I have travelled on this road it becomes a very calm serene atmosphere on this road. I lovely to see you loving nature this way we need more people like you on this earth
solo hiker mama kellek unata ayye oyage vedio balanawa super yanna denne puluwannam matath aniwarenma yanawa 🥺loke tiyena hemadema tawa penwann super men💪❤️
இந்த வீடியோவுக்கு நன்றி நண்பா. இலங்கையில் பிறந்து வளர்த்தாலும் எனக்கு இந்த அழகிய இடத்துக்கு செல்லவோ இந்த இயற்கையே ரசிக்க சந்தர்ப்பம் வாய்க்காவில்லை. நன்றி வீடியோவுக்கு. From USA ROHAN 👍👍👍👍🙏🙏🙏🙏
යකාගේ පඩිපෙළ කියූ සැනින්ම එහි නොගිය කෙනෙකුගේ සිතෙහි මැවෙන මනක්කල්පිත චිත්ත රූපයකින් එය මෙසේ වන්නට ඇතැයි සිතා එහි කවදා හෝ යෑමේ සිතෙහි ඇති බලවත් පෙරැත්තක් සහිතව කාලය ගලා යත්ම, යටි සිතෙහි ඒ කෙරෙහි ඇති වූ බලවත් ආශාව කාලයත් සමග ඉස්මතු වී එය සැබැවින්ම විඳීමට මා වාසනාවන්ත විය,
උදෑසන වරුව පසුවී දහවල උදාවත්ම මා පිවිසියේ සුන්දර හපුතලේ, බොරලන්ද ඉසව්ව පහුකරමින් ඔහිය වෙතට දිවෙන වෙනස්ම පරිසරයකටය,
දෙපසින් මහා උසට වැඩුණු රූස්ස ෆයිනස් වනාන්තරයක් මැදින් වැටුණු අඳුරු ස්වභාවයක් ගන්නා මෙම මාර්ගයෙහි ඇති අඳුරු මෙන්ම ගුප්ත ස්වභාවය කෙමෙන් කෙමින් වැඩිකිරීමට ඈතින් ගලන වැහි මන්දාරම සමත් වත්ම,වැස්සෙන් හරි හැටි ආරක්ෂා වීමට අපොහොසත් වූ මා සිතින් මිමිණුයේ "අද තෙමිලා හරි කලුපහන හොයාගෙන මිසක් හැරෙන්නේ නෑ " කියාය ,
මොහොතක් ගතවෙත්ම වැහි බිඳු එකින් එක ගලා එත්ම රූස්ස මහ වනාන්තරය මැදින් දිවෙන සුන්දර මාර්ගය දිගේ යතුරු පැදිය පණගන්වා ගමන් ආරම්භ කල මා තරමක් තෙත් බරිත වූවත් සිතෙහි ඇති කුතුහලය ඉහළින්ම පැවතීමට තරම් මෙම මාර්ගය සමත් වූයේ එහි ඇති වෙනස්ම ආකාරයේ සොබා ලක්ෂණ නිසාය,
ඉතුරු ටික මේකේ Reply Comment එකේ
මිනිත්තු 20 ක පමණ කාලයකට පසුව ඔහිය මගපෙන්වීමේ කණුවක් ලඟ නැවතුනු මා සිතියම විපරම් කර බැලූ විට මාගේ ගමනාන්තය සඳහා එළඹිය යුතු මාර්ගය තවත් කෙටි දුරකින් එළඹෙන බව පෙන්වත්ම මදක් ඔහිය නැවතී සිට නැවත ගමන් ආරම්භ කරත්ම කෙටි දුරකින් සුන්දර ඔහිය දුම්‍රිය ස්ථානයට ලඟාවිය, සුන්දරත්වයෙන් අනූන වූ ඔහිය දුම්‍රිය ස්ථානයෙහි තරමක් කාලය ගත කර නැවතත් මා ගමන ආරම්භ කලේ ඉර අවරට යෑමට පෙරාතුව කලුපහනට ලඟාවීමේ අදිටනි,
මීට පෙරාතුව මා හට මුණ ගැසුණු මාර්ගයට හාත්පසින්ම වෙනස් වූ දිව්‍යලෝකයක් බඳු වූ මාර්ගයකට මා ඇතුල් වත්ම, වැසි බිඳු වලින් තෙත්වූ ගතින් තරමක් අපහසුව සිටි මාගේ තෙහෙට්ටුව අතුරුදහන් වන්නට විය,මෙය දිව්‍යලෝකයකි සෑම අතම වැසි බිඳෙන් තෙත බරිත වූ හරිත වර්ණයෙන් බැබැළෙන්නා වූ තුරු ගොමුද , ඈතින් ගලාගෙන එන්නාවූ සීතල මිහිදුම් සේලද , මා සිටින්නේ දිව්‍යලෝකයක බව හඟවන්නට තරම් සමත් විය ,
