Ne ne uba rata yaman ...... Ube Amma tattata ube daruwektawath badaginne merenna denna epa meke idala....ubala api ratata adarei eth desapaluwo ain karanna apita be......ehema karanna api heduwoth apiwa karala dai...ekata wada hodama uba rata yamn
Pasan and crew, this is such an unusual and wonderful attempt to obtain some richness from the screenplay and dialogues rather than solely flashy productions. Yes, a low-budget production with high-quality dialogues and performance is not at all a problem and for sure will entice viewers to watch these shows more. I wish you all the best, and if at all possible, invite your old buddies B&D or the Puswedllia guy to join you for some episodes.
මට බැණ්නට කමක් නෑ. මට නම් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, තිස්ස අබේසේකර , ප්‍රසන්න විතානගේ වගේ directors ලගෙ movies වලට වඩා මුන්ගෙ මේ පොඩි clip එක තාත්විකයි. සාර්ථකකයි..
Pttm thathwikai
ඒක ඇත්ත.....
මංනම් කියන්නෙ මේක Netflix වත් යන්න ඕනෙ English Subtitles ත් දාපං මචං මේක මීට වඩා Viral වෙන්න ඕනෙ
Script එකනම් එකෙන්ම රහයි!!
❤️❤️
ලබ්ස්.. 🤘🤘
නිලංක නිසලන්ජල ඔයා පිස්සෙක් ❤
මම අවුරැදු 15ක් එංගලන්තයේ ඉන්නේ .හොදින් ඉන්නවා.සල්ලි කාර් ගෙවල් ඔක්කොම තියෙනවා...ඒත් ලංකාවෙ යාලුවො මිස් වෙනවා..ට්‍රිප් එකක් ගිහින් සතියට සැරයක් සෙට් වෙලා හිටපු කාලෙ මිස් වෙනවා..ඒක කවදාවත් එංගලන්තේ අත් විදින්න බෑ.මෙහෙ බොක්කෙ යාලුවො හම්බ වෙන්නේ කලාතුරකින් .ඔක්කමෙ ඉන්නේ පාස්පෝට් යාලුවෝ...මම ලංකාවෙ හම්බ කලේ යාලුවො සහ සතුට.එංගලන්තේ හම්බ කලේ සල්ලි..
පසන් උබ සැබෑ දක්ශයෙක් එච්චරයි.😍🇱🇰 මීට උබේ පාසැල් මිතුරා.🔥❤
❤️Aiya
දෙන්නම දක්ශයෝ.
Hattilawwe royal ekekda may mal sindu adona Kiya Kiya walalennne
ඒ වුනාට බන් උඹේ සිංදුදනම් ගූ හැත්තෑවයි
යකෝ මොනාද මේ සිංදු
ගෙදරක ලොකු අයියා කියන්නේ පට්ටම චරිතයක්. ඒ වගේම ඒ අයියා ඒ ගෙදර එකම පිරිමියා වෙද්දිත් තවත් මාරම වග කීමක්. 😢 ඒක දැනෙන්න එහෙම කෙනෙක් වෙන්නම ඕනේ මචංලා😭
අද කොළොංම්බියා හොඳම දවසක් කියල හිතෙනව
ලංකාවේ බලෙන් ජනප්‍රිය කරන නිර්මණ වලත්, නළු නිලියන්ගේත් නැති බොහොමයක් දේවල් අද කොලොංබියාගෙන් බලාගන්න පුලුවන්.
කතාව පැත්තෙන් ගත්තොත් සම්පූර්ණයෙන්ම Imotional ride එකක්. අපි හැමෝම කාටත් හොරෙන් දෙයක් කරන්න යනකොට, ලැජ්ජාවට බයට කරන ගොඩක් දේවල් වල reflection එකක් නෙටා රටාව කොහොම හරි බෝඩිමෙන් පන්න ගන්න දෙන ගේමෙන් පෙන්නනව.
පුංචි රහසක් කියන්නෙ කතවකට රත්තරං වටින දෙයක්, අද රහසක් නෙමෙයි, රහසක් අතුලෙ තවත් රහසක්, ඒක ඇතුලෙ තවත් රහසක් තිබුන දවසක්. එක පාරටම නෙටාට කඩ්ඩෙන් කතා කරන යාලුවෙක්, ඊට පස්සෙ බලද්දි ඒක කඩ්ඩ පංතියක්, නිකංම නිකන් කඩ්ඩ පංතියක් නෙමෙයි, IELTS පංතියක් !! රට යන්න ඕන කරන.
