වල් නාශක ගැන ටිකක්..🌾👉

Поділитися
Вставка
  • Опубліковано 18 тра 2023
  • 🌾🌾🌾🌤️🌤️🌤️💪💪💪
    වල් පාලනය හා වල් නාශක .😢
    *වගාවේ පලමු සති 4තුල කොහොම හරි වල් ටික පාලනය කරෝත් ගොවියෝ ගොඩ.
    👌👌👌👌
    වල් නාශක මතම යැපෙන්න එපා.ඒවායින් වල් අයින් කරගන්න පුලුවන් 40%ක් වගේ විතරයි .
    100% ඔනේ නම්.🚜🌞💧
    🤗*කන්නයට වගා කීරීම
    *නිවැරැදි බිම් සැකසීම
    *ඇල්වේලී,වනාත් සුද්ධ කීරීම
    *ගුණාත්මක බීජ වී (පොගවන්න ඇලට දාන්න එපා 🙏)
    ****වපුරන්නේ නැතුව පුලුවන් නම්,බැරිත් නෑ
    පැරෂුට් ,යන්ත්‍රයෙන් ,අතින් සිටවීම ,බීජ වප්කරෙන් දාලා
    **ඔය වගේ එවා කරලා අන්තිමේ ගහමු වල් නාශක .👍බෑ නේමේ පුලුවන් එහෙම අය දැකපු නිසයි කිව්වේ .
    🔥🔥🔥🔥🔥
    වල් නාශක යොදන කොට
    පලමු අවවාදය ,නොකරන්නේත් ඒක ලේබලය හොදට කියවන්න.🙏
    එකම වල් නාශකය දිගටම භාවිතා නොකර කන්න 2කට වතාවක්වත් මාරු කරන්න.
    බෝතලේ ගහලා තියෙනවා කේතය කියලා දෙයක්.එකම කේතය දිගටම භාවිතා නොකරන්න.
    දැන් ලියන්නම් වල් නාශක ටික වෙළෙඳ නාමයන්ගෙන්ම .1
    තෘණ ,පන්,පළල් පත්‍ර සියල්ලම නසන
    වපුරා
    දින 0-3-සොෆිට්,සෙට්,සොලිඩ්
    දින2-3-ගෝල්,ගලිගාන්
    දින3-7 ඊරෝස් ගොල්ඩ්
    දින6-10-සෝලිටෝ
    දින7-18-සෝලෝ,ගලිවර්,පියැන්කෝ
    දින8-15-නොමිනී,කීසෙකී
    දින 10-15-වොන්ඩර්ගොල්ඩ්
    දින10-18-කෙන්සෝලෝ,පැඩ්ගෝල්ඩ්
    දින14-21- ටිලර්ගෝල්ඩ්,රයිස්ටාර්
    (02)
    තෘණ පමණක් නසන
    වපුරා දින
    7-15 කිලින්චර්
    7-21මැටාරි
    8-15පැසට්
    16-25 විප්සුපර්,ටාරා
    (03)
    පන්,පලල් පත්‍ර නසන
    වපුරා දින
    14-21 ඇෆිනිට්
    12-25සින්ඩැක්ස්,ෆුලුටෝ
    21-28 MCPA40,MCPA60
    වල් නාශක හරි කියමු කෝ...
    ටැංකිය,නොසලය,වේලාව ,වතුර ,සුලග හමන පැත්ත,ගහන ටැංකි ගාන,ඇවිදන් යන වේගය,පසේ තෙතමනය ඊට පස්සේ වතුර බදින දවස. ඔන්න ඔවාත් අන්තිමට බලපානවා හොදේ.
    මුල හොදනම් අග 👍🔥❤
    කාලයත් එක්ක අලුත් වල් නාශක එකතු වෙවී.ඔයලා දැනුවත් ව ඉන්න.
    👉ටෙට්ට්‍රිස්
    👉ලෝයන්ට් එහෙම අලුත් දෙකක්.

