Pini Bindu ( පිනි බිඳු ) - Yuki Navaratne | Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 10 тис.

  • @YuKIBeatZ
    @YuKIBeatZ  Місяць тому +6765

    පිණිබිඳු එක එක දෝරේ ගලනවා
    බත්කූරෝ අද නුඹ හිරවෙනවා
    පිණිබිඳු එක එක දෝරේ ගලනවා
    බත්කූරෝ අද නුඹ හිරවෙනවා
    පොඩි පොඩි මෙරුවෝ එළියට එනවා
    මහ වැස්සක අවසානේ……..
    දොරකඩ පඳුරු පැලේ
    කවුදෝ ඉකිබිඳිනවදෝ
    පළගැටියෝ නුඹ දෝ ඉන්නේ
    මගෙ තනියට නුඹ ඉන්නවනේ
    දොරකඩ පදුරු පැලේ……..
    එළිපාපිස්සේ වැලිකැට පිරිලා
    මැටිපඩියේ අග කඩතොළු වීලා
    එළිපාපිස්සේ වැලිකැට පිරිලා
    මැටිපඩියේ අග කඩතොළු වීලා
    තණබිස්සේ මහ කොළරොඩු වැටිලා
    වියු පොල්අතු වහලේ
    දැන් වියැළීලා
    දොරකඩ පඳුරු පැලේ
    කවුදෝ ඉකිබිඳිනවදෝ
    පළගැටියෝ නුඹදෝ ඉන්නේ
    මගෙ තනියට නුඹ ඉන්නවනේ
    දොරකඩ පඳුරු පැලේ……..

  • @ChamikaraMalinda
    @ChamikaraMalinda Місяць тому +8191

    පිණි බිඳු ( සිංදුවේ විග්‍රහය )
    මං දැක්කා ගොඩක් අය මේ සිංදුව විග්‍රහ කරල තියෙනවා. එතන ගොඩක් තැන් වල කියල තිබ්බේ දොස්තර යනු දුවගේ පුනරුප්පතියක් සහ තාත්තාගේ ආත්මය දුව නැවත ගමට එනතුරු බලා සිටින බවයි. සිංදුවේ අර්ථය , music සහ ඒ යන vibe එකත් එක්ක අපේ හිතට එහෙම දෙයක් දැනෙනවා. ඒක සාමාන්‍යයි. ඒත් එතනින් එහාට ගිහින් visual effects වලටත් කෙනෙක් අවධානය යොමු කලොත් කෙනෙක්ට ඔය කතාව මුල මැද අග හරියටම තේරුම් ගන්න පුලුවන්.
    "මුලින්ම කියන්න ඕනේ ඔතන තාත්තගේ ආත්මය කියල එකක් නැහැ! "
    ගමක ඔහොම පවුලක් ජීවත් වෙනවා. ඒ මිනිස්සුන්ගේ තිබ්බ වටිනාම වස්තුව තමයි වතුර කියන්නේ. ඒක හරි ලස්සනට රඟපාද්දිත් camera shots වලිනුත් පෙන්නලා තියෙනවා. ඉතින් ඒ මිනිස්සුන්ගේ වටිනාම වස්තුව වෙච්ච වතුර තමයි විෂ වෙන්නේ. අපි දන්නවා රජරට පැත්තේ අදටත් ඔය ප්‍රශ්නය උග්‍රව තියෙනවා. ඉතින් ඔය පවුලේ ඉන්න චූටි ගැහැනු ලමයා වතුර නිසා බොහෝවිට වකුගඩු ආසාදනයක් ඇවිත් වැටෙනවා. ඉතින් ඒක දැකපු තාත්තා දොස්තර කෙනෙක් හොයන්න දුවනවා. අපි දන්නවා ඔය වගේ දුෂ්කර පලාතක දොස්තර කෙනෙක් හොයන්න තියෙන අමාරුව. ඉතින් යද්දී අලියෙක් ගහලා ඒ තාත්තා මැරෙනවා. ඒත් ඒ තාත්තාගේ මැරෙන වෙලාවෙත් අරමුණ වෙලා තිබ්බේ අර වතුර නිසා තමන්ගේ අසනීප වෙලා තිබ්බ දරුවව බේරගන්න දොස්තර කෙනෙක් හොයන එක. අර අලියගෙයි එ තාත්තගෙයි කොටසෙදී ඒ තාත්තගේ ඇස් දෙක දිහා බැලුවම ඒක තේරෙනවා. ඉතින් ඒ තාත්තා ඒ අරමුණෙන් මැරිලා ඊලඟ ආතමෙදී දොස්තර කෙනෙක් වෙනවා. දැන් කාටහරි හිතෙන්න පුලුවන් කොහොමද තාත්තා දොස්තර උනේ. එහෙනම් තාත්තගේ ආත්මයකුත් එතන තියෙන්නේ කෝමද ඒක හරිම අතාත්විකයි නෙහ් කියලා. නැහැ එතන කිසිම අතාත්වික බවක් නැහැ. Let me explain.
    දොස්තර කියන්නේ කලින් ආත්මේ තාතම තමයි. ඒක පෙන්නනවා සිංදුව ඉවර වෙලා ආපහු story එක පටන් ගත්තම තාත්තගේ බෙල්ලයි, දොස්තර ගේ බෙල්ලයි shots දෙකකින් එකම angle එකකින් පෙන්නනවා. එතන තාත්තා ගේ බෙල්ලේ තියෙන ලපයම දොස්තරගෙත් එතනම තියෙනවා. අපි දන්නවා පුනුරුප්පතියකදී ඔය උපන් ලප, තව කලින් ආත්මයේ වෙච්ච කැලැල් වගේ දේවල් කෝමත් ඊලග ආත්මයෙත් තියෙනවා කියලා.
    ඊලග එක තමයි දොස්තරගේ පිටිපස්සෙන් ගත්ත shot එක දෙකට බෙදිලා නැවත එකක් වෙනවා, වතුර බිංදු වැටෙන එකත් එකක් වෙනවා. ඒකෙන් කියන්නේ තාත්තයි එයයි දෙන්නෙක් කියන එකයි සහ එයාට කලින් ආත්මේ දේවල් මතක් වෙලා ඒ දේවල් එක්ක බැඳුනා නැත්නම් bond උනා කියලා.
    දැන් එන ඊලඟ ප්‍රශ්නය තමයි අර මං කලින් කිව්වනේ තාත්තගේ ආත්මය නෙමෙයි ඒ ඉන්නේ කියල. එහෙනම් ඒ කවුද? ඒ තමයි දොස්තරගේ පෙර භවයේ මතකය. දොස්තර van එකෙන් ගමට පය තිබ්බ වෙලාවේ ඉදන් එයාගේ පෙරභවයේ මතක හාරා ඇවිසෙන්න ගන්නවා. ඒක තමයි කියනේ මූණවල් වෙනස් උනාට මතක තාමත් එහෙම්මයි කියලා. ඒක තමයි අර ඕනම තැනක වැඩි වෙලාවක් ඉන්න ඕනේ නෑ කියල කියන්නේ. එතන කියන්නේ අර අලියා ගහපු සිද්ධිය. තව අන්තිමට දොස්තර අහන්නේ අපි දැන්වත් වතුර ටිකක් බොමු ද කියලා. එතකොට තාත්තාට ඉන්න කෙනා වතුරරර කියල ඇදලා ඒක කියන්නේ. ඒ මනුස්සයගේ ඇස් දෙකයි camera shot එක දිහා බලන්න. එතනින් තමයි දොස්තර ට හැමදේම තේරුම් යන්නේ. ඒකයි ඒ තාත්තාට ඉන්න කෙනාගේ රූපේ එතනින් අයින් වෙලා යන්නේ.
    කොහොම නමුත් අන්තිමට කියන්න තියෙන්නේ මිනිස්සුන්ට ඕනේ මේ වගේ නිර්මාණ. ජගත් බෙනරගම මහත්මයා වගේ විශිෂ්ට ප්‍රවීණ රංගන ශිල්පීන් මේ වගේ නිර්මාණ වලට යොදාගත්ත එකත් වටිනවා. මේ නිර්මාණය විශිෂ්ට වෙන්න, මේක මිනිස්සුන්ට මෙච්චර දැනෙන්න ඒකත් දෙයක්. අනිත් එක යුකී අයියා ගැන කියන්න දෙයක් නැහැ. ඒ කටහඬ මේ සිද්ධිය ඇතුලේ මිනිස්සුන්ව ජීවත් කරවනවා. රවී අයියාගේ visual effects ගැන කතා කරන්න දෙයක් නැහැ. මේක best of the best! අනික මේ සිංදුව නිසා මේ වතුර ප්‍රශ්නය ගැන සමාජයේ ආයිත් කතාබහක් ඇති වෙලා තියෙනවා. මං කියන්නේ වෙන්න ඕන දේ මේකයි. එක කොටුවකට සීමා නොවී හැම පරාසයකම නිර්මාණ කරන්න ඕනේ. Yuki and Ravi කියන්නේ ඒකට ගැලපෙනම combination එකක්. Good Luck Boys!
    - චාමි -

    • @yeshandesilva4871
      @yeshandesilva4871 Місяць тому +87

      Ubata hithuna paliyata Boru liyanna epa bn 😂

    • @manethdulshan9449
      @manethdulshan9449 Місяць тому +16

      Thank you

    • @AshenDilneth
      @AshenDilneth Місяць тому

      ​@@yeshandesilva4871 හැබැයි එක point එකක් අතාරින්න බෑ අර බෙල්ල පෙන්නන shot එක

    • @niranjiedesilva6479
      @niranjiedesilva6479 Місяць тому +88

      Totally agree with this explanation.

    • @diyasadikularathna0830
      @diyasadikularathna0830 Місяць тому

      @@yeshandesilva4871 ඇත්තටම ඇ 🥲

  • @YuKIBeatZ
    @YuKIBeatZ  Місяць тому +2546

    Raviyai venurayai kavindu malli thama ithin waddo thun dena meke pitipasse inna ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @Praveenharith2007
      @Praveenharith2007 Місяць тому +11

      Meka nm supiriyak😊❤

    • @pramukaweerasinghe
      @pramukaweerasinghe Місяць тому +11

      Eh gollo saha oya ..aththatama music walata hadawathinma kamathi api wage kattiyata marama inspiration ekak ape iskole kollek me giya gamana gana mara adambarai 🔥🔥🔥..dawasaka hmbwela paya ganan oyath ekka music gana katha krnna asai ❤❤❤

    • @Dncinwrld
      @Dncinwrld Місяць тому +5

      Ada ada baluwe video eka...ravi aiya, yuki aiyage wadak kiyanne aye kiyanna wachana ne.🥺🥺
      Aneee lagadima ravi , Yuki new song ekak one..🥺❤️

    • @priyankaragunasekara4386
      @priyankaragunasekara4386 Місяць тому +7

      කුතුහලෙුකුත් ඉතුරු වුනා video එකේ

    • @Infinity_Life_z
      @Infinity_Life_z Місяць тому +2

      ඇයියෝ අන්තිම ටික පැහැදිලි කරන්නකෝ අයියේ.. දැනටම 20 පාරක් විතර බැලුවා.. 😢 comments ඔක්කොම වගේ කියෙවුවා .😑

  • @salindadilshan6302
    @salindadilshan6302 Місяць тому +2109

    අපි අපේ කැම්පස් එකෙන් පොලොන්අනරුවෙ රගන්විල පැත්තෙ ෆිල්ටර් නැති ගමකට Purification system එකක් හදන්ට වැඩකරන ගමන් අහම්බෙන් සිංදුව දැක්කෙ.මාරම මෝටිවේශන් එකක් ඇත්තටම 🥺❤

    • @rakhandawood3536
      @rakhandawood3536 Місяць тому +12

      Me wage purification system ekak hadanna keeyak yaida?

    • @stcreations9895
      @stcreations9895 Місяць тому +5

      Kohed campus ek?

