The Newspaper movie theme song | අම්මා නොවේ බුදු වන්නේ නුඹයි පුතේ (ද නිව්ස් පේපර් තේමා ගීතය)

Поділитися
Вставка
  • Опубліковано 12 вер 2024

КОМЕНТАРІ • 172

  • @kavishkanirmal2414
    @kavishkanirmal2414 4 роки тому +37

    පත්තරේ නොයන විස්තරේ
    ද නිව්ස්පේපර්
    2.30 ෂෝ එක මොරටුව ටවර් එක. ෆිල්ම් හෝල් එකටම හිටියේ පස් දෙනයි තව එක්කෙනක් අඩු උනා නම් ෆිල්ම් එක බලන්න වෙන්නෙත් නෑ. නම් ටික වැටෙනකොටම මාරයි කියලා හිතුනා. ගීත ගායනය නන්දා මාලනි පද රචනය සුනිල් ආරියරත්න ලංකාවේ සමාජ පරිවර්තන වෙන හැම වෙලාවකම එකතු වෙලා මිනිස්සු අවදි කරවපු සුසංයෝගයක්. සංගීතය කේමදාස මාස්ටර්ගේ දියණිය ගයාත්‍රි කේමදාස. සම නිෂ්පාදනය ආචාර්ය බන්දුල ගුණවර්ධන දේශපාලන භාවිතය නැතුව කතා කලොත් අහලා තියෙන විදියට ඉන්න දේශපාලුවන්ට වඩා හොද කතාවක් තියෙනවා. තිර රචනය හා අධ්‍යක්ෂණය කුමාර තිරිමාදුර සමග සරත් කොතලාවල තව පාරක් මරු කියලා හිතුනා ප්‍රධාන චරිත දෙක රගපාන ගමන් අධ්‍යක්ෂණය කරන්නෙත් මේ ඩබල.
    කතාව යන්නේ මාධ්‍යවේදියෝ සහ මාධ්‍යකාරයෝ ගැන. මන් එහෙම කියන්නේ මාධ්‍ය භාවිතයේ කලු සුදු දෙපැත්ත ගැන සමාජයට ලස්සනට කියලා දෙන්න ගත්තු උත්සහය නිසා.
    "තොගෙ මලයා හන්දා ගම්මු උබේ කකුල් දෙක කැඩුවා වැටිලා ඉන්න තිබ්බ ගේ ගිණි තිබ්බා. ඉතින් මොන එහෙකටද බන් මේ කඩදාසියක් අරගෙන රට වටේ ඇවිදින්නේ ඌව සුද්ද කරන්න"
    කොටි කලබලකාලේ බස් එකකට තිබ්බ බෝම්බයක් තියලා තියෙන්නේ අනුරාධපුර ගල්ලෑල්ලේ ජීවත් වෙච්ච සිංහල කොල්ලෙක් කියලා පත්තරේ හෙඩ් ලයින් එකට යනවා කොල්ලගේ ගමේ මිනිස්සු ගේ ගිනි තියලා කොල්ලගේ අයියගේ කකුල් කඩනවා අවුරුදු 9ක් පුරාවට මේ අපහාස විදගෙන ඉන්න අතරේ මේ අයියට පත්තර කෑල්ලක පොඩියට තියෙන දැන්වීමක් හම්බෙනවා. ඒකේ තියෙන්නේ ඒ බෝම්බේ තිබ්බේ අර කොල්ලා නෙමේ කියලා අවුරුදු 9කට පස්සේ හමුදාව තහවුරු කරගෙන තියෙන බවත් තම පත්තරේ වැරදි ලෙස පලවූ පුවත නිවරැදි කිරීමක් ලෙසත්. මේක අම්මට පෙන්නපු අයියා අම්මාගේ ඉල්ලීමට තමන්ගේ යාලුවත් එක්ක කොළඹ එනවා ඒ පුවත ලොකු අකුරෙන් පත්තරේ දාගෙන ගමේ උන්ට තමන්ගේ මල්ලි නිර්දෝශි කියලා කියන්න.
