Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම සතුටුයි අයියේ.. පොතක් කරන්නන්වාලේ නොකර සදැස් කවි ගලපා පොතක් එළිදැක්වීම ඇත්තටම අභියෝගයක්.. අයියා ඒ අභියෝගය අපූරුවට ජයග්‍රහණය කරලා තියනවා.......
ස්තුතියි මල්ලී. ඇත්තටම ඕන වුනේ තවත් එක කවි පොතක් කරන්නේ නැතුව, හැම පිටුවක ටම හැම කවියකටම , කියවන්නන් වියදම් කරපු හැම සතයකටම සාධාරණයක් කරන්න .. එහෙම වෙලා කියන නිහතමානී සතුට මම අද භුක්ති විඳිනවා
රුවට කවක් - සිතුවමක් මුල් කොට ගෙන කවක් ලියා ඇතිබව මගේ හැඟිමයි. එයිනුදු මගේ සිත් පැහැරගත් කවි පෙල කිහිපයකි.1-3 මවකගේ අබිනික්මන (පිටුව 21)සුන්දර පැදි පෙලකි. සඳැස් ආකෘතියකට ලියවි ඇති අතර මවකගේ ආදරය නොතැකු පුතෙකුගෙන් ලබන වේදනාව මනාවට කවි කර ඇත. එම කවි පෙලට අදාල රුවක් බද්ද කර තිබුනත් විස්තරයක් ලියා තිබුනත් ඒ කිසිවකුදු නැතිවම කවිපෙල සිතටම කතා කරයි. පුහුදුන් සමාජයේ මව්වරු විඳින දුක මතින් මවකගේ දුක්ඛිත ඉල්ලීම හද සසල කරවන සුලුය.1-7 නූපන් පුතුට කියූ කවි (පිටුව 29)පුතකු කුස දරා සිටින මවක නම් නිති සිතන්නේම කුස තුල සිටින පුතුගැනමය. මෙහි විශේෂය වන්නේ පියකු තම නූපන් පුතු ගැන සිත ආකාරයයි. පිය සෙනෙහසට කවි ගී ලියවි නැති කාලයක පියෙකුගේ සෙනෙහස සහ සිතුවිලි ඉතාමත් සියුම්ව එම කවි වල රඳවා ඇත. මා සිත් ගත් කවිය මෙලෙසයි.“දරා ආදර තෙපුල් සියලඟ පහන් සිහිලෙන් ගෙන අරාඅරාජිත සෙනෙහසේ පෙති මත පුතේ රුව අඳිනෙමි පුරාපුරා මුලු ලොව සෙවූවත් නුඹ මගේ සිත් කැටයම් ඉරාඉරා ඔය කුස දොවා කලඑළි වඩිනු මිහිපිට සුව කරා“සියුම් කල සිතුම් - මෙහි නම් මට දැනෙන විදියට අනිත් අයට නොපෙනෙන පැත්තක් ඉතා සියුම්ව බලා කවි කර ඇති බවයි.2-4 දික්කසාදය පතිනියකගේ ඇසින් (පිටුව 35)පතිනියක දික්කසාදය තුල කොටු වුන විට ඇයට දැනෙන්නේ මහත් වේදනාවකි. ඒ සිත නිතරම අතීතයට දුවයි. අහස පොලව නූසුලන ලෙස ඇය තනිවෙන අවස්ථාවේ ත් ඇය සිතන්නේ කසාදය කටු ගෑව පලියට මතකය සදාකල්ම මැකී යාදැයි කියායි. එම අනුවේදනීය කතාව හදටම කතා කරයි.2-7 හෙටයි මගේ උපන්දිනේප්රසූතියට පෙර දින කුස ඔත් කලල චිත්තය අපූරුවට කවියට නගා ඇත. සත්‍ය වශයෙන්ම ඒ සියුම් සිතටත් මෙලෙසම සිතෙනවා ඇති. පද පෙරලන්නට අකුරු වචන නොදැනුනාට සිතුවිලි අනූනව දැනෙන කලලය අපූරුවට මව අමතා ඇත.“කෑවෙ මට ගුණ කෑමකී ආසාව ඉවසා හිත යටදෑවෙ ඔක්කාරෙටයි මා කුස තුලට ආ දවසේ සිටපෑවෙ සිත් බැ දි සීලයයි දඟ තරුණ විය පසෙකින් කොටආවෙ කොහොමද මේ තරම් කැක්කුමක් නොදුටුව රූපෙට“
