සොහොන තමයි මගේ විශ්ව විද්‍යාලය | Ven.Kirulapana Dhammawijaya Thero

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 403

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Рік тому +128

    ජීවිතයේ කෙලවර ඇත්තේ මරණය....
    මරණින් මත්තේ වෑටෙන්නේ සංසාරයට...
    නිස්සාර නිරර්ථක ජීවිතයක ඇති යතාර්ථය මැනවින් අවබෝධ කරමින් කල දේශනා ප්‍රාතිහාර්යය...🙏🙏🙏
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!🙏🙏🙏
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏
    කෝනු හාසෝ කිමා නන්දෝ
    නිච්චං පජ්ජලි තේ සති
    අන්ධකාරේන ඕනද්ධා
    පදීපන්න ගවෙස්සථි..🙏🙏🙏

  • @PriyanthaJayalath-s6r
    @PriyanthaJayalath-s6r 9 місяців тому +4

    Apa ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගේ බන පුලුවන් වෙලාවට අහනවා මම ඉන්නෙ කුවේට් වල මම ගොඩක් ආසයි පන්සල් හදන එවට උදව් කරන්න පින් කරන්න ගොඩක් ආසයි මම ඔබ වහන්සේගේ බන අහලා මම හිත ගොඩක් පිනට ආස උනා අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @KavinduLakshan228
    @KavinduLakshan228 Рік тому +106

    අම්මලාට ජීවත් වෙන්න මාර්ගයක් හදලා මගෙ ලොකු ස්වාමීන් වහන්සේ ලග මහන වෙනවමයි ❤🙏😥🌸

  • @NilukaRohini-e6t
    @NilukaRohini-e6t 10 місяців тому +5

    මේ උතුම් දහම මට නිවනට නිවන් දොරටුවක්ම වේවා!!පින්වත් ස්වාම්න් වහන්ස පතන බෝධියකින් උතුම් නිවනින් සැනසේවා!!!සාදු🙏සාදු🙏සාදු🙏

  • @swarnasarojini5786
    @swarnasarojini5786 Рік тому +64

    ඊලඟ පරම්පරාවට සසුන ඉඩ තබන අපේ කාලයේ උතුම් බුදු පුතුන් වහන්සේ ..
    නමස්කාර වේවා ..!
    හිස නමා දෙපා නමඳිමු..
    සාදු ...සාදු ....සාදු .....

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 Рік тому +8

    දේශකයන් වහන්සේටත් ධර්මදේශනාව ශ්‍රවණය කරන සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා චීරාත් කාලයක් ජීවත් වෙන්න වාසනාව ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා කියා ප්‍රර්තනා කරමි 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @pereramrsperera837
    @pereramrsperera837 Рік тому +3

    🙏🙏🙏☸ ☸️ ☸️
    පූජ්නීය වන්දනිය පිංවත් අපෙ නායක ස්වාමින් වහන්ස ඔබවහන්සේට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය නොඅඩුවම ලැබේවා !!! 🙏🙏🙏
    නිදුක් නිරොගි දීර්ගායුෂම වේවා !!!🙏🙏🙏
    තව තවත් මෙවන් සාසනීක මෙහෙවර නොපිරිහෙලා ඉෂ්ඨ සිද්දකරන්න සියලු ශක්තිය දහිරිය වාසනාව නොඅඩුවම උදාවේවා !!!🙏🙏🙏
    පතනා බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගන්න සියලු රැස්කරගත් සියලු පිං කුසලයන් හේතුවාසනා වේවා !!!🙏🙏🙏උපනිශ්‍රය වේවා !!!🙏🙏🙏නිවනම නාථයි !!!🙏🙏🙏
    නිවනම අත්වේවා !!!🙏🙏🙏
    සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ

  • @priyadarshaninisha5097
    @priyadarshaninisha5097 Рік тому +8

    තනිවම යන සසර ගමන තුළ, දුකක්ම වූ ලෝකය තුලින් මිරිඟුවක් වැනි සැපයක් සොයා ,බැදීමි වෙනුවෙන්ම අනේකවිධ දුක් විද අවසානයේ හිස් අතින්ම සතර රියනක සැතපෙන්නට වෙර දරනා මිනිසුන් හට අවිද්‍යාවෙන් වැසී ඇති ලෝකය තුල යතාර්ථය දකින්නටත්,සත්‍ය අවබෝධ කර දෙන්නටත්,අපගේ ජීවිත දහමින් පෝෂණය කරන පින්වත් ගෞරවනීය ලොකු ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේට පාද නමස්කාර කරමි.නමස්කාර වේවා...!!!.🙏🙏🙏
    සියළුම සත්වයෝ සත්‍ය අවබෝධ කර ගනිත්වා.
    උපන් සත්ත්වයා හට නොමැරී සිටීමක් නමි නැත්තේමය.