    තමන්ගේ පත්තරේ ගිය ප්‍රවෘතියක වගකීම ගන්න බැරි , වෙච්ච වැරද්දක් නිවරැදි කරන්න පැකිළෙන, එක එකාගේ වචන වලට කතුවරු වැඩ කරන, තමගේ පත්තරේ ජනප්‍රිය කරගන්න ඕන පුවතක් වෙනස් කරලා කපලා කොටලා හදන මාධ්‍ය ආයතන වලට මේ චිත්‍රපටිය හොද කනේ පහරක්. මේක අදාල වෙන්නේ මුද්‍රිත මාධ්‍යට විතරක් නෙමේ සෑම මාධ්‍ය ආයතනයකටම.
    මාධ්‍ය ජීවිතයට එන හැම කෙනාම එන්නේ අවංක සුපිරිසිදු චේතනාව පෙරදැරි කරගෙන ගල්ලෑල්ලේ ඉදන් තමන්ගේ මල්ලි ගැන හොයන්න කොළොම්පුරට ආපු ගමේ දෙන්නට උදව් කරන්නේ මාධ්‍ය ජීවිතයට අලුත් තරුණියක්. ඒත් ඒ ක්‍රමය ඇතුලේ කාලයක් යද්දි ජඩ මාධ්‍යකරණයට ඇයටත් හසු වන්න වන බව චිත්‍රපටිය පුරාවට ඉගි පළ කලා.
    ප්‍රධාන කතාව මේ වටා ගෙතී ගියත් ඒ අස්සෙන් චිත්‍රපටිය ඇතුලේ තව කතා ගොඩක් කියනවා. මව් සෙනහස, දරු සෙනෙහස සහ සහෝදරත්වයට එහා ගිය මිතුදම වගේ දේවල් ටිකක් මේ සිද්ධි මාලාව ඇතුලේ ලස්සනට ගලපලා තියෙනවා.
    "දුලී දියක් නැති විය නුඹ නාවන්ට
    තනේ කිරි හිගවිය තොල් පොගවන්ට
    කටුසර භෝග තිබුනේ බඩ පුරවන්ට
    සමාවෙයන් පුතුනේ නුඹ වැදුවාට"
    තම පොඩි පුතා වෙනුවෙන් ඇඩූ කදුලෙන් කල් ගෙවූ අම්මාගේ චරිතය. අම්මාගේ කීමට අම්මා අඩනවා බලන් ඉන්න බැරි කමට කකුල් දෙකත් නැතුව හද්ද පිටිසර ඉදන් කොළඹ එන අයියාගේ අම්මාට තියෙන සෙනෙහස මල්ලි ගැන තියෙන සෙනෙහෙස පිටිසර පවුලක බැදීම හොදින් ඉස්මතු කරවනවා නන්දා මාලිනියගේ හඩින් ගායනා කරන තේමා ගීතය මගින් මව් සෙනෙහස හොදින් ඉස්මතු කරවනවා.
    තනියම කොළඹ යන්න හදන තමන්ගේ යාලුවා ගුණාව තනි නොකරන නූගත් යාලුවා ලුවිස් ඔහුත් සමග කොළඹ එනවා. පත්තර කන්තෝරුවකදි ගුණාට පයින් පහරක් එල්ල කරපු කතෘ කෙනෙක්ට ලුවිස් පහර දෙනවා ගුණාට ගහපු නිසා මේකෙනුත් මිනිස්සු දේශපාලනිකව සහ එක් එක් ආකාර වල ප්‍රයෝජන ගන්නවා ලුවිස් හිරේ යනවා ලුවිස් හිරෙන් නිදහස් වෙලා එනකන් වැලිකඩ ගේට්ටුව ඉස්සරහා දවස් ගාණක් ගුණා තනියම ඉන්නවා අව්වට වැස්සට තෙමි තෙමී. අවසානයේ ලුවිස්ට ගහපු හොරු කණ්ඩායමක හොරෙක්ව පෙරළගන්නවා ගුණා ඒත් ලුවිස්ට ගහපු නිසා. මේ අපූරු මිතුදම නිසා අවසානයේ ඔවුන් තමන්ගේ අරමුණ ඉටුකරගන්න සමත් වෙනවා.
    ලංකාවේ සිනමා ක්ශේත්‍රයට කණකොකා හැඩීමට ප්‍රධානම හේතුව ප්‍රේක්ශකයාගේ බාල රසවින්දනය. උසස් නිර්මාණ වලට ප්‍රේක්ශක දායකත්ව අවම වීම නිසා නිර්මාණකරුවෝ හොද නිර්මාණ කරන්න පෙළඹීම අඩුවක් තියෙනවා. කොරෝනා කලබල අස්සේ උනත් ආදායම් බලාපොරොත්තු නොවී මෙවන් නිර්මාණයක් එළි දැක්වීමම අගය කල යුතු කාරණාවක්.

