Dura Yanna (දුර යන්න) Official Music Video - Karunarathne Divulgane feat Nimesh Kulasinghe | Randika

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024
  • Subscribe to Nimesh Kulasinghe | www.youtube.co...
    Dura Yanna (දුර යන්න)
    Artiste | Karunarathna Divulgane
    Music Produced by Nimesh Kulasinghe
    Lyrics | Vajira Mahakanumulla
    Violin | Rukshan Gunawardena
    Bass | Nimesh Kulasinghe
    Mixing and Mastering by Amith Guru
    Video Directed by Sandesh Bandara
    Producer | Thisari Tennakoon
    Starting | Randika Gunathilake & Chamila peiris
    Guest appearance | Hashini Wanniarachchi
    Cinematography | Irushka Bogoda
    Edit and Color | Maduwantha Jayakody Aikon Recording Studio
    Production Manager | Tharaka Sandaruwan
    Make-up and Hair Glamour by Iresh Eranga
    Crew | Chamod Fernando
    Poster | Thush Favourite

КОМЕНТАРІ • 826

  • @lishelshanelle
    @lishelshanelle 11 місяців тому +17

    මෙම රූප රාමු පෙළ සහ ගීතය තුලින් මා ගෙන ගියේ අතීතාවර්ජනයකටයි
    මීට වසර කිහිපයකට පෙර මගෙ යහලුවෙක් හා සම්බන්ධ සිදුවීමක් මෙලෙසම සිදු විය..,අසම්මතය තුල එතරම් ප්‍රේමයක් තිබේදැයි යහලුවන් වන අපටත් ප්‍රශ්නාර්ථයක් ඉතිරි කිරිමට එම ප්‍රේමය සමත් විය..,එකල උසස් පෙළ පන්ති පැමිනෙන කලක විය.ඇයගෙ වයස් පරතරය මොහුට වඩා වැඩි විය ..ඔහුට අසනීප වන විට පවා ඇය බෙහෙත් රැගෙන ඒමට පැමිනෙයි,පන්ති පැමිනෙන විට ඔහුට ද ඈ කෑම රැගෙන එයි..මවක් මෙන් පරිස්සම් කරයි..,
    නමුදු ඒ ප්‍රේම කතාව අවසන් වී ගියේ ඇගේ නිවසින් පැමිණි විවාහ යෝජනාවන් සමගය !
    අසම්මතය තුලද එක්වීම තිබුනේනම් එම ප්‍රේම කතාව මෙතරම් ඛේදජනක නොවීමට ඉඩ තිබිනි
    "මේ බැදුනු බැම්ම පරවි වැටෙන මලකි !"
    මෙම පද පෙල තුලින් මට එම ප්‍රේම කතාවම සිහි විය
    අදටත් ඇය සහ ඔහු දෙපැත්තක වී සිටියි
    අදටත් ඇය සහ ඔහු එකිනෙකා ගැන සොයා බලයි වෛරක්කාරයන් ලෙස නොව සදාකාලික ප්‍රේමවන්තයන් ලෙස
    වෙන් වී ගොස් හමාරය !
    ලස්සන නිර්මාණයක් ! 🥺♥️

  • @sularihansika2846
    @sularihansika2846 2 роки тому +364

    ගැලපීම සමාජ සාධක මත මැනෙන කල්හි සම්මතය තුල නීතිමය බැඳීමත්
    අසම්මතය තුල ආදරණීය හැගීමත්
    ඉතිරි වේ❤️❤️❤️

  • @nimeshkulasinghe
    @nimeshkulasinghe  2 роки тому +293

    මට තවම පුදුම මං ගැන ඔබ හිතනා තරමා.... ❤️

  • @Nishaya722
    @Nishaya722 Рік тому +41

    ආදරය තරම් සුන්දර හැඟීමක් නීතිමය බැම්මකින් සිර කල ලෝකයට සාපවේවා 😔

  • @thenuja2440
    @thenuja2440 2 роки тому +110

    රන්දික and චමිලා කියන්නේ අපේ රටේ සම්පත්. ආසම දෙන්නෙක්. දක්ෂතම දෙන්නෙක්. මේ තමයි අපේ රටේ original brand. 👍

  • @samadiedirisinghe6227
    @samadiedirisinghe6227 2 роки тому +56

    අසම්මත උනත් අහගෙන ඉන්න පුළුවන් 😂 දැන් තියෙන අදොනවල් වලට වැඩිය❤ අසම්මතේ පිහිටන්නේ නැතුව රස වින්දම ඉවරනේ 🥰

