන මෙහෙයට
    ස්තුතියි ඔබ‍ට...

  • @dhammianurapura5823
    @dhammianurapura5823 3 роки тому +4

    ජයමවේවා කවිබස සමඟ ඔබ..........❤️🌹

  • @jla414
    @jla414 3 роки тому +1

    Kaviyata karana me meheyata dahas warak sthuti ayye

  • @a.k.h.bandara4537
    @a.k.h.bandara4537 2 роки тому +2

    මුළු එපියම ඇහුවෙ ඇස් දෙක පියාගෙන...

  • @dericksanjeewa7071
    @dericksanjeewa7071 3 роки тому +3

    ගොඩක් වටිනව...නමුත් මේක බලන හැමෝටම එකම මට්ටමක භාශා දැනුම නෑනේ....කවිය රසවින්දට ඒකේ තේරුම තේරුම් ගන්න බෑ නේ....වචනයේ තේරුම මේකයි කියල කියන්න පුළුවන්නම් වටිනව..කවිය රසාස්වාදනය වෙන්නෙ එතකොටයි ...නව සමාජයකට යන්න මේවයේ තේරුම කියාදිය යුතුයි සිතමි...ඔබට ජය පතමි....

  • @asura9206
    @asura9206 3 роки тому +2

    ජයෙන් ජයම වේවා ...💕💕💕

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 Рік тому +3

    මේ කවිපදවලට සවන් දීමෙන් සාහිත්‍ය රසයක් විනා අවිනීත හැඟීමක් ඇති වන්නේ නැහැ. නූතන බොහෝ ගීතවල මීට ඉහලින් අසංවර බවක් දක්නට පුළුවන්.කැකිරි ගෙඩියත් කපල අරන්.

  • @ARMFernando0426
    @ARMFernando0426 3 роки тому +2

    හරිම අපුරුයි

  • @gaviduheshanheshan8620
    @gaviduheshanheshan8620 3 роки тому +2

    ඇත්තටම හොඳ වැඩසටහනක්

  • @sooryasudu1241
    @sooryasudu1241 3 роки тому +1

    මෙහෙයට ස්තුතිය ඔබට

  • @dilshansriwarnasinghe1553
    @dilshansriwarnasinghe1553 3 роки тому +2

    ලස්සන නිර්මාණ ඉදිරිපත් කිරීමට සුභ පතමි.ස්ත්‍රීන් වර්ණනාවක් කරන්න කියල ආරාධනා කරමි.a/l වලින් පසුව එහෙම විචාරකයන් අහලම නෑ...

    • @SanthawaKaviTV
      @SanthawaKaviTV  3 роки тому +2

      අනිවාර්‍යෙන්ම....ඉදිරියේදී බලාපොරොත්තුවෙන්න...

  • @kumaraperamuna1475
    @kumaraperamuna1475 2 роки тому +1

    Igenaganimata again mathida theruwan saranai

  • @sanjayaliyanapathirana9705
    @sanjayaliyanapathirana9705 2 роки тому +1

    Godak watinawa wadasatahana

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 Рік тому +1

    මමත් හරිම කැමති කවි වලට

  • @aadhibotheju..2751
    @aadhibotheju..2751 3 роки тому +3

    ගොඩක් වෙලා ඉදන් බලන් හිටියා❤️

  • @indukahemachandra5255
    @indukahemachandra5255 3 роки тому +3

    ස්තුතිය නුඹලාට......!!

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 7 місяців тому +1

    කවිය ,
    රමණයට
    මරණයට
    දෙකටමය😊

  • @kumarisilva876
    @kumarisilva876 3 роки тому +1

    Bohona හොඳයි බුදු සරණයි

  • @thushanathapaththu8266
    @thushanathapaththu8266 3 роки тому +2

    ඉතාමත් අගෙයි

  • @gimsaramaduranga295
    @gimsaramaduranga295 3 роки тому +3

    රති කවි ❤️❤️❤️

  • @keerthibuddika6347
    @keerthibuddika6347 2 роки тому +2

    මම අහල තියෙනව දැන් මතක නැහැ . මේක සොයාගන්න පුලුවන් නම් කියන්න අවසාන පදය මතකයි ( බෝරුක මුලදි තණ මිරිකු ජිනරතන .) දහම් අරුත් කවියක් .

