කන්ද උඩ ඉදන් මුළු කොළඹම බලන්න | වළගම්බා රජුගේ පිළිකුත්තුව රජමහා විහාරය

Поділитися
Вставка
  • Опубліковано 11 лют 2025
  • #historical #temple #srilankantemple #hiking #travelartlk
    ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරළයේ මහර ප්‍රා.ලේ. කොට්ඨාසයට අයත් ඌරුවල් පේරුවෙහි පිහිටා තිබෙන ප්‍රාග් ඓතිහාසික පුදබිමකි මෙම පිළිකුත්තුව රජ මහා විහාරය. මෙම විහාරය මෙරට ලෙන් විහාර සම්ප‍්‍රදාය තුල ඉතා වැදගත් කමක් උසුලන, ඓතිහාසික බෞද්ධ පුදබිමක් වෙයි.
    අඩි 400-450ක් පමණ උස කඳුගැටයක් පුරා අක්කර 250ක් තරම් භූමි භාගයක පැතිරී තිබෙන මෙම විහාරයට අයත් භූමියෙන්, අක්කර 52ක පමණ ප්‍රමාණයක් රජමහා විහාරය සතුවද , ඉතිරි භූමි ප්‍රමාණයේ ඇති ස්මාරක පමණක්ද විහාරයට අයත්ව පවතියි. මෙරට වැඩිම ලෙන් සංඛාවක් සහිත විහාරස්ථාන අතරට අයත් තවත් විහාරස්ථානයක් ලෙසටද, බස්නාහිර පලාතේ පිහිටි වැඩිම ලෙන් සහිත රජමහා විහාරය ලෙසටද, මෙම භූමිය හැඳින්වෙයි.
    කොළඹ නුවර මහා මාර්ගයෙහි මිරිස්වත්ත හන්දියෙන්, වතුරුගම මාර්ගයේ කිලෝ මීටර 4ක් පමණ දුරින් වූ, පිළිකුත්තුව හන්දියෙන් වමට හැරී කිලෝ මීටර 1ක් පමණ ගමන් කල විට පිළිකුත්තුව රජ මහා විහාරය වෙත ලඟාවිය හැක. ගම්පහ - කිරිඳිවැල බස් මාර්ගයේ යක්කල හන්දියේ කිලෝ මීටර් තුනක් පමණ ගිය විටද, මෙම විහාරයට ලඟාවිය හැක. විහාරස්ථානයට උතුරින් යොන්ගම්මුල්ල ග්‍රාමය හා වාරණ විහාරය සහිත කඳු වැටියත්, දකුණින් වලගම්බා රජමහා විහාරයත්,
    නැගෙනහිරින් මාලිගාතැන්න ඓතිහාසික පුදබිමත් පිහිටා ඇත.
    මිනිසා ගල්ලෙන් සිය වාසස්ථාන කොට ජිවත් වුයේ කුමන කාලයක සිටද එවැනි ප්‍රාග් බෞද්ධ යුගයකින් මෙම ස්ථානය ආරම්භ වු බවට සදහන් කල හැකිය. මෙම පුදබිම මුල් කාලීන ආදී මානව ජනාවාසයක්ව පැවති බවට කරන ලද කැණිම් සාධක සපයයි. මහින්දාගමනයෙන් පසුව සිදු වු දියුණුවත් සමගම එතෙක් පැවති ගල්ගුහා වැස්සෙන් ආරක්ෂා වීමට හැකි පරිදි කටාරම් කොටවා සඟරුවනට පිදු බව ‍සෙල් ලිපි සාක්කි පෙන්වයි. එම කාලය දේවානම් පියතිස්ස රජ දවස බව පුරාවිද්‍යාඥයන්ගේ මතය වෙයි.

КОМЕНТАРІ • 13

  • @TRAVELARTLK
    @TRAVELARTLK  Місяць тому +5

    මිනිසා ගල්ලෙන් සිය වාසස්ථාන කොට ජිවත් වුයේ කුමන කාලයක සිටද එවැනි ප්‍රාග් බෞද්ධ යුගයකින් මෙම ස්ථානය ආරම්භ වු බවට සදහන් කල හැකිය. මෙම පුදබිම මුල් කාලීන ආදී මානව ජනාවාසයක්ව පැවති බවට කරන ලද කැණිම් සාධක සපයයි. මහින්දාගමනයෙන් පසුව සිදු වු දියුණුවත් සමගම එතෙක් පැවති ගල්ගුහා වැස්සෙන් ආරක්ෂා වීමට හැකි පරිදි කටාරම් කොටවා සඟරුවනට පිදු බව ‍සෙල් ලිපි සාක්කි පෙන්වයි. එම කාලය දේවානම් පියතිස්ස රජ දවස බව පුරාවිද්‍යාඥයන්ගේ මතය වෙයි.

  • @ecoast-ci7pc
    @ecoast-ci7pc Місяць тому +3

    හරිම වැදගත් video එකක් 🙏👍

  • @chamindacurtains8480
    @chamindacurtains8480 Місяць тому +1

    Great job ❤

  • @ireshamaduwanthi2584
    @ireshamaduwanthi2584 Місяць тому +2

    Good good ❤

    • @TRAVELARTLK
      @TRAVELARTLK  Місяць тому +1

      @@ireshamaduwanthi2584 thank you 👍

  • @sampathviraj3295
    @sampathviraj3295 Місяць тому +2

    👍👍👍

  • @madushansupunakalanka3879
    @madushansupunakalanka3879 Місяць тому

    Great job ❤️🇱🇰

  • @thisararodrigo5560
    @thisararodrigo5560 Місяць тому +2

    Good presentation and video !!!

    • @ipraigama1
      @ipraigama1 Місяць тому +2

      Thank you ❤👍

    • @TRAVELARTLK
      @TRAVELARTLK  Місяць тому +1

      @@thisararodrigo5560 thank you 😉

  • @chamindacurtains8480
    @chamindacurtains8480 Місяць тому +1

    Great job ❤