නාවික හමුදා ඉතිහාසයේ සිදුකළ බරපතලම වරද - දිගම්පතන බෝම්බ ප්‍රහාරය | 4th Eelam War-Episode 20

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 255

  • @lifeofarosh
    @lifeofarosh 7 місяців тому +302

    මේ දේ වෙද්දි මම දඹුල්ලෙ අපේ ගෙදර හිටියේ. ඒ වෙද්දි මම 10 වසරෙ හිටියෙ. අපේ ගෙදර තියෙන්නෙ දඹුල්ල ජාතික පාසල ලඟ. ගෙදර ලඟ ම තියෙන්නෙ දඹුල්ල ප්‍රාථමික විද්‍යාලය. ඒ දෙක මැද තමයි ජාතික පාසැල් ක්‍රීඩාංගනය තියෙන්නෙ. එදා මම ගෙදර ඉද්දි හෙලිකොප්ටර් එන්න යන්න පටන් ගත්තා පිට්ටනියට. එක්ක ඇවිත් උඩ hover කරන්න ඉන්නවා බිම තියෙන එක යනකම්. ඒ ඒ පිටිටනියෙ දෙකක් එක වර බාන්න බැරි නිසා. මම පිටිටනියට දිව්වා හෙලිකොප්ටර් බලන්න ආසාවට. ප්‍රාථමික ඉස්කෝලෙ මැදින් තමයි යන්න ඕනෙ පිට්ටනියට. තාප්පයක් තියෙනවා ඒකත් පනින්න ඕනෙ. මම දුවගෙන ගිහින් තාප්පෙට නැගලා බලන් ඉද්දි පෞද්ගලික වාහන, ගිපන් රථ එනවා යනවා. පිටිටනිය පුරවලා වාහන. මිනිස්සු හෙලිකොප්ටර් වලින් ගේන සොල්දාදුවොන් ව කරේ තියාගෙන ගිහින් pavilion එකට දානවා. මම ලඟට ගිහින් බලන්න ඕනෙ කියලා තාප්පෙන් පැනලා ලඟට ගියා. Pavilion එකේ සොල්දාදුවො ගොඩ ගහලා. Phones, watches වෙන ම ගොඩ ගහලා තිබ්බා. ලේ ගලන් යනවා. සමහර අය කෙඳිරි ගගා එහෙට මෙහෙට පෙරලෙනවා. අපේ ගෙවල් පැත්තෙ ම පෝල් කියලා කෙනෙක් හිටියා දඹුල්ල market එකේ මුට්ට කරගහන. එයා උරහිස් දෙකේ දෙන්නෙක් අරන් එනවා එකවර හෙලිකප්ටර් එකෙන් pavilion එකට. පෞද්ගලික වාහනයි ගිලන්රථ වලිනුයි නුරයි කුරුණෑගලයි රෝහල් වලට ඒ සොල්දාදුවොන් ව අරන් ගියා. මගෙ ඔලුවට එවේලෙ ආවෙ මම මේ දේට ලොකුවෙලා පළිගන්නවා කියන හැඟීම. මම හිතා ගත්තා මම ලොකු වෙලා army එකට යනවා කියලා. ගෙදර ඇවිත් මම අම්මා ටත් කිව්වා මම A/L කරලා Army එකට යනවා කියලා. මම A/L කරේ 2010. යුද්දෙ 2009 ඉවර වුනා. අද ලංකාවෙ නැති වුනත් මම කොහෙ හිටියත් මගෙ සිංහල ජාතිය වෙනුවෙන් යුද්ධ කරන්න වුනොත් හැමදේ ම පැත්තක ට විසිකරලා ඒකාන්තයෙන් ම එනවා. දඹුල්ලෙ බස් එකේ බෝම්බ ය පුපුරද්දිත් මම නිදියගෙන හිටියෙ. සද්දෙට මාව ඇහැරුනා. ඊට පස්සෙ මම මගෙ බයිසිකලෙත් පැදගෙන ගියා බලන්න. බස් එක මල පිපිලා වගේ ඇරිලා. සමහර Seat තිබ්බෙ මීටර 70ක් විතර ඈතට විසිවෙලා. මම A/L කරන්න නුවර ඉස්කෝලෙකට ගියෙ. ගෙදර ඇවිත් ආපහු යද්දි උතුරින් එන පිරිච්ච බස් වල එල්ලිලා යන්නෙ. යද්දි හිත හිත යන්නෙ මේක දැන් පුපුරයි මොණවා කරන්නද ජීවිතේ හැටි නේද මේ කියලා. පොඩි කාලෙ ඉඳන් මරණයට බයක් තිබ්බෙ නෑ. මම මදුරුවෙක්වත් මරන්නෙ නෑ. ඒත් මට දෙපාරක් හිතන්නෙ නැතුව ජාතිද්‍රේහියෙක්ව ම*ලා දාන්න පුලුවන්.

  • @TheAnjanadolewatta
    @TheAnjanadolewatta 7 місяців тому +21

    සති දෙකක් බලන් හිටිය සුපිරියක් අයියෙ..නිවන්සුව ලැබෙවා සියලු විරුවන්ට

  • @harshamaduranga8636
    @harshamaduranga8636 7 місяців тому +17

    දිවි පිදූ සියලු රණවිරුවන් සුගති උත්පත්තිය ලබත්වා🙏.

  • @KOOLWM
    @KOOLWM 7 місяців тому +14

    කවදාවත් අමතක නොවන සිදුවීමක්, ඔබ විසින් සිහිපත් කරන ලුතිනන් නිසල් විජේසුන්දර මාගේ වැඩිමහල් සහෝදරයා. මෙමෙ වීඩියෝ ව නරබන විට දැනෙන හැගීම මාහට විස්තර කල නොහැකි තරම්.😢😢😢
    රට වෙනුවෙන් දිවි පිදූ සියලුම දෙනාට මෙම වැඩසටහන උපහාරයක් වේවා

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 7 місяців тому +18

    මේ කරුනු ඉදිරිපත් කරන ඔබගේ සේවය උදාරයි

  • @NA-w8f
    @NA-w8f 7 місяців тому +6

    විශිෂ්ටම වැඩසටහන් ඉදිරිපත් කීරීම සහ කථනය ඔබගේ.

    • @insight-nenasa
      @insight-nenasa  7 місяців тому +1

      බොහොම ස්තුතියි

  • @bossman4130
    @bossman4130 7 місяців тому +86

    කොටි කොච්චර රැඟුවත් අන්තිමේදි නන්දිකඩාල් කලපුවෙන් මිනීමරු ප්‍රභාකරන්ව බල්ලෙක් වගේ ඇදගෙන ඇවිල්ලයි අපේ කොල්ලො රිටන් එක දුන්නේ❤❤❤🇱🇰

    • @lahirufernando638
      @lahirufernando638 7 місяців тому +5

      😂😂😂❤❤❤❤API DINNA BROTHER. KAALAKANNIYA YATATH WUNA MACHAN. UWA MARALAI GENAWE. UWA MARUWE PANAGODA❤❤❤😂😂😂

    • @vishmitheekshana3301
      @vishmitheekshana3301 7 місяців тому +3

      හා....එතකොට ඔයාට වයස කියද ?