  • @deemankajayakodi6948
    @deemankajayakodi6948 2 роки тому +45

    මේ සින්දුව,රූප රචනය ආයේ ආයෙ ඇබ්බැහි වෙලා අහන්නෙ බැලෙන්නෙ මට විතරද??? 🥺😍

  • @uk529
    @uk529 2 роки тому +99

    චමිලා❤ හැමදාමත් ඒ රංගනය තාත්විකයි💐

  • @කවිමල්පියලි
    @කවිමල්පියලි 2 роки тому +53

    මට මතක් උනේම..
    "හිරුට පෙමි බැදි එකදු තරුවක් සිටිය නොහැකිද යමී..." කියපු පද පෙලේ ඉතුරු ටීක කියලා..දිවුල්ගනේ මහත්මයාට තරම් ශ්‍රවක හිත් වේදනාවෙන්, කදුලු සුසුමෙන් රිද්දන වෙන කාටද පුළුවන්...අතිවිශිෂ්ට හඩ පෞරුෂයට මගේ උත්තමාචාරය...🙏

  • @mihirajmunasinghe7096
    @mihirajmunasinghe7096 2 роки тому +66

    *මේ බැදුනූ බැම්ම පරවි වැටෙන මලකී...*
    ඒ තරම් ආදරයක්, ඒ තරම් සියුම්ව හැගීම් පිරිමදින ආදරණීය ස්පර්ශයක්, බිදුවක් අඩු නැතිව හිත පිරෙන්නට පුද දෙන මහමෙරක් වැනි ප්‍රේමයක් කෙලෙසෙක නම් අසම්මත යැයි කිව හැකිද?
    ඉදුරාම කියමි සොදුර,
    *පරවී වැටෙන දින ඔබේ පෙති* - *අබමි නොදිරනා ඉටියෙන්...* 💎

  • @gayathri.9873
    @gayathri.9873 2 роки тому +95

    කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ හඬ සදා අමරණීයයි

  • @anuradiniwijesinghe3203
    @anuradiniwijesinghe3203 Рік тому +10

    ආදරයට කොහෙද සම්මත අසම්මතයක් ආදරේ ආදරේමයි කොතැනක එක දැනුනත්...❤ හරිම අපූරු පද රචනයක්,හඩක්,රූප පෙළක්...🥰🥰

  • @priyamahagalawattha1763
    @priyamahagalawattha1763 2 роки тому +18

    ගොඩක් ආදර කතා එහෙම තමා .හිත් රවට ගැනිම් විතරයි 😥

  • @tharindinawoda5840
    @tharindinawoda5840 2 роки тому +112

    කරුණාරත්න සර් ආසම ගායකයා. හරිම ලස්සනයි video එකත්. මාගෙ හිටපු කෙනාත් මාව දාලා මේ වගේ කෙනෙක් ගාවට ගිහින් අසම්මත ප්‍රේමෙක පැටලිලා . ඒ ආදරේත් මේ වගේ ඇති 🥰🥰🥰

  • @Adelaide-hub
    @Adelaide-hub 2 роки тому +59

    Randika’s facial expressions are at its best 👍 he’s not a cute type guy, but his eyes, smile and face got something amazing, definitely his eyes are full of emotions ♥️

  • @madumaljayasinghe7377
    @madumaljayasinghe7377 2 роки тому +63

    සම්මතේ හඳ පායද්දී අසම්මතේ තරුවලට කඩාවැටෙන්න වෙනවා..... ඒත් සැබෑ ආදරයකට හිමීවීමක් අයිතියක් කිව යුතුම නැහැ.....හොඳම තැනට යන්නට අත දුන් තැනත්, උරුම තැනෙක සුවෙන් ඉන්නට තබා වෙන් වූ තැනත්, හමුවීම සහ මතකයන් එක්ක අඬ අඬ හිනාවෙන එකටත් ආදරේ කියන්න පුලුවන්...❤❤❤❤මාරම දැනෙන වැඩක්.... voice, music, acting, video wooooowww.. well done team. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ හදවතේ වැඩක්....

  • @disaldassanayake4709
    @disaldassanayake4709 2 роки тому +12

    දිවුල්ගනේ සර්ගෙ චැනල් එකෙන් මේ ගීතය මීට මාස කීපෙකට කලින් දාල තිබ්බා. views 2000ක් වත් තිබ්බෙ නැද්ද කොහෙදෝ. ඒ නිසා ආයෙ ලස්සන වීඩියෝ එකක් එක්ක ආව එක වටිනවා. ඒ ආදරණීය කටහඬට හැමදාමත් ආදරෙයි❤️