මා සිටින්නේ -------- නගරයේ දැන් මා හට සිතෙන්නට තරම් මෙහි සුන්දරත්වයෙන් පිරී තිබුණි , වචන නොමැත එය පහදීමට තරම් වචන වලින් මා පොහොසත් නැත රූපරාමු තුලින් එය විඳගැනීමට තරමක් හෝ හැකි වේවායි කියා මා සිතමි,
හෝර්ටන් තැන්නට පිවිසෙන මාර්ගයද මෙයම වන අතර යකාගේ පඩිපෙළ මාර්ගයට පිවිසීමට මේ මාර්ගයේන් වමට ඇතුල් වී දුෂ්කර මාර්ගයක ගමන් කළ යුතුව ඇත,
එසේ හැරීමට ඇති මාර්ගය පසු කර මාර්ගය තරමක් මගහැරුණු මා එයට පසුතැවීමට තරමක් හෝ සිතට ඉඩක් නොදුන්නේ එය නිසාම තවත් මනරම් දසුන් මාගේ නෙත ගැටුනු නිසාය ,
මා දැන් සිටින්නේ යකාගේ පඩිපෙළේය, කලකට පෙරාතුව මා දුටු සිහිනය දැන් හැබෑ වී ඇති අතර සතුට උතුරා යන සිතකින් ඈතින් ගලන මීදුමත් සමඟ ගැඹුරු හුස්මක් ගත් මාගේ පෙනහළු දක්වාම එම පහස මට දැනුණි, එය මාගේ ශරීරයට කලකින් ලැබුණු හොඳම හුස්මකි, ගතම ප්‍රාණවත්ව ඉදිරියට ඇදි මා මාත් සමඟම දොඩමළු වෙමින් පහළට ඇදෙන්නට විය, එහි සුන්දරත්වය රූපරාමු තුලින් විඳීමට ඉඩ හරිමින් මම ඉදිරියට යන්නම්,
ගම්මානයක සුලඟක් ඈති ගත දැවටෙන්නට විය , වගාබිම් කිහිපයක් පිහිටා ඇති මෙම ප්‍රදේශය තුල යහමින් කැරට් බීට් වගාකර ඇති නමුත් අස්වැන්නෙහි විශාල අඩුවක් පෙනෙන්නට විය , මෙහි ජීවත් වන්නා වූ ගම්මානයේ ගෙවිළියන් තිදෙනෙකු නෙත ගැටුණු අතර ඔවුන් එදිනෙදා ජීවිතයේදී ඔවුන්ට අත්‍යවශ්‍යම කරන දර සොයා වනාන්තරය තුලට වැද දර හිස මත තබාගෙම ගම්බිම් බලා යමින් සිටියේය, මෙම ගම්මාන තුල ගෑස් නැත විදුළියද නැත , ඇත්තේ දර ලිපක් සහ කුප්පි ලාම්පුවකි, එරක සේයාව අඩුවෙන් දකින විඳින මෙම ගම්මාන වල ජීවිත අපිට පෙනන තරමට සුන්දර නැත එය සම්බන්ධව වැඩිදුර විස්තරයක් මෙන්ම මේ ගම්මාන වල ජීවත් වන ළමුන්ගේ අනාගතයට උපකාරයක් වනු වස් අපි සියළු දෙනා ඉදිරියේ වැඩසටහනකට එකතු වෙමු යන පරමාර්ථයෙන් ගම්මානයෙන් දුරස් වත්ම,
ළමා කාලයේ මා රසවිඳු පන් පසිඳුවන්ගේ ගම්මානයේ සිටි සුන්දරත්වය මට මතක් විය , ඈතින් තණ උලා කමින් සිටින එළුවම් රංචුවක ඊට ඉහළින් සුන්දර වගා බිමකි, පහළින් ගලා යන දොළ පාරකි වෙහෙස නිවා ගැනීමට තරමක් එහි නැවතුණු මා බෑගයේ තිබූ බිස්කට් පැකට්ටුවක් ගෙන ඉන් එකක් එළු නාම්බෙකුට දික් කල අතර නොසිතූ විලස ඌ එය තලු මර මර රස විඳි නිසා සන්තකයේම මා සතුව තිබූ බිස්කට් පැකට්ටුව එළු රංචුවම අතර බෙදා ගත් මා එයින් සතුටින්ම මාගේ කුස පුරවා ගත් පසු නැවතත් යකාගේ පඩිපෙළ දිගේ ගමන ආරම්භ කලෙමි,
ටික වේලාවකින් පසුව මාගේ ගමනේ රසවත්ම ස්ථානය හමුවන්නට විය මෙය මාර්ගය හරහා සමාන්තරව වැටී තිබුණු පාළමකි එහි මා ලඟා වත්ම දහවල් ආහාරය සඳහා එය සුදුසු කලක් වී තිබූ බැවින් ගිමන් නිවා එහි පහස විඳිමින් වේලාවක් ගත කල මා එයින් පසුව ගමන් ආරම්භ කලෙමි,
රූප රාමු තුළින් මේ දක්වා සිදුවීම් සමඟින් ඔබ වෙත ගෙන ආ රූප පටයේ රස විඳීමට ආරාධනා කරමින් මෙතනින් නවතින්නම්,
මීලඟ කොටස .....