මහේන් ඔබ ප්‍රමාණයෙන් කුඩා වට පෙනුනට මහා විසල් ගසක්. මේ තියෙන කවි මල්ල ඔබේ ඒ ප්රතාපවත් බව කියා පානවා. හරි අගෙයි. මතකද මට කීවානේ ඒ පොත ගැන ලියන්න ලේසි නැ කියලා. ඔව් ඒක ඇත්ත ලේසි නෑ තමයි. මොකද දන්නවද? සඳැස් අපූරුවට පෙල ගස්වා ඇති නිසා. එකින් එක වෙනස් නිසා. ඒත් බලන්න මම ලිවුවා. සඳැස් ගැන නොවේ. කවි මට දැනුන ප්‍රමාණය .පොතේ පිටකවරයෙන්ම පොත ඇතුල ගැන අවබෝධයක් ගෙනදේ. කවි වර්ග කිහිපයකට බෙදා ඇති අතර ඒවා වර්ණවත් බවින් සහ ලාලිත්‍යයෙන් පිරී ඇති බව එම රූප සටහනෙන්ම පෙන්වා දෙයි.කවි සියල්ලම පාහේ සඳැස් කවි ආකෘතිවලට සැකසී ඇති බවත් කියවමින් රසවිඳින්නට හැකි බවත් කිව යුතුමය. බොහෝ අය නොදකින ඉතා සියුම් ස්ථාන කවි ඇසින් දැක ඇති බව පොත කියවා ගෙන යෑමේදි මට දැනුනි. ඉතාමත් විශ්ලේෂනාත්මකව හොඳින් එම අවස්ථාවන් කවියට නගා ඇත.විෂම මාතෘකා ඔස්සේ ගලා යන කවි අතර ප්‍රධානතම මාතෘකාවක තුලම සිට සියුම් වෙනස වෙනත් මාතෘකාවට රැගෙන යයි. පරිබාහිරින් කියන්නේ අම්මා ගැන වූවත්. අම්මා යන ස්වර පරාසය තුල ඉතා සියුම් ලෙස විවිධ අවස්ථාවන් විවිධ ආකාරයෙන් කවියෙන් කතා කර ඇත. හරබර කවි පොතකි.කවි පහත ආකාරයට කොටස් කර ඇත.1. රුවට කවක්2. සියුම් කල සිතුම්3. පත් ඉරුව4. ප්‍රේමය නම්5. පන්හිඳට කඳුලු6. කවි කෙටි කතාපොත කියවාගෙන ගියත් වරක් සියල්ලම එකිනෙකට වෙනස් අදහස්ය. දෙවන වර නැවත කියවා ටැග් දමාගෙන ගිය පසු ටැග් විශාල ප්‍රමාණයක් යොදා ඇති බව තේරුනි. එයිනිදු කිහිපයක් ගැන මෙසේ ලියන්නට සිතුවෙමි.
කාව්‍යකරණය සහ කාව්‍ය විචාරය එක වගේම සංවේදී විෂයයන් දෙකක්. තව කෙනෙක් ගෙ හිතේ මැවිච්ච අදහසක් ඒ ආකාරයෙන් ම තේරුම් ගන්න ඉතාමත් සංවේදී තීක්ෂණ හිතක් තියෙන්න ඕන. ඒ හිතුන දේ තව කෙනෙක් ගෙ හිතට දැනෙන්න රසඥතාව උද්දීපනය වෙන්න ස්පර්ශ කරන්න පුළුවන් අන්දමින් භාෂා සුභාවිතය ඊටත් වඩා අමාරුම කටයුත්තක් . අපක්ෂපාතීව තමුන්ගේ අදහස් ඉදිරිපත් කිරීම ඉතාමත් වගකීමෙන් කරන්න ඕන දෙයක්. කාව්‍ය විචාරය පිලිබඳ මගේ දැනීම ඉතා අල්පයි. නමුත් මාගේ දැනුම් වපසරියෙන් මෙම විචාරය ඉතා උසස් ගනයේ වෘත්තීය මට්ටමේ විචාරයක්.තම අදහස් ස්ව කැමැත්තෙන් ම ඉදිරිපත් කර තවකෙක් ගේ නිර්මාණයක් නග්න ඇසකින් විවේචනය කිරීම අද කාලයේ ඉතා විරළ දසුනක්. ඇත්තෙන් ම ඒක පොහොසත් කමක්.Nalani Desilva අක්කේ. ඇත්තෙන් ම ඔබ බොහොම පොහොසත් ..!!