    • @nocaptions7127
      @nocaptions7127 3 роки тому +3

      නමුත් ⁣මෙම කතාවේ අවසානයේ නැවත සිදුවන්නේද ජඩ මාධ්‍ය භාවිතාවක් නෙමේද

    • @madurangiguruge7166
      @madurangiguruge7166 3 роки тому

      Adeh, Thanks kawiya. Janithage status ekakin sinduwa dekala film eka hoya hoya iddi ahamben comment eka dekke.
      p
      මෙ ෆිල්ම් එකට අදාළ නැති වුණත්, උඩ නම් සෙට් එකත් එක්ක උඹේ නමත් දැක්කම හිතුණෙ, පවන ආයිත් හදන මඳ පවනක් වගේ.

    • @srp7598
      @srp7598 2 роки тому

      ❤️💯👍🏻

    • @powerofmind3741
      @powerofmind3741 2 роки тому

      ඔබගේ කියවීම හා සම්පූර්ණයෙන්ම එකගයි. ස්තුතියි 🙏👍

    • @dewumisathsarani7022
      @dewumisathsarani7022 Рік тому

      ගොඩාක් ලස්සනට පැහැදිලි කරලා තියෙන්නෙ film එක බැලුවා වගේ ගොඩාක් ස්තුතියි

  • @sanjeewabandara4902
    @sanjeewabandara4902 4 роки тому +58

    මේ ෆිල්ම එක මම බැලුවා කුමාර තිරිමාදුර හොදම නලුවා වෙනවා.....❤️🔥.සම්පූර්ණ ෆිල්ම් එක බලලා මේ සිංදුව අන්තිමට ඇහුවාම ඇත්තටම ඇඩුනා... ලස්සන නිර්මාණයක් ❤️🔥

    • @gayan33gm
      @gayan33gm 3 роки тому +1

      අනිවාර්යයෙන්ම

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 9 місяців тому

      හොදම නළුවන් දෙදෙනෙක් ඉන්න ඕනි කුමාර තිරිමාදුර මහත්මයයි සරත් කොතලාවල මහත්මයයි

  • @hansanavihanga5102
    @hansanavihanga5102 2 роки тому +23

    ආසියානු මහද්විප හොදම චිත්‍රපටය 🇱🇰❤️❤️❤️

  • @hirankodithuwakku2108
    @hirankodithuwakku2108 4 роки тому +16

    දුලී දියක් නැතිවිය නුඹ නාවන්ට
    තනේ කිරි හිඟවිය තොල් පොඟවන්ට
    කටුසර භෝග තිබුණේ බඩ පුරවන්ට
    සමාවෙයන් පුතුණේ නුඹ වැදුවාට
    රෑ ගාණක් උලලේනේ ඇඬුවාය
    ගම්මැද්දේ බැල්ලී උඩු බිරුවාය
    නුඹ එනතුරා.... අම්මා... දින ගැන්නාය
    හාමත් වෙලා ගොම පොළොවේ වැටුණාය
    දුක් ගිණි නිවන්නට මතු ජාතියක නුඹේ
    ආයෙත් මගෙ බඩට දවසක වරෙන් පුතේ
    නුඹ මට කරපු දේවල් මහ මෙරක් වගේ
    අම්මා නොවෙයි, බුදුවන්නේ නුඹයි පුතේ

  • @jayanthnittade2878
    @jayanthnittade2878 2 роки тому +17

    I am from mangalore , I was watched this movie at Bangalore international film festival . . .very good movie ..thank you srilankans..