කලුපහනට වන්නට ඇති මාරගයේ එක් අතකින් වනාන්තරය තුලට දිවෙන පාරක මග වැරදී ගමන් කල මා හට මුණ ගැසුනේ මහ වන්නතරයේ සැඟවී තිබෙන දුක්බර කතාවකට මුල පුරන ගම්මානයකි, එහි විස්තර ලබන සතියේ ගෙන ඒමට පොරොන්දු වන අතර
මෙම ගම්මානයේ ජීවත් වන දරුවන්ට උපකාර කිරීමට මා සිත් තබාගත් අතරම ඒය තනිව මා හට කල නොහැකි දෙයක් වන නිසාම පෙර දවසක මා පොරොන්දු වූ පරිදි අපි කණ්ඩායමක් සමඟින් ඉදිරියේදී මෙම ගම්මානයෙහි වෙසෙන දරුවන්ට හීන අරන් ඒහි යන බලාපොරොත්තුවෙන් ලබන සතියේ හමුවෙමු ඔබ සැමට ජය 🙏💙❤🍃
- Solo Hiker -
Ube number eka daapnkoo yaalu
වීරකැටියෙ එන්න දවසක.. අයියේ.. ඊයෙ තමයි Tea Time Session එකෙන් අනුරාධ සර්ගෙ .. අයියව දැනගත්තෙ.. පට්ට 🍂✊👣
@@Ceylonsolohiker ❤️
අය්යගෙ චැනල් එක දැනගත්තෙ ඊයෙ අනුරාධ සර්ගේ මීටින් එකෙන්. ඊයෙම සබ්ස්ක්‍රයිබ් කරා. චැනල් එක බලන අයට කියන්නෙ මේ අය්ය නිකන්ම නිකන් ට්‍රැවල් කරන සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. මොරටුව ඉන්ජිනියර් ෆැකල්ටි ඉන්න සුපිරි උගත් වැඩ්ඩෙක්.💫. ආදරෙයි සහෝදරයා . සුබ අනාගතයක්...💫💫❤
මාත් ✊
උදේ පාන්දරම සීතලේ hand free දාගෙන full screen දාලා මාත් මේ එක්කම travel කලා 😊❤️
Thanks aiye..එදා අනුරාධ සර්ගෙ tea time session එකේදි ඔයා අපිට හීනයක් ගෙනවා...අමතක කරන්නම බැරි 😍
Good luck අයියෙ...පරිස්සමෙන් travel කරන්න❤️⚡⭐
ස්තූතියි නංගි ❤️💚
traveling වලට තිබ්බ ආසාව ගොඩාක් වැඩි වුනේ අයියගේ වීඩියො නිසා 🙂හරි නිදහස් අයියෙ 🍃ඇත්තටම පරිසරයේ ඔහොම ජීවත් වෙන්න පිනක් තියෙන්න ඕනෙ🥺....පරිසරයේ ඉන්න තරමට අපේ හිත නිදහස් බව වැඩි...ප්‍රශ්න ගොඩක් අමතක වෙනවා...බෙහෙත් වලට වඩා අපේ හිත සුවපත් කරන්න පුලුවන් එකම කෙනා ස්වභාදහම...🍃අයියා ඒක උපරිම විදිනවා🌼✨සතුටුයි තව කෙනෙක් ගොඩාක් සතුටින් නිදහසේ විදිනවා බලනකොට....අපිවත් හැමතැනම එක්කන් යනවට පින්....ගොඩාක් පින් අයියගේ අම්මගේ තාත්තට ඔයා වගේ දරුවෙක් රටට දුන්නට🍃🥰.....තව තව ලෝකෙ සැරිසරන්න මේ හුදෙකලා මන්සරන්නට ශක්තිය ලැබෙන්න ඕනෙ ....🍃🌸 තෙරුවන් සරණයි අයියේ 🥰
තෙරුවන් සරණයි නංගි බොහොම ස්තූතියි 💙🍃❤
යන්න බැරි අපිව මේ ලස්සන තැන් වලට එක්ක යනවට පුතාට පින්. සමහර වෙලාවට ගොඩක් බය හිතෙනවා ඔයා කරන දේවලට. තනියම යන නිසා. ඔයාට තව තවත් ධෛර්‍යය ශක්තිය ලැබේවා!
බොහොම ස්තූතියි ❤🍃💙
වාසනාවන්තම කොල්ලෙක්....ජීවිතේට වයසට ගියහම ආත්මයම තෘප්තිමත් කරගන්න, හොද අත්දැකීම් එකතු කරගන්න කොල්ලෙක්❤😊
thank you aiya.. Eeye anuradha sirge class eke krpu meeting eka godak watinawa..
හදවතේ සංචාරකයා 💜️💚🖤
" SOLO HIKER"💜️😍💫 ඔයාගේ වීඩියෝ බලනකොට තනියම ඇවිදින්න යන්න ආස හිතෙනවා අපිටත්.😊❤️
❤💙🍃🙂
මේ රටෙ ලස්සන ලෝකෙටම පෙන්නහන් මචං..ජයවේවා ❤ Solo hiker
ඔය දැනෙන feeling එකනම් වෙන කොහෙන්වත් ගන්න බෑ..යන්නම ඕනී.මාරම ගමනක් තමයි ඒක.😍😍🤟
අනිවාර්යයෙන්ම 🖤❤💙
ඔහොම කියද්දි අපිටත් යන්න හිතෙනවා.