    • @eWinner1
      @eWinner1 7 місяців тому

      @lahiru ponnayekd ubha, ammagen nathuwa balliyakgend kiri biwe

    • @lahirufernando638
      @lahirufernando638 7 місяців тому

      @eWinner1 AI UMBATA AWULDA PONNAYA PIRIBAKARANWA MARAPU EKATA. EHEMANAM UMBE NAMA GAMA PHOTO EKATH EKKAMA DAAPAN. UMBAWATH EHETAMA YAWANNAM PORO PAARAK THOGE OLUWATA LASSANATA DENNAM SAKKILIYA. THOGE MOLA KAALITH DENNAM THOGE GEDARA UNTA DENNAM SIHIWATANAYAK WIDIYATA

    • @eWinner1
      @eWinner1 7 місяців тому

      Na ponna hukanno tho dakke nadda prabakaran ballek wage adagena enwa, tho wesige putha ipadila nathuwada khda idhala thiynne 2000n passe sipaiyek tho, ballek wage army eken adan awa, tho ethkota kiri bibi inna aththe

  • @GayanKisantha
    @GayanKisantha 7 місяців тому +33

    එදා මට නිවාඩු එන්න තිබුණු දවසක් මම වෙනුවට යාළුවෙක් ආවා වයිෆ්ට බබා හම්බවෙලා එයා එම ප්‍රහාරයෙන් දරුණු ලෙස තුවාල ලැබුවා 😢😢

  • @washintonpadmakumara8152
    @washintonpadmakumara8152 7 місяців тому +18

    දිවිපිදූ සෑම රණවිරුවෙකුටම හිස නමා ආචාර කරමි

  • @manjula969
    @manjula969 7 місяців тому +4

    සියලුම රණවිරැවන්ට නිවන්සුව ලැබෙවා..

  • @manjulanishantha8549
    @manjulanishantha8549 7 місяців тому +3

    මියගිය සැමට නිවන් සුව ලැබේවා.

  • @SarathHewage-e8t
    @SarathHewage-e8t 7 місяців тому +2

    🙏🙏🙏❤❤❤ මියගිය සියලු රනවිරුවන්ට අමාමහ නිවන්සුව අත්වේවා 🙏🙏🙏

  • @sampashami7996
    @sampashami7996 6 місяців тому +4

    අපේ ගේ ලග මේක උනේ..මෙතන අපි පොඩි කාලේ ඉදන්ම නේවි බස් නවත්වනවා..අපිත් ඉස්සර හරි ආසයි එයාලා වේපන් මාරු කරගන්නේත් ඔතනින්..එතන ලොකු බොරලු වලක් තියෙන්නේ..ඇත්තටම කවදාවත්ම හිතූවේ නැති ලොකු විනාශයක් උනේ.ඒකට ඔත්තු දුන්න එවුන්ගේ පවුල් පිටින් විනාශ උනා

  • @nireshprabashana8572
    @nireshprabashana8572 7 місяців тому +25

    දිගම්පතහ ඔය සිද්දිය උන camp එක ළඟින් යද්දී මට දැනටත් මතක් වෙනවා.😢

  • @sugathjayawardana4910
    @sugathjayawardana4910 7 місяців тому +33

    මතක හැටියට 97-99 අතර මුලතිව් මුහුදු කලාපයේ පලාලි වලට සැපයුම් ගෙනගිය Y8 එකකට squad කල Mi 24 එකක් missing උනා. Air gunner P I සමරකෝන් සහ අනිත් භටයාගේ bodies හමුඋනේ ඉන්දියාවේ වෙරළකින්. මානුශීය මෙහෙයුමේදී වෙරල කලාපයෙන් ඒකෙ කොටස් ගත්තා. මේ සිදුවීම අදටත් අභිරහසක්. Russian pilots ලා missing. පුළුවන් නම් මේ පිළිබද වැඩසටහනක් ගේන්න Air Force fellows ලා වෙනුවෙන්..

    • @EnigmaticBlossom
      @EnigmaticBlossom 7 місяців тому +20

      මෙම සිදුවීම ගැන සඳහන් කිරීම ගැන සුගත් ඔබට ස්තුතියි. මේ‍ comment එකේ සඳහන් සිදුවීමට අදාල Mi24 යානයේ ගුවන් නියමුවා මගේ ලොකු තාත්තා (Flt/Lt. අනුරුද්ධ මලලසේකර). 1997 මාර්තු මාසයේදී, මේ‍ ප්‍රහාරය වුනේ එල්.ටී.ටී.ඊ. හමුදා දැඩි ලෙස ක්‍රියාත්මක වුන උතුරු ප්‍රදේශයේ. 2014 ජුනි මාසයේදී නාවික හමුදාව විසින් චලෙයි ප්‍රදේශයේ සුන්බුන් සොයා ගත්තත් මගේ ලොකු තාත්තාගේ සිරුර සොයා ගන්න බැරි වුනා. රුසියානුවන් දෙදෙනෙකු වන Major Wowa Miller (Co- Pilot) & Major Y. Romanov (Engineer) සහ ගුවන් තුවක්කුකරුවන් LAC අරුණශාන්ත සහ LAC සමරකෝන් PT සහ ඉතිරි කාර්ය මණ්ඩලය සහ මගීන් වන Flt/Lt PHA සේනසිංහ, Corporal නන්දසේන SPL සහ LAC ලියනගේ ද මිය ගියා. තුවක්කුකරුවන්ගේ මළ සිරුරු ඉන්දියාවේ වෙරළ තීරයකින් සොයා ගෙන තිබුණා.

  • @nukestrom5719
    @nukestrom5719 7 місяців тому +14

    මෙච්චර දෙයක් කරපු හමුදාවේ කොල්ලන්ට/කෙල්ලන්ට අපේ සමාජයේ අද සලකන විදිය දැක්කම ලංකාව රටක් විදියට ලජ්ජා විය යුතුයි. උදාහරණයක් ලෙස ඇමෙරිකාවේ බස් එකකට,දුම්රියකට හෝ ගුවන් යානාවකට යනකොට අවම වශයෙන් 15% වට්ටමක් සහ මුලින්ම ඇතුල්වීමේ හැකියාවේ සිට නිවාස ණයක්, රක්ෂණයක් සහ අධ්‍යාපන කටයුතු වලදී විශේෂ දීමනා හිටපු සහ වර්තමාන හමුදා සාමාජිකයන්ට ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි කඩයකට ගියත් veteran discount දෙනවා. රැකියා සදහා ඉල්ලුම් කරද්දීත් හමුදාවේ හිටියද කියන ඔවුන් අහනවා. කවුරුහරි former marine කියල කිව්වම එහේ මිනිස්සු "Thank you for your service" කියන්න අමතක කරන්නේ නැහැ. ඒකට අපේ රටේ. ප්‍රබාකරන් හිටියනං හොඳයි කියලත් අර අරගලේ කාලේ කිව්වනේ.