මේ රහස් ටිකත් එක්ක රටාගේ නෙටාගේ personal feelings, trust
එක, රට ගැන හිතන විදිය, ඒකට මැදි වෙලා අවංකව උගන්නල කීයක් හරි හොයගන්න ආපු සර් රටාවත් balance කරගෙන උගන්නන්න යන ගේම යන හැම දෙයක් එක්කම උත්සන්න වෙන ගැටීම් කතාව වෙනම level එකකට ගෙනියනව.
රටා හදන තේ දෙක උනත් මුල ඉඳන්ම හෙනම දායකත්වයක් දෙනව. Tea or Coffee ?, බෝඩිමේ කොහෙද බං කෝපි !! , රටා බෝඩිං කලිසම ගලවද්දි "ස'"ගෙ අතට ගිහින් ලස්සනට තේ දෙකත් පැත්තකට වෙනව, ආයෙ drink එකක් විදිහට එක තේ එකක් විතරක් party එකට ඇවිත් රටා කෑල්ලව talk කරන්න නෙටාට උදව් වෙලා Airport Officer ගෙ මේසෙ උඩ අන්තිමට නතර වෙනව.
ඒ ඔක්කොම අස්සෙ රට ගැන මේ දවස් වල අපිට හිතෙන හැම දෙයක්ම, හිතේ අරක් ගත්ත හොඳ, නරක, neutral බූතයො වගෙ බූතයො වගේ තුන් දෙනාම එක එක දේවල් අපිට කියල අපිව අතරමං කරල දානව.
"කොළොංබියා " ලියපු font එකේ ඉඳලම , තිරයෙ ඉන්න real නළුවොන්ගෙ ඉඳලම, තිරයෙ පිටිපස්සෙ ඉන්න හැම කෙනාම පොඩි කාලෙ තිස්සෙ ඉඳන් හොඳ හැදෑරීමක් වගේම එකට බැඳුණු සහෝදර කමකුත් තියනව. එහෙම එකමුතුවක් එක්ක නැතුව මේ වගේ ලස්සන නිර්මාණයක් හැදෙන්න විදිහකුත් නෑ.
ඉතින් කොළොංබියා අද episode එක මටනම් හොඳම හොඳ හැරවුම් ලක්ෂයක්, කාලයක් තිස්සෙ හෙමින් වැඩෙන පුංචි කැළයක්.
ඒක තව නොබෝ කලකින් ලස්සනම ලස්ස්නම වනාන්තරයක් වෙන්න නියමිතයි.
අනිවාර්යයෙන් රටා මරු නෙටා එලහ්හ් 😘🖤👊🏻🪶👽
🔥
සුපිරි කමේන්ට් එකක්.. මං මේක දැකල හිතුවා ඇත්තටම කොලොම්බියාවට පුලුවන් විදියකට ෆන්ඩ් කරන්න.. thankyou
Shah machan. Read the full review
හිනා වෙලා බලන්න පටන් ගත්තට බලලා ඉවර උනේ ලොකු ප්‍රශ්නාර්තයක් ඔලුවෙ හිරකරගෙන..ඇත්තට කොතනද අපිට වැරදුනෙ? Script එක නියමයි නොහිතපු පැත්තකට කතාව ඇදුනා..ජයවේවා ❤💪🔥
කියන්න තේරෙන්නැතුව ඇතුලේ හිර කරන් හිටපු හැගීමක් වචන වලට පෙරලල පට්ට මොරාල් එකක් දුන්නෙ උබල,
ජය!!❤🔥
ඇත්ත, මටත් ඕකමයි කියන්න බැරිව හිර කරන් හිටපු එකක් මේ විදිහට සමාජගතවෙද්දි පට්ට මොරාල් එකක් ආව ❤
Oooooooooooooooooooooooooooo9
හිතටම වද්දනව.. ❤️ සිංහල රටකට තියෙන්නෙත් මෙච්චරයි.. ඒකත් අතෑරල දාල යනව තමන්ගෙ සතුට ගැන හිතල. රටට හරියන්නෙ නැත්තෙත් ඒ වගේ උන් හින්දා..
කතා නෙවෙයි බන්, ඔය අපේ ජීවිත උබල කැමරා ඉස්සරහ රගපාන්නේ❤️
Golden comment ..
