සිත දියුණු කරොත් කය බැහැර දැමූ සත්ත්වයා පේනවා | කළලය වුණත් විනාසයට අකමැතියී
Вставка
- Опубліковано 10 лют 2025
- #බුදුන්වදාලධර්මය #නොඇසූධර්මය #පතනකන්ද
ඌරුගමුවේ චන්දකිත්ති හිමි
මෙම කෙටි ධර්ම සාකච්ඡාව පූජ්‍ය ඌරුගමුවේ චන්දකිත්ති ස්වාමීන්වහන්සේ සමඟ කරන ලද්දක් වන අතර උන්වහන්සේ දැනට කෝප්ප කන්ද ආරණ්‍ය සේනාසනාභිවාසීව වැඩවාසය කරනු ලබයි
මෙම කරුණු සම්බන්ධයෙන් සතුටට හෝ වෛරයට නොපැමිණ, තම තම නැණ පමණින් විමසා බලා ගැටළුවක් වෙතොත් විමසා බලා කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
ඔබ මේ සම්බවන්ධව ඇති කරගන්නා වූ ද්වේශයක් හෝ සතුටක් ඔබගේ සංසාරගමනට ඉවහල් වන බවද හොඳින් මතක තබා ගත යුතුය.
තෙරුවන් සරණයි!
Sadu 🙏 sadu 🙏 sadu 🙏
අපි මෙයට යොමු කරන සෑම අදහසක්ම වාගේ කියවල බලනවා. ස්තූතියි මෙලසින් ප්‍රථිචාර දක්වපු එකට.
මම ඌරුගමුවේ චක්දකිත්ති හිමි.
භාවනා කර සිත සමාධිගත කර ගැනීමෙන් තමාට අවශ්‍ය වූ විට සිරුරෙන් ඉවත්ව ගොස් නැවත සිරුරට පැමිණිය හැකි බවත් ආනාපාන සති භාවනාව වායෝ කසිණ භාවනාව ටිබෙට් භාවනා අතර ජනප්‍රිය ඵෝවා අභ්‍යාසය මෙන්ම කුණ්ඩලිණී ශක්ති දියුණු කිරීමෙන් ද මෙය සිදු කළ හැකිය. මරණයෙන් පසුව සිදුවන්නේත් ඉහත කී ආකාරයට මනෝකායේ පැවැත්මයි. එබැවින් මේ ස්වාමීන් වහන්සේ ගේ දේශනාව එකවර ප්‍රතික්ෂප නොකර මධ්‍යස්ථව විමසා බැලිය යුතුය. ගැටඵ මතුවන්නේ මහාවිහාර ථේරවාද චින්තනය පමණක් අධ්‍යනය කිරීමෙන් චින්තන රාමුවලට කොටු වී දැනුම විමර්ශනය කළොත් පමණි.
නියම බුද්ධිමතෙක්... අපි කියන්නෙත් පිලිගන්න එපා..හැබැයි විමසන්න...100% ප්‍රත්‍යක්ශව අවබෝධ නොවී තමන්ගේ මතේම හරි කියලා හිතන එක මෝඩ කමක්..🌸🌸🌸
මෙම අදහස අන් අයට දැක ගැනීම සඳහා මෙහි සටහන් කිරීම ගැන සතුටුයි.
මෙම දේශනාවේ පැහැදිලි කරන්නේ මනෝකාය astral body පිළිබඳවයි. මෙය පැරණි භාරතීය දර්ශනවාදවල උගන්වනවා. එසේම මේ ගැන බටහිර රටවල බොහෝ පර්යේෂණ සිදුකර පොත්පත් ගණනාවක් මේවනවිට ලියා තිබෙනවා. මරණයේදී යම් ශක්ති විශේෂයක් පිට වී යන බවත් එය දීප්තිමත් බවත් විද්‍යත් ශක්තියට සමාන බවත් ශක්තියක් වන බැවින් බර ප්‍රමාණයක් නොමැති බවත් ඉතා වේගයෙන් ආකාශයට ඇදී යන බවත් කිරලියන් කැමරා වැනි ඉතා සියුමි ශක්තීන් හසු කර ගත හැකි උපකරණ මගින් සොයාගෙන තිබෙනවා. මීට අමතරව අපේ ඉන්ද්‍රිය ඳාණයට ගෝචර වන්නේ ත්‍රිමාන අවකාශය පමණක් වන බැවින් මනෝකාය පැවැත්ම සාමාන්‍ය මිනිස් ඇසට ගෝචර නොවේ. එයට සිරුරකින් තොරව වුවද ත්‍රිමාන තලය ඉක්මවූ අවකාශයන් තුළ ද පැවතිය හැකිය.
මෙම අදහස ඵල කිරීම ගැන සතුටුයි.
