හොඳ බුද්ධිමත් මිනිහෙක් වෙන්නේ කොහොමද? (How to Accumulate Wisdom?)

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @dr.lochanafernando8615
    @dr.lochanafernando8615 2 роки тому +280

    ⁣මම වෛද්‍යවරයෙක්.හමුදා නිළධාරියෙක්.ඔබතුමාගේ දේශන අහන්නේ වශී වෙලා.ස්තූතියි මේ කරන ජාතික මෙහෙවරට.

  • @මනෝද්බණ්ඩාර
    @මනෝද්බණ්ඩාර 2 роки тому +111

    සතෙකුට රුදුරු විය හැකියි..නමුත් කුරිරු විය නොහැකියි..නමුත් මිනිසාට ඒ දෙකම විය හැකියි....❤️ ලස්සන කතාව මහත්මයා....

  • @ashenisuranga2915
    @ashenisuranga2915 2 роки тому +78

    වීඩියෝ එක like කරන්න කියන් නැති එක රුචිර විජේසේනගෙ විදිය. ඒ උනත් තමන් ලද දැනුමට උපහාර කිරීම අපේ යුතුකම 😌😌❤

  • @100200465
    @100200465 2 роки тому +16

    යූටියුබ් එකේ වැදගත් දෙයක් කතාකරන අය ඉන්නෙ සියයට 10ක් විතර කියලා මට හිතෙනවා. ඔබ තුමා ඒ සියයට දහයේ ඉදිරියෙන් ඉන්නවා.

  • @rasith1982
    @rasith1982 2 роки тому +365

    ඔබ තුමාගෙ පැහැදිලි කිරීම නිසා .. මා ගැන මා විසින් ගොඩ නගාගෙන තිබූ අවතක්සේරුව බිදහෙලීමට හැකි වීම ගැන ගොඩක් සතුටුයි සර්.... බුදු සරනයි .....

  • @expert-zeroone
    @expert-zeroone 2 роки тому +264

    Reflective Dimension- short&sweet
    තමා උපමා කොට අනුන් ගැන සිතන්න.
    - බුදුරජාණන් වහන්සේ

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +60

      හොඳ අදහසක්

    • @yohanj25
      @yohanj25 2 роки тому +21

      “Do unto others as you would have them do unto you,” similar one (Golden Rule) can be found in the teachings of Jesus Christ

    • @TD-ro5gy
      @TD-ro5gy 2 роки тому +46

      තමාට ප්‍රේම කරන්නාසේ අනුන්ටත් ප්‍රේම කරන්න - ජේසුස් වහන්සේ

    • @imeshathalerathna7034
      @imeshathalerathna7034 2 роки тому +3

      @@TD-ro5gy 🖤❤️

    • @nimsarapara
      @nimsarapara 2 роки тому +12

      අත්තුපනායික දර්න පර්‍යා

  • @vishwakamma9142
    @vishwakamma9142 2 роки тому +6

    බුද්දිමතා කියන්නේ දැනුමෙන් පොහොසත් ඕනැම කාරණයකට කුඩා කාලයකදී හරිම දේ ක්‍රියාවට නගන ඇත්ත කියන කෙනා.

  • @Kai-gom88
    @Kai-gom88 2 роки тому +3

    ඔබතුමා බුද්ධිමත් පුද්ගලයෙකු මෙසේ විය යුතුයි කියද්දි, හැම තැනකදිම මට මතක් වුනේ බුදුරජාණන් වහන්සේ.
    ඒ හැම ලක්ෂණයක්ම උන්වහන්සේ සතුයි.
    ඊටත් එහා ගිය අප්‍රමාණ ප්‍රඥාවක් උන්වහන්සේට පරිභාහිර ලෝකය සහ අභ්‍යන්තරය පිළිබදව පරිපූර්ණ අවබෝධයක් සහිත එකම පුද්ගලයා උන්වහන්සේ පමණයි.🙏🙏🙏

  • @nadunpabasara2911
    @nadunpabasara2911 2 роки тому +121

    ඔබතුමා වගේ බුද්ධිමතුන් මේ සමාජයටම සම්පතක්. ඔබතුමාට තෙරුවන් සරණයි 🙏

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +29

      :-), හ්ම් මම එහෙම බුද්ධිමත් නම් නැහැ හැබැයි

    • @nadunpabasara2911
      @nadunpabasara2911 2 роки тому +15

      හැබැයි අපි වගේ ළමයින්ට ඔබතුමාගෙ මේ සේවය ගොඩක් වටිනවා 😊

    • @nidukadinujaya5479
      @nidukadinujaya5479 2 роки тому +1

      @@nadunpabasara2911 ❤️

    • @shehanimalshika4313
      @shehanimalshika4313 2 роки тому +1

      @@nadunpabasara2911 ඒක ඇත්ත.😘

    • @SooryaJayarathne
      @SooryaJayarathne Місяць тому

      සර් ප්‍රඥාවන්තයි❤​@@ScienceWithRuchira

  • @bashikarunarathne6270
    @bashikarunarathne6270 Рік тому +4

    අද හැමෝම රට එපා කියලා දාලා යද්දී ඔබ වගේ උගත් බුද්ධිමත් අය මේ රටේ තමත් නැවතිලා කරන මේ සමාජ මෙහෙවරට අනන්තවාරයක් ස්තුතිවන්ත වෙන්වා..(මිල කල නොහැකි පරාර්ථකාමි සේවයක් විදියටයි මා මෙය දකින්නේ..)
    සමාජීයය වශයෙන් ඔබතුමා කරන්නට බලාපොරොත්තු වන ඒ ආකල්පමීය වෙනස ඒ අයුරින්ම ඉටු කිරීමට ඔබට ශක්තිය ධෙර්යය ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...

  • @SAa96573
    @SAa96573 2 роки тому +118

    ඔබ ඉතාම අවංකව යහපත් මනුෂ්‍යයෙක් වගේ පේනවා. . අපි වගේ දරැවන්ට ඔබ වගේ යහපත් ගුරුවරුන්ගේ ඇසුර බොහොම වටිනව. ස්තූතියි ඔබට ගුරුතුමනි.

    • @thalathuoyasarath3199
      @thalathuoyasarath3199 Рік тому

      ඉතාම අගනා කරුණු රැසක්, බෙහෙවින්ම ස්තුතියි ..!