ඊයේ දුන්න motivation එක පට්ට..... ❤️🔥 Als ලියන අයට වෙනම motivate වෙන්න වීඩියෝ එකකුත් දාන්නකෝ අයියේ... තව එකක්
මීට කලින් මම අය්ය ගැන දැන ගෙන හිටියෙ නෑ.... ඊයේ තමයි දැන ගත්තෙ..... Live එක අතරෙම ඇවිත් subscribe කරල ආව..... දැන් නම් ලොකුවට අයියගෙ videos බලන්න වේලාවක් නෑ ඒත් exam වැඩ ඉවර කරල දිගටම අයියගෙ videos බලනව... 🥰🥰🥰මාරම ලස්සනයි අය්යේ videos සුපිරියි.... 🔥🔥❤️❤️🥰🥰 ඒ වගේම ගොඩක් ස්තුතියි අයියේ ඊයේ කියපු හැම දේකටම..... අපිට ඒවා මාර වටිනව thank you so much..... 🥰🔥🔥❤️❤️අපේ Sir නිසා තමයි අපිට ඒ අවස්ථාව ලැබුනෙ 🥰🥰🥰🔥🔥🔥🔥❤️❤️❤️❤️
ඇත්තටම අයියේ ඔයාට ගොඩක් පිං අපි මේ ඉන්න දිව්‍යලෝකේ ලස්සන අපිට පෙන්නනවට. මේ වීඩියෝ බලනකොට තමා හිතෙන්නේ මේ මගේ රටේ සුන්දරත්වය වෙන රටවල් ඇත්තටම නෑ .කියලා .සුබ පතනවා අයියේ ඔය සුන්දරත්වය අපිට හැමදාම පෙන්නන්න ඔයාට හැකියාව ලැබෙන්න කියලා.❤️😊
බොහොම ස්තූතියි 💙🖤❤
සීතල, මීදුම, ජීවය පිරුණු ගහකොළ සහිත නිස්කලංක පරිසරය හිතට ලොකු නිදහසක් ලබා දෙනවා...
බොහොම ස්තූතිය ඒ නිදහස හිතින් හරි අපිටත් විදින්න සලස්වන එකට මේ videos ඇතුලේ අපිත් ජීවිත් වෙනවා වගේ හිතෙනවා බලනකොට 🙏🙏
හදවතේ සංචාරකයා ♥️💙💚
බොහොම ස්තූතියි ❤💙🍃
සුපිරි 👍👍👍
Youteube එකෙ tavaling වැඩ සටහන් වලින් වෙනස්ම අත්දැකීම් ලබා දෙන solo hiker ඔබට ජය .සෙනග ගොඩාක් මැද්දෙ ඉදන් වීඩියො එක බැලුවත් මමත් ඔබත් එක්ක තනිවෙනවා වාගේ හැගීමක් දැනෙනවා. ඔබේ නැවුම් අදහස් වලට මම ගොඩාක් ආසයි .බුදුසරණයි මල්ලී .
බුදුසරණයි අයියේ 💙🖤❤
අනුරාද සර්ගේ ක්ලාස් එකෙන් ආවේ........❤️
Exm ලගයි නේ
අයියත් එක්ක කොහෙ හරි යන්න තියෙනවනම් කියලා හිතුන වාර අනන්තයි 🥺🍃☘️❤️
හම්බෙමු දවසක
ඇත්තටම මම දන්නවා ඔය ඔහිය ගමනේ රස,..ලස්සන,.
බයික් එකක් පිටිපස්සේ වාඩිවෙලා යනකොට.ඒ අත්දැකීම ආයෙ ලැබුණා වගේ මට. Solo කිව්ව විදිහටම මම ඔයා වෙල ඒ ගමන ආයෙම ගියා.
බලා ඉන්ඩ ආසයි soloගේ මේ ඉදිරිපත් කිරීම.
සැහැල්ලුයි, ඒත් සම්පූර්ණයි.
තනියම යන්ඩ ඇත්තං කියලා හිතුණා. ඒත් බෑනෙ.
පරිස්සමින් යන්ඩ.තෙරැවන් සරණයි ඔයාට.❤🌳🍃🙏
හරියටම මීට මාසෙකට කලින් මමත් මේ හීනේ සැබෑ කරගත්තා. 19km පමණ දුරක් අපි පයින්ගමන් කලා. අපි ගමන ආරම්භ යේදී මීදුමෙන් මුළු මාර්ගය සහිත ප්‍රදේශය වැසි තිබුණා. මීදුම අතරින් මේ මාර්ගයේ ගමන් කරද්දී දැනුනේ හරියට සුරංගනා කතාවක් ඇතුලේ ඉන්නවා වගේ හැගීමක්.
ඔහොම කියද්දි අපිටත් යන්න හිතෙනවා
Camp kalada nathnm one day giyada
එක දවසින් යන්න පුලුවන්ද
මාත් තනියම යන්න හිතාගෙන ඉන්නෙ මේ මාසෙ යනවද නැද්ද කියලා කල්පනාකරකර ඉදිද්දී මේ වීඩියෝ එක දැක්කේ දැන් නම් අනිවාර්යෙන් යනවා 😂❤️
Videos දානවා මදී 🥺 සතියකට දෙකක්වත් ඕනි අනේ අයියේ ❤💙🌿🌺
අනේ හරි අමාරුවෙන් මේකත් දාන්නේ නංගි උගන්නන වැඩත් එක්ක
පරිසරය නම් ගොඩක් ලස්සනයි. ඊලඟ කොටස බලන්න ඕන ඉක්මනටම.