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 Місяць тому +10

      අනේ ඔයාලට බුදු බව ලැබෙනව.ඒත් මිනිස්සු

    • @dhanushkasandaruwan8777
      @dhanushkasandaruwan8777 Місяць тому +3

      Mchn apitth wisthara tikk denganna puluwan d. Samanyen filter ekkt kyk wage ynwd

    • @Kasun_Ish
      @Kasun_Ish Місяць тому +3

  • @chamidu_harshana
    @chamidu_harshana Місяць тому +237

    මේව සමහරුන්ට සුපිරි සිංදුවක් විතරක් වෙනකොට තවත් සමහරුන්ගෙ සැබෑ ජීවිතේ මුහුනදෙන ගැටලු...🥺🥺..
    ▮yuki & ravi j💌▮

  • @manushalasanthi2152
    @manushalasanthi2152 Місяць тому +1604

    ජගත් බෙණරගම කලාකරුවාව නැවත නිර්මාණයකට රැගෙන ආ සියලු දෙනාටම ගොඩක් ස්තූතියි..මේ තමයි සැබෑම දක්ෂයො..❤

    • @yumiyumi1
      @yumiyumi1 Місяць тому +1

      ❤❤❤❤❤❤

    • @KavindaVidusara
      @KavindaVidusara Місяць тому +9

      තේරෙන්නේ නැති වෙන්න රග පාන්නේ❤

    • @Life-With-MaduR
      @Life-With-MaduR Місяць тому +1

      Mama kiyanna haduwa deyak.. attatama hekiyawan tyana naluwo

    • @AvishkaSadaruwan-i7j
      @AvishkaSadaruwan-i7j Місяць тому +1

      ❤❤🎉

    • @maheshmudalige6490
      @maheshmudalige6490 Місяць тому +5

      Me wage minissu atharaman karana .vikara samajayak ethi karana Kala kanni balanna.oni

  • @isuru_chathuranga__
    @isuru_chathuranga__ Місяць тому +2971

    මේ වගේසින්දු
    ලියන අයත් දෙවිවරු…
    හදන අයත් දෙවිවර…
    අහන අයත් දෙවිවරු…
    මේවට උත්තර හොයන අයත් දෙවිවරු 💼

    • @TharukaVidusara-hr7jm
      @TharukaVidusara-hr7jm Місяць тому +10

      Ek attha suddh❤️

    • @nileshanthony7776
      @nileshanthony7776 Місяць тому +40

      මෙක දාපුකෙනත් දෙවිකෙනෙක්..😊

    • @ShanakaPradeep-x2i
      @ShanakaPradeep-x2i Місяць тому +9

      76 වසරක සාපය 😢.විසදුම් තිබුනත් ක්‍රියාත්මක නොවුනු

    • @malishadrummer2230
      @malishadrummer2230 Місяць тому +16

      මේවා අහන්නැති උනුත් යක්කු
      ලියන්නැති උනුත් යක්කු
      හදන්නැති උනුත් යක්කු
      උත්තර හොයන්නැති උනුත් ප්‍රේතයෝ 😂

    • @user123lakshika
      @user123lakshika Місяць тому

      😂​@@malishadrummer2230

  • @Nimanthiayesha-tsdn2001
    @Nimanthiayesha-tsdn2001 Місяць тому +4265

    Tik tok එකේ dance cover එකක්නම් හැදෙන් නැති වෙයි..හැබැයි respect කරන්න ඕන නිර්මාණ .....අර්ථ විරහිත tik tok කෑලි වලට වඩා මෙහෙම නිර්මාණ මිනිස්සු අතරට ගේනවට ස්තූතියි...❤

    • @dilkishashikala3724
      @dilkishashikala3724 Місяць тому +70

      ටික්ටොක්නම් මේ වගේ සින්දු වලට නැති තරමට හොදයි

    • @Deshaa_R
      @Deshaa_R Місяць тому +15

      අනිවාර්යයෙන් ❤

    • @Isuru586
      @Isuru586 Місяць тому +10

      Aniwarenma ❤

    • @Hirudikayasiru
      @Hirudikayasiru Місяць тому +8

      මේක සුපිරියක් සිරාවටම ❤💦

    • @Nipuna_official
      @Nipuna_official Місяць тому +7

      අනේ හොදයි මේවට ටික් ටොක් ඕනේ නෑ හලෝ නටන එවා

  • @nelumdassanayake5917
    @nelumdassanayake5917 Місяць тому +304

    මම කන්තලේ ඉස්පිරිතාලෙට පත්වෙලා ගියේ 2017 අවුරුද්දෙ . සීතල සෞම්‍ය අපේ නුවර ඉඳන් කන්තලේ රස්නෙ අහස යටට ගිහාම ඇත්තටම මුලින් කරකවලා අතැරියා වගේ දැනුනේ..
    ගස් කොලන් , පස , හුළඟ ඔක්කොම වෙනස් ඉතින් ..
    හිතේ ඇඳෙන්නෙ මහා හිස් ගතියක් !
    ඒ උනාට හරි ලස්සන පරිසරයකුත් ඒ අස්සෙ තිබ්බා.. ඈත ඉමක් පේන්නෙ නැතුව විහිදෙන කන්තලේ වැව , පෝට්ටාන්කාට්ටු ඉඳන් එක දිගටම විහිදිච්ච වෙල්‍ යාය !! ලොකු නිදහසකුත් ගෙනාවා!
    ඉතින් කොහොමහරි ගිහින් ,ලැබිච්ච ක්වාටස් පොඩි කාමරේ මම පදිංචි උනා !
    පොඩි ඇඳයි, යකඩ මේසෙයි .. ඒ මදි ඉතින් සාමාන්‍ය ජීවිතේකට !
    ඉතින් මම පොඩි කබඩ් එකක්, රැක්ස් ඔයවගේ දේවල් අරගෙන පොඩි ගෙයක් වගේ හදාගෙන උයාගෙන කාලා ඉන්න පුලුවන් තත්වෙකකර ක්වාටස් එක ගෙනාවා . සතුටින් ජොබ් එක කරන්න පටන් ගත්තා !
    තනියම ඉතින් හොඳේ ! මුදිත වීකෙන්ඩ් එකේ තමා එන්නෙ !
    එයා සිකුරාදා වැඩ ඉවර වෙලා කිලෝමීටර් 200කට කිට්ටුවෙන්න ඩ්‍රයිව් කරන් එනවා.. ඒ එනකොට හබරන එහෙම පහුවෙද්දි සිග්නල් නැති වෙනවා..
    මම එයා එනකන් පණ බයේ ඉන්නෙ.. Phone එක වැඩ නැත්තම් මගේ ඔලුව ගිනිගන්නවා. මොකද ඒ පාරේ ,කලුවරේ ,පාර අයිනේ කලුවරටම එකතු වෙලා සද්දන්ත යාලුවො පාර පනිනවා, ළගට එනකම් පේන්නෙ නෑ! දශම ගානෙන් වාහනේ වැදී නොවැදී යනවා !
    ඒ වගේම highway එකේ වගේ 100 පන්නලා යන වාහන ! කොයි වෙලේ accident වෙයිද දන්නෙ නෑ !
    ඉතින් අන්තිමේ එයා එනවා..
    ඒ එද්දි ක්වාටස් එක රත් වෙලා පිස්සු වගේ ! නිදාගන්නත් බෑ ! ඇහැරලා ඉන්නත් බෑ ! තිබ්බ එකම වෝල් ෆෑන් එකෙන් ඒ රස්නෙ යවන්න බෑ !
    ඉතින් හරි exhausting ! අපි විකලපයක් හෙව්වා !
    වහාම ඔෆිස් එකෙන් අවසර අරගෙන AC එකක් හයි කරගත්තා රූම් එකේ.. ඕන්න යාන්තම් ශේප් !
    ඊට පස්සෙ වතුර ප්‍රශ්නෙ !
    ටැප් එකෙන් එන වතුර කිවුලයි !
    බොන්න බෑ !
    Bottled water ඕඩර් කරන්න ඕනේ !
    එහෙ ඉතින් අපි doctors ලට වතුර කාමරේටම ඩිලිවර් කරන්න කට්ටිය ඉන්නවා. කෝල් කරන්න විතරයි ඕනේ !
    ඉතින් ලීටර් 5කට වඩා ලොකු බෝතල් ගෙන්න ගන්නවා..
    ඒක තමා බොන්නෙ , උයන්න ගන්නෙ !
    ඉතින් කොහොමහරි මාස නවයක් ඔය විදිහට කන්තලේ ඉද්දි , එක දවසක් මගේ දකුණු පැත්තෙ යටි බඩ රිදීගෙන ආවා .. මාරම කැක්කුමයි !
    වමනෙත් යන තරම් pain එක !
    වහාම scan room ගිහින් scan කරගත්තා !
    මෙන්න ඉන්නවා හිනාවෙවී වකුගඩුව අස්සෙ පුංචි ගලක් !! 🫠.
    ඉන්නවා විතරක් නෙවෙයි, එයා හිර වෙලා මගේ වකුඩුව ඉදිමිලා 😭😭..
    කරන්න තිබ්බ ශිෆ්ට් ටික අමාරුවෙන් ඇදලා නිවාඩු අරන් ආවා .. බෙහෙත් කරා සෑහෙන කාලයක් !හෙමීට අඩු උනා !
    ඊට පස්සෙ මාස හතරිකින් ආයෙත් !!
    ආයෙත් scan , CT , නොකරපු දෙයක් නෑ !
    ඒ ගහපු low dose contrast CT එකේ contrasts වලට ඇල්ජි වෙලා , anaphylaxis ඇවිත් එතෙර ගිහින් මෙතෙර ආවා 99.99%..
    ඇත්තටම එදා මම හිතුවේ මම ගියා තමා කියලා !!
    ඒත් කොහොමහරි වාසනවාවකින් හොඳ උනා ..
    ගල් එක්ක ෆයිට් කර කර ජොබ් එකත් කරගෙන අවුරුදු දෙකක් කන්තලේ හිටියා !
    OPD එකේ , ETU එකේ ලෙඩ්ඩු 10ක් බැලුවොත් පහකට වකුගඩු අමාරු! Creatinine 5/6/10 ,,ඒකත් නෝමල් වගේ දැනෙන්නෙ 😃
    Dialysis යන ලෙඩ්ඩු නිකන් උණ කැස්ස වගේ කොමන් !
    Erythropoitien ගහන්න අඟරුවාදට ලෙඩ්ඩු 20ක් විතර එනවා ..
    ඉතින් වකුගඩු අමාරුත් එක්ක මිනිස්සු පොරබදනවා, අපිත් පොරබදනවා !
    ඒ කාලේ doctors ල මදි නිසා කන්තලේ dialysis unit එක වහලා තිබ්බේ .. ලෙඩ්ඩු ඉතින් පොලොන්නරු තමා ගියේ ලේ ටික මාරු කරන් එන්න..
    ඉතින් ඔය හැල හැප්පීම් එක්ක අවුරුදු දෙකක් කන්තලේ ගතකරලා සමුගෙන ආවා !!
    ඒත් මම දන්නවා කන්තලේ තිබ්බ ප්‍රශ්න එහෙමමයි අදටත් !
    ඒ අතරේ ඊයේ Yuki Nawarathne ගෙ අලුත් සින්දුව දැක්කා !
    පිනි බිඳු !
    මාත් අත්විඳපු , වියළි කලාපේ අපේ මිනිස්සු අත්විදින ඒ කතාව හිතට වදින්නම රූපෙට නගලා !
    වතුර ප්‍රශ්නෙ
    වකුගඩු ප්‍රශ්නෙ
    අලි ප්‍රශ්නෙ
    වෛද්‍යවරු නැති එක
    ප්‍රවාහන මාර්ග නැති එක ඔක්කොම ගැඹුරින් කතා කරලා !
    විනාඩි 10ක රූප රචනයක් එක්ක ගලාගෙන යන සින්දුව තුන් හතර පාරක් බැලුවා !
    අඩුවෙන්ම කතාවෙන , මේ ලොකුම ප්‍රශ්නෙ මෙහෙම හරි කරළියට ගෙනාපු එක ගැන සියුම් සතුටක් ඇතු උනා !
    Grey scale, vibrant colour scales යොදාගෙන අතීතය වර්තමානය එකතු කරන්න හොඳ දෘශ්‍ය සංකලනයක් කරලා තිබ්බා !
    ජගත් බෙනරගම වගේ ප්‍රතිභාපූර්ණ නලුවන් යොදාගෙන නිර්මාණයේ අගය ඉහල තලයකට ගෙනත් !
    අවසානයේ soul shifting සංකලපය ඇතුලත් කරලා නරඹන්නාව වෙනම චින්තන පරාසයකට අරගෙන යනවා !
    පද රචනයත් ඒ වගේ ගැඹුරුයි !
    දොරකඩ පඳුරු පැලේ
    කවුදෝ ඉකිබිඳිනවදෝ !
    ලෙඩ වෙච්චි බබා තාමත් ජීවතුන් අතර , ඒත් ආමාරුවෙන් !
    පළගැටියෝ නුඹදෝ ඉන්නේ
    මගෙ තනියට නුඹ ඉන්නවනේ !
    තාත්තා ගියත් ඔහු තාමත් දුව ළඟ !
    ඉතින් බලන්න අහන්න පිණිබිදු !
    -පිපාසය -
    අවසන් සිතුවිල්ල
    නුඹ -
    🙂Nelum 🤞
    #සියපත්සිතුවිලි

  • @Dil_Ezy
    @Dil_Ezy Місяць тому +932

    බල්ලා පවා රඟපානවා 🥺❤️
    සෑහෙන මහන්සියක්..,
    Yuki x Ravi Jay ft Venura 💯

    • @lasinduinduwararana
      @lasinduinduwararana Місяць тому +33

      ඒ විතරද නළු නිලියෝ, camera කරපු අය, editors ලා ඔක්කොම ගොඩක් මහන්සිවෙලා හදපු ලස්සන නිර්මාණයක්‌ 😌❤️🔥

    • @Dil_Ezy
      @Dil_Ezy Місяць тому +9

      @@lasinduinduwararana Sehena Mahansiyak kiwe ekai Mama 🙂

    • @lakshaninelunika
      @lakshaninelunika Місяць тому +3

      oww❤

    • @Pradeepalankara
      @Pradeepalankara Місяць тому +4

      Aniw mn me commnet ek hewwe adrri ❤

    • @slmicro3857
      @slmicro3857 Місяць тому +4

      මුලු ඇග ගැනම හොදටම ඉගෙන ගෙන ඩොක්ට එනකොට පවුලේ අයම වකුගඩු ලෙඩ්ඩු වෙලා..😥😥ඉගෙන ගත්ත දේ වැඩක් ද ?😦ලංකාවේ සමාජ දේශපාලනික ප්‍රශ්නයක් මේකෙන් කියවෙනවා😭..අද්‍යාපන ක්‍රමයේ තියෙන ප්‍රාතමික බව😭

