සංසාරේ අපි | බුදුන් මග වැඩි මෙහෙණිවරු | Sansare Api

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 58

  • @mangalikawanasundara5920
    @mangalikawanasundara5920 10 годин тому +4

    සතිමා මෙහෙණින් වහන්සේලා ඇතුළු සියලුම දෙනා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා කියල අධිෂ්ඨානය කරමු

  • @threesisters870
    @threesisters870 2 дні тому +10

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස..🌷
    නිවන මේ භවයේ දි ම ඔබ වහන්සෙලට අවබෝධ වේවා!
    දවසක මගෙත් නවාතැන ❤

  • @mihirangarukshan4692
    @mihirangarukshan4692 10 годин тому +1

    ,ඔබවහන්සේලාට බෝහො ඉක්මනින් මාර්ගඵල පුර්ණය කරගැනිමට හැකි වේවායි අධිෂ්ඨාන කරමි!!! 🙏🙏🙏

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 10 годин тому

    තෙරැවන්ගෙ ආශිර්වාදය ,ආරක්ෂා ව මෙහෙනින් වහන්සේලා ට ලැබෙවා ,

  • @ලංසා-ඞ6ව
    @ලංසා-ඞ6ව 2 дні тому +4

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේලාට...

  • @lucifarmorningstar4532
    @lucifarmorningstar4532 2 дні тому +3

    බුදුදහම පිලිපදින ඕනම කෙනෙක් ගැහැනු පිරිමි වේවා, බුදුන් දෙසූ මග යන්න ඕනකමක් තියේ නම් යා යුතු මග තිබිය යුතුයි,,
    🙏 සසර මග කෙටි වේව..

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 10 годин тому

    💐💐💐🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @ayeshagamage3902
    @ayeshagamage3902 2 дні тому +10

    නිවන් සුවය සාක්ෂාත් කරගැනීමේදී හුදෙක් ස්ත්‍රී පුරුෂත්‍වය යන බාහිර සාදක බලනොපායි... අප විසින් ගෞරව දැක්විය යුත්තේ පැවිදි උතුමන්ගේ,, ස්ත්‍රී පුරුෂත්වයට නොව ආධ්‍යාත්මික වශයෙන් පුරුදු පුහුණු කරනා සිල්වත් භාවයට, ගුණවත් භාවයටයි,,

    • @ccsl6890
      @ccsl6890 2 дні тому +1

      Pau me ara meewana palanege kattiya.😢😢😢
      Adarmayane loketa denne saha megolla yanneth????

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 День тому +1

      සීලය යනු සතර සං වර සීලය යයි. බුද්ධ දේසනාව එයයි. වෙන බහු බූත නොවේ.

    • @lahirunandasena3083
      @lahirunandasena3083 День тому

      ඔව්❤

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 День тому

      @@ayeshagamage3902 ඔය කියන දේවල් රඟපාන්න පුලුවන්. මේ කතාව මේ සිල් මාතාවන් ගැන පමණ ක් නොවේ. සියලුම කහ පාට රෙදි පොරවා ගත් අයට ය.

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 День тому

      @@ccsl6890 නියම හෙළයින්ට පමණයි සිරිසද්ධර්මය හදුනාගැනීමට පුලුවන්. ඉන්දියානු ජාන ප්‍රමුඛ වූ අයට ඕක කොච්චර කිව්වත් තේරුම්ගත නොහැකිය. '' පතිරූපදේසවාසොච පුබ්බේතකතපුඤ්ඤතා. '' මේ මඟුල් සක්වලින් නිදහස් වීමට අවශ්‍ය එක් කාරණාවක් බව මහා මංගල සූත්‍රයේ සඳහන් වෙනවනේ.

  • @HarrandSumi
    @HarrandSumi 18 годин тому +1

    තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස! 🙏
    මේ යශෝදරා මෙහෙණි ආරාමයේ මෙහෙනින් වහන්සේලා.. (ගාල්ල, තිත්තගල්ල) මම සුදර්ශනා මෙහෙනින් වහන්සේ, අනුපමා මෙහෙනින් වහන්සේ සහ සුභද්‍රා මහෙණින් වහන්සේ හමුවෙලා කතා කරලා තියෙනවා.. භාවනා වැඩ සටහන් වලට සහභාගි වෙලා තියෙනවා.. මේ මෙහෙනින් වහන්සේලා සත්‍ය ගවේෂණයට වගේම පරාර්තචර්‍යාව වෙනුවෙන් උන් වහන්සේලා ගේ මුලු ජීවිතය ම කැප කරලා තියෙන්නේ.. තිත්තගල්ල මෙත්බෝසෙවන කියන්නේ සමාජ සේවාවන් රැසක් සිදු කරන ස්තානයක්..
    මේ කිසිම දෙයක් ගැන හරි හැටි දැනීමක් නැතිව, තමන්ගෙ මනසට එන ඕන දෙයක් අකුරු කරලා නිකරුණේ පවු පුරවගන්න මිනිස්සුන්ට කියන්න තියෙන්නේ.. ඇත්තටම ඔයාලා හරි පව්.. 💔