  • @pathumprabath8450
    @pathumprabath8450 7 місяців тому +4

    රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා 🙏 🌷

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 7 місяців тому +39

    නායක ගුවන් භටයෙකු ලෙස 2006 ජනවාරි මාසේ එක් දිනෙක මඩකලපු ගුවන් හමුදා කදවුරේ සිට ස්ථාන මාරුවීමක් ලැබ අවසන් වතාවට පොලොන්නරුව වෙත එන ගමනේදි මා හට දැනුන හැගීම් වචනයෙන් විස්තර කල නොහැකි තරම්....එවැනි අතීතයකට හිමිකම් කියන අපිට කොහෙද පිලිගැනීමක් ....ඇමරිකාව වියට්නාම් යුද්ධය පරාදයි....ඒත් ඔවුන් අදටත් ඒ වීරයන්ට සලකන විදිහ යම් කාලයක් ඇමරිකාවේ සිටි මා අත්දැකීම් වලින් දන්නවා....ඒත් අපේ රටේ ජනතාවට ( බොහෝ විට විශ්ව විද්‍යාල සිසුන්ට නැත්නම් වයස 30 ට අඩු අයට) සොල්දාදුවන් යනු පහ නැත්නම් අට පාස් පාලකයින්ට කඩේ යන පිරිසක් පමණයි...ඔවුන් දන්නේ නෑ හමුදාවේ සේවා පුද්ගලයින් යනු ඉහලින් එන අණ ක්‍රියාත්මක බැදී සිටින පිරිසක් බව....ගුවන් හමුදාවේ සිටි නිසා වෘත්තීයමය තත්වයන් මත ඉතා හොද රැකියාවක් කරමින් ජිවත්වනවා හැර කිසි දෙයක් නෑ ....

    • @backsidenotok
      @backsidenotok 7 місяців тому

      අනුන්ගෙන් කකා බිබී ඉන්න රටක් ජාතියක් ගැන මෙලෝ හැගීමක් නැති කාලකන්නි උන් තමයි එහෙම හිතන්නේ. රටක පවට උපන් කාලකන්නි උන් තමයි. 🤮🤮🤮

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 7 місяців тому

    හරිම කනගාටුදායක සිදුවීමක් ❤️❤️🙏🙏 වටිනා තොරතුරු බොහොම ස්තූතියි ඔබට

  • @virajfernando9146
    @virajfernando9146 7 місяців тому +2

    Intake 20 සර්ලට ප්‍රණාමය 🎉️🎉️🎉️

  • @samantharathnayake8034
    @samantharathnayake8034 7 місяців тому +5

    මම ඒ වෙද්දි කන්කසන්තුරය නාවික හමුදා කදවුරේ සේවය කර නිවාඩු ලබා පැමිණ මෙම සිදුවීම සිදුවූ දිනට පෙර දිනයේ ත්‍රිකුණාමලය කදවුර වෙත රපෝර්තුකර සිටියා.පෙරදින රාත්‍රියේ එකට නිදාගෙන සිට පසුදින උදේ අපට සමුදී ගියපු බැජ්මේට්ලා වගේම දන්න හදුනන ලොකු පිරිසක් මේ සිදුවීමට ගොදුරුවුනා.

  • @gayansudarshana7810
    @gayansudarshana7810 7 місяців тому +33

    මගේ ගමේ යාලුවා.2005 එකම මාසේ මම airforce ගියා ඌ නේවි එකට ගියා.මම මේ සිදුවීම වෙද්දි වව්නියාව ගුවන් හමුදා කදවුරේ.ඌ trinco කෑම්ප් එකේ.මගේ එකා මේකෙන් නැති උනා.මට අඩුම මල ගෙදර වත් එන්න බැරිඋනා.අදටත් මරං කන්න පුලුවන් කොටි හැත්ත මතක් වෙද්දි

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 7 місяців тому +1

      පොයිය දෙන්ඩ එපා බන්😂

    • @Chathuraniro
      @Chathuraniro 7 місяців тому

      Awajathaka pinnaya thoth pala.. 😂​@@විමානප්රේතයා

    • @lankawe
      @lankawe 6 місяців тому

      ​@@විමානප්රේතයාtho mona ponnayekda bola.

  • @AjayGonba
    @AjayGonba 7 місяців тому +5

    Program ekata Voice niyameta set wenawa. Supiri

  • @SulthanKabir-jr4yk
    @SulthanKabir-jr4yk 6 місяців тому +7

    එදා මගේ වෑන් එක නවත්තලා තිබුණේ බ්ලාස්ට් උන තැන ඉදලා 50 දුරින් වාහනේ වීදුරු ලයිට් එකක් වත් ඉතුරු උනේ නෑ මං තුවාල උන කොල්ලො 13 දෙනෙක් අරං ආවා දඹුල්ල හොස්පිට්ල් එකට තන ඉදළා දඹුල්ල ට එන්න විනාඩි 30 විතර යනවා සත්තකින්ම මං විනාඩි 12 න් රෝහලට දැම්මා.අවට පොලීසිය වලමහත්තුරු අනිත් සියළුම වාහන පාරෙන් අයින් කලා මගේ ගේ තියෙන්නෙ ඒ තැන ඉදලා කිලින්ම බැලුවොත් මීටර් 800 ක් විතර දුරින් අදටත් ඒ තැන දකිද්දි හිතට එන වේදනාව කියලා වැඩක් නෑ සිද්දියෙන් මාස කීපයකට පස්සෙ මම යුද්ධ හමුදාවට බැදුනා දැන් නම් මම විශ්‍රාම යන්නත් ඉතාම ළගයි.අපි කාලකණ්නි න් ව ඉවරයක් කලා සතුටුයි ඒ ගැන