මම අහල තිෙයනවා බුදුන් වහන්ෙස් ෙද්ශනා කරාලු ෙගවල් 2 ක් අතර මිදුෙල් ඉන්න ෙකනාට ෙගයින් එලියට බහින ෙකනා අනිත් ෙගට ඇතුල් ෙවනවා ෙප්නවා ව ෙග් සත්වයා සස ෙර් ඇවිදින අයුරු උන් වහන්ෙස් දකිනවා කියා .ෙමය ඇත්ත කතාවක් නම් යම් ෙකනකු තම කය අතහැර (මරණය) යාෙම්දි ෙපර ජිවිත ෙය් ම ෙනා්මය කයක් ඇතිව යන නිසා විය හැකියි සසර ගමන් කරන හැටි බුදුන් වහන්ෙස් දුටුවා කිෙව්. වර්තමාන විද්‍යාව තුළදි ම ෙනා්කාය ගැන කතා කරනවා.නමුත් බුදුන් වහන්ෙස් ම ෙනා්කාය පිලිබදව යම් ෙද්ශනාවක් කලා නම් එය ත්‍රිපිටක ෙය් සදහන්ව තිෙබ්ද අවස්තාව සදහන් කරන්න.
[භාග්‍යවත්හු:] “පොට්ඨපාදය, ඖදාරික වූ ආත්මප්‍රතිලාභය, මනෝමය වූ ආත්මප්‍රතිලාභය, අරූප ආත්මප්‍රතිලාභය යැ යි මේ ආත්මභාවප්‍රතිලාභ තුනෙකි.”
පොට්ඨපාදය, ඖදාරික ආත්මප්‍රතිලාභය කවරේ යැ? රූපවත් වූ සතර මහාභූතයන්ගෙන් පහළ වූ, කබලීකාරාහාරය අනුභව කරන යමෙක් වේ ද, මෙය ඖදාරික ආත්මභාවප්‍රතිලාභ යැ.
මනෝමය ආත්මප්‍රතිලාභය කවරේ යැ? රූපවත් වූ, සියලු අඟපසඟින් යුත්, නොපිරිහුණු ඉඳුරන් ඇති යමෙක්වේ ද, මෙය මනෝමය ආත්මප්‍රතිලාභ යැ.
අරූපාත්මප්‍රතිලාභය කවරේ යැ? රූපවත් නොවූ සංඥාමය වූ යම් අත්බවෙක් වේ ද, මේ අරූපාත්මප්‍රතිලාභ යැ.
මහරජ, යම්සේ සතර මං හන්දියෙක මහල් සහිත ගෙයෙක් වන්නේ ද, එහි උඩු මහලෙහි ඇස් ඇති පුරුෂයෙක් සිටියේ ගෙට පිවිසෙනවුනුත් ගෙන් නික්මෙනවුනුත් වීථියෙහි ඈත මෑත යන එනවුනුත්, සිව්මං හන්දිය මැද හුන්නවුනුත් දක්නේ ද, ඒ දක්නා ඔහුට “මේ මිනිස්සු ගෙට පිවිසෙත්, මේ මිනිස්සු ගෙන් නික්මෙත්, මේ මිනිස්සු වීදියෙහි ඈත මෑත යෙත්, මොහු සිවුමංහන්දිය මැද උන්නෝ වෙත් යැ”යි මෙසේ සිතෙක් වන්නේ ද -
මහරජ, එපරිදි ම මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්තිමත් වැ කෙලෙස් නැති වැ උපක්ලේශ පහ වැ මෘදු වැ කර්‍මක්‍ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණි කල්හි, සත්ත්‍වයන්ගේ ච්‍යුති උප්පත්ති දන්නා නුවණ ලබනු පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ මානුෂක විෂයය ඉක්මැ වූ පිරිසිදු වූ දිවැසින්, “අහෝ මේ භවත් සත්හු කායදුශ්චරිතයෙන් සමන්‍විතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්‍විතයහ, මනෝදුශ්චරිතයෙන් සමන්‍විතයහ, ආර්‍ය්‍යයනට උපවාද කළහ, මිසදිටුවහ, මිසදිටු වශයෙන් ගත් ව්‍රත ඇතියහ. ඒ මොහු කාබුන් මරණින් මතු, සැපයෙන් පහ වූ, දුෂ්ට කර්‍මයෙන් උපන් ගතිය වු, තමනට තමන් අවශග වැ වැටෙන තැන වු, නිරයට වන්හ. එහෙත්, මේ භවත් සත්ත්‍වයෝ වූ කලී කායසුචරිතයෙන් සමන්‍විතයහ, වාක්සුචරිතයෙන් සමන්‍විතයහ, මනඃසුචරිතයෙන් සමන්‍විතයහ, ආර්‍ය්‍යයනට උපවාද නො කළහ, සම්දිටු ගත්තහ, සම්දිටු විසින් ගත් ශීලාදිය ඇත්තහ. මොහු කාබුන් මරණින් මතු, ශෝභන වූ ගති ඇති සග ලොවට වන්නාහ” යි මෙසේ මරණාසන්න වූ ද, එකෙණෙහි පිළිසිඳ ගත්තන් වූ ද, පහත් වූ ද, උසස් වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නොමනා පැහැ සටහන් ඇති වු ද, සුගතියට පැමිණියන් වූ ද, කර්‍මය වූ පරිදි ඒ ඒ භවයට ගිය සත්ත්‍වයන් දකී. මෙසේ පිරිසිදු වූ මානුෂක විෂය ඉක්මැ පැවැති දිවැසින් හීන, ප්‍රණීත, සුවර්‍ණ, දුර්වර්‍ණ, සුගත, දුර්‍ගත, සත්ත්‍වයන් දකී. කර්‍මය වූ පරිදි ඒ ඒ භවය කරා එළැඹැ සිටි සත්ත්‍වයන් දකී.