    • @manjulathilakumara
      @manjulathilakumara 6 годин тому

      මෙහෙණි අරණ කියන වචනය ම වැරදියි හේතුව විණයානුකූල ව දැන් මෙහෙණින් වහන්සේ ලා නෑ..
      නැවත මෙහෙණින් වහන්සේ ලා ඇති වන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයේ..

  • @nishanikalupahana3792
    @nishanikalupahana3792 День тому

    ජීවිතය කියන්නේ දරාගත යුතු දෙයක් නෙමෙයි .අවබෝධ කටයුතු දෙයක් .

  • @eshanthasamarasekera5007
    @eshanthasamarasekera5007 2 хвилини тому

    saadu !!! saadu !!! saadu !!!

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 2 дні тому +1

    🙏🙏🙏

  • @isurumotors5752
    @isurumotors5752 22 години тому +4

    ගෞරවනීය මීවනපලානේ සිරිධම්මාලන්කාර අරියතුන් වහන්සේ දේශනා කරන ,සිරි සද්ධර්මය ශ්‍රවණය කිරීමේ අවස්ථාව මේ වනවිට බොහෝ පිරිසකට (ලක්ෂ තිස්පහකට වැඩිය)උදා වී ඇත. පිංවතුන්ලා ට සෑම මාසයකට වරක් පැවැත්වෙන සතියක භාවනා වැඩසටහනකට සහභාගි විය හැක. ආහාර නවාතැන් පොත් පත් සියඵ දේ නොමිලයේ සැපයේ.ඔබට ඇති ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු සැපයේ. මේ අතිශය වූ දුර්ලභ අවස්ථාව මග නොහරින්න. අනෙකුත් ස්වාමීන් වහන්සේලාගේ ද ධර්මය අසා ගරු කරන්න. අරිය උපවාද කර ගැනීමෙන් සතර අපා ගත වෙයි. සියඵ සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු. සාදු. සාදු.

    • @manjulathilakumara
      @manjulathilakumara 6 годин тому

      මී සෙට් එකට (මීවනපලානේ හොර නඩයට)
      අහු වෙන්ඩ එපා..
      අපායේ දොරටු ඇර ගන්ඩ එපා...
      මී සෙට් එක මහාමායා දේවිය ට පවා නිග්‍රහ කරනවා එතුමිය ලිංග විපර්යාසයකට ලක් වී පිරිමියෙක් වෙලා හැංඟිලා හිටියා කියලා..
      මී සෙට් එකේ උන්ට පිස්සු

  • @hiddenstar9635
    @hiddenstar9635 9 годин тому

    Me arame koheda??

  • @manjulathilakumara
    @manjulathilakumara День тому +1

    මීවනපලානේ කියන්නේ මහාමායා දේවිය ලිංග විපර්යාසයක ට ලක්වී පිරිමියෙක් වුනා කියලා..
    මේ අය ඒ මීවනපලානේ ගේ ගෝලයෝ වගේ...

    • @mangalikawanasundara5920
      @mangalikawanasundara5920 10 годин тому

      දහම ගන්න ඔබට ශක්තිය ලැබේවා කියලා අධිෂ්ඨානය කරමු

    • @manjulathilakumara
      @manjulathilakumara 7 годин тому

      @mangalikawanasundara5920 ඔබ මී සෙට් එකෙන් (මීවනපලානේ කණ්ඩායමෙන්) ගැලවේවා

    • @mangalikawanasundara5920
      @mangalikawanasundara5920 6 годин тому

      Avit එකම එක desnwak අහන්න

    • @mangalikawanasundara5920
      @mangalikawanasundara5920 6 годин тому

      ගැලවෙන්නට මේ සසර දුකින්

  • @lakminijayakodi8078
    @lakminijayakodi8078 2 дні тому +1

    Apa sama sambudu rajanan wahansa sudusu kalaya awahamai mahani sasana istspita kala katawah ona vadiyata nama ma rata mahani sasna tama hoda nahta unwahansala ma ratata gana jayasiri maha bodiya danta datun wahansa oya waga dawal ada wadinnah mahani sasna nisa tamai .

