තමන්ගේම සිව් හැවිරිදි දරුවා අපයෝජනය කළ බවට චෝදනා ලැබූ පියා ගැන අධිකරණයේදී හෙළි වූ දේ |

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 283

  • @sawanthikaanjali9722
    @sawanthikaanjali9722 4 місяці тому +578

    මුලින්ම කියපු කතාවට මම එකගයි මොකද මමත් මට අව්රුදු 7දි මෙහෙම සිද්දියකට මුණ දුන්නා 😢එත් ඒ කාලේ ඒ මිනිහට අව්රුදු දෙකක් වගේ පොඩි කාලයක් තමයි බන්දනාගාරෙ හිටියේ එත් මම මට අව්රුදු 18වෙනකම් පරිවාස බරේ 😢එත් මට අව්රුදු 25ක්‌ උනාම තමයි ආයේ මේ නඩුව ඇදුනේ. සමහර සිද්ද එච්චර මතකයි නෑ 😢පොලිසියේ න් ආයේ ආයේ එකම දේ අහන කොට මටම මං ගැන කලකිරුණා. අවසානේ පොලිසියේ මට කිව්ව‍ ආයේ නඩුව ගියාම වෙන්නේ අර මිනිහට ආයේ උපරිම අව්රුදු දෙකයි ලු දඩුවම් දෙන්න පුළුවන් නැත්තම් මට ලක්ෂ දෙකක් වගේ අරන් දෙන්නම් ලු. සල්ලි මොකටද මගෙ ජිවිතේ විනාස කරපු බල්ලෙක් ගෙන්. එතකොට මම බැදලා මටත් පුතෙක් ඉන්නවා මට ඕනෙ උනේ නෑ දරුවා එක්ක පොලිසි ගානේ යන්න. මොන පිනකට හරි මට රත්තරන් මහත්තයෙක් ලැබුනා එයා මාව ගොඩක් තේරුම් ගත්තා එක නිසා එයා කැමති උනේ නෑ මම තවත් මේ ප්‍රශ්න නිසා දුක් විදිනවට එයා මැදිහත් වෙලා පොලිසි ගිහින් අපි මේක අයින් කරා. මගෙ ජිවිතේ මට මේ වගේ හස්බන් කෙනෙක් ලැබුන නිසා මගෙ හැමදේටම එයා මං එක්ක හිටියා මට එක ලොකු ශක්තියයක් උනා එදත් අදත් 🙏මින් ඉදිරියට මෙහෙම සිදුවීමක් කිසිම කෙනෙක් ට සිදූ නොවේවා 🙏🙏එහෙම දෙයක් උනා නම් පොඩි කාලයක් ඇතුලත විසදගන්න පුළුවන් මට්ටමට මේ රටේ නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ 👍👍👍

    • @UdeniWanninayake-h2h
      @UdeniWanninayake-h2h 4 місяці тому +77

      @@sawanthikaanjali9722 ගෞරවණිය..පූලුල් මනසක් ඇති මහත්මයාට ස්තූතියි👋👋👋👋

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg 4 місяці тому +15

      ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු සද්ධර්මය ශ්‍රවණය කරමින් ඇත්ත ඇති සැටියෙන්.......

    • @sehnal139
      @sehnal139 4 місяці тому +3

      😥😥😥

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 4 місяці тому +41

      පැහැදිලියී ඔයා හරිම වාසනාවන්තයි.හොද සැමියෙක් ලැබිලා ජීවිතේ සතුටින් ගතකරන්න.මේ වගේ තැනකදිවත් ඔය ගැන කතාකරන්න එපා.ජේසු පිහිටයි

    • @yasminmadana5209
      @yasminmadana5209 4 місяці тому +12

      ඇයි දරැවතනියමතියා කටඋත්තර නොගන්නේ

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 3 місяці тому +34

    මේ කතාව කියවනකොට, ඒකට දාලා තියෙන සමහර කමෙන්ට් කියවනකොට මට හිතෙනවා අපෙ තාත්තා මොනතරම් ගෞරවණීය කෙනෙක්ද කියලා. අපෙ අම්මා නැතිවෙනකොට අපි හුඟක් පොඩියි. ගෑණූ ළමයි තුන් දෙනයි එක පිරිමි ළමයයි. කවදාවත් අපි දිහා වැරදි ඇහැකින් බලලා නෑ. අපි ඉස්කෝලෙ ඇරිලා එද්දි ගෙදර වැඩ ඔක්කොම කරලා කන්න උයලත් තියෙනවා. තාත්තා කලේ බිස්නස් සමහරදාට ගෙදර එන්නෑ.ගෙදර එන්න රෑ වෙනවා.එදාට අපි හරි බයයි. ගමේ කිසි පිරිමියෙක් වත්තෙ පස් පාගන්න බයයි. තාත්තගෙ හැටි දන්න නිසා. අදටත් ගමේ කොල්ලෙක් අපිට විහිළුවකටවත් වැරදි දෙයක් කියලා නෑ. මං ප්‍රාර්ථනා කරන්නෙ ඒ වගෙ තාත්තා කෙනෙක් හැමෝටම ලැබෙන්න කියලා.මගෙ තාත්තා මහලොකු පෝසතෙක් නෙමේ. ඒත් ගුණයහපත් කම් අතින් ඒ වගෙ ලොකු පෝසතෙක් කොහෙවත් නෑ. ❤❤

    • @claudieneflorabrohier3979
      @claudieneflorabrohier3979 3 місяці тому +3

      ඔයාට වගේමයි මටත්, අම්මා අපි පොඩිකාලෙම නැතිවුණේ. අපේ ආදරණීය පියා තමයි, අපිව රැකබලාගත්තේ.කන්ඩ උයලා දුන්නා. හම්බ කළා. අපට හොඳට ඉගැන්වුවා.
      මෙහෙම තාත්තලා ගැන අහනකොටත් පුදුමයි

  • @kennethsrilal5818
    @kennethsrilal5818 4 місяці тому +26

    ඔබතුමියට බොහොම ස්තුතියි මේ වාගේ කාලෝචිත මාතෘකා ගෙනහැර දක්වනවාට. අද බොහොමයක් අපරාධ විමර්ශන වලට CCTV යොදාගන්න පුලුවන්, ඒත් මෙවැනි සිද්දියකදි තීරණ ගැනීම කෙතරම් සියුම්ව කලයුතුද යන්න මනාව පැහැදිලියි. මෙතුමාගේ නියම Critical Thinking විශිෂ්ටයි.