  • @WMStudioSL
    @WMStudioSL Місяць тому +580

    ලංකාවේ විනාශ වීගෙන යන music video කලාව, බර පන්තියෙන් පෙරලුවා උඹලා 🥺💜 බර අවි 🖤

  • @StudywithSachi
    @StudywithSachi Місяць тому +5136

    පුනරුප්පත්තියක් ❤️
    මට දැනුන විදියට මේ දියනිය තමා නැවත උපත ලබා ගමට එන්නේ දොස්තර මහත්තයා විදියට. එදා දියණියට අමාරු වෙලා දොස්තර එක්කන් එන්න තාත්තා ගියත් එදා තාත්තාට අලිය ගහලා මැරිලා එන්න බැරි උනා.. එදා ඒ තාත්තා විතරක් නෙමෙයි නැති උනේ එයාගේ දුවත් නැති උනා... ඉතින් දුව නැවත ඉපදිලා ගම බේරගන්න එනතුරු තාත්තාගේ ආත්මය ඒ ගමේ සැරි සරමින් තමා හිටියේ. ඉතින් නැවත ඉපදුණු ඒ දියණියට ගම භාර කරලා තාත්තා නැවත වෙනත් ආත්මයකට ගමන් කරා...
    "දොස්තර මහත්තයා දැන්ද එන්නේ" තාත්තා අහන්නේ මොකද තාත්තාගේ ආත්මය අවුරුදු ගානක් බලාගෙන හිටියා එයාගේ දුව නැවත ගමට එනකම්. "මූණවල් වෙන්ස් උනාට මතක වෙන්ස් වෙන්නේ නෑ " එතනින් කියැවෙන්නේ එකම ආතමය තමා දොස්තර මහත්තයා හා දියණිය. දැන්වත් "බොමුද වතුර ටිකක්" එහෙම අහන්නේ තාත්තාගෙන් පෙර ආත්මේ පුරුද්දට.... ඉතින් අවසානෙට දිරා වැටුණු ගෙදරට දොස්තර මහත්තයා ඇතුලු වෙන්නේ හරිම හුරු පුරුදු බවකින්....
    කොහොම උනත් මේ සිංදුව නම් next level... මට තාමත් හිතා ගන්න බැරි මේ විදිහේ සිද්දි දාමයක් හිතේ මැවුණු ඒ අසහාය කලාකරුවාගේ මනස කොච්චර නිර්මාණාත්මක ද කියලා...🥺❤️
    සචිනි මදුශිකා ✍️

    • @Mr.Kaween
      @Mr.Kaween Місяць тому +118

      හරිම නිර්වචනය 💗😭

    • @amashadilshani1434
      @amashadilshani1434 Місяць тому +39

      Ow balana balana warayak pasa adenwa❤

    • @sasinduprabhashana9471
      @sasinduprabhashana9471 Місяць тому +143

      එතකොට අර දොස්තරගෙයි තාත්තගෙයි එක වගේ උපන් ලප දෙකක් තියෙනවනෙ බෙල්ලෙ 🤔

    • @kumarsan9957
      @kumarsan9957 Місяць тому

      ​@@sasinduprabhashana9471ඒක තමයි එකම ජානමය ලක්ෂණය කියලා ඔප්පු කරන්න එහෙම තියෙන්නේ

    • @Wind-d4v
      @Wind-d4v Місяць тому +59

      සාමාන්‍ය විදියටම නොහිතා අවසානෙට ලියලා තියෙන වචනෙ තේරුම් ගන්න සහ සලකුණු බලන්න

  • @InduniUmeshika
    @InduniUmeshika Місяць тому +14

    ඡගත් බෙනරගම After long time Superb Acting!!
    Love this song

  • @thakshilamadhuwanthi2386
    @thakshilamadhuwanthi2386 Місяць тому +4232

    මගෙ ජීවිත කථාව වගේ.අලියාව පෙන්වනකොට මතක් උනේම මාව..අලිය ගෙදරට ආපු වෙලේ මායි මල්ලි මේ විදියට අලිය ඉස්සරහ හිටිය.බොන්න බැරි වතුර බීලම ලෙඩ වෙලා ඉන්නෙ මාව...මේ වීඩියෝ එක දැකල මිනිස්සුන්ට දුක නම් මගෙ අම්ම අප්පච්චිට කොච්චර දුක ඇත්ද.............මේ සින්දුවක් විතරක්ම නෙවෙයි....මං වගේ මිනිස්සුන්ගෙ ඇත්ත කථා..ස්තූතියි මේ සින්දුව හදපු අයට.මේ වගේ ජීවිත ගැන ලෝකෙට කියනවට....💜️

  • @Lakshan_Udayanga
    @Lakshan_Udayanga Місяць тому +1510

    ජගත් බෙනරගම මහතා...මෙන්න නලුවො...සිප්පි කෑලි හින්දා බැහැලා ගිහින් හිටපු තරුවක්...ආය කරලියට ගෙනාවට උබට පින් බොසා❤️ yuki ට සිංදු විතරක් නෙමේ නියමෙට රගපාන්නත් පුලුවන් කියලා අද දන්නෙ🥺🥺❤️ Totally great and masterpiece out put👍 1M අනිවා යන්නෝනි..මාස 6කට විතර සැරයක් දාන්නෙ එක content එකයි..හැබැයි දාන එක දානවා අවුරුදු ගානකට අහන්නම🙏❤️
    ප.ලි:- අපි ටැප් බාගෙට ඇරලා දාලා වතුර බිංදුවක් හරි අපතෙ අරිද්දි ඒ වෙලාවෙම පිරිසීදු වතුර පොදක් බොන්න නැතිව දුක් විඳින මිනිස්සු ඉන්න රටක් මේක... මන් මේ කමෙන්ට් එක ටයිප් කරන වෙලාවෙ කී දෙනෙක් වතුර ටිකක් බීගන්න නැතුව විඳවනව ඇද්ද...මේවා වීඩියො විතරක්ම නෙමේ...තවත් මේ දූශිත පාලකයොන්ට කඩේ යන උන්ව කාමරේකට දාලා ගැට ගහලා මේ වීඩියො ගගහා පෙන්නන්න ඕනි...තොපේ මහ උන් හදපු රට මේ කියලා🥺🥺🥺 මේවා මිනිස්සුන්ගෙ වැරදි නෙමේ බන්..ඇත්තටම පාලකයොන්ගෙ වැරදි මේවා...උබලට හෙන ගහනවා බන්🥺🥺 මට මේවා බලද්දි තරහ යනව බන්😬 උන් එක්ක..

  • @LithumChamika
    @LithumChamika Місяць тому +19

    යකෝ මේවනේ සිංදු කියන්නේ💞අද කාලේ හැදෙන මෙලෝ රහකට නැති Dancing vibes,Old vibes ගගා හැදෙන Music field එක වෙනස් කරන්න යුකියට තව තව හැකියාව ලැබේවා....!💗

  • @Mihiran
    @Mihiran Місяць тому +1571

    යුකී අයියාට රවී අයියා ඉන්නවා කියන්නේ තනිකරම කලාගාරයක් හම්බුනා වගේ තමයි! ❤️

  • @Sandu-Cricket
    @Sandu-Cricket Місяць тому +829

    රජරට වකුගඩු රෝගීන් සියළු දෙනා සුවපත් වේවා....ස්තූතියි yuki...❤

  • @DilakshiChamintha
    @DilakshiChamintha Місяць тому +328

    මම පොලොන්නරුවේ අති දුෂ්කර ගම්මානෙක ලමයෙක් ..අපිට ඕනි තරම් අත්දැකීම් තියෙනවා මේවා ගැන ..උසස් අධ්‍යාපනට කොළඹට ආවට පස්සේ තමා තේරුනේ අපි කොච්චර ගම් වල දුක් විදිනවද කියලා.. ගමේ දුප්පත් අහිංසක මිනිස්සු වකුගඩු රෝගෙට බිලි වෙනවා , වන අලි ප්‍රහාර වෙලා නිකරුනේ මැරිලා යනවා .. රටේ තිරිසන් පාලකයෝ නිසා ගම්වල කීදෙනෙක් නම් මිනිස්සු දුක් විදිනවද ..ගමෙන් එහා ලෝකයක් ගැන ගම්වල ලමයි දන්නේවත් නැති තරම් ..ඇත්තටම් වටිනා නිර්මාණයක් ..respect ❤

    • @දැනුමෙන්සහය
      @දැනුමෙන්සහය Місяць тому +5

      Ai bn ubala eliyata avith katha nokara inne..palakayo ubalata karala thiyana de gena..un awrudu 76 k thissema dannawa ubala vidina duka gena ai unta thiranayak ganna bari..

    • @DilakshiChamintha
      @DilakshiChamintha Місяць тому +18

      @@දැනුමෙන්සහය කොච්චර ගම්වල මිනිස්සු මේ වෙනුවෙන් කෑ ගැහුවත් කිසිම පිලිසරණක් නෑ .. ඉහල නිලදාරීන් කිසිම විසදුමක් දෙන්නෙ නෑ ...තනි මිනිහෙක්ට කරන්න පුලුවන් දෙයක් නෙමෙයි මේක ..මුලු රටක්ම එකතු වෙන්න ඕනි

    • @AnudiYamini
      @AnudiYamini Місяць тому

      🥺❤️

    • @slmicro3857
      @slmicro3857 Місяць тому +1

      මුලු ඇග ගැනම හොදටම ඉගෙන ගෙන ඩොක්ට එනකොට පවුලේ අයම වකුගඩු ලෙඩ්ඩු වෙලා..😥😥ඉගෙන ගත්ත දේ වැඩක් ද ?😦ලංකාවේ සමාජ දේශපාලනික ප්‍රශ්නයක් මේකෙන් කියවෙනවා😭..අද්‍යාපන ක්‍රමයේ තියෙන ප්‍රාතමික බව😭

    • @maduishara5681
      @maduishara5681 Місяць тому +1

      ඇත්ත 🥺

  • @ViNdY-VY
    @ViNdY-VY 23 дні тому +4

    මේක නිකම්ම නිකං සිංදුවක් නෙවෙයි..❤ වියලි කලාපෙ ජීවත්වන මිනිසුන්ගේ ඛේදනීය ජීවිතය හරි ලස්සනට මිනිසුන්ගේ හදවතටම දැනෙන්න ඉදිරිපත් කරල තියෙනවා
    ඇත්තටම හරිම විශිෂ්ඨ නිර්මාණයක් ❤

  • @namiemajievlogs
    @namiemajievlogs Місяць тому +677

    සද්දන්තයා දිහා තාත්තා බලනකොට ඒ මූණේ තිබ්බ අසරණකම 😢 ඒ scene එක බලද්දි මහ මූසල හැහීමක් හිතට එනවා. බලන අපිට මෙහෙමනම් මේ අත්දැකීමට ඇත්තටම මූණදීපු මිනිස්සුන්ට ඒ මොහොතේ මොනා හිතෙනවා ඇතිද 😖
    Next level brother 🤌😩🤍

  • @basnayakenavodya438
    @basnayakenavodya438 Місяць тому +955

    "දොස්තර මහත්තයා දැන්ද එන්නේ 🙂
    මූනවල් අලුත් උනාට මතක මැරෙන්නේ නෑ මහත්තයෝ ❤️‍🩹"
    Felt it

    • @sahannimantha9686
      @sahannimantha9686 Місяць тому +8

      මේ තාත්තමයි.