  • @ishaniwalisundara7005
    @ishaniwalisundara7005 2 роки тому +67

    යටි අරැතක් තියේ නම් ඒක අල්ලගත්ත කෙනෙක් කමෙන්ට්ටුවක් දාන්න අනිවාර්යයෙන්ම..
    අපේ ජනතාව අතරට හොඳ රසවින්ඳනයක් තියන ගීතයක් ගෙනයන්නත් රෑප රචනාවක් ඕනිමයි කියන එකට හොඳම උදාහරණයක් තමයි මේක. කරැණාරත්න දිවුල්ගනේ මහත්මයගෙ යූටියුබ් එකවුන්ට් එකේ ලිරික්ස් වීඩියෝ එක දාලා මාස දෙකක් ගියත් 2000කට ආසන්න වීව්ස් තියෙද්දි මේකට එක දවසක් ඇතුලතම 80000කට ආසන්න වීව්ස් තියෙන එකෙන්ම ඔප්පු වෙනවා.
    මේ වගේ විෂුවල්ස් නැතුව පැත්තකට වෙච්චි ලස්සන ගීත කොච්චරක්නම් ඇත්ද අපිට මඟහැරිලා..
    ඒත් මගේ අදහස නම් රෑප රචනා නැතුව සිංදුව විතරක් අහන්න තිබ්බම රසිකයන් ඒක තමන්ගෙ පරාසයෙන් තම තමන්ගෙ අත්දැකීම් ආදේශ කරගෙන පුදුම විදියට හදවතින්ම විඳිනව 😊❤️
    ස්තූතියි දිවුල්ගනේ මහත්මයාට වජිර මහත්මයාට නිමේෂ් මහතාට ඇතුළු මේ වෙනුවෙන් කැපවුණු සියල්ලන්ටම.
    දිවුල්ගනේ මහත්මයාගෙ කටහඬ ඔහුගේ ගීත සදා හදවතේ රැඳී තියේවි 🎶

  • @දිලා-ඝ1ඛ
    @දිලා-ඝ1ඛ 2 роки тому +171

    නැන්දම්මයි බෑනයි. හැම චරිතයකටම සාධාරණයක් ඉටු කරනවා.👌❤❤

    • @Dilrukshi825
      @Dilrukshi825 2 роки тому +2

      ඒ ....නැන්දම්මා ,බෑනයි.....?🙄

    • @දිලා-ඝ1ඛ
      @දිලා-ඝ1ඛ 2 роки тому +4

      @@Dilrukshi825 රැල්ල වෙරළට අාදරෙයි Teledrama එකේ😊

    • @Dilrukshi825
      @Dilrukshi825 2 роки тому

      හ්ම්ම්..👍

  • @sayuritanasha9720
    @sayuritanasha9720 2 роки тому +79

    කියාගන්න බැරි තරම් ලස්සනයි ..දැක්ක ලස්සනම නිර්මාණයක් 💜️💜️👌👌👌...ඒ කටහඩ....ඒ තේමාව....ඒ ආරම්භය...ඒ පැවැත්ම..ඒ අවසානය...
    වගේම ඒ යුවල......ඇත්තටම හිතට තදින්ම වැදුනු නිර්මාණයක් ......සුබ පැතුම්...💜️💜️💜️🙂🙂🙂🙂🙂🙂👌

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 2 роки тому +37

    මේ බැදුනු බැම්ම පරවී වැටෙන මලකී...
    ලොකු කතාවක්..
    ලස්සන නිර්මාණයක් ..

  • @malithnoob
    @malithnoob 2 роки тому +65

    කරුනාරත්න මහතා තරම් නිවුනු චරිත සහ කටහඩක් ඇති ගායකයෙක්.

  • @vidushachirath286
    @vidushachirath286 2 роки тому +18

    මොකද මේ නැන්දම්මා එක්ක නටන නාඩගම... 😅
    Anyway , Brilliant song.... no any words.. 10000%%

  • @chandrikapriyadarshani6191
    @chandrikapriyadarshani6191 2 роки тому +38

    මේ බැඳුණු බැම්ම පරවී වැටෙන මලකී ....
    හමුවීම තරම් වෙන්වීම කුමන අරුමා ...
    ලංවීම තරම් තනිවීම කුමන අරුමා .... 🖤

  • @bhagyawishwajith7254
    @bhagyawishwajith7254 2 роки тому +35

    අන්සතු පෙම 2 😁❤️ අර්ථය නොගෙන, ගීතය රඩ විදින්න ❤️ ආදරණීය කඩහඩකින් ගොඩ කාලෙකින් සිංදුවක් ඇහුවෙ ❤️❤️

  • @tharindhudhananjaya4102
    @tharindhudhananjaya4102 2 роки тому +295

    මේක අහල අපේ දිනේෂ් තරංග අයියගෙ ආදරය මතක් උනේ මට විතරද??💟💟

  • @oneloveonemusicluv
    @oneloveonemusicluv 2 роки тому +56

    දුර යන්න ඇතත්... නොකියන්න බැරිව ලතැවී...
    ඔය දෑස් අඟට... දුක් කඳුළු දීම දුකකි...
    හැමදාම පලුදු සිත්.. සංතාප ගොඩට එක්වේ..
    මේ බැඳුනු බැම්ම.. පරවි වැටෙන මලකි...
    හමුවීම තරම් වෙන්වීම... කුමන අරුමා...
    ලංවීම තරම් තනිවීම... කුමන අරුමා...
    මට තාම පුදුම... ඔබ හීන... දකිනා තරමා...
    සැනසීම තරම් දුක්වීම... කුමන අරුමා...
    හිනහීම තරම් ලතැවීම... කුමන අරුමා...
    මට තාම පුදුම... මං ගැන නුඹ... හිතනා තරමා...