  • @maheshmaduranga1759
    @maheshmaduranga1759 Рік тому +8

    මේ ගීතය අහන වාරයක් පාසා වෙනම ලෝකයකට පිවිසෙනවා. හිරිගඩු පිපෙනවා, අැස් අගට කඳුලු එනවා. ලංකාවේ මිල කල නොහැකි ඒ අනර්ඝ කටහඬින් පුදුමාකාර හැඟමක් එක් කරන්නේ එම අර්ථවත් පදරචනයටයි. එම රචනා ශෛලිය හරිම අාශ්චර්යමත්ය. ඒ එමෙන්ම ඒවා පිටුපස නැගීසිටිනා දැවැන්ත සංගීත නිර්මාණයටයි. මේ සියල්ලක්ම සමගින් එම දැවැන්ත සිනමා පටයේ රඟදක්වන දැවැන්ත රංගන ශිල්පි ශිල්පිණියන්ගේ සහයෝගය තවත් මා මෙයට උන්මත්තයෙක් වීමට කාරණයකි. තවත් මෙවන් නිර්මාණ බිහිවේවාහි ප්‍රාර්ථනා කරමි, මා වැනි උන්මත්තකයින් තවත් සිටීදැයි විටක තනිවම මටම සිතේ. මා සිතින් මෙම නිර්මාණයේ රඟ දක්වන චරිතයකි. ❤❤❤

  • @gimanthapradeep4557
    @gimanthapradeep4557 Рік тому +6

    කලාවක් සහ කලාකරුවන් දැක්කා, කාලෙකින්,
    සරත් කොතලාවල , කියන්න වචන නැ , සුපිරි,,

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi 2 роки тому +5

    අද ටි.වී එකේ ගියා.බලපු ලස්සනම චිත්‍රපටයක්.

  • @budget12proplus
    @budget12proplus Рік тому +6

    අඬන ගමන් බලපු එකම සිංහල ෆිල්ම් එක

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 9 місяців тому +2

    මේ film එක මට නම් බලන්න බෑ ඇඩෙනවා ඒ තරම්ම සංවේදී..මේකෙ සිංදුවත් එහෙමයි අම්මා නෙවේ බුදුවන්නේ නුඹයි පුතේ.......මගෙ හිතේ ඉහළින්ම ඉන්න මං අතිශය ආදරේ කරන දැවැන්ත කලාකරුවන් දෙපළ කුමාර තිරිමාදුර මහත්තයයි සරත් කොතලාවල මහත්තයයි , හදවතේ ආදරය ගරුත්වය තව තව වැඩි වුණා ඔබතුන්ලා දෙපළට......දීර්ඝායුෂ ලැබෙන්න ඕනි...❤️🙏

  • @ldoshan3
    @ldoshan3 2 роки тому +6

    ජීවිතේ පලවෙනි වතාවට මේ වගේ අර්ථයක් තියෙන ගීතයක් ඇසුවේ. දෙමාපියන් වෙනුවෙන් අසීමිතව තමන්ගෙ ජීවිතය කැප කරන දරුවන්ට කවදාවත් වරදින්නෙ නෑ. අම්මා නොවෙයි නුබයි පුතේ බුදු වන්නේ. 🙏

  • @lankeshwaramanage2917
    @lankeshwaramanage2917 4 роки тому +20

    අපි වාසනාවන්තයි මෙවැනි නිර්මාණය විදින්නට තරම්....ඔබ තුමියට දීර්ගායු

  • @gayan33gm
    @gayan33gm 3 роки тому +19

    කේමදාස මාස්ටර්ගෙ ඒ සංගීතය නැවතත් සිහිපත්වෙනවා. මාස්ටර් ❤❤❤❤

  • @thisararajapaksha5876
    @thisararajapaksha5876 4 роки тому +37

    ඇස් වලට කදුලක් එන ගමන් ඇගේ හිරිගඩුත් පිපෙනවා...

  • @ishankaview
    @ishankaview 4 роки тому +27

    ඒ පදවැල් ...ඒ හඩ කියන්න ගොඩක් දෙ තිබුනත් ඒ හැකියාවට විචාරකයන් වෙන්නෙ අපි තාම පොඩ් වැඩ්යි..❤❤❤නන්දා මාලනිය...සුනිල අරියරත්නයන්..