ඒ ගමේ ජීවත්වෙන දරුවන්ට උපකාර කරන්න ඔබ ගත්ත තීරණය ඉතාම වටිනවා. මමත් කැමතියි ඒ වෙනුවෙන් මට හැකි පමණින් දායක වෙන්න. බොහොම ස්තුතියි ඔබට !
💙❤🍃
මට හරි ලස්සන දෙයක් මතක් උනා මචං උඹ තනියම බයික් එකේ යද්දි සේපාලිකා මලයි කියල සිංදුවක් කියද්දි, මම ජීවිතයෙ ගොඩාක් තැන් වලදි තනියෙන් ගත කරපු ගත කරන්න ආස කෙනෙක් මමත්, මමත් බයික් එකේ යද්දි කරන්න ආසම වැඩක් තමයි සිංදු කිය කිය බයික් පදින එක ❤️ ඇක්සිඩන්ට් උනාට පස්සෙ මට මේ රටේ තත්වෙත් එක්ක එයාව හදාගන්න තරම් වත්කමක් නෑ මට, ස්තුතියි මතක අළුත් කරාට මගෙ ❤️😋
අඩේ 😔❤🖤
හදවතේ සංචාරකයා ❤️❤️
අදත් දාපු ගමන් බැලුවා 🥺❤️
බොහොම ස්තූතියි ❤🍃💙
@@Ceylonsolohiker adarei ayiye 😍❤❤❤️
උබේ වීඩියෝ හරිම ගුණාත්මකයි කොල්ලෝ..😍
බොහොම ස්තූතියි ❤🍃💙
අම්මෝ අයියේ ඒක නම් පිස්සුවක්❤️ ඒ Feeling එක බලන අපිට මෙහෙම නම් Travel කරන ඔයාට කොහොම ඇති ද..,ආදරෙයි Solo hiker
ආදරෙයි මලයා ❤💙🍃
යකාගේ පඩිපෙළ වීඩියෝ ගොඩ ක් බලලා තිබුණත් පුතා තනියම යන මේ ගමන වෙනස්ම සුන්දර වීඩියෝ එකක්. බදු සරණයි!
ගොඩ ක් ස්තුතියි
පරිස්සමට
ජයවේවා!
බොහොම ස්තූතියි ජයම වේවා 💙❤🍃🙏
මාත් කවදහරි දවසක ලංකාවෙ හැම සුන්දර තැනක්ම හොයාගෙන යනව මේ වගේ. පට්ට feeling එකක් 😊❤
ඒ වගේ තැනක හැමදාම ජීවත් වෙන්න තියනවනම් ♥️🍃
🥺🍃❤💙
ඇත්තටම අයියෙ ඔයා මාර පිංවන්තයි.මම ඔයාගෙන් ඔය හැමතැනකම සුන්දරත්වය විදිනව.තනියම ඒ විදින අද්දැකීම මටත් දවසක විදගන්න ලැබේවා කියල පාර්ථනා කරනව.ඔයා අපිව මිහිපිට දිව්‍යලෝකයට අරගෙන යනව අයියෙ.කියන්න වචන නෑ මට.❤️අන්තිමේට කියන්න තියෙන්නෙ බයික් එකේ හිමින් යන්න හොදෙ🙃good luke.❤️👊බුදු සරණයි .ආදරෙයි solo hiker හැමදාමත්.❤️❤️❤️❤️❤️❤️❤️❤️
බුදුසරණයි මල්ලි ❤💙🖤
වැලි වංගුව ගාව මම කෑම්ප් කරේ යකාගෙ පඩිපෙල මේ තරම් ජනප්‍රිය නෑ හැබැයි එක දෙයක් අදටත් එදා වගේමයි කිසිම වෙනසක් නෑ. ඕකෙ යද්දි ඉස්සර මැද හරියෙ පස් කදු කඩාවැටෙනව නිතර. පාර නම් වැහි කාලෙට පස්සෙ හොද වෙනව තැනින් තැන. මම කියන්නෙ පරිසරය රැකල එිකට ආදරය කරල විදල එන්න. උඹට ජය මල්ලී, දිනේශ් අයියල උඹල ඇවිල්ල සුපිරි සංචාරකයෝ ආසයි බලන්න ♥️♥️
කියන්න වචන නෑ අයියේ දිව්‍යලෝකයක්.❤️❤️ ඔයා පිං කරලා තියනවා අයියේ ඔය සුන්දරත්වය හැබැහින් විදින්න අපි පිං කරල තියනවා ඔයා හරහා ඒ සුන්දරත්වය විදින්න. ජය වේවා අයියේ තවත් ඉදිරියට යන්න. ❤️🥰🥰😍🍃🌱💚
හීනෙකින් ඇහැරුවා වගෙ video එක එක වැර ඉවර වෙද්දී අයියේ 💙🍃 video එක ගැන කියන්න වචන නෑ අයියේ යකාගේ පඩිපෙළේ video කොච්චර බැලුවත් හිතට වැදුනේ මේක අයියේ ඒ ට් තනිකමත් මාර feeling එකක් අයියේ 💙🍃🌿❤️
ස්තූතියි මලයා ❤💙🍃
@@Ceylonsolohiker ❤️💙🌿🍃
ගොඩක් ලස්සනයි මල්ලිඔයත් පරිස්සමින් බුදුසරණයි 🌹
ඉතා වටිනා වැඩසටහනක් . පුලුවන් නම් ඉදිරි වැඩසටහන් සම්පූර්ණ ඉංග්‍රිසි උප සිරස්තල සහිතව දමන්න. ලොකු වටිනාකමක් ලැබේවි. විදේශිකයින්ටත් බලන්න පුලුවන් වේවි.🙏👍🇱🇰
You are very clevet