  • @mindlk4987
    @mindlk4987 2 роки тому +175

    නිර්මාණයක් රසවිදින්න, ❤
    එහි ජීවත් නොවන්න 🙂

    • @devindarajapaksha7877
      @devindarajapaksha7877 2 роки тому +14

      ඒක නම් ඇත්ත. ඒත් හරි අමාරුයි සමහර මිනිසුන්ට තමන්ගේ මතක අමතක කරන්න . ⏳⌛️

    • @chaminda959
      @chaminda959 2 роки тому +3

      mama dekapu hodama comment 1k ..

    • @nishadiwijesinghe5488
      @nishadiwijesinghe5488 2 роки тому +5

      අනිවාර්යයෙන්ම..ආනන්දයෙන් ප්‍රඥාවට..❤❤

    • @shayamad.l4534
      @shayamad.l4534 2 роки тому +1

      💖💖💖 එහෙම ජිවිතත් තියෙනවා

    • @solidzonewavestation
      @solidzonewavestation 2 роки тому

      ලේසි දෙයක් ද

  • @gothamisakitha1398
    @gothamisakitha1398 2 роки тому +17

    තිරයක් තුලින් මම මගේ ජීවිතය දැක ගත්තෙමි .🥺🥺

  • @SandeshBandaraTV
    @SandeshBandaraTV 2 роки тому +204

    ඔය දෑස් අගට දුක් කදුලු දීම දුකකි 😔

    • @nayomidilhani7902
      @nayomidilhani7902 2 роки тому +3

      Thank You Sandesh Ayya. Man asama dennaT ekka man asama widiye concept ekak tiyana visual ekak meka.🥰🥰

    • @Old_is_gold_uddika_fans
      @Old_is_gold_uddika_fans 2 роки тому +5

      Aiya😋❤️

    • @SandeshBandaraTV
      @SandeshBandaraTV 2 роки тому +3

      @@Old_is_gold_uddika_fans ❤️

    • @SandeshBandaraTV
      @SandeshBandaraTV 2 роки тому +3

      @@nayomidilhani7902 nanga ❤️❤️

    • @shareenjunpa9500
      @shareenjunpa9500 2 роки тому +2

      සදේශ් අයියා නම් වැඩ්ඩෙක් තමා

  • @madushiniprabandika9541
    @madushiniprabandika9541 2 роки тому +38

    ලස්සනයි......තේරුම දැනගන්න ආසයි හරියටම.🤗🤗🤗

  • @hashaniperera5141
    @hashaniperera5141 2 роки тому +24

    අසම්මත ආදරයක වේදනාව ,සංස්කෘතිය තුල බැමි වලට සිරව සුන්දර නිමේෂයක මතක පමනක් ඉතුරු වන අසම්මත ආදරය😒❣️ සම්මතයට එකග වන්නේ අසම්මත පෙමෙන් සිත ගිනි ගනිද්දීය💙ලස්සන අරතවත් රූප රචනාවක්💙

  • @ktvison1872
    @ktvison1872 2 роки тому +2

    Kollo godak duk wenne oya wage love seen waladi labena deta wada nolabena deta..kello thamanta aniwaren hambawenawa kiyala hithuna thanata godak adare karanawa Man hithanne

  • @kithminaweerasinghe3276
    @kithminaweerasinghe3276 2 роки тому +64

    සන්දේශ් අයියා වීඩියෝ එක හැමදාම කියනව වගේ තමයි...නිමෙශ් අයියා නියමයි සහෝදරය.......කරුනාරත්න සර්......❤️💪🙏🇱🇰

  • @nishjayawardana7024
    @nishjayawardana7024 2 роки тому +2

    Mn danata keeparak me sinduwa ahuwad kiyla mta mathak nh..ee katahada kiyla wadak nh...puduma lassana ...jeewthet gdk lagai kiyla danena sinduwak❤️❤️

  • @hansi7265
    @hansi7265 2 роки тому +33

    තනමල්විල කොල්ලෙක් එකෙ යශෝදා අක්කවයි දිප්‍තවයි මතක් උනා...😐❤️🥀

    • @ishaniwalisundara7005
      @ishaniwalisundara7005 2 роки тому +5

      හරියටම හරි 💔
      ඒත් එකම වෙනස ඒක අප්‍රකාශිත ප්‍රේමයක් 🥀

    • @dulsew
      @dulsew 2 роки тому +1

      මටත්

  • @rashmiupeksha5559
    @rashmiupeksha5559 2 роки тому +41

    ආසම ශිල්පීන් දෙන්නෙක් ❤️❤️ Superb Acting 💫💫

  • @Hiroshan2009
    @Hiroshan2009 Рік тому +7

    "මේ බැඳුණු බැම්ම
    පරවි වැටෙන මලකී....."
    සම්මත වුණත්, අසම්මත වුණත්, මිනිස්සු නවතින්නේ හිතට තදින්ම දැනුණු තැන......

    • @NishaDammage
      @NishaDammage 7 місяців тому

      අනිවාර්යෙන්ම.