  • @patisambhida
    @patisambhida 2 роки тому +348

    Sir මම ස්වාමීන් වහන්සේ නමක්,
    ඔබගේ දේශනා හැම විවේක වෙලාවේම කිහිපසැරයක් අහනවා,
    ගොඩක් පොත් කියවලා ලබන්න පුළුවන් දැනුමක් ඔබතුමාගේ එක දේශනයකින් ලැබෙනවා,
    ඔබ හොද සමාජ මගපෙන්වන්නෙක්
    මේ වීඩියෝව කෙනෙකුට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් නියම වීඩියොවක්,
    එක දෙයක් කියන්න ඕන මේ වීඩියෝවේ බුද්ධිය ලබා ගන්නා මාර්ගය ලෙස කියන කරණීය මෙත්ත සූත්‍රයෙහි ඔය මුලින් කියන කාරණා 14 බුදුන් වහන්සේ බුද්ධිය දියුණු කිරීමේ මාර්ගයේ මුලින් අනුගමනය කරන මුල් කොටසක් පමණයි,
    එනම් බුදු දහමේ බුද්ධිය ලබා ගැනීමේ මාර්ගය නම් ආර්ර්‍ය අෂ්ඨාංගික මාර්ගයයි
    ඒක මූලික අදියර තුනකට බෙදනවා
    එනම් සීලය සමාධිය පඤ්ඤාව
    මේ තුනට ආර්ය්‍ය අෂ්ඨාංග මාර්ගය කොටස් ලෙස බෙදෙනවා,
    ඒකේ සීලයට තමයි ඔබතුමා කීව කරණීය කරුණු 14 අයත් වෙන්නේ,
    තව සමාධි කොටසට සිත එකග කරන කමටහන් 40 අයත් වෙනවා තමාගේ නීවරන යටපත් වෙනකම් මේ සමාධිය වඩන්න ඕන,( කරණීය මෙත්ත සූත්‍රයේ මෛත්‍රී කමටහන දෙනවා සමාධිය දියුණු කරන්න ‘සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛී සත්තා’ සිට කියන කොටස සමාධි භාවනාව)
    ඉන්පස්සේ පඤ්ඤා කොටසට ලෝකයේ යථා ස්භාවය දකින විදර්ශනා භාවනාව කරන්න ඕන
    ඒකට ලොකයෙහි ඇති සියලු දේ බෙදා බලන්න ඕන(නාම, රූප, ස්කන්ද, ආයතන, ධාතු ලෙස) ඉන්පසු ඒවායේ හේතු ඵල ලෙස දැක ඒවායේ යථා ස්භාවයවන අනිත්‍ය දුක්ඛ අනාත්මය යථා ස්භාවයෙන් තත් ආකාරයෙන් වටහාගන්න ඕන,
    ඒක තමයි සම්මා දිට්ඨිය එනම් පඤ්ඤාව
    මේක අවබෝධයෙන් දකින දන්නා කෙනා තුල ලෝකය කෙරෙහි කිසිවක් කෙරෙහි ඇලීමක් ගැටීමක් මුලාවක් සිදුවෙන්නේ නැහැ, ( කරණීය මෙත්ත සූත්‍රයේ ‘දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේධං නහි ජාතු ගබ්භ සෙය්‍යං පුනරේති’මේ කොටස පඤ්ඤාව දියුණු කිරීම ගැන )
    ඒක තමයි ඉහලම බුද්ධිමත් භාවයට පත්වීම

  • @ngamage3836
    @ngamage3836 2 роки тому +24

    මේ වගේ දේශනා..කොහෙන්වත් අහන්න ලැබුනේ නෑ සර්..thank you sir..

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +3

      බොහොම ස්තුත්යි

    • @mycraft2917
      @mycraft2917 2 роки тому +3

      රාමුව , විඩියො කතා ,techtrack ඔයා මේව බලන්නැද්ද😂

    • @mycraft2917
      @mycraft2917 2 роки тому

      @@ScienceWithRuchira සර් ඔයාගෙ ගොඩම් science විඩියො මම බැලුවා හොදටම් තේරෙනවා

    • @dumindu2488
      @dumindu2488 2 роки тому +2

      @@mycraft2917 රාමුව විකාරයක් .

    • @ngamage3836
      @ngamage3836 2 роки тому

      @@mycraft2917 නෑ link ekak attach karannako

  • @sunilheenpella7982
    @sunilheenpella7982 День тому

    ඔබතුමාට බොහොම ස්තුතියි ජීවිත සියයට සියයක් නිවැරදි මාර්ගයට ගැනීමට ලැබෙන බුද්ධිමත් මගපෙන්වීම මිල කළ නොහැකියි දැන් තමයි අපිට තේරෙන්නේ අපි දැනං හිටියේ මොනවද කියල දේශන ා අපිට තේරෙන මට්ටමක නෑ. නමුත් නැවත නැවත අහනකොට හොඳින් තේරුම් යනවා ඔබතුමාට දීර්ඝායුෂ වේවා

  • @dharshanapriyantha4251
    @dharshanapriyantha4251 2 роки тому +26

    මෙවැනි වටිනා හරවත් දේ මුදලකින් තොරව ජනතාවට සමිප කරන ඔබතුමාගේ සියලුම සිතුමි පැතුම් සාර්ථකත්වයට පත්වෙිවා. 🙏😘

  • @vishakamanel9743
    @vishakamanel9743 2 роки тому +112

    ඔබතුමාට තෙරුවන් සරණයි. අද දේශනය ගොඩක් වැදගත්. සරලයි, ගැඹුරු දෙයක් සිත් ගන්න විදියට කීම වටිනවා.

  • @chamarakodithuwakku8991
    @chamarakodithuwakku8991 2 роки тому +46

    සර් ඉතාමත් වටින දේශනයක් ගොඩක් අය හිතන් ඉන්නේ බුද්ධිමත් බව කියන්නේ ඉහලට ඉගෙන ගත් පුත්ගලයන්ට ලැබෙන දෙයක් ලෙසට. ඔබ හොදින් එය පැහැදිලි කරනවා..

  • @chama6603
    @chama6603 2 роки тому +208

    ඉතාම වැදගත් මාතෘකාවක් ඔබතුමා සාකච්චා කලේ, මෙවැනි කරුනු ගැන අවබෝධ කරගැනීම මානව සමාජයට වඩා වැදගත් හෙටදවසක් ඇතිකරනු ඇතිබවට විශ්වාසයි. 💐

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +28

      බොහොම ස්තුත්යි . මමත් එහෙම හිතනවා

  • @chandima8152
    @chandima8152 2 роки тому +104

    ජීවිත දර්ශනයක් ආගමක් බවට පත්වී ඇතිනිසා, බොහෝ දෙනෙකුට බුදු දහමින් ප්‍රයෝජන ගැනීමට ඇති ඉඩ ඇහිරී ඇත. මෙවන් පැහැදිලි කිරීම් එම අඩුව පිරවීමට යම් පමණක හෝ දායකත්වයක් සැපඊම වාසනාවකි.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +22

      මමත් එකඟයි මේ කතාව සමග

    • @bjs1984
      @bjs1984 2 роки тому +1

    • @pamudijinara45
      @pamudijinara45 2 роки тому

      100% agreed. A great universal teaching has become a religion. We have caught it from the tail not from the head.