  • @samanfernando1399
    @samanfernando1399 4 місяці тому +36

    තරුණ වයසේ නීති නීතිවිශාරදේක් වශයෙන් දැනුම හැකියාව සහ සාධාරණත්වය වෙනුවෙන් දරුවන් ගැන විශේෂයෙන් සලකා බැලීම ගැනත් ඔබතුමාට ත්‍රිවිධරත්නය පිහිටයි

  • @sunilukwatte6938
    @sunilukwatte6938 4 місяці тому +50

    ඉතාම හොඳ කරුණු දැනගත්තා කුඩා කල මෙවැනි දේ ළමුන්ට සිදුවෙනවා අවස්ථා කිහිපයකදීම මටත් මෙවැනි සිදුවන්න සිදුවීම් ගිය න ගිය නමුත් මාගේ දරදඬු ගසිය නිසා එවැනි තැන්වලින් කෑ ගසා පැන ගියා බේරුනා කුඩා ළමුන් හොඳින් ආරක්ෂා කර ගත යුතුයි අපි හුඟාක් කරුණු මෙම වීඩියෝ වෙන් දැනගත්තා ඔබතුමන්ලාට බොහොම ස්තූතියි

  • @kudagamaks8493
    @kudagamaks8493 4 місяці тому +14

    මට මේ වගේ සිද්ධිවල තරමක් සංකීර්ණ කාරණා පේනව .මොකද..,මගේ ගෙදර ටික කලකට ඉහත සේවය කල කාන්තාව ගේ පවුලෙත් මෙම සිදුවීමම වෙලා ලොකු විනාශය ක් උනා...
    දුවල දෙන්නෙක් ,මිනිහයි ඒකගෙ අම්මයි ළඟ දාල ඒ කාන්තාව රට ගියා..දරුවො දෙන්න ම ඉවරයි..ලොකු දරුවා ඒ වෙද්දි සා,පෙළ පංතියේ ..ඊට අවුරුදු දෙකක් බාල දෙවනි දුව..ඒත් අම්ම දැනන් හිටි බව තමයි දැනගන්න ලැබුනෙ අපේ ගෙදර සේවය කල කාලයෙ සිටම ලොකු දුව හා සිදුවීම..මම සමහර දවසට ඇයට හවස 3 ට පමණ වැඩ හමාර කර යන්න කිව්වත්,,ඇය යාමට උනන්දුවක් නැහැ .මිදුලේ මල් පැල අතගගා හෝ වෙලාව වන තුරු කල් මරනව..
    වැටුප් දෙන දාට, තාත්ත යි ලොකු දුවයි බයික් එකෙන් ඇවිත් සල්ලි අරං යනව ...
    ඇය රට ඉඳල උපයපු සියල්ල ත්,තව ණය වීත් මෙයාලට මුදල් එවා තිබෙනවා ගේ හදන්න කියා..එන පාරේ හැදෙන ගේක පිංතූර යවමින් ඇයව ණය කර මුදල් ගෙන්වාගෙන ..මේ සිදුවීම නීතිය ට හසුවී ලමුන් පරිවාසයේ දැම්ම උනත් අම්මට අවුරුදු දෙකක් තව ණය කැපෙන්න වැඩ කරන්න වූ නිසා ලංකාවට එන්න බැරි වෙලා..ඇය ආපසු තමයි මට මේ සිදුවීම් සියල්ල දැනගන්න ලැබුනෙ ..
    පසුව, මව ආ පසු ලමුන් ඇයට බාර උනත්,ලොකු ලමයා වයස සම්පූර්ණ වීමට ත් කලින් විවාහය ක පැටලී,එයද විසුරුවාගෙන, දරුවෙක් ද සමඟ අද වන විට යළි මවට බරක් වී සිටිනවා...
    පළමු කාරණාව ලෙස..මවකගෙ භූමිකාව ඒ මව හඳුනා නොගත් කමද, දෙවනි ලෙස, කාන්තාවන් ගේ විචක්ෂනශීලී බවක් නොමැති කමද, දරිද්‍රතාවය මූලිකව, දරුවන්ට නිසි රැකවරණය දීමට අපොහොසත් වීමද, මව පියා යන දෙපාර්ශවයම වෙන් වෙන්ව සහ එක්ව ගෙන වසර 3 කටවත් වරක් රාජ්‍ය අනුග්‍රහයෙන් කෙරෙන උපදේශන සේවාවක රික්තකයද..දකිමි.
    පොදුවේ දේශපාලන පාදඩකරණයට ලක්වූ, ලාභය ම,වාසියම, සැපයම, ආත්මාර්ථයම මූලික කරගත් සමාජයක, අවසානයේ තම ලෙයද ඊට ගොදුරු වනු නොදැනෙන තරමට මුග්ධ වූ වටපිටාවක් සදා ඇති අයුරු දකිමි...
    ආගම ධර්මය ද, මානුෂීය හරපද්ධතීන් නොසලකා ,එකී ලාභයේ සැපයේ ගිලීමෙන් මිනිසාට හික්මවීමක් ලැබිය හැකි තැනක් වත්,ජනමාධ්‍ය යයි කියාගන්නා ඒවායේ මේ සඳහා සුදුසු වටපිටාව මානසිකත්වය ඉබේ සාදා දෙන නිසා කිසිදු හිරිකිතයක්වත් නැතිව මේවා අද සාමාන්‍යකරණය වෙමින් පවතින බවත් කිවයුතුය...
    ඉදින්, ස්වයං විනයක් ඇතිව ඉතාමත් ගෞරවනීය ලෙස පියාණන් යන නාමය අකුරකින් පවා කෙලෙසා නොගන්නා, මගේ පියතුමන්,සහ මගේ දරුවන්ගේ පියාණන් වන් සුවහසක් පියවරුන් පා නමස්කාර කරමි...
    අවසන, ජීවත් වීමට,දරුවන් මෙලොව තබා සැනසීමෙන් කවදා හෝ දිවියෙන් සමුගැනීමට මේ තිරිසන් කම් , දූෂණය උතුරා ගිය, ප්‍රචණ්ඩ කාරීත්වය පැතිරුනු, අවනීතිය ගිලගත් දූපතේ මේ පාදඩ ක්‍රමය වෙනස් විය යුතුය..වෙනස් කල හැක්කේද මිනිස්සු දැනුවත් වීමෙන් මිනිසුන් ටම පමණක් බව ලියා තබමි....

  • @SrinathWarnakulasuriya
    @SrinathWarnakulasuriya 4 місяці тому +23

    දර්ශන sir තමයි අපිට campus එකේ criminal law ඉගැන්නුවේ ...හරිම සතුටුයි සර්ව දකින්න ලබීම ...Thank you sir ...Thank you Thilini ...

  • @rsanka5870
    @rsanka5870 4 місяці тому +14

    ඉතා හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි තිලිනිට වෙවැනි වැඩසටහන්
    කිරීම ගැන.