  • @Dsandeepa4053
    @Dsandeepa4053 2 роки тому +68

    දිවුල්ගනේ කියන්නෙ ආත්මීය ගායකයෙක්... මාර විදිහට feel වෙන voice එකක් තියෙන්නෙ එතුමාට...💛
    ඒ හඬ එක්ක මුහු වුණ music වෙනම රහක්...
    පද රචනයත් හරිම අර්ථවත්.
    චමිලා පීරිස් කියන්නෙ අති දක්ෂ රංගන වේදිනියක්..
    රන්දික කියන්නෙත් නව පරපුරේ අති දක්ෂයෙක්..
    ඔවුන් දෙදෙනාගෙ එකතුවත් අමුතුම රහක්...
    Facial expressions මරු😍
    මේ ඔක්කොම එකට එකතු කල සන්දේශ්ගෙ වීඩියෝ එක superb💯✔️
    ඉතින් මේ තරම් වටින එකතුවක් trending නොවුනොත් තමා පුදුමේ...
    සුපිරියි😍❤️

  • @hashinisudarsha7532
    @hashinisudarsha7532 2 роки тому +34

    සින්නක්කරයටම ලියා ගත නොහැකි වුවත්,
    මාහට ප්‍රේමය තදින්ම දැනුන එකම තැන නුබ පමණමය..........🥺❤😌🤍

  • @dildiaries8047
    @dildiaries8047 2 роки тому +20

    එදා වගේම අදත් නොවෙනස්වන ආත්මීය ගී හඬ කරුණාරත්න දිවුල්ගනේ ශූරීන්

  • @chathu3558
    @chathu3558 2 роки тому +13

    හිරු tv එකේ රැල්ල වෙරළට ආදරෙයි කතාවේ ශිවායි,ශිවාගේ gf සතයා ගේ අම්මයි නේ මේ ඉන්නේ.🙈😌

  • @dilshiwasana5212
    @dilshiwasana5212 2 роки тому +35

    සමහර සම්මත ප්‍රේමයක් තුළ නැති ආදරයක් අසම්මත ප්‍රේමයක් තුළ තියෙනවා.😒

  • @kasunsrinath4321
    @kasunsrinath4321 2 роки тому +12

    🙏🙏කාලෙකින් ඉඩෝරයට මහ වැස්සක් වැස්ස වගේ,,ලස්සන සින්දුවක් ඇහුන , මල ගෙවල්ව වලට වලවල් වලට සින්දු හදාගෙන වැලපෙන උන්දලට මේවා අහන්න දෙන්න ඕනේ,,

  • @GMIIW
    @GMIIW 2 роки тому +27

    Randika, you're my favourite actor forever. Your acting is more addictive 🤗🥺🥺.I can't describe my words for you 😊😇😇😇.Good luck for your future 🥰🥰🥰

  • @lahirumadushanka5756
    @lahirumadushanka5756 2 роки тому +4

    මං නම් මාරම ආස චරිතයක් තමයි චමිලා මිස්. තාත්විකව රංගනය කරන්න පුලුවන්.. රඟපෑමක් කියලා හිතෙන්නෙවත් නැති තරම්..

  • @Dvimal-lq7re
    @Dvimal-lq7re 2 роки тому +16

    Hari සංවේදී ගීතයක් .ලස්සන i.දායක වුණ සියල්ලන්tama තුති

  • @Super_cars143
    @Super_cars143 2 роки тому +11

    මේ බැදුනු බැම්ම පරවි වැටෙන මලකි.. 🥺🥺

  • @chathu9029
    @chathu9029 2 роки тому +7

    සින්නක්කරයටම ලියා ගත නොහැකි වුවත්❤️ඒ ආදරේට මැරුනත් මාරම ආදරෙයි.සුමිත්❤️❤️❤️

  • @shansasanga8022
    @shansasanga8022 2 роки тому +16

    ලස්සන video එක ❤️❤️අසම්මත ප්‍රේමය ගැන කියවෙන ගීතයක්‌ ❤️❤️❤️කවදාවත් අපිට අමතක වෙන්නැති ඒ හඩින්... කරුණාරත්න දිවුල්ගනේ සර් ❤️❤️

  • @dulmigunasekara3063
    @dulmigunasekara3063 2 роки тому +4

    Aiyo shiva sudu manikege ammwa set krgennne. Me monda krnne. Pisduda ane. 😊

  • @chamathrasanga7081
    @chamathrasanga7081 2 роки тому +8

    කරුණාරත්න මහත්මයා යනු යුගයක් හැඩ කරන්න අමරණීය ගීත දායාද ගායකයෙකි මීට දවස් 4කට පෙර,😍නුමුත් දැන් යුගයක් කියන ඒක වචන පද එතුමන්ට තවදුරටත් වලන්ගු නොවේ මාරම සතුටුයි 😍😍