  • @-DiyaDongare
    @-DiyaDongare 10 місяців тому

    මරු

  • @kandy-hornet
    @kandy-hornet 2 роки тому +1

    ජය

  • @dinithibhagya7204
    @dinithibhagya7204 3 роки тому +3

    Sir rathi kawi wala arthaya pehedili karann puluwanda?

  • @hirushaubhayarathna7005
    @hirushaubhayarathna7005 3 роки тому +3

    මරු මරු✍️♥️

  • @narutofan3457
    @narutofan3457 3 роки тому +1

    අපූරුය්

  • @kawminda1429
    @kawminda1429 3 роки тому +1

    බොන්න අගෙයී..subscribeලා වැඩි වේවා ජය වේවා

  • @dimuthupradeepjayasinghe3477
    @dimuthupradeepjayasinghe3477 3 роки тому +3

    👌 .මරේ මරු

  • @colombotipsminitricks3893
    @colombotipsminitricks3893 3 роки тому +2

    තෙරුවන් සරණයි...!!!

  • @saviyabot8168
    @saviyabot8168 2 роки тому

    හරිමලස්සනයි සුගත්

  • @manelvithanage4244
    @manelvithanage4244 Рік тому +2

    👍❤

  • @anurasenakumara3435
    @anurasenakumara3435 3 роки тому +4

    Superb CONGRATULATIONS

  • @Ahp831
    @Ahp831 3 роки тому +2

    වෙනම ලෝකයක් 💕

  • @jayanthapushpakumara6701
    @jayanthapushpakumara6701 Рік тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @dinithibhagya7204
    @dinithibhagya7204 3 роки тому +3

    Niyamai sir ❤️❤️❤️

  • @tamarajayathilake725
    @tamarajayathilake725 Рік тому +2

    සැළලිහිණි සංදේශයේ කවි නම් ජනසාහිත්‍යයට හා රති කවි ඝනයට වැටෙන්නෑ නේද?
    පුර වැණුම හා උදා වැණුම .කාන්තා වර්ණනාවක් තිබූ පමණින් ඒවා රති කවි වේයැයි මම හිතන්නෑ.
    ඒක වැරදි අදහසක් සමාජගත කිරීමක්.
    මුල් කොළඹ යුගයෙ කවි අතර නම් බොහෝ අනුරාගික කවි තියෙනවා.
    ශෘංගාරය හා රතිය දෙකක් විනා එකක් නෙවෙයි කියා අපි ඉගෙනගෙන තියෙන්නෙ .
    මේ වගෙ දේ ජනගත කරන්න කලින් ටිකක් හිතන එක වටිනවා.