  • @පාලිභාෂාවඋගනිමු

    ඔබවහන්සේ එදා ඒසුන්දර මාර්ගයට අවතීර්න නොවෙන්න අපි තවමත් අදුරේ අතපත ගාන මෝඩ රැලක් ..ඒ යහපත් මාර්ගය පෙන්වා දුන් ඔබවහන්සේට පතන අයුරින් ම නිර්වානය අවබෝධ වේවා .සාදු සාදු සාදු

  • @KumudhuniCool-pr8rm
    @KumudhuniCool-pr8rm 11 місяців тому +2

    මමත් අසයි ඔබවහනසේගේ බණක් අපේ ගමෙි අයට වඩමිමවල අහන්න දෙන්න🙏🙏🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 Рік тому +53

    අපේ ඇස් පාදන්න උපකාර කරන පිනෙන්ම ඔබ වහන්සේ මේ දුක්ඛිත සසරෙන් අත්මිදේවා මේ ආත්මයේම,, සුවසේම .නිදුක් නිරොගිවේවා ච්රජිවනය ලැබේවා .තුණුරුවන් සරණයි පින්වත් අපේ ලොකු ස්වාමීන් වහන්ස 🌸🌸🌸🙏🙏🙏🙏 අමිලයි අපිට ඔබ වහන්සේ 🙏🙏🙏

    • @gmboss4794
      @gmboss4794 Рік тому +3

      ඔබවහන්සේ මේ භවයෙම නිවන් දකිත්වා!!!

    • @Gimhanikavindya559
      @Gimhanikavindya559 8 місяців тому

      නිවන් සුව අපේ ස්වාමින් වහන්ස 🙏🙏🙏🤍🏻🏻🏻

  • @Renu-v8n
    @Renu-v8n Рік тому +1

    🙏🙏🙏Sadu Sadu Saduu ! 😢oba uthum🙏Budha puthrayek🙏🙏🙏dharmaya margayenma gaman kireemata wasanawa uda wewaa!

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 Рік тому +11

    නමස්කාර වෙිවා පිංවත් ස්වාමින්වහන්ස ජිවිතය යතාර්ථය නැවත නැවත සිහිපත් කර ⁣දෙමින් ජිවින අවබෝධ ය දේශනා කරන ඔබවහන්සේ ට ⁣පතන්නාවු බොදියකින් ම චතුරාර්ය සත්ත්‍ය අවබෝධ වෙිවා වෙිවා වෙිවා සාදු සාදු සාදු

  • @swarnasarojini5786
    @swarnasarojini5786 Рік тому +31

    අපේ පියාණන් වහන්සේ පිරිනිවනට වැඩි දවසෙ තොරණ බැඳ,විනෝද විය නොහැකිමයි මගේ ගුරු පියාණන් වහන්ස...
    මඟ පෙන්වූ ඔබවහන්සේගේ වෙහෙසට නිසි අගය දෙමි...ඒකාන්තමයි ස්වාමීනී ...🙏🙏🙏

  • @indrakumari9096
    @indrakumari9096 Рік тому +27

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ දරුවා පියා මිය ගිය පසු මිනිය බැලුවේ නැත පසුව සොහොනට යන්න පටන් ගත්තා ටිකක් මගහැරුනාට පසුව සිල් ගන්න යන්න දර්ම මාර්ගයේ ගමන් කිරීමට උනන්දු උනා තවම ඉගෙන ගන්නවා මගේ ජීවිතයට පින්වත් ස්වාමින් වහන්සේගේ උතුම් දේශනා තුලින් බොහෝ දේ ඉගෙන ගන්නවා ඉතාමත් ගරු සරුව ස්වාමීන්වහන්සේ වන්දනා කරමි තෙරුවන් සරණයි

    • @DammikaWeerasingha-td9yh
      @DammikaWeerasingha-td9yh Рік тому

      තවදුරටත් දර්මදානය බෙදන්න ඔබ වහන්සේට ශක්තිය ලැබෙිවා බුදුසරණයි

    • @shashikalasewwandi1875
      @shashikalasewwandi1875 11 місяців тому

      ​@@DammikaWeerasingha-td9yh. .

    • @kamarypop65
      @kamarypop65 10 місяців тому

      පින්වත් හාමුදුරුවන් ට බොහොම පිං,මිනිස් ගති වලින් අපි තාම වනන්තරේ අපෙ හාමුදුරුවනේ ,මිනිසුන්ට සසර කෙටකර ගන්න මෙි දේසනා බොහොම වටිනව,ඔබ වහන්සේට නමස්කාර කරමි,නිරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏නමෝ් බුධ්ධාය

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 Рік тому +4

    මරණය කානිවල් කරගන්නා මිනිසුන්ට මෙම වටිනා desana asewa ,obawahanseta උතුම් chathurarya saththyo අවබෝධ වේවා ,sadu sadu sadu sadu sadu

  • @padmakanthi1995
    @padmakanthi1995 Рік тому +10

    මම මගේ තරුණ පුතාලා දෙන්නට ත්, මගේ දරුවෝ වගේම, සෙනෙහසින් හිතන දරුවන්ටත් මේ ශෙයා කරා ඔබ වහන්සේ දේශනා කරන මේ මග මගේ දරුවන්ටත් අවබෝධ වේවායි චේතනාවෙන්

  • @anushakarunatissa9671
    @anushakarunatissa9671 Рік тому +33

    මිත්‍යාවෙන් වැසුණු බෞද්ධ සමාජයේ ඇස් පාදනවාට බොහෝම පින් ස්වාමින්වහන්ස .