  • @ramani4012
    @ramani4012 День тому

    මම නම් මෙහි දකින වැරදි පැත්ත තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කල සිරි සද්ධර්මය ලොවට රැගෙන යන්න මේ දසසිල් මාතාවන්ගේ පෞද්ගලික ජීවිත කතා වලින් කිසිම වැඩක් නොමැති බවත් බව උදුරා දමන්නට මිනිස්සුන්ට දෙන්න පුලුවන් දෙයක් උන් වහන්සේලාගෙන් ඇසිය යුතු බවත්ය. මේ ප්‍රශ්න විචාරාත්මක.වැඩ සටහනකි.
    පරම නිබ්බාන ධර්ම අර්ථයට ගැලපෙන වැඩ සටහන් ඉදිරිපත් කිරීමත් මෙවැනි හර සුන් වැඩ සටහන් ඉදිරිපත් කිරීම තුලින් ආයතනයටද කැලලකි.මාධ්‍ය සංදර්ශන අවශ්‍යම නොවේ .🙏

  • @anomamaggonage761
    @anomamaggonage761 2 дні тому +1

    බුදුන් වහන්සේ කාන්තාවන් පැවිදි වීමට අකමතිවුනෙම කාන්තාව සසුනට ඇතුල්වීම නිසා තම ශාසනය අඩකින් ආයුෂ පිරිහෙන බව දන්නා නිසා. තමන්ගේ සුළු මවටවත් මුලින්ම සසුනට ඇතුල්වීමට අවසර දුන්නේ නෑ. පසුව ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ බලකිරීමට අවසානයේ අවසර දුන්නේ නිකන්ම නෙමෙයි. ගුරුධර්ම 8 ක් සහිතව. ඒවාට කැමැතිවන්නේ නම් පමණක් බව වදාරමින්. එසේ පටන් ගත් මෙහෙණි සස්න ලංකාවේ අද දක්නට නෑ. දැන් ඉන්නේ සිල් මෑණිවරු. ඔවුන් පුරණය කරන්නේ දසසිල්. උපසම්පදා ශීලයට ඔවුන්ට අවසර නෑ. ඔවුන් උපසම්පදා කරවීමට භික්ෂුන්ට අවසර නෑ. උපසම්පදා ලැබු මෙහෙණින් වහන්සේ කෙනෙක්ද අද අප රට තුල නෑ. ඒ නිසා පළමුව මධ්‍යයේ අය ඒ ගැන නිවැරදි අවබෝධයක් තිබිය යුතුයි. ඒ නිසා ඔවුන්ට පුජ්‍ය කියල ඇමතීම නුසුදුසුයි. උපසම්පදා සහිත භික්ෂුන් සමග සමතැන තබන්නට නොහැකියි. හරිනම් භික්ෂු චීවරයද දැරීම නුසුදුසුයි. එය බුදුන් වහන්සේට කරන අගෞරවයක්. දැන් බලන්න මේ දසසිල් මෑණිවරු නච්ච ගීත විසුක දස්සන මාල ඝන්ධ විලේපන ධාරණ මන්ඩන විභුසනට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියල සිල් සමාදන් වෙලා මෙතනම ඉන්න සමහර සිල් මෑණිවරු ඇහි බැම සකස් කරලා තියන හැටි. ඒ අහවල් දේකටද. ඒක ගැලපෙනවද සිල් මෑණිවරුන්ට. මොකක්ද එතකොට එයාලගෙන් සමාජයට බුදුදහම පිළිබඳව දෙන පණිවිඩය. සිල් රකිනවා කියන්නේ රඟපෑමක් පමණක් කියලද. රඟපාන නිලියන් අනුකරණය කිරීමක්නේ මේ. මෙයාලට තව පුජ්‍ය කියලත් ආමන්ත්‍රණය කරන්නේ මොකවත්ම නොදන්නා නිවේදිකාවෝ. මේවා පුරුදු කලේ බුදුදහම විකෘති කරන අසපු කතෝලික සාදු. ඒවා දැන් රටේම වසංගතයක් වෙලා. අනේ අනිච්චන් බුදුදහමට කරන විනාශයක්. මේවා කරලා යන්නේ අපායේ. මේවා ඔක්කොම බුදුදහම විකෘති කරන්න හිතන් කරන වැඩ. බුදුදහම ව්‍යාප්ත කරන්න රඟපාලා හරියන්නේ නැහැ. ඒක හදවතින්ම එන්න ඕන දෙයක්. මේ අයගේ හිත ගැන හිතාගන්න පුළුවන්. ඇයි සිල් මෑණිවරුණේ මේ විලම්බීත කරලා බුදුදහමට අපහස කරන්නේ. මොකක්ද බලාපොරොත්තුව. මොන දහන් ගැට ගැහුවත් බුදුදහම විනාශ කරන්න නම් බැහැ ඒක දැනගත්තොත් හොඳයි. නාලිකාවල නිවේදක අයත් පරිස්සමින්. අපායට පාර කපා ගන්න හෙම එපා.