අය්යේ.. ඔයා ගිය පාරේ ඔය විදිහටම කිසිම වෙනසක් නැතුව අපිත් ගියා..හැබැයි පයින්. ඊලග වීඩිඕ එකේ වගේ ඒ පාරෙම ඇවිදලා බඹරකන්ද යට කෑම්ප් කරලා කලුපහනින් බැස්සා.23km වගේ එක දවසට ඇවිදලා.අපි ගියේ 22කේ අගෝස්තු.ඇස් දෙකෙන් දැකපු දේවල් ගැන වචන නෑ කියන්න ඒ අත්දැකීම මාරයි.ඔයා කරන වැඩ ටික හොදටම කරන්න.මාත් අනුරාද සර්ගේ එකෙක්.දැන් කැම්පස් එනකන් ඉන්නේ.ජය වේවා ❤
ඔහියේ ඉදන් horton plains යන පාර තමා මන් ආසම.පාර.දිව්‍යලෝකේ වගේ ❤🌿🍃
අම්මො ඔව් 💙🍃❤
උදේ පාන්දර නැගිටපු ගමන් බැලුවෙ ඔයාව❤
oya yanne thaniyama neweyi🙃 apiwath ekkagena.. eekata godaak pin ayye🌏🌳💚❤
හුදකලාවෙ වීරයා solo hiker😌💙 ඔන්න බලන්න කලින් කමෙන් එකක් දාන්න ආවා මොකො බලලා කමෙන්ට් කරන්න දෙයක් නැ අයියාගෙ වැඩ කොහොමත් සුපිරි පරි✌️💚😍
මාත් එක සැරයක් ගියා පුදුම ලස්සනක් තියෙන්නේ .. ලංකාවේ තිබෙන ලස්සනම තැනක්👌
kochchara travelling dewal thibbath solo hikerge ewa thamai niyama💕💕💕❣❣❣❣❣🧚🧚
Wow what a beautiful nature Thankyou for exposing our mother land endless beautiful
ලස්සනම ඔයා එළුපැටව් එක්ක කතා කරන විදිහ 🤍 සොබාදහමට ආදරේ කරන විදිහ 🤍 ඒක අමුතුයි ලස්සනයි
Good Luck Solo Hiker 🧚🏼♀️🤍
Thank u 💚❤️
I have travelled on this road it becomes a very calm serene atmosphere on this road. I lovely to see you loving nature this way we need more people like you on this earth
Thank u so much
සුපිරිම තමයි ඉතින් නියමයි නියමයි මල්ලි
Stress release කරන්න බලන්න හොදම වීඩියෝ එකක්❤️
වචන මදි ලියන්න ඒ සුන්දර දසුන්, ආත්මීය භවාත්මක තලයක පරිපූර්ණත්වයට ගෙනයන සිතිවිලි අවදිකළා....අපේ ලංකාවේ මේ පිහිටීම තුල, පෘථිවි තලයේ බොහෝතැන් එකට කැටිකොට එක් ගුලියක් කර ලබාදුන් උත්තම දායාදයක්...අපි පුරවැසියන් ලෙස, ඒ භූමිය උපරිමයෙන් රැකගනිමු....ප්‍රණාමය Solo Hiker...🙏❤️🤗
බොහොම ස්තූතියි 🖤❤💙
පොඩි වැරදි නිවැරදි කිරීමක්. අයියා පයිනස් කිව්ව ගොඩක් තැන් වල තිබ්බේ ටර්පන්ටයින් ගස් 👣❤️ බුදුසරණයි අයියේ ජයවේවා ❤️👣😍🤗
ස්තූතියි මල්ලි ❤️❤️
@@Ceylonsolohiker ඔය නිහතමානීකම නිසාම තමා ඔයාට ගොඩක් අය ආදරේ ❤️🤗
ඔයා ගිය පාරේම අනිත් පැත්තට මං ගියේ බඹර ඇල්ල පැත්තෙ ඉදල ඔගිය ස්ටේශන් එක ගවට..යන මග තියන ලස්සන කියලා වැඩක් නැ..පොඩි පොඩි තැන්වල බයකුත් දැනුනා පාලුව ගතියයි කලුවර නිසයි..එත් ශෙප් එකේ ගියා..
Vedio එක දැකල මට මේ ටික කියන්න හිතුනා.
ඔයාටත් ජයවේවා..පරිස්සමෙන්..😍😊👍
මගෙත් ජිවිතේ ගිය ලස්සනම ගමන ඕක තමයි...හිතා ගන්න බැරි තරම් ලස්සන පාරක්
ඇගත් හිරිවැටෙනවා අයියේ වචනවලට🥺❤️
❤💙🍃
එලුවන්ට තිබුන කරුනාවතකම ❤ අපි ඊයෙ ගියා යකාගෙ පඩිපෙළ ..හරිම දුශ්කර ගමනක්..ඒ මිනිස්සු ,ලමයි හරිම පව් ගොඩාක් හුදෙකලා ලෝකයක්😢
හදවතේ සංචාරකයා.☺🍃 අයියගේ video බලද්දී තනියම traval කරන්න ආසයි ඒත් ඉතින් අපිට තනියම යන්න බැනේ🍃💙 කවදාහරි දවසක අයියා වගේ ඇවිදිනවා.
