Take Care | Episode 04 - (2024-06-09) | ITN
Вставка
- Опубліковано 13 гру 2024
- Take Care | Episode 04
#ITN #ITNSriLanka #ITNDigital #TakeCare #episode4
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
අසේනී කිල්ලට අහු වුණා කියල බය වුනේ OCD එකක් නිසා නෙවෙයි. දරුවො නැති නිසා එයාල දෙන්නගෙ තියෙන යම් විස්වාසයක් නිසා කරන පිළිවෙත් වලට ඒක නරකට බලපෑවා කියන එක නිසා. මෙතන ගොඩක් අය ඒ නිසා අසේනි මෝඩ ගැහැණියක් කියා හවඩු ගසා තියෙනවා දැක්කා. දරුවෙක් නැතිකමින් මානසික පීඩාවට පත් වෙලා ඉන්න පවුල්‍ර්න් එන පීඩනය දරාගෙන ඒක ඇතුලෙ තනියෙන් විඳවන , මොන යම් හෝ විස්වාසයක් මත බලාපොරොත්තු රඳවගෙන ඉන්න ගැහැණියක් එයා. සාමාන්‍ය ජීවිතේදි වගේම කතාවකත් මිනිස්සු ගෑනිගෙ වැරදි කියල මිනිහ පිට යන එක සාධාරණීකරණය කරනවා. පවුල් ජීවිතයක ගැටළු එනවා.ලෝකෙ කොහේවත් එකවගේ එකට ගැළපෙන කපල් නෑ. නොගැළපීම් ගලප ගන්න මානසික වියවුල ඇතුළෙ වෙන කෙනෙක් ගාවට ගිහින් ගැටළු සංකීර්ණ කර ගන්නෙ නැතුව උපදේශනය , තමන්ගේ දුර්වලකම් තේරුම් ගන්නේ කොහොමද , විවෘත්ව කතා කරන්නෙ කොහොමද, පවුල් ජීවිතයක සංකීර්ණ ගැටළු ලිහා ගෙන දිග ගමනක් යන්නෙ කොහොමද කියන එක ගැනත් සමාජයක් විදියට ඉගෙනබ්ගන්න ඕනෙ. අසේනී නරක ගැහැණිය වුනේ මේනකාගේ ආගමනයත් එක්ක. කවුරු කොහොම කිව්වත් වාසල අසේනි එක්ක තියෙන පරස්පරය විසඳා නොගෙන වෙන දේකට අවදානය දීම තමයි ප්‍රශ්න වැඩි වෙන්න මුල.
අසේනි සාම්ප්‍රධායික මෝඩ ගෑනියක්.කලින් එපිසෝඩ් එකක පෙන්නව වාසල එයාව කිස් කරන්න යද්දි දත් මැදලද අහනව.එතනින්ම පේනව එයා ඒ දේවල් වලට ආස කෙනෙක් නෙවෙයි කියල.ගැගිම් ඇවිස්සුනාම කවුද ඕව බල බල ඉන්නෙ.අනික තමයි හැම දේම අම්මට කියන එක.එයාට relationship එකක් ඇතුලෙ හැසිරෙන්න ඕන විදිහට ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ..ඒයා කියන්නෙ ඒකනෙ.මට ඕන ඔයාගෙ වැඩ කරන්න විතරයි කියල.වාසල කියන්න sexual active කෙනෙක්.එයාට ඕන sex fantasy එක කවදාවත් අසේනිගෙන් හන්බෙන්නෙ නැ.ඒ වගේ දෙයක් විවෘතව කතා කරන්න ආවොත් ඒකත් අම්මට call කරන කියන ජාතියෙ කෙනෙක් කියල වාසල දන්නව.ලමයි නැති pressure එකටයි බේස්ලට් එක ගැන සැක හිතුනට පස්සෙයි වෙනස් උනෙ නෑ .මොකද කතාවෙ එක තැනකදිවත් පෙන්නුවෙ නෑ එයා ඒ බේසලට් එක ගැන හිතනව.එයාගෙ චරිතෙම ඒ වගේ තමයි.romance කියල දෙයක් ගෑවිලවත් නැති boring ගෑනියක්.ඉතින් වාසල වටේ යන එක හරී කියන්නෙ නෑ.ඔය වගේ ගෑනු ඉන්න හැම පිරියම වටේ යන්නෙත් නෑ...එහෙම පිරිමි කොච්චර හිතින් දුක් විද විද ඇත්ද
💯
මිනිස්සු පෘථක්ජනයි.. ආදරය, බැදීම්, සතුට.. වෛරය.. වෙන්වීම්, දුක.. හැමදේම දවසක නැති වෙනව.. උත්පාද චිචි භංග.. ඒ අවභෝදය ඇති.. සරලව ජීවත් වෙන්න..
අසේනි සාම්ප්‍රදායික විවාහ ජීවිතයක් බලාපොරොත්තු වෙන කෙනෙක්. එයාට ලොකු දේවල් ඕනෙ නෑ. මහත්තයා වැඩට ගිහින් එනකොට කෑම හදල එයාගෙ වැඩටික කරල දීල ළමයෙක් හදන් හිටියම ඇති. වාසුල ඒ වගේ ඒකාකාරි ජීවිතයෙන් පිට යමක් හොයනව. විවිධත්වය, විනෝදය වගේ දේවල් . අසේනි කොච්චර හොඳ සාම්ප්‍රදායික බිරිඳක් උනත් වාසල හොයන හැපනින් එක අසේනි ගාව නෑ. මානව සම්බන්ධතා කොච්චර සංකීර්ණයිද කියන කාරණයත් මේ ටෙලි නාට්‍ය අපිට පෙන්නනව
ඇත්ත දැනට නාට්ටිය යන විදිහට ඒ සංකීර්ණ බව කියන එක පෙන්නනවා ..ඉස්සරහටත් අනිත් සාමාන්‍ය කතා වගේ නොවේවා කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ..
ඇත්ත
ඒක තමයි ඇත්ත, ❤
හරියට උමාලි සාරංග වාගේ වෙන්න ඇති ..😊
Eyhthatama garmants bossla mehemada.kawuru ho uththara dennako
"අපිට ළමයෙක්ට නැති එක හැරෙන්න අනිත් හැමදේකින්ම මම ඉන්නේ සතුටින්...මට ඒකත් කරගන්න ඕනේ එතකොට මම සම්පූර්ණයි" මේ couple එකට ප්‍රශ්නයක් තියනවා. අසේනි relationship එක දිහා බලන්නේ එයාගෙ කෝණයෙන් විතරයි. ඒත් වාසලටත් දැනෙන්නෙ එහෙමද? එයත් හැමදේකින්ම satisfied ද? ඒ කෝණයෙක් එයා හිතන්නෙ නෑ. Relationship එකකදි දෙන්නට දෙන්නා හැමදෙයක් ගැනම දෙන්නගෙම කෝණයෙන් හිතන්න ඕනේ. කතාව හුගක් ලස්සනය. දැන්නම් බලන ආසම කතාවක් 😍 මේ ලස්සන හැමදාටම තියාගෙන කොටස් අඩු ගානකින් අවසන් කරන්න ❤❤❤
Hi kohomada
Ow neda aththa e kathawa nan
Matath .ape Kiri sihineth Saba wewa
ලංකාවෙ ගෑණු එහෙමයි...මගෙ එක යාලුවෙක්ගෙ නෝනට ළමයි 4ක් දුන්න.එයා වටේ යනව.ගෑණිට ඕවා හොයන්න වෙලා නෑ..ළමයි ගැන බලනව ඇර.මං කථවෙ අවසානය කියන්නම්...කසාද ගෑනි ඔක්කොම ඉවසන් ඉන්නවා.අර කෙල්ල තව එකෙක් එක්ක යාලු වෙනව.මිනිහත් තව එකියක් හොයා ගන්නවා..කසාද ගෑනි හැමදාම එහෙමම ඉන්නවා..හරිම සරලයි
❤❤❤❤❤
දිනපතා චර්යාවේ වෙනසක් උණාම ඒක අනිවාර්යෙන් ප්‍රශ්නයක් වෙනවා. වාසල මේනකා ළඟට යන්න ඕනවට බොරු කාර්‍යබහුල තත්තවයක් නේ කලින් පෙන්නුම් කරේ ... එහෙම දිවා රෑ වැඩ කල කෙනෙක් එක පාරටම ගෙදර නැවතිලා බිරිඳගේ කාර්යයනූත් කරන්න ගත්තම අසේනිට එහෙම සැකයක් ඇතිවන එකෙත් සාධාරණයක් තියෙනවා ඒක වාසල වැඩ කරනවා දැකලා ලැබෙන සතුටට වඩා එහෙම වෙන්නේ ඇයි කියන එක මානසිකව ප්‍රහල ප්‍රශ්නයක් වෙනවා
Oya hari
මල් ටෙලි නාට්‍ය නිසා ටෙලි නාට්‍ය නැරඹීම සම්පූර්ණයෙන්ම අත හැරපු මම වගේ අයට නැවත ටෙලි නාට්‍ය වලට ඇති කැමැත්ත ඇතිවෙන දෙයක් කිරීම වෙනුවෙන් ස්තුතිය.