  • @NilukaSudharshani-g6w
    @NilukaSudharshani-g6w 4 місяці тому +66

    තණමල්විල සිද්දියත් යට යයි ඒ ගැනත් සොයා බලන්න සියාල්ලන්ට දැඩි දඩුවම් ලබල දෙන්න

  • @deepanibaddewela9316
    @deepanibaddewela9316 4 місяці тому +56

    කිවයුතම දෙයක් ඇත මෙසෙ පියාගෙන් දූශනයට අවුරුදු කීපයක් තිස්සෙ ලක්වු දරුවෙක් එම කෙදවාචකය නිසා තමුන්ගෙ අනාගතයම විනාස කරගනිමින් අන්තිම මාන්සික පිස්සෙක්ගෙ තත්වයට පත් වෙමින් හිටියා මා දන්නා බොසත් දරුවෙක් එම දරුවා විවාහ කර ගත්තා එම පිරිමි දරුවා ආර්ථික මට්ටමින් ඉතා හොද සමජ මට්ටම හිටි අය මවද එම ගෑහැනු දරුවා තමගෙ දරුවකුමෙන් සලකනා ආකාරය අපහට හොදින් පෙනෙ ඔවුන් ඉතා සතුටින් සිටිනා අතර කාල යුත්තෙ එක්වරක් දූශනය වු මන්සිකව වැටුන දරුවා තව තවත් නීතියේ දුශනයට ලක්වීම නොවෙ එම දරුවන් ඉන්මුදා ගැනිමයි එයයි සමජ මෙහෙවර ස්තුති

  • @ddhammi7349
    @ddhammi7349 4 місяці тому +10

    දෙන්න ටම බොහොම ස්තුතියි

  • @UdaraSampath-ql7vy
    @UdaraSampath-ql7vy 4 місяці тому +44

    සරත් ජයමාන්න මහතා සමග තවත් වීඩියෝ මාලාවක් බලාපොරොත්තුවෙන් සිටිමි ඉල්ලීමක් කරන්න❤❤❤❤❤

    • @TDB-t7v
      @TDB-t7v 4 місяці тому

      අනිවාර්යෙන් ❤❤

    • @chathurikaliyanage5022
      @chathurikaliyanage5022 4 місяці тому

      Mamath බලාපොරොත්තු වෙනවා ඉක්මනින් 🤝❤

  • @dingama30
    @dingama30 4 місяці тому +5

    මෙම නිතීඥ්ඥවරයා ඉතා දක්ශ අයෙක් ❤

  • @kanthikanthi358
    @kanthikanthi358 4 місяці тому +5

    හොද දැනුමක් ලැබුනා. බෙහෙවින්ම ස්තුතියි .

  • @PushpaRathnayake-q5x
    @PushpaRathnayake-q5x 3 місяці тому +1

    හොද අවබෝඳයක් සමාජයට ඔබ ලා ස්තූතීයි

  • @JanakiKodikara
    @JanakiKodikara 5 днів тому

    Great program..Thanks

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 4 місяці тому +3

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 👸☸️🤴☸️👸
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🧭💛🤼‍♀️🧭💛🤼‍♀️🧭🌦️☔🌾🐦🌹🌦️☔🌾🐦🌹🌦️☔🌾🐦🌹🌦️

  • @tishuuu529
    @tishuuu529 4 місяці тому +13

    නඩුව භාර අරන් . ඒ ගැන හොඳින් අධ්‍යනය කරලා සාධාරණයක් කරන්න මහන්සි වෙන මෙම වටිනා නීතිඥ මහතාව බුදුන් ,දෙවියන් සහ ජීවමාන ජේසුස් වහන්සෙ නිරතුරුවම ආරක්ෂා කරන්න ඕන. තවතවත් සත්‍ය සඟවමින් පරාද වන නඩු ජයගන්න ඔබතුමාට දිරිය ශක්තිය නුවණ නිරතුරුවම ලැබේවා!!!

  • @evon-ze6nw
    @evon-ze6nw 4 місяці тому +10

    දෙවියනේ දැන් අහන්න තියන දේවල් වල හැටියට ඒ අතින් මගෙ දෙමව්පියෝ කොච්චර නම් ආදරෙන් රැක බලා ගත්තද😢😢😢 දැන් තාත්තා නැති වෙලා අවුරුදු 5 අම්මා නැති වෙලා අවුරුදු 4 නැවත උපදින ආත්මයක් ඇත්නම් ඒ දෙමව්පියෝ දෙන්නම මගේම වෙලා ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 4 місяці тому +16

    ඔබතුමියට තව තවත් මෙවැනි වැඩ සටහන් කරන්න ශක්තිය ලැබේවා

  • @thimirapathirage1515
    @thimirapathirage1515 4 місяці тому +6

    Another great program and හොඳ පනිවිඩයක් 🙏

  • @nishanthafernando9812
    @nishanthafernando9812 4 місяці тому +3

    බොහොම ස්තුතියි

  • @sirinisrikumari5341
    @sirinisrikumari5341 4 місяці тому +11

    මේ කමෙන්ට්ස් වල කියල තියෙන ජාතියෙ නරුම තිරිසන් නු ලංකාව පුරාම ඉන්නව.මම 10 පන්තියේ ඉද්දි එකට දීග කාපු තාත්තෙකු දුවෙකුයි හිටිය ඒ දුවට ළමයෙක් ලැබ්‍ය්න දා තමයි ඒ ගමෙන් ආපු මගෙ පන්තිටෙ යාලුව ඔය කතාව කිව්වෙ තවත් එහෙම ජෝඩුවක් හිටියා ඒ නරුමයා බර්ගර් ජාතිකයෙක්.ඊටපස්සෙ මගෙ පාසලක 4 වසරේ ගෑනු ළමයෙක් අම්ම රට ගියාම තාත්ත ඒ ළමය දූෂනය කරන්න හැදුව මම ඒක වලක්ව ගත්ත ඒ වගේම අම්ම කැමැත්තෙන් දරුවො දීපු කතාවක් හැබැයි ඒ ගෑනිගෙ හොර මිනිහට

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l 4 місяці тому +12

    මේ රටේ ඇතම් නිවාසවල පියා බිරින්ද දැනුවත්ව බලය යොදාගනිමින් දරුවන් අපයෝජනය කිරීම්.සැන්ගවිල තිබෙනව.

    • @sunethrakusum8189
      @sunethrakusum8189 4 місяці тому

      ඒවා එළිදරව් කරන්න

  • @kalyaniudakanda5058
    @kalyaniudakanda5058 4 місяці тому +4

    නිහතමානී හොඳ නීතියදන්නා මහත්මයෙක් බුදුසරණ යි🙏🙏

  • @Rohinigunasakara-e6m
    @Rohinigunasakara-e6m 4 місяці тому +11

    දෙමාපියන් ගේ වැරදී නිසා අහිංසක දරුවන් තමයි හරිම අසරණයි

  • @bawasamsudeen8171
    @bawasamsudeen8171 4 місяці тому +13

    මෙසේ සත්‍ය ගවේෂණය කර යුක්තිය ඉටුකිරීම
    ගැන ඔතුමා ගැන ආඩම්බරයි.