    • @oshadarathnayake7311
      @oshadarathnayake7311 Місяць тому +6

      ee kiwwe mokakda theruma... video eka mata hariytama therune na.. puluvannm poddak pahadili karala denn puluwanda

    • @sahannimantha9686
      @sahannimantha9686 Місяць тому +5

      බෙල්ලෙ උපන්ලපේ

    • @mkdcreations4105
      @mkdcreations4105 Місяць тому

      ​@@oshadarathnayake7311කියලා තියෙන්ව වගෙ බෙල්ලේ උපන් ලපේ.
      ආය දෙන්නා කතා කරගෙන යන ගමන් කියනව "මූනවල් අලුත් උනාට මතක මැරෙන් නැ මහත්තයො "
      දොස්තර තමා අප්පච්චිගෙ නව උප්පත්තිය. ඒකයි video එකෙ අන්තිමේට "අප්පච්චි" කියලා ඔලුවෙ කැ ගැහෙන එක ඇහෙන්නෙ

    • @oshadarathnayake7311
      @oshadarathnayake7311 Місяць тому +3

      @@sahannimantha9686 ane thank you

  • @srilankanflaribartenders2223
    @srilankanflaribartenders2223 Місяць тому +563

    'මං ටිකක් ප්‍රමාද උනා මහත්යෝ'කියන දෙබහට සම්මානයක් දෙන්න ඕනේ 😢
    ජගත් බේනුවර ❤

    • @randhikamadushan
      @randhikamadushan Місяць тому +2

      ❤❤❤❤

    • @thisararangana9550
      @thisararangana9550 Місяць тому +5

      ජගත් බෙනරගම❤

    • @Photo_doctor
      @Photo_doctor Місяць тому +2

      @Dineshmuthugala plz bring him back to cinema

    • @artszy8184
      @artszy8184 26 днів тому +1

      ​@@Photo_doctor Unfortunately there is no cinema

  • @minoshikavindiya
    @minoshikavindiya 8 днів тому +4

    අද මම Yuki Ravi දෙන්නා එක්ක මේකත් එක්කම තව සින්දු ගොඩක් live ඇහුවා Jaffna Camelia එකේදි. Magical..🪄 Feeling blessed ❤

  • @ayeshliyanage8235
    @ayeshliyanage8235 Місяць тому +527

    ජගත් බෙනරගම හදිස්සියේ දුවගෙන ඇවිත් අලියා ඉස්සරහ නැවතිලා උඩ බලන විදිහ මාරම තාත්විකයි..... ඒ දිවිල්ල,ඒ බැල්ම ගමක සාමාන්‍ය මනුස්සයෙක්ගේ ජීවිතේ.... ජගත්ට ඇර කාටවත් ඒ act එක ඒ විදිහට ගන්න බැරි වෙයි

    • @beatmusix
      @beatmusix Місяць тому +2

      👌

    • @DevinduLiyanaPelage
      @DevinduLiyanaPelage Місяць тому +3

      Eka pattata danenw neda. Aga hiriwatennama

    • @AsankaMadusanka-ek3hx
      @AsankaMadusanka-ek3hx Місяць тому +4

      අසම නලුවෙක්❤❤

    • @anuruddikakalani9480
      @anuruddikakalani9480 Місяць тому +6

      අති දක්ශ රංගන ශිල්පීයෙක් කියන්න වචන නෑ

    • @slmicro3857
      @slmicro3857 Місяць тому +3

      මුලු ඇග ගැනම හොදටම ඉගෙන ගෙන ඩොක්ට එනකොට පවුලේ අයම වකුගඩු ලෙඩ්ඩු වෙලා..😥😥ඉගෙන ගත්ත දේ වැඩක් ද ?😦ලංකාවේ සමාජ දේශපාලනික ප්‍රශ්නයක් මේකෙන් කියවෙනවා😭..අද්‍යාපන ක්‍රමයේ තියෙන ප්‍රාතමික බව😭

  • @Ruuu05468
    @Ruuu05468 Місяць тому +205

    සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕනෙ මේවට.වීඩියො එකත් ඉවරයි ඒ උනාට තාම ශොක් වෙලා වගේ 🥺❤

  • @slkali1900
    @slkali1900 Місяць тому +384

    උඹලා විහිලුවට ගන්න වියල කලාපේ සුලභ දෙයක් ඔය...
    බත සරි කරලා සිදාදියට පැටෙව්වට ඔවුන්ගේ ඇත්ත කතාව.. 🥺😓

  • @shaluwickramasinghe
    @shaluwickramasinghe Місяць тому +8

    අහන වාරයක් පාසා අඩවන තරමට music field එකේ yuki කරා නම් මෙක තමයි දැන් තියන සිංදු එක්ක මේව මොනවද 🥺 melody , lyrics , voice කියන්න දේවල් නම් නෑ wow...❤🎉

  • @sandeepazura4378
    @sandeepazura4378 Місяць тому +407

    ඔක්කොම හරි . යුකියා වැඩ්ඩා කොහොමත්. ඒක පැත්තකින් තියමු ටිකකට. ඒත් කොහොමද මේ නලුවව මේකට ගෙනාවෙ. කොහොමද මේ දක්ශයාව මේකට ගාවන්න හිතුනෙ.. පිස්සුවක් තනිකරම. ඒ වගේම ස්ක්‍රිප්ට් එක ! තනිකර පිස්සුවක් ඒක! මාරම ලස්සනයි.

    • @MddumageDushan
      @MddumageDushan Місяць тому +7

      @ravijay wddek thamai ithi❤

    • @olscienceacademy9337
      @olscienceacademy9337 Місяць тому +5

      ඒක හරියටම හරි.ගැලපෙනම චරිතයක්❤

    • @FZGhostRider_
      @FZGhostRider_ Місяць тому +3

      ගැලපෙනම නලුවා❤❤

    • @yumiyumi1
      @yumiyumi1 Місяць тому +1

    • @isheerandi2231
      @isheerandi2231 Місяць тому +1

      නාලිකා මගින් අමතක කරන්න හදපු නලුවෙක්.. ගිය අවුරුද්දෙ එක video එකක් එලියට ආව social media හරහා..ඒ මගින් මිනිසුන් දැනගත්තෙත් දැන් ඔහු නිහඩ බව..

  • @sachinthasandaruwan1029
    @sachinthasandaruwan1029 Місяць тому +127

    අර පොඩි බබාගේ acting next level 💯❤

  • @DilshanJayarathne-zt9ow
    @DilshanJayarathne-zt9ow Місяць тому +363

    "දොස්තර මහත්තයා දැන්ද එන්නේ..."
    බොක්කටම වදින්න කරපු Creation එකක්...Hatsoff to creators...✨

  • @MalshaHettiarachchi4959
    @MalshaHettiarachchi4959 20 днів тому +6

    කියන්න වචන නෑ ඒ තරමට සුපිරියි...මේ visual හදන්නෙ මේ සින්දු ලියන්නෙ කියන්නෙ මිනිස්සු නන් වෙන්න බෑ ... හදවත් අදුරන මායාකාරයො ❤

  • @yasindumihiran
    @yasindumihiran Місяць тому +299

    රගපාන්න දන්නෙ නැති මිනිස්සු (ජගත් බෙනරගම)💗🥺

    • @gunathilaka483
      @gunathilaka483 Місяць тому +2

      wagema ragapannati naluwo ey taramma tatwikai

  • @you_should_know2
    @you_should_know2 Місяць тому +1019

    ජගත් බෙනරගම අයියව දිගටම කතා වල දකින්න කැමති අය Like එකක් දාන්න.

    • @IceSpiceBootyCheeks
      @IceSpiceBootyCheeks Місяць тому +1

      ඔහු ඇත්තටම හොඳ තාත්විකව රඟන්න පුළුවන් නළුවෙක්!

  • @shehan-anjana-XD
    @shehan-anjana-XD Місяць тому +355

    ලමය වැටුන වෙලාවෙ අම්මගෙ acting , 🔥 supiri

  • @Lyrics_wk
    @Lyrics_wk Місяць тому +12

    Ravi කියන්නේ සුපිරිම වැඩ්ඩෙක්....
    Infinity Creation.. Legend Ravi J

  • @musicparadise18
    @musicparadise18 Місяць тому +541

    සිංදුවක් ඇතුලේ බහුතරයක් වියලි කලාපෙ මිනිස්සුන්ගෙ දුක💔
    වැඩිය කාටවත් පේන්නෙ නැති පැත්තක් පෙන්නුවට ආදරෙයි යුකියා ❤
    අද ලෝක ළමා දිනේ දවසෙ එකම ප්‍රාර්ථනාව ලෙඩ දුක් වලින් පීඩා විඳින පුංචි පැටවු ඉක්මනින් සනීප වෙන්න ඕනි🥺❤️

  • @sahannimantha9686
    @sahannimantha9686 Місяць тому +458

    අති සංවේදි නිර්මාණයක රසවින්දනය...
    මහත්තයා දැන්ද එන්නෙ
    අද තමා මට පත්වීම ලැබුණේ ගමේ ඉස්පිරිතාලෙට
    මහත්තයා හොදටම පරක්කු වෙලා මහත්තයො
    මේ ගම් තුලානටම මහත්තයා ආවේ පරක්කු වෙලා කියල
    මගෙ හිත කියනවා.
    කොහොම උනත් දැන් හවස් යාම සත්තු එලි බහින වෙලාවට ගමන් හොද නෑ මහත්තයෝ.
    මම හොදටම පරක්කු උනා
    මහත්තයා ඒත් පරක්කු වෙන්න හොද නෑ...
    මගෙ චූටි දූ මෙහෙ වතුර බීලා ලෙඩ උනා,බෙහෙත් ඩිංගක් අරන් දෙන්නවත් වත්කමක් නැති කොට කොහොමද මහත්තයො පෙරාපු වතුර දෙන්න මට කාසී.වැස්සයි මේ වැවයි විතරයි මහත්තයො අපිට පිහිට. කන්නයක් හරි අමාරුවෙන් වවාගෙන බඩගින්න නිවා ගන්නේ.දුව ඉස්කෝලෙන් ඉගෙන ගත්තලු ජල පෙරනයක් හදන්න. වැලි ,අගුරු,ගල් එහෙම දාපු එකක්. ඒවා වලින් කොහොමද මහත්තයෝ හොද වතුර ගන්නෙ.
    උණු කරපු වතුර බොන්න දෙනවා ඇරෙන්න.ෆිල්ටර් වතුර තියා ගමට අලි වැටක් ගගලා නැති කොට.
    එදත් හවස් ජාමේ දුවගෙ අසනීප අමාරුව වැඩිඋනා.කරකියා ගන්න දෙයක් තිබ්බෙ නෑ මහත්තයො.ගමේ ඉස්පිරිතාලෙ වල් වැදිලා.දොස්තර මහත්වරු ආවත් රැදෙන්නෙ නෑ. පහසුකම් මදිලු.අපි මක් කොරන්නද වියලි කලාපෙ රලු පොලව එක්ක ඔට්ටු වෙන්න හැමෝටම බෑ මහත්තයො.මේ පොළොව කොච්චර වේලුනත් අපේ හිත් වල තෙතමනය ගිහින් නෑ.අපිට මේ වෙන හැමදෙයක්ම එක වගේ දරාගන්න හරි අමාරුයි. අපි අසරණ වෙන වෙලාවල් අප්‍රමාණයි.මේක අපි ලබා උපන් විදිය උනත් අපේ පොඩි උන්ගෙ කල දසාව ?
    මම අලි ගහන පාරේ එදා හති දාන් දිව්වා. තනි අලියා මගෙ ඉස්සරහ බුදු මහත්තයෝ ! චූටි දූ 🥺
    අප්පච්චී.......💔
    සටහන - කේ.එච්.එස් නිමන්ත

  • @devindiweerasinghe24
    @devindiweerasinghe24 Місяць тому +2006

    Biyanka Kumarasiri 🖊
    “ඔය ගමට දොස්තර කෙනෙක් නෑ. අලුත් පත්වීමකින් කෙනෙක් එනවා. ඒ එනමග තමයි තාත්තා වතුර බොන්න කියලා ගෙදරට ඒ දොස්තරව එක්කන් යන්නේ. දොස්තර එන්නෙ පයින්, ඒ කියන්නේ ගමට ප්‍රවාහන පහසුකම් නෑ! වතුර ගන්නේ පෙරලා, ඒ කියන්නේ පිරිසිදු ජලය නෑ! ළමයා අසනීප වෙනවා වතුර වලින්, ඒ කියන්නෙ වකුගඩු ලෙඩ! තාත්තා ළමයව හොස්පිට්ල් ගෙනියන්න විදියක් බලනකොට අලියෙක් ගහනවා,
    ඒ කියන්නෙ අලි මිනිස් ගැටුම! දුෂ්කර පලාත් වල ප්‍රධාන ප්‍රශ්න ටික තියෙන්නේ. අන්තිමට බලනකොට ළමයගේ අසනීපේ බලන්න දොස්තරව ගෙදරට එවලා තියෙන්නෙ අලියා ගහලා මැරුණ තාත්තගේ ආත්මේ”
    💔

    • @nawodawickramanayake9718
      @nawodawickramanayake9718 Місяць тому +6

      එතකොට ලමයා ජීවත් වෙනවද??

    • @Dncinwrld
      @Dncinwrld Місяць тому +4

      එයා මැරුන නෙවේද..🥺

    • @GayathriErandika-i7j
      @GayathriErandika-i7j Місяць тому +1

      😢😢

    • @garukarajamanthri4523
      @garukarajamanthri4523 Місяць тому +25

      දොස්තර දොර ඇරලා වහන එකෙන් මැරුණා කියන්නත් පුළුවන්, අනික අප්පච්ච කියලා කෑගහන්නේ නැති වෙච්ච දුව වෙන්නත් පුළුවන්....

    • @ZigzagMath
      @ZigzagMath Місяць тому +53

      දොස්තර එන පාරෙ මැස්සො වහන්නෙ අලිය ගහලා මැරුන තාත්තගෙ සිරුර නිසා.
      තාත්ත තමා මේකෙ කතා නායකයා 👌

  • @nayanakularathna9575
    @nayanakularathna9575 21 день тому +3

    ඇස්වලට කඳුලුත් ඇවිල්ල ඇගේ හිරිගඩුත් පිපුනා . එ singing , music , acting . Mru . Superb ! 💙

  • @paskalanisenevirathne4068
    @paskalanisenevirathne4068 Місяць тому +150

    එ බබාගෙ රගපෑම... ❤️‍🔥
    Nice Job....

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 Місяць тому +962

    1:52 ජගත් බෙනරගම රංගධරයා විශිෂ්ටයෙක්.......හුඟ දවසකින දැක්කෙ...

    • @rameshhevawitharana3906
      @rameshhevawitharana3906 Місяць тому +4

      ❤️

    • @AnudanthaBhagessri
      @AnudanthaBhagessri Місяць тому +40

      සිරාවටම .. "මං ටිකක් ප්‍රමාද උනා මහත්තයෝ " කියද්දි... ..