අපි වගේ අන්තඅසරණ වෙලා ඉන්න කොල්ලෝ කෙල්ලොන්ගේ හීතේ තියන්න ඒ කැකෑරේන හැගීම් උබලා එලියට දැම්මේ බං එකට respect ubalata❤️❤️
මගේ ජීවිතේ මම බලපු හොදම video එක අද බැලුවේ, හිනා ගියා මුලින්ම එත් මේක මගේ කතාව
උබට මොකද බන් උනේ...
මේක තමා දැන් හැම කොල්ලෙක්ගෙම කතාව
අඩෝ....ඒක නම් මාරයි අහ්.. හිනා වෙවී කතාව බලපු මම රටාගේ අන්තිම ටෝක් එකට කොර වුනා.. කතාව ලියන කෙනා නම් පට්ට වැඩ්ඩා.. all the best team❤️
ඇගේ හැම සෛලෙකටම වැදුනා බං.. ඒක හරියට ඇස් දෙක පියාගෙන මගේම හිතත් එක්ක කතා කලා වගේ... උබලගෙ මේ ටැලන්ට් එක කියන්න වචන නෑ මචං... උබලට ජය..❤️
ඉස්සර කෝපි කඩේ වගේ සතියේ කාලීන මාතෘකා වලට වීඩියෝ හැදෙන එකනම් මරු👌
" උබෙයි මගෙයි වයස කීයද දැන්? අපි තාමත් ඒත් යන්නෙ බස් එකේ. අඩුම තරමෙ ආස කෑමක් කාල තියෙනවද? "
එළියට පේන්නෙ නැති අපේ ප්‍රශ්න 😔
I left the country 12 years ago. And the whole episode bring back memories. Great writing and outstanding acting… keep up the good work guys 🤙🏻
රටා අයියා.. සහ අර අක්කා.. සම්මානෙට සුබ පැතුම්,ජයම වේවා
දූෂිත පාලකයන් බලයෙන් පහ නොකර.යලි යලිත් ඔව්නටම බලය ලබාදී.රට පිළිකුල් යැයි පවසා රැල්ලට විදේශගත වන ලාංකියිනේ.ඔබටයි මෙය.නියම කතාව 😍👍
ස' ව උඩ දාගෙන ගෙනපු එකාම තමා අන්තිමට කලකිරිලා මේ රටෙන් යන්නෙත්..ගොඩක් දේවල් හිතන්න තියෙනවා සහෝදරයා මේකෙ.කොලොම්බියා ඒක හීනි කනේ පාරකින් කියල දුන්නා.♥️
සර් නෙමෙයි ලොක්කා, රට වෙනස් වෙන්න ඕනවට පුටු වෙනස් කරලා වැඩක් නැහැ. කවුරු කවුරුත් වෙනස් වෙන්න ඕන.
@@aefotograph_1 ඒක තමා මාත් කියන්නේ,මේකෙනුත් කියන්නේ ඒක.ගම්වල ඉන්න මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නෑ ඒ මිනිස්සුන්ට මේ වගේ කතාවක් බලන්නවත්,බැලුවත් කිසිම දෙයක් තේරෙන්නෙවත් නෑ.ඉතින් මිනිස්සු අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕනේ.හැබැයි දැන් මිනිස්සුන්ට රසවින්දනයක් දේශපාලන දැනුමක් හොයන්න තියා කන්නවත් නෑ.
වචන නෑ මචං, වචන නෑ 😔
හරියටම ගැලපෙන වෙලාවක සිරාම concept එකක්. 👌
තව ටිකක් හිතමු 🤯
අවුරුදු 5 ක් රට ඉඳල කට්ට කාල ඇවිත් මං ඔය ටික තේරුම් ගත්තෙ මචං.. රට නෙවෙයි අවුල් මිනිස්සුන්ගෙ ඔලු ඇතුලෙ තියන අදහසුයි අවුල්.. ❤️❤️ උඹලට හදවතින්ම ආදරෙයි..❤️❤️ පුලුවන් උන දවසක මං එනව උඹලව හම්බ වෙන්න උඹල ගැන මගේ හිතේ තියන ගෞරවය උඹලගෙ මූණටම කියන්න.. ❤️❤️ ජය උඹල හැමෝටම..