මිනිසුන්ගේ හැගීම් පිලිබඳව ජීවිතවල නොපෙනෙන පැති පිලිබඳව සමාජ කතිකාවතක් . සුභ පැතුම් මෙම ටෙලි නාට්‍යයට
Oya hari❤
HariyatAma hari
True 💯
ඔව් ..මමත් ටෙලි නාට්‍ය බලන එක සම්පුර්ණයෙන් නතර කරලා තිබුණා ..තප්පරයක් ඉන්න, බඹරෙක් ඇවිත් , tack care...මේ නාට්‍ය ටික නිසා අයෙමත් බලන්න හිතෙනවා ..
Ow ekagai...
ලස්සනයි මේ කතාව මේක නිස්පාදනය කරලා තියෙන්නේ සාරංග .සාරංගගේ ඇක්ටින් මරු .එයා හරි දක්ෂ නලුවෙක්..සුබ පැතුම් .ජේසු පිහිටයි ඔයාලාට .
කිසිමදාක බැදපු මිනිහෙක්ට ආදරේ කරන්න නරකයි..උන් කපටියි..ආත්මාර්ථකාමී ,අවස්ථාවාදීන් ....😡ගෑණුන්ගේ අහිංසක ජීවිත එක්ක සෙල්ලම් කරන කාළකන්නි
සාරංගට ගොඩක් ලොකු capacity එකක් තියෙනවා.. හදවතට කතා කරන කටහඩ නිසා ඒක තවත් වැඩියි.. සමාජයේ මේ වගේ සියුම් තැන්, හැඟීම් වලට කතා කරන දක්ෂ නලු,නිලියන්ට විතරයි පෙන්නන පුලුවන්.. ඔබලාට ජය... 💐💐💐
දිනක්ෂි මෙච්චර talent කියලා දැන් දන්නේ . වාසල ගේ wife ට ඉන්න කෙනාත් super .
තත්පරයක් දෙන්න teledrama එකේ ඩැෆ්නි..
එදා මේනකාගෙ යාළුවට අහුවුන එකෙන් වාසලට කන හරහා මොලයට ගැහුවා වගේ උනා තමන් ගැනම ලැජ්ජාවක් ආවා. ඒ guilt එකත් එක්ක තමන්ගෙ බිරිදත් එක්ක ටික දවසකට ගෙදර ඉදලා ජීවිතය අලුතින් පටන් ගන්න හිතුවා. ඒත් ඒක හිතන තරම් සාර්ථක වුනේ නෑ.
Ou aththa.moda ganiyek.wada kalath waradi.manussaya gedara inna eka tharam wasanawak koheda.wasalath Pau eka athakin
@@SamanthikaKumuduni-g1kපව් උ බබා 😂
@@SamanthikaKumuduni-g1kOya ta mole thiye ne
ඇත්තටම මේ කතාව බලනකොට සාරංග දිනක්ෂි නෝනයි මහත්තයයි කියලා හිතෙන්නෙම නෑ........
Echcharata sarthakai ragapaama ❤
පවුල් ජීවිතය තුළ තියෙන රහසිගත මුත් හැමෝම දන්න ප්‍රසිද්ධ ප්‍රශ්නයක් බොහොම අපූරුවට ගොඩ නගලා ....
තවත් තැනක තියෙන කිසිදාක නොවිසෙඳන ගැටළු පිරිමි සහ ගැහැණු තෘප්තිමත් නොවූ ආශාවන් සංසිඳවා ගැනිම සහ ඔවුන් පැටලෙන දැලෙහි එහි තුළම සිරවී ජීවිතය විඳවන අයුරු සහ
හොඳින් අපිට දැනෙන්නටම එහි රඟපෑම සහ කතාව අපූරුයි ......
ස්තූතියි ඔබ සැමට !
හරියට බැලුවනම් කතාවෙන් පවුල් ජීවිතේට ගන්න පාඩම් ගොඩයි. පවුල් ජීවිතේ සාර්ථක වෙන්නනම් අන්‍යොන්‍ය අවබෝධය තියෙන්න ඕන. තමන්ට දැනෙන දේ පාට්නර් එක්ක විවෘතව කතා කරන්න ඕන. පිටස්තරයන්ගෙ බලපෑම් ඔලුවට ගන්න නරකයි(අම්මලාගෙන් වුනත්)
වාසලගේ wife ට ඉන්න නිළිය රගපාන හැම කථාවකම දක්ශ ලෙස රගපානවා
මුලිංම දැක්කේ වීදුරු මල් වලිං......
❤❤❤
රෙබේකා
අසේනිට වැදගත් එයාගෙ සතුට විතරයි .එක අතකට වාසලත් වැරැදි .හිතේ තියන් ඉන්නැතුව තමන්ට තියෙන ප්‍රශ්නෙ කෙලින් කතාකරා නම් ඉවරයි.වටේ යන එක විසඳුමක් නෙවෙයි .ඒක තාවකාලික සතුටක් විතරනෙ .
Aseni ekkanm katha karala wisadanne lesi wenne na😅
@@happypill3473 ඒ උනාට කතා කරන්න ඕනි මං කියන්නෙ .ලංකාවේ පවුල් ප්‍රශ්න වලට හේතුව කතා බහ නොකරන එක තමයි
කතා කරන්නෙ අසේනි එක්කද 😅😅😅
@@jeevanie1 ඔව් . තමන්ගෙ බිරිඳ එක්ක ලිංගික ජීවිතේ ගැන කතා කරන එක හොඳයි නේද, පිටගෑනු එක්ක අනියම් සම්බන්ධතා වල පැටලෙනවට වඩා.ඉන්න බැරි නම් වෙන් වෙන්න ඕන.