  • @gangahansamali9480
    @gangahansamali9480 4 місяці тому +42

    මටත් මේ වගෙ කතාවක් තියෙනවා . ඒ මගෙ දුවට උන දෙයක් . ඒත් මොකුත් කරන්න විදියක් නැතුව අසරණ වෙලා ඉන්නේ. එකක් පවුලේ නම්බුව ගැන හිතන්න වෙලා . අනික දරුවගේ අනාගතය නිසා . හුගක් අය කියන්නේ වහගෙන ඉන්න කියලා . කවුරුත් නෙවෙයි දරුවගේ තාත්තා . අවුරුදු දෙකක් විතර වෙනවා . අදටත් මොකුත් කරන්න විදියක් නැතිව මන් ඉන්නවා . තාත්තාත් ඉන්නවා දුවත් ඉන්නවා . දුවගේ කටින් කියන විස්තර ඔක්කොම රෙකෝඩ් කරලා තියන් ඉන්නේ. ඒත් නීතිය ඉස්සරහට යන්න මට කාගෙන්වත් පිහිටක් නෑ . දුව හිතන්නේ මගෙන් තාත්තාට අඩුපාඩු උන නිස එයා ලගට අවා කියලා . එයා එතකොට පොඩි . හය වසර හිටියේ . එයා ඒ විස්තර මේ ලගදි පොතක ලියලා. ඒකේ තමයි ලියලා තියෙන්නේ අම්මාගෙන් ආදරේ සෙනෙහස ලැබුන නැති නිසා එහෙම කරන්න ඇති කියලා . මට නොකිවුවේ තාත්තාව ගෙදරින් පන්නයි කියලා හිතලාලු. දෙවියෝ පෙන්නුවා වගෙ මන් ඒක දැනගත්තේ. මන් හොදටම ඇඩුවා. ඇයි මට කිවුවේ නැත්තේ කියලා . එයා තාත්තාට ආදරෙයි නිසා මන් එලවයි කියලා බයට සද්ද නැතිව ඉදලා. මන් මට කියන්න කෙනෙක් නෑ . අම්මා තාත්තා නෑ . නීතියට යන්න බෑ . ලමයා පරිවාසේ දායි කියලා එයා හොදට ඉගෙන ගන්නවා. ඉතින් මන් මොනා කරන්නද. දන්න හැමෝම කියන්නේ තාත්තාට පලවෙනි පාරට සමාව දීලා හදාගන්න කියලා . හැබැයි එදත් අදත් හරි මන් කවදාවත් එයාට සමාව දීලා ලගට ගියේ නෑ . මට අප්පිරියයි. මතක් වෙනකොට . මන් එදා මරනවා ඒකා බීලා හිටියේ . මන් මගේ හොදම යාලුවට කතා කරලා කිවුවේ . එයා තමයි මගෙ හිත හැදුවේ ඉවසන්න කියලා ලමයි නිසා . නැත්නම් මන් මේකව මරලා හිරේ යනවා .

    • @unlimitedgameszone
      @unlimitedgameszone 4 місяці тому +3

      මොන තරම් අපරාදයක්ද.. මගෙ දුව මට පේන මානෙ නිදි.. කොහොමද තාත්තෙක් එහෙම හිතන්නෙ

    • @sumalikarunarathna8015
      @sumalikarunarathna8015 4 місяці тому +5

      Oya e kalakanni minihawa policeyata allala denna. Nambuwada daruwada oyata watinne.

    • @indeliblememories6656
      @indeliblememories6656 4 місяці тому

      Eema kaloth duwa ee ammata waira karai,mokada ee duwa thaththata adareilune

    • @thGR8rv
      @thGR8rv 4 місяці тому +4

      oyala neethimaya piyawara ganna eka thamai hodama , paule nambuwa nathiwena eken avoid wenna , oyala naduwen passe padinchiya wenas krnna.... 💯 lamaya ekkama lagin idagena eyata therum karala denn ehem thaththa kenek ekka adaraniya badimak thiyan inna eka useless deyak kiyana eka..

    • @chandimaamaraweera
      @chandimaamaraweera 4 місяці тому

      Daruva samaharawita danuth apayojanayata lak wenawa athi.harima de thama daruwa reka ganeema.daruva reka ganna amaru nam eka gedara iddi vahaama ven venna.apayojanaya gana usavi yanna bah nam

  • @nalikapriyadarshani2296
    @nalikapriyadarshani2296 4 місяці тому +11

    ඔව් මෙවැනි සිද්ධියක් මම ඇහුවා 2008වගේ කාලයේදි ජාතික රෝහලේ opd එකේ සේවය කරපු වෛද්‍යවරියකගෙන්. අම්මා Night duty ගිය අවස්තා වල දරුවා අපයෝජනය කර ඇති බවක්. දරුවාගෙ කට වටේ ඇතිවු සුවනොවන තුවාල සඳහා දිගින් දිගටම සායන ප්‍රතිකාර කරන අවස්ථාවන්හිදී දරුවා ලබා දුන් කට උත්තරයක් මේ අයුරින්ම සිදුවු අපයෝජනය ක්.

  • @hasinthabandara9768
    @hasinthabandara9768 4 місяці тому +87

    අපි හතර දෙනෙක් ගෑනු ලමයි පවුලේ . ඉතාම කුඩා කාලයේදී තාත්තා අපි 4 දෙනාම අපයෝජනය කලා. අම්මට කිසිම කෙනෙක් නැති නිසා අදික බයෙන් එයා හිටියෙ . තාත්තා ට රට යන්න ලැබෙන කොට මට වයස 9 යි. තාත්තා අවුරුදු 3ක් රට හිටියා . අපි හතර දෙනා යන්තමින් ලොකු වෙද්දී තාත්තා අපිට කල දේවල් අම්මට කියල ඇඩුවා.. එතකොට තාත්තා රට හිටියෙ . අම්මා පිලිගත්තෙම නැහැ . සමහර විට එයා බය වෙන්න ඇති . තාත්තා අපිට කිසිම වැරැද්දක් නැතුව ගහනව ඒ කාලෙ . තාත්තා ට තියෙන බය නැති වෙලා ගියා . එයා රට ඉදන් ආවයින් පස්සෙ . ඒත් එයාගෙ දුර්වල කම අයින් වෙලා තිබුනෙ නෑ . අපි දිගටම සටන් කලා. අපි හොදින් ඉගෙන ගත්ත . අන්තිමට මගේ ජීවිතේ දරුවෙක් එක්ක අවාසනාවන්ත විදියට තනිවුනා. මහත්තයා තරුණ කාලෙ ම මැරුන . ආපහු ගෙදර ආවා . අම්මට තාත්තට සමාව දෙන්න මට පුලුවන් උනා. අදටත් මම එයාලව ආදරෙන් බලාගන්න වා. මොනා කරන්නද....අමිහිරි අතීතය සිහිවෙනකොට මහා දුකක් දැනෙනවා . එයාල ගොඩක් වයසයි දැන් . ගොඩාක් දේවල් දැන් තේරෙනව ...මම නම් එයාල ට වයිර කරන්නෙ නෑ . කවදාකවත් ඒ සිදුවීම් අමතක කරන්න බැරි උනා . 😪😪😪😪😪

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 4 місяці тому +7

      Pera athmaye karumayak thibunanam oya eka gewamin innawa puthe budusaranai..hoda mahatbthayek labewa

    • @andrewphilip9412
      @andrewphilip9412 4 місяці тому +4

      Jesus oyt adarei.. ❤

    • @hasinthabandara9768
      @hasinthabandara9768 4 місяці тому +10

      @@gunathilakapradeepa2555 hmm මාත් කර්මය විස්වාස කරනවා . අපිට හමුවෙන්නෙ අපිවමයි. කාටවත් දොස් කියල වැඩක් නෑ . උපේක්ෂාවෙන් කටයුතු කරනවා

    • @hasinthabandara9768
      @hasinthabandara9768 4 місяці тому

      @@andrewphilip9412 කර්මය අසාධාරණ නැහැ .