    • @TheAshen95
      @TheAshen95 Місяць тому +14

      eeyeth dakka piliyandala patte bike ekaka yanwa..wadagath minissunta thanak ne me rate innakan 😑😑😑

    • @Lofimusicvideocreater
      @Lofimusicvideocreater Місяць тому +15

      Siratwama පබා කතාවෙන් පස්සේ දෙක්කෙම නේ වටිනා මනුස්සයෙක්

    • @sandarusanleen9434
      @sandarusanleen9434 Місяць тому +6

      ​@@AnudanthaBhagessriAththatama e kalla patta 🔥

  • @athdekeem
    @athdekeem Місяць тому +504

    කොහොමද තාත්තගෙ acting .. ලංකාවෙ කලා කෙතේ හරියටම නිසි තැනක් නොලැබුන සුපිරි නලුවෙක් ❤❤

    • @sajithdushantha9763
      @sajithdushantha9763 Місяць тому +28

      එක එක සිපයියොන්ට හම්බෙන සම්මාන මේ වගේ නළුවොන්ට හම්බෙන්න ඕනි

    • @sandeepahasarangaperera7709
      @sandeepahasarangaperera7709 Місяць тому +16

      political පලිගැනීම් වලින් ඒ චරිතය මරල දැම්මා, සුපිරි නළුවෙක්

    • @madawamuthumal5508
      @madawamuthumal5508 Місяць тому +8

      Jagath benaragama❤

    • @alpha_colours
      @alpha_colours Місяць тому +5

      Lankawe kohomath hakiywata wada marketing walatane thana hmbenne

    • @thescorpion69
      @thescorpion69 Місяць тому +5

      ඉස්සර මේ නළුවා ටෙලිනාට්‍ය වල හෙම හිටිය. දැන් පේන්න නෑනෙ.

  • @supundarshana3510
    @supundarshana3510 Місяць тому +11

    මේකෙ තාත්තට රගපාන කෙනත් දැන් වැඩිය පේන්න නෑ ඒවගේ චරිතෙකට අවස්ථාවක් දුන්න එකත් වටිනව ❤

  • @thilinisandeepani7591
    @thilinisandeepani7591 Місяць тому +185

    අප්පච්චී කියනකොට ඇග හිරිවැටිල ගියා😢 බහුතරයක් ලස්සන ලොකේශන් හොය හොය ගිහින් ආදරේ ගැන සින්දු කරනව ඒත් මේ වගේ වෙලාවක මෙහෙම එකක් හීනෙකින්වත් බලාපොරොත්තු උනේ නෑ මේ කතා එක එක හැමදාම මැකිල යනව විතරයි ඒ පැති වල මිනිස්සු දවසක් ජීවත් වෙන්නත් පුදුම දුකක් විදින්නෙ ඒ දුක ලස්සනට වචන කලාට ස්තූතීයි කවදහරි ඒ මිනිස්සුන්ටත් ලස්සන දවසක් එන්න ඕනි♥️

    • @MrMashi1984
      @MrMashi1984 Місяць тому +1

      සිංදුවක් මවන කුතුහලය සහ ව්‍යංගය සුපිරියි 🤔

  • @naduntharakaamarasinghe
    @naduntharakaamarasinghe Місяць тому +150

    මේ සිංදුවෙන් ප්‍රවාහන ගැටලු, සෞඛ්‍ය ගැටලු, අල මිනිස් ගැටුම, වතුර ප්‍රශ්න, දුප්පත්කම, අගහිගකම්, කර්කශ්ට දේශගුණය වගේ ප්‍රශ්න ගොඩක් ඇතුලෙ පනකෙන්ද ගැටගහගන්න දුක් විදින ආදරනීය පවුල් මේ රටේ ඉන්නව කියල සමාජෙට මතක් කරා.. Thank you yuki & ravi jay and team❤

  • @Intro-r7j
    @Intro-r7j Місяць тому +388

    මගේ කතාව වගේ. අලි ගහන හරියට වතුර නැති ලංකාවේ වැඩිම වකුගඩු රෝගීන් ඉන්න ගමකින් මම මෙඩිකල් ෆැකල්ටි ගියේ.මාත් එක වතාවක් නූලෙන් අලියගෙන් ජීවිතය බේර ගත්තා.
    දොස්තර කෙනෙක් උනාට පස්සේ තේරුනා වකුගඩු රෝගෙන් මිනිස්සු බේරගන්න අපිට බැරි බව
    අලි මිනිස් ගැටුමට බෙහෙත් අපි ලග නැති බව
    ඒ දෙකම හොද කරන්න වෙන්නේ හරි හමන් පාළකයෙක්ට තමයි.අපි ලග තියෙන්නේ පැලැස්තර

    • @Randil_Methnuka
      @Randil_Methnuka Місяць тому +4

      😟❤‍🩹

    • @madhurad2047
      @madhurad2047 Місяць тому +17

      අත අරින්න එපා හඩක් නගමු ආරම්බයක් විදිහට අපි

    • @WaruniShyama
      @WaruniShyama Місяць тому +1

      😢❤

    • @chandimalsamaranayake2858
      @chandimalsamaranayake2858 Місяць тому +1

      🤟🤟🤟🤟

    • @sujithkosala9108
      @sujithkosala9108 Місяць тому

      Universal Truth....😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @nehasandamini622
    @nehasandamini622 Місяць тому +6

    මේ වගේ සින්දු තමයි බිහිවෙන්න ඕනි...මිනිස්සුන්ගේ හදවතටම දැනෙන්න ලොකු කතාවක් කියනවා..යුකීගේ ගායන හැකියාවත්, ජගත් කලාකරුවා ඇතුලු අනෙක් දෙදෙනාගේ රංගන හැකියාව එක්ක ඒක හොදටම දැනෙනවා❤
    දරිඳ්‍රතාවෙන් පීඩිත ජනතාව,දුෂ්කර ගම්මාන වල පානිය ජල හිගයට මුහුන දෙන මිනිස්සුන්ගේ වකුගඩු ප්‍රශ්න ඇතුලු දුක,වෛද්‍ය පහසුකම් නැති වීම,,අලි මිනිස් ගැටුම,,,වගේ ගොඩක් ප්‍රශ්න හමුවේ ජීවිතේ ගැටගහ ගන්න වෙර දරන මිනිස්සුන්ගේ අවිනිශ්චිත ජීවිත කතාවක්,සහ සිහින එක්ක මියදුනු පුංචි දියණියකගේ පුනර්භවයක්❤❤❤❤ හරිම ලස්සනයි...සම්මානයට පාත්‍ර විය යුතු නිර්මාණයක්❤❤

  • @impassionofmusic7270
    @impassionofmusic7270 Місяць тому +136

    පැය දෙකක තුනක film එකක්ට දාන්න පුලුවන් කතාවක් විනාඩි 9ගනෙන් මිනිස්සු ගේ ඔලුවලට❤

  • @rajidil2474
    @rajidil2474 Місяць тому +148

    යුකී ඔයාගේ ක්‍රමේ වෙනස් කරන්න නම් එපා, ඔයා ගේ සින්දු අපිට දැනෙනවා ❤

  • @KumaraAj85
    @KumaraAj85 Місяць тому +71

    මේක බලල අම්බානක අඩපු මම😞...
    මේ සින්දුව හදපු මිනිස්සුන්ට එකෙන්ම respect...
    yuki අයියෙ ඔයා කවදහරි හම්බුනොත් ලොවෙත් වඳිනවා♥️♥️♥️

  • @Hansika_thenuwara
    @Hansika_thenuwara Місяць тому +7

    හිතන්න දෙයක් ඉතුරුකරපු මතක හිටින නිර්මාණයක් ❤ දායක වෙච්ච හැමෝටම ස්තූතියි ලස්සන නිර්මාණයක් මිනිස්සු අතරට ගෙනාවට ❤️

  • @minicaption
    @minicaption Місяць тому +825

    Masterpiece ❤

  • @ManurangaLakmal
    @ManurangaLakmal Місяць тому +122

    🥲 ඉස්සෙල්ලම බලනකොට පොඩ්ඩක් බයත් හිතුනා..

  • @momomalayaa
    @momomalayaa Місяць тому +281

    ඒක මාරම ලස්සන Creation එකක් අයියන්ඩිලා..
    ජයබෝ❤️

  • @Heavytechinsights
    @Heavytechinsights Місяць тому +5

    රෑ දොළහයි වෙලාව.. ෆස්ට් ටයිම් බැලුවෙ. අන්තිම ටිකට ශොක් වුනා පොඩ්ඩක්. සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕන නිර්මාණයක්.. Wow❤❤
    ලංකාවේ තාම කලාකාරයො ඉතිරි වෙලා ඉන්නවා. Protect Gems
    කමෙන්ට් කියවල ගොඩක් දේවල් තේරුම් ගියා.
    විශේෂයෙන්ම චාමිකර මලින්දගෙ විග්‍රහය 😢😢

  • @kaveesharukshan
    @kaveesharukshan Місяць тому +132

    ප්‍රශ්නවලදි තාත්තා හැරෙන්නේ නෑ අලියා නෙවෙයි එතන ඉටවඩා දරුණු සතෙක් හිටියත්. ඒ නිසායි හැරිලත් ආපහු තාත්තා ගේ පැත්තට ආපහු අලිය දිහාවට හැරුනේ සීමා රහිත තාත්තගේ ආදරේ ♥️

  • @lashiya5815
    @lashiya5815 Місяць тому +114

    African අලියෙක් මේකට පාවිච්චි කරේ මේ ප්‍රශ්නය ගෝලීය ප්‍රශ්නයක් කියල පෙන්නන්න කියලා මට නම් හිතෙන්නේ ..එතකොට මේ ප්‍රශ්නය අපේ දූපතේ වගේම දූපතෙන් එළියේ ගෝලීය ප්‍රශ්නයක් ගැන කතා කරනවා..මේක මගේ අදහස..ලෝකයේ පානීය ජල ගැටලුවට විසදුම් හොයනවා..නියම නිර්මාණයක් මේක..❤❤

    • @DilaGamage-qf9nm
      @DilaGamage-qf9nm Місяць тому +8

      නෑ නෑ අටපට්ටමේ හැමදාම වගා ළිං වල වැටෙන අලියා ඇත්ක්ඳුරේ ජනක් ද සිල්වා එක්ක මින්නේරියේ shoot එහෙකට ගිහින් 😂

    • @UjithaDe_Alwis
      @UjithaDe_Alwis Місяць тому +1

      Yes machan,I agreed with you.

    • @ManulaChandika-ks7jx
      @ManulaChandika-ks7jx Місяць тому

      හැම හුත්තම ජෝක් එකට ගන්න උබලාත් රාජපක්ශලා වගේම සාප බන්​@@DilaGamage-qf9nm

    • @slmicro3857
      @slmicro3857 Місяць тому

      මුලු ඇග ගැනම හොදටම ඉගෙන ගෙන ඩොක්ට එනකොට පවුලේ අයම වකුගඩු ලෙඩ්ඩු වෙලා..😥😥ඉගෙන ගත්ත දේ වැඩක් ද ?😦ලංකාවේ සමාජ දේශපාලනික ප්‍රශ්නයක් මේකෙන් කියවෙනවා😭..අද්‍යාපන ක්‍රමයේ තියෙන ප්‍රාතමික බව😭

  • @CalmAuro
    @CalmAuro Місяць тому +774

    බලලා ඉවර වෙලා shock වෙලා ඔහේ බලන් ඉන්නවා..🙂❤

  • @dasunitharanga2
    @dasunitharanga2 24 дні тому +7

    ඒ මිනිස්සුන්ගේ මුළු ජීවිත කතාවම yuki විනාඩි 10 කිවුවා.. respect yuki❤

  • @GihanNethdinu
    @GihanNethdinu Місяць тому +58

    Video එක බලලා ඉවර උන වෙලාවෙ shock උන එක විනාඩි 10ක් විතර ඔහේ කල්පනා කර කර ඉඳලා comment එක්ක් දාලා යන්න ආවම තමයි තේරුණේ "මේක නිකන් ම නිකන් song එකක් වත් music video වත් නෙමෙයි, මේ තියෙන්නෙ රටම දැන ගන්න ඕන, ඒත් අතලොස්සකට වඩා නොදන්න ප්‍රශ්න කන්දරාවක අඬහැරපෑමක" කියලා 🖤
    අපේ රටේ මිනිස්සු කීදෙනෙක් මෙහෙම ප්‍රශ්න වලින් මැරි මැරි ජීවත් වෙනවා ඇත්ද...
    ඇත්තටම හැමදාමත් වගේ Yuki & Ravi jay ගැන තිබුණු Respect එක පට්ට විදිහට වැඩි උනා❤
    ඉස්සරහටත් මේ වගේ මිල කරන්න බැරි විදිහෙ නිර්මාණ ලෝකෙට ගේන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🏻
    Much love Yuki & Ravi🫀

  • @ManeeSha-y
    @ManeeSha-y Місяць тому +154

    "මුණවල් අලුත් උනාට මතක මැරෙන් නැ මහත්තයෝ" 🤍🙂
    කලාගාරයක් තනිකර ❤ yuki navaratne 😊🫶