  • @harshasanjeewa7969
    @harshasanjeewa7969 7 місяців тому +37

    පොඩි නිවැරැදි කිරීමක් කරන්නම්.
    පිපිරීම සිද්දඋන ස්තානයේ කදවුරක් තිබුනේ නෑ.
    නිකම්ම බොරලු කපපු වලක්(වලක් කීවට පිට්ටනියක් වගේ ලොකු ඕපන් ඒරියා එකක්)
    පිපිරීමට දඹුල්ල නගරයේ කඩ වල වීදුරු පවා හෙල්ලුනා.
    තුවාලකරුවන් රෝහල් ගතකරන්න මාත් උදව් කලා.
    පිපිරීමට සතියකට වගේ පස්සේ දඹුල්ල නගරයේ සහ ආර්ථික මද්‍යස්තානයේ රැකියා සොයාගෙන තරුනයෝ කීපදෙනෙක් තනි තනිව ආවා.
    සිද්ධියට මාස තුනක් පිරෙන දවසේ බොරලු වලේ නේව් එකෙන් පිරිතක් කියෙව්වා.
    ඒදාම රෑ දඹුල්ල ටව්න් එකේ ලොකු කෙරුමෙන් උන" ජම්බු" සහ ගෝලයෝ හතරදෙනෙක් ගේ ඔලු හරහා මිමි 9 වර්ගයේ මූනිස්සම් බැහැලා තිබුනා.උන් තමා සිංහල කොටි,ක්ලේමෝ බෝම්බ ප්‍රවාහනය,සැගවීම,ඔත්තු බැලීම වගේ අමන වැඩවලින් තමන්ගේ සහෝදර සොල්දාදුවන් ඝාතනය කරන්න උදව් කරපු හැමෝටම වැඩේ දුන්න නියම වීරයෝ කීපදෙනෙක් රහසෙම දඹුල්ල නගරයෙන් පිටවෙලා තිබුනා.❤

    • @wickramasinghesmg2726
      @wickramasinghesmg2726 7 місяців тому +3

      ඒක ඇත්ත මමත් ඕක කමෙන්ට් කරන්ඩ හිතුවේ ඒත් මේක දැක්කම ඕන නෑ කියලා හිතුනා මේකේ අටරමැදි කදවුරක් කියන එක සම්පූර්ණයෙන් ම වැරදි කරුනු හරිහැටි නොදැන කියන කතාවක්

    • @Queen-gq3yy
      @Queen-gq3yy 7 місяців тому

      Premalalltada jambu wadakare

    • @madhawawijesinghe433
      @madhawawijesinghe433 7 місяців тому +1

      හරියටම තැන දැන් කෑම්ප් එකක් තියන තැනද නැත්තම් අලුතින් කොම්පෝස්ට් plant එකක් දාල තියන තැනද

    • @harshasanjeewa7969
      @harshasanjeewa7969 7 місяців тому

      @@madhawawijesinghe433 දැන් කදවුර තියෙන තැන නෙවෙයි සිද්ධිය උනේ ඒක ෂුවර් ,කාලකින් ගියේ නැතිනිසා කියන්න අමාරුයි හරිම තැන.

    • @madhawawijesinghe433
      @madhawawijesinghe433 7 місяців тому

      @@harshasanjeewa7969 මට හිතෙන්නේ අතන තමයි කොම්පෝස්ට් plant එක තියෙන තැන දඹුල්ල ඉදල යද්දී වම් පැත්තෙ

  • @kapilawannaku7357
    @kapilawannaku7357 7 місяців тому +2

    සියලූ රනවිරුවන්ගෙ භව ගාමී ජීවිතය සූවපත් වේවා ඔවූන්ගෙ ඤාතිවරූන්ගෙ සිත් සූවපත්වේවා

  • @nireshprabashana8572
    @nireshprabashana8572 7 місяців тому +40

    ලංකාවේ හරියටම ජොබ් එක කරපු මිනිස්සු ❤ ආදරනීය මිනිස්සුන් රනව්රුවන්🎉

  • @dinithamalshan3306
    @dinithamalshan3306 7 місяців тому +1

    Me Video eka Danakam balan idiye Digampathana blast eka Thank you Nanasa Team

  • @PahanGunasekara
    @PahanGunasekara 7 місяців тому +1

    Really heartouching brother.❤❤

  • @UnicoPolymer
    @UnicoPolymer 7 місяців тому +10

    බොහෝ කේදවාචකවලට හේතුව බොහොම සරල ආරක්ශක දුර්වලතා.අනතුරු අගවල තීද්දි ඒගැන නොසැලකිලිමත් වීම නිසා රටට අහිමි උන ජීවිත වල වටිනාකම කීයද .උන බටයක් දාල බැරියර් එකක් දාල ආරක්ෂාවට සෙබලු දෙන්නෙක් දාන්න තරම් තීරණයක් ගන්න බැරි නිලදාරින්ට මොකද්ද ලැබුන දඩුවම.යුද්දයෙන් මියගිය බොහෝ සෙබලු මිය ගියේ නිලදාරි දුර්වල කම් නිසා බව යුද්ධය ගැන පසු විපරම් කිරීමක් කරන ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් .මියගිය සියලු රනවිරුවනට ජාතියෙ උත්තමාචාරය..

  • @RathnayakaRathnayaka1988
    @RathnayakaRathnayaka1988 7 місяців тому +3

    නිවන් සුව ලැබේවා ....

  • @adi40srilanka82
    @adi40srilanka82 7 місяців тому +1

    දිගන් පතන බෝම්බ ප්‍රහාරයෙන් දවස් දෙකකට පසු ගාල්ල නාවික හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ලුනා අද වගේ මතකයි අපේ ගෙදර වීදුරු දෙදරපු හැටි.

  • @gamunuanuradha
    @gamunuanuradha 7 місяців тому +3

    නිවන් සුව 🥺❤️

  • @ajithkumara6561
    @ajithkumara6561 7 місяців тому +13

    සිගරටි බොන්නගිය කොල්ලෝ සැහෙන බෙිරැනා

  • @Chathuraniro
    @Chathuraniro 7 місяців тому +4

    කමක් නෑ ඕවට return දුන්නා... ආයෙ ආවොත් ආයෙ දෙනව පර දෙමලුන්ට අපෙ කොල්ලො...❤❤❤❤

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 7 місяців тому +17

    නිදහස වටින්නේ එය ඇතිවිට නොව නැතිවිටයි. රටේ නිදහස තහවුරු කල ජාතිකත්ව කදවුර බැහැර කර ඉන්දියානු ගැති දක්ෂිණාංශික හෝ වාම ලිබරල්වාදී කදවුරට රට පාවාදීමෙන් පසුව ආපසු මුල සිට නව නිදහස් සටනක් ආරම්භ කිරීමට සිදු වෙයි. විකල්පය ජාතිකත්ව කදවුරේ සර්වජන බලයයි.