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 роки тому +16

    මෙත්මල් පිබිදී සුවද විහිදෙන වෙසක් මංගල්‍යයක් වේවා ඔබතුමාට 🙏🙏🙏🙏🙏

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 2 роки тому

      මෙත්මල්.😃

    • @ashengunathilake8663
      @ashengunathilake8663 2 роки тому

      @@මනෝද්බණ්ඩාර මෙත්මල් පරවෙලා මුහුද මැද තනිවෙලා ඉන්න අයත් ඉන්නව තමයි මචං

  • @gbawijesekara1702
    @gbawijesekara1702 2 роки тому +7

    ඔබ වැනි අය රටට අවශ්‍යයි.ඒත් මෙතෙක්
    ඒ අයට වටිනාකමක් ලැබුණෙ නෑ කියලා
    මගේ හිත,ඒත් කොරොනා වසංගතයෙන්
    පසු කාලීනව වෙනසක් සිදු වෙමින් පවතින
    බව වැටහේ.

  • @ranjithjayarathna1403
    @ranjithjayarathna1403 Рік тому +1

    කිසිදු පුයෝජනයක් නැති අතිත ආශ්චර්ය තලුමරන බණ සහ හිතන්න යමක් ඉතිරිකල ඔබ තුමාගේ බෙෘද්ධ දර්ශනයේ හෙලිදරවිව නමි අපුරැයි. ස්තුතියි.

  • @saraedirisinghe7150
    @saraedirisinghe7150 2 роки тому +82

    හරිම වැදගත් සර්...මගේ ජිවිතයේ අහන්න ලැබුණු වටිනාම අදහස් ගොන්නක්....තමන් ගැන වගේම හැම දෙයකට ම...බෙහෙවින් ම ස්තූතියි....🙏

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +21

      බොහොම ස්තුත්යි, දැනුම බෙදාදීම සතුටක් මට

    • @thusharasanjeewa3298
      @thusharasanjeewa3298 2 роки тому +6

      බොහෝ දෙනා සමාජයට එක් කරන්නේ වැරදි සහගත දේවල් නමුත් ඔබතුමා සමාජය නිවැරැදි දෙයින් පුරවනවා.....තෙරුවන් සරණයි ...!!!

  • @anuruddhadilshantha6666
    @anuruddhadilshantha6666 2 роки тому +41

    ඥාණය හා ප්‍රඥාව පිළිබඳ වැඩසටහනක් කරනවා නම් ගොඩක් වටිනවා.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +14

      බොහොම ස්තුත්යි,, ඉදිරියුඅට අපි කතා කරමු

    • @anuruddhadilshantha6666
      @anuruddhadilshantha6666 2 роки тому +2

      බොහොම ස්තූතියි ඔබතුමාට

  • @samancab.
    @samancab. 2 роки тому +42

    බොහොම ස්තුතියි ඔබ තුමාට නොදන්නා ගොඩක් දේ ගැන මේ සමාජේ, රට දැනුවත් කිරීමට උත්සාහ කිරීම පිලිබදව. "මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම " එයත් මුදලට සිමාවී ඇති සමාජයක ඔබ අපට සම්පතක්, ඔබ රටට ණය නැති මිනිසෙක් 🙏 උතුම් මිනිසෙක් 🙏

  • @HasApeksha
    @HasApeksha 3 місяці тому

    ඔබ තුමා බුද්ධිමත් උගත් පුද්ගලයෙක් ..විශිෂ්ට යි

  • @takuyamisaki8394
    @takuyamisaki8394 2 роки тому +6

    පාලන තන්ත්‍රය ඇතුලෙ ඔබතුමා වගේ අය හිටියනම් ....

  • @ANELECTRICAL
    @ANELECTRICAL Рік тому

    රුචිර සර්.....
    බොහොම වටිනා මනෝවිද්‍යාත්මක සංකල්පයක් මෙම වීඩියෝවෙන් ඉදිරිපත් කළා ..
    ඔබතුමාගේ චැනල් එක මට ලැබුණේ මේ ලඟදි. මම දැන් ඒ වීඩියෝ නරඹමින් යනවා ...
    බොහොමත්ම ස්තුතියි ඔබතුමාගේ ප්‍රඥාගෝචර වීඩියෝ වලට ,ඒ වගේම තව දෙයක් කිව යුතුයි
    ඔබතුමාගේ වීඩියෝ වල සඳහන් කරනවා "හිටපු විද්‍යාඥ වරයෙක් " කියන වචනෙ ..එසේ පවසන්න එපා මොකද කෙනෙක් විද්‍යාඥ වරයෙක් වුණොත් ඔහු මිය ගියායින් පසුව වුණත් ඔහු විද්‍යාඥ වරයෙක් තමයි .
    විද්‍යාඥ වරයෙක් යන ගෞරවය ලබා ගත්තායින් පසුව එය අමරණීයයි සැමදා පවතිනවා ....ගොඩක්ම ස්තූතියි ඔබතුමාගේ වීඩියෝ වලට තෙරුවන් සරණයි ...🙏🙏🙏
    ☺️🌺🌸

  • @රොබින්සන්කෲසෝ

    මම පුද්ගලිකව යූටූබරයේ දකින හොදම වැඩසටහන...දිගටම කරගෙන යමූ ජයවේවා

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 3 місяці тому +1

    ඇත්තවශයෙන්ම😊ස්තූතියි සර්ට🎉

  • @dinasour314
    @dinasour314 2 роки тому +11

    දැනුම නම් තක්කාලි පලතුරුක් බව දැන ගැනීමයි . ප්‍රඥාව නම් එය පලතුරු සලාදයකට නොදැමීමයි....

  • @shanthapadmananda6479
    @shanthapadmananda6479 2 роки тому +1

    U tube එකෙන් හරි ඔබතුමා වැනි කල්‍යාණ මිතුරෙක් හමුවීම භාග්‍යයක් !

  • @dhanushkayohan2097
    @dhanushkayohan2097 2 роки тому +3

    සිහිය පැවැත්වීම තුලින් තම අභ්‍යන්තර ගවේෂණය කිරීම මගින්, සිතෙහි ක්‍ක්‍රියාකරිත්වයන් තේරුම් ගැනීමට හැකියව බුදු දහමෙහි දැක්වීම ,ඔබතුමගෙ ඉතා අගනා සරල පැහැදිලි කිරිමේදි , මෙයටම අදාල දෙයක් යැයි සිතෙනව,

  • @anjanajanith3395
    @anjanajanith3395 11 місяців тому +1

    ඇත්තටම ගොඩක් වටින දැනුමක් ගොඩාක් ස්තූතියි ඔබතුමට...