  • @AnudiYamini
    @AnudiYamini Місяць тому +358

    මම yuki ගෙන් ඉල්ලීමක් කරනව මේකෙ හරිම අර්ථය බෙදා දෙන්න කියල ❤

    • @isharaherath4130
      @isharaherath4130 Місяць тому +1

      Ane ow

    • @AnudiYamini
      @AnudiYamini Місяць тому

      @@hirushayashith0410 taththandi nowi inna

    • @hirushayashith0410
      @hirushayashith0410 Місяць тому

      මේ දේවල් අහන්න, මේ දේවල් කියන්න හිටියෙ නෑ කවුරුත් උන්ට. ඒකයි ඔහුම ඔවුන් වෙනුවෙන් අලුත් ආත්මයකට පණ දුන්නෙ. නන්නාදුනන්නා ඊළග ආත්මෙක දොස්තර කෙනෙක් වුනේ ඒ නිසයි.
      "මේ පොළොවෙ වතුරට හැම දේම මතකයි.. උන්ට ඒවා කියන්න කෙනෙක් නෑ. කිව්වට අහන්නෙත් නෑ..."
      ඔවුන්ගෙ දුක තේරෙන්නෙ ඔවුන්ට මිසක වෙන කාටද? තමන්ට තමන් මිසක වෙන කවුද..? ඒ නිසයි, ඒ මිය ගිය ආත්මය විසින්ම ඔවුන් වෙනුවෙන් තමන්ව ඊලග ආත්මයේ ගොඩනගා ගත්තෙ. ඒ නිසයි ඔවුන්ගෙ කන්නලව් වලට උත්තර දෙන්න ආයෙමත් ඔහුව ඒ දිසාවටම එව්වෙ, නන්නාදුනන්නා දොස්තර කෙනෙක් විදිහට ඒ ගමේ උන් වෙනුවෙන් පෙරළා පැමිණෙන්නෙ.
      "දොස්තර මහත්තයා දැන්ද එන්නෙ"
      හැබැයි ඔහු ඔහුව ගොඩනගන්න ගත් කාලය ටිකක් වැඩී... ඒ කාලය බොන්නට තිබුන වතුර විසින්ම, ඔහු වගේ, ඔහුගෙ දුව වගේ තවත් ප්‍රාණීන් රැසක් බිලි අරගෙන....
      "මං ටිකක් පරක්කු වුනා මහත්තයෝ..."
      දොස්තර මහත්තයාට තමන්ගෙ කලින් ආත්මයන් අමතක වුනාට, අලුත් ආත්මෙකට පණ දුන්න තමාගෙ පුනරුප්පත්තිය ගැන නන්නාදුනන්නා කොහොම නොදැන ඉන්නද?
      "මූණවල් අලුත් වුනාට මතක මැරෙන් නෑනෙ මහත්තයො..."
      දොස්තර මහත්තයත් පුදුම කරවගෙන ඔහුව අදුනාගත්තෙ මේ නිසයි.
      ජීවත් වෙන්න කෑමක් නැතත් මනුස්සයෙක්ට වතුර ඔනෙමයි. හැබැයි ඒ පොළොවෙ වතුර මිනිස්සු ජීවත් කරවන්න විතරක් නෙමෙයි, මිනිස්සු පණ පිටින් මරන්නත් හේතු වුණා- හේතු වෙනවා.
      "මේ පොළොවෙ වතුරට හැම දේම මතකයි.."
      මේ මහ පොළොවෙ සාරය උරා බීලා ජීවත් වුණ මිනිස්සු, අවසන් හුස්ම ඇරපු මිනිස්සු මහ පොළෙෘවෙ වතුරට මතකයි. ඔවුන් තාමත් ඒ භූමියේ නොමැරී ජීවත් වෙන ආත්මයන්. රචකයා මේ දෙබසෙන් නන්නාදුනන්නා කියන්නෙ 'රජරට වතුර' වෙනුවට ගත්ත තවත් උපමාවක් කියලයි මහ හැගෙන්නෙ. මහපොළොවෙ වතුර තමයි කාලයකට පෙර මියැදුණ නන්නාදුනන්නාත්, අලුතින් එන දොස්තරත් අතර සම්බන්ධය හරිහැටි දන්නෙ. 'රජරට වතුර' ඕ මතින් යැපෙන අහිංසක මිනිසුන් වෙනුවෙන් එන ඒ දොස්තර රැක ගැනීමට නන්නාදුනන්නාගේ ආවේෂයක් ගන්නවා. ඔහුට අමතක වෙලා ගිය පෙර ආත්මෙක ජීවිත රටාව ආයෙමත් මතක් කරනවා. මෙහි ජීවත් විය යුතු ආකාරය, පරිස්සම් විය යුතු ආකාරය කියලා දෙනවා.
      "ඕනෙම තැනක වැඩි වෙලාවක් ඉන්න හොද නෑ... සත්තු එළි බහින වෙලාව.."
      'නන්නාදුනන්නා' නොහොත් 'රජරට වතුර' ඔහුට නොකියා කියන්නෙ උඹ පෙර ආත්මෙත් මැරුනෙ අලියා ගහලා. මේ වගේ වෙලාවට එළියට යන්න එපා. උඹ අපිට වටිනවා. පරිස්සම් වෙයන් කියලා.'
      කලින් මං කිව්වෙ දොස්තර මහත්තයා වටේ යන කතාව ආයෙමත් main point එකට අරන් එන තැන.
      "කළගෙඩියකින් වතුර ටිකක් බොන්න ආසයි"
      කට කොණින් හිනා වෙන නන්නාදුනන්නා මෙතනින් කියන්න යන්නෙ මොහු ඒ ඉල්ලීම කරන්නෙ කවදාවත් නොකරපු වැඩක් කරන්න ඕනෙ කියනවා වගේ නිසා. අලුත් ආත්මෙකට ජීවය ලබපු ඔහුට පෙර ආත්මයෙ ඔහු විදපු දුක් සියල්ල අමතක වෙලා. නන්නාදුනන් නොහොත් රජරට ජලය ඔහුව ගොඩ නැගුවෙ ඔවුන්ගෙ දුක් ගැනවිලි අහන්න මනුස්ස ප්‍රාණියෙක් වෙන නැති නිසා වුවත්, දැං ඔහුට ඒ දුක්ඛිත ජීවිතය අමතක වෙලා.
      නන්නාදුනන්නා කියන්නෑ ඔහුට බොන්න වතුර ටිකක් හොයා ගන්න එක කළගෙඩියක පුරවලා තියෙන වතුර ටිකක් බොන තරම් ලේසී නෑ කියලා. ඔහු උත්සාහ කරනවා දොස්තරගෙ මතකය අලුත් කරන්න.
      " මගෙ ගේ තියෙන්නෙත් මේ ළග"
      ඔහුව ගෙනිහිං පෙන්නනවා නන්නාදුනන්නාගෙ ගෙදර. ඈත ඉදන් පෙන්නලා මේක තමයි මහත්තයො මගෙ ගෙදර කිව්වට ඔහු ඇතුළට එක්කන් යන්න සැරසිල්ලක් නෑ. නන්නාදුනන්නා තව තවත් උත්සාහ කරනවා දොස්තරගෙ පරණ මතකය අලුත් කරන්න. ඊට පස්සෙයි නන්නාදුනන්නාගෙ ජීවිත කතාව ඔහුට කියන්නෙ. කතාව සම්පූර්ණෙන් කිව්වත් ඔහුට ගාණක්වත් නෑ.

    • @hirushayashith0410
      @hirushayashith0410 Місяць тому

      දුක දන්න මනුස්සයෙක් විතරයි දුක නැති කරගන්න වැඩක් කරන්නෙග නන්නාදුනන්නා කාලයක් තිස්සේ බලන් ඉදන් මේ වගේ කෙනෙක් ඔවුන් වෙනුවෙන් ගොඩ නැංවුවත්, ඔහුට ඒ කිසි දෙයක් මතකයේ නැතිනම්, ඔහුත් වැඩි කල් නොගොස් සාමාන්‍ය පාලකයෙක් ගාණටම වැටෙයි. ඒ නිසයි ඔහු මෙච්චර වෑයමක් අරන් ඔහු විදපු දුක මතක් කරන්න උත්සාහ ගන්නෙ. කිසිම ගාණක් නොවුණ දොස්තරගෙ උත්තරේ වුණේ
      "දැන්වත් බොමුද වතුර ටිකක්"
      අවුරුදු ගාණක් ඔහු පණ දුන් ආත්මයම අපතේ යාමක් වගේ හැගීමක් නන්නාදුනන්නාට ඇති වෙනවා. මෙතෙක් වෙලා කුළුපග පිළීගැනීමක් තිබුණ ඒ ආත්මයම ක්ෂණයෙන් වෙනස් වෙනවා. ඔහුගෙ හිතේ චකිතය නැති කරන්න ඔහු පසු පසින් ආ නන්නාදුනන්නා කිසියම් වූ කළ කිරීමකට පත් වෙනවා.
      "වතුර?"
      ඔහු එය අසන විලාසය මේ සියලු හැගීම් කැටි කරනවා. හොදින් නැත්නම් නරකින් හෝ දොස්තරට සියල්ල මතක් කර දිය යුතුයි. ඒ නිසයි ඒ ආත්මය එක වර නැති වී යන්නෙ. දූ - පිය බැදීම මැරුණත් සදාකාලිකයි. ඒ නිසයි ඒ ආත්මය ඔහුගේ මතකය අලුත් කරන්න පෙර ආත්මයක ජීවත් වූ ඔහුගේ දූ පොඩිත්තගෙ හඩ අවදි කරන්නෙ.
      "අප්පච්චී...."
      තමා විසින් තමාගෙ මතකය අවදි කර ගත නොහැකි වුවත්, ඒ ආදරණීය හඩට පුළුවන් වුණා ඔහුගෙ මතකය අවදි කරන්න. පියවරෙන් පියවර ඉදිරියට යද්දි ඔහුට තේරුම් ගියා මෙතෙක් වේලා සිදු වූ සියල්ලෙ අග මුල.

    • @hirushayashith0410
      @hirushayashith0410 Місяць тому

      .....
      එහෙනම් රජරට පානීය ජලය නිසා ඇති වන වකුගඩු රෝගය පිළීබද කාලයකට අමතක වෙන කාලයකට මතු වෙන යට යන උඩ එන ප්‍රශ්නය පිළීබද සිදු කරපු අපූරු රූප රචනාවක් වගේම හරිම ලස්සන සිංදුවක් මෙහෙම විචාර කරලා ඉවර කරනවා. Madhaveeගෙ විචාරෙ බලලා මටත් එකක් ලියන්න හිතුණා.
      ඒක තවත් වෙනස් විදිහකට තවත් කෙනෙක් දකී. ඒක ලොවේ සොභාව.
      ප.ලි. - වෙනුර තෙන්නකෝන්, යුකී නවරත්න, රවී ජේ අයියලාගෙ උත්සාහයට උපරිම සාදාරණයක් දෙමින් සිංදුව ජීවත් කරවන ජගත් බෙනරගම අයියගෙ රගපෑමත් අගය කළ යුතුමයි 💝
      ✍️එරන්දි

  • @MRJACK7-hu1lt
    @MRJACK7-hu1lt Місяць тому +14

    මම දැකපු ලස්සනම සිංදුව සහ ලස්සනම අර්ථවත්ම වීඩියෝ එක

  • @udayafantasy7796
    @udayafantasy7796 Місяць тому +188

    ජගත් බෙනරගම....රගපානවා නෙවෙයි ..ජීවත් වෙනවා...දැක්කත් ඇති...අපේ මතක ලස්සන කරපු ආදරණීය මිනිස්සු ....සින්දුව 💔❤️❤️

    • @thisarachamika4068
      @thisarachamika4068 Місяць тому +1

      attatama asama naluwek podi kale idanma asama kenek 😊💖💐 aye dakinna hambunama ekama athi kaleki 💖💐💚

  • @nimnadaseniya5135
    @nimnadaseniya5135 Місяць тому +44

    මිනිස්සු බර පන්තියෙන් Creative උනාම මේ වගේ Masterpeice බිහි වෙනවා....❤ මේ නිර්මාණෙ පිටිපස්සෙ හිටපු හැමකෙනෙක්ටම Respect! 🔥