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 7 місяців тому

    අනිවාර්යයෙන්ම මේ සිදුවිම් සටහන් කර තැබිය යුතුයි ❤️🙏🙏

  • @HhhbBbb-fb1hh
    @HhhbBbb-fb1hh 7 місяців тому +11

    මෙ සිද්ධිය අදටත් මතකයි,අපෙ ගමෙ විතක් navy එකෙ මරන 4ක් සිද්ද වෙලා තිබුනා,😢

  • @sandeepanavodya93
    @sandeepanavodya93 4 місяці тому +1

    Sir I appreciate your concern to mention about KDA.And the related consequences of the war and the impact of the war to the KDA officers’ military and personal life ❤ සිය රටටමයි කවදත්

  • @malindaperera1665
    @malindaperera1665 7 місяців тому +10

    අපේ කෝප්‍රල් මහකුමාර ලඟ පොඩි පොතක් තිබුණා ඒ පොතේ තිබුනේ ඉරි කෑලි ගොඩක්,අපි ambush එකක් ගහලා ආවම ltte 10 මැරුවම එයා එතනින් එක ඉරක් කැපුවා, දවසක් මම ඇහුවා ඇයි කෝප්‍රල් එහෙම කරන්නේ කියලා " අපේ මැරුණු එකෙකුට උන්ගේ දහයක් ගන්න ඕන බං " කියලා මට කිව්වා, හැබැයි කෝප්‍රල් මහකූමාරගේ ඉරි ටික ඉවර වෙන්න කලියෙන් ප්‍රභාකරන් මැරුම් කෑවා 😂😂, ambush එක blast වෙලා මැරිච්ච එවුන්ටත් මූණු කුඩු වෙන්න GPMG එකෙන් ගහනකොට මට තේරුණා එයාට උන් එක්ක තිබ්බ ආවේගය

  • @truthdamn
    @truthdamn 7 місяців тому +1

    I was really waiting for this thang mag bro cheers
    Amazing creator ❤❤

  • @thilakprasanna8005
    @thilakprasanna8005 19 днів тому

    එම මස්ටරයෙ මම ද හිටියා කවදාවත් අමතක නොවන සිද්දියක්

  • @janakathabrew8734
    @janakathabrew8734 6 місяців тому

    නිවන් සුව ලැබේවා !

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 7 місяців тому +5

    ඔබ හිතාමතාම තිත්ත ඒත් ඇත්ත කරුනු හංගනවා

    • @AnukPathmidu
      @AnukPathmidu 7 місяців тому +3

      Thiththa unath prasiddiye kiyanna beri sadahatama hengila thiyanna onee dewaluth thiyeee broo🥹🥹

  • @nipuwa5869
    @nipuwa5869 7 місяців тому +10

    IV ඊළාම් යුද්දෙ මුල් හරියේ කොටි navy එක වැඩිපුර target කරා වගේ මතකයි. සුසයි වුණත් පාරම් බාල තිබුන යුද්දෙ අන්තිම සටන නාවික සටනක් කියල.

  • @KavinuWijesooriya
    @KavinuWijesooriya 7 місяців тому +6

    2020 වසරේ පෙබරවාරි මස මා නැගෙනහිර පළාතේ ලොකු සංචාරයක් කලා. ඒ ගමන අතරතුර දඹුල්ල - ත්‍රිකුණාමලය මාර්ගයෙ ගමන් කලා. ඒ පාරේ අපි හොද චූන් එකේ ගියා.
    ඒ වුණාට යුද්ධ කාලේ මොන තරම් මිනිස්සු මර බියකින් ඔය පාරවල් වල යන්න ඇතිද!!? 😰 😱💀 🚛 🛺🏍️ 🚌 🚙 💥

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 7 місяців тому +2

    හොද ඉදිරිපත් කිරීමක් ❤❤❤ මිය ගිහින් හිටපු එක රනවිරුවෙක්ගෙ පෝන් එකේ අනිත් පැත්තෙන් අප්පච්චී අප්පච්චී කියලා ඇහුණලු.ලමයා එක්ක කතා කර කර ඉදලා තියෙන්නේ

  • @DarshanaHerath-u2k
    @DarshanaHerath-u2k 7 місяців тому +3

    අපේ ගන් බෝට් එක රෙපෙයාර් තිබ්බේ.අපෙත් කට්ටියක් නිවාඩුගියා

  • @RathnayakaRathnayaka1988
    @RathnayakaRathnayaka1988 7 місяців тому +6

    Ape කොල්ලෝ ජීවිතේ dunne api wenuwenma තමයි .

  • @lahirufernando638
    @lahirufernando638 7 місяців тому +3

    OYA AIYE ATHTHATAMA RAJEK. OYA UA-cam RAJEK❤. OYATA SUBSCRIBERS 10 MILLION LABENNA KIYALA HADAWATHINMA PATHANAWA. MOKADA OYA APE RATE WALALUNU ITHIHAASAYA APE BOORUWANTA MATHAK KARALA DENA EKATAMA OYATA PIN🙏. OYAGE VOICE EKA ATHTHATAMA PUDUMA PARINATHA PAHADILI VOICE EKAK. OYAGE EKAMA WARADDA, OYAGE VIDEO DAANNA OYA PARAKKU WENA EKA AIYE. OYA UA-cam WENUWENMA IPADUNU APEMA SINHALAYEK❤

  • @jagathLiyanage-f5s
    @jagathLiyanage-f5s 7 місяців тому +12

    දැනටද අමාත්‍ය මන්ඩලයෙ සිටින රජ්‍ය අමාත්‍ය වරයෙක් මේ සිද්ධිය පිළිබඳව සැකසහිත බවට පොලිසිය අනාවරණය කරගෙන සිටියද පසුකලෙක ඵය යටපත් විය .මේ සම්බන්ධව ඉදිරියෙදි හො පරීක්ෂණ ආරම්භ කරයුතූය.....🙈🙈😭😭😭✌️✌️

    • @evienleema101
      @evienleema101 7 місяців тому +1

      ටිරාන් අලස්

    • @nilanthakumaraekanayake6110
      @nilanthakumaraekanayake6110 7 місяців тому +2

      රාජ්‍ය අමාත්‍ය වරයාගේ තාත්තා නේද

  • @RuwanHiru-i6j
    @RuwanHiru-i6j 3 місяці тому

    මමත් එදා නිවාඩු එන්න හිටියේ Trincomale සිට

  • @k.h691
    @k.h691 7 місяців тому +3

    ඕවට හරියන්නම කොටි හැත්ත කෑවනේ අන්තිමට.මිය ගිය සියලුම අපේ කොල්ලන්ට නිවන් සුව ලැබෙවා.!

  • @_Sandamal_7
    @_Sandamal_7 7 місяців тому +2

    කන්තලේ අපි ඉස්සර පාර අයිනෙ ඉදන් ආමී වාහන වලට අතවනනවා. එතකොට ඒකේ ඉන්න soldier ලා අත වනනවා.