  • @wishwashakthi5502
    @wishwashakthi5502 2 роки тому +9

    සම්පූර්ණ ඇත්ත සැමදෙනාගෙම තේරූම් ගැනිමට පහසුව සදහා ඉතාමත් වැදගත් ඔබ තුමාගෙ විග්‍රහය
    කොතෙක් කරණීයමෙත්ත සූත්‍රය සත් ගායානා කරත් එහි විග්‍රහයක් කරන් හරි හැටි තමන් තුල එහි ගුණ වඩා ගන්න බෞද්ධයන් වන අපට බැරි වීම ගැන හරිම කනගාටුයි.මේ ගුණ දම් තම තමන් විසින් අත් දැක පරික්ෂා කර වඩවා ගත්තෙ නම් අද සැබෑ මෛත්‍රී සහගත මිනිසුන් අප රට තුල කොපමණ බිහි වේද .. එසෙ වුනෙ නම් මේ තරම් අඩුපාඩු හමුවේ වුවද මිනිසුන් එකිනෙකාට ප්‍රචන්ඩත්වය වපුරනවා වෙනුවට අනුකම්පා සිතින් උදව් උපකාර කර ගන්නවා නියතමානයි .නමුත් මෙවන් උතුම් ධර්මයක් තිබියදිමත් අපට එය තේරුම් ගෙන තම තමන් තුලින් එය වඩාගෙන අත් දැකීමට නොහැකිය වීම ගැන මට මා ගැනත් අන් අය ගැනත් දනුනෙ හදපිරි දුකක් .අපි යායුතු මග ඔබතුමා මේ කල විග්‍රහය ඉතාමත් අගය කල යුතු වගෙම හදවතින්ම ස්තුති වන්ත වෙමි.මෙය දහසක් මිනිසුන්ට සිතන්නට මග කියා දීමෙන් ඔබට මේ වෙසක් දින ලැබෙන පින අප්‍රමාණයි.

  • @oshiperera4282
    @oshiperera4282 2 роки тому +5

    මට මෙතුමාගේ මෙම දේශනය අහන්න කලින් මේ කරුනු මගේ ජිවිතයේ තිබුනා. මං හිතුවා අනිත් මිනිස්සුන්ට වඩා වෙනස් විදිහට මට දේවල් හිතෙන්නේ මගේ හිතීමේ අවුලක් නිසා,මං මෝඩයි. අනිත් අය මට හිනාවෙනවා ඇති, ඒ වගේ හැගිමක් තිබුනේ. දැන් තමයි ඒ පැටලුනු නූල් බෝලේ ලිහුනේ. එ ගැන ඔබ තුමාට අනේක වාරයක් ස්තුති කරන අතර හොද මනුසත් බවක් හා මැදිහත් බුද්ධියක් ඇති වෙන්න මූලික උනු සෑම පොතපතකටම හිස නමා ආචාර කරමි.සෑම දෙයක්ම ලැබුනේ අහුවෙන හැම දෙයක්ම , බඩු ඔතපු කොලේ පවා කියවපු නිසා. ♥️🌹

    • @Nuvilyavihelibandara
      @Nuvilyavihelibandara 2 роки тому +1

      අන්න හරි hariyatama කිව්වා මගේ coment එකත් ඕකම තමයි

  • @tinula
    @tinula 2 роки тому +9

    සාම්ප්‍රදායික බණක් ඇහුවට වඩා නොඇසූ දහමක් අසන්නට ලැබුනා. හරිම වැදගත් සහ කාලෝචිත තේමා යටතේ මුළු සමාජයටම කරන අමිල සේවයක්. බුද්ධමත් බව යන්න ජාන විද්‍යාත්මක පැත්තකුත් තිබෙනවා. (මට මතුපිට දැනුමත් විතරයි ඇත්තේ. විෂාල වපසරියක් තිබෙන විශයක්) එය බහුජාන සැකැස්කමකින් තීරණය වන්නක්. එනම් ජාන වැඩි සංඛ්‍යවක් බුද්ධමත් බව තීරණය කිරීමට දායක වනවා. ඒ නිසයි විවිධ මට්ටම් වල බුද්ධිමතුන් සමාජය තුල හදුනා ගත හැකි. බුද්ධිමත් බවට දායක වන ප්‍රමුඛ ජාන ඉතා වැඩි සංඛාවක් පිහිටි විට ඉහල බුද්ධියක් සහිත පුද්ගලයින් බිහිවනවා. මේ අනුව බුද්ධිමත් දෙමාව්පියන්ට බුද්ධිමත් දරුවන් බිහිවීමට වැඩි අවස්ථාවක් ඇත. නමුත් පහල බුද්ධිමටටමක ඇති අයගෛ් දැරුවන් ද ඉතා ඉහල බුද්ධියක් දරන අවස්ථා කොතෙතුත් ඇත එය ධර්මය මගින් තමයි පැහැදිලි කර ගත හැක්කේ. ඊශ්‍රායලය නැමැති ඉතා කුඩා රට මේ තරම් දියුණු වීමට හේතුව එහි ජනයා බහුතරය ඉහල බුද්ධිමතුන් වීමයි. අයිස්ටයින්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, සිග්මන් ෆෙයිඩ්, ස්ටීව් ජොබ්ස්, මර්ක් සකබර්ක්ග්, Sergey Brin, james cameron(දන්නා පරිදි) විවිද ක්ෂේත්‍රවල ඉහලම තල වලට පැමිණි අය. බොහෝ දුරට ඉහල බුද්ධිමතුන් වීමට හැකියි. එපමණ නොව හිට්ලර් පවා යුදෙව් සම්භවයක් සරණ බවට සාධක තිබේ. ඉන්දියාවේ දි ඉතා ඉහල බුද්ධිමතුන් බිහිවී තිබේ (ගෞතම බුදුන්, රාමානුජන්..) චෙස් කීඩාවේ ආරම්භක අවධියද ඉන්දියාවේ දී සිදුවූ බව සැලකේ.

    • @mycraft2917
      @mycraft2917 2 роки тому +1

      ක්‍රිස්තූන් වහන්සෙගෙ මොකක්ද බුද්දිමත් කම?

    • @mycraft2917
      @mycraft2917 2 роки тому

      ඔක්කොටම වඩා බුද්දිමත් හා දැක්මක් තිබුනු කෙනෙක් තමයි බුදුරජානන් වහන්සෙ❤️🎈

    • @kkr1663
      @kkr1663 2 роки тому

      ඉශ්රායලය කියන්නෙ ඇමරිකාව විසින් පිලිගත් රටක් නිසා මැදපෙරදිග කොහෙද බන් උන් හිටියෙ යුදෙව් කියන්නෙ ආගමක් මිසක් ජ්තියක් නෙවෙ 🤣.සමහර උන් හිතන් ඉන්නෙ දෙවියො මැව්ව එකක් කියල

  • @nayanasenevirathne8910
    @nayanasenevirathne8910 Рік тому

    මම මේකේ පල් මෝඩයකූ වන හැටි සහ බූද්ධිමතකූ වන සැටි ඇසූවා.එහි මං සතූටූම කොටස් බූද්ධිමතකු කරණියමෙත්ත සූතූරේ කියූ සැටියට ක්‍රියාත්මක වීමයි.සහ ඇලිමක් ගැටීමක් නැති ජිවිතය.🙏

  • @ccc-fx7cs
    @ccc-fx7cs 2 роки тому +31

    ඉතා විශිෂ්ඨ හා වටිනා දේශනයක් මේ උතුම් පොහොය දින පැවැත්වීම හා එය අපට අවබෝධ කර වීම ගත් ඔබ දමාගේ අ ති දක්ෂ සාර්ථක උත්සහයට ඉතාම ස්තූතියි. ඔබ තුමාට හා පවුලේ සැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා! දීර්ඝායු ලැබේවා !