පත් ඉරුව - පත් ඉරුව යනු පුස්කොලයයි. පුස් කොලයක ලියනුයේ නොමැකී තබා ගන්නටයි. පත් ඉරුවට තෝරා ගෙන ඇත්තේ මානව බැඳිම් හා නොමැකී තිබිය යුතු ලබැඳි කවි කිහිපයකි.3-3 බහතෝරන සිඟිත්තිය (පිටුව 48)මෙම කවි පෙල කියවීමේදී මට මතක් වුනේ “හඳපානේ වැලිතලා“ කවි පංතියයි. අපූරු චිත්ත රූප මවාගෙනම ලගන්නා තාලයට කියවිය හැකි මනරම් කවි පෙලකි. තාත්තා කෙනෙකුට දැනෙන සුරතල් දියනියක දැනෙන අපූරුව මිටත් වඩා කෙලෙස කියන්නද?“ළදරුය සියුමැලි සිතඉඟි පමණකි බස නැතදිග හැර රස පද පොතඅය මා අමතනු ඇත“3-5 ඔසී !! (පිටුව 50)කුතුහලය වඩවන කවි හිසකි. ඔසී කවුද? කියවන්න බොහෝ අය විවෘතව කතා නොකර මාතෘකාවකි. විදේශගතවී සැප බව පෙන්වමින් දුක් විඳින ශ්‍රී ලාංකික හදවත් පිලිබඳව ඇතිවුන කැක්කුමකින් ලියා ඇති කවි පෙලකි. ඔබත් කියවා රසවිඳින්න. අගේ ඇති කවි පෙලක් එය.3-8 සොඳුරු විය නික්මෙනු කලින් (පිටුව 53)මෙම කවි කියවද්දි මතක් වෙන්නේ ලෝවැඩ සඟරාවෙහි ඇති “අද අද එයි මරු පින්කර ගන්නේ“ පද පෙලයි. මෙහි ගැබ් වි ඇති සාරය නම් ලද මිනිස් බවයෙන් අපට ඉතිරි වන්නේ නොපමාව දහමෙ හැසිරීම බවයි.“පමා නොමවන් දුලබ මනු බව සෑම දා නැහැ අයිති වන්නේපිනම වපුරමු දහමෙ හැසිරෙමු එයම පමණකි ඉතිරි වෙන්නේ“ප්‍රේමය නම් - ප්‍රේමයම තමයි. ඒ ප්‍රේමය මනස් කාන්තයි. ඔහු ඇයට කෙලෙසක පෙම් කර ඇත්ද? අපූරුයි ඒ පෙම රස විඳින්න නම් ඒ පෙම් කවි කියවන්නම ඕනා. ඇයගේ කැල්මට බැල්මට පෙම්කර ඇය ලඟින්ම හිඳ සංවර සිත චංචල වූ හැඟුම් වලින් ලෙඩවි සිත මෙල්ල කරගනු නොහැකිව දැවෙන හදින් ආදරෙ කියන්නැයි පවසමින් දහසක් පැතුම් එක් කර අවසන කිවිඳියකට පෙම් බැඳ ඇති සැටියකි. ඒ ප්‍රේම වෘත්තාන්තය කියවිය යුතුමය.4-7 කිවිඳියකට පෙම් බැඳි (පිටුව 62)“නන් ලෙස කවියෙ තාලය ගෙන මනාවමුහුණට රැගෙන ඔය ලස්සන සිනාවමතකයෙ තියන් කවි කියනා කෙනාවකැන්දන් යන්නමයි මගෙ කල්පනාව“පන්හිඳට කඳුලු - පන්හිඳට කඳුලු එන්නේ දුක ලියැවෙන වෙලාවට. පෙම් වතියට දිගයක යන්න ආයුබෝවන් කියමින් නොඑන ඇගේ කොල් බැල්මෙන් පෑරුන සිත හොරෙන්ම තියාගෙන අහිමි ඇයට සම්පත් හිමි වේවා කියා සැබෑ ආදරයෙන් ප්‍රකාශ කරමින් දුක් වෙන