  • @ravindumalshan7071
    @ravindumalshan7071 7 місяців тому +4

    දිගම්පතහා..අපි ඔය සිද්ධිය වෙච්ච අලුතම ඔතනින් යන එනකොට මහා අමුතු මූසල හැඟීමක් දැනෙනවා..😢

  • @RamithD
    @RamithD 7 місяців тому +2

    Sad story 😢. Another good content 👍

    • @insight-nenasa
      @insight-nenasa  7 місяців тому +1

      Thanks for listening

    • @EnigmaticBlossom
      @EnigmaticBlossom 7 місяців тому

      @@insight-nenasa Nenasa, could you please make a video about the MI-24 helicopter attack in March 1997? The pilot, Flight Lieutenant Anuruddha Malalasekera, is my Loku Thaththa. It would mean a lot to see this story shared. Thanks

  • @mountlankatours3090
    @mountlankatours3090 7 місяців тому +10

    මේ වැඩේට උදවු කල ට්‍රින්කො මාලු මුදලාලි කෙනෙක්ටයි දබුල්ල එලවලු මාර්කට් එකේ දෙන්නෙක්ටයි ඔලුවලටම තියලා තිබුනා නේද? ඒවා ලෙයට ලෙය දීපු රිටන් කියලා තමයි අපි අහල තිබුනේ.

    • @sampashami7996
      @sampashami7996 6 місяців тому

      ඕකේ ඔත්තු දීපු දිගම්පතහ දෙමල එකා අදටත් නෑ

    • @JmmWijayanayaka-c7k
      @JmmWijayanayaka-c7k 10 днів тому +1

      මාලු මුදලාලිට බැරිඋනා උ සිංහල අයිස් මංජු කියල එකෙක් බ්ටහිර රටකට පැන්න අනිත් දෙන්නට දුන්න.

  • @kavindudilshan3786
    @kavindudilshan3786 7 місяців тому +9

    අපේ ගමේ අයියා කෙනෙක් මෙකෙන් නැති උනා ෆට්ට චරිතයක් වෙනවා අද හිටියේ නම්.😢😢

  • @nalakajayasinghe608
    @nalakajayasinghe608 7 місяців тому +5

    මේ අතීතය අමතක එවුන් මනූස්සයො වෙන්න න බෑ...

  • @Maheshjayasundera1
    @Maheshjayasundera1 7 місяців тому +2

    Machan Nisal Niwansuwa labewa

  • @dhammikedharmarathne953
    @dhammikedharmarathne953 7 місяців тому +8

    ඕකට රජයේ ඇමතියෙක් සම්බන්ධයි කියලා බොහොම විශ්වාසවන්ත තොරතුරක් තිබුනා.පරීක්ෂණ යට යන්න ප්‍රධානම හේතුවත් ඒක වෙන්න ඇති.සංඛ්‍යාලේඛනවත් නෑ කියලා වීඩියෝ එකේ පැහැදිලිවම කියවෙනවා.මාධ්‍යයට රජයෙන් වැරදි තොරතුරු දුන්න කියලා කියවෙන වෙලාවේ ඒ රූප රාමුවේ ඉන්නේ කෙහෙලිය රඹුක්වැල්ල.

  • @LilanthaSampath-wv4rt
    @LilanthaSampath-wv4rt 7 місяців тому +2

    එවක මම සෙවය කලේ කන්ටේනර් සිවිල් රියදුරකු ලෙස උතුරැ නැගෙණහිර ප්‍රදෙශවට යුද හමුදා වෙඩි ද්‍රව්‍ය ප්‍රවහන කටයුතු වල එදින බොම්බ ප්‍රහාරය සිදුවන අවස්ථාවේදි අප ගමන්ගත් කන්ටේනර් රථ පෙළ හභරණ යුද හමුදා මුරපොළේ ත්‍රි\මළේ සිට එන ගමන් විස්තර සටහන් කරමින් මුර පොළට කම්පනය හොදින් දැනුනා

  • @sumududesilva6782
    @sumududesilva6782 3 місяці тому +1

    යුද්ධය පවතින ස්ථානවලදී පමණක් නිසි ආරක්ෂක ක්‍රමවේද, උපක්‍රම භවිතාකර අන් ස්ථානවල ඒ පිළිබඳව වැඩිපුර නොතකා කටයුතුකිරීමත්,
    ⁣මුදලට රට පාවාදෙන සමහර වසලයින් ⁣මෙන්ම රට ව්‍යාකූලකර කටයුතුකිරීමට රිසි දේශපාලුවන් විසින් ආරක්ෂක අංශ අකර්මණ්‍ය කිරීමට කටයුතුකිරීම නිසාත් මෙම කාළකන්නි තත්වයන් උදාවූ බව නොරහසකි!

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 7 місяців тому

    😢😢😢 niwan suwa labewa

  • @nishanthasudarshana4392
    @nishanthasudarshana4392 7 місяців тому

    මේ සිදුවීමට කලින් දිනයේ මම මින්නේරියේ ඉදලා නුවර යන ගමන් මෙතන බලාගෙන ගියා එදත් ගොඩක් නේවී අයියලා හිටියා නුවර මාලිමාවට බෝම්බේ පුපුරපු සද්දේ තාමත් මතකයි එහෙම බියකරු අතේතයක් අපිට තිබුනා😢

  • @wasanthirajapakse7536
    @wasanthirajapakse7536 7 місяців тому +11

    දැන් ඉන්න රාඡ්‍ය අරක්ෂක ඇමතියගෙ ගෙදර ඉදන් ලොරිය ආවෙ කියල මිහින්තලේ හාමුදුරැවො කිව්වෙ

    • @virajfernando9146
      @virajfernando9146 7 місяців тому +1

      ප්‍ර,බ,තෙ ගැනද කියන්නෙ මේ? 🤔🤔

    • @evienleema101
      @evienleema101 7 місяців тому +2

      ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන්

    • @pasinduweerasinghe5845
      @pasinduweerasinghe5845 7 місяців тому

      ​@@virajfernando9146ටිරාන් අලස් කියන පරයා

  • @electricalkegalla2427
    @electricalkegalla2427 6 місяців тому

    මමත් එදා නිවාඩු අවා 😢

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 7 місяців тому +8

    30 අවුරුදු යුද්ධය අවසන් කරන්නට නායකත්වය දුන් හම්බන්තොට උපන් ජනාධිපති නාකි මයිනා,මාතර උපන් ආරක්ෂක ලේකම් පිස්සු ගෝඨා, ගාල්ලේ උපන් හමුදාපති ෆීල්ඩ්මාෂල් SF කලවැද්දා 😢😢😢

    • @damakikw3102
      @damakikw3102 7 місяців тому

      😭😭😭😭😭😭😭😭😭😭😭

    • @Dercsshyer3451
      @Dercsshyer3451 3 місяці тому

      උන් නැත්තම් යුද්දෙ ඉවර වෙන්නෙත් නැ කියලා මතක තියාගන්න 😮

    • @manojmadurasinghe8849
      @manojmadurasinghe8849 2 місяці тому

      Ane hukapn ponnaya

  • @sarithcharuka6007
    @sarithcharuka6007 7 місяців тому

    Superb viedio brother

  • @sadataru2619
    @sadataru2619 7 місяців тому +3

    අනුරාධපුරය Air Movement එකට තුවාල ලැබූ නාවික භටයන් හැත්තෑ ගණනක් (MI 17 දෙකක) ගෙනාව රෝහල්ගත කරන්න කලින් කථා කරන්න පුලුවන් අයට මගේ ජංගම දුරකථනයෙන් ගෙවල්වලට call පවා අරගන දුන්න.