КОМЕНТАРІ • 57

  • @dhanushkamihira3958
    @dhanushkamihira3958 7 місяців тому +1

    වී මාමේ

  • @ravindrajayathunga32
    @ravindrajayathunga32 Рік тому +2

    වපුරලා දින 1, 2, ඇතුළතදී පෙටිලැක්ලෝර් වල් නාෂක යෙදු විට ගොයම් ගනත්වය අඩුවී තුනීවී යනවා.පැලවුන වී ඇටයටත් බලපා මැරී යනවා? බොහෝ විට හොදින් පැල වූ ගොයමද පසුව තුනී වී යනවා.තැනින් තැන පාලු සිටිනවා. ගැඹුරට සීසෑමෙන් එසේ වෙනවාද? දින 4 කින් පසු ඇට තෙල් යෙදුවොත් වල් මර්ධනය වේද? (අනුරාධපුර)

    • @VMama
      @VMama  Рік тому +1

      ඔව් එහෙම වෙනවා හොදට මට්ටම් නැතිව වතුර ඉතිරි වෙන තැන් වලත්.ඒ වගේම හොදට පැල උනේ නැති වී.
      අනික ලංකාවට එන පිට්ලැක්ලෝර් එක්ක අනිවාර්යයෙන් ෆෙන්ක්ලෝරීම් කියන chemical එක තියෙන්නම ඕන.
      බිත්තර වී පැලකර යොදන නිසා වර්ධනය වී ඇති මුල මණ්ඩලය මගින් ෆෙන්ක්ලෝරීම් පලමුව අවශෝෂණය කරගෙන බීජ අංකුරය මගින් අවශෝෂණය කර ගන්නා පිට්ලැක්ලෝර් වලින් වී පැලය ආරක්ෂා කරනවා.
      අර ඉන්දියන් ඒවායේ ඕවා තිබ්බේ නෑ.
      ඇට තෙල් ගහනවා නම් ලියදි මට්ටම් වෙන්න ඕන.වතුර කඩිති තියෙන්න බෑ.
      අනික තෙතමනය තියෙන්න ඕන කුඹුරේ .වේලීලා තියෙන්නත් බෑ.
      බිම් සැකසීම ගැඹුරට කරා කියලා එහෙම වෙන්න හේතුව මඩ ජොහරේ වැඩි කම.ඒ හින්දා වපුරලා දවස් දෙකෙන් වගේ ගහන්න .

  • @jinendramadhushan6348
    @jinendramadhushan6348 Рік тому +1

    giraa palaa walata swabhavika mardana kramayak dannawada

    • @VMama
      @VMama  Рік тому

      ගැලවීම තමා ..🤔

  • @thusharamadusanka3506
    @thusharamadusanka3506 2 місяці тому +1

    Puruk panuwonta behet monawada.dina kiyen yediya yutuda

    • @VMama
      @VMama  2 місяці тому

      පුරුක් පනුවෝ ගැන video එකක් ඇති බලන්න

  • @rjlands9834
    @rjlands9834 Рік тому +1

    Tetris walata kudamatta marennadda

    • @VMama
      @VMama  Рік тому

      ගොජරවාලු (කුඩුකේඩු ) තමා හොදටම.

  • @UpaliSamaranayaka-ed6tj
    @UpaliSamaranayaka-ed6tj Місяць тому +1

    M 60යි...දවස් 10න් වගේ ගහන තෙල් එක්ක එකට දාල ගහන්න හොද නැද්ද

    • @VMama
      @VMama  Місяць тому

      වගාවට දවස් කීයද

  • @kanchanawijesinghe4973
    @kanchanawijesinghe4973 3 місяці тому +1

    Dawas 14 loyant hoda sir wal nasaka bajiri, thurana ,godk thiynwa

    • @VMama
      @VMama  3 місяці тому

      හොදයි

  • @thilankarathnayaka1583
    @thilankarathnayaka1583 Рік тому +1

    ඇට තෙල් සහ දවස් 7 - 12 වල් නාශක එකට දාල දවස් පහෙන් ගහන එක සාර්ථක ද

    • @VMama
      @VMama  Рік тому

      ඊරෝස් ගෝල්ඩ්
      ප්‍රොෆිට්
      සොලිටො
      තියෙන්නේ ඇට තෙල් එක්ක තමා .
      අලුත් ප්‍රොක්සි ඒ වගේ එකක්

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 Рік тому +1

    m40,m50,m60 ගැන කීවේ නැනේ.කුඩු මැටි වලට නේද එ්ක ගහන්නේ..? දැන් එන තෙල් බාලද..?මැරෙනවා අඩුයි..