දවසක් එයි 💙🍃❤
ane oyata godak pin man monahri awlakin inna welawata takgala awilla balanna oyage videos.ada baluwe meka aththatama marama sanasimak thiyanna hitharata.lankawen pita jeewth unath a hagima hithata danawanna tharam oya marama talented kollek.ewagema oyata hodata liyannath puluwan athi kiyala mata hithanawa.mee charikawe lassana siduwilak aran pothak liyanna..mage punchi request ekak❤
අඩෝ පරිස්සමෙන් බොක්ක තනි අතින් බයික් එක control කරන් යන එක 😍😍😍😍
Me video nisa hitha niwena wara ananthai...obata pin..godaak sthuthi...
මීදුම අතරින් යනවා කියන්නෙ ඒක වෙනමම ලෝකෙකට යනවා වගේ.❤️🇱🇰🌿
🍃❤💙
පුතේ මටත් ලබන ආත්මයේ තමයි ඔය ගමන එන්න වෙන්නෙ මාදැනට අනතුරකට ලක්වී යන්න එන්න බැහැ ඔබට තෙරුවන් සරනයි.
ලංකාවෙද මේ කියල හිතාගන්න බෑ... මං කලින් කිව්ව වගේ දෙවියෙක් අයියෙ ඔයා... බුදුසරණයි ජය... ❤️❤️❤️🙏🙏🙏
මං වැනල් එකට අලුත්.අද ජොයින් උනේ.පරණ් වීඩියෝ එකින් එක බලන ගමන්.ඇත්තටම ආස හිතුනා මේ ජීවිතේට.මාත් කොල්ලෙක් උනානම් කියලා හිතුණා.
ඇත්තටම ලස්සනයි... දවසක අපිත් යනවා. ජය වේවා සහෝ ❤️
Godaak lassanai malli. Me lassana gena oyath godaaak parissamin gaman yanna jaya weva... hadavathinma suba pathanava
solo hiker mama kellek unata ayye oyage vedio balanawa super yanna denne puluwannam matath aniwarenma yanawa 🥺loke tiyena hemadema tawa penwann super men💪❤️
Lankawe hitiyata dekalath nethi peththk✌❤
ආස්ම කෙනෙක් ආසම පාරක ආසම කාලගුනේක 💗🥺
❤🖤🍃
අද video එක කියන්න වචන නෑ relaxing video එකක් බැලුවා වගේ...❤️ මීදුම අතරින් හරිත පැහැ දිව්‍ය ලෝකයකට..💚🍃
සුදු චූටි ලස්සනයි..🐏💗 හැබැයි ටිකක් ආඩම්බරයි වගේ.. 34:03 ලස්සනයි කිව්ව්හම තමා දුන්න බිස්කට් කෑවෙත්..😅
38:42 කියන්න බැරි තරම් ලස්සන තැනක්...😍 42:30 වටපිටාව ඇඳපු චිත්‍රයක් වගේ...❤️🔥🥺🥺
සුදු චූටි ලස්සනයි කිව්වම තමා කටක් කෑවේ මාත් දැන් දැක්කේ 😀🍃❤💙
මට කියන්න වචන නෑ අයියෙ 🥺ඔයා පට්ට පිනක් කරලා තියෙනවා මේ ලස්සන රටේ නියම ලස්සන ඇස් දෙකෙන් දකින්න ඒ හැඟීම විඳින්න 💓🍃 මමත් එක පාරක් ගියා එන්න හිතෙන්නෙ නෑ ඇත්තටම 🥺🌍🍃
මේ දවස්වල වැස්ස නේහ් bro...
දෙසැම්බර් අන්තිම,ජනවාරි වගේ යන්න තිබ්බේ...
👍👍
කියන්න වචන නෑ සුපිරී 😍❤️🔥
ඇත්තෙන්ම ඔයාගේ වීඩියෝ බලලා වෙනම ලෝකේකට ගියා වගේ අයියේ.හරිම ලස්සනයි🥰🙂🌼✨.ඔයාට බුදු සරණයි අයියේ....!
Puduma lassana lokayak meka... Video eka dakiddi puduma nidahasak danenawa jeevitheta.. amuthu hagimak danenne.. katha karanna hithenne nha e hagimema inna hithenawa.. math asai mehema ynna eth bari nisa me widiyata hari e lassana dakinawa.. thawa kochchara adda me wage lassana hudakala wunu gammana parisarayawal ape punchi lankawe... Ape lankawa diwya lokayak wage..me wage lassana rataka ipadenna tharam api pin karala thiyana ekata sathutui...
තව කොච්චර youtube travel චැනල් තිබ්බත් ඒ අමුතුම නිදහස් හැගීම දැනෙන්නේ solo hiker ගේ වීඩියෝ බලද්දී විතරයි. කියාගන්ඩ තේරෙන්නේ නැති අමුතුම ලස්සන හැගීමක් ඒක 🥺🥺💚💚💚💚
ඔය පාරේ පයින් ගියා අයියේ මාරම ලස්සනයි 🥺❤️💐
Rally really amazing and fascinating. Would like to visit Ohiya one day. Thank U fr the video.