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 5 місяців тому +1

    පින්වත් ස්වාමින් වහන්සමේ උතුම් වු ධර්ම මාර්ගයට ඔබවහන්සේ යොමුකරන්නම වෙන්න ඇකි
    මෝචරි එන්බාම් මල්ශාලාවල් ⁣
    මේතරම්ම පෙන්නුවෙ
    අවසානය ඔබවහන්සේගේ පියතුමන් එතුමන් ඔබවහන්සේ යායුතුමාර්ගය පෙන්වා අතිඋතුම් බුද්ධ පුතුයානන්වහන්සේ නමක් වශයෙන්රටට දායාදකලේ
    එතුමන්ගේ භවය මේ කල කුසල් බලයෙන් සුගතිගාමි වේව⁣ා
    පින්වත් ස්වාමින් වහන්සේට උතුම් නිවන සාක්ෂාත්වේවා

  • @HshshVsbsb-mg4ic
    @HshshVsbsb-mg4ic Рік тому +7

    තෙරැවන් සරනයි ස්වාමීන් ඔබ වහන්සේ එදා ඒ තිරනය ගත්ත නිසා බන පයක් අහලා ගිහි ගෙදර අතහරින්න පුලුවන් වුනා ඔබ වහන්සේ ට පිං

  • @owadiniprasadi5967
    @owadiniprasadi5967 Рік тому +1

    ස්වාමීන් වහන්ස මගේ තාත්තත් බලාපොරොත්තු නොවුණු මොහොතක නැති වුණා .. තාම මාසයක් ..කියාගන්න බැරි වේදනාවක් දුකක් තාමත් තියෙනවා ..මට දුකයි තාත්තට මේ බුද්ධසාසනෙන් පිහිටක් ලබා ගන්න බැරි වුණ එකට ..ඔබවහන්සේගේ දේශනාව ඇසුවම සසර තියෙන භයානකකම ගොඩාක් දැණුනා...මගේ තාත්තගේ ජීවීතේ නැති වීම නිසා මේ සසරේ අනියත බව මට ගොඩාක් දැණුනා...ඔබවහන්සේගේ දේශනාවට ගොඩක් පින් 🙏

  • @dammikageethani4121
    @dammikageethani4121 Рік тому +5

    පිනට පහළ වූ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ වැනි තවත් දස නමක් සකසා දෙන්න ඔබ වහන්සේ තෙරුවන් සරණින් වහවහාම උතුම් නිවනින් සැනසේවා

  • @isankaperera9961
    @isankaperera9961 Рік тому +10

    මගේ පින්වත් ආචාර්‍ය්න්වහන්සේට තෙරුවන් සරණයි .අනේ මා අතින් සිදුවන සියලු කුසල් බලයෙන් මගේ දරුවාටත් සැමියාටත් නිර්වාන අවබෝධය පිණිස කටයුතු සිදු කරගැනීම පිනිසම සුදුසු ම මොහොතේදී හේතු සකස්වේවා.

  • @shanikapprasanna2427
    @shanikapprasanna2427 Рік тому +9

    මේ දර්ම දේශනාව කල පින පතන භෝදියකින් නිවන් අවබෝධය පිනිසම ඔබ වහන්සේට හේතු වාසනාම වේවා 🌷 සාදු සාදු සාදු 🌻🌻🌻

    • @ApsaraDilhari-sz2dn
      @ApsaraDilhari-sz2dn Рік тому

      සාදු සාදු මෙ ධර්ම දේශනාව ගොඩක් වටිනවා බුදු සරණයි❤

  • @kaweeshamadumali9026
    @kaweeshamadumali9026 Рік тому +5

    ජිවිතේ තේරුම් ගන්න හොඳ බණක් 🙏 නමෝ බුද්ධාය

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 Рік тому +1

    සම්මා සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ ඇත්තටම ඔබ වහන්සේ ගිය ගමන හරි අපිට අපේ ඒ කාලෙදි ඔබ වහන්සේ දේශනා කළ මේ දේශනාව අහන්න ලැබුනා නම් සත්තයි මමත් මහණ වෙනවා දැන් ප්‍රමාද වැඩියි වයස වැඩියි දැන් ලබල තියෙන අවසාන කාලය මරණයට මුහුණ දෙන්න
    දැන් පින් දහම් කරගෙන හිත හදාගෙන මරණයට මුහුණ දෙන්න හෙට හෝ වේවා සතුටින් ජීවත් වෙනවා
    ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණයි
    මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @koralagedammika1216
    @koralagedammika1216 Рік тому +15

    අප සසරින් මුදවන්න මෙපමණ උත්සාහයක් දරන්නාවු අපගේ පිංවත් කළණ මිත්‍රයානන් වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @lasi8706
    @lasi8706 Рік тому +5

    බොහොම පින් ස්වාමීන් වහන්ස අපිට මෙහෙම මග පාදනවට.