😮
ගෑනු සාම්ප්‍රදායික නොවෙන තරමට පවුල බේරෙනවා කියන එක අපේ ගෑනු අය තේරුම් ගන්නෙ නෑ 😊
අනිවාර්යයෙන්
😊😊Q 20:29 yu
Uuipuuh@@craftworlds19
ඇත්තක්
අනිවාර්යයෙන්
රගපාන හැමෝම ඒ චරිතවලට සාදාරනයක් කරනවා. වාසල මේනකා අසේනි රගපෑම මරු❤️
මෙච්චර දවස් වාසලට ශාප කලා අපරාාද කියලා හිතුනා වාසලගෙ ගෑනිගෙ ආකල්ප දැනගත්තාම 😂😂😂😂😂😂
හිතට දැනෙන ටෙලිනාට්‍යයක් ❤️
පටන් ගත්ත ගැම්ම රැකගෙන ඉස්සරට යන්න take care 🎉
එදිරිමුනිට පෙන්නන්න ඕනි කතා මෙව්වා❤
😂❤
😂😂
මේ ටෙලිඩ්‍රාම එක බලනකොට මට කාලෙකට කලින් බලපු “Fetal Attraction” මූවි එක මතක් උනා. කතාවක් තියනවනේ පිරිමින්ට ආදරේ නොකර කායික සම්බන්දතාවක් ඇතිකර ගන්න පුළුවන් උනාට ගැහැණියක් එහෙම කරන්නෙ ආදරේ හින්ද කියල..මේනකා ඉන්නෙත් ඒ ආදර හැගීම් එක්ක..ඒ එක්කම තමන්ට වාසුල වගේ කෙනෙකුට ලංවෙන්න ලැබීම ගැන දැනෙන අභිමානෙත් එක්ක.. ඊ ලඟට ඇතිවෙන ඉරිසියාව, සැකය මේ ගැහැණු දෙදෙනාටම පොදු හැගීම් බවට පත්වෙනව.. අන්තිමට කාටවත් සැනසීමක් නොලැබෙන තැනට පත්වෙනව..බොහෝ ඇත්ත කතා වල සිදුවෙලා තියනව වගේ..
අද කාලෙට ගැලපෙන කතාවක් ලස්සන නිමාවක් ඕන 😊
අසේනිගෙයි වාසලගෙයි අතර කිසිම ආදරයක් පේන්නේ නෑනේ අනික කව්ද අකමැති කතාවට උනත් හැමදේටම උදව් කරන පාට්නර් කෙනෙක්ට. වාසලට ගැලපෙම්නේ මේනකා තමා 😂
කලින් මට හිතුනෙ වයිෆ්ට OCD කියලා ඒත් දැන් මට හිතෙනවා එයාට anankastic personality එක තියෙන කෙනෙක් කියලා.
1)හැමදේම ඕනවට වඩා පිලිවෙලට නීට්ව තියෙන්න ඕන. පොඩ්ඩක් එහෙ මෙහෙ වුනොත් නුරුස්සන ගතිය එනවා.
2) තමන්ගෙ නීතියට වැඩ.
3) එදිනෙදා ජීවිතයෙ ක්‍රියාවලියෙන් ටිකක්වත් වෙනස් වෙන්න කැමති නෑ.
4) හැමදේම perfect විදිහට වෙන්න ඕන.
ඒක සාමාන්‍ය personality එකේ ඉදන් personality disorder එකක් දක්වා අඩු වැඩි වශයෙන් තියෙන්න පුලුවන්. ඒක කරදරකාරි මට්ටමකට තිබ්බොත් ඒක mental disorder එකක් විදිහට සලකනවා
@@tc20258even brushing teeth scene 🎬
Wasala eyawa kiss krnna hadaddi, eya ahuwa, brush krld kyl... ita passe wasala giya brush krn enna...
මට ඔය කියන දේ තියනවනේ.😢හැබැයි මිත්‍යා විශ්වාස නම් නෑ.
Me leda tika ape nenadammata tyanawa mata nam penna be hemadama ekama wage inna mn nam asa ne poddakwathma
Ow aseni ekka jeewathwenna baha.paw wasala eya wifeta adare nathuwa naha
පටන් ගද්දි තියෙන ගැම්ම කතාවේ මැදදිනම් විනාස කරන්න එපා සුපිරි කතාවක් මේක💯💗
පල හුත්තා හැම කතාවටම ඔය ගොබ්බ ටෝක් එක නොදා. බලන්න බැරිනම් නොබලා ඉදපන්
වාසලගෙ ගෑනි පොශ් වගේ හැසිරුනාට මිත්‍යා ගුහාවක්...මෝඩ ගෑනියක්....😂😂😂
Ekane ithin miniha pitin kanne 🤣
තත්පරයක් දෙන්න එකෙ ඩැෆ්නි නෙද වාසලගෙ වයිෆ්
Ekane minissu yanne.butha genu ekka inna bene 😂
Odc විතරක් නෙමෙයි මෝඩ අම්මෙක්ගේ දුවෙක්.අම්මා හදලා තියෙන විදිය සහ අසෙනිටත් වෙනස් වෙන්න ඔනේ නෑ අම්මා කියන ප්ද්දේටම යුතුකම් වගකීම් ඉටු කරගෙන ගොන් ගහක් වගේ ඉන්නව.කසාදෙ කියන්නෙ එච්චරයු කියලා හිතන් ඉන්නෙ ඒ අම්මයි දූයි
@@senukiaranya5454😂😂😂
හිරු.දෙරන.සිරස ..ගොබ්බ මල් කතා බලන අයට මෙ වගේ කතා පෙන්නෙ කුනුහරප වගේ...😊
ඒකනම් ඇත්තක්😂💔
ආයේ සතියක්ම ඉන්න නම් බැහැ😢 ඒ තරම් මේ කතාවට කැමතී සාරංග ♥️ දිනක්ශි superb ආසම 2නෙක්🥰
අනියම් සම්බන්ධතා කියන්නේ ගින්දරk 😢😢😢
Ow karana ayata wagema anith psrshawaya denagaththamath 😢
eath kasada ganeta theyena duka mnehatawath hora ganetawath nha. 😢
අසේනිගෙ අද හැසිරීමට බැන්නට මුල්ම දවසේ එයාට අර සැන්විච් එකක් හදල දෙනකොට ලඟට ගිහින් ආදරෙන් හිටිය මතකනැද්ද
එයා මේ වෙලාවේ සැකය නිසා හිත අව්ලෙන් ඉන්නෙ අර බේස්ලට් එකේ කෙස් ගහ නිසා.එහෙම් සැකයක් දැනුනම කොහොමත් රුස්සන්නෙ නෑනේ හරියට ඒක දැන ගන්නක්ල්
ඒ මුල් දවසෙ සැන්ඩ්විච් හැදුවෙ පහල කුස්සියෙනෙ. අද අසේනි අවුල් වුනේ වාසල උඩ කුස්සියේ වැඩ කරපු නිසා.
කොටස් 4ම තත්පරයක්වත් ස්කිප් කරන්නෙ නැතිව බැලුවා ❤️
හැමෝම සුපිරි රංගනයක් සාරංග + දිනක්ෂි + රෙබෙකා ❤❤❤
Mamat 💥
Math
Husband and wife හින්දා තාත්වික ගතිය හොදට තියෙනවා.අතපය දිග ඇරලා කුණුහරප කියනවා,කියන්නත් පුලුවන්නෙ අනික😂
ගැහැනිය හා පිරිමියා,බහුරත පවුල් ජීවිතය හා විවාහයෙන් පිට සම්බන්ධතා ,සමාජයේ කාලීනව සුලබව දකින්න තියෙන ගැටලු එලෙසින්ම ඉතාම තාත්විකව ඉදිරිපත් කිරීමක්..තම තමන්ගේ පවුල් ජීවිත හා තම තමන්ගේ ගැටලු අඩුපාඩු හදුනගන්න අවස්තාවක්..හොද නිර්මාණයක් .
අසේනි වගේ ගෑනියෙක් එක්ක ඔය තරමින් හරි ඉන්න එකට තෑගි දෙන්න වටිනවා 😩
ඒකට හේතුව මම හිතන විදියට එයාගෙ අම්මලා නැන්දම්මාලා දරුවෙක් ගැන අහලා දෙන පීඩනය... ඒක විතරයි එයාගෙ ඔළුවෙ වැඩ කරන්නේ... දෙමාපියන් තමන්ගෙ දරුවො බැන්දට පස්සේ එයාලගෙ ජීවතේ එයාලට ඕන විදියට ගෙනියන්න නෛාදෙන එකේ ඵල විපාක
Super story about complex real feelings of people. Dinakshie is doing complete justice to the role.