  • @waruniamarasena
    @waruniamarasena Місяць тому +543

    කාලයක් තිස්සේ පිරිපහදු නොකළ භූගත ජලය පානය කිරීමෙන් වැළඳුනු වකුගඩු රෝගයෙන් පීඩා විඳින පුංචි දියණියක්.
    ඇයට අසීමිතවත් ආදරය කරමින් රැකබලා ගන්නා මවුපියන් දෙදෙනෙක්. මොවුන් වටා ගෙතුණු භාව පූර්ණ විශිෂ්ට ගණයේ සංගීත නිර්මාණය විග්‍රහ කිරීමට මා ගත් ‍ප්‍රයන්තයක්
    මෙලෙස සටහන් කරමි.
    මම ටිකක් ප්‍රමාද වුණා මහත්තයෝ - පෙර ආත්ම භවයේ තම ආදරණීය දියණිය පීඩා විඳි රෝගයෙන්; ඇයව මරණයෙන් ගලවා ගැනීමට නොහැකි වූ අහිංසක තාත්තා මෙම භවයේදී වෛද්‍යවරයෙකු ලෙස තම දියණිය වන් දරුවන් මෙන්ම ගම්වාසීන්ගේද සුවසෙත පිණිස පුනරාගමනය කරන ලදී.
    වෛද්‍යවරයා යනු තාත්තාගේ පුනරුප්පත්තිය බව තහවුරු කරන ප්‍රධාන සාධක කිහිපයකි. ගෙල පිටුපස සළකුණ, බිඳී ගොස් නැවත පැන නගින දිය සලකුණ, මුහුණු අලුත් වුනාට මතක නොමැරෙන බව පැවසීම එම පුනරුප්පත්තිය සියුම් ලෙස ගම්‍ය කරවයි.
    සරලවම කිවහොත් මෙය වෛද්‍යවරයාගේ පෙර ආත්මයේ මතකාවර්ජනයකි. (Flashbacks from previous life)
    දිළිඳු බව, පානීය ජල පහසුකම් නොමැතිකම, සෞඛ්‍ය පහසුකම් නොමැතිකම, වන අලි ගැටළුව... මේ සා නොයෙක් අසීරුතා මැද ආදරයෙන් දිවි ගෙවන යුවලක්-දියණියක්. අවාසනාවක තරම! පුංචි දියණිය Chronic Kidney Disease of unknown (CKDu) රෝගී තත්වයේ අවසන් අදියර කරා ළඟා වී ඇත. ඇගේ දිවි බේරාගැනීමේ අරමුණින් දුර බැහැර පිහිටි රෝහල වෙත දිව යන අප්පච්චි - ඝන කැලෑව මැදින් වැටුණු ගුරුපාරේ තේජාන්විතව ඉදිරියට ඇදෙන හස්ති රාජයා සමග මුහුණට මුහුණ!
    වෙදදුරෙකු කැටුව නැවත පැමිණීමට නොහැකි වුවත් ආත්මයටම කා වැදුණු තාත්තාගේ අවසන් සිතිවිල්ල නුඹයි. ඒ බලවත් සිතිවිල්ල වෛද්‍යවරයාගේ මනසෙහි සැරිසරමින් පෙර ආත්මභවයේ මතක ආවර්ජනය කරවන ලදී. තමන්ට දියණිය මරණයෙන් ගලවා ගත නොහැකි බව සද්ධන්තයා අභියස දී ඔහුට පසක් වන්නට ඇත. "අප්පච්චි" තවමත් ඒ ආදරණීය හඬ මනසේ රැව් පිළිරැව් දෙයි.
    නමුත් බිරිඳ? තණබිස්සේ මහ කොල රොඩු වැටිලා, වියු පොල්අතු වහලේ දැන් වියලීලා - ගරා වැටුණු නිවස දෙසට ඇවිද ගිය ඔහු දොර විවර කර බලයි. සැමියා සහ දියණිය නොමැති වේදනාව හේතුවෙන් හෘදයාබාධයකින් හෝ සිය දිවි නසාගනිමින් ඇගේ ජීවිතය ද කෙළවර වන්නට ඇති බව නොඅනුමානය. දහසක් බාධක මැද කර්කශ පොළව හා ගැටෙන මිනිස් ජීවිත තුනක අවසානය එය විය.
    වතුර! රෙදි කඩකින් පෙරාගත් මඩ පැහැගත් භූගත ජලය පානය කරන ඔවුන්ට "පිනිබිඳුත්" අමෘතය වැනිය.
    …………………………………….💧

    • @lakmaliwijesooriya2474
      @lakmaliwijesooriya2474 Місяць тому +9

      මට හිතෙන විදිහට ළමයා තමයි doctor වෙලා එන්නෙ දෙවනි ආත්මෙදි. ඒකයි තාත්තා කියන්නෙ "මූණවල් අලුත් වුණාට මතක වෙනස් වෙන් නෑ කියලා"

    • @waruniamarasena
      @waruniamarasena Місяць тому

      @@lakmaliwijesooriya2474 මතක මැරෙන්නේ නැහැ කියලයි කියන්නේ. තාත්තා මිය ගිහින් සිරැර වෙනස් වුනාට ආත්මය ඒකමයි. ඒකයි සමහර පුනරැප්පත්ති කතා වගේ තවම ඒ සිදුවිම තාත්තට මතක. Birth marks සමහර පුනරැප්පත්ති වලට සම්බන්දයි කියනවනේ. ඒකයි දෙදෙනාගෙම ගෙල පැහැදිලිව පෙන්නන්නේ.

    • @Janiduvirunaka
      @Janiduvirunaka Місяць тому +3

      ❤️❤️

    • @kasunprasad3227
      @kasunprasad3227 Місяць тому +1

    • @waruniamarasena
      @waruniamarasena Місяць тому +1

      @@lakmaliwijesooriya2474 ඔහු පවසන්නේ මතක නොමැරෙන බවයි. එනම් ඔහු මිය ගොස් නැවත ඉපදී සිරුර වෙනස් වූවත් ආත්මය එකම බැවින් බොහෝ පුනරුප්පත්ති කතා මෙන් පසුගිය ආත්මය ඔහුට මතක ඇති බවයි. Birth marks පුනරුප්පත්ති හා සම්බන්ධ බව කියයි. දෙදෙනාගේම ගෙල පිටුපස ඇති එම සමාන සලකුණ පැහැදිලිව පෙන්වන්නේ එබැවින් විය හැක. කැඩී ගිය අතු කැබැල්ල අසලදී ඔහු තිගැස්සී නවතින්නේ ඒ පෙර ආත්මයේ ඔහු වල් අලි ප්‍රහාරයෙන් මියගිය ස්ථානය බව හඟවන්නටය. එම මොහොතේ පවසන දෙබසත් එය ගම්‍ය කරවයි. අප්පච්චි යනුවෙන් ඇසෙන දියණියගේ හඬ ද මෙය තාත්තාගේ පුනරුප්පත්තිය බව සනාථ කරයි.

  • @amalka13-r1b
    @amalka13-r1b 21 день тому +2

    අතීතෙ වගේම , වර්තමානේ ... පෙන්නන... ලස්සන... create එකක්.... ආයේ... ඉතිම් වෙනස්ම ... කෝනෙකින් බලන කෙනෙක් ... සුපිරි... , ගින්දරක් මේකත් ඉතිම් yuki.....💛✌️❤

  • @sridharaedgar3889
    @sridharaedgar3889 Місяць тому +128

    ජගත් බෙනරගමගෙ ඒ තාත්වික රඟපෑම අවුරුදු ගාණකින් දැක්කා. ❤

  • @methmalrajapaksha4252
    @methmalrajapaksha4252 Місяць тому +78

    බොන්න වතුර පොදක් නැතුව , වකුගඩු රෝගයෙන් පිඩාවිදින , අංහිංසක මිනිසුන්ගේ අලි මිනිස් ගැටුමෙන්ද පිඩාවත් මිනිසුන්ගේ දුක් ගැහැට ගැන කියවෙන අපුරැ නිර්මාණයක් Ravi ,yuki මරැ ❤😊❤😊❤

  • @chamiduvimukthi3110
    @chamiduvimukthi3110 Місяць тому +157

    Yuki ඊයෙ dinner එක ගන්න hotel එකකට එනකොට කොල්ලෙක් පපුවට අත තියල Big fan sir.. කිව්ව මතකද ... දැන් මේ සිංදුව release කරල.. මාරයි බං පපුවට පොඩි injection කට්ටකින් අනිනව වගේ බං මේ සිංදුව අන්තිමට ඒ තාත්තා දුවගෙන යනකොට අලියව දැක්ක වෙලේ මම හිතුවෙ මගෙ පපුව නැවතුනා කියල 😢 මේක type කරනකොටත් මගෙ ඇඟිලි වෙව්ලනව මචං.. ඒ තරම් masterpiece එකක්.. ඒ වගේම තමන්ගෙ fan කෙනෙක් බදාගෙන අතට අත දීල යන්න තරම් සුපිරි පොරක් මචං උඹ .. ඊයෙ සර් කියල අද මචං උඹ කියනව කියල හිතන්න එපා. .. 😊 හදවතින්ම කියන්න තියනකොට ඒව නිකම්ම type වෙනවා... තව මේ වගේ masterpiece කරපන් මචං ..මැරෙන මොහොතෙත් මේ වගේ සිංදුවක් අහගෙන ඇස් දෙක පියා ගන්න තිබ්බනම් ඒ ඇති.. ❤❤❤❤

    • @Seeker-y9l
      @Seeker-y9l Місяць тому +4

      ඇත්තමයි මාරම දුකක් දැනෙනව එතනදි😢

  • @rosarymadhushani6472
    @rosarymadhushani6472 16 днів тому +1

    Best lyrics ,
    Best visuals ,
    Best vocal , with
    Best acting 👍❤
    මේක සිංදුවකට වඩා එහා ගිය... හිත් එක මොහොතක ට නතර කරන..සමහරුන් ගේ මතක අවුස්සන..තවත් ස්මහරුන්ට හිතන්න යමක් ඉතුරු කරන..පොඩි වයසක කෙනෙක්ට මේ ගැන කුතුහලයක් ඇති කරන..පැය ගානක film එකකින් වත් කියගන්න බැරි උන දෙයක් මිනිස්සුන් ගේ බොක්කටම වදින්න කරපු ඇගයීම් බහුල විය යුතු නිර්මාණයක්...❤😢

  • @indrajithprasanna5917
    @indrajithprasanna5917 Місяць тому +62

    ගොඩක් නගරබද මිනිස්සු "ගොඩේ, වන්නියෙ" කියලා කියන මිනිස්සුන්ගෙ ඇත්තම ජීවිත කතාවයි ඔය.... ඒ මිනිස්සු පුලුවන් තරම් මහ පොළොව එක්ක හැප්පිලා බත සරිකරලා අන්තිමට බීපු වතුර ටික නිසා විදවලා මැරිලා යනවා. නැත්නම් සද්ධන්තයෙකු අතින් මැරිලා යනවා.
    කවුද හරි කවුද වැරදි කියන්න නම් දන්නෑ ඒත් සමාජයට පණිවිඩක් ගේන්න මේ වගේ විශිෂ්ට නිර්මාණයක් කරන්න උදව් කල හැමෝටම ගොඩක් පින්....

  • @Kcr999
    @Kcr999 Місяць тому +167

    අලිය දැක්ක ගමන් ඇග හීතල වෙලා ගියා 😢
    Masterpiece ❤

  • @ImagineLesure
    @ImagineLesure Місяць тому +3

    Jagath benaragama respect you❤
    Also yuki & crew

  • @SlPlayboiCarti
    @SlPlayboiCarti Місяць тому +365

    ❤️ Masterpiece එකක් කියන අය මේ පැත්තට 💥👀

  • @Sayuri-o4t
    @Sayuri-o4t Місяць тому +52

    මටත් වකුගඩුවල පොඩි ප්‍රශ්නයක් තියේ.වතුර හින්දා නම් නෙමෙ.ඒත් මේ ලෙඩෙ නිසා මිනිස්සු කොච්චර විඳවනවද කියලා මං අත්දැකීමෙන් දන්නවා.අනේ මං හැමදාම දෙවියන්ගෙන් ඉල්ලන්නෙ හැම වකුගඩු රෝගියෙක්ම සුවපත් වේවා කියල.

  • @DarkPhoenix-g3k
    @DarkPhoenix-g3k Місяць тому +54

    මේක බලන හැම සැරේම yukiට insta followers 4000ක් විතර ඉන්න කාලේ ඉඳන් yukiගේ සින්දු අහපු මට පට්ට සතුටක් සහ ආඩම්බරයක් දැනෙනවා ❤

  • @Sizzelanddrizzle
    @Sizzelanddrizzle Місяць тому +3

    අනේ හරිම ලස්සන නිර්මාණයක්.. අහම්බෙන් අහන්න ලැබුනු ලස්සනම ලස්සන ගීතයක්.... ❤🥹

  • @manethdulshan9449
    @manethdulshan9449 Місяць тому +44

    1:38 පොඩ්ඩක් බලන්න දෙන්නම ඇවිදින විදිය
    This is a Masterpiece ❤️‍🔥🔥🥺
    පරන ආතමයේ මතකය(පුනරුප්පත්තිය) පුදුම ලස්සනට අරන් තියෙනවා
    ගැම්ම්ක් ❤

  • @HansaPalawattage
    @HansaPalawattage Місяць тому +25

    අම්මාගේ Imotional Acting 100% Superb ❤

  • @Salinda_silva
    @Salinda_silva Місяць тому +79

    මේ සින්දුව ට්‍රෙන්ඩ් වෙන තරමට බලදාරීන්ට මේ ගැන ඇස් පියන්නා ඉන්න බැරි වෙයි, අලුත් රජය මේ මිනිස්සු තනි කරන එකක් නැ කියලා හිතනවා

    • @lawanrajapaksha
      @lawanrajapaksha 27 днів тому

      ඔව්. අලුත් ජනාධිපතිත් ඔය පැත්තෙනෙ... රජරටනෙ

  • @Kavishka_Dhananjaya
    @Kavishka_Dhananjaya Місяць тому +3

    පිපාසය...
    අවසන් සිතිවිල්ල...
    නුබ..
    මේකෙන් කියන්නෙත් අර තාත්තගෙ අන්තිම සිතිවිල්ල වෙන්න ඕන😪💀❤️ well connected time line💀

  • @isuruwithanageofficial
    @isuruwithanageofficial Місяць тому +241

    Flute ටික Record කරද්දිම සිංදුව කන පැලෙන්න වැදුනා ❤

  • @SY_EDITZ_2007
    @SY_EDITZ_2007 Місяць тому +246

    සින්දුව අහන්න කලින්ම ලයික් කලා 😎
    යුකී සහ රවී ගේ වැඩක් කියන්නේ කෝමත් සුපිරියක් තමා 🕊️

  • @coolheart6696
    @coolheart6696 Місяць тому +199

    මෑතක ඉදන් අපේ ගමටත් කාලෙකට අලි එනවා. ගිය පාර ගෙදර අලි කැඩුවා. ගෙදරට අලි වැට දානකන් තාත්තයි මායි අම්මයි සතියක් රෑ නිදි මැරුවා. මට මාසයක් විතර යනකන් ශොක් එක වගේ තිබුනා. ඒක වචන වලින් කියන්න බැරි බයක්. කාටවත් එහෙම වෙන්න එපා.