  • @gaminigunawardhana925
    @gaminigunawardhana925 2 роки тому +1

    ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම සත්‍යයි. මේ පැහැදිලි කිරීම බුදුහාමුදුරුවන් වහන්සේ කියාදීල්ලා තියෙනවා .

  • @irosha2102
    @irosha2102 2 роки тому +4

    මම ගැන මට සතුටක් දැනුනා.මේ මගේ දුර්වලකම් කියලා හිතුවේ .මට මගේ හිතවත් අයව දැනෙනවා.කවුරුහරි මාව රවට්ටද්දි,බොරු කරද්දි මට ඒක දැනෙනවා.ඒක වෙලාවකට මටම පීඩාවක් .පුලුවන් නම් ඒ ගැන පැහැදිලි කරන්න සර්.ඒ වගේම මම හරි සංවේදී කෙනෙක්.වෙලාවකට මම මගෙන්ම අහනවා මෙච්චර දරුණු නපුරු මිනිස්සු මැද්දෙ ඇයි මාව මෙච්චර අවංක හොඳ හිතක් දීලා නිර්මාණය කලේ කියලා .

  • @albertperera9225
    @albertperera9225 Рік тому

    ඔඛතුමගෙ මේ වැඩසටහන් ... මොනතරම් නම් සතුටින්ද මම අහන්නේ කියලා කියන්න බැහැ... මෙවැනි වචනවල ගැඹුරු අර්ථයන් තව තවත් පැහැදිලි කර දෙන්න....

  • @gammiriskoththu7507
    @gammiriskoththu7507 2 роки тому +3

    දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ඔබ තුමාට මෙ..ගැන පැහැදිලි කලාට...💯💯💗🇱🇰

  • @francysperera7203
    @francysperera7203 2 роки тому

    ඔබ තුමාගෙ පැහැදිලි කිරීම නිසා .. මා ගැන මා විසින් ගොඩ නගාගෙන තිබූ අවතක්සේරුව බිදහෙලීමට හැකි වීම ගැන ගොඩක් සතුටුයි සර් ගොඩක් පොත් කියවලා ලබන්න පුළුවන් දැනුමක් ඔබතුමාගේ එක දේශනයකින් ලැබෙනවා,
    ඔබ හොද සමාජ මගපෙන්වන්නෙක් ඔබතුමා වගේ බුද්ධිමතුන් මේ සමාජයටම සම්පතක්. ඔබතුමාට තෙරුවන් සරණයි ෙජ්සු පිහිටයි

    • @thamararandil-official5605
      @thamararandil-official5605 2 роки тому

      අතිශය වැදගත් වීඩියෝවක්. ඔබතුමාගේ video මම ඉඩ තියෙන වෙලාවට නොව ඉඩ ලබාගෙන නිතර නැරඹීමට ඇබ්බැහි වී සිටිමි. අද උදෑසන අලුයම හතරට නැගිට මෙය දෙතුන් වතාවක් නරඹා සටහන් තබා ගෙන තේරුම් ගත්තෙමි. බුද්ධිමතෙක් වීමට අවශ්‍ය කරන දැනුම ලබාදීම පිළිබඳව ඔබතුමාට බොහොම පින්.

  • @nivanthaxl4469
    @nivanthaxl4469 2 роки тому +3

    මා ඉතාමත් ස්තුතිවන්ත වෙනවා ඔබේ වටිනා දේශනයට. ඉතාමත් රසවත් . බොහොම ස්තුතියි ඔබට දනුවත් කලාට .

  • @lalith9415
    @lalith9415 2 роки тому

    බුදුදහම ගැන. චතුරාර්ය සත්ය ධර්ම අවබෝධය පිළිබඳව ගිහි උතුමෙකුගෙන් මෙි ආකාරයට අවබෝධයෙන් ඉදිරිපත්කිරිම ඇහෙන්නේම නැති තරමි එහෙයින්, මෙි පැහැදිලි කිරිම හරිම ආශ්චර්යයි. බෝහොම පිං... අප රැස්කල සියලු පිං ඔබතුමාගේ පවුලේ සියලු ඉෂ්ඨකාමි දෙවිවරැන්ට අනුමොදමි වෙත්වා........... සුවපත් වෙත්වා................ නිදුක් වෙත්වා......... නිරෝගි වෙත්වා .........ශාන්ත සුවයට පත්වෙත්වා ............!!

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 2 роки тому +25

    ඔබතුමා රටට සම්පතකි.අප රටේ ජනතාවට (මාද ඇතුළුව )මේ පෙන්වන්න දේ ඉතාමත් වැදගත්. ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @udarakandy
    @udarakandy Рік тому

    මගේ පියා කුඩා කළ සිට මට කියා දුන්න හැම දේම ඔබතුමා ප්‍රකාශ කරා.
    මගේ පියා මාව පෝෂණය කරා වගේ ඔබ සමස්ත සමාජයක් පෝෂණය කරන මේ මහඟු කර්ථව්‍යට මාගේ ස්තුතිය. 🙏

  • @supunmandara
    @supunmandara 2 роки тому +18

    මේ video එක අහම්බෙන් හම්බුනේ...මට අවු.16 මම ලෝකය දිහා මෙච්චර කල් බැලුවෙ ඔබ තුමා කියපු විදියට තමා.happy to hear it😍 thank u❤️

  • @chanakapieris3919
    @chanakapieris3919 Рік тому

    තමන් ගැන තමන්ට පැහැදිමක් ඇතිකරගැනිම.තමන්ට මෙින් තමා වටා ජිවත් වන අමිමා තාත්තා බිරිඳ දරුවන් හිත මිතුරන් ගේ හැසිරිමට පුභලව බලපානවා..ඹබ තුමාට බෙහෙවින් පින් නොදන්නා මිනිසුන් හට මෙි දේවල් කියා දිම සම්බන්ධයෙන් ...ජිවිතය ඇති සැටියෙන් දකිනා මිනිසුන් මාගේ දේශය තුළ ඇති වෙිවා.ඒ උතුම් නිර්මල බුදු දහම මුලු මහත් ලොවක් පුරා රැකගැනීමටටත් පවත්වාගෙන යැමටත් හැකි වෙිවා.මාගේ ඒකායන පුරාර්තනාව එයයි ...ලොව නන්දෙසින් සත්පුරුශයන් ඇති වෙිවා...මාගේ දේශය මෙි කටුක බවින් මිදී සෙෘ්හාගයම උදා වෙිවා සියලුම මනුෂ්‍යයොද සත්වයෝ ද නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා උතුම් නිවන් දකිත්වා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @damimo4472
    @damimo4472 2 роки тому +20