පෙම්වතා ආයෙත් කිසිම දවසක මෙවන් දුකක් වේවා යි පතයි. ඒලෙසම තනිවුන හින ලෝකයේ හෙටත් තනි වෙලා ඉන්න කැමතිව පෙම්වතිය යලිදු අයත් කරගැනීමේ අභිලාශයකින් තොරව තනියට කවි ලියමින් සුරඟනන් වැනි කාන්තාවන්ගේ ආදරය ගැන සැකයෙන් සිටියි. සඳ වන් පවිත්‍ර ආදරය ගැන කියමින් නැවත විරහවක් නම් එපා යැයි පෙම්වතියට කියන ඔහු ඇය ගිය දවස බොඳවුනු පෙම ගැන දුක්වෙයි. ඇයට ලංවෙලා ඉන්න නොහැකිව ඒ පෙම් මතකය අත්හැර යන්න බැරිව සිටියි. අවසානයේදි ආදරය පුරවාගෙන ජිවිතය දකියි. හරිම සොඳුරු පෙල ගැස්මකි මේ කවි ටික. පන්හිඳට කඳුලු වල අවසන් කවි පෙල ඔබට රසවිඳින්නට මෙලෙස ගෙන එමි ආදරෙන්.......5-9 ජිවිතය දකින්නම් (පිටුව 72)“සිතලට ගුළිවෙ ලාඋනුහුමට තෙරපි ලානෙතු පහන් පියව ලාහාදුවක් තියන්නම්සිත් දැහැන සරස ලාආදරය පුරව ලාසත්සරය ගෙන ස ලාසවන් යුග පුරන්නම්සෙනෙහසම කලත ලාබැති සිතම සනස ලාඑන තෙක්ම ඉවස ලානුඹ ළඟම පුදන්නම්පණට පණ දිවුර ලාකියන්නට ලං වෙ ලාඅපට අපි හිමි වෙ ලාජිවිතය දකින්නම්“කවි කෙටි කථා - එය නම් හරි අපුරුය ඒ වගේම කවි වලින් අපි කතා කරමු. කවි අන්දරයන් දෙකකි. එය හරිම මිහිරි මෙන්ම සෞම්‍යය. කතා කරමු අපි එක මොහොතක් කියා මට කියන්න සිතේ.එය කවි අන්දරයකි. ආදර කවි අන්දරයකි. කවි අන්දර ඉතා සොඳුරුය. එහි රුදුරු බවක් නැත. ඔබත් කියවාම බලන්න 6-1 මධු යහන අබියස නමින් පිටු අංක 74හි සඳහන් කිරිම පටන් ගෙන පිටු අංක 76 දක්වා දිවෙන කවි 14කින් සමන්විත කවි කතාවකි.මේ හැම කවියකම ඉතාමත් සරල බස් වරහක් ප්‍රයෝජනයට ගෙන තිබීමත් තවත් විශේෂයකි. අරගෙන කියවා රසවිඳ ගත හැකි කවි පොතකි. මට දැනෙන විදියට මේ කවි පොත තුල එහෙන් මෙහෙන් නොව සැම තැනම ඔහු ඇත. ජීවය පිරි කවි වලින් පොත සැරසී ඇත්තේ ඒ නිසා වෙනි.කිවිවර ප්රකාශණයක් වන මෙම පොත ඔබත් කියවා බලන්න. තව විස්තර දැනගන්න පුලුවන් මෙලෙස:මහේන් සූරි (අස්ගිරියේ මහේන්ද්‍ර සූරියආරච්චි)115/C, පොකුණ පාරඅස්ගිරියගම්පහ077-3639366
ඇත්තටම සතුටුයි අයියේ.. පොතක් කරන්නන්වාලේ නොකර සදැස් කවි ගලපා පොතක් එළිදැක්වීම ඇත්තටම අභියෝගයක්.. අයියා ඒ අභියෝගය අපූරුවට ජයග්‍රහණය කරලා තියනවා.......