  • @hashininimesha2323
    @hashininimesha2323 Рік тому +2

    හාමුදුරුවනේ මගේ තාත්ති නැති උනේ මාස තුනකට කලින් මේ බන ටිකට පින් සිද්ද වෙන්න මට දැන් පින් කරන්න හිතෙනවා
    ඔබ වහන්සේට පින්

  • @-Niroshanikumari
    @-Niroshanikumari Рік тому +5

    කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේ හට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා ..උතුම් තෙරුවණ් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏🙏🙏🌸🌸

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Рік тому +2

    තෙරුවන් සරනයි දේසකයන් වහන්සේ ඇතුලු සියලුම හාමුදුරුවනේ වහන්සේ ලාටත් මගේ මවටත් අපපවුලේසැමට දේසනයට සවන් දුන් සැමටත් උතුම් දර්මය අවබෝධ වේවා ම්‍ යගිය පියානන්ටත් නිවනින් සැනසේවා ආදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹

  • @piyumihansika7166
    @piyumihansika7166 Рік тому +4

    මේ ජීවිතය ගැන කල කිරීමක් ඇති වෙනව. මරනය කියන දේය වෙනකම් තම අපි මේ හැම සෙල්ලමක්ම දාන්නේ ..... අපේ ස්වාමින් වහන්ස මේ හැමදෙයක්ම අපිට පහදල දෙනවා .... සාදු🙏 සාදු🙏 සාදු🙏.......

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq Рік тому +3

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!

  • @nisaliperera9483
    @nisaliperera9483 Рік тому +16

    ඔබ වහන්සේ කියන දේ ඇත්ත ස්වාමින් වහන්ස ...පියාණන් ගැන මීට පෙරත් මෙවැනිම ධර්ම දේශනාවක් තුළින් අපිට ජීවිතේ යථාර්ථය කියා දුන්න ..ඒකත් ඇහුව ..දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ..
    🙏🌼🙏🌼🙏🌼 ....

  • @paramichamodaya839
    @paramichamodaya839 Рік тому +8

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ මාගෙ නමස්කාර වෙවා

  • @usithakiwisuru405
    @usithakiwisuru405 Рік тому +4

    පින්වත් ස්වාමීන්වහන්සේ මා හට කියල දුන් ඒ දහමේ පනිවිඩය මම අරගතිමි සැදැහැයෙන්.... හැසිරෙමි තාථාගත බුදුදහමේ..... නිවන් මග සොයා.... දෙමි මේ උතුම් පනිවිඩය සැමටම.......

  • @jayanthiweerasinghe3545
    @jayanthiweerasinghe3545 Рік тому +14

    තෙරුවන් සරණයි මාගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🌺🌺🌺

  • @kumariliyanage9253
    @kumariliyanage9253 Рік тому +9

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් ලොකු සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏

  • @pavideos3808
    @pavideos3808 Рік тому +1

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @Subasinghemanjula35
    @Subasinghemanjula35 Рік тому +3

    ජීවිතය පිළිබඳව නිවරදිව අවබෝධ කරගන්නට මග පෙන්නවා දෙන ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. 🙏🙏

  • @kasunravindu7619
    @kasunravindu7619 Рік тому +4

    ඔබ වහන්සේගේ මෙම ධර්ම දේශනාවෙන් මන් මේ බන අහන්න පටන් ගත්තේ අද වෙනකොට සියලුම ධර්ම දේශනා ශවනය කරා.. අද වෙනකොට ගිහි ජීවිතය අත් හරින්න මා සූදානම්...

  • @anumodatha
    @anumodatha Рік тому +2

    මරනය ගැන අනිත්‍ය ගැන බණ අහනඑක මෙනෙහි කරන එක තරම් මට වෙන සුවයක් නෑ ස්වාමීනි. ඔබවහන්සේ කියන නිසාම මමත් ගිය මාසේ මගේ අත්දෙක උඩම නැතිඋනු මගේ මාමාකෙනෙකුගේ මිනිය හදිසි මරණ පරීක්ෂණයකට ලක්කරනව බැලුවා. ජීවිතේ යතාස්වභාවය දැකගන්න දැනගන්න ඒ තරම් කමටහනක් වෙන නෑ කියල එදා මට තේරුනා ස්වාමීන්වහන්ස. ඔබවන්සේට බොහොම පින් අපිව මේ තැනට ගෙනාවට

  • @රක්ෂිලාරණසිංහ

    ඇත්ත ඇති සැටියෙන් දේශනා කරන අපේ කාලේ උතුම්, පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේගේ පාද අභියස නමස්කාර කරමි.
    ජීවිතය ගැන වටහා ගත්තේ රත්තරං වැනි කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ නිසයි, අනේක වාරයක් පිං ඔබ වහන්සේට 🙏🌷
    කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරත්වා !!!🙏🙏🙏

  • @padminitillekerathne7912
    @padminitillekerathne7912 Рік тому +3

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ සමග අප සීයට සීයක් එකඟයි ඔබ වහන්සේට සියලු දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය ලැබේවා ලැබේවායි පතමි

  • @JEEWANTHIEARACHILAGE-ew5fw
    @JEEWANTHIEARACHILAGE-ew5fw Рік тому +2

    🙏🙏🙏 සාදු සාදු සාදු!!!. ඔබ වහන්සේ දේශනා කළා වූ ශ්‍රී සද්ධර්මය ලංකා වාසී ලෝක වාසී සියලු ජනතාවට නිවන් මාර්ගය අවබෝධ කරගැනීමට හේතු වේවා!!!.. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝ ආයුෂ ලැබේවා!!!... බුදු සරණයි!!!🙏🙏🙏