    සීයට සීයක් ඇත්ත.අපේ ජීවිතේට ගලපලා බැලුවාම මේ කියපුවා ගොඩක් වටිනවා බුද්ධ දර්ශනයේ විද්‍යාත්මක පැහැදිලි කිරීමක්.තෙරුවන් සරණයි ඔබට

  • @shentvbollywood
    @shentvbollywood 2 місяці тому

    බලන දෙවෙනි පාර ❤️ පාසලෙදි කැම්පස් එකෙදි වත් කතා නොවුණු මාතෘකා මේවා

  • @chamukakalhara9782
    @chamukakalhara9782 2 роки тому +11

    ඔබ තුමාට ගොඩක් පිං මේවගේ ගොඩක් වටින දෙයක් ඉතාමත් සරලව සහ පැහැදිලිව තේරුම් කරල දුන්නට...

  • @SL.breaking01news
    @SL.breaking01news Рік тому

    වැදගත්ම දේ අපේ ජීවිතවල බුද්ධි දැනගැනීමට ඔබතුමා ඉදිරිපත් කරපු සංකල්පයන් දර්ශනයන් මගින් අපිව දැනුවත් ඇත්තටම ඕනම ප්‍රශ්ණයකට මුහුණ දීමට හා ප්‍රශ්න පිළිබඳව ඉවසීමෙන් කටයුතු කිරීමට පවා ගොඩාක් හරවත් මිනිසුන්ට මෙවැනි ආදර්ශමත් දේවල් ව්‍යාප්ත වෙන්න ඕනේ ඒක මුළු ශ්‍රී ලංකාවේම ව්‍යාප්ත වන තරමට හොඳයි සෑම අස්සක් මුල්ලක් නෑර ඉන්න ලමයි සහ මනුෂ්‍ය වර්ගයා සඳහා❤

  • @Anjana1762
    @Anjana1762 2 роки тому +26

    හොය හොය හිතපු ඉතාම වැදගත් දෙයක් .වටිනම මාතෘකාවක් 😍😍😍

  • @hasithalakshan7338
    @hasithalakshan7338 2 роки тому +1

    බොහොම ස්තුති ඔබතුමාට !
    භාවනාවත් එක්ක ඉක්මනටම පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් ගොඩක් දේවල්,බාවනා කරන අයගෙ හිත ගොඩක් සංසුන් ප්‍රතිචාරයක් දවන්න කලබල නෑ,ඒ නිසා හොදට කලබල නොව් තීරන ගන්න පුලුවන්.මැදි සිතින් ඕනම ගැටලුවක් දිහා බලන්න පුරුදු වෙනවා,
    බුද්දිමත් වෙන්නෙ කොහොමද කියලා හොයන අයට ,හොයන ගමන් උත්සහ කරලා බලන්න,

  • @sciencegate6250
    @sciencegate6250 2 роки тому +11

    වටිනාම අදහස් ගොන්නක්.. බොහෝම ස්තූතියි සර්.. අපේ ජීවිතේ ගොඩක් හිස්තැන් තියෙන බව තේරෙනවා. ඒවා හදාගන්න ඉතාම වැදගත් කාර්‍ය්යක් සර් මේ සිද්ධකරන්නේ..

  • @missakamanaranga2585
    @missakamanaranga2585 8 місяців тому

    ඇත්තෙන්ම මේ වටිනා දැනුම් පාසල් අද්‍යාපනයට පවා ඇතිලත් කල යුතුයි..නිවැරදි ඉදිරි ගමන වරදවානොගෙන හරිමග යන පරපුරක් එවිට බිහිකල හැකී..

  • @travellersguide9401
    @travellersguide9401 2 роки тому +7

    I am 15 years old ... I am very lucky to listen your micrales lectures. Triple gem bless uu🙏

  • @gallevaruna6297
    @gallevaruna6297 2 роки тому +1

    අපි දන්නෙම නැතුව සමහර ලක්ෂණ අපට තිබිලා තියෙනවා. නැති දේවල් වැඩි දියුණු කර ගැනීමට උත්සහ ගන්නව. බොහොම ස්තූතියි guidelines වලට.

  • @chehanchamika9474
    @chehanchamika9474 2 роки тому +3

    ඇත්තමයී සර්ට ගොඩක් පින් මේවා අපෙ අයට උගන්වනවට, මේක බුදු දහමේ විදර්ශනාව වඩන අයගෙන් ඉබේම එන දෙයක්.

  • @ashansandunika1592
    @ashansandunika1592 2 роки тому +2

    ඔබ උගතෙක් වියතෙක් බුද්ධමතෙක්...ඔය වචන නම් මම දන්නෙ නෑ ඔබේ දැනුම බෙදාදීම රටට සම්පතක්❤️

  • @anuruddhakumara2112
    @anuruddhakumara2112 2 роки тому +12

    මෙවන් වටිනා දේශනමාලාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධව ඔබට බොහොම ස්තුතියි 🙏

  • @balachandratantrige
    @balachandratantrige Рік тому

    මා මේ වීඩියෝව බලන්නේ 2023 ජුලි මාසයේ ....ඉතාම අගනා දැනුමක් ලැබුනා ..මගේ ජිවිතයට මෙය උපයෝගී කරගනිමි. ඔබට බොහොම ස්තුතියි ..පින්සිදුවෙවා ...!

  • @premasiripiris6432
    @premasiripiris6432 2 роки тому +4

    සර්ට බොහොම ස්තූතියි මෙම දැනුම බෙදා දීම පිලිබදව . එසේම ඉල්ලීමක් වෂයෙන් මෙම සිලල්ල එකතු කර පොතක් ලින්න කියල සර්ගෙන් ඉල්ලන්න කැමතී 💡

  • @anuweerasekara7617
    @anuweerasekara7617 2 роки тому +2

    අහන් ඉන්න පුලුවම් විදියට ඉතා ප්‍රසන්නව තේරුම් කරනවා හරිම ආදර්ශමත් ස්තුතියි 💐

  • @hanipkhan5910
    @hanipkhan5910 2 роки тому +13

    මම දන්නවා ගොඩ දෙනෙක් මේවට සවන් දෙන්නෑ, හැමෝම ඉතා උවමනාවෙන් තේරුම් ගනිමින් නැරඹිය යුතු වීඩියෝවක්.... ඔබතුමාට ස්තූතියි👏👏👏

  • @kumaridasanayake523
    @kumaridasanayake523 Рік тому

    ඇත්තටම ඔබ තුමා කරන්නෙ විශාල සේවයක්.වෙනමම පාඨක සමාජයක් ගොඩනැගී තියෙනවා.මේ තුලින් අවබෝධයක් ලබාගත්ත අය.