  • @SamSam-cx9ny
    @SamSam-cx9ny 7 місяців тому +8

    අපේ ගෙවල් ලඟ අයියා කෙනෙක් නැති උනා ඔය බෝම්බයෙන්. 😶

  • @chanuka81
    @chanuka81 7 місяців тому +2

    ❤❤❤❤

  • @shanakaprasad6364
    @shanakaprasad6364 6 місяців тому

    අපේ ගෙවල් දෙදුරුවා

  • @Intro-r7j
    @Intro-r7j 6 місяців тому +1

    හමුදාවේ සිය ගානක් මැරුන 90%ක් අවස්ථා වල ඒ විනාශයන් සිදු උනේ කොටින්ගේ දක්ෂතා වලට වඩා හමුදාවේ ඉහල නිළධාරීන්ගේ දුර්වල හා මෝඩ තීරණ නිසා.
    යුද්ධය ඇති උනේ අවස්ථාවාදී සිංහල හා දෙමළ දේශපාලඥයෝ නිසා (බහුතරය සිංහල)
    අවසානයේ සිදු උනේ රටේ තරුණයෝ දහස් ගානක් විනාශ වීමෙන් දකුණත් උතුරත් දෙකම මෙහි වින්දිතයන්.
    දකුණටත් වඩා උතුරට යුද්ධෙන් නැති උන දේවල් බොහොමයි.
    අපේ රටේ අවුරුදු 30න් 30ට ජාතිවාදී අරගල එනවා ඒ අපේ දේශපාලන ප්‍රොජෙක්ට් විදිහට.මේ ක්‍රමයම ඉදිරියට ගියොත් අවම අවුරුදු 100කට සැරයක් යුද්ධයක් ඇති කරනවා. මේවා චන්ද දායකයෝ වෙන අපේම වැරදි

  • @Nuwanasanka4807
    @Nuwanasanka4807 7 місяців тому +7

    ඔය ප්‍රහාරයෙන් පස්සේ තමයි නාවික හමුදාවත් කොටින්ට කෙලවන්නම ඕන කියන තැනට වැටුණේ

  • @GajathIlangarathna
    @GajathIlangarathna 7 місяців тому +4

    යුද්ධය අවසානය දක්වා වැඩ සටහන ගේන්ඩ..ඉරිදට බලාගෙන ඉන්නවා..අවසානයේ එදා ඉදන් 2009 මැයි 19 වෙනකන් යුද්දේ අැත්ත කතාව පොතක් ලෙස පල කරයි.ඉතිහාසය වැලෙලෙන්ඩ දෙන්ඩ එපා.අපේ කොල්ලෝ ජීවිත පුජා කරේ රට වෙනුවෙන්.අද දේශපාලකයෝ එදා යුද්ධය ගැන කතා කරනවට කැමති නැ.එ් උතුරේ ඡන්ද ටික නැතිවෙයි කියලා..අනිවාර්යෙන් සම්පුර්න යුද ඉතිහාසය අැත්ත කතාව වුන දේ පොතක ලියලා රටටම බෙදයි.එතකොට අපි ගාවත් අනාගතයටත් එ්ක දැන ගන්ඩ ඉඩක් ලැබෙනවා..

  • @sachiradilshan8183
    @sachiradilshan8183 7 місяців тому +1

    මම නිවාඩුවට හැමදාම කොලඹ ඉඳන් පොලොන්නරුව ගෙදර යද්දි දිගම්පතහ පහුවෙනවා ඒ හැමදාම ඔය ඇටෑක් එක මතක් වෙනවා ඔය ඇටෑක් එක වෙද්දි මම 4 වසරෙ

  • @RathnayakaRathnayaka1988
    @RathnayakaRathnayaka1988 7 місяців тому +2

    Ape කොල්ලෝ

  • @ariyawansadissanayaka6211
    @ariyawansadissanayaka6211 7 місяців тому +4

    සිගරැට් එකක් බීපූ එකා එදා .බේරුනා.ඒ වගේම තමයි මේක නාවික හමුදා ඉතිහාසය තුල කල ලොකුම පාවාදීමයි.මම නෙවෙයි කියන්නෙ .මීට කලින් මේ වීඩියෝ බැලුවා.ඒ වගේ මේ හැම ඇත්තක්ම තියෙනවා 😂😂

  • @dileeapchamikara73
    @dileeapchamikara73 7 місяців тому +2

    Niwan suwa labbewa

  • @nilanthakumaraekanayake6110
    @nilanthakumaraekanayake6110 7 місяців тому +4

    ඔතන දේශපාලකයකුට තිබ්බ සම්බන්ධතාවය ගැන මොනවත් කියන් නැත්තේ ඇයි

  • @KavinuWijesooriya
    @KavinuWijesooriya 6 місяців тому

    2010 වසරේ තිරගත වුණු බෙනට් රත්නායක මහතා අධ්‍යක්‍ෂනය කරපු " ඉර හද යට '' movie එකේ දිගම්පතහ බෝම්බ ප්‍රහාරය පෙන්නුවා!
    ඔබ ඒ චිත්‍රපටය බලලා නැත්නම්, youtube එකේ තියෙනවා full movie එක! ගොඩක් ලස්සන චිත්‍රපටයක්!! ❤

  • @chama8389
    @chama8389 7 місяців тому

    දිගම්පතහ මචං...