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 4 місяці тому

      😮

  • @SamaOnaki-vy9qv
    @SamaOnaki-vy9qv 4 місяці тому +3

    Thanks, Great 🙏🙏🙏🙏🙏🙏🙏

  • @AshenHirushan-s6w
    @AshenHirushan-s6w 4 місяці тому +29

    අනේ බලන්න සමහර අයට කොච්චර හොද ස්වාමිපුරුෂයන් ඉන්නවද අතවරවෙලත් බාරගෙන ලස්සන ජීවිත ගතකරන.අපිකොච්චර හොදට ඇවිල්ලත් බාල්දුකරලමයි මුසලයා කතාකරන්නෙ අරවගේ මිනිස්සු දෙවිවරු වැදවැද ඉන්නපුළුවන්😢😢😢😢😂😂😮😮😮😮😂😂😮😮😮😮

    • @upalisenevirathna4927
      @upalisenevirathna4927 4 місяці тому +13

      කෙනෙක් ගේ අතීතය මත විවේචනය කිරීම ගොංම ගොං වැඩකි. මම මගේ නෝනා කාසමඟ යාලුවී හිටියාද? කොල්ලන්ට ලියුම් දී ඇතිද කවදාවත් විමසා නැත.මට ඉන් වැඩක්ද නැත.අද වෙනතුරු ඇයගේ අල්මාරිය මා විවුර්ත කර නැත.වසර30 ක විවාහ දිවියේ අපි තරහවීද නැත.

    • @bisomenike
      @bisomenike 4 місяці тому +1

      Love hoyanna nam kisima wadak naha..kohomath hodama de thamai.kaata wathlovekalae nathi widiyata sitima..

    • @DANUBENBenadict
      @DANUBENBenadict 4 місяці тому +1

      OKUNTA GAHANNA ONI MUNATA😢

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 4 місяці тому +6

    අනිවාර්‍යයෙන්ම දරුවන් අසරණ අනාථභාවයට පත් නොකර සුරැකිය යුතුයි.

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p 4 місяці тому +1

    තෙරුවන් සරනයි

  • @Gayan_Kalanajith
    @Gayan_Kalanajith 4 місяці тому +8

    Please upload more and more criminal cases thilini. Love watching your videos ❤❤❤ #from_Melbourne

  • @SympathyAss
    @SympathyAss 4 місяці тому +22

    අවුරුදු 11දි වගේ මටත් ඔහොම දේයක් උනා පන්සලක කට්ටඩි වැඩ කරපු හාමුදුරු කෙනෙක්ගෙන්.එක මගේ මනසේ වැඩ කරා කාලයක්ම.මේ වෙද්දි දරුවන් දෙදෙනෙක් සිටින පියෙක් මම. තමන්ගෙ දරුවන් ආරක්ෂා කරගන්න. නිසි වයසට එද්දි මේ වගේ අපයෝජන වලින් ආරක්‍ෂාවෙන විදිහ කියලා දෙන්න.

    • @thashmidulanya1710
      @thashmidulanya1710 3 місяці тому +1

      Kohe pansaleda? E manussya thama innavada? Penuma mona vageda e සිවුර dagen inna ballage ? Vistharayak dan ganna ahanne. Me patteth ema deyak una. Laga pansalaka. Puluvanam reply karanna.

    • @SympathyAss
      @SympathyAss 3 місяці тому +1

      @@thashmidulanya1710 කලුතර දිස්ත්‍රික්කයේ අගුරුවාතොට පැත්තේ පන්සලක්.

    • @thashmidulanya1710
      @thashmidulanya1710 3 місяці тому

      @@SympathyAss හාමුදුරුවෝnge penuma mona vageda? Ethakota eya thama e pansaleda? Nathnam vena pansalakata giyada? Eya ජීවතුන් athara innavada ?

    • @SympathyAss
      @SympathyAss 3 місяці тому

      @@thashmidulanya1710 මේ සිද්ධිය වෙලා සැහෙන්න කාලයක්, මම දන්නෑ ඒ හමුදුරුවෝ තම ඉන්නවාද කියලා. අනික මම දැන් ඉන්නේ ඉතාලියේ.

    • @thashmidulanya1710
      @thashmidulanya1710 3 місяці тому +1

      @@SympathyAss emada. Thankyou reply kalata. Man ahuve ape patteth ema kenek idiya. Eyath dura pansal vala idala mehe avith thiyenne. Mehe ganu lamai dethun denekta ema vela. Eka podi lamayek nisa mattu vela. Polisi aran giya. Passe hire iddi nathi vela kiyala kiwwe.

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 4 місяці тому +9

    නව රඡයකින්වත් දන්ඩ නීති සංග්‍රහය සංස්කරනය කල යුතු කාලය ඇවිත්

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 4 місяці тому +1

    Great job ❤

  • @EshanMapitigama777
    @EshanMapitigama777 2 місяці тому

    Thilini you are so sweet❤

  • @vitharanachami4001
    @vitharanachami4001 4 місяці тому

    Thank you

  • @ashokaLandagea
    @ashokaLandagea 4 місяці тому +9

    මාත් මේවගේ පවුල් ජීවිතයක් ඇතුලෙ ඉන්න කෙනෙක් ඒත් මම නම් හැමදේම දරා ගෙන අදටත් පවුල ඇතුලෙ ඉන්නෙ දරුවො නිසා දරුවන්ව අසරන කරන්න බෑ මොන ප්‍රස්න තිබුනත්

  • @chirshanthiramanathan9371
    @chirshanthiramanathan9371 4 місяці тому +1

    well done SIR

  • @kyungsu1203
    @kyungsu1203 3 місяці тому +1

    I almost became a victim several times. But due to my stubborn and dominating nature never happened to me. I hope everyone gets the justice they needed without ruining their life.

  • @koralalagwswarna1407
    @koralalagwswarna1407 4 місяці тому

    God bless ❤

  • @AnjulaGodakumbura
    @AnjulaGodakumbura 4 місяці тому +9

    මෙහෙමත් නරුම 'අම්මලා' ඉන්න බව අමතක නොකල යුතුයි..😮
    අම්මා කියන ගෞරව නමයටත් නිග්‍රහයක්.
    අර තාත්තා නිකරුනේ දුක් වින්දා.
    ඒ 'අම්ම'ට් අනිවර්‍යයෙන් දඬුවම් දිය යුතුයි.‼️

  • @UpaliAbyevikrama-np7sc
    @UpaliAbyevikrama-np7sc 4 місяці тому +8

    ඉතාම හොඳ වැඩසටහනක් නීතියේදී අසරන වෙන ම්නිස්සු සහ සමාජයෙන් වැරැදි කාරයන් යයි හන්වඩු ගහන නිවැරැදි අහිංසක ම්නිස්සු වෙනුවෙන් යතාර්තය පෙන්වීම පිලිබදව

  • @surandashyamen6751
    @surandashyamen6751 4 місяці тому +2

    very good discussion and good explain👍👍

  • @nayanalakshitha9910
    @nayanalakshitha9910 4 місяці тому +3

    මේ නීතිඥතුමාගේ නොම්බරයක් දමන්න පුළුවන්ද.වත් සැඟවුණු දේවල්.කියා ගන්න කෙනෙක් නැතුව ඉන්න අයට එය ඉතා හොඳ දෙයක් වේවි

  • @lakshmankarunaratne3541
    @lakshmankarunaratne3541 4 місяці тому +1

    Thank you Miss Perera.