  • @chamikalasantha2003
    @chamikalasantha2003 2 роки тому +3

    යතාර්ථාවබෝදයම ලැබේවා!!!නිබ්බාන පරම සුකයෙන් සුකිතතරවෙත්වා!!! තෙරුවන් සරණයි!!!

  • @kalananissanka
    @kalananissanka 2 роки тому +1

    ඉතාම තර්කානුකුල සහ විද්‍යාත්මක පැහැදිලිකිරීමක්. බොහොමත් පිං මෙවැනි වැදගත් දේ සමාජයට මුදාහැරීම සම්බන්ධයෙන්.
    ප්‍රඥාවෙන් ක්‍රියා කරන යහපත් මිනිසුන් සෙමින් ගමනක් (සෙමින් යන වචනය මතබේධාත්මකයි) යන බව ඉතාමත් නිවැරදියි. Ethically නොහොත් ආචාර ධර්ම වලට පටහැනි නොවන ලෙස දිවිගෙවන්නා යම් වෙලාවක මේ සෙමින් ගමන ගැන නොසතුටට පත්වෙන්න පුළුවන්. නමුත් ඔහු හෝ ඇය ඒ ගෙවන දිවිය මොනතරම් වාසනාවන්තද යන්න මැන බලන මිනුම් දණ්ඩක් සහ ඒ වාසනාවන්ත බව අත්පත් කරගන්නෙ කෙසේද යන්න ඉතා පැහැදිලිව විස්තර කෙරෙන "මහා මංගල සුත්‍රය" ගැනත් සබුද්ධික මිනිසුන්ගේ සැකච්ඡාවට යොමු කරවන්න කැමතියි.
    එහි සියලු කරුණු එකිනෙක මෙහි පලකිරීමට නොහැකි වුවද මම ආරාධනා කරනවා සබුද්ධික ඔබ සැමට "මහා මංගල සුත්‍රයේ" හරය තම ජිවිතයට උකහා ගන්නා ලෙසට..
    ස්තුතියි රුචිර මහත්මයා මෙවැනි වටිනා දේවල් සමාජයේ කතිකාවතට යොමු කරවීම පිළිබඳව! 🙏🙏

  • @forgirls7242
    @forgirls7242 2 роки тому +16

    මගෙත් එක අනාගත බලාපොරොත්තුව තමා කවදහරි scientist කෙනෙක් වෙන්න. මං මේ අවුරුද්දෙ Al. කොහොමහරි මගේ හීනවලට යන්න මේ video එක ගොඩක් ප්‍රයෝජනවත් කියල හිතෙනව.❤️

  • @hbw20412
    @hbw20412 Рік тому

    බෞද්ධ දර්ශනය කියලා අපි අහන දේයි ඇත්ත දේයි මාර පරස්පරයි. 😮❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 роки тому +4

    කෙනෙකුට තමා තුලින්ම තමා අවබෝධ කරගනිමින්, බුද්ධිමත්ව ක්‍රියාත්මක වීමට ඇවැසි මනා විෂ්ලේෂණයක්...ඔබතුමාගේ මේ පරිශ්‍රමයන්ට ප්‍රණාමය ....🙏🌻🌄

  • @RoshanThilakarathna-c3i
    @RoshanThilakarathna-c3i Місяць тому

    ඔබ තුමාගේ අදහස් ගොඩක් වටිනාකමක් තිබෙනවා , ❤

  • @ireshaperera5195
    @ireshaperera5195 2 роки тому +11

    ඉතාම වැදගත් මහත්මයා, බොහොම ස්තූතියි ඔබට, මෙවැනි උතුම් වටිනා සාමාජ මෙහෙවරක් ඉටු කිරීමට ඔබ ගන්නා උත්සාහය සහ වෙහෙසට. බලාගෙන ගියාම අපි කොතරම් අඥාණ ද යන වග වැටහෙනවා

  • @dulharieslce7343
    @dulharieslce7343 2 роки тому

    ජිවිතෙ අරමුණ හොයාගන්නෙ කොමද් කියල පොඩි විඩියො එකක් ඔනි .. ඔහෙ යනව වගෙ දැනෙනව අපෙ තරුණ කාලෙ
    .😥 ස්කොලෙ යනව කැම්පස් යනව මොකක්හරි රස්සාවක් කරනව බදිනව. අන්තිම ට එච්චරයි ජිවිතෙ වෙන්නෙ 😓 අපි ආස දේ අපෙ passion එක කොමද හොයා ගන්නෙ කොමද හැම වෙලෙම මට ප්‍රශ්නයක් කොටුවෙලා කියල දැනෙනව.අනික හරි ම stress assignments exams එක්ක ❤️. Good luck sir❤️

  • @buddhikachamal9398
    @buddhikachamal9398 2 роки тому +19

    ස්තූතියි.. මම ගොඩක් වටිනා සංකල්ප ඉගෙන ගත්තා❤️....

  • @chandigamage7431
    @chandigamage7431 2 роки тому

    ස්තුතියි සර්, මම දහවෙනි වතාවට අද ඇහුවෙ, මමත් ගොඩක් කලබලයි කියල තේරුම් ගත්තා

  • @NadeejaMatharaarachchi
    @NadeejaMatharaarachchi 2 роки тому +7

    සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙනගමන් සිහිය පුරුදු කලොත් මේ බුද්ධිමත් භාවයට ලෙහෙසියෙන්ම පත් වෙන්න පුලුවන් 😉

  • @nilanthabasnayaka7754
    @nilanthabasnayaka7754 2 роки тому +1

    අද තමයි දැනගන්නට ලැබුණේ .මම බුද්දිමත් මග ගමන් කරමින් සිටන වග.මේ පිනෙන් ඔබතුමාට තව තවත් බුද්දිය පහළ වේවා තෙරුවන්සරනයි ❤❤❤ ඉස්තුතියි 🙏

  • @sahasrastudio
    @sahasrastudio 2 роки тому +4

    මම දුටු බුද්ධිමත් මනසින් උසස් අයෙක්. දීර්ගආයුෂ වේවා !

  • @devindiperera1749
    @devindiperera1749 Рік тому

    ඔබතුමා දැක්කත් හිත පුරෙනවා...ඒ තරම් ප්‍රසන්නයි...

  • @heart_official1
    @heart_official1 2 роки тому +3

    ගොඩක් ස්තූතියි සර් 🙏
    රටක් වශයෙන් සමාජයක් වශයෙන් ඉස්සහරට යන්න බුද්ධිමතුන් අත්‍යවශ්‍යයි.