ස්තුතියි මල්ලී. ඇත්තටම ඕන වුනේ තවත් එක කවි පොතක් කරන්නේ නැතුව, හැම පිටුවක ටම හැම කවියකටම , කියවන්නන් වියදම් කරපු හැම සතයකටම සාධාරණයක් කරන්න .. එහෙම වෙලා කියන නිහතමානී සතුට මම අද භුක්ති විඳිනවා
රුවට කවක් - සිතුවමක් මුල් කොට ගෙන කවක් ලියා ඇතිබව මගේ හැඟිමයි. එයිනුදු මගේ සිත් පැහැරගත් කවි පෙල කිහිපයකි.
1-3 මවකගේ අබිනික්මන (පිටුව 21)
සුන්දර පැදි පෙලකි. සඳැස් ආකෘතියකට ලියවි ඇති අතර මවකගේ ආදරය නොතැකු පුතෙකුගෙන් ලබන වේදනාව මනාවට කවි කර ඇත. එම කවි පෙලට අදාල රුවක් බද්ද කර තිබුනත් විස්තරයක් ලියා තිබුනත් ඒ කිසිවකුදු නැතිවම කවිපෙල සිතටම කතා කරයි. පුහුදුන් සමාජයේ මව්වරු විඳින දුක මතින් මවකගේ දුක්ඛිත ඉල්ලීම හද සසල කරවන සුලුය.
1-7 නූපන් පුතුට කියූ කවි (පිටුව 29)
පුතකු කුස දරා සිටින මවක නම් නිති සිතන්නේම කුස තුල සිටින පුතුගැනමය. මෙහි විශේෂය වන්නේ පියකු තම නූපන් පුතු ගැන සිත ආකාරයයි. පිය සෙනෙහසට කවි ගී ලියවි නැති කාලයක පියෙකුගේ සෙනෙහස සහ සිතුවිලි ඉතාමත් සියුම්ව එම කවි වල රඳවා ඇත. මා සිත් ගත් කවිය මෙලෙසයි.
“දරා ආදර තෙපුල් සියලඟ පහන් සිහිලෙන් ගෙන අරා
අරාජිත සෙනෙහසේ පෙති මත පුතේ රුව අඳිනෙමි පුරා
පුරා මුලු ලොව සෙවූවත් නුඹ මගේ සිත් කැටයම් ඉරා
ඉරා ඔය කුස දොවා කලඑළි වඩිනු මිහිපිට සුව කරා“
සියුම් කල සිතුම් - මෙහි නම් මට දැනෙන විදියට අනිත් අයට නොපෙනෙන පැත්තක් ඉතා සියුම්ව බලා කවි කර ඇති බවයි.
2-4 දික්කසාදය පතිනියකගේ ඇසින් (පිටුව 35)
පතිනියක දික්කසාදය තුල කොටු වුන විට ඇයට දැනෙන්නේ මහත් වේදනාවකි. ඒ සිත නිතරම අතීතයට දුවයි. අහස පොලව නූසුලන ලෙස ඇය තනිවෙන අවස්ථාවේ ත් ඇය සිතන්නේ කසාදය කටු ගෑව පලියට මතකය සදාකල්ම මැකී යාදැයි කියායි. එම අනුවේදනීය කතාව හදටම කතා කරයි.
2-7 හෙටයි මගේ උපන්දිනේ
ප්‍රසූතියට පෙර දින කුස ඔත් කලල චිත්තය අපූරුවට කවියට නගා ඇත. සත්‍ය වශයෙන්ම ඒ සියුම් සිතටත් මෙලෙසම සිතෙනවා ඇති. පද පෙරලන්නට අකුරු වචන නොදැනුනාට සිතුවිලි අනූනව දැනෙන කලලය අපූරුවට මව අමතා ඇත.