  • @chandrarathnaillangakoon5848
    @chandrarathnaillangakoon5848 4 роки тому +10

    නන්දා මාලනී ගේ හඩ-- සුනිල් ආරියරත්නගේ පද--ගයාත්‍රී කේමදාසගේ ස්වර සංකලනය-- ඔබ වැනි විශීෂ්ඨයන් තව තවත් මේ සිනමාව - සංගීතය එළියකරන්න.ඒක ලොකු පිනක්..එවැනි දායාද නිරන්තරයෙන්ම සමාජය යහපත්කරාවි.. මේ ගීතය එන්නේ සිනමා නි්ර්මාණයේ අන්තිමට.. එය හරියටම උචිත තැනට යොදා තිබීම කාගෙත් කදුලකට හේතුවක් වුනා..

  • @asankakumara2135
    @asankakumara2135 Рік тому +1

    බලපු සුපිරිම ෆිල්ම් එක සහා හොදම රගපෑම.මේකට සම්මානයක් හම්බුන්නැත්තනම් තමා පුදුම.ඇඩුනා අන්තිමට මේ සින්දුව යද්දි 🥺❤❤

  • @chitrasiriwardana3734
    @chitrasiriwardana3734 2 роки тому +5

    හිතාගන්නවත් බෑ.අහලා ඉවර වෙනකම් හෙළවුනේවත් නෑ....................❤️🙏❤️

  • @hasithbandara9597
    @hasithbandara9597 25 днів тому +1

    ඒ ගීතයම film එකක්,ඇස් වහන් අහන අහන සැරේට අලුත් film එකක්.ඒ film වල මාත් හිටිය. ඉතින් මං වෙන fillm බලනෑ.❤ස්තූතියි නිර්මාණ කරුවන්ට.

  • @crishanthasampath775
    @crishanthasampath775 Рік тому +4

    ඇත්තටම භාවනාවක්මයි❤️❤️ඒ කටහඬ
    සිංහල සංගිතයේ මව්තුමියට දීර්ඝායු 🙏🙏

  • @madhawaviduranga2105
    @madhawaviduranga2105 3 роки тому +6

    ඒ සංගීතය! මාස්ටර් තාමත් ඉන්නවා!!!! මාරම සිංදුවක්!!

  • @indunilnishantha1592
    @indunilnishantha1592 5 місяців тому +1

    I can only imagine how much Dr. Nanda Malini means to you. Her voice holds a special place in your heart. She is truly a remarkable artist who inspires and uplifts others with her emotional performances. There is no doubt that her talent is incomparable, and her voice will continue to touch the hearts of many forever and the music of Ms: Gayathri Khemadasa , who is a reborn version of Prof: Kemadasa excellent."🙏❤🎶

  • @oddett5314
    @oddett5314 4 роки тому +9

    දන්නෙම නැතුව ඇස් වලින් කඳුලු කඩන් වැටුනා.. ගොඩක් සංවේදි

  • @gayan33gm
    @gayan33gm 3 роки тому +7

    ගල් හිතක් උනත් උණු වෙනවා ❤️

  • @tharindu8996
    @tharindu8996 Рік тому +1

    චිත්‍රපටය🔥 ගීතය🔥

  • @madda9467
    @madda9467 4 роки тому +9

    ඇස් පියගෙන අහන්න පුලුවන් සින්දුවක්❤️

  • @sldaywolf406
    @sldaywolf406 4 роки тому +8

    වැදුන සහෝදරයා බොක්කටම life එකේ උන් දේවල් මතක් උනා

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 Рік тому +1

    අඩ අඩා බැලුවේ 🥺🥺😥😥😭😭
    So heart touching 😥❤

  • @madavigunaratne3708
    @madavigunaratne3708 4 роки тому +12

    For the first time I cried at the end of a Sinhala movie

  • @dihansamadu741
    @dihansamadu741 2 роки тому +2

    Omg music eka ammooo kiyanna vachana na

  • @ajithranaweera996
    @ajithranaweera996 2 роки тому +4

    කාලෙකට පස්සෙන් ඒ අමරණිය කටහඩ ආයිත්.... ❤

  • @roshanbandara3177
    @roshanbandara3177 4 роки тому +7

    ෆිල්ම් එක බැලුවා 100% සාර්ථක එකක්... පුලුවන්නම් බලපල්ලා

    • @gayan33gm
      @gayan33gm 3 роки тому

      Deparak beluwa. Aye balanna puluwan

  • @trveller
    @trveller 2 роки тому +3

    වචන වලින් කියන්න බැරි තරමට හොඳ නිර්මාණයක්....