Mata ketiyen kiyahn mokkda karanda one kiyala ,mata therenne na monawa karannada kiyala
@@kalanajayasinghe9730 අපි අපේ ඔලු හදා ගත්තනම්. ඔය රට කනවා කියන හරක් ටික ඔය තැන ඉදිද හිතලා බලන්න ✌️
☺
Adahas harigassala UBA hoda giyada Machan..labbe talk..
මේවා මීටවඩා ෆේමස් වෙන්න ඕනෙ අප්පා 😢 දෙවෙනි ඉනිම,සංගීතේ, වගේ ගොන් මල් කතා නෙමෙයි රත්තරන් වලටත් වඩා වටින මේ වගේ කතා තියද්දි social media වලවත් මේවා මීට ව්ඩා famous වෙන්න ඕනේ 😑❤️ මරු
බොක්කටම වැදෙන්න දුන්නා , IELTS , pr , Canada , මේ දවස්වල නිතරම ඇහෙන ඒවා , නියමයි කොළොම්බියා ❤️❤️❤️
ඔව් ඕයි අපේ ඇගෙත් නලියනවා.. ඒත්..😩
Good comment
@@lasithawijendra6350 ඔව් ,මොනා කරන්නද සල්ලි තමා ඕන දැන් 😥
අයියලා සෙට් එකටම ජය. එකෙන්ම ඇබ්බැහිවෙලා ඉන්නෙ❤️🌸👌
සම්මාන ලැබිය යුතු චරිත මේ ඉන්නේ...සම්මානයට පාත්‍ර විය යුතුමයි..ජය වෙවා සහෝදරයන් හැමෝටම..සිනමාව හොල්ලන්න වරම් වාසනාව ලැබේවා ♥️
අඩෝ අද තමයි හරියටම බලන්න ගත්තෙ. පළවෙනි එකෙන්ම ශොක් වෙලා ගියා
@@SRiMendis මුල ඉදන්ම බලන්න අයියේ මාර ආතල් සහ ඔලුවටම දෙනවා පට්ට දක්ශයෝ ටිකක් ♥️
@@SRiMendis අනිත් එවා බලන්න කලින් බියර් දෙකක් ගහපන් 😁😁😁😁
ඒ මේක ආතල් ඕයි...කිසිම ආදුනික ගතියක් නෑ...මාරයි බන්❤❤❤❤
කොහොමද බන් ඔහොම ඇක්ට් කරන්නේ? කතා ඕනේ නෑ!!ගොඩක් දෙනෙක් ඇතුලුව මමත් උබලගේ ලොකු fan කෙනෙක්. දිගටම updates දියන්. ජය! ✌🏻🥂🍾
ප්‍රභාත් ගෙන් මට මාව පේන්නේ....මමත් ඉන්නෙ කරන කිසි දෙයක් හරි යන්නෑ කියන mind set එකේ....හැබැයි රටාගේ කතාව කන හරහා මොලයට වැදුනා ❤️😎 good one guys ❤️❤️
උබලා කියන ඔය රටට වැඩියෙන් මේ රට අවුල් කිය කිය නටන උබලයි අවුල් බන් ❤️.
නියමයි රටා අයියේ !!!
මේ වගේ Script කරන්න තව ශක්තිය ධෛර්යය ලැබේවා ❤️🙂
අඩෝ රටා ඔයා අවසාන විනාඩි 2කේ කියපු වචන ටිකනම් හිතට වැදුනා සුපිරියට😎🥰 ආදරෙයි උබලා ඔක්කොටම
ඇත්ත රටා අපි
මේ රටේ ඉදලා මේක හදන්න ඕනේ..
මේක ලස්සන රටක් අපි අපේ ඇස් වලිම් ඒ ලස්සන දැකලා අපි ජීවිත් වෙන මේ පොලොව අපි එකා වගේ බලාගන්න ඕනෙ 🌼🌼
@Dinuka Lakshan තේරුන් නැ මචන් 🙄
@Dinuka Lakshan නෙගටිව්
Api kohomada bn ratak hadanne mee api 😅😅😅.ehenn wiplawayak karanda weyi bn
මම රට දාල ආවෙ මට 22 දෙකෙදි, හරිම දුකක් දැනුන යාලුවො දාල එන්න, දැන් අවුරුදු 15 ක් රට. හොදට කාල බිල ඉන්නව. හැබය් ලගින් හිටපු යාලුවො තුන්දෙනා ලන්කාවෙ කන කට්ට දැක්කාම පට්ට දුකයි. දෙපැත්තක් තියෙනව හැම දෙකම. ඉන්න තැන සතුටින් ඉන්න පුලුවන්නම් එක තමා හොදම දෙ.