  • @asithabandara1617
    @asithabandara1617 7 місяців тому +1

    👍👍👍

  • @1975Siddhu
    @1975Siddhu 2 місяці тому

    මේ සිදුවීම තනිකරම නිලධාරීන්ගේ සහ බුද්ධි අංශවල දුරුවලතාවය මත සිදු වූ අපරාධයක්. අප රටේ 83 පසු ඇති වූ ඊලාම් යුද්ධ ගැන වෙනමම කතා කල යුතු දේශපාලන කතිකාවක් තිබුනද, ඇතිකල යුද තත්වයකදී කැමිති උනත් නැතත්, එයට මුහුණ දීමට අවශ්‍ය පියවර ගැනීම එය මෙහෙය වන ඉහල නිලයන්ගේ හා දේශපාලන පාලකයන්ගේ වගකීමක්. යමෙකු සෙබලෙකු ලෙස යුද බිමේදී මියැදීම එයට එක්වීමේදී, ඔහුද බලාපොරොත්තු වන්නක් වුවද මෙලෙස නිරපරාදේ තම ජීවිතය බිලි දීමට සිදු වීම කවරකුගේ හෝ ජීවිතයේ අයිතියට, වටිනාකමට, නිගරු කිරීමක්... පාරමී කුලතුංග ඝහතනය, මුලතිවු කදවුර බිඳවැටීම වැනි දෑ එවැනි සමාන සිද්ධ වනවා. මා රූපවාහිනියේ වැඩකල සමයෙහි "කොටි හඬ" සිදුකල පහරදීමට ප්‍රථිචාරයක් ලෙස රූපවාහිනියට හා ගුවන්විදුලියට පහර දීමක් ආරංචිය මත සිදුකල ආරක්‍ෂක මර්මස්ථාන ප්‍රධානීන්ගේ සාකච්ඡාවක් එකල පැවතුනි. එහිදී බහුතරයක් මූලිකව ගෙනහැර පෑවේ, කොටි පැමිනි පසු දුවන, සැගෙවෙන ඉසව් පිළිබඳවය. මම එහිදී අප රටේ පවතින යුද ඉතිහාසය තුල LTTE ය විසින් කරන ලද සූක්ෂම වෙනස්කම් හා උපායන් පිළිබඳව උදාහරණ සහිතව පෙන්වමින්, පැමිණි පසු දුවන තැන් නොව, නොපැමිනීමට හැකිවන පරිදි අපගේ දුරුවලතාවයන් පෙන්වා දීම මත සතියක් තුල ඒ දේ සකසා ගැනීම සිදු විය. දිගම්පතන අපරාධය ද එවැනි පෙර නොදැක්ක නිලධාරීන්ගේ වරදින් සිදුවූ අපරාධයක්ය. මෙහි වගකිව යුත්තන්ට නිසි දඩුවම් ලැබුනා දැයි සැක සහිතයි. නිකරුනේ දිවි සමුදුන් සැමට මාගේ බලවත් සංවේගය...😢

  • @madhawawijesinghe433
    @madhawawijesinghe433 7 місяців тому

    මට ඒ කාලෙම හම්බ උනා දිගම්පතහ ඇටෑක් එකෙන් බේරුනු නාවික සෙබලෙක් එයා හිටිය කිව්වෙ බොරලු කන්ද ගාවම කන්දට මීටර් පනහක් විතර එහා පැත්තෙ බස් දෙකක් අතරින් ආවලු ට්‍රක් එක එච්චරයි ලු මතක කන්අඩි දෙක පැලෙන්න ආපු සද්දෙ නැතිවෙද්දි පලාතම ඉවරයි කිව්ව...😢😢

  • @upulpriyantha2362
    @upulpriyantha2362 7 місяців тому

    🙏🙏🙏🙏

  • @SanaR...75
    @SanaR...75 7 місяців тому +1

    😢❤

  • @madurasanjeewa9537
    @madurasanjeewa9537 7 місяців тому

    Adaraniya ranawiruwani obata niwan suwaya.sir oba karana sawaya agaya karami.

  • @urypassarabalangoda8637
    @urypassarabalangoda8637 7 місяців тому +2

    Very Sad story......and a disaster

  • @nowtywasa2391
    @nowtywasa2391 7 місяців тому

    🙏🖤🙏

  • @jagathLiyanage-f5s
    @jagathLiyanage-f5s 7 місяців тому +2

    මේ සම්බන්ධ පරීක්ෂණ මේහෙයවු පොලිස් පරීක්ෂණ සම්බන්ධව තොරතුරු ඔබ විසින් මගහැර ඇත.කනගාටුදායකයි...😢😢😢😢👎

  • @NihelSenadeera-vi7yz
    @NihelSenadeera-vi7yz 7 місяців тому +1

    Mesiddiya wenakota man hitiye dabulla market eke man as dekata dakka ape kollanta wela thibunade😢😢😢😢😢😢😢😢😢😢😢

  • @maheshsushantha4783
    @maheshsushantha4783 7 місяців тому

    🔥

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 7 місяців тому +5

    ඔතන ඉස්සරහා කඩයක් තිබ්බා ඒ ගෙදර මනුස්සයෝ කියල තියෙනවා ඔයාලා ගියාට පස්සේ ට්‍රක් එකක් වේගෙන් ඇවිල්ලා ඇතුලට දානවා පොඩ්ඩක් බලන්න කියලා ඒත් ඒක ඔය කොන්නොවු එක බාර නිලධාරින් කිසිම සෙවිල්ලක් කරලා නෑ

  • @easterninnovationscars999
    @easterninnovationscars999 6 місяців тому

    එදා අපි පොලොන්නරුව ඉදලා එනවා සිගිරියන්න. ආමි එකෙන් ඔය දිගම්පතන කියන තැන දෙපැත්තේ වහන නවත්වනවා ආමි වාහන හරවන්න. කොම හරි අපි ඒ තන පාස්කරන කොටම ඩෝං ගලා හෙන සද්දයක් එක්ක ලොකු හුලගක් එක්ක දුමක් ආවා. අපේ වාහනය පාරෙනුත් පැනලා නැවතුනේ. ආපිගිය වෑන් එකෙනුත් ලෙඩ්ඩු ගෙනිච්චා 🥲🥲🥲

  • @dinushajayawardana-es1eg
    @dinushajayawardana-es1eg 6 місяців тому

    Apo kollo pau.koti hethikaretanam hodak wenna epa.un apayatama yanna oni

  • @LankadheeraLiyanage
    @LankadheeraLiyanage 7 місяців тому +1

    එහෙම අතීතයක් අපි පසුකලානෙ.

  • @nuwandzanayake9875
    @nuwandzanayake9875 7 місяців тому +2

    මොනව උනත් මේක හරියටම කරන්න කවුරුම හරි එකෙක් පාවල දීල තියෙනවා... නැති උනේ රටේම මොරාල් කොල්ලෝටික.❤😢

    • @neelthusharaonline
      @neelthusharaonline 7 місяців тому

      ඒක ඇත්ත සිංහල පව්ලක් තමයි කොටින්ට උදව් කලෙ පසුකාලිනව අපෙ බූද්දි අංශය විසින් හොයාගත්තා අපෙවූන් මලූ පව්ලම මරලා දැම්මා දෙශක් දොහියොටික

    • @sampashami7996
      @sampashami7996 6 місяців тому

      ​@@neelthusharaonline මම දන්න තරමට ඒ සිංහල පවුලක් නෙවෙයි..ඌ දෙමල හැබැයි උගේ ගෑණි සිංහල..ඔය සිද්ධියෙන් පස්සේ දෙමල එකාට වෙච්ච දෙයක් නෑ.හැබැයි උගේ ගෑණි පුතාලා දෙන්නා ඉන්නවා..එක පුතෙක් මහණ වෙලා..ඔය විස්තර මම දන්නේ දෙමල එකාගේ ගෑණි තමයි මා එක්ක කීවේ..ඔය දෙමල එකා පුතාට ,ගෑණිට කියලා තියෙනවා දිගම්පතහ ඉස්කෝලෙට බෝම්බ තියන්න යන්න කියල

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 7 місяців тому

    ❤❤❤❤❤❤❤Sl navy ❤❤❤❤❤❤