    • @VMama
      @VMama  Рік тому

      Mcpa 60 40 කියලා කිව්වේ

  • @sanjunuwan2513
    @sanjunuwan2513 8 місяців тому +1

    එක හීයක් හාල තියෙන්නෙ එත් කැලෙ තියෙනවා දෙවෙනි හීය හාන්න කලින් ගහන්න හොද තෙල් එකක් කියන්නකො

    • @VMama
      @VMama  8 місяців тому

      එහෙම ඔනේ නෑ.වතුර ටිකක් අඩු කරලා දෙහිය හාන්න.

    • @sanjunuwan2513
      @sanjunuwan2513 8 місяців тому +1

      @@VMama thank you

  • @shehansadaruwan90
    @shehansadaruwan90 2 місяці тому +1

    කීරී සම්බා වපුරලා තියෙන්නෙ.බටදැල් තියෙනවා .ගහන්න හොඳ තෙලක් කියන්නකෝ

    • @VMama
      @VMama  2 місяці тому

      බට දැල් වලට ටිලර්ගොල්ඩ් තමා හරියන්නේ.
      හැබැයි කීරී සම්බා වල් නාශක සැර වැඩි උනොත් අතින් ඒවා වගේ නෙමේ බාල වෙනවා.

    • @ravidilshan3806
      @ravidilshan3806 2 місяці тому

      Satanpass aka යොදන්න ,,,, matari aka යොදන්න

    • @shehansadaruwan90
      @shehansadaruwan90 2 місяці тому

      thanks

  • @ayeshadilhani9946
    @ayeshadilhani9946 7 місяців тому +1

    ගොයම පදුරු ගහන්න මොනවද යොදන්න ඕන? මාසයක් වෙනවා ගොයම තුනී 😢

    • @VMama
      @VMama  7 місяців тому +1

      පොටෑසියම් අක්කරයට 20 kg ක් වගේ වෙන්න ගහන්න .යාරා මිලා 5kg ක් විතර එකතු කරන්න .වතුර අඩුවෙන් තියන්න

    • @ayeshadilhani9946
      @ayeshadilhani9946 7 місяців тому

      @@VMama බොහොම ස්තූතියි 🙏

    • @ravidilshan3806
      @ravidilshan3806 2 місяці тому +1

      Oya M 60 mili 50k dala යොදන්න

    • @wkmadushasadaruwani4224
      @wkmadushasadaruwani4224 Місяць тому

      කලා දුරැ ..යා පාලු මර්දනයට .කියන්න

    • @ravidilshan3806
      @ravidilshan3806 Місяць тому

      @@wkmadushasadaruwani4224 yodala balnta sir

  • @LiyanapatiranaChami-ko1ev
    @LiyanapatiranaChami-ko1ev 7 місяців тому +1

    වපුරල දවස් 13න් පැසෙට් ගැහුව ඇටවරා මැරිල නෑ දැන් දවස් 22ක් වෙනව මොකද කරන්නෙ එපා වෙනෝ

    • @VMama
      @VMama  7 місяців тому

      ඇටවරා වලට කිලින්චර් තමා හරියන්නේ

    • @LiyanapatiranaChami-ko1ev
      @LiyanapatiranaChami-ko1ev 7 місяців тому +1

      @@VMama දවස් 22ක් වෙනව දැන් ගහන්න බැරිද

    • @VMama
      @VMama  7 місяців тому

      ගහන්න දවස් 25 ට කලින්

    • @LiyanapatiranaChami-ko1ev
      @LiyanapatiranaChami-ko1ev 7 місяців тому +1

      @@VMama කඩෙන් කිව්ව ආයෙත් පැසෙට් ගහන්න කියල පෝර ගහල මොකද කරන්නෙ

    • @VMama
      @VMama  7 місяців тому

      ගහපු තෙල් එකක් ඒ කන්නේ ආය ගහන්න එපා

  • @mallikamallikarathnayaka3844
    @mallikamallikarathnayaka3844 6 місяців тому +1

    බටදැල් වලට m 60 හරියන්නේ නැද්ද

    • @VMama
      @VMama  6 місяців тому

      නෑ
      ටිලර්ගෝල්ඩ් තමා හරියන්නේ

    • @mallikamallikarathnayaka3844
      @mallikamallikarathnayaka3844 6 місяців тому +1

      @@VMama ස්තුතියි ..

