Heva - Dawasa (feat. Hiroo) (Official Music Video)

Поділитися
Вставка
  • Опубліковано 21 жов 2024
  • #heva #dawasa #sinhalarap
    Subscribe to Heva on UA-cam
    / @hevathereal
    "Dawasa" now available on all streaming platforms
    bnfr.link/dawasa
    Written & performed - Heva
    Produced, Mixed & Mastered - Hiroo
    Video by - Randil Gimantha Alwis
    Heva
    / hevathereal
    / h_e_v_x
    Hiroo
    / hiroomusic
    / __hiroo____
    Randil Gimantha Alwis
    / randil.alwis.3
    ...
    Special thanks:
    Dilshan Madhusanka
    Kavindu Mihiranga
    Lyrics :
    බෑ මට සෑහෙන්න
    බෑ මට සෑහෙන්න
    බෑ මට
    දෙන්නෑ කාටත් නැසෙන්න
    දෙන්නෑ වැටෙන්න මනස
    නෑ මට තැවෙන්න
    නෑ මට තැවෙන්න
    දේ තව
    දෙන්නෑ තාමත් මැරෙන්න දෙන්නෑ ගෙවෙන්න දවස//
    වෙන් කරාට පව පිනෙන් වගේ හංසයා කිරි දියෙන්
    වෙනස් විය යුතුයි ආකල්ප ගොඩක් උන් අඩ සිහියෙන්
    ත්‍රීරෝද රථයකින් මරු පලා යාවි මට බියෙන්
    මිලදී ගත්තා මං බිම් කඩක් දෙවියන්ගෙ අඩවියෙන්
    හොඳින් පිරික්සපන් මගෙ ඉවසීමේ ගුණෙත්
    හේවා නෙමේ පිස්⁣සෙක් කතා කලේ උඩ පේලි තුනෙන්
    මට පිහියෙන් අනියි වගෙ මේ කාලීන සිදුවීම්
    මේ වෑයම නැගිට්ටවන්න වචනෙන් හෝ දිරි දී
    බෑ මට සෑහෙන්න බෑ මුං දුකින් ඉද්දි මිරිකී
    නෑ මට තැවෙන්න හේතු දේ ගැන මං කල කී
    නා නා විද හැල හැප්පීම් ආවා මැදින් පෙරදී
    කාටත් නොදැනෙන් පීඩනෙන් මං ඉන්නේ තෙරපී
    වෘත්තීයමය ඝාතන හානි දේපල බුද්ධිමය
    රක්ත වර්ණ ක්ෂිතිජය දිහා බලන් ඉද්දිමය
    ප්‍රේමනීයයිද ගෙල කපා ගලද්දි රුධිරය
    වේදනීයයි තමයි බැදීම් කල් යද්දි කෘතිමය
    බෑ මට සෑහෙන්න
    බෑ මට සෑහෙන්න
    බෑ මට
    දෙන්නෑ කාටත් නැසෙන්න
    දෙන්නෑ වැටෙන්න මනස
    නෑ මට තැවෙන්න
    නෑ මට තැවෙන්න
    දේ තව
    දෙන්නෑ තාමත් මැරෙන්න දෙන්නෑ ගෙවෙන්න දවස//
    තෝරගන්න වී මරණය නැත්නම් ජීවත් වීම
    පැරදුනත් කෙලින් නින්දිතයි තරඟෙන් ඉවත් වීම
    කවියක් ලිවීම හුරු කරාවි මට මිනිහෙක් වීම
    බෙරිහන් දීමට පිළියම් යොදා කලේ මං ඇත්ත කීම
    අකපේය අධිවේග ගමන් හෙමින් අගනේය
    හිරු මුන්ට බර වැඩි අපේ වචනේය
    මට පේන මෘත දේහ එක්ක මොන මතභේද
    වට මේස උපදේස එක්ක නොම පැටලේය
    ඉබ්බාගාතේ ඇවිද්දා බේරේ ලේ කට කොනෙන්
    පත පොතෙන් උගත් දෑ හුඟක් මට නෑ වැඩක් ඕකෙන්
    මේවා හේවා ගෙ. නෙමෙයි ෆිදෙල් කැස්ත්‍රො ගෙ
    ටූපක් බලන් මා දෙස හැරවූ ඇස් තොගේ
    තව මොලේට එකක් හොයපු උන්ට ආ මෙන්න
    මාව බිමින් තියපන් ආස නෑ පා වෙන්න
    මට ඕන දේට අවසර ගන්නේ කාගෙන්ද
    ආසයි ජීවත් වෙන්න මං හේතු තිබ්බත් එපා වෙන්න
    බෑ මට සෑහෙන්න
    බෑ මට සෑහෙන්න
    බෑ මට
    දෙන්නෑ කාටත් නැසෙන්න
    දෙන්නෑ වැටෙන්න මනස
    නෑ මට තැවෙන්න
    නෑ මට තැවෙන්න
    දේ තව
    දෙන්නෑ තාමත් මැරෙන්න දෙන්නෑ ගෙවෙන්න දවස
    #heva #dawasa #consciousrap #absoul #gotta_do_better #srilanka

КОМЕНТАРІ • 383