  • @lakmaliedirisinghe462
    @lakmaliedirisinghe462 2 роки тому +15

    අනේ ඒ couple එක... ❤️ කවදත් ආදරේ දිවුල්ගනේ සර්ගෙ හඩ..❤️

  • @gayathtiweerasinghe6562
    @gayathtiweerasinghe6562 2 роки тому +13

    මේ බැදුනු බැම්ම පරවි වැටෙන මලකි...... superb ❤

  • @nimnakavishani387
    @nimnakavishani387 2 роки тому +12

    මට තාම පුදුම මං ගැන ඔබ හිතනා තරමා...❤️❤️❤️ ලස්සන අර්ථවත් සින්දුවක්. 💖

    • @kaveeshamayuranga9762
      @kaveeshamayuranga9762 2 роки тому +1

      ගීතයේ තේරුම ua-cam.com/video/Q0RreGiJjIA/v-deo.html

  • @user-cm7sz4ib6r
    @user-cm7sz4ib6r 2 роки тому +31

    Sometimes we say that we met people at the wrong time. But maybe we meet them when we are the wrong person, when we have not yet met and fallen in love with ourselves. We are only half of a thing,even if we can imagine that there is a better version of us out there and we are hoping that someone else will fill in the missing parts so that we don’t have to.”
    What's worst than knowing you want something, besides knowing you can never have it?
    Nimesh , This is very soothing music!
    Sundesh Bandara : You are a leader when it comes to vedio directling when majority choose the path nudity or semi nudity to get views , you do a lot of hard work in terms to deliver something very unusual...Bravo !
    Randika, you are doing it seriously that I didn't feel like I was watching actors , I felt like I was sitting inside and watching the scean
    Chamila, again this was unexpected from you. Great ! 😍
    and not to forget the Guest appearance, Hashini - the little bit you did, did a dramatic change in the whole vedio.

  • @RepublicOfGamers1998
    @RepublicOfGamers1998 2 роки тому +19

    ඒක ගොඩක් හිතනවට වැඩිය බර තේරුමක් තියන කතාවක්😰

  • @vidushachirath286
    @vidushachirath286 2 роки тому +3

    අභී අක්කගේ මතක ගීතයෙන් පස්සේ මම වැඩිම වාරයක් අහපු සිංදුවක්... ඒ තරම් අපූරුයි , රසවත්...

  • @chathurimithushi7106
    @chathurimithushi7106 2 роки тому +24

    Very calm music and singing..Randika aiya you are the best actor I seen this acting career..your facial expressios very excellent and you always catch audience your expressios..and all the best your future .... overalls this creation is very successful one ...all the best all celebrities who work this creation 😍😍😍😍

  • @thalgaswaththagenilu9331
    @thalgaswaththagenilu9331 2 роки тому +34

    දිවුල්ගනේ මහත්මයාගේ ආත්මිය හඬ හදවතේ ගැඹුරටම රැදෙන හඬක්..... මෙි සංගීතයත් හරිම සන්සුන්බවක් ඇති කරනවා... ලස්සන නිර්මාණයක්..... ❤❤❤❤

  • @nadeemanamendra948
    @nadeemanamendra948 2 роки тому +20

    කාලෝචිත නිර්මාණයක්.. පද මාලාව, ඒ කටහඩ හැමදාමත් ලස්සනයී......ආසාවෙන් රසවින්දා.❤️

  • @medhangiisurika4623
    @medhangiisurika4623 2 роки тому +23

    එදත් අදත් හෙටත් මේ හඬ හදවතින් මැකී යන්නේ නෑ ...දිවුල්ගනේ මහත්මයාගේ හඬ ආත්මීයයි...හදවතට දැනෙන නිර්මාණයක්.. තෙරුවන් සරණයි...🙏😌🎵🎶
    "මේ බැදුනු බැම්ම පරවී වැටෙන මලකී...."

  • @shanzyweerasooriya373
    @shanzyweerasooriya373 11 місяців тому +5

    "මට තාම පුදුම ඔබ හීනෙන් දකිනා තරමා 🥺🤍"

  • @rashmikadilshan4120
    @rashmikadilshan4120 2 роки тому +21

    වීඩියෝ එක තමා සිංදුව ගොඩ්ක් රසවත් කරලා තියෙන්නේ ❤️

    • @shashikaladhilhani5480
      @shashikaladhilhani5480 Рік тому

      ඒක ඇත්ත . ගොඩක් සින්දු වල සින්දුවේ තියන, කියවෙන දේ නෙවෙයි විශුවල් එකේ තියෙන්නේ .

    • @pushpikaopatha5386
      @pushpikaopatha5386 11 місяців тому

      මාරම දුකයි විශුවල් එක.හදවතටම දැනෙනවා .

  • @OshiAndDumiVlogs
    @OshiAndDumiVlogs 2 роки тому +1

    sandesh lokka gammak thamai

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 9 місяців тому +1

    ආදර්ශයක් අපිට මෙහෙම අපටම බැඳුණු බැම්ම පදාර්ථයන් ලෙස කියා situwanm

  • @nidukshilasandamini2891
    @nidukshilasandamini2891 2 роки тому +5

    හඩන්නට අවැසියි මට..දෙදරායන්න මේ මහ පොලොව..නුඹේ මතකය වේදනාවකි...නමුදු මා මුනිවත රකිනා ගොලුවෙකි..ඒ ඇවටිලි නුඹ තවත් ඇසිය නොයුතුයි..ඉතින්...දුක නැතිද යන්න නුඹත් මමත් එකසේ දන්නා කාරනාවකි..😓❤