  • @achinirajapaksha9358
    @achinirajapaksha9358 Рік тому +9

    බොහොම පින් පින්වත් ස්වාමීන්වහන්සේට නිස්සාර ජීවිතය ගැන අපිට නිතර නිතර වටිනා දේශනා ශ්‍රවණය කරන්න ලබා දෙනව⁣ට. උදෑසන සිට වෙහෙස මහන්සියවත් නොබල අහිංසක මිනිසුන් මේ ගෝරතර සංසාරයෙන් එතර කීරීමට දරන වෑයමට බොහොම පින් ලොකු ස්වාමීන්වහන්ස. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @salindaramyasiri8921
    @salindaramyasiri8921 Рік тому +2

    සාදු සාදු සාදු නිදුක් නිරොගිමත් සුවය ලැබේවා අපෙ ස්වාමීන් වහන්සේට ඉතාමත් වටිනා දේශනයක් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Рік тому +9

    සියල්ල් හැරදා යා යුතුය ,මම නම් යනවමයි ඒ තැනට හිත හදාගෙන ඉන්නෙ,....ඔබවහන්සෙ උතුම් නිවනින්ම සැනසේවා 🙏🙏🙏තෙරුවන් සරනයි

  • @leelakonara4882
    @leelakonara4882 Рік тому +1

    🙏🙏🙏
    පින්වත් සුවාමින් වහන්සේට මගේ පාද නමස්කාර වේවා !!!
    🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 Рік тому +5

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,,,

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 Рік тому +4

    අපේ පින්වත් උතුම් ආර්යයන් වහන්ස, මේ කරන ශාසන කෘත්‍යයටත්, අපව මේ සංසාරයෙන් ගලවා ගැනීමට දරණ මහත් ධෛර්යටත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @vijithasamarasinghe1569
    @vijithasamarasinghe1569 Рік тому +2

    🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.

  • @vijitha8646
    @vijitha8646 Рік тому +6

    අවසර පින්වත් ස්වාමීන් වහන්ස 🌼🌼🌼🙏🙏🙏මම පාද නමස්කාර කරමි උතුම් චතුරාර්‍ය් සතයය සැමදෙනාටම අවබෝධ වේවා 🌸🌱🏵️🌳🌳🌳🌳🌻🍀🔅☘️ 🌷🌷🌷🙏🙏🙏 🍀🍀🍀🙏🙏🙏

  • @renukaranaweera2187
    @renukaranaweera2187 Рік тому +5

    සියලූ දේ අවබෝධ උනා..පින්වත් ස්වාමින් වහන්ස....

  • @isurasampath5111
    @isurasampath5111 Рік тому +5

    හැඟීම් වචන කරගන්න බෑ මගේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි!!!

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 Рік тому +4

    🙏🙏🙏 පූජනීය වන්දනීය පින්වත් කල්‍යාණමිත්‍ර අපේ ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය.ජීවිතයේ යතාර්තය පිලිබද දේශනා කරන ලද ඉතාමත් වටිනා දේශනාවක්.සියලු සැදැහැවත් පින්වතුන්ට සත්‍යය අවබෝධ වේවා. ඔබ
    වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා.🙏🙏🙏

  • @සිතුවම්පියස

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ඔබ වහන්සේ මේ ජීවිතයේ අනිත්‍ය භාවය තේරුම් කිරිම අපිට මහත් අත්වැසිල්ලක් මේ සංසාර ගමන තුලින් මිදිමට
    තෙරුවන් සරණයි

  • @w.a.c.k6660
    @w.a.c.k6660 Рік тому +3

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NayomiIndika-qh4dv
    @NayomiIndika-qh4dv Рік тому +3

    සාදු.සාදු.සාදු..ඔබවහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා..

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ Рік тому

    නිදුක් නිරෝගී සුවය ලැබේවා අපේ සුවාමින් වහන්සේ 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 6 місяців тому

    පින්වත් ස්වාමින් වහන්ස
    මරනය යනු කුමක්දැ පහදාදෙමින්
    යායුතු මාර්ගය භාවනාමාර්ගයෙන් අපට පහදාදෙන
    ඔබ වහන්සේ ට මේ කුසල් පාරමිතාවක් වේවා😊

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi5828 Рік тому

    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා.
    ඔබවහන්සේටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය
    ලැබේවා.මෙවැනි ධර්ම
    දේශනා කරන්න තවත්
    ශක්තිය ධෛර්යය ලැබී
    ඉක්මනින්ම නිවන අවබෝධ වේවා.සාදු

  • @Dilkikarunathilaka
    @Dilkikarunathilaka Рік тому +25

    ඔබ වහන්සේ නිසා මගේ ජීවිතයම වෙනස් වුනා.මේ ගෙවන ජීවිතය කොච්චර නිස්සාරද කියලා තේරෙනවා.ඔබ වහන්සේට බොහොම පින් මගේ ලොකු ස්වාමීන් වහන්ස, මම තවම ස්කෝලේ යනවා...මොන වැඩේ තිබ්බත් හැමදාම ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් ශ්‍රවනය කරනවා,භාවනාව දිගටම කර ගෙන යනවා.අනේක වාරයක් පින් ජීවිතේ කියලා දුන්නට......🙏