AURUDU 15 K UBA RATA IDALA LAGIN HITAPU YALUWO 3 DENA GODA DANNA UBATA BERI UNANAM BORUWATA ...DUKAI ARAKAI MEKAI NODA NIKAN IDAPAN BN BAILA NOGAHA
මගේ රට ගොඩදාන්න උවමනාව තීන රටාවගේ එවුන් හැමෝටම පිං🙏🏽♥️
රට කොච්චර අවුල් උනත් රටාගේ පැත්තෙ එකෙන්ම මම හිට ගන්නේ ආදරෙයි රටා ❤
උඹට තාමත් හිතෙන්න මේකමද 😂😂
රට කොහොම වුනත් කොලොම්බියාවේ රගපාන උබලා නම් මචන් මිනිස්සුන්ගේ හිත් වලට නියමටම කතා කරනවා.උබලා සුපිරි මචන්.youtube එකේ ලගදීම වෙනසක් උබල කරනවා.ජය වෙවා......සෙට් එකම...ආදරෙයි රටා උබට ව්ශේශයෙන්.....කවදාහරි trending 1st වෙලා එන්න...
මෙතන හිටපු හරිම සර් තමයි රටා ❤️👍💯
අඩෝ...... ඒක 👍👍සිරා සීන් මේවා
රට ඉදන් බලන අපි එකෙන්ම ආදරේ කොළොම්බිය ❤❤
විනාඩි 26 කින් රටේ මේ දවස්වල තියෙන සැබෑ යතාර්ථය පෙන්නුවට උබලට පින් ජයවේවා කොල්ලනේ උබලා තමයි මේ ට්කේ හොදටම කරන්නේ ❤️❤️👍
අදත් සුපිරිම අවසානයක
"උඹලා ඔය කියන රටට වැඩිය ඒ රට අවුල් කිය කිය නටන උඹලයි අවුල් බං"
❤️
කවද හරි දවසක ලංකාවම හොල්ලන සෙට් එකක්. අදරෙයි බම්. මුල ඉදලම උබලගෙ විඩියෝ බලනවා. උබල ගෙ සෙට් එකෙන් ආසම චරිතෙ රටා. ඌ මාර අවන්කයා. උබලට ලොකු ගමනක් තියනවා. ❤️❤️❤️❤️
Script එකනම් මරු... හැබැයි අපිට වඩා අවුල් රට කරන උන්
තාමත් උබ ස්ක්‍රිප්ට් එකේ නෑ....... එච්චරයි......
රට කරන්නෙ අපි
හදවතට කතා කරන අඩ හෝරාවක්. ☺️ කාලීන මාතෘකාවක්. හරිම රහයි මිත්‍රයා 🙃💞
"සුද්දෙක් කට ඇරිය ගමන් මුන් ඔක්කොම වමාරනවා"☝️🙆
🤣🤣 හිනා ගිහින් ඇඩෙනවා😭😭
නියමයි ජයවේවා.🙏👌
Eka atta
Aththane
නියමයි ...🔥🔥🔥🔥
උඹල කොහොමද බං මෙහෙම හිත් වලට ගහන්නෙ ? 🥺
Truly a masterpiece ❤️
නාට්‍යයක් කියලා හිතෙන්නේ නැහැ. උඹලා අති සාර්ථකයි. ✊✊✊
මචෝ මට නම් හිතෙන්නෙ උබලයි කාමරේට හොරෙන් කැමරා එකක් හයි කරලා වෙන්න ඕන බන්.පට්ට තාත්විකයි
.
අද කතාව බලද්දි ගොඩක් දැනුනා
පට්ට මචන්ලා.... ♥️
මේ රට අවුල් නෑ බන්.
රට අවුල් අවුල් කියලා කිය කිය ඉන්න උනුයි ඇත්තටම අවුල්.
බලලා ඉවර වෙලා විනාඩි 10ක් විතර බිරම්බීත වෙලා පුටුවේ ඉඳන් හිටියා මුකුත්ම හිතා ගන්න බැරුව.
ඇතුලටම වැදුනා...