Take care බලන්න මග බලන් ඉන්න අය කො😅
❤👍
මිනිහා පිට යන එක සාදාරනයි ඕන එකයි එපා එකයි අම්මට කියනවා හැගීම් වලට මිනිහට ඉඩක් දෙන්නෑ ආදරෙ කරන්න අවස්තාව දෙන්නෑ වගකීම් අස්සෙ හිර වෙලා මිත්‍යා මතවලයි ජීවිතෙ තීන්දු කරන් ඉන්නෙ
Ekanam atta. Pitin adare lebenawa eke kisima wagakimakwath na eyata.ara wage genu kalama minissu ema krnwne itim
සහතික ඇත්ත
That doesn’t justify cheating though noh? That’s why something called “communication” exists.
අද කිව්වා කියලා හිතා ගන්ඩ සාරංග අයියගෙ දුවත් මෙකේ රඟපානවා. ❤ එයටත් මෙකේ චුටි කොටසක් තියෙනවා.. 😊❤🤗
වෙන්න පුළුවන් .එහෙනම් ඒ මේනකාට හම්බවෙන්න ඉන්න බබා වෙන්න ඇති.මං මේක අද ඉදන් බලන්න ගත්තෙ😊
Baba hamba wenna Inna kaale idanma ganna hakine.
මේ කතාවෙ හැමදෙයක් ගැනම විචාරශීලි ඇසකින් බලන්න ඕනේ එතකොට චරිතවල මනෝ භාවයන් හොදින් තේරුම් යනවා. සුපිරි වැඩක්. ITN මෙන්න වැන්දා මේ කථාව පස්සෙ අදින්නනම් එපා. ඇබ්බැහි වෙලා ඉන්නේ. මේ කථාව පරිස්සමින් බලාගන්න ✌️
Weekend katha indian wage adinne nh
Habai week days nm indian scene thmi
ඔන්න
ඒ දෙන්නට
අපහස කරන
අයට හොද
කනේපහර
මේ වගේ
නොගැලපීම්
තිබෙනවා ඇතී
බිරින්දැට take care කිය කිය හොර ගමන් යන සර්😅
Kathawe nama e high light karanne
යන්නෙ නැතුව ඉදියිද බන්
@@Moments93- 😁
මේ කතාවට බැන බැන හිටපු අය කෝ දැන් හිතුවට වඩා මේ කතාවෙන් සමාජෙට වැදගත් දේවල් තියෙනවා ඒකාකාරි ටෙලිඩ්‍රාමා වගේ නැතුව 👍
කොහොමද මේ අසෙනි එක්ක ජීවත් වෙන්නේ ,හරිම ආත්මාර්ථකාමීයි,ඇය සිතන්නේ ඇගේ සතුට පමණි.වාසලා කිව්වා හරි හරි අපි කලින් හිටපු විදියට ජීවත් වෙමු කියලාවාසල ජීවත් වුණේ දැඩි පීඩනයකින් මේ නිසා තමයි මේනකා ළඟට ගියේ..වාසල සාදාරනයි.
දැන් කොහොමද ඉවසන් ඉන්නේ අය්යෝ. අනේ ඔයාලට බැරි ද දවස් පහෙම දාන්න. මේ කථාව පටන් ගත්ත වගේම අවසානයත් ලස්සන කරන්න.😊
අති විශිෂ්ඨ රංගනයක් . සුභ පැතුම්
❤️📽️🎬මේ දවස්වල සමාජ මාධ්‍ය තුළ වැඩියෙන්ම කතාවෙන ටෙලිනාට්‍යයක් තමයි "Take care" කියන්නෙ...ඉතින් විවිධාකාර අදහස් එක්ක මට හිතුනා මේ වෙනකොට තියෙන episodes 4ම බලලා ඇත්තටම මගේ අදහස බෙදාගන්න☺️
මේ කතාව සංකීර්ණ සමාජ කියවීමක් කිව්වොත් මං හිතනවා මං නිවැරදියි කියලා...ලොකු කතාවක්,ප්‍රේක්ෂකයාට හිතන්න ඉඩ තියලා විනාඩි කිහිපයකින් සමාජගත කරන්න ඔවුන් සියලු දෙනාම ලොකු වෑයමක් දරනවා. ඇත්තටම ඒක අගය කරන්න ඕනි සුපිරි වැඩක්👌❤️📽️ ඒ වගේම නළු නිළියන් තෝරාගැනීමත් විශිෂ්ටයි...ගැලපෙනම අය ඒ ඒ චරිත හරි අපූරුවට රගපානවා😍 විශේෂයෙන් මේනකාගේ චරිතය නිරූපණය කරන දිනක්ෂිගේ රංගනය අති විශිෂ්ට රංගනයක්👌❤️ වර්තමානයේ ගොඩාක් ටෙලිනාට්‍යවල අපි දකින්නෙ අභියෝගාත්මක චරිත නෙවෙයි..ඉතින් ඒ හැම චරිතයක් අතරින්ම මේනකාගේ චරිතය ඉස්මතු වෙන්නෙ ඒ චරිතය ඇතුලෙ දිනක්ෂි ලොකු අධ්‍යනයක් එක්ක චරිතයට සාධාරණයක් කරන නිසා❤️
පළවෙනි episode එකේම ප්‍රේක්ෂකයා හිතන්න පුළුවන් අසේනි කියන්නෙ සුදු චරිතයක් සහ එයාට හස්බන්ඩ්ගෙන් වෙන්නෙ ලොකු අසාධාරණයක් කියලා.. හැබැයි අසේනි කියන්නෙ ලංකාවේ බහුතරයක් අසරණ වුණු ගැහැණු චරිතවල නිරූපණයක් විදියට තමයි මං දකින්නෙ. මොකද ලංකාවෙ සංස්කෘතිය කියලා මවාගත්ත රාමුවකට කොටුවෙලා විවාහ ජීවිතය ඇතුලෙ මානසික පීඩනයකින් ජීවත්වෙන චරිත ඕනි තරම් ඉන්නවා....රටක සංස්කෘතිය කියන්නෙ වෙනම කරුණක්.හැබැයි ගොඩක් වෙලාවට ලංකාවෙ මිනිස්සු මේක හරියට තේරුම් නොගැනීම නිසා ඔවුන්ම අපහසුවෙන් ජීවත්වෙන අවස්ථා අපරිමිතයි...🥹❤️
ඒ වගේම මේනකා ගේ චරිතයට ලොකු පහරක් එල්ලවෙනවා කලු චරිතයක් විදියට දකිමින්. ඇයටත් නොකියූ කතාවක් ඇති. ඉදිරියේ දී අපි දැනගනීවි. හැම පිරිමියෙක් ඉස්සරහම නිරුවත් වෙන්න කිසිම ගැහැණියක් කැමති නෑ..හැබැයි සමාජය නොදන්න ඇය පමණක්ම සමහරවිට දන්න කතාවක් ඇයටත් අනිවාර්‍යෙන්ම තියෙනවා...ඒ නිසා ඒ අය ගැන කවදාවත් වැරදියට හිතන්න එපා..මං ඒ ගැන මුලින්ම ඉගෙන ගත්තෙ ප්‍රවීණ ලේඛක සමීර ඒකනායකගේ "දඩයම් බල්ලෝ" කෘතියත් එක්ක. මේ ලෝකෙ කිසිම මනුස්සයෙක් හිතලා වැරදි කරන්නෙ නෑ.. ඒ නිසා පුළුවන් උපරිම සමාජයක් විදියට නැගිටින්න උත්සාහ කරමු👌❤️
වාසල කියන්නෙත් භෞතික දේවල් වලට වඩා ආදරය පසුපස හඹායන පිරිමියෙක්...වාසල විතරක් නෙවෙයි ලෝකයේ බහුතර පිරිමි නිවෙන එකම ක්‍රමය ගැහැණියගේ ආදරය. හැබැයි ආදරය කියන්නෙ ගෙදර වැඩ ඔක්කොම පිළිවෙලට කරලා, පාඩුවේ ජීවත් වෙනවා කියන එක නෙවෙයි කියන්න මේ කතාව හොද උදාහරණයක්.❤️ ආදරය කරන කාලෙට වඩා විවාහයෙන් පස්සෙ පවුල් අසාර්ථක වෙන්න මූලිකම හේතුවත් වෙන්නෙ ආදරය හා වගකීම් හරියට හදුනා නොගැනීම. දෙදෙනෙකුගේ අවබෝධය හා විශ්වාසය මත විවාහයක් සාර්ථකව පවතීවි.