  • @t0pcafe205
    @t0pcafe205 2 роки тому +1

    බොහොම ස්තූතියි බුද්ධිමතානනි. ❤️
    මගේ ප්‍රෙමවන්තිය මෙන්ම ,මගේ හිත මිතුරන් කියනව මා හට තරහ නොයන බව . ඒ හේතුවෙන් ඔවුනොවුන් නිතර මගේ සිත රිදවන ක්‍රියාවෙහි යෙදෙනවා. තරහවේ උපරිමයට පැමිණිය හැකි අවස්ථාවන් ඔවුන් නිර්මාණය කරනවා, ඒ විටත් ඔවුන් අසනවා "ඇයි ඔයාට කේන්ති යන්නේ නැත්තේ කියලා". ඇත්තෙන්ම මා ඔවුන් හා ගැටෙන්න අකමැතියි , එම නිසයි මා හට එසේ වන්නේ. එම නිසා ඔවුන් මාව නොසලකා හරින අවස්ථාවන් බොහෝයි. ඔවුන් නිතරම මා තුලින් බලාපොරොත්තු වෙනව , සමාජය යන රටාවට ඇති පුද්ගලයෙක්.
    මෙම කාරණාව වටහා දෙන්න. බොහොම ස්තූතියි

  • @solomonperera9479
    @solomonperera9479 2 роки тому +7

    බොහොම වැදගත් කරුණු ගොඩක් සාකච්ඡාවට බඳුන් කරන මේ වීඩියෝ එක ඉතාමත් වටිනවා .ස්තුතියි .තෙරුවන් සරණයි ඔබට .

  • @Neatly_Noted
    @Neatly_Noted 2 роки тому +1

    ස්තූතිය ඔබට.. බොහොම ලස්සනට පිළිවෙලකට කරුණු ගෙනහැර පෑවා.. දර්ශනයට අනුව ගෙනාපු කාරනාද ප්‍රමානවත්.. මගෙ දැනුමට (අවබෝධය) අනුව බුදු දහමින්, මේ කතා කරපු කාරණු වලට වඩා එහා ගිය ක්‍රමවේදයක් තියෙනවා.. යලිත් ස්තූතිය ඔබට❤️

  • @CHATHURANGA
    @CHATHURANGA 2 роки тому +4

    බෙහෙවින්ම ස්තූතියි පැටලිලි සහගතව තිබුණු තැන් කිහිපයක් නිරවුල් කර දුන්නාට !❤

  • @ranjithjayarathna1403
    @ranjithjayarathna1403 2 роки тому

    අද තමයි ඔබ තැමාගේ දේශණ හමුවුනේ. පුදුම සතුටක් හිතට දැනෙන්නෙ. ඔබතැමාට ජය.

  • @chintakachintaka7583
    @chintakachintaka7583 2 роки тому +4

    මුලු දවසක් ම ඔබගේ දැනුවත් කිරීම ඇසුවත් මදි .මා කවරෙකු දැයි යන්න පරීක්ෂා කරන්න ඉතාමත් වටිනා වීඩියෝ වක්

  • @malithpc2621
    @malithpc2621 2 роки тому

    වටින වා සහ ලොකු බලපෑමක් කරන් කාරනාවක්... එක දෙයක් වහින් ඔරව නොකිය කිලින්ම කිඋව නම් වටිනව, එනම් බුද්දිමතා යනු දුක් නොවිද ඉන්න හැඉයාව ඇති කෙනා බව.. කුමන තත්වයක් යටතේ නමුත් දුකට හේතුවක් ඉතිරි නැති කම බුද්දිමත් කමයි... ඒක හරිම සරල ඩිජිටල් නිර්වචනයක්.. චතුරාර්‍ය සත්‍ය ඇසුරෙන්

  • @maxbro9044
    @maxbro9044 2 роки тому +11

    ඉතාමත් වටිනා සංකල්ප ටිකක්😍✌️
    ඔබතුමාට බොහොම ස්තූතියි 🙏❤️

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 роки тому +1

      බොහොම ස්තුත්යි ඔබටත්

  • @isharalakshan9712
    @isharalakshan9712 2 роки тому +1

    මිනිස්සු මාන්නෙන් පිම්බිලා අමුතු රේස් එකක් දුවන්නවා ඒ මිනිස්සුන්ට සමාජය ඇතුලේ මාර පිලිගැනිමක් තියෙනවා. මම ආශ්‍රිය කරන බහුතරයක් එහෙමයී. කාලෙකට මමත් එහෙමයි ඒත් මොකක් දෝ දෙයක් නිසා සර් කියන මේ ටැක් එකට ආවා. සර් කිව්වා වගේම ඒක වෙන්නේ අපේ ඇතුලාන්තෙන්.

  • @divamanal8895
    @divamanal8895 2 роки тому +3

    ඉතාමත් වැදගත් කරුණු පැහැදිලි කර දුන් ඔබතුමාට බොහොම ස්තුතියි

  • @janithjayasinghe3709
    @janithjayasinghe3709 2 роки тому +2

    මම හරි කැමතියි ඔයාගෙ videos වලට. Philosophy ගැන series එක තමා ආසාවෙන්ම බලන්නෙ. මට අවුරුදු 16යි, ඉස්කෝලෙන් ඉගෙන නොගත්ත අලුත් දේවල් දැනගන්නත් ඒව ගැන තව හොයන්නත් ආසාවක් ඇති උනේ මේ chanel එකෙන්. Thank you මේ විදිහට දැනුම බෙදා දෙනවට ❤️

  • @Hemanthanet
    @Hemanthanet 2 роки тому +5

    හරිම වැදගත්.. තව කෙනෙකුට බලාගන්න.. හැමෝම කරන්න පුළුවන්නම් ගොඩක් වටිනවා..ස්තූතියි..

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 Рік тому

    නිවන තවත් විදිහකට ඔබ පැහැදිලි කරන්නේ 🙏 ස්තුතියි ඔබට .මේ බවයෙම නිවන් දකිනවා🙏ඔබ

  • @taniyaferdinandez6576
    @taniyaferdinandez6576 2 роки тому +7

    ඔබතුමාට තෙරුවන් සරණයි....
    අද දේශනය ගොඩක් වැදගත්....
    රටක් පාලනය කිරීම සදහා ඔබ වැනි බුද්ධිමතුන් තමා අවශ්‍ය....

  • @perera9101
    @perera9101 2 роки тому +1

    ඔබ තුමාගේ මේ කතාව මේ මොහෙතෙ ලොකු අශ්වයෙක් මගෙ ජිවිතෙට බොහොම ස්තුතියි

  • @nuwanperera8140
    @nuwanperera8140 2 роки тому +5

    මේ රටෙ ..වර්තමානයේ මිලියන 22 ක දූපත් මානසිකත්වයෙන් ඉන්න ලාන්කික ගොබ්බයන්නට ..ආර්ත්මාර්තකාමී ,ඉවසීමක් නෙති , වහලුන්ට කියවන්න හොද video එකක් ..👍👍👍

  • @sarathkumara8181
    @sarathkumara8181 2 роки тому

    1971 සිටම ලාංකාවේ එකම රටාවට නේ යන්නේ .එන එන නයකයන් එලවිම.ඔබ තුමා ගේ පැහැදිලි කිරිම නිවැරැදි යි .