  • @RavinduYuvantha-nv4gj
    @RavinduYuvantha-nv4gj Рік тому +1

    Ma උතුම් බුද්ධ පුතුන් වහන්සේට namaskaraya wawa🙏🙏🙏

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 Рік тому +4

    සාදු සාදු සාදු!!!මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @shandishandi9585
    @shandishandi9585 Рік тому +3

    🙏🙏🙏අපි හැමෝටම උතුම් දර්මය අවබෝද වේවා නිවනින් සැනසේවා මේ බයානක බව ගමනකෙළවර කරන්න කල්‍යාණ මිත්‍රඇසුර ලැබ චතුරාර්‍ය සත්‍ය අවබෝද වේවා 🙏🙏🙏🙏

  • @hansikasandamali1255
    @hansikasandamali1255 Рік тому +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.🙏🙏🙏

  • @Mali24234
    @Mali24234 Рік тому +1

    තෙරුවන් සරණයි මගෙ පින්වත් උතුම් බුද්ධ පුතුන් වහන්සේට ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් අනුකම්පාවෙන් උතුම් නිවන් මග පෙන්වා දෙන උතුම් සමිදාණන් වහන්ස උතුම් යතිවරයාණන් වහන්ස මගෙ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා උත්තම පාද නමස්කාර කරමි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @malaniranasinghe5048
    @malaniranasinghe5048 Рік тому +8

    සාධු සාධු සාධු පින් වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @Ayeshma-e7v
    @Ayeshma-e7v 3 місяці тому

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා. 🙏🙏🙏මන් ලගදී ඉදන් බන අහන්න ගත්තේ.. ඔබ වහන්සේගේ බන අහද්දී ජිවිතේ ගැන ගොඩක් අවබෝද උනා.ඉපදීම කියන්නේ දුකක් තමා.. ජිවිතේ ගැන අවබෝද කර දෙන ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා... 🙏🙏🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Рік тому +4

    ජීවිතය අනියතයි මරනය නියතයි ඇත්තටම අපේ හාමුදුරුවනේ බොහොම අගෙයි මේ බණ කතාව අහන කොට ඇත්තටම අපේ ජීවිත ගැන බොහොම දුකයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 Рік тому +2

    සුවපත් වේවා ape hamuduruwane ,🙏...sadu 🙏...sadu 🙏...sadu

  • @chandraniilleperuma2083
    @chandraniilleperuma2083 Рік тому +4

    ඔබ වහන්සේගේ පහදා දෙන ධර්‍ම මාර්ගයේ ගමන් කරමින් මහත් සැනසීමකි ලබනවා පින්වත් ස්වාමින්වහන්ස,මගේ එකම පැතුම අනෙක් සැමටත් මේ ධර්ම මාර්ගය අවබෝධ වේවා.සාදු සාදු සාදු.

  • @lankapoornimakk642
    @lankapoornimakk642 Рік тому +1

    එහෙමයි. සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා . ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 Рік тому +1

    ජීවිතය අනියත මරණය නියත අපි දවසක ඒ ගමනට යන්න සූදානම් වියයුතුමයි . ඒ කවදද කියන්න බැහැ .ඒත් ඒ ගමන යන්නම වෙනවා ..ඒකට යනගමන ඈතක නොවේවා ..ධර්මය අවබෝධ වේවා ..අප ස්වාමීන්වහන්සේට නිරෝගී සුවය ලැබේවා ..ජීවිතේ අවබෝධ වීමෙන් අනාවබෝදයෙන් සිටින අයට ජීවිතය අවබෝධ කරදීමට දරන්නාවූ උත්සාහයට ඔබවහන්සේට අනේක වාරයක් පිං ලැබේවා ....සාධු` සාධු` සාධු` .

  • @samanthikagamage4468
    @samanthikagamage4468 Рік тому +3

    සාධූ .....සාධූ ... සාධූ 🙏🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්සේ .... උතුම් වූ තෙරුවන් ගේ අනන්ත වූ ගුණානුභාවයෙන් සුවපත් වේවා 🙏🙏 දීර්ඝායු ලැබේවා 🙏🙏🙏

  • @indumathisakunthala3875
    @indumathisakunthala3875 Рік тому +2

    තෙරුවන් සරණිනයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහල මම ටික ටික අත්හැරීම පුරුදු කලේ කිසිම ප්‍රශ්නයකට සැලෙන්නෙ නැ ඔබ වහන්සේ තමා මගේ කලය්‍යණ මිත්‍රයන් වහන්සේ

  • @shyamalirathnayaka5987
    @shyamalirathnayaka5987 Рік тому +1

    ගැලවීමක් ඕනේ අපේ කල්‍යාණ මිත්ත්‍රයන් වහන්ස ...මේ සංසාරය නැමෙති අන්කාරයෙන් ගැලවීමට උවමනායි....
    ඔබ වහන්සේට බොහොම පින් අපේ පින්වත් ගෞරවණීය ස්වාමින් වහන්සේට
    ඔබ වහන්සේට නිරන්තරයෙන්ම නිරෝගී සුව දීර්ඝ ආයූ කෙලවර පතන බෝදීයකින් උතුම් නිවනින් නිවවේවා..🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @prasaddarmashena2509
    @prasaddarmashena2509 Рік тому +3