  • @pubudupraboth9444
    @pubudupraboth9444 4 роки тому +4

    කදුළු ආව ඒ තරම් නිර්මාණය තාත්විකයි ❤️

  • @manujayapremathilaka8940
    @manujayapremathilaka8940 4 роки тому +5

    අඬන්නැතුව ඇහුවේ බොහොම අමාරුවෙන් ❤🔥

  • @SD-uu5ub
    @SD-uu5ub Рік тому +2

    😢 මෙවැනි නිර්මාණ වලට ගොඩක් පිං🌼🌼

  • @h1rusha
    @h1rusha 3 роки тому +3

    මේක ගොඩක් හිතට දැනුනා!

  • @erandidesilva7016
    @erandidesilva7016 Рік тому +1

    Best movie in the world.This is a true story in Sir lanka . Political and economic corruption is a week point in sri lanka..most of poor people always face huge probems

  • @samantharatnayake9449
    @samantharatnayake9449 2 роки тому +3

    one of the best film in my life

  • @ashanirathnaeewa3639
    @ashanirathnaeewa3639 4 роки тому +7

    එතුමියගේ හඬ😘🤗❤

  • @levhan.
    @levhan. Місяць тому

    පුතා නිර්දෝශයි කියලා පත්තරේ ගියා කියලා අම්මා දන්නෙ නෑ....
    අම්මා අන්තරා වුනා කියලා ගුනා දන්නෙ නෑ...
    ගුනා ඊලඟ කෝච්චියෙ ගෙදර එන්නෙ නෑ කියලා ලුයියා දන්නෙ නෑ...
    අදටත් හෙටටත් මගේ හිතේ තැනක හිරවෙච්ච ලංකාවෙ හොඳම කතාව💯

  • @dilshanhimantha2139
    @dilshanhimantha2139 2 роки тому +5

    This movie is a masterpiece!

  • @kandycinema7071
    @kandycinema7071 3 роки тому +2

    Film එක නම් patta... හිතට ලොකු දුකක්...........

  • @madukanidesh1918
    @madukanidesh1918 Рік тому +3

    film එක බලලා මේක අහද්දී දැනෙන හැගීම විස්තර කරගන්න මට වචන මදි😢

  • @pasindukavishka3882
    @pasindukavishka3882 4 роки тому +4

    ගායනයත් විශිෂ්ටයි චිත්‍රපටයත් විශිෂ්ටයි

  • @dimuthuwijesooriya7432
    @dimuthuwijesooriya7432 4 роки тому +8

    ඇස්වලට කදුලු ආවා ඔබතුමියගේ අලුත් ගීයක් ඇහුනු නිසා.

  • @kavindraranasinghe5523
    @kavindraranasinghe5523 4 роки тому +3

    ඒ හඩ, පදවැල් අති විශිෂ්ට යි

  • @kalanagayanga7044
    @kalanagayanga7044 9 місяців тому +1

    නියම අමු වචන

  • @dushanthalakmal8952
    @dushanthalakmal8952 2 роки тому +2

    One of the best film that I have seen in Movie Industry

  • @OurPlanetOurHome
    @OurPlanetOurHome Рік тому +1

    😢Amazing voice By Singer, Music Director Nanda Malini Perera. Her songs intricate notional ideas of emotions that stem out of human realities.🙏 This is the The best movie I have seen since Death on a Full Moon Day(පුරහඳ කළුවර). Thank you so much Sarath Kothalawala and Kumara Thirimadura aiye. 💝