මේ කතාව ඇතුලෙ ඉස්මතු කරන සමාජ පණිවිඩයන් බොහෝමයි..ඒවා නිවැරදිව සමාජගත වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා...ව්‍යංගාර්ථයෙන් ඔවුන් ඉදිරිපත් කරන සමහර ඉදිරිපත් කිරීම පුදුම සහගතයි...මෙය තරුණයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද වටිනා නිර්මාණයක්❤️🎬
ඔබටත් හැකිනම් නරඹන්න...මෙය වර්තමානයේ බිහි වූ විශිෂ්ට නිර්මාණයක්. සාර්ථක ජීවිතයක් ගතකරන්න මේ කතාව තුලින් එකතු කරගන්න පුළුවන් දේවල් බොහෝමයි...
සැබෑ යථාර්තය සමාජගත වනවාට මෙන්ම හදවතට එකගව මෙය නැරඹිය නොහැකි පිරිසක් මෙන්ම සංස්කෘතියක් යැයි මවාගත් රාමුවකට කොටු වූ අයට මේ කතාව විවේචනයක් වේවි...ඒ ඔවුන්ගේ මතය...මේ තමයි මගේ පෞද්ගලික අදහස👌❤️📽️
මගේ විශ්වාසයට අනුව බොහෝ අයගේ අසාර්ථකවීම් වලට මේ හරහා පිළිතුරක් ලැබේවි...☺️ ඉතින් Take care වෙනුවෙන් වෙහෙසවන හැමෝටම ඉදිරි කටයුතු තවත් සාර්ථකව කරගෙන යාමට මගේ හදපිරි සුබ පැතුම්😍😍😍🎬📽️🎉️🎉️🎊️🎊️
ඊළග කොටස එනතුරු කුතුහලයෙන් බලා ඉන්නවා🙈🤪 Take care🤗❤️
#hkstharuka
#takecare
#teledrama
#Itn
#dinakshipriyasad
#sarangadisasekara
#trending
😘😘
@@saranga-dinakshie මේ නිහතමානීකමට ගොඩාක් ආදරෙයි🥹❤️ Take care😍🙈
බොහොම ස්තූතියි ❤️
හැලෙන වචන වලින් නිර්මානයක ගුනාත්මකබාවය සම්භන්දව කිසියම් ගැට්ලුකාරිත්වයක් උද්ගත විය හැකි බැවින් ඒ ගැන ලියන්න හිතුනා..
සාමාන්‍ය අප ජිවත්වන එදිනෙදා ලෝකයේ දෙදෙනෙක් හෝ කිහිප දෙනෙක් අතර සිදු වන සංවාද හුවමාරුවක් එහෙම නැත්නම් අදහස් හුවමාරු කර ගැනීමක් අතරතුර කිසියම් හේතුවක් මත අනෙකා ප්‍රකාශ කරන වචනවල අපැහැදිලිකමක් ඇතිවුවහොත් එය නැවත වතාවක් අනෙකා ප්‍රශ්න කර පැහැදිලි කර ගැනීමේ හැකියාවක් පවතිනවා. නමුත් සජීවී බවින් කිහිප වරක් ඈත තිබෙන ටෙලි නිර්මානයක එවැනි වචන හිස්තැනක් මතු වුවහොත්, නිර්මාණය නරඹන ප්‍රේක්ෂකයා හට ඒ පිලිඹදව ඒ මොහොතේ ම විමසීමක් කිරීමේ හැකියාවක් නැහැ. එවන් අවස්තාවන් වලදී ප්‍රේක්ශයාට නිර්මානය රස විදීමේ අඛන්ඩතාව බිද නොවැටීමට සිදු කල හැකි එකම දෙය. මග හැරුනු වචනයට ආදේශක වචනයක් තමා විසින්ම සිතා ගනිමින් නිර්මාණය නැරඹීමයි.
මෙවන් අවස්තාවකදී ප්‍රේක්ශකයින් සිතාගන්නා වචනයක් හෝ වචන සමග නිර්මානයක සමස්ත අදහසම උඩු යටිකුරු විය හැකි ප්‍රවනතාවය වැඩිවනවා සේම ප්‍රේක්ෂකයා තුල නිර්මානය පිලිඹදව පවතින විශ්වාසයේ කිසියම් පලුදු වීමක් සිදුවිය හැකීයි.
කිසියම් රචකයෙක් නිර්මානයක් ලෙස රචනා කරන්නේ ආනුභූතුක තලයේ තිබෙන දෙයක් හෝ තම චිත්ත සන්තානයේ පරිකල්පනාත්මකව බිහි වූ නවමු අදහසකි. කිසිම නිර්මානකරුවෙකුට විනාඩි කිහිපයකට සීමාවූ හෝ පැය කිහිපයකට සීමාවූ නිර්මානයක් පහල වන්නේ නැත. ඇතැම් විට නිර්මාන කරුවා තම නිර්මානය ඔස්සේ ගෙන එන්නේ තම ජීවිත කාලය පුරාවටම තමා අත් විදි ජීවන අත් දැකීම් විය හැකීයි. නමුත් ජීවන අත් දැකීම් යනු කෙටි කාලයක් තුල කියා අවසන් කල හැකි දෙයක් නොවෙයි නිර්මාන කරුවෙකුගේ ඇති ආශ්චර්‍ය මතු වන්නේ මෙතැනදීයි. ඊට හේතුව ජීවිත කාලයක් තුල අත් විදි අත් දැකීම් ඔහු ඉතා කෙටි කාලයක් තුල නිර්මානාත්මකව ප්‍රේක්ෂකයා වෙතට ගෙන ඒමට උත්සුක වෙයි. එසේ සිදු කිරීම පහසු කටයුත්තක් නොවේ.ඒ සදහා නිර්මාණ කරුවෙකු තම කාලය, බුද්ධිය බොහෝ සෙයින් කැප කරයි. එවන් තත්වයක් තුල තම නිර්මානයක එක අකුරක් අඩු වුවහොත් නිර්මාණයට සිදුවිය හැකි හානිය පිළිබඳව නිර්මාන කරුවා හොදින් දනී. එබැවින් නිර්මාන ප්‍රදර්ශනයකදී වචන ඉවත් කිරීම හෝ එක් කිරීම නිර්මාන කරුවාගෙන් විමසා සිටීම වටී.
මගේ ප්‍රශ්නය නම් කිසියම් නිර්මානයක් බිහි වන්නේම ආනුභූතික තලයේ පවතින අත් දැකීමක් පාදකව වන බැවින්, නිර්මාණයක ඕනෑම වචනයකි අන්තර්ගත විය නොහැකි ද? අප විසින්ම සම්මත කරගත් හොද වචන හැම විට ම අප කතා කරන්නේ හෝ නරක වචනම කතා කරන්නේ නැත. නමුත් රූපවාහිනී නිර්මාණ ප්‍රදර්ශනයක හැම විටම හොද වචන යයි සම්මත වචන කතා කරන නිර්මාන ම පැවතී ම යම් කිසි ආකාරයක ගැටළුවක් බව පෙනෙයි.