“කෑවෙ මට ගුණ කෑමකී ආසාව ඉවසා හිත යට
දෑවෙ ඔක්කාරෙටයි මා කුස තුලට ආ දවසේ සිට
පෑවෙ සිත් බැ දි සීලයයි දඟ තරුණ විය පසෙකින් කොට
ආවෙ කොහොමද මේ තරම් කැක්කුමක් නොදුටුව රූපෙට“
මහේන් ඔබ ප්‍රමාණයෙන් කුඩා වට පෙනුනට මහා විසල් ගසක්. මේ තියෙන කවි මල්ල ඔබේ ඒ ප්රතාපවත් බව කියා පානවා. හරි අගෙයි. මතකද මට කීවානේ ඒ පොත ගැන ලියන්න ලේසි නැ කියලා. ඔව් ඒක ඇත්ත ලේසි නෑ තමයි. මොකද දන්නවද? සඳැස් අපූරුවට පෙල ගස්වා ඇති නිසා. එකින් එක වෙනස් නිසා. ඒත් බලන්න මම ලිවුවා. සඳැස් ගැන නොවේ. කවි මට දැනුන ප්‍රමාණය .
පොතේ පිටකවරයෙන්ම පොත ඇතුල ගැන අවබෝධයක් ගෙනදේ. කවි වර්ග කිහිපයකට බෙදා ඇති අතර ඒවා වර්ණවත් බවින් සහ ලාලිත්‍යයෙන් පිරී ඇති බව එම රූප සටහනෙන්ම පෙන්වා දෙයි.
කවි සියල්ලම පාහේ සඳැස් කවි ආකෘතිවලට සැකසී ඇති බවත් කියවමින් රසවිඳින්නට හැකි බවත් කිව යුතුමය. බොහෝ අය නොදකින ඉතා සියුම් ස්ථාන කවි ඇසින් දැක ඇති බව පොත කියවා ගෙන යෑමේදි මට දැනුනි. ඉතාමත් විශ්ලේෂනාත්මකව හොඳින් එම අවස්ථාවන් කවියට නගා ඇත.
විෂම මාතෘකා ඔස්සේ ගලා යන කවි අතර ප්‍රධානතම මාතෘකාවක තුලම සිට සියුම් වෙනස වෙනත් මාතෘකාවට රැගෙන යයි. පරිබාහිරින් කියන්නේ අම්මා ගැන වූවත්. අම්මා යන ස්වර පරාසය තුල ඉතා සියුම් ලෙස විවිධ අවස්ථාවන් විවිධ ආකාරයෙන් කවියෙන් කතා කර ඇත. හරබර කවි පොතකි.
කවි පහත ආකාරයට කොටස් කර ඇත.
1. රුවට කවක්
2. සියුම් කල සිතුම්
3. පත් ඉරුව
4. ප්‍රේමය නම්
5. පන්හිඳට කඳුලු
6. කවි කෙටි කතා
පොත කියවාගෙන ගියත් වරක් සියල්ලම එකිනෙකට වෙනස් අදහස්ය. දෙවන වර නැවත කියවා ටැග් දමාගෙන ගිය පසු ටැග් විශාල ප්‍රමාණයක් යොදා ඇති බව තේරුනි. එයිනිදු කිහිපයක් ගැන මෙසේ ලියන්නට සිතුවෙමි.
කාව්‍යකරණය සහ කාව්‍ය විචාරය එක වගේම සංවේදී විෂයයන් දෙකක්. තව කෙනෙක් ගෙ හිතේ මැවිච්ච අදහසක් ඒ ආකාරයෙන් ම තේරුම් ගන්න ඉතාමත් සංවේදී තීක්ෂණ හිතක් තියෙන්න ඕන. ඒ හිතුන දේ තව කෙනෙක් ගෙ හිතට දැනෙන්න රසඥතාව උද්දීපනය වෙන්න ස්පර්ශ කරන්න පුළුවන් අන්දමින් භාෂා සුභාවිතය ඊටත් වඩා අමාරුම කටයුත්තක් . අපක්ෂපාතීව තමුන්ගේ අදහස් ඉදිරිපත් කිරීම ඉතාමත් වගකීමෙන් කරන්න ඕන දෙයක්. කාව්‍ය විචාරය පිලිබඳ මගේ දැනීම ඉතා අල්පයි. නමුත් මාගේ දැනුම් වපසරියෙන් මෙම විචාරය ඉතා උසස් ගනයේ වෘත්තීය මට්ටමේ විචාරයක්.