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 4 роки тому +10

    ඔබ කවි කිව්වත් හිත නිදහස්

  • @palithasamaranayake9120
    @palithasamaranayake9120 2 роки тому +1

    මගේ ජිවීතේ එක හිනයක් නන්දා මාලනී දකින එක 🙏❤️💯

    • @ajithranaweera996
      @ajithranaweera996 2 роки тому +2

      අනිවා සහෝදරයා... මගේ පුදුමාකාර ආසාවක් තිබ්බා අමරදේව මාස්ටර්ව ජිවිතේ එකපාරක් හරි දකින්න. ඒත් බැරි උණා. හැබැයි නැන්දා මලනියන්ව නම් කොහොමහරි හම්බ වෙනවා..... ❤🙏

    • @palithasamaranayake9120
      @palithasamaranayake9120 2 роки тому

      @@ajithranaweera996 ජය වේවා සහෝදරයා ❤️ 🙏

  • @heshanrajapakse8065
    @heshanrajapakse8065 4 роки тому +3

    E film eka mara kathawak. ane manda me rate minissu nam kyla hithenawa

  • @dantha001
    @dantha001 3 роки тому +2

    එදා ලංකාවෙ සංගීතයේ තිබුනු සංකලන අදටත් විශිෂ්ටයි. කපුගේ සමඟ රන්බංඩා සෙනෙවිරත්න, නන්දා මාලිනිය සමඟ සුනිල් ආරියරත්න.. ඉතිං මේ නිර්මාණය ගැන කුමන කතාද? හොඳම උදාහරණය තමයි "පවන" ප්‍රසංගය..

  • @Shavinda9889
    @Shavinda9889 3 роки тому +3

    හිත නිවෙනවා ❤️🥺

  • @harshapradeep5135
    @harshapradeep5135 4 роки тому +5

    Please do us much more madam. We always waiting this combination. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kithcaption
    @Kithcaption 3 роки тому +2

    සවන් වලට මී පැනි වගේ ❤️❤️❤️❤️

  • @roshanbandara3177
    @roshanbandara3177 4 роки тому +2

    පට්ට ෆිල්ම් එකක්....

  • @samadhiheshan5077
    @samadhiheshan5077 Рік тому +1

    මගෙම කතාව ❤️

  • @viduragajanayake5393
    @viduragajanayake5393 4 роки тому +7

    Film eka baluwa...siduwa yana thena maretama galapenwa..

  • @NayadaraT
    @NayadaraT 4 роки тому +9

    One of a million song!!!

  • @kumarisenanayake197
    @kumarisenanayake197 4 роки тому +2

    Wow.. ane a කටහඩ ..බුදුසරණyi ඔබ thumiyata..

  • @dr.kapilasinghaprathapa1914
    @dr.kapilasinghaprathapa1914 9 місяців тому +1

    👌Excellent song and film👍

  • @somilasudath7437
    @somilasudath7437 4 роки тому +2

    සුපිරි නිර්මාණයක් ..

  • @ganithpeiris3960
    @ganithpeiris3960 3 роки тому +2

    හරිම අපුරු සංකලනයක්...

  • @sajith694
    @sajith694 4 роки тому +3

    විශිෂ්ට සිනමා නිර්මාණයක් ❤️

  • @rusirukalhara
    @rusirukalhara 4 роки тому +7

    චිත්‍රපටය විශිෂ්ඨ නිර්මාණයක් වගේ....

    • @heshanchathu9154
      @heshanchathu9154 3 роки тому

      aniwa. media wala keruwawa thamai tynne

    • @randivnimesh3597
      @randivnimesh3597 3 роки тому

      වගේ නෙමෙයි එහෙම තමා😪💔

    • @rusirukalhara
      @rusirukalhara 3 роки тому +1

      @@randivnimesh3597 එක release වෙන්න කලින් කියපු එකක්..

  • @WeLanka
    @WeLanka 4 роки тому +3

    The best newspaper ever read.
    Excellent

  • @saveenfernando7269
    @saveenfernando7269 4 роки тому +4

    භාවනාවක්මයි ❤️

  • @kalanagayanga7044
    @kalanagayanga7044 9 місяців тому

    අති විශිෂ්ට නිර්මාණ මේවා..