    • @ලංසා-ඞ6ව
      @ලංසා-ඞ6ව 2 дні тому +3

      අනෝමා අක්කා ඔයා ඇස් වලින් දකින දේට වඩා දකින්නට දෙයක් ලෝකෙ තියෙනවා..ඔයාට පුළුවන් ඔිනනමි යශෝධරා මෙහෙණි අාරාමයට ඇවිත් බලන්න දකින්න එතන මොකද වෙන්නෙ කිියලා..මෙතන ලාබ ප්‍රයෝජන බලා⁣පොරොත්තුවෙන් කිසිම කෙනෙක් නෑ..තව කෙනෙක්ට චොදනා කරන්න කලින් ඔයාට ප්‍රායෝගිකව මෙහෙම ජීවත් වෙන්න පුළුවන් ද කියලා බලන්න..බෞද්ධ කියන්නෙ හෑලි ලියන එකට නෙවෙි.ඒක දැන් ගොඩක් පරණ system එකක්..තෙරුවන් සරණයි..

    • @manjulathilakumara
      @manjulathilakumara 2 дні тому +1

      ඔබ කියන් කාරණය ඉතා නිවැරැදි යි..
      දැන් භික්ෂුණී සාසනයක් නෑ..
      දැන් ඉන්නේ දස සිල් මෑණී වරුන් විතරයි..
      නැවත භික්ෂුණී සාසනයක් එන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයේ..
      බුරුමයේ හිටපු ඒ සුප්‍රසිද්ධ මෑණියෝ සිල්මාතා කායිව්..
      කායිව් භික්ෂුණී ලෙස හැඳින්වූයේ නෑ.....
      බුරුමයේ ඒ ශීලය හරියට ම ක්‍රියාත්මක යි..
      නා උයනේ අරියධම්ම හිමිගේ දේශනා වල පැහැදිලි වම උන් වහන්සේ දේශනා කරනවා භික්ෂුණී සාසනය ඉවරයි කියලා...
      එනිසා භික්ෂුණී වේශයෙන් ඉන්නා මේ මෑණී වරු නැති ගුණ ඇඟවීමක් කරන්නේ..
      නැති ගුණ ඇඟවීම ම පාරාජිකාවක්...

    • @SaralaAbidahama
      @SaralaAbidahama 2 дні тому +1

      මී සෙට් එක ඉන්ටවිව් කරන්නේ ඇයි ,මවන් චැනල් බලන්නෙවත් නෑ මින් පස්සේ

    • @sirilee139
      @sirilee139 День тому

      ​@@manjulathilakumara ඔබතුමිය සිල්මාතා කායිව් පොත කියවපු බව
      දැකීම සතුටක් . ඒම පොතේ පිටු අංක
      77 විතර ඉදලා ඉදිරියට තියන භුත
      ආත්ම වෙසෙන අයුරැ තල ගැන කියවෙන පරිච්ඡේදය න් හා සැසදෙන 4 අපායේ විස්තර ඇති මෙම පහතින් ඇති වීඩියෝව ත් අහන්න. ගත යුත්තක් නැත්නම් අත හරින්න.
      ua-cam.com/video/ryqasKaOQh8/v-deo.htmlsi=K7E6nZCJwmxzUSy2
      ඔබතුමියට යහපතක්ම වේවා.
      සුවපත් වේවා .

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 День тому +1

      @@anomamaggonage761 පිරිමි මහණුන් නියම ද. 🤣🤣🤣

  • @sadeeshroshana3191
    @sadeeshroshana3191 2 дні тому

    මේ බුදුමග වැඩි අය නෙවෙයි මිිවනයාගේ මග වැඩි අය. මෙයාලා තනිකරම වැරදි මාර්ගයක යන්නේ. මේ කට්ටිය බුදුරජාණන් වහන්සේට කිසිම ගරැත්වයක් නැහැ බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය රැපයක් තියෙන සාමාන්‍ය කෙනෙක් කියලා තමයි කියන්නේ. මෙයාලා මිිවනපලානේට බුදුපියානන්වහන්සේ කියලා කියන්නේ. සමස්ත බුද්ද චරිතය විකුුර්තිකරලා තනිකර මිසදුටු දේවල් දේශනා කරන්නේ එකට එකක් වැරදියි. මෙයාලගෙම කට්ටිය දාගෙන channel හදාගෙන එයලම විිඩියෝ දානවා.මම කියනවට පිලිගන්ඩ එපා හොයලා බලන්ඩ.

  • @dakshikaperera3368
    @dakshikaperera3368 2 дні тому +2

    🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 7 годин тому

    🙏🙏🙏