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 4 місяці тому +1

    මගේ ගැහැණු යාලුවෙකුටත්. තාත්තගෙන් විවිද අතවර සිදුවෙලා තියෙනවා. එ් වෙනකොට අැයට වයස 13. 14 ඉදලා වයස 19 වෙනකන්ම. ඉටපස්සේ අැය විවාහ උනා. 😢😢😢😢😢😢😢😢

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 4 місяці тому +2

    Hoda adahasak mata aava obathuma saha niwaedaka thumiya . Hareima pahadriva wadadatahana kalaa..garu neethigagathumanee..poleciyaen. Samahara waelavaya...kaenaek athadanguvata araganna mohothae patanma harei watadda nosoya gajanava. A ganath avafhanayaenma enna budusatanari

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 4 місяці тому

    මාරයි දෙයියනේ

  • @pkharischandra7635
    @pkharischandra7635 4 місяці тому +11

    ඒකයි අභියාචනයක් කළාට පස්සෙ වහා ඇප දියයුතු , නැත්නම් නිදහස් විය යුතු කෙනෙක් දවසක්වත් බන්ධනාගාර ගතවීම විශාල
    වරද්ක් ,
    මෙවැනි බොරු චෝදනා කරන අයටත් දඩුවම් කළ යුතුයි .

  • @RuwanAldeniya
    @RuwanAldeniya 4 місяці тому +1

    වටිනා කාරනා ටිකක්..

  • @Huaweiy9Esg
    @Huaweiy9Esg 4 місяці тому

    ඔබ සැබැවින්ම ආදර්ශමත්

  • @MudithaNandani-kz8bm
    @MudithaNandani-kz8bm 4 місяці тому

    දරුවෙකුට. යමකිසි. අසාධාරනයක් කලානම්. මව හෝ. පියා. කලානමි. දෙවියන්ට. භාරයි. ළමාආරකෂක. අධිකාරිය. හරියට. හොයල. බලල ඕන
    ගරු අධිකරනයට. යොමුකරන්න. පවුලක්. වෙන්කරලා ..දරුවන්ට. දෙමාපියනගෙන්. පියා. අහිමි කිරිමේ. ව ග කිම කවුද. බාර ගන්නෙ. සොයා. නොබලා. මෙවැනි නඩු දැමු. අයට. නිතියක්. නැද්ද. 22:30 15

  • @rashmipradeepika1123
    @rashmipradeepika1123 4 місяці тому +1

    Case reference please

  • @padmamahathantila268
    @padmamahathantila268 4 місяці тому

    Thank you sir,great program .well done you both.Comments from Canada .

  • @UPW-m3q
    @UPW-m3q 4 місяці тому +1

    අධිකරණයේ වරදින් වෙන වැරදි තීරන වලට වගකියන්න ඕනී අදිකරණයේ කවුද. වගකීම කාටද

  • @pubudujayawardanadissanaya9814
    @pubudujayawardanadissanaya9814 4 місяці тому

    Best and Clear explain. Law to life. Go ahead Akka💐💚

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 4 місяці тому

    We have to analyse mindset of the man. Psychoanalysis can explain this scientific way.

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 4 місяці тому

    You have to consider sphere of subjectivity. Example; " AP'PACHCHI EWITH" - MR SAMAN WICKRAMARACHI.

  • @shalukamaduranga294
    @shalukamaduranga294 4 місяці тому +11

    තිලිනි දිගටම විඩියෝ දාන්න

  • @d.suseelathero4903
    @d.suseelathero4903 4 місяці тому +32

    මම හාමුදුරුවෝ කෙනෙක් මටත් මෙලෙසම නඩුවක් බොරු චෝදනා අදටත් මම නිදහස් ඒත් හිතින් දුක් විදිනවා😢

    • @kelumlasantha3477
      @kelumlasantha3477 4 місяці тому +5

      තමා කිසිදු වරදක් නොකලේ නම් සිතින් දුක් විදින්න එපා. ඒක ලැජ්ජාවක් උනෙහි නම් පෙර සසරෙ කරුමයක්.

    • @dammikasiriwardhana8057
      @dammikasiriwardhana8057 4 місяці тому +2

      අටලෝදහමින් කම්පාවට පත්නොවෙන එක බුදුරජාණන්වහන්සේ ගේ ශ්‍රාවකයෙක් ලෙස ඔබවහන්සේට මෙනෙහි කරන්න පුලුවන් නේද ?
      ඔබවහන්සේ , බුදුරජාණන්වහන්සේ ජීවමාන සිටිද්දී උන්වහන්සේට පවා සිදුවූ යම්කිසි අවමන් ගැන ඔබවහන්සේ අපිට වඩා හොඳින් දන්නවා නේද ?
      එනිසා , අතීතය අමතක කරන්න , "ඔබවහන්සේ ඔය සිදුවීම සිතින් අයින් කරනකම්, ඔබවහන්සේව ඔය සිදුවීම අතහරින්නේ නැහැ "
      එනිසා ධර්මාවබෝධය පිනිසම කුසල් රැස්කරගන්න ශක්තිය ලැබේවා 🙏

    • @miracles35151
      @miracles35151 4 місяці тому +2

      ජීවමාන ජේසුස්වහන්සේ වෙතට හැරී සහනය ලබාගන්න..."වෙහෙසවෙන බර උසුලන සියල්ලෙනි මා වෙතට එන්න..මම නුඹලාට සහනය දෙමි.මම,ගුනවත්,මෘදු,නිහතමානී කෙනෙකු බැවින් නුඹගේ ව්ය ගහ කරට ගෙන මාගෙන් ඉගෙන ගන්න.එවිට ඔබට සහනය ලැබෙනු ඇත" කියා එතුමන් පැවසුවේ ඒ නිසයි.

    • @kelumlasantha3477
      @kelumlasantha3477 4 місяці тому +5

      සසරම දුක් නිවාලන මාගේ බුදු පියාණන් වහන්සේගේ දරමයට පිටුපාන්න උපදෙස් ලබා දීමත් පවක්

    • @georgevinitia1502
      @georgevinitia1502 4 місяці тому

      ​@@miracles35151 දෙවියන්වහන්සේට නින්දාකරන්න එපා! ලජ්ජානැද්ද යම් හිත්තැවුලකින් ඉන්නවා කිව්වහම වෙනත් ආගමක හෝ දර්ශනයක් පිලිගත්කෙනෙක්ට තමන්ගෙ ආගමට ( දෙවියන්වහන්සේ ලඟට) එන්න කියන්න! ඔච්චරටම ඔබ අදහන ආගම හෑල්ලුකරන්නෙ මොකටද! ඔහොම තමයි අසරණ වුනු එහෙම නැත්නම් හිත්තැවුල්වලින් ඉන්න හිත් දුර්වල අයව තමන්ගෙ ආගමට හරවගන්න හදන්නෙ බොහොම සූක්ශම විදිහට! ඔය පහත් ක්‍රියාව නවත්තන්න!