    තේරුවන් සරණායි පිංවත් ස්වාම්න්වාහන්ස..🙏

  • @multivisionvideotube7779
    @multivisionvideotube7779 Рік тому +3

    හාමුදුරුවනේ ...ඔබ වහන්සේ දේශනා කරන කරුණු අපට පැහැදිලිවම තේරෙනව හාමුදුරුවනේ ....එහෙත් මට ගැටලුවක් තියෙනව ...මමත් ධර්මය ගොඩක් ඉගෙන ගත්තු කෙනෙක්...හැබැයි basic විතරයි ..ප්‍රායෝගික නෑ...ඉතින් අපි මේ හැමදේම අත් හැරල ...ඉන්න පුලුවන් ..ඒත් එහෙම උනොත් මේ සමාජයේ අපි ෆේල් වෙනවනෙ.....උදාහරණයක් ලෙස මටත් ඕනිම මරණයක් පිළිබඳව දුකක් ඇති නොකරගෙන ඉන්න පුලුවන් ..අද මැරුණ නම් අදම වළලන්න පුලුවන් ......ඒත් මේ සමාජයේ ඒ පිළිබඳව කොහොමද සිතන්නෙ..එක්කො කියයි මෙච්චර කරපු අම්මට තාත්තට මුන් මෙහෙමයි සලකන්නෙ එම්බාම් එකක්වත් කරේ නෑ කාළකන්නි කියල පතුරු ගහයි......ඉතින් හාමුදුරුවනේ අපි මේක කොතනින්ද පටන් ගන්නෙ ..ආසයි ඔබ වහන්සේ ගේ ධර්මය දේශනාව අහන් ඉන්නකොට මටත් මේ විදියට ඉන්න ඇත්නම්..මේ ප්‍රශ්න සේරම අපි මේ අල්ලන් ඉන්න නිසයි කියන දේ තේරෙනව .......කොතනින්ද පටන් ගන්නෙ..මම මේව කරාම මුලු සමාජයම තේරුම් ගනියිද....? මේක හැදෙයි ද? මට වයස 42 යි නොයෙකුත් ජීවිතයේ හැම රටේ හැම අනතුරකටම මුහුණ දුන් කෙනෙක් සාගත වසංගත..සුනාමි...මට නොවුනත් රටේ උනු දේවල්...මරණ දැකල තියෙනව ..මම යුද හමුදාවෙ කමාන්ඩෝ රෙජිමේන්තුවේ ආබාධිත සෙබලෙක් යුද්ධය කටුක බව දැක්ක....මරණය දැක්ක...මගේ ශරීරය උඩ ඉදන් දැක්ක මම ආබාධිත උනු වෙලාවෙ..ඉතින් මට මේ සසරේ දුක තේරෙනව ....හිතින් බුදු ගුණ මෙනෙහි කරනව අවබෝධයෙන්...මම කවදාවත් මත්පැන් බීල නෑ.....මම මේ ජීවිතයේ නිකන් කියල කාගෙන්වත් දෙයක් ලබල නෑ....මහන්සි වෙලා හම්භ කරනව..ජීවිතයේ දිනුමක් නෑ...කොච්චර සල්ලි තිබ්බත් ගන්න බැරි දේවල් තියෙනව ....හැබැයි හාමුදුරුවන් මම එක දෙයක් දන්නව..මම මේ ජීවිතයේ තරගයේ යම් විදියකින් දුවනව ඒත් ගොඩාක් අවබෝධයෙන් මම දැන් මේ මොහොතේ ගියත්..මගේ ආධ්‍යාත්මික බව සුලුවෙන් හෝ මට වැදගත්..ඔබ වහන්සේ ට මම මේ දේ විස්තරාත්මකව ලිව්වෙ.....මම වගේ ඉන්නෙ මම විතරක් නොවෙයි...මෙහෙම දෙලොවක් අතර අතරමං උනු අය ගොඩක් ඉන්නව.....එයාල කොන් වෙනව ෆේල් වෙනව ..අපිට පැවිදි වෙන්නත් බෑ..මොකද බැදීම් ඇති කරගෙන ඉවරයි .....ඒව ලිහන්න බෑ....අපි ඔබවහන්සේගේ දේශනා වල ඉන්නව....මම අදහන්නෙ බුද්දාගම නෙමෙයි ..බුද්ධ දර්ශනය පමණයි ..මට වැඩක් නෑ ස්වාමීන් වහන්සේලා මොනව කරත් පෘතග්ජනයන් ගෙන් වැරදි සිද්ද වෙනව....හාමුදුරුවන් කියන්නෙත් ගොඩාක් ඉන්නෙ අපි වගේ පෘතග්ජනයන් ....ඒ නිසා මගේ දහම ප්‍රතිපත්ති පූජාවයි..මම ලොකුවට පන්සල් යන කෙනෙක් නෙමෙයි..ගෙදර පහන තියෙනව ..මුකුත් ඉල්ලන්නෙ නෑ...බෝධි පූජාව කරනව මුකුත් ඉල්ලල නෙමෙයි....දෙවියන් යදින්නෙ නෑ පරුවෙච්ච පළතුරු දීල...දෙවියන් නරපනුවනෙගෙ පළතුරු නොකන බව මම දන්නව..දෙවියන් ඉන්නෙ අපේ අධ්‍යාත්මයේ....එපමණයි හාමුදුරුවනේ ..දවසක ආසයි ඔබවහන්සේ හමුවන්න....ස්තුතියි ..තෙරුවන් සරණයි !!!!ඔබ වහන්සගේ ගමන නිවනින් කෙළවර අමා මහ නිවන් සුවයට මග විවර කර දෙත්වායි මගේ පැතුම!!!!!