තම අදහස් ස්ව කැමැත්තෙන් ම ඉදිරිපත් කර තවකෙක් ගේ නිර්මාණයක් නග්න ඇසකින් විවේචනය කිරීම අද කාලයේ ඉතා විරළ දසුනක්. ඇත්තෙන් ම ඒක පොහොසත් කමක්.
Nalani Desilva අක්කේ. ඇත්තෙන් ම ඔබ බොහොම පොහොසත් ..!!
පත් ඉරුව - පත් ඉරුව යනු පුස්කොලයයි. පුස් කොලයක ලියනුයේ නොමැකී තබා ගන්නටයි. පත් ඉරුවට තෝරා ගෙන ඇත්තේ මානව බැඳිම් හා නොමැකී තිබිය යුතු ලබැඳි කවි කිහිපයකි.
3-3 බහතෝරන සිඟිත්තිය (පිටුව 48)
මෙම කවි පෙල කියවීමේදී මට මතක් වුනේ “හඳපානේ වැලිතලා“ කවි පංතියයි. අපූරු චිත්ත රූප මවාගෙනම ලගන්නා තාලයට කියවිය හැකි මනරම් කවි පෙලකි. තාත්තා කෙනෙකුට දැනෙන සුරතල් දියනියක දැනෙන අපූරුව මිටත් වඩා කෙලෙස කියන්නද?
“ළදරුය සියුමැලි සිත
ඉඟි පමණකි බස නැත
දිග හැර රස පද පොත
අය මා අමතනු ඇත“
3-5 ඔසී !! (පිටුව 50)
කුතුහලය වඩවන කවි හිසකි. ඔසී කවුද? කියවන්න බොහෝ අය විවෘතව කතා නොකර මාතෘකාවකි. විදේශගතවී සැප බව පෙන්වමින් දුක් විඳින ශ්‍රී ලාංකික හදවත් පිලිබඳව ඇතිවුන කැක්කුමකින් ලියා ඇති කවි පෙලකි. ඔබත් කියවා රසවිඳින්න. අගේ ඇති කවි පෙලක් එය.
3-8 සොඳුරු විය නික්මෙනු කලින් (පිටුව 53)
මෙම කවි කියවද්දි මතක් වෙන්නේ ලෝවැඩ සඟරාවෙහි ඇති “අද අද එයි මරු පින්කර ගන්නේ“ පද පෙලයි. මෙහි ගැබ් වි ඇති සාරය නම් ලද මිනිස් බවයෙන් අපට ඉතිරි වන්නේ නොපමාව දහමෙ හැසිරීම බවයි.
“පමා නොමවන් දුලබ මනු බව සෑම දා නැහැ අයිති වන්නේ
පිනම වපුරමු දහමෙ හැසිරෙමු එයම පමණකි ඉතිරි වෙන්නේ“
ප්‍රේමය නම් - ප්‍රේමයම තමයි. ඒ ප්‍රේමය මනස් කාන්තයි. ඔහු ඇයට කෙලෙසක පෙම් කර ඇත්ද? අපූරුයි ඒ පෙම රස විඳින්න නම් ඒ පෙම් කවි කියවන්නම ඕනා. ඇයගේ කැල්මට බැල්මට පෙම්කර ඇය ලඟින්ම හිඳ සංවර සිත චංචල වූ හැඟුම් වලින් ලෙඩවි සිත මෙල්ල කරගනු නොහැකිව දැවෙන හදින් ආදරෙ කියන්නැයි පවසමින් දහසක් පැතුම් එක් කර අවසන කිවිඳියකට පෙම් බැඳ ඇති සැටියකි. ඒ ප්‍රේම වෘත්තාන්තය කියවිය යුතුමය.