  • @indrageekasun3692
    @indrageekasun3692 8 днів тому +2

    තවත් මේ වගේ ලස්සන අර්ථවත් සිංදුවක් අහන්න කැමතියි.❤

  • @prabathdeshapriya3149
    @prabathdeshapriya3149 Місяць тому +104

    කොළඹ හතේ ඉන්න ඊනියා බුර්ෂුවා පන්තියට ලව් කරන අය වියළි කලාපීය හදවත් කියලා උසුළු විසුළු කළාට, වියළි කලාපයම අදටත් තියෙන්නෙ ඛේදවාචක වලින් පිරිලා..
    සමාජ,ආර්ථික, පාරිසරික සහ සංස්කෘතික ගැටළු වල කොළණියක් වෙලා..
    මේ කලාපයේ ගැහැණුන්ගෙ මිනිස්සුන්ගෙ හැඟීම් දැනීම් කොළඹ සීත කාමර ඇතුලෙ ඉඳන් ස්මාර්ට් තිර වලින් ජීවිතය හොයන අයට ටච් වෙනවා හොරයි..
    හැබැයි yuki සහ Ravi J මේ අරන් තියෙන උත්සහය මාර වටිනවා.. heart touching මියුසික් වීඩියෝවක්..❤

  • @PiyumethmiWitharana
    @PiyumethmiWitharana Місяць тому +34

    දුව මිදුලෙ වැටුනම ඒ අම්ම දුවන් ආව විදිය මගෙ ඇග හිරිගඩු පිපිලා ගැස්සිලා ගියා ඒ තත්පරෙන්, මේ ඇක්ටින් නම් කියන්න් වචන නෑ ❤

    • @sajithdushantha9763
      @sajithdushantha9763 Місяць тому +2

      හිතාගන්නකෝ දුව නැති වෙලා,මනුස්සයා අලියා ගහලා මැරිලා.ඒ අම්මගේ වේදනාවට වඩා වැඩි වේදනාවක් තියෙයිද?මේවා මේ ඇත්ත සිද්දි .මේ මොහොතේත් අලියා වතුර ප්‍රශ්න නිසා කීදාහක් දුක් විඳිනවාද?මේවට ඉක්මන් පිළියමක් දැන්වත් ඕනි.

  • @GinuraThathsilu
    @GinuraThathsilu Місяць тому +56

    ලoකාවේ ලස්සන කලාව තාම ඉතුරුවෙලා තියෙනවා කියලා පෙන්නන හොදම නිර්මාණයක්.next level.masterpiece ❤

  • @x_r3sh_
    @x_r3sh_ 24 дні тому +9

    1.6 mil in 3 weeks… well deserved Yuki 💗

  • @maleeshanirmal6465
    @maleeshanirmal6465 Місяць тому +27

    වතුර වෙනුවෙන් සසරක් 🚰මේවට කියන්න වචන නෑ මහත්තයො 🥺ඒ හැම ආත්මයකට ම සැනසීමක් ලැබේවා කියලයි,අපේ රටේ හැම මනනුස්සයෙකුට ම බොන්න හොඳ වතුර පොදක් ලැබෙන්න කියලයි ප්‍රාර්ථනා කරනවා!♥️

  • @VimukthiLakmal-b4e
    @VimukthiLakmal-b4e Місяць тому +27

    ඒ පොඩි දුවගේ රංගනය හරි සංවේදී🥺 🩷
    ජගත් බෙනරගම ,
    තනුජාවී ලස්සන රංගනයක්...🩷

  • @isuruthakshila
    @isuruthakshila Місяць тому +14

    කාලයකට පස්සේ දැක්ක චරිතයක්.... ඇතුලාන්තයටම කාවැදුන ඒ රගපෑම...නැවත කරලියට ගෙනවට respect ❤️ camera shots.... බල්ලගෙ පවා හැසිරීම ඒවනම් මාරයි... දුශ්කර ප්‍රදේශ මුහුණ දෙන ගැටළුවක්.... මෙහම නිර්මාණයකට ගත්ත එකනම් මාරයි..👍

  • @SanduSandamali-z3e
    @SanduSandamali-z3e Місяць тому +2

    ඇත්ත ජීවිතේ සිතුවමකින් ලස්සනට පාට කරලා.ඔයාගේ කටහඩ භාවනාවක් වගේ අයියා.❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @manojarunathilaka3769
    @manojarunathilaka3769 Місяць тому +39

    මේවා හිට් වෙන්න ඕනි නෑ ♥️
    මම මේක ඉස්කෝලේ smart board එකේ play කලා ලගදි දවසක උසස්පෙල ලමයින්ට අහන්න. සාමාන්‍යයෙන් පොඩ්ඩක් නිදිමත යන්න එහෙම පොඩි සින්දුවක් play කරන එක මගේ සිරිතක්. මේක බලපු ගොඩක් උන්ගේ ඇස් වල කදුලු. ඒකම ඇති මේක masterpiece එකක් කියන්න ♥️

  • @kaushaldesilva294
    @kaushaldesilva294 Місяць тому +43

    ගොඩක් මිනිස්සු ලොකු ලොකු හීන එක්ක සටන් කරද්දි....
    තවත් සමහර මිනිස්සු හීන මැව්වෙ පිරිසිඳු පිණි බිංදුවකට... 🥺❤

  • @gayandesilva1348
    @gayandesilva1348 Місяць тому +239

    වැඩේ මරු, මාර Depth. Frame by frame කියවන්න පුලුවන් වැඩක්. මාර සතුටක් දැනෙන්නේ මෙහෙම නිර්මාණ හැදනවා දැක්කම.
    Plot එක:
    තාත්තා අලියා ගහලා මැරිලා කියන එක පැහැදිලී.Camera effect වලින්, Illution වගේ Effects වලින් Sound Designs වලින්, මස් කන්න ඇවිත් ඉගිල්ලෙන කුරුල්ලන්ගේ සද්ද, මැස්සන්ගේ සද්ද වලින් ඒ Part එක ලස්සනට ගොඩ දාලා තියෙනවා. ඒත් අදටත් පදුරු පැලේ ඉකි බිදිමින්, දරුවගේ තනි රකින පළගැටියා තාත්තා වෙන්න ඕන. ඒක ආත්මය/හොල්මන වගේ පේන මානයට අහු නොවෙන ඕන දෙයක් වෙන්න පුලුවන්.
    Colour grading එක කියවා ගත්තම දරුවා අදටත් ජීවත් වෙනවා කියන්න පුලුවන්(මෙතනට පස්සේ එන්නම්).එළිපාපිස්ස වැලි පිරිලා, මැටි පඩිය අග කඩතොලු වීලා තියෙන්නේ දරුවා ඉන්නේ උග්‍ර අසනීපයෙන් වෙන්න ඕන. වෙනදා වගේ සෙල්ලම් කරන්න බෑ.
    පිණිබිදු හොයාගෙන ගිහින් හිරවෙන බත්කූරා යුකී වෙන්න ඕන. අන්තිමට පෙන්වන Psychedelic Frames ටික Soul Shifting වගේ කියලත් හිතෙනවා. තාත්තගේ Soul එක යුකීට Shift වෙනවා. මුලින්ම කියන 'මූනවල් අලුත් වුනාට මතක මැරෙන්නේ නෑ' කතාවෙන් කියන්නේ Soul Shifting වෙන්න පුලුවන්.
    Colour grading :
    මේ වැඩේනම් ඇඩෙන්න දීලා තියෙනවා. Full story එක Time Zone 2ක දුවනවා. වර්තමානය සහ අතීතය විදියට. වර්තමානයට හරි Dull tones දීලා කියන්නේ තාත්තගේ තියෙන මැරුන හැගීම්, වේදනාව වෙන්න ඕන. ඒක දැනෙනවා. කර්කශ දුකක්, ගොම්මන් ගතියක් දැනෙනවා ඒ Frames ටික දකිනකොට. වැඩේ වර්තමානයෙන් පටන් අරන් අතීතෙට යන ගමන් Colour Change වෙන One take එකට ඇග හිරි වැටෙනවා.ගොඩක් මිනිස්සු අතීතය Black & white කරත්දී මේ වැඩේදී වෙන්නේ වෙනස් දෙයක්. මැරුණ Frames ටික Vibrant වෙන්න ගන්නවා. මාර live පැත්තකට convert වෙනවා. ඒ තාත්ත ජීවත් වුන සතුටුම කාලය නිසා වෙන්න ඕන. ඔහොම යත්දී තමයි ආතල්ම Grade එක set වෙන්නේ. දරුවා වැටෙන තැන. Vibrant තිබිලා, වැටෙන මොහොතේ පෙන්වන Closeup එකේ ආයෙම ගේනවා අර Dull colour grade එක. ඒ කියන්නේ වර්තමානය. අතීතය ඇතුලෙම වර්තමානයේ කෑල්ලක් පෙන්වනවා. මුලු සිද්ධියම අතීතය එකතු කරන්නේ නෑ. ඒ කියන්නේ දරුවා ජීවත් වෙනවා.ඒක Smart වැඩක්.
    Soul shift වුනාට පස්සේ දුව 'අප්පච්චී' කියන සද්දෙට යුකී React කරන්නේ තාත්තා වගේ සංවේදී වෙලා. Soul shift වුනාම යනවා වෙනම Blue Grade එකකට. නිකන් X-ray එකක feel එකත් එක්ක. Psychadelic play එක, X-ray effect එක දීලා තියෙන්නේ වෙන Soul එකකට Control එක ආව බව අගවන්න වෙන්න ඕන. Glitch වලින් පෙන්වන්නේ ටික ටික Control එක ගන්න Part එක වෙන්න ඕන. ඒවා ලස්සන වැඩ.
    ඔක්කොම අස්සේ Political hints එහෙමත් නැතුවත් නෙවෙයි. ඒවා මේ දෙන්නගේ වැඩ වල Miss වෙන්න විදියක්නම් නෑ. මහ වැස්සකට පස්සේ එන මේ පොඩි පොඩි මෙරුවෝ කියන්නේ ඇගට පතට නොදැනෙන්න දේශපාලුවෝ දෙන පොඩි පොඩි
    බුල්ටෝ කෑලි වෙන්න ඕන. තාත්තා නිකන් ඔච්චමට "දොස්තර මහත්තයා දැන්ද එන්නේ' ඇහුවම යුකීට කින්ඩි හිනාවක් යන්නේ ඒක වෙන්න ඕන. 'කියන්න කෙනෙක් නෑ, කීවට අහන්න කෙනෙක් නෑ.' ‘මගේ දරුවත්'(තව දරුවෝ ගොඩක්) වගේ ඒවා හරි බරයි. ඒ සමස්තයකගේ බර ලස්සනට ඒ වචන 2,3 ඇතුලේ ගැබ් කරලා තියෙනවා. metaphoric language, Semiotics එහෙම සරුවට තිබුණා වැඩේ ඇතුලේ. 'මං ටිකක් ප්‍රමාද වුනා මහත්තයෝ' මේ වචන හරි ලස්සනයි.
    කාලේකට පස්සේ මෙහෙම වැඩක් දැක්කේ. Art පිරුණ Indie film එකක් බැලුවා වගෙයි. වචන දෙකක් නෑ වැඩේ Next level රවී, යුකී.

    • @Oskaxpubg666
      @Oskaxpubg666 Місяць тому +3

      Thank you ❤

    • @hashini_yapa
      @hashini_yapa Місяць тому +5

      Thank you so much for your explanation ❤ lassanata pahadili kara oya ❤

    • @Lakshan_Udayanga
      @Lakshan_Udayanga Місяць тому +11

      මෙන්න යකෝ හරිම explanation එක❤️🙏

    • @shehannimsara1318
      @shehannimsara1318 Місяць тому +3

      Thanks

    • @kaushiiffernandoo997
      @kaushiiffernandoo997 Місяць тому +3

      මේ ටික බලන්න මං ආයෙත් වීඩීයෝ එක බැලුවා... thankyou fo explanation ❤

  • @WwkwWwkw
    @WwkwWwkw Місяць тому +3

    හදවතට දැනෙන්න ගැයීම කලාවක් නම්, Yuki එහි පිකාසෝ ය. #Incredible...🎵🩶🎶🍁

  • @pavithraswarnamali1025
    @pavithraswarnamali1025 Місяць тому +25

    ඒ අම්මා ජීවිතේ ඉතිරි කාලෙ තමන්ගෙ මහත්තයාගෙයි, දරුවගෙයි මතක එක්ක කොහොම ජීවත් වෙන්න ඇත්ද 🥺