  • @sureshkumara4742
    @sureshkumara4742 4 місяці тому +9

    තිළිණි මිස්..තණමල්විල සිද්ධියත් යට ගහන්න හදන්නේ.ඔබ තුමියට පුලුවන් විදියට ඒකට සාදාරනයක් කරන්න ඒ දරුවට.

  • @dilhanikumari4273
    @dilhanikumari4273 4 місяці тому

    Sir nihathamani charithayake🙏

  • @niranjaleerenuka7908
    @niranjaleerenuka7908 4 місяці тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ENSIMANO
    @ENSIMANO 4 місяці тому +4

    😢😢😢😢❤

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 4 місяці тому +1

    හොදට හැමදෙයක් හොයලා බලලා තිිරනයක් ගත් සර් කෙනෙක්

  • @janakadissanayaka5646
    @janakadissanayaka5646 4 місяці тому +2

    මම දන්න කැකිරාවෙ කොරසගල්ලෙ තාත්තා තමන්ගෙ ලොකු දුව අවුරුදු 12 දුසනය කරා ඊට පස්සෙ අනිත් දුව අවුරුදු හයෙ ඉදලා දුසනය කරා එ ලමයින්ගෙ අම්මා රට එ කාලෙ දරුවො හත් දෙනෙක් ඒ පවුලෙ.. ඊට පස්සෙ එ මිනිහා ආයෙ කසාදයක් බැන්දා එ බැදපු ගෑනු කෙනාට දුවෙක් හිටියා ඒ ලමයත් දිර්ග කාලයක් දුසනය කරා.. ඌගෙ නම චන්දරෙ

  • @MatheeshaDewmina-se2he
    @MatheeshaDewmina-se2he 4 місяці тому +3

    😢

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 4 місяці тому +32

    ඇයි මෙහෙම නඩු අවුරුද්දෙන් අවසන් කරන්න බැරි....නඩුකාරයෝත් මේවාට වගකිවයුතු ය්...නඩු නිකරුනේ කල්ගතකරන නිසා...

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 4 місяці тому +5

      Loyerla jeewath wenne kohomada

    • @AnjulaGodakumbura
      @AnjulaGodakumbura 3 місяці тому

      ඒක ඇත්ත... දෙමාපියන් අතර වෙන චෝදනා මාස 6න් වත් විමර්ශනය කර තීන්දු දිය යුතුයි...
      බොරු චෝදනාවක් නම් ළමයට අපරාදෙ ණඩුව යනකං වත් දෙමාපියෙක් නැතිවෙනවා.. 😡

  • @ShamilaSakkaff2023
    @ShamilaSakkaff2023 4 місяці тому

    👏👏👏

  • @menakamaduwanthi8887
    @menakamaduwanthi8887 4 місяці тому +1

    මගෙ තාත්තව සල්ලි ගණුදෙනුවකට අමානුෂික විදියට මරල තිබුන.මේ ලෝකෙ හිටපු හොදම තාත්තා❤ කවදම හරි නීතියෙන් දඩුවම් ලැබෙනකන් බලන් ඉන්නව.ඒත් කොච්චර කාලයක් යාවිද ?ලංකාවෙ නඩු කල් යනව ඉවරයක් නෑනෙ

  • @malkanthidissansyska1317
    @malkanthidissansyska1317 4 місяці тому +2

    Miss a lowyer sir ge no eka ewannako

  • @namalwithanage7269
    @namalwithanage7269 4 місяці тому

    🙏🙏🙏

  • @Dinusha-N25
    @Dinusha-N25 4 місяці тому

    මෙහෙම එකදිගට වීඩියෝ දානවා නම් හා 👉👈 ❤

  • @Pushpakumara-r4h
    @Pushpakumara-r4h 4 місяці тому +1

    Ane obathumata niduk nirogi deergayusa laebeva.

  • @PremalathaSamarasinghe-ji7lw
    @PremalathaSamarasinghe-ji7lw 3 місяці тому +1

    Wiwaha wena wayasa iwarai. Mata wath ape gewal wala ayata karadara nokara yanna. Kawruth awasya ne. Den.. Neerogikama uthumma sepatha. Kanaththata yanna waradak Kale ne.

  • @shanisilva6389
    @shanisilva6389 4 місяці тому +4

    යුක්තිය ඉටුවේවා.

  • @damindutharinda8815
    @damindutharinda8815 4 місяці тому +6

    ඔය වගේ දේවල් වෙනවා නම් කරන්න ඕන ලොකුම දේ තමයි හොදම දෙයක් තමයි අසත්‍ය චෝදනා සදහා තියන දඩුවම අදාල චෝදනාව ඔප්පු වුනොත් හමුවෙන දඩුවමෙන් භාගයකට වත් කරන්න ඕන. සරලවම අවුරුදු 10ක් අදාල වරදට සිර දඩුවම් නම් අසත්‍ය චෝදනාවක් නම් අවුරුදු 5ක් වෙන්න ඕන. අඩුම ඒ ගාන එහෙම කරොත් එකෙක් වත් අනෙකාගේ චරිතය ඝාතනය කරන්න හිතන් නෑ. තමන්ට වගේම අනෙකාටත් ආත්ම ගරුත්වයක් තියෙනවා කියලා හිතන්න බැරි නම් නීතිය මගින් හරි ඒවා වලක්වන්න ඕනමයි

    • @MalaNilmini-j8c
      @MalaNilmini-j8c 4 місяці тому

      ඕකම මහාචාර්ය ජී ඇල් පීරිස් 1995 පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරල තියෙනව. ඒක හැන්සාඩ් වාර්තාවේ සදහන් වෙලත් තියෙනව. ඒත් මේ රටේ ගෝත්‍රික දේශපාලුවන් ඒ පිළිබඳව නීතියේ තිරිංග තදකලේ නෑ. ඒ හේතුවෙන් මේ ගෝත්‍රික දේශයේ බොහෝ පුරුෂයන් බොහෝ අසත්‍ය බොරු චෝදනාවට ලක් වෙලා සිරි දඩුවම් විදිනව.

  • @acefire3762
    @acefire3762 4 місяці тому +10

    අධිකරණය නොමඟ යැවීමට එරෙහිව ඒ ගෑණු කෙනාට දුන්න දඩුවම මොකක්ද

  • @leelarathneperera3629
    @leelarathneperera3629 2 місяці тому +1

    තාත්තා නිදොස් පුද්ගලයෙක් නම් ඔහු මොන තරම් අපහාස හින්සාවට
    ලක් වෙන්න ඇතිද? ඔහුට සාධාරණයක් ඉටු වීම සතුටට කරුණක්.

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 4 місяці тому

    We don't have any acadamic course in universities as psychoanalysis.

  • @romesh.wijetunge
    @romesh.wijetunge 4 місяці тому

    මම හිතාගෙන හිටියේ මේ වගේ නඩු වලදී සාක්ශි නැවත සැහෙන කාලයකින් කැඳවන්නේ ඒ සාක්ශිවල නිරවද්‍යතාවය තහවුරුකරගන්න කියලා.ඒ කියන්නේ සැබෑම සිද්දියකදී ඒ සාක්ශි කාලයත් සමඟ පරස්පරවෙන්න බැරිනිසා කියලා හිතුවේ.