රට ගැන තරුණ පරපුරේ ඇතුලේ තියෙන ඇත්ත කතාව ඒ වගේම රටට ආදරේ කරන හැටිත් රහට කියලා දුන්නා...මොනා උනත් මේක අපේ රට...නියමයි රටා අයියේ ♥️
උබලා පට්ට genuine බන්, වෙන youtubersla sponser ලගෙ උවමනාවට videos හදනවා , උබලා උබලගෙ video එක හදලා genuine විදිහට add playe කරනව 💪❤️ ආදරෙයි කොලොම්බියා❤️❤️❤️
මුලින් දීපු ආතල් ටිකට හිතේ තියන ප්‍රශ්න අමතක වෙනව පස්සෙ හිමිහිට කතාව serious වෙනව කියන්න හදපු දේ නිකන්ම ඔලුවට එනව හැමෝටම බෑ එහෙම කරන්න උබල පට්ට🔥❤
Kolonbiya: One man's work of art giving inspiration to this dying country.
Amazing episode as always.
අවුරුදු තිහ හතළිහකට කලින් ඔහොම ගොන් කතා අහලා ලංකාවේ නැවතිලා එකට එකතු වෙලා ලංකාවත් ගොඩ දාලා අපිත් ගොඩ යමු කියලා හිතලා පට්ට මොරාල් එකෙ වැඩ කරපු උන් දැන් කල්පනා කර කර හූල්ල හූල්ල පඩ රැල් වගේ පස් වලට යට වෙනවා 😁
ජිවිතේ තව ජිවත් වන ටික කාලෙවත් සතුටින් ඉන්න ලංකාව කියන අපායෙන් මිදෙන්න දිපල්ලා, ගොන් කතා තවත් සමාජ ගත කරන්න එපා 🎭
කාලීන ප්‍රශ්නයක් ගැන කාලීන පිළිතුරක් බොහොම ස්තූතියි කොලොංබියා සෙට් එක ඔය මතේ ඉන්නවට .අපි කොහොම හරි මේ රට හදමු.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
හිතේ තිබ්බ දෙයක් බන් කියාගන්න බැරි තෑන්ස් මචන් උබලට 🙏❤️🥺
අලුත් දෙයක් කරන්න හිතට හයක් උන එකට පට්ට මචං අලුත් වෙනසක් කරලා අනිවා උබලා හොයන් එනවා✌️ජය වෙවා❤️💪
අඩෝ උබල නම් රඟපානවා නෙවෙයි මචන් කතා කරන්න වචන නෑ කොල්ලො.. සුපිරි.. ❤️❤️❤️❤️
සේරම එපා වෙලා රට දාලා යන්න ඕනි කියලා හිතලා තිබ්බ මට අලුත් බලාපොරොත්තුවක් දුන්නා උබලා.. ❤️ අපි මේක ගොඩ ගමු.. අර කාලකන්නි දේශපාලුවන්ට වහල් වෙලා තියන මේ රට බේරගමු.. ❤️
සුපිරි බ්‍රෝ..
Ne ne uba rata yaman ...... Ube Amma tattata ube daruwektawath badaginne merenna denna epa meke idala....ubala api ratata adarei eth desapaluwo ain karanna apita be......ehema karanna api heduwoth apiwa karala dai...ekata wada hodama uba rata yamn
Fantasy බලලා ගොන් වැඩ කරන්නෙ නැතිව උබ රට පලයන්...