  • @colombotipsminitricks3893
    @colombotipsminitricks3893 3 роки тому +3

    🙏🙏🙏💐💐💐

  • @lakminifernando9637
    @lakminifernando9637 Рік тому

    අහම්බෙන් ada dakke kavi gana me vada satahan.hodama hoday

  • @sandunrajapaksha1486
    @sandunrajapaksha1486 3 роки тому +3

    👍👍👍❤️❤️❤️

  • @surejvimukthi7731
    @surejvimukthi7731 2 місяці тому

    කවි කියන එකා ඇරෙන්න ඔක්කොම හොඳයි

  • @colombotipsminitricks3893
    @colombotipsminitricks3893 3 роки тому +3

    💐💐💐

  • @poorniwanaguru8408
    @poorniwanaguru8408 3 роки тому +3

    👍👍👍👍👍💜️💜️💜️

  • @alankaratattoo9770
    @alankaratattoo9770 3 роки тому +4

    පරණ කවි කොල ගැන එකක් කරන්න කෝ

  • @kanchanamdissanayake7364
    @kanchanamdissanayake7364 3 роки тому +2

    අපූරුයි අයියේ

  • @menakapriyadarshana5097
    @menakapriyadarshana5097 3 роки тому +3

    Excellent program

  • @godbless.....4030
    @godbless.....4030 3 роки тому +1

    🙏

  • @samindajayasinghe3141
    @samindajayasinghe3141 3 роки тому +3

    ❤️

  • @eranbuddhika7674
    @eranbuddhika7674 11 місяців тому

    Supper

  • @colombotipsminitricks3893
    @colombotipsminitricks3893 3 роки тому +3

    🙏🙏🙏

  • @diwankakowshika
    @diwankakowshika 3 роки тому +2

    නියමයි ❤️

  • @saralashalini5922
    @saralashalini5922 Рік тому +1

    ✍️✍️✍️✍️✍️✍️✍️

  • @everything5679
    @everything5679 3 роки тому +3

    🏃🏃🏃🏃🏃

  • @nethmaperera4200
    @nethmaperera4200 3 роки тому +1

    ❤🍃

  • @ස්වස්තිසිද්ධම්

    Apo me channel eka wal ne...😁❤

  • @sadunbandara3
    @sadunbandara3 3 роки тому +1

    2021.09.10.Saudi

  • @chamindakrishantha
    @chamindakrishantha 3 роки тому +3

  • @Subud-n3n
    @Subud-n3n 5 місяців тому

    😂😂❤

  • @eoradigiocare4261
    @eoradigiocare4261 3 роки тому +7

    නිධන් හොරු
    (ඔබේ ඇසට අනුව නිධානය වෙනස් විය හැක.)
    ----------------------------
    එකෙක් යන එන කල
    ඇහැ ගැටී එක ගල් කුලක...
    දැනී ඇති බව විශේෂයක්
    කලක් තිස්සේ හෙවී වගතුග..
    නිතර නිතර ගැවසී
    සොයා ගති තොරතුරු අවැසී....
    තියේ බුබ්බුලාකාර
    කොත් දෙහෙක ලකුණු..
    හරි මැදින් තනි ඉරක්
    තියේ ගල කැපුනු..
    එපමනයි වැදගත්..
    අ..හා...
    මෙය නම්,
    නිධානෙක ලකුණූ..
    නිතරෝම ගැවසී..
    එහෙ මෙහෙ වෙලා සෙහෙසී..
    සොයා ගති ඔහු
    නිධන් වදුලත්...
    දැන් ඉතින් පේවී
    වතාවත් කිරීමයි අවැසී...
    ඇද බෝසත් ඇදුම..
    මස් මාංශෙන් තොර වී..
    පේවී නා පිරිසිදු වී..
    කලේ නිසි වතාවත්ද කල යුතු..
    එළි පෙහෙළි කරගෙන මග
    කල් යල් බලා නිසි ලෙස...
    හොදයි කාලය හෙට
    රෑ බෝ වෙන්ට ඇර...
    අවැස්ස සූදානම් කොට..
    ඉතින් පිවිසුනි යාතිකාවට..
    පිරිමැද කොත් සළකුනුද
    මතුරන කලදි ලග හිද..
    විවර විය මහ නිධන් ගල..
    පෙනේ දැන්
    රැවටිලි තුන් දොර..
    තෝරා ගති නිසි දොර
    බිල්ල සූදානම්‍ කොට ඇත..
    කන්‍යාව..
    කන්‍යාව බිලිවෙත
    හැලුනු ලෙයින් ඇගෙ වත..
    ඇරුනු දොරින් නිධානය
    හොරා ගත..
    අ..හා..ඉතින්
    සැපයි ජීවිතය..
    හිතීය ඔහු
    මෙතෙක් නිධානය රැක්ක
    බහිරවයින්ටද පා
    නෝක්කඩු හිනාව..
    මසක් ගත වූ තැන
    යකිනියක් එයි පසු පස...
    තොපේ නිධානෙ මේං
    ගල ඇතුලෙ කියාගෙන..
    පල යස්සනී මගෙන් අහකට
    කිව්ව තැන..
    රකින්න භාර ගත්තාලු
    මොකුත් නොකියාම
    අර බහිරවයෝම
    නිධන් ගල ඇතුලෙ ඉතුරු උනු
    නිධානය....
    ගයනි කහගල්ල.
    07/02/2021.
    ඔබ තුමාගෙන් බොහෝ දෑ උගනිමි..
    මෙය මා විසින් ලියූවකි.. ඔබතුමාගෙන් එහි අඩුපාඩු දැන ගැනීමට කැමැත්තෙමි.. 🙏🙏

    • @mahindaprasad602
      @mahindaprasad602 3 роки тому +2

      හරිම අපූරුයි.......ව්‍යාන්ගාර්ථයට කොච්චර දේවල් කරන්න පුලුවන්ද....

  • @sandunrajapaksha1486
    @sandunrajapaksha1486 3 роки тому +3

    👍👍👍❤️❤️❤️

  • @chathunilankanjali7419
    @chathunilankanjali7419 3 роки тому +3

    👍👍👍👍

  • @gayankalpage8199
    @gayankalpage8199 2 роки тому

    ❤️❤️❤️❤️❤️

  • @janithherath8409
    @janithherath8409 2 роки тому +1

    ❤️