නිර්මාන බිහි වන්නේ ආනුභූතික තලයෙන් න්ම් ඒවාහි හැම විට ම සංවාද හුවමාරු වී ඇත්තේ 'යහපත් යැයි සම්මත වචන වලින්ම ද🤔(තාරක රත්නපාල)
එකෙක් හරි කියපන්කො අය උමාලිට විතරයි රගපාන්න පුලුවන් ඩිනක්ශිට බෑ කියලා. කොටනවා සෙනිකව. ඩිනක්ශි පට්ට උබ බං❤
🙈
@@saranga-dinakshie හත්තික්කෙ ආදරෙයි😘😘😘😘😘
උමාලිට රඟපාන පුලුවන් කියල කවුද කියන්නෙ 😂 උමාලි overrated
මේ කතාව කාලෙකට පස්සේ ආපු සුපිරි කතාවක්. මිනිස්සුන්ගේ ජීවිතේ ඇතුලාන්තය ගැන හරි ලස්සනට කියවෙන කතාවක් ❤❤
මේ වගේ කපල් එකක් කාලයක් මාත් ඇස් දෙකෙන්ම දැක්කා, ඒ අයියා මැරි කරලා බබෙක් එහෙමත් ඉන්න කෙනෙක්, වයිෆ්ට බබාට ගොඩක් ආදරෙයි, ඒත් එයාට ෆැක්ට්‍රි එකේ අක්ක කෙනෙක් එක්ක සම්බන්දයක් තිබුනා, ඒක මේ වගේ sex හේතුවෙන්ම පටන් ගත්ත එකක්ද දන්නෙ නෑ හැබැයි ෆැක්ට්‍රි එකේ හැමෝම එයාලා දෙන්නා යාලුයි කියලා දැනගෙන හිටියා, ඒ සම්බන්දෙ නිසාම ඒ අක්කා මැරි කලේත් නෑ, මීට අවුරුද්දකට විතර කලින් ආරංචි වුනා ඒ අක්කාට බබෙක් ඉන්නවා කියලා, ඒත් එයා තාමත් මැරි කරලා නෑ, බබා අර අයියාගෙද කොහෙදෝ, ඒ අක්කානම් හරි පව් 🥺🤎 ඉස්සර අපි එක්ක උනත් ඒ අයියා ගැන කියද්දි එයා ගොඩක් දුක්වෙනවා එයාට ඒ කෙනාව ලබාගන්න බැරි නිසා, එයා ඒ ආදරේ වෙනුවෙන් සෑහෙන්න දේවල් කලා, අර අයියට කන්න කෑම එක පවා අක්කා ගෙදරින් ගෙනාවේ, දැකපු ලස්සනම දෙන්නෙක් ඒ දෙන්නා, සමාජෙට අසම්මත උනත් ඒ අක්කගෙ ආදරේ හරි අවංකයි, අදටත් එයා අර අයියාගෙ දරුවත් හදාගෙන තනියම ජීවත් වෙනවා 😣🤎
Paw
පව් ආදරේදි ගෑනු අසරන වෙනවා
Paw kiyanne kohomada ane,pita gahaniyekge miniha aran daruwekge thaththa uduran.e adare kochchara awanka unath swabhawadharmayen eyata return eka labila thiyenne
Daruwek inna thatta kenek ekka sambandyak kragena lamayekuth hdagena e ganige wesakama misak sudda kranna yna epa.e wge ganu samajenma thuran wela yna oni
Mehema dewal sadaranaya karanna epa..lamayek innawnm,adaren innwnm wena genu moktada..ehenm.eyta badinna netwa inna thibuna..hemadema minissu widihata simawak thinawa..eka therum aran dennata denna katha karala hitiynm pita yna onne ee adare lassana wenwq..hebei hithe thyn idan pita yna eka neme wisaduma ekata..ehema minissu eka kenekgen sehenne nee..mtanm paw ara nodaruwai,geni witharai ...anunnge minissu allgnna gemunta kohomath dukak thmao..mkd mimissu kochchara pita giyath e hemotama watinne thmge pawla witharai 🙏🙏
හැම රෙද්දක්ම අම්මලාට කිය කිය නටන ගැනුන්ට හොද වැඩෙ
ගැලපෙන් නත්තම් කතා කරන්න ඕනේ ප්‍රශ්නය තමුන්ගේ wife එක්ක. වටේ ගිහින් ඒවා සාදාරනීකරනය කරන්නේ නතුව. මිනිහට කොන්දක් නැ. ගෙදරින් හොයලා දෙන සාම්ප්‍රදායික wife කෙනෙක් අරන් වටේ යන් නැතුව ගලපෙන කෙනෙක් හොයා ගන්න ඕනේ. අසේනි ගෙයි මේනකාගෙයි විතරක් නෙවෙයි තමුන්ගේ ජීවිතෙත් අවුල් කරන් නේ ඉන්නේ.. තමුන්ගේ status maintain කරන්න කසාද බදින උන්. තමුන්ට අත්තටම ඕනේ මොනවද කියලා තමුන්වත් දන්නේ නති පිරිමි...
හම් ...එහෙම එකකුත් තියෙනවා ..ලංකාවේ කසාදය කියන එක ගැන තියෙන සාම්ප්‍රදායික ආකල්ප , සමාජය ඒක ගැන දකින විදිහ , රියැක්ට් කරන විදිහ වගේ දේවල් ඕකට හේතුවක් මම හිතන්නේ ..වැඩි දෙනෙක් කසාද බඳිනවා කියන එක කරන්නේ අම්මා තාත්තා කියන නිසා , සෙක්ස් කරන්න නිදහස ලැබෙන නිසා , කසාද බැඳලා කියලා සමාජෙට පේන්න ඕන නිසා මිසක් ඇයි තමන් කෙනෙක් එක්ක එකට ජීවත් වෙන්නේ කියන කාරනය ගැන නිදහස් අදහසක් ඇතුව කියලා මම හිතන්නේ නෑ ...ඒ තමා මේ රටේ සංස්කෘතිකමය ආකල්ප වලින් බිහිවෙන ඒවා කඩන්න බය මිනිස්සු ...
මම බලපු ලස්සනම කතාව වෙයි මේක..❤
Saranga aiyayai dinakshi akkai nisamai katha balanna gaththe. ❤❤❤
විකාර ටෙලිනාට්‍ය නිසා ටීවී බලන එකත් නවත්තල ගොඩක් කල්...හැබැයි මේක මරු
ගෑනු මිනිස්සු පිට යනවා කියලා කිව්වට බැන්නට සාධාරණ හේතු වලටත් එහෙම කරන අය ඉන්නවා. නොපෙනෙන පැතිකඩ පෙන්නලා තියෙන්නෙ මේ කතාවෙන්. හැබැයි මොනා උනත් අනුමත කරන්න බෑ. මොකද විදවන අය වැඩියි
මිනිහා පිට යන්න හේතුවක් තියෙනවා .. කතාව හොදට බැලුවා නම් තෙරෙයි.. බ්‍රශ් කරන්නේ නැතුව මිනිහාව ලගට ගන්නේ නෑ.. ඉතින් හිතලා බලන්න.. පවුල් ජීවිතයක් රැකෙන්න හැමදේම බලපානවා.. දෙන්නාට දෙන්නා තෙරුන් අරගන්න ඔනේ හොදටම.. එයා කැමති දේ වගේම අනිත් කෙනා කැමති දේ ගැනත් හිතන්න ඔනේ... ඉඩ දෙන්න ඔනේ.. කතා කරන්න ඔනේ හැමදේම මොකද ඒ තමුන්ගේ කෙනා.. මට නම් හිතෙන්නේ එහෙමයි...
Eka att matath teruna
Yana kena kohomath ynwa..katha kunu atha gawath....e wedanawa wachan na kiynna😢
@@udayakumara1174 යන කෙනා යනවා එක හරි.. එත් යන්න මොනාම හරි හේතුවක් තියෙනවා.. අපි හැමවෙලෙම අපේ පැත්තෙන් හිතනවා වගේ.. අනිත් කෙනා එයාගේ පැත්තෙන් හිතනවා.. අපිට හරි දෙයක් එයාට වැරදි වෙන්න පුලුවන් එයා කැමති නැති දෙයක් අපිට කැමති වෙන්න පුලුවන් . ඔය වගේ දෙවල් ඇති මනුස්සයෙක්ට ගැනු පිරිමි බේදයකින් තොරව.. තව කෙනෙක් ගාවට යන්න.. ඔයා හරි ඒ වේදනාව දරා ගන්න බෑ.. එක හරි මම නෑ කියන්නේ නෑ.. එත් ඔනම දේකට හේතුව බලපානවා කියලායි මම කියන්නේ...