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 роки тому +3

    අනේ හරිම ලස්සනයි අති විශිෂ්ඨ නිලියක් දෙන්නටම බුදු සරණයි හැමදාම ආදරෙයි

  • @yukshan
    @yukshan 2 роки тому +1

    දුර යන්න ඇතත් නොකියන්න බැරිව ලතැවී
    ඔය දෑස් අගට දුක් කඳුළු දීම දුකකී
    ඔය දෑස් අගට දුක් කඳුළු දීම දුකකී
    හැමදාම පළුදු සිත් සංතාප ගොඩට එක්වී
    මේ බැඳුණු බැම්ම පරවී වැටෙන මලකී
    මේ බැඳුණු බැම්ම පරවී වැටෙන මලකී
    හමුවීම තරම් වෙන්වීම කුමන අරුමා
    ළංවීම තරන් තනිවීම කුමන අරුමා
    මට තාම පුදුම ඔබ හීන දකිනා තරමා
    මට තාම පුදුම ඔබ හීන දකිනා තරමා
    සැනසීම තරම් දුක් වීම කුමන අරුමා
    හිනැහීම තරම් ලතැවීම කුමන අරුමා
    මට තාම පුදුම මං ගැන නුඹ හිතනා තරමා
    මට තාම පුදුම මං ගැන නුඹ හිතනා තරමා
    දුර යන්න ඇතත්.....
    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
    රචනය - වජිර මහකණුමුල්ල
    සංගීතය - නිමේෂ් කුලසිංහ

  • @nethmisulakkana325
    @nethmisulakkana325 2 роки тому +14

    eka maarama lassanai❤randika aiyage acting🔥🔥🔥

  • @chamila881
    @chamila881 5 місяців тому

    ❤ marama lassana matching arts
    Facial expressions,singing,acting, back grounds creating,melody,meaning ,❤❤❤❤perfect matching mixture❤music❤❤

  • @Buddhini123
    @Buddhini123 2 роки тому +4

    Baanai nandammai ekata menna... api kiynnamko sathyaata.....

  • @shyamaleewijesiri3720
    @shyamaleewijesiri3720 9 місяців тому +1

    සාධාරණීකරණය වූ අසම්මත කොතරම් නම් අපූරුද...❤❤

  • @madhushkisilvaeer584
    @madhushkisilvaeer584 2 роки тому +3

    Harima lassanai song ekai visual ekai dekama. Hithata danenawa godak.. me wagema nathi unath ape hamogema jeewithawala me wage atheethayak thiyenawa. Me song eka ahuwama hitha koheda gihin atharaman wenawa. Ane mnda 😔😔😔

  • @MalehaAlramzi
    @MalehaAlramzi День тому

    Puduma ලස්සනයි ❤❤❤❤

  • @thisaritennakoon3190
    @thisaritennakoon3190 2 роки тому +32

    Very soothing music from Nimesh and thank you for taking us into the Kemadasa era. Love Randika's & Chamila's moods expressions ❤️ and thumbs up for Sadesh ,for his excellency 👏 Great vocals from Karunaratne Duvulganage as always he has been 💕

  • @kasunimadhurangi2355
    @kasunimadhurangi2355 2 роки тому +15

    ඔය දෑස් අගට දුක් කදුළු දීම දුකකි. ♥️

  • @prashanpramuditha7917
    @prashanpramuditha7917 2 роки тому +17

    සන්දෙශ් අයියා විඩියො එක මරු😻❤

  • @sampathpradeep3058
    @sampathpradeep3058 2 роки тому +4

    හරිම ලස්සන අරුත් ඇති ගීතයක් . ගොඩාක් කලකින් .🙏🙏

  • @malithpiumal1093
    @malithpiumal1093 2 роки тому +9

    සමාජීය නීති වලට රාමු වී ජීවිතය හා ආදරය බෙදා ගත හැකි කෙනෙකුට ආලය කිරීම වරදක් නොවේ...❤️🙂

  • @subashiwijesooriya7276
    @subashiwijesooriya7276 Рік тому +1

    මගේ ජිවිතේමයි...

  • @sansa3511
    @sansa3511 2 роки тому +8

    අඩේ මැනිකෙගෙ අම්මා නේද ? නැන්දම්මායි බෑනයි 😳🤭🤭. මැණිකෙ මුහුදෙ පනිනවා සත්තයි.. 💔

  • @achalafd2929
    @achalafd2929 2 роки тому +1

    මේ බැදුණු බැම්ම
    පරවි වැටුණු මලකි ...
    මට තාම පුදුම
    ඔබ හීන දකිනා
    තරමා..ක්

  • @daniya9113
    @daniya9113 2 роки тому +10

    අඩේ කාලෙකින් අහපු බලපු ලස්සනම සින්දුවක්😍 කමෙන්ට් දැක්කම පේනව තාරුණ්‍යය තාමත් මේ සින්දු වලට ආදරෙයි කියල තවත් මේවගේ සින්දු ඕනෙ මං නම් ගොඩක් කැමතියි ❤️ මට ටිකක් හිතාගන්න පුළුවන් සින්දුවෙ අර්ථය ඒත් හරියටම දන්න කෙනෙක් ඉන්නවනම් දාන්න පුළුවන්ද🙂