  • @dihansamadu741
    @dihansamadu741 4 роки тому +4

    Gayathri khemadasa 's music is superb

  • @renukagunasekera7377
    @renukagunasekera7377 4 роки тому +4

    One of the most beautiful song that I have ever enjoyed..... amazing...

  • @sasmithaprabha6520
    @sasmithaprabha6520 8 місяців тому

    හිතට දැනුන කතාවක් ...

  • @darshanakumarasinghe7815
    @darshanakumarasinghe7815 19 днів тому

    වචන නෑ තනිකරම කලාගාර ❤️

  • @sewwandijayalath6882
    @sewwandijayalath6882 4 роки тому +4

    අම්බෝ..😢😢😢😢🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @ldoshan3
    @ldoshan3 2 роки тому +1

    everything is perfect. Long live

  • @darshanar2072
    @darshanar2072 3 роки тому +6

    ෆිල්ම් එකෙ බරම කොටස ගොඩක් ඇඩුවා ඕයි

  • @user-lu7hk4lr5l
    @user-lu7hk4lr5l 4 роки тому +2

    පට්ට සින්දුව

  • @wathsalasenarathne7868
    @wathsalasenarathne7868 4 роки тому +2

    Excellent film by real artists.....

  • @RanziYasasvi
    @RanziYasasvi 3 роки тому +2

    Such a beautiful song

  • @NDS-ed9bt
    @NDS-ed9bt Рік тому +1

    Koheda Ane Me film 1 balanne 🙏

  • @thisularashmika3343
    @thisularashmika3343 4 роки тому +2

    Outstanding ❤️🙊❤️🙊❤️ amboo...🔥

  • @alindahemnayaka5347
    @alindahemnayaka5347 4 роки тому +1

    Wahi bindak watuna mahapolowata dadi niyagayakin passe ,Nanda Malaniyage handa

  • @NayadaraT
    @NayadaraT 4 роки тому +9

    One in a million song!!!

  • @sameeraja4917
    @sameeraja4917 3 роки тому +1

    Amazing movie.. hearttouching storyline

  • @m.danthanarayana5226
    @m.danthanarayana5226 4 роки тому +2

    Amazing voice 🙏
    Moving lyrics

  • @ccnirodha9998
    @ccnirodha9998 4 роки тому +2

    අම්මා ❤❤❤

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 4 роки тому +2

    Amazing song

  • @chamindakumara3245
    @chamindakumara3245 4 роки тому +2

    Hitata danena gee

  • @achiniumayanganaamarasingh6173
    @achiniumayanganaamarasingh6173 4 роки тому +1

    ඒක මාරයි.

  • @dulanchiranthake5519
    @dulanchiranthake5519 4 роки тому +5

    Please, Lyrics ටික add කරන්න description එකට

  • @sarathkuru3129
    @sarathkuru3129 4 роки тому +2

    Wow beautiful

  • @suchithfernando2091
    @suchithfernando2091 4 роки тому +3

    What a song ♥️

  • @agra2702
    @agra2702 4 роки тому +4

    Ape ලංකාවේ samaharun nodakina නොදන්නා ek dukbara පැතිකඩක් .....!

  • @sanathkumara2124
    @sanathkumara2124 4 роки тому +6

    අවුරුද gananaka niyagayakin passe wahi podak dunnata pin maliniyeeeee.....

  • @heshanchathu9154
    @heshanchathu9154 3 роки тому +4

    Film eka hoyan balanna balapu nathi aya. lankawe Media wala keruwawa thamai tiyenne. hithaganna bari awasanayak tiyenne. film eke anthima mohothe me sinduwa yaddi as walin kandulu watenwa.

  • @wasantha492
    @wasantha492 4 роки тому +1

    Jathiyak adaraya karana hada 😍😍😍

  • @alindahemnayaka5347
    @alindahemnayaka5347 4 роки тому +1

    Amma noweyi budu wanne numbayi puthe

  • @weenath
    @weenath 10 місяців тому

    a must watch movie!

  • @alindahemnayaka5347
    @alindahemnayaka5347 4 роки тому +1

    Kageda music,Khemadasa master mathak una