🤦🏻♀️🤦🏻♀️🤦🏻♀️🤦🏻♀️🤦🏻♀️
වැකේෂන් ඒකටක් හරි හොද රටකට යමන් 😍👍
බොක්කටම වැදුන script එකක් බං. ජය team කොලොංබියා✨🖤
ඒක මාරයි..මාර දිග ශොට් එකක්..කොහොම රගපානවද මන්දා..සුපිරිම සුපිරි කොලොම්බියා සෙට් එකාම.සුබ පැතුම් 🖤
Supiri machanla. Yatharthaya amuwatama genapu thanak. Adarei set ekatama❤️❤️👌
රට ගිහින් අනුන්ගෙ රටක ජීවත් වෙනවට වඩා තමන්ගෙ රට හදාගෙන තමන්ගෙ රටේ ජීවත් වෙන්නයි ඕන.මොනව හරි දෙයක් කරල රටේ එවුන්ව ගොඩ දානව කියන්නෙ ඉතින් සිස්ටම් එක වෙනස් කරමු කියන එක තමයි.කොලොංබියා පට්ට අදරෙයි ❤️❤️❤️❤️
එක පට්ට සහො ලොකු තෙරුමක් තියෙනවා .අපි පැනලා ගිහින් හරි යන්නෙ නැ අපේ රටෙන් ... අපිට පුලුවන් විදියට අපි නැගිටින්න ඔනෙ ❤️🤟❤️
ඒ single take එකට මට පිස්සු හැදුනා. එච්චරයි! ජය ❤️
මේ වීඩියෝ බලන්න ගද්දී ගොඩක් පරක්කුයි...අපේ ජීවිත ගැන කතා කරන එක ඇත්තටම වටිනවා...අපේ වයසට අපි මොනාද තවත් කරන් තියෙන්නේ කියලා හිතෙනවා
අඩෝහ් ආතල් කෝටියයි ❤️ පොඩ්ඩා.. දන්ත..පසන් අයියා.. ජටා.. එක්ක ඇතුළු තමුසෙලා ඔක්කොමලගෙ මේ ආතල් එකට පට්ට ලව් ❤️ ජයෙන් ජය ❤️❤️
හැම episode එකකින්ම අපේ ජීවිතවල typical thinking වලට හීනියට පාරක් ගහලා යනවා මචං❤
දිගටම කරගෙන යමං. පට්ට😇💯
තිත්ත වහ කදුරු වෙලා රෙන්ඩ $කේ ගූත් නැතුව රෙන ගූත් පුච්චං කන situation එකක පට්ට motivation එකක් මේක නම් ❤️🙏 ආදරෙයි බං❤️✌👊
සිරාවටම. උබලා මචං අපෙ කැඩපත වගේ.❤️. අපෙ බෝඩිම් ජීවිත , ඒත් එක්කම එන ප්‍රශ්න , හැම දේම . ඇත්ත. ❤️❤️....
කමෙන්ඩ්, විචාරයක් කරා නම් ඒ උබලා තමයි හැමෝටම බෑ එහෙම නිර්මාණ කරන්න සරලයි පට්ටයි ඇත්තයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මට අවසානේදි කියන්න තියෙන්නේ මෙච්චරයි පිටපත ගැන කතාකරන්න දෙයක් නෑ... නළුවො ගැනත් කතාකරන්න දෙයක් නෑ...කොටින්ම කිව්වොත් කතාව ගැනත් කතාකරන්න දෙයක් තියනව....මොකද වැඩේ ඒ තරම් සුපිරි..... හොද දෙයක් අරගෙන හැමදාම එන උඹලා සෙට් එකට සුබ පැතුම්...ඉස්සරහටත් මේවගේ ඔ්න....අාදරෙයි....❤
රට කන දේශපාලන පක්ෂ වලට කඩේ යන අය ගැනත් ටිකක් මතක් කරානම් everything is there. Good job guys as always!❤️🙏
හැම දේටම දේශපාලනේ ගාවගෙන නිර්මාණ කරන අද වගේ කාලෙක, දේශපාලනේ ගැන එක වචනයක් කියන්නේ නැතුව රටේ තත්වේ හරියටම දීල තියෙනවා මේ එපියෙන්. හොඳ නිර්මාණයක් රටට පණිවිඩයක් දෙන.
කාලෝචිත පිටපත සුපිරියක් බ්‍රෝස්ලා👌 ඉදිරි වැඩ වලට සුබ පතනවා💐💐💐
සුපිරිම එපියක් බලපු... තව වෙලාව වැඩි උනානං කියල හිතෙනවා...බලල ඉවර කරන්න ලෝබයි 🙂❤️
Pasan and crew, this is such an unusual and wonderful attempt to obtain some richness from the screenplay and dialogues rather than solely flashy productions. Yes, a low-budget production with high-quality dialogues and performance is not at all a problem and for sure will entice viewers to watch these shows more. I wish you all the best, and if at all possible, invite your old buddies B&D or the Puswedllia guy to join you for some episodes.