4-7 කිවිඳියකට පෙම් බැඳි (පිටුව 62)
“නන් ලෙස කවියෙ තාලය ගෙන මනාව
මුහුණට රැගෙන ඔය ලස්සන සිනාව
මතකයෙ තියන් කවි කියනා කෙනාව
කැන්දන් යන්නමයි මගෙ කල්පනාව“
පන්හිඳට කඳුලු - පන්හිඳට කඳුලු එන්නේ දුක ලියැවෙන වෙලාවට. පෙම් වතියට දිගයක යන්න ආයුබෝවන් කියමින් නොඑන ඇගේ කොල් බැල්මෙන් පෑරුන සිත හොරෙන්ම තියාගෙන අහිමි ඇයට සම්පත් හිමි වේවා කියා සැබෑ ආදරයෙන් ප්‍රකාශ කරමින් දුක් වෙන පෙම්වතා ආයෙත් කිසිම දවසක මෙවන් දුකක් වේවා යි පතයි. ඒලෙසම තනිවුන හින ලෝකයේ හෙටත් තනි වෙලා ඉන්න කැමතිව පෙම්වතිය යලිදු අයත් කරගැනීමේ අභිලාශයකින් තොරව තනියට කවි ලියමින් සුරඟනන් වැනි කාන්තාවන්ගේ ආදරය ගැන සැකයෙන් සිටියි. සඳ වන් පවිත්‍ර ආදරය ගැන කියමින් නැවත විරහවක් නම් එපා යැයි පෙම්වතියට කියන ඔහු ඇය ගිය දවස බොඳවුනු පෙම ගැන දුක්වෙයි. ඇයට ලංවෙලා ඉන්න නොහැකිව ඒ පෙම් මතකය අත්හැර යන්න බැරිව සිටියි. අවසානයේදි ආදරය පුරවාගෙන ජිවිතය දකියි. හරිම සොඳුරු පෙල ගැස්මකි මේ කවි ටික. පන්හිඳට කඳුලු වල අවසන් කවි පෙල ඔබට රසවිඳින්නට මෙලෙස ගෙන එමි ආදරෙන්.......
5-9 ජිවිතය දකින්නම් (පිටුව 72)
“සිතලට ගුළිවෙ ලා
උනුහුමට තෙරපි ලා
නෙතු පහන් පියව ලා
හාදුවක් තියන්නම්
සිත් දැහැන සරස ලා
ආදරය පුරව ලා
සත්සරය ගෙන ස ලා
සවන් යුග පුරන්නම්
සෙනෙහසම කලත ලා
බැති සිතම සනස ලා
එන තෙක්ම ඉවස ලා
නුඹ ළඟම පුදන්නම්
පණට පණ දිවුර ලා
කියන්නට ලං වෙ ලා
අපට අපි හිමි වෙ ලා
ජිවිතය දකින්නම්“
කවි කෙටි කථා - එය නම් හරි අපුරුය ඒ වගේම කවි වලින් අපි කතා කරමු. කවි අන්දරයන් දෙකකි. එය හරිම මිහිරි මෙන්ම සෞම්‍යය. කතා කරමු අපි එක මොහොතක් කියා මට කියන්න සිතේ.
එය කවි අන්දරයකි. ආදර කවි අන්දරයකි. කවි අන්දර ඉතා සොඳුරුය. එහි රුදුරු බවක් නැත. ඔබත් කියවාම බලන්න 6-1 මධු යහන අබියස නමින් පිටු අංක 74හි සඳහන් කිරිම පටන් ගෙන පිටු අංක 76 දක්වා දිවෙන කවි 14කින් සමන්විත කවි කතාවකි.
මේ හැම කවියකම ඉතාමත් සරල බස් වරහක් ප්‍රයෝජනයට ගෙන තිබීමත් තවත් විශේෂයකි. අරගෙන කියවා රසවිඳ ගත හැකි කවි පොතකි. මට දැනෙන විදියට මේ කවි පොත තුල එහෙන් මෙහෙන් නොව සැම තැනම ඔහු ඇත. ජීවය පිරි කවි වලින් පොත සැරසී ඇත්තේ ඒ නිසා වෙනි.
කිවිවර ප්රකාශණයක් වන මෙම පොත ඔබත් කියවා බලන්න. තව විස්තර දැනගන්න පුලුවන් මෙලෙස:
මහේන් සූරි (අස්ගිරියේ මහේන්ද්‍ර සූරියආරච්චි)
115/C, පොකුණ පාර
අස්ගිරිය
ගම්පහ
077-3639366