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 3 місяці тому

    Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @renukajayawickrama4679
    @renukajayawickrama4679 Рік тому +4

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ !නීරෝගීසුවය ලැබේවා!!

  • @yasasdissanayake9818
    @yasasdissanayake9818 Рік тому +6

    🙏🙏🙏 බොහොම පින් පින්වන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @sudu6841
    @sudu6841 Рік тому

    අපෙ ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධය මේ ගෞතම බුදු සසුනෙ ලබත්වා.මේ ධර්මාවබෝධය මගේ සසර ගමන පිනිසම හේතු වේවා.🙏🙏🙏

  • @thamarakumudinie1327
    @thamarakumudinie1327 Рік тому +3

    🙏🏻🙏🏻🙏🏻 පින්වත් ස්වාමින් වහන්ස මාගේ නමස්කාරය වේවා. 🙏🏻🙏🏻🙏🏻

  • @ipapk4537
    @ipapk4537 Рік тому +6

    සාදු සාදු සාද පොහොම පිං තෙරැවන් සරනයි

  • @මදුවන්තිමදුවන්ති

    ඔබ වහන්සේට ගොඩක් පින්.මේ වගෙ වටිනා ධර්මදේශනා අද සමාජයටම ගොඩක් වටිනවා..

  • @NelumLanka
    @NelumLanka Рік тому +1

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා

  • @ayomiprabodha-ee3ci
    @ayomiprabodha-ee3ci Рік тому +2

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස. . 🌼🌼🌼🌼

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Рік тому +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්ස.

  • @gamaethigenalee74
    @gamaethigenalee74 Рік тому +2

    Ape kalyana mitharayan wahanseta niduk nirogi suwa lebewa . Uthumu nirwanaya saksath wewa sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏

  • @FathimaKrishna-kl7cb
    @FathimaKrishna-kl7cb Рік тому +29

    මට වයස 19 මගේ අම්මායි තාත්තයි නැහැ මම මුස්ලිම් මට මේ ධර්මය නොඅසාම මේ සත්‍යතාවය තේරුම් ගත්ත කෙනෙක් ගිහි ජීවිතයේ මම ඉන්නෙත් හැමදේම ගැනම සිහියෙන්

  • @rasikayatawara8003
    @rasikayatawara8003 Рік тому +4

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සේට !!! 🙏🙏🙏

  • @deniyayesupekshamaniyan759
    @deniyayesupekshamaniyan759 Рік тому +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්ස

  • @DevikaHemamali-vf7oq
    @DevikaHemamali-vf7oq Рік тому

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා

  • @dilanrandika9893
    @dilanrandika9893 Рік тому +4

    බොහෝම වටිනවා ස්වාමීන් වහන්ස සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @nisansalakumara1461
    @nisansalakumara1461 Рік тому +7

    උදානයක් වගේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @lahirunirmal9426
    @lahirunirmal9426 Рік тому +4

    සාදු සාදු සාදු .පින් සිද්ධ වෙනවා ඔබවහන්සේට

  • @ImashaLakshani-pp9cv
    @ImashaLakshani-pp9cv Рік тому +4

    මේ ජීවිතය කොච්චර අසාරද කියලා කියල දුන්නට ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහොම පින්.මටත් මහණ වෙන්න හිතුණ වාර ගනන අනන්තයි. අදටත් මට මහණ වෙන්න හිතෙනවා. හාමුදුරුවනේ, පුලුවන් නම් මෙහෙණි ආරාමයක් තියෙන තැනක් මට කියනවද? ඔබ වහන්සේට බොහොම පින්.

  • @AnuradhiPerera-bb5lo
    @AnuradhiPerera-bb5lo Рік тому +2

    ඔබ වහන්සේට පිං සිද්ධ වෙන්න, ඔබ වහන්සේගෙ මහා කරුණාව නිසා, යථාර්ථය මනා සේ අවබෝධ වෙමින් පවතින්නේ පින්වත් ස්වාමීන් වහන්ස. 🙏

    • @KamaniPerera-n7x
      @KamaniPerera-n7x Рік тому

      මහා කරුණාව ඇත්තේ සම්මාසම්බුදු රජාණන් වහන්සේ නමකට පමණමයි.ඒ උතුම් බුදුගුණයන්ට අගෞරව කරන්න එපා .