ඔලුව අතගාලා නොතේරෙන්න ඒත් රිදෙන්න ඇන්නා ටොක්ක. අති සාර්ථකයි 💪❤ ජය❤
අඩෝ ඒ විනාඩි 26 අමුතුම රහක් තිබ්බ, අපේ හිත්වල තියෙන දවෙන ප්‍රශ්න ටිකක් , කියන්න වචන නෑ බොක්කටම වැදුන , සුපිරියක් තමයි ❤️❤️❤️
එක දිගට "දවස් දෙකකින්" Season 2 ම සම්පූර්ණයෙන්ම බලලා ඉවර කරා. දැන් "අලුත්" Episode එකක් එනකන් "දවස් 15 ක් ම" ඉවසන් ඉන්න පට්ට අමාරුයි ඕයි! 😑
(IELTS සීන් එක සැරයි බන්. උඹල එලියට දාපු සීන් එකේ ඇත්තක් තියෙනවා. ❤)
වෙලාවකට පට්ට සීරියස්, වෙලාකට ආතල්, වෙලාවකට අපි ගැනම අපිට දුකයි 🙂🙂
ඔහේ නිකම්ම බැලුවොත් හිනාවෙන, මොලෙන් බැලුවොත් ඇඩෙන සුපිරි මාතෘකාවක් අමුතු රටක 🙂
උඹලට Thank you බං මෙහෙම වැඩක් කරනවට 🙏
තර්ක ගොඩක් ඉතුරු කරා යාලුවේ.මාසයක් ම අදින්න පුලුවන් ප්‍රේක්ශක ජනතාවට අද උන කතාව. සුපිරි කොලොන්බියා 😍
එකම රාමුවක් ඇතුලෙ ගේමක් ගහන අපේම ලස්සන අයියලා ටිකක්.වරදින්නෙ නෑ අයියෙ කවදාවත් හදවතින්ම සුබ පතනෝ.❤
මේ දවස් වල මට සහ හැමෝටම තියෙන ප්‍රශ්න ටික...💔 අපිවම පෙන්නුවා මේකෙන්...😣 උඹලටත් මටත් හරියන කාලයක් එයි බලන් ඉමු එතකම්...🙏 ජය...❤️🇱🇰
Goofy, but what a deep story! Amazing! Hats off to the crew! ❤️
everybody said that im too tough but this is the only episode that I cried in my whole life.
සුපිරි ස්ක්‍රිප්ට් එකනම්...ඇක්ටින් ඊටත් වඩා ෆට්ට.....උබලා සෙට් එක සුපිරි...ජයවේවා...😍😍😍😍😍😍
සිරාවටම හැම කොල්ලෙක්ටම තියෙන ප්‍රශ්න තමා මේවා බොක්කටම වැදුනා ❤️🇱🇰
උබලනම් පට්ට බන් අපටන්ගත්තකලේ ඉදන් බලනවා මේකේ අමුතුම අතල් එකක් තියෙන්නේ අමුතුම රහක් එකට වචන නැහැ කියන්න උබලගේ ඔය ලස්සන ගමන යන්න සුබ පතනවා අලුත් එපිසෝඩ් එකක් ඉක්මනට ඕනි බලන් ඉන්නවා
උබලට බුදු සරණයි
කොලොම්බියා epi වලින් ,කන හරහා මොලයට දෙන පණිවිඩය මාරයි🔥 පට්ටම ideas මචන් උබල සෙට් එකට තියෙන්නෙ😍
මේක රටේ බහුතරයක් බලන්න ඕනී...❤️❤️❤️❤️
අද නම් සිරාම පණිවිඩයක් දුන්නේ උඹලා.ආදරෙයි සෙට් එකටම❤️💪🏼
දිගටම බලන් ආවා ගිය සතියේ ඉඳන්,මේ episode එක අමුතුම රහක් ඒක පට්ට
මේ වීඩියෝ එකෙන් ගොඩාක් ලොකු පණිවිඩයක් දෙන්නේ. රටේ වර්තමාන තත්ත්වය දැක්කම පුදුම දුකක් දැනෙන්නේ. රට දාලා යන එක නෙමෙයි එකම විසඳුම. තරුණ පරම්පරාව එකතු වෙලා රට ගොඩ දාන්න වැඩ කරන්න ඕනි....
#කොළොංබියා 🖤
කොහොමද ගොඩ ගන්නේ.. අදහසක් තියේද?
දේශපාලනය එලවා දැමිය යුතුය
@@shan-zf2ty elawala rata karanne කවුද ?
දන්නෙම නැතුව අවුරුදු 50 විතර වෙලා තියෙයි
මිනිස්සුන්ගේ ආකල්ප හදන්න මේ වගේ දේවල් ගොඩක් වටිනවා... ඇත්තටම සුපිරී 😍❤️
More than 1000% agree with this script. Rataa, you are a masterpiece❤️
Script😍❤️
Kolonbiya ft. Cyril Nitharamasuffering (OG)
Pasan Ranaweera is an ocean of expressions. Good luck ayye!
Floreat.