  • @PrasathNishantha-l9j
    @PrasathNishantha-l9j 4 місяці тому

    Mista naduwKa visthara wagayak. Denna tiyanawa.....kohomada video aka karanne

  • @aselakandewatta1865
    @aselakandewatta1865 4 місяці тому +26

    මේවගේ අවස්තාවල පොලීසියේ නීතියේ උසාවියේදි පිරිමියට බරපතල අසාදාරනකං වෙනව. වේ***ගෑනු බහුතරයක් මෙහෙමයි. වගකීමෙන් කියන්නෙ.

    • @Manjumgp
      @Manjumgp 4 місяці тому +1

      එහෙමත් වෙනවා

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 4 місяці тому +14

    පුදුම.ගෑනියෙක්නෙ දරුව යොදාගෙන මේ වගේ..කුණුහරුප බොරු දරුවට උගන්වනවද..මේ ගෑනි ඉතිරි අවුරුදු 14 සිරගත කලයුතුයි පව් අහිංසක තාත්තා

  • @NethmiKavindi-l7d
    @NethmiKavindi-l7d 4 місяці тому +1

    කවුරුහරි මට මේ case එකේ නම කියනවද.

  • @MohamedHabeeb-cz9hc
    @MohamedHabeeb-cz9hc 4 місяці тому

    Thilini swarna wahine eken aing unata passe swarna news balance naha good luck Thilini

  • @shishyathwa
    @shishyathwa 4 місяці тому +22

    බොරු සාක්ශි හදපු ගෑනිටයි ළමා ආරක්ෂන අධිකාරියෙ නිළධාරිනියටයි ලැබුණු දඩුවම මොකක්ද?

    • @damindutharinda8815
      @damindutharinda8815 4 місяці тому +1

      ඒකයි ඒ වගේ ඉන්න නිලධාරීන් වගේ මානසික ලෙඩ්ඩු තවත් මිනිස්සුන්ට මෙහෙම කරන්න අවධානමක් තියෙනවා උන්ව හිරේ දාන්න ඕන

    • @sajithdgsm
      @sajithdgsm 4 місяці тому

      Ganitanam oya kiwa chodanawa practical karana ATI kiyamuko 😂😂😂 ara niladariniyata karsnam hari dan 😂😂😂

  • @janakanandasena7899
    @janakanandasena7899 4 місяці тому +1

    Aththa kiyanna thilini me wage videos danne samajeta adarshayata da? Nttm channel eka wenuwen d?????? Mekata attatama uttra denna oyt ba

    • @itsme4162
      @itsme4162 4 місяці тому +5

      She does this to build an awareness among people. Stop criticizing people when they do good to others.

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 4 місяці тому

    Ou aththaei mahaema gasnu ennava . .pou a .thaththaasurudu 2,k kiyannae anae kopananam kaalayakda...anika a gaani kalin kasada badala deegae arunu gaaniyak ookun vishvasakaranna. Baa

  • @MediaLifeSL
    @MediaLifeSL 4 місяці тому +31

    මම මුල් ටික විතරයි ඇහුවේ. අහන්න බෑ. මම දන්නෙ නෑ මේකෙ ඒ මිනිහා නිර්දෝෂීද කියලා. වැරදි නම් , තාත්තා කියලා ආමන්ත්‍රණය කරන්නෙපා. මොකද තාත්තලා 95%ක් බොහොම හොද අය. දරුවන්ට අප්‍රමාණ සෙනෙහස ඇති අය 😭😭😭😭😭😭😭😭

    • @romesh.wijetunge
      @romesh.wijetunge 4 місяці тому

      යකෝ ගොං කතා කියන්නේ නැතුව හරියට වීඩියෝ එක බලපන්.තෝ වගේ ගොං හරක් තමා ලමාරක්ශන අධිකාරියෙත් ඉන්නවා ඇත්තේ අහිංසකයොන්ව නිරපරාදේ හිරේ යවන.

    • @vajiranigunawardana5580
      @vajiranigunawardana5580 4 місяці тому +3

      අනේ ඔව් ඔබ කීවා හරි.මගේ තාත්තාත් මගේ දරුවන්ගේ තාත්තාත් අප බොහෝ දන්නා තාත්තලාත් දෙවිවරු වන් පියවරු.

    • @shalukamaduranga294
      @shalukamaduranga294 4 місяці тому +14

      ඔයා සේරම අහලා තිරන ගන්න

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 4 місяці тому +12

      ඔක්කොම අහපං

    • @alienlk
      @alienlk 4 місяці тому +5

      ඔයා සේරම අහලා තිරන ගන්න

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 4 місяці тому

    Polonnaruwe ththathala duwala pauwl 22 k pauwl kanawa kiyala post ekak dakka...thaththa wenna ba kiya kiya visadanna ba

  • @ChathuraDilhara-e3b
    @ChathuraDilhara-e3b 3 місяці тому +1

    😕මට ප්‍රශ්නයක් තීනෝ...
    # ඇත්තටම හොඳ දැනුමක් තියෙන කෙනෙක්ගෙ පිළිතුරක් බලාපොරොත්තු වෙනවා ..
    අවුරුදු දෙකක සිරඳඩුවමත් ගෙවල ඉවර උනාට පස්සෙ තාත්තා නිවැරැදිකරු වෙනව නම් ඒ තාත්තට බැරිද මහාධිකරණයෙන් තමන්ට වුන අසාධාරණය වෙනුවෙන් මහාධිකරණ විනිසුරුට එරෙහිව නඩු දාන්න. පස්සෙ නිවැරදකරු වෙන්න සලකා බලපුවා මුලින් මහාධිකරණයෙන් නොසලකා හැරලනේ.

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 3 місяці тому +1

    ස්වර්ගය හෝ නිවන පහසුවෙන් ලබාගන්න පුළුවන් දයාබර දරුවන් මාර්ගයෙන් පමණි .
    බුදු සමිදුන් හෝ වෙනත් ආගමික ශාස්තෲවරුන් ගෙදර ගෙනත් තබාගෙන ඇප උපස්ථාන කලත් තමන් කැමති ආගමික විමුක්තිය ලබාගැනීමට පුළුවන් කමක් නෑ .එකම විකල්ප දයාබර දරුවන් පමණි .💖💖💖💖💖💖🌷 දරුවන් මල්වගේ ආරක්ෂා කරන්න සියලු දෙමාපියන්ට ඇති වගකීමක් .💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🌷🌳🌎

  • @malkanthidissansyska1317
    @malkanthidissansyska1317 4 місяці тому

    Lowyer sir no eka mata ewanna puluwanda Mata mata naduwak thiyanawa sir ta Katha karanna

  • @mykids61
    @mykids61 4 місяці тому +4

    මේ ලෝයර් සර් කවුද

  • @ChminiJayasuri
    @ChminiJayasuri 4 місяці тому

    INNAMA BERI NAM WEN WIMA SAADARANAI. NETNAM DARUWO ITA WADAA DUKATA PATH WENAWA..
    😢😢😢