  • @donsagaravlogs
    @donsagaravlogs 2 роки тому +17

    ගොඩාක් කාලයකට පස්සේ දැක්ක සහ වින්ද ලස්සන නිර්මාණයක්.....හොඳටම වින්දා දැනුනා.....❤❤❤

  • @kalpahemantha9211
    @kalpahemantha9211 2 роки тому +3

    මේකනම් භාවනාවක් කරනවා වගේ අහන්න පුළුවන් ගීතයක්. හිත අමුතුම තැනකට ගෙනියන මනසට අමුතුම සැනසීමක් ලැබෙන, කාලෙකට පස්සේ අහන්න ලැබුන හරිම සුන්දර සිංදුවක්. මේවගේ ඒවා තව තියනවද?

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 2 роки тому +14

    චමිලා නැන්ද ඉන්න music video එකක් දැක්කමද කොහෙද.. ☝️😁 දක්ෂ නිලියක්..💐❤️

    • @rohanjayasingha4467
      @rohanjayasingha4467 2 роки тому

      W D Amaradewa mahathage giman harina diyamba dige geethaya surch karala balanna chamila eketh innawa

    • @chanakamaduranga5520
      @chanakamaduranga5520 2 роки тому

      @@rohanjayasingha4467 Thanks yalu..

  • @G.RG.R-gr5ex
    @G.RG.R-gr5ex 7 місяців тому +1

    අසම්මත යැයි සම්මත වූ එයද එක්තරා ප්‍රේමයකි🥺❤❤

  • @kaushalyaariyarathne9076
    @kaushalyaariyarathne9076 2 роки тому +6

    කවදත් ආදරේ දිවුල්ගනේ සර්ගෙ හඩ...❤️‍👌🔥

  • @VishwaYathra
    @VishwaYathra 8 місяців тому

    ගොඩක් ලස්සන නිර්මාණයක්‌.. ඒකටම ගැලපෙන ගොඩක් දක්ෂ නළු නිළි යුවලක්..❤.. රන්දික සහ චමිලා කියන්නේ වෙනමම අනන්‍යතාවයක් තියෙන දක්ෂයෝ දෙන්නෙක්.. විශේෂයෙන්ම රන්දික මෑත කාලයේ බිහිවූ අති දක්ෂ වෙනස්ම ගමනක් යන රංගන ශිල්පියෙක්.. ❤️❤️❤️

  • @virajudayanga9568
    @virajudayanga9568 Рік тому

    I feel the lyrics and the voice alike...

  • @thimathijayathilaka2709
    @thimathijayathilaka2709 2 роки тому +2

    කොච්චර අවිවේකී වෙලාවක් උනත්,කොයි තරම් හිත පිච්චෙන වෙලාවක් උනත් ,මුලු හිතම සංසුන් කරන්න පුලුවන් සිංදුවක්,
    දිවුල්ගනේ සර්,තව තවත් නිර්මාණ කරන්නටත් අපිට ඒවා රස විදින්නටත් වාසනාව ලැබේවා,
    රංගනයත් අති විශිෂ්ටයි...❤️

  • @dila9808
    @dila9808 2 роки тому +63

    පිස්සෝ ඔය මගේ අම්මා.. මීට සත්‍යා වර්නකුලසූරිය..😍😍😍😍🤣🤣🤣🤣

  • @srilankacricket222
    @srilankacricket222 2 роки тому +14

    Randika is multi talent boy.his acting is superb....and very emotional and feeling very much...so good luck for yours future....😍😍

  • @madhuathauda
    @madhuathauda 2 роки тому +18

    A meaningful song with a beautiful lyrics, melody, music & matching casts! 🙏✨❤️

  • @milkajudith2525
    @milkajudith2525 2 роки тому +38

    සැබෑ ජීවිතේදී මේක මීට වඩා වෙනස් ..තම්න්ගෙ පව්ද්ගලිකව අරමුණු ඉටු කර ගන්න ඕන නිසා ලෝකයට ප්‍රේමයක් ලෙස පෙන්නවා.

  • @kavisheha8913
    @kavisheha8913 2 роки тому +1

    Karunarathna sir...hamadamath amaraniya katahadak...❤️‍😊🎵

  • @nirmaramanayaka5466
    @nirmaramanayaka5466 2 роки тому +3

    Randika+ Chamila’s casting, song melody, Diwulagane’s voice and lyrics have been combined at its optimum level.. superb art work and love it ❤️❤️❤️❤️

  • @esharalakmali3344
    @esharalakmali3344 2 роки тому +1

    අහබු සිදුවිම් ජිවිතය හා බැඳුණම දුක් දෑනෙනවා වැඩි

  • @indumanawadu
    @indumanawadu Місяць тому

    කියන්න වචන නෑ...... මාර ලස්සන නිර්මාණයක්......දුකයි ඇත්තටම.....