  • @inigam6739
    @inigam6739 Рік тому +1

    වපුරලා මාසෙකට ලඟයි බට දැල්ල එකට මොකක්ද හොඳම වල් නාසකය

    • @VMama
      @VMama  Рік тому +1

      ටිලර්ගෝල්ඩ් තමා .මාසයක් ගිගින් නම් වල් නාශක යොදන්න එපා.

    • @inigam6739
      @inigam6739 Рік тому

      @@VMama බොහොම ස්තුතියි වී මාමා

  • @inigam6739
    @inigam6739 Рік тому +1

    සොපිට් කියන්නේ බීජ නාසක වල් නාසකද

    • @VMama
      @VMama  Рік тому +1

      ඔව්

  • @milanigunawardana1397
    @milanigunawardana1397 4 місяці тому +1

    නිතරම බජිරි එනවා.කන්න 4 ක් ව්තර ආවා.මොකක් ද කරන්න ඕනෑ

    • @VMama
      @VMama  4 місяці тому

      පුළුවන් නම් ගොයම් කපන්න කලින් කරල් කපන්න.
      කපලා ඉවර නම් දැන් හාලා සතියක් විතර තියන්න වතුර අඩුම කරලා.පස්සේ දෙවැනි හීය,පොරූ ගෑම කරන්න.වපුරලා ඇට තෙල් ඒ කියන්නේ පිටිලැක්ලෝර් වල් තෙල් ගහන්න .
      දවස් 14න් ලෝයන්ට් හෝ පැසට් ගහන්න පුළුවන්

  • @nihaljayasingha8230
    @nihaljayasingha8230 7 місяців тому +1

    වපුරලා දින 5න් විතර ගහන්න හොද වල් නාශකයක් කියන්නකෝ මහත්තයා අශ්ව වලිගය තමා වැඩි

    • @VMama
      @VMama  7 місяців тому

      Propin අඩංගු ඒවා දවස් 10 න් විතර ගහන්න පුලුවන් .ග්‍රාන්ට්,ප්‍රොෆිට් ,ක්‍රොම්පෝ .
      නැත්නම් කිසෙකි,සොලිටො හරියනවා.

    • @VMama
      @VMama  7 місяців тому +1

      නැත්නම් දවස් 14න් වගේ විප්සුපර්.ටිලර්ගෝල්ඩ් පුලුවන්

  • @RavinduBalasooriyaarachc-wb3pl
    @RavinduBalasooriyaarachc-wb3pl 7 місяців тому +1

    Batadella walata tel akak kiyanna

    • @VMama
      @VMama  7 місяців тому

      ට්ලර්ගොල්ඩ්

    • @NadeeshaLakmaliGunarathn-rb2qv
      @NadeeshaLakmaliGunarathn-rb2qv 7 місяців тому +1

      Kirisamba kuburatath kamak nadda?.

    • @VMama
      @VMama  7 місяців тому

      ​@@NadeeshaLakmaliGunarathn-rb2qv
      ටිලර්ගෝල්ඩ් කීරී සම්බ න්ස්ම් ටිකක් බාල වෙයි

  • @sanjeewabandarasenarathna6277
    @sanjeewabandarasenarathna6277 7 місяців тому +1

    වපුරලා දවස් 21 වෙනවා . තුනැස්ස, කලාදුරු තමයි තියෙන්නේ මොකක්ද ගහන්න හොද M50 හොදද

    • @VMama
      @VMama  7 місяців тому

      කිඹුරා ගහන්න .තුනැස්ස යන් නෑ m 50 ට

  • @kasunherath7053
    @kasunherath7053 5 місяців тому +2

    සති 6 වෙනාවා. වල් වැඩි වල් නාසක ගහන්න හොද නද්ද.

    • @VMama
      @VMama  5 місяців тому

      එපා