යකෝ ඉතින් පිරිසිදුකම තියෙන්න එපෑ .කුනු පිටින් ලගට ගන්න අප්පිරියයි නේ😹.පිරිමි මොන දේ දුන්නත් පිට යන එක යනවා 😂
@@madunilmini7950 කිස් කරන හැම පාරම බ්‍රශ් කරන්න ඔනේද? මෙක එහෙම අපිරිසිදු කමක් ගැන නෙවේ එක කියන්න තෙරෙන්නේ නෑ.. තමුන්ගේ මිනිහාව ගැනිව අප්පිරියා වෙන්න පුලුවන් ද? මම නම් හිතන්නේ නෑ.. අපිරිසිදු කමට ඉන්න හොද නෑ.. එක හරි මම නෑ කියන්නේ නෑ... බලන්න අද එපිසොඩ් එක.. සමහර තැන් වල අපිට කැප කිරිම් කරන්න වෙනවා.. හිතේ තියෙන දේ මට හරියට කියන්න තෙරෙන්නේ නෑ අප්පා..
මට නම් හිතෙන්නේ වාසල ගේ නෝනා හැමදේම දැනගෙන ඉන්නේ.අතටම අල්ලගනියි වගේ.
රඟපෑමක් වුණත් එය සැබැ ලෝකයේ සත්‍යයක්,පිරිමි කියන්නේ හැඟිම් එක්ක අහිංසක ජිවිත එක්ක සෙල්ලම් කරන ජාතියක්, සමහර විට මට පිරිමි දොස් කියයි,නමුත් බහුතරයක් ගේ ඇත්ත එයයි,සෑම විටම ප්‍රතික්ෂේප කරන විට ලබා ගැනීමට උත්සාහ කරයි,අසතුටෙන් හෝ ක්‍රියාව ආදරයක් නොව අශාවක්....🇱🇰
ඇත්තටම කතාව මාරම ලස්සනයි .තුරේසා දුවේ ඔයා ලස්සනට රගපානවා.ඔයාට සුබ අනාගතයක්.🎉🎉🎉
වැරදි කරන ගොඩක් පිරිමි ගෑණි වටේ කැරකි කැරකි ආදරේ පෙන්නනවා.😂😂😂
Aththa
ඒක තමයි ඇත්තම කතාව❤
Eka ඇත්තටම ඇත්ත
මට හිතෙන්නෙ තෙරුම් නොගැනිම තුල ගෙදර ගැහැනියම තමයි තමන්ගෙ හස්බන්ව අනියම් සම්බන්දතාවලට යොමු කරන්නෙ කියලා .ගොඩාක් කාන්තාවන් හිතන්නෙ හවුස් වයිප් කෙනෙකුට කරන්න තියෙන්නෙ මහත්තයගෙ රෙදි හොදන එකයි උදෙට රැට උයන එකයි ගෙදොර ලමයි බලන එකයි කරාම ඔක්කොම හරි කියලා . එත් අපි හිතනවට වඩා පිරිමි අය ඉට වඩා දෙයක් තමන්ගෙ බිරිදගෙන් බලාපොරොත්තු වෙනවා එයාල නොකිවුවට. තෙරුම් ගැනිම නැති තැන හුගාක් පිරිමි වෙන ගැනුන්ට ලන් වෙනවා. අන්තිමට පවුල් අවුල් වෙලා දිග්කසාදය දක්වා දුරදිග යනවා .එහෙම නොවුනත් ගොඩාක් පව්ල් අද සමාජෙ ලැජ්ජාව පවුලෙ නම්බුව නිසා දෙන්නා ඇදන් දෙහෙක ඉදන් පවුල් කනවා. මෙ කතාව අද කාලෙට හොදට ගැලපෙන ලොකු පනිවිඩයක් දෙනවා.
එහෙනම් ගෙදර වැඩට කෙනෙක් අරන් ගෑණිට මිනිහා එක්කම ඉන්න තියන්නේ.
එතකොට ගෑනි පිටගියාමත් ඔහොම සාදාරණීයකරන්න ඕන. මිනිහාට ගෑනි එක්ක ගතකරන්න වෙලාවක් නෑ කියලා. 😂😂😂 වේසකම සාදාරණීය කරන්න එපා. එහෙනම් ඩිවෝස් වෙලා වෙන ගෑනියෙක් බදින්න ඕන.
අඩුපාඩුවක්,වැරැද්දක් ,නොගැලපීම් තියෙනවා නම් කතා කරන්න ඕන,කියන්න ඕනේ,තේරුම් කරන්න උත්සහ කරන්න ඕනේ, හොදින් හෝ නරකින් හදාගන්න try කරන්න ඕනේ.තමන් කැමති අකමැති දේ කියන්නේ නැතුව,ඒක තේරුම් ගන්න අනිත් කෙනාට දිවැස් නෑනේ ...කටපියන් වටේ ගිහින් හරියන් නෑ වාසල වගේ...
මියා කලිෆලා ,සනී ලියෝන් වගේද මේනකා කුමාරි 😂
අම්මෝ අම්මො ඒක😂
දැන් මේනකාට බැන බැන හිටපු සෙට් එකේ ගැම්ම ටිකක් අඩුවෙලා වගේ අසෙනිගේ බහුබූත හැසිරීමත් එක්ක.පිරිමියෙක් පිට යන හේතු හොයපු උපාසක අම්මලාට අද හොද කණේපාරක් මේ episode එකෙන් දීලා තියනවා..😂
අසේනි හොද බිරිදක් නෙමේ..අම්මගෙ පදේට නටන නිකන්ම නිකන් බිරිද චරිතෙට පන පොවන ගෘහණියක්..මන් හිතන්නේ වාසුල ඉන්නෙත් වයිෆ්ට අයිති ගෙදරක..වාසු උනත් කසාදෙ රැකගන්න බලන්නෙ ඒකයි..වාසු මනෝජිට ආදරෙයි..ඒත් ඒක පෙන්නන්නෙ නෑ පෙන්නුවොත් ඒ ජීවිතෙත් සංකීර්ණ වෙන හින්ද..
මනෝජි??? ඒ කවුද? ෆැක්ටරි එකේ girl ගෙ නම මේනකා.
සමාජයට පෙන්නන්ඩ ඕනම මාතෘකාවක්. එයට නිර්භිතව ඉදිරිපත් විමත් එම නළු නිළියන්ට 🙏. ඇගළුම් කර්මාන්තයේ රස්සාවක් කරලම බලන්න ඕන මේ වගේ දෙබිඩි චරිත රගපාන උන්ගේ සැබැ තත්ත්ව.
හරිම ලස්සනයි සතියක් ඉවසන් ඉන්න අමාරුයි .මේක දිනපතා දාන්න බැරිත 😄
විවාහ ජීවිතය ඇතුලේ තමන් බලාපොරොත්තු වෙන දේ අනෙක් පාර්ශවයෙන් නොලැබුණාම ඒක පිටින් ලබා ගැනීම වැරදි කියලා හිතෙනවා. ඇයි බැරී විවාහය කියන බැඳීම ඇතුලේ ආදරයෙන් තමන්ගේ කැමති, අකමැති දේවල් බෙදා ගන්න.