ඔහියෙන් horton plains පාර කියන්නේ පිස්සු හැදෙන ලස්සනක් තියෙන පාරක්..😍🥰
අම්මෝ ඔව් 🍃❤💙
මල්ලි පුලුවන් නම් මේ අත්දැකීම් එක්ක podcasts ටිකක් කරන්න ❤❤ ජයවේවා ❤
ජයම අයියෙ❤️ ගිහිං නැති අයටත් පට්ටම experience එකක් දෙන්නෙ ඔයා🥰🙏
අම්මෝ සුපිරි මල්ලි. කියලා වැඩක් නෑ . Video එක දාපු ගමන්ම බැලුවා.
අපිත් යකාගේ පඩිපෙලේ ගියේ බොක්සර් එකේ තමා..සුපිරි වාහනේ ❤
💙❤🍃🖤
මාරම ලස්සනයි අයියේ vedio එක. ❤️. 🍃 gd luck 💚❤️
හැමදේම සාර්ථකම වෙන්න ඕන ❤
බොහොම ස්තූතියි 🍃❤💙
අදත් ලස්සන video එකක්. ❤🌿🍃❤ පරිස්සමෙන් අයියේ. බුදු සරණයි.
යන්න ආසාවෙන් ඉන්න තැනක්... නියමයි මේක ❤
දැක්කම ලෝභ හිතෙන ජීවිතයක් ❤️
අයියේ request එකක් දාන්න හිතුනා දොලුකන්දත් ගොඩක් සුන්දර කන්දක් පුලුවන් hike කරන්න අයියේ good luck, stay safe❤️🔥
♥️♥️♥️Marama lassana palathak math giya 6wenida giya marama lassni niskalanki gamana katukai hbai ita nodeweni sundarathwayak tiyenne
ආසම එකක් අයියා මමත් දවසක මගේ ලංකාවෙ හැම තැනම ඇව්දිනවා🇱🇰❤️🥺
හැමදාමත් වගේ අදත් සුපිරියක් අයියේ..🖤✨️
මලයා 🖤❤🍃
මේ තරම් පරිසරය එක්ක බැදිල නිදහසේ ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන්නෙ අතලොස්සකට ඒ අතින් අයිය හරිම වාසනාවන්තයි ජයවේවා 🍃😌🌼
Sir eka maru♥️
jayen jayama wewa aiya bro...... oyata godak pin apiwa me wage lassana than balanna ekkan yanawata....... laaptop eken baluwath phone eken baluwath aiyage vedios balanakota maarama maara nidahasak danenne. kiyanna wachana naha aiya me parisaraye sundarathwaya gana.......... api asawen balagena innawa thawa vedio ekak enakm.......
இந்த வீடியோவுக்கு நன்றி நண்பா. இலங்கையில் பிறந்து வளர்த்தாலும் எனக்கு இந்த அழகிய இடத்துக்கு செல்லவோ இந்த இயற்கையே ரசிக்க சந்தர்ப்பம் வாய்க்காவில்லை. நன்றி வீடியோவுக்கு. From USA ROHAN 👍👍👍👍🙏🙏🙏🙏
හැම video එකක්ම ලස්සනයි😍මේකත් සුපිරියක්.😌❤️යන ගමන් කිව්ව සිංදුත් මරු😁.love solo hiker❤️
😍 marama lassani aiye.හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නේ video එක බැලුවම🍃💚
පුදුම lassani
Kiyanna dan ne
Wistara keranna be👍👍👍🙏🙏🙏
හම්මො අද video එක ගැන කියන්න වචන නෑ.පුදුම මානසික සහනයක් දැනුන.අපෙ ඇසුත් පින් කරල තියෙනවා මෙහෙම විදින්න...ගොඩක් ස්තුතියි අයියෙ මෙ දෙවල් අපිට ලන් කරනවට..අයියත් පරිස්සමින් මේ දෙවල් කරන්න ලැබේවා කියල පාර්තනා කරනවා 💜️💜️
බොහොම ස්තූතියි නංගි ❤💙🍃
සැප්තැම්බර් මාසේ මම ගියා ඔය පාරෙම තනියෙන් ඇවිදන් ඔහියට කෝච්චියෙන් ඇවිත්. ඒ මතක ආයේ අලුත් උනා මේ වීඩියෝ එක බලද්දී ඒ ලස්සන ඒ විදිහමයි❤🥺🍃
❤❤❤❤lassanai malli ,lassana peththk ,mara nidahas peththk
ඒ හීන දිගේ අපිවත් එක්ක යන්න මල්ලි පරිස්සමෙන් 💚🍃
මමත් ගියා උදේ 7 විතර ohiya පාරේ හෝර්ටන් හරහා නුවර එළියට boralanda පැනලා 1km වලින් passe එක මිනිහෙක් හම්බ වුණේ නැහැ ohiya station එකට yanakam එතැන ඉඳල හෝර්ටන් තැන්නේ භාගයක් yanakan කවුරුත් හම්බ වුණේ නැහැ පුදුම bayak දැනුණා පළවෙනි සැරේ නිසා ඉක්මනින් ai යනවා