මහරජ, මේ ද පළමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ, වඩා උතුම් වූ, සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙකි.
Sthira athmayak nomatha.
Anithyayi
Dukkai
Anathmai.
@@chemestrueducation1918
කොතනද ආත්මයක් නොමැත කියල දේශනා කරල තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ එසේ දේශනා කර නැත. ආත්ම දමනය ගැන දේශනා කරලත් තියෙනවා.
ස්කන්ධ වල අනිච්චතාවය, ස්කන්ධ වල දුක්ඛ තාවය, ස්කන්ධ වල අනාත්ම තාවය දැක ගන්න, තහවුරු කරගන්නයි ධර්මය කියෙන්නෙ. එවිටයි එයින් මිදී එයට නොඇලී සිටිය හැක්කේ. එය තහවුරු වන්නා දකින්නා ස්කන්ධ වලට අයිති නැත. ඒ නිසයි ස්කන්ධ වල වැනසීමත් දැක ගත හැකි වන්නෙත්.
එයා නසන්නන් බැරිය නැසෙන්නෙත් නැත. ඒකයි මෙපමණ කාලයයක් සසර ගමනක ආවෙත් ඉදිරියට යන්නෙත්. ස්කන්ධ වැනසුනත් ඉන් ඉදිරියටත් ඔහු නොනැසී ගමනක යෙදී ඉන්නෙත්.
මොකක්ද අනිත්‍යයි දුකයි අනාත්ම ?@@chemestrueducation1918
ඇසුරු කළ සත්ව නිකායෙන් චුන වී යම් විටෙක නැවත අල්ලා ගන්නා තැන දැක ගත හැකි වන්නේම ශරීරයෙන් ඉවත්වී යාම හා ඉන් පසු ස්වභාවය දැක ගත හැකි නිසාමයි.
Oba wahanse kiyana kathawa hare namuth me kathawa wenas wedeyakata kiuwanam thamai hoda mokada meeka minissunta thieinne na anika me kathawa piliwelakata eka thanakin patan aran kiuwanam mee gatalu mukuth anne na man dakinne a weseyata
ස්තුතියි මේ අදහස ඉදිරිපත් කළාට.
මැරෙන එක කවදහරි වෙනව නෙමෙයි නෙ හැමතිස්සෙම විඤ්ඤාන මැරෙන්නෙ. වේදනා සංඤා සේරම මැරෙනවනෙ. නොවෙච්ච දෙයක් වෙන්නෙ කොහොමද. ජරාව ගන්නකො , ඒකත් හැමතිස්සෙම වෙනව මේ මනුස්සයාට මේක අහන්න ේරෙන්නැ
තවමත් මා සිටින්නේ ධර්මය සොයායන අවධියේය..මා හට එසේ ලොකු දැනුමක් නැති බව පිළිගනිමි..🌸🙏🌸..එබැවින් මට තේරෙන ප්‍රමාණයෙන් ප්‍රශ්න අසමි...
විඤ්ඤාණය හැම තිස්සෙම මැරෙණව තමයි. එය මැරෙණ බව තහවුරු වන්නේ එය මැරෙද්දි විඤ්ඤාණය සමඟ විඤ්ඤාණය මැරෙණ බව තහවුරු වන්නා නොමැරෙණ නිසා ම තමයි.
😂😮
කය බැහැර දැමූ සත්වයා යනු රූපත් නොවන,වෙිදනාත් නොවන,සංඥාත් නොවන,සංකාරත් නොවන,විඥානත් නොවන එකක්ද...?එබඳු සත්වයෙක් ගැන බුදුරජාණන් දේසනා කර නැත.මෙි හාමුදුරුවෝ විසාල මුලාවකට වැටිලා.
මට කියන්න බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියේද ආත්මයක් නෑ, සත්වයෙක් නෑ, කෙනෙක් නෑ, පුද්ගලයෙක් නෑ කියලා සූත්‍රයක් පෙන්නන්නකෝ බලන්න,,,
කය කියන්නේ සත්වයා නොයන නිසයි කය බැහැර දැම්මට සත්වයා නැතිවෙන්නැත්තේ
කය ඔයාමයි, කය ඔයාගෙ මයි, කය ඔයාගෙ ආත්මයමයි කියල ද ඔයා හිතන්නෙ. ඕක තමයි සකකාය දිට්ඨය කියල කියන්නෙ.
ශරීරය හා කය කියන්නෙ (සබ්බකාය)සොයා ගන්න..
මේම ධර්මානුශාසනාව ඔබ කීපවතාවක් ශ්‍රවණය කරන්න,,,එවිට ඔබට පෙර නොවිසු විරූ ධර්මය අර්ථයක් වටහාගන්න අවස්ථාව සැලසේනවා ඒකාන්තයි,,,🙏🙏🙏