Congratulations dina akkiyooo oyage acting nam superb ....💜️💜️💜️
අඩුපාඩුවක්,වැරැද්දක් ,නොගැලපීම් තියෙනවා නම් කතා කරන්න ඕන,කියන්න ඕනේ,තේරුම් කරන්න උත්සහ කරන්න ඕනේ, හොදින් හෝ නරකින් හදාගන්න try කරන්න ඕනේ.තමන් කැමති අකමැති දේ කියන්නේ නැතුව,ඒක තේරුම් ගන්න අනිත් කෙනාට දිවැස් නෑනේ ...කටපියන් වටේ ගිහින් හරියන් නෑ ..වාසලට වෙලා තියෙන්නේ ඒක..
Daily me කතාව balanna kemathi aya innwada...සතියක් iwasala balan inna beri thrm ආසාවෙන් inne ...take care is the best ❤🎉
අනෙ මේ වගෙ තමන්ගෙ සැමියගෙන් විතරක් සැනසෙන ගෑනු අයව රවට්ටන කාලකන්නිත් ඉන්නවනෙ
අපේ campus එකේ කාන්තා දිනය දවසෙ අපිට දේශනයක් තිබ්බ. ඉතාම හරවත් දේශනයක්. එතනදි කියපු දෙයක් තමා සෑම බිරිඳක්ම තම ස්වාමිපුරුෂයාට නිදි යහනේදී වෛශ්‍යාවක් විය යුතුයි. මේක ඇත්තම ඇත්ත.
වේස ගෑණු මුලින්ම වේස කමට යාලු වෙලා පස්සේ මිනිහව අයිතිම කර ගන්න බලනවා..ඉතින් ගෙදර ගෑණු පව්..කතාව ලස්සනයි ආදර්ශමත් විදිහට ඉවර උනොත් හොදයි...
Aththa
ගෙදර් ගෑනු හිතන් ඉන්නෙ කසාද බැන්දට පස්සෙ ලව් කරන්න හොද නැ සෙක්ස් කරන්න හොද නෑ ගෙදර වැඩ කාරකම් කරන්න ඕනෙ කියල..හොද වැඩේ මිනිහගෙන් සල්ලිම බලාපොරොත්‍ය්හු වෙන කිසිම හැපනින් එක්ක් නැති ගෑනුන්ට
Dinakshith ekane kare😂
ඇයි පිරිමි යා බබා ද?😂😂
ඇයි ඉතින් වේසාකමට එන උන් එක්ක යාලු වෙන්නේ මිනිහා පොන්න්ද ඒවාට 😂
සරංග, දිනක්ශිගෙන් හිතුවෙම නැති ආකාරයක පැතිකඩක් ගැන කරපු තාත්වික නිර්මාණයක්. ඇත්තටම හිතුවේ නෑ මේ වගේ නිර්මාණයක් කරන්න පෙලබෙයි කියාල .
සුපිරි 🎉❤
වෙන gaanu මිනිහ ගෙදර ඉන්නේ naha care කරන්නෙ naha kiyala කියනව ඒකට වාසු ගේ wife මිනිහ පිට ඉන්න තරමට කැමති වගේ😂😂
Okm😊kk😪kkk😅kkkkkkokkokkmkkkkkkkkkkkikkkikkkkmkkkkkkk💟kkkkkkkokpkkkkkkkkkkki
පිරිමි කවදාවත් අනියම් බිරිඳ බිරිඳ කර ගන්න උත්සාහ කරන් නෑ. එහෙම කරත් කලාතුරකින් . ඒත් ගෑනු අනියම් සැමියත් නියම කර ගන්න යනවා. සමහරු සාර්ථක වෙනවා
ඇත්තටම ලස්සනයි .තෙරුමක් තියෙන කතාවක්
ජානු වගේ නම් කරන්න එපා ප්ලීස් ITN🙏
සතියෙ දවස් 5 දෙන්න බැරිද. මල් කතා වෙනුවට සමාජයට පනිවිඩයක් දෙන්න හදන කතාවක් කියල තේරෙනව ❤❤ all d best saranga dissasekara
😂 ඔන්න ඔය නිසාම තමා අපි තාමත් තනිකඩ ව ඉන්නේ පුළුවන් ද බන් අදකාලේ කසාද බදින්න ගැණු මිනිස්සු එක්ක වටේ යනවා පිරිමි ගැණු පස්සේ වටේ යනවා Ai තාක්ෂනය දියුණු එකේ දැන් අනාගතේ බලමු බන් රොබෝ ගැනියෙක් හරි මිනිහෙක් හරි බැදගත්තම හොදයි කියලා හිතෙනවා බන් දැන් අපිට. අපිව ඇත්ත මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි උනත් බන් අනාගතේ දවසක රොබෝලා හරි අපිව තේරුම් ගනී නේ බන් එතකොට
😂😂😂
Agreed😁
කියලා වැඩක් නෑ dear
හරි බන් එල බන්😂👍
Very true❤
Wow dinakshige acting superb ❤
කතාවේ අන්තිමට වාසුලගේ පවුල කෙසේ වෙතත් මේනකා නම් pregnant වෙයි 😁😁
Math hitanawa
Ow. Man dakka trailer eke
𝖬𝖺𝗍𝗁 𝗁𝗂𝗍𝗁𝖺𝗇𝗐𝖺
ඒ මිනිහා සාදාරනයි 😂 ඒ ගෑනි මල විකාරයක්නේ 😂
ලස්සනයි හොඳ රංගනයක් attatama rata අහිංසක ganu udaviyaga jvita ඔහොම tamayi
දාර්ශනික හේතු කියන්නේ නැතිව බලපල්ලා...
ඊලඟ සතියෙ කොටසෙදි නම් මේනකා සීමාව පනිනවා වගේ. මැඩම් මැඩම් කියාගෙන පස්සෙන් දුවන් ගිහින් හයිලයිට් වෙන්නෙ නිකං අඟවන්න වගෙයි මටත් ඔයාගෙ හස්බන්ඩ්ට අයිතියක් තියෙනවා වගේ එකක්. ඒකෙන් වෙන්නෙ තුන්දෙනාටම ප්‍රශ්න වැටෙන එකයි.
Sarangai dinakshi dennage acting super ❤️✨️ e denna married cupel eka kiyala hithannawath ba e tharam thathwikawa ragapanawa super 🎉 congratulations both ot you ❤
Can't skip even one minute🥺❤️
ගැහැනුන්ට පිරිමින්ව තමන්ගේ තාත්තා වගේ දැනුනට පිරිමින්ට ගැහැණිය කියන්නේ ගැහැනියක්ම විතරයි 🙂💔
යාලුවගෙ රහස් කීම ශෝක්😂😂වයිෆ් හොල්මන් 😂😂
මේ කොටසත් ලස්සනයි ...👌
ලස්සන ය් දෙන්නම.දිනක්ශී,සාරංග..❤❤❤වාසල හැමදේම හිතේ හිරකරන් ඉන්නවා.වයිෆ්ට බෑ එයා තේරුම් ගන්න .ඇගිල්ලෙන් ඇන ඇන ගෑනු අයත් හිතේ තියෙන දේ කියන්න කැමති නෑ වගේතමය් පිරිමි අයත් බලන් ගියාම.ප්‍රශ්න වැඩිය් ඉතින් එතකොට..❤හරිම ලස්සන ය් රගපෑම..😊
Kawuda mea maenakage yahaluwa super acting 😊
ගෑනියි මිනිහයි උනාම මෙහෙම චරිත රගපාන්න ලේසි😂😂😂😂😂😂
I love weekends...❤❤❤
Then, "Thapparayak Denna"
Now, "Take Care"
හරිම ලස්සනයි ඩිනා ඔයගෙ රගපානවා සාරනග අනික් අයත්
අපි සාම්ප්‍රදායික ගෑණු නොවෙන්න හේතුව ඕක තමා ඉන්න එකා පිටින් කෑවොත් ඉවරනෙ.😟
Ai,iwara 🥹😂
ගැනි කොම හිටියත් පිට යන එකා පිට යනව...
වෙන aya hoyana ganu peremi degollantama wada gath කතාවක් ❤❤❤
Puduma lassana kathawak dinakshi superb acting ❤